යෙදුමෙන් කියවන්න

පකිණ‍්ණකකථා

පකිණ‍්ණකකථා

පකිණ්ණකකථා

ඉති පඤ‍්චක‍්ඛන්‍ධවිදූ, පඤ‍්ච අභිඤ‍්ඤා අවොච යා නාථො; තා ඤත්‍වා තාසු අයං, පකිණ‍්ණකකථාපි විඤ‍්ඤෙය්‍යා.

ඉති පංචක්‍ඛන්‍ධවිදූ පඤ්ච අභිඤ්ඤා අවොච යා නාථො තා ඤත්‍වා තාසුං අයං පකිණ්ණක කථා’පි විඤ්ඤෙය්‍යා

පංචස්කන්‍ධයන් අවබෝධ කළ නාථයන් වහන්සේ යම් අභිඥාවන් පසක් මෙසේ ප්‍රකාශ කළ සේක්ද, ඒ අභිඥාවන් දැන, එම අභිඥාවන් පිළිබද මේ ප්‍රකීර්ණක කථාවන්ද දතයුතුය

එතාසු හි යදෙතං චුතූපපාතඤාණසඞ‍්ඛාතං දිබ‍්බචක‍්ඛු, තස‍්ස අනාගතංසඤාණඤ‍්ච යථාකම‍්මුපගඤාණඤ‍්චාති ද‍්වෙපි පරිභණ‍්ඩඤාණානි හොන‍්ති. ඉති ඉමානි ච ද‍්වෙ ඉද‍්ධිවිධාදීනි ච පඤ‍්චාති සත‍්ත අභිඤ‍්ඤාඤාණානි ඉධාගතානි. ඉදානි තෙසං ආරම‍්මණවිභාගෙ අසම‍්මොහත්‍ථං –

මේ අභිඥාවන් අතුරෙන් චුතූපපාත ඤාණයයි කියනලද යම් මේ දිබ්බචක්‍ඛු ඤාණයක් වේද, එයට අනාගතංස ඤාණය, යථාකම්මූපග ඤාණය යන මේ දෙකද පරිවාර ඤාණයෝ වෙති. මෙසේ මේ දෙකද ඉද්ධිවිධාදී වූ පසදැයි අභිඥාවන් සතක් මෙහි ආයේය, දැන් ඒ අභිඥාවන් පිළිබඳ අරමුණු විස්තර කිරීමේදී නිරවුල්බව පිණිස:-

ආරම‍්මණත‍්තිකා වුත‍්තා, යෙ චත‍්තාරො මහෙසිනා; සත‍්තන‍්නමපි ඤාණානං, පවත‍්තිං තෙසු දීපයෙ.

ආරම්මණත්තිකා වුත්තා යෙ චත්තාරො මහෙසිනා සත්තන්නම්පි ඤාණානං පවත්තිං තෙසු දීපයෙ

අරමුණු පිළිබඳ වූ යම් ත්‍රිකයන් සතරක් මහර්ෂීන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ද, එම ත්‍රික සතරෙහි දී සප්ත අභිඥාවන් පවත්නා ආකාරය විස්තර කරන්නෙමි.

තත්‍රායං දීපනා. චත‍්තාරො හි ආරම‍්මණත‍්තිකා මහෙසිනා වුත‍්තා. කතමෙ චත‍්තාරො? පරිත‍්තාරම‍්මණත‍්තිකො, මග‍්ගාරම‍්මණත‍්තිකො, අතීතාරම‍්මණත‍්තිකො, අජ‍්ඣත‍්තාරම‍්මණත‍්තිකොති (ධ· ස· තිකමාතිකා 13, 16, 19, 21).

එහි විස්තරය මෙසේය:- අරමුණු පිළිබඳ වූ ත්‍රිකයන් සතරක් (අරමුණු දොළසක්) මහර්ෂීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය, ඒ සතර කවරේද? පරිත්තාරම්මණත්තිකය, මහග්ගතාරම්මණත්තිකය, අතීතාරම්මණත්තිකය, අජ්ඣත්තාරම්මණත්තිකය යන මේයි.

තත්‍ථ ඉද‍්ධිවිධඤාණං පරිත‍්තමහග‍්ගතඅතීතානාගතපච‍්චුප‍්පන‍්නඅජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණවසෙන සත‍්තසු ආරම‍්මණෙසු පවත‍්තති. කථං? තඤ‍්හි යදා කායං චිත‍්තසන‍්නිස‍්සිතං කත්‍වා අදිස‍්සමානෙන කායෙන ගන‍්තුකාමො චිත‍්තවසෙන කායං පරිණාමෙති, මහග‍්ගතචිත‍්තෙ සමොදහති සමාරොපෙති, තදා උපයොගලද‍්ධං ආරම‍්මණං හොතීති කත්‍වා රූපකායාරම‍්මණතො පරිත‍්තාරම‍්මණං හොති. යදා චිත‍්තං කායසන‍්නිස‍්සිතං කත්‍වා දිස‍්සමානෙන කායෙන ගන‍්තුකාමො කායවසෙන චිත‍්තං පරිණාමෙති, පාදකජ‍්ඣානචිත‍්තං රූපකායෙ සමොදහති සමාරොපෙති, තදා උපයොගලද‍්ධං ආරම‍්මණං හොතීති කත්‍වා මහග‍්ගතචිත‍්තාරම‍්මණතො මහග‍්ගතාරම‍්මණං හොති.

ඉද්ධිවිධ ඤාණය-පරිත්ත-මහග්ගත-අතීත-අනාගත-පච්චුප්පන්න-අජ්ඣත්ත-බහිද්ධා වශයෙන් අරමුණු සතෙක්හි පවතී. කෙසේද යත්, යම් කලෙක රූපකායය සිත ඇසුරෙහි සිටින සේ ගෙන අදිසි කයින් යුතුව (නොපෙනී) යනු කැමැත්තේ සිතට අනුව කය හසුරුවයිද, මහද්ගත වූ සිත තුළ කය පිහිටුවයිද, රුවයිද එකල උපභෝග (ද්විතීයා විභක්ති) වශයෙන් ලද දෙය අරමුණ වෙති’යි ගෙන, රූපකායය අරමුණ වූ හෙයින් එය පරිත්තාරම්මණ වේ. යම් කලෙක සිත කය ඇසුරෙහි සිටින සේ ගෙන දෘශ්‍යමාන වූ කයින් යුතුව යනු කැමැත්තේ කයට අනුව සිත හසුරුවයිද, පාදකධ්‍යාන චිත්තය රූපකායය තුළ පිහිටුවයිද, රුවයිද, එකල උපයෝග වචන වශයෙන් ලද දෙය අරමුණු වෙති’යි ගෙන, මහද්ගත වූ සිත අරමුණු වූ හෙයින් එය මහග්ගතාරම්මණ වේ.

යස‍්මා පන තදෙව චිත‍්තං අතීතං නිරුද‍්ධං ආරම‍්මණං කරොති, තස‍්මා අතීතාරම‍්මණං හොති. මහාධාතුනිධානෙ මහාකස‍්සපත්‍ථෙරාදීනං විය අනාගතං අධිට‍්ඨහන‍්තානං අනාගතාරම‍්මණං හොති. මහාකස‍්සපත්‍ථෙරො කිර මහාධාතුනිධානං කරොන‍්තො “අනාගතෙ අට‍්ඨාරසවස‍්සාධිකානි ද‍්වෙවස‍්සසතානි ඉමෙ ගන්‍ධා මා සුස‍්සිංසු, පුප‍්ඵානි මා මිලායිංසු, දීපා මා නිබ‍්බායිංසූ”ති (ධ· ස· අට‍්ඨ· 1434) අධිට‍්ඨහි. සබ‍්බං තථෙව අහොසි. අස‍්සගුත‍්තත්‍ථෙරො වත‍්තනියසෙනාසනෙ භික‍්ඛුසඞ‍්ඝං සුක‍්ඛභත‍්තං භුඤ‍්ජමානං දිස‍්වා උදකසොණ‍්ඩිං දිවසෙ දිවසෙ පුරෙභත‍්තෙ දධිරසං හොතූති අධිට‍්ඨාසි. පුරෙභත‍්තෙ ගහිතං දධිරසං හොති. පච‍්ඡාභත‍්තෙ පාකතිකඋදකමෙව (ධ· ස· අට‍්ඨ· 1434). කායං පන චිත‍්තසන‍්නිස‍්සිතං කත්‍වා අදිස‍්සමානෙන කායෙන ගමනකාලෙ පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති.

යම් හෙයකින් ඉකුත්ව නිරුද්ධව ගිය එම සිත අරමුණු කොට ගනීද, එහෙයින් එය අතීතාරම්මණ වේ. මහාධාතු නිධානයෙහිදී මහාකාශ්‍යප ස්ථවිරාදීනට සෙයින් අනාගතයෙහි වේවා’යි අධිෂ්ඨාන කරන විට අනාගතාරම්මණ වේ. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වනාහි මහාධාතු නිධානය කරන සේක්, “අනාගතයෙහි දෙන අටළොස් වසක් මේ ගඳදෑ නොවියකේවා, මේ මල් නොමැලවේවා, මේ පහන් නොනිමේවායයි අධිෂ්ඨාන කළහ, සියල්ල එසේම සිදුවිය. අස්සගුත්ත ස්ථවිරයන් වහන්සේ වත්තනිය නම් සෙනස්නෙහි භික්‍ෂු සංඝයා වියලිබත් වළඳනු දැක, ‘දිය හෙබ දිනපතා උදයවරුවෙහි දීරස වේවා’යි අධිෂ්ඨාන කළහ, උදය වරුවෙහි ගත් විට දීරස වේ, සවස්වරුවෙහි සැබෑදියම වේ. කය සිත ඇසුරෙහි තබා අදිසිකයින් යුතුව යන කල පච්චුප්පන්නාරම්මණ වේ,

කායවසෙන චිත‍්තං, චිත‍්තවසෙන වා කායං පරිණාමනකාලෙ අත‍්තනො කුමාරකවණ‍්ණාදිනිම‍්මානකාලෙ ච සකායචිත‍්තානං ආරම‍්මණකරණතො අජ‍්ඣත‍්තාරම‍්මණං හොති. බහිද‍්ධා හත්‍ථිඅස‍්සාදිදස‍්සනකාලෙ පන බහිද‍්ධාරම‍්මණන‍්ති එවං තාව ඉද‍්ධිවිධඤාණස‍්ස සත‍්තසු ආරම‍්මණෙසු පවත‍්ති වෙදිතබ‍්බා.

කයට අනුව සිත හෝ සිතට අනුව කය හසුරුවන කල තමාගේ දාරක වේශාදිය මවනවිට තමාගේම කය හෝ සිත අරමුණු කොට ගනු ලබන හෙයින් අජ්ඣත්තාරම්මණ වේ. බාහිර වූ ඇත් අස් ආදීන් දක්වන විට එය බහිද්ධාරම්මණ වේ. මෙසේ පළමුකොට ඉද්ධිවිධ ඤාණය අරමුණු සතෙක්හි පවත්නා බව දතයුතුය.

දිබ‍්බසොතධාතුඤාණං පරිත‍්තපච‍්චුප‍්පන‍්නඅජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණවසෙන චතූසු ආරම‍්මණෙසු පවත‍්තති. කථං? තඤ‍්හි යස‍්මා සද‍්දං ආරම‍්මණං කරොති, සද‍්දො ච පරිත‍්තො, තස‍්මා පරිත‍්තාරම‍්මණං හොති. විජ‍්ජමානංයෙව පන සද‍්දං ආරම‍්මණං කත්‍වා පවත‍්තනතො පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති. තං අත‍්තනො කුච‍්ඡිසද‍්දසවනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං. පරෙසං සද‍්දසවනකාලෙ බහිද‍්ධාරම‍්මණන‍්ති එවං දිබ‍්බසොතධාතුඤාණස‍්ස චතූසු ආරම‍්මණෙසු පවත‍්ති වෙදිතබ‍්බා.

දිබ්බසොතධාතු ඤාණය පරිත්ත-පච්චුප්පන්න-අජ්ඣත්ත-බහිද්ධාරම්මණ වශයෙන් අරමුණු සතරෙක්හි පවතියි. කෙසේදයත්, යම්හෙයකින් ශබ්ද අරමුණු කොටගනීද, ශබ්දය සීමිත දෙයක් වේද, එහෙයින් පරිත්තාරම්මණ වේ, විද්‍යාමානවූම ශබ්දය අරමුණු කොට පවත්නා හෙයින් පච්චුප්පන්නාරම්මණ වේ, එය තමාගේම කුසෙහි ශබ්දය අසන කල අජ්ඣත්තාරම්මණ වේ, අන්‍යයන්ගේ ශබ්දය අසනකල බහිද්ධාරම්මණ වේ. මෙසේ දිබ්බසෝතධාතු ඤාණය සිවු අරමුණෙක්හි පවත්නා බව දතයුතුය.

චෙතොපරියඤාණං පරිත‍්තමහග‍්ගතඅප‍්පමාණමග‍්ගඅතීතානාගතපච‍්චුප‍්පන‍්නබහිද‍්ධාරම‍්මණවසෙන අට‍්ඨසු ආරම‍්මණෙසු පවත‍්තති. කථං? තඤ‍්හි පරෙසං කාමාවචරචිත‍්තජානනකාලෙ පරිත‍්තාරම‍්මණං හොති. රූපාවචරඅරූපාවචරචිත‍්තජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං හොති. මග‍්ගඵලජානනකාලෙ අප‍්පමාණාරම‍්මණං හොති.

චේතෝපරිය ඤාණය පරිත්ත-මහග්ගත-අප්පමාණ -මග්ග-අතීත-අනාගත-පච්චුප්පන්න බහිද්ධාරම්මණ වශයෙන් අට අරමුණෙක්හි පවතී. කෙසේද යත්, අනුන්ගේ කාමාවචර සිත් දන්නා කල එය පරිත්තාරම්මණ වේ, රූපාවචර අරූපාවචර සිත් දන්නා කල එය මහග්ගතාරම්මණ වේ, මාර්ග-ඵල දන්නා කල අප්පමානාරම්මණ වේ.

එත්‍ථ ච පුථුජ‍්ජනො සොතාපන‍්නස‍්ස චිත‍්තං න ජානාති. සොතාපන‍්නො වා සකදාගාමිස‍්සාති එවං යාව අරහතො නෙතබ‍්බං. අරහා පන සබ‍්බෙසං චිත‍්තං ජානාති. අඤ‍්ඤොපි ච උපරිමො හෙට‍්ඨිමස‍්සාති අයං විසෙසො වෙදිතබ‍්බො. මග‍්ගචිත‍්තාරම‍්මණකාලෙ මග‍්ගාරම‍්මණං හොති. යදා පන අතීතෙ සත‍්තදිවසබ‍්භන‍්තරෙ ච අනාගතෙ සත‍්තදිවසබ‍්භන‍්තරෙ ච පරෙසං චිත‍්තං ජානාති, තදා අතීතාරම‍්මණං අනාගතාරම‍්මණඤ‍්ච හොති.

මේ වනාහි පෘථග්ජන තෙමේ සෝතාපන්නයාගේ සිත නොදනී. සෝතාපන්න තෙමේ සකෘදාගාමී වූවහුගේ සිත නොදනී, මේ පිළිවෙළින් රහත්හු දක්වා යොදා ගතයුතුය. රහත්හු සියල්ලන්ගේම සිත දනිති. ඉහළින් ඉහළින් සිටි අන්‍යයෝද, පහළින් පහළින් සිටියවුන්ගේ සිත දනිතියි යන මේ විශේෂය දතයුතුයි. මාර්ග චිත්තය අරමුණු කොට ඇති කල්හි මග්ගාරම්මණය වේ. යම් කලෙක වනාහි ඉකුත්ව ගිය සත්දිනක් ඇතුළතද, මතුවට එන සත්දිනක් ඇතුළතද අනුන් සිත් දනීද, එකල අතීතාරම්මණයද අනාගතාරම්මණයද වේ,

කථං පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති. පච‍්චුප‍්පන‍්නං නාම තිවිධං – ඛණපච‍්චුප‍්පන‍්නං, සන‍්තතිපච‍්චුප‍්පන‍්නං, අද‍්ධාපච‍්චුප‍්පන‍්නඤ‍්ච. තත්‍ථ උප‍්පාදට‍්ඨිතිභඞ‍්ගප‍්පත‍්තං ඛණපච‍්චුප‍්පන‍්නං. එකද‍්වෙසන‍්තතිවාරපරියාපන‍්නං සන‍්තතිපච‍්චුප‍්පන‍්නං. තත්‍ථ අන්‍ධකාරෙ නිසීදිත්‍වා ආලොකට‍්ඨානං ගතස‍්ස න තාව ආරම‍්මණං පාකටං හොති, යාව පන තං පාකටං හොති , එත්‍ථන‍්තරෙ එකද‍්වෙසන‍්තතිවාරා වෙදිතබ‍්බා. ආලොකට‍්ඨානෙ විචරිත්‍වා ඔවරකං පවිට‍්ඨස‍්සාපි න තාව සහසා රූපං පාකටං හොති, යාව පන තං පාකටං හොති, එත්‍ථන‍්තරෙ එකද‍්වෙසන‍්තතිවාරා වෙදිතබ‍්බා. දූරෙ ඨත්‍වා පන රජකානං හත්‍ථවිකාරං, ඝණ‍්ඩිභෙරීආකොටනවිකාරඤ‍්ච දිස‍්වාපි න තාව සද‍්දං සුණාති, යාව පන තං සුණාති, එතස‍්මිම‍්පි අන‍්තරෙ එකද‍්වෙසන‍්තතිවාරා වෙදිතබ‍්බා. එවං තාව මජ‍්ඣිමභාණකා.

පච්චුපන්නාරම්මණය කෙසේ සිදුවන්නේද යත්:- පච්චුපන්නය වනාහි ඛන පච්චුප්පන්නය, සන්තතිපච්චුප්පන්නය, අද්ධාපච්චුප්පන්නයයි ත්‍රිවිධ වේ. එහි, උත්පාද - ස්ථිති - භංගයන්ට පැමිණියේ ඛණපච්චුපන්න නමි, සන්තති (පැවතුම්) වාර එකක් හෝ දෙකක් පැවතියේ සන්තති පච්චුප්පන්න නමි. එහි, අඳුරෙහි හිඳ ආලෝකය ඇති තැනකට ගියහුට අරමුණ ප්‍රකට නොවී යාමත්, යලි එය ප්‍රකට වීමත් යන මෙදෑතුර සන්තතිවාර එකක් හෝ දෙකක්යයි දතයුතුය. ආලෝකය ඇති තැනෙක හැසිර ඇතුල් ගැබට පිවිසි කෙනකුට එක් වරම රූපයක් ප්‍රකට නොවීමත්, යලි එය ප්‍රකට වීමත් යන මෙදෑතුරද සන්තතිවාර එකක් හෝ දෙකක්යයි දතයුතුය. දුර සිට බලන්නකුට රජකයන්ගේ හස්තවිකාර (රෙදි අපුලන විට කැරෙන අත් ඉහළ පහළ යාම), ඝංඨා (ගෙඩි) හා භේරි (බෙර) ගැසීමේදී වන හස්ත විකාර ද දැක පවා එම ශබ්දය පළමුව නොඇසීමත් පසුව යලි ඇසීමත් යන මෙදෑතුරද සන්තතිවාර එකක් හෝ දෙකක්යයි දතයුතුය. මේ පළමු ක්‍රමය මජ්ඣිම භාණකයෝ දක්වති.

සංයුත‍්තභාණකා පන රූපසන‍්තති අරූපසන‍්තතීති ද‍්වෙ සන‍්තතියො වත්‍වා උදකං අක‍්කමිත්‍වා ගතස‍්ස යාව තීරෙ අක‍්කන‍්තඋදකලෙඛා න විප‍්පසීදති, අද‍්ධානතො ආගතස‍්ස යාව කායෙ උසුමභාවො න වූපසම‍්මති, ආතපා ආගන‍්ත්‍වා ගබ‍්භං පවිට‍්ඨස‍්ස යාව අන්‍ධකාරභාවො න විගච‍්ඡති, අන‍්තොගබ‍්භෙ කම‍්මට‍්ඨානං මනසි කරිත්‍වා දිවා වාතපානං විවරිත්‍වා ඔලොකෙන‍්තස‍්ස යාව අක‍්ඛීනං ඵන්‍දනභාවො න වූපසම‍්මති, අයං රූපසන‍්තති නාම. ද‍්වෙ තයො ජවනවාරා අරූපසන‍්තති නාමාති වත්‍වා තදුභයම‍්පි සන‍්තතිපච‍්චුප‍්පන‍්නං නාමාති වදන‍්ති.

සංයුත්ත භාණකයෝ වනාහි රූප සන්තති, අරූපසන්තති යනුවෙන් සන්තති දෙකක් දක්වා ජලය පාගාගෙන එතෙර සිටිවිට පාගා නැගූ ජල රේඛාව යම්තාක් නොපෑදේද දුරක් ගෙවා ආවහුට කයෙහි ගමන් බව යම්තාක් නොසන්සිදේද අවුවෙහි අවුත් ඇතුල් ගමට පිවිසියහුට අඳුරු බව යම්තාක් නොහැරේද ඇතුල් ගබෙහි කමටහන් මෙනෙහි කොට දහවල කවුළුව හැර බලන්නහුට යම්තාක් ඇස්වල සසල බව නොසන්සිදේද ඒතාක් රූපසන්තති නම්වේ. ජවනවාර දෙකක් හෝ තුනක් අරූපසන්තති නම් වෙතැ’යි පවසා දෙකම සන්තති පච්චුප්පන්න නමැ’යි කියත්.

එකභවපරිච‍්ඡින‍්නං පන අද‍්ධාපච‍්චුප‍්පන‍්නං නාම. යං සන්‍ධාය භද‍්දෙකරත‍්තසුත‍්තෙ “යො චාවුසො, මනො යෙ ච ධම‍්මා උභයමෙතං පච‍්චුප‍්පන‍්නං, තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගප‍්පටිබද‍්ධං හොති විඤ‍්ඤාණං, ඡන්‍දරාගප‍්පටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති, තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරතී”ති (ම· නි· 3.284) වුත‍්තං. සන‍්තතිපච‍්චුප‍්පන‍්නඤ‍්චෙත්‍ථ අට‍්ඨකථාසු ආගතං. අද‍්ධාපච‍්චුප‍්පන‍්නං සුත‍්තෙ.

එක් ආත්මභාවයෙකින් පිරිසිඳියේ අද්ධා පච්චුපන්න නමි, මෙය ගැන භද්දේ කරත්ත සූත්‍රයෙහි, “ඇවැත්නි, යම් මනසක් වේද, යම් මානසික ස්වභාවයක් වෙත්ද, මේ දෙකම පච්චුප්පන්නයි, එම පච්චුප්පන්නයෙහි ඡන්‍දරාගය පිළිබඳ විඤ්ඤාණය වේ, විඤ්ඤාණය ඡන්‍දරාගය පිළිබඳ වූ හෙයින් එහි තොස් වඩයි, එහි තොස් වඩනුයේ පච්චුප්පන්න ධර්මයන් කෙරෙහි ඇද වැටෙයි” යනුවෙන් කියනලදි. මෙහි සන්තති පච්චුප්පන්නය අට්ඨකථාවන්හිද අද්ධාපච්චුප්පන්නය සූත්‍ර පිටකයෙහිද, ආයේය.

තත්‍ථ කෙචි ඛණපච‍්චුප‍්පන‍්නං චිත‍්තං චෙතොපරියඤාණස‍්ස ආරම‍්මණං හොතීති වදන‍්ති. කිං කාරණා? යස‍්මා ඉද‍්ධිමතො ච පරස‍්ස ච එකක‍්ඛණෙ චිත‍්තං උප‍්පජ‍්ජතීති. ඉදඤ‍්ච නෙසං ඔපම‍්මං, යථා ආකාසෙ ඛිත‍්තෙ පුප‍්ඵමුට‍්ඨිම‍්හි අවස‍්සං එකං පුප‍්ඵං එකස‍්ස වණ‍්ටෙන වණ‍්ටං පටිවිජ‍්ඣති, එවං පරස‍්ස චිත‍්තං ජානිස‍්සාමීති රාසිවසෙන මහාජනස‍්ස චිත‍්තෙ ආවජ‍්ජිතෙ අවස‍්සං එකස‍්ස චිත‍්තං එකෙන චිත‍්තෙන උප‍්පාදක‍්ඛණෙ වා ඨිතික‍්ඛණෙ වා භඞ‍්ගක‍්ඛණෙ වා පටිවිජ‍්ඣතීති. තං පන වස‍්සසතම‍්පි වස‍්සසහස‍්සම‍්පි ආවජ‍්ජන‍්තො යෙන ච චිත‍්තෙන ආවජ‍්ජති , යෙන ච ජානාති. තෙසං ද‍්වින‍්නං සහඨානාභාවතො ආවජ‍්ජනජවනානඤ‍්ච අනිට‍්ඨට‍්ඨානෙ නානාරම‍්මණභාවප‍්පත‍්තිදොසතො අයුත‍්තන‍්ති අට‍්ඨකථාසු පටික‍්ඛිත‍්තං.

එහි ඛණ පච්චුප්පන්න චිත්තය චේතෝපරියඤාණයට අරමුණු වෙති’යි ඇතැමෙක් කියත්. කවර හෙයින්ද යත්, ඍද්ධිමත්හුගේද (සෘද්ධිමත් නොවන) අනිකකුගේද සිත් එක් කෙණෙක්හි උපදින හෙයිනි. මෙය එයට උපමාවකි. යම්සේ මල් මිටක් ගෙන අහසට දැමූ කල අවශ්‍යයෙන්ම එක් මලක් අනෙක් මලක් හා සමග නටුවෙන් නටුව එකිනෙක ගෙතෙයි ද, එසේම පර සිතක් දැනගන්නෙමි’යි සමූහ වශයෙන් මහජනයාගේ සිත් ආවර්ජනය කළ විට අවශ්‍යයෙන්ම එක් සිතක් අනෙක් සිතක් හා සමග උප්පාදක්‍ෂණයෙහි හෝ ස්ථිතික්‍ෂණයෙහි හෝ භංගක්‍ෂණයෙහි හෝ එකිනෙක ගෙතෙයි. එය වනාහි සියක් හවුරුදු දහසක් හවුරුදු ආවර්ජනය කරතත් ආවර්ජන චිත්තය හා ජවන චිත්තය එක්තැන් නොවීමේ හේතුවෙන්ද ආවර්ජන ජවනයන් අභිප්‍රේත නොවන තන්හි නොයෙක් අරමුණු බවට පත්වීමේ දෝෂයෙන්ද, නොසුදුසු යයි අටුවාහි ප්‍රතික්‍ෂේප කරන ලදි.

සන‍්තතිපච‍්චුප‍්පන‍්නං පන අද‍්ධාපච‍්චුප‍්පන‍්නඤ‍්ච ආරම‍්මණං හොතීති වෙදිතබ‍්බං. තත්‍ථ යං වත‍්තමානජවනවීථිතො අතීතානාගතවසෙන ද‍්විත‍්තිජවනවීථිපරිමාණෙ කාලෙ පරස‍්ස චිත‍්තං, තං සබ‍්බම‍්පි සන‍්තතිපච‍්චුප‍්පන‍්නං නාම. “අද‍්ධාපච‍්චුප‍්පන‍්නං පන ජවනවාරෙන දීපෙතබ‍්බ”න‍්ති සංයුත‍්තට‍්ඨකථායං වුත‍්තං. තං සුට‍්ඨු වුත‍්තං.

සන්තති පච්චුප්පන්නයද අද්ධා පච්චුප්පන්නයද අරමුණු වෙති’යි දතයුතුය. එහි, ජවන වීථියෙහි පටන් අතීත අනාගත වශයෙන් ජවනවීථි දෙකක් හෝ තුනක් පමණ වූ කාලයෙහි පවත්නා යම් පරචිත්තයක් වේද, ඒ සියල්ල සන්තති පච්චුප්පන්න නමි. අද්ධා පච්චුප්පන්නය වනාහි ජවනවාර වශයෙන් විස්තර කළයුතුයයි සංයුත්සඟි අටුවායෙහි කියනලදි, එය මනාකොටම කියන ලදි.

තත්‍රායං දීපනා, ඉද‍්ධිමා පරස‍්ස චිත‍්තං ජානිතුකාමො ආවජ‍්ජති, ආවජ‍්ජනං ඛණපච‍්චුප‍්පන‍්නං ආරම‍්මණං කත්‍වා තෙනෙව සහ නිරුජ‍්ඣති. තතො චත‍්තාරි පඤ‍්ච වා ජවනානි. යෙසං පච‍්ඡිමං ඉද‍්ධිචිත‍්තං, සෙසානි කාමාවචරානි, තෙසං සබ‍්බෙසම‍්පි තදෙව නිරුද‍්ධං චිත‍්තමාරම‍්මණං හොති, න ච තානි නානාරම‍්මණානි හොන‍්ති, අද‍්ධාවසෙන පච‍්චුප‍්පන‍්නාරම‍්මණත‍්තා. එකාරම‍්මණත‍්තෙපි ච ඉද‍්ධිචිත‍්තමෙව පරස‍්ස චිත‍්තං ජානාති, න ඉතරානි. යථා චක‍්ඛුද‍්වාරෙ චක‍්ඛුවිඤ‍්ඤාණමෙව රූපං පස‍්සති, න ඉතරානීති. ඉති ඉදං සන‍්තතිපච‍්චුප‍්පන‍්නස‍්ස චෙව අද‍්ධාපච‍්චුප‍්පන‍්නස‍්ස ච වසෙන පච‍්චුප‍්පන‍්නාරම‍්මණං හොති. යස‍්මා වා සන‍්තතිපච‍්චුප‍්පන‍්නම‍්පි අද‍්ධාපච‍්චුප‍්පන‍්නෙයෙව පතති, තස‍්මා අද‍්ධාපච‍්චුප‍්පන‍්නවසෙනෙවෙතං පච‍්චුප‍්පන‍්නාරම‍්මණන‍්ති වෙදිතබ‍්බං. පරස‍්ස චිත‍්තාරම‍්මණත‍්තායෙව පන බහිද‍්ධාරම‍්මණං හොතීති එවං චෙතොපරියඤාණස‍්ස අට‍්ඨසු ආරම‍්මණෙසු පවත‍්ති වෙදිතබ‍්බා.

එහි විස්තරය මෙසේය: සෘද්ධිමත් පුද්ගල තෙමේ පරසිතක් දැනගනු කැමැතිව ආවර්ජන කරයි, ආවර්ජනය ඛණපච්චුපන්නය අරමුණු කොට එය හා සමගම නිරුද්ධ වේ. එතැන් පටන් ජවන් සතරක් හෝ පසක් වේද, එහි අවසන් ජවනය ඍද්ධි චිත්තය වේ, සෙසු ජවන් කාමාවචර වේ. ඒ ජවන් සිත් සියල්ලටම එම නිරුද්ධ වූ සිත අරමුණු වේ. ඒ ජවන් සිත් නානාරම්මණ නොවේ, අද්ධා වශයෙන් පචුප්පන්නාරම්මණ වන හෙයිනි. ඒකාරම්මණ බව ඇති කල පවා සෘද්ධි චිත්තයම මිස අනෙක් චිත්තයක් පරසිත් නොදනියි. චක්‍ඛුද්වාර විෂයෙහි චක්‍ඛුවිඤ්ඤාණයම මිස (සෝතාදී) සෙසු විඤ්ඤාණයන් රූපයන් නොදකින සෙයිනි. මෙසේ මේ පච්චුප්පන්නාරම්මණය සන්තති පච්චුප්පන්න වශයෙන් ද අද්ධාපච්චුප්පන්න වශයෙන්ද සිද්ධ වේ. යම් හෙයකින් සන්තති පච්චුපන්නයද අද්ධා පච්චුප්පන්නය තුළම වැටේද, එහෙයින් අද්ධාපච්චුප්පන්න වශයෙන්ම සිත පච්චුප්පන්නාරම්මණ වෙතැ’යි පර සිත් අරමුණු කොට ඇති හෙයින්ම බහිද්ධාරම්මණද වෙති’යි මෙසේ චේතෝපරියඤාණය අට අරමුණෙක්හි පවත්නා බව දතයුතුය.

පුබ‍්බෙනිවාසඤාණං පරිත‍්තමහග‍්ගතඅප‍්පමාණමග‍්ගඅතීතඅජ‍්ඣත‍්තබහිද‍්ධානවත‍්තබ‍්බාරම‍්මණවසෙන අට‍්ඨසු ආරම‍්මණෙසු පවත‍්තති. කථං? තඤ‍්හි කාමාවචරක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ පරිත‍්තාරම‍්මණං හොති. රූපාවචරාරූපාවචරක‍්ඛන්‍ධානුස‍්සරණකාලෙ මහග‍්ගතාරම‍්මණං. අතීතෙ අත‍්තනා පරෙහි වා භාවිතමග‍්ගං සච‍්ඡිකතඵලඤ‍්ච අනුස‍්සරණකාලෙ අප‍්පමාණාරම‍්මණං. භාවිතමග‍්ගමෙව අනුස‍්සරණකාලෙ මග‍්ගාරම‍්මණං. නියමතො පනෙතං අතීතාරම‍්මණමෙව.

පුබ්බේනිවාසඤාණය පරිත්ත-මහග්ගත, අප්පමාණ මග්ග අතීත අජ්ඣත්ත, බහිද්ධා, නවත්තබ්බාරම්මණ වශයෙන් අට අරමුණෙක්හි පවතියි. කෙසේද යත්, කාමාවචර ස්කන්‍ධයන් සිහි කරන කල්හි පරිත්තාරම්මණ වේ, රූපාවචර හා අරූපාවචර ස්කන්‍ධයන් සිහි කරන කල්හි මහග්ගතාරම්මණ වේ. අතීතයෙහි තමා විසින් හෝ අන් කෙනෙකුන් විසින් වඩනා ලද ආර්යමාර්ගයද, සාක්‍ෂාත්කළ ඵලයද සිහිකරන විට අප්පමාණාරම්මණ වේ. වඩනා ලද මාර්ගය පමණක් සිහි කරන විට මග්ගාරම්මණ වේ. මෙය නියත වශයෙන්ම මේ අතීතාරම්මණ වේ.

තත්‍ථ කිඤ‍්චාපි චෙතොපරියඤාණයථාකම‍්මුපගඤාණානිපි අතීතාරම‍්මණානි හොන‍්ති, අථ ඛො තෙසං චෙතොපරියඤාණස‍්ස සත‍්තදිවසබ‍්භන‍්තරාතීතං චිත‍්තමෙව ආරම‍්මණං. තඤ‍්හි අඤ‍්ඤං ඛන්‍ධං වා ඛන්‍ධපටිබද‍්ධං වා න ජානාති. මග‍්ගසම‍්පයුත‍්තචිත‍්තාරම‍්මණත‍්තා පන පරියායතො මග‍්ගාරම‍්මණන‍්ති වුත‍්තං. යථාකම‍්මුපගඤාණස‍්ස ච අතීතං චෙතනාමත‍්තමෙව ආරම‍්මණං. පුබ‍්බෙනිවාසඤාණස‍්ස පන අතීතා ඛන්‍ධා ඛන්‍ධපටිබද‍්ධඤ‍්ච කිඤ‍්චි අනාරම‍්මණං නාම නත්‍ථි . තඤ‍්හි අතීතක‍්ඛන්‍ධඛන්‍ධපටිබද‍්ධෙසු ධම‍්මෙසු සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණගතිකං හොතීති අයං විසෙසො වෙදිතබ‍්බො. අයමෙත්‍ථ අට‍්ඨකථානයො. යස‍්මා පන “කුසලා ඛන්‍ධා ඉද‍්ධිවිධඤාණස‍්ස චෙතොපරියඤාණස‍්ස පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණස‍්ස යථාකම‍්මුපගඤාණස‍්ස අනාගතංසඤාණස‍්ස ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 1.1.404) පට‍්ඨානෙ වුත‍්තං. තස‍්මා චත‍්තාරොපි ඛන්‍ධා චෙතොපරියඤාණයථාකම‍්මුපගඤාණානං ආරම‍්මණා හොන‍්ති. තත්‍රාපි යථාකම‍්මුපගඤාණස‍්ස කුසලාකුසලා එවාති.

එහි චෙතොපරියඤාණය හා යථාකම්මූපගඤාණයද අතීතාරම්මණ වේ, එනමුදු ඒ දෙක අතුරෙන් චේතෝපරිය ඤාණයට සත්දිනක් ඇතුළත වූ අතීත චිත්තයම ආරම්මණ වේ. එය සෙසු ස්කන්‍ධයක් හෝ ස්කන්‍ධයක් හා බැඳුණු යමක් හෝ නොදනියි. එතෙකුදු වුවත් (ආර්ය) මාර්ග සම්ප්‍රයුක්ත චිත්තය අරමුණු කොට ඇති හෙයින් පර්යාය වශයෙන් මග්ගාරම්මණයයි කියන ලදි. යථාකම්මූපග ඤාණයටද අතීත වූ චේතනා මාත්‍රයම ආරම්මණ වේ. පුබ්බේනිවාස ඤාණයට වනාහි අතීත වූ ස්කන්‍ධයන් වේවයි ස්කන්‍ධයන් හා බැඳුණු කිසිවක් හෝ වේවයි අරමුණු නොවන්නක් නම් නැත. එය වනාහි අතීත වූ ස්කන්‍ධයන් කෙරෙහිද ස්කන්‍ධයන් හා බැඳුණු ධර්මයන් කෙරෙහිද සර්වඥතා ඥානයෙහි ස්වභාවය ඇත්තේය යන විශේෂය දතයුතුය. මේ මෙහි අටුවා නයයි. යම් හෙයකින් වනාහි කුශල ස්කන්‍ධයන් ඉද්ධිවිධ ඤාණයටද, චේතෝපරියඤාණයටද, පුබ්බේනිවාසානුස්සති ඤාණයටද, යථාකම්මූපග ඤාණයටද, අනාගතංස ඤාණයටද ආරම්මණ ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’යි පට්ඨාන ප්‍රකරණයෙහි කියන ලද්දේ ද, එහෙයින් නාමස්කන්‍ධචතුෂ්කයම චේතෝපරිය ඤාණයට හා යථාකම්මූපග ඤාණයට අරමුණු වේ, තවද, එහි යථාකම්මූපග ඤාණයට කුශල අකුශල දෙකම අරමුණු වේ.

අත‍්තනො ඛන්‍ධානුස‍්සරණකාලෙ පනෙතං අජ‍්ඣත‍්තාරම‍්මණං. පරස‍්ස ඛන්‍ධානුස‍්සරණකාලෙ බහිද‍්ධාරම‍්මණං. “අතීතෙ විපස‍්සී භගවා අහොසි. තස‍්ස මාතා බන්‍ධුමතී, පිතා බන්‍ධුමා”තිආදිනා (දී· නි· 2.12) නයෙන නාමගොත‍්තපථවීනිමිත‍්තාදිඅනුස‍්සරණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණං හොති. නාමගොත‍්තන‍්ති චෙත්‍ථ ඛන්‍ධූපනිබන්‍ධො සම‍්මුතිසිද‍්ධො බ්‍යඤ‍්ජනත්‍ථො දට‍්ඨබ‍්බො, න බ්‍යඤ‍්ජනං. බ්‍යඤ‍්ජනඤ‍්හි සද‍්දායතනසඞ‍්ගහිතත‍්තා පරිත‍්තං හොති. යථාහ “නිරුත‍්තිපටිසම‍්භිදා පරිත‍්තාරම‍්මණා”ති (විභ· 749). අයමෙත්‍ථ අම‍්හාකං ඛන‍්ති. එවං පුබ‍්බෙනිවාසඤාණස‍්ස අට‍්ඨසු ආරම‍්මණෙසු පවත‍්ති වෙදිතබ‍්බා.

තමා පිළිබඳ ස්කන්‍ධයන් සිහි කරන විට මෙය (පුබ්බේනිවාස ඤාණය) අජ්ඣත්තාරම්මණ වේ. අන්‍යයන්ගේ ස්කන්‍ධයන් සිහි කරණ විට බහිද්ධාරම්මණ වේ. අතීතයෙහි විපස්සී නම් භාග්‍යවත් කෙණෙක් වූහ ඔවුන්ගේ මෑණියෝ බන්‍ධුමතී නම්වූහ. පියාණෝ බන්‍ධුම නම් වූහ. ආදී වශයෙන් නාම ගෝත්‍ර පෘථිවි නිමිත්තාදිය සිහි කරන විට නවත්තබ්බ (වචනයෙන් විස්තර කළ නොහැකි) ආරම්මණ වේ. නාම ගෝත්‍ර යනු මෙහි ස්කන්‍ධයන් හා බැඳුණු, සම්මුති වශයෙන් සිද්ධ වූ වචනාර්ත්‍ථය මිස, වචනය නොවේයයි දතයුතුය, වචනය වනාහි ශබ්දායතනයෙන් සංගෘහීත වූ හෙයින් පරිත්තාරම්මණ වේ. එහෙයින් කියනලදි - “නිරුත්ති පටිසම්භිදාව පරිත්තාරම්මණ වේ” යනුයි. මේ මෙහි (දක්වන ලදුයේ) අපගේ මතයයි. මේ ආකාරයෙන් පුබ්බේනිවාසඤාණය අට අරමුණෙක්හි පවත්නා බව දතයුතුය.

දිබ‍්බචක‍්ඛුඤාණං පරිත‍්තපච‍්චුප‍්පන‍්නඅජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණවසෙන චතූසු ආරම‍්මණෙසු පවත‍්තති. කථං? තඤ‍්හි යස‍්මා රූපං ආරම‍්මණං කරොති, රූපඤ‍්ච පරිත‍්තං, තස‍්මා පරිත‍්තාරම‍්මණං හොති. විජ‍්ජමානෙයෙව ච රූපෙ පවත‍්තත‍්තා පච‍්චුප‍්පන‍්නාරම‍්මණං. අත‍්තනො කුච‍්ඡිගතාදිරූපදස‍්සනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං. පරස‍්ස රූපදස‍්සනකාලෙ බහිද‍්ධාරම‍්මණන‍්ති එවං දිබ‍්බචක‍්ඛුඤාණස‍්ස චතූසු ආරම‍්මණෙසු පවත‍්ති වෙදිතබ‍්බා.

දිබ්බචක්‍ඛුඤාණය පරිත්ත-පච්චුප්පන්න-අජ්ඣත්ත-බහිද්ධාරම්මණ වශයෙන් සිවු අරමුණෙක්හි පවතී. කෙසේද යත්, යම් හෙයකින් එය රූපය අරමුණු කෙරේද, තවද රූපය පරිත්තාරම්මණ වේද, එහෙයින් පරිත්තාරම්මණ වේ. විද්‍යමාන වූ රූපයෙහිම පවත්වනු ලබන හෙයින් පච්චුප්පන්නාරම්මණ වේ. තමාගේ කුස තුළ පවත්නා රූපාදිය දක්නා විට බහිද්ධාරම්මණ වේ යයි මේ ආකාරයෙන් දිබ්බචක්‍ඛු ඤාණය සිවු අරමුණෙක්හි පවත්නා බව දතයුතුය.

අනාගතංසඤාණං පරිත‍්තමහග‍්ගතඅප‍්පමාණමග‍්ගඅනාගතඅජ‍්ඣත‍්තබහිද‍්ධානවත‍්තබ‍්බාරම‍්මණවසෙන අට‍්ඨසු ආරම‍්මණෙසු පවත‍්තති. කථං? තඤ‍්හි “අයං අනාගතෙ කාමාවචරෙ නිබ‍්බත‍්තිස‍්සතී”ති ජානනකාලෙ පරිත‍්තාරම‍්මණං හොති. “රූපාවචරෙ අරූපාවචරෙ වා නිබ‍්බත‍්තිස‍්සතී”ති ජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං. “මග‍්ගං භාවෙස‍්සති, ඵලං සච‍්ඡිකරිස‍්සතී”ති ජානනකාලෙ අප‍්පමාණාරම‍්මණං. “මග‍්ගං භාවෙස‍්සති”ච‍්චෙව ජානනකාලෙ මග‍්ගාරම‍්මණං. නියමතො පන තං අනාගතාරම‍්මණමෙව.

අනාගතංස ඤාණය පරිත්ත-මහග්ගත-අප්පමාණ-මග්ගඅනාගත-අජ්ඣත්ත-බහිද්ධා-නවත්තබ්බාරම්මණ වශයෙන් අට අරමුණක්හි පවත්නේය. කෙසේද යත්, ‘මේ තෙමේ අනාගතයෙහි කාමාවචර භූමියෙහි උපදින්නේයයි දැනගන්නා විට පරිත්තාරම්මණ වේ. රූපාවචර හෝ අරූපාවචර භූමියෙහි උපදින්නේයයි දැනගන්නා විට මහග්ගතාරම්මණ වේ. මාර්ග වඩන්නේය. ඵලය අවබෝධ කරන්නේයයි දැන ගන්නා විට අප්පමාණාරම්මණ වේ. මාර්ගය වඩන්නේය යනු පමණක් දැනගන්නාවිට මග්ගාරම්මණ වේ. නිත්‍ය වශයෙන්ම එය අනාගතාරම්මණ වේ.

තත්‍ථ කිඤ‍්චාපි චෙතොපරියඤාණම‍්පි අනාගතාරම‍්මණං හොති, අථ ඛො තස‍්ස සත‍්තදිවසබ‍්භන‍්තරානාගතං චිත‍්තමෙව ආරම‍්මණං. තඤ‍්හි අඤ‍්ඤං ඛන්‍ධං වා ඛන්‍ධපටිබද‍්ධං වා න ජානාති. අනාගතංසඤාණස‍්ස පුබ‍්බෙනිවාසඤාණෙ වුත‍්තනයෙන අනාගතෙ අනාරම‍්මණං නාම නත්‍ථි. “අහං අමුත්‍ර නිබ‍්බත‍්තිස‍්සාමී”ති ජානනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං. “අසුකො අමුත්‍ර නිබ‍්බත‍්තිස‍්සතී”ති ජානනකාලෙ බහිද‍්ධාරම‍්මණං. “අනාගතෙ මෙත‍්තෙය්‍යො භගවා උප‍්පජ‍්ජිස‍්සති (දී· නි· 3.107). සුබ්‍රහ‍්මා නාමස‍්ස බ්‍රාහ‍්මණො පිතා භවිස‍්සති. බ්‍රහ‍්මවතී නාම බ්‍රාහ‍්මණී මාතා”තිආදිනා පන නයෙන නාමගොත‍්තජානනකාලෙ පුබ‍්බෙනිවාසඤාණෙ වුත‍්තනයෙනෙව න වත‍්තබ‍්බාරම‍්මණං හොතීති එවං අනාගතංසඤාණස‍්ස අට‍්ඨසු ආරම‍්මණෙසු පවත‍්ති වෙදිතබ‍්බා.

එහි චේතෝපරියඤාණයද අනාගතාරම්මණ වන නමුදු එයට සත් දිනක් ඇතුළත අනාගත චිත්තයම අරමුණු වේ, එය අන්‍යවූ ස්කන්‍ධයක් හෝ ස්කන්‍ධයන් පිළිබඳ සෙසු යමක් හෝ නොදනී. අනාගතංස ඤාණයට පුබ්බේනිවාස ඤාණය පිළිබඳව කී නයින් අනාගතයෙහි අරමුණු නොවන දෙයක් නම් නැත. මම අසවල් තැන උපදින්නෙමි’යි දැනගන්නා විට අජ්ඣත්තාරම්මණ වේ. අසුවල් පුද්ගලයා අසුවල් තැන උපදින්නේයයි දැනගන්නා විට බහිද්ධාරම්මණ වේ. අනාගතයෙහි මෙත්තෙය්‍ය නම් භාග්‍යවත්හු උපදින්නාහ, ඔවුනට සුබ්‍රහ්ම නම් බ්‍රාහ්මණ තෙමේ පිය වන්නේය, බ්‍රහ්මවතී නම් බ්‍රාහ්මණී තෙමෝ මව් වන්නීය, යන ආදී නයින් නම්ගොත් දැනගන්නා විට පුබ්බේනිවාස ඤාණය පිළිබඳව නයින් නවත්තබ්බාරම්මණ වේ. මෙසේ අනාගතංස ඤාණය අට අරමුණෙක්හි පවත්නා බව දතයුතුය.

යථාකම‍්මුපගඤාණං පරිත‍්තමහග‍්ගතඅතීතඅජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණවසෙන පඤ‍්චසු ආරම‍්මණෙසු පවත‍්තති. කථං? තඤ‍්හි කාමාවචරකම‍්මජානනකාලෙ පරිත‍්තාරම‍්මණං හොති. රූපාවචරාරූපාවචරකම‍්මජානනකාලෙ මහග‍්ගතාරම‍්මණං. අතීතමෙව ජානාතීති අතීතාරම‍්මණං. අත‍්තනො කම‍්මං ජානනකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණං. පරස‍්ස කම‍්මං ජානනකාලෙ බහිද‍්ධාරම‍්මණං හොති. එවං යථාකම‍්මුපගඤාණස‍්ස පඤ‍්චසු ආරම‍්මණෙසු පවත‍්ති වෙදිතබ‍්බා. යඤ‍්චෙත්‍ථ අජ‍්ඣත‍්තාරම‍්මණඤ‍්චෙව බහිද‍්ධාරම‍්මණඤ‍්චාති වුත‍්තං, තං කාලෙන අජ‍්ඣත‍්තං කාලෙන බහිද‍්ධා ජානනකාලෙ අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණම‍්පි හොතියෙවාති.

යථාකම්මූපගඤාණය පරිත්ත-මහග්ගත-අතීත අජ්ඣත්ත-බහිද්ධාරම්මණ වශයෙන් පස් අරමුණෙක්හි පවත්නේය. කෙසේද යත්, එය කාමාවචර කර්මයන් දැන ගන්නා විට පරිත්තාරම්මණ වේ, රූපාවචර අරූපාවචර කර්මයන් දැන ගන්නා විට මහග්ගතාරම්මණ වේ, අතීතයම පමණක් දනිතියි අතීතාරම්මණ වේ. තමාගේ කර්මයන් දැන ගන්නා විට අජ්ඣත්තාරම්මණ වේ, අනුන්ගේ කර්මයන් දැනගන්නා විට බහිද්ධාරම්මණ වේ. මෙසේ යථාකම්මූපගඤාණය පස් අරමුණෙක්හි පවත්නා බව දත යුතුය. මෙහි යම් ඤාණයක් අජ්ඣත්තාරම්මණද බහිද්ධාරම්මණද, වෙතැ’යි කියන ලද්දේ ද, එය විටෙක අජ්ඣත්ත ස්කන්‍ධයන්ද විටෙක බහිද්ධා ස්කන්‍ධයන්ද දන්නා හෙයින් අජ්ඣත්ත බහිද්ධාරම්මණ නම්ද වේමයි.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ අභිඤ‍්ඤානිද‍්දෙසො නාම තෙරසමො පරිච‍්ඡෙදො.

මෙතෙකින් සාධුජන ප්‍රමෝදය පිනිස කළ විශුද්ධි මාර්ගයෙහි අභිඤ්ඤා නිද්දේසය නම් වූ තෙළෙස්වන පරිච්ඡේදය සමාප්තයි.