යෙදුමෙන් කියවන්න

පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණකථා

පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණකථා

පුබ්බෙනිවාසානුස්සති ඤාණය

පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණකථායං පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණායාති (දී· නි· 1.244) පුබ‍්බෙනිවාසානුස‍්සතිම‍්හි යං ඤාණං, තදත්‍ථාය. පුබ‍්බෙනිවාසොති පුබ‍්බෙ අතීතජාතීසු නිවුත්‍ථක‍්ඛන්‍ධා. නිවුත්‍ථාති අජ‍්ඣාවුත්‍ථා අනුභූතා අත‍්තනො සන‍්තානෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධා. නිවුත්‍ථධම‍්මා වා. නිවුත්‍ථාති ගොචරනිවාසෙන නිවුත්‍ථා අත‍්තනො විඤ‍්ඤාණෙන විඤ‍්ඤාතා පරිච‍්ඡින‍්නා, පරවිඤ‍්ඤාණවිඤ‍්ඤාතාපි වා ඡින‍්නවටුමකානුස‍්සරණාදීසු, තෙ බුද‍්ධානංයෙව ලබ‍්භන‍්ති. පුබ‍්බෙනිවාසානුස‍්සතීති යාය සතියා පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සා පුබ‍්බෙනිවාසානුස‍්සති. ඤාණන‍්ති තාය සතියා සම‍්පයුත‍්තඤාණං. එවමිමස‍්ස පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණස‍්ස අත්‍ථාය පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය එතස‍්ස ඤාණස‍්ස අධිගමාය පත‍්තියාති වුත‍්තං හොති.

පුබ්බේනිවාසානුස්සති ඤාණකථාවෙහි - පුබ්බෙනිවාසානුස්සති ඤාණය යනු පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කිරීමේ යම් ඥානයක් වේද, එය සඳහායි. පුබ්බෙනිවාසො යනු, පෙර අතීත ජන්මයන්හි වුසු ස්කන්‍ධයෝයි. ‘නිවුත්‍ථා’ යනු, වාසය කළ, අත්දුටු, තමාගේ සන්තානයෙහි ඉපිද පහවීගිය, නිවුත්‍ථක්‍ඛන්‍ධයෝයි. ‘නිවුත්‍ථා’ යනු, ගෝචර නිවාස වශයෙන් වාසය කළ (ස්වකීය විෂය පථයට අයත්ව පැවති) ස්කන්‍ධයෝය, තමාගේ විඤ්ඤාණයෙන් දන්නා ලද, පිරිසිඳින ලද ස්කන්‍ධයෝය. නැතහොත්, ඡින්නවටුමකා (හෙවත් සසරවට සුන්කළ) බුදුවරයන්ගේ අනුස්මරණාදියෙහිදී මෙන් අනුන්ගේ විඤ්ඤාණයෙන් දන්නා ලද, ස්කන්‍ධයෝය, මෙකී ස්කන්‍ධයෝ හුදෙක් බුදුවරයන්හටම විෂය වෙති. ‘පුබ්බෙනිවාසානුස්සති’ යනු, යම් ස්මෘතියෙකින් පෙර වුසූ කඳ පිළිවෙළ අනුස්මරණය කරනු ලැබේද, එය පුබ්බේනිවාසානුස්සති නම්වේ, ‘ඤාණං’ යනු, එම ස්මෘතියෙන් යුක්තවූ ඥානයයි. මෙසේ මෙම පුබ්බේනිවාසානුස්සති ඤාණය පිණිසයි. පුබ්බේනිවාසානුස්සති ඤාණය සඳහායි. මෙම ඥානය අවබෝධ කර ගනු, පැමිණෙනු පිණිසැයි කී නියායි.

අනෙකවිහිතන‍්ති අනෙකවිධං, අනෙකෙහි වා පකාරෙහි පවත‍්තිතං, සංවණ‍්ණිතන‍්ති අත්‍ථො. පුබ‍්බෙනිවාසන‍්ති සමනන‍්තරාතීතභවං ආදිං කත්‍වා තත්‍ථ තත්‍ථ නිවුත්‍ථසන‍්තානං. අනුස‍්සරතීති ඛන්‍ධපටිපාටිවසෙන චුතිපටිසන්‍ධිවසෙන වා අනුගන‍්ත්‍වා අනුගන‍්ත්‍වා සරති. ඉමඤ‍්හි පුබ‍්බෙනිවාසං ඡ ජනා අනුස‍්සරන‍්ති – තිත්‍ථියා, පකතිසාවකා, මහාසාවකා, අග‍්ගසාවකා, පච‍්චෙකබුද‍්ධා, බුද‍්ධාති.

අනෙකවිහිතං යනු, අනේකවිධ වූ, අනේකප්‍රකාරයෙන් පවත්වනලද, මොනවට විස්තර කරන ලදැ’යි යන අර්ත්‍ථයි. පුබ්බෙනිවාසං යනු, ආසන්නවූ පූර්වභවයෙහි පටන් ඒ ඒ තන්හි වුසූ සන්තානයයි. අනුස්සරති යනු, කඳ පිළිවෙළ වශයෙන් හෝ චුති පටිසන්‍ධි වශයෙන් හෝ අනුව එමින් සිහිකරයි. මෙම පුබ්බේනිවාසය සිහිකරන්නාහු සදෙනෙක් වෙති:- අන්‍ය ශාස්තෘවරයෝය. සාමාන්‍ය ශ්‍රාවකයෝය, මහාශ්‍රාවකයෝය, අග්‍රශ්‍රාවකයෝය, පසේබුදුවරයෝය, සම්මා සම්බුදුවරයෝය යන මොහුය.

තත්‍ථ තිත්‍ථියා චත‍්තාලීසංයෙව කප‍්පෙ අනුස‍්සරන‍්ති, න තතො පරං. කස‍්මා, දුබ‍්බලපඤ‍්ඤත‍්තා. තෙසඤ‍්හි නාමරූපපරිච‍්ඡෙදවිරහිතත‍්තා දුබ‍්බලා පඤ‍්ඤා හොති. පකතිසාවකා කප‍්පසතම‍්පි කප‍්පසහස‍්සම‍්පි අනුස‍්සරන‍්තියෙව, බලවපඤ‍්ඤත‍්තා. අසීතිමහාසාවකා සතසහස‍්සකප‍්පෙ අනුස‍්සරන‍්ති. ද‍්වෙ අග‍්ගසාවකා එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං සතසහස‍්සඤ‍්ච. පච‍්චෙකබුද‍්ධා ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි සතසහස‍්සඤ‍්ච. එත‍්තකො හි එතෙසං අභිනීහාරො. බුද‍්ධානං පන පරිච‍්ඡෙදො නාම නත්‍ථි.

එහි, අන්‍ය ශාස්තෘවරයෝ කප් සතළිසක් සිහි කෙරෙති, එයින් එපිට සිහි නොකෙරෙති, කවර හෙයින්දයත්, දුර්වල ප්‍රඥා ඇති හෙයිනි, නාමරූප-පරිච්ඡේද විරහිත වූ හෙයින් ඔවුන්ගේ ප්‍රඥාව දුර්වල වේ. සාමාන්‍ය ශ්‍රාවකයෝ කප් සියයක්ද, කල් දහසක්ද, වුව සිහි කෙරෙත්මය, බලවත් වූ ප්‍රඥා ඇති හෙයිනි. අසූ මහාශ්‍රාවකයෝ සුවහසක් කප් සිහි කෙරෙති, අග්‍රශ්‍රාවකයෝ - ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්ද, පසේ බුදුවරයෝ ද්ව්‍යසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්ද සිහි කෙරෙති, ඔවුන්ගේ අභිනීහාරය එපමණෙකි. බුදුවරයන්ගේ අභිනීහාරයෙහි වනාහි ඉමක් කොණක් නැත.

තිත්‍ථියා ච ඛන්‍ධපටිපාටිමෙව සරන‍්ති, පටිපාටිං මුඤ‍්චිත්‍වා චුතිපටිසන්‍ධිවසෙන සරිතුං න සක‍්කොන‍්ති. තෙසඤ‍්හි අන්‍ධානං විය ඉච‍්ඡිතපදෙසොක‍්කමනං නත්‍ථි. යථා පන අන්‍ධා යට‍්ඨිං අමුඤ‍්චිත්‍වාව ගච‍්ඡන‍්ති, එවං තෙ ඛන්‍ධානං පටිපාටිං අමුඤ‍්චිත්‍වාව සරන‍්ති. පකතිසාවකා ඛන්‍ධපටිපාටියාපි අනුස‍්සරන‍්ති චුතිපටිසන්‍ධිවසෙනපි සඞ‍්කමන‍්ති. තථා අසීතිමහාසාවකා. ද‍්වින‍්නං පන අග‍්ගසාවකානං ඛන්‍ධපටිපාටිකිච‍්චං නත්‍ථි. එකස‍්ස අත‍්තභාවස‍්ස චුතිං දිස‍්වා පටිසන්‍ධිං පස‍්සන‍්ති, පුන අපරස‍්ස චුතිං දිස‍්වා පටිසන්‍ධින‍්ති එවං චුතිපටිසන්‍ධිවසෙනෙව සඞ‍්කමන‍්තා ගච‍්ඡන‍්ති. තථා පච‍්චෙකබුද‍්ධා.

තීර්ථකයෝ හුදෙක් කඳ පිළිවෙළම සිහි කෙරෙති, කඳ පිළිවෙළ හැර චුතිපටිසන්‍ධි වශයෙන් සමරනු නොසමත් වෙති. අන්‍ධයනට මෙන් ඔවුනටද කැමැති කැමැති පෙදෙසකට යා නොහැකිය. යම්සේ අන්‍ධයෝ යෂ්ටිය නොහැරම යෙත්ද, එසේම තීර්ථකයෝ කඳපිළිවෙළ නොහැරම සමරති. සාමාන්‍ය ශ්‍රාවකයෝ කඳපිළිවෙළ වශයෙන්ද සමරති, චුතිපටිසන්‍ධි වශයෙන්ද සමරති. අසූමහාශ්‍රාවකයෝද එසේය. අග්‍රශ්‍රාවකයන් දෙදෙනාහට වනාහි කඳ පිළිවෙළ සැමරීමේ කාර්යයක් නැත, එක් ආත්මභාවයෙක චුතිය දැක පටිසන්‍ධිය දනිති, මෙසේ චුතිපටිසන්‍ධි වශයෙන් සංක්‍රමණය කෙරෙමින් යෙති. පසේ බුදුවරයෝද එසේය.

බුද‍්ධානං පන නෙව ඛන්‍ධපටිපාටිකිච‍්චං, න චුතිපටිසන්‍ධිවසෙන සඞ‍්කමනකිච‍්චං අත්‍ථි. තෙසඤ‍්හි අනෙකාසු කප‍්පකොටීසු හෙට‍්ඨා වා උපරි වා යං යං ඨානං ඉච‍්ඡන‍්ති, තං තං පාකටමෙව හොති. තස‍්මා අනෙකාපි කප‍්පකොටියො පෙය්‍යාලපාළිං විය සංඛිපිත්‍වා යං යං ඉච‍්ඡන‍්ති, තත්‍ර තත්‍රෙව ඔක‍්කමන‍්තා සීහොක‍්කන‍්තවසෙන ගච‍්ඡන‍්ති. එවං ගච‍්ඡන‍්තානඤ‍්ච නෙසං ඤාණං යථා නාම කතවාලවෙධපරිචයස‍්ස සරභඞ‍්ගසදිසස‍්ස ධනුග‍්ගහස‍්ස ඛිත‍්තො සරො අන‍්තරා රුක‍්ඛලතාදීසු අසජ‍්ජමානො ලක‍්ඛෙයෙව පතති, න සජ‍්ජති, න විරජ‍්ඣති, එවං අන‍්තරන‍්තරාසු ජාතීසු න සජ‍්ජති, න විරජ‍්ඣති, අසජ‍්ජමානං අවිරජ‍්ඣමානං ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානංයෙව ගණ‍්හාති.

බුදුවරයන්හට වනාහි කඳ පිළිවෙළ අනුව හැසිරීමේ කාර්යයක් හෝ චුතිපටිසන්‍ධි වශයෙන් යාමේ කාර්යයක් හෝ නොමැත. ඔවුනට වනාහි නොයෙක් කප් කෙළ ගණනෙකින් යට හෝ මතු හෝ යම් යම් තැනක් රිසි වේද, ඒ ඒ තැන ප්‍රකට වේමය. එහෙයින් කප් කෙළ ගණනක් වුවද පෙය්‍යාල පෙළක් මෙන් සංක්‍ෂේප කොට යම් යම් තැනක් කැමැති වෙත්ද, ඒ ඒ තැනට යමින් සිංහාවක්‍රාන්ත (සිංහයාගේ පැනීම) වශයෙන් යෙති. මෙසේ ගමන් කරන ඔවුන්ගේ ඥානය, යම්සේ අස්ලොම් විදීමෙහි පලපුරුදු ඇති සරභංගයන් වැනි දුනුවායකු විසින් විදින ලද හීසරයක් අතරතුර ගස්වැල් ආදියෙහි නොපැටලී ඉලක්කයටම වදීද, නොපැටලේද, නොපැකිලේද, එසේම අතරතුර ආත්මභාවයන්හි නොපැටලේ, නොපැකිලේ, නොපැටලී නොපැකිලී කැමැති කැමැති තැනම අල්වා ගනියි.

ඉමෙසු ච පන පුබ‍්බෙනිවාසං අනුස‍්සරණසත‍්තෙසු තිත්‍ථියානං පුබ‍්බෙනිවාසදස‍්සනං ඛජ‍්ජුපනකපභාසදිසං හුත්‍වා උපට‍්ඨාති. පකතිසාවකානං දීපප‍්පභාසදිසං. මහාසාවකානං උක‍්කාපභාසදිසං . අග‍්ගසාවකානං ඔසධිතාරකප‍්පභාසදිසං. පච‍්චෙකබුද‍්ධානං චන්‍දප‍්පභාසදිසං. බුද‍්ධානං රස‍්මිසහස‍්සපටිමණ‍්ඩිතසරදසූරියමණ‍්ඩලසදිසං හුත්‍වා උපට‍්ඨාති.

පූර්වේනිවාසස්මරණය කරන මෙම සත්ත්‍වයන් අතුරෙන් තීර්ත්‍ථකයන්ගේ පූර්වේනිවාසදර්ශනය කණමැදිරි එළියක් හා සමානව වැටහෙයි; සාමාන්‍ය ශ්‍රාවකයන්ගේ දැකීම පහන් එලියක් හා සමානවද, මහාශ්‍රාවකයන්ගේ දැකීම හුළු එළියක් හා සමානවද, අග්‍රශ්‍රාවකයන්ගේ දැකීම ‘ඕසධී තාරකාවෙහි එළිය හා සමානවද, පසේබුදුවරයන්ගේ දැකීම සඳඑළිය හා සමානවද, සම්බුදුවරයන්ගේ දැකීම දහසක් රැසින් ප්‍රතිමණ්ඩිත සරත් සූර්යමණ්ඩලය හා සමානවද වැටහේ.

තිත්‍ථියානඤ‍්ච පුබ‍්බෙනිවාසානුස‍්සරණං අන්‍ධානං යට‍්ඨිකොටිගමනං විය හොති. පකතිසාවකානං දණ‍්ඩකසෙතුගමනං විය. මහාසාවකානං ජඞ‍්ඝසෙතුගමනං විය. අග‍්ගසාවකානං සකටසෙතුගමනං විය. පච‍්චෙකබුද‍්ධානං මහාජඞ‍්ඝමග‍්ගගමනං විය. බුද‍්ධානං මහාසකටමග‍්ගගමනං විය.

තීර්ත්‍ථකයන්ගේ පූර්වේනිවාසානුස්මරණය අන්‍ධයන් සැරයටි කෙළවර ගෙන යන ගමන වැනි වේ; සාමාන්‍ය ශ්‍රාවකයන්ගේ අනුස්මරණය හේ- දණ්ඩෙක යන ගමන මෙන්ද, මහාශ්‍රාවකයන්ගේ අනුස්මරණය පාගමනින් යාහැකි පාලමෙක යන ගමන මෙන්ද, අග්‍රශ්‍රාවකයන්ගේ අනුස්මරණය පාගමනින් යාහැකි පාලමෙක යන ගමන මෙන්ද, අග්‍රශ්‍රාවකයන්ගේ අනුස්මරණය ගැල් පාලමෙක යන ගමන මෙන්ද, පසේබුදුවරයන්ගේ අනුස්මරණය අඩිපාරෙක යන ගමන මෙන්ද, සම්බුදුවරයන්ගේ අනුස්මරණය මහගැල් මඟෙක යන ගමන මෙන්ද වේ.

ඉමස‍්මිං පන අධිකාරෙ සාවකානං පුබ‍්බෙනිවාසානුස‍්සරණං අධිප‍්පෙතං. තෙන වුත‍්තං “අනුස‍්සරතීති ඛන්‍ධපටිපාටිවසෙන චුතිපටිසන්‍ධිවසෙන වා අනුගන‍්ත්‍වා අනුගන‍්ත්‍වා සරතී”ති.

මේ වර්ණනයෙහි ලා (අගසවු දෙනම හැර සෙසු) ශ්‍රාවකයන්ගේ පූර්වේනිවාසානුස්මරණය අභිප්‍රේතයි. එහෙයින් “අනුසරති යනු, කඳ පිළිවෙළ අනුව හෝ චුතිපටිසන්‍ධි වශයෙන් හෝ යමින් හැසිරෙති”යි කියන ලදි.

තස‍්මා එවමනුස‍්සරිතුකාමෙන ආදිකම‍්මිකෙන භික‍්ඛුනා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තෙන රහොගතෙන පටිසල‍්ලිනෙන පටිපාටියා චත‍්තාරි ඣානානි සමාපජ‍්ජිත්‍වා අභිඤ‍්ඤාපාදකචතුත්‍ථජ‍්ඣානතො වුට‍්ඨාය සබ‍්බපච‍්ඡිමා නිසජ‍්ජා ආවජ‍්ජිතබ‍්බා. තතො ආසනපඤ‍්ඤාපනං, සෙනාසනප‍්පවෙසනං, පත‍්තචීවරපටිසාමනං, භොජනකාලො, ගාමතො ආගමනකාලො, ගාමෙ පිණ‍්ඩාය චරිතකාලො, ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨකාලො, විහාරතො නික‍්ඛමනකාලො, චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණවන්‍දනකාලො, පත‍්තධොවනකාලො, පත‍්තපටිග‍්ගහණකාලො, පත‍්තපටිග‍්ගහණතො යාව මුඛධොවනා කතකිච‍්චං, පච‍්චූසකාලෙ කතකිච‍්චං, මජ‍්ඣිමයාමෙ කතකිච‍්චං, පඨමයාමෙ කතකිච‍්චන‍්ති එවං පටිලොමක‍්කමෙන සකලං රත‍්තින්‍දිවං කතකිච‍්චං ආවජ‍්ජිතබ‍්බං. එත‍්තකං පන පකතිචිත‍්තස‍්සපි පාකටං හොති. පරිකම‍්මසමාධිචිත‍්තස‍්ස පන අතිපාකටමෙව.

එසේ හෙයින් මේ ආකාරයෙන් සමරනු කැමැති ආධුනික භික්‍ෂුව විසින් පිඬු පිණිස ගොස් වළඳා ඉක්බිති, හුදෙකලාව විවේකීව පිළිවෙළින් සතර ධ්‍යානයට සමවැද අභිඥා පාදක චතුර්ත්‍ථධ්‍යානයෙන් නැගී අවසන් වරට කළ හිඳීම ආවර්ජන කළ යුතුය, එතැන් සිට අසුන් පැනවීමද, සෙනසුනට පිවිසීමද, පාසිවුරු පිළියෙල කොට තැබීමද, භෝජනකාලයද, ගමින් ආ කාලයද, ගමෙහි පිඬු පිණිස හැසිරුණ කාලයද, විහාරයෙන් නික්මුණු කාලයද, සෑ-මලුවෙහි, බෝ මලුවෙහි වන්‍දනා කළ කාලයද, පාත්‍රය සේදූ කාලයද, පාත්‍රය පිළිගත් කාලයද, පාත්‍රය පිළිගැනීමේ පටන් මුව දෙවීම දක්වා කළ කාර්යයන්ද, අළුයම් කාලයෙහි කළ කාර්යයන්ද, මැදියම් කාලයෙහි කළ කාර්යයන්ද, පෙරයම් කාලයෙහි කළ කාර්යයන්දැයි මෙසේ ප්‍රතිලෝම ක්‍රමයෙන් දිවාරෑ කළ සියලු කාර්යයන් ආවර්ජන කළ යුතුය. මෙපමණක් ප්‍රකෘති චිත්තයටද, ප්‍රකටවේ, පරිකර්ම සමාධි චිත්තයට ඉතා ප්‍රකටවේමය.

සචෙ පනෙත්‍ථ කිඤ‍්චි න පාකටං හොති, පුන පාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ආවජ‍්ජිතබ‍්බං. එත‍්තකෙන දීපෙ ජලිතෙ විය පාකටං හොති. එවං පටිලොමක‍්කමෙනෙව දුතියදිවසෙපි තතියචතුත්‍ථපඤ‍්චමදිවසෙපි දසාහෙපි අඩ‍්ඪමාසෙපි මාසෙපි යාව සංවච‍්ඡරාපි කතකිච‍්චං ආවජ‍්ජිතබ‍්බං. එතෙනෙව උපායෙන දසවස‍්සානි වීසතිවස‍්සානීති යාව ඉමස‍්මිං භවෙ අත‍්තනො පටිසන්‍ධි, තාව ආවජ‍්ජන‍්තෙන පුරිමභවෙ චුතික‍්ඛණෙ පවත‍්තිතනාමරූපං ආවජ‍්ජිතබ‍්බං. පහොති හි පණ‍්ඩිතො භික‍්ඛු පඨමවාරෙනෙව පටිසන්‍ධිං උග‍්ඝාටෙත්‍වා චුතික‍්ඛණෙ නාමරූපමාරම‍්මණං කාතුං.

ඉදින් මෙහිලා යම් කිසිවක් ප්‍රකට නොවේනම්, යලිත් පාදකධ්‍යානයට සමවැද එයින් නැගී ආවර්ජන කළයුතුය; මෙතෙකින් පහනක් දැල්වූ කල මෙන් ප්‍රකට වේ. මේ ආකාරයෙන් ප්‍රතිලෝම ක්‍රමයෙන්ම දෙවන දවස්හිද, තුන්වන, සතරවන, පස්වන දවස්හිද, දසදිනක්, අඩමසක්, මසක්, වසරක් දක්වාද, කරන ලද කාර්යයන් ආවර්ජන කළයුතුය; මෙනයින්ම දසවසක්, විසිවසක්දැ’යි යම්තාක් තමාගේ මේ භවයෙහි ප්‍රතිසන්‍ධිය වීද, ඒතාක් ආවර්ජන කරමින් පූර්වභවයෙහි ච්‍යුතික්‍ෂණයෙහි පැවැති නාමරූපයන් ආවර්ජන කළ යුතුය. නුවණැති භික්‍ෂු තෙමේ පළමු වරම ප්‍රතිසන්‍ධිය උගුළුවා (ඉක්මවා) ච්‍යුතික්‍ෂණයෙහි වූ නාමරූපයන් අරමුණු කර ගැනීමට සමත් වන්නේමය.

යස‍්මා පන පුරිමභවෙ නාමරූපං අසෙසං නිරුද‍්ධං අඤ‍්ඤං උප‍්පන‍්නං, තස‍්මා තං ඨානං ආහුන්‍දරිකං අන්‍ධතමමිව හොති දුද‍්දසං දුප‍්පඤ‍්ඤෙන. තෙනාපි “න සක‍්කොමහං පටිසන්‍ධිං උග‍්ඝාටෙත්‍වා චුතික‍්ඛණෙ පවත‍්තිතනාමරූපමාරම‍්මණං කාතු”න‍්ති ධුරනික‍්ඛෙපො න කාතබ‍්බො. තදෙව පන පාදකජ‍්ඣානං පුනප‍්පුනං සමාපජ‍්ජිතබ‍්බං. තතො ච වුට‍්ඨාය වුට‍්ඨාය තං ඨානං ආවජ‍්ජිතබ‍්බං.

යම් හෙයකින් පූර්වභවයට අයත් නාමරූපයන් අශේෂ වශයෙන් නිරුද්ධවී (මේ භවයෙහි) අනෙකක් උපන්නේ නම් එම ස්ථානය දුර්වල ප්‍රඥා ඇත්තකුට අන්‍ධකාරයෙන් වැසී ගිය බාධක ස්ථානයක් සෙයින් පහසුවෙන් දැකගත නොහැකි වනු ඇත. එසේ වතුදු, ‘ප්‍රතිසන්‍ධිය ඉක්මවා ච්‍යුතික්‍ෂණයෙහි පැවති නාමරූපයන් අරමුණු කොට ගැනීමට මම නොසමත් වෙමි’යි අපේක්‍ෂිත කාර්යය හැර දැමීම නොකළ යුතුය; එම පාදකධ්‍යානයට යලි යලිදු සමවැදිය යුතුය, එයින් නැගී එම ස්ථානය ආවර්ජන කළ යුතුය,

එවං කරොන‍්තො හි සෙය්‍යථාපි නාම බලවා පුරිසො කූටාගාරකණ‍්ණිකත්‍ථාය මහාරුක‍්ඛං ඡින්‍දන‍්තො සාඛාපලාසච‍්ඡෙදනමත‍්තෙනෙව ඵරසුධාරාය විපන‍්නාය මහාරුක‍්ඛං ඡින්‍දිතුං අසක‍්කොන‍්තොපි ධුරනික‍්ඛෙපං අකත්‍වාව කම‍්මාරසාලං ගන‍්ත්‍වා තිඛිණං ඵරසුං කාරාපෙත්‍වා පුන ආගන‍්ත්‍වා ඡින්‍දෙය්‍ය, පුන විපන‍්නාය ච පුනපි තථෙව කාරෙත්‍වා ඡින්‍දෙය්‍ය. සො එවං ඡින්‍දන‍්තො ඡින‍්නස‍්ස ඡින‍්නස‍්ස පුන ඡෙතබ‍්බාභාවතො අච‍්ඡින‍්නස‍්ස ච ඡෙදනතො නචිරස‍්සෙව මහාරුක‍්ඛං පාතෙය්‍ය, එවමෙවං පාදකජ‍්ඣානා වුට‍්ඨාය පුබ‍්බෙ ආවජ‍්ජිතං අනාවජ‍්ජිත්‍වා පටිසන්‍ධිමෙව ආවජ‍්ජන‍්තො නචිරස‍්සෙව පටිසන්‍ධිං උග‍්ඝාටෙත්‍වා චුතික‍්ඛණෙ පවත‍්තිතනාමරූපං ආරම‍්මණං කරෙය්‍යාති. කට‍්ඨඵාලකකෙසොහාරකාදීහිපි අයමත්‍ථො දීපෙතබ‍්බො.

මෙසේ කරනුයේ වනාහි, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් කූටාගාරයකට කැණිමඬලක් සඳහා මහරුකක් කපනුයේ අතුරිකිලි සිඳලූ පමණින්ම පොරෝතලය මොට වී ගිය කල මහරුක කපා හෙලන්නට නොහැකි වනුයේ නමුදු, අපේක්‍ෂිත කාර්යය හැරදැමීම නොකොට කම්හලට ගොස් පොරොව මුවහත් තබවා ගෙන පෙරළා අවුත්, කපනුයේද, නැවත මොට වුවහොත් නැවත එසේ කරවා ගෙන කපනුයේද, මෙසේ කැපීමේදී කැපූ කැපූ දෙය නැවත කැපියයුතු නොවන හෙයින් නොකැපූ දෙයම කපමින් නොබෝ කලෙකින්ම මහරුක කපා හෙලනුයේද, එසේම පාදකධ්‍යානයෙන් නැගී මුලින් ආවර්ජන කළ දෙය යලි ආවර්ජන නොකොට ප්‍රතිසන්‍ධියම ආවර්ජන කරනුයේ නොබෝ කලෙකින්ම ප්‍රතිසන්‍ධිය ඉක්මවා ච්‍යුතික්‍ෂණයෙහි පැවැති නාමරූපයන් අරමුණු කොටගන්නේය. කට්ඨපාලක (දර පළන්නා), කේසෝහාරක (හිසකේ කපන්නා) ආදී උපමාවන්ගෙන්ද, මෙම අර්ත්‍ථය පැහැදිලි කළයුතුය.

තත්‍ථ පච‍්ඡිමනිසජ‍්ජතො පභුති යාව පටිසන්‍ධිතො ආරම‍්මණං කත්‍වා පවත‍්තං ඤාණං පුබ‍්බෙනිවාසඤාණං නාම න හොති. තං පන පරිකම‍්මසමාධිඤාණං නාම හොති. අතීතංසඤාණන‍්තිපි එකෙ වදන‍්ති. තං රූපාවචරං සන්‍ධාය න යුජ‍්ජති. යදා පනස‍්ස භික‍්ඛුනො පටිසන්‍ධිං අතික‍්කම‍්ම චුතික‍්ඛණෙ පවත‍්තිතනාමරූපං ආරම‍්මණං කත්‍වා මනොද‍්වාරාවජ‍්ජනං උප‍්පජ‍්ජති, තස‍්මිඤ‍්ච නිරුද‍්ධෙ තදෙවාරම‍්මණං කත්‍වා චත‍්තාරි පඤ‍්ච වා ජවනානි ජවන‍්ති. සෙසං පුබ‍්බෙ වුත‍්තනයෙනෙව පුරිමානි පරිකම‍්මාදිනාමකානි කාමාවචරානි හොන‍්ති. පච‍්ඡිමං රූපාවචරං චතුත්‍ථජ‍්ඣානිකං අප‍්පනාචිත‍්තං. තදාස‍්ස යං තෙන චිත‍්තෙන සහ ඤාණං උප‍්පජ‍්ජති, ඉදං පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණං නාම. තෙන ඤාණෙන සම‍්පයුත‍්තාය සතියා අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථිදං, එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො…පෙ… ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරතීති (දී· නි· 1.244).

මෙහි අවසන්වරට හිඳ ගැනීමේ පටන් ප්‍රතිසන්‍ධිය දක්වා අරමුණු කොට පැවැති ඥානය පුබ්බේ නිවාසඤාණ නම් නොවේ, එය පරිකම්ම-සමාධි-ඤාණ නම්වේ, ඇතැමෙක් ‘අතීතංසඤාණ’ යයිද කියති; රූපාවචර ඤාණය සඳහා එය නොයෙදේ. යම්කලෙක වනාහි මෙම භික්‍ෂූහට ප්‍රතිසන්‍ධිය ඉක්මවා ච්‍යුතික්‍ෂණයෙහි පැවැති නාමරූපයන් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය උපදීද, එයද ඉකුත්ව එයම අරමුනුකොට ජවන් සිත් සතරක් හෝ පසක් දිවෙයි, සෙස්ස පෙර කී නයින්ම වේ; පරිකර්මකාදි නම්වූ පළමු ජවන් සිත් කාමාවචර වේ. චතුර්ත්‍ථධ්‍යානික අර්පණා චිත්තය වූ අවසන් ජවනය රූපාවචර වේ. එකල ඒ ජවන් සිත හා සමඟ යම් ඥානයක් උපදීද, මෙය ‘පුබ්බේනිවාසානුස්සතිඤාණ’ නම්වේ. එම ඥානයෙන් යුක්තවූ සතියෙන් අනේක ප්‍රකාරවූ පුබ්බේ-නිවාසයන් ආකාර සහිතව විස්තර සහිතව සිහි කරයි.

තත්‍ථ එකම‍්පි ජාතින‍්ති එකම‍්පි පටිසන්‍ධිමූලං චුතිපරියොසානං එකභවපරියාපන‍්නං ඛන්‍ධසන‍්තානං. එස නයො ද‍්වෙපි ජාතියොතිආදීසුපි. අනෙකෙපි සංවට‍්ටකප‍්පෙතිආදීසු පන පරිහායමානො කප‍්පො සංවට‍්ටකප‍්පො, වඩ‍්ඪමානො විවට‍්ටකප‍්පොති වෙදිතබ‍්බො. තත්‍ථ සංවට‍්ටෙන සංවට‍්ටට‍්ඨායී ගහිතො හොති, තංමූලකත‍්තා. විවට‍්ටෙන ච විවට‍්ටට‍්ඨායී, එවඤ‍්හි සති යානි තානි “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, කප‍්පස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යානි. කතමානි චත‍්තාරි? සංවට‍්ටො, සංවට‍්ටට‍්ඨායී, විවට‍්ටො, විවට‍්ටට‍්ඨායීති (අ· නි· 4.156 ථොකං විසදිසං) වුත‍්තානි, තානි පරිග‍්ගහිතානි හොන‍්ති.

එහි ‘එක් ජාතියකද (එකම්පි ජාතිං) යනු, ප්‍රතිසන්‍ධියෙහි පටන් ච්‍යුතිය අවසන් කොට ඇති එක් භවයකට අයත් එක් කඳපිළිවෙළකි. ද්වෙපි ජාතියො යන ආදියෙහිද, මෙම නයයි. අනෙකෙපි සංවට්ටකප්පෙ යන ආදියෙහි වනාහි පිරිහෙමින් පවත්නා කල්පය සංවට්ටකප්ප යයිද, වැඩෙමින් පවත්නා කල්පය විවට්ට කප්පයයිද දතයුතුය. එහි ‘සංවට්ට’ යනුවෙන් සංවට්ටට්ඨායී (පිරිහෙමින් සිටි) කල්පය ගන්නා ලදි, විනාශය මුල් කොට ඇති හෙයිනි, ‘විවට්ට’ යනුවෙන් විවට්ටට්ඨායී (වැඩෙමින් සිටි) කල්පය ගන්නා ලදි. මෙසේ ඇති කල්හි, “මහණෙනි, කල්පයකට අසංඛෙය්ය සතරෙකි, ඒ කවරේද, සංවට්ටය, සංවට්ටට්ඨායීය, විවට්ටය, විවට්ටට්ඨායීය යන මේයි” යනුවෙන් යම් කල්පයක් කියන ලද්දේ ද, එය ගන්නා ලදි.

තත්‍ථ තයො සංවට‍්ටා – ආපොසංවට‍්ටො, තෙජොසංවට‍්ටො, වායොසංවට‍්ටොති. තිස‍්සො සංවට‍්ටසීමා – ආභස‍්සරා, සුභකිණ‍්හා, වෙහප‍්ඵලාති.

එහි සංවට්ට කල්ප තුනෙකි. ආපෝ සංවට්ටය, තේජෝ සංවට්ටය, වායෝ සංවට්ටය යනුවෙනි. සංවට්ට සීමාද තුනෙකි, ආභස්සර සීමාය, සුභකිණ්හ සීමාය, වේහප්ඵල සීමාය යනුවෙනි.

යදා කප‍්පො තෙජෙන සංවට‍්ටති, ආභස‍්සරතො හෙට‍්ඨා අග‍්ගිනා ඩය‍්හති. යදා ආපෙන සංවට‍්ටති, සුභකිණ‍්හතො හෙට‍්ඨා උදකෙන විලීයති. යදා වායුනා සංවට‍්ටති, වෙහප‍්ඵලතො හෙට‍්ඨා වාතෙන විද‍්ධංසති. විත්‍ථාරතො පන සදාපි එකං බුද‍්ධඛෙත‍්තං විනස‍්සති.

යම් කලෙක කල්පය ගින්නෙන් වැනසේද, එකල ආභස්සර බඹලොවින් යට ගින්නෙන් දැවීයයි. යම් කලෙක ජලයෙන් වැනසේද, එකල සුභකිණ්හ බඹලොවින් යට ජලයෙන් දියවී යයි, යම් කලෙක වාතයෙන් නැසේද, එකල වේහප්ඵල බඹලොවින් යට සුළඟින් විදැහී යයි. විතරින් වනාහි සැමකල්හිම එක් බුද්ධක්‍ෂේත්‍රයක් වැනසේ,

බුද‍්ධඛෙත‍්තං නාම තිවිධං හොති – ජාතිඛෙත‍්තං, ආණාඛෙත‍්තං, විසයඛෙත‍්තඤ‍්ච. තත්‍ථ ජාතිඛෙත‍්තං දසසහස‍්සචක‍්කවාළපරියන‍්තං හොති. යං තථාගතස‍්ස පටිසන්‍ධිගහණාදීසු කම‍්පති. ආණාඛෙත‍්තං කොටිසතසහස‍්සචක‍්කවාළපරියන‍්තං, යත්‍ථ රතනසුත‍්තං (ඛු· පා· 6.1 ආදයො) ඛන්‍ධපරිත‍්තං (චූළව· 251; අ· නි· 4.67) ධජග‍්ගපරිත‍්තං (සං· නි· 1.249) ආටානාටියපරිත‍්තං (දී· නි· 3.275 ආදයො) මොරපරිත‍්තන‍්ති (ජා· 1.2.17-18) ඉමෙසං පරිත‍්තානං ආනුභාවො වත‍්තති. විසයඛෙත‍්තං අනන‍්තමපරිමාණං. යං “යාවතා වා පන ආකඞ‍්ඛෙය්‍යා”ති (අ· නි· 3.81) වුත‍්තං, යත්‍ථ යං යං තථාගතො ආකඞ‍්ඛති, තං තං ජානාති. එවමෙතෙසු තීසු බුද‍්ධඛෙත‍්තෙසු එකං ආණාඛෙත‍්තං විනස‍්සති. තස‍්මිං පන විනස‍්සන‍්තෙ ජාතිඛෙත‍්තම‍්පි විනට‍්ඨමෙව හොති. විනස‍්සන‍්තඤ‍්ච එකතොව විනස‍්සති, සණ‍්ඨහන‍්තම‍්පි එකතො සණ‍්ඨහති. තස‍්සෙවං විනාසො ච සණ‍්ඨහනඤ‍්ච වෙදිතබ‍්බං.

බුද්ධක්‍ෂේත්‍රයද ත්‍රිවිධ වේ. ජාතික්‍ෂේත්‍රය, ආඥාක්‍ෂේත්‍රය, විෂයක්‍ෂේත්‍රය යනුවෙනි. එහි ජාතික්‍ෂේත්‍රය දසදහසක් සක්වළ සීමා කොට ඇත්තේය; මෙය තථාගතයන් වහන්සේගේ ප්‍රතිසන්‍ධිග්‍රහණාදිය සිදුවන විට කම්පා වේ; ආඥාක්‍ෂේත්‍රය සුවහසක් සක්වළ සීමා කොට ඇත්තේය, එහි රතන සූත්‍රය, ඛන්‍ධ පරිත්තය, ධජග්ග පරිත්තය. ආටානාටිය පරිත්තය. මෝරපරිත්තය යන මේ පරිත්තයන්ගේ ආනුභාවය පවත්නේය; විෂයක්‍ෂේත්‍රය අනන්තාපරිමාණ වේ, නොහොත් එය අභිමත වනුයේ යම්තාක්ද, ඒතාක්යයි කියන ලදි. එහි තථාගතයන් වහන්සේ යම් යම් දෙයක් කැමැති වන සේක්ද, ඒ ඒ දෙය දක්නා සේක. මෙසේ මේ ත්‍රිවිධ බුද්ධක්‍ෂේත්‍රයන් අතුරෙන් එක් ආඥාක්‍ෂේත්‍රයක් වැනසේ. එය නැසුණ කල ජාතික්‍ෂේත්‍රයද නැසුණේ වේ. නැසෙන කලද. එක්වම නැසේ, හටගන්නා කලද එක්වම හටගනියි. මෙසේ එහි විනාශයද, නැවත හටගැනීමද, දතයුතුය.

යස‍්මිං හි සමයෙ කප‍්පො අග‍්ගිනා නස‍්සති, ආදිතොව කප‍්පවිනාසකමහාමෙඝො වුට‍්ඨහිත්‍වා කොටිසතසහස‍්සචක‍්කවාළෙ එකං මහාවස‍්සං වස‍්සති. මනුස‍්සා තුට‍්ඨහට‍්ඨා සබ‍්බබීජානි නීහරිත්‍වා වපන‍්ති. සස‍්සෙසු පන ගොඛායිතකමත‍්තෙසු ජාතෙසු ගද්‍රභරවං රවන‍්තො එකබින්‍දුම‍්පි න වස‍්සති, තදා පච‍්ඡින‍්නං පච‍්ඡින‍්නමෙව වස‍්සං හොති. ඉදං සන්‍ධාය හි භගවතා “හොති ඛො සො, භික‍්ඛවෙ, සමයො යං බහූනි වස‍්සානි බහූනි වස‍්සසතානි බහූනි වස‍්සසහස‍්සානි බහූනි වස‍්සසතසහස‍්සානි දෙවො න වස‍්සතී”ති (අ· නි· 7.66) වුත‍්තං. වස‍්සූපජීවිනො සත‍්තා කාලඞ‍්කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තන‍්ති, පුප‍්ඵඵලූපජීවිනියො ච දෙවතා. එවං දීඝෙ අද‍්ධානෙ වීතිවත‍්තෙ තත්‍ථ තත්‍ථ උදකං පරික‍්ඛයං ගච‍්ඡති, අථානුපුබ‍්බෙන මච‍්ඡකච‍්ඡපාපි කාලඞ‍්කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තන‍්ති, නෙරයිකසත‍්තාපි. තත්‍ථ නෙරයිකා සත‍්තමසූරියපාතුභාවෙ විනස‍්සන‍්තීති එකෙ.

යම්කලෙක කල්පය ගින්නෙන් නැසේද, එකල පළමුකොට කල්පවිනාශක මහාමේඝයක් නැගී කෙළ සුවහසක් සක්වළ, එක පැහැර මහවැස්සක් වසියි; මනුෂ්‍යයෝ තුටුපහටුව සියලු බිජුවට ගෙන වපුරත්, ශස්‍යය ගවයින් කනතරම් වැඩුණු තැන් පටන් කොටළු හඬ වැනි ගිගුරුම් හඬ නගනු මිස එක් බිඳක් හෝ නොවසියි, එදා නැවතුණු වැසි නැවතුණේම වේ. මේ බව පවසනු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින්, “මහණෙනි, බොහෝ වස් ගණනක්, බොහෝ සියවස් ගණනක් බොහෝ දහස්වස් ගණනක් බොහෝ සුවහස්වස් ගණනක් වැසි නොවසීද, එවන් කලෙක් වන්නේය”යි කියන ලදී. වැසි නිසා ජීවත් වන සත්ත්‍වයෝද, මල්පල නිසා ජීවත්වන දේවතාවෝද, කලුරිය කොට බඹලොව උපදනාහුය; මෙසේ දිගුකලක් ඉකුත්ව ගිය කල තන්හි තන්හි ඇති ජලය ක්‍ෂය වීයයි, එවිට පිළිවෙළින් මස් කසුබ් ආදීහුද, නිරයගත සත්ත්‍වයෝද කලුරිය කොට බඹලොව උපදනාහුය. එහි නිරයගත සත්ත්‍වයෝ සත්වන සූර්යයා පහළ වන්නාහාම වැනසෙති’යි ඇතැමෙක් කියති;

ඣානං විනා නත්‍ථි බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති, එතෙසඤ‍්ච කෙචි දුබ‍්භික‍්ඛපීළිතා කෙචි අභබ‍්බා ඣානාධිගමාය, තෙ කථං තත්‍ථ නිබ‍්බත‍්තන‍්තීති. දෙවලොකෙ පටිලද‍්ධජ‍්ඣානවසෙන. තදා හි “වස‍්සසතසහස‍්සස‍්සච‍්චයෙන කප‍්පුට‍්ඨානං භවිස‍්සතී”ති ලොකබ්‍යූහා නාම කාමාවචරදෙවා මුත‍්තසිරා විකිණ‍්ණකෙසා රුදමුඛා අස‍්සූනි හත්‍ථෙහි පුඤ‍්ඡමානා රත‍්තවත්‍ථනිවත්‍ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්‍වා මනුස‍්සපථෙ විචරන‍්තා එවං ආරොචෙන‍්ති “මාරිසා ඉතො වස‍්සසතසහස‍්සස‍්සච‍්චයෙන කප‍්පවුට‍්ඨානං භවිස‍්සති, අයං ලොකො විනස‍්සිස‍්සති, මහාසමුද‍්දොපි උස‍්සුස‍්සිස‍්සති, අයඤ‍්ච මහාපථවී සිනෙරු ච පබ‍්බතරාජා උද‍්දය‍්හිස‍්සන‍්ති විනස‍්සිස‍්සන‍්ති. යාව බ්‍රහ‍්මලොකා ලොකවිනාසො භවිස‍්සති. මෙත‍්තං මාරිසා භාවෙථ, කරුණං, මුදිතං, උපෙක‍්ඛං මාරිසා භාවෙථ, මාතරං උපට‍්ඨහථ, පිතරං උපට‍්ඨහථ, කුලෙ ජෙට‍්ඨාපචායිනො හොථා”ති.

ධ්‍යානයෙන් තොරව බඹලොව උපතෙක් නැත, මොවුනතුරෙන්ද කිසිවෙක් දුර්භික්‍ෂයෙන් පෙළුණාහු වෙති, කිසිවෙක් ධ්‍යානාධිගමය පිණිස අභව්‍යයෝ (නොසුදුස්සෝ) ය, ඔහු කෙසේ උපදින්නාහුද? දෙව්ලොවදී ලබාගත ධ්‍යාන වශයෙනි. එකල සුවහස් වස් ඉකුත්වීමෙන් කල්ප විනාශය වන්නේයයි ලෝකව්‍යුහ (ලෝකාරක්‍ෂක) නම් කාමාවචර දෙවියෝ වොටුණු රහිත හිසින් විසුරුණු කෙස් ඇතිව හඬමින් වැලපෙමින් දෙ-අතින් කඳුලු පිසිමින් රතු ඇඳුම් ඇඳගෙන ඉතා විරූප වූ වෙස් දරමින් මිනිස් ලොව සැරිසරන්නාහු මෙසේ සැල කරන්නාහුය:- “සබඳිනි, සබඳිනි, මෙයින් සුවහස් වස්ගිය තැන කල්පාවසානය වන්නේය, මේ ලෝකය විනාශ වන්නේය, මහාසමුද්‍රය වියලී යන්නේය, මේ මහපොළොවද මහාමේරු පර්වතයද දැවී යන්නේය, විනාශවන්නේය, සබඳිනි, මෙත් වඩවු, කරුණා, මුදිතා, උපේක්‍ෂා වඩවු, මවුනට උපස්ථාන කරවු, පියනට උපස්ථාන කරවු, කුලදෙටුවන් පුදවු” යනුවෙනි.

තෙසං වචනං සුත්‍වා යෙභුය්‍යෙන මනුස‍්සා ච භුම‍්මදෙවතා ච සංවෙගජාතා අඤ‍්ඤමඤ‍්ඤං මුදුචිත‍්තා හුත්‍වා මෙත‍්තාදීනි පුඤ‍්ඤානි කරිත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තන‍්ති. තත්‍ථ දිබ‍්බසුධාභොජනං භුඤ‍්ජිත්‍වා වායොකසිණෙ පරිකම‍්මං කත්‍වා ඣානං පටිලභන‍්ති. තදඤ‍්ඤෙ පන අපරාපරියවෙදනීයෙන කම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තන‍්ති. අපරාපරියවෙදනීයකම‍්මරහිතො හි සංසාරෙ සංසරමානො සත‍්තො නාම නත්‍ථි. තෙපි තත්‍ථ තථෙව ඣානං පටිලභන‍්ති. එවං දෙවලොකෙ පටිලද‍්ධජ‍්ඣානවසෙන සබ‍්බෙපි බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තන‍්තීති.

ඔවුන් බස් අසා මනුෂ්‍යයෝද, බූමාටු දෙවියෝද, බෙහෙවින් සංවේගයට පත්වූවාහු ඔවුනොවුන් කෙරෙහි මුදුසිත් ඇතිව මෙත් වැඩීම් ආදී පින්කම් කොට දෙව්ලොව උපදනාහුය. එහි දිව්‍ය වූ සුධා භෝජනය වළඳා වායෝ කසිණයෙහි පිරියම්කොට ධ්‍යාන ලබති; අන්‍යයෝ අපරාපරිය කර්ම වශයෙන් දෙව්ලොව උපදනාහුය, අපරාපරියවේදනීය කර්ම රහිත වූ සසර සැරිසරන සත්ත්‍වයෙක් නම් නැත. ඔහුද එහිදී එසේම ධ්‍යාන ලබති. මෙසේ දෙව්ලොවදී ලබාගත් ධ්‍යාන වශයෙන් සියලුම සත්ත්‍වයෝ බඹලොව උපදනාහුය.

වස‍්සූපච‍්ඡෙදතො පන උද‍්ධං දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන දුතියො සූරියො පාතුභවති. වුත‍්තම‍්පි චෙතං භගවතා “හොති ඛො සො, භික‍්ඛවෙ, සමයො”ති සත‍්තසූරියං (අ· නි· 7.66) විත්‍ථාරෙතබ‍්බං. පාතුභූතෙ ච පන තස‍්මිං නෙව රත‍්තිපරිච‍්ඡෙදො, න දිවාපරිච‍්ඡෙදො පඤ‍්ඤායති. එකො සූරියො උට‍්ඨෙති, එකො අත්‍ථං ගච‍්ඡති. අවිච‍්ඡින‍්නසූරියසන‍්තාපොව ලොකො හොති. යථා ච පකතිසූරියෙ සූරියදෙවපුත‍්තො හොති, එවං කප‍්පවිනාසකසූරියෙ නත්‍ථි. තත්‍ථ පකතිසූරියෙ වත‍්තමානෙ ආකාසෙ වලාහකාපි ධූමසිඛාපි චරන‍්ති. කප‍්පවිනාසකසූරියෙ වත‍්තමානෙ විගතධූමවලාහකං ආදාසමණ‍්ඩලං විය නිම‍්මලං නභං හොති. ඨපෙත්‍වා පඤ‍්ච මහානදියො සෙසකුන‍්නදීආදීසු උදකං සුස‍්සති.

වැසි නැතිව ගොස් දීර්ඝකාලයක් ඉකුත්වීමෙන් දෙවන හිරක් පායන්නේය. කියනලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:- “මහණෙනි, මෙවන් කාලයක් උදා වන්නේය” යන ආදී වශයෙන් සප්තසූර්යයන් විස්තර කළයුතුය. එය (දෙවනහිර) පෑවූ කල රැදාවල් වෙනසක් නොපෙනේ, එක් හිරක් උදාවෙයි, අනෙක බැස යයි, ලෝකය නොසිඳී පවත්නා සූර්යසන්තාප ඇත්තේ වෙයි; ප්‍රකෘති සූර්යයා කෙරෙහි සෙයින් කල්පවිනාශයක සූර්යයා කෙරෙහි සූර්ය දේවපුත්‍රයෙක් නැත. ප්‍රකෘති සූර්යයා පවත්නා විට අහසෙහි වළාකුළුද, දුම්සිළුද, හැසිරෙයි. කල්පවිනාශක සූර්යයා පවත්නා විට, දුම්වළා කුල් නැතිව ගොස් අහස කැටපත් තලයක් සෙයින් පැහැදිලි වෙයි. පංචමහා-ගංගාවන් හැර සෙසු කුඩා ගං හෝ ඇළ දොල ආදියෙහි ජලය වියලී යයි.

තතොපි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන තතියො සූරියො පාතුභවති. යස‍්ස පාතුභාවා මහානදියොපි සුස‍්සන‍්ති.

එතැන් සිට තවද, දීර්ඝ කාලයක් ඉකුත්ව ගිය කල තෙවන හිර පායයි, එය පෑවූ කල මහාගංගාවෝද, වියලී යති.

තතොපි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන චතුත්‍ථො සූරියො පාතුභවති. යස‍්ස පාතුභාවා හිමවති මහානදීනං පභවා “සීහපපාතො හංසපාතනො කණ‍්ණමුණ‍්ඩකො රථකාරදහො අනොතත‍්තදහො ඡද‍්දන‍්තදහො කුණාලදහො”ති ඉමෙ සත‍්ත මහාසරා සුස‍්සන‍්ති.

එයිනිදු දීර්ඝ කාලයක් ඉකුත්ව ගිය කල සිවුවන හිර පායයි, එය පෑවූ කල මහානදීනට ප්‍රභවස්ථාන වූ හිමාලය පර්වතයෙහි පිහිටි සීහපපාතය, හංසපපාතය, කණ්ණමුණ්ඩකය, රථකාරදහය, අනෝතත්තදහය, ඡද්දන්තදහය, කුණාලදහය යන සත්මහවිල් වියලී යයි.

තතොපි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන පඤ‍්චමො සූරියො පාතුභවති. යස‍්ස පාතුභාවා අනුපුබ‍්බෙන මහාසමුද‍්දෙ අඞ‍්ගුලිපබ‍්බතෙමනමත‍්තම‍්පි උදකං න සණ‍්ඨාති.

එයිනුදු දීඝකාලයක් ඉකුත්ව ගිය කල පස්වන හිරු පායයි, එය පෑවූ කල මහාසමුද්‍රය ක්‍රමයෙන් සිඳී ගොස් ඇඟිලි පුරුකක් තෙමෙන තරම් හෝ ජලය නොරැදෙයි.

තතොපි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන ඡට‍්ඨො සූරියො පාතුභවති. යස‍්ස පාතුභාවා සකලචක‍්කවාළං එකධූමං හොති. පරියාදිණ‍්ණසිනෙහං ධූමෙන. යථා චිදං, එවං කොටිසතසහස‍්සචක‍්කවාළානිපි.

එයිනුදු දීර්ඝකාලයක් ඉකුත්ව ගිය කල සවන හිරු පහළ වෙයි, එය පහළවූ කල එකම වාෂ්පයක් බවට පත්වෙයි. වාෂ්පය විසින් ඇඳගන්නා ලද තෙතමන ඇත්තේ වෙයි, මේ සක්වළ මෙන්ම කෙළසුවහසක් සක්වළද එසේම වෙයි.

තතොපි දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන සත‍්තමො සූරියො පාතුභවති. යස‍්ස පාතුභාවා සකලචක‍්කවාළං එකජාලං හොති සද‍්ධිං කොටිසතසහස‍්සචක‍්කවාළෙහි. යොජනසතිකාදිභෙදානි සිනෙරුකූටානිපි පලුජ‍්ජිත්‍වා ආකාසෙයෙව අන‍්තරධායන‍්ති. සා අග‍්ගිජාලා උට‍්ඨහිත්‍වා චාතුමහාරාජිකෙ ගණ‍්හාති. තත්‍ථ කනකවිමානරතනවිමානමණිවිමානානි ඣාපෙත්‍වා තාවතිංසභවනං ගණ‍්හාති. එතෙනෙව උපායෙන යාව පඨමජ‍්ඣානභූමිං ගණ‍්හාති. තත්‍ථ තයොපි බ්‍රහ‍්මලොකෙ ඣාපෙත්‍වා ආභස‍්සරෙ ආහච‍්ච තිට‍්ඨති. සා යාව අණුමත‍්තම‍්පි සඞ‍්ඛාරගතං අත්‍ථි, තාව න නිබ‍්බායති. සබ‍්බසඞ‍්ඛාරපරික‍්ඛයා පන සප‍්පිතෙලඣාපනග‍්ගිසිඛා විය ඡාරිකම‍්පි අනවසෙසෙත්‍වා නිබ‍්බායති. හෙට‍්ඨාආකාසෙන සහ උපරිආකාසො එකො හොති මහන්‍ධකාරො.

එයිනුදු දීර්ඝකාලයක් ඉකුත්වී ගියකල සත්වන හිරු පහළ වෙයි, එය පහල වූ කල කෙළසුවසක් සක්වළ හා සමග මේ සියලු සක්වළ එකම අග්නිජ්වාලයක් බවට පත්වෙයි, සියක් යොදුන් ආදී ප්‍රභේද ඇති මේරුපර්වතකූටයෝ පවා වාෂ්පවී ගොස් අහස්හිම අතුරුදන් වෙති. එම අග්නිජ්වාලය නැගී චාතුර්මහාරාජිකය ගනියි, එහි රන්විමන් රුවන් විමන් මැණික්විමන් දවා තාවතිංසභවනය ගනියි, මෙනයින්ම ප්‍රථමධ්‍යානභූමිය තෙක් හසුකොට ගනියි. එහි බඹලෝ තුනක්ම දවා ආභස්සර බඹලොව දක්වා ගොස් නවතියි. එම අග්නිස්කන්‍ධය අණුවක් තරම්වූද, සංස්කාරයක් තිබෙන තාක් නොනිවෙයි, සියලු සංස්කාරගත වස්තූන් ක්‍ෂය වීමෙන් ගිතෙල් දවන සිළුවක් සෙයින් අළු හෝ ඉතිරි නොවී නිවී යයි. යට ආකාශය හා උඩ ආකාශය එක් වී මහාන්‍ධකාරයක් බවට පත් වෙයි.

අථ දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන මහාමෙඝො උට‍්ඨහිත්‍වා පඨමං සුඛුමං සුඛුමං වස‍්සති . අනුපුබ‍්බෙන කුමුදනාළයට‍්ඨිමුසලතාලක‍්ඛන්‍ධාදිප‍්පමාණාහි ධාරාහි වස‍්සන‍්තො කොටිසතසහස‍්සචක‍්කවාළෙසු සබ‍්බං දඩ‍්ඪට‍්ඨානං පූරෙත්‍වා අන‍්තරධායති. තං උදකං හෙට‍්ඨා ච තිරියඤ‍්ච වාතො සමුට‍්ඨහිත්‍වා ඝනං කරොති පරිවටුමං පදුමිනිපත‍්තෙ උදකබින්‍දුසදිසං. කථං තාව මහන‍්තං උදකරාසිං ඝනං කරොතීති චෙ? විවරසම‍්පදානතො. තඤ‍්හිස‍්ස තම‍්හි තම‍්හි විවරං දෙති. තං එවං වාතෙන සම‍්පිණ‍්ඩියමානං ඝනං කරියමානං පරික‍්ඛයමානං අනුපුබ‍්බෙන හෙට‍්ඨා ඔතරති. ඔතිණ‍්ණෙ ඔතිණ‍්ණෙ උදකෙ බ්‍රහ‍්මලොකට‍්ඨානෙ බ්‍රහ‍්මලොකා, උපරි චතුකාමාවචරදෙවලොකට‍්ඨානෙ ච දෙවලොකා පාතුභවන‍්ති.

ඉක්බිති දීර්ඝ කාලයක් ගෙවී ගිය කල මහා මේඝයක් නැගී පළමුකොට සිහින් පොද වැසි වසියි, එය ක්‍රමයෙන් වැඩිවෙමින් කුමුදු නැටිදඬු, මොහොල්, තල්කඳ තරම් දහරින් යුතුව වසිමින් කෙළ සුවසක් සක්වළ දැවීගිය තැන් පුරවා අතුරුදන් වෙයි. ඉක්බිති යටින් හා අවටින් නැති වාතය එම ජලය කැටිකොට නෙළුම් පතෙහි දියබිඳුවක් සෙයින් මට මට බවට හරවයි. ඒ සා මහත් ජලකඳක් කැටි කරනුයේ කෙසේද? විවර සැදීමෙනි, එම ජලකඳ තන්හි තන්හි විවර සැදීමෙන් වාතයට ඉඩ දෙයි. මෙසේ එය වාතයෙන් පිඬුකැරෙමින්, ඝන කැරෙමින්, අඩුවෙමින් යටට බසියි. ජලය යටට බසින බසින කල බඹලෝ තුබූතන්හි බඹලෝද, ඉහල කාමාවචර දෙව්ලෝ සතර තුබූ තන්හි දෙව්ලෝද පහළ වෙයි.

පුරිමපථවිට‍්ඨානං ඔතිණ‍්ණෙ පන බලවවාතා උප‍්පජ‍්ජන‍්ති. තෙ තං පිහිතද‍්වාරෙ ධමකරණෙ ඨිතඋදකමිව නිරස‍්සාසං කත්‍වා රුන්‍ධන‍්ති. මධුරොදකං පරික‍්ඛයං ගච‍්ඡමානං උපරි රසපථවිං සමුට‍්ඨාපෙති. සා වණ‍්ණසම‍්පන‍්නා චෙව හොති ගන්‍ධරසසම‍්පන‍්නා ච නිරුදකපායාසස‍්ස උපරි පටලං විය.

පළමු පොළෝතලය තුබූතැනට (ජලය) බට කල්හි බලවත් වාතයෝ හටගනිති. ඒ වාතයෝ බිහිදොර වැසූ මහසැලෙක රැඳි දිය සෙයින් එම ජලකඳ නිසල කොට රඳවති. මිහිරි ජලය සිඳමින් පෘථිවී සාරය මතුපිටට නංවයි, එම පෘථිවීසාරය දිය නුමුසු කිරි බතෙක මතුපිට යොදය මෙන් වර්ණසම්පන්නද, ගන්‍ධරස සම්පන්නද වේ.

තදා ච ආභස‍්සරබ්‍රහ‍්මලොකෙ පඨමතරාභිනිබ‍්බත‍්තා සත‍්තා ආයුක‍්ඛයා වා පුඤ‍්ඤක‍්ඛයා වා තතො චවිත්‍වා ඉධූපපජ‍්ජන‍්ති. තෙ හොන‍්ති සයංපභා අන‍්තලික‍්ඛචරා. තෙ අග‍්ගඤ‍්ඤසුත‍්තෙ (දී· නි· 3.119) වුත‍්තනයෙන තං රසපථවිං සායිත්‍වා තණ‍්හාභිභූතා ආලුප‍්පකාරකං පරිභුඤ‍්ජිතුං උපක‍්කමන‍්ති. අථ නෙසං සයංපභා අන‍්තරධායති, අන්‍ධකාරො හොති. තෙ අන්‍ධකාරං දිස‍්වා භායන‍්ති.

එකල්හි ආභස්සර බඹලොව පළමුවෙන් උපන් සත්ත්‍වයෝ ආයුක්‍ෂය වශයෙන් හෝ පුණ්‍යක්‍ෂය වශයෙන් හෝ එතැනින් සැව මෙහි උපදිති; ඔවුහු ශරීරප්‍රභාවෙන් යුක්ත වූවාහු අහස්හි හැසිරෙන්නාහුද වෙති. ඔවුහු අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියනලද නයින් ඒ පෘථිවී සාරයෙහි රස විඳින්නාහු තෘෂ්ණාවෙන් මඩනා ලදුව රැස්කොට පරිභෝග කරනු පිණිස උපක්‍රම කෙරෙති; එවිට ඔවුන්ගේ ශරීරප්‍රභාව අතුරුදන් වෙයි, අන්‍ධකාර වෙයි. ඔවුහු අන්‍ධකාරයට බිය වෙති,

තතො නෙසං භයං නාසෙත්‍වා සූරභාවං ජනයන‍්තං පරිපුණ‍්ණපණ‍්ණාසයොජනං සූරියමණ‍්ඩලං පාතුභවති, තෙ තං දිස‍්වා “ආලොකං පටිලභිම‍්හා”ති හට‍්ඨතුට‍්ඨා හුත්‍වා “අම‍්හාකං භීතානං භයං නාසෙත්‍වා සූරභාවං ජනයන‍්තො උට‍්ඨිතො, තස‍්මා “සූරියො හොතූ”ති සූරියොත්‍වෙවස‍්ස නාමං කරොන‍්ති.

ඉක්බිති ඔවුන්ගේ බිය දුරු කොට සූරභාවය දනවමින් පිරිපුන් පණස්යොදුන් පමණවූ හිරුමඬල පහළ වෙයි. ඔවුහු එය දැක ‘ආලෝකය ලදුම්හ’යි තුටු පහටුව, ‘අපගේ බිය නිසා සූරභාවය දනවමින් උදාවූ හෙයින් ‘සූර්ය’ නම් වේවා’යි එය ‘සූර්ය’ යනුවෙන්ම නම් කෙරෙති.

අථ සූරියෙ දිවසං ආලොකං කත්‍වා අත්‍ථඞ‍්ගතෙ යම‍්පි ආලොකං ලභිම‍්හා, සොපි නො නට‍්ඨොති පුන භීතා හොන‍්ති. තෙසං එවං හොති “සාධු වතස‍්ස සචෙ අඤ‍්ඤං ආලොකං ලභෙය්‍යාමා”ති. තෙසං චිත‍්තං ඤත්‍වා විය එකූනපණ‍්ණාසයොජනං චන්‍දමණ‍්ඩලං පාතුභවති. තෙ තං දිස‍්වා භිය්‍යොසො මත‍්තාය හට‍්ඨතුට‍්ඨා හුත්‍වා “අම‍්හාකං ඡන්‍දං ඤත්‍වා විය උට‍්ඨිතො, තස‍්මා චන්‍දො හොතූ”ති චන්‍දොත්‍වෙවස‍්ස නාමං කරොන‍්ති. එවං චන්‍දිමසූරියෙසු පාතුභූතෙසු නක‍්ඛත‍්තානි තාරකරූපානි පාතුභවන‍්ති.

ඉක්බිති දහවල ආලෝක කොට හිරු බැස ගිය කල්හි, ‘ලැබුණු ආලෝකයද නැතිවී ගිය වනැ’යි යලි බියට පත් වෙති, ඔවුනට ‘වෙනත් ආලෝකයක් ලදහොත් මැනවැ’යි යන අදහස පහළ වෙයි. ඔවුන් සිතටි දැන මෙන් එකුන් පණස්යොදුන් පමණ වූ සඳමඬල පහළ වෙයි, ඔවුහු එය දැක බෙහෙවින් තුටු පහටුව ‘අපගේ ඡන්‍දය (කැමැත්ත) දැන මෙන් උදාවූ හෙයින් ‘චන්‍ද’ නම් වේවා’යි එය ‘චන්‍ද’ යනුවෙන්ම නම් කෙරෙති. මෙසේ හිරු සඳු දෙදෙන පහළ වූ ඉක්බිති නකත් තරු පහල වෙයි,

තතො පභුති රත‍්තින්‍දිවා පඤ‍්ඤායන‍්ති, අනුක‍්කමෙන ච මාසද‍්ධමාසඋතුසංවච‍්ඡරා. චන්‍දිමසූරියානං පන පාතුභූතදිවසෙයෙව සිනෙරුචක‍්කවාළහිමවන‍්තපබ‍්බතා පාතුභවන‍්ති. තෙ ච ඛො අපුබ‍්බං අචරිමං ඵග‍්ගුණපුණ‍්ණමදිවසෙයෙව පාතුභවන‍්ති. කථං? යථා නාම කඞ‍්ගුභත‍්තෙ පච‍්චමානෙ එකප‍්පහාරෙනෙව පුප‍්ඵුළකානි උට‍්ඨහන‍්ති. එකෙ පදෙසා ථූපථූපා හොන‍්ති, එකෙ නින‍්නනින‍්නා, එකෙ සමසමා. එවමෙවං ථූපථූපට‍්ඨානෙ පබ‍්බතා හොන‍්ති, නින‍්නනින‍්නට‍්ඨානෙ සමුද‍්දා, සමසමට‍්ඨානෙ දීපාති.

එතැන් පටන් රෑදාවල් ප්‍රකට වෙයි, පිළිවෙළින් මාස, පක්‍ෂ, ඍතු, හවුරුදු ප්‍රකට වෙයි. සඳුහිරු පහළ වූ දවස්හිම මහාමේරු, චක්‍රවාට, හිමාලය යන පර්වතයෝද, පහළ වෙති, ඒ සියල්ලම පෙර පසු නොව මැදින් පුන් පෝදාකම පහළ වෙයි. කෙසේද යත්: යම්සේ තණ සහල් බතක් පැසෙන විට එක්වරම බුබුලු පැන නඟියිද, ඇතැම් තැන් ගොඩ ගොඩ වෙයිද, ඇතැම් තැන් වළ වළ වෙයිද, ඇතැම් තැන් සම සම වෙයිද, එසේම ගොඩ ගොඩ තන්හි කඳුද, වළවළ තන්හි මුහුදුද, සම සම තන්හි දිවයින්ද වෙයි.

අථ තෙසං සත‍්තානං රසපථවිං පරිභුඤ‍්ජන‍්තානං කමෙන එකච‍්චෙ වණ‍්ණවන‍්තො, එකච‍්චෙ දුබ‍්බණ‍්ණා හොන‍්ති. තත්‍ථ වණ‍්ණවන‍්තො දුබ‍්බණ‍්ණෙ අතිමඤ‍්ඤන‍්ති. තෙසං අතිමානපච‍්චයා සාපි රසපථවී අන‍්තරධායති. භූමිපප‍්පටකො පාතුභවති. අථ නෙසං තෙනෙව නයෙන සොපි අන‍්තරධායති. පදාලතා පාතුභවති. තෙනෙව නයෙන සාපි අන‍්තරධායති. අකට‍්ඨපාකො සාලි පාතුභවති අකණො අථුසො සුද‍්ධො සුගන්‍ධො තණ‍්ඩුලප‍්ඵලො.

ඉක්බිති පෘථිවීසාරය අනුභව කරන ඒ සත්ත්‍වයන් අතුරෙන් කෙනෙක් වර්ණසම්පන්න වෙති, කෙනෙක් දුර්වර්ණ වෙති, එහි වර්ණ සම්පන්න වූවාහු දුර්වර්ණයනට වඩා තමන් උසස් යයි සිතති. (හෙළා දකිති). ඔවුන්ගේ මේ අතිමානය හේතුකොට ගෙන එම පෘථිවීරසයද අතුරුදන් වෙයි; භූමිපප්පටක නම් පැළෑටි වෙසෙසක් පහළ වෙයි, එනයින්ම ඔවුනට එයද නැති වෙයි, බදාලතා නම් වැල් වෙසෙසක් පහළ වෙයි, එනයින්ම එයද, නැති වෙයි, කුඩු (නිවුඩු) නැති දහයියා නැති ස්වයංජාත පිරිසුදු සුවඳ, ඇල් සහල් පහළ වෙයි.

තතො නෙසං භාජනානි උප‍්පජ‍්ජන‍්ති. තෙ සාලිං භාජනෙ ඨපෙත්‍වා පාසාණපිට‍්ඨියා ඨපෙන‍්ති, සයමෙව ජාලසිඛා උට‍්ඨහිත්‍වා තං පචති. සො හොති ඔදනො සුමනජාතිපුප‍්ඵසදිසො, න තස‍්ස සූපෙන වා බ්‍යඤ‍්ජනෙන වා කරණීයං අත්‍ථි. යං යං රසං භුඤ‍්ජිතුකාමා හොන‍්ති, තං තං රසොව හොති. තෙසං තං ඔළාරිකං ආහාරං ආහරයතං තතො පභුති මුත‍්තකරීසං සඤ‍්ජායති. අථ නෙසං තස‍්ස නික‍්ඛමනත්‍ථාය වණමුඛානි පභිජ‍්ජන‍්ති, පුරිසස‍්ස පුරිසභාවො, ඉත්‍ථියාපි ඉත්‍ථිභාවො පාතුභවති.

ඉක්බිති ඔවුනට බඳුන් පහළ වෙයි, ඔවුහු බඳුන් තුළ එම ඇල් සහල් බහා ගල් මත තබති, ගිනිදැල් පැන නැගී එය පැසේ. එවිට එය දෑසමන් කැකුළු හා සමාන බත් වෙයි, එයට සූප හෝ ව්‍යංජන නැත, යම් යම් රසයක් බුදිනු කැමැති වේද, ඒ ඒ රසයම වෙයි. ඔවුන් එම ඕළාරික අහර වැළඳීමට පටන් ගත් තැන් සිට මළමූ හටගනියි, ඉක්බිති එම මළමූ පහවනු පිණිස අපවහන මාර්ග සෑදේ. පුරුෂයනට පුරුෂාවයවද, ස්ත්‍රීන්හට ස්ත්‍රී අවයවද, පහළ වෙයි.

තත්‍ර සුදං ඉත්‍ථී පුරිසං, පුරිසො ච ඉත්‍ථිං අතිවෙලං උපනිජ‍්ඣායති. තෙසං අතිවෙලං උපනිජ‍්ඣායනපච‍්චයා කාමපරිළාහො උප‍්පජ‍්ජති. තතො මෙථුනධම‍්මං පටිසෙවන‍්ති. තෙ අසද‍්ධම‍්මපටිසෙවනපච‍්චයා විඤ‍්ඤූහි ගරහියමානා විහෙඨියමානා තස‍්ස අසද‍්ධම‍්මස‍්ස පටිච‍්ඡාදනහෙතු අගාරානි කරොන‍්ති. තෙ අගාරං අජ‍්ඣාවසමානා අනුක‍්කමෙන අඤ‍්ඤතරස‍්ස අලසජාතිකස‍්ස සත‍්තස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්තා සන‍්නිධිං කරොන‍්ති. තතො පභුති කණොපි ථුසොපි තණ‍්ඩුලං පරියොනන්‍ධති, ලායිතට‍්ඨානම‍්පි න පටිවිරූහති.

එහිදී ස්ත්‍රීහු පුරුෂයන් ගැනද, පුරුෂයෝ ස්ත්‍රීන් ගැනද බොහෝ වේලා සිත් යොමු කරති. මෙසේ ඔවුන් බොහෝ වේලා සිත් යෙදවීම හේතු කොට ගෙන කාමරාගය උපදී. එවිට මෛථුන සංසර්ගයෙහි යෙදෙති. මෙවුන්දම් සෙවීම හේතුකොට ගෙන නුවණැත්තවුන් විසින් ගරහනු ලබන්නාහු මෙවුන්දම් වසන් කරනු පිණිස ගේදොර සාදති. ගෙවල වාසය කරන්නාහු අනුක්‍රමයෙන් කිසියම් අලස ස්වභාව ඇති සත්ත්‍වයකුගේ අදහස් අනුව යමින් (ධාන්‍ය) රැස් කෙරෙති, එතැන් පටන් (කුඩු) නිවුඩු ද දහය්යාද සහල් වසා සිටියි, නෙලාගත් තැන්හි නැවත ස්වයංජාතව නොවැවෙයි.

තෙ සන‍්නිපතිත්‍වා අනුත්‍ථුනන‍්ති “පාපකා වත භො ධම‍්මා සත‍්තෙසු පාතුභූතා, මයං හි පුබ‍්බෙ මනොමයා අහුම‍්හා”ති අග‍්ගඤ‍්ඤසුත‍්තෙ (දී· නි· 3.128) වුත‍්තනයෙන විත්‍ථාරෙතබ‍්බං. තතො මරියාදං ඨපෙන‍්ති. අථ අඤ‍්ඤතරො සත‍්තො අඤ‍්ඤස‍්ස භාගං අදින‍්නං ආදියති. තං ද‍්වික‍්ඛත‍්තුං පරිභාසෙත්‍වා තතියවාරෙ පාණිලෙට‍්ටුදණ‍්ඩෙහි පහරන‍්ති. තෙ එවං අදින‍්නාදානගරහමුසාවාදදණ‍්ඩාදානෙසු උප‍්පන‍්නෙසු සන‍්නිපතිත්‍වා චින‍්තයන‍්ති “යංනූන මයං එකං සත‍්තං සම‍්මන‍්නෙය්‍යාම, යො නො සම‍්මා ඛීයිතබ‍්බං ඛීයෙය්‍ය, ගරහිතබ‍්බං ගරහෙය්‍ය, පබ‍්බාජෙතබ‍්බං පබ‍්බාජෙය්‍ය, මයං පනස‍්ස සාලීනං භාගං අනුප‍්පදස‍්සාමා”ති.

ඔවුහු රැස්වී මෙසේ වැලපෙති:- “භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයන් තුළ පාපධර්මයෝ පහළ වූවාහුය, අපි වනාහි පෙර මනෝමය ස්වභාව ඇත්තෝ වුම්හ’ යනුවෙන් අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියනලද නයින්ම විස්තර කළ යුතුය. ඉක්බිති කිසියම් සත්ත්‍ව කෙනෙක් අන් කෙනකුගේ කොටස නොදුන් වනම පැහැර ගනිති, එවිට වරක් දෙවරක් බැණ වැදී තුන්වන වර අතින්ද, කැට කැබිලිතිවලින්ද, දඬු-මුගුරුවලින්ද පහර දෙති, මේ ආකාරවූ නොදුන් දෙය ගැනීම්, ගැරහීම්, මුසාබස් දෙසීම්, දඬුමුගුරු ගැනීම් හටගත් කල ඔවුහු එක් රැස්වී මෙසේ අදහස් පළ කෙරෙති:- “අප අතර යම් පුද්ගලයෙක් දමනය කළ යුත්තන් දමනය කළ හැකි වේද, ගැරහිය යුත්තන් ගැරහිය හැකිවේද, නෙරපිය යුත්තන් නෙරපා දැමිය හැකිවේද, එවන් පුද්ගලයකු තෝරා පත්කර ගන්නමෝ නම් යෙහෙකි, අපි ඔහුට අස්වනුවලින් කොටසක් දෙන්නමෝ නම් යෙහෙකි යනුවෙන්

එවං කතසන‍්නිට‍්ඨානෙසු පන සත‍්තෙසු ඉමස‍්මිං තාව කප‍්පෙ අයමෙව භගවා බොධිසත‍්තභූතො තෙන සමයෙන තෙසු සත‍්තෙසු අභිරූපතරො ච දස‍්සනීයතරො ච මහෙසක‍්ඛතරො ච බුද‍්ධිසම‍්පන‍්නො පටිබලො නිග‍්ගහපග‍්ගහං කාතුං. තෙ තං උපසඞ‍්කමිත්‍වා යාචිත්‍වා සම‍්මන‍්නිංසු. සො තෙන මහාජනෙන සම‍්මතොති මහාසම‍්මතො, ඛෙත‍්තානං අධිපතීති ඛත‍්තියො, ධම‍්මෙන සමෙන පරෙ රඤ‍්ජෙතීති රාජාති තීහි නාමෙහි පඤ‍්ඤායිත්‍ථ. යඤ‍්හි ලොකෙ අච‍්ඡරියට‍්ඨානං, බොධිසත‍්තොව තත්‍ථ ආදිපුරිසොති එවං බොධිසත‍්තං ආදිං කත්‍වා ඛත‍්තියමණ‍්ඩලෙ සණ‍්ඨිතෙ අනුපුබ‍්බෙන බ්‍රාහ‍්මණාදයොපි වණ‍්ණා සණ‍්ඨහිංසු.

මෙසේ මේ කල්පයෙහි මුලදී සනිටුහන් කළ එම සත්ත්‍වයන් අතර, වඩාත් රූපසම්පන්නද, වඩාත් දැකුම්කළුද, වඩාත් මහේශාඛ්‍යද, බුද්ධි සම්පන්නද නිග්‍රහප්‍රග්‍රහ කිරීමෙහි සමර්ත්‍ථද වූවාහු එකල බෝධිසත්‍ව වූ මේ භාග්‍යවතුන් වහන්සේමය, ඔවුහු එම බෝධිසත්‍වයන් වෙත එළඹ යාඥා කොට පත්කර ගත්හ. ඔවුහු ඒ මහජනයා විසින් පත්කර ගන්නා ලදහයි මහාසම්මතයයිද, කෙත්වලට අධිපතියහයි ඛත්තියයිද, දැහැමෙන් සෙමෙන් අනුන් රංජනය කෙරෙති’යි (පිනවතියි) රාජායයිද යන නම් තුනෙන් පළටවූහ. ලෝකයෙහි යම් ආශ්චර්ය කාරණයක් වේනම්, එහි ආදිපුරුෂ වූවාහු බෝධිසත්‍වයෝමය. මෙසේ බෝධිසත්‍වයන් ආදිමකොට ක්‍ෂත්‍රිය මණ්ඩලය පිහිටි පසු අනුක්‍රමයෙන් බ්‍රාහ්මණාදී වර්ණයෝද පිහිටියාහුය.

තත්‍ථ කප‍්පවිනාසකමහාමෙඝතො යාව ජාලුපච‍්ඡෙදො, ඉදමෙකං අසඞ‍්ඛ්‍යෙය්‍යං සංවට‍්ටොති වුච‍්චති.

එහි කල්පවිනාශක මහාමේඝය පටන් ගිනි ජාලා නිවීයාම තෙක්වූ මෙම අසංඛ්‍ය කාලපරිච්ඡේදය ‘සංවට්ට’ යයි කියනු ලැබේ.

කප‍්පවිනාසකජාලුපච‍්ඡෙදතො යාව කොටිසතසහස‍්සචක‍්කවාළපරිපූරකො සම‍්පත‍්තිමහාමෙඝො, ඉදං දුතියං අසඞ‍්ඛ්‍යෙය්‍යං සංවට‍්ටට‍්ඨායීති වුච‍්චති.

කල්පාන්ත වග්නිජ්වාලාවන් නිවී යාම පටන් කෙළ සුවහසක් සක්වළ පුරාවට සම්පත්තිමහාමේඝය තෙක්වූ මෙම දෙවැනි අසංඛ්‍ය කාල පරිච්ඡේදය ‘සංවට්ටට්ඨායී’ යයි කියනු ලැබේ.

සම‍්පත‍්තිමහාමෙඝතො යාව චන්‍දිමසූරියපාතුභාවො, ඉදං තතියං අසඞ‍්ඛ්‍යෙය්‍යං විවට‍්ටොති වුච‍්චති.

සම්පත්ති මහාමේඝය පටන් සඳහිරු පහළවීම තෙක්වූ මෙම තෙවැනි අසංඛ්‍ය කාල පරිච්ඡේදය ‘විවට්ට’ යයි කියනු ලැබේ.

චන්‍දිමසූරියපාතුභාවතො යාව පුන කප‍්පවිනාසකමහාමෙඝො, ඉදං චතුත්‍ථං අසඞ‍්ඛ්‍යෙය්‍යං විවට‍්ටට‍්ඨායීති වුච‍්චති. ඉමානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි එකො මහාකප‍්පො හොති. එවං තාව අග‍්ගිනා විනාසො ච සණ‍්ඨහනඤ‍්ච වෙදිතබ‍්බං.

සඳහිරු පහළවීම පටන් නැවත කල්පාන්ත මහාමේඝය තෙක් වූ මෙම සිවුවැනි අසංඛ්‍ය කාලපරිච්ඡේදය ‘විවට්ටට්ඨායී’ යයි කියනු ලැබේ. මෙම සාරාසංඛ්‍ය කාල පරිමාණය එක් මහාකල්පයක් වේ. මෙසේ ගින්නෙන් සිදුවන කල්පවිනාශයද නැවත වැඩීයාමද දතයුතුය.

යස‍්මිං පන සමයෙ කප‍්පො උදකෙන නස‍්සති, ආදිතොව කප‍්පවිනාසකමහාමෙඝො උට‍්ඨහිත්‍වාති පුබ‍්බෙ වුත‍්තනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං. අයං පන විසෙසො, යථා තත්‍ථ දුතියසූරියො, එවමිධ කප‍්පවිනාසකො ඛාරුදකමහාමෙඝො වුට‍්ඨාති. සො ආදිතො සුඛුමං සුඛුමං වස‍්සන‍්තො අනුක‍්කමෙන මහාධාරාහි කොටිසතසහස‍්සචක‍්කවාළානං පූරෙන‍්තො වස‍්සති. ඛාරුදකෙන ඵුට‍්ඨඵුට‍්ඨා පථවීපබ‍්බතාදයො විලීයන‍්ති, උදකං සමන‍්තතො වාතෙහි ධාරියති. පථවිතො යාව දුතියජ‍්ඣානභූමිං උදකං ගණ‍්හාති. තත්‍ථ තයොපි බ්‍රහ‍්මලොකෙ විලීයාපෙත්‍වා සුභකිණ‍්හෙ ආහච‍්ච තිට‍්ඨති. තං යාව අණුමත‍්තම‍්පි සඞ‍්ඛාරගතං අත්‍ථි, තාව න වූපසම‍්මති. උදකානුගතං පන සබ‍්බසඞ‍්ඛාරගතං අභිභවිත්‍වා සහසා වූපසම‍්මති අන‍්තරධානං ගච‍්ඡති. හෙට‍්ඨාආකාසෙන සහ උපරිආකාසො එකො හොති මහන්‍ධකාරොති සබ‍්බං වුත‍්තසදිසං. කෙවලං පනිධ ආභස‍්සරබ්‍රහ‍්මලොකං ආදිං කත්‍වා ලොකො පාතුභවති. සුභකිණ‍්හතො ච චවිත්‍වා ආභස‍්සරට‍්ඨානාදීසු සත‍්තා නිබ‍්බත‍්තන‍්ති.

යම්කලෙක කල්ප විනාශය ජලයෙන් සිදුවේනම්, කප්පවිනාසක මහා මෙඝො උට්ඨහිත්‍වා (කල්ප විනාශය මහාමේඝය නැගී) යනුවෙන් මුලදී කියනලද නයින්ම විස්තර කළ යුතුය. විශේෂ වනුයේ මෙයයි:- එහි කියනලද දෙවන හිරු වෙනුවට මෙහි කල්පවිනාශක, ක්‍ෂාරෝදක මහා මේඝයක් (කරදිය වැස්සක්) නැගේ, පළමුකොට එය සියුම් සේද වශයෙන් වසිමින් අනුක්‍රමයෙන් මහාධාරා වශයෙන් කෙළ සුවහසක් සක්වළ පුරා වසියි, කරදිය තැවරුණ තැවරුණ පෘථිවී පර්වතාදිය වියකී (දියවී) යයි. වාතයෙන් ජලය හාත්පස පැතිරී යයි. පොළෝ තෙලෙහි පටන් ද්විතීය ධ්‍යානභූමිය (අප්පමාණසුභ නම් බඹලොව) තෙක් ජලයෙන් යට වෙයි. එහිදී එම ජලකඳ (ආභස්සරය, පරිත්තසුභය, අප්පමාණසුභය යන) බඹ ලෝ තුනම දියකර සුභකිණ්හ නම් බඹලොව දක්වා පැතිර සිටියි. එය අණුමාත්‍රවූද, සංස්කාරයක් ඉතිරිව තිබෙන තුරු නොසන්සිඳෙයි. ජලය අනුව සියලු සංස්කාරයන් මැඩලීමෙන් පසු එක්වරම සන්සිඳී අතුරුදහන්වී යයි, යට ආකාශය හා උඩ ආකාශය එක්වී මහාන්‍ධකාරයක් බවට පත් වෙයි යනුවෙන් සියල්ල යට කියන ලද අයුරුම වෙයි. මෙහිදී වනාහි හුදෙක් ආභස්සර බඹලොව පටන් කොට ලෝකය පහළ වෙයි. සුභකිණ්හ බඹලොවින් චුතව සත්ත්‍වයෝ ආභස්සර බඹලොව ආදිය තුබූ තන්හි උපදිති.

තත්‍ථ කප‍්පවිනාසකමහාමෙඝතො යාව කප‍්පවිනාසකුදකූපච‍්ඡෙදො, ඉදමෙකං අසඞ‍්ඛ්‍යෙය්‍යං. උදකූපච‍්ඡෙදතො යාව සම‍්පත‍්තිමහාමෙඝො, ඉදං දුතියං අසඞ‍්ඛ්‍යෙය්‍යං. සම‍්පත‍්තිමහාමෙඝතො…පෙ… ඉමානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි එකො මහාකප‍්පො හොති. එවං උදකෙන විනාසො ච සණ‍්ඨහනඤ‍්ච වෙදිතබ‍්බං.

එහි කල්පවිනාශක මහාමේඝයෙහි පටන් කල්ප විනාශක ක්‍ෂාරෝදකය සිඳීයාම තෙක්වූ කාලපරිච්ඡේදය එක් අසංඛ්‍යයෙක් වේ, ක්‍ෂාරෝදකය සිඳීයාම පටන් සම්පත්තිමහාමේඝය තෙක් වූ කාල පරිච්ඡේදය දෙවැනි අසංඛ්‍යය වේ, සම්පත්ති මහාමේඝය පටන් -පෙ- මේ සාරාසංඛ්‍යය එක් මහා කල්පයෙක් වේ. මෙසේ ජලයෙන් විනාශ වීමද නැවත වැඩීයාමද දත යුතුය.

යස‍්මිං සමයෙ කප‍්පො වාතෙන විනස‍්සති, ආදිතොව කප‍්පවිනාසකමහාමෙඝො උට‍්ඨහිත්‍වාති පුබ‍්බෙ වුත‍්තනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං. අයං පන විසෙසො, යථා තත්‍ථ දුතියසූරියො, එවමිධ කප‍්පවිනාසනත්‍ථං වාතො සමුට‍්ඨාති. සො පඨමං ථූලරජං උට‍්ඨාපෙති. තතො සණ‍්හරජං සුඛුමවාලිකං ථූලවාලිකං සක‍්ඛරපාසාණාදයොති යාව කූටාගාරමත‍්තෙ පාසාණෙ විසමට‍්ඨානෙ ඨිතමහාරුක‍්ඛෙ ච උට‍්ඨාපෙති. තෙ පථවිතො නභමුග‍්ගතා න ච පුන පතන‍්ති. තත්‍ථෙව චුණ‍්ණවිචුණ‍්ණා හුත්‍වා අභාවං ගච‍්ඡන‍්ති.

යම් කලෙක කල්ප විනාශය වාතයෙන් සිදුවේ නම්, ‘කප්පවිනාසක මහාමෙඝො උට්ඨහිත්‍වා’යි යට පළමුවෙන්ම කියනලද නයින්ම විස්තර කළ යුතුය. විශේෂ වනුයේ මෙයයි:- එහි දෙවන හිරු වෙනුවට මෙහි කල්පවිනාශක වාතයෙක් නැගේ, එය පළමු කොට බොල් දූවිලි නංවයි, ඉක්බිති (අනුක්‍රමයෙන්) සියුම් දූවිලිද, සියුම් වැලිද, දලවැලිද, බොරලු ගල්ආදියද, කූටාගාර ප්‍රමාණ මහගල්ද, නොසම තන්හි පිහිටි මහාවෘක්‍ෂයන්ද නංවයි. පොළොවෙන් අහසට නැගුණු මේ කිසිවක් යලි පොළොවට නොවැටෙයි. අහස්හිදීම සුණු විසුණු වී නැතිවී යයි.

අථානුක‍්කමෙන හෙට‍්ඨා මහාපථවියා වාතො සමුට‍්ඨහිත්‍වා පථවිං පරිවත‍්තෙත්‍වා උද‍්ධංමූලං කත්‍වා ආකාසෙ ඛිපති. යොජනසතප‍්පමාණාපි පථවිප‍්පදෙසා ද‍්වියොජනතියොජනචතුයොජනපඤ‍්චයොජනසතප‍්පමාණාපි භිජ‍්ජිත්‍වා වාතවෙගෙන ඛිත‍්තා ආකාසෙයෙව චුණ‍්ණවිචුණ‍්ණා හුත්‍වා අභාවං ගච‍්ඡන‍්ති. චක‍්කවාළපබ‍්බතම‍්පි සිනෙරුපබ‍්බතම‍්පි වාතො උක‍්ඛිපිත්‍වා ආකාසෙ ඛිපති. තෙ අඤ‍්ඤමඤ‍්ඤං අභිහන‍්ත්‍වා චුණ‍්ණවිචුණ‍්ණා හුත්‍වා විනස‍්සන‍්ති. එතෙනෙව උපායෙන භුම‍්මට‍්ඨකවිමානානි ච ආකාසට‍්ඨකවිමානානි ච විනාසෙන‍්තො ඡකාමාවචරදෙවලොකෙ විනාසෙත්‍වා කොටිසතසහස‍්සචක‍්කවාළානි විනාසෙති. තත්‍ථ චක‍්කවාළා චක‍්කවාළෙහි හිමවන‍්තා හිමවන‍්තෙහි සිනෙරූ සිනෙරූහි අඤ‍්ඤමඤ‍්ඤං සමාගන‍්ත්‍වා චුණ‍්ණවිචුණ‍්ණා හුත්‍වා විනස‍්සන‍්ති. පථවිතො යාව තතියජ‍්ඣානභූමිං වාතො ගණ‍්හාති. තත්‍ථ තයොපි බ්‍රහ‍්මලොකෙ විනාසෙත්‍වා වෙහප‍්ඵලං ආහච‍්ච තිට‍්ඨති. එවං සබ‍්බසඞ‍්ඛාරගතං විනාසෙත්‍වා සයම‍්පි විනස‍්සති. හෙට‍්ඨාආකාසෙන සහ උපරිආකාසො එකො හොති මහන්‍ධකාරොති සබ‍්බං වුත‍්තසදිසං. ඉධ පන සුභකිණ‍්හබ්‍රහ‍්මලොකං ආදිං කත්‍වා ලොකො පාතුභවති. වෙහප‍්ඵලතො ච චවිත්‍වා සුභකිණ‍්හට‍්ඨානාදීසු සත‍්තා නිබ‍්බත‍්තන‍්ති.

ඉක්බිති අනුක්‍රමයෙන් මහපොළොවෙන් යට වාතය නැගී පොළොව පෙරලා යටිපිට උඩුකුරු කොට අහසට දමාගසයි, සියක් යොදුන් පමණ ඇති පොළෝ කැබැලිද, දෙසිය යොදුන්, තුන්සිය යොදුන්, සාරසිය යොදුන්, පන්සිය යොදුන් පමණ ඇති කැබැලිද කැඩී වාත වේගයෙන් නැගී අහස්හිදීම සුණු විසුණු වී නැතිවී යයි, වාතය නැගී චක්‍රවාට පර්වතයද, මේරුපර්වතයද, ඔසවා අහසට දමයි. එම පර්වතයෝ එකිනෙක හැපී සුණුවිසුණු වී විනාශ වී යති. මේ ආකාරයෙන්ම භූම්‍යස්ථ විමානයන්ද ආකාශස්ථ විමානයන්ද වනසමින් කාමාවචර සදෙව් ලොව වනසා කෙළ සුවහසක් සක්වළ වනසාලයි, එහිදී චක්‍රවාට පර්වතයෝ චක්‍රවාට පර්වතයන් සමගද හිමවත් පර්වතයෝ හිමවත් පර්වතයන් සමගද, මේරු පර්වතයෝ මේරූපර්වතයන් සමගද එකිනෙක ගැටෙමින් සුණුවිසුණු වී වැනසෙති. වාතය පොළොවෙහි පටන් තෘතීය ධ්‍යාන භූමිය (සුභකිණ්හ) බ්‍රහ්මලෝකය තෙක් ග්‍රහණය කරයි. එහිදී (පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හ යන) බඹලෝ තුනම වනසා වේහප්ඵලය දක්වා පැතිර සිටියි. මේ ආකාරයෙන් සියලු සංස්කාරයන් වනසා තෙමේද වැනසී යයි. යට ආකාසය හා සමග උඩ ආකාශය එක්වී මහාන්‍ධකාර වෙයි යන මේ සියල්ල යට කියනලද ආකාරම වේ. මෙහිදී වනාහි සුභකිණ්හ බ්‍රහ්මලෝකය පටන් ලෝකය (නැවත) පහළ වෙයි. වේහප්ඵල ලෝකයෙන් චුතව සුභකිණ්හ ලෝක ආදිය සිටි තන්හි සත්ත්‍වයෝ උපදිති.

තත්‍ථ කප‍්පවිනාසකමහාමෙඝතො යාව කප‍්පවිනාසකවාතූපච‍්ඡෙදො, ඉදමෙකං අසඞ‍්ඛ්‍යෙය්‍යං. වාතූපච‍්ඡෙදතො යාව සම‍්පත‍්තිමහාමෙඝො, ඉදං දුතියං අසඞ‍්ඛ්‍යෙය්‍යං…පෙ… ඉමානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි එකො මහාකප‍්පො හොති. එවං වාතෙන විනාසො ච සණ‍්ඨහනඤ‍්ච වෙදිතබ‍්බං.

එහි කල්පවිනාශක මහාමේඝයෙහි පටන් කල්ප විනාශක වාතය නැවතීම තෙත්වූ මෙම කාලපරිච්ඡේදය එක් අසංඛ්‍යයෙකි, වාතය නැවතීම පටන් සම්පත්ති මහාමේඝය තෙක්වූ මෙම කාලපරිච්ඡේදය දෙවැනි අසංඛ්‍යයයි, -පෙ- මෙම සාරා සංඛ්‍යය එක් මහා කල්පයක් වේ. මෙසේ වාතයෙන් විනාශවීම හා නැවත වැඩීම දතයුතුය.

කිංකාරණා එවං ලොකො විනස‍්සති? අකුසලමූලකාරණා. අකුසලමූලෙසු හි උස‍්සන‍්නෙසු එවං ලොකො විනස‍්සති. සො ච ඛො රාගෙ උස‍්සන‍්නතරෙ අග‍්ගිනා විනස‍්සති. දොසෙ උස‍්සන‍්නතරෙ උදකෙන විනස‍්සති. කෙචි පන දොසෙ උස‍්සන‍්නතරෙ අග‍්ගිනා. රාගෙ උස‍්සන‍්නතරෙ උදකෙනාති වදන‍්ති. මොහෙ උස‍්සන‍්නතරෙ වාතෙන විනස‍්සති. එවං විනස‍්සන‍්තොපි ච නිරන‍්තරමෙව සත‍්තවාරෙ අග‍්ගිනා විනස‍්සති. අට‍්ඨමෙ වාරෙ උදකෙන. පුන සත‍්තවාරෙ අග‍්ගිනා. අට‍්ඨමෙ වාරෙ උදකෙනාති එවං අට‍්ඨමෙ අට‍්ඨමෙ වාරෙ විනස‍්සන‍්තො සත‍්තක‍්ඛත‍්තුං උදකෙන විනස‍්සිත්‍වා පුන සත‍්තවාරෙ අග‍්ගිනා නස‍්සති. එත‍්තාවතා තෙසට‍්ඨි කප‍්පා අතීතා හොන‍්ති. එත්‍ථන‍්තරෙ උදකෙන නස‍්සනවාරං සම‍්පත‍්තම‍්පි පටිබාහිත්‍වා ලද‍්ධොකාසො වාතො පරිපුණ‍්ණචතුසට‍්ඨිකප‍්පායුකෙ සුභකිණ‍්හෙ විද‍්ධංසෙන‍්තො ලොකං විනාසෙති.

කවර හෙයින් ලෝකය මෙසේ විනාශ වේද? අකුසල් මුල් හේතුවෙනි. අකුසල් මුල් උත්සන්න වූ කල මෙසේ ලෝකය විනාශ වේ. එයද රාගය වඩාත් උත්සන්න වූ කල ගින්නෙන් වැනසෙයි. ද්වේශය වඩාත් උත්සන්න වූ කල ජලයෙන් වැනසෙයි. ද්වේශය වඩා උත්සන්න වූ කල ගින්නෙන්ද රාගය වඩා උත්සන්න වූ කළ ජලයෙන්ද වැනසෙති’යි කිසිවෙක් කියති. මෝහය වඩාත් උත්සන්න වූ කල වාතයෙන් වැනසෙයි. මෙසේ වැනසෙන්නේද නොකඩවා සත්වරක් ගින්නෙන් වැනසී අටවැනි වර ජලයෙන් වැනසේ. යලිත් සත්වරක් ගින්නෙන් වැනසී අටවැනි වර ජලයෙන් දැයි මෙසේ අටවැනි වර ජලයෙන් සත්වරක් වැනසී නැවත සත්වරක් ගින්නෙන් වැනසෙයි, මෙතෙකින් තෙසැටක් කප් ඉකුත්ව ගියේ වේ. මේ අතර ජලයෙන් නැසෙන වාරය පැමිණියේ නමුදු එය වැලකී ලද අවසරයෙන් වාතය සූසැට කල්පයක් ආයුෂ ඇති සුභකිණ්හය විදහමින් ලෝකය විනාශ කරයි.

පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තොපි ච කප‍්පානුස‍්සරණකො භික‍්ඛු එතෙසු කප‍්පෙසු අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ අනුස‍්සරති. කථං? “අමුත්‍රාසි”න‍්තිආදිනා (දී· නි· 1.244) නයෙන.

පූර්වේනිවාසානුස්මරණය කරන භික්‍ෂු තෙමේ කල්ප ගණන් සිහි කරමින් මේ කල්පයන් තුළ වූ නොයෙක් සංවට්ට කල්පයන්ද, නොයෙක් විවට්ට කල්පයන්ද, නොයෙක් සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරයි. කෙසේද, (අමුත්‍රාසිං ආදීනයෙන) අසවල් තැන වීමි යන ආදී නයෙනි.

තත්‍ථ අමුත්‍රාසින‍්ති අමුම‍්හි සංවට‍්ටකප‍්පෙ අහං අමුම‍්හි භවෙ වා යොනියා වා ගතියා වා විඤ‍්ඤාණට‍්ඨිතියා වා සත‍්තාවාසෙ වා සත‍්තනිකායෙ වා ආසිං. එවංනාමොති තිස‍්සො වා ඵුස‍්සො වා. එවංගොත‍්තොති කච‍්චානො වා කස‍්සපො වා. ඉදමස‍්ස අතීතභවෙ අත‍්තනො නාමගොත‍්තානුස‍්සරණවසෙන වුත‍්තං. සචෙ පන තස‍්මිං කාලෙ අත‍්තනො වණ‍්ණසම‍්පත‍්තිං වා ලූඛපණීතජීවිකභාවං වා සුඛදුක‍්ඛබහුලතං වා අප‍්පායුකදීඝායුකභාවං වා අනුස‍්සරිතුකාමො හොති, තම‍්පි අනුස‍්සරතියෙව. තෙනාහ “එවංවණ‍්ණො…පෙ… එවමායුපරියන‍්තො”ති.

එහි අමුත්‍රාසිං යනු, අසවල් සංවට්ට කල්පයෙහි මම අසවල් භවයෙහි හෝ ජාතියෙහි හෝ ගතියෙහි හෝ විඥානාවස්ථාවෙහි හෝ සත්ත්‍වාසයෙහි හෝ සත්ත්‍වනිකායෙහි හෝ සිටියෙමි. එවංනාමො යනු, තිස්සයයි හෝ ඵුස්සයයි හෝ මෙනම් ඇත්තේ වීමි. එවං ගොත්තො යනු කච්චාන හෝ කස්සප හෝ ගොත් ඇත්තේ වීමි. ඔහු විසින් අතීත භවයෙහි තමාගේ නම්ගොත් සිහිකිරීම් වශයෙන් කියන ලදී. ඉදින් එකල තමාගේ කටුක හෝ සුව පහසු ජීවිත ඇති බව වේවා, සම්පත්තිය වේවා, සැප හෝ දුක බහුල බව වේවා, කෙටි හෝ දික් ආයු ඇතිබව වේවා, සිහිකරනු කැමැත්තේ වේනම් එයද සිහි කෙරේමය. එහෙයින් එවං වණ්ණො (මෙවන් වර්ණ ඇත්තෙක්) -පෙ- එවමායුපරියන්නො (මෙවන් ආයු සීමා ඇත්තෙක්) යයි කීහ.

තත්‍ථ එවංවණ‍්ණොති ඔදාතො වා සාමො වා. එවමාහාරොති සාලිමංසොදනාහාරො වා පවත‍්තඵලභොජනො වා. එවං සුඛදුක‍්ඛපටිසංවෙදීති අනෙකප‍්පකාරෙන කායිකචෙතසිකානං සාමිසනිරාමිසාදිප‍්පභෙදානං වා සුඛදුක‍්ඛානං පටිසංවෙදී. එවමායුපරියන‍්තොති එවං වස‍්සසතපරිමාණායුපරියන‍්තො වා චතුරාසීතිකප‍්පසතසහස‍්සායුපරියන‍්තො වා. සො තතො චුතො අමුත්‍ර උදපාදින‍්ති සොහං තතො භවතො යොනිතො ගතිතො විඤ‍්ඤාණට‍්ඨිතිතො සත‍්තාවාසතො සත‍්තනිකායතො වා චුතො පුන අමුකස‍්මිං නාම භවෙ යොනියා ගතියා විඤ‍්ඤාණට‍්ඨිතියා සත‍්තාවාසෙ සත‍්තනිකායෙ වා උදපාදිං. තත්‍රාපාසින‍්ති අථ තත්‍රාපි භවෙ යොනියා ගතියා විඤ‍්ඤාණට‍්ඨිතියා සත‍්තාවාසෙ සත‍්තනිකායෙ වා පුන අහොසිං. එවංනාමොතිආදි වුත‍්තනයමෙව.

එහි එවංවණ්ණො යනු, හෙළලූ පැහැ ඇත්තෙක් වීමි. නැතහොත් කළු පැහැ ඇත්තෙක් වීමි, එවමාහාරො යනු, රසමසවුල් සහිත ඇල් සාල්බත් බොජුන් කොට ඇත්තෙක් වීමි. නැතහොත් ගසෙන් වැටුණ පල බොජුන් කොට ඇත්තෙක් වීමි, එවං සුඛදුක්‍ඛපටිසංවේදී යනු, මේ ආකාරයෙන් කායික චෛතසික නැතහොත් ආමිස නිරාමිස ආදී ප්‍රභේද සහිත, සුවදුක් විඳින්නෙක් වීමි, එවමායුපරියන්නො යනු, සියවස් පමණ වූ මෙවන් ආයු කෙළවර කොට ඇත්තෙක් නැතහොත්, සුවාසු කප් සුවහස් පමණ වූ ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි, සො තතො චුතො අමුත්‍ර උපපාදිං යනු, ඒ මම එම භවයෙන් හා ජාතියෙන් හෝ ගතියෙන් හෝ විඥානාවස්ථාවෙන් හෝ සත්ත්‍වාසයෙන් හෝ සත්ත්‍වනිකායයෙන් හෝ චුතව අසවල් නම් භවයෙහි, ජාතියෙහි, ගතියෙහි, විඥානාවස්ථාවෙහි සත්ත්‍වාවාසයෙහි, සත්ත්‍ව නිකායයෙහි උපන්නෙමි, තත්‍රාපාසිං යනු, ඉක්බිති එම භවයෙහි හෝ ජාතියෙහි හෝ ගතියෙහි හෝ විඥානාවස්ථාවෙහි හෝ සත්ත්‍වාවාසයෙහි හෝ සත්ත්‍වනිකායෙහි යලිදු උපන්නෙමි, එවං නාමො ආදිය යට කී නයින්ම වේ.

අපිච යස‍්මා අමුත්‍රාසින‍්ති ඉදං අනුපුබ‍්බෙන ආරොහන‍්තස‍්ස යාවදිච‍්ඡකං අනුස‍්සරණං. සො තතො චුතොති පටිනිවත‍්තන‍්තස‍්ස පච‍්චවෙක‍්ඛණං, තස‍්මා “ඉධූපපන‍්නො”ති ඉමිස‍්සා ඉධූපපත‍්තියා අනන‍්තරමෙවස‍්ස උපපත‍්තිට‍්ඨානං සන්‍ධාය “අමුත්‍ර උදපාදි”න‍්ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තත්‍රාපාසින‍්ති එවමාදි පනස‍්ස තත්‍ර ඉමිස‍්සා උපපත‍්තියා අනන‍්තරෙ උපපත‍්තිට‍්ඨානෙ නාමගොත‍්තාදීනං අනුස‍්සරණදස‍්සනත්‍ථං වුත‍්තං. සො තතො චුතො ඉධූපපන‍්නොති ස‍්වාහං තතො අනන‍්තරූපපත‍්තිට‍්ඨානතො චුතො ඉධ අසුකස‍්මිං නාම ඛත‍්තියකුලෙ වා බ්‍රාහ‍්මණකුලෙ වා නිබ‍්බත‍්තොති. ඉතීති එවං. සාකාරං සඋද‍්දෙසන‍්ති නාමගොත‍්තවසෙන සඋද‍්දෙසං, වණ‍්ණාදිවසෙන සාකාරං. නාමගොත‍්තෙන හි සත‍්තො තිස‍්සො කස‍්සපොති උද‍්දිසීයති. වණ‍්ණාදීහි සාමො ඔදාතොති නානත‍්තතො පඤ‍්ඤායති. තස‍්මා නාමගොත‍්තං උද‍්දෙසො, ඉතරෙ ආකාරා. අනෙකවිහිතං පුබ‍්බෙනිවාසමනුස‍්සරතීති ඉදං උත‍්තානත්‍ථමෙවාති.

තවද, යම් හෙයකින් ආමුත්‍රාසිං යන මෙය අනුක්‍රමයෙන් එපිටට යමින් කැමැතිතාක් සිහි කිරිම වේද, සො තතො චුතො යනු පෙරළා එයින් මෙනෙහි කිරීමයිද, එහෙයින් ඉධූපපන්නො යයි කී එම ජන්මයට අනතුරුව ඔහු උපන් ස්ථානය සඳහා අමුත්‍රඋප්පාදිං යන මෙය කියන ලදැයි දතයුතුය. තත්‍රාපාසිං යන මේ ආදිය මෙම උපතට අනතුරුව ඔහු උපන් ස්ථානයෙහි නම්ගොත් ආදිය සිහිකිරීම දක්වනු පිණිස කියනලදි. සො තතො චුතො ඉධූපපන්නො යනු, ඒ මම අනතුරුව උපන් එතැනින් චුතව මෙහි අසුවල් නම් ඇති ක්‍ෂත්‍රිය කුලයෙහි නොහොත් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙමි. ඉති යනු, මෙසේ, සාකාරං ස-උද්දෙසං යනු, නම්ගොත් වශයෙන් උද්දේස සහිතවයි. වර්ණාදි වශයෙන් ආකාර සහිතවයි. නම්ගොත් වශයෙන් වනාහි සත්ත්‍වයා තිස්සය, කාශ්‍යපයයි වහරනු ලැබේ, වර්ණාදී වශයෙන් කළුය, තළෙලුයයි වෙන්කොට හඳුන්වනු ලැබේ. එහෙයින් නම්ගොත් දෙක උද්දේස නමි. සෙසු විශේෂණ ආකාර නමි. ‘අනෙක විහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති’ (ආනේකවිධවූ පූර්ව චරිතයන් සිහිකරයි) යන මෙය පැහැදිලි අරුත් ඇත්තේම වේ.

පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණකථා නිට‍්ඨිතා.

පුබ්බේනිවාසානුස්සති ඤාණ කථාව නිමියේය