යෙදුමෙන් කියවන්න

සමාධිආනිසංසකථා

සමාධිආනිසංසකථා

සමාධිආනිසංසකථා

යං පන වුත‍්තං “සමාධිභාවනාය කො ආනිසංසො”ති, තත්‍ථ දිට‍්ඨධම‍්මසුඛවිහාරාදිපඤ‍්චවිධො සමාධිභාවනාය ආනිසංසො. තථා හි යෙ අරහන‍්තො ඛීණාසවා සමාපජ‍්ජිත්‍වා එකග‍්ගචිත‍්තා සුඛං දිවසං විහරිස‍්සාමාති සමාධිං භාවෙන‍්ති, තෙසං අප‍්පනාසමාධිභාවනා දිට‍්ඨධම‍්මසුඛවිහාරානිසංසා හොති. තෙනාහ භගවා “න ඛො පනෙතෙ, චුන්‍ද, අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්තී”ති (ම· නි· 1.82).

‘සමාධිභාවනාවෙහි ආනිසංස කවරේද?’යි යමක් කියන ලද්දේ ද, එහි වත්මන් අත්බැව්හිදීම සුඛවිහරණ ආදී වශයෙන් සමාධිභාවනාවෙහි පස්වැදෑරුම් ආනිසංස වේ. ඒ එසේමැයි:- ආශ්‍රවයන් ක්‍ෂයකළ යම් රහත් කෙනෙක් සමවැදීමෙන් එකඟකළ සිත්ඇතිව දිවාකාලය සුවසේ විහරණය කරම්හ’යි සමාධිය වඩත්ද, ඒ රහතුන්ගේ අර්පණා සමාධි භාවනාව වත්මන් අත්බැව්හිදීම සුඛවිහරණ ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: “චුන්‍දය, ආර්යයන්ගේ විනයෙහි (හික්මීම් විෂයෙහි) මේ (සමාධීහු) ‘සල්ලෙඛ’ (කෙලෙසුන් සිඳින) යයි වහරනු නොලබති, මේ (සමාධීහු) ආර්යයන්ගේ විනයෙහි ‘දිට්ඨධම්මසුඛවවිහාර’යයි වහරනු ලබති”

සෙක‍්ඛපුථුජ‍්ජනානං සමාපත‍්තිතො වුට‍්ඨාය සමාහිතෙන චිත‍්තෙන විපස‍්සිස‍්සාමාති භාවයතං විපස‍්සනාය පදට‍්ඨානත‍්තා අප‍්පනාසමාධිභාවනාපි සම‍්බාධෙ ඔකාසාධිගමනයෙන උපචාරසමාධිභාවනාපි විපස‍්සනානිසංසා හොති. තෙනාහ භගවා “සමාධිං, භික‍්ඛවෙ, භාවෙථ. සමාහිතො, භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානාතී”ති (සං· නි· 3.5).

‘සමවතින් නැගී සමාධිගත වූ සිතින් විදර්ශනා වඩම්හ’යි සමාධිභාවනා වඩන ශෛක්‍ෂයන්ගේ හා පෘථග්ජනයන්ගේ අර්පණා සමාධිභාවනාවද, සම්බාධ සහිත සසර ගමනෙහිදී අවකාශයක් ලැබියහැකිවීමේ නයින් උපචාර සමාධිභාවනාවද විදර්ශනා ආනිසංස කොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: “මහණෙනි, සමාධි වඩවු, මහණෙනි, සමාධිගතවූ භික්‍ෂු තෙමේ යථාස්වභාවය මැනවින් දනියි” යනුවෙනි.

යෙ පන අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා අභිඤ‍්ඤාපාදකං ඣානං සමාපජ‍්ජිත්‍වා සමාපත‍්තිතො වුට‍්ඨාය එකොපි හුත්‍වා බහුධා හොතීති වුත‍්තනයා අභිඤ‍්ඤායො පත්‍ථෙන‍්තො නිබ‍්බත‍්තෙන‍්ති, තෙසං සති සති ආයතනෙ අභිඤ‍්ඤාපදට‍්ඨානත‍්තා අප‍්පනාසමාධිභාවනා අභිඤ‍්ඤානිසංසා හොති. තෙනාහ භගවා – “සො යස‍්ස යස‍්ස අභිඤ‍්ඤාසච‍්ඡිකරණීයස‍්ස ධම‍්මස‍්ස චිත‍්තං අභිනින‍්නාමෙති අභිඤ‍්ඤාසච‍්ඡිකිරියාය, තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සති ආයතනෙ”ති (ම· නි· 3.158; අ· නි· 3.102).

යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා අභිඥාපාදක ධ්‍යානයට සමවැද, එම සමවතින් නැගී, ‘එක් පුද්ගලයකු වුවද බොහෝ පුද්ගලයන් සේ දිස්වෙති’යි කී නයින් අභිඥාවන් පතමින් (සමාපත්තීන්) උපදවත්ද, ඔවුන්ගේ අර්පණා සමාධිභාවනාව පූර්වභවයෙහි සිද්ධ වූ ආයතනයක් (හේතුවක්) ඇති ඇති විටෙක එය අභිඥාවට පදට්ඨානවන හෙයින් අභිඥා ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: “ඒ භික්‍ෂු තෙමේ අභිඥාවෙන් සාක්‍ෂාත් කටයුතු යම් යම් ධර්මයක් අභිඥාවෙන් සාක්‍ෂාත් කරනු පිණිස සිත නැඹුරු කරන්නේද, ඒ ඒ ධර්මය විෂයෙහි පූර්වභවයෙහි සිදීධ වූ හේතුවක් ඇති ඇති විටෙක සාක්‍ෂාත් කරනු හැකි බවට පැමිණෙන්නේය” යනුවෙනි.

යෙ අපරිහීනජ‍්ඣානා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිස‍්සාමාති බ්‍රහ‍්මලොකූපපත‍්තිං පත්‍ථෙන‍්තා අපත්‍ථයමානා වාපි පුථුජ‍්ජනා සමාධිතො න පරිහායන‍්ති, තෙසං භවවිසෙසාවහත‍්තා අප‍්පනාසමාධිභාවනා භවවිසෙසානිසංසා හොති. තෙනාහ භගවා – “පඨමං ඣානං පරිත‍්තං භාවෙත්‍වා කත්‍ථ උපපජ‍්ජන‍්ති. බ්‍රහ‍්මපාරිසජ‍්ජානං දෙවානං සහබ්‍යතං උපපජ‍්ජන‍්තී”තිආදි (විභ· 1024).

යම් පෘථග්ජන කෙනෙක් තුමූ ධ්‍යානයෙන් නොපිරිහී බ්‍රහ්මලෝකයෙහි උපදින්නෙමු’යි බ්‍රහ්මලෝකෝත්පත්තිය ප්‍රාර්ත්‍ථනා කෙරෙමින් හෝ, එසේ ප්‍රාර්ත්‍ථනා නොකෙරෙමින් හෝ, සමාධියෙන් නොපිරිහෙත්ද, ඔවුන්ගේ අර්පණා සමාධි භාවනාව භව විශේෂයන් ගෙනදෙන හෙයින් එසේ භව විශේෂ ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ “ප්‍රථමධ්‍යානය ස්වල්ප වශයෙන් වැඩීමෙන් කොහි උපදින්නාහුද? බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන් හා සමබව්හි (එනම් බ්‍රහ්ම ලෝකයෙහි) උපදින්නාහුය” යන ආදී වශයෙනි.

උපචාරසමාධිභාවනාපි පන කාමාවචරසුගතිභවවිසෙසං ආවහතියෙව.

උපචාරසමාධි භාවනාව කාමාවචර සුගති භවවිශේෂයන් එළවන්නේමය.

යෙ පන අරියා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා සත‍්ත දිවසානි අචිත‍්තා හුත්‍වා දිට‍්ඨෙව ධම‍්මෙ නිරොධං නිබ‍්බානං පත්‍වා සුඛං විහරිස‍්සාමාති සමාධිං භාවෙන‍්ති, තෙසං අප‍්පනාසමාධිභාවනා නිරොධානිසංසා හොති. තෙනාහ – “සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතා පඤ‍්ඤා නිරොධසමාපත‍්තියා ඤාණ”න‍්ති (පටි· ම· 1.34).

යම් ආර්ය (රහත්) කෙනෙක් තුමූ “අෂ්ට සමාපත්තීන් උපදවා, නිරෝධ සමාපත්තියට සමවැද සත් දිනක් අචිත්තකව (සතර නාමස්කන්‍ධයෙන් තොරව) සිටිමින් ඉහාත්මභාවයෙහිම නිරොධසංඛ්‍යාත නිර්වාණයට පැමිණ සුවසේ විහරණය කරම්හ”යි සමාධි වඩත්ද, ඔවුන්ගේ අර්පණාසමාධි භාවනාව නිරොධ ආනිසංසකොට ඇත්තේ වේ. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ “සොළොස් (අනිච්චානුපස්සනා ආදී) ඥානචර්යා වශයෙන්ද, නව (ප්‍රථමධ්‍යාන ආදී) සමාධිචර්යා වශයෙන්ද වශීභාවය හේතුකොට උපන් ප්‍රඥාව නිරෝධසමාපත්තිය පිළිබඳ ඥානය වේ” යනුවෙනි.

එවමයං දිට‍්ඨධම‍්මසුඛවිහාරාදි පඤ‍්චවිධො සමාධිභාවනාය ආනිසංසො –

මෙසේ මේ සමාධිභාවනාව පිළිබඳ ආනිසංස දිට්ඨධම්මසුඛවිහාර (ඉහාත්මයෙහිම වන්නාවූ සුඛවිහරණ) ආදී වශයෙන් පංචවිධ වේ.

“තස‍්මා නෙකානිසංසම‍්හි, කිලෙසමලසොධනෙ; සමාධිභාවනායොගෙ, නප‍්පමජ‍්ජෙය්‍ය පණ‍්ඩිතො”ති.

තස්මා නෙකානිසංසම්හි කිලෙසමලසොධනෙ සමාධිභාවනායොගෙ නප්පමජ්ජෙය්‍ය පණ්ඩිතො.

එහෙයින් නුවණැත්තේ අනේක ආනිසංස ඇති, කෙලෙස්මල සෝදාලන, සමාධිභාවනායෝගයෙහි ප්‍රමාද නොවන්නේය.

එත‍්තාවතා ච “සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො”ති ඉමිස‍්සා ගාථාය සීලසමාධිපඤ‍්ඤාමුඛෙන දෙසිතෙ විසුද‍්ධිමග‍්ගෙ සමාධිපි පරිදීපිතො හොති.

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යන ආදීවූ මේ ගාථාවෙහි, සීල-සමාධි-පඤ්ඤා යන මාතෘකා වශයෙන් දේශනා කරන ලද විශුද්ධි මාර්ගයෙහි සමාධියද මෙතෙකින් විස්තර කරන ලද්දේ වේ.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ සමාධිනිද‍්දෙසො නාම එකාදසමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විසුද්ධිමග්ග නම් ග්‍රන්‍ථයෙහි සමාධිභාවනාධිකාරයෙහි සමාධිනිද්දේස නම් එකොළොස්වන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.

පඨමො සීලනිද‍්දෙසො. දුතියො ධුතඞ‍්ගනිද‍්දෙසො;. තතියො කම‍්මට‍්ඨානග‍්ගහණනිද‍්දෙසො. චතුත්‍ථො පථවීකසිණනිද‍්දෙසො. පඤ‍්චමො සෙසකසිණනිද‍්දෙසො. ඡට‍්ඨො අසුභනිද‍්දෙසො. සත‍්තමො ඡඅනුස‍්සතිනිද‍්දෙසො. අට‍්ඨමො සෙසානුස‍්සතිනිද‍්දෙසො. නවමො බ්‍රහ‍්මවිහාරනිද‍්දෙසො. දසමො ආරුප‍්පනිද‍්දෙසො. පටික‍්කූලසඤ‍්ඤාධාතුවවත්‍ථානද‍්වයනිද‍්දෙසො එකාදසමොති.

[missing trans]

විසුද‍්ධිමග‍්ගස‍්ස පඨමො භාගො නිට‍්ඨිතො.