රූපක්ඛන්ධකථා
රූපක්ඛන්ධකථා
රූප ස්කන්ධය
තත්ථ යං කිඤ්චි සීතාදීහි රුප්පනලක්ඛණං ධම්මජාතං, සබ්බං තං එකතො කත්වා රූපක්ඛන්ධොති වෙදිතබ්බං.
එහි, ශීතාදිය හේතුකොට විකෘතීනට භාජන වන සුලු යම් ධර්ම සමූහයක් ඇත්ද, ඒ සියල්ල එක්ව ගෙන රූපස්කන්ධයයි දතයුතුය.
තදෙතං රුප්පනලක්ඛණෙන එකවිධම්පි භූතොපාදායභෙදතො දුවිධං.
එම රූපස්කන්ධය රුප්පන (විකෘතීනට භාජන වීමේ) ලක්ෂණය අතින් ඒකවිධ වනුයේ නමුදු භූත උපාදාය ප්‍රභේද වශයෙන් ද්විවිධ වේ.
තත්ථ භූතරූපං චතුබ්බිධං – පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති. තාසං ලක්ඛණරසපච්චුපට්ඨානානි චතුධාතුවවත්ථානෙ වුත්තානි. පදට්ඨානතො පන තා සබ්බාපි අවසෙසධාතුත්තයපදට්ඨානා.
එහි භූත රූපය පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුයයි චතුර්විධ වේ. එහි ලක්ෂණ රස හෙවත් කෘත්‍යය පච්චුපට්ඨාන හෙවත් වැටහෙන නොහොත් එළඹ සිටින ආකාරය යන මේ කරුණු ඉහත චතුධාතු වවත්ථානයෙහිදී විස්තර කරන ලදි. පදට්ඨාන හෙවත් පදනම නැතහොත් ආසන්න කාරණ වශයෙන් ඒ මහාභූත සියල්ලම එකක්, එකක් අනෙක් තුන පදනම් කොට ඇත්තේය.
උපාදාරූපං චතුවීසතිවිධං – චක්ඛු, සොතං, ඝානං, ජිව්හා, කායො, රූපං, සද්දො, ගන්ධො, රසො, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං, හදයවත්ථු, කායවිඤ්ඤත්ති, වචීවිඤ්ඤත්ති, ආකාසධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා , රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචයො, රූපස්ස සන්තති, රූපස්ස ජරතා, රූපස්ස අනිච්චතා, කබළීකාරො ආහාරොති.
උපාදාය රූප සූවිසි වැදෑරුම් වේ. චක්ඛු-සෝත-ඝාන-ජිව්හා-කාය-රූප-සද්ද-ගන්ධ-රස- ඉත්‍ථින්‍ද්‍රිය-පුරිසින්‍ද්‍රිය-ජීවිතින්ද්රිය-භදයවත්ථු-කායවිඤ්ඤත්ති-වචීවිඤ්ඤත්ති-ආකාසධාතු-රූපස්සලහුතා-රූපස්ස මුදුතා-රූපස්ස කම්මඤ්ඤතා-රූපස්ස උපචය-රූපස්ස සන්තති-රූපස්සජරතා-රූපස්ස අනිච්චතා-කබලිඞ්කාරාහාර යනුවෙනි.
තත්ථ රූපාභිඝාතාරහතප්පසාදලක්ඛණං දට්ඨුකාමතානිදානකම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණං වා චක්ඛු, රූපෙසු ආවිඤ්ඡනරසං, චක්ඛුවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානං, දට්ඨුකාමතානිදානකම්මජභූතපදට්ඨානං.
එහි, චක්ඛුපාදායය රූපාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහාභූතය (හෙවත් ධාතුව) විඳ ගැනීම ලක්‍ෂණකොට ඇත්තේය; නොහොත්, දකිනු රිසිබව මුල් කොටගත් (තෘෂ්ණාසහිත) කර්මයෙන් ජනිත මහාභූතය විඳගැනීම ලක්ෂණ කොට ඇත්තේය; රූපයන් වෙත විඤ්ඤාණය ඇද ගැනීම රස හෙවත් කෘත්‍යය කොට ඇත්තේය, චක්ඛු විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, දකිනු රිසි බව මුල්කොට ගත් කර්මයෙන් ජනිත මහාභූතය පදට්ඨාන (පදනම) කොට ඇත්තේය.
සද්දාභිඝාතාරහභූතප්පසාදලක්ඛණං, සොතුකාමතානිදානකම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණං වා සොතං, සද්දෙසු ආවිඤ්ඡනරසං, සොතවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානං, සොතුකාමතානිදානකම්මජභූතපදට්ඨානං.
සෝත උපාදායය ශබ්දාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහාභූතය විඳගැනීම ලක්ෂණ කොට ඇත්තේය, නොහොත් අසනුරිසි බව මුල් කොට ගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳ ගැනීම ලක්ෂණ කොට ඇත්තේය, ශබ්දාලම්බනය වෙත විඤ්ඤාණය ඇද ගැනීම කෘත්‍යය කොට ඇත්තේය, සෝත විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, අසනු රිසිබව මුල් කොට ගත් කර්මයෙන් උපන් මහාභූතය පදනම් කොට ඇත්තේය.
ගන්ධාභිඝාතාරහභූතප්පසාදලක්ඛණං, ඝායිතුකාමතානිදානකම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණං වා ඝානං, ගන්ධෙසු ආවිඤ්ඡනරසං, ඝානවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානං, ඝායිතුකාමතානිදානකම්මජභූතපදට්ඨානං.
ඝාන උපාදායය ගන්‍ධාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහා භූතය විඳගැනීම ලක්ෂණ කොට ඇත්තේය, නොහොත් ආඝ්‍රාණය කරනු රිසි බව මුල් කොට ගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳ ගැනීම ලක්‍ෂණකොට ඇත්තේය, ගන්‍ධාලම්බනය වෙත විඤ්ඤාණය ඇද ගැනීම කෘත්‍යය කොට ඇත්තේය, ‘ඝාණ විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, ආඝ්‍රාණය කරනු රිසිබව මුල් කොටගත් කර්මයෙන් හටගත් මහා භූතය පදනම් කොට ඇත්තේය.
රසාභිඝාතාරහභූතප්පසාදලක්ඛණා, සායිතුකාමතානිදානකම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණා වා ජිව්හා, රසෙසු ආවිඤ්ඡනරසා, ජිව්හාවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානා, සායිතුකාමතානිදානකම්මජභූතපදට්ඨානා.
ජිව්හා උපාදායය රසාලම්බනයක් හා ගැටීමට යෝග්‍ය වූ මහාභූතය විඳගැනීම ලක්ෂණ කොට ඇත්තේය. නොහොත් සායනය (රසවිඳිනු) රිසි බව මුල් කොට ගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳගැනීම ලක්ෂණ කොට ඇත්තේය; රසාලම්බනය වෙත විඤ්ඤාණය ඇදගැනීම කෘත්‍යය කොට ඇත්තේය, ජිව්හා විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, රස විඳිනු රිසි බව මුල්කොටගත් කර්මයෙන් හටගත් භූතය පදට්ඨාන කොට ඇත්තේය.
ඵොට්ඨබ්බාභිඝාතාරහභූතප්පසාදලක්ඛණො, ඵුසිතුකාමතානිදානකම්මසමුට්ඨානභූතප්පසාදලක්ඛණො වා කායො, ඵොට්ඨබ්බෙසු ආවිඤ්ඡනරසො, කායවිඤ්ඤාණස්ස ආධාරභාවපච්චුපට්ඨානො, ඵුසිතුකාමතානිදානකම්මජභූතපදට්ඨානො.
කාය උපාදායය ද ස්පර්ශාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහා භූතය විඳ ගැනීම ලක්ෂණ කොට ඇත්තේය, නොහොත් ස්පර්ශ කරනු රිසි බව මුල් කොටගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳගැනීම ලක්ෂණ කොට ඇත්තේය; ස්පර්ශාලම්බනය වෙතට විඤ්ඤාණය ඇදගැනීම කෘත්‍යය කොට ඇත්තේය, කාය විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, ස්පර්ශ කරනු රිසි බව මුල් කොටගත් කර්මයෙන් හටගත් මහාභූතය පදට්ඨාන කොට ඇත්තේය.
කෙචි පන “තෙජාධිකානං භූතානං පසාදො චක්ඛු, වායුපථවීආපාධිකානං භූතානං පසාදා සොතඝානජිව්හා, කායො සබ්බෙසම්පී”ති වදන්ති. අපරෙ “තෙජාධිකානං පසාදො චක්ඛු, විවරවායුආපපථවාධිකානං සොතඝානජිව්හාකායා”ති වදන්ති. තෙ වත්තබ්බා “සුත්තං ආහරථා”ති. අද්ධා සුත්තමෙව න දක්ඛිස්සන්ති. කෙචි පනෙත්ථ “තෙජාදීනං ගුණෙහි රූපාදීහි අනුගය්හභාවතො”ති කාරණං දස්සෙන්ති. තෙ වත්තබ්බා “කො පනෙවමාහරූපාදයො තෙජාදීනං ගුණා’ති. අවිනිබ්භොගවුත්තීසු හි භූතෙසු අයං ඉමස්ස ගුණො අයං ඉමස්ස ගුණොති න ලබ්භා වත්තු”න්ති.
ඇතැමෙක් වනාහි (මහා සඞ්ඝිකයන් අතුරෙන් කෙනෙක්) තේජෝ ධාතුව අධික කොට ඇති භූතය විඳ ගන්නේ චක්ෂු (උපාදාය) යයිද, වායෝ, පඨවි, ආපෝ ධාතුන් අධික කොට ඇති භූතයන් විඳගන්නාහු (පිළිවෙළින්) ශ්‍රෝත, ඝ්‍රාණ, ජිහ්වා යන උපාදායයෝ යයිද සියල්ල සමවූ මූලධාතූන් විඳගන්නේ කායඋපාදායයිද කියති. තවද කෙනෙක් (අභයගිරි වාසීහු) තේජෝ ගුණය අධික මූලධාතූන් විඳගන්නේ චක්ඛුපාදාය යයිද, විවර (ආකාශ) වායෝ, ආපෝ, පඨවි ගුණ අධික මූල ධාතූන් විඳගන්නාහු (පිළිවෙළින්) ශ්‍රෝත, ඝ්‍රාණ, ජිහ්වා, කාය යන උපාදායයෝ යයිද කියති. ඔවුනට, ‘සූත්‍ර දේශනාවක් ගෙනහැර දක්වනුයැ’යි කිවයුතුය. ඒකාන්තයෙන් සූත්රපාඨයක් දක්වනු නොහැකි වන්නාහුමය; මෙහිදී ඇතැමෙක්, තේජෝ ගුණ සහිත රූපාදිය විසින් චක්ඛුප්පසාද ආදිය අනුග්‍රහ කරනු ලැබීම් වශයෙනි’යි හේතු යුක්ති දක්වති; ඔවුනට මෙසේ කිවයුතුය: කවරකු එසේ ‘රූපාදිය තේජෝ ආදීන්ගේ ගුණය’යි කියා ඇත්ද? එකිනෙකින් වෙන් නොකළ හැකි පැවතුම් ඇති මහාභූතයන් අතර ‘මේ අසුවල් භූතගුණයයි, මේ අසුවල් භූතගුණය’යි කිවහැකි නොවේ’ යනුවෙනි.
අථාපි වදෙය්යුං “යථා තෙසු තෙසු සම්භාරෙසු තස්ස තස්ස භූතස්ස අධිකතාය පථවීආදීනං සන්ධාරණාදීනි කිච්චානි ඉච්ඡථ, එවං තෙජාදිඅධිකෙසු සම්භාරෙසු රූපාදීනං අධිකභාවදස්සනතො ඉච්ඡිතබ්බමෙතං රූපාදයො තෙසං ගුණා”ති. තෙ වත්තබ්බා “ඉච්ඡෙය්යාම, යදි ආපාධිකස්ස ආසවස්ස ගන්ධතො පථවීඅධිකෙ කප්පාසෙ ගන්ධො අධිකතරො සියා, තෙජාධිකස්ස ච උණ්හොදකස්ස වණ්ණතො සීතුදකස්ස වණ්ණො පරිහායෙථ”. යස්මා පනෙතං උභයම්පි නත්ථි, තස්මා පහායෙතං එතෙසං නිස්සයභූතානං විසෙසකප්පනං, “යථා අවිසෙසෙපි එකකලාපෙ භූතානං රූපරසාදයො අඤ්ඤමඤ්ඤං විසදිසා හොන්ති, එවං චක්ඛුපසාදාදයො අවිජ්ජමානෙපි අඤ්ඤස්මිං විසෙසකාරණෙ”ති ගහෙතබ්බමෙතං.
එවිට ඔවුන් තව දුරටත් මෙසේ කියනු ඇත. ‘යම්සේ ඒ ඒ ද්‍රව්‍යයන්හි ඒ ඒ මූලධාතුව ඇතිවීමේ හේතුවෙන් පඨවි ආදීන්ගේ දැරිම් ආදී කෘත්‍යයන් කැමැති වන්නහුද (පිළිගන්නහුද) එසේ තේජෝ ගුණ බහුල ද්‍රව්‍යයන් කෙරෙහි රූප ආදිය අධික වශයෙන් දිස්වන හෙයින් එම රූප ආදිය තේජෝ ආදීන්ගේ ගුණයයි කැමැති විය (පිළිගත) යුතුය,’ යනුයි. එවිට ඔවුනට මෙසේ කිවයුතුය; “ඉදින් ආපෝ ගුණ බහුල ආසවයෙහි ගන්ධයට වඩා පඨවිගුණ බහුල කපු පුලුනෙහි බහන ලද ආසවයෙහි ගන්ධය අධිකතර වෙත්හොත්, තේජෝ ගුණ බහුල උණු දියෙහි වර්ණයට වඩා (තේජෝ ගුණයෙන් අඩු ඇල්දියෙහි වර්ණය හීන වෙත් හොත් අපි පිළිගන්නෙමු; මෙකී කරුණු දෙකම එසේ නොවන හෙයින් ආශ්රිත භූතයන් (ධාතූන්) පිළිබඳ වූ මේ විශේෂ කල්පනය අත්හරිනුය’ යනුවෙනි. යම්සේ එක් කලාපයකට අයත් භූතයන් (මූලධාතුන්) ගේ අවිශේෂ (සාමාන්‍ය) බවක් ඇති විය හැකි නමුදු, රූපරසාදිය එකිනෙකට අසමාන වන්නේද, එසේම චක්ඛුප්පසාදාදිය අන් විශේෂ කරුණක් නොමැතිව පවා එකිනෙකට අසමාන වෙතැ’යි යන මෙය පිළිගත යුතුය” යනුයි.
කිං පන තං යං අඤ්ඤමඤ්ඤස්ස අසාධාරණං? කම්මමෙව නෙසං විසෙසකාරණං. තස්මා කම්මවිසෙසතො එතෙසං විසෙසො, න භූතවිසෙසතො. භූතවිසෙසෙ හි සති පසාදොව න උප්පජ්ජති. සමානානඤ්හි පසාදො, න විසමානානන්ති පොරාණා.
එකිනෙකට පොදු නොවන යමක් ඇතොත් ඒ කුමක්ද? චක්ඛුප්පසාදාදිය පිළිබඳ විශේෂ කාරණය නම් කර්මයමැයි, එහෙයින් එම චක්ඛුප්පසාදාදිය පිළිබඳ විශේෂය සිදුවනුයේ කර්ම විශේෂය හේතු කොට ගෙන මිස භූතවිශේෂය හේතුකොට ගෙන නොවේ. “භූත විශේෂය ඇති කල්හි පසාදය (විඳ ගැනීමට නො-උපදියි, පසාදය සිදුවනුයේ සමානයන් පිළිබඳව මිස අසමානයන් පිළිබඳව නොවේ” යයි පුරාණාචාර්යයෝ කීහ.
එවං කම්මවිසෙසතො විසෙසවන්තෙසු ච එතෙසු චක්ඛුසොතානි අසම්පත්තවිසයගාහකානි, අත්තනො නිස්සයං අනල්ලීනනිස්සයෙ එව විසයෙ විඤ්ඤාණහෙතුත්තා. ඝානජිව්හාකායා සම්පත්තවිසයගාහකා, නිස්සයවසෙන චෙව, සයඤ්ච, අත්තනො නිස්සයං අල්ලීනෙයෙව විසයෙ විඤ්ඤාණහෙතුත්තා.
මෙසේ කර්ම විශේෂය හේතුකොට එකිනෙකට වෙනස්වන මේ පසාදයන් අතුරෙන් චක්ඛු, සෝත යන දෙක තමන් වෙත නොපැමිණි විෂයයන් ග්‍රහණය කරන්නේ වේ. තමනට නිශ්‍රය වූ මහාභූතයන් නො ඇලුණු නිශ්‍රය ඇති (රූප-ශබ්ද යන) දෙක විෂයෙහිම විඤ්ඤාණය ඉපැදවීමට හේතුවන හෙයිනි. ඝාන-ජිව්හා-කාය යන තුන තමන් වෙත පැමිණි විෂයයන්ම ග්‍රහණය කරන්නේ වේ; නිශ්‍රය වශයෙන් මෙන්ම තමන්ද තමනටම නිශ්‍රය වූ මහාභූතයන් ඇලුණු නිශ්‍රය ඇති (ගන්ධ-රස ඵොට්ඨබ්බ යන) විෂයයෙහි විඤ්ඤාණය ඉපැදවීමට හේතු වන බැවිනි.
චක්ඛු චෙත්ථ යදෙතං ලොකෙ නීලපඛුමසමාකිණ්ණකණ්හසුක්කමණ්ඩලවිචිත්තං නීලුප්පලදලසන්නිභං චක්ඛූති වුච්චති. තස්ස සසම්භාරචක්ඛුනො සෙතමණ්ඩලපරික්ඛිත්තස්ස කණ්හමණ්ඩලස්ස මජ්ඣෙ අභිමුඛෙ ඨිතානං සරීරසණ්ඨානුප්පත්තිපදෙසෙ සත්තසු පිචුපටලෙසු ආසිත්තතෙලං පිචුපටලානි විය සත්ත අක්ඛිපටලානිබ්යාපෙත්වා ධාරණන්හාපනමණ්ඩනබීජනකිච්චාහි චතූහි ධාතීහි ඛත්තියකුමාරො විය සන්ධාරණබන්ධනපරිපාචනසමුදීරණකිච්චාහි චතූහි ධාතූහි කතූපකාරං උතුචිත්තාහාරෙහි උපත්ථම්භියමානං ආයුනා අනුපාලියමානං වණ්ණගන්ධරසාදීහි පරිවුතං පමාණතො ඌකාසිරමත්තං චක්ඛුවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. වුත්තම්පි චෙතං ධම්මසෙනාපතිනා –
මෙහි චක්ඛු (ඇස) ද, ලෝකයෙහි, නිල්වන් ඇසිපියෙන් ගැවසුණු, කළු සුදු ඉංගිරියාවලින් විසිතුරු වූ, නිලුපුල් පෙති හා සමවූ යමක් ‘චක්ඛු’ යයි වහරනු ලැබේ, එය අවයව සහිත ඇස තුළ සුදු ඉංගිරියාවෙන් වටකරන ලද කළු ඉංගිරියාව මැද, ඉදිරියෙහි සිටියවුන්ගේ සිරුරු සටහන් උපදින (පිළිබිඹු වන) තන්හි, පුළුන් පටල සතක් තුළ තෙල් ගැල් වූ පුළුන් පටලයක් මෙන් අක්ෂිපටල සතක් තුළ පැතිර සිටියි. තවද එය කිරිමවුන් සිවු දෙනකු විසින් දරා (වඩාගෙන) සිටීම, නැහැවීම, සැරැසවීම, පවන් සැලීම යන කාර්යයන් කරමින් උපස්ථාන කරනු ලබන ක්ෂත්රිය කුමාරයකු මෙන් ධාතු සතර විසින් දැරීම, බැඳීම, බිහිකිරීම, සැලීම යන කාර්යයන් කරමින් ඍතු-චිත්ත-ආහාර යන මෙයින් උපකාර කරනු ලබමින්, ආයුෂය විසින් කළමනා කරනු ලබමින්, වර්ණ-ගන්ධ රසදිය විසින් පිරිවරන ලදුව, ප්‍රමාණයෙන් උකුණුහිසක් තරම් ඇතිව, චක්ඛු විඤ්ඤාණාදියට සුදුසු පරිදි වස්තුභාවයද ද්වාරභාවයද සලස්වමින් සිටියි. කියනලද මැයි ධම්මසේනාපතීන් (සැරියුත් තෙරණුවන්) විසින්:-
“යෙන චක්ඛුපසාදෙන, රූපානි මනුපස්සති; පරිත්තං සුඛුමං එතං, ඌකාසිරසමූපම”න්ති.
“යෙන චක්ඛුප්පසාදෙන රූපානිමනුපස්සති පරිත්තං සුඛුමං එතං ඌකාසිරසමූපමන්ති”
යම් චක්ඛුප්පසාදයක් කරණ කොට රූපයන් දක්නේද, ඉතා කුඩාවූ, සියුම් වූ එය උකුණු හිසක් සමාන වේ.
සසම්භාරසොතබිලස්ස අන්තො තනුතම්බලොමාචිතෙ අඞ්ගුලිවෙධකසණ්ඨානෙ පදෙසෙ සොතං වුත්තප්පකාරාහි ධාතූහි කතූපකාරං උතුචිත්තාහාරෙහි උපත්ථම්භියමානං ආයුනා අනුපාලියමානං වණ්ණාදීහි පරිවුතං සොතවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති.
අවයව සහිත (ද්‍රව්‍යමය) කන් සිදුර තුළ, සිහින් තඹවන් ලොම්වලින් ගැවසුණු මුදුවක් වැනි හැඩය ඇති පෙදෙසෙක්හි (පසාද රූපී) සෝතය යටකී ආකාර ඇති ධාතූන් විසින් උපකාර කරනු ලබමින් සෘතු-චිත්ත ආහාරයන් විසින් උපස්ථාන කරනු ලබමින්, ආයුෂය විසින් කළමනාකරනු ලබමින් වර්ණාදිය විසින් පිරිවරන ලදුව සෝත විඤ්ඤාණාදියට සුදුසු වන සේ වස්තුභාවයද ද්වාරභාවයද සලස්වමින් සිටියි.
සසම්භාරඝානබිලස්ස අන්තො අජපදසණ්ඨානෙ පදෙසෙ ඝානං යථාවුත්තප්පකාරුපකාරුපත්ථම්භනානුපාලනපරිවාරං ඝානවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති.
අවයව සහිත නිසා සිදුරු තුළ එළුකුරයක් බඳු හැඩය ඇති තැන, ඝනය යටකී ප්‍රකාර ඇති උපකාර-උපස්ථාන-අනුපාලන-පරිවාරයන්ගෙන් යුක්තව ඝාණ විඤ්ඤාණාදියට සුදුසු වනසේ වස්තුභාවයද, ද්වාරභාවයද සලස්වමින් සිටියි.
සසම්භාරජිව්හාමජ්ඣස්ස උපරි උප්පලදලග්ගසණ්ඨානෙ පදෙසෙ ජිව්හා යථාවුත්තප්පකාරුපකාරුපත්ථම්භනානුපාලනපරිවාරා ජිව්හාවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානා තිට්ඨති.
අවයව සහිත ජීව්හා මධ්‍යයෙහි මහතෙල් පත් අගක් බඳු හැඩය ඇති තැන පිහිටා ඇති ජීව්හාව යටකී ප්‍රකාර ඇති උපකාර-උපස්ථම්භ-අනුපාලන-පරිවාරයන්ගෙන් යුක්තව ජීව්හා විඤ්ඤාණාදියට සුදුසුවන සේ වස්තුභාවයද, ද්වාරභාවයද සලස්වමින් සිටියි.
යාවතා පන ඉමස්මිං කායෙ උපාදිණ්ණරූපං නාම අත්ථි. සබ්බත්ථ කායො කප්පාසපටලෙ ස්නෙහො විය වුත්තප්පකාරුපකාරුපත්ථම්භනානුපාලනපරිවාරොව හුත්වා කායවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානො තිට්ඨති.
යම් පමණ මේ කය තුළ උපාදින්න (ගන්නාලද) රූපයක් ඇත්තේද, ඒ සියලු තන්හි පැතිර ඇති (පසාදරූපී) කාය කපු පුළුන් පටලයෙක්හි තෙලක් මෙන් යටකී ප්‍රකාර ඇති උපකාර-උපස්ථම්භ-අනුපාලන පරිවාරයන්ගෙන් යුක්තව කායවිඤ්ඤාණ ආදියට වස්තුභාවයද, ද්වාරභාවයද සලස්වමින් සිටියි.
වම්මිකඋදකාකාසගාමසිවථිකසඞ්ඛාතසගොචරනින්නා විය ච අහිසුසුමාරපක්ඛීකුක්කුරසිඞ්ගාලාරූපාදිසගොචරනින්නාව එතෙ චක්ඛාදයොති දට්ඨබ්බා.
යම්සේ සප්, කිඹුල්, ලිහිණි, බලු, කැනහිල් යන මොවුන් (පිළිවෙළින්) තුඹස්, දිය, අහස්, ගම්, සොහොන් යන තම තමන්ගේ ගොදුරුබිම් වෙත නැඹුරු වන්නාහුද, එසේම මේ චක්ඛු ආදියද රූපාදී වූ තම තමන්ගේ ගොදුරුබිම් වෙත නැඹුරුව පවතිතැ’යි දතයුතුය.
තතො පරෙසු පන රූපාදීසු චක්ඛුපටිහනනලක්ඛණං රූපං, චක්ඛුවිඤ්ඤාණස්ස විසයභාවරසං , තස්සෙව ගොචරපච්චුපට්ඨානං, චතුමහාභූතපදට්ඨානං. යථා චෙතං තථා සබ්බානිපි උපාදාරූපානි. යත්ථ පන විසෙසො අත්ථි, තත්ථ වක්ඛාම. තයිදං නීලං පීතකන්තිආදිවසෙන අනෙකවිධං.
එම පසාද රූපයන්ගෙන් මතු, (උපාදාය) රූපාදිය අතුරෙන්, රූපය ඇස හා සමග ගැටීම ලක්ෂණ කොට ඇත්තේය, චක්ඛුවිඤ්ඤාණයට විෂය වීම කෘත්‍යය කොට ඇත්තේය, එයටම ගොදුරුවීම වැටහීම් කොට ඇත්තේය, සතර මහා භූතයන් පදනම් කොට ඇත්තේය. මේ චක්ඛු උපාදායය යම්සේද, සියලු උපාදාය රූප එසේය, යම් තැනෙක විශේෂයක් ඇතොත් එය එතැනදී කියමු. එම උපාදාය රූපද නීල, පීතාදී වශයෙන් නොයෙක් ආකාර වේ.
සොතපටිහනනලක්ඛණො සද්දො, සොතවිඤ්ඤාණස්ස විසයභාවරසො, තස්සෙව ගොචරපච්චුපට්ඨානො. භෙරිසද්දො මුදිඞ්ගසද්දොතිආදිනා නයෙන අනෙකවිධො.
(උපාදාය රූපී) ශබ්දය සෝතය හා සමග ගැටීම ලක්ෂණ කොට ඇත්තේය, සෝත විඤ්ඤාණයට විෂය වීම කෘත්‍යය කොට ඇත්තේය, එයටම ගොදුරුවන බව වැටහීම් කොට ඇත්තේය, භේරි ශබ්ද - මෘදඞ්ග ශබ්දාදී වශයෙන් නොයෙක් ආකාර ඇත්තේ වේ,
ඝානපටිහනනලක්ඛණො ගන්ධො, ඝානවිඤ්ඤාණස්ස විසයභාවරසො, තස්සෙව ගොචරපච්චුපට්ඨානො. මූලගන්ධො සාරගන්ධොතිආදිනා නයෙන අනෙකවිධො.
(උපාදාය රූපී) ගන්ධය ඝ්‍රාණය හා සමග ගැටීම ලක්‍ෂණකොට ඇත්තේය, ඝාණ විඤ්ඤාණයට විෂයවීම කෘත්‍යය කොට ඇත්තේය, එයටම ගොදුරුවීම වැටහීම කොට ඇත්තේය, මුල්වල ගන්ධයය, අරටුවෙහි ගන්ධයය ආදී වශයෙන් නොයෙක් ආකාර ඇත්තේය.
ජිව්හාපටිහනනලක්ඛණො රසො, ජිව්හාවිඤ්ඤාණස්ස විසයභාවරසො, තස්සෙව ගොචරපච්චුපට්ඨානො. මූලරසො ඛන්ධරසොතිආදිනා නයෙන අනෙකවිධො.
(උපාදාය රූපී) රසය දිව හා සමග ගැටීම ලක්ෂණ කොට ඇත්තේය, ජීව්හා විඤ්ඤාණයට විෂය වීම කෘත්‍යය කොට ඇත්තේය, එයටම ගොදුරුවීම වැටහීම් කොට ඇත්තේය. මුල්වල රසය, අරටුවෙහි රසය ආදී නයින් නොයෙක් ආකාර ඇත්තේ වේ.
ඉත්ථිභාවලක්ඛණං ඉත්ථින්ද්රියං, ඉත්ථීති පකාසනරසං, ඉත්ථිලිඞ්ගනිමිත්තකුත්තාකප්පානං කාරණභාවපච්චුපට්ඨානං. පුරිසභාවලක්ඛණං පුරිසින්ද්රියං, පුරිසොති පකාසනරසං, පුරිසලිඞ්ගනිමිත්තකුත්තාකප්පානං කාරණභාවපච්චුපට්ඨානං. තදුභයම්පි කායප්පසාදො විය සකලසරීරං බ්යාපකමෙව, න ච කායපසාදෙන ඨිතොකාසෙ ඨිතන්ති වා අට්ඨිතොකාසෙ ඨිතන්ති වාති වත්තබ්බතං ආපජ්ජති, රූපරසාදයො විය අඤ්ඤමඤ්ඤං සඞ්කරො නත්ථි.
ඉත්ථින්ද්රියය ස්ත්‍රී ස්වභාවය ලක්‍ෂණකොට ඇත්තේය, ස්ත්‍රියකැ’යි හැඟවීම කෘත්‍යය කොට ඇත්තේය, ස්ත්‍රීලිඞ්ගය, නිමිත්තය, කාර්යය, ආකල්පය යන මොවුනට හේතුවන බව වැටහීම් කොට ඇත්තේය, පුරිසින්‍ද්‍රියය පුරුෂ ස්වභාවය ලක්ෂණ කොට ඇත්තේය, පුරුෂයෙකැ’යි හැඟවීම කෘත්‍යය කොට ඇත්තේය, පුරුෂ ලිඞ්ගය, නිමිත්තය, කාර්යය, ආකල්පය යන මොවුනට හේතුවන බව වැටහීම් කොට ඇත්තේය, මේ (ඉත්ථිලිඞ්ග, පුරුෂලිඞ්ග) යන දෙකම කායප්පසාදය සෙයින්ම මුළු සිරුර පුරා පැතිර සිටිනුයේම වේ. එහෙත් කායප්පසාදය සිටි තන්හි සිටිති’යි හෝ නොසිටි තන්හි සිටිති’යි හෝ කිවයුතු බවට නොපැමිණේ, රූප, රස ආදිය මෙන් එකිනෙක සංකර (මිශ්‍ර) වීමෙක් නැත.
සහජරූපානුපාලනලක්ඛණං ජීවිතින්ද්රියං, තෙසං පවත්තනරසං, තෙසඤ්ඤෙව ඨපනපච්චුපට්ඨානං, යාපයිතබ්බභූතපදට්ඨානං. සන්තෙපි ච අනුපාලනලක්ඛණාදිම්හි විධානෙ අත්ථික්ඛණෙයෙව තං සහජරූපානි අනුපාලෙති උදකං විය උප්පලාදීනි. යථාසකං පච්චයුප්පන්නෙපි ච ධම්මෙ පාලෙති ධාති විය කුමාරං. සයං පවත්තිතධම්මසම්බන්ධෙනෙව ච පවත්තති නියාමකො විය. න භඞ්ගතො උද්ධං පවත්තති, අත්තනො ච පවත්තයිතබ්බානඤ්ච අභාවා. න භඞ්ගක්ඛණෙ ඨපෙති, සයං භිජ්ජමානත්තා. ඛීයමානො විය වට්ටිස්නෙහො දීපසිඛං. න ච අනුපාලනපවත්තනට්ඨපනානුභාවවිරහිතං, යථාවුත්තක්ඛණෙ තස්ස තස්ස සාධනතොති දට්ඨබ්බං.
ජීවිතින්‍ද්‍රියය තමා හා එක්ව උපන් රූපයන් පිළිබඳ අනුපාලනය (කළමනාකරණය) ලක්ෂණ කොට ඇත්තේය, එම සහජරූපයන් පවත්වා ගැනීම කෘත්‍යය කොට ඇත්තේය, සහජාත රූපයන් තබාගැනීම වැටහීම් කොට ඇත්තේය, තමා විසින් යැපිය යුතු භූතරූපයන් (මූල ධාතූන්) පදනම් කොට ඇත්තේය. අනුපාලන ලක්‍ෂණාදී එම විධානය එසේ පවත්නා කල්හි එම ජීවිතේන්ද්රියය එම සහජරූපයන් විද්‍යමාන වන කල්හිම අනුපාලනය කරයි, ජලය විද්‍යමානවූම උපුල් ආදිය අනුපාලනය කරන්නා සේය. තමා සතු සහජරූපයන් මෙන්ම ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්ද අනුපාලනය කරයි, කිරිමවක් කුමරුවකු පාලනය කරන්නා සේය. තමා විසින්ම පවත්වන ලද ධර්ම සම්බන්ධයෙන්ම පවතියි, නියාමකයකු සේය. බිඳීයාමෙන් මතු නොපවත්වයි, (බිඳීගිය පසු) තමා මෙන්ම තමා විසින් පැවැත්විය යුතු ධර්මයන්ද නැති හෙයිනි. භංගක්ෂණයෙහි (සහජාත රූපයන්) තබා ගැනීමෙක් නැත, තමාද බිඳී යන හෙයිනි. ක්ෂයවී යන පහන්වැටි තෙල් පහන් දැල්ල නොතබන්නා සේය. (එම ජීවිතේන්ද්රිය මෙකී) අනුපාලන-පවත්තන-ඨාපන බලයෙන් තොර වන්නේ නොවේ. කියන ලද පරිදි ඒ ඒ කෙණෙහිදී ඒ ඒ කාර්යයන් සිද්ධ කරන හෙයිනි’යි දතයුතුය.
මනොධාතුමනොවිඤ්ඤාණධාතූනං නිස්සයලක්ඛණං හදයවත්ථු, තාසඤ්ඤෙව ධාතූනං ආධාරණරසං, උබ්බහනපච්චුපට්ඨානං. හදයස්ස අන්තො කායගතාසතිකථායං වුත්තප්පකාරං ලොහිතං නිස්සාය සන්ධාරණාදිකිච්චෙහි භූතෙහි කතූපකාරං උතුචිත්තාහාරෙහි උපත්ථම්භියමානං ආයුනා අනුපාලියමානං මනොධාතුමනොවිඤ්ඤාණධාතූනඤ්චෙව තංසම්පයුත්තධම්මානඤ්ච වත්ථුභාවං සාධයමානං තිට්ඨති.
උපාදාය රූපී හදයවත්ථුව මනෝධාතු, මනෝ විඤ්ඤාණ ධාතූන්හට නිශ්‍රය වීම ලක්ෂණ කොට ඇත්තේය, එම ධාතුන්හටම ආධාර වීම කෘත්‍යය කොට ඇත්තේය. එම ධාතූන්ම උසුලා සිටීම වැටහීම් ආකාර කොට ඇත්තේය. යට කායගතාසති කර්මස්ථාන විස්තර කථාවෙහි කියන ලද පරිදි හෘදයවස්තු අභ්‍යන්තරයෙහි පවත්නා ලෝහිතය ඇසුරුකොට සිටිමින්, සන්ධාරණාදී කෘත්‍යයන් සිදු කරන මූල ධාතූන් විසින් උපකාර කරනු ලබමින්, සෘතු-චිත්ත-ආහාරයන්ගේ පිහිට ලබමින්, ආයුෂය විසින් අනුපාලනය කරනු ලබමින් මනෝධාතු-මනෝවිඤ්ඤාණධාතු යන දෙකට හා සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයනටද වස්තු (වාසස්ථාන) භාවය සපයමින් සිටියි.
අභික්කමාදිපවත්තකචිත්තසමුට්ඨානවායොධාතුයා සහජරූපකායථම්භනසන්ධාරණචලනස්ස පච්චයො ආකාරවිකාරො කායවිඤ්ඤත්ති, අධිප්පායපකාසනරසා, කායවිප්ඵන්දනහෙතුභාවපච්චුපට්ඨානා, චිත්තසමුට්ඨානවායොධාතුපදට්ඨානා. සා පනෙසා කායවිප්ඵන්දනෙන අධිප්පායවිඤ්ඤාපනහෙතුත්තා, සයඤ්ච තෙන කායවිප්ඵන්දනසඞ්ඛාතෙන කායෙන විඤ්ඤෙය්යත්තා “කායවිඤ්ඤත්තී”ති වුච්චති. තාය ච පන චලිතෙහි චිත්තජරූපෙහි අභිසම්බන්ධානං උතුජාදීනම්පි චලනතො අභික්කමාදයො පවත්තන්තීති වෙදිතබ්බා.
ඉදිරියට යාම් ආදී ක්‍රියාවන් පැවැත්වීමේ සිතින් හටගත්, වායෝ ධාතුවෙන් සහජාත රූපකායයන් දැඩිවීමට, දැරීමට හා සැලීමට හේතුවන ආකාර විකාර ලක්ෂණය කාය විඤ්ඤත්තියයි, එය අභිප්‍රාය ප්රකාශනය කෘත්‍යයකොට ඇත්තේය, කය සෙලවීමට හේතුවන බව වැටහීම් කොට ඇත්තේය. සිතින් හටගත් වායෝධාතුව පදට්ඨාන කොට ඇත්තේය. එම කායවිඤ්ඤත්තිය වනාහි කය සැලීම අභිප්‍රාය හැඟවීමට හේතුවන හෙයින්ද, තමාද එම කායවිප්ඵන්දන සංඛ්‍යාත කයින්ම දතයුතු වන හෙයින්ද ‘කායවිඤ්ඤත්තිය’යි කියනු ලැබේ. එම කායවිඤ්ඤත්තියෙන් සැලුණ චිත්තජරූපයන් හා සමග බැඳුණ ඍතු ගුණයන්ගේද සැලීමෙන් අභික්‍රම පටික්කම (ඉදිරියට පස්සට යාම්) ආදිය සිදුවෙති’යි දතයුතුය.
වචීභෙදපවත්තකචිත්තසමුට්ඨානපථවීධාතුයා උපාදිණ්ණඝට්ටනස්ස පච්චයො ආකාරවිකාරො වචීවිඤ්ඤත්ති, අධිප්පායප්පකාසනරසා, වචීඝොසහෙතුභාවපච්චුපට්ඨානා, චිත්තසමුට්ඨානපථවීධාතුපදට්ඨානා. සා පනෙසා වචීඝොසෙන අධිප්පායවිඤ්ඤාපනහෙතුත්තා, සයඤ්ච තාය වචීඝොසසඞ්ඛාතාය වාචාය විඤ්ඤෙය්යත්තා “වචීවිඤ්ඤත්තී”ති වුච්චති. යථා හි අරඤ්ඤෙ උස්සාපෙත්වා බන්ධගොසීසාදිඋදකනිමිත්තං දිස්වා උදකමෙත්ථ අත්ථීති විඤ්ඤායති, එවං කායවිප්ඵන්දනඤ්චෙව වචීඝොසඤ්ච ගහෙත්වා කායවචීවිඤ්ඤත්තියොපි විඤ්ඤායන්ති.
වාග්භේදය (එකිනෙකට වෙනස් වචන භාවිතය) පවත්වන සිතින් හටගත්, පඨවි ධාතුව විසින් අල්ලා ගන්නාලද දෙය හා සමග ගැටීමට හේතුවන ආකාර විකාර ලක්ෂණය වචී විඤ්ඤත්තියයි, එය අභිප්‍රාය ප්රකාශනය කෘත්‍යය කොට ඇත්තේය, වාක්ශබ්දයට හේතුවන බව වැටහීම් කොට ඇත්තේය, චිත්තයෙන් හටගන්නා පඨවිධාතුව පදට්ඨාන කොට ඇත්තේය. එම වචීවිඤ්ඤත්තිය වාක්ශබ්දයෙන් අභිප්‍රාය හැඟවීමට හේතුවන හෙයින්ද, තමාද එම වාක්ශබ්ද සංඛ්‍යාත වචනයෙන් දතයුතු වන හෙයින්ද ‘වචී විඤ්ඤත්ති’ යයි කියනු ලැබේ. යම්සේ ජලය ඇති බව හඟවනු පිණිස වනයෙහි ඔසවා බඳනා ලද සඳුන් රිකිලි ආදිය දැක ‘මෙහි ජලය ඇතැ’යි දැනගැනීම වන්නේද, එසේම කායවිප්ඵන්දනය (කය සැලීම) ද වාක් ශබ්දය ද ගෙන (පිළිවෙළින්) ‘කාය විඤ්ඤත්ති’ - ‘වචී විඤ්ඤත්ති’ යන දෙක දන්නා ලැබේ.
රූපපරිච්ඡෙදලක්ඛණා ආකාසධාතු, රූපපරියන්තප්පකාසනරසා, රූපමරියාදාපච්චුපට්ඨානා, අසම්ඵුට්ඨභාවච්ඡිද්දවිවරභාවපච්චුපට්ඨානා වා, පරිච්ඡින්නරූපපදට්ඨානා. යාය පරිච්ඡින්නෙසු රූපෙසු ඉදමිතො උද්ධමධො තිරියන්ති ච හොති.
(උපාදාය රූපී) ආකාසධාතුව රූපයන් පිරිසිඳීම ලක්‍ෂණකොට ඇත්තේය, රූප කෙළවර සීමාව ප්‍රකාශ කිරීම කෘත්‍යය කොට ඇත්තේය, රූප සීමාව වැටහීම් ආකාර කොට ඇත්තේය, නැතහොත් ස්පර්ශ නොකරන ලද බව, විවර බව, සිදුරු සහිත බව ආදිය වැටහීම් ආකාර කොට ඇත්තේය. පිරිසිඳින ලද රූපයන් පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය. එම ආකාසධාතුවෙන් රූපයන් පිරිසිඳි කල්හි, ‘මෙය මෙයට උඩිනි, යටිනි, සරසිනි’යි යන හැඟීම වේ.
අදන්ධතාලක්ඛණා රූපස්ස ලහුතා, රූපානං ගරුභාවවිනොදනරසා, ලහුපරිවත්තිතාපච්චුපට්ඨානා, ලහුරූපපදට්ඨානා. අථද්ධතාලක්ඛණා රූපස්ස මුදුතා, රූපානං ථද්ධභාවවිනොදනරසා, සබ්බකිරියාසු අවිරොධිතාපච්චුපට්ඨානා, මුදුරූපපදට්ඨානා. සරීරකිරියානුකූලකම්මඤ්ඤභාවලක්ඛණා රූපස්ස කම්මඤ්ඤතා, අකම්මඤ්ඤතාවිනොදනරසා, අදුබ්බලභාවපච්චුපට්ඨානා, කම්මඤ්ඤරූපපදට්ඨානා.
(උපාදායරූපී) රූපස්ස ලහුතාව සැහැල්ලුබව ලක්‍ෂණකොට ඇත්තේය, රූපයන්ගේ ගුරුබව (බරබව) දුරු කිරීම කෘත්‍යය කොට ඇත්තේය, යුහුව ක්‍රියාකාරීවීම වැටහීම් කොට ඇත්තේය, සැහැල්ලු රූපයන් පදනම්කොට ඇත්තේය. රූපස්ස මුදුතාව (එනම් උපාදාය) තද නොවන බව ලක්ෂණ කොට ඇත්තේය. රූපයන්ගේ දැඩිබව දුරු කිරීම කෘත්‍යය කොට ඇත්තේය, සියලු ක්‍රියා විෂයයෙහි මුදු බව වැටහීම් කොට ඇත්තේය, මෘදු රූපයන් පදනම් කොට ඇත්තේය. ‘රූපස්ස කම්මඤ්ඤතා’ උපාදායය ශරීර ක්‍රියාවනට අනුකූලව කර්මණ්යකෘත්යය කොට ඇත්තේය, දුබල නොවන බව වැටහීම් කොට ඇත්තේය, කර්මණ්යරූපයන් පදනම් කොට ඇත්තේය.
එතා පන තිස්සො න අඤ්ඤමඤ්ඤං විජහන්ති, එවං සන්තෙපි යො අරොගිනො විය රූපානං ලහුභාවො අදන්ධතා ලහුපරිවත්තිප්පකාරො රූපදන්ධත්තකරධාතුක්ඛොභපටිපක්ඛපච්චයසමුට්ඨානො, සො රූපවිකාරො රූපස්ස ලහුතා. යො පන සුපරිමද්දිතචම්මස්සෙව රූපානං මුදුභාවො සබ්බකිරියාවිසෙසෙසු වසවත්තනභාවමද්දවප්පකාරො රූපත්ථද්ධත්තකරධාතුක්ඛොභපටිපක්ඛපච්චයසමුට්ඨානො, සො රූපවිකාරො රූපස්ස මුදුතා. යො පන සුදන්තසුවණ්ණස්සෙව රූපානං කම්මඤ්ඤභාවො සරීරකිරියානුකූලභාවප්පකාරො සරීරකිරියානං අනනුකූලකරධාතුක්ඛොභපටිපක්ඛපච්චයසමුට්ඨානො, සො රූපවිකාරො රූපස්ස කම්මඤ්ඤතාති එවමෙතාසං විසෙසො වෙදිතබ්බො.
මෙකී (රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා යන) තුන එකිනෙක නොහරියි, මෙසේ වුවද - රෝග නැත්තකුගේ මෙන් රූපයන් පිළිබඳ යම් ලුහුබවක්, මොට නොවන බවක්, යුහුව ක්‍රියාකාරී වන ආකාරයක්, රූපයන් පිළිබඳ මොට බව ඇති කරන ධාතුන්ගේ කැළඹීමට ප්රතිපක්ෂ හේතූන්ගේ නැගීමෙක් වේද, එම රූප විකාරය ‘රූපස්ස ලහුතා’යි මැනවින් පදම් කරන ලද සමෙක මෙන් රූපයන් පිළිබඳ යම් මුදු බවක්, සියලු ක්‍රියා විශේෂයන් වශයෙහි පවත්වන (හුරුබුහුටි) බවක්, මටසිලුටු ආකාරයක්, රූපයන්ගේ දැඩිබව ඇතිකරන ධාතූන්ගේ කැළඹීමට ප්රතිපක්ෂ හේතූන්ගේ නැගීමෙක් වේද, එම රූපවිකාරය ‘රූපස්ස මුදුතායි මැනවින් පිරිසුදු කරන ලද ස්වර්ණයෙහි මෙන් රූපයන් පිළිබඳ යම් කර්මයෝග්යතාවක්, ශරීර ක්‍රියාවනට අනුකූල වීමේ ප්‍රකාරයක්, ශරීර ක්‍රියාවන්ගේ අනනුකූල බව ඇති කරන ධාතූන්ගේ කැළඹීමට ප්රතිපක්ෂ හේතූන්ගේ නැගීමෙක් වේද, එම රූපවිකාරය ‘රූපස්ස කම්මඤ්ඤතා’යි මෙසේ මේ ‘රූපස්සලහුතා’ ආදීන් පිළිබඳ විශේෂය දතයුතුය.
ආචයලක්ඛණො රූපස්ස උපචයො, පුබ්බන්තතො රූපානං උම්මුජ්ජාපනරසො, නිය්යාතනපච්චුපට්ඨානො, පරිපුණ්ණභාවපච්චුපට්ඨානො වා, උපචිතරූපපදට්ඨානො. පවත්තිලක්ඛණා රූපස්ස සන්තති, අනුප්පබන්ධනරසා, අනුපච්ඡෙදපච්චුපට්ඨානා, අනුප්පබන්ධකරූපපදට්ඨානා. උභයම්පෙතං ජාතිරූපස්සෙවාධිවචනං, ආකාරනානත්තතො පන වෙනෙය්යවසෙන ච “උපචයො සන්තතී”ති උද්දෙසදෙසනා කතා. යස්මා පනෙත්ථ අත්ථතො නානත්තං නත්ථි, තස්මා ඉමෙසං පදානං නිද්දෙසෙ “යො ආයතනානං ආචයො, සො රූපස්ස උපචයො. යො රූපස්ස උපචයො, සා රූපස්ස සන්තතී”ති (ධ· ස· 641-642) වුත්තං. අට්ඨකථායම්පි “ආචයො නාම නිබ්බත්ති, උපචයො නාම වඩ්ඪි, සන්තති නාම පවත්තී”ති (ධ· ස· අට්ඨ· 641) වත්වා “නදීතීරෙ ඛතකූපකම්හි උදකුග්ගමනකාලො විය ආචයො නිබ්බත්ති, පරිපුණ්ණකාලො විය උපචයො වඩ්ඪි, අජ්ඣොත්ථරිත්වා ගමනකාලො විය සන්තති පවත්තී”ති (ධ· ස· අට්ඨ· 641) උපමා කතා.
‘රූපස්ස උපචය’ උපාදායය එක්රැස් වීම ලක්ෂණ කොට ඇත්තේය, ප්‍රථමයෙන් රූපයන් මතුකරවීම (ප්‍රකට කරවීම) කෘත්‍යය කොට ඇත්තේය. ඉදිරියට එළඹවීම වැටහීම් කොට ඇත්තේය, නොහොත් පිරිපුන් බවට යාම වැටහීම් කොට ඇත්තේය, වැඩීගිය එම රූපයම පදනම් කොට ඇත්තේය. ‘රූපස්ස සන්තති’ උපාදායය පැවතීම ලක්ෂණ කොට ඇත්තේය. අනුපිළිවෙළින් ගැලපීම කෘත්‍යය කොට ඇත්තේය, නොසිඳී පවතින බව වැටහීම් කොට ඇත්තේය. අනුපිළිවෙළින් එකිනෙක ගලපන රූපයන්ම පදනම් කොට ඇත්තේය. මෙම (‘රූපස්ස උපචය’, ‘රූපස්ස සන්තති’ යන) දෙකම ජාති (උපදනා) රූපයටම අධිවචනයි, ආකාර නානත්ව හේතුවෙන්ද, වෛනේය විශේෂත්ව වශයෙන්ද ‘උපචය’ ‘සන්තති’ යනුවෙන් දෙකක් ලෙස උද්දේස (ඉගෙනීම පිණිස මාතෘකා) කොට සංක්ෂේප දේශනා කරන ලදි. මෙහි අර්ත්ථ වශයෙන් නානත්වයක් නැති හෙයින්ම මේ පද දෙක නිද්දේස (සවිස්තර) කොට දැක්වීමෙහිදී, “යො ආයතනානං ආචයො, සෝ රූපස්ස උපචයො, යො රූපස්ස උපචයො සො ‘රූපස්ස සන්තති’ (ආයතනයන්ගේ යම් එක්රැස් වීමෙක් වේද එය රූපස්ස උපචය’ නමි, රූපයන්ගේ යම් වැඩීයාමක් වේද එය ‘රූපස්ස සන්තති’ මැයි) කියන ලදි. අටුවායෙහිද ‘ආචය’ නම් ඉපැදීමයි, ‘උපචය’ නම් වැඩීයාමයි, සන්තති නම් පැවැත්මයයි කියා, “ආචය” යනු ගංතෙරෙක කනින ලද ලිඳෙක පළමුවෙන්ම ජලය උනන කාලය වැනිය, ‘උපචය’ යනු, ලිඳ පිරීගිය කාලය වැනිය. ‘සන්තති’ යනු, එහි ජලය උතුරා යන කාලය වැනිය’යි උපමා කරන ලදි.
උපමාවසානෙ ච “එවං කිං කථිතං හොති? ආයතනෙන ආචයො කථිතො, ආචයෙන ආයතනං කථිත”න්ති වුත්තං. තස්මා යා රූපානං පඨමාභිනිබ්බත්ති, සා ආචයො. යා තෙසං උපරි අඤ්ඤෙසම්පි නිබ්බත්තමානානං නිබ්බත්ති, සා වඩ්ඪිආකාරෙන උපට්ඨානතො උපචයො. යා තෙසම්පි උපරි පුනප්පුනං අඤ්ඤෙසං නිබ්බත්තමානානං නිබ්බත්ති, සා අනුපබන්ධාකාරෙන උපට්ඨානතො සන්තතීති ච පවුච්චතීති වෙදිතබ්බා.
උපමා කොට අවසන්හි, “මෙසේ කුමක් කියන ලද්දේද? ‘ආයතන’ යනුවෙන් (රූපයන්ගේ) ‘ආචය’ හෙවත් ඉපැදීම කියනලදි, ‘ආචය’ යනුවෙන් ආයතනය කියන ලදැ’යි පවසන ලදි. එහෙයින් රූපයන්ගේ යම් පළමු හට ගැනීමෙක් වේද එය ‘ආචය’යිද, ඉන් ඉක්බිති උපදින රූපයන්ගේ යම් හටගැනීමෙක් වේද එය වැඩී යාමක් ලෙසින් එළඹෙන හෙයින් ‘උපචය’යිද, ඉනුදු ඉක්බිති යලි යලිත් උපදින අනෙක් අනෙක් රූපයන්ගේ යම් හටගැන්මෙක් වේද, එය එකිනෙක අනුපිළිවෙළින් එළඹෙන හෙයින් ‘සන්තති’ යයිද කියනු ලැබෙති’යි දතයුතුය.
රූපපරිපාකලක්ඛණා ජරතා, උපනයනරසා, සභාවානපගමෙපි නවභාවාපගමපච්චුපට්ඨානා වීහිපුරාණභාවො විය, පරිපච්චමානරූපපදට්ඨානා. ඛණ්ඩිච්චාදිභාවෙන දන්තාදීසු විකාරදස්සනතො ඉදං පාකටජරං සන්ධාය වුත්තං. අරූපධම්මානං පන පටිච්ඡන්නජරා නාම හොති, තස්සා එස විකාරො නත්ථි, යා ච පථවී උදකපබ්බතචන්දිමසූරියාදීසු අවීචිජරා නාම.
රූපස්ස ජරතා උපාදායය රූපයන්ගේ මුහුකළ බව ලක්ෂණ කොට ඇත්තේය. රූපයන් පරිහාණිය කරා ගෙනයාම කාත්‍යය කොට ඇත්තේය, (ආවේණික) ස්වභාවය නො-ඉකුත්ව තිබියදීම වී පරණ වන්නාසේ නවතාව ඉකුත්ව යාම වැටහීම් කොට ඇත්තේය, පරිපාකයට පමුණුවනු ලබන රූපධර්මයන්ම පදනම් කොට ඇත්තේය; දත්වල කඩතොලු බව ඇතිවීමෙන් විකාර දර්ශන ඇතිවීම් වශයෙනි, මෙය ප්‍රකට ජරාව සඳහා කියන ලදි. අරූප ධර්මයන් පිළිබඳව වනාහි ‘පටිච්ඡන්න’ නම් ජරාව වේ; එම අරූපධර්මයන් පිළිබඳ ජරාවෙහි මේ ආකාර වූ විකාරයෙක් නැත; පෘථිවී, ජල, පර්වත, චන්ද්‍ර, සූර්ය ආදියෙහි ඇති වන යම් ජරාවක් වේද එය ‘අවිචි (නිරන්තර) ජරා’ නම්වේ.
පරිභෙදලක්ඛණා රූපස්ස අනිච්චතා, සංසීදනරසා, ඛයවයපච්චුපට්ඨානා, පරිභිජ්ජමානරූපපදට්ඨානා.
රූපස්ස අනිච්චතා උපාදායය රූපධර්මයන්ගේ බිඳී යාම ලක්ෂණ කොට ඇත්තේය, එම රූපධර්මයන්ගේ සම්පූර්ණ විනාශය කෘත්‍යය කොට ඇත්තේය, ක්ෂය-ව්‍යය (ගෙවීයාම හා වැයවීම) යන දෙක වැටහීම් කොට ඇත්තේය, බිඳී යාමට ලක්වන රූපයම පදනම්කොට ඇත්තේය.
ඔජාලක්ඛණො කබළීකාරො ආහාරො, රූපාහරණරසො, උපත්ථම්භනපච්චුපට්ඨානො, කබළං කත්වා ආහරිතබ්බවත්ථුපදට්ඨානො. යාය ඔජාය සත්තා යාපෙන්ති, තස්සා එතං අධිවචනං.
කබලිඞ්කාරාහාර උපාදාය ඕජස ලක්‍ෂණකොට ඇත්තේය. ද්‍රව්‍යමය රූපය පවත්වාගෙන යාම කෘත්‍යය කොට ඇත්තේය. ශක්තිය සැපයීම වැටහීම්කොට ඇත්තේය, කැබලිකොට ආහාරයට ගතයුතු වස්තූන් පදනම්කොට ඇත්තේය. යම් ඕජාවෙකින් (ද්‍රව්‍යමය රසයෙකින්) සත්ත්වයෝ යැපෙත්ද, එයට මේ අධිවචනයි.
ඉමානි තාව පාළියං ආගතරූපානෙව. අට්ඨකථායං පන බලරූපං සම්භවරූපං ජාතිරූපං රොගරූපං එකච්චානං මතෙන මිද්ධරූපන්ති එවං අඤ්ඤානිපි රූපානි ආහරිත්වා “අද්ධා මුනීසි සම්බුද්ධො, නත්ථි නීවරණා තවා”තිආදීනි (සු· නි· 546) වත්වා මිද්ධරූපං තාව නත්ථියෙවාති පටික්ඛිත්තං. ඉතරෙසු රොගරූපං ජරතාඅනිච්චතාග්ගහණෙන ගහිතමෙව, ජාතිරූපං උපචයසන්තතිග්ගහණෙන, සම්භවරූපං ආපොධාතුග්ගහණෙන, බලරූපං වායොධාතුග්ගහණෙන ගහිතමෙව. තස්මා තෙසු එකම්පි විසුං නත්ථීති සන්නිට්ඨානං කතං.
මේ වනාහි පෙළෙහි ආ රූපයෝය. අටුවායෙහි වනාහි බලරූපය, සම්භවරූපය, ජාතිරූපය, රෝගරූපය හා ඇතැමකුගේ (අභයගිරිකයන්) මතයට අනුව මිද්ධරූපයයි අන්‍යවූද රූපයක් ගෙනහැර දක්වා, “අද්ධා මුනී’සි සම්බුද්ධො නත්ථිනීවරණා තව” (ඒකාන්තයෙන් සම්බුද්ධ මුනිවන්නාහුය, ඔබ වෙත නීවරණයෝ නැත්තාහ) යන ආදිය පවසා ‘මිද්ධ’ නම් උපාදාරූපයක් නැත්තේමයයි පළමුකොටම ප්‍රතික්ෂේප කරන ලදි. මෙකී අනෙක් රූපයන් අතුරෙන් රෝග රූපය ‘රූපස්ස ජරතා, රූපස්ස අනිච්චතා’ යනුවෙන් ගන්නා ලද්දේමය; තවද ජාතිරූපය ‘උපචය, සන්තති’ යනුවෙන්ද, සම්භව රූපය ආපෝධාතු වශයෙන්ද, බලරූපය වායෝධාතු වශයෙන්ද, ගන්නා ලද්දේම වේ.
ඉති ඉදං චතුවීසතිවිධං උපාදාරූපං පුබ්බෙ වුත්තං චතුබ්බිධං භූතරූපඤ්චාති අට්ඨවීසතිවිධං රූපං හොති අනූනමනධිකං.
එහෙයින් එකී රූපයන් අතුරෙන් විශේෂකොට ගතහැකි එකකුදු නැතැ’යි අවධාරණය කරන ලදි. මෙසේ සූවිස්සක් වූ මේ උපාදාරූපද, පෙරාතුව කියන ලද සිවුවැදෑරුම් භූත රූපදැ’යි යනුවෙන් රූපස්කන්ධය අඩුවැඩි නැතිව අටවිසි වැදෑරුම් වේ.
තං සබ්බම්පි න හෙතු අහෙතුකං හෙතුවිප්පයුත්තං සප්පච්චයං ලොකියං සාසවමෙවාතිආදිනා නයෙන එකවිධං.
ඒ සියලු (අටවිසිවැදෑරුම්) රූපස්කන්ධය සහෙතුය (තමා ලෝභාදී මූල හේතු නොවීම, අහෙතුකය (තමාටද හේතුවන දෙයක් නොමැති බව), හෙතුවිප්පයුත්තය (හේතුවකින් තොර වීම), සප්පච්චයය (ප්‍රත්‍යයන් හා සමග පැවතීම), ලොකියය (ලෞකික බව. සාසවය (ආශ්රවයනට අරමුණු වන බව) ආදී වශයෙන් එක්වැදෑරුම් වේ.
අජ්ඣත්තිකං බාහිරං, ඔළාරිකං සුඛුමං, දූරෙ සන්තිකෙ, නිප්ඵන්නං අනිප්ඵන්නං, පසාදරූපං නපසාදරූපං, ඉන්ද්රියං අනින්ද්රියං, උපාදිණ්ණං අනුපාදිණ්ණන්තිආදිවසෙන දුවිධං.
අභ්‍යන්තර-බාහිර වශයෙන්ද, ඖදාරික-සූක්ෂ්ම වශයෙන්ද, දුර - සන්තික වශයෙන්ද, නිෂ්පන්න - අනිෂ්පන්න වශයෙන්ද, පසාදරූප - නප්පසාදරූප වශයෙන්ද, ඉන්ද්රිය - අනින්ද්රිය වශයෙන්ද, උපාදින්න - අනුපාදින්න වශයෙන්ද, යන ආදී වශයෙන් දෙවැදෑරුම් වේ.
තත්ථ චක්ඛාදිපඤ්චවිධං අත්තභාවං අධිකිච්ච පවත්තත්තා අජ්ඣත්තිකං, සෙසං තතො බාහිරත්තා බාහිරං. චක්ඛාදීනි නව ආපොධාතුවජ්ජිතා තිස්සො ධාතුයො චාති ද්වාදසවිධං ඝට්ටනවසෙන ගහෙතබ්බතො ඔළාරිකං, සෙසං තතො විපරීතත්තා සුඛුමං. යං සුඛුමං තදෙව දුප්පටිවිජ්ඣසභාවත්තා දූරෙ, ඉතරං සුප්පටිවිජ්ඣසභාවත්තා සන්තිකෙ. චතස්සො ධාතුයො, චක්ඛාදීනි තෙරස, කබළීකාරාහාරො චාති අට්ඨාරසවිධං රූපං පරිච්ඡෙදවිකාරලක්ඛණභාවං අතික්කමිත්වා සභාවෙනෙව පරිග්ගහෙතබ්බතො නිප්ඵන්නං, සෙසං තබ්බිපරීතතාය අනිප්ඵන්නං. චක්ඛාදිපඤ්චවිධං රූපාදීනං ගහණපච්චයභාවෙන ආදාසතලං විය විප්පසන්නත්තා පසාදරූපං, ඉතරං තතො විපරීතත්තා නපසාදරූපං. පසාදරූපමෙව ඉත්ථින්ද්රියාදිත්තයෙන සද්ධිං අධිපතියට්ඨෙන ඉන්ද්රියං, සෙසං තතො විපරීතත්තා අනින්ද්රියං. යං කම්මජන්ති පරතො වක්ඛාම, තං කම්මෙන උපාදිණ්ණත්තා උපාදිණ්ණං, සෙසං තතො විපරීතත්තා අනුපාදිණ්ණං.
එහි චක්ඛු ආදී පංචකය ආත්මභාවය උදෙසා පවත්නා හෙයින් අජ්ඣත්තික නම්වේ. සෙසු තෙවිසි වැදෑරුම් රූපය ආත්මභාවයෙන් බැහැරවූ හෙයින් බාහිර නම්වේ. චක්ඛු ආදී (රසය අවසන් කොට ඇති) නවයද, ආපෝධාතුව හැර ඉතිරි ධාතු තුනදැ’යි යන දොළොස (විෂය - විෂයී) ගැටීම් වශයෙන් ගතයුතු වන හෙයින් ‘ඕළාරික’ නම්වේ. ඉතිරි සොළොස එසේ නොවන හෙයින් ‘සුඛුම’ නම්වේ, යමක් සුඛුම (සියුම්) වේද, එය දුරවබෝධය ස්වභාව ඇති හෙයින් ‘දූර’ නම්වේ, ඉතිරි දොළොස සුබෝධ්ය ස්වභාව ඇති හෙයින් ‘සන්තික’ නම්වේ. ධාතු සතරද, චක්ඛූ ආදීවූ (හදය වත්ථුරූපය තෙක්) තෙළසද කබලිංකාරාහාරයදැ’යි යන අටළොස් වැදෑරුම් රූපය පිරිසිඳීම්, වෙනස්වීම් ලක්ෂණ කොට ඇති බව ඉක්මවා ස්වභාව වශයෙන්ම ගතයුතු වන හෙයින් ‘නිෂ්පන්න’ නම්වේ, ඉතිරි දසය එයට වෙනස්වන හෙයින් ‘අනිෂ්පන්න’ නම්වේ. චක්ඛු ආදි පස රූපාදිය ගැනීමට ප්‍රත්‍යය වීමෙන් කැටපත් තලයක් මෙන් පැහැදිලි වන හෙයින් පසාද රූප නම් වේ. ඉතිරි තෙවිස්ස එයට විපරීත වන හෙයින් නප්පසාදරූප නම්වේ. එම පසාදරූප පස අධිපති අර්ත්ථයෙන් ඉත්‍ථින්‍ද්‍රිය ආදී තුනද සමග ‘ඉන්ද්රිය’ නම් වේ. ඉතිරි විස්ස එයට විපරීත වන හෙයින් ‘අනින්ද්රිය’ නම්වේ. යම් රූපයක් ‘කම්මජ’ යයි මෙහි මතු පවසන්නමෝද එය කර්මය විසින් ගන්නා ලද හෙයින් ‘උපාදින්න’ නම්වේ. ඉතිරිය එයට විපරීත වන හෙයින් ‘අනුපාදින්න’ නම්වේ.
පුන සබ්බමෙව රූපං සනිදස්සනකම්මජාදීනං තිකානං වසෙන තිවිධං හොති. තත්ථ ඔළාරිකෙ රූපං සනිදස්සනසප්පටිඝං, සෙසං අනිදස්සනසප්පටිඝං. සබ්බම්පි සුඛුමං අනිදස්සනඅප්පටිඝං. එවං තාව සනිදස්සනත්තිකවසෙන තිවිධං. කම්මජාදිත්තිකවසෙන පන කම්මතො ජාතං කම්මජං, තදඤ්ඤපච්චයජාතං අකම්මජං, නකුතොචිජාතං නෙව කම්මජං නාකම්මජං. චිත්තතො ජාතං චිත්තජං, තදඤ්ඤපච්චයජාතං අචිත්තජං, නකුතොචිජාතං නෙව චිත්තජං නාචිත්තජං, ආහාරතො ජාතං ආහාරජං, තදඤ්ඤපච්චයජාතං අනාහාරජං, නකුතොචිජාතං නෙව ආහාරජං නඅනාහාරජං. උතුතො ජාතං උතුජං, තදඤ්ඤපච්චයජාතං අනුතුජං, නකුතොචිජාතං නෙව උතුජං නඅනුතුජන්ති එවං කම්මජාදිත්තිකවසෙන තිවිධං.
තවද සකලවිධවූම රූපය ‘සනිදස්සන’ යනුවෙන්ද, ‘කම්මජ’ යනුවෙන්ද ඇරඹෙන ත්රිකයන්ගේ අනුසාරයෙන් ත්‍රිවිධ වේ. එහි ඕළාරික රූපයන් අතරින් රූප (උපාදා) ය ‘සනිදස්සනසප්පටිඝ’ (දැකිය හැකි, ගැටීම් සහිත) වේ. සෙසු ඕළාරික රූප එකොළොස අනිදස්සන-සප්පටිඝ (නොදැකිය හැකි, ගැටීම් සහිත) වේ. සියලු සුඛුම රූප සොළස අනිදස්සන - අප්පටිඝයි. මෙසේ සනිදස්සනාදී වශයෙන් ත්‍රිවිධ වේ. කම්මජාදී ත්‍රික වශයෙන් වනාහි, කර්මයෙන් උපන් රූපය (ඉන්ද්රිය රූප අට හා හදය වත්ථූ රූපය) ‘කම්මජ’ වේ. කර්මය හැර (සෘතු ආදී) අනෙකක් ප්‍රත්‍යය කොට නිපන් රූපය ‘අකම්මජ’ වේ, කිසිවෙකින් නූපන් රූපය ‘නේව කම්මජ - නාකම්මජ’ වේ. සිතින් උපන් රූපය ‘චිත්තජ’යි, සිත හැර අනෙකක් ප්‍රත්‍යය කොට උපන් රූපය ‘අචිත්තජ’ යි, කිසිවෙකින් නූපන් රූපය ‘නෙවචිත්තජනාචිත්තජයි, ආහාරයෙන් උපන් රූපය ‘ආහාරජ’යි, ආහාරය හැර අනෙකක් ප්‍රත්‍යය කොට උපන් රූපය ‘අනාහාරජ’ යි, කිසිවෙකින් නූපන් රූපය ‘නේව ආහරජ-න අනාහාරජ’යි සෘතු හේතුවෙන් උපන් රූපය ‘උතුජ’යි, අනෙකක් ප්‍රත්‍යය කොට උපන් රූපය ‘අනූතුජ’යි. කිසිවෙකින් නූපන් රූපය ‘නෙව උතුජ-න අනුතුජයි; මෙසේ කම්මජාදී ත්‍රික වශයෙන් ත්‍රිවිධ වේ.
පුන දිට්ඨාදිරූපරූපාදිවත්ථාදිචතුක්කවසෙන චතුබ්බිධං. තත්ථ රූපායතනං දිට්ඨං නාම දස්සනවිසයත්තා, සද්දායතනං සුතං නාම සවනවිසයත්තා, ගන්ධරසඵොට්ඨබ්බත්තයං මුතං නාම සම්පත්තගාහකඉන්ද්රියවිසයත්තා, සෙසං විඤ්ඤාතං නාම විඤ්ඤාණස්සෙව විසයත්තාති එවං තාව දිට්ඨාදිචතුක්කවසෙන චතුබ්බිධං.
තවද ‘දිට්ඨ’ යනුවෙන්ද, ‘රූපරූප’ යනුවෙන්ද, ‘වත්ථු’ යනුවෙන්ද ඇරඹෙන ඒ ඒ චතුෂ්කයන්ගේ වශයෙන් චතුර්විධ වේ. එහි රූපායතනය දර්ශනයට විෂය වන හෙයින් දිට්ඨ නමි. සද්දායතනය ශ්‍රවණයට විෂය වන හෙයින් සුත නමි. ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන ආයතන තුන තමා වෙත පැමිණි දෙයක් ග්‍රහණය කරන ඉන්ද්රියයනට විෂය වන හෙයින් මුත නමි. සෙසු රූප විඤ්ඤාණයටම විෂය වන හෙයින් විඤ්ඤාත නමි; මෙසේ දිට්ඨාදී චතුෂ්ක වශයෙන් සිවුවැදෑරුම් වේ.
නිප්ඵන්නරූපං පනෙත්ථ රූපරූපං නාම, ආකාසධාතු පරිච්ඡෙදරූපං නාම, කායවිඤ්ඤත්තිආදි කම්මඤ්ඤතාපරියන්තං විකාරරූපං නාම, ජාතිජරාභඞ්ගං ලක්ඛණරූපං නාමාති එවං රූපරූපාදිචතුක්කවසෙන චතුබ්බිධං.
(ඉහත සඳහන්) නිෂ්පන්න රූපය මෙහි රූපරූප නමි, ආකාසධාතුව පරිච්ඡේද රූප නමි. කායවිඤ්ඤත්තියෙහි පටන් ‘රූපස්ස කම්මඤ්ඤතාව’ අවසන් කොට ඇති රූප විකාරරූප නමි, ජාති-ජරා-භංග යන තුන ලක්ඛණරූප නමි, මෙසේ රූපරූපාදි චතුෂ්ක වශයෙන් සිවුවැදෑරුම් වේ.
යං පනෙත්ථ හදයරූපං නාම, තං වත්ථු න ද්වාරං. විඤ්ඤත්තිද්වයං ද්වාරං න වත්ථු. පසාදරූපං වත්ථු චෙව ද්වාරඤ්ච. සෙසං නෙව වත්ථු න ද්වාරන්ති එවං වත්ථාදිචතුක්කවසෙන චතුබ්බිධං.
මෙහි වනාහි ‘හදයරූප’ යයි යම් උපාදාරූපයෙක් ඇත්ද, එය වත්ථු (හෙවත් යමක් රඳවා ගෙන සිටින දෙයක්) නමි, එය ද්වාරයෙක් නොවේ; විඤ්ඤත්ති දෙක ද්වාර යි, වත්ථු නොවේ, පසාදරූප වස්තු මෙන්ම ද්වාරද වන හෙයින් වත්ථුද්වාර යි, සෙසුරූප වස්තුද ද්වාරද නොවන හෙයින් අවත්ථුඅද්වාරයි. මෙසේ වත්ථාදි චතුක්ක වශයෙන් සිවුවැදෑරුම් වේ.
පුන එකජං, ද්විජං, තිජං, චතුජං, නකුතොචිජාතන්ති ඉමෙසං වසෙන පඤ්චවිධං. තත්ථ කම්මජමෙව චිත්තජමෙව ච එකජං නාම. තෙසු සද්ධිං හදයවත්ථුනා ඉන්ද්රියරූපං කම්මජමෙව. විඤ්ඤත්තිද්වයං චිත්තජමෙව. යං පන චිත්තතො ච උතුතො ච ජාතං, තං ද්විජං නාම, තං සද්දායතනමෙව. යං උතුචිත්තාහාරෙහි ජාතං, තං තිජං නාම, තං පන ලහුතාදිත්තයමෙව. යං චතූහිපි කම්මාදීහි ජාතං, තං චතුජං නාම, තං ලක්ඛණරූපවජ්ජං අවසෙසං හොති. ලක්ඛණරූපං පන නකුතොචිජාතං. කස්මා? න හි උප්පාදස්ස උප්පාදො අත්ථි, උප්පන්නස්ස ච පරිපාකභෙදමත්තං ඉතරද්වයං. යම්පි “රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචයො, රූපස්ස සන්තති, කබළීකාරො ආහාරො, ඉමෙ ධම්මා චිත්තසමුට්ඨානා”තිආදීසු (ධ· ස· 1201) ජාතියා කුතොචිජාතත්තං අනුඤ්ඤාතං, තං පන රූපජනකපච්චයානං කිච්චානුභාවක්ඛණෙ දිට්ඨත්තාති වෙදිතබ්බං.
යලි (කර්ම, චිත්ත, ඍතු, ආහාර යන මෙයින් එකක්, දෙකක්, තුනක් හෝ සතරම මුල් කොට ගෙන ඉපැදීම් වශයෙන්) ඒකජ, ද්විජ, තිජ, චතුජ යයිද, (මෙකී කිසිවක් මුල්කොට නො-ඉපැදීම් වශයෙන්) නකුතෝචිජාත යයිද පස්වැදෑරුම් වේ. එහි හුදෙක් කර්මයෙන්ම හෝ චිත්තයෙන්ම හෝ උපන් රූපය ඒකජ යි, එම රූපයන් අතුරෙන් හෘදය වස්තුව හා ඉන්‍ද්‍රියරූප අට හුදෙක් කර්මයෙන්ම උපන්නේ වේ; විඤ්ඤත්ති රූප දෙක හුදෙක් චිත්තයෙන්ම උපන්නේ වේ. යම් රූපයෙක් චිත්තයෙන් හා සෘතු හේතුවෙන් උපන්නේද, එය ද්විජ නමි. ඒ සද්දායතනයමැයි. යම් රූපයෙක් ඍතු, චිත්ත, ආහාර යන තුනෙන් උපන්නේද, එය තිජ නමි. ඒ රූපස්ස ලහුතා ආදී තුනමැයි. යම් රූපයෙක් කර්මාදී සතරින්ම උපන්නේද, එය චතුජ නම් වේ. ඒ ලක්ඛණ රූප හැර සෙසු රූපයි. ලක්ඛන රූපය වනාහි නකුතෝචිජාත (කිසිවෙකින් හෝ හටගත්තේ නොවේ, කවර හෙයින්ද යත්, උත්පාදය (ඉපැදීම) පිළිබඳ උත්පාදයෙක් (නැවත ඉපැදීමෙක්) ඇත්තේ නැත. හටගත් රූපයට ඇත්තේ පරිපාක (මිහිකිරීම) හා භේද (බිඳීයාම) යන අනෙක් ලක්ෂණ දෙක පමණි. “රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, ඵොට්ඨබ්බායතන, ආකාසධාතු, ආපෝධාතු, රූපස්සලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචය, රූපස්ස සන්තති, කබලිංකාර ආහාර මේ ධර්මයෝ සිතින් හටගත්තාහුය” යන ආදී තන්හි ඉපැදීම කිසිවෙකින් හටගත් බවක් අනුදන්නා ලද්දේ ද, එය වනාහි රූප ජනක ප්‍රත්‍යයන්ගේ කෘත්‍ය සිද්ධිය ප්‍රකටවූ කෙනෙහි දක්නාලද හෙයිනි’යි දතයුතුය.
ඉදං තාව රූපක්ඛන්ධෙ විත්ථාරකථාමුඛං.
මේ රූපස්කන්ධය පිළිබඳ විස්තර කථා මාර්ගයයි.