යෙදුමෙන් කියවන්න

දිබ‍්බසොතධාතුකථා

දිබ‍්බසොතධාතුකථා

දිබ්බසොත ඤාණය

ඉදානි දිබ‍්බසොතධාතුයා නිද‍්දෙසක‍්කමො අනුප‍්පත‍්තො. තත්‍ථ තතො පරාසු ච තීසු අභිඤ‍්ඤාසු සො එවං සමාහිතෙ චිත‍්තෙතිආදීනං (දී· නි· 1.240 ආදයො) අත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. සබ‍්බත්‍ථ පන විසෙසමත‍්තමෙව වණ‍්ණයිස‍්සාම. තත්‍ර දිබ‍්බාය සොතධාතුයාති එත්‍ථ දිබ‍්බසදිසත‍්තා දිබ‍්බා. දෙවානං හි සුචරිතකම‍්මනිබ‍්බත‍්තා පිත‍්තසෙම‍්හරුහිරාදීහි අපලිබුද‍්ධා උපක‍්කිලෙසවිමුත‍්තතාය දූරෙපි ආරම‍්මණං සම‍්පටිච‍්ඡනසමත්‍ථා දිබ‍්බපසාදසොතධාතු හොති. අයඤ‍්චාපි ඉමස‍්ස භික‍්ඛුනො වීරියභාවනාබලනිබ‍්බත‍්තා ඤාණසොතධාතු තාදිසායෙවාති දිබ‍්බසදිසත‍්තා දිබ‍්බා. අපිච දිබ‍්බවිහාරවසෙන පටිලද‍්ධත‍්තා අත‍්තනා ච දිබ‍්බවිහාරසන‍්නිස‍්සිතත‍්තාපි දිබ‍්බා. සවනට‍්ඨෙන නිජ‍්ජීවට‍්ඨෙන ච සොතධාතු. සොතධාතුකිච‍්චකරණෙන ච සොතධාතු වියාතිපි සොතධාතු. තාය දිබ‍්බාය සොතධාතුයා.

ඉක්බිත්තෙන් දිව්‍යංශ්‍රෝත්‍රධාතුව පිළිබඳ නිර්දේශ ක්‍රමය අනුපිළිවෙළින් පැමිණියේ වේ. එහිද පසුව එන අභිඥාත්‍රයයෙහිද, සො එවං සමාහිතෙ චිත්තෙ යන ආදියෙහි අර්ත්‍ථය යට කීනයින්ම දතයුතුය. ඒ සියලු තන්හි විශේෂාර්ත්‍ථයන් පමණක් විස්තර කරම්හ. එහි දිබ්බාය සෙතධාතුයා යන මෙහි, දිව්‍ය සදෘශ වූ හෙයින් දිබ්බ වේ. දෙවියන්හට වනාහි සුචරිත කර්ම හේතුකොට උපන් පිත්, සෙම්, ලෙහෙ ආදියෙන් පළිබෝධ නොවූ, උපක්ලේශයන්ගෙන් මිදුණු හෙයින් දුරදී පවා අරමුණු ගැනීමේ හැකියාව ඇති, දිව්‍ය වූ පසාදරූප සෝතධාතු ඇත්තේය. මේ භික්‍ෂුහටද වීර්යයභාවනා බලයෙන් උපන් ප්‍රසාදරූප ශ්‍රෝත්‍රධාතුව එබඳුම වෙතැ’යි, දිව්‍යාසදෘශ වූ හෙයින් ‘දිබ්බ’ නම් වේ. තවද, දිව්‍යවහාර වශයෙන් ලබාගන්නා ලද හෙයින්ද තමා විසින් දිව්‍යවිහාරයන් ඇසුරු කරන ලද හෙයින්ද, ‘දිබ්බ’ නම්වේ. ශ්‍රවණාර්ත්‍ථයෙන්ද, නිර්ජිවාර්ත්‍ථයෙන්ද ‘සොතධාතු’ නම් වේ. ශ්‍රෝත්‍රධාතුකෘත්‍යයන් කරන හෙයින්ද, ශ්‍රෝත්‍රධාතු සමාන වෙතැ’යිද සෝතධාතු නම්වේ, එම දිව්‍ය වූ ශ්‍රෝත්‍රධාතු පිණිසයි.

විසුද‍්ධායාති පරිසුද‍්ධාය නිරුපක‍්කිලෙසාය. අතික‍්කන‍්තමානුසිකායාති මනුස‍්සූපචාරං අතික‍්කමිත්‍වා සද‍්දසවනෙන මානුසිකං මංසසොතධාතුං අතික‍්කන‍්තාය වීතිවත‍්තිත්‍වා ඨිතාය. උභො සද‍්දෙ සුණාතීති ද‍්වෙ සද‍්දෙ සුණාති. කතමෙ ද‍්වෙ? දිබ‍්බෙ ච මානුසෙ ච, දෙවානඤ‍්ච මනුස‍්සානඤ‍්ච සද‍්දෙති වුත‍්තං හොති. එතෙන පදෙසපරියාදානං වෙදිතබ‍්බං. යෙ දූරෙ සන‍්තිකෙ චාති යෙ සද‍්දා දූරෙ පරචක‍්කවාළෙපි යෙ ච සන‍්තිකෙ අන‍්තමසො සදෙහසන‍්නිස‍්සිතපාණකසද‍්දාපි, තෙ සුණාතීති වුත‍්තං හොති. එතෙන නිප‍්පදෙසපරියාදානං වෙදිතබ‍්බං.

විසුද්ධාය යනු, පිරිසුදු වූ, උපක්ලේශ රහිත වූ ශ්‍රෝත්‍රධාතුව පිණිසයි. අභික්කන්තමානුසිකාය යනු, මනුෂ්‍ය විෂය ඉක්මවා ශබ්දයන් ශ්‍රවණය කිරීමෙන් මානුෂික මාංශමය ශ්‍රෝත්‍රධාතුව ඉක්මවූ, එයින් ඔබ්බට ගොස් සිටි ශ්‍රෝත්‍රධාතු, පිණිසයි. උභො සද්දෙ සුණාති යනු, ශබ්දද්වය ශ්‍රවණය කරයි. කවර ශබ්දද්වයක්ද? දිව්‍ය වූ හා මානුෂ වූ ශබ්දද්වයයි. දෙවියන්ගේද, මනුෂ්‍යයන්ගේද, ශබ්දයනැයි කී නියායි. මෙයින් ප්‍රදේශ වශයෙන් ගැනීම දත යුතුය. යෙ දූරෙ සන්තිකෙ වා යනු, යම් ශබ්දයක් පරසක්වළ තරම් දුර වූයේද, යම් ශබ්දයක් යටත් පිරිසෙයින් සිය සිරුර ඇසුරු කොට සිටි ප්‍රාණීන්ගේ ශබ්දයන් මෙන් ළං වූයේද, ඒ සියල්ල ශ්‍රවණය කරති’යි කී නියායි. මෙයින් ප්‍රදේශ භේදයෙන් තොරව සමස්ත වශයෙන් ගැනීම දතයුතුය.

කථං පනායං උප‍්පාදෙතබ‍්බාති? තෙන භික‍්ඛුනා අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය පරිකම‍්මසමාධිචිත‍්තෙන පඨමතරං පකතිසොතපථෙ දූරෙ ඔළාරිකො අරඤ‍්ඤෙ සීහාදීනං සද‍්දො ආවජ‍්ජිතබ‍්බො. විහාරෙ ඝණ‍්ඩිසද‍්දො, භෙරිසද‍්දො, සඞ‍්ඛසද‍්දො, සාමණෙරදහරභික‍්ඛූනං සබ‍්බථාමෙන සජ‍්ඣායන‍්තානං සජ‍්ඣායනසද‍්දො, පකතිකථං කථෙන‍්තානං “කිං භන‍්තෙ, කිමාවුසො”තිආදිසද‍්දො, සකුණසද‍්දො, වාතසද‍්දො, පදසද‍්දො, පක‍්කුථිතඋදකස‍්ස චිච‍්චිටායනසද‍්දො, ආතපෙ සුස‍්සමානතාලපණ‍්ණසද‍්දො, කුන්‍ථකිපිල‍්ලිකාදිසද‍්දොති එවං සබ‍්බොළාරිකතො පභුති යථාක‍්කමෙන සුඛුමසද‍්දා ආවජ‍්ජිතබ‍්බා. තෙන පුරත්‍ථිමාය දිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකාතබ‍්බං. පච‍්ඡිමාය, උත‍්තරාය, දක‍්ඛිණාය, හෙට‍්ඨිමාය, උපරිමාය දිසාය, පුරත්‍ථිමාය අනුදිසාය, පච‍්ඡිමාය, උත‍්තරාය, දක‍්ඛිණාය අනුදිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකාතබ‍්බං. ඔළාරිකානම‍්පි සුඛුමානම‍්පි සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකාතබ‍්බං. තස‍්ස තෙ සද‍්දා පාකතිකචිත‍්තස‍්සාපි පාකටා හොන‍්ති. පරිකම‍්මසමාධිචිත‍්තස‍්ස පන අතිවිය පාකටා.

මේ දිව්‍යශ්‍රෝත්‍ර ධාතුව ඉපැදවිය හැක්කේ කෙසේද? ඒ භික්‍ෂුව විසින් අභිඥාපාදකධ්‍යානයට සමවැද, එයින් නැගී, පරිකර්ම, සමාධි, චිත්තයෙන් පළමුකොට ප්‍රකෘති වශයෙන් ඇසෙන තෙක් මානයෙහි වූ වනයෙහි සිංහාදීන්ගේ ඕළාරික ශබ්දය ආවර්ජන කළයුතුය. විහාර භූමියෙහි ඝණ්ඨා ශබ්දය, බෙර ශබ්දය, ශංඛ ශබ්දය, මුළු ශක්තියෙන් සජ්ඣායන කරන සාමණේරයන්ගේ හා තරුණ භික්‍ෂූන්ගේ සජ්ඣායන ශබ්දය, ‘කිමෙක්ද ස්වාමීනි,’ ‘කිමෙක්ද ඇවැත්නි’යි ආදී වශයෙන් සාමාන්‍ය කතාබස්හි යෙදුණවුන්ගේ ශබ්දය, පක්‍ෂීන්ගේ ශබ්දය, වාතශබ්දය, පියවර තබන ශබ්දය, පැසෙන දියෙහි ‘චිටිචිටි’ යන අනුකරණ ශබ්දය, අව්වෙහි වියලෙන තල්කොළවල ශබ්දය, කුරු කුහුඹුවන්ගේ ශබ්දයයි. මේ ආකාරයෙන් සියලු ඕළාරික ශබ්දයෙහි පටන් අනුපිළිවෙළින් සියුම් වූ ශබ්දයන් ආවර්ජන කළ යුතුය. ඔහු විසින් නැගෙනහිර දිශාවෙහි වූ ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කළයුතුය, බටහිර දිශාවෙහි-උතුරු දිශාවෙහි-දකුණු දිශාවෙහි-යටි දිශාවෙහි-උඩු දිශාවෙහි-පූර්ව අනුදිශාවෙහි-අපර අනු දිශාවෙහි-උතුරු අනු දිශාවෙහි-දකුණු අනුදිශාවෙහි වූ ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කළයුතුය. ඕළාරික වූද සියුම්වූද ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කළ යුතුය. එම ශබ්දයෝ ඔහුගේ ප්‍රකෘති චිත්තයටද, ප්‍රකට වෙයි, පරිකර්ම සමාධිචිත්තයට වනාහි අතිශයින් ප්‍රකට වෙයි.

තස‍්සෙවං සද‍්දනිමිත‍්තං මනසිකරොතො ඉදානි දිබ‍්බසොතධාතු උප‍්පජ‍්ජිස‍්සතීති තෙසු සද‍්දෙසු අඤ‍්ඤතරං ආරම‍්මණං කත්‍වා මනොද‍්වාරාවජ‍්ජනං උප‍්පජ‍්ජති. තස‍්මිං නිරුද‍්ධෙ චත‍්තාරි පඤ‍්ච වා ජවනානි ජවන‍්ති, යෙසං පුරිමානි තීණි චත‍්තාරි වා පරිකම‍්මඋපචාරානුලොමගොත්‍රභුනාමකානි කාමාවචරානි, චතුත්‍ථං පඤ‍්චමං වා අප‍්පනාචිත‍්තං රූපාවචරං චතුත්‍ථජ‍්ඣානිකං. තත්‍ථ යං තෙන අප‍්පනාචිත‍්තෙන සද‍්ධිං උප‍්පන‍්නං ඤාණං, අයං දිබ‍්බසොතධාතූති වෙදිතබ‍්බා. තතො පරං තස‍්මිං සොතෙ පතිතො හොති. තං ථාමජාතං කරොන‍්තෙන “එත්‍ථන‍්තරෙ සද‍්දං සුණාමී”ති එකඞ‍්ගුලමත‍්තං පරිච‍්ඡින්‍දිත්‍වා වඩ‍්ඪෙතබ‍්බං. තතො ද‍්වඞ‍්ගුලචතුරඞ‍්ගුලඅට‍්ඨඞ‍්ගුලවිදත්‍ථිරතනඅන‍්තොගබ‍්භපමුඛපාසාදපරිවෙණසඞ‍්ඝාරාමගොචරගාමජනපදාදිවසෙන යාව චක‍්කවාළං තතො වා භිය්‍යොපි පරිච‍්ඡින්‍දිත්‍වා පරිච‍්ඡින්‍දිත්‍වා වඩ‍්ඪෙතබ‍්බං.

මේ ආකාරයෙන් ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කරන ඔහුට, ‘දැන් දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව උපදින්නේය’යි ඒ ශබ්දයන් අතුරෙන් එක්තරා ශබ්දයක් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය පහළ වෙයි, එම මනෝද්වාරාවර්ජනය ඉකුත්වත්ම ජවන් සිත් සතරක් හෝ පසක් දිවෙයි, එම ජවන් අතුරෙන් පළමු තුන් හෝ සතර පරිකර්මය, උපචාරය, අනුලෝමය, ගොත්‍රභූය යන නම් ඇති කාමාවචර චිත්තයෝය, සිවුවන හෝ පස්වන අර්පණා චිත්තය චතුර්ත්‍ථ ධ්‍යානික රූපාවචර චිත්තය වේ. එහිදී එම අර්පණා චිත්තය හා සමඟ උපන් යම් ඥානයක් වේද, එය දිව්‍යශ්‍රෝත්‍ර ධාතුවයයි දතයුතුය. එතැන් පටන් එම ශ්‍රෝත්‍රධාතු-විෂයෙහි අත්දුටුවකු බවට පත්වේ. එම ශ්‍රෝත්‍ර ධාතුව තර කරමින් එක් අඟලක් පමණ තැන් ගෙන, ‘මෙය ඇතුළත වූ ශබ්දයන් අසමි’යි පිරිසිඳ වැඩිය. යුතුය, ඉක්බිති දෑඟුලක්, සතරඟුලක්, අටඟුලක්, වියතක්, රියනක්, පමණ තැන්, ඇතුල් ගැබ, ආලින්දය, ප්‍රාසාදය, පිරිවෙණ, සංඝාරාමය, ගොදුරුගම, ජනපදය ආදී වශයෙන් සක්වළ පමණ තෙක්, එයටත් වැඩි තරම් තැන් ගෙන පිරිසිඳ වැඩිය යුතුය.

එවං අධිගතාභිඤ‍්ඤො එස පාදකජ‍්ඣානාරම‍්මණෙන ඵුට‍්ඨොකාසබ‍්භන‍්තරගතෙපි සද‍්දෙ පුන පාදකජ‍්ඣානං අසමාපජ‍්ජිත්‍වාපි අභිඤ‍්ඤාඤාණෙන සුණාතියෙව. එවං සුණන‍්තො ච සචෙපි යාව බ්‍රහ‍්මලොකා සඞ‍්ඛභෙරිපණවාදිසද‍්දෙහි එකකොලාහලං හොති, පාටියෙක‍්කං වවත්‍ථපෙතුකාමතාය සති අයං සඞ‍්ඛසද‍්දො අයං භෙරිසද‍්දොති වවත්‍ථපෙතුං සක‍්කොතියෙවාති.

මෙසේ ලබාගත් අභිඥා ඇති මේ තෙමේ පාදකධ්‍යානාරම්මණයෙන් අල්වාගත් අවකාශය ඇතුළත වූ ශබ්දයන් නැවත පාදකධ්‍යානයට නොසමවැදම එම අභිඥා ඥානයෙන්ම අසන්නේමය. මෙසේ අසනුයේම බඹලොව තෙක් සක්හඬ, බෙරහඬ, පණාබෙරහඬ ආදියෙන් එක් කොළහල වූයේ නමුදු, එකක් එකක් වෙන් වෙන් වශයෙන් ගෙන හඳුනා ගැනීමේ කැමැත්ත ඇති විට, ‘මේ සක්හඬය. බෙරහඬය’යි වෙන් කොට හඳුනාගනු සමත් වේමය.

දිබ‍්බසොතධාතුකථා නිට‍්ඨිතා.

දිබ්බසෝතධාතු කථාව නිමියේය.