වෙදනාක්ඛන්ධකථා
වෙදනාක්ඛන්ධකථා
වේදනා ස්කන්ධය
ඉදානි යං වුත්තං “යංකිඤ්චි වෙදයිතලක්ඛණං, සබ්බං තං එකතො කත්වා වෙදනාක්ඛන්ධො වෙදිතබ්බො”ති, එත්ථාපි වෙදයිතලක්ඛණං නාම වෙදනාව. යථාහ – “වෙදයති වෙදයතීති ඛො ආවුසො, තස්මා වෙදනාති වුච්චතී”ති (ම· නි· 1.450). සා පන වෙදයිතලක්ඛණෙන සභාවතො එකවිධාපි ජාතිවසෙන තිවිධා හොති කුසලා, අකුසලා, අබ්යාකතා චාති.
ඉක්බිති, “යම් කිසිවක් වින්දනය (ආලම්බන රසාස්වාදය) ලක්ෂණ කොට ඇත්තේ වේද, ඒ සියල්ල එක් කොට වේදනා ස්කන්ධය දතයුතුය’යි (ඉහත නාමස්කන්ධ ආරම්භයෙහි) යමක් කියන ලද්දේ ද, (එය විස්තර කරනු ලැබේ). මෙහි වින්දනය (ආලම්බන රසාස්වාදය) ලක්ෂණ කොට ඇති නාමස්කන්ධය වේදනාවම වේ; යම්සේ කියන ලදද, “ඇවැත්නි, විඳිනු ලැබෙති, විඳිනු ලැබෙති’යි වේදනායයි කියනු ලැබේ.
තත්ථ කාමාවචරං සොමනස්සුපෙක්ඛාඤාණසඞ්ඛාරභෙදතො අට්ඨවිධන්තිආදිනා නයෙන වුත්තෙන කුසලවිඤ්ඤාණෙන සම්පයුත්තා කුසලා, අකුසලෙන සම්පයුත්තා අකුසලා, අබ්‍යාකතෙන සම්පයුත්තා අබ්යාකතාති වෙදිතබ්බා. සා සභාවභෙදතො පඤ්චවිධා හොති – සුඛං දුක්ඛං සොමනස්සං දොමනස්සං උපෙක්ඛාති.
එම වේදනාව වූකලී විඳිනු ලැබීමේ ලක්ෂණය හේතුකොට ගෙන ස්වභාව වශයෙන් ඒකවිධ වන නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අව්යාකතයයි ත්‍රිවිධ වේ. එහි කාමාවචර කුසලය සෝමනස්ස-උපෙක්ඛා ඤාණ-සංඛාර භේද වශයෙන් අටවැදෑරුම් වෙති’යි ආදී නයින් කියන ලද කුසල විඤ්ඤාණයෙන් යුක්තවූයේ කුසල වේදනායි. අකුසල විඤ්ඤාණයෙන් යුක්ත වූයේ අකුසල වේදනායි, අබ්‍යාකත විද්ඤාණයෙන් යුක්ත වූයේ අඛ්‍යාකත වේදනායයි දත යුතුය.
තත්ථ කුසලවිපාකෙන කායවිඤ්ඤාණෙන සම්පයුත්තං සුඛං. අකුසලවිපාකෙන දුක්ඛං. කාමාවචරතො චතූහි කුසලෙහි, චතූහි සහෙතුකවිපාකෙහි, එකෙන අහෙතුකවිපාකෙන, චතූහි සහෙතුකකිරියෙහි, එකෙන අහෙතුකකිරියෙන, චතූහි අකුසලෙහි, රූපාවචරතො ඨපෙත්වා පඤ්චමජ්ඣානවිඤ්ඤාණං චතූහි කුසලෙහි, චතූහි විපාකෙහි, චතූහි කිරියෙහි, ලොකුත්තරං පන යස්මා අඣානිකං නාම නත්ථි, තස්මා අට්ඨ ලොකුත්තරානි පඤ්චන්නං ඣානානං වසෙන චත්තාලීසං හොන්ති. තෙසු ඨපෙත්වා අට්ඨ පඤ්චමජ්ඣානිකානි සෙසෙහි ද්වත්තිංසාය කුසලවිපාකෙහීති එවං සොමනස්සං ද්වාසට්ඨියා විඤ්ඤාණෙහි සම්පයුත්තං. දොමනස්සං ද්වීහි අකුසලෙහි. උපෙක්ඛා අවසෙසපඤ්චපඤ්ඤාසාය විඤ්ඤාණෙහි සම්පයුත්තා.
ස්වභාව භේද වශයෙන් සුඛය, දුක්ඛය, සෝමනස්සය, දෝමනස්සය, උපෙක්ඛායයි පස්වැදෑරුම් වේ. එහි කුසල විපාක සහිත කාය විඤ්ඤාණයෙන් යුක්තවූයේ සුඛ වේදනායි, අකුසල විපාක කාය විඤ්ඤාණයෙන් යුක්ත වූයේ දුක්ඛ වේදනායි. කාමාවචර වශයෙන් කුසල් සිත් සතරෙකින්ද සහේතුක විපාක සිත් සතරෙකින්ද, අහේතුක විපාක සිත් එකකින්ද සහේතුක කිරිය සිත් සතරෙකින්ද, අහේතුක කිරිය සිත් එකෙකින්ද, අකුසල් සිත් සතරෙකින්ද, රූපාවචර වශයෙන් - පංචමධ්‍යාන විඤ්ඤාණය හැර-කුසල් සිත් සතරින්ද, විපාක සිත් සතරින්ද කිරිය සිත් සතරින්ද, ධ්‍යාන නොවන ලෝකෝත්තර සිතක් නැති හෙයින් ලෝකෝත්තර සිත් අට ධ්‍යාන පසක් වශයෙන් සතළිසක් වේ. ඔවුනතුරෙන් පංචමධ්යානික සිත් අට හැර ඉතිරි ලෝකෝත්තර කුසලවිපාක සිත් දෙතිසෙකින්දැ’යි මෙසේ දෙසැට විඤ්ඤාණයෙකින් සම්ප්‍රයුක්ත වූයේ සෝමනස්ස වේදනායි, අකුසල් සිත් දෙකෙකින් සම්ප්‍රයුක්ත වූයේ දෝමනස්ස වේදනායි, සෙසු පස් පණස් විඤ්ඤාණයෙන් සම්ප්‍රයුක්ත වූයේ උපේක්ෂා වේදනායි.
තත්ථ ඉට්ඨඵොට්ඨබ්බානුභවනලක්ඛණං සුඛං, සම්පයුත්තානං උපබ්රූහනරසං, කායිකඅස්සාදපච්චුපට්ඨානං, කායින්ද්රියපදට්ඨානං.
එහි, සුඛවේදනාව ඉෂ්ට (රිසි) වූ ස්පර්ශයන් අනුභව කිරීම ලක්ෂණ කොට ඇත්තේය, සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ වැඩීයාම කෘත්‍ය කොට ඇත්තේය. කායික ආස්වාදය පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) කොට ඇත්තේය, කායින්ද්රියය පදට්ඨාන කොට ඇත්තේය.
අනිට්ඨඵොට්ඨබ්බානුභවනලක්ඛණං දුක්ඛං, සම්පයුත්තානං මිලාපනරසං, කායිකාබාධපච්චුපට්ඨානං, කායින්ද්රියපදට්ඨානං.
දුක්ඛ වේදනාව අනිෂ්ට-ස්පර්ශ-අනුභවය ලක්ෂණ කොට ඇත්තේය, සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ මැලවීයාම (දුබලවීම) කෘත්‍ය කොට ඇත්තේය, කායික ආබාධ වැටහීම් කොට ඇත්තේය, කායින්ද්රියය පදට්ඨාන (පදනම) කොට ඇත්තේය.
ඉට්ඨාරම්මණානුභවනලක්ඛණං සොමනස්සං, යථා තථා වා ඉට්ඨාකාරසම්භොගරසං, චෙතසිකඅස්සාදපච්චුපට්ඨානං, පස්සද්ධිපදට්ඨානං.
සෝමනස්ස වේදනාව ඉෂ්ටාරම්මණයන්ගේ අනුභවය ලක්ෂණ කොට ඇත්තේය, කවර ආකාර වූ හෝ ඉෂ්ටාකාර සම්භෝගය කෘත්‍ය කොට ඇත්තේය, චෛතසික ආස්වාදය වැටහීම් කොට ඇත්තේය, පස්සද්ධිය (මානසික විවේකය) පදනම් කොට ඇත්තේය.
අනිට්ඨාරම්මණානුභවනලක්ඛණං දොමනස්සං, යථා තථා වා අනිට්ඨාකාරසම්භොගරසං, චෙතසිකාබාධපච්චුපට්ඨානං, එකන්තෙනෙව හදයවත්ථුපදට්ඨානං.
දෝමනස්ස වේදනාව අනිෂ්ට-ආරම්මණ-අනුභවය ලක්‍ෂණකොට ඇත්තේය, කවර ආකාර වූ හෝ අනිෂ්ටාකාර සම්භෝගය කෘත්‍ය කොට ඇත්තේය, චෛතසික ආබාධ වැටහීම් කොට ඇත්තේය, ඒකාන්තයෙන්ම හෘදය වස්තුව පදනම්කොට ඇත්තේය.
මජ්ඣත්තවෙදයිතලක්ඛණා උපෙක්ඛා, සම්පයුත්තානං නාතිඋපබ්රූහනමිලාපනරසා, සන්තභාවපච්චුපට්ඨානා, නිප්පීතිකචිත්තපදට්ඨානාති.
උපේක්ෂා වේදනාව මැදහත් බවින් යුත් වින්දනය ලක්ෂණ කොට ඇත්තේය, සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ බොහෝ නොවන වැඩීම හෝ මැඩීම කෘත්‍ය කොට ඇත්තේය, ශාන්තභාව වැටහීම් කොට ඇත්තේය, නිප්‍රීතික (ප්‍රීති රහිත) චිත්තය පදනම්කොට ඇත්තේය.
ඉදං වෙදනාක්ඛන්ධෙ විත්ථාරකථාමුඛං.
මේ වේදනා ස්කන්ධයෙහි විස්තර කථා මාර්ගයයි.