පඤ්ඤාභූමි-මූල-සරීරවවත්ථානං
පඤ්ඤාභූමි-මූල-සරීරවවත්ථානං
පඤ්ඤාභූමි-මූල-සරීරවවත්ථානං
කථං භාවෙතබ්බාති එත්ථ පන යස්මා ඉමාය පඤ්ඤාය ඛන්ධායතනධාතුඉන්ද්රියසච්චපටිච්චසමුප්පාදාදිභෙදා ධම්මා භූමි. සීලවිසුද්ධි චෙව චිත්තවිසුද්ධි චාති ඉමා ද්වෙ විසුද්ධියො මූලං. දිට්ඨිවිසුද්ධි, කඞ්ඛාවිතරණවිසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි, පටිපදාඤාණදස්සනවිසුද්ධි, ඤාණදස්සනවිසුද්ධීති ඉමා පඤ්ච විසුද්ධියො සරීරං. තස්මා තෙසු භූමිභූතෙසු ධම්මෙසු උග්ගහපරිපුච්ඡාවසෙන ඤාණපරිචයං කත්වා මූලභූතා ද්වෙ විසුද්ධියො සම්පාදෙත්වා සරීරභූතා පඤ්ච විසුද්ධියො සම්පාදෙන්තෙන භාවෙතබ්බා. අයමෙත්ථ සඞ්ඛෙපො.
(පඤ්ඤා භාවනාව) කෙසේ වැඩිය යුත්තේද යත් මෙහි වනාහි යම් හෙයකින් ඛන්ධ-ආයතන-ධාතු-ඉන්ද්රිය-සච්ච-පටිච්චසමුප්පාද ආදී ප්රභේද ඇති ධර්මයෝ මේ ප්රඥාවට භූමි වෙත්ද, ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි යන දෙක එහි මූලය වේද, දිට්ඨි විසුද්ධි, කඞ්ඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදාඤාණදස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි යන මේ පංච විශුද්ධිය එහි ශරීරය වේද, එහෙයින් මේ භූමිභූත ධර්ම විෂයයෙහි ඉගෙනීම්, පිළිවිසීම් වශයෙන් දැනීම හුරුපුරුදු කොට, එම මූලභූත විශුද්ධි දෙක සම්පාදනය කොට, ශරීරභූත විශුද්ධි පංචකය සම්පාදනය කෙරෙමින් වැඩිය යුතු වේ. මේ මෙහි සංක්ෂෙපයයි.
අයං පන විත්ථාරො, යං තාව වුත්තං “ඛන්ධායතනධාතුඉන්ද්රියසච්චපටිච්චසමුප්පාදාදිභෙදා ධම්මා භූමී”ති, එත්ථ ඛන්ධාති පඤ්ච ඛන්ධා රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධොති.
විස්තරය මෙසේය:- ඛන්ධ-ආයතන-ධාතු-ඉන්ද්රිය-සච්ච-පටිච්ච සමුප්පාද ආදී ප්රභේද ඇති ධර්මයන් මේ ප්රඥාවට භූමි වෙතැ’යි පළමුකොට යමක් කියන ලද්දේ ද, මෙහි ඛන්ධ යනු, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ යන මේ පංච ස්කන්ධයයි.