පඤ්ඤාකථා
පඤ්ඤාකථා
පඤ්ඤාකථා
ඉදානි යස්මා එවං අභිඤ්ඤාවසෙන අධිගතානිසංසාය ථිරතරාය සමාධිභාවනාය සමන්නාගතෙන භික්ඛුනා සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයන්ති එත්ථ චිත්තසීසෙන නිද්දිට්ඨො සමාධි සබ්බාකාරෙන භාවිතො හොති.
ඉක්බිති යම් හෙයකින් අභිඥා වශයෙන් මෙසේ ලද ආනිශංස ඇති, වඩා තිර බවට පත් සමාධිභාවනායෙන් සමන්විත භික්ෂුව විසින්, “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං” යන මෙහි චිත්ත ශීර්ෂයෙන් දක්වන ලද සමාධිය සියලු ආකාරයෙන් වඩනා ලද්දේ වේද,
තදනන්තරා පන පඤ්ඤා භාවෙතබ්බා. සා ච අතිසඞ්ඛෙපදෙසිතත්තා විඤ්ඤාතුම්පි තාව න සුකරා, පගෙව භාවෙතුං. තස්මා තස්සා විත්ථාරං භාවනානයඤ්ච දස්සෙතුං ඉදං පඤ්හාකම්මං හොති.
ඉන් අනතුරුව පඤ්ඤා භාවනාවද වැඩියයුතු වේ. එම පඤ්ඤා භාවනාව ඉතා සංක්ෂේපයෙන් දේශනා කරන ලද හෙයින් වැඩීමට තබා වටහා ගැනීමට පවා අපහසු වේ. එහෙයින් එය පිළිබඳ විස්තරය හා භාවනා ක්‍රමය දක්වනු වස් මේ ප්‍රශ්න-විචාරණය කරනු ලැබේ:
කා පඤ්ඤා, කෙනට්ඨෙන පඤ්ඤා, කානස්සා ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානි, කතිවිධා පඤ්ඤා, කථං භාවෙතබ්බා, පඤ්ඤාභාවනාය කො ආනිසංසොති?
පඤ්ඤා යනු කුමක්ද? කවර අර්ත්ථයෙන් පඤ්ඤා නම්වේද? එහි ලක්ඛණ (ලක්ෂණය), රස (කෘත්‍යය), පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය), පදට්ඨාන (ආසන්න කාරණය හෙවත් පදනම) කවරේද? පඤ්ඤාව කෙතෙක් ආකාර ඇත්තේද? කෙසේ වැඩිය යුතුද? පඤ්ඤාභාවනායෙහි ආනිශංස කවරේද? යනුවෙනි.
තත්රිදං විස්සජ්ජනං, කා පඤ්ඤාති පඤ්ඤා බහුවිධා නානප්පකාරා. තං සබ්බං විභාවයිතුං ආරබ්භමානං විස්සජ්ජනං අධිප්පෙතඤ්චෙව අත්ථං න සාධෙය්ය, උත්තරි ච වික්ඛෙපාය සංවත්තෙය්ය, තස්මා ඉධ අධිප්පෙතමෙව සන්ධාය වදාම. කුසලචිත්තසම්පයුත්තං විපස්සනාඤාණං පඤ්ඤා.
එහි විසඳීම මෙසේයි:- පඤ්ඤා යනු කුමක්ද යත්: පඤ්ඤාව බහුවිධ වේ, නොයෙක් ආකාර ඇත්තේ වේ. ඒ සියල්ල විස්තර කිරීම ඇරඹුව හොත් විසඳීම මෙන්ම අභිප්රේතාර්ත්ථයද සිද්ධ නොවිය හැකිය, තවද එය වික්ෂේපයට (කලකිරීමට) හේතු විය හැකිය. එහෙයින් මෙහි අභිප්‍රේත අර්ත්ථයම සලකා කුශල චිත්තය හා සමග යෙදුණු විදර්ශනා ඥානය පඤ්ඤායයි සිතමු.
කෙනට්ඨෙන පඤ්ඤාති පජානනට්ඨෙන පඤ්ඤා. කිමිදං පජානනං නාම? සඤ්ජානනවිජානනාකාරවිසිට්ඨං නානප්පකාරතො ජානනං. සඤ්ඤාවිඤ්ඤාණපඤ්ඤානං හි සමානෙපි ජානනභාවෙ, සඤ්ඤා “නීලං පීතක”න්ති ආරම්මණසඤ්ජානනමත්තමෙව හොති. “අනිච්චං දුක්ඛමනත්තා”ති ලක්ඛණපටිවෙධං පාපෙතුං න සක්කොති. විඤ්ඤාණං “නීලං පීතක”න්ති ආරම්මණඤ්ච ජානාති, ලක්ඛණපටිවෙධඤ්ච පාපෙති. උස්සක්කිත්වා පන මග්ගපාතුභාවං පාපෙතුං න සක්කොති. පඤ්ඤා වුත්තනයවසෙන ආරම්මණඤ්ච ජානාති, ලක්ඛණපටිවෙධඤ්ච පාපෙති, උස්සක්කිත්වා මග්ගපාතුභාවඤ්ච පාපෙති.
කවර අර්ත්ථයෙන් පඤ්ඤා නම් වේද යත්: පජානන (හෙවත් විශේෂ කොට දැන ගැනීමේ) අර්ත්ථයෙන් ‘පඤ්ඤා’ නම් වේ; මේ පජානනය නම් කුමක්ද? හඳුනාගැනීමය, මනාසේ දැන ගැනීමය යන දෙ-ආකාරයටම වඩා විශිෂ්ට වූ නානාප්‍රකාර වශයෙන් දැනගැනීම පජානනයයි. සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යන මේ තුනෙහිම ජානනභාවය ඇත්තේ නමුදු, ‘සඤ්ඤා’ යනු, හුදෙක් නිල්වන්ය, කසාවන්යයි අරමුණක් හඳුනාගැනීම පමණෙකි. එය ‘අනිත්‍යය, දුඃඛය ආනාත්මය’යි ලක්ෂණ ප්‍රතිවේධයට පැමිණවීමට නොසමත් වේ. විඤ්ඤාණය නිල්වන්ය, කසාවන්යයි අරමුණුද දනියි, ලක්ෂණ ප්රතිවේධයටද පමුණුවයි, එහෙත් උත්සාහවත් කොට (නොහොත් ඉදිරියට මෙහෙයවා) මාර්ගාවබෝධයට පමුණුවනු නොහැක්කේ වේ. පඤ්ඤාව වූකලී කීනයින් අරමුණු ද දනියි, ලක්ෂණ ප්රතිවේධයටද පමුණුවයි. උත්සාහවත් කොට මාර්ගාවබෝධයටද පමුණුවයි.
යථා හි හෙරඤ්ඤිකඵලකෙ ඨපිතං කහාපණරාසිං එකො අජාතබුද්ධිදාරකො, එකො ගාමිකපුරිසො, එකො හෙරඤ්ඤිකොති තීසු ජනෙසු පස්සමානෙසු අජාතබුද්ධිදාරකො කහාපණානං චිත්තවිචිත්තදීඝචතුරස්සපරිමණ්ඩලභාවමත්තමෙව ජානාති, “ඉදං මනුස්සානං උපභොගපරිභොගං රතනසම්මත”න්ති න ජානාති. ගාමිකපුරිසො චිත්තවිචිත්තාදිභාවං ජානාති, “ඉදං මනුස්සානං උපභොගපරිභොගං රතනසම්මත”න්ති ච. “අයං ඡෙකො, අයං කූටො, අයං අද්ධසාරො”ති ඉමං පන විභාගං න ජානාති. හෙරඤ්ඤිකො සබ්බෙපි තෙ පකාරෙ ජානාති, ජානන්තො ච කහාපණං ඔලොකෙත්වාපි ජානාති, ආකොටිතස්ස සද්දං සුත්වාපි, ගන්ධං ඝායිත්වාපි, රසං සායිත්වාපි, හත්ථෙන ධාරයිත්වාපි, අසුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා නගරෙ වා පබ්බතෙ වා නදීතීරෙ වා කතොතිපි, අසුකාචරියෙන කතොතිපි ජානාති, එවංසම්පදමිදං වෙදිතබ්බං.
යම්සේ වනාහි රන් පුවරුවක තබන ලද කහවණු රැසක් නූපන් බුද්ධි ඇති ලදරුවෙක, ගැමි පුරුෂයෙක, රන්කරුවෙකැ’යි යන තිදෙන විසින් දක්නා ලද කල්හි, ඔවුන’තුරෙන් බුද්ධිය නොපැසුණු ළදරුවා එම කහවණුවල ඇති හැඩහුරුකම, විසිතුරුබව, දික්බව, සිවුරැස් බව, වටකුරුබව ආදිය පමණක් දනියි; ‘මෙය මිනිසුන්ගේ උපභෝග පරිභෝගයට සුදුසු රත්න ජාතියෙකැ’යි නොදනියි. ගැමි තෙමේ එහි ඇති හැඩහුරුකම විසිතුරුබව ආදියද දනියි, ‘මෙය මිනිසුන්ගේ උපභෝග-පරිභෝගයට යෝග්‍ය වූ රත්න ජාතියෙකැ’යි ද දනියි. ‘මෙය සැබෑ රන්ය, මෙය බොරු රන්ය, මෙය මාත්තු රන්ය’ යන මේ විභාගය නොදනියි. රන්කරු තෙමේ එකී සියලුම ප්‍රකාරයන් දනියි, දැන ගනුයේද කහවණු බැලීමෙන්ද දැනගනියි, ගැටෙන විට හඬ ඇසීමෙන්ද දැනගනියි, ගඳ දැනීමෙන්ද, (දිවග තබා) රසබැලීමෙන්ද, අතින් ඔසවා බර බැලීමෙන්ද, ‘අසුවල් නම් ගමෙහි, නියම් ගමෙහි හෝ නගරයෙහි, පර්වතයෙහි හෝ ගංතෙරෙහි කරන ලදැ’යිද, අසුවල් ආචාර්යයා විසින් කරන ලදැ’යිද දැනගනියි. මෙසේ මේ කාරණය දතයුතුය.
සඤ්ඤා හි අජාතබුද්ධිනො දාරකස්ස කහාපණදස්සනං විය හොති, නීලාදිවසෙන ආරම්මණස්ස උපට්ඨානාකාරමත්තගහණතො. විඤ්ඤාණං ගාමිකස්ස පුරිසස්ස කහාපණදස්සනමිව හොති, නීලාදිවසෙන ආරම්මණාකාරගහණතො, උද්ධංපි ච ලක්ඛණපටිවෙධසම්පාපනතො. පඤ්ඤා හෙරඤ්ඤිකස්ස කහාපණදස්සනමිව හොති, නීලාදිවසෙන ආරම්මණාකාරං ගහෙත්වා, ලක්ඛණපටිවෙධඤ්ච පාපෙත්වා, තතො උද්ධම්පි මග්ගපාතුභාවපාපනතො. තස්මා යදෙතං සඤ්ජානනවිජානනාකාරවිසිට්ඨං නානප්පකාරතො ජානනං. ඉදං පජානනන්ති වෙදිතබ්බං. ඉදං සන්ධාය හි එතං වුත්තං “පජානනට්ඨෙන පඤ්ඤා”ති.
සඤ්ඤාව වූකලී නොහටගත් බුද්ධියෙන් යුත් ළදරුවාගේ කහවණු දැකීම වැනි වේ, නීලාදී වශයෙන් අරමුණට එළඹීමේදී ඡායාමාත්‍රය ගන්නා හෙයිනි. විඤ්ඤාණය ගැමියාගේ කහවණු දැකීම වැනි වේ, නීලාදී වශයෙන් අරමුණුවල ආකාරය ගන්නා හෙයින් හා ඉන් මතු ද ලක්ෂණ අවබෝධයට පමුණුවන හෙයිනි. පඤ්ඤාව රන්කරුවාගේ කහවණු දැකීම බඳු වේ, නීලාදී වශයෙන් අරමුණුවල ආකාරය ගෙන ලක්ෂණ අවබෝධයටද පමුණුවා එයින් මතුද මාර්ගාවබෝධය වෙත පමණුවන හෙයිනි. එහෙයින් හඳුනාගැනීමට හා දැනගැනීමටද වඩා විශිෂ්ට වූ යම් මේ අනේකාකාරයෙන් අවබෝධ කිරීමෙන් වේද, එය ‘පජානන’ නමැ’යි දතයුතුය. මෙය සඳහා ‘පජානනට්ඨෙන පඤ්ඤා’ (වෙසෙසා දැනගැනීමේ අර්ත්ථයෙන් ‘පඤ්ඤා’ නමැ’යි) යි කියනලදි.
සා පනෙසා යත්ථ සඤ්ඤාවිඤ්ඤාණානි, න තත්ථ එකංසෙන හොති. යදා පන හොති, තදා අවිනිබ්භුත්තා තෙහි ධම්මෙහි “අයං සඤ්ඤා, ඉදං විඤ්ඤාණං, අයං පඤ්ඤා”ති විනිබ්භුජ්ජිත්වා අලබ්භනෙය්යනානත්තා සුඛුමා දුද්දසා. තෙනාහ ආයස්මා නාගසෙනො “දුක්කරං, මහාරාජ, භගවතා කත”න්ති. කිං, භන්තෙ, නාගසෙන භගවතා දුක්කරං කතන්ති? ‘දුක්කරං, මහාරාජ, භගවතා කතං යං අරූපීනං චිත්තචෙතසිකානං ධම්මානං එකාරම්මණෙ පවත්තමානානං වවත්‍ථානං අක්ඛාතං අයං ඵස්සො, අයං වෙදනා, අයං සඤ්ඤා, අයං චෙතනා, ඉදං චිත්ත’”න්ති (මි· ප· 2.7.16).
ඒ මේ පඤ්ඤාව වූකලී සඤ්ඤා-විඤ්ඤාණ යන දෙක පවත්නා තැන ඒකාන්ත වශයෙන් පවත්නේ නොවේ. යම් විටෙක පවත්නේ නම්, එවිට එය එම ස්වභාවයන්ගෙන් වෙන් කොට ගතහැක්කේද නොවේ, ‘මේ සඤ්ඤාය, මේ විඤ්ඤාණය, මේ පඤ්ඤා යයි වෙන්කොට නොහැකි නානත්වය සියුම්ද, දුරවබෝධය වේ. එහෙයින් කීහ ආයුෂ්මත් නාගසේන තෙරණුවෝ:- “මහරජ, භාග්‍යවතුන් වහන්සේ විසින් දුෂ්කර කාර්යයක් කරන ලද්දේය”. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කවර නම් දුෂ්කර කාර්යයක් භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද්දේද?” “මහරජ, අරූපී වූ, එක් අරමුණෙක්හි පවත්නා වූ, චිත්ත-චෛතසික ධර්මයන් අතුරෙන්, ‘මේ ඵස්සය’, ‘මේ වේදනාය’, ‘මේ සඤ්ඤාය’, ‘මේ චේතනාය’, ‘මේ චිත්තය’යි මෙසේ නිශ්චය කොට දැක්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද දුෂ්කර කාර්යයි”.
කානස්සා ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානීති එත්ථ පන ධම්මසභාවපටිවෙධලක්ඛණා පඤ්ඤා, ධම්මානං සභාවපටිච්ඡාදකමොහන්ධකාරවිද්ධංසනරසා, අසම්මොහපච්චුපට්ඨානා. “සමාහිතො යථාභූතං ජානාති පස්සතී”ති (අ· නි· 10.2) වචනතො පන සමාධි තස්සා පදට්ඨානං.
එහි ලක්ෂණ, රස (හෙවත් කෘත්‍යය), පච්චුපට්ඨාන (හෙවත් වැටහෙන ආකරය) පදට්ඨාන (පදනම හෙවත් ආසන්න කාරණය) යනු කවරේදැයි යන්න මෙහි, පඤ්ඤාව ධර්මයන් පිළිබඳ යථාස්වභාවය විනිවිද දැකීම ලක්‍ෂණකොට ඇත්තේ වේ, ධර්මයන් පිළිබඳ යථාස්වභාවය වසා සිටින මෝහාන්ධකාරය නසාලීම කෘත්‍යය කොට ඇත්තේ වේ, නුමුළාබව වැටහෙන ආකාරය වේ. සමාහිතො යථාභූතං පජානාති, පස්සති (සමාධියට පැමිණියේ ඇති තතු දනියි, දකියි) යි කී හෙයින් සමාධිය එහි පදනම හෙවත් ආසන්න කාරණය වේ.