යෙදුමෙන් කියවන්න

දසඉද‍්ධිකථා

දසඉද‍්ධිකථා

දසඉද්ධිකථා

ඉද‍්ධිවිධාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙතීති එත්‍ථ ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි, නිප‍්ඵත‍්තිඅත්‍ථෙන පටිලාභට‍්ඨෙන චාති වුත‍්තං හොති. යඤ‍්හි නිප‍්ඵජ‍්ජති පටිලබ‍්භති ච, තං ඉජ‍්ඣතීති වුච‍්චති. යථාහ “කාමං කාමයමානස‍්ස, තස‍්ස චෙතං සමිජ‍්ඣතී”ති (සු· නි· 772). තථා “නෙක‍්ඛම‍්මං ඉජ‍්ඣතීති ඉද‍්ධි, පටිහරතීති පාටිහාරියං. අරහත‍්තමග‍්ගො ඉජ‍්ඣතීති ඉද‍්ධි, පටිහරතීති පාටිහාරිය”න‍්ති (පටි· ම· 3.32).

ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති යනු, මෙහි සමෘද්ධ වෙතැ’යි යන අර්ත්‍ථයෙන් ඉද්ධි නමි, ‘කාර්යනිෂ්පත්ති’ යන අර්ත්‍ථයෙන් හෝ ‘ප්‍රතිලාභ’ යන අර්ත්‍ථයෙන් හෝ එනම් වෙතැ’යි කී නියායි. යමක් සාධනය කරගනු ලැබේද, අයත් කරගනු ලැබේද, එය සමෘද්ධ වෙති’යි කියනු ලැබේ. යම්සේ කියන ලදද, - ‘කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති’ කාමය කැමැති වන ඔහුට එය සමෘද්ධ වේ නමි. මේ ආකාරයෙන්ම නෛෂ්ක්‍රම්‍යය (කැමැති වන්නහුට) සමෘද්ධ වෙති’යි ඉද්ධි නමි. මුල් රූපය හැර වෙනත් රූප ගනිති’යි ‘පාටිහාරිය’ නමි, අර්හත් මාර්ගය සඵල වෙති’යි ඉද්ධි නමි. මුල් රූපය හැර වෙනත් වෙනත් රූප ගනිති’යි පාටිහාරිය නමි.

අපරො නයො, ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි. උපායසම‍්පදායෙතමධිවචනං. උපායසම‍්පදා හි ඉජ‍්ඣති අධිප‍්පෙතඵලප‍්පසවනතො. යථාහ – “අයං ඛො චිත‍්තො ගහපති සීලවා කල්‍යාණධම‍්මො, සචෙ පණිදහිස‍්සති ‘අනාගතමද‍්ධානං රාජා අස‍්සං චක‍්කවත‍්තී’ති, තස‍්ස ඛො අයං ඉජ‍්ඣිස‍්සති සීලවතො චෙතොපණිධි විසුද‍්ධත‍්තා”ති (සං· නි· 4.352).

තවද ක්‍රමයෙකි:- සමෘද්ධ වෙති’යි යන අර්ත්‍ථයෙන් ‘ඉද්ධි’ නමි, උපාය සම්පත්තියට මෙය අධිවචනයෙකි. උපාය සම්පත්තිය වනාහි අභිප්‍රේත ඵලය උපදවන හෙයිනි. යම්සේ කියන ලදමැයි:- ‘මේ චිත්ත ගෘහපති තෙමේ සිල්වත්ය, යහපත් ගුණධර්ම ඇත්තේය, ඉදින් ප්‍රාර්ත්‍ථනා කෙරේනම් මතු අනාගතයෙහි සක්විති රජ වන්නේය, සිල්වත් වූ ඔහුට වනාහි ප්‍රාර්ත්‍ථනා චිත්තයෙහි පිරිසුදු බව හේතුකොටගෙන මෙය සමෘද්ධ වන්නේය’

අපරො නයො, එතාය සත‍්තා ඉජ‍්ඣන‍්තීති ඉද‍්ධි. ඉජ‍්ඣන‍්තීති ඉද‍්ධා වුද‍්ධා උක‍්කංසගතා හොන‍්තීති වුත‍්තං හොති. සා දසවිධා. යථාහ “කති ඉද‍්ධියොති දස ඉද‍්ධියො”. පුන චපරං ආහ “කතමා දස ඉද‍්ධියො ? අධිට‍්ඨානා ඉද‍්ධි, විකුබ‍්බනා ඉද‍්ධි, මනොමයා ඉද‍්ධි, ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි, සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි, අරියා ඉද‍්ධි, කම‍්මවිපාකජා ඉද‍්ධි, පුඤ‍්ඤවතො ඉද‍්ධි, විජ‍්ජාමයා ඉද‍්ධි, තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධී”ති (පටි· ම· 3.9).

තවද ක්‍රමයෙකි:- මෙය හේතුකොටගෙන සත්ත්‍වයෝ සමෘද්ධ වෙති’යි ‘ඉද්ධි’ නමි, සමෘද්ධ වෙති’යි යනු සමෘද්ධභාවයට යෙති’යි වෘද්ධියට පත් වෙති’යි උසස්බවට යෙති’යි කී නියායි. එම සෘද්ධිය දශ ආකාර වේ, කියන ලදමැයි:- ‘ඉද්ධියො’ යනු දශ ඍද්ධියයි, යලිදු කියන ලදමැයි: දශඍද්ධි නම් කවරේද? අධිෂ්ඨාන ඍද්ධිය, විකුර්වන ඍද්ධිය, මනෝමය ඍද්ධිය, ඥානවිෂ්ඵාර ඍද්ධිය, සමාධිවිෂ්ඵාර ඍද්ධිය, ආර්ය සෘද්ධිය, කර්මවිපාකජ ඍද්ධිය, පුණ්‍යවන්තයන්ගේ සෘද්ධිය, විද්‍යාමය සෘද්ධිය, ඒ ඒ තන්හි මනාකොට යෙදීමේ හේතුවෙන් සමෘද්ධ වීමේ සෘද්ධිය යන මේය.

තත්‍ථ “පකතියා එකො බහුකං ආවජ‍්ජති. සතං වා සහස‍්සං වා සතසහස‍්සං වා ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති ‘බහුකො හොමී’”ති (පටි· ම· 3.10) එවං විභජිත්‍වා දස‍්සිතා ඉද‍්ධි අධිට‍්ඨානවසෙන නිප‍්ඵන‍්නත‍්තා අධිට‍්ඨානා ඉද‍්ධි නාම.

එහි ස්වභාව වශයෙන් එක්ම පුද්ගලයෙක් වූයේ බොහෝ දෙනෙකු ලෙසින්, සියක් දෙනකු, දහසක් දෙනකු, සුවහසක් දෙනකු සෙයින් ආවර්ජනය කරයි, එසේ ආවර්ජනය කොට “බොහෝ දෙනකු බවට පත් වෙමි”යි ඥානයෙන් අධිෂ්ඨාන කරයි, මෙසේ විග්‍රහ කොට දක්වන ලද සෘද්ධිය අධිෂ්ඨාන වශයෙන් නිපන් හෙයින් අධිට්ඨානඉද්ධි නම් වේ.

“සො පකතිවණ‍්ණං විජහිත්‍වා කුමාරකවණ‍්ණං වා දස‍්සෙති නාගවණ‍්ණං වා…පෙ… විවිධම‍්පි සෙනාබ්‍යූහං දස‍්සෙතී”ති (පටි· ම· 3.13) එවං ආගතා ඉද‍්ධි පකතිවණ‍්ණවිජහනවිකාරවසෙන පවත‍්තත‍්තා විකුබ‍්බනා ඉද‍්ධි නාම.

“හේ තෙමේ ප්‍රකෘති වේශය හැර කුමාර වේශය දක්වයි. නාග වේශය හෝ -පෙ- විවිධ වූ සේනා ව්‍යුහය දක්වයි” යන ආදී වශයෙන් මෙසේ ඍද්ධිය ප්‍රකෘති වේශය හැර අන්‍යවේශයන් ගැනීම් වශයෙන් පවත්වන ලද හෙයින් විකුර්වන සෘද්ධි නම් වේ.

“ඉධ භික‍්ඛු ඉමම‍්හා කායා අඤ‍්ඤං කායං අභිනිම‍්මිනාති රූපිං මනොමය”න‍්ති (පටි· ම· 3.14) ඉමිනා නයෙන ආගතා ඉද‍්ධි සරීරබ‍්භන‍්තරෙ අඤ‍්ඤස‍්සෙව මනොමයස‍්ස සරීරස‍්ස නිප‍්ඵත‍්තිවසෙන පවත‍්තත‍්තා මනොමයා ඉද‍්ධි නාම.

“මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ මේ කය කෙරෙන් මනෝමය රූප ඇති අන් කයක් නිර්මාණය කරයි.” යන ආදී වශයෙන් ආ සෘද්ධිය ශරීරාභ්‍යන්තරයෙහි මනෝමය වූ අනෙක් ශරීරයක් නිපදවීම් වශයෙන් පවත්වන ලද හෙයින් මනොමයඉද්ධි නම් වේ.

ඤාණුප‍්පත‍්තිතො පන පුබ‍්බෙ වා පච‍්ඡා වා තංඛණෙ වා ඤාණානුභාවනිබ‍්බත‍්තො විසෙසො ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි නාම. වුත‍්තඤ‍්හෙතං – “අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාය පහානට‍්ඨො ඉජ‍්ඣතීති ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි…පෙ… අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසානං පහානට‍්ඨො ඉජ‍්ඣතීති ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො බාක‍්කුලස‍්ස ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො සංකිච‍්චස‍්ස ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො භූතපාලස‍්ස ඤාණවිප‍්ඵාරා ඉද‍්ධී”ති (පටි· ම· 3.15).

විදර්ශනා ඥානයට පෙර හෝ පසුව හෝ එක් කෙණෙහි මාර්ගඥානානුභාවය හේතුකොටගෙන උපන් ඍද්ධි විශේෂය ඤාණ විප්ඵාර ඉද්ධි නම් වේ. කියන ලදමැයි:- “අනිත්‍යය මෙනෙහි කිරීමෙන් නිත්‍ය සංඥාව ප්‍රහීණ කිරීමේ කාර්යය සිද්ධ වෙති’යි ඤාණවිප්ඵාර ඉද්ධි නමි, -පෙ- අර්හත් මාර්ගයෙන් සකල ක්ලේශයන් ප්‍රහීණ කිරීමේ කාර්යය සිද්ධ වෙති’යි ඤාණවිප්ඵාර ඉද්ධි නමි.” ආයුෂ්මත් බක්කුල තෙරුන්හට ඤාණවිප්ඵාර නම් ඍද්ධිය විය, ආයුෂ්මත් සංකිච්ච තෙරුන්හට ඤාණවිප්ඵාර නම් ඍද්ධිය විය. ආයුෂ්මත් භූතපාල තෙරුන්හටද ඤාණවිප්ඵාර නම් ඍද්ධිය විය.

තත්‍ථ ආයස‍්මා බාක‍්කුලො දහරොව මඞ‍්ගලදිවසෙ නදියා න‍්හාපියමානො ධාතියා පමාදෙන සොතෙ පතිතො. තමෙනං මච‍්ඡො ගිලිත්‍වා බාරාණසීතිත්‍ථං අගමාසි. තත්‍ර තං මච‍්ඡබන්‍ධො ගහෙත්‍වා සෙට‍්ඨිභරියාය වික‍්කිණි. සා මච‍්ඡෙ සිනෙහං උප‍්පාදෙත්‍වා අහමෙව නං පචිස‍්සාමීති ඵාලෙන‍්තී මච‍්ඡකුච‍්ඡියං සුවණ‍්ණබිම‍්බං විය දාරකං දිස‍්වා පුත‍්තො මෙ ලද‍්ධොති සොමනස‍්සජාතා අහොසි. ඉති මච‍්ඡකුච‍්ඡියං අරොගභාවො ආයස‍්මතො බාක‍්කුලස‍්ස පච‍්ඡිමභවිකස‍්ස තෙන අත‍්තභාවෙන පටිලභිතබ‍්බඅරහත‍්තමග‍්ගඤාණානුභාවෙන නිබ‍්බත‍්තත‍්තා ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි නාම. වත්‍ථු පන විත්‍ථාරෙන කථෙතබ‍්බං.

එහි ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ පෙර ළදරු කල්හිම නාමකරණ මඟුල් දිනයෙහි ගඟෙහි නහවනු ලබද්දී කිරි මවගේ ප්‍රමාදයෙන් සැඬ පහරට වැටුණාහුය, එක්තරා මත්ස්‍යයෙක් ළදරුවා ගිල බරණැස් තොටුපලට පැමිණියේය. එහිදී එක්තරා ධීවරයෙක් එම මත්ස්‍යයා අල්වාගෙන එක්තරා සිටු බිරියක්හට විකිණීය. ඕ තොමේ මත්ස්‍යයා කෙරෙහි ඇලුම් උපදවා “මම්ම මත්ස්‍යයා පිසන්නෙමි”යි ගෙන කපන විට මත්ස්‍යයාගේ කුස තුළ සිටි රන්රුවක් වන් දරුවා දැක, ‘මට පුතකු ලැබුණහ’යි සොම්නස් වූහ. මෙසේ මත්ස්‍යයාගේ කුසෙහිදී උපද්‍රවයක් නොවීම අන්තිම ආත්මභාවයෙහි සිටි බක්කුල ආයුෂ්මතුන්හට එම ආත්මභාවයෙහි ලැබෙන්නට තිබුණ අර්හත් මාර්ගඥානයෙහි ආනුභාව බලයෙන් සිදු වූ හෙයින් ඤාණවිප්ඵාර ඉද්ධි නම් වේ. මෙම කථා වස්තුව විස්තර වශයෙන් කියනු වටී.

සංකිච‍්චත්‍ථෙරස‍්ස පන ගබ‍්භගතස‍්සෙව මාතා කාලමකාසි. තස‍්සා චිතකං ආරොපෙත්‍වා සූලෙහි විජ‍්ඣිත්‍වා ඣාපියමානාය දාරකො සූලකොටියා අක‍්ඛිකූටෙ පහාරං ලභිත්‍වා සද‍්දං අකාසි. තතො දාරකො ජීවතීති ඔතාරෙත්‍වා කුච‍්ඡිං ඵාලෙත්‍වා දාරකං අය්‍යිකාය අදංසු. සො තාය පටිජග‍්ගිතො වුද‍්ධිමන්‍වාය පබ‍්බජිත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. ඉති වුත‍්තනයෙනෙව දාරුචිතකාය අරොගභාවො ආයස‍්මතො සංකිච‍්චස‍්ස ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි නාම.

සංකිච්ච තෙරුන්ගේ වනාහි මව් තොමෝ ඔවුන් කුස තුළ සිටියදීම කලුරිය කළාය. ඇය චිතකයට නංවා හුලින් ඇන දවනු ලබන කල්හි හුල කෙළවර ඇස් කොන්හි වැදී හඬ නැඟූහ. ඉක්බිති ‘ළදරුවාට පණ ඇතැ’යි මළ සිරුර බිමට ගෙන කුස පලා ළදරුවා ගෙන මිත්තණියට දුන්හ. ඔහු තුමූ ඇය විසින් හදා වඩා ගන්නා ලදුව වැඩිවියට පැමිණ පැවිදිව සිවුපිළිසිඹියා සහිත රහත් බවට පත්වූහ. මෙසේ කී ලෙසින්ම සංකිච්ච ආයුෂ්මතුන්හට දරසෑ මත උපද්‍රවයක් නොවීම ඤාණවිප්ඵාර ඉද්ධි නම් වේ.

භූතපාලදාරකස‍්ස පන පිතා රාජගහෙ දලිද‍්දමනුස‍්සො. සො දාරූනං අත්‍ථාය සකටෙන අටවිං ගන‍්ත්‍වා දාරුභාරං කත්‍වා සායං නගරද‍්වාරසමීපං පත‍්තො. අථස‍්ස ගොණා යුගං ඔස‍්සජ‍්ජිත්‍වා නගරං පවිසිංසු. සො සකටමූලෙ පුත‍්තකං නිසීදාපෙත්‍වා ගොණානං අනුපදං ගච‍්ඡන‍්තො නගරමෙව පාවිසි. තස‍්ස අනික‍්ඛන‍්තස‍්සෙව ද‍්වාරං පිහිතං. දාරකස‍්ස වාළයක‍්ඛානුචරිතෙපි බහිනගරෙ තියාමරත‍්තිං අරොගභාවො වුත‍්තනයෙනෙව ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි නාම. වත්‍ථු පන විත්‍ථාරෙතබ‍්බං.

භූතපාල නම් දරුවාගේ පියා රජගහ නුවර සිටි දිළිඳු මිනිසෙකි. හේ තෙමේ ගැලක් ගෙන දර පිණිස වනයට ගොස් දර පටවාගෙන සවස්කල නුවර දොරටුව අසලට පැමිණියේය. එහිදී ඔහුගේ ගොන්නු වියෙන් මිදී නුවරට පිවිසියාහුය. හේ තෙමේ ගැල සමීපයෙහි පුතු සිටුවා ගොනුන් පසුපස යන්නේ නුවරටම පිවිසියේය. ඔහු පෙරළා නික්මෙන්නට පෙරම නුවර දොරටුව වසන ලද්දේය. ව්‍යාල මෘගයන් යක්‍ෂාදීන්ගෙන් ගහන පිටුසරෙහි තුන්යම් රැය සිටි දරුවාට උවදුරක් නොවීම කී නයින්ම ඤාණවිප්ඵාර ඉද්ධි නම් වේ. මෙම කථා වස්තුවද විස්තර කරනු වටී.

සමාධිතො පුබ‍්බෙ වා පච‍්ඡා වා තංඛණෙ වා සමථානුභාවනිබ‍්බත‍්තො විසෙසො සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. වුත‍්තඤ‍්හෙතං “පඨමජ‍්ඣානෙන නීවරණානං පහානට‍්ඨො ඉජ‍්ඣතීති සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාය පහානට‍්ඨො ඉජ‍්ඣතීති සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි, ආයස‍්මතො සඤ‍්ජීවස‍්ස, ආයස‍්මතො ඛාණුකොණ‍්ඩඤ‍්ඤස‍්ස, උත‍්තරාය උපාසිකාය, සාමාවතියා උපාසිකාය සමාධිවිප‍්ඵාරා ඉද‍්ධී”ති (පටි· ම· 3.16).

සමාධියට පෙර හෝ පසුව හෝ එක් කෙණෙහි හෝ එම සමාධියෙහි ආනුභාවයෙන් නිපන් ඍද්ධිවිශේෂය සමාධිවිප්ඵාර ඉද්ධි නම් වේ. කියන ලදමැයි:- ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ප්‍රහාණකාර්යය සිද්ධ වෙති’යි සමාධිවිප්ඵාර ඉද්ධි නමි, -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙහි ප්‍රහාණකාර්යය සිද්ධ වෙති’යි සමාධි විප්ඵාර නම් ඍද්ධිය විය. ආයුෂ්මත් සංජීව තෙරුන්හටද, ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන්හටද, උත්තරා නම් උපාසිකාවටද, සාමාවතී නම් උපාසිකාවටද සමාධිවිප්ඵාර නම් ඍද්ධිය විය.

තත්‍ථ යදා ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරෙන සද‍්ධිං කපොතකන්‍දරායං විහරතො ජුණ‍්හාය රත‍්තියා නවොරොපිතෙහි කෙසෙහි අජ‍්ඣොකාසෙ නිසින‍්නස‍්ස එකො දුට‍්ඨයක‍්ඛො සහායකෙන යක‍්ඛෙන වාරියමානොපි සීසෙ පහාරමදාසි. යස‍්ස මෙඝස‍්ස විය ගජ‍්ජතො සද‍්දො අහොසි. තදා ථෙරො තස‍්ස පහරණසමයෙ සමාපත‍්තිං අප‍්පෙසි. අථස‍්ස තෙන පහාරෙන න කොචි ආබාධො අහොසි . අයං තස‍්සායස‍්මතො සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. වත්‍ථු පන උදානෙ (උදා· 34) ආගතමෙව.

එහි, එක් කලෙක කපෝතකන්‍දරාවෙහි, මුගලන් තෙරුන් සමග වෙසෙන සැරියුත් තෙරුන් සඳ පහන් ඇති රාත්‍රියෙක්හි අලුත බූගෑ හිසින් අභ්‍යවකාශයෙක්හි හුන් විට, එක්තරා දුෂ්ට යක්‍ෂයෙක් සහායක යක්‍ෂයා විසින් වලකනු ලබනුයේම, හිසට පහරක් දුන්නේය. අකුණු හඬක් වැනි හඬක් විය. තෙරණුවෝ ඔහු පහර දෙනුවා හාම සමවතට සමවන්හ, එහෙයින් තෙරුන්හට එයින් කිසි වෙහෙසක් නොවීය. මේ ඔවුන්ගේ සමාධිවිප්ඵාර නම් ඍද්ධියයි. මේ කථාවස්තුව උදානයෙහි ආයේය.

සඤ‍්ජීවත්‍ථෙරං පන නිරොධසමාපන‍්නං කාලකතොති සල‍්ලක‍්ඛෙත්‍වා ගොපාලකාදයො තිණකට‍්ඨගොමයානි සඞ‍්කඩ‍්ඪෙත්‍වා අග‍්ගිං අදංසු. ථෙරස‍්ස චීවරෙ අංසුමත‍්තම‍්පි නජ‍්ඣායිත්‍ථ. අයමස‍්ස අනුපුබ‍්බසමාපත‍්තිවසෙන පවත‍්තසමථානුභාවනිබ‍්බත‍්තත‍්තා සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. වත්‍ථු පන සුත‍්තෙ (ම· නි· 1.507) ආගතමෙව.

සංජීව තෙරුන් වනාහි නිරෝධ සමාපත්තියට සමවැද සිටි විටෙක ගොපලු ආදීහු ඔවුන් කලුරිය කළහ’යි සිතා තණපරඬල් දර ගොමරිටි ආදිය රැස්කොට ගිනි දැල්වූහ. තෙරුන්ගේ සිවුරු පවා අංශුමාත්‍රයෙකුදු නොදැවිණි. මේ ඔවුන්ගේ සමවත් පිළිවෙළින් පවත්වලද සමාධියෙහි ආනුභාවයෙන් නිපන් හෙයින් සමාධිවිප්ඵාර නම් ඍද්ධියයි. මේ කථාවස්තුව සූත්‍ර පිටකයෙහි ආයේය.

ඛාණුකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො පන පකතියාව සමාපත‍්තිබහුලො. සො අඤ‍්ඤතරස‍්මිං අරඤ‍්ඤෙ රත‍්තිං සමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසීදි. පඤ‍්චසතා චොරා භණ‍්ඩකං ථෙනෙත්‍වා ගච‍්ඡන‍්තා “ඉදානි අම‍්හාකං අනුපථං ආගච‍්ඡන‍්තා නත්‍ථී”ති විස‍්සමිතුකාමා භණ‍්ඩකං ඔරොපයමානා “ඛාණුකො අය”න‍්ති මඤ‍්ඤමානා ථෙරස‍්සෙව උපරි සබ‍්බභණ‍්ඩකානි ඨපෙසුං. තෙසං විස‍්සමිත්‍වා ගච‍්ඡන‍්තානං පඨමං ඨපිතභණ‍්ඩකස‍්ස ගහණකාලෙ කාලපරිච‍්ඡෙදවසෙන ථෙරො වුට‍්ඨාසි. තෙ ථෙරස‍්ස චලනාකාරං දිස‍්වා භීතා විරවිංසු. ථෙරො “මා භායිත්‍ථ උපාසකා, භික‍්ඛු අහ”න‍්ති ආහ. තෙ ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා ථෙරගතෙන පසාදෙන පබ‍්බජිත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු (ධ· ප· අට‍්ඨ· 1.1). අයමෙත්‍ථ පඤ‍්චහි භණ‍්ඩකසතෙහි අජ‍්ඣොත්‍ථටස‍්ස ථෙරස‍්ස ආබාධාභාවො සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි.

ඛාණුකොණ්ඩඤ්ඤ තෙරණුවෝ වනාහි ස්වභාවයෙන්ම සමවත්බහුල වූවාහු එක්තරා අරණ්‍යයෙක්හි රාත්‍රිකාලයෙහි සමවතට සමවැද හුන්හ. සොරු පන්සියයක් දෙනා බඩු සොරකම් කොට ගෙනයන්නාහු දැන් අප පසුපස එන කෙනකු නැතැ’යි විඩා හැර ගනු කැමැතිව බඩු බිම තබන්නාහු කණුවෙකැ’යි සිතා සියලු බඩු තෙරුන් මතම තැබූහ. විඩා හැර යන කල ඒ සොරුන් පළමුවෙන්ම තබනලද බඩු ගන්නා හාම කාලපරිච්ඡේද වශයෙන් තෙරණුවෝ සමවතින් නැගිටියහ. ඔවුහු තෙරුන් සෙලවෙනු දැක බිය පත්ව බිරුසන් දුන්හ. තෙරණුවෝ ‘උපාසකවරුනි, බිය නොවවු, මම භික්‍ෂු කෙනෙක්මි’යි කීහ, ඔවුහු අවුත් වැඳ තෙරුන් කෙරෙහි පැහැදී පැවිදිව පිළිසිඹියා සහිතව රහත්බවට පැමිණියාහුය. මෙහිදී බඩු පන්සියයක් සිය සිරුර මත ගොඩ ගැසීමෙන් පවා තෙරුන්හට කිසි ආයාසයක් නොවීම සමාධිවිප්ඵාර නම් සෘද්ධියයි.

උත‍්තරා පන උපාසිකා පුණ‍්ණසෙට‍්ඨිස‍්ස ධීතා. තස‍්සා සිරිමා නාම ගණිකා ඉස‍්සාපකතා තත‍්තතෙලකටාහං සීසෙ ආසිඤ‍්චි. උත‍්තරා තංඛණඤ‍්ඤෙව මෙත‍්තං සමාපජ‍්ජි. තෙලං පොක‍්ඛරපත‍්තතො උදකබින්‍දු විය විවට‍්ටමානං අගමාසි. අයමස‍්සා සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. වත්‍ථු පන විත්‍ථාරෙතබ‍්බං.

උත්තරා නම් උපාසිකා තොමෝ වනාහි පුණ්ණක නම් සිටුවරයාගේ දියණියෝය, සිරිමා නම් ගණිකා තොමෝ ඇය කෙරෙහි ඊර්ෂ්‍යාකොට හුණුතෙල් කළයක් හිසමත වැගිරවීය. උත්තරා උපාසිකා තොමෝ එකෙණෙහිම මෙත් සමවතට සමවනි. හුනු තෙල් නෙළුම් පතෙකින් දියබිඳු රූරා වැටෙන්නා සේ පෙරලී ගලා ගියේය. මේ මැයගේ සමාධිවිප්ඵාර නම් ඍද්ධියයි. මේ කථා ප්‍රවෘත්තියද සවිස්තරව දක්වනු වටි.

සාමාවතී නාම උදෙනස‍්ස රඤ‍්ඤො අග‍්ගමහෙසී. මාගණ‍්ඩියබ්‍රාහ‍්මණො අත‍්තනො ධීතාය අග‍්ගමහෙසිට‍්ඨානං පත්‍ථයමානො තස‍්සා වීණාය ආසීවිසං පක‍්ඛිපාපෙත්‍වා රාජානං ආහ “මහාරාජ, සාමාවතී තං මාරෙතුකාමා වීණාය ආසීවිසං ගහෙත්‍වා පරිහරතී”ති. රාජා තං දිස‍්වා කුපිතො සාමාවතිං වධිස‍්සාමීති ධනුං ආරොපෙත්‍වා විසපීතං ඛුරප‍්පං සන‍්නය‍්හි. සාමාවතී සපරිවාරා රාජානං මෙත‍්තාය ඵරි. රාජා නෙව සරං ඛිපිතුං න ඔරොපෙතුං සක‍්කොන‍්තො වෙධමානො අට‍්ඨාසි. තතො නං දෙවී ආහ “කිං, මහාරාජ, කිලමසී”ති? “ආම කිලමාමී”ති. “තෙන හි ධනුං ඔරොපෙහී”ති. සරො රඤ‍්ඤො පාදමූලෙයෙව පති. තතො නං දෙවී “මහාරාජ, අප‍්පදුට‍්ඨස‍්ස නප‍්පදුස‍්සිතබ‍්බ”න‍්ති ඔවදි. ඉති රඤ‍්ඤො සරං මුඤ‍්චිතුං අවිසහනභාවො සාමාවතියා උපාසිකාය සමාධිවිප‍්ඵාරා ඉද‍්ධීති.

සාමාවතී තොමෝ නම් උදයන රජුගේ අගමෙහෙසියයි. මාගන්දිය නම් බමුණා සිය දියණියන්හට අගබිසෝ තනතුර පතමින් ඇයගේ වීණාව තුළ සර්පයකු ලවා, “මහරජ සාමාවතිය ඔබ නසනු කැමැතිව වීණාව තුළ සර්පයකු ලවාගෙන හැසිරෙතැ’යි රජුට කීය. රජ තෙමේ එය දැක කිපී, ‘සාමාවතිය මරමි’යි දුන්න ගෙන විස පෙවූ හීයක් නැගීය. සාමාවතී තොමෝ පිරිවර හා සමග රජු කෙරෙහි මෙත් පැතිරවීය. රජ තෙමේ සැරය විදින්නට හෝ තබන්නට හෝ නොහැකිව වෙවුලා සිටියේය. ඉක්බිති දේවී තොමෝ, “කිමෙක්ද මහරජ, වෙහෙස වනුදැ?”යි කීය. රජ තෙමේ ‘එසේය, වෙහෙසට පත් වීමි”යි කීය. “එසේ නම් දුන්න බහා තබනුය”යි කීය, හීය රජුගේ පාමුල වැටිණි. ඉක්බිති දේවී තොමෝ, “මහරජ, නිදොසුන්හට ද්‍රෝහ නොකරනුයැ”යි අවවාද කළාය. මෙසේ රජුහට ශරය විදිනු නොහැකිවීම සාමාවතියගේ සමාධිවිප්ඵාර නම් සෘද්ධියයි.

පටික‍්කූලාදීසු අප‍්පටික‍්කූලසඤ‍්ඤිවිහාරාදිකා පන අරියා ඉද‍්ධි නාම. යථාහ – “කතමා අරියා ඉද‍්ධි? ඉධ – භික‍්ඛු සචෙ ආකඞ‍්ඛති ‘පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍ය’න‍්ති, අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති…පෙ… උපෙක‍්ඛකො තත්‍ථ විහරති සතො සම‍්පජානො”ති (පටි· ම· 3.17). අයඤ‍්හි චෙතොවසිප‍්පත‍්තානං අරියානංයෙව සම‍්භවතො අරියා ඉද‍්ධීති වුච‍්චති.

පිළිකුල් සහගත දෙය කෙරෙහි පිළිකුල් නොකොට විසීම් ආදිය අරියාඉද්ධි නමි. කියන ලදමැයි:- “ආර්ය සෘද්ධි නම් කිම? මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ඉදින් පිළිකුල් සහගත දෙය කෙරෙහි නොපිළිකුල් හැඟීම් ඇතිව වෙසෙම්වා’යි කැමැති වන්නේද, නොපිළිකුල් හැඟීමෙන් එහි වෙසේද, -පෙ-උපේක්‍ෂා සහිතව, සිහි ඇතිව, මැනවින් දැනගෙන එහි වෙසෙයි” මෙම ඍද්ධිය චේතෝවශීභාවයට පත් (සිත මැනවින් දමනය කළ) ආර්යයන්හටම වන හෙයින් ආර්ය ඍද්ධියයි කියනු ලැබේ.

එතාය හි සමන‍්නාගතො ඛීණාසවො භික‍්ඛු පටික‍්කූලෙ අනිට‍්ඨෙ වත්‍ථුස‍්මිං මෙත‍්තාඵරණං වා ධාතුමනසිකාරං වා කරොන‍්තො අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරති. අප‍්පටික‍්කූලෙ ඉට‍්ඨෙ වත්‍ථුස‍්මිං අසුභඵරණං වා අනිච‍්චන‍්ති මනසිකාරං වා කරොන‍්තො පටික‍්කූලසඤ‍්ඤී විහරති. තථා පටික‍්කූලාපටික‍්කූලෙසු තදෙව මෙත‍්තාඵරණං වා ධාතුමනසිකාරං වා කරොන‍්තො අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරති. අප‍්පටික‍්කූලපටික‍්කූලෙසු ච තදෙව අසුභඵරණං වා අනිච‍්චන‍්ති මනසිකාරං වා කරොන‍්තො පටික‍්කූලසඤ‍්ඤී විහරති. චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොතීතිආදිනා නයෙන වුත‍්තං පන ඡළඞ‍්ගුපෙක‍්ඛං පවත‍්තයමානො පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච තදුභයං අභිනිවජ‍්ජිත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. පටිසම‍්භිදායඤ‍්හි “කථං පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරති? අනිට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං මෙත‍්තාය වා ඵරති ධාතුසො වා උපසංහරතී”තිආදිනා (පටි· ම· 3.17) නයෙන අයමෙව අත්‍ථො විභත‍්තො. අයං චෙතොවසිප‍්පත‍්තානං අරියානංයෙව සම‍්භවතො අරියා ඉද‍්ධීති වුච‍්චති.

මෙම ඍද්ධියෙන් සමන්විත වූ ආර්ය ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු තෙමේ පිළිකුල් කටයුතු අනිෂ්ට වස්තූන් කෙරෙහි මෙත් පැතිරවීම හෝ ධාතුමනසිකාරය හෝ කරමින් නොපිළිකුල් හැඟීමෙන් විහරණය කරයි, පිළිකුල් නොවූ ඉෂ්ට වස්තූන් කෙරෙහි අසුභ භාවනා හෝ අනිච්ච මනසිකාරය හෝ කරමින් පිළිකුල් හැඟීමෙන් යුතුව විහරණය කරයි, එසේම පිළිකුල් වූද නොපිළිකුල් වූද වස්තූන් කෙරෙහි එම මෙත් පැතිරවීම හෝ ධාතුමනසිකාරය හෝ කරමින් නොපිළිකුල් හැඟීමෙන් විහරණය කරයි, නොපිළිකුල් වූද පිළිකුල් වූද, වස්තූන් කෙරෙහි අශුභ සංඥා හෝ අනිත්‍ය සංඥා හෝ වඩමින් පිළිකුල් හැඟීමෙන් විහරණය කරයි. ඇසින් රූපයක් දැක සොම්නස් නොවේ යන ආදී වශයෙන් කියනලද ෂඩංගෝපේක්‍ෂාව පවත්වමින්, පිළිකුල් හැඟීමද, නොපිළිකුල් හැඟීමද යන දෙකම දුරුකොට උපේක්‍ෂා සහිතව, සිහි ඇතිව, මැනවින් දැන විහරණය කරයි. පටිසම්භිදාවෙහි වනාහි, “පිළිකුල් සහගත වස්තූන් කෙරෙහි නොපිළිකුල් හැඟීමෙන් වෙසෙනුයේ කෙසේද? අනිෂ්ට වස්තුන් කෙරෙහි මෙත්සිත් හෝ පතුරුවයි, ධාතු වශයෙන් හෝ මෙනෙහි කරයි” යන ආදී නයින් මෙම අර්ත්‍ථයම විග්‍රහ කොට දක්වන ලදි. මෙම ඍද්ධිය චේතෝවශීභාවයට පත් ආර්යයන්හටම වන හෙයින් ආර්ය ඍද්ධියයි කියනු ලැබේ.

පක‍්ඛීආදීනං පන වෙහාසගමනාදිකා කම‍්මවිපාකජා ඉද‍්ධි නාම. යථාහ – “කතමා කම‍්මවිපාකජා ඉද‍්ධි? සබ‍්බෙසං පක‍්ඛීනං සබ‍්බෙසං දෙවානං එකච‍්චානං මනුස‍්සානං එකච‍්චානඤ‍්ච විනිපාතිකානං අයං කම‍්මවිපාකජා ඉද‍්ධී”ති (පටි· ම· 3.18). එත්‍ථ හි සබ‍්බෙසං පක‍්ඛීනං ඣානං වා විපස‍්සනං වා විනායෙව ආකාසෙන ගමනං. තථා සබ‍්බෙසං දෙවානං පඨමකප‍්පිකානඤ‍්ච එකච‍්චානං මනුස‍්සානං. තථා පියඞ‍්කරමාතා (සං· නි· 1.240) යක‍්ඛිනී උත‍්තරමාතා ඵුස‍්සමිත‍්තා ධම‍්මගුත‍්තාති එවමාදීනං එකච‍්චානං විනිපාතිකානං ආකාසෙන ගමනං කම‍්මවිපාකජා ඉද‍්ධීති.

පක්‍ෂි ආදීන්ගේ අහස් ගමන් ආදිය ‘කම්මවිපාකජඉද්ධි නමි. කියන ලදමැයි:- “කර්මවිපාකජඍද්ධි නම් කිම? සියලු පක්‍ෂීන්හටද, සියලු දෙවියන්ටද, ඇතැම් මිනිසුන්හටද, ඇතැම් විනිපාතිකයන් (කුශලකර්මයෙකින් ඉපිද කිසියම් අකුශල කර්මයෙක විපාක විඳිනවුන්) හටද කර්ම විපාකජ ඍද්ධිය වේ.” මෙහි වනාහි ධ්‍යානයෙකින් හෝ විදර්ශනාවෙකින් තොරව සියලු පක්‍ෂීන්ගේ අහස්ගමන, එසේම සියලු දෙවියන්ගේ හා ඇතැම් ආදිකල්පික මනුෂ්‍යයන්ගේද, එසේම පියංකරමාතාය, උත්තරමාතාය, ඵුස්සමිත්තාය, ධම්මගුත්තාය යන මේ ආදී ඇතැම් විනිපාතිකයන්ගේද අහස් ගමන කර්මවිපාකජ ඍද්ධියයි.

චක‍්කවත‍්තිආදීනං වෙහාසගමනාදිකා පන පුඤ‍්ඤවතො ඉද‍්ධි නාම. යථාහ “කතමා පුඤ‍්ඤවතො ඉද‍්ධි? රාජා චක‍්කවත‍්තී වෙහාසං ගච‍්ඡති සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය අන‍්තමසො අස‍්සබන්‍ධගොබන්‍ධපුරිසෙ උපාදාය. ජොතිකස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි. ජටිලකස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි. ඝොසිතස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි. මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි. පඤ‍්චන‍්නං මහාපුඤ‍්ඤානං පුඤ‍්ඤවතො ඉද‍්ධී”ති. සඞ‍්ඛෙපතො පන පරිපාකං ගතෙ පුඤ‍්ඤසම‍්භාරෙ ඉජ‍්ඣනකවිසෙසො පුඤ‍්ඤවතො ඉද‍්ධි.

චක්‍රවර්තී ආදීන්ගේ අහසින් යාම ආදිය ‘පුඤ්ඤවතෝ ඉද්ධි’ (පින්වතුන්ගේ සෘද්ධිය) නමි. කියන ලදමැයි:- “පින්වතුන්ගේ සෘද්ධිය යනු කිම? චක්‍රවර්තී රජ තෙමේ සිවුරඟ සෙනඟ ගෙන, අසුන් බඳින ගොනුන් බඳින පුරුෂයන් පවා ගෙන අහසින් යයි, ජෝතිය සිටුවරයාහටද, ජටිල සිටුවරයාහටද, මෙණ්ඩක සිටුවරයාහටද, මහපින්වතුන් පස් දෙනාහටද, ‘පුඤ්ඤවතො ඉද්ධි’ (පින්වතුන්ගේ සෘද්ධිය) විය. සංක්‍ෂේපයෙන් වනාහි පුණ්‍යසම්භාරය මුහුකුරා ගිය කල්හි ඇතිවන ඍද්ධිවිශේෂය ‘පුඤ්ඤවතො ඉද්ධි’ (පින්වතුන්ගේ සෘද්ධිය) නමි.

එත්‍ථ ච ජොතිකස‍්ස ගහපතිස‍්ස පථවිං භින්‍දිත්‍වා මණිපාසාදො උට‍්ඨහි. චතුසට‍්ඨි ච කප‍්පරුක‍්ඛාති අයමස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි. ජටිලකස‍්ස අසීතිහත්‍ථො සුවණ‍්ණපබ‍්බතො නිබ‍්බත‍්ති. ඝොසිතස‍්ස සත‍්තසු ඨානෙසු මාරණත්‍ථාය උපක‍්කමෙ කතෙපි අරොගභාවො පුඤ‍්ඤවතො ඉද‍්ධි. මෙණ‍්ඩකස‍්ස එකකරීසමත‍්තෙ පදෙසෙ සත‍්තරතනමයානං මෙණ‍්ඩකානං පාතුභාවො පුඤ‍්ඤවතො ඉද‍්ධි. පඤ‍්ච මහාපුඤ‍්ඤා නාම මෙණ‍්ඩකසෙට‍්ඨි, තස‍්ස භරියා චන්‍දපදුමසිරී, පුත‍්තො ධනඤ‍්චයසෙට‍්ඨි, සුණිසා සුමනදෙවී, දාසො පුණ‍්ණො නාමාති. තෙසු සෙට‍්ඨිස‍්ස සීසං න‍්හාතස‍්ස ආකාසං උල‍්ලොකනකාලෙ අඩ‍්ඪතෙළසකොට‍්ඨසහස‍්සානි ආකාසතො රත‍්තසාලීනං පූරෙන‍්ති. භරියාය නාළිකොදනමත‍්තම‍්පි ගහෙත්‍වා සකලජම‍්බුදීපවාසිකෙ පරිවිසමානාය භත‍්තං න ඛීයති. පුත‍්තස‍්ස සහස‍්සත්‍ථවිකං ගහෙත්‍වා සකලජම‍්බුදීපවාසිකානම‍්පි දෙන‍්තස‍්ස කහාපණා න ඛීයන‍්ති. සුණිසාය එකං වීහිතුම‍්බං ගහෙත්‍වා සකලජම‍්බුදීපවාසිකානම‍්පි භාජයමානාය ධඤ‍්ඤං න ඛීයති. දාසස‍්ස එකෙන නඞ‍්ගලෙන කසතො ඉතො සත‍්ත ඉතො සත‍්තාති චුද‍්දස මග‍්ගා හොන‍්ති. අයං නෙසං පුඤ‍්ඤවතො ඉද‍්ධි.

මෙහි ජෝතිය සිටුවරයාහට පොළොව විවර කරගෙන මිණිපහයක් පැන නැංගේය, එසේම කප්රුක් සූසැටක්ද පහළ විය. මේ ඔහුගේ පුණ්‍යමය සෘද්ධියයි. ජටිල සිටුවරයාහට අසූරියන් රන්පව්වෙක් පහළ විය. ඝෝසිත සිටුවරයාහට තමා මැරවීම පිණිස සත් වරක් උපක්‍රම කළ කල්හි පවා යහතින් සිටිනු හැකිවීම ඔහුගේ පුණ්‍යමය ඍද්ධියයි. මෙණ්ඩක සිටුවරයාහට එක් කිරියක් පමණ පෙදෙස්හි රන්මුවා බැටළුවන් සත්දෙනකු පහළවීම ඔහුගේ පුණ්‍යමය ඍද්ධියයි. මහපින්වත්හු පස්දෙනා නම් මෙණ්ඩක සිටුවරයාය, ඔහුගේ බිරිය වූ චන්‍ද්‍රපදුමසිරිය, පුත් ධනඤ්ජය සිටුවරයාය, ලෙහෙලී වූ සුමනාදේවීය, දාස වූ පුණ්ණාය යන මොහුය. ඔවුනතුරෙන් මෙණ්ඩක සිටුවරයා පැන් සනහා අහස දෙස බැලූ විට දොළොස්දහස් පන්සියයක් කොටු අහසින් ආ රත්හැල්වලින් පිරීයයි. භාර්යාව නැලියක පමණ බත් ගෙන මුළු දඹදිව්තල වැසියන් වළඳවත්මුත් බත් අඩු නොවේ. පුත්‍රයා දහසින් බැඳි පියල්ලක් ගෙන මුළු දඹදිව්තල වැසියන්හට දෙත්මුත් කහවණු අඩු නොවේ. ලෙහෙළිය වී ලහසක් ගෙන මුළු දඹදිව්තල වැසියන්හට බෙදත් මුත් ධාන්‍ය ක්‍ෂය නොවේ. දාසයා නඟුල ගෙන සී සාන කල ඒ අතින් සතක්ද, මේ අතින් සතක්දැයි හී මං තුදුසෙක් සෑදෙයි. මේ ඔවුන්ගේ පුණ්‍යමය ඍද්ධියයි.

විජ‍්ජාධරාදීනං වෙහාසගමනාදිකා පන විජ‍්ජාමයා ඉද‍්ධි. යථාහ “කතමා විජ‍්ජාමයා ඉද‍්ධි? විජ‍්ජාධරා විජ‍්ජං පරිජපිත්‍වා වෙහාසං ගච‍්ඡන‍්ති. ආකාසෙ අන‍්තලික‍්ඛෙ හත්‍ථිම‍්පි දස‍්සෙන‍්ති…පෙ… විවිධම‍්පි සෙනාබ්‍යූහං දස‍්සෙන‍්තී”ති (පටි· ම· 3.18).

විද්‍යාධරාදීන්ගේ අහස් ගමන් ආදිය විද්‍යාමය ඍද්ධියයි. කියන ලදමැයි: “විද්‍යාමය සෘද්ධි නම් කවරේද? විද්‍යාධරයෝ විද්‍යාව ජපකොට අහසින් යෙති, අහස්හි ඇතුන් දක්වති. -පෙ-නොයෙක් සෙනාව්‍යුහයන්ද දක්වති”

තෙන තෙන පන සම‍්මාපයොගෙන තස‍්ස තස‍්ස කම‍්මස‍්ස ඉජ‍්ඣනං තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි. යථාහ – “නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දස‍්ස පහානට‍්ඨො ඉජ‍්ඣතීති තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි…පෙ… අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසානං පහානට‍්ඨො ඉජ‍්ඣතීති තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධී”ති (පටි· ම· 3.18). එත්‍ථ ච පටිපත‍්තිසඞ‍්ඛාතස‍්සෙව සම‍්මාපයොගස‍්ස දීපනවසෙන පුරිමපාළිසදිසාව පාළි ආගතා. අට‍්ඨකථායං පන සකටබ්‍යූහාදිකරණවසෙන යංකිඤ‍්චි සිප‍්පකම‍්මං යංකිඤ‍්චි වෙජ‍්ජකම‍්මං තිණ‍්ණං බෙදානං උග‍්ගහණං තිණ‍්ණං පිටකානං උග‍්ගහණං අන‍්තමසො කසනවපනාදීනි උපාදාය තං තං කම‍්මං කත්‍වා නිබ‍්බත‍්තවිසෙසො තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධීති ආගතා. (10)

ඒ ඒ සම්‍යක් ප්‍රයෝගයන්ගෙන් ඒ ඒ කාර්යයන්ගේ සාඵල්‍යය, ඒ ඒ තන්හි සම්‍යක් ප්‍රයෝගය (මනාකොට යෙදීම) හේතුකොටගෙන සඵලවීමේ අර්ත්‍ථයෙන් ඍද්ධි නම් වේ. කියන ලදමැයි- ‘නෛෂ්ක්‍රම්‍යය හේතුකොටගෙන කාමච්ඡන්‍දය ප්‍රහීණ කිරීමේ කාර්යය ඉටු වෙති’යි ඒ ඒ තැන සම්‍යක් ප්‍රයෝගය හේතුකොට ගෙන සඵලවීමේ අර්ත්‍ථයෙන් සෘද්ධි නම්වේ, -පෙ- අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශයන් ප්‍රහීණ කිරීමේ කාර්යය ඉටු වෙති’යි ඒ ඒ තැන සම්‍යක්ප්‍රයෝගය හේතුකොටගෙන සඵලවීමේ අර්ත්‍ථයෙන් ඍද්ධි නම් වේ.” මෙහි වනාහි ප්‍රතිපත්ති සංඛ්‍යාත වූම සම්‍යක්ප්‍රයෝගය දැක්වීම් වශයෙන් පළමු දැක්වූ පෙළ හා සමානවූම පෙළ ආයේය. අට්ඨකථාවෙහි වනාහි, ගැල් කොටස් එක්කොට ගැලපීම ආදී වශයෙන් යම්කිසි ශිල්පයක්, යම්කිසි වෙදකමක්, වේදත්‍රය අධ්‍යයනයක්, යටත් පිරිසෙයින් සීසෑම් වැපිරීම් ආදියෙහි පටන් ඒ කාර්යය කොට උපන් ඵල විශේෂය ඒ ඒ කාර්යවිෂයෙහි සම්‍යක්ප්‍රයෝගය හේතුකොටගෙන ඉටුවීමේ අර්ත්‍ථයෙන් ඍද්ධි නම් වෙතැ’යි ආයේය.

ඉති ඉමාසු දසසු ඉද‍්ධීසු ඉද‍්ධිවිධායාති ඉමස‍්මිං පදෙ අධිට‍්ඨානා ඉද‍්ධියෙව ආගතා. ඉමස‍්මිං පනත්‍ථෙ විකුබ‍්බනාමනොමයාඉද‍්ධියොපි ඉච‍්ඡිතබ‍්බා එව.

මෙසේ මේ දශවිධ ඍද්ධීන් අතුරෙන් අධිෂ්ඨාන ඍද්ධියම ‘ඉද්ධිවිධාය’ යන පදයෙන් අදහස් කරන ලද්දේය, මෙම අර්ත්‍ථයෙහි වනාහි විකුබ්බන මනෝමය ඍද්ධීන්ද, අභිමත විය යුතුය.

ඉද‍්ධිවිධායාති ඉද‍්ධිකොට‍්ඨාසාය, ඉද‍්ධිවිකප‍්පාය වා. චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙතීති සො භික‍්ඛු වුත‍්තප‍්පකාරවසෙන තස‍්මිං චිත‍්තෙ අභිඤ‍්ඤාපාදකෙ ජාතෙ ඉද‍්ධිවිධාධිගමත්‍ථාය පරිකම‍්මචිත‍්තං අභිනීහරති කසිණාරම‍්මණතො අපනෙත්‍වා ඉද‍්ධිවිධාභිමුඛං පෙසෙති. අභිනින‍්නාමෙතීති අධිගන‍්තබ‍්බඉද‍්ධිපොණං ඉද‍්ධිපබ‍්භාරං කරොති. සොති සො එවං කතචිත‍්තාභිනීහාරො භික‍්ඛු. අනෙකවිහිතන‍්ති අනෙකවිධං නානප‍්පකාරකං. ඉද‍්ධිවිධන‍්ති ඉද‍්ධිකොට‍්ඨාසං. පච‍්චනුභොතීති පච‍්චනුභවති, ඵුසති සච‍්ඡිකරොති පාපුණාතීති අත්‍ථො. ඉදානිස‍්ස අනෙකවිහිතභාවං දස‍්සෙන‍්තො “එකොපි හුත්‍වා”තිආදිමාහ.

ඉද්ධිවිධාය යනු, ඍද්ධි කොට්ඨාසය පිණිස, නොහොත් ඍද්ධි විකල්ප පිණිස, චිත්තං අභිනීහරති අභිනින්නාමෙති යනු, ඒ භික්‍ෂු තෙමේ කියන ලද ප්‍රකාරයෙන් අභිඥාපාදක වූ ඒ සමාධිගත චිත්තය උපන් කල්හි ඍද්ධිවිධඥානය පිණිස එම පරිකර්ම චිත්තය මෙහෙයවයි. කසිණ අරමුණෙන් බැහැරකොට ඉද්ධිවිධඥානය වෙත යොමු කරවයි, ‘අභිනින්නාමෙති’ යනු ලබාගත යුතු ඍද්ධිය වෙතට යොමු කරවයි, නැඹුරු කරවයි. සො යනු, කරන ලද චිත්තාභිනීහාර (සිත් පුහුණු කිරීම්) ඇති භික්‍ෂු තෙමේයි. අනෙකවිහිතං යනු, නොයෙක් ආකාර ඇති, නොයෙක් ප්‍රකාර සහිත, ඉද්ධිවිධං යනු, ඍද්ධි කොට්ඨාසයි, පච්චනුභොති යනු අත්විඳියි, අත්දකියි, නාමකාය වශයෙන් ස්පර්ශ කරයි, සාක්‍ෂාත් කරයි, පැමිණෙයි යන අර්ත්‍ථයි. දැන් මේ සෘද්ධිවිධඥානය අනේකප්‍රකාර සහිතබව දක්වන්නාහු ‘එකොපි හුත්‍වා’ යන ආදිය කීහු.

තත්‍ථ එකොපි හුත්‍වාති ඉද‍්ධිකරණතො පුබ‍්බෙ පකතියා එකොපි හුත්‍වා. බහුධා හොතීති බහූනං සන‍්තිකෙ චඞ‍්කමිතුකාමො වා සජ‍්ඣායං වා කත‍්තුකාමො පඤ‍්හං වා පුච‍්ඡිතුකාමො හුත්‍වා සතම‍්පි සහස‍්සම‍්පි හොති. කථං පනායමෙවං හොති? ඉද‍්ධියා චතස‍්සො භූමියො චත‍්තාරො පාදා අට‍්ඨ පදානි සොළස ච මූලානි සම‍්පාදෙත්‍වා ඤාණෙන අධිට‍්ඨහන‍්තො.

එහි, එකොපි හුත්‍වා යනු ඍද්ධි ක්‍රියාවෙන් පෙර, ප්‍රකෘතියෙන් එක් පුද්ගලයකු වශයෙන් සිට, බහුධා හොති යනු, බොහෝ දෙනා ඉදිරියෙහි සක්මන් කරනු කැමැතිව හෝ, පිරිවහනු කැමැතිව හෝ, පැන විමසනු කැමැතිව හෝ සියක් දෙනකු, දහසක් දෙනකු ලෙස දිස්වෙයි. මෙය කෙසේ මේ ආකාරයෙන් සිදුවේද යත්, ඍද්ධිය පිළිබඳ භූමි සතරද, පාද සතරද, පියවර අටද, මුල් සොළොසද සම්පාදනය කොට ඥානයෙන් අදිටන් කිරීමෙනි.

තත්‍ථ චතස‍්සො භූමියොති චත‍්තාරි ඣානානි වෙදිතබ‍්බානි. වුත‍්තඤ‍්හෙතං ධම‍්මසෙනාපතිනා “ඉද‍්ධියා කතමා චතස‍්සො භූමියො? විවෙකජභූමි පඨමං ඣානං, පීතිසුඛභූමි දුතියං ඣානං, උපෙක‍්ඛාසුඛභූමි තතියං ඣානං, අදුක‍්ඛමසුඛභූමි චතුත්‍ථං ඣානං. ඉද‍්ධියා ඉමා චතස‍්සො භූමියො ඉද‍්ධිලාභාය ඉද‍්ධිපටිලාභාය ඉද‍්ධිවිකුබ‍්බනතාය ඉද‍්ධිවිසවිතාය ඉද‍්ධිවසිතාය ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තී”ති (පටි· ම· 3.9). එත්‍ථ ච පුරිමානි තීණි ඣානානි යස‍්මා පීතිඵරණෙන ච සුඛඵරණෙන ච සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමිත්‍වා ලහුමුදුකම‍්මඤ‍්ඤකායො ඉද‍්ධිං පාපුණාති, තස‍්මා ඉමිනා පරියායෙන ඉද‍්ධිලාභාය සංවත‍්තනතො සම‍්භාරභූමියොති වෙදිතබ‍්බානි. චතුත්‍ථජ‍්ඣානං පන ඉද‍්ධිලාභාය පකතිභූමියෙව.

එහි, සෘද්ධි සතර නම් ධ්‍යාන සතරයයි දතයුතුය. ධර්මසේනාපතීන් (සැරියුත් තෙරුන්) විසින් මෙසේ කියන ලදි:- “ඍද්ධිය පිළිබඳ භූමි සතර කවරේද? විවේකජ භූමිවන ප්‍රථමධ්‍යානය, ප්‍රීතිසුඛභූමි වන ද්විතීය ධ්‍යානය, උපේක්‍ෂාසුඛභූමි වන තෘතීය ධ්‍යානය, අදුඃඛමසුඛ භූමිවන චතුර්ත්‍ථධ්‍යානය යන මේයි. මේ සතර භූමීහු සෘද්ධිලාභය පිණිස, සෘද්ධිප්‍රතිලාභය පිණිස, ඍද්ධික්‍රියා කරනු පිණිස, ඍද්ධිමහිමය දැක්වීම පිණිස, ඍද්ධිවිෂයෙහි හුරුපුරුදු බව පිණිස, සෘද්ධිවිෂයෙහි බුහුටිබව පිණිස, පවත්නාහුය. මෙහි පළමු ධ්‍යානත්‍රයය ප්‍රීතිය පැතිරවීමෙන්ද, සුඛය පැතිරවීමෙන්ද, සුඛසංඥාවට හා ලඝුසංඥාවට එළඹ ලඝුවූද, මෘදුවූද කර්මණ්‍යවූද කය ඇතිව ඍද්ධියට පැමිණෙන හෙයින්, මේ ආකාරයෙන් ඍද්ධිලාභය පිණිස පවත්නා හෙයින් ‘සම්භාරභූමි’ යයි දතයුතුය. චතුර්ත්‍ථධ්‍යානය වනාහි ඍද්ධිලාභය පිළිබඳ ‘ප්‍රකෘතිභූමි’ වේ.

චත‍්තාරො පාදාති චත‍්තාරො ඉද‍්ධිපාදා වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං “ඉද‍්ධියා කතමෙ චත‍්තාරො පාදා? ඉධ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. වීරිය… චිත‍්ත… වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉද‍්ධියා ඉමෙ චත‍්තාරො පාදා ඉද‍්ධිලාභාය…පෙ… ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තී”ති (පටි· ම· 3.9). එත්‍ථ ච ඡන්‍දහෙතුකො ඡන්‍දාධිකො වා සමාධි ඡන්‍දසමාධි. කත‍්තුකම්‍යතාඡන්‍දං අධිපතිං කරිත්‍වා පටිලද‍්ධසමාධිස‍්සෙතං අධිවචනං. පධානභූතා සඞ‍්ඛාරා පධානසඞ‍්ඛාරා. චතුකිච‍්චසාධකස‍්ස සම‍්මප‍්පධානවීරියස‍්සෙතං අධිවචනං. සමන‍්නාගතන‍්ති ඡන්‍දසමාධිනා ච පධානසඞ‍්ඛාරෙහි ච උපෙතං. ඉද‍්ධිපාදන‍්ති නිප‍්ඵත‍්තිපරියායෙන වා ඉජ‍්ඣනට‍්ඨෙන, ඉජ‍්ඣන‍්ති එතාය සත‍්තා ඉද‍්ධා වුද‍්ධා උක‍්කංසගතා හොන‍්තීති ඉමිනා වා පරියායෙන ඉද‍්ධීති සඞ‍්ඛං ගතානං අභිඤ‍්ඤාචිත‍්තසම‍්පයුත‍්තානං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරානං අධිට‍්ඨානට‍්ඨෙන පාදභූතං සෙසචිත‍්තචෙතසිකරාසින‍්ති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං “ඉද‍්ධිපාදොති තථාභූතස‍්ස වෙදනාක‍්ඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති (විභ· 434).

පාද සතර යනු, සතර සෘද්ධිපාදයයි දතයුතුය, කියන ලදමැයි: “ඍද්ධිය පිළිබඳ පාද සතර කවරේද? මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ඡන්‍දසමාධිය ප්‍රධාන සංස්කාරය කොට ඇති සෘද්ධිපාදය වඩයි, විරිය -පෙ චිත්ත-පෙ-වීමංස සමාධිය ප්‍රධාන සංස්කාරය කොට ඇති ඍද්ධිපාදය වඩයි, සෘද්ධිය පිළිබඳ මේ පාද සතර සෘද්ධිලාභය පිණිස-පෙ-ඍද්ධි වෛශාරද්‍යය පිණිස පවත්නේය” මෙහි වනාහි (කත්තුකම්‍යතා) ඡන්‍දය හේතුකොට ඇති, නොහොත් ඡන්‍දය අධිකකොට ඇති සමාධිය ඡන්‍දසමාධි නමි. කත්තුකම්‍යතා ඡන්‍දය (කරනු කැමැතිබව) අධිපති කොට ලබන සමාධියට මේ අධිවචනයි. ප්‍රධාන ස්වරූප ඇති සංස්කාරයෝ පධානසංඛාර නම් වෙති, කෘත්‍ය සතර සිද්ධකරන සම්‍යක්ප්‍රධාන වීර්යයට මේ අධිවචනයි. සමන්නාගතං යනු, ඡන්‍දසමාධියෙන්ද, ප්‍රධාන සංස්කාරයන්ගෙන්ද යුක්තවූයි. ඉද්ධිපාදං යනු, නිෂ්පත්ති පර්යාය වශයෙන් හෝ සඵල වීම් අරුතින්, මෙය කරණකොටගෙන සත්ත්‍වයෝ සමෘද්ධ වෙති, මෙය කරණකොටගෙන සත්ත්‍වයෝ සමෘද්ධියට, වෘද්ධියට, උසස්බවට යෙති’යි යන මේ අරුතින් හෝ ‘ඍද්ධි’ය යන ව්‍යවහාරයට පැමිණි අභිඥා චිත්තයෙන් සමන්විත වූ ඡන්‍දසමාධිය ප්‍රධානකොට ඇති. සංස්කාරයන්හට අධිෂ්ඨානාර්ත්‍ථයෙන් පාදකවූ සෙසු චිත්ත චෛතසික සමූහය’යි යන අර්ත්‍ථයි. කියන ලදමැයි:- “ඉද්ධිපාද යනු. ඒ ආකාරයෙන් (ඡන්දාදී ධර්මයන් ලැබ) සිටියහුගේ වේදනාස්කන්‍ධයයි, -පෙ-වික්ඤාණස්කන්‍ධයයි”

අථ වා පජ‍්ජතෙ අනෙනාති පාදො. පාපුණීයතීති අත්‍ථො. ඉද‍්ධියා පාදො ඉද‍්ධිපාදො. ඡන්‍දාදීනමෙතං අධිවචනං. යථාහ – “ඡන්‍දඤ‍්චෙ, භික‍්ඛවෙ, භික‍්ඛු නිස‍්සාය ලභති සමාධිං, ලභති චිත‍්තස‍්සෙකග‍්ගතං, අයං වුච‍්චති ඡන්‍දසමාධි. සො අනුප‍්පන‍්නානං පාපකානං…පෙ… පදහති, ඉමෙ වුච‍්චන‍්ති පධානසඞ‍්ඛාරා. ඉති අයඤ‍්ච ඡන්‍දො අයඤ‍්ච ඡන්‍දසමාධි ඉමෙ ච පධානසඞ‍්ඛාරා, අයං වුච‍්චති, භික‍්ඛවෙ, ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො ඉද‍්ධිපාදො”ති (සං· නි· 5.825). එවං සෙසිද‍්ධිපාදෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො.

නොහොත්, මෙයින් පදවනු ලැබෙති’යි පාද නමි. පමුණුවනු ලැබෙති’යි යන අර්ත්‍ථයි. සෘද්ධිය පිළිබඳ පාදය ‘ඉද්ධිපාද’ නමි. ඡන්‍දාදියට මේ අධිවචනයි. යම්සේ කියනලදද- “මහණෙනි, ඉදින් භික්‍ෂු තෙමේ ඡන්‍දය නිසා සමාධියක්, චිත්තෛකාග්‍රතාවක් ලබා නම්, එම ඡන්‍දසමාධියය කියනු ලැබේ. ඒ භික්‍ෂු තෙමේ නූපන් පාපයන් -පෙ- වීර්ය කෙරේ නම් මේ පධානසංඛාර යයි කියනු ලැබේ. මෙසේ මේ ඡන්‍දයද, මේ සමාධියද, මේ පධානසංඛාරයෝද (යන සියල්ලම) ඡන්‍දසමාධිපධාන සංඛාරයන්ගෙන් යුක්ත වූ සෘද්ධිපාදයයි කියනු වෙති.” සෙසු ඍද්ධිපාදයන්ගේද අර්ත්‍ථය මේ ආකාරයෙන්ම දතයුතුය.

අට‍්ඨ පදානීති ඡන්‍දාදීනි අට‍්ඨ වෙදිතබ‍්බානි. වුත‍්තඤ‍්හෙතං “ඉද‍්ධියා කතමානි අට‍්ඨ පදානි? ඡන්‍දඤ‍්චෙ භික‍්ඛු නිස‍්සාය ලභති සමාධිං, ලභති චිත‍්තස‍්සෙකග‍්ගතං. ඡන්‍දො න සමාධි, සමාධි න ඡන්‍දො. අඤ‍්ඤො ඡන්‍දො, අඤ‍්ඤො සමාධි. වීරියඤ‍්චෙ භික‍්ඛු… චිත‍්තඤ‍්චෙ භික‍්ඛු… වීමංසඤ‍්චෙ භික‍්ඛු නිස‍්සාය ලභති සමාධිං, ලභති චිත‍්තස‍්සෙකග‍්ගතං. වීමංසා න සමාධි, සමාධි න වීමංසා. අඤ‍්ඤා වීමංසා, අඤ‍්ඤො සමාධි. ඉද‍්ධියා ඉමානි අට‍්ඨ පදානි ඉද‍්ධිලාභාය…පෙ… ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තී”ති (පටි· ම· 3.9). එත්‍ථ හි ඉද‍්ධිමුප‍්පාදෙතුකාමතාඡන්‍දො සමාධිනා එකතො නියුත‍්තොව ඉද‍්ධිලාභාය සංවත‍්තති; තථා වීරියාදයො. තස‍්මා ඉමානි අට‍්ඨ පදානි වුත‍්තානීති වෙදිතබ‍්බානි.

අට්ඨපදානි යනු ඡන්‍දාදී අටයයි දතයුතුය. කියන ලදමැයි:- “ඍද්ධිය පිළිබඳ පද අට කවරේද? ඉදින් භික්‍ෂු තෙමේ ඡන්‍දය නිසා සමාධියක් ලබා නම්, චිත්තෛකාග්‍රතාවක් ලබා නම්, එම ඡන්‍දය සමාධි නොවේ, සමාධිය ඡන්‍ද, නොවේ. ඡන්‍දය එකෙකි, සමාධිය අනෙකෙකි, ඉදින් භික්‍ෂු තෙමේ වීර්යය නිසා -පෙ- ඉදින් භික්‍ෂු තෙමේ චිත්තය -පෙ-ඉදින් භික්‍ෂු තෙමේ වීමංසය නිසා සමාධියක් ලබා නම්, චිත්තෛකාග්‍රතාවක් ලබා නම්, එම වීමංසය සමාධි නොවේ. එම සමාධිය වීමංස නොවේ, වීමංසය එකෙකි, සමාධිය අනෙකෙකි, සෘද්ධිය පිළිබඳව මේ පද අට සෘද්ධිලාභය පිණිස, -පෙ-සෘද්ධිවෛශාරද්‍යය පිණිස පවත්නේය”. මෙහි වනාහි සෘද්ධිය ඉපැදවීම පිණිස වූ ඡන්‍දය (කැමැතිබව) සමාධිය හා සමග එක්ව යෙදුණේම සෘද්ධිලාභය පිණිස පවතී, විරියාදියද එසේය, එහෙයින් මේ පද අට කියන ලදැ’යි දතයුතුය.

සොළස මූලානීති සොළසහි ආකාරෙහි ආනෙඤ‍්ජතා චිත‍්තස‍්ස වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං – “ඉද‍්ධියා කති මූලානි? සොළස මූලානි – අනොනතං චිත‍්තං කොසජ‍්ජෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනුන‍්නතං චිත‍්තං උද‍්ධච‍්චෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනභිනතං චිත‍්තං රාගෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනපනතං චිත‍්තං බ්‍යාපාදෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනිස‍්සිතං චිත‍්තං දිට‍්ඨියා න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අප‍්පටිබද‍්ධං චිත‍්තං ඡන්‍දරාගෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, විප‍්පමුත‍්තං චිත‍්තං කාමරාගෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, විසංයුත‍්තං චිත‍්තං කිලෙසෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, විමරියාදිකතං චිත‍්තං කිලෙසමරියාදෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, එකත‍්තගතං චිත‍්තං නානත‍්තකිලෙසෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, සද‍්ධාය පරිග‍්ගහිතං චිත‍්තං අස‍්සද‍්ධියෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, වීරියෙන පරිග‍්ගහිතං චිත‍්තං කොසජ‍්ජෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, සතියා පරිග‍්ගහිතං චිත‍්තං පමාදෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, සමාධිනා පරිග‍්ගහිතං චිත‍්තං උද‍්ධච‍්චෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, පඤ‍්ඤාය පරිග‍්ගහිතං චිත‍්තං අවිජ‍්ජාය න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, ඔභාසගතං චිත‍්තං අවිජ‍්ජන්‍ධකාරෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං. ඉද‍්ධියා ඉමානි සොළස මූලානි ඉද‍්ධිලාභාය…පෙ… ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තී”ති (පටි· ම· 3.9).

සොළසමූලානි යනු සොළොස් ආකාරයෙකින් සිතෙහි ඇතිවන ආනෙඤ්ජතාව (නොසැලෙන බව) යයි දතයුතුය, කියන ලදමැයි: “ඍද්ධියෙහි මුල් කෙතෙක්ද? මුල් සොළොසෙකි, අනවනත (පහළට නොනැමුණු) චිත්තය කුසීත බවින් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, අනුන්නත (ඉහළට නොනැමුණු) චිත්තය නොසන්සුන් බවින් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, අනභිනත (නොඇලුණු) චිත්තය රාගයෙන් සසල නොවෙතිය’යි ආනෙඤ්ජ නමි, අනපනත (නොරුස්නා බවින් මිදුණු) චිත්තය ව්‍යාපාදයෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, අනිස්සිත (තමා වෙතට නොනැඹුරු) චිත්තය ආත්මදෘෂ්ටියෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, අප්පටිබද්ධ (පිළිබඳ නොවූ) චිත්තය ඡන්‍දරාගයෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, විප්පමුත්ත (කෙලෙසුන්ගෙන් මිදුණු) චිත්තය කාමරාගයෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, විසංයුත්ත (කෙලෙසුන් හා නොබැඳුණු) චිත්තය කෙලෙසුන්ගෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, විමරියාදීකත (කෙලෙස් ඉම්වලින් බැහැරවූ) චිත්තය කෙලෙස් සීමාවන්ගෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, ඒකත්තගත (එකඟබවට ගිය) චිත්තය නානත්‍ව ක්ලේශයන්ගෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි. සද්ධා පරිග්ගහිත (සැදැහැයෙන් බැඳුණු) චිත්තය නොසැදැහැයෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, පඤ්ඤාපරිග්ගහිත (ප්‍රඥාවෙන් සැදි) චිත්තය අවිද්‍යාවෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි, ඕභාසගත (ආලෝකවත්) චිත්තය අවිද්‍යාන්‍ධකාරයෙන් සසල නොවෙති’යි ආනෙඤ්ජ නමි. සෘද්ධිය පිළිබඳ වූ මේ මුල් සොළොස සෘද්ධිලාභය පිණිස -පෙ-සෘද්ධි විෂයෙහි බුහුටි බව පිණිස පවතී.

කාමඤ‍්ච එස අත්‍ථො එවං සමාහිතෙ චිත‍්තෙතිආදිනාපි සිද‍්ධොයෙව, පඨමජ‍්ඣානාදීනං පන ඉද‍්ධියා භූමිපාදපදමූලභාවදස‍්සනත්‍ථං පුන වුත‍්තො. පුරිමො ච සුත‍්තෙසු ආගතනයො. අයං පටිසම‍්භිදායං. ඉති උභයත්‍ථ අසම‍්මොහත්‍ථම‍්පි පුන වුත‍්තො.

ඒකාන්තයෙන්ම මෙම අර්ත්‍ථය ‘එවං සමාහිතෙ චිත්තෙ’ යන ආදියෙන්ද ප්‍රකාශිත වූයේමය. ප්‍රථමධ්‍යානාදිය පිළිබඳ වූ ඍද්ධියට භූමි-පාද-පද-මූලයන් වන බව දක්වනු වස් නැවත කියන ලදි. මෙහි පළමුව දක්වන ලදුයේ සූත්‍ර ධර්මයෙහි ආ නයයි. මේ (දෙවනුව දක්වන ලදුයේ) පටිසම්භිදාවෙහි ආ නයයි, දෙතන්හි මුළා නොවනු පිණිසද මෙසේ යලිදු කියනලදි.

ඤාණෙන අධිට‍්ඨහන‍්තොති ස‍්වායමෙතෙ ඉද‍්ධියා භූමිපාදපදභූතෙ ධම‍්මෙ සම‍්පාදෙත්‍වා අභිඤ‍්ඤාපාදකං ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය සචෙ සතං ඉච‍්ඡති “සතං හොමි සතං හොමී”ති පරිකම‍්මං කත්‍වා පුන අභිඤ‍්ඤාපාදකං ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨාති, අධිට‍්ඨානචිත‍්තෙන සහෙව සතං හොති. සහස‍්සාදීසුපි එසෙව නයො. සචෙ එවං න ඉජ‍්ඣති පුන පරිකම‍්මං කත්‍වා දුතියම‍්පි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨාතබ‍්බං. සංයුත‍්තට‍්ඨකථායං හි එකවාරං ද‍්වෙවාරං සමාපජ‍්ජිතුං වට‍්ටතීති වුත‍්තං. තත්‍ථ පාදකජ‍්ඣානචිත‍්තං නිමිත‍්තාරම‍්මණං. පරිකම‍්මචිත‍්තානි සතාරම‍්මණානි වා සහස‍්සාරම‍්මණානි වා, තානි ච ඛො වණ‍්ණවසෙන, නො පණ‍්ණත‍්තිවසෙන. අධිට‍්ඨානචිත‍්තම‍්පි තථෙව සතාරම‍්මණං වා සහස‍්සාරම‍්මණං වා. තං පුබ‍්බෙ වුත‍්තං අප‍්පනාචිත‍්තමිව ගොත්‍රභුඅනන‍්තරං එකමෙව උප‍්පජ‍්ජති රූපාවචරචතුත්‍ථජ‍්ඣානිකං.

ඤාණෙන අධිට්ඨහන්තො යනු, ඒ මේ යෝගාවචර තෙමේ ඍද්ධිය භූමි-පාද-පද-මූලවූ මේ ධර්මයන් සම්පාදනය කොටගෙන අභිඥාපාදක ධ්‍යානයට සමවැද ඉන් නැගී, ඉදින් සියක් දෙනකු බවට පත්වනු කැමැත්තේ නම්, ‘සතං හොමි, සතං හොමි’යි පිරියම් කොට, යළි අභිඥාපාදකධ්‍යානයට සමවැද ඉන් නැගී අධිෂ්ඨාන කරයි. එම අධිෂ්ඨාන චිත්තය හා සමගම සියක් දෙනකු බවට පත්වේ. දහසක් දෙනකු ආදි තන්හිදු මෙම නයයි. ඉදින් මෙසේ සිද්ධ නොවේනම්, යලිදු පිරියම් කොට දෙවනුවත් සමවැද ඉන් නැගී අධිෂ්ඨාන කළයුතුය. සංයුත්තනිකායට්ඨකථාවෙහි’ එක් වරක් දෙවරක් සමවදිනු වටීයයි කියන ලදි. එහි පාදකධ්‍යානචිත්තය නිමිත්ත අරමුණුකොට වන්නේය, පරිකර්මචිත්තය සියක් දෙනකු දහසක් දෙනකු අරමුණුකොට වන්නේය. තවද එම පරිකර්මචිත්තය වනාහි තමා විසින් පරිකල්පිත රූප වශයෙන් මිස සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් නොවන්නේය. අධිෂ්ඨාන චිත්තයද, එසේම සියක් දෙනකු හෝ දහසක් දෙනකු හෝ අරමුණුකොට වන්නේය. එය යටකී අර්පණා චිත්තය මෙන් ගෝත්‍රභූ චිත්තයට අනතුරුව එක්ක රූපාවචර චතුර්ත්‍ථධ්‍යානික චිත්තයක් වශයෙන් උපදනේය.

යම‍්පි පටිසම‍්භිදායං වුත‍්තං “පකතියා එකො බහුකං ආවජ‍්ජති සතං වා සහස‍්සං වා සතසහස‍්සං වා, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති ‘බහුකො හොමී’ති, බහුකො හොති, යථා ආයස‍්මා චූළපන්‍ථකො”ති (පටි· ම· 3.10). තත්‍රාපි ආවජ‍්ජතීති පරිකම‍්මවසෙනෙව වුත‍්තං. ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාතීති අභිඤ‍්ඤාඤාණවසෙන වුත‍්තං. තස‍්මා බහුකං ආවජ‍්ජති, තතො තෙසම‍්පි පරිකම‍්මචිත‍්තානං අවසානෙ සමාපජ‍්ජති, සමාපත‍්තිතො වුට‍්ඨහිත්‍වා පුන බහුකො හොමීති ආවජ‍්ජිත්‍වා තතො පරං පවත‍්තානං තිණ‍්ණං චතුන‍්නං වා පුබ‍්බභාගචිත‍්තානං අනන‍්තරා උප‍්පන‍්නෙන සන‍්නිට‍්ඨාපනවසෙන අධිට‍්ඨානන‍්ති ලද‍්ධනාමෙන එකෙනෙව අභිඤ‍්ඤාඤාණෙන අධිට‍්ඨාතීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

පටිසම්භිදාවෙහි එය මෙසේ කියන ලදි:- “ප්‍රකෘතියෙන් එක් පුද්ගලයෙක් වූයේ බොහෝ පුද්ගලයන් වශයෙන්, සියක් දෙනකු, දහසක් දෙනකු හෝ සුවහසක් දෙනකු වශයෙන් ආවර්ජනය කරයි, ආවර්ජනය කොට ‘බොහෝ දෙනෙක් වෙමි’යි ඥානයෙන් අධිෂ්ඨාන කරයි. බොහෝ දෙනෙකු බවට පත් වෙයි. ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් මෙනි.” එහි, ආවජ්ජෙති යනු, පරිකර්ම වශයෙන්ම කියන ලදි. ‘ආවජ්ජෙත්‍වා ඤාණෙන අධිට්ඨාති’ යනු අභිඥාඥාන වශයෙන් කියන ලදි. එහෙයින් බොහෝ දෙනකු වශයෙන් ආවර්ජනය කරයි, ඉක්බිති එම පරිකර්ම චිත්තයනට අනතුරුවද සමවදියි, සමවැදීමෙන් නැගී යළිත් ‘බොහෝ දෙනෙක් වෙමි’යි ආවර්ජනයකොට, ඉන් අනතුරුව පවත්වන ලද පූර්වභාග චිත්තයන් තුනකට හෝ සතරකට පසුව උපන්, සනිටුහන් කිරීමේ හේතුවෙන් අධිට්ඨාන’ යයි නම්ලද එක්ම අභිඥාඥානයෙන් අධිෂ්ඨාන කෙරේය’යි මෙසේ මෙහි අර්ත්‍ථය දතයුතුය.

යං පන වුත‍්තං “යථා ආයස‍්මා චූළපන්‍ථකො”ති, තං බහුධාභාවස‍්ස කායසක‍්ඛිදස‍්සනත්‍ථං වුත‍්තං. තං පන වත්‍ථුනා දීපෙතබ‍්බං. තෙ කිර ද‍්වෙභාතරො පන්‍ථෙ ජාතත‍්තා පන්‍ථකාති නාමං ලභිංසු. තෙසං ජෙට‍්ඨො මහාපන්‍ථකො, සො පබ‍්බජිත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අරහා හුත්‍වා චූළපන්‍ථකං පබ‍්බාජෙත්‍වා –

‘යථා ආයස්මා චූලපන්‍ථකො’යි යමක් කියන ලද්දේ ද එය බහුවිධභාවයට කායසාක්‍ෂි දක්වනු පිණිස කියනලදි. එය වනාහි කථා වස්තුවෙන් පැහැදිලි කළ යුතුය:- එම දෙබෑයෝ වනාහි මගදී උපන් හෙයින් ‘පන්‍ථක’ යන නම ලැබූහ. දෙටු බෑයෝ මහාපන්‍ථක නම් වූහ. ඔහු පැවිදිව පිළිසිඹියා සහිත රහත් බවට පත්වූහ. රහත්ව චූලපන්‍ථකයන් පැවිදි කරවා,

පදුමං යථා කොකනදං සුගන්‍ධං, පාතො සියා ඵුල‍්ලමවීතගන්‍ධං; අඞ‍්ගීරසං පස‍්ස විරොචමානං, තපන‍්තමාදිච‍්චමිවන‍්තලික‍්ඛෙති. (අ· නි· 5.195) –

“පදුමං යථා කොකනදං සුගන්‍ධං පාතො සියා ඵුල්ලමවීතගන්‍ධං අඞ්ගීරසං පස්ස විරොචමානං තපන්තමාදිච්චමිවන්තලික්‍ඛෙ”

‘යම්සේ සුවඳ හමන රත්පියුමක් උදෑසන සුපිපියේ පහනොවූ සුවඳ ඇත්තේ වේද, එසේම ගුණසුවඳ වහනය කරමින් අහස් මැද දිලෙන හිරු සෙයින් බබලන අංගීරසයන් වහන්සේ දෙස බලව.’ යන වාචෝද්ගත කරනු පිණිස දුන්හ.

ඉමං ගාථං අදාසි. සො තං චතූහි මාසෙහි පගුණං කාතුං නාසක‍්ඛි. අථ නං ථෙරො අභබ‍්බො ත්‍වං සාසනෙති විහාරතො නීහරි. තස‍්මිඤ‍්ච කාලෙ ථෙරො භත‍්තුද‍්දෙසකො හොති. ජීවකො ථෙරං උපසඞ‍්කමිත්‍වා “ස‍්වෙ, භන‍්තෙ, භගවතා සද‍්ධිං පඤ‍්චභික‍්ඛුසතානි ගහෙත්‍වා අම‍්හාකං ගෙහෙ භික‍්ඛං ගණ‍්හථා”ති ආහ. ථෙරොපි ඨපෙත්‍වා චූළපන්‍ථකං සෙසානං අධිවාසෙමීති අධිවාසෙසි.

චූලපන්‍ථකයෝ එය සිවුමසෙකිනුදු ප්‍රගුණ කර ගැනීමට නොසමත් වූහ. ඉක්බිති තෙරණුවෝ, ‘ඔබ ශාසනයට යෝග්‍ය නොවෙති’යි විහාරයෙන් නෙරපූහ. එවකට තෙරණුවෝ භත්තුද්දේසක (දානය පිළිබඳ කටයුතු මෙහෙයවීමේ) තනතුර දැරූහ. ජීවකයෝ තෙරුන් වෙත එළඹ, “ස්වාමීනි, හෙට භාග්‍යවතුන් වහන්සේ සමග භික්‍ෂූන් පන්සිය නමක් රැගෙන අපගේ ගෙහි භික්‍ෂාව පිළිගනු මැනවැ”යි ඇරයුම් කළහ. තෙරණුවෝ ‘චූලපන්‍ථකයන් හැර සෙසු භික්‍ෂූන් වෙනුවෙන් පිළිගනිමු’යි ඇරියුම පිළිගත්හ.

චූළපන්‍ථකො ද‍්වාරකොට‍්ඨකෙ ඨත්‍වා රොදති. භගවා දිබ‍්බචක‍්ඛුනා දිස‍්වා තං උපසඞ‍්කමිත්‍වා කස‍්මා රොදසීති ආහ. සො තං පවත‍්තිමාචික‍්ඛි. භගවා න සජ‍්ඣායං කාතුං අසක‍්කොන‍්තො මම සාසනෙ අභබ‍්බො නාම හොති, මා සොචි භික‍්ඛූති තං බාහායං ගහෙත්‍වා විහාරං පවිසිත්‍වා ඉද‍්ධියා පිලොතිකඛණ‍්ඩං අභිනිම‍්මිනිත්‍වා අදාසි, හන්‍ද භික‍්ඛු ඉමං පරිමජ‍්ජන‍්තො රජොහරණං රජොහරණන‍්ති පුනප‍්පුනං සජ‍්ඣායං කරොහීති. තස‍්ස තථා කරොතො තං කාළවණ‍්ණං අහොසි. සො පරිසුද‍්ධං වත්‍ථං, නත්‍ථෙත්‍ථ දොසො, අත‍්තභාවස‍්ස පනායං දොසොති සඤ‍්ඤං පටිලභිත්‍වා පඤ‍්චසු ඛන්‍ධෙසු ඤාණං ඔතාරෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අනුලොමතො ගොත්‍රභුසමීපං පාපෙසි. අථස‍්ස භගවා ඔභාසගාථා අභාසි –

චූලපන්‍ථකයෝ දොරටුව අසල හඬමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එපවත් දිවැසින් දැක ඔවුන් වෙත එළඹ, ‘කවර හෙයින් හඬවුදැ’යි විමසූහ. ඔහු එම පුවත සැලකළහ. භාග්‍යවතුන් වහන්සේ, ‘වනපොත් කිරීමට නොසමත්හු මාගේ ශාසනයෙහි අභව්‍යයෝ (නොසුදුස්සෝ) නම් නොවෙති, ශෝක නොකරවු’යි ඔවුන් අත් ගෙන විහාරයට ඇතුල් කොට, සෘද්ධි බලයෙන් රෙදිකඩක් මවාදී ‘මහණ මෙහි බලනුය, මේ රෙදිකඩ පිරිමදිමින් “රජොහරණං, රජොහරණං” යනුවෙන් නැවත නැවතත් පිරිවහනුය’යි කීසේක. ඔවුන් එසේ කරන කල එය දුර්වර්ණ විය. ඔහු ‘වස්ත්‍රය පිරිසුදුය, මෙහි දෙසෙක් නැත, මේ සිරුරෙහිම දොසැ’යි යන හැඟීම ලැබ පංචස්කන්‍ධ විෂයෙහි ඥානය මෙහෙයවා විදර්ශනා වඩා පිළිවෙළින් එම ඥානය ගෝත්‍රභූ චිත්තය සමීපයට පැමිණවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ ඕභාස (මඟ හෙළි කරන) ගාථාවන් වදාළ සේක:-

“රාගො රජො න ච පන රෙණු වුච‍්චති, රාගස‍්සෙතං අධිවචනං රජොති; එතං රජං විප‍්පජහිත්‍වා පණ‍්ඩිතා, විහරන‍්ති තෙ විගතරජස‍්ස සාසනෙ.

රාගො රජො න ච පන රෙණු වුච්චති රාගස්සෙතං අධිවචනං රජො’ති එතං රජං විප්පජහිත්‍ව පණ්ඩිතා විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ

රාගය රජසෙකි හෙවත් කිලුටෙකි, (ආර්ය විනයෙහි) දූවිලි රජස්යයි නොකියනු ලැබේ. ‘රජස්’ යන මෙය එහි රාගයට අධිවචනයෙකි. පණ්ඩිතයෝ මේ රාග නමැති රජස දුර හැර පහකළ රජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි විහරණය කෙරෙති.

“දොසො …පෙ….

දොසො රජො න ච පන රෙණු වුච්චති දොසස්සෙතං අධිවචනං රජො’ති එතං රජං විප්පජහිත්‍ව පණ්ඩිතා විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ

ද්වෙෂය රජසෙකි හෙවත් කිලුටෙකි, දූවිලි රජස්යයි නොකියනු ලැබේ, (ආර්යවිනයෙහි) ‘රජස්’ යන මෙය ද්වේෂයට අධිවචනයෙකි. පණ්ඩිතයෝ මේ ද්වේෂ නමැති රජස දුර හැර බුදුන්ගේ ශාසනයෙහි විහරණය කෙරෙති.

“මොහො රජො න ච පන රෙණු වුච‍්චති, මොහස‍්සෙතං අධිවචනං රජොති; එතං රජං විප‍්පජහිත්‍වා පණ‍්ඩිතා, විහරන‍්ති තෙ විගතරජස‍්ස සාසනෙ”ති. (මහානි· 209);

‘මොහො රජො න ච පන රෙණු වුච්චති මොහස්සෙතං අධිවචනං රජො’ති එතං රජං විප්පජහිත්‍ව පණ්ඩිතා විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ’

මෝහය රජසෙකි හෙවත් කිලුටෙකි, දූවිලි ‘රජස්’ යයි නොකියනු ලැබේ, (ආර්යවිනයෙහි) ‘රජස්’ යන මෙය මෝහයට අධිවචනයෙකි. පණ්ඩිතයෝ මේ මෝහ නමැති රජස දුර හැර බුදුන්ගේ ශාසනයෙහි විහරණය කෙරෙති.

තස‍්ස ගාථාපරියොසානෙ චතුපටිසම‍්භිදාඡළභිඤ‍්ඤාපරිවාරා නව ලොකුත‍්තරධම‍්මා හත්‍ථගතාව අහෙසුං.

ගාථාවසානයෙහි ඔවුන්හට චතුපටිසම්භිදා හා ෂඩ් අභිඥා පිරිවර කොට ඇති නවලෝකෝත්තර ධර්මයෝ අත් පත් වූහ.

සත්‍ථා දුතියදිවසෙ ජීවකස‍්ස ගෙහං අගමාසි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. අථ දක‍්ඛිණොදකාවසානෙ යාගුයා දිය්‍යමානාය හත්‍ථෙන පත‍්තං පිදහි. ජීවකො කිං භන‍්තෙති පුච‍්ඡි. විහාරෙ එකො භික‍්ඛු අත්‍ථීති. සො පුරිසං පෙසෙසි “ගච‍්ඡ, අය්‍යං ගහෙත්‍වා සීඝං එහී”ති. විහාරතො නික‍්ඛන‍්තෙ පන භගවති,

ශාස්තෘන් වහන්සේ භික්‍ෂුසංඝයා හා සමග ජීවකයන්ගේ ගෙට වැඩි සේක, එහිදී පැන් පිළිගැන්වීමෙන් අනතුරුව කැඳ පිළිගන්වනවිට පාත්‍රය වැසූ සේක. ජීවකයෝ ‘කිමෙක්ද ස්වාමීනි?’යි විමසූහ. ‘විහාරයෙහි එක් භික්‍ෂු කෙනකු ඇතැ’යි කීසේක. ජීවකයෝ ‘ආර්යයන්වහන්සේ කැඳවාගෙන වහා එව’යි පුරුෂයකු යැවූහ. භාග්‍යවතුන්වහන්සේ විහාරයෙන් නික්ම වැඩි කල්හි:-

සහස‍්සක‍්ඛත‍්තුමත‍්තානං, නිම‍්මිනිත්‍වාන පන්‍ථකො; නිසීදම‍්බවනෙ රම‍්මෙ, යාව කාලප‍්පවෙදනාති. (ථෙරගා· 563);

‘සහස්සක්‍ඛත්තුං අත්තානං නිම්මිනිත්‍වාන පන්‍ථකො නිසීදම්බවනෙ රම්මෙ යාවකාලප්පවෙදනා’

පන්‍ථක තෙරණුවෝ තමන් දහස් ගුණකොට මවාගෙන කාලය දන්වන තුරු මනරම් අඹ වෙනෙහි හුන්හ.

අථ සො පුරිසො ගන‍්ත්‍වා කාසාවෙහි එකපජ‍්ජොතං ආරාමං දිස‍්වා ආගන‍්ත්‍වා භික‍්ඛූහි භරිතො භන‍්තෙ ආරාමො, නාහං ජානාමි කතමො සො අය්‍යොති ආහ. තතො නං භගවා ආහ “ගච‍්ඡ යං පඨමං පස‍්සසි, තං චීවරකණ‍්ණෙ ගහෙත්‍වා ‘සත්‍ථා තං ආමන‍්තෙතී’ති වත්‍වා ආනෙහී”ති. සො තං ගන‍්ත්‍වා ථෙරස‍්සෙව චීවරකණ‍්ණෙ අග‍්ගහෙසි. තාවදෙව සබ‍්බෙපි නිම‍්මිතා අන‍්තරධායිංසු. ථෙරො “ගච‍්ඡ ත්‍ව”න‍්ති තං උය්‍යොජෙත්‍වා මුඛධොවනාදිසරීරකිච‍්චං නිට‍්ඨපෙත්‍වා පඨමතරං ගන‍්ත්‍වා පත‍්තාසනෙ නිසීදි. ඉදං සන්‍ධාය වුත‍්තං “යථා ආයස‍්මා චූළපන්‍ථකො”ති.

ඉක්බිති ඒ පුරුෂයා ගොස් කසාවතින් ඒකාලෝක වූ ආරාමය දැක පෙරළා අවුත්, ‘ස්වාමීනි, ආරාමය භික්‍ෂූන්ගෙන් පිරීගියේය, ඒ ආර්යයන් වහන්සේ කවුරුදැ’යි මම නොදනිමි’යි කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ‘යව, යම් කෙනකු පළමුකොට දක්නෙහිද, ඔවුන්ගේ සිවුරුකොණ ගෙන, ‘ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන සේකැ’යි කියා ගෙනෙව’යි ඔහුට කීසේක. හේ තෙමේ ගොස් තෙරුන්ගේම සිවුරුකොණ අල්ලා ගති. එකෙණෙහිම මවනලද සියල්ලෝම අතුරුදන් වූහ. තෙරණුවෝ, ‘ඔබ යනුයැ’යි ඔහු පිටත් කොට මුවදෙවීම් ආදී සිරුරුකිස නිමවා ඔහුට පෙරාතුව ගොස් ඉතිරිව තිබූ අස්නෙහි හුන්නාහ. ආයුෂ්මත් චූලපන්‍ථකයන්වහන්සේ මෙනි’යි කියන ලදුයේ මේ පුවත සඳහාය.

තත්‍ර යෙ තෙ බහූ නිම‍්මිතා තෙ අනියමෙත්‍වා නිම‍්මිතත‍්තා ඉද‍්ධිමතා සදිසාව හොන‍්ති. ඨානනිසජ‍්ජාදීසු වා භාසිතතුණ‍්හීභාවාදීසු වා යං යං ඉද‍්ධිමා කරොති, තං තදෙව කරොන‍්ති. සචෙ පන නානාවණ‍්ණෙ කාතුකාමො හොති, කෙචි පඨමවයෙ, කෙචි මජ‍්ඣිමවයෙ, කෙචි පච‍්ඡිමවයෙ, තථා දීඝකෙසෙ, උපඩ‍්ඪමුණ‍්ඩෙ, මුණ‍්ඩෙ, මිස‍්සකෙසෙ, උපඩ‍්ඪරත‍්තචීවරෙ, පණ‍්ඩුකචීවරෙ, පදභාණධම‍්මකථාසරභඤ‍්ඤපඤ‍්හපුච‍්ඡනපඤ‍්හවිස‍්සජ‍්ජනරජනපචනචීවරසිබ‍්බනධොවනාදීනි කරොන‍්තෙ අපරෙපි වා නානප‍්පකාරකෙ කාතුකාමො හොති, තෙන පාදකජ‍්ඣානතො වුට‍්ඨාය එත‍්තකා භික‍්ඛූ පඨමවයා හොන‍්තූතිආදිනා නයෙන පරිකම‍්මං කත්‍වා පුන සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨාතබ‍්බං. අධිට‍්ඨානචිත‍්තෙන සද‍්ධිං ඉච‍්ඡිතිච‍්ඡිතප‍්පකාරායෙව හොන‍්තීති. එස නයො බහුධාපි හුත්‍වා එකො හොතීතිආදීසු.

එහි, යම් බොහෝ දෙනෙක් මවන ලද්දාහුද, ඔවුන් අනියමයෙන් මවන ලද හෙයින් සෘද්ධිමතුන් හා සමානම වෙති. සිටීම් හිදීම් ආදිය වේවා, බිණීම් නොබිඳීම් ආදිය හෝ වේවා, ඍද්ධිමත්හු යම් යම් දෙයක් කෙරෙත්ද, ඒ ඒ දෙයම කෙරෙති. ඉදින් නොයෙක් ආකාර ඇත්තන් මවනු කැමැති වෙත්ද, පළමු වියෙහි වූවන්, මැදිවියෙහි වූවන්, මහලු වියෙහි වූවන්, එසේම දික්කෙස් ඇත්තන්, තරමක් මුඬු වූවන්, මුඬු වූවන්, කළු සුදු මුසු කෙස් ඇත්තන්, තරමක් රත්පැහැ සිවුරු ඇත්තන්, කසාවන් සිවුරු ඇත්තන්, පද බිණීම්, දම් දෙසීම්, මිහිරි කොට දෙසීම්, පැන පිළිවිසීම්, පැන විසදීම්, පඬුපෙවීම්, පඬු තැම්බීම්, සිවුරුමැසීම්, සේදීම් ආදිය කරන්නන්, තවද නානා ආකාර ඇත්තන් මවනු කැමැති වෙත්ද, ඔවුන් විසින් පාදකධ්‍යානයෙන් නැඟී, ‘මෙපමණ භික්‍ෂූහු පළමු වියෙහි වෙත්වා, ආදී වශයෙන් පිරියම්කොට යලි සමවැද, ඉන් නැඟී අධිෂ්ඨාන කළ යුතුය. අධිෂ්ඨාන චිත්තය හා සමග කැමැති කැමැති ආකාර ඇත්තෝ වෙති. ‘බහුධාපි හුත්‍වා එකො හොති’ (බහුවිධ වූයේද, එක් පුද්ගලයෙක් වේ) යන ආදියෙහිද මෙම නයයි

අයං පන විසෙසො, ඉමිනා භික‍්ඛුනා එවං බහුභාවං නිම‍්මිනිත්‍වා පුන “එකොව හුත්‍වා චඞ‍්කමිස‍්සාමි, සජ‍්ඣායං කරිස‍්සාමි, පඤ‍්හං පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා වා, “අයං විහාරො අප‍්පභික‍්ඛුකො, සචෙ කෙචි ආගමිස‍්සන‍්ති ‘කුතො ඉමෙ එත‍්තකා එකසදිසා භික‍්ඛූ, අද‍්ධා ථෙරස‍්ස එස ආනුභාවො’ති මං ජානිස‍්සන‍්තී”ති අප‍්පිච‍්ඡතාය වා අන‍්තරාව “එකො හොමී”ති ඉච‍්ඡන‍්තෙන පාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය “එකො හොමී”ති පරිකම‍්මං කත්‍වා පුන සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය “එකො හොමී”ති අධිට‍්ඨාතබ‍්බං. අධිට‍්ඨානචිත‍්තෙන සද‍්ධිංයෙව එකො හොති. එවං අකරොන‍්තො පන යථා පරිච‍්ඡින‍්නකාලවසෙන සයමෙව එකො හොති.

මේ විශේෂයි:- මේ භික්‍ෂුව විසින් මේ ආකාරයෙන් බොහෝ බවක් මවාගෙන නැවත, ‘එක් පුද්ගලයෙක්වම සක්මන් කරමි, පිරිවැහීම් කරමි, ප්‍රශ්න විචාරමි’යි සිතා හෝ, ‘මේ විහාරය භික්‍ෂූන් ස්වල්ප දෙනෙකු ඇත්තෙකි, ඉදින් කිසිවකු ආවහොත්, ‘එක සමාන වූ මෙපමණ භික්‍ෂූහු කොයින්ද? ඒකාන්තයෙන් මේ තෙරුන්ගේ ආනුභාවයයි දැනගනිති’යි අල්පේච්ඡතාව නිසා හෝ අතරතුරදීම ‘එක් පුද්ගලයෙක් වෙමි’යි කැමැතිව පාදකධ්‍යානයට සමවැද, එයින් නැගී, ‘එක් පුද්ගලයෙක් වෙමි’යි අධිෂ්ඨාන කළයුතුය, අධිෂ්ඨන චිත්තය හා සමගම එක් පුද්ගලයකු බවට පත් වේ. මෙසේ නොකොට සිටියද, පිරිසිඳි කාලය අනුව (එම කාලසීමාව ඉකුත් වන්නා හාම) එක් පුද්ගලයකු බවට පත්වේ.

ආවිභාවං තිරොභාවන‍්ති එත්‍ථ ආවිභාවං කරොති තිරොභාවං කරොතීති අයමත්‍ථො . ඉදමෙව හි සන්‍ධාය පටිසම‍්භිදායං වුත‍්තං “ආවිභාවන‍්ති කෙනචි අනාවටං හොති අප‍්පටිච‍්ඡන‍්නං විවටං පාකටං. තිරොභාවන‍්ති කෙනචි ආවටං හොති පටිච‍්ඡන‍්නං පිහිතං පටිකුජ‍්ජිත”න‍්ති (පටි· ම· 3.11). තත්‍රායං ඉද‍්ධිමා ආවිභාවං කාතුකාමො අන්‍ධකාරං වා ආලොකං කරොති, පටිච‍්ඡන‍්නං වා විවටං, අනාපාථං වා ආපාථං කරොති. කථං? අයඤ‍්හි යථා පටිච‍්ඡන‍්නොපි දූරෙ ඨිතොපි වා දිස‍්සති, එවං අත‍්තානං වා පරං වා කාතුකාමො පාදකජ‍්ඣානතො වුට‍්ඨාය ඉදං අන්‍ධකාරට‍්ඨානං ආලොකජාතං හොතූති වා, ඉදං පටිච‍්ඡන‍්නං විවටං හොතූති වා, ඉදං අනාපාථං ආපාථං හොතූති වා ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාති, සහ අධිට‍්ඨානචිත‍්තෙන යථාධිට‍්ඨිතමෙව හොති. පරෙ දූරෙ ඨිතාපි පස‍්සන‍්ති. සයම‍්පි පස‍්සිතුකාමො පස‍්සති.

ආවීභාවං තිරොභාවං යනු පහළ වීමය, මූවහ වීමය යන මේ අර්ත්‍ථයි. මෙයම සඳහා පටිසම්භිදාවෙහි, ‘ආවීභාවං’ යනු කිසිවෙකින් මුවහ නොවූයේ, නොවැසුණේ, විවෘත වූයේ ප්‍රකට වූයේයි, ‘තිරොභාවං’ යනු, කිසිවෙකින් මුවහ වූයේ, වැසුණේ, සැඟවුණේ අප්‍රකට වූයේය’යි කියන ලදී. එහි, මේ සෘද්ධිමත් යෝගාවචර තෙමේ පහළවනු කැමැති වූවිට අන්‍ධකාරය ආලෝකයක් කරයි, කෙසේද යත්:- මේ යෝගාවචර තෙමේ මුවහවූයේ හෝ දුර සිටියේ හෝ යම්සේ දිස්වේද, තමා හෝ වේවා අනිකකු හෝ වේවා, එසේ කරනු කැමැති වූ විට පාදකධ්‍යානයෙන් නැගී ‘මේ අන්‍ධකාරස්ථානය ආලෝකවත් වේවා’යි හෝ ‘මේ වැසී ඇති දෙය විවෘත වේවා’යි හෝ, මේ ඇස් හමු නොවූ දෙය ඇස් හමු වේවා’යි ආවර්ජනයකොට පිරියම්කොට කියන ලද නයින්ම අධිෂ්ඨාන කරයි, එම අධිෂ්ඨානය හා සමගම අධිෂ්ඨිත ආකාරයෙන්ම සිදුවෙයි. අන්‍යයෝ දුර සිටියාහුද දකිති, තෙමේද දකිනු කැමැත්තේ නම් දකියි.

එතං පන පාටිහාරියං කෙන කතපුබ‍්බන‍්ති? භගවතා. භගවා හි චූළසුභද‍්දාය නිමන‍්තිතො විස‍්සකම‍්මුනා නිම‍්මිතෙහි පඤ‍්චහි කූටාගාරසතෙහි සාවත්‍ථිතො සත‍්තයොජනබ‍්භන‍්තරං සාකෙතං ගච‍්ඡන‍්තො යථා සාකෙතනගරවාසිනො සාවත්‍ථිවාසිකෙ, සාවත්‍ථිවාසිනො ච සාකෙතවාසිකෙ පස‍්සන‍්ති, එවං අධිට‍්ඨාසි. නගරමජ‍්ඣෙ ච ඔතරිත්‍වා පථවිං ද‍්විධා භින්‍දිත්‍වා යාව අවීචිං ආකාසඤ‍්ච ද‍්විධා වියූහිත්‍වා යාව බ්‍රහ‍්මලොකං දස‍්සෙසි.

මෙම ප්‍රාතිහාර්යය කවුරුන් විසින් කරන ලද්දේද? භාග්‍යවතුන් වහන්සේ විසිනි. භාග්‍යවතුන් වහන්සේ වනාහි චූලසුභද්‍රාවන් විසින් ඇරයුම් කරන ලදසේක් විස්කම් දෙව්පුතු විසින් මවනලද කූටාගාර පන්සියයෙකින් සැවැත් නුවර සිට සත් යොදුනක් ඇතුළත සාකේත නුවරට වඩින සේක්, යම්සේ සාකේත නුවර වැසියෝ සැවැත් නුවර වැසියන් දකිත්ද, සැවැත් නුවර වැසියෝද සාකේත නුවර වැසියන් දකිත්ද, එසේ අධිෂ්ඨාන කළ සේක, තවද නගර මධ්‍යයෙහි බැස පොළොව දෙබෑකොට අවීචිය දක්වාද, අහස දෙබෑකොට බඹලොව දක්වාද පෙන්වූ සේක.

දෙවොරොහණෙනපි ච අයමත්‍ථො විභාවෙතබ‍්බො. භගවා කිර යමකපාටිහාරියං කත්‍වා චතුරාසීතිපාණසහස‍්සානි බන්‍ධනා පමොචෙත්‍වා අතීතා බුද‍්ධා යමකපාටිහාරියාවසානෙ කුහිං ගතාති ආවජ‍්ජිත්‍වා තාවතිංසභවනං ගතාති අද‍්දස. අථෙකෙන පාදෙන පථවීතලං අක‍්කමිත්‍වා දුතියං යුගන්‍ධරපබ‍්බතෙ පතිට‍්ඨපෙත්‍වා පුන පුරිමපාදං උද‍්ධරිත්‍වා සිනෙරුමත්‍ථකං අක‍්කමිත්‍වා තත්‍ථ පණ‍්ඩුකම‍්බලසිලාතලෙ වස‍්සං උපගන‍්ත්‍වා සන‍්නිපතිතානං දසසහස‍්සචක‍්කවාළදෙවතානං ආදිතො පට‍්ඨාය අභිධම‍්මකථං ආරභි. භික‍්ඛාචාරවෙලාය නිම‍්මිතබුද‍්ධං මාපෙසි. සො ධම‍්මං දෙසෙති. භගවා නාගලතාදන‍්තකට‍්ඨං ඛාදිත්‍වා අනොතත‍්තදහෙ මුඛං ධොවිත්‍වා උත‍්තරකුරූසු පිණ‍්ඩපාතං ගහෙත්‍වා අනොතත‍්තදහතීරෙ පරිභුඤ‍්ජති. සාරිපුත‍්තත්‍ථෙරො තත්‍ථ ගන‍්ත්‍වා භගවන‍්තං වන්‍දති. භගවා අජ‍්ජ එත‍්තකං ධම‍්මං දෙසෙසින‍්ති ථෙරස‍්ස නයං දෙති. එවං තයො මාසෙ අබ‍්බොච‍්ඡින‍්නං අභිධම‍්මකථං කථෙසි. තං සුත්‍වා අසීතිකොටිදෙවතානං ධම‍්මාභිසමයො අහොසි.

තවද, දේවාවරෝහණයෙන් (දෙවියන් හා සමඟ පොළොවට බැසීමෙන්) ද මේ කරුණු විස්තර කළයුතුවේ:- භාග්‍යවතුන් වහන්සේ වනාහි යමාමහ පෙළහර කොට, අසූහාර දහසක් සංසාර බන්ධනයෙන් මුදවා, “අතීත බුදුවරයෝ යමාමහ පෙළහර අවසන්හි කොහි ගියාහුදැ”යි ආවර්ජනයකොට ‘තව්තිසාබවනට ගියහ’යි දුටුසේක. ඉක්බිති එක් පයෙකින් පොළෝමත සිට දෙවන පය යුගඳුරුපවුමත තබා යලි පළමු පය ඔසවා මහමෙරමත තබා එහි පඬුපුල් සලතෙලෙහි සිට වස් එළඹ, රැස් වූ දසදහසක් සක්වළ දෙවියනට මුල පටන් බිජම් දෙසුම් ඇරඹි සේක. පිඬු පිණිස හැසිරෙන වේලාවෙහිදී බුදුරුවක් මැවූසේක, එම (නිර්මිත) බුදුවරයා දහම් දෙසද්දී, භාග්‍යවතුන් වහන්සේ නාලිය දැහැටි සපා අනෝතත් විලෙහි මුව දොවා උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ලැබ අනෝතත් විල්තෙර හිඳ වළඳන සේක, සැරියුත් තෙරණුවෝ එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වඳිත්, භාග්‍යවතුන් වහන්සේ, “අද මෙතෙක් දහම් දෙසීමි”යි තෙරුන්හට දේශනානය පැහැදිලි කරන සේක. මේ ආකාරයෙන් තෙමසක් මුළුල්ලෙහි නොකඩවා අභිධර්මය දේශනා කළසේක, එය ඇසූ අසූ කෙළක් දෙවියනට ධර්මාභිසමය විය.

යමකපාටිහාරියෙ සන‍්නිපතිතාපි ද‍්වාදසයොජනා පරිසා භගවන‍්තං පස‍්සිත්‍වාව ගමිස‍්සාමාති ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා අට‍්ඨාසි. තං චූළඅනාථපිණ‍්ඩිකසෙට‍්ඨියෙව සබ‍්බපච‍්චයෙහි උපට‍්ඨාසි. මනුස‍්සා කුහිං භගවාති ජානනත්‍ථාය අනුරුද‍්ධත්‍ථෙරං යාචිංසු. ථෙරො ආලොකං වඩ‍්ඪෙත්‍වා අද‍්දස දිබ‍්බෙන චක‍්ඛුනා තත්‍ථ වස‍්සූපගතං භගවන‍්තං දිස‍්වා ආරොචෙසි. තෙ භගවතො වන්‍දනත්‍ථාය මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං යාචිංසු. ථෙරො පරිසමජ‍්ඣෙයෙව මහාපථවියං නිමුජ‍්ජිත්‍වා සිනෙරුපබ‍්බතං නිබ‍්බිජ‍්ඣිත්‍වා තථාගතපාදමූලෙ භගවතො පාදෙ වන්‍දමානොව උම‍්මුජ‍්ජිත්‍වා භගවන‍්තං එතදවොච “ජම‍්බුදීපවාසිනො, භන‍්තෙ, භගවතො පාදෙ වන්‍දිත්‍වා පස‍්සිත්‍වාව ගමිස‍්සාමාති වදන‍්තී”ති. භගවා ආහ “කුහිං පන තෙ, මොග‍්ගල‍්ලාන, එතරහි ජෙට‍්ඨභාතා ධම‍්මසෙනාපතී”ති? “සඞ‍්කස‍්සනගරෙ භන‍්තෙ”ති. “මොග‍්ගල‍්ලාන, මං දට‍්ඨුකාමා ස‍්වෙ සඞ‍්කස‍්සනගරං ආගච‍්ඡන‍්තු, අහං ස‍්වෙ මහාපවාරණපුණ‍්ණමාසීඋපොසථදිවසෙ සඞ‍්කස‍්සනගරෙ ඔතරිස‍්සාමී”ති. “සාධු, භන‍්තෙ”ති ථෙරො දසබලං වන්‍දිත්‍වා ආගතමග‍්ගෙනෙව ඔරුය‍්හ මනුස‍්සානං සන‍්තිකං සම‍්පාපුණි. ගමනාගමනකාලෙ ච යථා නං මනුස‍්සා පස‍්සන‍්ති, එවං අධිට‍්ඨාසි. ඉදං තාවෙත්‍ථ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ආවිභාවපාටිහාරියං අකාසි.

යමාමහ පෙළහරෙහිදී රැස්ව දොළොස් යොදුන් තැන් පැතිර සිටි ජනයාද, ‘භාග්‍යවතුන් වහන්සේ දැක ගෙනම පෙරළා යන්නමු’යි කඳවුරු බැඳ සිටගත්හ. එම පිරිසට චුල්ල අනාථපිණ්ඩික (අනාථපිණ්ඩික සිටුවරයාගේ මලණු) සිටුවරයාම සියලු ප්‍රත්‍යයෙන් සංග්‍රහ කළහ. ජනයා භාග්‍යවතුන් වහන්සේ කොහිදැ’යි දැන ගනු පිණිස අනුරුද්ධ තෙරුන්හට ඇවිටිලි කළහ. තෙරණුවෝ ආලෝක කසිණය වඩා එහි වස් එළඹ සිටි භාග්‍යවතුන් වහන්සේ වඳිනු කැමැතිව මහමුගලන් තෙරුන්හට ආයාචනා කළහ. තෙරණුවෝ පිරිස් මැද්දෙහිම මහපොළොව කිමිද මේරු පර්වතය විනිවිද ගොස් තථාගතයන් වහන්සේගේ පාමුල සිරිපා වැඳගෙනම මතුවී භාග්‍යවතුන් වහන්සේ, ‘ස්වාමීනි, දඹදිව්වැස්සෝ භාග්‍යවතුන් වහන්සේ දැක සිරිපා වැඳගෙනම යන්නෙමු’යි කියති’යි මෙපවත් පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ, ‘මොග්ගල්ලානය, ඔබ දෙටුබෑ දම්සෙනෙවි (සාරිපුත්ත) යන් කොහිදැ’යි විචාළසේක. ‘ස්වාමීනි, සංකස්ස නුවරය’යි කීහ. ‘මොග්ගල්ලානය, මා දක්නා කැමැත්තෝ හෙට සංකස්ස නුවරට එත්වා, හෙට මහාපවාරණ පුන්පොහෝදින මම සංකස්ස නුවරට බසින්නෙමි’යි පැවසූසේක. තෙරණුවෝ, ‘යහපති ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේ වැඳ ගිය මගින්ම පෙරළා අවුත් මහජනයා වෙතට පැමිණියාහ. යන එන දෙකෙල්හිම ජනයාට පෙනෙන සේ අධිෂ්ඨාන කළහ. මෙහිදී වනාහි මුගලන් තෙරණුවෝ මේ ආවීභාවප්‍රාතිහාර්යය කළහ.

සො එවං ආගතො තං පවත‍්තිං ආරොචෙත්‍වා “දූරන‍්ති සඤ‍්ඤං අකත්‍වා කතපාතරාසාව නික‍්ඛමථා”ති ආහ. භගවා සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො ආරොචෙසි “මහාරාජ, ස‍්වෙ මනුස‍්සලොකං ගච‍්ඡාමී”ති. දෙවරාජා විස‍්සකම‍්මං ආණාපෙසි “තාත, ස‍්වෙ භගවා මනුස‍්සලොකං ගන‍්තුකාමො, තිස‍්සො සොපානපන‍්තියො මාපෙහි එකං කනකමයං, එකං රජතමයං, එකං මණිමය”න‍්ති. සො තථා අකාසි. භගවා දුතියදිවසෙ සිනෙරුමුද‍්ධනි ඨත්‍වා පුරත්‍ථිමලොකධාතුං ඔලොකෙසි, අනෙකානි චක‍්කවාළසහස‍්සානි විවටානි හුත්‍වා එකඞ‍්ගණං විය පකාසිංසු. යථා ච පුරත්‍ථිමෙන, එවං පච‍්ඡිමෙනපි උත‍්තරෙනපි දක‍්ඛිණෙනපි සබ‍්බං විවටමද‍්දස. හෙට‍්ඨාපි යාව අවීචි, උපරි යාව අකනිට‍්ඨභවනං, තාව අද‍්දස.

මෙසේ පෙරළා පැමිණි තෙරණුවෝ එපවත් සැලකොට, ‘දුරෙකැ’යි යන හැඟීම නැතිව උදෑසන ආහාර ගෙනම නික්මෙවු’ යයි පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ ‘හෙට මිනිස් ලොවට යමි’යි සක්දෙව් රජුහට සැල කළසේක. දෙව්රජ තෙමේ විස්කම් දෙව්පුතු කැඳවා, ‘දරුව. භාග්‍යවතුන් වහන්සේ හෙට මිනිස් ලොවට යනු කැමැති සේක, රන්මුවා එකක්ද, රිදීමුවා එකක්ද, මිණිමුවා එකක්දැ’යි හිණිපෙළ තුනක් මවනුය’යි අණ කළේය. හේ තෙමේ එන්සේ කළේය. භාග්‍යවතුන් වහන්සේ පසු දින මේරුමස්තකයෙහි සිට පෙරදිග ලෝකධාතුන් බැලූසේක, නොයෙක් දහස් ගණන් සක්වළ විවෘතව එක්ම අංගණයක් සෙයින් ප්‍රකට විය. පෙරදිග දුටු නියායෙන්ම අපර දිගද, උතුරුදිගද, දකුණු දිගද සියල්ල විවෘතව දුටු සේක, යටිදිශාවෙන් අවීචිය දක්වාද, උඩුදිශාවෙන් අකනිෂ්ට භවනය දක්වාද දුටුසේක.

තං දිවසං කිර ලොකවිවරණං නාම අහොසි. මනුස‍්සාපි දෙවෙ පස‍්සන‍්ති, දෙවාපි මනුස‍්සෙ. තත්‍ථ නෙව මනුස‍්සා උද‍්ධං උල‍්ලොකෙන‍්ති, න දෙවා අධො ඔලොකෙන‍්ති, සබ‍්බෙ සම‍්මුඛාව අඤ‍්ඤමඤ‍්ඤං පස‍්සන‍්ති. භගවා මජ‍්ඣෙ මණිමයෙන සොපානෙන ඔතරති, ඡකාමාවචරදෙවා වාමපස‍්සෙ කනකමයෙන, සුද‍්ධාවාසා ච මහාබ්‍රහ‍්මා ච දක‍්ඛිණපස‍්සෙ රජතමයෙන. දෙවරාජා පත‍්තචීවරං අග‍්ගහෙසි, මහාබ්‍රහ‍්මා තියොජනිකං සෙතච‍්ඡත‍්තං, සුයාමො වාළබීජනිං, පඤ‍්චසිඛො ගන්‍ධබ‍්බපුත‍්තො තිගාවුතමත‍්තං බෙළුවපණ‍්ඩුවීණං ගහෙත්‍වා තථාගතස‍්ස පූජං කරොන‍්තො ඔතරති. තංදිවසං භගවන‍්තං දිස‍්වා බුද‍්ධභාවාය පිහං අනුප‍්පාදෙත්‍වා ඨිතසත‍්තො නාම නත්‍ථි. ඉදමෙත්‍ථ භගවා ආවිභාවපාටිහාරියං අකාසි.

එදවස්හි ලෝකවිවරණය (ලෝකය විවෘතවීම) සිදුවූයේමය, මනුෂ්‍යයෝ දෙවියන් දකිති, දෙවියෝද මනුෂ්‍යයන් දකිති, එහිදී මනුෂ්‍යයෝ උඩ නොබලති, දෙවියෝද මනුෂ්‍යයන් දකිති, එහිදී මනුෂ්‍යයෝ උඩ නොබලති, දෙවියෝද බිම නොබලති, සියල්ලෝම ඔවුනොවුන් කෙලින්ම මුහුණට (සම්මුඛා) මුහුණ දකිති. භාග්‍යවතුන් වහන්සේ මැද මිණිමුවා හිණිපෙළින් බසින සේක, කාමාවචර සදෙව්ලෝ වැසි දෙවියෝ වම්පස රන්මුවා හිණිපෙළින්ද මහබඹු ඇතුළු සුද්ධාවාස වැස්සෝ දකුණු පස රිදීමුවා හිණිපෙළින්ද බසිති. සක්දෙව්රජ පාසිවුරු ගති, මහබඹු තුන්යොදුන් සේසතක්ද සුයාම දෙව්රජ වල්විදුනාවක්ද, පන්සිළු තුන්ගවුපමණ වූ ඛේලුවපණ්ඩු වීණාවද ගෙන තථාගතයන් වහන්සේට පූජා පවත්වමින් බසිති. එදින භාග්‍යවතුන් වහන්සේ දැක බුදුබව පිණිස රිසි නූපදවා සිටි සත්ත්‍වයෙක් නම් නැත. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මෙම ආවීභාව ප්‍රාතිහාර්යය පැවැත්වූ සේක.

අපිච තම‍්බපණ‍්ණිදීපෙ තලඞ‍්ගරවාසී ධම‍්මදින‍්නත්‍ථෙරොපි තිස‍්සමහාවිහාරෙ චෙතියඞ‍්ගණස‍්මිං නිසීදිත්‍වා “තීහි, භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අපණ‍්ණකපටිපදං පටිපන‍්නො හොතී”ති අපණ‍්ණකසුත‍්තං (අ· නි· 3.16) කථෙන‍්තො හෙට‍්ඨාමුඛං බීජනිං අකාසි, යාව අවීචිතො එකඞ‍්ගණං අහොසි. තතො උපරිමුඛං අකාසි, යාව බ්‍රහ‍්මලොකා එකඞ‍්ගණං අහොසි. ථෙරො නිරයභයෙන තජ‍්ජෙත්‍වා සග‍්ගසුඛෙන ච පලොභෙත්‍වා ධම‍්මං දෙසෙසි. කෙචි සොතාපන‍්නා අහෙසුං, කෙචි සකදාගාමී අනාගාමී අරහන‍්තොති.

තවද, තම්බපණ්ණි දිවයිනෙහි තලගුරුපවුවැසි ධම්මදින්න තෙරණුවෝද තිස්ස මහාවිහාරයෙහි සෑමළුවෙහි හිඳ, ‘තීහි භික්‍ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්‍ඛු අපණ්ණකං පටිපදං පටිපන්නො හොති’ (මහණෙනි, කරුණු තුනෙකින් සමන්විත වූ මහණ තෙමේ නිරවද්‍ය ප්‍රතිපදාවට පිළිපන් වේ) යනුවෙන් අපණ්ණක සූත්‍රය දේශනා කරමින් විජිනිපත යටිකුරුව දිගුකළහ, අවීචිය දක්වා එක් යායක් සේ දිස්විය. ඉක්බිති උඩුකුරුව දිගුකළහ, බඹලොව දක්වා එක් යායක් සේ දිස්විය. තෙරණුවෝ නිරය භයින් තැතිගන්වා. සග සැපතින් පොළඹවා දම් දෙසූහ. කිසිවෙක් සෝවාන්වූහ, කිසිවෙක් සකෘදාගාමීවූහ. කිසිවෙක් අනාගාමීවූහ. කිසිවෙක් රහත්වූහ.

තිරොභාවං කාතුකාමො පන ආලොකං වා අන්‍ධකාරං කරොති, අප‍්පටිච‍්ඡන‍්නං වා පටිච‍්ඡන‍්නං, ආපාථං වා අනාපාථං කරොති. කථං? අයඤ‍්හි යථා අප‍්පටිච‍්ඡන‍්නොපි සමීපෙ ඨිතොපි වා න දිස‍්සති, එවං අත‍්තානං වා පරං වා කාතුකාමො පාදකජ‍්ඣානතො වුට‍්ඨාය “ඉදං ආලොකට‍්ඨානං අන්‍ධකාරං හොතූ”ති වා, “ඉදං අප‍්පටිච‍්ඡන‍්නං පටිච‍්ඡන‍්නං හොතූ”ති වා, “ඉදං ආපාථං අනාපාථං හොතූ”ති වා ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාති. සහ අධිට‍්ඨානචිත‍්තෙන යථාධිට‍්ඨිතමෙව හොති. පරෙ සමීපෙ ඨිතාපි න පස‍්සන‍්ති. සයම‍්පි අපස‍්සිතුකාමො න පස‍්සති.

තිරෝභාව ප්‍රාතිහාර්යය කරනු කැමැත්තේ වනාහි ආලෝකය අන්‍ධකාරය බවට පත්කරයි. නොවැසුණ දෙය වැසුණක් බවට පත් කරයි, ඇස්හමු දෙය නොහමුවක් බවට පත් කරයි, කෙසේද? මේ තෙමේ වනාහි නොවැසුණේ නමුදු, ළඟ සිටියේ නමුදු නොපෙනෙයි. තමා හෝ අනෙකකු හෝ මේ ආකාරයෙන් නොදිස්වෙන සේ සලස්වනු කැමැත්තේ පාදකධ්‍යානයෙන් නැගී, ‘මේ ආලෝකස්ථානය අඳුරු බවට පත් වේවා’යි හෝ, ‘මේ නොවැසුණ දෙය වැසුණු බවට පත් වේවා’යි හෝ, ‘මේ ඇස්හමු දෙය නොහමු බවට පත් වේවා’යි ආවර්ජනය කොට පිරියම්කොට, යටකී නයින්ම අධිෂ්ඨාන කරයි, අධිෂ්ඨාන චිත්තය හා සමගම එලෙසින්ම සිදුවේ. ළගසිටියද අන්‍යයෝ නොදකිති, තෙමේද නොදකිනු කැමැත්තේ නම් නොදකියි.

එතං පන පාටිහාරියං කෙන කතපුබ‍්බන‍්ති? භගවතා. භගවා හි යසං කුලපුත‍්තං සමීපෙ නිසින‍්නංයෙව යථා නං පිතා න පස‍්සති, එවමකාසි. තථා වීසයොජනසතං මහාකප‍්පිනස‍්ස පච‍්චුග‍්ගමනං කත්‍වා තං අනාගාමිඵලෙ, අමච‍්චසහස‍්සඤ‍්චස‍්ස සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙත්‍වා, තස‍්ස අනුමග‍්ගං ආගතා සහස‍්සිත්‍ථිපරිවාරා අනොජාදෙවී ආගන‍්ත්‍වා සමීපෙ නිසින‍්නාපි යථා සපරිසං රාජානං න පස‍්සති, තථා කත්‍වා “අපි, භන‍්තෙ, රාජානං පස‍්සථා”ති වුත‍්තෙ “කිං පන තෙ රාජානං ගවෙසිතුං වරං, උදාහු අත‍්තාන”න‍්ති? “අත‍්තානං, භන‍්තෙ”ති වත්‍වා නිසින‍්නාය තස‍්සා තථා ධම‍්මං දෙසෙසි, යථා සා සද‍්ධිං ඉත්‍ථිසහස‍්සෙන සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි, අමච‍්චා අනාගාමිඵලෙ, රාජා අරහත‍්තෙති. අපිච තම‍්බපණ‍්ණිදීපං ආගතදිවසෙ යථා අත‍්තනා සද‍්ධිං ආගතෙ අවසෙසෙ රාජා න පස‍්සති, එවං කරොන‍්තෙන මහින්‍දත්‍ථෙරෙනාපි ඉදං කතමෙව (පාරා· අට‍්ඨ· 1.තතියසඞ‍්ගීතිකථා).

මෙම ප්‍රාතිහාර්යය කවුරුන් විසින් කරණලද විරූද? භාග්‍යවතුන් වහන්සේ විසිනි. භාග්‍යවතුන් වහන්සේ වනාහි යස කුල පුතු අසල හිඳිද්දීම ඔහුගේ පියාට නොපෙනෙන ලෙස සැලැස්වූ සේක. එසේම මහාකප්පිණ රජුහට දෙදහස් යොදුන් මඟ පෙරගමන් කොට ඔහු අනාගාමී පෙලෙහිද ඔහුගේ ඇමතියන් දහසක් දෙනා සෝවාන් පෙලෙහිද පිහිටුවා, ඔහු ආ මඟ අනුව ආ දහසක් පිරිවර සහිත අනෝජා දේවියට ළඟ හුන්නාවූද පිරිස් සහිත රජු නොපෙනෙන්නට සලස්වා, ‘ස්වාමීනි, රජු දුටු සේක්දැ’යි කී කල්හි, ‘කිමෙක්ද, ඔබට වඩා උතුම් වනුයේ රජු සෙවීමද, නැතහොත් තමාම සෙවීමදැ’යි අසා, ‘ස්වාමීනි, තමාම සෙවීමය’යි කියා හුන් ඇය දහසක් පිරිවර සතුන් හා සමග සෝවාන් පෙලෙහිද, ඇමතියන් දහසක් පිරිවර සතුන් හා සමග සෝවාන් පෙලෙහිද, ඇමතියන් දහසක් දෙනා අනාගාමී පෙලෙහිද, රජු රහත් පෙලෙහිද පිහිටන සේ දහම් දෙසූ සේක. තවද තම්බපණ්ණි දිවයිනට පැමිණි දින තමා හා සමග ආ සෙස්සන් රජුට නොපෙනෙන්නට සලස්වමින් මහින්ද තෙරණුවන් විසින්ද මෙය කරන ලද්දේමය.

අපිච සබ‍්බම‍්පි පාකටං පාටිහාරියං ආවිභාවං නාම. අපාකටපාටිහාරියං තිරොභාවං නාම. තත්‍ථ පාකටපාටිහාරියෙ ඉද‍්ධිපි පඤ‍්ඤායති ඉද‍්ධිමාපි. තං යමකපාටිහාරියෙන දීපෙතබ‍්බං. තත්‍ර හි “ඉධ තථාගතො යමකපාටිහාරියං කරොති අසාධාරණං සාවකෙහි. උපරිමකායතො අග‍්ගික‍්ඛන්‍ධො පවත‍්තති, හෙට‍්ඨිමකායතො උදකධාරා පවත‍්තතී”ති (පටි· ම· 1.116) එවං උභයං පඤ‍්ඤායිත්‍ථ. අපාකටපාටිහාරියෙ ඉද‍්ධියෙව පඤ‍්ඤායති, න ඉද‍්ධිමා. තං මහකසුත‍්තෙන (සං· නි· 4.346) ච බ්‍රහ‍්මනිමන‍්තනිකසුත‍්තෙන (ම· නි· 1.501 ආදයො) ච දීපෙතබ‍්බං. තත්‍ර හි ආයස‍්මතො ච මහකස‍්ස, භගවතො ච ඉද‍්ධියෙව පඤ‍්ඤායිත්‍ථ, න ඉද‍්ධිමා.

තවද ප්‍රකටවන සේ කරන සියලු ප්‍රාතිහාර්ය ‘ආවීභාව’ නම්ද, අප්‍රකට වනසේ කරන ප්‍රතිහාර්යය ‘තිරෝභාව’ නම්ද වේ. එහි, ප්‍රකටප්‍රාතිහාර්යයෙහිදී සෘද්ධිය මෙන්ම සෘද්ධිමත් පුද්ගලයාද පෙනේ, ඒ බව යමක ප්‍රාතිහාර්යය මඟින් පැහැදිලිකළ යුතුයි. ‘එහිදී වනාහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයනට පොදු නොවූ යමකප්‍රාතිහාර්යය කරනසේක්, උඩුකයින් ගිනිකඳක්ද, යටිකයින් ජලධාරාවක්ද පවත්වන සේක.” මෙසේ (සෘද්ධියද, එය පවත්වන්නාදැයි යන) දෙකම දිස් විය. අප්‍රකට ප්‍රාතිහාර්යයෙහිදී සෘද්ධියම මිස සෘද්ධිමත් පුද්ගලයා නොදිස්වේ. ඒබව මහක සූත්‍රයෙන්ද, බ්‍රහ්මනිමන්තණික සූත්‍රයෙන්ද පැහැදිලි කළයුතුය. එහිදී ආයුෂ්මත් මහක තෙරුන්ගේද භාග්‍යවතුන් වහන්සේගේද ඍද්ධික්‍රියාවම මිස සෘද්ධිමත් පුද්ගලයෙක් නොදිස්වේ.

යථාහ –

එහෙයින් කීහ:-

“එකමන‍්තං නිසින‍්නො ඛො චිත‍්තො ගහපති ආයස‍්මන‍්තං මහකං එතදවොච ‘සාධු මෙ, භන‍්තෙ, අය්‍යො මහකො උත‍්තරිමනුස‍්සධම‍්මා ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙතූ’ති. තෙන හි ත්‍වං ගහපති ආළින්‍දෙ උත‍්තරාසඞ‍්ගං පඤ‍්ඤාපෙත්‍වා තිණකලාපං ඔකාසෙහීති. ‘එවං, භන‍්තෙ’ති ඛො චිත‍්තො ගහපති ආයස‍්මතො මහකස‍්ස පටිස‍්සුත්‍වා ආළින්‍දෙ උත‍්තරාසඞ‍්ගං පඤ‍්ඤාපෙත්‍වා තිණකලාපං ඔකාසෙසි. අථ ඛො ආයස‍්මා මහකො විහාරං පවිසිත්‍වා තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසි, යථා තාලච‍්ඡිග‍්ගළෙන ච අග‍්ගළන‍්තරිකාය ච අච‍්චි නික‍්ඛමිත්‍වා තිණානි ඣාපෙසි, උත‍්තරාසඞ‍්ගං න ඣාපෙසී”ති (සං· නි· 4.346).

“එකත්පසෙක හුන් චිත්ත නම් ගෘහපති තෙමේ ආයුෂ්මත් මහක තෙරුන්හට මෙසේ කීය: ‘ස්වාමීනි, ආර්යයන් වහන්සේ මාහට අධිමානුෂවූ සෘද්ධි ප්‍රාතිහාර්යයක් දක්වන සේක්වා’ ‘එසේ නම් ගෘහපතිය, ආලින්දයෙහි උතුරුසළුව අතුරා ඊමත්තෙහි පිදුරු මිටියක් විසුරුවනුය’යි කීහ. චිත්ත ගෘහපති තෙමේ, ‘එසේය ස්වාමීනි’යි ආයුෂ්මත් මහක තෙරුන්හට පිළිවදන් දී ආලින්දයෙහි උතුරුසළුව අතුරා පිදුරු මිටියක් විසුරුවාලීය. ඉක්බිති ආයුෂ්මත් මහක තෙරණුවෝ විහාරයට පිවිස දොරගුලුලා, යම්සේ යතුරු කඩුලුවෙන්ද අගුලු අතරින්ද ගිනිදැල් නිකුත්වී උතුරුසළුව නොදැවී පිදුරුම පමණක් දැවී ගියේද, එසේවූ සෘද්ධි ප්‍රාතිහාර්යයක් දැක්වූහ.

යථා චාහ –

තවද කීහ:

“අථ ඛ‍්වාහං, භික‍්ඛවෙ, තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසිං ‘එත‍්තාවතා බ්‍රහ‍්මා ච බ්‍රහ‍්මපරිසා ච බ්‍රහ‍්මපාරිසජ‍්ජා ච සද‍්දඤ‍්ච මෙ සොස‍්සන‍්ති, න ච මං දක‍්ඛිස‍්සන‍්තී’ති අන‍්තරහිතො ඉමං ගාථං අභාසිං –

“මහණෙනි, ඉක්බිති මෙතැන් පටන් යම්සේ මහබඹුද, බඹපිරිසද, බඹපිරිවරද මාගේ ශබ්දය අසන්නාහුමුත් මා නොදක්නාහු වෙත්ද, එසේවූ ප්‍රාතිහාර්යයක් දැක්වීමි, නොපෙනී සිටිමින්ම මේ ගාථාව කීමි.”

‘භවෙ වාහං භයං දිස‍්වා, භවඤ‍්ච විභවෙසිනං; භවං නාභිවදිං කිඤ‍්චි, නන්‍දිඤ‍්ච න උපාදියි’”න‍්ති. (ම· නි· 1.504);

“භවෙචාහං භයං දිස්වා භවඤ්ච විභවෙසිනං භවං නාභිවදං කිඤ්චි නන්‍දිඤ්ච න උපාදියිං”

භවයෙහි බිය හෙවත් ආදීනවද, විභවය සොයන භවයද දැක, මම කිසිසේත් භවය නොපැසසීමි, භවයෙහි තොස් දනවන නන්‍දිරාගයද ග්‍රහණය නොකෙළෙමි.

තිරොකුට‍්ටං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති සෙය්‍යථාපි ආකාසෙති එත්‍ථ තිරොකුට‍්ටන‍්ති පරකුට‍්ටං, කුට‍්ටස‍්ස පරභාගන‍්ති වුත‍්තං හොති. එස නයො ඉතරෙසු. කුට‍්ටොති ච ගෙහභිත‍්තියා එතමධිවචනං. පාකාරොති ගෙහවිහාරගාමාදීනං පරික‍්ඛෙපපාකාරො. පබ‍්බතොති පංසුපබ‍්බතො වා පාසාණපබ‍්බතො වා. අසජ‍්ජමානොති අලග‍්ගමානො. සෙය්‍යථාපි ආකාසෙති ආකාසෙ විය. එවං ගන‍්තුකාමෙන පන ආකාසකසිණං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය කුට‍්ටං වා පාකාරං වා සිනෙරුචක‍්කවාළෙසුපි අඤ‍්ඤතරං පබ‍්බතං වා ආවජ‍්ජිත්‍වා කතපරිකම‍්මෙන ආකාසො හොතූති අධිට‍්ඨාතබ‍්බො. ආකාසොයෙව හොති. අධො ඔතරිතුකාමස‍්ස, උද‍්ධං වා ආරොහිතුකාමස‍්ස සුසිරො හොති, විනිවිජ‍්ඣිත්‍වා ගන‍්තුකාමස‍්ස ඡිද‍්දො. සො තත්‍ථ අසජ‍්ජමානො ගච‍්ඡති.

‘බිත්ති අතරින්, පවුරු අතරින්, පර්වත අතරින් අහසෙහි මෙන් නොපැකිල යයි’ යන මෙහි තිරොකුඩ්ඩ යනු, බිත්ති අතරින්, බිත්තියෙන් එපිටයයි කී නියායි. සෙසු තන්හිද මෙම නයයි. ‘කුඩ්ඩ’ යන මෙය ගෙබිත්තියට පර්යාය වචනයි. ‘පාකාර’ යනු, ගෘහ, විහාර, ග්‍රාමාදිය වටා ඉදි කළ පවුරුයි. ‘පබ්බත’ යනු, පස්කඳු හෝ ගල් පර්වතයි. ‘අසජ්ජමානො’ යනු, නොපැකිලයි, ‘සෙය්‍යථා’පි ආකාසෙ, යනු අහසෙහි මෙනි. මෙසේ යනු කැමැත්තහු විසින් ආකාස කසිණයට සමවැද නැගී, බිත්තිය හෝ පවුර හෝ, මහමෙර සක්වළගල ආදී පර්වතයක් හෝ ආවර්ජනය කොට, පිරියම් කොට, ‘ආකාසො හොතු’ අහස බවට පත්වේවායි අධිෂ්ඨාන කළයුතුය, අහසබවටම පත්වේ. යටි අතට බසිනු කැමැත්තහුට, උඩු අතට නඟිනු කැමැත්තහුට විවරවෙයි. විනිවිද යනු කැමැත්තහුට සිදුරුවෙයි. ඒ යෝගාවචර තෙමේ එහි නොපැකිල යයි.

තිපිටකචූළාභයත්‍ථෙරො පනෙත්‍ථාහ – “ආකාසකසිණසමාපජ‍්ජනං, ආවුසො, කිමත්‍ථියං, කිං හත්‍ථිඅස‍්සාදීනි අභිනිම‍්මිනිතුකාමො හත්‍ථිඅස‍්සාදි කසිණානි සමාපජ‍්ජති, නනු යත්‍ථ කත්‍ථචි කසිණෙ පරිකම‍්මං කත්‍වා අට‍්ඨසමාපත‍්තිවසීභාවොයෙව පමාණං. යං යං ඉච‍්ඡති, තං තදෙව හොතී”ති. භික‍්ඛූ ආහංසු – “පාළියා, භන‍්තෙ, ආකාසකසිණංයෙව ආගතං, තස‍්මා අවස‍්සමෙතං වත‍්තබ‍්බ”න‍්ති. තත්‍රායං පාළි –

මෙහිලා ත්‍රිපිටකධර චූලාභය තෙරණුවෝ, “ඇවැත්නි, ආකාසකසිණ සමාපත්තිය කිනම් ප්‍රයෝජනයක් සඳහාද? කිම, ඇත් අස් ආදීන් මවනු කැමැත්තෙන් ‘හත්‍ථි’ ‘අස්ස’ ආදී කසිණයකට සමවදීද? කවර හෝ කසිණයෙක්හි පිරියම්කොට ලබාගත් අෂ්ට සමාපත්ති විෂයෙහි වශීභාවයම ප්‍රමාණ නොවේද? යම් යම් දෙයක් කැමැති වේ. ඒ ඒ දෙයම සිද්ධ නොවේදැ?”යි කීහ. භික්‍ෂූහු, “ස්වාමීනි, ආකාස කසිණයම පෙළෙහි ආයේය, මෙය අවශ්‍යයයි කිවයුතුය”යි කීහ. එහි පෙළ මෙසේය:-

“පකතියා ආකාසකසිණසමාපත‍්තියා ලාභී හොති. තිරොකුට‍්ටං තිරොපාකාරං තිරොපබ‍්බතං ආවජ‍්ජති. ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති – ‘ආකාසො හොතූ’ති. ආකාසො හොති. තිරොකුට‍්ටං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති. යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො කෙනචි අනාවටෙ අපරික‍්ඛිත‍්තෙ අසජ‍්ජමානා ගච‍්ඡන‍්ති, එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො තිරොකුට‍්ටං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති, සෙය්‍යථාපි ආකාසෙ”ති (පටි· ම· 3.11).

ප්‍රකෘති වශයෙන් ආකාසකසිණසමාපත්තිලාභියෙක් වේ, බිත්ති අතරින්, පවුරු අතරින්, පර්වත අතරින් ආවර්ජන කරයි, ආවර්ජනය කොට ඥානයෙන් ‘අහස බවට පත් වේවා’යි අධිෂ්ඨාන කරයි, අහස බවට පත් වෙයි, බිත්ති අතරින්, පවුරු අතරින් පර්වත අතරින් නොපැකිල යයි, යම්සේ ප්‍රකෘතියෙන් සෘද්ධිමත් නොවූ මනුෂ්‍යයෝ කිසිවෙකින් නොඇරුණු නොවැසුණු තැනෙක නොගැටෙමින් යෙත්ද, එසේම ඒ සෘද්ධිමත් යෝගාවචර තෙමේ චිත්තවශීභාවයට පත්වූයේ බිත්ති අතරින්, පවුරු අතරින්, පර්වත අතරින් අහසෙහි මෙන් නොගැටී යෙයි.

සචෙ පනස‍්ස භික‍්ඛුනො අධිට‍්ඨහිත්‍වා ගච‍්ඡන‍්තස‍්ස අන‍්තරා පබ‍්බතො වා රුක‍්ඛො වා උට‍්ඨෙති, කිං පුන සමාපජ‍්ජිත්‍වා අධිට‍්ඨාතබ‍්බන‍්ති? දොසො නත්‍ථි. පුන සමාපජ‍්ජිත්‍වා අධිට‍්ඨානං හි උපජ‍්ඣායස‍්ස සන‍්තිකෙ නිස‍්සයග‍්ගහණසදිසං හොති. ඉමිනා ච පන භික‍්ඛුනා ආකාසො හොතූති අධිට‍්ඨිතත‍්තා ආකාසො හොතියෙව. පුරිමාධිට‍්ඨානබලෙනෙව චස‍්ස අන‍්තරා අඤ‍්ඤො පබ‍්බතො වා රුක‍්ඛො වා උතුමයො උට‍්ඨහිස‍්සතීති අට‍්ඨානමෙවෙතං. අඤ‍්ඤෙන ඉද‍්ධිමතා නිම‍්මිතෙ පන පඨමනිම‍්මානං බලවං හොති. ඉතරෙන තස‍්ස උද‍්ධං වා අධො වා ගන‍්තබ‍්බං.

ඉදින් එසේ අධිෂ්ඨානකොට යනවිට ඒ භික්‍ෂූහට අතරතුර පර්වතයක් හෝ රුකක් හෝ පැනනැංගහොත් යලි සමවැද අධිෂ්ඨාන කළයුතු වන්නේද දොසෙක් නැත, යලි සමවැද අධිෂ්ඨාන කිරීම උපාධ්‍යායයන් සමීපයෙහි නිස ගැනීම හා සමාන වේ. (මුල සිට යාමක් වන එය අනවශ්‍යය). මේ භික්‍ෂුව විසින් ‘අහස බවට පත් වේවා’යි අධිෂ්ඨාන කළ හෙයින් අහස බවට පත්වේමය. පළමු අධිෂ්ඨාන බලය හේතුකොටගෙනම අතරතුර ඔහුට සෘතුමය වූ අනෙක් පර්වතයක් හෝ රුකක් හෝ පැනනඟිතැ’යි යන මෙය සිදුවනු නොහැක්කේමය. වෙනත් ඍද්ධිමතකු විසින් මවන ලද්දක් නම්, පළමු මැවීම බලවත් වේ. අනෙකකු විසින් එයට උඩින් හෝ යටින් හෝ යායුතුය.

පථවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජන‍්ති එත්‍ථ උම‍්මුජ‍්ජන‍්ති උට‍්ඨානං වුච‍්චති. නිමුජ‍්ජන‍්ති සංසීදනං. උම‍්මුජ‍්ජඤ‍්ච නිමුජ‍්ජඤ‍්ච උම‍්මුජ‍්ජනිමුජ‍්ජං. එවං කාතුකාමෙන ආපොකසිණං සමාපජ‍්ජිත්‍වා උට‍්ඨාය එත‍්තකෙ ඨානෙ පථවී උදකං හොතූති පරිච‍්ඡින්‍දිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාතබ‍්බං. සහ අධිට‍්ඨානෙන යථා පරිච‍්ඡින‍්නෙ ඨානෙ පථවී උදකමෙව හොති. සො තත්‍ථ උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති. තත්‍රායං පාළි –

පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං යන මෙහි, ‘උම්මුජ්ජං’ යනු මතුවීම යයිද ‘නිමුජ්ජං’ යනු කිමිදීම යයිද කියනු ලැබේ, උම්මුජ්ජයද නිමුජ්ජයදැයි යන ද්වන්‍දය උම්මුජ්ජනිමුජ්ජයි. මෙසේ (මතුවීම හා කිමිදීම) කරනු කැමැත්තහු විසින් ආපෝකසිණයට සමවැද එයින් නැගී ‘මෙතෙක් තැන් පොළොව ජලය බවට පත් වේවා’යි පිරිසිඳ, පිරියම් කොට, යටකී නයින්ම අධිෂ්ඨාන කළයුතුය, අධිෂ්ඨානය හා සමගම පිරිසිඳි තැන් දක්වා පොළොව ජලය බවට පත්වේ. හේ තෙමේ එහි මතුවීම හා කිමිදීම කරයි. එහි පෙළ මෙසේයි:-

“පකතියා ආපොකසිණසමාපත‍්තියා ලාභී හොති. පථවිං ආවජ‍්ජති. ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති – ‘උදකං හොතූ’ති. උදකං හොති. සො පථවියා උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති. යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො උදකෙ උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොන‍්ති, එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො පථවියා උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති, සෙය්‍යථාපි උදකෙ”ති (පටි· ම· 3.11).

‘ප්‍රකෘතියෙන් ආපෝකසිණ-සමාපත්ති-ලාභියෙක් වේ. පෘථිවිය ආවර්ජනය කරයි, එවිට ජලය බවට පත්වෙයි, හේ තෙමේ පොළොවෙහි මතුවීම හා කිමිදීම කරයි, ප්‍රකෘතියෙන් සෘද්ධිමත් නොවූ මනුෂ්‍යයෝ ජලයෙහි මතුවීම හා කිමිදීම කරන විලාශයෙනි. මේ ආකාරයෙන්ම ඒ ඍද්ධිමත් පුද්ගල තෙමේ චිත්ත වශීභාවයට පැමිණියේ දියෙහි සෙයින් ගොඩතන්හි මතුවීම හා කිමිදීම කරයි.”

න කෙවලඤ‍්ච උම‍්මුජ‍්ජනිමුජ‍්ජමෙව, න‍්හානපානමුඛධොවනභණ‍්ඩකධොවනාදීසු යං යං ඉච‍්ඡති, තං තං කරොති. න කෙවලඤ‍්ච උදකමෙව, සප‍්පිතෙලමධුඵාණිතාදීසුපි යං යං ඉච‍්ඡති, තං තං ඉදඤ‍්චිදඤ‍්ච එත‍්තකං හොතූති ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා අධිට‍්ඨහන‍්තස‍්ස යථාධිට‍්ඨිතමෙව හොති. උද‍්ධරිත්‍වා භාජනගතං කරොන‍්තස‍්ස සප‍්පි සප‍්පිමෙව හොති. තෙලාදීනි තෙලාදීනියෙව. උදකං උදකමෙව. සො තත්‍ථ තෙමිතුකාමොව තෙමෙති, න තෙමිතුකාමො න තෙමෙති. තස‍්සෙව ච සා පථවී උදකං හොති සෙසජනස‍්ස පථවීයෙව. තත්‍ථ මනුස‍්සා පත‍්තිකාපි ගච‍්ඡන‍්ති, යානාදීහිපි ගච‍්ඡන‍්ති, කසිකම‍්මාදීනිපි කරොන‍්තියෙව. සචෙ පනායං තෙසම‍්පි උදකං හොතූති ඉච‍්ඡති, හොතියෙව. පරිච‍්ඡින‍්නකාලං පන අතික‍්කමිත්‍වා යං පකතියා ඝටතළාකාදීසු උදකං, තං ඨපෙත්‍වා අවසෙසං පරිච‍්ඡින‍්නට‍්ඨානං පථවීයෙව හොති.

හුදෙක් මතුවීම් කිමිදීම් පමණක් නොවේ, නෑම්, බීම්, මුව දෙවීම්, බඩු සේදීම් ආදිය අතුරෙන් යමක් යමක් කැමැති වේද, ඒ ඒ දෙය කරයි, හුදෙක් ජලයම නොවේ, ගී, තෙල්, මී පැණි ආදී ද්‍රාවයන් අතුරෙන් යමක් යමක් කැමැති වේද, ඒ ඒ දෙය ‘මේ මේ දෙය මෙතෙක් මෙතෙක් වේවා’යි ආවර්ජනය කොට පිරියම්ද කොට අධිෂ්ඨාන කළ විට අධිෂ්ඨානය සෙයින්ම සිද්ධ වේ. වෙන්කොට බඳුනකට ගත් කල (කැමැතිවූයේ) ගී නම් ගීම වෙයි, තෙල් ආදියම වෙයි, ජලය නම් ජලයම වෙයි. හේ තෙමේ එහි තෙමෙනු කැමැති නම් තෙමෙයි, නොතෙමෙනු කැමැති නම් නොතෙමෙයි. ඔහුට පමණක් එම ගොඩතැන් ජලය වෙයි, සෙසු ජනයාහට ගොඩතැන්ම වෙයි, එහි ජනයා පාගමනින්ද යෙති, යාන ආදියෙන්ද යෙති, ගොවිතැන් ආදියද කෙරෙත්මය. ඉදින් ඔවුනටද ජලය වේවා’යි රිසි වේනම් එසේම වෙයි. පිරිසිඳි කාලසීමාව ඉකුත්වූ විට, යමක් ප්‍රකෘතියෙන් කළ, විල් ආදී දිය තැන් වෙතොත්, ඒ තැන් හැර සෙසු පිරිසිඳි තැන් ගොඩතැන් බවටම පත් වෙයි.

උදකෙපි අභිජ‍්ජමානෙති එත්‍ථ යං උදකං අක‍්කමිත්‍වා සංසීදති, තං භිජ‍්ජමානන‍්ති වුච‍්චති. විපරීතං අභිජ‍්ජමානං. එවං ගන‍්තුකාමෙන පන පථවීකසිණං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය එත‍්තකෙ ඨානෙ උදකං පථවී හොතූති පරිච‍්ඡින්‍දිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාතබ‍්බං. සහ අධිට‍්ඨානෙන යථා පරිච‍්ඡින‍්නට‍්ඨානෙ උදකං පථවීයෙව හොති. සො තත්‍ථ ගච‍්ඡති, තත්‍රායං පාළි –

උදකෙපි අභිජ්ජමානෙ යන මෙහි, යම් ජලයකට බටවිට ගිලේද එය ‘භිජ්ජමාන’ (බිඳෙන) යයි කියනු ලැබේ, එසේ නොවනුයේ ‘අභිජ්ජමාන’යි. මේ ආකාරයෙන් (නොගිලී) දියෙහි යනු කැමැත්තහු විසින් පඨවිකසිණයට සමවැද එයින් නැගී “මෙතෙක් තැන් ජලය ගොඩ බවට පත්වේවා”යි පිරිසිඳ, පිරියම් කොට, කී නයින්ම අධිෂ්ඨාන කළයුතුය, අධිෂ්ඨානය හා සමගම පිරිසිඳි තන්හි ජලය ගොඩ බවට පත්වෙයි. හේ තෙමේ එහි ගමන් කරයි.

“පකතියා පථවීකසිණසමාපත‍්තියා ලාභී හොති. උදකං ආවජ‍්ජති. ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති – ‘පථවී හොතූ’ති. පථවී හොති. සො අභිජ‍්ජමානෙ උදකෙ ගච‍්ඡති. යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො අභිජ‍්ජමානාය පථවියා ගච‍්ඡන‍්ති, එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අභිජ‍්ජමානෙ උදකෙ ගච‍්ඡති, සෙය්‍යථාපි පථවිය”න‍්ති (පටි· ම· 3.11).

එහි පෙළ මෙසේයි:- ‘ප්‍රකෘතියෙන් පඨවීකසිණ - සමාපත්තිලාභියෙක් වෙයි, හේ තෙමේ ජලය ආවර්ජනය කරයි. ආවර්ජනයකොට “ගොඩ බවට පත් වේවා”යි අධිෂ්ඨාන කරයි. ගොඩ බවට පත් වෙයි. හේ තෙමේ නොගැලී ජලය මත ගමන් කරයි. ප්‍රකෘතියෙන් ඍද්ධිමත් නොවූ මනුෂ්‍යයෝ යම්සේ ගොඩ තන්හි නොගිලී ගමන් කරත්ද, එසේම ඍද්ධිමත් තෙමේ චිත්තවශීතාවට පැමිණියේ ජලය මත ගොඩ තන්හි මෙන් නොගැලී ගමන් කරයි”

න කෙවලඤ‍්ච ගච‍්ඡති, යං යං ඉරියාපථං ඉච‍්ඡති, තං තං කරොති. න කෙවලඤ‍්ච පථවිමෙව කරොති, මණිසුවණ‍්ණපබ‍්බතරුක‍්ඛාදීසුපි යං යං ඉච‍්ඡති, තං තං වුත‍්තනයෙනෙව ආවජ‍්ජිත්‍වා අධිට‍්ඨාති, යථාධිට‍්ඨිතමෙව හොති. තස‍්සෙව ච තං උදකං පථවී හොති, සෙසජනස‍්ස උදකමෙව, මච‍්ඡකච‍්ඡපා ච උදකකාකාදයො ච යථාරුචි විචරන‍්ති. සචෙ පනායං අඤ‍්ඤෙසම‍්පි මනුස‍්සානං තං පථවිං කාතුං ඉච‍්ඡති, කරොතියෙව. පරිච‍්ඡින‍්නකාලාතික‍්කමෙන පන උදකමෙව හොති.

හුදෙක් ගමන් කරනු පමණක් නොවේ, යම් යම් ඉරියව්වක් කැමැති වේද, ඒ ඒ ඉරියව්ව පවත්වයි. හුදෙක් ගොඩබවටම පත් කරනුයේ නොවේ. මැණික්, රන්, පර්වත, වෘක්‍ෂාදීන් අතුරෙන් යමක් යමක් කැමැති වේනම්, ඒ ඒ දෙය යටකී නයින්ම ආවර්ජනය කොට අධිෂ්ඨාන කරයි, අධිෂ්ඨාන කළ ලෙසින්ම සිද්ධ වේ. ඔහුටම පමණක් එම ජලය ගොඩතැන් වෙයි, සෙසු ජනයාහට ජලයම වෙයි. මස්, කැසුබ්, දියකා ආදීහුද එහි සිත් සේ හැසිරෙති. ඉදින් මේ තෙමේ සෙසු ජනයාහටද එම ජලය ගොඩබවට පත්කරනු රිසියේ නම්, එසේ කෙරේමය. පිරිසිඳි කාලසීමාව ඉකුත්වූවිට ජලයම වෙයි.

පල‍්ලඞ‍්කෙන කමතීති පල‍්ලඞ‍්කෙන ගච‍්ඡති. පක‍්ඛී සකුණොති පක‍්ඛෙහි යුත‍්තසකුණො. එවං කාතුකාමෙන පන පථවීකසිණං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය සචෙ නිසින‍්නො ගන‍්තුමිච‍්ඡති, පල‍්ලඞ‍්කප‍්පමාණං ඨානං පරිච‍්ඡින්‍දිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාතබ‍්බං. සචෙ නිපන‍්නො ගන‍්තුකාමො හොති මඤ‍්චප‍්පමාණං, සචෙ පදසා ගන‍්තුකාමො හොති මග‍්ගප‍්පමාණන‍්ති එවං යථානුරූපං ඨානං පරිච‍්ඡින්‍දිත්‍වා වුත‍්තනයෙනෙව පථවී හොතූති අධිට‍්ඨාතබ‍්බං, සහ අධිට‍්ඨානෙන පථවීයෙව හොති. තත්‍රායං පාළි –

පල්ලඞ්කෙන කමති යනු, පර්යංකයෙන් හිඳගෙන ගමන් කරයි. පක්‍ඛී සකුණො යනු, පියාපත් ඇති පක්‍ෂියකු මෙනි. මෙසේ කරනු කැමැත්තහු විසින් පඨවීකසිණයට සමවැද එයින් නැගී, ඉදින් හිඳගෙන ගමන් කරනු කැමැත්තේ නම් පර්යංකප්‍රමාණ වූ තැන් පිරිසිඳ, පිරියම්කොට යටකී නයින්ම අධිෂ්ඨාන කළයුතුය. ඉදින් වැතිරීගත් ලෙසින් යන කැමැත්තේ නම් ඇඳක් පමණ තැන්ද, පාගමනින් යනු කැමැත්තේ නම් අඩිපාරක් පමණ තැන්දැයි මෙසේ නිසි පමණ තැන් පිරිසිඳ යටකී නයින්ම ‘ගොඩ වේවා’යි අධිෂ්ඨාන කළයුතුය, අධිෂ්ඨානය හා සමගම ගොඩතැන් බවට පත්වේ. එහි පෙළ මෙසේය:-

“ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමති, සෙය්‍යථාපි පක‍්ඛී සකුණොති. පකතියා පථවීකසිණසමාපත‍්තියා ලාභී හොති, ආකාසං ආවජ‍්ජති. ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති – ‘පථවී හොතූ’ති. පථවී හොති. සො ආකාසෙ අන‍්තලික‍්ඛෙ චඞ‍්කමතිපි තිට‍්ඨතිපි නිසීදතිපි සෙය්‍යම‍්පි කප‍්පෙති. යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො පථවියං චඞ‍්කමන‍්තිපි…පෙ… සෙය්‍යම‍්පි කප‍්පෙන‍්ති, එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො ආකාසෙ අන‍්තලික‍්ඛෙ චඞ‍්කමතිපි…පෙ… සෙය්‍යම‍්පි කප‍්පෙතී”ති (පටි· ම· 3.11).

‘ආකාශයෙහිද පියාපත් ඇති පක්‍ෂියකු සෙයින් පර්යංකයෙන් හිඳ ගමන්කරයි’ (ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්‍ඛී සකුණො) ප්‍රකෘතියෙන් පඨවීකසිණ සමාපත්ති-ලාභී වේ, ආකාශය ආවර්ජනකොට, ගොඩ තැන් වේවායි ඥානයෙන් අධිෂ්ඨාන කරයි, ගොඩ තැන් වෙයි. හේ තෙමේ අන්තරීක්‍ෂ ආකාශයෙහි සක්මන් කරයි, ගොඩ තැන් වෙයි. හේ තෙමේ අන්තරීක්‍ෂ ආකාශයෙහි සක්මන් කරයි, සිටියි, හිඳියි, සයනයද කරයි. ප්‍රකෘතියෙන් ඍද්ධිමත් නොවූ මනුෂ්‍යයෝ යම්සේ පොළෝමත සක්මන් කරත්ද, -පෙ- සයනය කරත්ද, එසේම ඒ සෘද්ධිමත් තෙමේ චිත්තවශීතාවට පැමිණියේ අන්තරීක්‍ෂ ආකාශයෙහි සක්මන් කරයි -පෙ- සයනයද කරයි.

ආකාසෙ ගන‍්තුකාමෙන ච භික‍්ඛුනා දිබ‍්බචක‍්ඛුලාභිනාපි භවිතබ‍්බං. කස‍්මා? අන‍්තරෙ උතුසමුට‍්ඨානා වා පබ‍්බතරුක‍්ඛාදයො හොන‍්ති, නාගසුපණ‍්ණාදයො වා උසූයන‍්තා මාපෙන‍්ති, නෙසං දස‍්සනත්‍ථං. තෙ පන දිස‍්වා කිං කාතබ‍්බන‍්ති? පාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ආකාසො හොතූති පරිකම‍්මං කත්‍වා අධිට‍්ඨාතබ‍්බං. ථෙරො පනාහ “සමාපත‍්තිසමාපජ‍්ජනං, ආවුසො, කිමත්‍ථියං, නනු සමාහිතමෙවස‍්ස චිත‍්තං, තෙන යං යං ඨානං ආකාසො හොතූති අධිට‍්ඨාති, ආකාසොයෙව හොතී”ති. කිඤ‍්චාපි එවමාහ, අථ ඛො තිරොකුට‍්ටපාරිහාරියෙ වුත‍්තනයෙනෙව පටිපජ‍්ජිතබ‍්බං.

අහසින් යනු කැමැති භික්‍ෂුව දිවැස් ලද්දකුද වියයුතුය. කවර හෙයින්ද? අතරමග ඍතුවිපර්යාසයෙන් උපන් පර්වත වෘක්‍ෂාදිය වේ, නාග සුපර්ණාදීහු හෝ ඊර්ෂ්‍යාසහගත සිතින් එබඳු දෑ මවති, ඒවා දකිනු පිණිසයි. ඒවා දැක කුමක් කළ යුතුද? පාදකධ්‍යානයට සමවැද එයින් නැගී ‘අහස බවට පත් වේවා’යි පිරියම්කොට අධිෂ්ඨාන කළයුතුය. ත්‍රිපිටකචූලාභය තෙරණුවෝ වනාහි, ‘ඇවැත්නි, සමාපත්තියට සමවැදීම කවර අර්ත්‍ථයක් සඳහාද? මේ යෝගියාගේ සිත සමාහිත වූයේම නොවේද? එහෙයින් යම් යම් තැනක් ආකාශය බවට යේවා!යි අධිෂ්ඨාන කළහොත් ඒ ඒ තැන ආකාශය බවටම පත්වේ’ යයි කීහ. යලි මෙසේද කීහ. ‘ඉක්බිති තිරෝකුඩ්ඩ ප්‍රාතිහාර්යයෙහි කී නයින්ම පිළිපැදිය යුතුය.

අපිච ඔකාසෙ ඔරොහණත්‍ථම‍්පි ඉමිනා දිබ‍්බචක‍්ඛුලාභිනා භවිතබ‍්බං, අයඤ‍්හි සචෙ අනොකාසෙ න‍්හානතිත්‍ථෙ වා ගාමද‍්වාරෙ වා ඔරොහති. මහාජනස‍්ස පාකටො හොති. තස‍්මා දිබ‍්බචක‍්ඛුනා පස‍්සිත්‍වා අනොකාසං වජ‍්ජෙත්‍වා ඔකාසෙ ඔතරතීති.

තවද නිසි අවකාශයෙහි බැසීම සඳහාද දිවැස් ලද්දකු වියයුතුය, ඉදින් නහනතොට හෝ ගම්දොර වැනි නොනිසි තැනෙක්හි බටහොත් මහජනයාහට ප්‍රකට වේ. එහෙයින් දිවැසින් බලා නොනිසි තැන් හැර නිසි තන්හි බස්නේය’යි කීහ.

ඉමෙපි චන්‍දිමසූරියෙ එවංමහිද‍්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ‍්ජතීති එත්‍ථ චන්‍දිමසූරියානං ද‍්වාචත‍්තාලීසයොජනසහස‍්සස‍්ස උපරි චරණෙන මහිද‍්ධිකතා, තීසු දීපෙසු එකක‍්ඛණෙ ආලොකකරණෙන මහානුභාවතා වෙදිතබ‍්බා. එවං උපරි චරණආලොකකරණෙහි වා මහිද‍්ධිකෙ තෙනෙව මහානුභාවෙ. පරාමසතීති පරිග‍්ගණ‍්හති එකදෙසෙ වා ඡුපති. පරිමජ‍්ජතීති සමන‍්තතො ආදාසතලං විය පරිමජ‍්ජති. අයං පනස‍්ස ඉද‍්ධි අභිඤ‍්ඤාපාදකජ‍්ඣානවසෙනෙව ඉජ‍්ඣති, නත්‍ථෙත්‍ථ කසිණසමාපත‍්තිනියමො. වුත‍්තඤ‍්හෙතං පටිසම‍්භිදායං –

මෙවන් මහා සෘද්ධි ඇති මහානුභාව ඇති මේ චන්‍ද්‍ර සූර්යයන් පවා අතින් අල්ලයි, පිරිමදියි (ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති) යන මෙහි, චන්‍ද්‍රසූර්ය දෙදෙනා දෙසාළිස්දහසක් යොදුන් මත්තෙහි හැසිරෙන හෙයින් මහර්ද්ධිකතාවද, මහාද්වීපත්‍රයයෙක්හි එකවිට ආලෝකය පතුරුවන හෙයින් මහානුභාවතාවද දතයුතුය. නොහොත් මේ ආකාරයෙන් ඉහළ ආකාශයෙහි හැසිරීම හා ආලෝකය පැතිරවීම හේතුකොට මහර්ධි ඇති, එහෙයින්ම මහානුභාව ඇති චන්‍ද්‍රසූර්යයන් ‘පරාමසති’ යනු මුළුමනින් ග්‍රහණය කරයි, එක් කොටසක් හෝ ස්පර්ශ කරයි. ‘පරිමජ්ජති’ යනු, කැටපත් මුහුණතක් සෙයින් මුළුමනින් පිරිමදියි. මොහුගේ මේ සෘද්ධිය අභිඥාපාදකධ්‍යාන වශයෙන්ම සිද්ධ වේ. මෙහි කසිණ සමාපත්ති නියමයෙක් නැති. පටිසම්භිදාවෙහි මෙසේ කියන ලද්දේමය:-

“ඉමෙපි චන්‍දිමසූරියෙ…පෙ… පරිමජ‍්ජතීති ඉධ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො චන්‍දිමසූරියෙ ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති – ‘හත්‍ථපාසෙ හොතූ’ති. හත්‍ථපාසෙ හොති. සො නිසින‍්නකො වා නිපන‍්නකො වා චන්‍දිමසූරියෙ පාණිනා ආමසති පරාමසති පරිමජ‍්ජති. යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො කිඤ‍්චිදෙව රූපගතං හත්‍ථපාසෙ ආමසන‍්ති පරාමසන‍්ති පරිමජ‍්ජන‍්ති, එවමෙව සො ඉද‍්ධිමා…පෙ… පරිමජ‍්ජතී”ති (පටි· ම· 3.12).

‘ඉමෙ චන්‍දිමසුරියෙ -පෙ- පරිමජ්ජති’ යන මෙහි, ඒ ඍද්ධිමත් යෝගී තෙමේ චිත්තවශීතාවට පැමිණියේ චන්‍ද්‍රසූර්යයන් ආවර්ජනය කරයි, එවිට ‘අත්ලෙහි සිටීවා’යි ඥානයෙන් අධිෂ්ඨාන කරයි, එවිට අත්ලෙහි පිහිටයි, හේ තෙමේ හුන්නේ හෝ වේවා, හොත්තේ හෝ වේවා, චන්‍ද්‍රසූර්යයන් අතින් අල්ලයි, ගනියි, පිරිමදියි, යම්සේ ප්‍රකෘතියෙන් ඍද්ධිමත් නොවූ මනුෂ්‍යයෝ කිසියම් රූපගත වස්තුවක් අත්ලෙන් අල්ලත්ද, ගනිත්ද, පිරිමදිත්ද, එසේම ඒ සෘද්ධිමත් පුද්ගල තෙමේ -පෙ-පිරිමදියි.”

ස‍්වායං යදි ඉච‍්ඡති ගන‍්ත්‍වා පරාමසිතුං, ගන‍්ත්‍වා පරාමසති, යදි පන ඉධෙව නිසින‍්නකො වා නිපන‍්නකො වා පරාමසිතුකාමො හොති, හත්‍ථපාසෙ හොතූති අධිට‍්ඨාති, අධිට‍්ඨානබලෙන වණ‍්ටා මුත‍්තතාලඵලං විය ආගන‍්ත්‍වා හත්‍ථපාසෙ ඨිතෙ වා පරාමසති, හත්‍ථං වා වඩ‍්ඪෙත්‍වා. වඩ‍්ඪෙන‍්තස‍්ස පන කිං උපාදිණ‍්ණකං වඩ‍්ඪති, අනුපාදිණ‍්ණකන‍්ති? උපාදිණ‍්ණකං නිස‍්සාය අනුපාදිණ‍්ණකං වඩ‍්ඪති.

ඉදින් ළඟට ගොස් අල්ලනු කැමැත්තේ නම් ළඟට ගොස් අල්ලයි. ඉදින් හුන්වනම හෝ හොත් වනම අල්ලනු කැමැත්තේ නම්, අත්ලෙහි සිටීවා’යි අධිෂ්ඨාන කරයි. එම අධිෂ්ඨාන බලයෙන් නටුවෙන් ගිලිහුණ තල්ගෙඩියක් සෙයින් අවුත් අත්ලෙහි පිහිටි කල හෝ අල්ලයි. අතෙහි ප්‍රමාණය වැඩිකොට හෝ අල්ලයි. එසේ වැඩි කරනවිට උපදින්නකය (හෙවත් ස්ව-ශරිර වශයෙන් ගන්නා ලද භෞතික කොටස්) වැඩි කෙරේද? නැතහොත් අනුපාදින්නකය (හෙවත් ගන්නා ලද දෙයින් බැහැරවූ කොටස්) වැඩි කෙරේද? ගන්නා ලද දෙය මගින් නොගන්නාලද දෙය වැඩි කෙරේ.

තත්‍ථ තිපිටකචූළනාගත්‍ථෙරො ආහ “කිං පනාවුසො, උපාදිණ‍්ණකං ඛුද‍්දකම‍්පි මහන‍්තම‍්පි න හොති, නනු යදා භික‍්ඛු තාලච‍්ඡිද‍්දාදීහි නික‍්ඛමති, තදා උපාදිණ‍්ණකං ඛුද‍්දකං හොති. යදා මහන‍්තං අත‍්තභාවං කරොති, තදා මහන‍්තං හොති මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස වියා”ති.

මෙහිලා ත්‍රිපිටකධර චූලනාග තෙරණුවෝ මෙසේ කීහ:- ඇවැත්නි, ගන්නා ලද දෙය කුඩා හෝ මහත් හෝ විය නොහැකිද? යම් කලෙක භික්‍ෂු තෙමේ යතුරු සිදුරු ආදියෙන් නික්මේනම් එකල උපාදින්නකය (ග්‍රහණය කළ දෙය) කුඩා නොවේද? යම් කලෙක මහත්වූ ආත්මභාවයක් මවා ගනී නම්, එකල උපාදින්නකය මහත් නොවේද? මහමුගලන් තෙරුන් මෙනි.