සඤ්ඤාක්ඛන්ධකථා
සඤ්ඤාක්ඛන්ධකථා
සංඥා ස්කන්ධය
ඉදානි යං වුත්තං “යංකිඤ්චි සඤ්ජානනලක්ඛණං, සබ්බං තං එකතො කත්වා සඤ්ඤාක්ඛන්ධො වෙදිතබ්බො”ති, එත්ථාපි සඤ්ජානනලක්ඛණං නාම සඤ්ඤාව. යථාහ – “සඤ්ජානාති සඤ්ජානාතීති ඛො, ආවුසො, තස්මා සඤ්ඤාති වුච්චතී”ති (ම· නි· 1.450). සා පනෙසා සඤ්ජානනලක්ඛණෙන සභාවතො එකවිධාපි ජාතිවසෙන තිවිධා හොති කුසලා, අකුසලා, අබ්යාකතා ච.
ඉක්බිති, ‘හඳුනාගැනීම ලක්‍ෂණකොට ඇති යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල එක්කොට සංඥා ස්කන්ධයයි දතයුතුය’ යනුවෙන් ඉහත යමක් කියන ලදද, එහිද හඳුනාගැනීම ලක්ෂණ කොට ඇති නාමස්කන්ධය නම් සංඥායි. ඒ මේ සංඥා ස්කන්ධය වූ කලී සංජානන ලක්ෂණයෙන් ස්වභාව වශයෙන් ඒකවිධ වනුයේ නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අඛ්‍යාකතය’යි ත්‍රිවිධ වේ.
තත්ථ කුසලවිඤ්ඤාණසම්පයුත්තා කුසලා, අකුසලසම්පයුත්තා අකුසලා, අබ්යාකතසම්පයුත්තා අබ්යාකතා. න හි තං විඤ්ඤාණං අත්ථි, යං සඤ්ඤාය විප්පයුත්තං, තස්මා යත්තකො විඤ්ඤාණස්ස භෙදො, තත්තකො සඤ්ඤායාති.
එහි කුසල විඤ්ඤාණයෙන් සම්ප්‍රයුක්ත වූයේ කුසල සංඥායි, අකුසල විඤ්ඤාණයෙන් සම්ප්‍රයුක්ත වූයේ අකුසල සංඥායි, අව්‍යාකෘත සම්ප්‍රයුක්ත වූයේ අව්‍යාකෘත සංඥායි. සඤ්ඤායෙන් යුක්ත නොවූ විඤ්ඤාණයෙක් නැත, එහෙයින් විඤ්ඤාණයෙහි ප්‍රභේද යම් පමණ ඇත්ද, සංඥායෙහිද එපමණම ඇත.
සා පනෙසා එවං විඤ්ඤාණෙන සමප්පභෙදාපි ලක්ඛණාදිතො සබ්බාව සඤ්ජානනලක්ඛණා, තදෙවෙතන්ති පුන සඤ්ජානනපච්චයනිමිත්තකරණරසා දාරුආදීසු තච්ඡකාදයො විය, යථාගහිතනිමිත්තවසෙන අභිනිවෙසකරණපච්චුපට්ඨානා හත්ථිදස්සකඅන්ධා (උදා· 54) විය, යථාඋපට්ඨිතවිසයපදට්ඨානා තිණපුරිසකෙසු මිගපොතකානං පුරිසාති උප්පන්නසඤ්ඤා වියාති.
ඒ මේ සංඥාව වූකලී විඤ්ඤාණය හා සමාන වූ ප්‍රභේද ඇත්තේ නමුදු ලක්ෂණ වශයෙන් මුළු සංඥාස්කන්ධයම හුදෙක් හඳුනාගැනීමම ලක්‍ෂණකොට ඇත්තේය, මේ (පෙර හඳුනාගත්) එයමය’යි නැවත හඳුනාගැනීමට හේතුවන නිමිති ඇති කිරීම කෘත්‍ය කොට ඇත්තේය, දැව ආදී විෂයයන්හි නිමිති ඇති කරන වඩු ආදීන් මෙනි. ගන්නා ලද නිමිති අනුව සිත තුළට පිවිසීම වැටහීම් කොට ඇත්තේය, ඇතා හඳුනා ගන්නා අන්ධයන් මෙනි; එළඹසිටි ආකාර වූ විෂයයන් පදනම්කොට ඇත්තේය, තණයෙන් කළ පඹයන් කෙරෙහි මුව පොව්වන් තුළ ඇති වන ‘මිනිස්සු’ය යන හැඟීම මෙනි.
ඉදං සඤ්ඤාක්ඛන්ධෙ විත්ථාරකථාමුඛං.
මේ සංඥා ස්කන්ධයෙහි විස්තර කථා මාර්ගයයි.