යෙදුමෙන් කියවන්න

අභිඤ‍්ඤාකථා

අභිඤ‍්ඤාකථා

අභිඤ්ඤාකථා

ඉදානි යාසං ලොකිකාභිඤ‍්ඤානං වසෙන අයං සමාධිභාවනා අභිඤ‍්ඤානිසංසාති වුත‍්තා, තා අභිඤ‍්ඤා සම‍්පාදෙතුං යස‍්මා පථවීකසිණාදීසු අධිගතචතුත්‍ථජ‍්ඣානෙන යොගිනා යොගො කාතබ‍්බො. එවඤ‍්හිස‍්ස සා සමාධිභාවනා අධිගතානිසංසා චෙව භවිස‍්සති ථිරතරා ච, සො අධිගතානිසංසාය ථිරතරාය සමාධිභාවනාය සමන‍්නාගතො සුඛෙනෙව පඤ‍්ඤාභාවනං සම‍්පාදෙස‍්සති. තස‍්මා අභිඤ‍්ඤාකථං තාව ආරභිස‍්සාම.

ඉක්බිති යම් ලෞකික අභිඥාවන් පිළිබඳව ‘මේ සමාධිභාවනාව අභිඥාවන් ආනිශංසකොට ඇත්තේය’යි කියන ලද්දේද, එම අභිඥාවන් නිපදවීම පිණිස පඨවීකසිණ ආදියෙහිදී, ලබාගන්නාලද චතුර්ත්‍ථධ්‍යානයෙන් යුක්තවූ යෝගාවචරයා විසින් භාවනානුයෝගය කළයුතු වන්නේය. තවද මෙසේ ඒ යෝගාවචරයාගේ එම සමාධිභාවනාව ලබාගන්නා ලද ආනිශංස ඇත්තේ පමණක් නොව ඉතා තිරතරද වන්නේය, ලබාගන්නා ලද ආනිශංස ඇති ඉතා තහවුරු වූ සමාධිභාවනාවෙන් සමන්විත වූ ඒ යෝගාවචර තෙමේ පහසුවෙන්ම පඤ්ඤාභාවනාව (විදර්ශනා භාවනාව) සම්පාදනය කරන්නේය, එහෙයින් පළමුකොට අභිඥාවන් පිළිබඳ විස්තර කථාව ආරම්භ කරන්නෙමු.

භගවතා හි අධිගතචතුත්‍ථජ‍්ඣානසමාධීනං කුලපුත‍්තානං සමාධිභාවනානිසංසදස‍්සනත්‍ථඤ‍්චෙව උත‍්තරුත‍්තරි පණීතපණීතධම‍්මදෙසනත්‍ථඤ‍්ච “සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ඉද‍්ධිවිධාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙති. සො අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති එකොපි හුත්‍වා බහුධා හොතී”තිආදිනා (දී· නි· 1.238) නයෙන ඉද‍්ධිවිධං, දිබ‍්බසොතධාතුඤාණං, චෙතොපරියඤාණං, පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණං, සත‍්තානං චුතූපපාතෙ ඤාණන‍්ති පඤ‍්ච ලොකිකාභිඤ‍්ඤා වුත‍්තා.

භාග්‍යවතුන් වහන්සේ විසින් වනාහි ලබාගන්නා ලද චතුර්ත්‍ථධ්‍යාන සමාධි ඇති කුලපුත්‍රයනට සමාධි භාවනාවෙහි අනුසස් දක්වනු පිණිසද, මතුමත්තෙහි වඩ වඩා ප්‍රණීත වූ ධර්මයන් දේශනා කරනු පිණිසද, “මෙසේ සිත සමාධිගතව (සමාහිතෙ) පිරිසිදුව (පරිසුද්ධෙ) නිර්මලව (පරියොදාතෙ) කෙලෙස් රහිතව (අනඞ්ගණෙ) උපක්ලේශයන්ගෙන් තොරව (විගතූපක්කිලෙසෙ) මෘදුව (මුදුභූතෙ) කර්මයෝග්‍යව (කම්මනියෙ) සිටි කල්හි, අකම්ප්‍යභාවයට පත් වූ කල්හි (ආනෙඤ්ජප්පත්තෙ) ඒ යෝගාවචර තෙමේ ඉද්ධිවිධඤාණය පිණිස සිත මෙහෙයවයි, නැඹුරු කරවයි. හේ තෙමේ අනේකවිධ වූ සෘද්ධිවිශේෂයන් අනුභව කරයි, [missing trans]

තත්‍ථ එකොපි හුත්‍වා බහුධා හොතීතිආදිකං ඉද‍්ධිවිකුබ‍්බනං කාතුකාමෙන ආදිකම‍්මිකෙන යොගිනා ඔදාතකසිණපරියන‍්තෙසු අට‍්ඨසු කසිණෙසු අට‍්ඨ අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා –

එක් පුද්ගලයෙක්වම බොහෝ පුද්ගලයන් සෙයින් දිස්වෙයි” (එකොපි හුත්‍වා බහුධා හොති)” යන ආදී වශයෙන් සෘද්ධිමය ක්‍රියාවන් කරනු කැමැති ආධුනික යෝගාවචරයා විසින් පළමු කොට ඕදාතකසිණය තෙක් වූ කසිණ අටෙහි සමවත් අටක් අටක් නිපදවීමෙන් -

කසිණානුලොමතො, කසිණපටිලොමතො, කසිණානුලොමපටිලොමතො, ඣානානුලොමතො, ඣානපටිලොමතො, ඣානානුලොමපටිලොමතො, ඣානුක‍්කන‍්තිකතො, කසිණුක‍්කන‍්තිකතො, ඣානකසිණුක‍්කන‍්තිකතො, අඞ‍්ගසඞ‍්කන‍්තිතො, ආරම‍්මණසඞ‍්කන‍්තිතො, අඞ‍්ගාරම‍්මණසඞ‍්කන‍්තිතො, අඞ‍්ගවවත්‍ථාපනතො, ආරම‍්මණවවත්‍ථාපනතොති.

කසිණානුලෝම වශයෙන්ද, එසේම කසිණපටිලෝම වශයෙන්ද, කසිණානුලොමපටිලෝම වශයෙන්ද, ඣානානුලෝම වශයෙන්ද, ඣානපටිලෝම වශයෙන්ද, ඣානුලෝමපටිලෝම වශයෙන්ද, ඣානුක්කන්තික වශයෙන්ද, කසිණූක්කන්තික වශයෙන්ද, ඣානකසිණුක්කන්තික වශයෙන්ද, අඞ්ගසංකන්ති වශයෙන්ද, ආරම්මණසංකන්ති වශයෙන්ද, අඞ්ගාරම්මණසංකන්ති වශයෙන්ද, අඞ්ගවවත්‍ථාපන වශයෙන්ද, ආරම්මණවවත්‍ථාපන වශයෙන්දැයි යන -

ඉමෙහි චුද‍්දසහි ආකාරෙහි චිත‍්තං පරිදමෙතබ‍්බං.

මේ තුදුස් ආකාරයෙන් සිත මැනවින් දමනය කළයුතුය.

කතමං පනෙත්‍ථ කසිණානුලොමං…පෙ… කතමං ආරම‍්මණවවත්‍ථාපනන‍්ති. ඉධ භික‍්ඛු පථවීකසිණෙ ඣානං සමාපජ‍්ජති, තතො ආපොකසිණෙති එවං පටිපාටියා අට‍්ඨසු කසිණෙසු සතක‍්ඛත‍්තුම‍්පි සහස‍්සක‍්ඛත‍්තුම‍්පි සමාපජ‍්ජති, ඉදං කසිණානුලොමං නාම.

මෙහි කසිණානුලොම යනු කිමෙක්ද? -පෙ ආරම්මණවවත්‍ථාපන යනු කිමෙක්ද යත්:- මෙහි භික්‍ෂු තෙමේ පඨවිකසිණයෙහි ධ්‍යානයට සමවදියි, ඉක්බිති ආපෝකසිණයෙහිදැයි මෙසේ පිළිවෙළින් මුල් කසිණ අටෙහි සියක්වර දහසක්වර සමවදියි. මේ කසිණානුලෝම නමි.

ඔදාතකසිණතො පන පට‍්ඨාය තථෙව පටිලොමක‍්කමෙන සමාපජ‍්ජනං කසිණපටිලොමං නාම.

එසේම ඕදාතකසිණයෙහි පටන් ප්‍රතිලෝම වශයෙන් (අග සිට මුලට) සමවැදීම කසිණපටිලොම නමි.

පථවීකසිණතො පට‍්ඨාය යාව ඔදාතකසිණං, ඔදාතකසිණතොපි පට‍්ඨාය යාව පථවීකසිණන‍්ති එවං අනුලොමපටිලොමවසෙන පුනප‍්පුනං සමාපජ‍්ජනං කසිණානුලොමපටිලොමං නාම.

පඨවිකසිණයෙහි පටන් (මුල සිට අගට) ඕදාතකසිණය තෙක්ද, ඕදාතකසිණයෙහි පටන් (අග සිට මුලට) පඨවි කසිණය තෙක්දැයි මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවත නැවතත් සමවැදීම ‘කසිණානුලොම-පටිලොම’ නමි.

පඨමජ‍්ඣානතො පන පට‍්ඨාය පටිපාටියා යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං, තාව පුනප‍්පුනං සමාපජ‍්ජනං ඣානානුලොමං නාම.

ප්‍රථමධ්‍යානයෙහි පටන් පිළිවෙළින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක් නැවත නැවතත් සමවැදීම ඣානානුලෝම නමි.

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනතො පට‍්ඨාය යාව පඨමජ‍්ඣානං, තාව පුනප‍්පුනං සමාපජ‍්ජනං ඣානපටිලොමං නාම.

නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පටන් ප්‍රථම ධ්‍යානය තෙක් නැවත නැවතත් සමවැදීම ඣානපටිලෝම නමි.

පඨමජ‍්ඣානතො පට‍්ඨාය යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනතො පට‍්ඨාය යාව පඨමජ‍්ඣානන‍්ති එවං අනුලොමපටිලොමවසෙන පුනප‍්පුනං සමාපජ‍්ජනං ඣානානුලොමපටිලොමං නාම.

ප්‍රථමධ්‍යානයෙහි පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක්ද නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පටන් ප්‍රථමධ්‍යානය තෙක්දැයි මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවත නැවතත් සමවැදීම ඣානානුලොමපටිලොම නමි.

පථවීකසිණෙ පන පඨමං ඣානං සමාපජ‍්ජිත්‍වා තත්‍ථෙව තතියං සමාපජ‍්ජති, තතො තදෙව උග‍්ඝාටෙත්‍වා ආකාසානඤ‍්චායතනං, තතො ආකිඤ‍්චඤ‍්ඤායතනන‍්ති එවං කසිණං අනුක‍්කමිත්‍වා ඣානස‍්සෙව එකන‍්තරිකභාවෙන උක‍්කමනං ඣානුක‍්කන‍්තිකං නාම. එවං ආපොකසිණාදිමූලිකාපි යොජනා කාතබ‍්බා.

පඨවිකසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද එම කසිණයෙහිම තෘතීයධ්‍යානයට සමවදියි, ඉක්බිති එම ධ්‍යානය උගුළුවා ආකාසානඤ්චායතනයටද, ඉක්බිති ආකිඤ්චඤ්ඤායතනයටදැයි මෙසේ කසිණය නොඉක්මවා ධ්‍යානයම ඒකාන්තරික වශයෙන් (එකක් හැර එකක්) පැන යාම ඣානුක්කන්තික නමි. මේ ආකාරයෙන්ම ආපෝකසිණාදිය මුල් කොටද, යෝජනා කටයුතුය.

පථවීකසිණෙ පඨමං ඣානං සමාපජ‍්ජිත්‍වා පුන තදෙව තෙජොකසිණෙ, තතො නීලකසිණෙ, තතො ලොහිතකසිණෙති ඉමිනා නයෙන ඣානං අනුක‍්කමිත්‍වා කසිණස‍්සෙව එකන‍්තරිකභාවෙන උක‍්කමනං කසිණුක‍්කන‍්තිකං නාම.

පඨවි කසිණයෙහි ප්‍රථමධ්‍යානයට සමවැද නැවත එම ධ්‍යානයටම තේජෝකසිණයෙහිද, ඉක්බිති නීලකසිණයෙහිද, ඉක්බිති ලෝහිතකසිණයෙහිදැයි යන මේ නයින් ධ්‍යානය නො-ඉක්මවා කසිණයම ඒකාන්තරික වශයෙන් පැන යාම කසිණුක්කන්තික නමි.

පථවීකසිණෙ පඨමං ඣානං සමාපජ‍්ජිත්‍වා තතො තෙජොකසිණෙ තතියං, නීලකසිණං උග‍්ඝාටෙත්‍වා ආකාසානඤ‍්චායතනං, ලොහිතකසිණතො ආකිඤ‍්චඤ‍්ඤායතනන‍්ති ඉමිනා නයෙන ඣානස‍්ස චෙව කසිණස‍්ස ච උක‍්කමනං ඣානකසිණුක‍්කන‍්තිකං නාම.

පඨවි කසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද ඉක්බිති තේජෝ කසිණයෙහි තෘතීයධ්‍යානයටද නීලකසිණය උගුළුවා ආකාසානඤ්චායතනයටද, ලෝහිතකසිණයෙන් ආකිඤ්චඤ්ඤායතනයටදැයි යන මේ නයින් ධ්‍යානයද කසිණයද උලැඟීම ‘ඣානකසිණුක්කන්තික’ නමි.

පථවීකසිණෙ පන පඨමං ඣානං සමාපජ‍්ජිත්‍වා තත්‍ථෙව ඉතරෙසම‍්පි සමාපජ‍්ජනං අඞ‍්ගසඞ‍්කන‍්තිකං නාම.

පඨවීකසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද එම කසිණයෙහිම සෙසු ධ්‍යානයටද සමවැදීම ‘අංගසංකන්තික’ නමි

පථවීකසිණෙ පඨමං ඣානං සමාපජ‍්ජිත්‍වා තදෙව ආපොකසිණෙ…පෙ… තදෙව ඔදාතකසිණෙති එවං සබ‍්බකසිණෙසු එකස‍්සෙව ඣානස‍්ස සමාපජ‍්ජනං ආරම‍්මණසඞ‍්කන‍්තිකං නාම.

පඨවීකසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද එයටම ආපෝකසිණයෙහිද -පෙ- ඕදාත කසිණයෙහිදැයි මෙසේ සියලු කසිණයන්හි එක්ම ධ්‍යානයට සමවැදීම ‘ආරම්මණසංකන්තික’ නමි.

පථවීකසිණෙ පඨමං ඣානං සමාපජ‍්ජිත්‍වා ආපොකසිණෙ දුතියං, තෙජොකසිණෙ තතියං, වායොකසිණෙ චතුත්‍ථං, නීලකසිණං උග‍්ඝාටෙත්‍වා ආකාසානඤ‍්චායතනං, පීතකසිණතො විඤ‍්ඤාණඤ‍්චායතනං , ලොහිතකසිණතො ආකිඤ‍්චඤ‍්ඤායතනං, ඔදාතකසිණතො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති එවං එකන‍්තරිකවසෙන අඞ‍්ගානඤ‍්ච ආරම‍්මණානඤ‍්ච සඞ‍්කමනං අඞ‍්ගාරම‍්මණසඞ‍්කන‍්තිකං නාම.

පඨවීකසිණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැද, ආපෝකසිණයෙහි ද්විතීය ධ්‍යානයටද තේජෝකසිණයෙහි තෘතීය ධ්‍යානයටද, වායෝකසිණයෙහි චතුර්ත්‍ථධ්‍යානයටද, නීලකසිණය උගුළුවා ආකාසානඤ්චායතනයටද, පීතකසිණයෙහි විඤ්ඤානඤ්ඤායතනයටද, ලෝහිතකසිණයෙහි ආකිඤ්චඤ්ඤායතනටද, ඕදාත කසිණයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයටදැ’යි මෙසේ ඒකාන්තරික වශයෙන් අංගයෙන් ආරම්මණයට සංක්‍රමණය වීම අංගාරම්මණසංකන්තික නමි.

පඨමං ඣානං පන පඤ‍්චඞ‍්ගිකන‍්ති වවත්‍ථපෙත්‍වා දුතියං තිවඞ‍්ගිකං, තතියං දුවඞ‍්ගිකං, තථා චතුත්‍ථං ආකාසානඤ‍්චායතනං…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති එවං ඣානඞ‍්ගමත‍්තස‍්සෙව වවත්‍ථාපනං අඞ‍්ගවවත්‍ථාපනං නාම.

ප්‍රථමධ්‍යානය වනාහි පංචඞ්ගික (අංග පසක් ඇත්තේ) යයි ව්‍යවස්ථාපනය කොට, ද්විතීයධ්‍යානය තිවඞ්ගික (අංග තුනක් ඇත්තේ) ය, තෘතීයධ්‍යානය දුවඞ්ගික (අංග දෙකක් ඇත්තේ) ය, චතුර්ත්‍ථධ්‍යානයද, ආකාසානඤ්චායතනයද -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතනයද එසේම (ද්ව්‍යංගික) යයි මේ ආකාරයෙන් ධ්‍යානාංග මාත්‍රයම ව්‍යවස්ථාපනය කිරීම අංගවවත්‍ථාපන නමි.

තථා ඉදං පථවීකසිණන‍්ති වවත්‍ථපෙත්‍වා ඉදං ආපොකසිණං…පෙ… ඉදං ඔදාතකසිණන‍්ති එවං ආරම‍්මණමත‍්තස‍්සෙව වවත්‍ථාපනං ආරම‍්මණවවත්‍ථාපනං නාම . අඞ‍්ගාරම‍්මණවවත්‍ථාපනම‍්පි එකෙ ඉච‍්ඡන‍්ති. අට‍්ඨකථාසු පන අනාගතත‍්තා අද‍්ධා තං භාවනාමුඛං න හොති.

එසේ මේ පඨවිකසිණයයි ව්‍යවස්ථාපනය කොට, මේ ආපෝකසිණය, -පෙ- මේ ඕදාත කසිණයයි මෙසේ ආරම්මණමාත්‍රයම ව්‍යවස්ථාපනය කිරීම ආරම්මණවවත්‍ථාපන නමි. ඇතැමෙක් අංගාරම්මණවවත්‍ථාපනයද කැමැති වෙති, අටුවාහි නො-ආ හෙයින් ඒකාන්තයෙන් එය භාවනාමුඛයක් නොවේමය.

ඉමෙහි පන චුද‍්දසහි ආකාරෙහි චිත‍්තං අපරිදමෙත්‍වා පුබ‍්බෙ අභාවිතභාවනො ආදිකම‍්මිකො යොගාවචරො ඉද‍්ධිවිකුබ‍්බනං සම‍්පාදෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. ආදිකම‍්මිකස‍්ස හි කසිණපරිකම‍්මම‍්පි භාරො, සතෙසු සහස‍්සෙසු වා එකොව සක‍්කොති. කතකසිණපරිකම‍්මස‍්ස නිමිත‍්තුප‍්පාදනං භාරො, සතෙසු සහස‍්සෙසු වා එකොව සක‍්කොති. උප‍්පන‍්නෙ නිමිත‍්තෙ තං වඩ‍්ඪෙත්‍වා අප‍්පනාධිගමො භාරො, සතෙසු සහස‍්සෙසු වා එකොව සක‍්කොති. අධිගතප‍්පනස‍්ස චුද‍්දසහාකාරෙහි චිත‍්තපරිදමනං භාරො, සතෙසු සහස‍්සෙසු වා එකොව සක‍්කොති. චුද‍්දසහාකාරෙහි පරිදමිතචිත‍්තස‍්සාපි ඉද‍්ධිවිකුබ‍්බනං නාම භාරො, සතෙසු සහස‍්සෙසු වා එකොව සක‍්කොති. විකුබ‍්බනප‍්පත‍්තස‍්සාපි ඛිප‍්පනිසන‍්තිභාවො නාම භාරො, සතෙසු සහස‍්සෙසු වා එකොව ඛිප‍්පනිසන‍්තී හොති.

මෙකී තුදුස් ආකාරයෙන් සිත දමනයකොට භාවනා නොවැඩූවිරූ ආධුනික යෝගාවචරයකු සෘද්ධික්‍රියාවන් නිපදවති’යි යනු විද්‍යාමාන නොවේ. (සිදුවිය නොහැකිය). ආධුනිකයකුහට වනාහි කසිණභාවිතය පවා දුෂ්කරය, සියක් දෙනකු දහසක් දෙනකු අතුරෙන් එක්ම කෙනෙක් සමත් වෙති. කසිණ පරිකර්මයන් පුරුදු කළ අයකුහට පවා නිමිති ඉපැදවීම දුෂ්කරය, සියක් දෙනකු දහසක් දෙනකු අතුරෙන් එක්ම කෙනෙක් සමත් වෙති. අර්පණා ඉපැදවූ අයකුහට පවා තුදුස් ආකාරයෙන් සිත දමනය කිරීම දුෂ්කරය. සියක් දෙනකු දහසක් දෙනකු අතුරෙන් එක්ම කෙනෙක් සමත් වෙති. තුදුස් ආකාරයෙන් සිත දමනය කළ අයකුහට පවා ඍද්ධික්‍රියා නිපදවීම දුෂ්කරය, සියක් දෙනකු දහසක් දෙනකු අතුරෙන් එක්ම කෙනෙක් සමත් වෙති. සෘද්ධික්‍රියා ඉපැදවූ අයකුහට පවා යුහුව ධ්‍යානයට සමවැදීම දුෂ්කරය, සියක් දෙනකු දහසක් දෙනකු අතුරෙන් එක්ම කෙනෙක් සමත් වෙති.

ථෙරම‍්බත්‍ථලෙ මහාරොහණගුත‍්තත්‍ථෙරස‍්ස ගිලානුපට‍්ඨානං ආගතෙසු තිංසමත‍්තෙසු ඉද‍්ධිමන‍්තසහස‍්සෙසු උපසම‍්පදාය අට‍්ඨවස‍්සිකො රක‍්ඛිතත්‍ථෙරො විය. තස‍්සානුභාවො පථවීකසිණනිද‍්දෙසෙ (විසුද‍්ධි· 1.78 ආදයො) වුත‍්තොයෙව. තං පනස‍්සානුභාවං දිස‍්වා ථෙරො ආහ “ආවුසො, සචෙ රක‍්ඛිතො නාභවිස‍්ස සබ‍්බෙ ගරහප‍්පත‍්තා අස‍්සාම ‘නාගරාජානං රක‍්ඛිතුං නාසක‍්ඛිංසූ’ති. තස‍්මා අත‍්තනා ගහෙත්‍වා විචරිතබ‍්බං ආවුධං නාම මලං සොධෙත්‍වාව ගහෙත්‍වා විචරිතුං වට‍්ටතී”ති. තෙ ථෙරස‍්ස ඔවාදෙ ඨත්‍වා තිංසසහස‍්සාපි භික‍්ඛූ ඛිප‍්පනිසන‍්තිනො අහෙසුං.

ථේරම්බත්‍ථල ලෙණෙහි මහා රෝහණගුත්ත තෙරුන්හට ගිලන් උවටැන් පිණිස පැමිණි තිස්දහසක් පමණ සෘද්ධිමතුන් අතුරෙන් අටවස් උපසම්පදා ඇතිව සිටි රක්ඛිත නම් තෙරුන් සේය. ඔවුන්ගේ ආනුභාවය යට පඨවීකසිණ නිද්දේසයෙහි කියන ලද්දේමය. ඔවුන්ගේ එම ආනුභාව බලය දැක තෙරණුවෝ, ‘ඇවැත්නි, රක්ඛිත තෙරුන් මෙහි නොසිටිනුවට නාරජු රැක ගැන්මට නොසමත්වූහ’යි අපි සියල්ලෝම ගැරහීමට ලක්වන්නමෝය, එහෙයින් තමා විසින් ගෙන පරිහරණය කළයුතු ආයුධය මල සෝදා හැරම පරිහරණය කරනු වටනේය’යි කීහ. එම තිස්දහසක් භික්‍ෂූහු තෙරුන්ගේ අවවාදයෙහි පිහිටා ඛිප්පනිසන්ති (යුහුව ධ්‍යානයට සමවදිනු සමත්) බවට පත්වූහ.

ඛිප‍්පනිසන‍්තියාපි ච සති පරස‍්ස පතිට‍්ඨාභාවො භාරො, සතෙසු සහස‍්සෙසු වා එකොව හොති, ගිරිභණ‍්ඩවාහනපූජාය මාරෙන අඞ‍්ගාරවස‍්සෙ පවත‍්තිතෙ ආකාසෙ පථවිං මාපෙත්‍වා අඞ‍්ගාරවස‍්සපරිත‍්තාරකො ථෙරො විය.

ඛිප්පනිසන්තිභාවය ඇති කල්හි පවා පරහට පිහිටවිය හැකි බව ලැබීම දුෂ්කරය, සියක් දෙනකු දහසක් දෙනකු අතුරෙන් එක්ම කෙනෙක් පොහොසත් වෙති. ගිරිභණ්ඩවාහන පූජෝත්සවයෙහිදී මාරයා විසින් අඟුරුවැසි වස්වනවිට අහස්හි පොළොවක් මවා අඟුරු වැස්සෙන් රැකවරණ සැලසූ තෙරුන් සේය.

බලවපුබ‍්බයොගානං පන බුද‍්ධපච‍්චෙකබුද‍්ධඅග‍්ගසාවකාදීනං විනාපි ඉමිනා වුත‍්තප‍්පකාරෙන භාවනානුක‍්කමෙන අරහත‍්තපටිලාභෙනෙව ඉදඤ‍්ච ඉද‍්ධිවිකුබ‍්බනං අඤ‍්ඤෙ ච පටිසම‍්භිදාදිභෙදා ගුණා ඉජ‍්ඣන‍්ති. තස‍්මා යථා පිළන්‍ධනවිකතිං කත‍්තුකාමො සුවණ‍්ණකාරො අග‍්ගිධමනාදීහි සුවණ‍්ණං මුදුං කම‍්මඤ‍්ඤං කත්‍වාව කරොති, යථා ච භාජනවිකතිං කත‍්තුකාමො කුම‍්භකාරො මත‍්තිකං සුපරිමද‍්දිතං මුදුං කත්‍වා කරොති, එවමෙව ආදිකම‍්මිකෙන ඉමෙහි චුද‍්දසහාකාරෙහි චිත‍්තං පරිදමෙත්‍වා ඡන්‍දසීසචිත‍්තසීසවීරියසීසවීමංසාසීසසමාපජ‍්ජනවසෙන චෙව ආවජ‍්ජනාදිවසීභාවවසෙන ච මුදුං කම‍්මඤ‍්ඤං කත්‍වා ඉද‍්ධිවිධාය යොගො කරණීයො. පුබ‍්බහෙතුසම‍්පන‍්නෙන පන කසිණෙසු චතුත්‍ථජ‍්ඣානමත‍්තෙ චිණ‍්ණවසිනාපි කාතුං වට‍්ටති. යථා පනෙත්‍ථ යොගො කාතබ‍්බො, තං විධිං දස‍්සෙන‍්තො භගවා “සො එවං සමාහිතෙ චිත‍්තෙ”තිආදිමාහ.

පෙර පුරුදු කරන ලද බලවත් භාවනායෝග ඇති බුදු පසේබුදු අගසවු ආදීන්හට වනාහි යට කියන ලද ප්‍රකාර සහිත භාවනා ක්‍රමයෙන් තොරව පවා අර්හත්‍ව ප්‍රතිලාභ වශයෙන්ම මෙම සෘද්ධික්‍රියාමහිමයද පටිසම්භිදාදී භේද ඇති සෙසු ගුණ විශේෂයෝද සමෘද්ධ වෙති. එහෙයින්, යම්සේ පළඳනා වෙසෙසක් කරනු කැමැති රන්කරුවෙක් ගිනිපිඹීම් ආදී ක්‍රියාවෙන් රන් මෙලෙක් කොට, වැඩට හුරු කොටම එම පළදනාව තනාද, තවද යම්සේ බඳුන් වෙසෙසක් තනනු කැමැති කුඹල්කරුවෙක් මනා කොට මැටි අඹරා මෙලෙක් කොටම එම බඳුන තනාද, එසේම ආධුනික යෝගාවචරයා විසින් තුදුස් ආකාරයෙන් සිත මනාසේ දමනයකොට, ඡන්‍දය, චිත්තය, විරියය, වීමංසය යන සෘද්ධිපාදයන් පෙරටුකොට සමවැදීම් වශයෙන්ද, ආවර්ජනාදී වශීභාව වශයෙන්ද මුදුකොට කර්මණ්‍ය කොට සෘද්ධිවිධය පිණිස භාවනානුයෝග කටයුතුය. පූර්වහේතු ඇත්තහු විසින් වනාහි කසිණවිෂයෙහි (යටත් පිරිසෙයින්) චතුර්ත්‍ථ ධ්‍යානය පමණවූ චිණ්ණවසීභාවය ඇතිව එසේ කරනු වටනේය. මෙහිලා යම් ආකාරයෙකින් භාවනානුයෝගය කළයුතු වන්නේද, එම ආකාරය දක්වමින් භාග්‍යවතුන් වහන්සේ “සො එවං සමාහිතෙ චිත්තෙ” (මෙසේ සිත සමාධිගත වූ කල්හි ඒ යෝගාවචරයා) යන ආදිය වදාළහ.

තත්‍රායං පාළිනයානුසාරෙනෙව විනිච‍්ඡයකථා. තත්‍ථ සොති සො අධිගතචතුත්‍ථජ‍්ඣානො යොගී. එවන‍්ති චතුත්‍ථජ‍්ඣානක‍්කමනිදස‍්සනමෙතං. ඉමිනා පඨමජ‍්ඣානාධිගමාදිනා කමෙන චතුත්‍ථජ‍්ඣානං පටිලභිත්‍වාති වුත‍්තං හොති. සමාහිතෙති ඉමිනා චතුත්‍ථජ‍්ඣානසමාධිනා සමාහිතෙ. චිත‍්තෙති රූපාවචරචිත‍්තෙ. පරිසුද‍්ධෙතිආදීසු පන උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිභාවෙන පරිසුද‍්ධෙ. පරිසුද‍්ධත‍්තායෙව පරියොදාතෙ, පභස‍්සරෙති වුත‍්තං හොති. සුඛාදීනං පච‍්චයානං ඝාතෙන විහතරාගාදිඅඞ‍්ගණත‍්තා අනඞ‍්ගණෙ. අනඞ‍්ගණත‍්තායෙව විගතූපක‍්කිලෙසෙ. අඞ‍්ගණෙන හි තං චිත‍්තං උපක‍්කිලිස‍්සති. සුභාවිතත‍්තා මුදුභූතෙ, වසීභාවප‍්පත‍්තෙති වුත‍්තං හොති. වසෙ වත‍්තමානං හි චිත‍්තං මුදුන‍්ති වුච‍්චති. මුදුත‍්තායෙව ච කම‍්මනියෙ, කම‍්මක‍්ඛමෙ කම‍්මයොග‍්ගෙති වුත‍්තං හොති. මුදුං හි චිත‍්තං කම‍්මනියං හොති සුදන‍්තමිව සුවණ‍්ණං, තඤ‍්ච උභයම‍්පි සුභාවිතත‍්තායෙවාති. යථාහ “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යං එවං භාවිතං බහුලීකතං මුදුඤ‍්ච හොති කම‍්මනියඤ‍්ච, යථයිදං, භික‍්ඛවෙ, චිත‍්ත”න‍්ති (අ· නි· 1.22).

එහිලා පෙළෙහි ආ නයින්ම විනිශ්චය කථාව මෙසේය:- එහි සො යනු චතුර්ත්‍ථධ්‍යානලාභී යෝගාවචර තෙමේ, එවං යනු, චතුර්ත්‍ථධ්‍යානයට පැමිණීමේ ක්‍රමය දැක්වීමයි, ප්‍රථමධ්‍යානාදියට පැමිණීම ආදි මේ අනුක්‍රමයෙන් චතුර්ත්‍ථධ්‍යාන සමාධියෙන් සමාධිගත වූ කල්හි, චිත්තෙ යනු, රූපාවචර සිත, පරිසුද්ධෙ යන ආදියෙහි වනාහි, උපෙක්ඛාසතිපාරිසුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, පිරිසිදු වූ හෙයින්ම, පරියොදාතෙ යනු නිර්මල වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හියයි කී නියායි. සුඛාදී වූ ප්‍රත්‍යයන් නැසීමෙන් රාගාදී අංගණයන් නසන ලද හෙයින් අනඞ්ගණෙ, අනංගණ වූ කල්හි, අනංගණ වූ හෙයින්ම, විගතුපක්කිලෙසෙ, පහකරන ලද උපක්ලේශයන් ඇති කල්හි: අංගණ හෙවත් ක්ලේශයන් හේතුකොටගෙන සිත කිලුටුබවට යෙයි. මනාකොට වඩනාලද හෙයින් මුදුභූතෙ, මුදු බවට පත්වූ කල්හි, වශීභාවයට පත් වූ කල්හියයි කී නියායි වසඟයෙහි පවත්නා සිත මෘදුයයි කියනු ලැබේ. මුදු බැවින්ම කම්මනීයෙ, කර්මණ්‍ය වූ කල්හි, කර්මයෝග්‍ය වූ කල්හියයි කී නියායි. මුදු බවට පත්වූ සිත මනාකොට ගිනි පිඹීමෙන් මෙලෙක් වූ ස්වර්ණයක් සෙයින් කර්මණ්‍ය වේ, මෘදු වීම හා කර්මණ්‍ය වීම යන දෙකම මනාකොට වඩනාලද හෙයින්ම වේ. කියන ලදමැයි: ‘මහණෙනි, වඩනා ලද පුරුදු පුහුණු කරන ලද මේ සිත තරම් මෘදු වූද කර්මණ්‍ය වූද අන් කිසිදෙයක් මම නොදකිමි’ යනුවෙනි.

එතෙසු පරිසුද‍්ධභාවාදීසු ඨිතත‍්තා ඨිතෙ. ඨිතත‍්තායෙව ආනෙඤ‍්ජප‍්පත‍්තෙ, අචලෙ නිරිඤ‍්ජනෙති වුත‍්තං හොති. මුදුකම‍්මඤ‍්ඤභාවෙන වා අත‍්තනො වසෙ ඨිතත‍්තා ඨිතෙ. සද‍්ධාදීහි පරිග‍්ගහිතත‍්තා ආනෙඤ‍්ජප‍්පත‍්තෙ . සද‍්ධාපරිග‍්ගහිතං හි චිත‍්තං අස‍්සද‍්ධියෙන න ඉඤ‍්ජති. වීරියපරිග‍්ගහිතං කොසජ‍්ජෙන න ඉඤ‍්ජති. සතිපරිග‍්ගහිතං පමාදෙන න ඉඤ‍්ජති. සමාධිපරිග‍්ගහිතං උද‍්ධච‍්චෙන න ඉඤ‍්ජති . පඤ‍්ඤාපරිග‍්ගහිතං අවිජ‍්ජාය න ඉඤ‍්ජති. ඔභාසගතං කිලෙසන්‍ධකාරෙන න ඉඤ‍්ජති. ඉමෙහි ඡහි ධම‍්මෙහි පරිග‍්ගහිතං ආනෙඤ‍්ජප‍්පත‍්තං හොති. එවං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං චිත‍්තං අභිනීහාරක‍්ඛමං හොති අභිඤ‍්ඤාසච‍්ඡිකරණීයානං ධම‍්මානං අභිඤ‍්ඤාසච‍්ඡිකිරියාය.

මෙකී පිරිසුදු බව ආදී ගුණයෙහි පිහිටි හෙයින් ඨිතෙ. තිරව සිටි කල්හි, තිරව සිටි හෙයින්ම ආනෙඤ්ජප්පත්තෙ, නිසලවූ කල්හි, කම්පා නැතිවූ කල්ගියයි කී කියායි. මෘදුතා කර්මණ්‍යතා හේතුවෙන් තමා වසඟයෙහි සිටි හෙයින් හෝ මොනවට පිහිටි කල්හි, ශ්‍රද්ධාදී ගුණයෙන් පරිගෘහීත වූ හෙයින් අකම්ප්‍යතාවට පත්වූ කල්හි ශ්‍රද්ධාවෙන් රැකවරණලද සිත ශ්‍රද්ධාහීනතාවෙන් සසල නොවේ, වීර්යයෙන් රැකවරණ ලද සිත කුසීත බවින් සසල නොවේ, සතියෙන් රැකවරණ ලද සිත ප්‍රමාද බවින් සසල නොවේ, සමාධියෙන් රැකවරණ ලද සිත අවිද්‍යාවෙන් සසල නොවේ, මෙකී ශ්‍රද්ධාදී ෂඩ්ධර්මයෙන් රැකවරණලද සිත අකම්ප්‍යතාවට ගියේ වේ. මෙසේ (චතුර්ත්‍ථධ්‍යනයෙන් සමාධිගත වීම් ආදී) අට අගෙකින් සමන්විත වූ සිත අභිඥාවෙන් සාක්‍ෂාත් කළයුතු ධර්මයන් අභිඥාවෙන් සාක්‍ෂාත් කරනු පිණිස යොමු කිරිමට යෝග්‍ය වේ.

අපරො නයො, චතුත්‍ථජ‍්ඣානසමාධිනා සමාහිතෙ. නීවරණදූරභාවෙන පරිසුද‍්ධෙ. විතක‍්කාදිසමතික‍්කමෙන පරියොදාතෙ. ඣානපටිලාභපච‍්චයානං ඉච‍්ඡාවචරානං අභාවෙන අනඞ‍්ගණෙ. අභිජ‍්ඣාදීනං චිත‍්තස‍්ස උපක‍්කිලෙසානං විගමෙන විගතූපක‍්කිලෙසෙ. උභයම‍්පි චෙතං අනඞ‍්ගණසුත‍්තවත්‍ථසුත‍්තානුසාරෙන (ම· නි· 1.57 ආදයො) වෙදිතබ‍්බං. වසිප‍්පත‍්තියා මුදුභූතෙ. ඉද‍්ධිපාදභාවූපගමෙන කම‍්මනියෙ. භාවනාපාරිපූරියා පණීතභාවූපගමෙන ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ. යථා ආනෙඤ‍්ජප‍්පත‍්තං හොති, එවං ඨිතෙති අත්‍ථො. එවම‍්පි අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං චිත‍්තං අභිනීහාරක‍්ඛමං හොති අභිඤ‍්ඤාසච‍්ඡිකරණීයානං ධම‍්මානං අභිඤ‍්ඤාසච‍්ඡිකිරියාය පාදකං පදට‍්ඨානභූතන‍්ති.

තවද ක්‍රමයෙකි: චතුර්ත්‍ථධ්‍යාන සමාධියෙන් සමාහිත වූ කල්හිය, නීවරණයන් දුරුවීමෙන් (පරිසුද්ධෙ) පිරිසුදු වූ කල්හිය, විතර්කාදිය ඉක්මවීමෙන් (පරියෝදාතෙ) නිර්මල වූ කල්හිය, ධ්‍යානප්‍රතිලාභයට ප්‍රතිපක්‍ෂ වූ ලාමක සිතුවිලි නොමැති වීමෙන් (අනඞ්ගණෙ) නිකෙලෙස් වූ කල්හිය, අභිධ්‍යාදී උපක්ලේශයන් පහවීමෙන් (විගතුපක්කිලෙසෙ) උපක්ලේශ රහිත වූ කල්හිය, මෙම ක්‍රම දෙකම අනඞ්ගණසුත්ත, වත්‍ථසුත්ත අනුසාරයෙන් දතයුතුය. වශීභාවයට පැමිණීමෙන් (මුදුභූතෙ) මුදු බවට පත්වූ කල්හිය, සෘද්ධිපාද බවට පැමිණි මෙන් (කම්මනියෙ) කර්මයෝග්‍ය කල්හිය, භාවනා සම්පූර්ණවීමෙන් ප්‍රණීත බවට පත්වීමෙන් (ඨිතෙ) මොනවට පිහිටි කල්හිය, (ආනෙඤ්ජප්පත්තෙ) අකම්ප්‍යභාවයට පත් වූ කල්හිය, අකම්ප්‍යභාවයට පැමිණෙන සේ මොනවට සිටි කල්හිය යන අර්ත්‍ථයි. මේ ආකාරයෙන්ද අටඟෙකින් සමන්විත වූ සිත අභිඥා නයින් සාක්‍ෂාත් කළයුතු ධර්මයන් අභිඥානයින් සාක්‍ෂාත් කරනු පිණිස පාදක වූයේද ප්‍රතිෂ්ඨා වූයේද වේ.