යෙදුමෙන් කියවන්න

පඤ‍්ඤාපභෙදකථා

පඤ‍්ඤාපභෙදකථා

පඤ්ඤාපභෙදකථා

කතිවිධා පඤ‍්ඤාති ධම‍්මසභාවපටිවෙධලක‍්ඛණෙන තාව එකවිධා. ලොකියලොකුත‍්තරවසෙන දුවිධා. තථා සාසවානාසවාදිවසෙන, නාමරූපවවත්‍ථාපනවසෙන, සොමනස‍්සුපෙක‍්ඛාසහගතවසෙන, දස‍්සනභාවනාභූමිවසෙන ච. තිවිධා චින‍්තාසුතභාවනාමයවසෙන. තථා පරිත‍්තමහග‍්ගතඅප‍්පමාණාරම‍්මණවසෙන, ආයාපායඋපායකොසල‍්ලවසෙන, අජ‍්ඣත‍්තාභිනිවෙසාදිවසෙන ච. චතුබ‍්බිධා චතූසු සච‍්චෙසු ඤාණවසෙන චතුපටිසම‍්භිදාවසෙන චාති.

පඤ්ඤාව කී වැදෑරුම්වේදයත්, ධර්මයන් පිළිබඳ යථාස්වභාව ප්‍රතිවේධ වශයෙන් එක් වැදෑරුම් වේ, ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙ-වැදෑරුම්වේ, එසේම සාශ්‍රව අනාශ්‍රවාදී වශයෙන්ද, නාම-රූප නිර්ණය වශයෙන්ද, සෝමනස්ස සහගත-උපේක්‍ෂා සහගත වශයෙන්ද, දස්සන භූමි, භාවනා භූමි වශයෙන්ද දෙවැදෑරුම් වේ. චින්තාමය, සූතමය, භාවනාමය වශයෙන් තෙවැදෑරුම් වේ, එසේම පරිත්තාරම්මණ මහග්ගතාරම්මණ, අප්පමාණාරම්මණ වශයෙන්ද, ආය (අභිවෘද්ධි), අපාය (අනභිවෘද්ධි), උපාය (ඒ ඒ ධර්මයන් පිළිබඳ නිෂ්පත්ති කාරණ) විෂයයෙහි කුශලතා වශයෙන්ද, අජ්ඣත්තාභිනිවේස, බහිද්ධාභිනිවේස, අජ්ඣත්තබහිද්ධාභිනිවේස වශයෙන්ද තෙවැදෑරුම් වේ. චතුඃසත්‍යයන් විෂයයෙහි වූ ඥාන වශයෙන්ද, චතුපටිසම්භිදා වශයෙන්ද සිවුවැදෑරුම් වේ.

තත්‍ථ එකවිධකොට‍්ඨාසො උත‍්තානත්‍ථොයෙව. දුවිධකොට‍්ඨාසෙ ලොකියමග‍්ගසම‍්පයුත‍්තා ලොකියා. ලොකුත‍්තරමග‍්ගසම‍්පයුත‍්තා ලොකුත‍්තරාති එවං ලොකියලොකුත‍්තරවසෙන දුවිධා.

එහි එක් වැදෑරුම් කොටසෙහි අර්ත්‍ථය පැහැදිලි වේ. දෙවැදෑරුම් කොටසෙහි: ලෞකික මාර්ගය හා බැඳුණු ප්‍රඥාව ලෞකිකයයිද, ලෝකෝත්තර මාර්ගය හා බැඳුණු ප්‍රඥාව ලෝකෝත්තරයයිද මෙසේ ලෞකික-ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වේ.

දුතියදුකෙ ආසවානං ආරම‍්මණභූතා සාසවා. තෙසං අනාරම‍්මණා අනාසවා. අත්‍ථතො පනෙසා ලොකියලොකුත‍්තරාව හොති. ආසවසම‍්පයුත‍්තා සාසවා. ආසවවිප‍්පයුත‍්තා අනාසවාතිආදීසුපි එසෙව නයො. එවං සාසවානාසවාදිවසෙන දුවිධා.

දෙවන ද්විකයෙහි: ආශ්‍රවයනට අරමුණු වූ ප්‍රඥාව සාශ්‍රවයයිද, ආශ්‍රවයනට අරමුණු නොවූයේ අනාශ්‍රවයයිද යනුවෙන් දෙවැදෑරුම් වේ. අර්ත්‍ථ වශයෙන් වනාහි මෙය ලෞකික-ලෝකෝත්තර ප්‍රඥාවම වේ. ආශ්‍රව සම්ප්‍රයුක්ත වූයේ සාශ්‍රව නම්ද, විප්‍රයුක්ත වූයේ අනාශ්‍රව නම්ද වේ යන මේ ආදියෙහිද මෙම නයයි. මෙසේ සාශ්‍රව-අනාශ්‍රව වශයෙන් දෙවැදෑරුම් වේ.

තතියදුකෙ යා විපස‍්සනං ආරභිතුකාමස‍්ස චතුන‍්නං අරූපක‍්ඛන්‍ධානං වවත්‍ථාපනෙ පඤ‍්ඤා, අයං නාමවවත්‍ථාපනපඤ‍්ඤා. යා රූපක‍්ඛන්‍ධස‍්ස වවත්‍ථාපනෙ පඤ‍්ඤා, අයං රූපවවත්‍ථාපනපඤ‍්ඤාති එවං නාමරූපවවත්‍ථාපනවසෙන දුවිධා.

තුන්වන ද්විකයෙහි විදර්ශනා අරඹනු කැමැත්තහුගේ අරූපස්කන්‍ධ සතර පිළිබඳ ව්‍යවස්ථාපන වශයෙන් යම් ප්‍රඥාවක් වේද, මෙය නාම ව්‍යවස්ථාපන ප්‍රඥාවයි, රූපස්කන්‍ධය පිළිබඳ ව්‍යවස්ථාපන විෂයයෙහි යම් ප්‍රඥාවක් වේද, මෙය රූප ව්‍යවස්ථාපන ප්‍රඥාවයි. මෙසේ නාම-රූප ව්‍යවස්ථාපන වශයෙන් දෙවැදෑරුම් වේ.

චතුත්‍ථදුකෙ ද‍්වීසු කාමාවචරකුසලචිත‍්තෙසු සොළසසු ච පඤ‍්චකනයෙන චතුක‍්කජ‍්ඣානිකෙසු මග‍්ගචිත‍්තෙසු පඤ‍්ඤා සොමනස‍්සසහගතා. ද‍්වීසු කාමාවචරකුසලචිත‍්තෙසු චතූසු ච පඤ‍්චමජ‍්ඣානිකෙසු මග‍්ගචිත‍්තෙසු පඤ‍්ඤා උපෙක‍්ඛාසහගතාති එවං සොමනස‍්සුපෙක‍්ඛාසහගතවසෙන දුවිධා.

සිවුවන ද්විකයෙහි: කාමාවචර කුසල් සිත් දෙකෙක්හිද, පඤ්චක නයයෙහි පළමු ධ්‍යාන සතර හා සමග යෙදුණු මාර්ග සිත් සොළොසෙහිද වූ ප්‍රඥාව සෝමනස්ස සහගත වේ. කාමාවචර කුසල් සිත් දෙකෙක්හිද පංචමධ්‍යානික මාර්ග සිත් සතරෙහිද වූ ප්‍රඥාව උපේක්‍ෂා සහගත වේ. මෙසේ සෝමනස්ස සහගත-උපේක්‍ෂා සහගත වශයෙන් දෙවැදෑරුම් වේ.

පඤ‍්චමදුකෙ පඨමමග‍්ගපඤ‍්ඤා දස‍්සනභූමි. අවසෙසමග‍්ගත‍්තයපඤ‍්ඤා භාවනාභූමීති එවං දස‍්සනභාවනාභූමිවසෙන දුවිධා.

පස්වන ද්විකයෙහි ප්‍රථම මාර්ග ප්‍රඥාව දස්සන භූමි නමැයිද, සෙසු මාර්ග තුනෙහි වූ ප්‍රඥාව භාවනා භූමි නමැ’යිදැයි මෙසේ දස්සන භූමි - භාවනා භූමි වශයෙන් දෙවැදෑරුම් වේ.

තිකෙසු පඨමත‍්තිකෙ පරතො අස‍්සුත්‍වා පටිලද‍්ධපඤ‍්ඤා අත‍්තනො චින‍්තාවසෙන නිප‍්ඵන‍්නත‍්තා චින‍්තාමයා. පරතො සුත්‍වා පටිලද‍්ධපඤ‍්ඤා සුතවසෙන නිප‍්ඵන‍්නත‍්තා සුතමයා. යථා තථා වා භාවනාවසෙන නිප‍්ඵන‍්නා අප‍්පනාප‍්පත‍්තා පඤ‍්ඤා භාවනාමයා. වුත‍්තඤ‍්හෙතං –

ත්‍රිකයන් අතුරෙන් පළමුවන ත්‍රිකයෙහි: අනුන් වෙතින් නො-අසා ලද ප්‍රඥාව තමාගේම චින්තා වශයෙන් නිපන් හෙයින් ‘චින්තාමය’ නම් ද අනුන්ගෙන් අසා ලබා ගත් ප්‍රඥාව ශ්‍රැත වශයෙන් නිපන් හෙයින් ‘සුතමය’ නම්ද වේ; කවර ආකාරයෙන් හෝ අර්පණාවට පත් ප්‍රඥාව භාවනා වශයෙන් නිපන් හෙයින් භාවනාමය නම්වේ. කියන ලදමැයි:-

“තත්‍ථ කතමා චින‍්තාමයා පඤ‍්ඤා? යොගවිහිතෙසු වා කම‍්මායතනෙසු යොගවිහිතෙසු වා සිප‍්පායතනෙසු යොගවිහිතෙසු වා විජ‍්ජාට‍්ඨානෙසු කම‍්මස‍්සකතං වා සච‍්චානුලොමිකං වා රූපං අනිච‍්චන‍්ති වා වෙදනා…පෙ… සඤ‍්ඤා… සඞ‍්ඛාරා… විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති වා, යං එවරූපිං අනුලොමිකං ඛන‍්තිං දිට‍්ඨිං රුචිං මුතිං පෙක‍්ඛං ධම‍්මනිජ‍්ඣානඛන‍්තිං පරතො අස‍්සුත්‍වා පටිලභති, අයං වුච‍්චති චින‍්තාමයා පඤ‍්ඤා…පෙ… සුත්‍වා පටිලභති, අයං වුච‍්චති සුතමයා පඤ‍්ඤා. සබ‍්බාපි සමාපන‍්නස‍්ස පඤ‍්ඤා භාවනාමයා පඤ‍්ඤා”ති (විභ· 768).

එහි ‘චින්තාමය පඤ්ඤා’ යනු කවරේද යත්: අභ්‍යාස කළ කර්මාන්තයන්හිදී හෝ අභ්‍යාස කළ ශිල්පායතනයන්හි දී හෝ අභ්‍යාස කළ විද්‍යාස්ථානයන්හිදී හෝ පලපුරුද්දෙන් ලත් යම් ඇත්දැකීමක් වේවයි, සත්‍යයට (යථා තත්ත්‍වයට) අනුලෝමික වන සේ රූපය අනිත්‍යය, වේදනාව පෙ- අනිත්‍යය-පෙ- සංඤ්ඤාව-පෙ- සංඛාරය -පෙ- විඤ්ඤාණය අනිත්‍යය, යන මේ ආකාර වූ යම් නැඹුරු බවක්, දැක්මක්, රිසි බවක්, මතයක්, අපේක්‍ෂාවක්, ස්වභාවය සිහිකරනු රිසිබවක් වේවයි, අනුන් වෙතින් නො-අසා ලබනුයේද, මෙය චින්තාමය ප්‍රඥාවයයි කියනු ලැබේ. අභ්‍යාසයෙහි යෙදුණු -පෙ- අනුන්ගෙන් අසා ලබනුයේද මෙය සුතමය ප්‍රඥාවයයි කියනු ලැබේ. සමවතට සමවන්නහුගේ සියලුම ප්‍රඥාව ‘භාවනාමය පඤ්ඤා’ නම් වේ.

එවං චින‍්තාසුතභාවනාමයවසෙන තිවිධා.

මෙසේ චින්තාමය, සුතමය, භාවනාමය වශයෙන් තෙවැදෑරුම් වේ.

දුතියත‍්තිකෙ කාමාවචරධම‍්මෙ ආරබ‍්භ පවත‍්තා පඤ‍්ඤා පරිත‍්තාරම‍්මණා. රූපාවචරාරූපාවචරෙ ආරබ‍්භ පවත‍්තා මහග‍්ගතාරම‍්මණා. සා ලොකියවිපස‍්සනා. නිබ‍්බානං ආරබ‍්භ පවත‍්තා අප‍්පමාණාරම‍්මණා. සා ලොකුත‍්තරවිපස‍්සනාති එවං පරිත‍්තමහග‍්ගතාප‍්පමාණාරම‍්මණවසෙන තිවිධා.

දෙවන ත්‍රිකයෙහි. කාමාවචර ධර්මයන් අරමුණු කොට පැවැති ප්‍රඥාව පරිත්තාරම්මණ වේ, රූපාවචර-අරූපාවචර ධර්මයන් අරමුණු කොට පැවැති ප්‍රඥාව මහද්ගතාරම්මණ වේ, මේ ලෞකික විදර්ශනාවයි. නිර්වාණය අරමුණු කොට ඇති ප්‍රඥාව අප්පමානාරම්මණ වේ, එය ලෝකෝත්තර විදර්ශනාවයි; මෙසේ පරිත්ත-මහග්ගත අප්පමානාරම්මණ වශයෙන් තෙවැදෑරුම් වේ.

තතියත‍්තිකෙ ආයො නාම වුද‍්ධි, සා දුවිධා අනත්‍ථහානිතො අත්‍ථුප‍්පත‍්තිතො ච. තත්‍ථ කොසල‍්ලං ආයකොසල‍්ලං. යථාහ –

තුන්වන ත්‍රිකයෙහි: ‘ආය’ නම් වෘද්ධියයි, එය අනර්ත්‍ථනාශ වශයෙන්ද අර්ත්‍ථජනන වශයෙන්දැයි දෙ-ආකාරයකින් සිද්ධ වේ. එහි කුශලතාව ‘ආයකෝසල්ල’ නම්වේ. කියන ලදමැයි:-

“තත්‍ථ කතමං ආයකොසල‍්ලං? ඉමෙ මෙ ධම‍්මෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පහීයන‍්ති, ඉමෙ වා පනිමෙ ධම‍්මෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තන‍්තීති, යා තත්‍ථ පඤ‍්ඤා පජානනා…පෙ… අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති ආයකොසල‍්ල”න‍්ති (විභ· 771).

‘එහි ආයකොසල්ල යනු කවරේද? මේ ධර්මයන් මෙනෙහි කරන්නහුට නො-උපන් අකුසල් නො-උපදීද, උපන් අකුසල් ප්‍රහීණ වේද, තවද මේ ධර්මයන් මෙනෙහි කරන්නහුට නො-උපන් කුසල් උපදීද උපන් කුසල් බොහෝවීම, විපුල බව, වැඩීයාම, පිරිපුන් බව සිදුවේද, එම ධර්මයන් කෙරෙහි වූ යම් ප්‍රඥාවක්, දැනුවත් බවක් -පෙ- නොමුළා බවක්, දහම් සෙවීමක්, මැනවින් දැක්මක් වේද, මෙය ‘ආයකෝසල්ල’ යයි කියනු ලැබේ.”

අපායොති පන අවුද‍්ධි, සාපි දුවිධා අත්‍ථහානිතො ච අනත්‍ථුප‍්පත‍්තිතො ච. තත්‍ථ කොසල‍්ලං අපායකොසල‍්ලං. යථාහ “තත්‍ථ කතමං අපායකොසල‍්ලං? ඉමෙ ධම‍්මෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තී”තිආදි (විභ· 771).

‘අපාය’ යනු, අවෘද්ධියයි, එයද අර්ත්‍ථනාශ වශයෙන්ද, අනර්ත්‍ථජනන වශයෙන්දැයි දෙ-ආකාරයෙකින් සිදුවේ, එහි කුශලතාව ‘අපායකෝසල්ල’ නම්වේ; කියනලද මැයි:- “එහි අපාය කෝසල්ල යනු කවරේද? මේ ධර්මයන් මෙනෙහි කරන්නහුට නො-උපන් කුසල් නො උපදීද”, යන ආදියයි.

සබ‍්බත්‍ථ පන තෙසං තෙසං ධම‍්මානං උපායෙසු නිබ‍්බත‍්තිකාරණෙසු තංඛණප‍්පවත‍්තං ඨානුප‍්පත‍්තිකං කොසල‍්ලං උපායකොසල‍්ලං නාම. යථාහ – “සබ‍්බාපි තත්‍රුපායා පඤ‍්ඤා උපායකොසල‍්ල”න‍්ති (විභ· 771). එවං ආයාපායඋපායකොසල‍්ලවසෙන තිවිධා.

සියලු තන්හි ඒ ඒ ධර්මයන් පිළිබඳ උපාය වූ නිෂ්පත්ති කාරණ විෂයයෙහි එකෙණෙහි පවත්නා, එසේම ඒ ඒ කාරණයෙන් උපන් කුශලතාව ‘උපාය කෝසල්ල’ නම්වේ. කියන ලදමැයි: “ඒ ඒ කාරණා විෂයයෙහි උපන් සකලවිධවූම උපායරූපී ප්‍රඥාව ‘උපායකෝසල්ල’ නම් වේ” මෙසේ ආයකෝසල්ල-අපාය කෝසල්ල උපාය කෝසල්ල වශයෙන් තෙවැදෑරුම් වේ.

චතුත්‍ථත‍්තිකෙ අත‍්තනො ඛන්‍ධෙ ගහෙත්‍වා ආරද‍්ධා විපස‍්සනා පඤ‍්ඤා අජ‍්ඣත‍්තාභිනිවෙසා. පරස‍්ස ඛන්‍ධෙ බාහිරං වා අනින්‍ද්‍රියබද‍්ධරූපං ගහෙත්‍වා ආරද‍්ධා බහිද‍්ධාභිනිවෙසා. උභයං ගහෙත්‍වා ආරද‍්ධා අජ‍්ඣත‍්තබහිද‍්ධාභිනිවෙසාති එවං අජ‍්ඣත‍්තාභිනිවෙසාදිවසෙන තිවිධා.

සිවුවන ත්‍රිකයෙහි: තමා පිළිබඳ ස්කන්‍ධයන් අරමුණු කොටගෙන ඇරඹි විදර්ශනා ප්‍රඥාව ‘අජ්ඣත්තාභිනිවේස නමි, අනුන් පිළිබඳ ස්කන්‍ධයන් හෝ බාහිර වූ අතීන්‍ද්‍රියබද්ධ රූපයන් අරමුණු කොටගෙන ඇරඹි විදර්ශනා ප්‍රඥාව ‘බහිද්ධාභිනිවේස’ නමි, (අජ්ඣත්ත-බහිද්ධා යන) දෙකම අරමුණු කොට ගෙන ඇරඹි විදර්ශනා ප්‍රඥාව ‘අජ්ඣත්ත බහිද්ධාභිනිවේස’ නමැයි මෙසේ අජ්ඣත්තාභිනිවේස ආදී වශයෙන් තෙවැදෑරුම් වේ.

චතුක‍්කෙසු පඨමචතුක‍්කෙ දුක‍්ඛසච‍්චං ආරබ‍්භ පවත‍්තං ඤාණං දුක‍්ඛෙ ඤාණං. දුක‍්ඛසමුදයං ආරබ‍්භ පවත‍්තං ඤාණං දුක‍්ඛසමුදයෙ ඤාණං. දුක‍්ඛනිරොධං ආරබ‍්භ පවත‍්තං ඤාණං දුක‍්ඛනිරොධෙ ඤාණං. දුක‍්ඛනිරොධගාමිනිං පටිපදං ආරබ‍්භ පවත‍්තං ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණන‍්ති එවං චතූසු සච‍්චෙසු ඤාණවසෙන චතුබ‍්බිධා.

චතුෂ්කයන් අතුරෙන් ප්‍රථම චතුෂ්කයෙහි, දුඃඛ සත්‍යය අරබයා පැවති ඥානය ‘දුක්‍ඛෙඤාණ’ නම්වේ, දුඃඛ සමුදය සත්‍යය අරබයා පැවති ඥානය ‘දුක්ඛ සමුදයෙඤාණ’ නම් වේ, දුක්ඛ නිරෝධය අරබයා පැවති ඥානය දුක්‍ඛ නිරෝධෙ ඤාණ’ නම්වේ, දුඃඛ නිරෝධය කරා පමුණුවන ප්‍රතිපත්තිය අරබයා පැවති ඥානය ‘දුක්‍ඛනිරොධගාමිනී පටිපදාය ඤාණ’ නමැයි මෙසේ චතුඃසත්‍යය පිළිබඳ ඥානය වශයෙන් සිවුවැදෑරුම් වේ.

දුතියචතුක‍්කෙ චතස‍්සො පටිසම‍්භිදා නාම අත්‍ථාදීසු පභෙදගතානි චත‍්තාරි ඤාණානි. වුත‍්තඤ‍්හෙතං – “අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. ධම‍්මෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා. තත්‍රධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා”ති (විභ· 718).

දෙවන චතුෂ්කයෙහි චතුපටිසම්භිදා යනු, අත්‍ථ ආදි විෂයෙහි ප්‍රභේදයට පත් ඥාන සතරයි. කියනලදමැයි:-“අත්‍ථ විෂයයෙහි වූ ඥානය අත්‍ථපටිසම්භිදායි, ධම්ම විෂයයෙහි වූ ඥානය ධම්මපටිසම්භිදායි, අත්‍ථධම්ම දෙකෙහි නිරුක්තිය අනුව භාෂා ව්‍යවහාරයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදායි. ඤාණ විෂයයෙහි වූ ඥානය පටිභාණ පටිසම්භිදායි”

තත්‍ථ අත්‍ථොති සඞ‍්ඛෙපතො හෙතුඵලස‍්සෙතං අධිවචනං. හෙතුඵලං හි යස‍්මා හෙතුඅනුසාරෙන අරියති අධිගමියති සම‍්පාපුණියති, තස‍්මා අත්‍ථොති වුච‍්චති. පභෙදතො පන යං කිඤ‍්චි පච‍්චයසම‍්භූතං, නිබ‍්බානං, භාසිතත්‍ථො, විපාකො, කිරියාති ඉමෙ පඤ‍්ච ධම‍්මා අත්‍ථොති වෙදිතබ‍්බා . තං අත්‍ථං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස තස‍්මිං අත්‍ථෙ පභෙදගතං ඤාණං අත්‍ථපටිසම‍්භිදා. ධම‍්මොතිපි සඞ‍්ඛෙපතො පච‍්චයස‍්සෙතං අධිවචනං. පච‍්චයො හි යස‍්මා තං තං දහති පවත‍්තෙති වා සම‍්පාපුණිතුං වා දෙති, තස‍්මා ධම‍්මොති වුච‍්චති. පභෙදතො පන යො කොචි ඵලනිබ‍්බත‍්තකො හෙතු, අරියමග‍්ගො, භාසිතං, කුසලං, අකුසලන‍්ති ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මොති වෙදිතබ‍්බා. තං ධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස තස‍්මිං ධම‍්මෙ පභෙදගතං ඤාණං ධම‍්මපටිසම‍්භිදා.

එහි ‘අත්‍ථ’ යනු සංක්‍ෂේපයෙන් හේතු-ඵලයට අධිවචනයෙකි, යම්හෙයකින් හේතු අනුසාරයෙන් හේතුඵලය එළඹේද, වැටහේද, පමුණුවනු ලැබේ, එහෙයින් ‘අත්‍ථ’ යැයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි හේතුවෙන් හටගත් ඵලය, නිර්වාණය, වචනාර්ත්‍ථය, කර්ම විපාකය, ක්‍රියාවය යන පස ‘අත්‍ථ’ යයි දතයුතුය. එම ‘අර්ත්‍ථය’ මෙනෙහි කරන්නහුට එම අර්ත්‍ථවිෂයයෙහි ප්‍රභේදගත වූ ඥානය ‘අත්‍ථ පටිසම්භිදා’ නමි. ‘ධම්ම’ යන මෙය සංක්‍ෂේපයෙන් ප්‍රත්‍යයට අධිවචනයෙකි, ප්‍රත්‍යය වනාහි යම්හෙයකින් ඒ ඒ අර්ත්‍ථය දනවාද, පවත්වාද, පැමිණෙන්නට සලස්වාද, එහෙයින් ධම්මයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි යම් කිසි ඵලයක් නිපදවන හේතුවක් වේනම් එයද, ආර්යමාර්ගයද, භාෂිතයද, කුශලයද, අකුශලයදැයි යන මේ පස ‘ධම්ම’ යයි දතයුතුය. එම ධර්මය මෙනෙහි කරන්නහුට එම ධර්ම විෂයයෙහි ප්‍රභේද ගතවූ ඥානයක් වේනම් එය ‘ධම්ම පටිසම්භිදා’ නමි,

අයමෙව හි අත්‍ථො අභිධම‍්මෙ –

මෙම අරුතම අභිධර්මයෙහි:-

“දුක‍්ඛෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. දුක‍්ඛසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා. හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා. හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යම‍්හා ධම‍්මා තෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා, තෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා. ජරාමරණෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. ජරාමරණසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා…පෙ… සඞ‍්ඛාරනිරොධෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. සඞ‍්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම‍්මපටිසම‍්භිදා. ඉධ භික‍්ඛු ධම‍්මං ජානාති සුත‍්තං ගෙය්‍යං…පෙ… වෙදල‍්ලං. අයං වුච‍්චති ධම‍්මපටිසම‍්භිදා. සො තස‍්ස තස‍්සෙව භාසිතස‍්ස අත්‍ථං ජානාති ‘අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො, අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො’ති. අයං වුච‍්චති අත්‍ථපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා? යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති…පෙ… ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා. තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා”තිආදිනා (විභ· 719 ආදයො) නයෙන විභජිත්‍වා දස‍්සිතො.

“දුඃඛ විෂයයෙහි ඥානය අත්‍ථපටිසම්භිදායි, දුඃඛ සමුදය විෂයයෙහි ඥානය ධම්මපටිසම්භිදායි, හේතුඵල විෂයයෙහි ඥානය අත්‍ථපටිසම්භිදායි, යම් ධර්ම කෙනෙක් උපන්නාහුද, හටගත්තාහුද, ජනිත වූවාහුද, නිපන්නාහුද, වෙසෙසින් නිපන්නාහුද, පහළ වූවාහුද, මම ධර්මයන් විෂයයෙහි වූ ඥානය අත්‍ථපටිසම්භිදායි. එම ධර්මයෝ යම් ධර්ම කෙනෙකුන් වෙතින් උපන්නාහු ද, හටගත්තාහුද, ජනිතවූවාහුද, නිපන්නාහුද, මෙසෙසින් නිපන්නාහුද, පහළ වූවාහුද, එම ධර්මයන් පිළිබඳ වූ ඥානය ධම්මපටිසම්භිදායි. ජරා-මරණ විෂයයෙහි වූ ඥානය අත්‍ථපටිසම්භිදායි, ජරා මරණ සමුදය විෂයයෙහි ඥානය ධම්මපටිසම්භිදායි -පෙ- සංඛාර නිරෝධ විෂයයෙහිවූ ඥානය අත්‍ථපටිසම්භිදායි. සංඛාර නිරෝධගාමිනී පටිපදා විෂයයෙහිවූ ඥානය ධම්ම පටිසම්භිදායි. මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ධර්මය දනියිද, සුත්ත, ගෙය්‍ය, -පෙ- වේදල්ලය යන නවඞ්ග සත්‍ථුසාසනය දනීද මෙය ‘ධම්ම පටිසම්භිදා’යි කියනු ලැබේ. හේ තෙමේ ‘මේ භාෂිතයෙහි අර්ත්‍ථය මෙසේය, මේ භාෂිතයෙහි අර්ත්‍ථය මෙසේය’යි ඒ ඒ දහම් කොටස්වල අර්ත්‍ථය දනීද, මේ අත්‍ථපටිසම්භිදායි. කවර නම් ධර්මයක් කුශල වේද? යම්කලෙක කාමාවචර කුසල් සිතක් උපන්නේ වේද, -පෙ- මේ ධර්මය කුසලයි, මේ ධර්මයන් විෂයයෙහි වූ ඥානය ධම්මපටිසම්භිදායි, එම කුශලධර්මයන්ගේ විපාක විෂයයෙහි වූ ඥානය අත්‍ථපටිසම්භිදායි” යන ආදී නයින් විග්‍රහ කොට දක්වන ලද්දේය.

තත්‍රධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණන‍්ති තස‍්මිං අත්‍ථෙ ච ධම‍්මෙ ච යා සභාවනිරුත‍්ති අබ්‍යභිචාරී වොහාරො. තදභිලාපෙ තස‍්ස භාසනෙ උදීරණෙ තං භාසිතං ලපිතං උදීරිතං සුත්‍වාව අයං සභාවනිරුත‍්ති, අයං න සභාවනිරුත‍්තීති එවං තස‍්සා ධම‍්මනිරුත‍්තිසඤ‍්ඤිතාය සභාවනිරුත‍්තියා මාගධිකාය සබ‍්බසත‍්තානං මූලභාසාය පභෙදගතං ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. නිරුත‍්තිපටිසම‍්භිදාප‍්පත‍්තො හි ඵස‍්සො වෙදනාති එවමාදිවචනං සුත්‍වාව අයං සභාවනිරුත‍්තීති ජානාති. ඵස‍්සා වෙදනොති එවමාදිකං පන අයං න සභාවනිරුත‍්තීති.

‘අත්‍ථ-ධම්ම-නිරුත්තාභිලාපෙ ඤාණං’ යනු, එකී අර්ත්‍ථවිෂයයෙහිද, ධර්ම විෂයයෙහිද ස්වභාව නිරුක්ති සංඛ්‍යාත වූ යම් අව්‍යාභිචාරී (නිවැරදි) ව්‍යවහාරයක් වේද, එම ව්‍යවහාරයෙහි, එම ව්‍යවහාරය පිළිබඳ භාෂණයෙහි හා උච්චාරණයෙහිද මෙම භාෂණය. වචනය, උච්චාරණය ඇසූ මතින්ම මේ ස්වභාව නිරුක්තියයි, ‘මේ ස්වභාව නිරුක්ති නොවෙයි’ යනුවෙන් මෙසේ ධම්ම නිරුක්තියයි හැඳින්වෙන සියලු සත්ත්‍වයන්ගේ මූලභාෂාව වූ මාගධික ස්වභාව නිරුක්ති විෂයයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්ති පටිසම්භිදායි නිරුත්ති පටිසම්භිදාවට පත්වූයේ වනාහි ‘ඵස්සො’ වෙදනා, යන මේ ආදී වදන් ඇසූ මතින්ම ‘මේ ස්වභාව නිරුක්තිය’යි දනියි, ‘ඵස්සා’ ‘වෙදනො’ යන මේ ආදිය අසා ‘මේ ස්වභාව නිරුක්ති නොවේයයිද දනියි.

ඤාණෙසු ඤාණන‍්ති සබ‍්බත්‍ථ ඤාණමාරම‍්මණං කත්‍වා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස ඤාණාරම‍්මණං ඤාණං, යථාවුත‍්තෙසු වා තෙසු ඤාණෙසු සගොචරකිච‍්චාදිවසෙන විත්‍ථාරතො ඤාණං පටිභානපටිසම‍්භිදාති අත්‍ථො.

‘ඤාණෙසු ඤාණං’ යනු; සියලු තන්හි ඥානය අරමුණු කොට මෙනෙහි කරන්නහුගේ ඤාණාරම්මණයයි, නැතහොත් මෙකී (අර්ත්‍ථාදී) ත්‍රිවිධ ඥාන විෂයයෙහි සගෝචර කෘත්‍ය ආදී වශයෙන් විස්තර සහිත වූ ඥානය පටිභාන පටිසම්භිදායයි යන අර්ත්‍ථයි.

චතස‍්සොපි චෙතා පටිසම‍්භිදා ද‍්වීසු ඨානෙසු පභෙදං ගච‍්ඡන‍්ති සෙක‍්ඛභූමියඤ‍්ච අසෙක‍්ඛභූමියඤ‍්ච.

මේ පටිසම්භිදා සතරම ශෛක්‍ෂ්‍ය භූමි හා අශෛක්‍ෂ භූමියයි යන දෙතන්හි ප්‍රභේදයට යයි.

තත්‍ථ අග‍්ගසාවකානං මහාසාවකානඤ‍්ච අසෙක‍්ඛභූමියං පභෙදගතා. ආනන්‍දත්‍ථෙරචිත‍්තගහපතිධම‍්මිකඋපාසකඋපාලිගහපතිඛුජ‍්ජුත‍්තරාඋපාසිකාදීනං සෙක‍්ඛභූමියං. එවං ද‍්වීසු භූමීසු පභෙදං ගච‍්ඡන‍්තියොපි චෙතා අධිගමෙන පරියත‍්තියා සවනෙන පරිපුච‍්ඡාය පුබ‍්බයොගෙන චාති ඉමෙහි පඤ‍්චහාකාරෙහි විසදා හොන‍්ති.

එහි අගසවු - මහසවු ආදීන්ගේ පටිසම්භිදාව අශෛක්‍ෂ්‍ය භූමියෙහිද, ආනන්‍ද ස්ථවිර, චිත්ත ගහපති, ධම්මික උපාසක, උපාලි ගහපති, ඛුජ්ජුත්තරා උපාසිකාදීන්ගේ පටිසම්භිදාව ශෛක්‍ෂ්‍ය භූමියෙහිද ප්‍රභේද ගත වූයේය. මෙසේ භූමිද්වයෙහි ප්‍රභේදයට යන්නාවුද මේ පටිසම්භිදාවෝ අධිගමයෙන්ද, පර්යාප්ති වශයෙන්ද, ශ්‍රවණයෙන්ද, පරිපුච්ඡාවෙන්ද, පුබ්බයෝගයෙන්දැයි යන මේ පස් ආකාරයෙන් විශද භාවයට පත් වෙති.

තත්‍ථ අධිගමො නාම අරහත‍්තප‍්පත‍්ති. පරියත‍්ති නාම බුද‍්ධවචනස‍්ස පරියාපුණනං. සවනං නාම සක‍්කච‍්චං අත්‍ථිං කත්‍වා ධම‍්මස‍්සවනං. පරිපුච‍්ඡා නාම පාළිඅට‍්ඨකථාදීසු ගණ‍්ඨිපදඅත්‍ථපදවිනිච‍්ඡයකථා, පුබ‍්බයොගො නාම පුබ‍්බබුද‍්ධානං සාසනෙ ගතපච‍්චාගතිකභාවෙන යාව අනුලොමං ගොත්‍රභුසමීපං, තාව විපස‍්සනානුයොගො.

එහි අධිගමය නම් රහත් බවට පත්වීමයි, පර්යාප්ති නම් බුද්ධ වචනය හැදෑරීමයි, ශ්‍රවණය නම් මනා කොට සැදී පැහැදී සදහම් ඇසීමයි, පරිපුච්ඡා නම් පාළි-අට්ඨකථා ආදියෙහි ගැටපද-අරුත් පද විනිස කථා විචාරීමයි. පුබ්බයෝග නම් පෙර බුදුවරයන්ගේ ශාසනයන්හි ආ-ගිය (ඇසුරු කළ) බැවින්, යම්තාක් අනුලෝම ගෝත්‍රභූ චිත්තය සමීප වේද, ඒතාක් විදර්ශනා භාවනාවෙහි යෙදී හුරුපුරුදු ඇති බවයි.

අපරෙ ආහු –

අන්‍යාචාර්යවරයෝ මෙසේ කීහු:-

“පුබ‍්බයොගො බාහුසච‍්චං, දෙසභාසා ච ආගමො; පරිපුච‍්ඡා අධිගමො, ගරුසන‍්නිස‍්සයො තථා; මිත‍්තසම‍්පත‍්ති චෙවාති, පටිසම‍්භිදපච‍්චයා”ති.

“පුබ්බයොගො බාහුසච්චං දෙසභාසා ච ආගමො පරිපුච්ඡා අධිගමො ගරු සන්නිස්සයො තථා මිත්ත සම්පත්තිචෙවාති පටිසම්භිද පච්චයා”ති

“පරපුරුදු ඇති බවය, බහුශ්‍රැත බවය, දේශභාෂා ඥානයය, පර්යාප්ති ධර්මය දන්නා බවය, අටුවා ගැටපද ආදී නයින් අරුත් විමසීමය, මාර්ග-ඵලාවබෝධයය, බහුශ්‍රැත ගුරුන් සේවනය කිරීමය, කල්‍යාණ මිත්‍ර සම්පත්තියය යන මේ කරුණු ප්‍රතිසම්භිදා ප්‍රත්‍යයයෝ වෙති” යනුයි.

තත්‍ථ පුබ‍්බයොගො වුත‍්තනයොව. බාහුසච‍්චං නාම තෙසු තෙසු සත්‍ථෙසු ච සිප‍්පායතනෙසු ච කුසලතා. දෙසභාසා නාම එකසතවොහාරකුසලතා. විසෙසෙන පන මාගධිකෙ කොසල‍්ලං. ආගමො නාම අන‍්තමසො ඔපම‍්මවග‍්ගමත‍්තස‍්සපි බුද‍්ධවචනස‍්ස පරියාපුණනං. පරිපුච‍්ඡා නාම එකගාථායපි අත්‍ථවිනිච‍්ඡයපුච‍්ඡනං. අධිගමො නාම සොතාපන‍්නතා වා…පෙ… අරහත‍්තං වා. ගරුසන‍්නිස‍්සයො නාම සුතපටිභානබහුලානං ගරූනං සන‍්තිකෙ වාසො. මිත‍්තසම‍්පත‍්ති නාම තථාරූපානංයෙව මිත‍්තානං පටිලාභොති.

මෙහි, ‘පුබ්බයොගො’ යනු කියන ලද නයමයි, බාහුසච්චං යනු, ඒ ඒ ශාස්ත්‍ර විෂයෙහිද, ශිල්පායතනයන්හිද, කුශලතාවයි, දේසභාසා යනු, එක්සියයක් භාෂා විෂයයෙහි ව්‍යවහාර කුශලතාවයි, විශේෂයෙන් මාගධී භාෂා විෂයයෙහි බුහුටි බවයි, ආගමො යනු, යටත් පිරිසෙයින් (ම.නි. මූල පණ්ණාසකයෙහි) ඕපම්ම වග්ගය පමණ තෙක් හෝ බුද්ධ වචනය හැදෑරීමයි. පරිපුච්ඡා නම්, එක් ගාථාවෙක්හි හෝ අර්ත්‍ථ-විනිශ්චය විමසීමයි. අධිගමො යනු, සෝවාන් බව -පෙ- හෝ රහත්බවයි, ගරු සන්නිස්සයො යනු, ඇසූ පිරූ තැන් ඇති ප්‍රතිභාන සම්පන්න ගුරුන් වෙත විසීමයි, මිත්ත සම්පත්ති යනු, එවැනිම වූ කලණ මිතුරන් ලැබීමයි.

තත්‍ථ බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච පුබ‍්බයොගඤ‍්චෙව අධිගමඤ‍්ච නිස‍්සාය පටිසම‍්භිදා පාපුණන‍්ති. සාවකා සබ‍්බානිපි එතානි කාරණානි. පටිසම‍්භිදාප‍්පත‍්තියා ච පාටියෙක‍්කො කම‍්මට‍්ඨානභාවනානුයොගො නාම නත්‍ථි. සෙක‍්ඛානං පන සෙක‍්ඛඵලවිමොක‍්ඛන‍්තිකා. අසෙක‍්ඛානං අසෙක‍්ඛඵලවිමොක‍්ඛන‍්තිකාව පටිසම‍්භිදාප‍්පත‍්ති හොති. තථාගතානං හි දසබලානි විය අරියානං අරියඵලෙනෙව පටිසම‍්භිදා ඉජ‍්ඣන‍්තීති ඉමා පටිසම‍්භිදා සන්‍ධාය වුත‍්තං චතුපටිසම‍්භිදාවසෙන චතුබ‍්බිධාති.

එහි, බුදුවරයෝද, පසේ බුදුවරයෝද පෙර පුරුදු ඇති බව හා මාර්ගඵලාවබෝධය හේතු කොට පිළිසිඹියාවනට පත්වෙති, බුද්ධශ්‍රාවකයෝ මේ සියලු කරුණු හේතු කොට පිළිසිඹියාවනට පැමිණෙති. පිළිසිඹියාවනට පත් වීමෙහිද එකක් එකක් බැගින් කර්මස්ථාන භාවනාවෙහි යෙදීමෙක් නැත. ශෛක්‍ෂයනට වනාහි ශෛක්‍ෂ්‍ය ඵල විමෝක්‍ෂය අන්ත කොටද, අශෛක්‍ෂයනට අශෛක්‍ෂඵල විමෝක්‍ෂය අන්ත කොටද පටිසම්භිදා ප්‍රාප්තිය සිද්ධ වේ, තථාගතයනට දශබලයන් සිද්ධ වන්නාසේ ආර්යශ්‍රාවකයනට ආර්යඵලයෙන්ම පිළිසිඹියාවන් සමෘද්ධ වෙතැ’යි මේ පිළිසිඹියාවන් සඳහා කියනලදි. සිවුපිළිසිඹියා වශයෙන් සිවුවැදෑරුම්ද වේ.