චෙතොපරියඤාණකථා
චෙතොපරියඤාණකථා
චෙතොපරිය ඤාණය
චෙතොපරියඤාණකථාය චෙතොපරියඤාණායාති එත්ථ පරියාතීති පරියං, පරිච්ඡින්දතීති අත්ථො. චෙතසො පරියං චෙතොපරියං. චෙතොපරියඤ්ච තං ඤාණඤ්චාති චෙතොපරියඤාණං. තදත්ථායාති වුත්තං හොති. පරසත්තානන්ති අත්තානං ඨපෙත්වා සෙසසත්තානං. පරපුග්ගලානන්ති ඉදම්පි ඉමිනා එකත්ථමෙව. වෙනෙය්යවසෙන පන දෙසනාවිලාසෙන ච බ්යඤ්ජනනානත්තං කතං. චෙතසා චෙතොති අත්තනො චිත්තෙන තෙසං චිත්තං. පරිච්ච පජානාතීති පරිච්ඡින්දිත්වා සරාගාදිවසෙන නානප්පකාරතො ජානාති.
චේතෝපරිය ඤාණ කථාවෙහි, චෙතොපරියඤාණාය යනු, මෙහි, විනිවිද යෙති’යි ‘පරිය’ නමි, පිරිසිඳියි යන අර්‍ත්‍ථයි. සිත පිරිසිඳීම ‘චේතෝපරිය’ නමි, ‘චේතොපරිය’ම ඤාණ වෙති’යි ‘චේතොපරියඤාණ’ නම්වේ. එම ඥානය ලබනු පිණිසැයි කී නියායි. පරසත්තානං යනු, තමා හැර සෙසු පුද්ගලයන්ගේයි, පරපුග්ගලානං යන මෙයද එයට සමාන අර්ත්ථ ඇත්තේය. වෛනේය - නය වශයෙන්ද, දේශනානය වශයෙන්ද ව්‍යඤ්ජන නානත්වය (එකිනෙකට ව්‍යඤ්ජන වශයෙන් වෙනස් අර්ත්ථ වශයෙන් සමාන වචන දෙකක් යෙදීම) කරනලදී; චෙතසා චෙතො යනු, තමාගේ සිතින් ඒ පරපුද්ගලයන්ගේ සිතයි; පරිච්ච යනු පිරිසිඳැ’යි. පජානාති යනු, සරාගී ආදී වශයෙන් විවිධාකාරයෙන් දනියි.
කථං පනෙතං ඤාණං උප්පාදෙතබ්බන්ති? එතඤ්හි දිබ්බචක්ඛුවසෙන ඉජ්ඣති, තං එතස්ස පරිකම්මං. තස්මා තෙන භික්ඛුනා ආලොකං වඩ්ඪෙත්වා දිබ්බෙන චක්ඛුනා පරස්ස හදයරූපං නිස්සාය වත්තමානස්ස ලොහිතස්ස වණ්ණං පස්සිත්වා චිත්තං පරියෙසිතබ්බං. යදා හි සොමනස්සචිත්තං වත්තති, තදා රත්තං නිග්රොධපක්කසදිසං හොති. යදා දොමනස්සචිත්තං වත්තති, තදා කාළකං ජම්බුපක්කසදිසං. යදා උපෙක්ඛාචිත්තං වත්තති, තදා පසන්නතිලතෙලසදිසං. තස්මා තෙන “ඉදං රූපං සොමනස්සින්ද්රියසමුට්ඨානං, ඉදං දොමනස්සින්ද්රියසමුට්ඨානං, ඉදං උපෙක්ඛින්ද්රියසමුට්ඨාන”න්ති පරස්ස හදයලොහිතවණ්ණං පස්සිත්වා චිත්තං පරියෙසන්තෙන චෙතොපරියඤාණං ථාමගතං කාතබ්බං. එවං ථාමගතෙ හි තස්මිං අනුක්කමෙන සබ්බම්පි කාමාවචරචිත්තං රූපාවචරාරූපාවචරචිත්තඤ්ච පජානාති චිත්තා චිත්තමෙව සඞ්කමන්තො විනාපි හදයරූපදස්සනෙන. වුත්තම්පි චෙතං අට්ඨකථායං “ආරුප්පෙ පරස්ස චිත්තං ජානිතුකාමො කස්ස හදයරූපං පස්සති, කස්සින්ද්රියවිකාරං ඔලොකෙතීති? න කස්සචි. ඉද්ධිමතො විසයො එස යදිදං යත්ථ කත්ථචි චිත්තං ආවජ්ජන්තො සොළසප්පභෙදං චිත්තං ජානාති. අකතාභිනිවෙසස්ස පන වසෙන අයං කථා”ති.
මේ ඥානය ඉපැදවියයුතු වනුයේ කෙසේද? මෙය වනාහි දිබ්බචක්ඛු ඤාණ වශයෙන් සිද්ධවේ. එම ඥානය මෙයට පිරියම් වන්නේය; එහෙයින් එම භික්ෂුව විසින් ආලෝක කසිණය වඩා දිවැසින් අන්පුද්ගලයකුගේ හෘදයරූපය ඇසුරු කොට පවත්නා ලෝහිතයෙහි වර්ණය බලමින් සිත සෙවිය යුතුය, යම් විටෙක සොම්නස් සිතක් පවත්නේද, එවිට ඉදුණු නුග පලයෙක වර්ණය මෙන් රක්ත-වර්ණ වේ; යම් විටෙක දොම්නස් සිතක් පවත්නේද, එවිට ඉදුණු දඹපලයෙක වර්ණය මෙන් කාලවර්ණ වේ; යම්විටෙක උපේක්ෂා සිතක් පවත්නේද, එවිට තලතෙල් මෙන් පෑදුණු වර්ණ ඇත්තේ වේ; එහෙයින් මේ භික්ෂුව විසින් ‘මේ හෘදයරූපය සොම්නස් සහිත ඉන්ද්රියයෙන් හටගත්තේය, මේ හෘදයරූපය දොම්නස් සහිත ඉන්ද්රියයෙන් හටගත්තේය, මේ හෘදයරූපය උපේක්ෂා සහිත ඉන්ද්රියයෙන් හටගත්තේය’යි අන්‍යයන්ගේ හෘදය-ලෝහිත-වර්ණය බලමින්, සොයමින් චේතෝපරියඤාණය තර කළයුතුය. මේ ආකාරයෙන් චේතෝපරියඤාණය තර කරගත් කල අනුපිළිවෙළින් කාමාවචර වූද, රූපාවචර-අරූපාවචර වූද සියලු සිත් දැනගනියි. තමාගේ සිත අනිකාගේ සිත තුළ හසුරුවමින් හෘදයරූපය දැකීමෙන් තොරවද දැනගනියි. අටුවාවෙහි කියන ලද්දේමය: “අරූපධ්‍යාන විෂයෙහිදී අන්‍යයාගේ සිත දන්නා කැමැත්තේ කවරකුගේ හෘදයරූපය දක්නේද? කවරකුගේ ඉන්ද්රියවිකාරය බලන්නේද? කිසිවකුගේ හෝ නොදකියි, නොබලයි, යම්කිසි භූමියෙක සිතක් ආවර්ජනය කරමින් සොළොස් ආකාර සිත දනී නම්, මේ සෘද්ධිවිෂයයි. නොකරන ලද අභිනිවේශ (භාවිත) ඇත්තහුගේ වශයෙන් මෙසේ (හෘදයරූප වශයෙන්) කියනලදී” යනුවෙනි.
සරාගං වා චිත්තන්තිආදීසු පන අට්ඨවිධං ලොභසහගතං චිත්තං සරාගං චිත්තන්ති වෙදිතබ්බං. අවසෙසං චතුභූමකං කුසලාබ්යාකතං චිත්තං වීතරාගං. ද්වෙ දොමනස්සචිත්තානි ද්වෙ විචිකිච්ඡුද්ධච්චචිත්තානීති ඉමානි පන චත්තාරි චිත්තානි ඉමස්මිං දුකෙ සඞ්ගහං න ගච්ඡන්ති. කෙචි පන ථෙරා තානිපි සඞ්ගණ්හන්ති. දුවිධං පන දොමනස්සචිත්තං සදොසං චිත්තං නාම. සබ්බම්පි චතුභූමකං කුසලාබ්යාකතං වීතදොසං. සෙසානි දසාකුසලචිත්තානි ඉමස්මිං දුකෙ සඞ්ගහං න ගච්ඡන්ති. කෙචි පන ථෙරා තානිපි සඞ්ගණ්හන්ති.
සරාගං වා චිත්තං යන ආදියෙහි වනාහි අටවැදෑරුම් ලෝභ සහගත සිත් සරාගසිත් යයි දතයුතුයි. කුශල වූද, අව්‍යාකෘත (කුසල් හෝ අකුසල් නොවූ) වූද සෙසු සියලු චතුර්භූමක සිත් රාගරහිත සිත්ය. ද්වේශසහගත සිත් දෙකද, විචිකිච්ඡා හා උද්ධච්ච සිත් දෙකදැයි යන මේ සිත් සතර මෙම ද්විකයෙහි ඇතුළත් නොවේ. ඇතැම් තෙරවරු එම සිත්ද, (රාග රහිත සිත් ලෙස) ගනිති. දෙවැදෑරුම් දොම්නස් සිත් ද්වේශ සහිත සිත් නම් වේ. කුශලවූද අව්‍යාකෘත වූද සෙසු සියලු චතුර්භුමක වූ සිත් ද්වේශරහිත වේ, ඉතිරි අකුසල් සිත් දසය මෙම ද්විකයෙහි ඇතුළත් නොවේ, ඇතැම් තෙරවරු එම සිත්ද ගනිති.
සමොහං වීතමොහන්ති එත්ථ පන පාටිපුග්ගලිකනයෙන විචිකිච්ඡුද්ධච්චසහගතද්වයමෙව සමොහං, මොහස්ස පන සබ්බාකුසලෙසු සම්භවතො ද්වාදසවිධම්පි අකුසලචිත්තං සමොහං චිත්තන්ති වෙදිතබ්බං. අවසෙසං වීතමොහං. ථිනමිද්ධානුගතං පන සංඛිත්තං. උද්ධච්චානුගතං වික්ඛිත්තං. රූපාවචරාරූපාවචරං මහග්ගතං. අවසෙසං අමහග්ගතං. සබ්බම්පි තෙභූමකං සඋත්තරං. ලොකුත්තරං අනුත්තරං. උපචාරප්පත්තං අප්පනාප්පත්තඤ්ච සමාහිතං. උභයමප්පත්තං අසමාහිතං. තදඞ්ගවික්ඛම්භනසමුච්ඡෙදපටිපස්සද්ධිනිස්සරණවිමුත්තිප්පත්තං විමුත්තං. පඤ්චවිධම්පි එතං විමුත්තිමප්පත්තං අවිමුත්තන්ති වෙදිතබ්බං. ඉති චෙතොපරියඤාණලාභී භික්ඛු සබ්බප්පකාරම්පි ඉදං සරාගං වා චිත්තං…පෙ… අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාතීති.
සමෝහං වීතමෝහං යන මෙහි වෙන් වෙන් වශයෙන් විචිකිච්ඡා හා උද්ධච්ච යන සිත් දෙකම සමෝහ වේ, මෝහය වනාහි සියලු අකුශලයන්හි උපදින හෙයින් දොළොස් වැදෑරුම් වූම අකුසල් සිත් සමෝහ සිත්යයි දතයුතුය, සෙසු සිත් මෝහ රහිත වේ. ථිනමිද්ධය අනුව ගිය සිත සංඛිත්ත නම් වේ, උද්ධච්චය අනුව ගිය සිත වික්ඛිත්ත නම් වේ. රූපාවචර අරූපාවචර සිත් මහග්ගත නම් වේ. සෙසු සිත් අමහග්ගත වේ. සියලු ත්‍රෛභූමක සිත් ස-උත්තර නම්වේ. ලොකෝත්තර සිත් අනුත්තර නම්වේ. උපචාරයට පැමිණියාවූද, අර්පණාවට පැමිණියා වූද, සිත් සමාහිත නම්වේ. ඒ දෙකින් එකකට හෝ නොපැමිණි සිත් අසමාහිත නම්වේ. තදඞ්ග-වික්ඛම්භන-සමුච්ඡේද-පටිප්පස්සද්ධි නිස්සරණ වශයෙන් විමුක්තියට පැමිණි සිත් විමුක්ත නම්වේ. මෙකී පස් ආකාරයෙන් එක් ආකාරයකින් හෝ විමුක්තියට නොපැමිණි සිත් අවිමුත්ත නමැ’යි දතයුතුය. මේ ආකාරයෙන් චේතෝපරියඤාණය ලබාගත් භික්ෂුතෙමේ සරාගවූ හෝ සිත-පෙ-අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිතයයි දැනගනියි.
චෙතොපරියඤාණකථා නිට්ඨිතා.
චේතෝපරියඤාණකථාව නිමියේය