යෙදුමෙන් කියවන්න

නන්‍දොපනන්‍දනාගදමනකථා

නන්‍දොපනන්‍දනාගදමනකථා

නන්දොපනන්දනාගදමනකථා

එකස‍්මිං කිර සමයෙ අනාථපිණ‍්ඩිකො ගහපති භගවතො ධම‍්මදෙසනං සුත්‍වා “ස‍්වෙ, භන‍්තෙ, පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං අම‍්හාකං ගෙහෙ භික‍්ඛං ගණ‍්හථා”ති නිමන‍්තෙත්‍වා පක‍්කමි. භගවා අධිවාසෙත්‍වා තංදිවසාවසෙසං රත‍්තිභාගඤ‍්ච වීතිනාමෙත්‍වා පච‍්චූසසමයෙ දසසහස‍්සිලොකධාතුං ඔලොකෙසි. අථස‍්ස නන්‍දොපනන්‍දො නාම නාගරාජා ඤාණමුඛෙ ආපාථමාගච‍්ඡි. භගවා “අයං නාගරාජා මය‍්හං ඤාණමුඛෙ ආපාථමාගච‍්ඡි, අත්‍ථි නු ඛො අස‍්ස උපනිස‍්සයො”ති ආවජ‍්ජෙන‍්තො “අයං මිච‍්ඡාදිට‍්ඨිකො තීසු රතනෙසු අප‍්පසන‍්නොති දිස‍්වා කො නු ඛො ඉමං මිච‍්ඡාදිට‍්ඨිතො විවෙචෙය්‍යා”ති ආවජ‍්ජෙන‍්තො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං අද‍්දස.

එක් සමයෙක්හි අනේපිඬු සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා, ‘ස්වාමීනි, හෙට පන්සියයක් භික්‍ෂූන් හා සමග අපගේ ගෙහි භික්‍ෂාව පිළිගනු මැනවැ’යි ඇරියුම් කොට ගියේය. භාග්‍යවතුන් වහන්සේ ඇරියුම ඉවසා, එදවසින් ඉතිරි කාලයත් රාත්‍රි කාලයත් ඉක්මවා අළුයම් කාලයෙහි දසදහසක් ලෝකධාතුව බැලූ සේක, එවිට නන්දෝපනන්‍ද නම් නාරජු ඥානපථයට ආයේය. භාග්‍යවතුන් වහන්සේ, ‘මේ නාරජු මාගේ ඥානපථය හමුවට එයි, මොහුට උපනිශ්‍රය සම්පත් ඇත්දෝහෝ’යි ආවර්ජන කරන සේක්, ‘මේ තෙමේ මිසදිටුවෙකි, රත්නත්‍රය කෙරෙහි නොපහන්ය’යි දැක, ‘කවරෙක් නම් මොහු මිසදිටු බවින් මුදවාදැ’යි ආවර්ජන කරනසේක් මහමුගලන් තෙරුන් දුටුසේක.

තතො පභාතාය රත‍්තියා සරීරපටිජග‍්ගනං කත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි – “ආනන්‍ද, පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං ආරොචෙහි තථාගතො දෙවචාරිකං ගච‍්ඡතී”ති. තං දිවසඤ‍්ච නන්‍දොපනන්‍දස‍්ස ආපානභූමිං සජ‍්ජයිංසු. සො දිබ‍්බරතනපල‍්ලඞ‍්කෙ දිබ‍්බෙන සෙතච‍්ඡත‍්තෙන ධාරියමානෙන තිවිධනාටකෙහි චෙව නාගපරිසාය ච පරිවුතො දිබ‍්බභාජනෙසු උපට‍්ඨාපිතං අන‍්නපානවිධිං ඔලොකයමානො නිසින‍්නො හොති. අථ භගවා යථා නාගරාජා පස‍්සති, තථා කත්‍වා තස‍්ස විතානමත්‍ථකෙනෙව පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං තාවතිංසදෙවලොකාභිමුඛො පායාසි.

ඉක්බිති රැය පහන්වූ කල්හි සිරුරු පිළිදැගුම් නිමවා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක, ‘ආනන්‍දය, තථාගතයන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි යෙති, පන්සියයක් භික්‍ෂූන්හට සැල කරව’යි කීසේක. එදින නන්දෝපනන්‍ද නා රජුගේ ආපානභූමිය සරසන ලදි. හේ තෙමේ දිව්‍යමය සේසත් දරා ත්‍රිවිධ නාටක ජනයා විසින්ද නාපිරිස් විසින්ද පිරිවරන ලද්දේ දිව්‍යමය භාජනයන්හි එළවනු ලබන ආහාරපාන විශේෂයන් නරඹමින් දිව්‍යමය රත්නපර්යංකයෙක්හි හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නාරජුහට පෙනෙනසේ ඔහුගේ විමානය මත්තෙන් පන්සියයක් භික්‍ෂූන් ගෙන තව්තිසා දෙව්ලොව බලා වැඩිසේක.

තෙන ඛො පන සමයෙන නන්‍දොපනන්‍දස‍්ස නාගරාජස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති – “ඉමෙ හි නාම මුණ‍්ඩකා සමණකා අම‍්හාකං උපරූපරිභවනෙන දෙවානං තාවතිංසානං භවනං පවිසන‍්තිපි නික‍්ඛමන‍්තිපි, න දානි ඉතො පට‍්ඨාය ඉමෙසං අම‍්හාකං මත්‍ථකෙ පාදපංසුං ඔකිරන‍්තානං ගන‍්තුං දස‍්සාමී”ති උට‍්ඨාය සිනෙරුපාදං ගන‍්ත්‍වා තං අත‍්තභාවං විජහිත්‍වා සිනෙරුං සත‍්තක‍්ඛත‍්තුං භොගෙහි පරික‍්ඛිපිත්‍වා උපරි ඵණං කත්‍වා තාවතිංසභවනං අවකුජ‍්ජෙන ඵණෙන ගහෙත්‍වා අදස‍්සනං ගමෙසි.

එසමයෙහි නන්දෝපනන්‍ද නාරජුහට මෙවන් පවිටු සිතක් පහළ විණි. ‘මේ මුඬුමහණෝ අපගේ භවනය මත්තෙන් දෙවියන්ගේ තව්තිසා භවනයට යන්නාහුද එතැනින් නික්මෙන්නාහුද වෙති, දැන් මෙයින් මතු මොවුන්හට අපගේ හිස්මත පාදූවිලි හෙලමින් යන්නට නොදෙමි’යි මෙසේ සිතා නැඟිට මේරූ පර්වතමූලයට ගොස් තමාගේ ආත්මභාවය හැර මේරූ පර්වතය සත් වරක් දරණ වැලින් වසා මුදුනෙහි පෙණය තබාගෙන යටිකුරුව නමාගත් පෙණයෙන් තව්තිසා භවනය මුවහකොට නොපෙනෙන්නට සැලැස්වීය.

අථ ඛො ආයස‍්මා රට‍්ඨපාලො භගවන‍්තං එතදවොච “පුබ‍්බෙ, භන‍්තෙ, ඉමස‍්මිං පදෙසෙ ඨිතො සිනෙරුං පස‍්සාමි, සිනෙරුපරිභණ‍්ඩං පස‍්සාමි, තාවතිංසං පස‍්සාමි, වෙජයන‍්තං පස‍්සාමි, වෙජයන‍්තස‍්ස පාසාදස‍්ස උපරි ධජං පස‍්සාමි. කො නු ඛො, භන‍්තෙ, හෙතු කො පච‍්චයො, යං එතරහි නෙව සිනෙරුං පස‍්සාමි…පෙ… න වෙජයන‍්තස‍්ස පාසාදස‍්ස උපරි ධජං පස‍්සාමී”ති. “අයං, රට‍්ඨපාල, නන්‍දොපනන්‍දො නාම නාගරාජා තුම‍්හාකං කුපිතො සිනෙරුං සත‍්තක‍්ඛත‍්තුං භොගෙහි පරික‍්ඛිපිත්‍වා උපරි ඵණෙන පටිච‍්ඡාදෙත්‍වා අන්‍ධකාරං කත්‍වා ඨිතො”ති. “දමෙමි නං, භන‍්තෙ”ති. න භගවා අනුජානි. අථ ඛො ආයස‍්මා භද‍්දියො ආයස‍්මා රාහුලොති අනුක‍්කමෙන සබ‍්බෙපි භික‍්ඛූ උට‍්ඨහිංසු. න භගවා අනුජානි.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ‘ස්වාමීනි, පෙර මේ පියසෙහි සිට මේරු පර්වතය අවට දක්නෙමි, තව්තිසා බවන දක්නෙමි, වෛජයන්ත ප්‍රාසාදය දක්නෙමි, වෛජයන්ත ප්‍රාසාද මස්තකයෙහි ධ්වජය දක්නෙමි, ස්වාමීනි, අද මේරු පර්වතය හෝ -පෙ- වෛජයන්ත ප්‍රාසාද - මස්තකයෙහි ධ්වජය හෝ නොපෙනීමට හේතු කිම?’ ‘රට්ඨපාලය, මේ නන්දෝපනන්‍දනාරජ තෙමේ ඔබ වෙත කිපී මේරූ පර්වතය සත්වරක් දරණින් වෙළාගෙන මුදුන පෙණයෙන් වසාගෙන අඳුරුකොට සිටියේය’යි කීසේක. ‘ස්වාමීනි. ඔහු දමනය කරමි’යි කීවිට භාග්‍යවතුන් වහන්සේ එය නො-අනුදත්සේක. ඉක්බිති ආයුෂ්මත් භද්දිය තෙරණුවෝද, ආයුෂ්මත් රාහුල තෙරණුවෝදැයි සියලු භික්‍ෂූහු පිළිවෙළින් ඉදිරිපත් වූහ, භාග්‍යවතුන් වහන්සේ නොඅනුදත් සේක.

අවසානෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො “අහං, භන‍්තෙ, දමෙමි න”න‍්ති ආහ. “දමෙහි මොග‍්ගල‍්ලානා”ති භගවා අනුජානි. ථෙරො අත‍්තභාවං විජහිත්‍වා මහන‍්තං නාගරාජවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා නන්‍දොපනන්‍දං චුද‍්දසක‍්ඛත‍්තුං භොගෙහි පරික‍්ඛිපිත්‍වා තස‍්ස ඵණමත්‍ථකෙ අත‍්තනො ඵණං ඨපෙත්‍වා සිනෙරුනා සද‍්ධිං අභිනිප‍්පීළෙසි. නාගරාජා පධූමායි. ථෙරොපි න තුය‍්හංයෙව සරීරෙ ධූමො අත්‍ථි, මය‍්හම‍්පි අත්‍ථීති පධූමායි. නාගරාජස‍්ස ධූමො ථෙරං න බාධති. ථෙරස‍්ස පන ධූමො නාගරාජානං බාධති. තතො නාගරාජා පජ‍්ජලි. ථෙරොපි න තුය‍්හංයෙව සරීරෙ අග‍්ගි අත්‍ථි, මය‍්හම‍්පි අත්‍ථීති පජ‍්ජලි. නාගරාජස‍්ස තෙජො ථෙරං න බාධති. ථෙරස‍්ස පන තෙජො නාගරාජානං බාධති. නාගරාජා අයං මං සිනෙරුනා අභිනිප‍්පීළෙත්‍වා ධූමායති චෙව පජ‍්ජලති චාති චින‍්තෙත්‍වා “භො ත්‍වං කොසී”ති පටිපුච‍්ඡි. “අහං ඛො, නන්‍ද, මොග‍්ගල‍්ලානො”ති. “භන‍්තෙ, අත‍්තනො භික‍්ඛුභාවෙන තිට‍්ඨාහී”ති.

අවසන්හි මහමුගලන් තෙරණුවෝ, ‘ස්වාමීනි, මම ඔහු දමනය කෙරෙමි’යි කීහ, ‘මොග්ගල්ලානය, දමනය කරනු යැ’යි අනුදත්සේක. තෙරණුවෝ ආත්මභාවය හැර මහනාරජ වෙසක් මවාගෙන නන්දෝපනන්‍ද නාරජු තුදුස් වරක් දරණින් වෙළාගෙන ඔහුගේ පෙණය මත්තෙහි තමාගේ පෙණය තබාගෙන මේරු පර්වතයට තද කළහ. නාරජ තෙමේ දුමන්නට විය, තෙරණුවෝද, ‘දුම් ඇත්තේ තොපගේ සිරුරෙහි මතුනොවේ, අපගේ සිරුරෙහිද ඇත්තේය’යි දුමන්නට වූහ. නාරජුගේ දුම් තෙරුන් නොපෙළයි, තෙරුන්ගේ දුම් නාරජු පෙළයි. ඉක්බිති නාරජ තෙමේ දැල්වෙන්නට විය. තෙරණුවෝද, ‘ගිනි ඇත්තේ තොපගේ සිරුරෙහි මතු නොවේ, අපගේ සිරුරෙහිද ඇතැ’යි දැල්වෙන්නට වූහ. නාරජුගේ තේජස තෙරුන් නොපෙළයි, තෙරුන්ගේ තේජස නාරජු පෙළයි. නාරජ, ‘මේ තෙමේ මා මේරු පර්වතයට තබා තදකොට දුමන්නේද, දැල්වෙන්නේද වේ’යි සිතා. ‘පින්වත, ඔබ කවුරුදැ?’යි පිළිවිසීය. ‘නන්‍දය, මම මොග්ගල්ලාන වෙමි’යි කීහ. ‘ස්වාමීනි, ඔබගේ භික්‍ෂුවේශයෙන් සිටිනු මැනවැ’යි කීය.

ථෙරො තං අත‍්තභාවං විජහිත්‍වා තස‍්ස දක‍්ඛිණකණ‍්ණසොතෙන පවිසිත්‍වා වාමකණ‍්ණසොතෙන නික‍්ඛමි, වාමකණ‍්ණසොතෙන පවිසිත්‍වා දක‍්ඛිණකණ‍්ණසොතෙන නික‍්ඛමි, තථා දක‍්ඛිණනාසසොතෙන පවිසිත්‍වා වාමනාසසොතෙන නික‍්ඛමි, වාමනාසසොතෙන පවිසිත්‍වා දක‍්ඛිණනාසසොතෙන නික‍්ඛමි. තතො නාගරාජා මුඛං විවරි. ථෙරො මුඛෙන පවිසිත්‍වා අන‍්තොකුච‍්ඡියං පාචීනෙන ච පච‍්ඡිමෙන ච චඞ‍්කමති. භගවා “මොග‍්ගල‍්ලාන, මනසිකරොහි මහිද‍්ධිකො එස නාගො”ති ආහ. ථෙරො “මය‍්හං ඛො, භන‍්තෙ, චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා, තිට‍්ඨතු, භන‍්තෙ, නන්‍දොපනන්‍දො, අහං නන්‍දොපනන්‍දසදිසානං නාගරාජානං සතම‍්පි සහස‍්සම‍්පි සතසහස‍්සම‍්පි දමෙය්‍ය”න‍්ති ආහ.

තෙරණුවෝ එම වේශය හැර ඔහුගේ දකුණු කණින් නික්මුණාහ, දකුණු නාසාපුටයෙන් පිවිස වම් නාසාපුටයෙන්ද වම් නාසාපුටයෙන් පිවිස දකුණු නාසාපුටයෙන්ද නික්මුණාහ. එවිට නාරජ මුව විවර කළේය. තෙරණුවෝ මුවින් පිවිස කුස තුළ නැගෙනහිර දෙසටද, බටහිර දෙසටද, සක්මන් කරති. භාග්‍යවතුන් වහන්සේ ‘මොග්ගල්ලානය, මෙනෙහි කරනුය, මේ නාරජ මහත් සෘද්ධි ඇත්තෙකි’යි කීසේක. තෙරණුවෝ ‘ස්වාමීනි. මවිසින් සතර සෘද්ධිපාදයෝ වඩන ලද්දාහුය, පුරුදු පුහුණු කරන ලද්දාහුය, ප්‍රගුණ කරන ලද්දාහුය, පදම් කරන ලද්දාහුය, ප්‍රතිෂ්ඨාබවට පත් කරන ලද්දාහුය, අභ්‍යාස කරන ලද්දාහුය, මොනවට අරඹන ලද්දාහුය. ස්වාමීනි, මම නන්දෝපනන්‍දයා මතුනොව නන්දෝපනන්‍දයා වැනි නාරජුන් සියයක් නමුදු දහසක් නමුදු දමනය කරනු හැකි වෙමි’යි කීහ.

නාගරාජා චින‍්තෙසි “පවිසන‍්තො තාව මෙ න දිට‍්ඨො, නික‍්ඛමනකාලෙ දානි නං දාඨන‍්තරෙ පක‍්ඛිපිත්‍වා සඞ‍්ඛාදිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නික‍්ඛම භන‍්තෙ, මා මං අන‍්තොකුච‍්ඡියං අපරාපරං චඞ‍්කමන‍්තො බාධයිත්‍ථාති ආහ. ථෙරො නික‍්ඛමිත්‍වා බහි අට‍්ඨාසි. නාගරාජා අයං සොති දිස‍්වා නාසවාතං විස‍්සජ‍්ජි. ථෙරො චතුත්‍ථං ඣානං සමාපජ‍්ජි. ලොමකූපම‍්පිස‍්ස වාතො චාලෙතුං නාසක‍්ඛි. අවසෙසා භික‍්ඛූ කිර ආදිතො පට‍්ඨාය සබ‍්බපාටිහාරියානි කාතුං සක‍්කුණෙය්‍යුං, ඉමං පන ඨානං පත්‍වා එවං ඛිප‍්පනිසන‍්තිනො හුත්‍වා සමාපජ‍්ජිතුං න සක‍්ඛිස‍්සන‍්තීති තෙසං භගවා නාගරාජදමනං නානුජානි.

නාරජ තෙමේ. ‘මවිසින් පිවිසෙනු නොදක්නා ලදි. දැන් නික්මෙනවිට දළ අතර සිර කොටගෙන කා දමමි’යි සිතා ‘ස්වාමීනි, නික්මෙනු මැනවි, කුස තුළ ඔබමොබ සක්මන් කරමින් මා නොපෙළනු මැනවි’යි කීය. තෙරණුවෝ නික්ම පිටත සිටියහ. නාරජ තෙමේ දැක ‘මේ ඔහුය’යි හැඳින නාසාවාතය නිකුත් කළේය, තෙරණුවෝ චතුර්ත්‍ථධ්‍යානයට සමවන්හ. එම වාතය ඔවුන්ගේ ලොම් ගසක් හෝ සොල්වනු සමත් නොවීය. සෙසු භික්‍ෂූහු වනාහි මූල පටන් දක්වන ලද සියලු ප්‍රාතිහාර්යයන් කරනු සමත් වෙති, මෙබඳු අවස්ථාවකට පැමිණ මෙසේ ක්‍ෂණිකව සමවදිනු සමත් නොවෙති’යි දැන භාග්‍යවතුන් වහන්සේ ඔවුන්හට නාගරාජදමනය නොඅනුදත් සේක.

නාගරාජා “අහං ඉමස‍්ස සමණස‍්ස නාසවාතෙන ලොමකූපම‍්පි චාලෙතුං නාසක‍්ඛිං, මහිද‍්ධිකො සමණො”ති චින‍්තෙසි. ථෙරො අත‍්තභාවං විජහිත්‍වා සුපණ‍්ණරූපං අභිනිම‍්මිනිත්‍වා සුපණ‍්ණවාතං දස‍්සෙන‍්තො නාගරාජානං අනුබන්‍ධි. නාගරාජා තං අත‍්තභාවං විජහිත්‍වා මාණවකවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා “භන‍්තෙ, තුම‍්හාකං සරණං ගච‍්ඡාමී”ති වදන‍්තො ථෙරස‍්ස පාදෙ වන්‍දි. ථෙරො “සත්‍ථා, නන්‍ද, ආගතො, එහි ගමිස‍්සාමා”ති නාගරාජානං දමයිත්‍වා නිබ‍්බිසං කත්‍වා ගහෙත්‍වා භගවතො සන‍්තිකං අගමාසි. නාගරාජා භගවන‍්තං වන්‍දිත්‍වා “භන‍්තෙ, තුම‍්හාකං සරණං ගච‍්ඡාමී”ති ආහ. භගවා “සුඛී හොහි, නාගරාජා”ති වත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො අනාථපිණ‍්ඩිකස‍්ස නිවෙසනං අගමාසි.

නාරජ තෙමේ, ‘මම නාසාවාතයෙන් ශ්‍රමණයාගේ රෝමකූපයක් හෝ සොල්වනු සමත් නොවීමි, මේ ශ්‍රමණයා මහර්ධි ඇත්තෙකි’යි සිතීය. තෙරණුවෝ එම වේශය හැර ගුරුළු වෙසක් මවාගෙන ගුරුළු පියා සැලුම් සහිතව නාරජු ලුහුබැන්දාහ. නාරජ තෙමේ එම ආත්මභාවය හැර මානවක වේශයක් මවාගෙන, ‘ස්වාමීනි, ඔබ සරණ යෙමි’යි කියමින් තෙරුන්ගේ පා වැඳ සිටියේය. තෙරණුවෝ ‘නන්‍දය, ශාස්තෲන් වහන්සේ පැමිණි සේක, එව, එහි යමු’යි නාරජු දමනය කොට නිර්විෂ කොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණවූහ. නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ නැමඳ ‘ස්වාමීනි, ඔබ වහන්සේ සරණ යෙමි’යි කීය. භාග්‍යවතුන් වහන්සේ, ‘සුවපත් වනුය නාරජැ’යි පවසා භික්‍ෂු සංඝයා පිරිවරාගෙන අනේපිඬු සිටුහුගේ නිවසට වැඩිසේක.

අනාථපිණ‍්ඩිකො “කිං, භන‍්තෙ, අතිදිවා ආගතත්‍ථා”ති ආහ. මොග‍්ගල‍්ලානස‍්ස ච නන්‍දොපනන්‍දස‍්ස ච සඞ‍්ගාමො අහොසීති. කස‍්ස, භන‍්තෙ, ජයො, කස‍්ස පරාජයොති. මොග‍්ගල‍්ලානස‍්ස ජයො, නන්‍දස‍්ස පරාජයොති. අනාථපිණ‍්ඩිකො “අධිවාසෙතු මෙ, භන‍්තෙ, භගවා සත‍්තාහං එකපටිපාටියා භත‍්තං, සත‍්තාහං ථෙරස‍්ස සක‍්කාරං කරිස‍්සාමී”ති වත්‍වා සත‍්තාහං බුද‍්ධපමුඛානං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං මහාසක‍්කාරං අකාසි. ඉති ඉමං ඉමස‍්මිං නන්‍දොපනන්‍දදමනෙ කතං මහන‍්තං අත‍්තභාවං සන්‍ධායෙතං වුත‍්තං “යදා මහන‍්තං අත‍්තභාවං කරොති, තදා මහන‍්තං හොති මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස වියා”ති. එවං වුත‍්තෙපි භික‍්ඛූ උපාදිණ‍්ණකං නිස‍්සාය අනුපාදිණ‍්ණකමෙව වඩ‍්ඪතීති ආහංසු. අයමෙව චෙත්‍ථ යුත‍්ති.

අනේපිඬු සිටු තෙමේ, ‘ස්වාමීනි, කවර හෙයින් ඉතා දහවල්ව වැඩිසේක්දැ?යි කීය. මොග්ගල්ලාන, නන්දෝපනන්‍ද යන දෙදෙනාගේ සංග්‍රාමයෙක් වීය’යි කීසේක. ‘ස්වාමීනි, ජය කාහටද පරාජය කාහටදැ’යි කීය. මොග්ගල්ලානයනට ජයද නන්දෝපනන්‍දයනට පරාජයද වීය’යි කීසේක. අනේපිඬු සිටු තෙමේ, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ නිවසෙහි පිළිවෙළින් නොකඩවා සත්දිනක් භික්‍ෂාව ඉවසන සේක්වා, තෙරුන්හට සත්දිනක් උපහාර කරන්නෙමි’යි කියා බුදුපාමොක් පන්සියයක් භික්‍ෂූන්හට මහත් සත්කාර කළේය. මෙසේ මෙම නන්දෝපනන්‍ද දමනයෙහි කරන ලද මහත්වූ ආත්මභාවය සඳහා ‘යදා මහන්තං අත්තභාවං කරොති තදා මහන්තං හොති මහාමොග්ගල්ලානත්‍ථරස්ස විය’ (යම් කලෙක මහත්වූ ආත්මභාවයක් මවාගනීද, එකල මහත් වේ) යි යන මෙය කියන ලදී. මෙසේ කී කල්හිද භික්‍ෂූහු උපාදින්නකං නිස්සාය අනුපාදින්නකමෙව වඩ්ඪති (ග්‍රහණය කරන ලද දෙය නිසා ග්‍රහණය නොකළ දෙය වැඩේ) යි කීහ. මෙහිලා මෙයම යුතුවේ.

සො එවං කත්‍වා න කෙවලං චන්‍දිමසූරියෙ පරාමසති. සචෙ ඉච‍්ඡති පාදකථලිකං කත්‍වා පාදෙ ඨපෙති, පීඨං කත්‍වා නිසීදති, මඤ‍්චං කත්‍වා නිපජ‍්ජති, අපස‍්සෙනඵලකං කත්‍වා අපස‍්සයති. යථා ච එකො, එවං අපරොපි. අනෙකෙසුපි හි භික‍්ඛුසතසහස‍්සෙසු එවං කරොන‍්තෙසු තෙසඤ‍්ච එකමෙකස‍්ස තථෙව ඉජ‍්ඣති. චන්‍දිමසූරියානඤ‍්ච ගමනම‍්පි ආලොකකරණම‍්පි තථෙව හොති. යථා හි පාතිසහස‍්සෙසු උදකපූරෙසු සබ‍්බපාතීසු ච චන්‍දමණ‍්ඩලානි දිස‍්සන‍්ති. පාකතිකමෙව ච චන්‍දස‍්ස ගමනං ආලොකකරණඤ‍්ච හොති. තථූපමමෙතං පාටිහාරියං.

හේ (යෝගී) තෙමේ මෙසේ කොට හුදෙක් චන්‍ද්‍ර සූර්යයන් අල්ලනුද මතු නොවේ. ඉදින් කැමැත්තේ නම්, පාපුටුවක් බවට හරවා පා තබයි, පුටුවක් බවට හරවා හිඳගනියි, ඇඳක් බවට හරවා වැතිරෙයි, ඇඳි පුවරුවක් බවට හරවා හොවියි. එක් කෙනකු මෙසේ කරනවිටම අන් කෙනෙක්ද මෙසේ කරති, නොයෙක් සුවහස් ගණන් භික්‍ෂූන් මෙසේ කරනවිට පවා ඔවුන් එක් එක් කෙනකුහට එකසේම (ප්‍රතිහාර්යය) සිද්ධ වේ. චන්‍ද්‍රසූර්යයන්ගේ ගමනයද ආලෝකකරණයද ඒ ආකාරයෙන්ම වේ. යම්සේ දිය පිරූ දහස් ගණන් පළි අතුරෙන් සෑම තළියකම චන්‍ද්‍රමණ්ඩලය දිස්වේද, චන්‍ද්‍රයාගේ ගමනය හා ආලෝකකරණය සිදුවේද, මේ ප්‍රාතිහාර්යයද එය හා සමාන වේ.

යාව බ්‍රහ‍්මලොකාපීති බ්‍රහ‍්මලොකම‍්පි පරිච‍්ඡෙදං කත්‍වා. කායෙන වසං වත‍්තෙතීති තත්‍ථ බ්‍රහ‍්මලොකෙ කායෙන අත‍්තනො වසං වත‍්තෙති. තස‍්සත්‍ථො පාළිං අනුගන‍්ත්‍වා වෙදිතබ‍්බො. අයඤ‍්හෙත්‍ථ පාළි –

යාවබ්‍රහ්මලොකාපි යනු බ්‍රහ්මලෝකය දක්වාද, කායෙන වසං වත්තති යනු, බ්‍රහ්ම ලෝකයෙහිද කයින් තමා වසඟයෙහි පවත්වයි. එහි අර්ත්‍ථය පෙළ අනුව ගොස් දත යුතුය. මෙහි පෙළ මෙසේයි:-

“යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙතීති. සචෙ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො බ්‍රහ‍්මලොකං ගන‍්තුකාමො හොති, දූරෙපි සන‍්තිකෙ අධිට‍්ඨාති සන‍්තිකෙ හොතූති, සන‍්තිකෙ හොති. සන‍්තිකෙපි දූරෙ අධිට‍්ඨාති දූරෙ හොතූති, දූරෙ හොති. බහුකම‍්පි ථොකන‍්ති අධිට‍්ඨාති ථොකං හොතූති, ථොකං හොති. ථොකම‍්පි බහුකන‍්ති අධිට‍්ඨාති බහුකං හොතූති, බහුකං හොති. දිබ‍්බෙන චක‍්ඛුනා තස‍්ස බ්‍රහ‍්මුනො රූපං පස‍්සති. දිබ‍්බාය සොතධාතුයා තස‍්ස බ්‍රහ‍්මුනො සද‍්දං සුණාති. චෙතොපරියඤාණෙන තස‍්ස බ්‍රහ‍්මුනො චිත‍්තං පජානාති. සචෙ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගන‍්තුකාමො හොති, කායවසෙන චිත‍්තං පරිණාමෙති, කායවසෙන චිත‍්තං අධිට‍්ඨාති, කායවසෙන චිත‍්තං පරිණාමෙත්‍වා කායවසෙන චිත‍්තං අධිට‍්ඨහිත්‍වා සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමිත්‍වා දිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගච‍්ඡති. සචෙ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අදිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගන‍්තුකාමො හොති, චිත‍්තවසෙන කායං පරිණාමෙති, චිත‍්තවසෙන කායං අධිට‍්ඨාති. චිත‍්තවසෙන කායං පරිණාමෙත්‍වා චිත‍්තවසෙන කායං අධිට‍්ඨහිත්‍වා සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමිත්‍වා අදිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගච‍්ඡති. සො තස‍්ස බ්‍රහ‍්මුනො පුරතො රූපං අභිනිම‍්මිනාති මනොමයං සබ‍්බඞ‍්ගපඤ‍්චඞ‍්ගිං අහීනින්‍ද්‍රියං. සචෙ සො ඉද‍්ධිමා චඞ‍්කමති, නිම‍්මිතොපි තත්‍ථ චඞ‍්කමති. සචෙ සො ඉද‍්ධිමා තිට‍්ඨති, නිසීදති, සෙය්‍යං කප‍්පෙති, නිම‍්මිතොපි තත්‍ථ සෙය්‍යං කප‍්පෙති. සචෙ සො ඉද‍්ධිමා ධූමායති, පජ‍්ජලති, ධම‍්මං භාසති, පඤ‍්හං පුච‍්ඡති, පඤ‍්හං පුට‍්ඨො විස‍්සජ‍්ජෙති, නිම‍්මිතොපි තත්‍ථ පඤ‍්හං පුට‍්ඨො විස‍්සජ‍්ජෙති. සචෙ සො ඉද‍්ධිමා තෙන බ්‍රහ‍්මුනා සද‍්ධිං සන‍්තිට‍්ඨති, සල‍්ලපති, සාකච‍්ඡං සමාපජ‍්ජති, නිම‍්මිතොපි තත්‍ථ තෙන බ්‍රහ‍්මුනා සද‍්ධිං සන‍්තිට‍්ඨති, සල‍්ලපති, සාකච‍්ඡං සමාපජ‍්ජති. යං යදෙව හි සො ඉද‍්ධිමා කරොති, තං තදෙව නිම‍්මිතො කරොතී”ති (පටි· ම· 3.12).

‘යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වත්තෙති’ (බ්‍රහ්මලෝකය දක්වාද කයින් තමා වසඟයෙහි පවත්වයි) යනුයි. ඉදින් ඒ ඍද්ධිමත් තෙමේ චිත්තවශීතාවට පැමිණියේ බ්‍රහ්ම ලෝකයට යනු කැමැතිව දුරෙහි වුවද සමීපයෙහි වේවා’යි අධිෂ්ඨාන කෙරේද, එවිට සමීපයෙහි වෙයි, සමීපයෙහි වුවද දුරෙහි වේවා’යි අධිෂ්ඨාන කෙරේද, එවිට දුරෙහි වෙයි. බොහෝ වුවද මඳ වේවා’යි අධිෂ්ඨාන කෙරේද, එවිට මඳ වෙයි. මද වුවද බොහෝ වේවා’යි අධිෂ්ඨාන කෙරේද, එවිට බොහෝ වෙයි. දිවැසින් බ්‍රහ්මයාගේ රූපය දකියි. දිව කණින් බ්‍රහ්මයාගේ ශබ්දය අසයි, චේතෝපරියඤාණයෙන් බ්‍රහ්මයාගේ සිත දනියි. ඉදින් චිත්තවශීතාවට පත් ඒ සෘද්ධිමත් තෙමේ දෘශ්‍යමාන වූ කයින් යුක්තව බ්‍රහ්මලෝකයට යනු කැමැති වේද, එවිට කයට අනුව සිත වඩවයි, කයට අනුව සිත හැරෙන සේ අධිෂ්ඨාන කරයි, කයට අනුව සිත වඩවා කයට අනුව සිත හැරෙන සේ අධිෂ්ඨානකොට සුඛසංඥාවටද ලඝුසංඥාවටද බැස දෘශ්‍යමාන කයින් යුතුව බ්‍රහ්මලෝකයට යයි. ඉදින් චිත්තවශීතාවට පත් ඒ ඍද්ධිමත් තෙමේ අදෘශ්‍යමානවූ කයින් යුතුව බ්‍රහ්මලෝකයට යනු කැමැති වේද, එවිට සිතට අනුව කය වඩවයි, සිතට අනුව කය හැරෙන සේ අධිෂ්ඨාන කරයි. සිතට අනුව කය වඩවා, සිතට අනුව හැරෙන සේ අධිෂ්ඨාන කොට සුඛසංඥාවටද ලඝුසංඥාවටද, බැස අදෘශ්‍යමාන ශරීරයෙන් යුක්තව යයි. හේ තෙමේ ඒ බ්‍රහ්මයා අභිමුඛයෙහි සියලු අඟපසඟ සහිත නො-අඩු ඉඳුරන් සහිත මනෝමය රූපයක් මවාගනියි, ඉදින් ඒ ඍද්ධිමත් තෙමේ සක්මන් කෙරේද, මවන ලද රූපයද එහි සක්මන් කරයි, ඉදින් ඒ ඍද්ධිමත් තෙමේ සිටීද-පෙ-හිඳීද -සයනය කෙරේද -පෙ මවනලද රූපයද -පෙ- සයනය කරයි. ඉදින් ඒ ඍද්ධිමත් තෙමේ දුමන්නේද, දැල්වෙන්නේද, දහම් දෙසන්නේද, ප්‍රශ්න විචාරන්නේද, ප්‍රශ්න විචාරන ලඳුව විසඳන්නේද, මවනලද රූපයද එහිදී -පෙ- ප්‍රශ්න විචාරනලදුව විසඳයි. ඉදින් ඒ ඍද්ධිමත් තෙමේ ඔහු සමඟ හමුව සිටීද, සල්ලාපයෙහි යෙදේද, සාකච්ඡා කෙරේද, මවනලද රූපයද එහිදී ඒ බ්‍රහ්මයා සමඟ හමුව සිටියි. සල්ලාපයෙහි යෙදෙයි, සාකච්ඡා කරයි. ඒ සෘද්ධිමත් තෙමේ යම් යම් දෙයක් කෙරේද, මවන ලද රූපයද ඒ ඒ දෙයම කරයි.

තත්‍ථ දූරෙපි සන‍්තිකෙ අධිට‍්ඨාතීති පාදකජ‍්ඣානතො වුට‍්ඨාය දූරෙ දෙවලොකං වා බ්‍රහ‍්මලොකං වා ආවජ‍්ජති සන‍්තිකෙ හොතූති. ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා පුන සමාපජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති සන‍්තිකෙ හොතූති, සන‍්තිකෙ හොති. එස නයො සෙසපදෙසුපි.

එහි, ‘දුරෙපි සන්තිකෙ අධිට්ඨාති’ (දුරෙහි සිටි දෙයද ළඟ සිටින සේ අධිෂ්ඨාන කරයි) යනු, පාදකධ්‍යානයෙන් නැගී දුර සිටි දෙව්ලොව හෝ බඹලොව හෝ ළඟ සිටීවායි ආවර්ජනකොට, පිරියම්කොට, නැවත සමවැද ළග සිටීවායි ඥානයෙන් අධිෂ්ඨාන කරයි, එවිට ළඟ සිටියි. සෙසු පදවලද මේ නයම වේ.

තත්‍ථ කො දූරං ගහෙත්‍වා සන‍්තිකං අකාසීති? භගවා. භගවා හි යමකපාටිහාරියාවසානෙ දෙවලොකං ගච‍්ඡන‍්තො යුගන්‍ධරඤ‍්ච සිනෙරුඤ‍්ච සන‍්තිකෙ කත්‍වා පථවීතලතො එකපාදං යුගන්‍ධරෙ පතිට‍්ඨපෙත්‍වා දුතියං සිනෙරුමත්‍ථකෙ ඨපෙසි. අඤ‍්ඤො කො අකාසි? මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො. ථෙරො හි සාවත්‍ථිතො භත‍්තකිච‍්චං කත්‍වා නික‍්ඛන‍්තං ද‍්වාදසයොජනිකං පරිසං තිංසයොජනං සඞ‍්කස‍්සනගරමග‍්ගං සඞ‍්ඛිපිත්‍වා තඞ‍්ඛණඤ‍්ඤෙව සම‍්පාපෙසි.

එහිලා කවුරු නම් දුර සිටි දෙය ගෙන ළග සිටිනසේ කළාහුද? භාග්‍යවතුන් වහන්සේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි යමාමහ පෙළහර අවසන්හි දෙව්ලොවට යන සේක් යුගන්‍ධර පර්වතයද මේරු පර්වතයද ළඟ සිටිනසේ කොට පොළෝ තෙලෙහි සිට එක් පියවරක් යුගන්‍ධර පර්වතයෙහි තබා දෙවන පියවර මේරු පර්වත මස්තකයෙහි තැබූ සේක. අන් කවරෙක් එසේ කළාහුද? මහමුගලන් තෙරණුවෝය. තෙරණුවෝ වනාහි සැවැත් නුවරදී බත්කිස නිමවා නික්මුණු දොළොස් යොදුන් පමණ වූ පිරිස සංකස්ස නුවරට යන තිස් යොදුන් මඟ හකුලුවා එකෙණෙහිම එහි පැමිණවුහ.

අපිච තම‍්බපණ‍්ණිදීපෙ චූළසමුද‍්දත්‍ථෙරොපි අකාසි. දුබ‍්භික‍්ඛසමයෙ කිර ථෙරස‍්ස සන‍්තිකං පාතොව සත‍්ත භික‍්ඛුසතානි ආගමංසු. ථෙරො “මහා භික‍්ඛුසඞ‍්ඝො කුහිං භික‍්ඛාචාරො භවිස‍්සතී”ති චින‍්තෙන‍්තො සකලතම‍්බපණ‍්ණිදීපෙ අදිස‍්වා “පරතීරෙ පාටලිපුත‍්තෙ භවිස‍්සතී”ති දිස‍්වා භික‍්ඛූ පත‍්තචීවරං ගාහාපෙත්‍වා “එථාවුසො, භික‍්ඛාචාරං ගමිස‍්සාමා”ති පථවිං සඞ‍්ඛිපිත්‍වා පාටලිපුත‍්තං ගතො. භික‍්ඛූ “කතරං, භන‍්තෙ, ඉමං නගර”න‍්ති පුච‍්ඡිංසු. පාටලිපුත‍්තං, ආවුසොති. පාටලිපුත‍්තං නාම දූරෙ භන‍්තෙති. ආවුසො, මහල‍්ලකත්‍ථෙරා නාම දූරෙපි ගහෙත්‍වා සන‍්තිකෙ කරොන‍්තීති. මහාසමුද‍්දො කුහිං, භන‍්තෙති? නනු, ආවුසො, අන‍්තරා එකං නීලමාතිකං අතික‍්කමිත්‍වා ආගතත්‍ථාති? ආම, භන‍්තෙ. මහාසමුද‍්දො පන මහන‍්තොති. ආවුසො, මහල‍්ලකත්‍ථෙරා නාම මහන‍්තම‍්පි ඛුද‍්දකං කරොන‍්තීති.

තවද තම්බපණ්ණි දිවයිනෙහි චූළසමුද්ද තෙරණුවෝද එසේ කළාහුය. දුර්භික්‍ෂ සමයෙක්හිදී උදෑසනම සත්සියයක් භික්‍ෂූහු තෙරුන් වෙතට ආවාහුය. තෙරණුවෝ, ‘මහා භික්‍ෂු සමූහයෙකි, කොතැනක පිඬු පිණිස හැසිරීම වන්නේදැ’යි සිතන්නාහු මුළු තම්බපණ්ණි දිවයිනෙහි කිසි තැනක් නොදැක, පරතෙර පැළලුප් නුවරදී වන්නේය’යි දැක, ‘ඇවැත්නි, එනු, පිඬු පිණිස යම්හ’යි පාසිවුරු ගන්වා පොළොව හකුලුවා පැළලුප් නුවරට ගියාහුය. භික්‍ෂූහු, ‘ස්වාමීනි, පැළලුප් නුවර නම් දුර පිහිටියේය,’ ‘ඇවැත්නි, මහලු තෙරවරු දුර සිටි දෙයද ගෙන ළඟ සිටිනසේ කරති,’ ‘ස්වාමීනි, මහාසමුද්‍රය කොහිද?’ ‘ඇවැත්නි, අතරමඟ එක්තරා නිල්වන් ඇලක් පසුකොට ආවහු නොවවුද?’ ‘ස්වාමීනි, එසේය, මහාසමුද්‍රය නම් මහත්ය,’ ‘ඇවැත්නි, මහලු තෙරවරු මහත් දෙයද කුඩා කෙරෙති’යි කීහ.

යථා චායං, එවං තිස‍්සදත‍්තත්‍ථෙරොපි සායන‍්හසමයෙ න‍්හායිත්‍වා කතුත‍්තරාසඞ‍්ගො මහාබොධිං වන්‍දිස‍්සාමීති චිත‍්තෙ උප‍්පන‍්නෙ සන‍්තිකෙ අකාසි.

මේ තෙරුන් මෙන්ම චිත්තගුත්ත නම් තෙරණුවෝද සවස් වේලෙහි නහා තනිපට සිවුර පොරවාගෙන මහාබෝධිය වඳින්නෙමි’යි සිතක් උපන් කල ළග සිටින සේ සැලැස්වූහ.

සන‍්තිකං පන ගහෙත්‍වා කො දූරමකාසීති? භගවා. භගවා හි අත‍්තනො ච අඞ‍්ගුලිමාලස‍්ස (ම· නි· 2.348) ච අන‍්තරං සන‍්තිකම‍්පි දූරමකාසීති.

ළඟ සිටි දෙයක් දුර සිටිනසේ කළෝ කවරහුද? භාග්‍යවතුන්වහන්සේයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් ළඟ සිටි අංගුලිමාලයන් දුරින් සිටිනසේ සැලැස්වූහ.

අථ කො බහුකං ථොකං අකාසීති? මහාකස‍්සපත්‍ථෙරො. රාජගහෙ කිර නක‍්ඛත‍්තදිවසෙ පඤ‍්චසතා කුමාරියො චන්‍දපූවෙ ගහෙත්‍වා නක‍්ඛත‍්තකීළනත්‍ථාය ගච‍්ඡන‍්තියො භගවන‍්තං දිස‍්වා කිඤ‍්චි නාදංසු. පච‍්ඡතො ආගච‍්ඡන‍්තං පන ථෙරං දිස‍්වා අම‍්හාකං ථෙරො එති පූවං දස‍්සාමාති සබ‍්බා පූවෙ ගහෙත්‍වා ථෙරං උපසඞ‍්කමිංසු. ථෙරො පත‍්තං නීහරිත්‍වා සබ‍්බං එකපත‍්තපූරමත‍්තමකාසි. භගවා ථෙරං ආගමයමානො පුරතො නිසීදි. ථෙරො ආහරිත්‍වා භගවතො අදාසි.

බොහෝවූ දෙයක් නොබොහෝ කළෝ කවරහුද? මහාකාශ්‍යප තෙරණුවෝය. රජගහ නුවර නකත් දිනයෙක්හි පන්සියයක් කුමරියෝ චන්‍දපූව නම් කැවිලි වෙසෙසක් ගෙන නකත් කෙළි පිණිස යන්නාහු භාග්‍යවතුන් වහන්සේ දැක කිසිවක් නොදුන්හ, නැවත පසුව එන තෙරුන් දැක, ‘අපගේ තෙරණුවෝ එන්නාහු, කැවිලි දෙම්හ’යි සියලුම කැවිලි ගෙන තෙරුන් වෙත එළඹියාහුය. තෙරණුවෝ පාත්‍රය ඇර කැවිලි සියල්ලම එක් පාත්‍රයක් පිරෙන තරම් කළහ. භාග්‍යවතුන් වහන්සේ තෙරුන් එන තෙක් ඉදිරියෙන් වැඩහුන් සේක, තෙරණුවෝ ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ.

ඉල‍්ලිසසෙට‍්ඨිවත්‍ථුස‍්මිං පන මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ථොකං බහුකමකාසි, කාකවලියවත්‍ථුස‍්මිඤ‍්ච භගවා. මහාකස‍්සපත්‍ථෙරො කිර සත‍්තාහං සමාපත‍්තියා වීතිනාමෙත්‍වා දලිද‍්දසඞ‍්ගහං කරොන‍්තො කාකවලියස‍්ස නාම දුග‍්ගතමනුස‍්සස‍්ස ඝරද‍්වාරෙ අට‍්ඨාසි. තස‍්ස ජායා ථෙරං දිස‍්වා පතිනො පක‍්කං අලොණම‍්බිලයාගුං පත‍්තෙ ආකිරි. ථෙරො තං ගහෙත්‍වා භගවතො හත්‍ථෙ ඨපෙසි. භගවා මහාභික‍්ඛුසඞ‍්ඝස‍්ස පහොනකං කත්‍වා අධිට‍්ඨාසි. එකපත‍්තෙන ආභතා සබ‍්බෙසං පහොසි. කාකවලියොපි සත‍්තමෙ දිවසෙ සෙට‍්ඨිට‍්ඨානං අලත්‍ථාති.

ඉල්ලීස නම් සිටුවරයාගේ කථාපුවතෙහි වනාහි මහමුගලන් තෙරණුවෝ නොබොහෝවූ දෙය බොහෝ කළාහුය. කාකවලිය කථාවස්තුවෙහි භාග්‍යවතුන් වහන්සේද එසේ කළසේක. මහාකාශ්‍යප තෙරණුවෝ සමවත් සුවයෙන් සත්දිනක් ඉක්මවා දිළින්දනට සංග්‍රහ කරන්නාහු කාකවලිය නම් දුප්පත් මනුෂ්‍යයකුගේ දොරකඩ සිටියාහුය. ඔහුගේ භාර්යා තොමෝ තෙරණුවන් දැක ස්වාමියා සඳහා පිසන ලද ලුණු ඇඹුල් නැති කැඳක් පාත්‍රයෙහි වත්කළාය. තෙරණුවෝ එය පිළිගෙන භාග්‍යවතුන් වහන්සේගේ අත තැබූහ. භාග්‍යවතුන් වහන්සේ එය මුළු මහත් භික්‍ෂු සංඝයාට පොහොනාසේ අධිෂ්ඨාන කළසේක. එක් පාත්‍රයෙකින් ගෙනා කැඳ සියල්ලනටම පොහොනේ විය. කාකවලිය තෙමේද සත්වන දිනයෙහි සිටු තනතුරු ලද්දේය.

න කෙවලඤ‍්ච ථොකස‍්ස බහුකරණං, මධුරං අමධුරං, අමධුරං මධුරන‍්තිආදීසුපි යං යං ඉච‍්ඡති, සබ‍්බං ඉද‍්ධිමතො ඉජ‍්ඣති. තථා හි මහාඅනුළත්‍ථෙරො නාම සම‍්බහුලෙ භික‍්ඛූ පිණ‍්ඩාය චරිත්‍වා සුක‍්ඛභත‍්තමෙව ලභිත්‍වා ගඞ‍්ගාතීරෙ නිසීදිත්‍වා පරිභුඤ‍්ජමානෙ දිස‍්වා ගඞ‍්ගාය උදකං සප‍්පිමණ‍්ඩන‍්ති අධිට‍්ඨහිත්‍වා සාමණෙරානං සඤ‍්ඤං අදාසි. තෙ ථාලකෙහි ආහරිත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස අදංසු. සබ‍්බෙ මධුරෙන සප‍්පිමණ‍්ඩෙන භුඤ‍්ජිංසූති.

හුදෙක් මඳවූ දෙයක් බොහෝ කරනු මතු නොවේ, මිහිරි දෙයක් නොමිහිරි කිරීමය, නොමිහිරි දෙයක් මිහිරි කිරීමය යන ආදියෙහිද යමක් යමක් රිසිවේද, සෘද්ධිමත් පුද්ගලයාට සියල්ල සිද්ධ වේ. ඒ එසේමැයි, මහාඅනුල නම් තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් පිඬු පිණිස හැසිර වියලිබත් පමණක් ලැබ ගංතෙරෙක්හි හිඳ වළඳනු දැක ගඟදිය ගීරස බවට යේවා’යි අධිෂ්ඨානකොට සාමණේරුවරුන්හට ඇඟවූහ. ඔවුහු තලිවලින් ගෙනවුත් සංඝයාහට දුන්හ. සියල්ලෝම මිහිරි ගීරස සමඟ වැළදූහ.

දිබ‍්බෙන චක‍්ඛුනාති ඉධෙව ඨිතො ආලොකං වඩ‍්ඪෙත්‍වා තස‍්ස බ්‍රහ‍්මුනො රූපං පස‍්සති. ඉධෙව ච ඨිතො සබ‍්බං තස‍්ස භාසතො සද‍්දං සුණාති. චිත‍්තං පජානාති. කායවසෙන චිත‍්තං පරිණාමෙතීති කරජකායස‍්ස වසෙන චිත‍්තං පරිණාමෙති. පාදකජ‍්ඣානචිත‍්තං ගහෙත්‍වා කායෙ ආරොපෙති. කායානුගතිකං කරොති දන්‍ධගමනං. කායගමනං හි දන්‍ධං හොති. සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමතීති පාදකජ‍්ඣානාරම‍්මණෙන ඉද‍්ධිචිත‍්තෙන සහජාතං සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමති පවිසති ඵස‍්සෙති සම‍්පාපුණාති. සුඛසඤ‍්ඤා නාම උපෙක‍්ඛාසම‍්පයුත‍්තසඤ‍්ඤා. උපෙක‍්ඛා හි සන‍්තං සුඛන‍්ති වුත‍්තා. සායෙව ච සඤ‍්ඤා නීවරණෙහි චෙව විතක‍්කාදීහි පච‍්චනීකෙහි ච විමුත‍්තත‍්තා ලහුසඤ‍්ඤාතිපි වෙදිතබ‍්බා. තං ඔක‍්කන‍්තස‍්ස පනස‍්ස කරජකායොපි තූලපිචු විය සල‍්ලහුකො හොති. සො එවං වායුක‍්ඛිත‍්තතූලපිචුනා විය සල‍්ලහුකෙන දිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගච‍්ඡති. එවං ගච‍්ඡන‍්තො ච සචෙ ඉච‍්ඡති පථවීකසිණවසෙන ආකාසෙ මග‍්ගං නිම‍්මිනිත්‍වා පදසා ගච‍්ඡති. සචෙ ඉච‍්ඡති වායොකසිණවසෙන වායුං අධිට‍්ඨහිත්‍වා තූලපිචු විය වායුනා ගච‍්ඡති. අපිච ගන‍්තුකාමතා එව එත්‍ථ පමාණං. “සති හි ගන‍්තුකාමතාය” එවං කතචිත‍්තාධිට‍්ඨානො අධිට‍්ඨානවෙගුක‍්ඛිත‍්තොව සො ඉස‍්සාසඛිත‍්තසරො විය දිස‍්සමානො ගච‍්ඡති.

දිබ්බෙන චක්‍ඛුනා යනු, මෙහිම සිට ආලෝක කසිණය වඩා ඒ බ්‍රහ්මයාගේ රූපය දකියි, මෙහිම සිට බ්‍රහ්මයා කථාකරන කටහඬ අසයි, බ්‍රහ්මයාගේ සිත දනියි. කායවසෙන චිත්තං පරිණාමෙති යනු, කරජ කායයට (භෞතික ශරීරයට) අනුව සිත වඩවයි, පාදකධ්‍යානචිත්තය ගෙන කයෙහි ආරෝපණය කරයි, කයට අනුව ලැසි ගමන් ඇතිසේ කරයි, කය වනාහි (සිත මෙන් නොව) ලැසිගමන් ඇත්තේ වේ. සුඛසඤ්ඤඤ්ච ලඝුසඤ්ඤඤ්ච ඔක්කමති යනු, පාදකධ්‍යානය අරමුණු කොට ඇති ඍද්ධිචිත්තය හා සමඟ උපන් සුඛසංඥාවටද, ලඝුසංඥාවටද බසියි. පිවිසෙයි, ස්පර්ශ කරයි, පැමිණෙයි. සුඛසංඥා නම් උපේක්‍ෂාසහගත හැඟීමයි, උපේක්‍ෂාව වූ කලී ශාන්ත වූ සුඛයෙකැයි කියනලදි. එම සංඥාවම නීවරණයන්ගෙන්ද, විතර්කාදී ප්‍රතිපක්‍ෂයන්ගෙන්ද මිදුණු හෙයින් ලඝුසංඥායයිද දතයුතුය, එයට පිවිසෙන ඍද්ධිමත්හුගේ කරජකායද පුළුන් රොදක් මෙන් සැහැල්ලු වේ. හේ තෙමේ මෙසේ සුළඟින් ඔසවන ලද පුළුන් රළක් සෙයින් සැහැල්ලු වූ දෘශ්‍යමාන වූ කයින් බ්‍රහ්මලෝකයට යයි, මෙසේ යන්නේම, ඉදින් කැමැත්තේ නම්, පඨවිකසිණ වශයෙන් අහසෙහි මාර්ගයක් මවා පාගමනින් යයි, ඉදින් කැමැත්තේ නම්, වායෝකසිණ වශයෙන් සුළඟ ලෙසින් අධිෂ්ඨානකොට පුළුන් රොදක් සෙයින් සුළඟෙහි පාවී යයි. තවද යනු-කැමැතිබවම මෙහිලා ප්‍රමාණවේ. යනු කැමැතිබව පවත්නා කල්හි, මේ ආකාරයෙන් අධිෂ්ඨාන කළවිට එම අධිෂ්ඨාන වේගයෙන් මෙහෙයවනලද ඒ ඍද්ධිමත් තෙමේ දුන්නෙන් නැගි ඊයක් සෙයින් දෘශ්‍යමානවම යයි.

චිත‍්තවසෙන කායං පරිණාමෙතීති කායං ගහෙත්‍වා චිත‍්තෙ ආරොපෙති. චිත‍්තානුගතිකං කරොති සීඝගමනං. චිත‍්තගමනං හි සීඝං හොති. සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමතීති රූපකායාරම‍්මණෙන ඉද‍්ධිචිත‍්තෙන සහජාතං සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමතීති. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉදං පන චිත‍්තගමනමෙව හොති. එවං අදිස‍්සමානෙන කායෙන ගච‍්ඡන‍්තො පනායං කිං තස‍්ස අධිට‍්ඨානචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ ගච‍්ඡති, උදාහු ඨිතික‍්ඛණෙ භඞ‍්ගක‍්ඛණෙ වාති වුත‍්තෙ තීසුපි ඛණෙසු ගච‍්ඡතීති ථෙරො ආහ. කිං පන සො සයං ගච‍්ඡති නිම‍්මිතං පෙසෙතීති. යථාරුචි කරොති. ඉධ පනස‍්ස සයං ගමනමෙව ආගතං.

චිත්තවසෙන කායං පරිණාමෙති යනු, කය ගෙන සිත්හි පිහිටුවයි, ශීඝ්‍ර වූ ගමන් ඇති සිතට අනුව යනසේ සලස්වයි, සිතෙහි ගමන ශීඝ්‍රවේ. “සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමති” යනු රූපීවූ කය අරමුණු කොට ඇති ඍද්ධිචිත්තය හා සමඟ උපන් සුඛසංඥාවටද, ලඝුසංඥාවටද පිවිසෙයි. සෙස්ස කියනලද නයින්ම දතයුතුයි. මේ වනාහි සිතෙහි ගමනම වේ, මේ ආකාරයෙන් අදෘශ්‍යමානවූ කයින් යුතුව යන මේ තෙමේ එම අධිෂ්ඨානචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි යන්නේද, නැතහොත් ස්ථිතික්‍ෂණයෙහි හෝ භංගක්‍ෂණයෙහි යන්නේදැ?යි විමසූ කල එම ක්‍ෂණත්‍රයයෙහිම යන්නේයයි තෙරණුවෝ පැවසූහ. තෙමේම යන්නේද? නැතහොත් නිර්මිත රූපය යවන්නේද? රිසි ලෙසක් කරයි, මෙහි වනාහි තමාගේම ගමන විස්තර කරන ලද්දේය.

මනොමයන‍්ති අධිට‍්ඨානමනෙන නිම‍්මිතත‍්තා මනොමයං. අහීනින්‍ද්‍රියන‍්ති ඉදං චක‍්ඛුසොතාදීනං සණ‍්ඨානවසෙන වුත‍්තං. නිම‍්මිතරූපෙ පන පසාදො නාම නත්‍ථි. සචෙ ඉද‍්ධිමා චඞ‍්කමති නිම‍්මිතොපි තත්‍ථ චඞ‍්කමතීතිආදි සබ‍්බං සාවකනිම‍්මිතං සන්‍ධාය වුත‍්තං. බුද‍්ධනිම‍්මිතො පන යං යං භගවා කරොති, තං තම‍්පි කරොති. භගවතො රුචිවසෙන අඤ‍්ඤම‍්පි කරොතීති. එත්‍ථ ච යං සො ඉද‍්ධිමා ඉධෙව ඨිතො දිබ‍්බෙන චක‍්ඛුනා රූපං පස‍්සති, දිබ‍්බාය සොතධාතුයා සද‍්දං සුණාති, චෙතොපරියඤාණෙන චිත‍්තං පජානාති, න එත‍්තාවතා කායෙන වසං වත‍්තෙති. යම‍්පි සො ඉධෙව ඨිතො තෙන බ්‍රහ‍්මුනා සද‍්ධිං සන‍්තිට‍්ඨති සල‍්ලපති සාකච‍්ඡං සමාපජ‍්ජති, එත‍්තාවතාපි න කායෙන වසං වත‍්තෙති. යම‍්පිස‍්ස දූරෙපි සන‍්තිකෙ අධිට‍්ඨාතීතිආදිකං අධිට‍්ඨානං, එත‍්තාවතාපි න කායෙන වසං වත‍්තෙති. යම‍්පි සො දිස‍්සමානෙන වා අදිස‍්සමානෙන වා කායෙන බ්‍රහ‍්මලොකං ගච‍්ඡති, එත‍්තාවතාපි න කායෙන වසං වත‍්තෙති. යඤ‍්ච ඛො සො තස‍්ස බ්‍රහ‍්මුනො පුරතො රූපං අභිනිම‍්මිනාතීතිආදිනා නයෙන වුත‍්තවිධානං ආපජ‍්ජති, එත‍්තාවතා කායෙන වසං වත‍්තෙති නාමං. සෙසං පනෙත්‍ථ කායෙන වසං වත‍්තනාය පුබ‍්බභාගදස‍්සනත්‍ථං වුත‍්තන‍්ති අයං තාව අධිට‍්ඨානා ඉද‍්ධි.

මනොමයං යනු අධිෂ්ඨාන චිත්තයෙන් මවන ලද හෙයින් මනෝමය වේ, අහීනින්‍ද්‍රියං යනු, චක්‍ඛුසෝතාදීන්ගේ හැඩරුව වශයෙනියි කියන ලදී. නිර්මිතරූපයෙහි පසාදරූප ඇත්තේ නොවේ. ‘ඉදින් සෘද්ධිමත් තෙමේ සක්මන් කෙරේද, නිර්මිත රූපයද එහි සක්මන් කරයි’ යන ආදි සියල්ල ශ්‍රාවකනිර්මිතයන් උදෙසා කියන ලදී. බුද්ධනිර්මිතය වනාහි භාග්‍යවතුන් වහන්සේ යමක් යමක් කරනසේක්ද, ඒ ඒ දෙයද කරයි, භාග්‍යවතුන් වහන්ගේ රුචියට අනුව අන් දෙයක්ද කරයි. මෙහිලා ඒ ඍද්ධිමත් තෙමේ මෙහිම සිට දිව ඇසින් යම් රූපයක් දකීද, දිව කණින් යම් ශබ්දයක් අසාද, පරසිත් දන්නා නුවණින් යම් සිතක් දනීද, මෙපමණෙකින් කයින් වසඟයෙහි පවත්වනුයේ නොවේ, මෙහිම සිට ඒ තෙමේ ඒ බ්‍රහ්මයා සමග සිටීද, කථා කරයිද, සාකච්ඡා කරයිද, මෙපමණෙකින්ද කයින් වසඟයෙහි පවත්වනුයේ නම් නොවේ, දුර සිටම ළග සිටිනසේ අධිෂ්ඨාන කරයි යන ආදි වශයෙන් ඔහුගේ යම් අධිෂ්ඨානයක් වේද, මෙපමණෙකින්ද කයින් වසඟයෙහි පවත්වනුයේ නම් නොවේ, ඒ තෙමේ දෘශ්‍යමාන වූ හෝ අදෘශ්‍යමාන වූ කයින් යුතුව බ්‍රහ්මලෝකයට යන්නේද, මෙපමණකින්ද කයින් වසඟයෙහි පවත්වනුයේ නම් නොවේ. යම්සේ ‘හේ තෙමේ ඒ බ්‍රහ්මයාගේ අබිමුවෙහි රූපයක් මවයි’ යන ආදී නයින් කියන ලද විධානය පැමිණේද, මෙපමණෙකින් කයින් වසඟයෙහි පවත්වනුයේ නම්වේ. සෙස්ස වනාහි මෙහි කයින් වසඟයෙහි පැවැත්වීමට පෙර අවස්ථාවන් දක්වනු පිණිස කියනලදි. මේ වනාහි අධිෂ්ඨාන ඍද්ධියයි.

විකුබ‍්බනාය පන මනොමයාය ච ඉදං නානාකරණං. විකුබ‍්බනං තාව කරොන‍්තෙන “සො පකතිවණ‍්ණං විජහිත්‍වා කුමාරකවණ‍්ණං වා දස‍්සෙති, නාගවණ‍්ණං වා දස‍්සෙති, සුපණ‍්ණවණ‍්ණං වා දස‍්සෙති, අසුරවණ‍්ණං වා දස‍්සෙති, ඉන්‍දවණ‍්ණං වා දස‍්සෙති, දෙවවණ‍්ණං වා දස‍්සෙති, බ්‍රහ‍්මවණ‍්ණං වා දස‍්සෙති, සමුද‍්දවණ‍්ණං වා දස‍්සෙති, පබ‍්බතවණ‍්ණං වා දස‍්සෙති, සීහවණ‍්ණං වා දස‍්සෙති, බ්‍යග‍්ඝවණ‍්ණං වා දස‍්සෙති, දීපිවණ‍්ණං වා දස‍්සෙති, හත්‍ථිම‍්පි දස‍්සෙති, අස‍්සම‍්පි දස‍්සෙති, රථම‍්පි දස‍්සෙති, පත‍්තිම‍්පි දස‍්සෙති, විවිධම‍්පි සෙනාබ්‍යූහං දස‍්සෙතී”ති (පටි· ම· 3.13) එවං වුත‍්තෙසු කුමාරකවණ‍්ණාදීසු යං යං ආකඞ‍්ඛති, තං තං අධිට‍්ඨාතබ‍්බං. අධිට‍්ඨහන‍්තෙන ච පථවීකසිණාදීසු අඤ‍්ඤතරාරම‍්මණතො අභිඤ‍්ඤාපාදකජ‍්ඣානතො වුට‍්ඨාය අත‍්තනො කුමාරකවණ‍්ණො ආවජ‍්ජිතබ‍්බො. ආවජ‍්ජිත්‍වා පරිකම‍්මාවසානෙ පුන සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය එවරූපො නාම කුමාරකො හොමීති අධිට‍්ඨාතබ‍්බං. සහ අධිට‍්ඨානචිත‍්තෙන කුමාරකො හොති දෙවදත‍්තො විය (චූළව· 333). එස නයො සබ‍්බත්‍ථ.

විකුබ්බන ඍද්ධිය හා මනෝමය ඍද්ධිය අතර ඇති වෙනස මෙසේයි: විකුබ්බනය කරන්නහු විසින් වනාහි හේ තෙමේ ප්‍රකෘති වේශය හැර කුමාරවේශයක් හෝ දක්වයි, නාගවේශයක් හෝ දක්වයි. ගුරුළු වේශයක් හෝ දක්වයි, අසුර වේශයක් හෝ දක්වයි, ශක්‍ර වේශයක් හෝ දක්වයි, දේව වේශයක් හෝ දක්වයි, බ්‍රහ්ම වේශයක් හෝ දක්වයි, මුහුදු වේශයක් හෝ දක්වයි, පර්වත වේශයක් හෝ දක්වයි, සිංහ වේශයක් හෝ දක්වයි, ව්‍යාඝ්‍ර වේශයක් හෝ දක්වයි, ද්වීපි වේශයක් හෝ දක්වයි, ඇතකු වුවද දක්වයි, අසකු වුවද දක්වයි, රියක් වුවද දක්වයි, පාබල සෙනඟ වුවද දක්වයි, විවිධ වූ බලමුළු වුවද දක්වයි’ යනුවෙන් මෙසේ කියන ලද කුමාර වේශාදිය අතුරෙන් යම් යම් වේශයක් රිසි වේද, ඒ ඒ වේශය අධිෂ්ඨාන කළයුතුය. එසේ අධිෂ්ඨාන කරන විට පඨවිකසිණ ආදිය අතුරෙන් එක්තරා අරමුණක් සහිත අභිඥාපාදකධ්‍යානයෙන් නැගී තමාගේ කුමාර වේශය ආවර්ජන කළ යුතුය, ආවර්ජනය කොට පිරියම් අවසන්හි යළිදු සමවැද එයින් නැගී, ‘මේ ආකාර ඇති කුමාරයෙක් වෙමි’යි අධිෂ්ඨාන කළයුතුය. එම අධිෂ්ඨාන චිත්තය හා සමගම කුමාරයකු බවට පත්වේ, දෙව්දත් තෙරුන් මෙනි. සියලු තන්හි මෙම නයයි.

හත්‍ථිම‍්පි දස‍්සෙතීතිආදි පනෙත්‍ථ බහිද‍්ධාපි හත්‍ථිආදිදස‍්සනවසෙන වුත‍්තං. තත්‍ථ හත්‍ථී හොමීති අනධිට‍්ඨහිත්‍වා හත්‍ථී හොතූති අධිට‍්ඨාතබ‍්බං, අස‍්සාදීසුපි එසෙව නයොති. අයං විකුබ‍්බනා ඉද‍්ධි.

හත්‍ථිම්පි දස්සෙති (ඇතකු වුවද දක්වයි) යන ආදිය මෙහි, බාහිර වූ ඇත් ආදීන් වුවද දැක්වීම් වශයෙන් කියනලදි. එහිදී ‘ඇතෙක් වෙමි’යි අධිෂ්ඨාන නොකොට ‘ඇතෙක් වේවා’යි. අධිෂ්ඨාන කළයුතුය. අසකු ආදී තන්හිද මෙම නයයි. මේ විකුබ්බන ඍද්ධියයි.

මනොමයං කාතුකාමො පන පාදකජ‍්ඣානතො වුට‍්ඨාය කායං තාව ආවජ‍්ජිත්‍වා වුත‍්තනයෙනෙව සුසිරො හොතූති අධිට‍්ඨාති, සුසිරො හොති. අථස‍්ස අබ‍්භන‍්තරෙ අඤ‍්ඤං කායං ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාති, තස‍්ස අබ‍්භන‍්තරෙ අඤ‍්ඤො කායො හොතූති. සො තං මුඤ‍්ජම‍්හා ඊසිකං විය කොසියා අසිං විය කරණ‍්ඩාය අහිං විය ච අබ‍්බාහති. තෙන වුත‍්තං “ඉධ භික‍්ඛු ඉමම‍්හා කායා අඤ‍්ඤං කායං අභිනිම‍්මිනාති රූපිං මනොමයං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගිං අහීනින්‍ද්‍රියං. සෙය්‍යථාපි පුරිසො මුඤ‍්ජම‍්හා ඊසිකං පවාහෙය්‍ය, තස‍්ස එවමස‍්ස අයං මුඤ‍්ජො අයං ඊසිකා, අඤ‍්ඤො මුඤ‍්ජො අඤ‍්ඤා ඊසිකා, මුඤ‍්ජම‍්හාත්‍වෙව ඊසිකා පවාළ‍්හා”තිආදි (පටි· ම· 3.14). එත්‍ථ ච යථා ඊසිකාදයො මුඤ‍්ජාදීහි සදිසා හොන‍්ති, එවං මනොමයරූපං ඉද‍්ධිමතාසදිසමෙව හොතීති දස‍්සනත්‍ථං එතා උපමා වුත‍්තාති. අයං මනොමයා ඉද‍්ධි.

මනෝමය ඍද්ධිය කරනු කැමැත්තේ වනාහි පාදකධ්‍යානයෙන් නැගී පළමුකොට කය ආවර්ජනකොට කියනලද නයින්ම එම කය “රික්තයක් වේවා”යි අධිෂ්ඨාන කරයි, එවිට රික්තයක් වෙයි. ඉක්බිති තමාගේ සිරුර ඇතුළත අන් කයක් ආවර්ජනකොට පිරියම්දකොට තමාගේ කය ඇතුළත අන් කයක් වේවා’යි අධිෂ්ඨාන කරයි, හේ තෙමේ මුදුතණ පඳුරෙකින් ගොබයක් සෙයින්ද කොපුවෙන් කඩුවක් සෙයින්ද, පැසෙකින් සර්පයකු සෙයින්ද එම කය පිටතට නික්මවයි. එහෙයින් කියන ලදි: “මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ මෙම කයින් රූප සහිත වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති, නොඅඩු ඉඳුරන් සහිතවූ අන් කයක් මවයි, පුරුෂයකු මුදුතණ පඳුරෙකින් ගොබයක් නික්මවන හෙයිනි. ඔහුට මෙවන් අදහසෙක් වන්නේය. ‘මේ මුදුතණ පඳුරයි, මේ ගොබයයි, මුදුතණ පඳුර එකෙකි, ගොබය අනිකෙකි. මුදුතණ පඳුරෙන්ම ගොබය නික්මවන ලදි. මෙහිදී, යම්සේ තරුණ ගොබ ආදිය මුදුතණ ආදිය හා සමාන වේද, එසේම මනෝමය රූපය සෘද්ධිමත් පුද්ගලයා හා සමාන වෙතැයි දක්වනු පිණිස මේ උපමාවෝ කියන ලද්දාහුය. මේ මනෝමය ඍද්ධියයි.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ ඉද‍්ධිවිධනිද‍්දෙසො නාම ද‍්වාදසමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය පිණිස කරන ලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි ඉද්ධිවිධ නිද්දේස නම් වූ දොළොස්වන පරිච්ඡේදය සමාප්තයි.