යෙදුමෙන් කියවන්න

විඤ‍්ඤාණක‍්ඛන්‍ධකථා

විඤ‍්ඤාණක‍්ඛන්‍ධකථා

විඥාන ස්කන්‍ධය

ඉතරෙසු පන යංකිඤ‍්චි වෙදයිතලක‍්ඛණං, සබ‍්බං තං එකතො කත්‍වා වෙදනාක‍්ඛන්‍ධො; යංකිඤ‍්චි සඤ‍්ජානනලක‍්ඛණං, සබ‍්බං තං එකතො කත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධො; යංකිඤ‍්චි අභිසඞ‍්ඛරණලක‍්ඛණං, සබ‍්බං තං එකතො කත්‍වා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො; යංකිඤ‍්චි විජානනලක‍්ඛණං, සබ‍්බං තං එකතො කත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො වෙදිතබ‍්බො. තත්‍ථ යස‍්මා විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙ විඤ‍්ඤාතෙ ඉතරෙ සුවිඤ‍්ඤෙය්‍යා හොන‍්ති, තස‍්මා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං ආදිං කත්‍වා වණ‍්ණනං කරිස‍්සාම.

සෙසු ස්කන්‍ධයන් අතුරෙන් වේදයිත ලක්‍ෂණ ඇති හෙවත් වින්‍දනය ලක්‍ෂණ කොට ඇති යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන වේදනාක්‍ඛන්‍ධ යයිද, හඳුනාගැනීම ලක්‍ෂණ කොට ඇති යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන සඤ්ඤාක්‍ඛන්‍ධ යයිද, සකස් කිරීම හෝ උත්සාහ කිරීම ලක්‍ෂණ කොට ඇති යමක්වේද, ඒ සියල්ල එක්කොට ගෙන සංඛාරක්‍ඛන්‍ධ යයිද, දැනගැනීම ලක්‍ෂණ කොට යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන විඤ්ඤාණක්‍ඛන්‍ධ යයිද දතයුතුය. එහි යම් හෙයකින් විඤ්ඤාණක්‍ඛන්‍ධය දතහොත් සෙසු ස්කන්‍ධත්‍රයය දැනගැනීම පහසුවේද, එහෙයින් විඤ්ඤාණක්‍ඛන්‍ධය පළමුකොට විස්තර කරන්නෙමු.

යංකිඤ‍්චි විජානනලක‍්ඛණං, සබ‍්බං තං එකතො කත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො වෙදිතබ‍්බොති හි වුත‍්තං. කිඤ‍්ච විජානනලක‍්ඛණං විඤ‍්ඤාණං? යථාහ “විජානාති විජානාතීති ඛො, ආවුසො, තස‍්මා විඤ‍්ඤාණන‍්ති වුච‍්චතී”ති (ම· නි· 1.449). විඤ‍්ඤාණං චිත‍්තං මනොති අත්‍ථතො එකං. තදෙතං විජානනලක‍්ඛණෙන සභාවතො එකවිධම‍්පි ජාතිවසෙන තිවිධං කුසලං, අකුසලං, අබ්‍යාකතඤ‍්ච.

“විජානනය (මැනවින් දැන ගැනීම) ලක්‍ෂණකොට ඇති යම් කිසිවක් ඇත්තේද, ඒ සියල්ල එක් කොට විඤ්ඤාණක්ඛන්‍ධය දතයුතුය”යි කියනලදි. විජානනය ලක්‍ෂණකොට ඇති විඤ්ඤාණය යනු කවරේද යත් කියන ලදමැයි:- ඇවැත්නි, “විජානාති, විජානාති’’යි වහරනු ලැබේ. එහෙයින් ‘විඤ්ඤාණ’යයි කියනු ලැබේ’” යනුයි. ‘විඤ්ඤාණ’, ‘චිත්ත’, ‘මනෝ’ යන වචන තුන අර්ත්‍ථ වශයෙන් සමානය, ඒ මේ විඤ්ඤාණය දැනගැනීමේ ලක්‍ෂණයෙන් ස්වභාව වශයෙන් ඒකවිධ වූයේ නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අබ්‍යාකතයයි ත්‍රිවිධ වේ.

තත්‍ථ කුසලං භූමිභෙදතො චතුබ‍්බිධං කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලොකුත‍්තරඤ‍්ච. තත්‍ථ කාමාවචරං සොමනස‍්සුපෙක‍්ඛාඤාණසඞ‍්ඛාරභෙදතො අට‍්ඨවිධං. සෙය්‍යථිදං – සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරං සසඞ‍්ඛාරඤ‍්ච, තථා ඤාණවිප‍්පයුත‍්තං. උපෙක‍්ඛාසහගතං ඤාණසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරං සසඞ‍්ඛාරඤ‍්ච, තථා ඤාණවිප‍්පයුත‍්තං.

එහි කුසල චිත්තය භූමිභේද වශයෙන් කාමාවචරය, රූපාවචරය, අරූපාවචරය, ලෝකෝත්තරයයි චතුර්විධ වේ. කාමාවචර චිත්තය සෝමනස්ස-උපෙක්ඛා ඤාණ, සංඛාර භේද වශයෙන් අෂ්ටවිධ වේ. ඒ මෙසේයි: සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත - අසංඛාරික හා සසංඛාරික(2), එසේම ඤාණවිප්පයුත්ත(2); උපෙක්ඛාසහගත-ඤාණසම්පයුත්ත අසංඛාරික හා සසංඛාරික(2), එම ඤාණවිප්පයුත්ත(2) යනුවෙනි.

යදා හි දෙය්‍යධම‍්මපටිග‍්ගාහකාදිසම‍්පත‍්තිං අඤ‍්ඤං වා සොමනස‍්සහෙතුං ආගම‍්ම හට‍්ඨපහට‍්ඨො “අත්‍ථි දින‍්න”න‍්තිආදිනයප‍්පවත‍්තං (ම· නි· 1.441) සම‍්මාදිට‍්ඨිං පුරක‍්ඛත්‍වා අසංසීදන‍්තො අනුස‍්සාහිතො පරෙහි දානාදීනි පුඤ‍්ඤානි කරොති, තදාස‍්ස සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං චිත‍්තං අසඞ‍්ඛාරං හොති. යදා පන වුත‍්තනයෙන හට‍්ඨතුට‍්ඨො සම‍්මාදිට‍්ඨිං පුරක‍්ඛත්‍වා අමුත‍්තචාගතාදිවසෙන සංසීදමානො වා පරෙහි වා උස‍්සාහිතො කරොති, තදාස‍්ස තදෙව චිත‍්තං සසඞ‍්ඛාරං හොති. ඉමස‍්මිඤ‍්හි අත්‍ථෙ සඞ‍්ඛාරොති එතං අත‍්තනො වා පරෙසං වා වසෙන පවත‍්තස‍්ස පුබ‍්බපයොගස‍්සාධිවචනං. යදා පන ඤාතිජනස‍්ස පටිපත‍්තිදස‍්සනෙන ජාතපරිචයා බාලදාරකා භික‍්ඛූ දිස‍්වා සොමනස‍්සජාතා සහසා කිඤ‍්චිදෙව හත්‍ථගතං දදන‍්ති වා වන්‍දන‍්ති වා, තදා තතියං චිත‍්තං උප‍්පජ‍්ජති. යදා පන “දෙථ වන්‍දථාති” ඤාතීහි උස‍්සාහිතා එවං පටිපජ‍්ජන‍්ති, තදා චතුත්‍ථං චිත‍්තං උප‍්පජ‍්ජති. යදා පන දෙය්‍යධම‍්මපටිග‍්ගාහකාදීනං අසම‍්පත‍්තිං අඤ‍්ඤෙසං වා සොමනස‍්සහෙතූනං අභාවං ආගම‍්ම චතූසුපි විකප‍්පෙසු සොමනස‍්සරහිතා හොන‍්ති, තදා සෙසානි චත‍්තාරි උපෙක‍්ඛාසහගතානි උප‍්පජ‍්ජන‍්තීති. එවං සොමනස‍්සුපෙක‍්ඛාඤාණසඞ‍්ඛාරභෙදතො අට‍්ඨවිධං කාමාවචරකුසලං වෙදිතබ‍්බං.

යම්කලෙක වනාහි, දියයුතු දානවස්තු, ප්‍රතිග්‍රාහක, ආදීන් නිසි ලෙස ලැබීමෙන් හෝ සොම්නසට හේතුවන අන්කිසි දෙයක් ලැබීමෙන් හෝ තුටු පහටුව, දුන් දෙයෙහි පල ඇතැ’යි යන ආදී නයින් පැවැති නිවැරදි දැකීම පෙරදැරි කොට, පැකිලීමකින් තොරව, අන් කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව, යමෙක් දානාදී පින් කෙරෙත්ද, එකල සෝමනස්ස සහගත, ඤාණ සම්පයුත්ත අසංඛාරික චිත්තය වේ. යම් කලෙක, කියනලද නයින් තුටු පහටුව, නිවැරදි දැකීම පෙරදැරිකොට අමුත්තචාගතාදී වශයෙන් පසුබටවෙමින් හෝ අනෙකෙකු විසින් උත්සාහවත් කරන ලදුව යමෙක් එවන් පින්කම් කෙරෙත්ද එකල එම (සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත) චිත්තයම සසංඛාරික වේ. ‘සංඛාර’ යන මේ වචනය මේ අර්ත්‍ථයට අනුව තමාගේම හෝ මෙරමාගේ වශයෙන් පැවැති පූර්වප්‍රයෝගයට (මෙහයවීමට) අධිවචනයෙකි. යම් කලෙක වනාහි වැඩිහිටි ඥාතිජනයාගේ පිළිවෙත් දැකීමෙන් උපන් පලපුරුදු ඇති බාලදරුවෝ භික්‍ෂූන් දැක සොම්නස්ව වහා අතපත් යම් කිසිවක් දෙන්නාහුද, නැතහොත් වඳින්නාහුද එකල තුන්වැනි (සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික) සිත උපදියි. යම් කලෙක දෙවු, වඳිවු යනුවෙන් වැඩිහිටි ඥාතීන් විසින් උත්සාහවත් කරන ලදුව මෙසේ පිළිපන්නාහු නම්, එකල සිවුවැනි (සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික) සිත උපදියි. යම් කලෙක දියයුතු දානවස්තු ප්‍රතිග්‍රාහකාදීන් නොලැබීමෙන් හෝ සොම්නසට හේතු වූ අන් දෙයක් නොලැබීමෙන් මෙකී විකල්ප සතරෙහිම සෝමනස්ස රහිත බව වන්නේද, එකල ඉතිරි උපේක්‍ෂා සහගත සිත් සතර උපදිති’යි මෙසේ සෝමනස්ස උපෙක්ඛා ඤාණ, සංඛාර ප්‍රභේද වශයෙන් අෂ්ටවිධ වූ කාමාවචර කුශලචිත්තය දතයුතුය.

රූපාවචරං පන ඣානඞ‍්ගයොගභෙදතො පඤ‍්චවිධං හොති. සෙය්‍යථිදං, විතක‍්කවිචාරපීතිසුඛසමාධියුත‍්තං පඨමං, අතික‍්කන‍්තවිතක‍්කං දුතියං, තතො අතික‍්කන‍්තවිචාරං තතියං, තතො විරත‍්තපීතිකං චතුත්‍ථං, අත්‍ථඞ‍්ගතසුඛං උපෙක‍්ඛාසමාධියුත‍්තං පඤ‍්චමන‍්ති.

රූපාවචර චිත්තය වනාහි ධ්‍යානාංග යෝගභේද වශයෙන් පස්වැදෑරුම් වේ. ඒ මෙසේයි. විතක්ක, විචාර, පීති, සුඛ, සමාධි යන අංග පසම හා යෙදුණේ පළමුවැන්නයි. ඉක්බිති විතක්කය ඉක්මවූයේ දෙවැන්නයි. ඉක්බිති විචාරයද ඉක්මවූයේ තෙවැන්නයි. ඉනික්බිති පීතියද ඉක්මවුයේ සිවුවැන්නයි. ඉනිදු ඉක්බිති සුඛයද ඉකුත්ව උපේක්‍ෂා සමාධියෙන් යුක්ත වූයේ පස්වැන්නයි.

අරූපාවචරං චතුන‍්නං ආරුප‍්පානං යොගවසෙන චතුබ‍්බිධං. වුත‍්තප‍්පකාරෙන හි ආකාසානඤ‍්චායතනජ‍්ඣානෙන සම‍්පයුත‍්තං පඨමං, විඤ‍්ඤාණඤ‍්චායතනාදීහි දුතියතතියචතුත්‍ථානි . ලොකුත‍්තරං චතුමග‍්ගසම‍්පයොගතො චතුබ‍්බිධන‍්ති එවං තාව කුසලවිඤ‍්ඤාණමෙව එකවීසතිවිධං හොති.

අරූපාවචර චිත්තයද ආරුප්ප සමාධි සතර හා යෙදීමෙන් සිවුවැදෑරුම් වේ; කියන ලද ක්‍රමයෙන් ආකාසානඤ්චායතන සමාධිය හා සමග යෙදුණේ පළමුවැන්නයි. විඤ්ඤාණඤ්චායතනාදිය හා සමග යෙදුණේ (පිළිවෙලින්) දෙවන, තුන්වන, සිවුවන අරූපාවචර කුසල් සිත් වන්නේය. ලෝකෝත්තර චිත්තය සතර මග හා යෙදීමෙන් සිවුවැදෑරුම් වෙතැ’යි මෙසේ පළමුකොට කුසල චිත්තයම එක්විසි වැදෑරුම් වන්නේය.

අකුසලං පන භූමිතො එකවිධං කාමාවචරමෙව, මූලතො තිවිධං ලොභමූලං දොසමූලං මොහමූලඤ‍්ච.

අකුසල විඤ්ඤාණය වනාහි භූමි වශයෙන් එක්වැදෑරුම් කාමාවචර භූමි වන්නේය; මූල වශයෙන් ලෝභමූලය, දෝසමූලය. මෝහ මූලයයි. තෙවැදෑරුම් වන්නේය;

තත්‍ථ ලොභමූලං සොමනස‍්සුපෙක‍්ඛාදිට‍්ඨිගතසඞ‍්ඛාරභෙදතො අට‍්ඨවිධං. සෙය්‍යථිදං, සොමනස‍්සසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරං සසඞ‍්ඛාරඤ‍්ච, තථා දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං. උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරං සසඞ‍්ඛාරඤ‍්ච, තථා දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං.

ලෝභමූල චිත්තය වනාහි සෝමනස්ස-උපෙක්ඛා, දිට්ඨිගත, සංඛාර ප්‍රභේද වශයෙන් අටවැදෑරුම් වේ. ඒ මෙසේයි: සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික හා සසංඛාරික සිත් දෙකද, එසේම දිට්ඨිගත විප්පයුත්ත වශයෙන් වන දෙකද, උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික හා සසංඛාරික සිත් දෙකද, එසේම දිට්ඨිගත විප්පයුත්ත වශයෙන් වන දෙකදැ’යි මෙසේ අටවැදෑරුම් වේ.

යදා හි “නත්‍ථි කාමෙසු ආදීනවො”ති (ම· නි· 1.469) ආදිනා නයෙන මිච‍්ඡාදිට‍්ඨිං පුරක‍්ඛත්‍වා හට‍්ඨතුට‍්ඨො කාමෙ වා පරිභුඤ‍්ජති, දිට‍්ඨමඞ‍්ගලාදීනි වා සාරතො පච‍්චෙති සභාවතික‍්ඛෙනෙව අනුස‍්සාහිතෙන චිත‍්තෙන, තදා පඨමං අකුසලචිත‍්තං උප‍්පජ‍්ජති. යදා මන්‍දෙන සමුස‍්සාහිතෙන චිත‍්තෙන, තදා දුතියං. යදා මිච‍්ඡාදිට‍්ඨිං අපුරක‍්ඛත්‍වා කෙවලං හට‍්ඨතුට‍්ඨො මෙථුනං වා සෙවති, පරසම‍්පත‍්තිං වා අභිජ‍්ඣායති, පරභණ‍්ඩං වා හරති සභාවතික‍්ඛෙනෙව අනුස‍්සාහිතෙන චිත‍්තෙන, තදා තතියං. යදා මන්‍දෙන සමුස‍්සාහිතෙන චිත‍්තෙන, තදා චතුත්‍ථං. යදා පන කාමානං වා අසම‍්පත‍්තිං ආගම‍්ම අඤ‍්ඤෙසං වා සොමනස‍්සහෙතූනං අභාවෙන චතූසුපි විකප‍්පෙසු සොමනස‍්සරහිතා හොන‍්ති, තදා සෙසානි චත‍්තාරි උපෙක‍්ඛාසහගතානි උප‍්පජ‍්ජන‍්තීති එවං සොමනස‍්සුපෙක‍්ඛාදිට‍්ඨිගතසඞ‍්ඛාරභෙදතො අට‍්ඨවිධං ලොභමූලං වෙදිතබ‍්බං.

යම් කලෙක වනාහි ‘කාමයන්හි ආදීනවයක් නැතැ’යි ආදී නයින් මිථ්‍යාදෘෂ්ටිය පෙරටුකොට, තුටු පහටුව, උත්සාහවත් නොකරන ලද ස්වභාවයෙන්ම තියුණු වූ මනසින් යුක්තව කාමයන් පරිභෝග කෙරේද, දිට්ඨමංගලාදිය සාරවශයෙන් ගනීද, එකල පළමුවන අකුශල චිත්තය උපදියි. යම් කලෙක (මෙරමා විසින්) උත්සාහවත් කරන ලද ස්වභාවයෙන් මොටවූ සිතින් එසේම අකුසල කර්මයන් කෙරේද, එකල දෙවන අකුශල චිත්තය උපදියි. යම් කලෙක මිථ්‍යාදෘෂ්ටිය පෙරටුකොට නොගෙන, හුදෙක් තුටු පහටු සිතින්, උත්සාහවත් නොකරන ලද ස්වභාවයෙන් තියුණු වූ මනසින් මෛථුන සේවනය හෝ කෙරේද, අන්සතු සම්පතෙහි දැඩි ලෝභ හෝ කෙරේද, අන්සතු වස්තුව හෝ පැහැර ගනීද, එකල තුන්වන අකුසල චිත්තය උපදියි. යම් කලෙක උත්සාහවත් කරන ලද ස්වභාව වශයෙන් මොට වූ සිතින් යුක්තව එම අකුශල කර්මයන් කෙරේද, එකල සිවුවන අකුශල චිත්තය උපදියි. යම් කලෙක වනාහි කාම සම්පත්තියක් නොලැබ හෝ සෙසු සොම්නස් හේතුවක් නොමැතිව හෝ මෙකී විකල්ප සතරෙහි සොම්නස් රහිතව සිදු වේද, එකල උපේක්‍ෂා සහගත වූ සෙසු අකුසල් සිත් සතර සිදුවෙති’යි මෙසේ සෝමනස්ස, උපෙක්ඛා, දිට්ඨිගත, සංඛාර භේද වශයෙන් අටවැදෑරුම් ලෝභමූල චිත්තය දතයුතුය.

දොසමූලං පන දොමනස‍්සසහගතං පටිඝසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරං සසඞ‍්ඛාරන‍්ති දුවිධමෙව හොති, තස‍්ස පාණාතිපාතාදීසු තික‍්ඛමන්‍දප‍්පවත‍්තිකාලෙ පවත‍්ති වෙදිතබ‍්බා.

දෝසමූල චිත්තය වනාහි, දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාර සසංඛාර යනුවෙන් දෙවැදෑරුම්ම වේ. පාණාතිපාතාදියෙහි තියුණුව, නැතහොත් මොටව පවත්නා එම (දෙවැදෑරුම්) දෝසමූල චිත්තය (පිළිවෙළින් අසංඛාරිකව නැතහොත්, සසංඛාරිකව) උපදිති’යි දතයුතුය.

මොහමූලං උපෙක‍්ඛාසහගතං විචිකිච‍්ඡාසම‍්පයුත‍්තං උද‍්ධච‍්චසම‍්පයුත‍්තඤ‍්චාති දුවිධං. තස‍්ස සන‍්නිට‍්ඨානවික‍්ඛෙපකාලෙ පවත‍්ති වෙදිතබ‍්බාති එවං අකුසලවිඤ‍්ඤාණං ද‍්වාදසවිධං හොති.

මෝහමූල චිත්තය උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්තයද, එම උද්ධච්ච සම්පයුත්තයදැයි දෙවැදෑරුම් වේ. එහි පැවැත්ම (පිළිවෙළින්) සැක මුසු බව හෝ වික්‍ෂේප හෙවත් මානසික නොසන්සුන් බව ඇති විට සිදුවෙති’යි දතයුතුය. මේ ආකාරයෙන් අකුසල විඤ්ඤාණය දොළොස් වැදෑරුම් වේ.

අබ්‍යාකතං ජාතිභෙදතො දුවිධං විපාකං කිරියඤ‍්ච. තත්‍ථ විපාකං භූමිතො චතුබ‍්බිධං කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලොකුත‍්තරඤ‍්ච. තත්‍ථ කාමාවචරං දුවිධං කුසලවිපාකං අකුසලවිපාකඤ‍්ච. කුසලවිපාකම‍්පි දුවිධං අහෙතුකං සහෙතුකඤ‍්ච.

අව්‍යකත චිත්තය විපාකය, කිරියයයි ජාති වශයෙන් දෙවැදෑරුම් වේ. එහි විපාක චිත්තය භූමි වශයෙන් කාමාවචරය, රූපාවචරය, අරූපාවචරය, ලෝකෝත්තරයයි සිවුවැදෑරුම් වේ, එහි කාමාවචර චිත්තය කුශල විපාක, අකුශල විපාක වශයෙන් දෙවැදෑරුම් වේ. කුශල විපාකයද අහේතුකය, සහේතුකයයි දෙවැදෑරුම් වේ.

තත්‍ථ අලොභාදිවිපාකහෙතුවිරහිතං අහෙතුකං, තං චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණං, සම‍්පටිච‍්ඡනකිච‍්චා මනොධාතු, සන‍්තීරණාදිකිච‍්චා ද‍්වෙ මනොවිඤ‍්ඤාණධාතුයො චාති අට‍්ඨවිධං.

[missing trans] අහේතුක චිත්තය චක්‍ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය. ජීව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය යන පසද, සම්පටිච්ඡන (අරමුණු පිළිගැනීම්) කෘත්‍යය සිදු කරන මනෝ ධාතුවද, සන්තීරණාදී කෘත්‍යයන් ඉටු කරන මනෝ විඤ්ඤාණධාතු දෙකදැයි යනුවෙන් අටවැදෑරුම් වේ.

තත්‍ථ චක‍්ඛුසන‍්නිස‍්සිතරූපවිජානනලක‍්ඛණං චක‍්ඛුවිඤ‍්ඤාණං, රූපමත‍්තාරම‍්මණරසං, රූපාභිමුඛභාවපච‍්චුපට‍්ඨානං, රූපාරම‍්මණාය කිරියමනොධාතුයා අපගමපදට‍්ඨානං. සොතාදිසන‍්නිස‍්සිතසද‍්දාදිවිජානනලක‍්ඛණානි සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණානි, සද‍්දාදිමත‍්තාරම‍්මණරසානි, සද‍්දාදිඅභිමුඛභාවපච‍්චුපට‍්ඨානානි, සද‍්දාරම‍්මණාදීනං කිරියමනොධාතූනං අපගමපදට‍්ඨානානි.

එහි චක්‍ඛු විඤ්ඤාණය ඇසට විෂය වන රූපය දැනගැනීම ලක්‍ෂණකොට ඇත්තේය, රූපය නිමිති කොට අරමුණු ගැනීම කෘත්‍යය කොට ඇත්තේය. රූපයට අභිමුඛ වීමේ ස්වභාවය වැටහීම් කොට ඇත්තේය. රූපාරම්මණය පිළිබඳ කිරිය මනෝධාතුවෙහි අපගමනය (ඉකුත්වීම) පදනම් කොට ඇත්තේය. සෝත, ඝාන, ජීව්හා, කාය යන විඤ්ඤාණ (සතර පිළිවෙළින් සෝත ආදියට විෂය වන ශබ්ද ආදිය විජානනය ලක්‍ෂණ කොට ඇත්තේය. ශබ්ද ආදිය නිමිති කොට අරමුණු ගැනීම කෘත්‍ය කොට ඇත්තේය, ශබ්ද ආදියට අභිමුඛ වීම වැටහීම් කොට ඇත්තේය. ශබ්ද ආදී අරමුණු පිළිබඳ කිරිය මනෝධාතුන්ගේ අපගමය (ඉකුත්වීම) පදට්ඨාන කොට ඇත්තේය.

චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං අනන‍්තරං රූපාදිවිජානනලක‍්ඛණා මනොධාතු, රූපාදිසම‍්පටිච‍්ඡනරසා, තථාභාවපච‍්චුපට‍්ඨානා, චක‍්ඛුවිඤ‍්ඤාණාදිඅපගමපදට‍්ඨානා.

චක්‍ඛු විඤ්ඤාණාදියට අනතුරුව රූපාදිය දැනගැනීම ලක්‍ෂණ කොට ඇති මනෝධාතුව වේ, එය රූප ආදිය පිළිගැනීම කෘත්‍ය කොට ඇත්තේය. එම ස්වභාවය (එසේ වීම) වැටහීම් කොට ඇත්තේය, චක්‍ඛු විඤ්ඤාණ ආදීන්ගේ අපගමය පදනම්කොට ඇත්තේය.

අහෙතුකවිපාකා සළාරම‍්මණවිජානනලක‍්ඛණා දුවිධාපි සන‍්තීරණාදිකිච‍්චා මනොවිඤ‍්ඤාණධාතු, සන‍්තීරණාදිරසා, තථාභාවපච‍්චුපට‍්ඨානා, හදයවත්‍ථුපදට‍්ඨානා. සොමනස‍්සුපෙක‍්ඛායොගතො පන ද‍්විපඤ‍්චට‍්ඨානභෙදතො ච තස‍්සා භෙදො. එතාසු හි එකා එකන‍්තමිට‍්ඨාරම‍්මණෙ පවත‍්තිසබ‍්භාවතො සොමනස‍්සසම‍්පයුත‍්තා හුත්‍වා සන‍්තීරණතදාරම‍්මණවසෙන පඤ‍්චද‍්වාරෙ චෙව ජවනාවසානෙ ච පවත‍්තනතො ද‍්විට‍්ඨානා හොති. එකා ඉට‍්ඨමජ‍්ඣත‍්තාරම‍්මණෙ පවත‍්තිසබ‍්භාවතො උපෙක‍්ඛාසම‍්පයුත‍්තා හුත්‍වා සන‍්තීරණතදාරම‍්මණපටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙන පවත‍්තනතො පඤ‍්චට‍්ඨානා හොති.

සාළාරම්මණ විජානනය (අරමුණු සය දැනගැනීම) ලක්‍ෂණ කොට ඇති දෙවැදෑරුම්ම වූ අහේතුක විපාක සහිත මනෝවිඤ්ඤාණ ධාතුව සන්තීරණ ආදිය කෘත්‍ය කොට ඇත්තේය, සන්තීරණ ආදියම එයට අයත් කෘත්‍යයයි. එම ස්වභාවය (එසේවීම) වැටහීම් කොට ඇත්තේය, හෘදය වස්තුව පදට්ඨාන කොට ඇත්තේය. සෝමනස්ස, උපෙක්ඛා යන දෙක හා සමග යෙදීමෙන්ද, ස්ථාන දෙකය, ස්ථාන පසය යන භේදයෙන්ද එය (මනෝ විඤ්ඤාණ ධාතුව) පිළිබඳ බහුවිධ භාවය වේ. මේ දෙක අතුරෙන් එකක් ඒකාන්ත වශයෙන් ඉෂ්ට වූ අරමුණෙහි පැවැත්ම ස්වභාව කොට ඇති හෙයින් සෝමනස්ස සම්පයුත්තව සන්තීරණ තදාරම්මණ වශයෙන් පඤ්චද්වාරයන්හිද ජවන සිත් අවසන්හිද පවත්නා හෙයින් ‘ද්විට්ඨාන’ නම් වේ; අනෙක ඉෂ්ටවූද. මධ්‍යස්ථවූද අරමුණෙහි පැවැත්ම ස්වභාව කොට ඇති හෙයින් උපේක්‍ෂා සම්ප්‍රයුක්ත වීමෙන් සන්තීරණ, තදාරම්මණ, පටිසන්‍ධි, භවඞ්ග, චුති වශයෙන් පවත්නා හෙයින් ‘පඤ්චට්ඨාන’ නම්වේ

අට‍්ඨවිධම‍්පි චෙතං අහෙතුකවිපාකවිඤ‍්ඤාණං නියතානියතාරම‍්මණත‍්තා දුවිධං. උපෙක‍්ඛාසුඛසොමනස‍්සභෙදතො තිවිධං. විඤ‍්ඤාණපඤ‍්චකං හෙත්‍ථ නියතාරම‍්මණං යථාක‍්කමං රූපාදීසුයෙව පවත‍්තිතො, සෙසං අනියතාරම‍්මණං. තත්‍ර හි මනොධාතු පඤ‍්චසුපි රූපාදීසු පවත‍්තති, මනොවිඤ‍්ඤාණධාතුද‍්වයං ඡසූති. කායවිඤ‍්ඤාණං පනෙත්‍ථ සුඛයුත‍්තං, ද‍්විට‍්ඨානා මනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සයුත‍්තා, සෙසං උපෙක‍්ඛායුත‍්තන‍්ති. එවං තාව කුසලවිපාකාහෙතුකං අට‍්ඨවිධං වෙදිතබ‍්බං.

අටවැදෑරුම්වූම මේ අහේතුක විපාක විඤ්ඤාණය නියත වූද අනියත වූද අරමුණු ඇති හෙයින් ද්විවිධ වේ. උපෙක්ඛා, සුඛ, දෝමනස්ස භේදයෙන් තෙවැදෑරුම් වේ. මෙහි (චක්‍ඛු ආදී) විඤ්ඤාණ පඤ්චකය පිළිවෙළින් රූපාදී අරමුණු කෙරෙහිම පවත්නා හෙයින් නියත අරමුණු ඇත්තේ වේ. ඉතිරි තුන අනියත අරමුණු සහිත වේ. එහි මනෝධාතුව රූපාදී පඤ්චකය කෙරෙහිම පවත්නා අතර මනෝවිඤ්ඤාණ ධාතුද්වයය අරමුණු සය කෙරෙහිම පවත්නේ වේ. මෙහි කායවිඤ්ඤාණය සුඛයුක්ත වේ. ද්වි-ස්ථානික මනෝවිඤ්ඤාණ ධාතුව සෝමනස්ස යුක්තවේ. සෙස්ස උපේක්‍ෂාසහගත වේ. මෙසේ අටවැදෑරුම් වූ කුසල විපාක අහේතුක විඤ්ඤාණය දතයුතුය.

අලොභාදිවිපාකහෙතුසම‍්පයුත‍්තං පන සහෙතුකං, තං කාමාවචරකුසලං විය සොමනස‍්සාදි භෙදතො අට‍්ඨවිධං. යථා පන කුසලං දානාදිවසෙන ඡසු ආරම‍්මණෙසු පවත‍්තති, න ඉදං තථා. ඉදඤ‍්හි පටිසන්‍ධිභවඞ‍්ගචුතිතදාරම‍්මණවසෙන පරිත‍්තධම‍්මපරියාපන‍්නෙසුයෙව ඡසු ආරම‍්මණෙසු පවත‍්තති . සඞ‍්ඛාරාසඞ‍්ඛාරභාවො පනෙත්‍ථ ආගමනාදිවසෙන වෙදිතබ‍්බො. සම‍්පයුත‍්තධම‍්මානඤ‍්ච විසෙසෙ අසතිපි ආදාසතලාදීසු මුඛනිමිත‍්තං විය නිරුස‍්සාහං විපාකං, මුඛං විය සඋස‍්සාහං කුසලන‍්ති වෙදිතබ‍්බං.

සහේතුක කුසල විඤ්ඤාණය අලෝභාදී විපාක හේතු සහිත වේ. එය කාමාවචර කුසල විඤ්ඤාණය සෙයින්ම සෝමනස්සාදී භේද වශයෙන් අටවැදෑරුම් වේ. යම්සේ වනාහි කුසල විඤ්ඤාණය දානාදී වශයෙන් අරමුණු සයෙහි පවත්නේද, මෙය එසේ නොවේ. මෙය (විපාකය) වනාහි පටිසන්‍ධි, භවංග, චුති, තදාරම්මණ වශයෙන් පරිත්ත (කාමාවචර) ධර්මයන්හි ඇතුළත් අරමුණු සයෙහි පමණක් පවත්නේ වේ. මෙහි සසඞ්ඛාරික අසඞ්ඛාරික භාවය ආගමනාදී ප්‍රත්‍යය වශයෙන් දතයුතුය, සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ විශේෂයක් නැති නමුදු විපාක චිත්තය කැටපත් තල ආදියෙහි පිළිබිඹු වන මුඛ නිමිත්ත මෙන් නිරුත්සාහික වෙතැ’යිද, කුශල චිත්තය මුඛය මෙන් සොත්සාහික වෙතැ’යිද දතයුතුය.

කෙවලං හි අකුසලවිපාකං අහෙතුකමෙව, තං චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණං, සම‍්පටිච‍්ඡනකිච‍්චා මනොධාතු, සන‍්තීරණාදිකිච‍්චා පඤ‍්චට‍්ඨානා මනොවිඤ‍්ඤාණධාතූති සත‍්තවිධං. තං ලක‍්ඛණාදිතො කුසලාහෙතුකවිපාකෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

අකුසල විපාක චිත්තය හුදෙක් අහේතුකම වේ, එය චක්‍ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කායවිඤ්ඤාණය, සම්පටිච්ඡන කෘත්‍යය සහිත මනෝධාතුවය, සන්තීරණ කෘත්‍යය සහිත මනෝවිඤ්ඤාණ ධාතුවයයි සප්තවිධ වේ. එය ලක්‍ෂණාදී වශයෙන් කුසල අහේතුක විපාකයෙහි කී නයින්ම දතයුතුය.

කෙවලඤ‍්හි කුසලවිපාකානි ඉට‍්ඨඉට‍්ඨමජ‍්ඣත‍්තාරම‍්මණානි, ඉමානි අනිට‍්ඨඅනිට‍්ඨමජ‍්ඣත‍්තාරම‍්මණානි. තානි ච උපෙක‍්ඛාසුඛසොමනස‍්සභෙදතො තිවිධානි, ඉමානි දුක‍්ඛඋපෙක‍්ඛාවසෙන දුවිධානි. එත්‍ථ හි කායවිඤ‍්ඤාණං දුක‍්ඛසහගතමෙව, සෙසානි උපෙක‍්ඛාසහගතානි. සා ච තෙසු උපෙක‍්ඛා හීනා දුක‍්ඛං විය නාතිතිඛිණා, ඉතරෙසු උපෙක‍්ඛා පණීතා සුඛං විය නාතිතිඛිණා. ඉති ඉමෙසං සත‍්තන‍්නං අකුසලවිපාකානං පුරිමානඤ‍්ච සොළසන‍්නං කුසලවිපාකානං වසෙන කාමාවචරං විපාකවිඤ‍්ඤාණං තෙවීසතිවිධං.

හුදෙක් කුසල විපාක සිත්ම ඉෂ්ටාරම්මණ සහිතද ඉෂ්ටමධ්‍යස්ථාරම්මණ සහිතද වේ. මේ (අකුසල විපාක) සිත් අනිෂ්ට ආරම්මණ සහිතද අනිෂ්ට මධ්‍යස්ථ ආරම්මණ සහිතද වේ. තවද (කුසල විපාක සිත් උපෙක්ඛා, සුඛ, සෝමනස්ස වශයෙන් ත්‍රිවිධ වේ. මෙහි (අකුසල විපාක විෂයයෙහි) වනාහි කායවිඤ්ඤාණය දුක්ඛ සහගතම වේ, (චක්‍ඛු ආදී) සෙසු විඤ්ඤාණ උපෙක්ඛා සහගතවේ. එකී සෙසු විඤ්ඤාණයන් කෙරෙහි වූ ඒ උපේක්‍ෂාවද (අකුසල විපාක වන හෙයින්) හීන වන නමුදු, (කාය විඤ්ඤාණය කෙරෙහි වූ) දුඃඛ විෂයයෙහි මෙන් ඉතා කටුක නොවේ. සෙසු (කුසල) විපාකයන් කෙරෙහි වූ උපේක්‍ෂාව ප්‍රණීත වන නමුදු සුඛ විපාකයෙහි තරම් ඉතා තියුණු නොවේ. මෙසේ මේ අකුසල විපාක සතක් වශයෙන්ද, පළමු කී කුසල විපාක සොළොසක් වශයෙන්ද කාමාවචර විපාක විඤ්ඤාණය තෙවිසි වැදෑරුම් වේ.

රූපාවචරං පන කුසලං විය පඤ‍්චවිධං. කුසලං පන සමාපත‍්තිවසෙන ජවනවීථියං පවත‍්තති. ඉදං උපපත‍්තියං පටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙන. යථා ච රූපාවචරං, එවං අරූපාවචරම‍්පි කුසලං විය චතුබ‍්බිධං. පවත‍්තිභෙදොපිස‍්ස රූපාවචරෙ වුත‍්තනයො එව. ලොකුත‍්තරවිපාකං චතුමග‍්ගයුත‍්තචිත‍්තඵලත‍්තා චතුබ‍්බිධං, තං මග‍්ගවීථිවසෙන චෙව සමාපත‍්තිවසෙන ච ද‍්විධා පවත‍්තති. එවං සබ‍්බම‍්පි චතූසු භූමීසු ඡත‍්තිංසවිධං විපාකවිඤ‍්ඤාණං හොති.

රූපාවචර (විපාක) විඤ්ඤාණය වනාහි එම කුසල විඤ්ඤාණය මෙන් පස්වැදෑරුම් වේ. කුසල විඤ්ඤාණය සමාපත්ති වශයෙන් ජවන වීථියෙහි පවතී, මේ කුසල විපාක විඤ්ඤාණය උත්පත්තියෙහිදී පටිසන්‍ධි, භවංග හා චුති වශයෙන් පවතී. රූපාවචර විපාක විඤ්ඤාණය රූපාවචර කුසලය මෙන් පස්වැදෑරුම් වන සෙයින්ම අරූපාවචර විපාක විඤ්ඤාණයද අරූපාවචර කුසලය මෙන් සිවුවැදෑරුම් වේ. පැවැත්ම පිළිබඳ විශේෂයද රූපාවචර විෂයයෙහි කී නයින්ම වේ. ලෝකෝත්තර විපාකයද සතර මග හා යෙදුණු සිත්ම පල ද වන හෙයින් සිවුවැදෑරුම් වේ. එය මග්ගවීථි වශයෙන්ද ඵල සමාපත්ති වශයෙන්දැ’යි දෙපරිද්දෙකින් පවත්නේය, මේ ආකාරයෙන් භූමි සතර තුළ ඇති සියලු විපාක විඤ්ඤාණය සතිස් වැදෑරුම් වේ.

කිරියං පන භූමිභෙදතො තිවිධං කාමාවචරං රූපාවචරං අරූපාවචරඤ‍්ච. තත්‍ථ කාමාවචරං දුවිධං අහෙතුකං සහෙතුකඤ‍්ච. තත්‍ථ අලොභාදිකිරියහෙතුවිරහිතං අහෙතුකං, තං මනොධාතුමනොවිඤ‍්ඤාණධාතුභෙදතො දුවිධං.

කිරියචිත්තය වනාහි භූමිභේද වශයෙන් කාමාවචරය, රූපාවචරය, අරූපාවචරයයි තෙවැදෑරුම් වේ. එහි කාමාවචර චිත්තය අහේතුකය, සහේතුකයයි දෙවැදෑරුම් වේ. එහි අලෝභාදී වූ කිරිය හේතු රහිත වූයේ අහේතුකයි. එයද මනෝධාතුය, මනෝවිඤ්ඤාණ ධාතුයයි දෙවැදෑරුම් වේ.

තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤාණාදිපුරෙචරරූපාදිවිජානනලක‍්ඛණා මනොධාතු, ආවජ‍්ජනරසා, රූපාදිඅභිමුඛභාවපච‍්චුපට‍්ඨානා, භවඞ‍්ගවිච‍්ඡෙදපදට‍්ඨානා, සා උපෙක‍්ඛායුත‍්තාව හොති.

එහි මනෝධාතුව චක්‍ඛු විඤ්ඤාණාදියට පෙරටුව ඇති රූපාදිය දැන ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය, ආවර්ජනය කෘත්‍ය කොට ඇත්තේය. රූපාදිය අභිමුඛ වීම වැටහීම් කොට ඇත්තේය. භවඞ්ග විච්ඡේදය (භවංගය සිඳී යාම) පදට්ඨාන කොට ඇත්තේය; උපේක්‍ෂාවෙන් යුක්ත වූයේම වේ.

මනොවිඤ‍්ඤාණධාතු පන දුවිධා සාධාරණා අසාධාරණා ච. තත්‍ථ සාධාරණා උපෙක‍්ඛාසහගතාහෙතුකකිරියා සළාරම‍්මණවිජානනලක‍්ඛණා, කිච‍්චවසෙන පඤ‍්චද‍්වාරමනොද‍්වාරෙසු වොට‍්ඨබ‍්බනාවජ‍්ජනරසා, තථාභාවපච‍්චුපට‍්ඨානා, අහෙතුකවිපාකමනොවිඤ‍්ඤාණධාතු භවඞ‍්ගානං අඤ‍්ඤතරාපගමපදට‍්ඨානා.

මනෝවිඤ්ඤාණ ධාතුව වනාහි සාධාරණය, අසාධාරණය’ යි දෙවැදෑරුම් වේ. එහි සාධාරණ මනෝවිඤ්ඤාණ ධාතුව වූ උපේක්‍ෂා සහගත අහේතුක කිරිය චිත්තය ස-අරමුණු දැන ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. කෘත්‍ය වශයෙන් පඤ්චද්වාරයන් හා මනෝද්වාරයෙහි (පිළිවෙලින්) වොත්‍ථපන (පිහිටුවීම) හා ආවර්ජනය කෘත්‍ය කොට ඇත්තේය, එම ස්වභාවයම වැටහීම් කොට ඇත්තේය, (පඤ්චද්වාර විෂයයෙහි) අහේතුක-විපාක-මනෝවිඤ්ඤාණ ධාතුව හෝ (මනෝද්වාර විෂයයෙහි) භවංගය පහවීම පදට්ඨාන කොට ඇත්තේය.

අසාධාරණා සොමනස‍්සසහගතාහෙතුකකිරියා සළාරම‍්මණවිජානනලක‍්ඛණා, කිච‍්චවසෙන අරහතං අනුළාරෙසු වත්‍ථූසු හසිතුප‍්පාදනරසා, තථාභාවපච‍්චුපට‍්ඨානා, එකන‍්තතො හදයවත්‍ථුපදට‍්ඨානාති. ඉති කාමාවචරකිරියං අහෙතුකං තිවිධං.

අසාධාරණ මනෝවිඤ්ඤාණ ධාතුව වූ සෝමනස්ස සහගත අහේතුක කිරිය චිත්තය ස-අරමුණු දැනගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. කෘත්‍ය වශයෙන් උදාර නොවන වස්තු විෂයයෙහි රහතුන්ගේ හසිතුප්පාදය (සිනහ ඉපැදීම) කෘත්‍ය කොට ඇත්තේය. එම ස්වභාවයම වැටහීම් කොට ඇත්තේය, ඒකාන්තයෙන් හෘදය වස්තුව පදට්ඨාන කොට ඇත්තේය. මෙසේ අහේතුක කාමාවචර කිරිය චිත්තය තෙවැදෑරුම් වේ.

සහෙතුකං පන සොමනස‍්සාදිභෙදතො කුසලං විය අට‍්ඨවිධං. කෙවලඤ‍්හි කුසලං සෙක‍්ඛපුථුජ‍්ජනානං උප‍්පජ‍්ජති, ඉදං අරහතංයෙවාති අයමෙත්‍ථ විසෙසො. එවං තාව කාමාවචරං එකාදසවිධං.

සහේතුක කිරිය චිත්තය වනාහි කුසල චිත්තය මෙන්ම සෝමනස්සාදී භේද වශයෙන් අටවැදෑරුම් වේ. කුසල චිත්තය වනාහි හුදෙක් ශෛක්‍ෂ්‍ය වූ පෘථග්ජනයන්හටම උපදියි. මෙය (සහේතුක කිරිය චිත්තය) රහතුන්හටම උපදියි; මේ මෙහි විශේෂයයි. මෙසේ කාමාවචර (කිරිය) චිත්තය එකොළොස් වැදෑරුම් වේ.

රූපාවචරං පන අරූපාවචරඤ‍්ච කුසලං විය පඤ‍්චවිධං චතුබ‍්බිධඤ‍්ච හොති. අරහතං උප‍්පත‍්තිවසෙනෙව චස‍්ස කුසලතො විසෙසො වෙදිතබ‍්බොති. එවං සබ‍්බම‍්පි තීසු භූමීසු වීසතිවිධං කිරියවිඤ‍්ඤාණං හොති.

රූපාවචර හා අරූපාවචර (කිරිය) චිත්තයන් පිළිවෙළින් එම කුසලචිත්තයන් මෙන්ම පස්වැදෑරුම්ද, සිවුවැදෑරුම්ද වේ; මෙහිලා කුසලචිත්තයෙන් වෙනස් වනුයේ හුදෙක් රහතුන්හටම ඉපැදීම් වශයෙනි’යි දතයුතුය. මෙසේ භූමිත්‍රයයට අයත් සියලු කිරිය චිත්තය විසිවැදෑරුම් වේ.

ඉති එකවීසති කුසලානි ද‍්වාදසාකුසලානි ඡත‍්තිංස විපාකානි වීසති කිරියානීති සබ‍්බානිපි එකූනනවුති විඤ‍්ඤාණානි හොන‍්ති. යානි පටිසන්‍ධිභවඞ‍්ගාවජ‍්ජනදස‍්සනසවනඝායනසායනඵුසනසම‍්පටිච‍්ඡනසන‍්තීරණවොට‍්ඨබ‍්බනජවනතදාරම‍්මණචුතිවසෙන චුද‍්දසහි ආකාරෙහි පවත‍්තන‍්ති.

මෙසේ කුසල විඤ්ඤාණ විසිඑකක්ද, අකුසල විඤ්ඤාණ දොළොසක්ද, විපාක විඤ්ඤාණ සතිසක්ද, කිරිය විඤ්ඤාණ විස්සක්දැයි සියලු විඤ්ඤාණයෝ අසූනවයක් වෙති; මේ විඤ්ඤාණයෝ පටිසන්‍ධි, භවංග, ආවජ්ජන, දස්සන, සවණ, ඝායන, සායන, ඵුසන, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්‍ථපන, ජවන, තදාරම්මණ, චුති යනුවෙන් තුදුස් ආකාරයෙකින් පවත්නාහුය.

කථං? යදා හි අට‍්ඨන‍්නං කාමාවචරකුසලානං ආනුභාවෙන දෙවමනුස‍්සෙසු සත‍්තා නිබ‍්බත‍්තන‍්ති, තදා නෙසං මරණකාලෙ පච‍්චුපට‍්ඨිතං කම‍්මකම‍්මනිමිත‍්තගතිනිමිත‍්තානං අඤ‍්ඤතරං ආරම‍්මණං කත්‍වා අට‍්ඨ සහෙතුකකාමාවචරවිපාකානි, මනුස‍්සෙසු පණ‍්ඩකාදිභාවං ආපජ‍්ජමානානං දුබ‍්බලද‍්විහෙතුකකුසලවිපාකඋපෙක‍්ඛාසහගතාහෙතුකවිපාකමනොවිඤ‍්ඤාණධාතු චාති පටිසන්‍ධිවසෙන නව විපාකචිත‍්තානි පවත‍්තන‍්ති. යදා රූපාවචරාරූපාවචරකුසලානුභාවෙන රූපාරූපභවෙසු නිබ‍්බත‍්තන‍්ති , තදා නෙසං මරණකාලෙ පච‍්චුපට‍්ඨිතං කම‍්මනිමිත‍්තමෙව ආරම‍්මණං කත්‍වා නව රූපාරූපාවචරවිපාකානි පටිසන්‍ධිවසෙන පවත‍්තන‍්ති.

කෙසේද යත්:- යම්කලෙක වනාහි කාමාවචර කුසල් අටෙහි බලයෙන් දෙවි මිනිස් දෙලොවෙහි සත්ත්‍වයෝ උපදිත්ද, එකල ඔවුන්ගේ (පූර්ව භවයෙහි) මරණාවස්ථාවෙහිදී එළඹ සිටි කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන මෙයින් එකක් අරමුණු කොට ගෙන සහේතුක කාමාවචර විපාක සිත් අටද, මිනිස් ලොවෙහි නපුංසකාදී තත්ත්‍වයනට පැමිණෙන්නවුන්ගේ උපේක්‍ෂා සහගත, දුබල, ද්විහේතුක කුසල විපාක සහිතවූ අහේතුක විපාක මනෝවිඤ්ඤාණ ධාතුවදැයි යන විපාක සිත් නවය පටිසන්‍ධි වශයෙන් පවතී. යම් කලෙක රූපාවචර, අරූපාවචර කුශලානුභාවයෙන් රූප, අරූප, භවයන්හි උපදිත්ද, එකල මරණාවස්ථායෙහිදී එළඹ සිටි කර්ම, කර්ම නිමිත්ත යන දෙකින් එකක් අරමුණු කොට ගෙන රූපාවචර අරූපාවචර විපාක සිත් නවය පටිසන්‍ධි වශයෙන් පවතියි.

යදා පන අකුසලානුභාවෙන අපායෙ නිබ‍්බත‍්තන‍්ති, තදා නෙසං මරණකාලෙ පච‍්චුපට‍්ඨිතං කම‍්මකම‍්මනිමිත‍්තගතිනිමිත‍්තානං අඤ‍්ඤතරං ආරම‍්මණං කත්‍වා එකා අකුසලවිපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු පටිසන්‍ධිවසෙන පවත‍්තතීති එවං තාවෙත්‍ථ එකූනවීසතියා විපාකවිඤ‍්ඤාණානං පටිසන්‍ධිවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

යම් කලෙක අකුශල බලයෙන් අපායෙහි උපදිත්ද, එකල මරණාවස්ථායෙහිදී එළඹ සිටි කර්ම, කර්මනිමිත්ත, ගතිනිමිත්ත යන මෙයින් එකක් අරමුණු කොට ගෙන එක්ම අකුශල විපාක අහේතුක මනෝවිඤ්ඤාණධාතුව පටිසන්‍ධි වශයෙන් පවත්නේයයි මෙසේ මෙහි පළමුකොට එකුන් විසි විපාක විඤ්ඤාණයන් පටිසන්‍ධි වශයෙන් පවත්නා ආකාරය දතයුතුය.

පටිසන්‍ධිවිඤ‍්ඤාණෙ පන නිරුද‍්ධෙ තං තං පටිසන්‍ධිවිඤ‍්ඤාණමනුබන්‍ධමානං තස‍්ස තස‍්සෙව කම‍්මස‍්ස විපාකභූතං තස‍්මිඤ‍්ඤෙව ආරම‍්මණෙ තාදිසමෙව භවඞ‍්ගවිඤ‍්ඤාණං නාම පවත‍්තති, පුනපි තාදිසන‍්ති එවං අසති සන‍්තානවිනිවත‍්තකෙ අඤ‍්ඤස‍්මිං චිත‍්තුප‍්පාදෙ නදීසොතං විය සුපිනං අපස‍්සතො නිද‍්දොක‍්කමනකාලාදීසු අපරිමාණසඞ‍්ඛ්‍යම‍්පි පවත‍්තතියෙවාති එවං තෙසඤ‍්ඤෙව විඤ‍්ඤාණානං භවඞ‍්ගවසෙනාපි පවත‍්ති වෙදිතබ‍්බා.

පටිසන්‍ධි විඤ්ඤාණය නිරුද්ධ වූ කල්හි ඒ ඒ පටිසන්‍ධි විඤ්ඤාණය අනුව යමින් ඒ ඒ කර්මයට විපාක වූ එබඳුම වූ භවඞ්ග නම් වූ විඤ්ඤාණය පවත්නේය. යලි යලිදු එබඳුම වූ භවංගයන් ඉපැදීම වේ, මෙසේ මෙම භවංග සන්තතිය සිඳී යාමට හේතුවන අන් චිත්තෝත්පාදයක් නැතොත් - සිහින නොපෙනෙන නින්දට පිවිසි අවස්ථා ආදියෙහිදීද - නදී ප්‍රවාහයක් මෙන් භවංගයන් අප්‍රමාණ සංඛ්‍යාවක් පවතිතැ’යි මෙසේ භවාංග වශයෙන්ද එම විඤ්ඤාණයන්ගේ පැවැත්ම දතයුතුය.

එවං පවත‍්තෙ පන භවඞ‍්ගසන‍්තානෙ යදා සත‍්තානං ඉන්‍ද්‍රියානි ආරම‍්මණගහණක‍්ඛමානි හොන‍්ති, තදා චක‍්ඛුස‍්සාපාථගතෙ රූපෙ රූපං පටිච‍්ච චක‍්ඛුපසාදස‍්ස ඝට‍්ටනා හොති, තතො ඝට‍්ටනානුභාවෙන භවඞ‍්ගචලනං හොති, අථ නිරුද‍්ධෙ භවඞ‍්ගෙ තදෙව රූපං ආරම‍්මණං කත්‍වා භවඞ‍්ගං විච‍්ඡින්‍දමානා විය ආවජ‍්ජනකිච‍්චං සාධයමානා කිරියමනොධාතු උප‍්පජ‍්ජති. සොතද‍්වාරාදීසුපි එසෙව නයො. මනොද‍්වාරෙ පන ඡබ‍්බිධෙපි ආරම‍්මණෙ ආපාථගතෙ භවඞ‍්ගචලනානන‍්තරං භවඞ‍්ගං විච‍්ඡින්‍දමානා විය ආවජ‍්ජනකිච‍්චං සාධයමානා අහෙතුකකිරියමනොවිඤ‍්ඤාණධාතු උප‍්පජ‍්ජති උපෙක‍්ඛාසහගතාති එවං ද‍්වින‍්නං කිරියවිඤ‍්ඤාණානං ආවජ‍්ජනවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

මේ ආකාරයෙන් භවංග සන්තතිය පවත්නා විට යම් කලෙක සත්ත්‍වයින්ගේ ඉන්‍ද්‍රියයෝ අරමුණු ගැනීමට සමත් වෙත්ද, එකල රූපයක් චක්‍ෂු: පථයට පැමිණිය හොත් එම රූපය නිසා චක්‍ඛුප්පසාදයෙහි ගැටීම සිදුවේ. ඉක්බිති එම ගැටීමේ බලයෙන් භවංග චලනය වේ. ඉක්බිති භවංගය නිරුද්ධ වූ කල්හි එම රූපයම අරමුණු කොට භවංගය සිඳගෙන මෙන් ආවර්ජන කෘත්‍යය සිද්ධ කරන කිරිය මනෝධාතුව (පඤ්චද්වාරාවජ්ජන චිත්තය) උපදියි. ශ්‍රෝතද්වාරාදියෙහිද මෙම නයයි. මනෝද්වාරයෙහි වනාහි සවැදෑරුම්ම වූ අරමුණු ඉන්‍ද්‍රිය පථයට පැමිණි කල්හි භවංගචලනයට අනතුරුව භවංගය සිඳගෙන මෙන් ආවර්ජන කෘත්‍යය සිද්ද කරන උපේක්‍ෂාසහගත අහේතුක කිරිය මනෝවිඤ්ඤාණ ධාතුව (මනෝද්වාරාවජ්ජන චිත්තය) උපදියි. මෙසේ ආවර්ජන වශයෙන් කිරියවිඤ්ඤාණ දෙකෙහි පැවැත්ම දතයුතුය.

ආවජ‍්ජනානන‍්තරං පන චක‍්ඛුද‍්වාරෙ තාව දස‍්සනකිච‍්චං සාධයමානං චක‍්ඛුපසාදවත්‍ථුකං චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතද‍්වාරාදීසු සවනාදිකිච‍්චං සාධයමානානි සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණානි පවත‍්තන‍්ති. තානි ඉට‍්ඨඉට‍්ඨමජ‍්ඣත‍්තෙසු විසයෙසු කුසලවිපාකානි, අනිට‍්ඨඅනිට‍්ඨමජ‍්ඣත‍්තෙසු විසයෙසු අකුසලවිපාකානීති එවං දසන‍්නං විපාකවිඤ‍්ඤාණානං දස‍්සනසවනඝායනසායනඵුසනවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

ආවර්ජනයට අනතුරුව චක්‍ඛු ද්වාරයෙහි දර්ශන කෘත්‍යය සිදුකරමින් චක්‍ඛුප්පසාද-වත්‍ථුක චක්‍ඛු විඤ්ඤාණයද, සෝත ද්වාරාදියෙහි ශ්‍රවණාදී කෘත්‍යයන් සිදු කෙරෙමින් සෝත, ඝාන, ජිව්හා, කාය විඤ්ඤාණයෝද පවත්නාහුය. ඒ විඤ්ඤාණයෝ ඉට්ඨය, ඉට්ඨමජ්ඣත්‍ථය යන විෂයයන්හි වෙතොත් කුසල විපාකයන්ද, අනිට්ඨය, අනිට්ඨමජ්ඣත්තය යන විෂයයන්හි වෙතොත් අකුසල විපාකයන්ද වෙති’යි මෙසේ දස්සන, සවණ, ඝායන, සායන, ඵුසන වශයෙන් දස විපාක විඤ්ඤාණයන්ගේ පැවැත්ම දතයුතුය.

“චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධසමනන‍්තරා උප‍්පජ‍්ජති චිත‍්තං මනො මානසං තජ‍්ජා මනොධාතූ”තිආදිවචනතො (විභ· 184) පන චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං අනන‍්තරා තෙසඤ‍්ඤෙව විසයං සම‍්පටිච‍්ඡමානා කුසලවිපාකානන‍්තරං කුසලවිපාකා, අකුසලවිපාකානන‍්තරං අකුසලවිපාකා මනොධාතු උප‍්පජ‍්ජති. එවං ද‍්වින‍්නං විපාකවිඤ‍්ඤාණානං සම‍්පටිච‍්ඡනවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

“චක්‍ඛුවිඤ්ඤාණධාතුව ඉපිද නිරුද්ධ වීමෙන් අනතුරුව චිත්තය, මනස, මනෝභාවය, එයින් උපන් මනෝ ධාතුව උපදියි’’, යනු කී හෙයින් චක්‍ඛු විඤ්ඤාණාදියට අනතුරුව එම විඤ්ඤාණයනට අයත් ඒ ඒ විෂයයන් පිළිගනිමින් කුසල විපාකයනට අනතුරුව කුසල විපාක සහිතවූද, අකුසල විපාකයනට අනතුරුව අකුසල විපාක සහිත වූද මනෝධාතුව උපදිති’යි මෙසේ සම්පටිච්ඡන (පිළිගැනීම) වශයෙන් (කුසල, අකුසල) විපාක දෙකෙහි පැවැත්ම දතයුතුය.

“මනොධාතුයාපි උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධසමනන‍්තරා උප‍්පජ‍්ජති චිත‍්තං මනො මානසං තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතූ”ති (විභ· 184) වචනතො පන මනොධාතුයා සම‍්පටිච‍්ඡිතමෙව විසයං සන‍්තීරයමානා අකුසලවිපාකමනොධාතුයා අනන‍්තරා අකුසලවිපාකා, කුසලවිපාකාය අනන‍්තරා ඉට‍්ඨාරම‍්මණෙ සොමනස‍්සසහගතා, ඉට‍්ඨමජ‍්ඣත‍්තෙ උපෙක‍්ඛාසහගතා උප‍්පජ‍්ජති විපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතූති එවං තිණ‍්ණං විපාකවිඤ‍්ඤාණානං සන‍්තීරණවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

‘මනෝධාතුවද ඉපිද නිරුද්ධ වීමෙන් පසුව චිත්තය, මනස, මනෝභාවය, එයින් උපන් මනෝ විඤ්ඤාණධාතුව උපදියි’ යනු කී හෙයින් එකී මනෝධාතුව විසින් පිළිගැනුණ විෂයයම තීරණය කෙරෙමින් අකුසල විපාක මනෝධාතුවට අනතුරුව අකුසල විපාක සහිතවූද, කුසල විපාක මනෝධාතුවට අනතුරුව ඉෂ්ටාරම්මණයෙහි සෝමනස්ස සහගතවූ හා ඉට්ඨමජ්ඣත්‍ථාරම්මණයෙහි උපෙක්ඛා සහගත වූ විපාක-අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව උපදිති’යි, මෙසේ සන්තීරණ වශයෙන් විපාක විඤ්ඤාණ තුනෙහි පැවැත්ම දතයුතුය.

සන‍්තීරණානන‍්තරං පන තමෙව විසයං වවත්‍ථාපයමානා උප‍්පජ‍්ජති කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු උපෙක‍්ඛාසහගතාති එවං එකස‍්සෙව කිරියවිඤ‍්ඤාණස‍්ස වොට‍්ඨබ‍්බනවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

සන්තීරණයට අනතුරුව එම විෂයයම ව්‍යවස්ථාපනය (තහවුරු) කෙරෙමින් උපෙක්ඛා සහගත කිරිය අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව උපදිති’යි, මෙසේ වොත්‍ථපන වශයෙන් එක්ම කිරිය විඤ්ඤාණයෙහි පැවැත්ම දතයුතුය.

වොට‍්ඨබ‍්බනානන‍්තරං පන සචෙ මහන‍්තං හොති රූපාදිආරම‍්මණං, අථ යථාවවත්‍ථාපිතෙ විසයෙ අට‍්ඨන‍්නං වා කාමාවචරකුසලානං ද‍්වාදසන‍්නං වා අකුසලානං නවන‍්නං වා අවසෙසකාමාවචරකිරියානං අඤ‍්ඤතරවසෙන ඡ සත‍්ත වා ජවනානි ජවන‍්ති, එසො තාව පඤ‍්චද‍්වාරෙ නයො.

වොත්‍ථපනයට අනතුරුව, ඉදින් රූපාදී වූ ආරම්මණය ‘මහන්ත’ යයි සම්මත (චිත්තක්‍ෂණ තුදුසක් දිවෙන) වූවක් වෙතොත්, එවිට එසේ ව්‍යවස්ථාපිත විෂයයෙහි, කාමාවචර කුසල් අටෙහි හෝ, අකුසල් දොළොසෙහි හෝ, සෙසු කාමාවචර කිරිය සිත් නවයෙහි හෝ එකක් එකක් වශයෙන් ජවන්සිත් සයක් හෝ සතක් බැගින් දිවෙතැ’යි මේ පඤ්චද්වාර විෂයයෙහි නයයි.

මනොද‍්වාරෙ පන මනොද‍්වාරාවජ‍්ජනානන‍්තරං තානියෙව. ගොත්‍රභුතො උද‍්ධං රූපාවචරතො පඤ‍්ච කුසලානි පඤ‍්ච කිරියානි, අරූපාවචරතො චත‍්තාරි කුසලානි චත‍්තාරි කිරියානි, ලොකුත‍්තරතො චත‍්තාරි මග‍්ගචිත‍්තානි චත‍්තාරි ඵලචිත‍්තානීති ඉමෙසු යං යං ලද‍්ධපච‍්චයං හොති, තං තං ජවතීති එවං පඤ‍්චපඤ‍්ඤාසාය කුසලාකුසලකිරියවිපාකවිඤ‍්ඤාණානං ජවනවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

මනොද්වාර විෂයයෙහි වනාහි මනෝද්වාරාවජ්ජනයට අනතුරුව එම ජවනයෝම වෙති, (කාමාවචරය ඉක්ම වූ) ගෝත්‍රභූ චිත්තයෙන් මතු රූපාවචර වශයෙන් කුසල්සිත් පස හා එම කිරිය සිත් පසද, අරූපාවචර වශයෙන් කුසල් සිත් සතර හා එම කිරිය සිත් සතරද, ලෝකෝත්තර වශයෙන් මාර්ග සිත් සතර හා ඵල සිත් සතරද යන මේ සිත් අතුරෙන් යම් යම් සිතක් ප්‍රත්‍යය වශයෙන් ලදුයේ නම් ඒ ඒ සිත (ජවන වශයෙන්) දිවෙතැ’යි මෙසේ පස් පණස් කුසල-අකුසල-කිරිය-විපාක විඤ්ඤාණයන්ගේ ජවන වශයෙන් පැවැත්ම දතයුතුය.

ජවනාවසානෙ පන සචෙ පඤ‍්චද‍්වාරෙ අතිමහන‍්තං, මනොද‍්වාරෙ ච විභූතමාරම‍්මණං හොති, අථ කාමාවචරසත‍්තානං කාමාවචරජවනාවසානෙ ඉට‍්ඨාරම‍්මණාදීනං පුරිමකම‍්මජවනචිත‍්තාදීනඤ‍්ච වසෙන යො යො පච‍්චයො ලද‍්ධො හොති, තස‍්ස තස‍්ස වසෙන අට‍්ඨසු සහෙතුකකාමාවචරවිපාකෙසු තීසු විපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතූසු ච අඤ‍්ඤතරං පටිසොතගතං නාවං අනුබන්‍ධමානං කිඤ‍්චි අන‍්තරං උදකමිව භවඞ‍්ගස‍්සාරම‍්මණතො අඤ‍්ඤස‍්මිං ආරම‍්මණෙ ජවිතං ජවනමනුබන්‍ධං ද‍්වික‍්ඛත‍්තුං සකිං වා විපාකවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති. තදෙතං ජවනාවසානෙ භවඞ‍්ගස‍්ස ආරම‍්මණෙ පවත‍්තනාරහං සමානං තස‍්ස ජවනස‍්ස ආරම‍්මණං ආරම‍්මණං කත්‍වා පවත‍්තත‍්තා තදාරම‍්මණන‍්ති වුච‍්චති. එවං එකාදසන‍්නං විපාකවිඤ‍්ඤාණානං තදාරම‍්මණවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

ජවනාවසානයෙහි වනාහි ඉදින් පඤ්චද්වාර විෂයෙහි අති මහත්වූද, මනෝද්වාර විෂයයෙහි විභූත (ඉතා ප්‍රකට) වූද අරමුණු වෙතොත්, එවිට කාමාවචර සත්ත්‍වයන්ගේ කාමාවචර ජවන අවසන්හිදී ඉෂ්ටාරම්මණ ආදීන්ගේ හා පූර්වකර්ම ජවන චිත්ත ආදී වශයෙන් යම් යම් ප්‍රත්‍යයක් ලදුයේ වේද, ඒ ඒ ප්‍රත්‍යය වශයෙන් සහේතුක-කාමාවචර-විපාක සිත් අට හා විපාක අහේතුක මනෝ විඤ්ඤාණ ධාතු තුනද (යන සිත් එකොළස) අතුරින් එකක්, උඩුගං බලා යන නැවක් පසුපස මඳදුරක් දිවෙන දිය දහරක් සෙයින්, භවඞ්ගාරම්මණයෙන් බැහැර අන් අරමුණෙක්හි දිවෙන ජවනයක් අනුව දිවෙමින්, දෙවරක් හෝ එක්වරක් විපාක විඤ්ඤාණය උපදියි. ඒ මේ විපාක විඤ්ඤාණය ජවනාවසානයෙහි භවඞ්ගයාගේ අරමුණෙහි පැවැත්මට සුදුසු වූයේම එම ජවනයාගේ අරමුණු අරමුණු කොට පැවැති හෙයින් ‘තදාරම්මණ’ යයි කියනු ලැබේ. මෙසේ විපාක විඤ්ඤාණ එකොළසෙහි තදාරම්මණ වශයෙන් පැවැත්ම දතයුතුය.

තදාරම‍්මණාවසානෙ පන පුන භවඞ‍්ගමෙව පවත‍්තති, භවඞ‍්ගෙ විච‍්ඡින‍්නෙ පුන ආවජ‍්ජනාදීනීති එවං ලද‍්ධපච‍්චයචිත‍්තසන‍්තානං භවඞ‍්ගානන‍්තරං ආවජ‍්ජනං ආවජ‍්ජනානන‍්තරං දස‍්සනාදීනීති චිත‍්තනියමවසෙනෙව පුනප‍්පුනං තාව පවත‍්තති, යාව එකස‍්මිං භවෙ භවඞ‍්ගස‍්ස පරික‍්ඛයො. එකස‍්මිං හි භවෙ යං සබ‍්බපච‍්ඡිමං භවඞ‍්ගචිත‍්තං, තං තතො චවනත‍්තා චුතීති වුච‍්චති. තස‍්මා තම‍්පි එකූනවීසතිවිධමෙව හොති. එවං එකූනවීසතියා විපාකවිඤ‍්ඤාණානං චුතිවසෙන පවත‍්ති වෙදිතබ‍්බා.

තදාරම්මණ අවසානයෙහිදී යලි භවංගයම පවතී, භවංගය සිඳී ගිය විට යලි ආවජ්ජනාදිය වේ. මෙසේ ප්‍රත්‍යය ලද චිත්ත සන්තානය භවංගයට අනතුරුව ආවර්ජනයද, ආවර්ජනයට අනතුරුව දර්ශනාදියදැයි චිත්ත නියම වශයෙන්ම එක් භවයෙක භවංගයාගේ සිඳීයාම තෙක් යලියලිත් සිදුවෙමින් පවතියි. එක් භවයෙක සියල්ලටම පසුව එන යම් භවංග චිත්තයක් වේද, එය (තතො වචනත්තා) එම භවාංගයෙන් චුතිය සිදුවන හෙයින් ‘චුති’ යයි කියනු ලැබේ. එහෙයින් එයද එකුන්විසි වැදෑරුම්ම වේ; මෙසේ එකුන් විසි විපාක විඤ්ඤාණයන්ගේ චුති වශයෙන් පැවැත්ම දතයුතුය.

චුතිතො පන පුන පටිසන්‍ධි, පටිසන්‍ධිතො පුන භවඞ‍්ගන‍්ති එවං භවගතිඨිතිනිවාසෙසු සංසරමානානං සත‍්තානං අවිච‍්ඡින‍්නං චිත‍්තසන‍්තානං පවත‍්තතියෙව. යො පනෙත්‍ථ අරහත‍්තං පාපුණාති, තස‍්ස චුතිචිත‍්තෙ නිරුද‍්ධෙ නිරුද‍්ධමෙව හොතීති.

චුති චිත්තයෙන් අනතුරුව නැවත පටිසන්‍ධි චිත්තයද, පටිසන්‍ධි චිත්තයෙන් අනතුරුව යලි භවංගයද වෙති’යි මෙසේ ත්‍රිභවයෙහි, පංචගතියෙහි, සප්ත-විඥානස්ථිතියෙහි හා නව සත්‍වාවාසයෙහි සැරිසරන සත්ත්‍වයන්ගේ චිත්ත-සන්තානය නොසිඳී පවත්නේම වේ, යමෙක් මේ ලෝකයෙහි රහත්බවට පැමිණෙත්ද, ඔවුන්ගේ චුතිචිත්තය නිරුද්ධ වූ කල නිරුද්ධ වූයේම වේ.

ඉදං විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙ විත්‍ථාරකථාමුඛං.

මේ විඤ්ඤාණක්ඛන්‍ධයෙහි විස්තර කථා මාර්ගයයි.