චුතූපපාතඤාණකථා
චුතූපපාතඤාණකථා
චුතූපපාත ඤාණය
සත්තානං චුතූපපාතඤාණකථාය චුතූපපාතඤාණායාති (දී· නි· 1.247) චුතියා ච උපපාතෙ ච ඤාණාය. යෙන ඤාණෙන සත්තානං චුති ච උපපාතො ච ඤායති, තදත්ථං දිබ්බචක්ඛුඤාණත්ථන්ති වුත්තං හොති. චිත්තං අභිනීහරති අභිනින්නාමෙතීති පරිකම්මචිත්තං අභිනීහරති චෙව අභිනින්නාමෙති ච. සොති සො කතචිත්තාභිනීහාරො භික්ඛු. දිබ්බෙනාතිආදීසු පන දිබ්බසදිසත්තා දිබ්බං. දෙවතානඤ්හි සුචරිතකම්මනිබ්බත්තං පිත්තසෙම්හරුහිරාදීහි අපලිබුද්ධං උපක්කිලෙසවිමුත්තතාය දූරෙපි ආරම්මණං සම්පටිච්ඡනසමත්ථං දිබ්බං පසාදචක්ඛු හොති. ඉදඤ්චාපි වීරියභාවනාබලනිබ්බත්තං ඤාණචක්ඛු තාදිසමෙවාති දිබ්බසදිසත්තා දිබ්බං. දිබ්බවිහාරවසෙන පටිලද්ධත්තා අත්තනා ච දිබ්බවිහාරසන්නිස්සිතත්තාපි දිබ්බං. ආලොකපරිග්ගහෙන මහාජුතිකත්තාපි දිබ්බං. තිරොකුට්ටාදිගතරූපදස්සනෙන මහාගතිකත්තාපි දිබ්බං. තං සබ්බං සද්දසත්ථානුසාරෙනෙව වෙදිතබ්බං.
සත්ත්වයන් පිළිබද චුති ප්රතිසන්ධි ඥාන කථා විෂයයෙහි, චුතූපපාත ඤාණය යනු චුතිය හා ප්රතිසන්ධිය පිළිබඳ ඥානය පිණිසයි, යම් ඥානයකින් සත්ත්වයන්ගේ චුතියද ප්රතිසන්ධියද දනීද එම ඥානය පිණිසයි. දිබ්බචක්ඛු ඥානය පිණිසයයි කී නියායි. චිත්තං අභිනීහරති අභිනින්නාමෙති යනු, පිරියම් සිත යොමු කරයි, නැඹුරු කරයි, සො යනු කරන ලද චිත්තප්රණිධි ඇති ඒ භික්ෂු තෙමේ, දිබ්බෙන යන ආදියෙහි වනාහි, දිව්‍ය සදෘශ වූ හෙයින් දිව්‍ය නමි, දේවතාවනට වනාහි සුචරිත කර්මයෙන් උපන්, පිත් සෙම් ලේ ආදියෙන් පළිබෝධ නොවූ, උපක්ලේශයන්ගෙන් මිදුණ බව හේතුකොට ගෙන දුරසිටි අරමුණු පවා පිළිගනු සමත්වූ දිව්‍ය වූ පසාදචක්ඛු ඇත්තේය, වීර්යයෙන් වඩන ලද භාවනා බලයෙන් උපන් මේ ඥාන චක්‍ෂුසද එබඳුම වෙතැයි දිව්යසදෘශ වූ හෙයින් දිව්‍ය නමි. දිව්‍ය විහරණ වශයෙන් ලබනලද හෙයින්ද, තමා විසින්ද දිව්‍ය විහරණ ඇසුරු කරන ලද හෙයින්ද, දිව්‍ය නමි. ආලෝක කසිණය ගැනීමෙන් මහත් දීප්ති ඇති හෙයින්ද දිව්‍ය නමි, බිත්ති ආදියෙන් මුවහ වූ තන්හි සිටි රූපයන් දැකීමෙන් මහත් ගති ඇති හෙයින්ද දිව්‍ය නමි, ඒ සියල්ල ශබ්දශාස්ත්රානුසාරයෙන්ම දතයුතුය.
දස්සනට්ඨෙන චක්ඛු. චක්ඛුකිච්චකරණෙන චක්ඛුමිවාතිපි චක්ඛු. චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධං. යො හි චුතිමත්තමෙව පස්සති, න උපපාතං. සො උච්ඡෙදදිට්ඨිං ගණ්හාති. යො උපපාතමත්තමෙව පස්සති, න චුතිං, සො නවසත්තපාතුභාවදිට්ඨිං ගණ්හාති. යො පන තදුභයං පස්සති, සො යස්මා දුවිධම්පි තං දිට්ඨිගතං අතිවත්තති. තස්මාස්ස තංදස්සනං දිට්ඨිවිසුද්ධිහෙතු හොති. උභයම්පි චෙතං බුද්ධපුත්තා පස්සන්ති. තෙන වුත්තං “චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධ”න්ති.
දැකීමේ අරුතින් චක්ඛු නමි, ඇසින් කැරෙන කාර්යය කරන හෙයින් ඇස වැනියහයි ද, චක්ඛු නමි, චුති ප්රතිසන්ධීන් දැකීමෙන් දෘෂ්ටිවිශුද්ධියට හේතුවන හෙයින් විසුද්ධ නමි, යමෙක් වනාහි චුතිය පමණක් දක්නේ ප්රතිසන්ධිය නොදක්නේද හේ තෙමේ උච්ඡේද දෘෂ්ටිය ගන්නේය, යමෙක් උපපාතය (ප්රතිසන්ධිය) පමණක් දක්නේ චුතිය නොදක්නේද නවක සත්ත්වයකු පහළ වූහයි යන දෘෂ්ටිය ගන්නේය, යමෙක් වනාහි එම චුති-උපපාත යන දෙකම දක්නේද, ඔහුගේ දැකීම එම ද්විවිධ වූම දෘෂ්ටීන් ඉක්මවන හෙයින් දෘෂ්ටිවිශුද්ධියට හේතු වන්නේය, බුද්ධ පුත්‍රයෝ මේ (චුති-උපපාත යන) දෙකම දක්නාහුය. එහෙයින් චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධං (චුති-උපපාතයන් දැකීමෙන් දෘෂ්ටිවිශුද්ධියට හේතු වන හෙයින් විසුද්ධ නමැයි) කියන ලදි.
මනුස්සූපචාරං අතික්කමිත්වා රූපදස්සනෙන අතික්කන්තමානුසකං, මානුසකං වා මංසචක්ඛුං අතික්කන්තත්තා අතික්කන්තමානුසකන්ති වෙදිතබ්බං. තෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන. සත්තෙ පස්සතීති මනුස්සානං මංසචක්ඛුනා විය සත්තෙ ඔලොකෙති.
මනුෂ්‍ය විෂය ඉක්මවා රූපයන් දකින හෙයින් අතික්කන්තමානුසක නමි, නොහොත් මානුෂිකවූ මාංසචක්‍ෂුස ඉක්මවූ හෙයින් අතික්කන්තමානුසක නමැයි දතයුතුය. එම විශුද්ධ වූද මනුෂ්‍ය විෂය ඉක්මවූද දිව්‍ය චක්ෂුසෙනි. සත්තෙ පස්සති යනු, මනුෂ්‍යයන් මාංශචක්ෂුසින් (පියවි ඇසින්) බලන ආකාරයෙන් සත්ත්වයන් බලයි.
චවමානෙ උපපජ්ජමානෙති එත්ථ චුතික්ඛණෙ උපපත්තික්ඛණෙ වා දිබ්බචක්ඛුනා දට්ඨුං න සක්කා. යෙ පන ආසන්නචුතිකා ඉදානි චවිස්සන්ති, තෙ චවමානා. යෙ ච ගහිතපටිසන්ධිකා සම්පතිනිබ්බත්තාව, තෙ උපපජ්ජමානාති අධිප්පෙතා. තෙ එවරූපෙ චවමානෙ ච උපපජ්ජමානෙ ච පස්සතීති දස්සෙති.
චවමානෙ උපපජ්ජමානෙ ච යනු, මෙහි චුතික්ෂණයෙහි හෝ උත්පත්තික්‍ෂණයෙහි හෝ දිව්‍යචක්‍ෂුසින් දකිනු නොහැකිය, යම් සත්ත්ව කෙනෙක් වනාහි ආසන්න වූ චුති ඇත්තාහු මේ මොහොතෙහි චුත වන්නාහුද, ඔහු චවමාන යයිද යම් සත්ත්ව කෙනෙක් ලබාගත් ප්රතිසන්ධි ඇතිව මේ මොහොතෙහි උපන්නාහුද, ඔහු උපපජ්ජමානයයිද අභිප්‍රේතයහ. මෙසේ චුත වන්නාවූද, උපදින්නාවූද, ඒ සත්ත්වයෝ ‘පස්සති’ යනු දකියි.
හීනෙති මොහනිස්සන්දයුත්තත්තා හීනානං ජාතිකුලභොගාදීනං වසෙන හීළිතෙ ඔහීළිතෙ ඔඤ්ඤාතෙ අවඤ්ඤාතෙ. පණීතෙති අමොහනිස්සන්දයුත්තත්තා තබ්බිපරීතෙ. සුවණ්ණෙති අදොසනිස්සන්දයුත්තත්තා ඉට්ඨකන්තමනාපවණ්ණයුත්තෙ. දුබ්බණ්ණෙති දොසනිස්සන්දයුත්තත්තා අනිට්ඨාකන්තඅමනාපවණ්ණයුත්තෙ. අනභිරූපෙ විරූපෙතිපි අත්ථො. සුගතෙති සුගතිගතෙ. අලොභනිස්සන්දයුත්තත්තා වා අඩ්ඪෙ මහද්ධනෙ. දුග්ගතෙති දුග්ගතිගතෙ. ලොභනිස්සන්දයුත්තත්තා වා දලිද්දෙ අප්පන්නපානෙ.
හීනෙ යනු, මෝහ විපාකයෙන් යුක්ත වීමේ හේතුවෙන් ජාති කුල භෝගාදී වශයෙන් හීනයයි පහත්යයි සම්මත වූවන්, හෙලා දැකීමට අවඥාවට පාත්රවූවන්ය, පණීතෙ යනු, අමෝහ විපාකයෙන් යුක්ත වීමේ හේතුවෙන් එම තත්ත්වයට විපරීත (වෙනස්) වූවන්ය, සුවණ්ණෙ යනු, අද්වේශ විපාකයෙන් යුක්ත නොවීමේ හේතුවෙන් පියකුරු වූ මනරම් වූ වර්ණ ඇත්තවුන්ය, දුබ්බණ්ණෙ යනු, ද්වේශ විපාකයෙන් යුක්තවීමේ හේතුවෙන් නොමනාවූ අප්‍රියවූ නොමනරම් වූ වර්ණ ඇත්තවුන්, නොමනා රූ ඇත්තවුන්ය, විරූපවූවන්ය යන අර්ත්ථයයි. සුගතෙ යනු, සුගතියට පත් වූවන්, නොහොත් අලෝභ විපාකයෙන් යුක්තවීමේ හේතුවෙන් ඉසුරුමත්වූ මහදනවතුන්ය, දුග්ගතෙ යනු, දුප්පතුන් නොහොත් ලෝභවිපාකයෙන් යුක්ත වීමේ හේතුවෙන් දිළිඳු වූවන්, කෑම් බීම් හිඟ වූවන්ය,
යථාකම්මුපගෙති යං යං කම්මං උපචිතං, තෙන තෙන උපගතෙ. තත්ථ පුරිමෙහි චවමානෙතිආදීහි දිබ්බචක්ඛුකිච්චං වුත්තං. ඉමිනා පන පදෙන යථාකම්මුපගඤාණකිච්චං. තස්ස ච ඤාණස්ස අයමුප්පත්තික්කමො, ඉධ භික්ඛු හෙට්ඨා නිරයාභිමුඛං ආලොකං වඩ්ඪෙත්වා නෙරයිකෙ සත්තෙ පස්සති මහාදුක්ඛමනුභවමානෙ. තං දස්සනං දිබ්බචක්ඛුකිච්චමෙව. සො එවං මනසිකරොති “කිං නු ඛො කම්මං කත්වා ඉමෙ සත්තා එතං දුක්ඛං අනුභවන්තී”ති. අථස්ස ඉදං නාම කත්වාති තංකම්මාරම්මණං ඤාණං උප්පජ්ජති. තථා උපරිදෙවලොකාභිමුඛං ආලොකං වඩ්ඪෙත්වා නන්දනවනමිස්සකවනඵාරුසකවනාදීසු සත්තෙ පස්සති මහාසම්පත්තිං අනුභවමානෙ. තම්පි දස්සනං දිබ්බචක්ඛුකිච්චමෙව. සො එවං මනසිකරොති “කිං නු ඛො කම්මං කත්වා ඉමෙ සත්තා එතං සම්පත්තිං අනුභවන්තී”ති. අථස්ස ඉදං නාම කත්වාති තංකම්මාරම්මණං ඤාණං උප්පජ්ජති. ඉදං යථාකම්මුපගඤාණං නාම. ඉමස්ස විසුං පරිකම්මං නාම නත්ථි, යථා චිමස්ස, එවං අනාගතංසඤාණස්සාපි. දිබ්බචක්ඛුපාදකානෙව හි ඉමානි දිබ්බචක්ඛුනා සහෙව ඉජ්ඣන්ති.
යථාකම්මූපගෙ යනු, යම් යම් කර්මයක් රැස් කරන ලද්දේද, ඒ ඒ කර්මයෙන් යුක්ත වූවන්ය, එහි ‘චවමානෙ’ යන ආදී පළමු පදවලින් දිබ්බචක්ඛු ඤාණයට අයත් කාර්යය කියනලදි. මේ (යථාකම්මූපගෙ යන) පදයෙන් වනාහි යථාකම්මූපග ඤාණයට අයත් කාර්යය කියනලදි. එම ඥානය උපදින ආකාරය මෙසේයි.:- මේ ශාසනයෙහි භික්ෂු තෙමේ යට නිරය දෙසට ආලෝකය වඩා දැඩි දුක් විඳින නිරයවැසි සත්ත්වයන් දකියි. එම දැකීම දිබ්බචක්ඛු ඤාණයට අයත් කාර්යයම වේ. ඒ භික්ෂු තෙමේ ‘කවර නම් කර්මයක් කොට මේ සත්ත්වයෝ මෙවන් දුක් අනුභව කරත්දැ’යි මෙසේ මෙනෙහි කරයි. එවිට ඔහුට ‘මේනම් කර්මයක් කොටැ’යි එම කර්මය අරමුණු කොට ගත් ඥානය උපදියි. එසේම ඉහළ දෙව්ලොවට අභිමුඛ කොට ආලෝකය වඩා නන්දනවන මිස්සකවන ඵාරුසක වනාදියෙහි මහා සැපත් වළඳන සත්ත්වයන් දකියි, එම දැකීමද දිබ්බචක්ඛු කෘත්‍යයම වේ. හේ තෙමේ, කවර නම් කර්මයක් කොට මේ සත්ත්වයෝ මෙවන් සැපත් අනුභව කෙරෙත්දැ’යි මෙසේ මෙසේ මෙනෙහි කරයි, එවිට ඔහුට ‘මෙනම් කර්මයක් කොටැ’යි එම කර්මය අරමුණු කොට ගත් ඥානය උපදියි. මෙය යථාකම්මූපග ඤාණ නම්වේ, මෙයට විශේෂ වශයෙන් කළයුතු පරිකර්මයෙක් නැත, මෙයට මෙන්ම අනාගතංස ඤාණයටද විශේෂ පරිකර්මයෙක් නැත. දිබ්බචක්ඛුඤාණයම පාදකකොට මේ ඥානයෝ එම දිබ්බචක්ඛු ඤාණය හා සමගම සිද්ධ වෙති.
කායදුච්චරිතෙනාතිආදීසු දුට්ඨු චරිතං, දුට්ඨං වා චරිතං කිලෙසපූතිකත්තාති දුච්චරිතං. කායෙන දුච්චරිතං, කායතො වා උප්පන්නං දුච්චරිතන්ති කායදුච්චරිතං, ඉතරෙසුපි එසෙව නයො. සමන්නාගතාති සමඞ්ගීභූතා. අරියානං උපවාදකාති බුද්ධපච්චෙකබුද්ධසාවකානං අරියානං අන්තමසො ගිහිසොතාපන්නානම්පි අනත්ථකාමා හුත්වා අන්තිමවත්ථුනා වා ගුණපරිධංසනෙන වා උපවාදකා අක්කොසකා ගරහකාති වුත්තං හොති. තත්ථ නත්ථි ඉමෙසං සමණධම්මො, අස්සමණා එතෙති වදන්තො අන්තිමවත්ථුනා උපවදති. නත්ථි ඉමෙසං ඣානං වා විමොක්ඛො වා මග්ගො වා ඵලං වාතිආදීනි වදන්තො ගුණපරිධංසනවසෙන උපවදතීති වෙදිතබ්බො. සො ච ජානං වා උපවදෙය්ය අජානං වා, උභයථාපි අරියූපවාදොව හොති. භාරියං කම්මං ආනන්තරියසදිසං සග්ගාවරණඤ්ච මග්ගාවරණඤ්ච, සතෙකිච්ඡං පන හොති. තස්ස ආවිභාවත්ථං ඉදං වත්ථු වෙදිතබ්බං.
කායදුච්චරිතෙන යන ආදියෙහි, අයහපත් හැසිරීම නොහොත් දූෂිත චරිතය ක්ලේශයන්ගෙන් කිලිටි වූ හෙයින් දුශ්චරිත නමි. (වචී දුච්චරිතාදී) සෙසු දෙතන්හිද මෙසේමැයි. සමන්නාගතා යනු, සමන්විත වූවාහුයි. අරියානං උපවාදකා යනු, බුද්ධ ප්රත්යෙක බුද්ධ ශ්‍රාවකාදී ආර්යයන්හට, යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහියනට පවා අවැඩ කැමැතිව අන්තිම වස්තුවෙන් හෝ ගුණපරිධංසන වශයෙන් (ඇතිගුණ විපරීතකොට දැක්වීමෙන්) හෝ චෝදනා කරන්නාහු ගරහන්නාහු යයි කී නිසායි. එහි, ‘මොවුනට ශ්රමණධර්මයක් (මහණකමක්) නැත, මොවුහු ශ්‍රමණයෝ නොවෙති’යි කියනුයේ අන්තිම වස්තුවෙන් චෝදනා කෙරෙයි, ‘මොවුනට ධ්‍යානයක් හෝ විමුක්තියක් හෝ මාර්ගයක් හෝ ඵලයක් නැතැ’යි යන ආදිය කියනුයේ ගුණපරිධංසන වශයෙන් චෝදනා කෙරේයයි දතයුතුය. හේ තෙමේ දැන හෝ වේවයි නොදැන හෝ වේවයි මේ කවරාකාරයෙන් වුවද, මෙසේ චෝදනා කරන්නේ නම් එය අරියූපවාදයම වන්නේය. මෙය වනාහි ආනන්තරිය කර්මයක් තරම්ම ස්වර්ගයටද මාර්ගයටද, බාධාකර බැරෑරුම් කර්මයෙකි, එහෙත් (ආනන්තරිය කර්මය මෙන් නොව) පිළියම් කළහැක්කේ වේ. එය පැහැදිලි කරනු පිණිස මේ කතා පුවත දතයුතුය.:-
අඤ්ඤතරස්මිං කිර ගාමෙ එකො ථෙරො ච දහරභික්ඛු ච පිණ්ඩාය චරන්ති. තෙ පඨමඝරෙයෙව උළුඞ්කමත්තං උණ්හයාගුං ලභිංසු. ථෙරස්ස ච කුච්ඡිවාතො රුජ්ඣති. සො චින්තෙසි “අයං යාගු මය්හං සප්පායා, යාව න සීතලා හොති, තාව නං පිවාමී”ති. සො මනුස්සෙහි උම්මාරත්ථාය ආහටෙ දාරුඛණ්ඩෙ නිසීදිත්වා පිවි. ඉතරො තං ජිගුච්ඡන්තො “අතිඛුද්දාභිභූතො මහල්ලකො, අම්හාකං ලජ්ජිතබ්බකං අකාසී”ති ආහ. ථෙරො ගාමෙ චරිත්වා විහාරං ගන්ත්වා දහරභික්ඛුං ආහ “අත්ථි තෙ, ආවුසො, ඉමස්මිං සාසනෙ පතිට්ඨා”ති? ආම, භන්තෙ, සොතාපන්නො අහන්ති. තෙන හාවුසො, උපරිමග්ගත්ථාය වායාමං මා අකාසි. ඛීණාසවො තයා උපවදිතොති. සො තං ඛමාපෙසි. තෙනස්ස තං කම්මං පාකතිකං අහොසි.
එක්තරා ගමෙක තෙරණු කෙනෙක්ද තරුණ භික්ෂු කෙනෙක්ද පිඬු සිඟා වැඩියහ, ඔවුන්හට පළමු ගෙයින්ම (උණු කැඳ) සැන්දක් බැගින් ලැබිණි. තෙරුන්හට කුක්ෂිවාතය (බඩසයින් හටගන්නා වාත වේදනාව) පීඩා කරයි. ඔහු ‘මට සප්පායවූ මේ කැඳ සිහිල් වීමට පෙර බොමි’යි සිතා එළිපතක් සඳහා මිනිසුන් විසින් ගෙනැවිත් තබන ලද දඬු කඩක් මත හිඳ එය පානය කළහ. අනෙක් භික්ෂු තෙමේ එය නොරුස්නේ මේ මහල්ලා බඩසයින් පෙළී, අපට ලජ්ජාවිය යුත්තක් කළේය’යි කීය. තෙරණුවෝ ගම්හි හැසිර විහාරයට ගොස්, ‘ඇවැත්නි, ඔබට මේ සස්නෙහි කිසියම් ප්‍රතිෂ්ඨාවෙක් ඇත්දැ’යි තරුණ භික්ෂුව පිළිවුසූහ. ‘එසේය ස්වාමීනි, මම සෝතාපන්නයෙක්මි’යි කීය. ‘එසේ නම් ඇවැත්නි, උසස් මාර්ග සඳහා නොවෙහෙසෙනුය, ඔබ විසින් ක්ෂීණාශ්රව කෙනෙකුට චෝදනා කරන ලදැ’යි කීහ. හේ (තරුණ භික්ෂු) තෙමේ ඔවුන් (තෙරුන්) කමා කරවා ගති. එයින් ඔහුගේ එම කර්මය අහෝසි විය.
තස්මා යො අඤ්ඤොපි අරියං උපවදති, තෙන ගන්ත්වා සචෙ අත්තනා වුඩ්ඪතරො හොති, උක්කුටිකං නිසීදිත්වා “අහං ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ ඛමාහී”ති ඛමාපෙතබ්බො. සචෙ නවකතරො හොති, වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා “අහං, භන්තෙ, තුම්හෙ ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ ඛමථා”ති ඛමාපෙතබ්බො. සචෙ දිසාපක්කන්තො හොති, සයං වා ගන්ත්වා සද්ධිවිහාරිකාදිකෙ වා පෙසෙත්වා ඛමාපෙතබ්බො.
එහෙයින් සෙසු යම් කෙනෙකු වුවද තමා විසින් ආර්ය කෙනෙකුට උපවාද කරන ලද්දේ නම්, ඔහු විසින් ගොස් තමා වැඩිහිටියකු නම්, උක්කුටිකව (දණ නමා) හිඳ ‘මම ආයුෂ්මතුන්හට මේ මේ දෙය කීමි, එයට මට කමා කරනු මැනවැ’යි කමා කරවා ගත යුතුය. තමා නවකයකු නම්, වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම ඔබවහන්සේට මේ මේ දෙය කීමි, එයට මට කමා කරනු මැනවැ’යි කමා කරවාගතයුතුය. ඉදින් චාරිකාවෙහි ගොස් ඇත්නම්, තමාම ගොස්, නැතහොත් සද්ධිවිහාරිකයන් (තමා යටතෙහි පුහුණුවන්නන්) හෝ යවා කමා කරවාගත යුතුය.
සචෙ ච නාපි ගන්තුං, න පෙසෙතුං සක්කා හොති, යෙ තස්මිං විහාරෙ භික්ඛූ වසන්ති, තෙසං සන්තිකං ගන්ත්වා සචෙ නවකතරා හොන්ති, උක්කුටිකං නිසීදිත්වා, සචෙ වුඩ්ඪතරා, වුඩ්ඪෙ වුත්තනයෙනෙව පටිපජ්ජිත්වා “අහං, භන්තෙ, අසුකං නාම ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, ඛමතු මෙ සො ආයස්මා”ති වත්වා ඛමාපෙතබ්බං. සම්මුඛා අඛමන්තෙපි එතදෙව කත්තබ්බං.
ඉදින් තමාටම යන්නට හෝ අනිකකු යවන්නට හෝ නොහොකි නම්, ඒ විහාරයෙහි වසන භික්ෂූන් වෙතට ගොස් ඔවුහු තමාට වඩා නවකයෝ වෙත් නම්, උක්කුටිකව හිඳ, වැඩිහිටියෝ වෙත්නම් යට කී ලෙස වැඩිහිටියන් කෙරෙහි පිළිපදින ආකාරයෙන් පිළිපැද ස්වාමීනි, මම අසුවල් ආයුෂ්මතුන්හට මේ මේ දෙය කීමි, ඒ ආයුෂ්මත්හු මට කමා කෙරෙත්වා කියා කමා කරවාගත යුතුය. හමුවූ භික්ෂූහු කමා නොකෙරෙත් නම් මෙසේම කළ යුතුය.
සචෙ එකචාරිකභික්ඛු හොති, නෙවස්ස වසනට්ඨානං, න ගතට්ඨානං පඤ්ඤායති, එකස්ස පණ්ඩිතස්ස භික්ඛුනො සන්තිකං ගන්ත්වා “අහං, භන්තෙ, අසුකං නාම ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ අනුස්සරතො විප්පටිසාරො හොති, කිං කරොමී”ති වත්තබ්බං. සො වක්ඛති “තුම්හෙ මා චින්තයිත්ථ, ථෙරො තුම්හාකං ඛමති, චිත්තං වූපසමෙථා”ති. තෙනාපි අරියස්ස ගතදිසාභිමුඛෙන අඤ්ජලිං පග්ගහෙත්වා ඛමතූති වත්තබ්බං. සචෙ සො පරිනිබ්බුතො හොති, පරිනිබ්බුතමඤ්චට්ඨානං ගන්ත්වා යාවසිවථිකං ගන්ත්වාපි ඛමාපෙතබ්බං. එවං කතෙ නෙව සග්ගාවරණං, න මග්ගාවරණං හොති, පාකතිකමෙව හොතීති.
ඉදින් ඒකචාරික භික්ෂු කෙනෙකු නම්, වසන තැනක් හෝ ගිය තැනක් සොයා ගත නොහැකි නම්, කවර හෝ නුවණැති භික්ෂුවක් වෙත ගොස්, “ස්වාමීනි, මම අසවල් නම් ඇති ආයුෂ්මතුන්හට මේ මේ දෙය කීමි, එය සිහි කරන මාහට විපිළිසර (පසුතැවිලි) ඇති වේ, කුමක් කරම්දැ’යි කිව යුතුය. ඒ භික්ෂු තෙමේ, ඔබ නහමක් සිතුව (පසුතැවිලි නොවනු) මැනව, තෙරණුවෝ ඔබට කමා කරන්නාහුය, සිත සනසාගනු මැනවැ’යි කියන්නේය. ඔහු විසින්ද, එම ආර්යයන් ගිය දෙසට හැරී ඇඳිළි බැඳගෙන ‘කමා කෙරෙත්වා’යි කිවයුතුය. ඉදින් එම ආර්යයන් පිරිනිවන් පා ඇත්නම්, පිරිනිවන් මංචකය වෙත ගොස්, ආදාහන මලුව වෙත හෝ ගොස් කමා කරවා ගත යුතුය. මෙසේ කළ විට ස්වර්ගය ඇවිරීමක් හෝ මාර්ගය ඇවිරිමක් හෝ නොවන්නේය, ප්‍රකෘති තත්ත්වයම වන්නේය.
මිච්ඡාදිට්ඨිකාති විපරීතදස්සනා. මිච්ඡාදිට්ඨිකම්මසමාදානාති මිච්ඡාදිට්ඨිවසෙන සමාදින්නනානාවිධකම්මා, යෙ ච මිච්ඡාදිට්ඨිමූලකෙසු කායකම්මාදීසු අඤ්ඤෙපි සමාදපෙන්ති. එත්ථ ච වචීදුච්චරිතග්ගහණෙනෙව අරියූපවාදෙ මනොදුච්චරිතග්ගහණෙන ච මිච්ඡාදිට්ඨියා සඞ්ගහිතායපි ඉමෙසං ද්වින්නං පුන වචනං මහාසාවජ්ජභාවදස්සනත්ථන්ති වෙදිතබ්බං. මහාසාවජ්ජො හි අරියූපවාදො, ආනන්තරියසදිසත්තා. වුත්තම්පි චෙතං “සෙය්යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවංසම්පදමිදං, සාරිපුත්ත, වදාමි තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො, එවං නිරයෙ”ති (ම· නි· 1.149). මිච්ඡාදිට්ඨිතො ච මහාසාවජ්ජතරං නාම අඤ්ඤං නත්ථි. යථාහ “නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං මහාසාවජ්ජං, යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි, භික්ඛවෙ, වජ්ජානී”ති (අ· නි· 1.310).
මිච්ඡාදිට්ඨිකා යනු වැරදි දැකුම් ඇත්තාහුයි, මිච්ඡාදිට්ඨිකම්මසමාදානා යනු, මිථ්‍යාදෘෂ්ටි වශයෙන් ගන්නා ලද නොයෙක් ආකාර ඇති කර්ම ඇත්තාහුයි, තවද මිථ්‍යාදෘෂ්ටිය මුල්කොට ගත් කායකර්මාදියෙහි අන්‍යයන්ද, යෙදවූවාහුයි. මෙහි වචීදුච්චරිතයැයි ගැනීමෙන් ආර්යෝපවාදයද මනොදුච්චරිතයැයි ගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටියද ඇතුළත් වන නමුදු මේ (අරියූපවාද, මිච්ඡාදිට්ඨි) යන දෙක නැවත කීම මහාසාවද්යභාවය දැක්වීම පිණිසයැයි දතයුතුය. ආර්යෝපවාදය ආනන්තරිය කර්මය හා සමාන වන හෙයින් මහාසාවද්‍ය වන්නේමය. මෙසේද කියනලදි. “යම්සේ සාරිපුත්තය, සීලසම්පන්නවූ සමාධිසම්පන්න වූ පඤ්ඤාසම්පන්නවූ භික්ෂු තෙමේ ඉහාත්ම භාවයෙහිදීම අන්‍යයන් පහදවන්නේ වේද, එසේම සාරිපුත්තය, මේ කාරණය පවසමි, එම වචනය අත් නොහළහොත්, එම චිත්තය අත් නොහළහොත්, එම දෘෂ්ටිය ඉවත් කර නොගතහොත් ගෙන ආ දෙයක් බිම තබන්නට වනසේම (නියත වශයෙන්ම) නිරයෙහි වැටෙන්නේය” තවද මිථ්‍යාදෘෂ්ටියට වඩා මහාසාවද්‍ය වූ අනෙකක් නම් නැත්තේය. යම්සේ කියනලදද- “මහණෙනි, මේ මිථ්යාදෘෂ්ටියයයි යමක් වේද, එයට වඩා මහා සාවද්‍ය වූ අන් කිසිවක් මම නොදකිමි, මහණෙනි, වැරදි අතුරෙන් මහම වැරැද්ද මිථ්‍යා දෘෂ්ටියයි”
කායස්ස භෙදාති උපාදිණ්ණක්ඛන්ධපරිච්චාගා. පරම්මරණාති තදනන්තරං අභිනිබ්බත්තික්ඛන්ධග්ගහණෙ. අථ වා කායස්ස භෙදාති ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදා. පරම්මරණාති චුතිචිත්තතො උද්ධං. අපායන්ති එවමාදි සබ්බං නිරයවෙවචනමෙව.
කායස්සභෙදා යනු, ගන්නා ලද ස්කන්ධයන් බිඳීයාමෙනි. පරම්මරණා යනු, ස්කන්ධයන් බිඳීයාමෙන් අනතුරුව නැවත ඉපදීමේදී ස්කන්ධයන් ගන්නා කෙණෙහි, නොහොත් කායස්සභෙදා යනු, ජීවිතේන්ද්රිය සිඳීයාමෙනි. පරම්මරණා යනු, චුති චිත්තයෙන් මත්තෙහිය. අපායං යන මේ ආදි සියල්ල ‘නිරය’ යන්නටම පර්යායවචනයි.
නිරයො හි සග්ගමොක්ඛහෙතුභූතා පුඤ්ඤසම්මතා අයා අපෙතත්තා, සුඛානං වා ආයස්ස අභාවා අපායො. දුක්ඛස්ස ගති පටිසරණන්ති දුග්ගති, දොසබහුලතාය වා දුට්ඨෙන කම්මුනා නිබ්බත්තා ගතීති දුග්ගති. විවසා නිපතන්ති එත්ථ දුක්කටකාරිනොති විනිපාතො. විනස්සන්තා වා එත්ථ පතන්ති සංභිජ්ජමානඞ්ගපච්චඞ්ගාතිපි විනිපාතො. නත්ථි එත්ථ අස්සාදසඤ්ඤිතො අයොති නිරයො.
නිරය වනාහි ‘අය’යයි කියන ලද සගමොක් දෙකට හේතු වූ පුණ්‍ය සම්මත වූ දෙයින් පහවූ හෙයින්, නැතහොත් සැපතට මුල් නොවන හෙයින් ‘අපාය’ නමි, දුකට හසරයයි නිවෙස්යයි දුග්ගති නමි, නොහොත් දෝෂබහුල වූ හෙයින් හෝ දූෂිත කර්මයෙන් උපන් හෙයින් ‘දුග්ගති’ නමි, නොදැමුණු පාපකාරීන් එහි වැටෙති’යි ‘විනිපාත’ නමි, බිඳෙන අගපසඟ ඇතිව වැනසෙන්නවුන් මෙහි වැටෙති’යි හෝ ‘විනිපාත’ නමි. ආස්වාද, වශයෙන් ගතහැකි කිසිවක් මෙහි නොවෙති’යි ‘නිරය’ නමි,
අථ වා අපායග්ගහණෙන තිරච්ඡානයොනිං දීපෙති. තිරච්ඡානයොනි හි අපායො සුගතිතො අපෙතත්තා, න දුග්ගති මහෙසක්ඛානං නාගරාජාදීනං සම්භවතො. දුග්ගතිග්ගහණෙන පෙත්තිවිසයං. සො හි අපායො චෙව දුග්ගති ච, සුගතිතො අපෙතත්තා දුක්ඛස්ස ච ගතිභූතත්තා. න තු විනිපාතො අසුරසදිසං අවිනිපතිතත්තා. විනිපාතග්ගහණෙන අසුරකායං. සො හි යථාවුත්තෙන අත්ථෙන අපායො චෙව දුග්ගති ච සබ්බසමුස්සයෙහි ච විනිපතිතත්තා විනිපාතොති වුච්චති. නිරයග්ගහණෙන අවීචිආදිඅනෙකප්පකාරං නිරයමෙවාති. උපපන්නාති උපගතා, තත්ථ අභිනිබ්බත්තාති අධිප්පායො. වුත්තවිපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො.
නැතහොත්, ‘අපාය’යි ගැනීමෙන් තිරිසන් යෝනිය දක්වයි, තිරිසන් යෝනිය වනාහි සුගතියෙන් තොර වූ හෙයින් ‘අපාය’ නම්වේ. මහේශාඛ්යා නාගරාජාදීන් උපදින හෙයින් ‘දුග්ගති’ නම් නොවේ, ‘දුග්ගති’ යයි ගැනීමෙන් ප්රේතාත්මභාවය දක්වයි, ‘අපාය’ නම්ද, සුගතියෙන් තොර වූ හෙයින් හා දුකට නිවෙස් වූ හෙයින් ‘දුග්ගති’ නම්ද වේ, එහෙත් ‘විනිපාත’ නම් නොවේ, අසුරනිකාය මෙන් විනිපාත නොවන හෙයිනි, ‘විනිපාත’ යයි ගැනීමෙන් අසුරනිකාය දක්වයි, එය වනාහි යට කියනලද අරුතින් ‘අපාය’ යයිද, ‘දුග්ගති’ යයිද, සියලු සැපතින් ගිලිහුණ හෙයින් ‘විනිපාත’ යයිද කියනු ලැබේ. ‘නිරය’ ගැනීමෙන් අවීචි ආදී අනේක ප්‍රකාර නකරයන්ම දක්වයි. උප්පන්නා යනු පැමිණියාහුය, එහි උපන්නාහුය යනු අභිප්‍රායයි. මෙහි ශුක්ල (ශුභ) පක්ෂය මෙකී දෙයට විරුද්ධාර්ත්ථ වශයෙන් දතයුතුය.
අයං පන විසෙසො, තත්ථ සුගතිග්ගහණෙන මනුස්සගතිපි සඞ්ගය්හති. සග්ගග්ගහණෙන දෙවගතියෙව. තත්ථ සුන්දරා ගතීති සුගති. රූපාදීහි විසයෙහි සුට්ඨු අග්ගොති සග්ගො. සො සබ්බොපි ලුජ්ජනපලුජ්ජනට්ඨෙන ලොකොති අයං වචනත්ථො.
මේ විශේෂයි:- එහි ‘සුගති’ යයි ගැනීමෙන් මනුෂ්‍යාත්මභාවයද ගැනේ. ‘සග්ග’ යයි ගැනීමෙන් දිව්යාත්මභාවයම ගැනේ, එහි සොඳුරු වූ ආත්මභාවය ‘සුගති’ නම්වේ, රූපාදී විෂයයන්ගෙන් මනා සේ අගතැන්පත් වූහයි ‘සග්ග’ නම්වේ. ඒ සියල්ලම නැසෙති’යි වැනසෙති’යි යනු ‘ලෝක’ යන මෙහි වචනාර්ත්ථයි.
“ඉති දිබ්බෙන චක්ඛුනා”තිආදි සබ්බං නිගමනවචනං. එවං දිබ්බෙන චක්ඛුනා…පෙ… පස්සතීති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො.
මෙසේ ‘දිබ්බෙන චක්ඛුනා’ (දිව ඇසින්) යන ආදී සියල්ල නිගමන වචනයි. මේ ආකාරයෙන් දිව ඇසින් -පෙ- බලති’යි යනු මෙහි සංක්ෂේපාර්ත්ථයි.
එවං පස්සිතුකාමෙන පන ආදිකම්මිකෙන කුලපුත්තෙන කසිණාරම්මණං අභිඤ්ඤාපාදකජ්ඣානං සබ්බාකාරෙන අභිනීහාරක්ඛමං කත්වා “තෙජොකසිණං, ඔදාතකසිණං, ආලොකකසිණ”න්ති ඉමෙසු තීසු කසිණෙසු අඤ්ඤතරං ආසන්නං කාතබ්බං. උපචාරජ්ඣානගොචරං කත්වා වඩ්ඪෙත්වා ඨපෙතබ්බං. න තත්ථ අප්පනා උප්පාදෙතබ්බාති අධිප්පායො. සචෙ හි උප්පාදෙති, පාදකජ්ඣානනිස්සයං හොති, න පරිකම්මනිස්සයං. ඉමෙසු ච පන තීසු ආලොකකසිණංයෙව සෙට්ඨතරං. තස්මා තං වා ඉතරෙසං වා අඤ්ඤතරං කසිණනිද්දෙසෙ වුත්තනයෙන උප්පාදෙත්වා උපචාරභූමියංයෙව ඨත්වා වඩ්ඪෙතබ්බං. වඩ්ඪනානයොපි චස්ස තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
මේ ආකාරයෙන් බලනු කැමැති ආධුනික කුලපුත්‍රයා විසින් කසිණය අරමුණු කොට ඇති පාදක ධ්‍යානය සියලු ආකාරයෙන් හුරුපුරුදු කොට තෙජෝ කසිණ, ඕදාත කසිණ, ආලෝක කසිණ යන තුනෙන් එක් කසිණයක් සමීපකොට වැඩිය යුතුය, උපචාර ධ්‍යානයට ගෝචරකොට වඩා තැබිය යුතුය, එහිදී අර්පණාධ්‍යානය නොඉපැදවිය යුතුය යන අභිප්‍රායයි. ඉදින් අර්පණාධ්‍යානය ඉපැදවුවහොත් එය පාදකධ්‍යානයට නිශ්‍රය වනු මිස පරිකර්මයට නිශ්‍රය නොවේ. මේ කසිණ තුනෙන් ආලෝක කසිණයම ශ්‍රේෂ්ඨතර වේ, එහෙයින් එම කසිණය, නැතහොත් ඉතිරි දෙකින් එකක් යට කසිණ නිර්දේශයෙහි කී නයින් උපදවා උපචාරභූමියෙහිම සිට වැඩිය යුතුය, එය වඩන ක්රමයද එහි කියන ලද නයින්ම දතයුතුය.
වඩ්ඪිතට්ඨානස්ස අන්තොයෙව රූපගතං පස්සිතබ්බං. රූපගතං පස්සතො පනස්ස පරිකම්මස්ස වාරො අතික්කමති. තතො ආලොකො අන්තරධායති. තස්මිං අන්තරහිතෙ රූපගතම්පි න දිස්සති. අථානෙන පුනප්පුනං පාදකජ්ඣානමෙව පවිසිත්වා තතො වුට්ඨාය ආලොකො ඵරිතබ්බො. එවං අනුක්කමෙන ආලොකො ථාමගතො හොතීති එත්ථ ආලොකො හොතූති යත්තකං ඨානං පරිච්ඡින්දති, තත්ථ ආලොකො තිට්ඨතියෙව. දිවසම්පි නිසීදිත්වා පස්සතො රූපදස්සනං හොති. රත්තිං තිණුක්කාය මග්ගපටිපන්නො චෙත්ථ පුරිසො ඔපම්මං.
වැඩූ වැඩූ ස්ථානය තුළම ඇති රූපය බැලිය යුතුය, රූපයන් බලන ඔහුට පරිකර්මවාරය ඉකුත්වෙයි, එවිට ආලෝකය අතුරුදන් වෙයි, එය අතුරුදන් වූ විට රූපයද නොපෙනී යයි. එවිට ඔහු විසින් යලි යලිත් පාදකධ්‍යානයට පිවිස එයින් නැගී ආලෝකය පැතිරවිය යුතුය. මේ ආකාරයෙන් ආලෝකය ක්‍රමයෙන් සවිමත් වන්නේය. මෙහිදී ආලෝකය වේවා’යි යම්තාක් පිරිසිඳියි නම් ඒ තාක්ම ආලෝකය සිටියි. දවසක්ම වුවද හිඳගෙන බලන්නහුට රූපදර්ශනය වන්නේය. මෙහිලා රාත්‍රි කාලයෙහි තණසුළක් ගෙන මඟට පිළිපන් පුරුෂයා උපමා කොට ගන්නේය:-
එකො කිර රත්තිං තිණුක්කාය මග්ගං පටිපජ්ජි. තස්ස සා තිණුක්කා විජ්ඣායි. අථස්ස සමවිසමානි න පඤ්ඤායිංසු. සො තං තිණුක්කං භූමියං ඝංසිත්වා තිණුක්කා පුන උජ්ජාලෙසි. සා පජ්ජලිත්වා පුරිමාලොකතො මහන්තතරං ආලොකං අකාසි. එවං පුනප්පුනං විජ්ඣාතං උජ්ජාලයතො කමෙන සූරියො උට්ඨාසි. සූරියෙ උට්ඨිතෙ උක්කාය කම්මං නත්ථීති තං ඡඩ්ඩෙත්වා දිවසම්පි අගමාසි. තත්ථ උක්කාලොකො විය පරිකම්මකාලෙ කසිණාලොකො. උක්කාය විජ්ඣාතාය සමවිසමානං අදස්සනං විය රූපගතං පස්සතො පරිකම්මස්ස වාරාතික්කමෙන ආලොකෙ අන්තරහිතෙ රූපගතානං අදස්සනං. උක්කාය ඝංසනං විය පුනප්පුනං පවෙසනං. උක්කාය පුරිමාලොකතො මහන්තතරාලොකකරණං විය පුන පරිකම්මං කරොතො බලවතරාලොකඵරණං. සූරියුට්ඨානං විය ථාමගතාලොකස්ස යථාපරිච්ඡෙදෙන ඨානං. තිණුක්කං ඡඩ්ඩෙත්වා දිවසම්පි ගමනං විය පරිත්තාලොකං ඡඩ්ඩෙත්වා ථාමගතෙනාලොකෙන දිවසම්පි රූපදස්සනං.
එක්තරා පුරුෂයෙක් රාත්‍රිකාලයේදී තණසුළක් ගෙන මගට පිළිපන්නේය. ඔහුගේ ඒ තණසුළ (අඟුරු මතුවී) දැල්ල නිවී ගියේය. එවිට ඔහුට සම නොසම තැන් නොපෙනිණි, හේ තෙමේ තණසුළ බිම ගසා නැවත දැල්වීය, ඒ තණසුළ දැල්වී පෙර පැවැති ආලෝකයට වඩා වැඩි ආලොකයක් ඇති කළේය. මේ ආකාරයෙන් නැවත නැවතත් දැවුණු දැවුණු තණසුළ දල්වමින් යනවිට ක්‍රමයෙන් ඉරු උදාවිය. ඉර උදාවූ කල තණසුළෙන් වැඩක් නැතැ’යි එය හැර දමා දහවලද ගියේය. පිරියම් කරන කල කසිණාලෝකය එහි තණසුළෙහි ආලෝකය වැනිය, රූපයක් බලන්නහුට පරිකර්ම වාරය ඉක්මවීමෙන් ආලෝකය අතුරුදන් වී රූපයන් නොපෙනී යාම තණසුළ දැවී ගියකල සම විසම තැන් නොපෙනී යාම වැනිය, නැවත නැවතත් පාදකධ්‍යානයට පිවිසීම තණසුළ නැවත නැවතත් ගැසීම වැනිය, නැවත පිරියම් කරන විට වඩා බලවත් ආලෝකයක් පැතිරීම තණසුළ පෙර පැවැති ආලෝකයට වඩා වැඩි ආලෝකයක් ඇති කිරීම වැනිය, බලවත් වූ ආලෝකය පිරිසිඳි ආකාරයෙන්ම සිටීම හිරු උදාවීම වැනිය. මඳවූ ආලෝකය හැර බලවත් ආලෝකයෙන් දහවලද රූපයන් දැකීම තණසුළ හැරදමා දහවලද යාම වැනිය.
තත්ථ යදා තස්ස භික්ඛුනො මංසචක්ඛුස්ස අනාපාථගතං අන්තොකුච්ඡිගතං හදයවත්ථුනිස්සිතං හෙට්ඨාපථවීතලනිස්සිතං තිරොකුට්ටපබ්බතපාකාරගතං පරචක්කවාළගතන්ති ඉදං රූපං ඤාණචක්ඛුස්ස ආපාථං ආගච්ඡති, මංසචක්ඛුනා දිස්සමානං විය හොති, තදා දිබ්බචක්ඛු උප්පන්නං හොතීති වෙදිතබ්බං. තදෙව චෙත්ථ රූපදස්සනසමත්ථං, න පුබ්බභාගචිත්තානි.
එහි යම් කලෙක ඒ භික්ෂූහුගේ මාංශ චක්ෂුසට (පියවි ඇසට) විෂය නොවූ කුස තුළ සිටියාවූද, හෘදයවස්තුව ඇසුරු කොට සිටියාවූද, පොළෝ තෙලෙන් යට පිහිටියාවූද බිත්ති, පර්වත ප්‍රාකාරයන්ගෙන් එපිට සිටියාවූද, පරසක්වල සිටියාවූද මේ රූපයන් ඥානචක්ෂුසෙහි (දර්ශන) පථයට ඒද, මසැසට දෘශ්‍යමාන වූ ආකාරයෙන්ම වේද, එකල දිවඇස උපන්නේ යයි දතයුතුය. මෙහි රූපයන් දැකීමට සමත් වනුයේ එයම මිස පූර්වභාග චිත්තය නොවේ.
තං පනෙතං පුථුජ්ජනස්ස පරිබන්ධො හොති. කස්මා? සො හි යස්මා යත්ථ යත්ථ ආලොකො හොතූති අධිට්ඨාති, තං තං පථවීසමුද්දපබ්බතෙ විනිවිජ්ඣිත්වාපි එකාලොකං හොති, අථස්ස තත්ථ භයානකානි යක්ඛරක්ඛසාදිරූපානි පස්සතො භයං උප්පජ්ජති. යෙන චිත්තවික්ඛෙපං පත්වා ඣානවිබ්භන්තකො හොති, තස්මා රූපදස්සනෙ අප්පමත්තෙන භවිතබ්බං.
එය වනාහි පෘථග්ජනයාහට අන්තරායකර වන්නේය. කවර හෙයින්දයත්, (යම් හෙයකින්) ඒ භික්ෂු තෙමේ ආලෝකය වේවා’යි අධිෂ්ඨාන කරනවිට, ඒ ඒ දෙය පෘථිවී සමුද්‍ර පර්වතයන් පවා විනිවිද ඒකාලෝක වේද, එවිට ඔහුට එම ආලෝකය තුළ බියජනක යක් රකුස් ආදී රූපයන් දක්නා විට බිය උපදී, එම බිය හේතු කොටගෙන චිත්තවික්ෂේපයට පත්ව ධ්‍යානය තුළ භ්රාන්තියට පත් (මංමුළාබවට) වේද, එහෙයින් රූපයන් දැකීමේදී අප්‍රමාද (පරෙස්සම්) වියයුතුය.
තත්රායං දිබ්බචක්ඛුනො උප්පත්තික්කමො. වුත්තප්පකාරමෙතං රූපමාරම්මණං කත්වා මනොද්වාරාවජ්ජනෙ උප්පජ්ජිත්වා නිරුද්ධෙ තදෙව රූපං ආරම්මණං කත්වා චත්තාරි පඤ්ච වා ජවනානි උප්පජ්ජන්තීති සබ්බං පුරිමනයෙනෙව වෙදිතබ්බං. ඉධාපි පුබ්බභාගචිත්තානි සවිතක්කසවිචාරානි කාමාවචරානි. පරියොසානෙ අත්ථසාධකචිත්තං චතුත්ථජ්ඣානිකං රූපාවචරං. තෙන සහජාතං ඤාණං සත්තානං චුතූපපාතෙ ඤාණන්තිපි දිබ්බචක්ඛුඤාණන්තිපි වුච්චතීති.
මේ දිබ්බචක්ඛු ඤාණය පිළිබඳ උත්පත්ති ක්‍රමයයි. කියනලද ප්‍රකාර ඇති මෙම ඥානය රූපයක් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය ඉපිද නිරුද්ධ වූ කල එම රූපයම අරමුණු කොට ජවන්සිත් සතරක් හෝ පසක් උපදිති’යි යන මේ සියල්ල පෙර කී පරිදිම යයි දතයුතුය. මෙහිද විතක්ක-විචාර සහිත වූ පූර්වභාග චිත්තයෝ කාමාවචර වෙති, අවසන්හි අපේක්ෂිතාර්ත්ථය සිද්ධ කරන චතුර්ත්ථධ්යානික චිත්තය රූපාවචර වේ, එම චිත්තය හා සමග උපන් ඥානය සත්ත්වයන් පිළිබඳ චුතූපපාත ඤාණයයිද දිබ්බචක්ඛු ඤාණයයිද කියනු ලැබේ.
චුතූපපාතඤාණකථා නිට්ඨිතා.
චුතූපපාතඤාණකථා නිමියේයි.