යෙදුමෙන් කියවන්න

චතුධාතුවවත්‍ථානභාවනා

චතුධාතුවවත්‍ථානභාවනා

චතුධාතුවවත්‍ථාන භාවනාව

ඉදානි ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤානන‍්තරං එකං වවත්‍ථානන‍්ති එවං උද‍්දිට‍්ඨස‍්ස චතුධාතුවවත්‍ථානස‍්ස භාවනානිද‍්දෙසො අනුප‍්පත‍්තො. තත්‍ථ වවත්‍ථානන‍්ති සභාවූපලක‍්ඛණවසෙන සන‍්නිට‍්ඨානං, චතුන‍්නං ධාතූනං වවත්‍ථානං චතුධාතුවවත්‍ථානං. ධාතුමනසිකාරො, ධාතුකම‍්මට‍්ඨානං, චතුධාතුවවත්‍ථානන‍්ති අත්‍ථතො එකං. තයිදං ද‍්විධා ආගතං සඞ‍්ඛෙපතො ච විත්‍ථාරතො ච. සඞ‍්ඛෙපතො මහාසතිපට‍්ඨානෙ ආගතං. විත්‍ථාරතො මහාහත්‍ථිපදූපමෙ රාහුලොවාදෙ ධාතුවිභඞ‍්ගෙ ච. තඤ‍්හි –

ආහාරෙ පටික්කූලසඤ්ඤා භාවනාවට අනතුරුව ‘එකං වවත්‍ථානං’ යනුවෙන් මෙසේ දක්වනලද චතුධාතුවවත්‍ථානය පිළිබඳ වූ භාවනා නිර්දේශය පිළිවෙළින් පැමිණියේය. එහි ‘වවත්‍ථානං’ යනු, ස්වභාව උපලක්‍ෂණ වශයෙන් සනිටුහන් කිරීමයි, සිවු ධාතුන්ගේ වවත්‍ථානය “චතුධාතුවවත්‍ථාන’ නමි. ‘ධාතුමනසිකාර’, ‘ධාතුකම්මට්ඨාන’, ‘චතුධාතුවවත්‍ථාන’ යන තුනම අර්ත්‍ථ වශයෙන් එකෙකි. ඒ මේ චතුධාතුවවත්‍ථානය සංක්ෂෙප වශයෙන්ද විස්තර වශයෙන්දැ’යි දෙපරිද්දෙකින් ආයේය. මහාසතිපට්ඨාන සූත්‍රයෙහි සංක්ෂෙප වශයෙන්ද, මහාහත්‍ථිපදොපම, රාහුලෝවාද සූත්‍රයන්හි හා ධාතුවිභංගයෙහි විස්තර වශයෙන්ද ආයේය. එය වනාහි,

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා ගාවිං වධිත්‍වා චතුමහාපථෙ බිලසො විභජිත්‍වා නිසින‍්නො අස‍්ස, එවමෙව ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච‍්චවෙක‍්ඛති, අත්‍ථි ඉමස‍්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ”ති –

“මහණෙනි යම්සේ දක්‍ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකන්තෙවාසිකයෙක් හෝ ගවදෙනක මරා සිවුමංසලෙක කොටස් වශයෙන් වෙන්කොට හුන්නේ වේද, එසේම මහණෙනි, භික්‍ෂු තෙමේ මෙම කය සිටි සැටියෙන්ම පිහිටි සැටියෙන්ම ගෙන ධාතු වශයෙන් මෙනෙහි කෙරේ. මේ කයෙහි පෘථිවිධාතුව ඇත. ආපොධාතුව ඇත, තෙජොධාතුව ඇත, වායොධාතුවද ඇතැ”යි

එවං තික‍්ඛපඤ‍්ඤස‍්ස ධාතුකම‍්මට‍්ඨානිකස‍්ස වසෙන මහාසතිපට‍්ඨානෙ (දී· නි· 2.378) සඞ‍්ඛෙපතො ආගතං.

මෙසේ තීක්‍ෂණ ප්‍රඥා ඇති ධාතුකර්මස්ථානිකයාගේ වශයෙන් මහාසතිපට්ඨාන සූත්‍රයෙහි සංක්ෂෙප වශයෙන් ආයේය.

තස‍්සත්‍ථො – යථා ඡෙකො ගොඝාතකො වා තස‍්සෙව වා භත‍්තවෙතනභතො අන‍්තෙවාසිකො ගාවිං වධිත්‍වා විනිවිජ‍්ඣිත්‍වා චතස‍්සො දිසා ගතානං මහාපථානං වෙමජ‍්ඣට‍්ඨානසඞ‍්ඛාතෙ චතුමහාපථෙ කොට‍්ඨාසං කත්‍වා නිසින‍්නො අස‍්ස, එවමෙව භික‍්ඛු චතුන‍්නං ඉරියාපථානං යෙන කෙනචි ආකාරෙන ඨිතත‍්තා යථාඨිතං. යථාඨිතත‍්තාව යථාපණිහිතං කායං අත්‍ථි ඉමස‍්මිං කායෙ පථවීධාතු…පෙ… වායොධාතූති එවං ධාතුසො පච‍්චවෙක‍්ඛති.

එහි අර්ත්‍ථය මෙසේයි: යම්සේ දක්‍ෂ වූ ගවඝාතකයෙක් හෝ ඔහුගේම බත් වැටුප් ලබන අතවැස්සෙක් හෝ දෙනක මරා කඩ කඩ කොට කපා, සිවු දිගට විහිදුණු මහ මඟෙහි මධ්‍යස්ථානයයි කියනු ලබන සිවුමංසලෙහි තබා කොටස් කොට හුන්නේ වේද, එසේම භික්‍ෂු තෙමේ සිවු ඉරියවු අතුරෙන් කිසියම් ඉරියව්වෙකින් සිටි හෙයින් ‘යථාඨිත’ වූ, ‘යථාඨිත’ වූ හෙයින්ම ‘යථාපණිහිත’ වූ කය, ‘මේ කය තුළ පඨවිධාතුව -පෙ-වායොධාතුවද ඇතැ’යි මෙසේ ධාතු වශයෙන් මෙනෙහි කරයි.

කිං වුත‍්තං හොති? යථා ගොඝාතකස‍්ස ගාවිං පොසෙන‍්තස‍්සපි ආඝාතනං ආහරන‍්තස‍්සපි ආහරිත්‍වා තත්‍ථ බන්‍ධිත්‍වා ඨපෙන‍්තස‍්සපි වධන‍්තස‍්සපි වධිතං මතං පස‍්සන‍්තස‍්සපි තාවදෙව ගාවීතිසඤ‍්ඤා න අන‍්තරධායති, යාව නං පදාලෙත්‍වා බිලසො න විභජති. විභජිත්‍වා නිසින‍්නස‍්ස පන ගාවීසඤ‍්ඤා අන‍්තරධායති, මංසසඤ‍්ඤා පවත‍්තති. නාස‍්ස එවං හොති “අහං ගාවිං වික‍්කිණාමි, ඉමෙ ගාවිං හරන‍්තී”ති. අථ ඛ‍්වස‍්ස “අහං මංසං වික‍්කිණාමි, ඉමෙපි මංසං හරන‍්ති”ච‍්චෙව හොති, එවමෙව ඉමස‍්සාපි භික‍්ඛුනො පුබ‍්බෙ බාලපුථුජ‍්ජනකාලෙ ගිහිභූතස‍්සපි පබ‍්බජිතස‍්සපි තාවදෙව සත‍්තොති වා පොසොති වා පුග‍්ගලොති වා සඤ‍්ඤා න අන‍්තරධායති, යාව ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ඝනවිනිබ‍්භොගං කත්‍වා ධාතුසො න පච‍්චවෙක‍්ඛති. ධාතුසො පච‍්චවෙක‍්ඛතො පන සත‍්තසඤ‍්ඤා අන‍්තරධායති, ධාතුවසෙනෙව චිත‍්තං සන‍්තිට‍්ඨති. තෙනාහ භගවා “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, දක‍්ඛො ගොඝාතකො වා…පෙ… නිසින‍්නො අස‍්ස, එවමෙව ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු…පෙ… වායොධාතූ”ති.

කුමක් කී-නියාද යත්: යම්සේ ගවඝාතකයා දෙන පෝෂණය කරනවිට හෝ, ඝාතන ස්ථානයට ගෙන එනවිට හෝ, ගෙනවුත් එහි බැඳ සිටිනවිට හෝ, ඝාතනය කරනවිට හෝ, ඝාතනය කොට මළ දෙන දෙස බලනවිට හෝ, එම ගවදෙන කපා කොටස් කොට බෙදනතුරු එම ගවඝාතකයාහට ගවදෙනකැ’යි යන හැඟීම නොමැකේ. කොටස් කොට බෙදා හුන්විට වනාහි දෙනකැ’යි යන හැඟීම මැකී ගොස් මස්’ය යන හැඟීම පහළ වේ. කඩ කඩ කොට බෙදීමෙන් පසු ඔහුට “මම දෙන විකුණමි, මොවුහු දෙන ගෙනයති”යි යන හැඟීම ඇති නොවේ, එවිට “මම මස් විකුණමි, මොවුහු මස් ගෙනයති”යි යන හැඟීමම ඇතිවේ. එසේම මේ මහණහටද, පෙර අඥානවූ පෘථග්ජන අවධියෙහිදී ගිහියකු වශයෙන් වේවා, පැවිද්දකු වශයෙන් වේවා, යම්තාක් සමූහ වශයෙන් ඝනව (එක්රැස්ව) සිටි මේ කය සිටි ලෙසින්ම, පිහිටි ලෙසින්ම ගෙන මෙනෙහි කෙරේද, ධාතු වශයෙන් විග්‍රහකොට මෙනෙහි නොකෙරේද, ඒතාක් ‘සතෙකි’යි හෝ ‘පුරුෂයෙකි’යි හෝ ‘පුද්ගලයෙකි’යි යන හැඟීම නොමැකේ. ධාතු වශයෙන් මෙනෙහි කරනවිට වනාහි ‘සතෙකි’යි යන හැඟීම නැතිවේ, ධාතුවශයෙන්ම සිත පිහිටයි. එහෙයින් වදාළහ භාග්‍යවතුන් වහන්සේ: මහණෙනි, යම්සේ දක්‍ෂ වූ ගවඝාතකයෙක් හෝ-පෙ- හුන්නේ වේද, එසේම මහණෙනි, භික්‍ෂු තෙමේ-පෙ- වායොධාතුයයි ගනී.”

මහාහත්‍ථිපදූපමෙ (ම· නි· 1.300 ආදයො) පන – “කතමා චාවුසො, අජ‍්ඣත‍්තිකා පථවීධාතු? යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං. සෙය්‍යථිදං , කෙසා ලොමා…පෙ… උදරියං කරීසං, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං, අයං වුච‍්චති, ආවුසො, අජ‍්ඣත‍්තිකා පථවීධාතූ”ති ච,

මහාහත්‍ථිපදොපම සූත්‍රයෙහි වනාහි, “ඇවැත්නි, අජ්ඣත්තික පඨවිධාතු නම් කවරේද? යම් ධාතු කොටසක් තමා තුළම වූයේද, තමා කෙරෙහිම වූයේද, රළු වූයේද, පරුෂ වූයේද, තමාගේ යයි ගන්නා ලද්දේ ද, කවර නම් ධාතු කොටසක්ද යත්: කෙස්ය, ලොම්ය, නියය, දත්ය-පෙ-නොපැසුණු අහරය, පැසුණු අහරය යන ආදිය හෝ අන් කිසියම් හෝ ධාතු කොටසක් තමා තුළ වේද, තමා කෙරෙහිම වේද, රළුවේද, දැඩිවේද, තමාගේ’යයි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික පඨවීධාතුයයි කියනු ලැබේ.

“කතමා චාවුසො, අජ‍්ඣත‍්තිකා ආපොධාතු? යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං උපාදින‍්නං. සෙය්‍යථිදං, පිත‍්තං…පෙ… මුත‍්තං, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං උපාදින‍්නං, අයං වුච‍්චතාවුසො, අජ‍්ඣත‍්තිකා ආපොධාතූ”ති ච,

අජ්ඣත්තික ආපොධාතු නම් කවරේද? තමා තුළ වූ තමා කෙරෙහිම වූ යම් ධාතු කොටසක් දියර වූයේද, දියරබවට ගියේද, තමාගේයයි ගන්නා ලද්දේ ද, කවර නම් ධාතු කොටසක්ද යත්, පිත්ය -පෙ-මූත්‍රය යන ආදිය හෝ අන් කිසි හෝ යම් ධාතු කොටසක් තමා වෙත වේද, තමාගේයයි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික ආපොධාතුයයි කියනු ලැබේ.

“කතමා චාවුසො, අජ‍්ඣත‍්තිකා තෙජොධාතු? යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං. සෙය්‍යථිදං, යෙන ච සන‍්තප‍්පති, යෙන ච ජීරීයති, යෙන ච පරිඩය‍්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං, අයං වුච‍්චතාවුසො, අජ‍්ඣත‍්තිකා තෙජොධාතූ”ති ච,

ඇවැත්නි අජ්ඣත්තික තේජෝධාතු නම් කවරේද? යම් ධාතු කොටසක් තමා වෙතම වූයේද, තමා උදෙසාම වූයේද, තාප’යයි, තාප ගුණ’යයි ගන්නා ලද්දේ ද, කවර නම් ධාතු කොටසක්ද යත්, යමක් හේතුකොටගෙන තවනු ලැබේද, දිරාපත් වේද, යමක් හේතුකොටගෙන පරිදාහ ඇතිවේද, යමක් හේතුකොටගෙනම බුදිනලද බොනලද කනලද, උරනලද ආහාර මනාකොට පරිපාකයට යේද, අන්කිසි හෝ යම් ධාතු කොටසක් තමා කෙරෙහි වූයේද, තමා උදෙසා වූයේද, තාපය’යි තාපගුණය’යි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික තෙජොධාතුයයි කියනු ලැබේ,

“කතමා චාවුසො, අජ‍්ඣත‍්තිකා වායොධාතු? යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං. සෙය්‍යථිදං, උද‍්ධඞ‍්ගමා වාතා, අධොගමා වාතා, කුච‍්ඡිසයා වාතා, කොට‍්ඨාසයා වාතා, අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා, අස‍්සාසො පස‍්සාසො ඉති වා, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං, අයං වුච‍්චතාවුසො, අජ‍්ඣත‍්තිකා වායොධාතූ”ති ච –

ඇවැත්නි, අජ්ඣත්තික වායොධාතු නම් කවරේද? යම්ධාතු කොටසක් තමා වෙත වූයේද, තමා උදෙසා වූයේද, වායුයයි වායුගුණයයි ගන්නා ලද්දේ ද, කවර නම් වායුවක්ද යත්, උඩු අතට යන වාතය, යටි අතට යන වාතය, කුස තුළ පවත්නා වාතය, අතුණුවල පවත්නා වාතය, අඟපසඟ පුරා සැරිසරන වාතය, ආශ්වාස වාතය, ප්‍රශ්වාස වාතය යන මේ ධාතු කොටස් හෝ, අන් කිසි හෝ යම් ධාතු කොටසක් තමා වෙත වූයේද, තමා උදෙසා වූයේද, තමාගේයයි ගන්නා ලද්දේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික වායොධාතුය’යි කියනු ලැබේ.”

එවං නාතිතික‍්ඛපඤ‍්ඤස‍්ස ධාතුකම‍්මට‍්ඨානිකස‍්ස වසෙන විත්‍ථාරතො ආගතං. යථා චෙත්‍ථ, එවං රාහුලොවාදධාතුවිභඞ‍්ගෙසුපි.

මෙසේ ඉතා තියුණු නොවූ ප්‍රඥා ඇති ධාතු කර්මස්ථානිකයාගේ වශයෙන් සවිස්තරව ආයේය. මෙහි යම්සේද, රාහුලොවාද සූත්‍ර, ධාතුවිභංග යන දෙක්හිද එසේමය.

තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනා, අජ‍්ඣත‍්තං පච‍්චත‍්තන‍්ති ඉදං තාව උභයම‍්පි නියකස‍්ස අධිවචනං. නියකං නාම අත‍්තනි ජාතං සසන‍්තානපරියාපන‍්නන‍්ති අත්‍ථො. තයිදං යථා ලොකෙ ඉත්‍ථීසු කථා අධිත්‍ථීති වුච‍්චති, එවං අත‍්තනි පවත‍්තත‍්තා අජ‍්ඣත‍්තං, අත‍්තානං පටිච‍්ච පටිච‍්ච පවත‍්තත‍්තා පච‍්චත‍්තන‍්තිපි වුච‍්චති. කක‍්ඛළන‍්ති ථද‍්ධං. ඛරිගතන‍්ති ඵරුසං. තත්‍ථ පඨමං ලක‍්ඛණවචනං, දුතියං ආකාරවචනං, කක‍්ඛළලක‍්ඛණා හි පථවීධාතු, සා ඵරුසාකාරා හොති, තස‍්මා ඛරිගතන‍්ති වුත‍්තා. උපාදින‍්නන‍්ති දළ‍්හං ආදින‍්නං, අහං මමන‍්ති එවං දළ‍්හං ආදින‍්නං, ගහිතං පරාමට‍්ඨන‍්ති අත්‍ථො. සෙය්‍යථිදන‍්ති නිපාතො. තස‍්ස තං කතමන‍්ති චෙති අත්‍ථො. තතො තං දස‍්සෙන‍්තො “කෙසා ලොමා”තිආදිමාහ. එත්‍ථ ච මත්‍ථලුඞ‍්ගං පක‍්ඛිපිත්‍වා වීසතියා ආකාරෙහි පථවීධාතු නිද‍්දිට‍්ඨාති වෙදිතබ‍්බා. යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චීති අවසෙසෙසු තීසු කොට‍්ඨාසෙසු පථවීධාතු සඞ‍්ගහිතා.

එහි අප්‍රකට පද වර්ණනාව, මෙසේයි: අජ්ඣත්තං පච්චත්තං යනු මේ පද දෙකම ‘නියක’ හෙවත් තමා පිළිබඳවූ දෙයට අධිවචනයි. නියකං යනු, “තමා කෙරෙහි හටගත්තේය, ස්වසන්තානයෙහි අන්තර්ගත වූයේයි” යන අර්ත්‍ථයි. ඒ මේ ‘නියකය’, යම්සේ ලෝකයෙහි ස්ත්‍රීන් පිළිබඳ කථා ‘අධිත්‍ථි’යයි කියනු ලැබේද, එසේම තමා කෙරෙහි පැවැති හෙයින් ‘අජ්ඣත්ත’ නමි. තමා උදෙසා පැවති හෙයින් ‘පච්චත්ත’ යයි කියනු ලැබේ. කක්‍ඛලං යනු කැකුලුය හෙවත් දැඩිය. ඛරිගතං යනු, රළුය, එහි පළමුවැන්න ලක්‍ෂණය හඟවන වචනයි, දෙවැන්න ආකාරය හඟවන වචනයි. පඨවිධාතුව දැඩි ස්වභාව ඇත්තේය. රළුවූ ආකාර ඇත්තේය, එහෙයින් එය ‘ඛරිගත’ යයි කියනු ලැබේ. උපාදින්නං යනු, තදින් අල්වා ගන්නා ලද්දේය, ‘මමය, මාගේ’යයි මෙසේ දැඩිව ගන්නා ලද්දේය, අල්වා ගන්නා ලද්දේය යන අර්ත්‍ථයි. සෙය්‍යථිදං යනු, නිපාතයි, ‘ඒ කවරේද?’ යනු එහි අර්ත්‍ථයි. ඉක්බිති එය ගෙනහැර දක්වමින් කෙසා, ලොමා යන ආදිය කීහ. මෙහි ‘මත්‍ථලුඞ්ග’ (හිස්මොළ) යනු අට්ඨිමිඤ්ජා (ඇටමිදුලු) යන්නෙහිම සංග්‍රහකොට විසි ආකාරයෙකින් පඨවිධාතුව දක්වන ලදැ’යි දතයුතුය. යං වා පන අඤ්ඤං කිඤ්චි (ඉන් බැහැර වූ යමක් ඇත්නම් එය) යනු සෙසු ආපො ආදී කොටස් තුනෙහි ඇති පඨවිධාතුව සංග්‍රහ කරනලදි.

විස‍්සන්‍දනභාවෙන තං තං ඨානං අප‍්පොතීති ආපො. කම‍්මසමුට‍්ඨානාදිවසෙන නානාවිධෙසු ආපෙසු ගතන‍්ති ආපොගතං. කිං තං? ආපොධාතුයා ආබන්‍ධනලක‍්ඛණං.

වෑහෙන ස්වභාවයෙන් ඒ ඒ තැන පැතිරෙති’යි, පැමිණෙති’යි ආපො නම්වේ. කම්මසමුට්ඨාන (ක්‍රියාවෙන් හටගත්) ආදී වශයෙන් නන් වැදෑරුම් ආපයෙහි අන්තර්ගතයයි යන අර්ත්‍ථයෙන් ‘ආපොගත’ නමි. ඒ කිමෙක්ද? ආපොධාතුවෙහි ඇති බැදීම් ස්වභාවයයි.

තෙජනවසෙන තෙජො, වුත‍්තනයෙනෙව තෙජෙසු ගතන‍්ති තෙජොගතං. කිං තං? උණ‍්හත‍්තලක‍්ඛණං. යෙන චාති යෙන තෙජොධාතුගතෙන කුපිතෙන අයං කායො සන‍්තප‍්පති, එකාහිකජරාදිභාවෙන උසුමජාතො හොති. යෙන ච ජීරීයතීති යෙන අයං කායො ජීරති, ඉන්‍ද්‍රියවෙකල‍්ලතං බලපරික‍්ඛයං වලිපලිතාදිභාවඤ‍්ච පාපුණාති. යෙන ච පරිඩය‍්හතීති යෙන කුපිතෙන අයං කායො ඩය‍්හති. සො ච පුග‍්ගලො “ඩය‍්හාමි ඩය‍්හාමී”ති කන්‍දන‍්තො සතධොතසප‍්පිගොසීසචන්‍දනාදිලෙපඤ‍්චෙව තාලවණ‍්ටවාතඤ‍්ච පච‍්චාසීසති. යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡතීති යෙනෙතං අසිතං වා ඔදනාදි පීතං වා පානකාදි ඛායිතං වා පිට‍්ඨඛජ‍්ජකාදි සායිතං වා අම‍්බපක‍්කමධුඵාණිතාදි සම‍්මා පරිපාකං ගච‍්ඡති, රසාදිභාවෙන විවෙකං ගච‍්ඡතීති අත්‍ථො. එත්‍ථ ච පුරිමා තයො තෙජොධාතුසමුට‍්ඨානා. පච‍්ඡිමො කම‍්මසමුට‍්ඨානොව.

තාප වශයෙන් තෙජො නම් වේ. කියනලද නයින්ම, තෙජො ධාතුවෙහි අන්තර්ගතයයි, තෙජොගත නමි. ඒ කිමෙක්ද? උෂ්ණත්‍ව ලක්‍ෂණයයි. යෙන ච යනු, කිපුණාවූ යම් තෙජොධාතුවක් හේතුකොටගෙන මේ කය තාපයට පත්වේද, ඒකාහික ජීවර (එක්දා උණ) ආදී ස්වභාවයෙන් උණුසුම්බවට පත්වේද, යම් තෙජොධාතුවක් හේතුකොටගෙන දිරාපත්වීම වේද, මේ කය ජරාවට පත්වීම වේද, ඉන්‍ද්‍රිය විකලත්‍වයට, බෙලහීනතාවට, ඇඟ රැළිවැටීම්, හිසකේ පැසීම් ආදී ස්වභාවයට පත්වේද, යෙන ච පරිඩය්හති යනු, කිපුණාවූ යම් ධාතුවක් හේතුකොට මේ කය දාහයට පත්වේද, එසේ දාහයට පත් පුද්ගලයා ‘දැවෙමි, දැවෙමි’යි හඬ නඟමින් සියක්වර දෙවීමද ගිතෙල් සුදු සඳුන් ආලේප කිරීමද, විජිනි පවන්ද පතන්නේද වේ. යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති යනු, යම් ධාතුවක් හේතුකොටගෙන, බුදින ලද බත් ආදිය හෝ බොනලද පාන ආදිය හෝ කනලද පිටිකැවිලි ආදිය හෝ ලොවිනලද විලිකුන් අඹරස මී පැණි ආදිය හෝ මනාකොට පැසවීමට යේද, රස ලේ ආදී වශයෙන් පදම් වන්නේදැයි යන අර්ත්‍ථයි. මෙහිලා පළමුව සඳහන් තාපන, ජීරණ දහන යන තෙජෝ ධාතු තුන (කර්ම, චිත්ත, ඍතු, ආහාර යන) සතරින්ම හටගනී. අවසන්හි සඳහන් පක්වාග්නිය කර්මයෙන්ම හටගනී.

වායනවසෙන වායො, වුත‍්තනයෙනෙව වායෙසු ගතන‍්ති වායොගතං. කිං තං? විත්‍ථම‍්භනලක‍්ඛණං. උද‍්ධඞ‍්ගමා වාතාති උග‍්ගාරහික‍්කාදිපවත‍්තකා උද‍්ධං ආරොහණවාතා. අධොගමා වාතාති උච‍්චාරපස‍්සාවාදිනීහරණකා අධො ඔරොහණවාතා. කුච‍්ඡිසයා වාතාති අන‍්තානං බහිවාතා. කොට‍්ඨාසයා වාතාති අන‍්තානං අන‍්තොවාතා. අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතාති ධමනිජාලානුසාරෙන සකලසරීරෙ අඞ‍්ගමඞ‍්ගානි අනුසටා සමිඤ‍්ජනපසාරණාදිනිබ‍්බත‍්තකා වාතා. අස‍්සාසොති අන‍්තොපවිසනනාසිකවාතො. පස‍්සාසොති බහිනික‍්ඛමනනාසිකවාතො. එත්‍ථ ච පුරිමා පඤ‍්ච චතුසමුට‍්ඨානා. අස‍්සාසපස‍්සාසා චිත‍්තසමුට‍්ඨානාව. සබ‍්බත්‍ථ යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චීති ඉමිනා පදෙන අවසෙසකොට‍්ඨාසෙසු ආපොධාතුආදයො සඞ‍්ගහිතා.

වායන (හැමීම්) වශයෙන් වායු නමි. කියනලද නයින්ම වායු බවට ගියේය’යි වායොගත නමි. ඒ කුමක්ද යත්, පිම්බෙන ස්වභාවයයි. උද්ධඞ්ගමා වාතා යනු, ඕක්කාර, හික්කා ආදී වශයෙන් පවත්නා උඩට නඟින වාතයෝය. අධොගමාවාතා යනු, මල මුත්‍රාදිය නික්මවන යටට බස්නා වාතයෝය, කුච්ඡිසයා වාතා යනු, අතුණුවලින් පිටත සිටි වාතයෝය, කොට්ඨසයා වාතා යනු, අතුනු ඇතුළත සිටි වාතයෝය, අඞ්ගමඞ්ගානුසාරිනො වාතා යනු, ධමනීජාලානුසාරයෙන් මුළු සිරුර පුරා අඟපසඟ තුළ පැතිර සිටි හැකිලීම්, දික් කිරීම් පවත්වන වාතයෝය. අස්සාසො යනු, ඇතුළට පිවිසෙන නාසිකාවාතයයි, පස්සාසො යනු, පිටතට නික්මෙන නාසිකාවාතයයි. මෙහි මුලින් සඳහන් පස (කර්ම, චිත්ත, ඍතු, ආහාර) යන සතරින්ම හටගනී. ආශ්වාස ප්‍රශ්වාසයෝ සිතින් හටගනිත් මැයි. සියලු තන්හි, යං වා පන’ඤ්ඤම්පි කිඤ්චි යන මේ පදයෙන් සෙසු ධාතු කොටස්හි ආපො ආදී ධාතු සංග්‍රහ කරනලදි.

ඉති වීසතියා ආකාරෙහි පථවීධාතු, ද‍්වාදසහි ආපොධාතු, චතූහි තෙජොධාතු, ඡහි වායොධාතූති ද‍්වාචත‍්තාලීසාය ආකාරෙහි චතස‍්සො ධාතුයො විත්‍ථාරිතා හොන‍්තීති අයං තාවෙත්‍ථ පාළිවණ‍්ණනා.

මෙසේ පඨවිධාතුව විසි ආකාරයෙකින්ද, ආපොධාතුව දොළොස් ආකාරයෙකින්ද, තෙජොධාතුව සතර ආකාරයෙකින්ද, වායොධාතුව ස-ආකාරයෙකින්දැයි දෙසාළිස් ආකාරයෙකින් ධාතු සතර විස්තර කරන යන මේ මෙහි පෙළ වර්ණනාවයි.

භාවනානයෙ පනෙත්‍ථ තික‍්ඛපඤ‍්ඤස‍්ස භික‍්ඛුනො කෙසා පථවීධාතු, ලොමා පථවීධාතූති එවං විත්‍ථාරතො ධාතුපරිග‍්ගහො පපඤ‍්චතො උපට‍්ඨාති. යං ථද‍්ධලක‍්ඛණං, අයං පථවීධාතු. යං ආබන්‍ධනලක‍්ඛණං, අයං ආපොධාතු. යං පරිපාචනලක‍්ඛණං, අයං තෙජොධාතු. යං විත්‍ථම‍්භනලක‍්ඛණං, අයං වායොධාතූති එවං මනසිකරොතො පනස‍්ස කම‍්මට‍්ඨානං පාකටං හොති. නාතිතික‍්ඛපඤ‍්ඤස‍්ස පන එවං මනසිකරොතො අන්‍ධකාරං අවිභූතං හොති. පුරිමනයෙන විත්‍ථාරතො මනසිකරොන‍්තස‍්ස පාකටං හොති.

මෙම භාවනා ක්‍රමයෙහි වනාහි, තියුණු නුවණැති භික්‍ෂු කෙනකුට ‘කෙස් පඨවිධාතුය, ලොම් පඨවිධාතුය’යි මෙසේ විස්තර වශයෙන් ධාතුන් ගැනීම ප්‍රපඤ්චයක් (කල්මැරීමක්) වශයෙන් වැටහේ. ‘යමක් දැඩි වූ ස්වභාව ඇත්තේද, එය පඨවිධාතුය, යමක් බැදීම් ස්වභාව ඇත්තේද, එය ආපොධාතුය, යමක් පැසවීම් ස්වභාව ඇත්තේද එය තෙජොධාතුය, යමක් පැතිරීම් ස්වභාව ඇත්තේද, එය වායොධාතුය’යි මෙසේ මෙනෙහි කරනවිට කමටහන ප්‍රකටව වැටහෙයි. ඉතා තියුණු නොවූ නුවණ ඇත්තහුට වනාහි මෙසේ මෙනෙහි කරනවිට අඳුරක් මෙන් අප්‍රකට වේ. පළමු නයින් සවිස්තරව මෙනෙහි කරනවිට ප්‍රකට වේ.

කථං ? යථා ද‍්වීසු භික‍්ඛූසු බහුපෙය්‍යාලං තන‍්තිං සජ‍්ඣායන‍්තෙසු තික‍්ඛපඤ‍්ඤො භික‍්ඛු සකිං වා ද‍්වික‍්ඛත‍්තුං වා පෙය්‍යාලමුඛං විත්‍ථාරෙත්‍වා තතො පරං උභතොකොටිවසෙනෙව සජ‍්ඣායං කරොන‍්තො ගච‍්ඡති. තත්‍ර නාතිතික‍්ඛපඤ‍්ඤො එවං වත‍්තා හොති “කිං සජ‍්ඣායො නාමෙස ඔට‍්ඨපරියාහතමත‍්තං කාතුං න දෙති, එවං සජ‍්ඣායෙ කරියමානෙ කදා තන‍්ති පගුණා භවිස‍්සතී”ති. සො ආගතාගතං පෙය්‍යාලමුඛං විත්‍ථාරෙත්‍වාව සජ‍්ඣායං කරොති. තමෙනං ඉතරො එවමාහ – “කිං සජ‍්ඣායො නාමෙස පරියොසානං ගන‍්තුං න දෙති, එවං සජ‍්ඣායෙ කරියමානෙ කදා තන‍්ති පරියොසානං ගමිස‍්සතී”ති. එවමෙව තික‍්ඛපඤ‍්ඤස‍්ස කෙසාදිවසෙන විත්‍ථාරතො ධාතුපරිග‍්ගහො පපඤ‍්චතො උපට‍්ඨාති. යං ථද‍්ධලක‍්ඛණං, අයං පථවීධාතූතිආදිනා නයෙන සඞ‍්ඛෙපතො මනසිකරොතො කම‍්මට‍්ඨානං පාකටං හොති. ඉතරස‍්ස තථා මනසිකරොතො අන්‍ධකාරං අවිභූතං හොති. කෙසාදිවසෙන විත්‍ථාරතො මනසිකරොන‍්තස‍්ස පාකටං හොති.

කුමක් මෙන්ද යත්, යම්සේ බොහෝ පෙය්යාල සහිත පෙළ පිරිවහන භික්‍ෂූන් දෙනමක් අතුරින් තීක්‍ෂ්ණප්‍රඥා ඇති භික්‍ෂු තෙමේ එක් වරක් හෝ දෙවරක් හෝ පෙය්යාලමුඛය විස්තර කොට ඉන් මතු ආදි අන්ත යන දෙකෙළවර පමණක් පිරිවහමින් යේද, එවිට තියුණු නොවූ ප්‍රඥා ඇති භික්‍ෂු තෙමේ, ‘කවර නම් සජ්ඣායනයෙක්ද? මේ තෙමේ තොල ගැටෙන තරම්වත් ඉඩක් නොදේ, මෙසේ සජ්ඣායන කළහොත් කවරදාක පෙළ ප්‍රගුණ වේදැ’යි කියන්නේය. හේ තෙමේ පැමිණි පැමිණි පෙය්යාලය විස්තර වශයෙන් කියමින්ම සජ්ඣායනා කරන්නේය. අනෙක් භික්‍ෂු තෙමේ, කවර නම් සජ්ඣායනයෙක්ද? මේ තෙමේ මෙය අවසන් කරන්නට නොදේ මෙසේ සජ්ඣායන කළහොත් කවරදාක පෙළ අවසනට යන්නේදැ’යි කියයි. මෙසේම තියුණු නුවණ ඇත්තහුට කේසාදී වශයෙන් විස්තර සහිතව ධාතු පරිග්‍රහය ප්‍රපංචයක් ලෙසින් වැටහේ. “යමක් දැඩිවූ ස්වභාව ඇත්තේද, එය පඨවී ධාතුය” යන ආදී වශයෙන් සංක්ෂේප වශයෙන් මෙනෙහි කරනවිට කමටහන ප්‍රකට වේ. අනෙකාහට එසේ මෙනෙහි කරනවිට අඳුරක් ලෙසින් අප්‍රකට වේ. කේසාදී වශයෙන් විස්තර සහිතව මෙනෙහි කරනවිට ප්‍රකට වේ.

තස‍්මා ඉමං කම‍්මට‍්ඨානං භාවෙතුකාමෙන තික‍්ඛපඤ‍්ඤෙන තාව රහොගතෙන පටිසල‍්ලීනෙන සකලම‍්පි අත‍්තනො රූපකායං ආවජ‍්ජෙත්‍වා යො ඉමස‍්මිං කායෙ ථද‍්ධභාවො වා ඛරභාවො වා, අයං පථවීධාතු. යො ආබන්‍ධනභාවො වා ද්‍රවභාවො වා, අයං ආපොධාතු. යො පරිපාචනභාවො වා උණ‍්හභාවො වා, අයං තෙජොධාතු. යො විත්‍ථම‍්භනභාවො වා සමුදීරණභාවො වා, අයං වායොධාතූති එවං සංඛිත‍්තෙන ධාතුයො පරිග‍්ගහෙත්‍වා පුනප‍්පුනං පථවීධාතු ආපොධාතූති ධාතුමත‍්තතො නිස‍්සත‍්තතො නිජ‍්ජීවතො ආවජ‍්ජිතබ‍්බං මනසිකාතබ‍්බං පච‍්චවෙක‍්ඛිතබ‍්බං. තස‍්සෙවං වායමමානස‍්ස නචිරෙනෙව ධාතුප‍්පභෙදාවභාසනපඤ‍්ඤාපරිග‍්ගහිතො සභාවධම‍්මාරම‍්මණත‍්තා අප‍්පනං අප‍්පත‍්තො උපචාරමත‍්තො සමාධි උප‍්පජ‍්ජති.

එහෙයින් මෙම කර්මස්ථානය වඩනු කැමැති තියුණු නුවණ ඇත්තාහු විසින් හුදෙකලාව, විවේකීව, තමාගේ මුළු රූපකාය (භෞතික ශරීරය) ආවර්ජන කොට, ‘මේ කයෙහි යම් දැඩිබවක්, රළු බවක් ඇත්නම්, මේ පඨවිධාතුය, යම් බැඳෙනබවක්, දියරබවක් ඇත්නම් මේ අපොධාතුය, යම් පැසෙනබවක්, උණුසුම් බවක් ඇත්නම්, මේ තෙජොධාතුය, යම් පැතිරෙනබවක් සැලෙනබවක් ඇත්නම්, මේ වායොධාතුය’යි මෙසේ සංක්ෂෙප වශයෙන් ධාතු පරිග්‍රහණය කොට නැවත නැවතත් ‘පඨවි ධාතුය, ආපොධාතුය’යි ධාතුමාත්‍ර වශයෙන්, ‘සත්ත්‍වයකු නොවේ’ යයි ‘ජීවියකු නොවේ’යයි ගෙන ආවර්ජන කළයුතුය, ප්‍රත්‍යවෙක්‍ෂා කළයුතුය, මෙනෙහි කළයුතුය. මෙසේ වීර්ය වඩන ඔහුට නොබෝ කලෙකින්ම ධාතූන් පිළිබඳ විශේෂ ලක්‍ෂණ ප්‍රකට කරන ඥානය සහිතවූ, ස්වභාවධර්මය අරමුණුකොට ඇති හෙයින් අර්පණාවට නොපැමිණියාවූ උපචාරමාත්‍ර සමාධිය උපදී.

අථ වා පන යෙ ඉමෙ චතුන‍්නං මහාභූතානං නිස‍්සත‍්තභාවදස‍්සනත්‍ථං ධම‍්මසෙනාපතිනා “අට‍්ඨිඤ‍්ච පටිච‍්ච න‍්හාරුඤ‍්ච පටිච‍්ච මංසඤ‍්ච පටිච‍්ච චම‍්මඤ‍්ච පටිච‍්ච ආකාසො පරිවාරිතො රූපන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතී”ති (ම· නි· 1.306) චත‍්තාරො කොට‍්ඨාසා වුත‍්තා. තෙසු තං තං අන‍්තරානුසාරිනා ඤාණහත්‍ථෙන විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා යො එතෙසු ථද‍්ධභාවො වා ඛරභාවො වා, අයං පථවීධාතූති පුරිමනයෙනෙව ධාතුයො පරිග‍්ගහෙත්‍වා පුනප‍්පුනං පථවීධාතු ආපොධාතූති ධාතුමත‍්තතො නිස‍්සත‍්තතො නිජ‍්ජීවතො ආවජ‍්ජිතබ‍්බං මනසිකාතබ‍්බං පච‍්චවෙක‍්ඛිතබ‍්බං. තස‍්සෙවං වායමමානස‍්ස නචිරෙනෙව ධාතුප‍්පභෙදාවභාසනපඤ‍්ඤාපරිග‍්ගහිතො සභාවධම‍්මාරම‍්මණත‍්තා අප‍්පනං අප‍්පත‍්තො උපචාරමත‍්තො සමාධි උප‍්පජ‍්ජති. අයං සඞ‍්ඛෙපතො ආගතෙ චතුධාතුවවත්‍ථානෙ භාවනානයො.

නැතහොත් චතුර්මහාභූතයන් පිළිබඳ නිස්සත්තභාවය (සත්ත්‍වයන් නොවනබව) දක්වනු පිණිස දම්සෙනෙවි සැරියුත් තෙරුන් විසින්, “ඇට නිසාද, නහර නිසාද, මස් නිසාද, සම නිසාද අවට පිරිවරා සිටි ආකාශය රූපයමයි යන ව්‍යවහාරයට යෙයි” යනුවෙන් යම් මේ සතර කොටසෙක් කියන ලද්දේ ද, ඒ කොටස් අතුරෙන්, ඒ ඒ කොටස් අතරතුර පවත්නා ඥාන නමැති අතින් ඒ ඒ කොටස වෙන් වෙන් වශයෙන් ගෙන, “මේ ධාතුන් අතර යම් දැඩිබවෙක් හෝ රළු බවෙක් වේනම්, මේ පඨවී ධාතුය’යි පෙරකී නයින්ම ධාතුන් වෙන්කොටගෙන නැවත නැවතත් ‘පඨවිධාතුය’, ‘ආපොධාතුය’යි ධාතුමාත්‍ර වශයෙන්, නිස්සත්‍ව වශයෙන්, නිජ්ජීව වශයෙන්, ආවර්ජන කළයුතුය, මෙනෙහි කළයුතුය, ප්‍රත්‍යවෙක්‍ෂා කළයුතුය. මෙසේ වීර්ය කරන ඕහට නොබෝ කලෙකින්ම ධාතුන් පිළිබඳ ප්‍රභේදය ප්‍රකට කරන ඥානය සහිතවූ, ස්වභාව ධර්මය අරමුණු කොට පවත්නා හෙයින් අර්පණාවට නොපැමිණියාවූ, උපචාරමාත්‍රවූ, සමාධිය උපදී. මේ සංක්ෂේප වශයෙන් ආ චතුධාතුවවත්‍ථානය පිළිබඳ භාවනා නයයි.

විත්‍ථාරතො ආගතෙ පන එවං වෙදිතබ‍්බො. ඉදං කම‍්මට‍්ඨානං භාවෙතුකාමෙන හි නාතිතික‍්ඛපඤ‍්ඤෙන යොගිනා ආචරියසන‍්තිකෙ ද‍්වාචත‍්තාලීසාය ආකාරෙහි විත්‍ථාරතො ධාතුයො උග‍්ගණ‍්හිත්‍වා වුත‍්තප‍්පකාරෙ සෙනාසනෙ විහරන‍්තෙන කතසබ‍්බකිච‍්චෙන රහොගතෙන පටිසල‍්ලීනෙන සසම‍්භාරසඞ‍්ඛෙපතො, සසම‍්භාරවිභත‍්තිතො, සලක‍්ඛණසඞ‍්ඛෙපතො, සලක‍්ඛණවිභත‍්තිතොති එවං චතූහාකාරෙහි කම‍්මට‍්ඨානං භාවෙතබ‍්බං.

විස්තර වශයෙන් ආ චතුධාතුවවත්‍ථානයෙහි භාවනා ක්‍රමය මෙසේ දතයුතුය. මෙම කර්මස්ථානය වඩනු කැමැති, ඉතා තියුණු නොවූ ප්‍රඥා ඇති යෝගාවචරයා විසින් ආචාර්යයන් සමීපයෙහි දෙසාළිස් ආකාරයෙන් විස්තර වශයෙන් ධාතූන් උගෙන යටකී ආකාර ඇති සෙනසුනෙක්හි වාසය කෙරෙමින්, සියලු කටයුතු නිමකොට, හුදෙකලාව, විවේක සුවයෙන් යුක්තව, සසම්භාරසංඛෙප වශයෙන්ද, සසම්භාරවිභක්ති වශයෙන්ද, සලක්ඛණසංඛෙප වශයෙන්ද, සලක්ඛණවිභක්ති වශයෙන්දැයි මෙසේ සිවු ආකාරයෙකින් කර්මස්ථානය වැඩියයුතුය.

තත්‍ථ කථං සසම‍්භාරසඞ‍්ඛෙපතො භාවෙති? ඉධ භික‍්ඛු වීසතියා කොට‍්ඨාසෙසු ථද‍්ධාකාරං පථවීධාතූති වවත්‍ථපෙති. ද‍්වාදසසු කොට‍්ඨාසෙසු යූසගතං උදකසඞ‍්ඛාතං ආබන්‍ධනාකාරං ආපොධාතූති වවත්‍ථපෙති. චතූසු කොට‍්ඨාසෙසු පරිපාචනකං තෙජං තෙජොධාතූති වවත්‍ථපෙති . ඡසු කොට‍්ඨාසෙසු විත්‍ථම‍්භනාකාරං වායොධාතූති වවත්‍ථපෙති. තස‍්සෙවං වවත්‍ථාපයතොයෙව ධාතුයො පාකටා හොන‍්ති. තා පුනප‍්පුනං ආවජ‍්ජතො මනසිකරොතො වුත‍්තනයෙනෙව උපචාරසමාධි උප‍්පජ‍්ජති.

එහි සසම්භාරසංඛෙප වශයෙන් වඩනුයේ කෙසේද යත්, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ කේශාදී විසි කොටස් කෙරෙහි වූ දැඩි ස්වභාවය පඨවිධාතුයයි ව්‍යවස්ථාපනය කරයි, පිත්තාදී දොළොස් කොටසෙහි දියර බවට ගිය උදකය යන ව්‍යවහාරයට පත් බැඳීම් ස්වභාවය ආපොධාතුයයි ව්‍යවස්ථාපනය කරයි, පැසවීම් ආදී සිවු කොටසෙහි පැසවීම ඇති කරන තාපගුණය තෙජොධාතුයයි ව්‍යවස්ථාපනය කරයි, උද්ධංගමාදී සකොටසෙහි පැතිරීම් ස්වභාවය වායොධාතුයයි ව්‍යවස්ථාපනය කරයි. මෙසේ ව්‍යවස්ථාපන කරනවිට, ඕහට ධාතූහු ප්‍රකට වෙයි. එම ධාතූන් නැවත නැවතත් ආවර්ජනය කරනවිට, යටකී නයින්ම උපචාර සමාධිය උපදී.

යස‍්ස පන එවං භාවයතො කම‍්මට‍්ඨානං න ඉජ‍්ඣති, තෙන සසම‍්භාරවිභත‍්තිතො භාවෙතබ‍්බං. කථං? තෙන හි භික‍්ඛුනා යං තං කායගතාසතිකම‍්මට‍්ඨානනිද‍්දෙසෙ සත‍්තධා උග‍්ගහකොසල‍්ලං දසධා මනසිකාරකොසල‍්ලඤ‍්ච වුත‍්තං. ද‍්වත‍්තිංසාකාරෙ තාව තං සබ‍්බං අපරිහාපෙත්‍වා තචපඤ‍්චකාදීනං අනුලොමපටිලොමතො වචසා සජ‍්ඣායං ආදිංකත්‍වා සබ‍්බං තත්‍ථ වුත‍්තවිධානං කාතබ‍්බං. අයමෙව හි විසෙසො, තත්‍ථ වණ‍්ණසණ‍්ඨානදිසොකාසපරිච‍්ඡෙදවසෙන කෙසාදයො මනසිකරිත්‍වාපි පටික‍්කූලවසෙන චිත‍්තං ඨපෙතබ‍්බං, ඉධ ධාතුවසෙන. තස‍්මා වණ‍්ණාදිවසෙන පඤ‍්චධා පඤ‍්චධා කෙසාදයො මනසිකරිත්‍වා අවසානෙ එවං මනසිකාරො පවත‍්තෙතබ‍්බො.

යමකුහට මෙසේ වඩනවිට කමටහන සඵල නොවේනම්, ඔහු විසින් සසම්භාරවිභක්ති වශයෙන් වැඩියයුතුය. කෙසේදයත්, ඒ භික්‍ෂුව විසින්, කායගතාසතිකම්මට්ඨානනිද්දෙසයෙහි යමක් සත් ආකාර උග්ගහකොසල්ල යනුවෙන්ද, දශ ආකාර මනසිකාරකොසල්ල යනුවෙන්ද කියන ලද්දේ ද, ඒ සියල්ල දෙතිස් ආකාර කොටස් කෙරෙහි නොපිරිහෙලා, තචපංචක ආදියෙහි අනුලොම ප්‍රතිලොම වශයෙන් සජ්ඣායනාදිය කරමින් එහි කියන ලද සියලු විධානය කළයුතුය. මෙයම එහි විශේෂයයි: එම කායගතාසති භාවනාවෙහිදී, වණ්ණසණ්ඨාන-දිසා-ඔකාස-පරිච්ඡෙද වශයෙන් කෙස් ආදිය මෙනෙහිකොට පිළිකුල් වශයෙන් සිත පිහිටුවිය යුතුවේ. මෙහිදී වනාහි ධාතු වශයෙන් සිත පිහිටුවිය යුතුවේ. එහෙයින් වර්ණ ආදි වශයෙන් පස් පස් ආකාරයෙන් කෙස් ආදිය මෙනෙහිකොට අවසන්හි මෙසේ මනස්කාරය පැවැත්විය යුතුය:

ඉමෙ කෙසා නාම සීසකටාහපලිවෙඨනචම‍්මෙ ජාතා. තත්‍ථ යථාවම‍්මිකමත්‍ථකෙ ජාතෙසු කුණ‍්ඨතිණෙසු න වම‍්මිකමත්‍ථකො ජානාති මයි කුණ‍්ඨතිණානි ජාතානීති, නපි කුණ‍්ඨතිණානි ජානන‍්ති මයං වම‍්මිකමත්‍ථකෙ ජාතානීති, එවමෙව න සීසකටාහපලිවෙඨනචම‍්මං ජානාති මයි කෙසා ජාතාති, නපි කෙසා ජානන‍්ති මයං සීසකටාහවෙඨනචම‍්මෙ ජාතාති, අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති කෙසා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

මේ කෙසා (කෙශයෝ) නම් හිස් කබල වසා සිටි සමෙහි හටගත්තාහු වෙති, එහි යම්සේ තුඹස් මුදුනෙක ඉලුක් තණ හටගත් කල, එම තුඹස්මුදුන ‘මා වෙත ඉලුක් තණ හටගත්තේය’යි නොදනීද, එම ඉලුක් තණද ‘අපි තුඹස් මුදුනෙහි උපන්නෝ වෙමු’යි නොදනීද, එසේම හිස් කබල වසාසිටි සම ‘මා කෙරෙහි කෙශයෝ හටගත්තාහුය’යි නොදනී, කෙසේද ‘අපි හිස්කබල වසා සිටි සමෙහි උපන්නෝ වෙමු’යි නොදනී. සමය, කෙස්ය යන මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමෙන් තොර වූවාහුය. මෙසේ කෙස් නම් මේ ශරීරය තුළ විශේෂවූ කොටසෙකි, එය චෙතනාරහිතය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

ලොමා සරීරවෙඨනචම‍්මෙ ජාතා. තත්‍ථ යථා සුඤ‍්ඤගාමට‍්ඨානෙ ජාතෙසු දබ‍්බතිණකෙසු න සුඤ‍්ඤගාමට‍්ඨානං ජානාති මයි දබ‍්බතිණකානි ජාතානීති, නපි දබ‍්බතිණකානි ජානන‍්ති මයං සුඤ‍්ඤගාමට‍්ඨානෙ ජාතානීති, එවමෙව න සරීරවෙඨනචම‍්මං ජානාති මයි ලොමා ජාතාති. නපි ලොමා ජානන‍්ති මයං සරීරවෙඨනචම‍්මෙ ජාතාති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ලොමා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

ලොමා (රෝමයෝ) සිරුර වසා සිටි සමෙහි හටගත්තාහුය. එහි, යම්සේ පාලු ගම් පියසෙක්හි හීතණ හටගත් කළ, ‘මාතුළ හීතණ හටගත්තේය’යි එම පාලුගම්පියස නොදනී, ‘අපි පාලුගම් පියසෙක්හි උපන්නෝ වෙමු’යි හීතණද නොදනී. එසේම සිරුර වසා සිටි සම ‘මා කෙරෙහි ලොම් හටගත්තේය’යි නොදනියි, ‘අපි සිරුර වසා සිටි සම මත උපන්නෝ වෙමු’යි ලොම්ද නොදනී. මෙසේ ලොම්ද සමද යන මේවා එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිත ධර්මයෝය. මෙසේ ලොම් නම් මේ කයෙහි වූ එක්තරා විශේෂ කොටසෙකි. එය අචෙතනිකය, විවරණකළ නොහැකිය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවිධාතුය.

නඛා අඞ‍්ගුලීනං අග‍්ගෙසු ජාතා. තත්‍ථ යථා කුමාරකෙසු දණ‍්ඩකෙහි මධුකට‍්ඨිකෙ විජ‍්ඣිත්‍වා කීළන‍්තෙසු න දණ‍්ඩකා ජානන‍්ති අම‍්හෙසු මධුකට‍්ඨිකා ඨපිතාති, නපි මධුකට‍්ඨිකා ජානන‍්ති මයං දණ‍්ඩකෙසු ඨපිතාති, එවමෙව න අඞ‍්ගුලියො ජානන‍්ති අම‍්හාකං අග‍්ගෙසු නඛා ජාතාති. නපි නඛා ජානන‍්ති මයං අඞ‍්ගුලීනං අග‍්ගෙසු ජාතාති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති නඛා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

නඛා (නිය) ඇඟිලි අග හටගත්තේය, යම්සේ බාල දරුවන් මී ඇට දඬුවලින් විද ක්‍රීඩා කරන විට ‘අප වෙත මී ඇට තබන ලදැ’යි දඬු නොදනීද, ‘අපි දඬු මත තබන ලද්දමෝය’යි මී ඇට නොදනීද, එසේම ‘අපගේ අග්හි නිය හටගත්තේය’යි ඇඟිලි නොදනී, ‘අපි ඇඟිලි අග හටගත්තෙමු’යි නියද නොදනිය. මේ ධර්මයෝ එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ නිය නම් මේ කයෙහි එක් විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, විවරණ කළනොහැකිය, ශුන්‍යය, නිඃසත්‍වය තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

දන‍්තා හනුකට‍්ඨිකෙසු ජාතා. තත්‍ථ යථා වඩ‍්ඪකීහි පාසාණඋදුක‍්ඛලකෙසු කෙනචිදෙව සිලෙසජාතෙන බන්‍ධිත්‍වා ඨපිතථම‍්භෙසු න උදුක‍්ඛලා ජානන‍්ති අම‍්හෙසු ථම‍්භා ඨිතාති. නපි ථම‍්භා ජානන‍්ති මයං උදුක‍්ඛලෙසු ඨිතාති, එවමෙව න හනුකට‍්ඨීනි ජානන‍්ති අම‍්හෙසු දන‍්තා ජාතාති. නපි දන‍්තා ජානන‍්ති මයං හනුකට‍්ඨීසු ජාතාති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති දන‍්තා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

දන්තා (දත්) හනු ඇටෙහි හටගත්තේය. යම්සේ වඩුවන් විසින් ගල්වණෙහි කිසියම් ලහටු වෙසෙසෙකින් බැඳ ටැම් සිටුවූ කල්හි, ‘අප කෙරෙහි ටැම් සිටටියහ’යි ගල්වණ නොදනීද, ‘අපි ගල්වණෙහි සිටිමු’යි ටැම් නොදනීද, එසේම ‘අප කෙරෙහි දත් හටගත්හ’යි හනුඇට නොදනියි, ‘අපි හනු ඇටෙහි උපන්නෙමු’යි දත්ද නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ දත් නම් මේ කය තුළ ඇති එක් විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

තචො සකලසරීරං පරියොනන්‍ධිත්‍වා ඨිතො. තත්‍ථ යථා අල‍්ලගොචම‍්මපරියොනද‍්ධාය මහාවීණාය න මහාවීණා ජානාති අහං අල‍්ලගොචම‍්මෙන පරියොනද‍්ධාති. නපි අල‍්ලගොචම‍්මං ජානාති මයා මහාවීණා පරියොනද‍්ධාති, එවමෙව න සරීරං ජානාති අහං තචෙන පරියොනද‍්ධන‍්ති. නපි තචො ජානාති මයා සරීරං පරියොනද‍්ධන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති තචො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

තචො (සම) මුළු සිරුර වසා සිටියේය. යම්සේ අමු ගෙරිසමෙකින් මහාවීණාවක් වෙලන ලද කල්හි, ‘මම අමු ගෙරිසමෙකින් වෙළන ලදිමි’යි මහාවීණාව නොදනීද, ‘මම මහාවීණාව වෙළා සිටිමි’යි ගෙරිසම නොදනීද, එසේම ‘මම සමින් වසන ලදිමි’යි සිරුර නොදනියි, ‘මා විසින් සිරුර වසන ලදැ’යි සමද නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ සම නම් මේ සිරුරෙහිවූ එක්තරා විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

මංසං අට‍්ඨිසඞ‍්ඝාටං අනුලිම‍්පිත්‍වා ඨිතං. තත්‍ථ යථා මහාමත‍්තිකලිත‍්තාය භිත‍්තියා න භිත‍්ති ජානාති අහං මහාමත‍්තිකාය ලිත‍්තාති. නපි මහාමත‍්තිකා ජානාති මයා භිත‍්ති ලිත‍්තාති, එවමෙව න අට‍්ඨිසඞ‍්ඝාටො ජානාති අහං නවපෙසිසතප‍්පභෙදෙන මංසෙන ලිත‍්තොති. නපි මංසං ජානාති මයා අට‍්ඨිසඞ‍්ඝාටො ලිත‍්තොති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මංසං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

මංසං (මස්) ඇට සැකිල්ල (බදාමක් මෙන්) අනුලේපනය කොට සිටියේය. යම්සේ මහ මැටි බිත්තියෙක අනුලේපනය කළ කල්හි, ‘මම මහමැටියෙන් ආලේපනය කරන ලදිමි’යි බිත්තිය නොදනීද, ‘මා විසින් බිත්තිය අනුලේපනය කරන ලදැ’යි මහමැටි නොදනීද, එසේම ‘මම නව සියයක් ප්‍රභේද ඇති මසින් අනුලේපනය කරන ලදිමි’යි ඇටසැකිල්ල නොදනී. ‘මවිසින් ඇට සැකිල්ල අනුලේපනය කරන ලදැ’යි මස්ද නොදනී. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ මස් නම් මේ සිරුර තුළ එක්තරා විශේෂ වූ කොටසකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

න‍්හාරු සරීරබ‍්භන‍්තරෙ අට‍්ඨීනි ආබන්‍ධමානා ඨිතා. තත්‍ථ යථා වල‍්ලීහි විනද‍්ධෙසු කුට‍්ටදාරූසු න කුට‍්ටදාරූනි ජානන‍්ති මයං වල‍්ලීහි විනද‍්ධානීති. නපි වල‍්ලියො ජානන‍්ති අම‍්හෙහි කුට‍්ටදාරූනි විනද‍්ධානීති, එවමෙව න අට‍්ඨීනි ජානන‍්ති මයං න‍්හාරූහි ආබද‍්ධානීති. නපි න‍්හාරූ ජානන‍්ති අම‍්හෙහි අට‍්ඨීනි ආබද‍්ධානීති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති න‍්හාරු නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

නහාරූ (නහර) සිරුර තුළ ඇට සම්බන්‍ධ කෙරෙමින් සිටියේය. යම්සේ බිත්තියට සිටුවනලද වඩිති ලී වැලින් බඳනාලද කල්හි, ‘අප වැලින් වෙළන ලදහ’යි වඩිති ලී නොදනීද, ‘අප විසින් වඩිති ලී බඳනා ලදහ’යි වැල් නොදනීද, එසේම ‘අපි නහරින් බඳනා ලබමු’යි ඇට නොදනී, ‘අප විසින් ඇට වෙළන ලදහ’යි නහරද නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවේක්‍ෂණ රහිතයෝය. මෙසේ නහර නම් මේ සිරුර තුළ ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචේතනය, අව්‍යාකෘතය ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

අට‍්ඨීසු පණ‍්හිකට‍්ඨි ගොප‍්ඵකට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. ගොප‍්ඵකට‍්ඨි ජඞ‍්ඝට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. ජඞ‍්ඝට‍්ඨි ඌරුට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. ඌරුට‍්ඨි කටිට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. කටිට‍්ඨි පිට‍්ඨිකණ‍්ටකං උක‍්ඛිපිත්‍වා ඨිතං, පිට‍්ඨිකණ‍්ටකො ගීවට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතො. ගීවට‍්ඨි සීසට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. සීසට‍්ඨි ගීවට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ගීවට‍්ඨි පිට‍්ඨිකණ‍්ටකෙ පතිට‍්ඨිතං. පිට‍්ඨිකණ‍්ටකො කටිට‍්ඨිම‍්හි පතිට‍්ඨිතො. කටිට‍්ඨි ඌරුට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ඌරුට‍්ඨි ජඞ‍්ඝට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ජඞ‍්ඝට‍්ඨි ගොප‍්ඵකට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ගොප‍්ඵකට‍්ඨි පණ‍්හිකට‍්ඨිකෙ පතිට‍්ඨිතං.

අට්ඨිසු (ඇට අතුරෙන්) විළුම් ඇටය ගොප් ඇටය ඔසවාගෙන සිටියේය, ගොප් ඇටය කෙණ්ඩා ඇටය ඔසවාගෙන සිටියේය. කෙණ්ඩා ඇටය කලවා ඇටය ඔසවාගෙන සිටියේය, කලවා ඇටය උකුල් ඇටය ඔසවාගෙන සිටියේය, උකුල් ඇටය පිටකටුව (කොඳු ඇටය) ඔසවාගෙන සිටියේය, පිටකටුව ගෙල ඇටය ඔසවාගෙන සිටියේය, ගෙල ඇටය හිස්කබල ඔසවාගෙන සිටියේය, හස්කබල් ඇට ගෙල ඇටයෙහි පිහිටියේය, ගෙල ඇටය පිටකටුවෙහි පිහිටියේය. පිටකටුව උකුල් ඇටයෙහි පිහිටියේය, උකුල් ඇටය කලවා ඇටයෙහි පිහිටියේය. කලවා ඇටය කෙණ්ඩා ඇටයෙහි පිහිටියේය. කෙණ්ඩා ඇටය ගොප් ඇටයෙහි පිහිටියේය, ගොප් ඇටය විළුම් ඇටයෙහි පිහිටියේය.

තත්‍ථ යථා ඉට‍්ඨකදාරුගොමයාදිසඤ‍්චයෙසු න හෙට‍්ඨිමා හෙට‍්ඨිමා ජානන‍්ති මයං උපරිමෙ උපරිමෙ උක‍්ඛිපිත්‍වා ඨිතාති. නපි උපරිමා උපරිමා ජානන‍්ති මයං හෙට‍්ඨිමෙසු හෙට‍්ඨිමෙසු පතිට‍්ඨිතාති, එවමෙව න පණ‍්හිකට‍්ඨි ජානාති අහං ගොප‍්ඵකට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතන‍්ති. න ගොප‍්ඵකට‍්ඨි ජානාති අහං ජඞ‍්ඝට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතන‍්ති. න ජඞ‍්ඝට‍්ඨි ජානාති අහං ඌරුට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතන‍්ති. න ඌරුට‍්ඨි ජානාති අහං කටිට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතන‍්ති. න කටිට‍්ඨි ජානාති අහං පිට‍්ඨිකණ‍්ටකං උක‍්ඛිපිත්‍වා ඨිතන‍්ති. න පිට‍්ඨිකණ‍්ටකො ජානාති අහං ගීවට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතන‍්ති. න ගීවට‍්ඨි ජානාති අහං සීසට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතන‍්ති. න සීසට‍්ඨි ජානාති අහං ගීවට‍්ඨිම‍්හි පතිට‍්ඨිතන‍්ති. න ගීවට‍්ඨි ජානාති අහං පිට‍්ඨිකණ‍්ටකෙ පතිට‍්ඨිතන‍්ති. න පිට‍්ඨිකණ‍්ටකො ජානාති අහං කටිට‍්ඨිම‍්හි පතිට‍්ඨිතොති. න කටිට‍්ඨි ජානාති අහං ඌරුට‍්ඨිම‍්හි පතිට‍්ඨිතන‍්ති. න ඌරුට‍්ඨි ජානාති අහං ජඞ‍්ඝට‍්ඨිම‍්හි පතිට‍්ඨිතන‍්ති. න ජඞ‍්ඝට‍්ඨි ජානාති අහං ගොප‍්ඵකට‍්ඨිම‍්හි පතිට‍්ඨිතන‍්ති. න ගොප‍්ඵකට‍්ඨි ජානාති අහං පණ‍්හිකට‍්ඨිම‍්හි පතිට‍්ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අට‍්ඨි නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

එහි, යම්සේ උළු (පිලිස්සීමට ගන්නා) දර, ගොමරිටි ආදී ද්‍රව්‍ය සම්භාරයෙහි යටින් යටින් සිටි ද්‍රව්‍යයෝ ‘අපි මතුමත්තෙහි ද්‍රව්‍යයන් ඔසවාගෙන සිටියෙමු’යි නොදනිත්ද, මතු මත්තෙහි ද්‍රව්‍යයෝ අපි යටින් යටින් සිටි ද්‍රව්‍යයන් මත සිටියෙමු’යි නොදනිත්ද, එසේම විළුම් ඇටය, ‘මම ගොප් ඇටය ඔසවාගෙන සිටියෙමි’යි නොදනියි, ගොප් ඇටය ‘මම කෙණ්ඩා ඇටය ඔසවාගෙන සිටියෙමි’යි නොදනියි, කෙණ්ඩා ඇටය ‘මම කලවා ඇටය ඔසවාගෙන සිටියෙමි’යි නොදනියි, කලවා ඇටය ‘මම උකුල් ඇටය ඔසවාගෙන සිටියෙමි’යි නොදනියි, උකුල් ඇටය ‘මම පිටකටුව ඔසවාගෙන සිටියෙමි’යි නොදනියි. කෙණ්ඩා ඇටය ‘මම කලවා ඇටය ඔසවා ගෙන සිටියෙමි’යි නොදනියි, කලවා ඇටය, ‘මම උකුල් ඇටය ඔසවාගෙන සිටියෙමි’යි නොදනි’යි, උකුල් ඇටය මම පිටකටුව ඔසවාගෙන සිටියෙමි’යි නොදනියි, ගෙල ඇටය ‘මම හිස් ඇටය ඔසවාගෙන සිටියෙමි’යි නොදනියි, හිස් ඇටය ‘මම ගෙල ඇටයෙහි පිහිටියෙමි’යි නොදනියි, ගෙල ඇටය ‘මම පිටකටුවෙහි පිහිටියෙමි’යි නොදනියි, පිටකටුව ‘මම උකුල් ඇටයෙහි පිහිටියෙමි’යි නොදනියි, උකුල් ඇටය ‘මම කලවා ඇටයෙහි පිහිටියෙමි’යි නොදනියි, කලවා ඇටය ‘මම කෙණ්ඩා ඇටයෙහි පිහිටියෙමි’යි නොදනියි. කෙණ්ඩා ඇටය ‘මම ගොප් ඇටයෙහි පිහිටියෙමි’යි නොදනියි, ගොප් ඇටය ‘මම විළුම් ඇටයෙහි පිහිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ ඇට නම් මේ සිරුර තුළ සිටි එක්තරා විශේෂ වූ කොටසකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

අට‍්ඨිමිඤ‍්ජං තෙසං තෙසං අට‍්ඨීනං අබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා වෙළුපබ‍්බාදීනං අන‍්තො පක‍්ඛිත‍්තඡින‍්නවෙත‍්තග‍්ගාදීසු න වෙළුපබ‍්බාදීනි ජානන‍්ති අම‍්හෙසු වෙත‍්තග‍්ගාදීනි පක‍්ඛිත‍්තානීති. නපි වෙත‍්තග‍්ගාදීනි ජානන‍්ති මයං වෙළුපබ‍්බාදීසු ඨිතානීති, එවමෙව න අට‍්ඨීනි ජානන‍්ති අම‍්හාකං අන‍්තො මිඤ‍්ජං ඨිතන‍්ති. නාපි මිඤ‍්ජං ජානාති අහං අට‍්ඨීනං අන‍්තො ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අට‍්ඨිමිඤ‍්ජං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

අට්ඨිමිඤ්ජං (ඇට මිදුළු) ඒ ඒ ඇට ඇතුළත සිටියේය. යම්සේ හුණ පුරුක් ආදිය තුළ තැම්බූ වේබඩ ආදිය බහාලූ කල, හුණ පුරුක් ආදිය ‘අප තුළ වේබඩ ආදිය බහාලන ලදහ’යි නොදනියිද, වේබඩ ආදියද ‘අපි හුණපුරුක් ආදිය තුළ සිටියෙමු’යි නොදනීද, එසේම ඇට ‘අප තුළ මිදුළු සිටියහ’යි නොදනියි, මිදුළුද ‘අපි ඇට තුළ සිටියෙමු’යි නොදනියි. මේ වස්තහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ ඇටමිදුළු නම් මේ සිරුර තුළ පිහිටි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

වක‍්කං ගලවාටකතො නික‍්ඛන‍්තෙන එකමූලෙන ථොකං ගන‍්ත්‍වා ද‍්විධා භින‍්නෙන ථූලන‍්හාරුනා විනිබද‍්ධං හුත්‍වා හදයමංසං පරික‍්ඛිපිත්‍වා ඨිතං. තත්‍ථ යථා වණ‍්ටුපනිබද‍්ධෙ අම‍්බඵලද‍්වයෙ න වණ‍්ටං ජානාති මයා අම‍්බඵලද‍්වයං උපනිබද‍්ධන‍්ති. නපි අම‍්බඵලද‍්වයං ජානාති අහං වණ‍්ටෙන උපනිබද‍්ධන‍්ති, එවමෙව න ථූලන‍්හාරු ජානාති මයා වක‍්කං උපනිබද‍්ධන‍්ති. නපි වක‍්කං ජානාති අහං ථූලන‍්හාරුනා උපනිබද‍්ධන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති වක‍්කං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

වක්කං (වකුගඩුව) ගලවළුවෙහි සිට නිකුත් එක් මුලෙකින් මද තැන් ගොස් දෙකක්ව බෙදුණු මහ නහරයෙකින් බැඳී හෘදයමාංශය වටකොට සිටියේය. එහි, යම්සේ අඹපල දෙකක් එක් නටුවෙකින් බැඳී සිටි කල්හි, ‘මවිසින් අඹපල දෙක එක්ව බැඳුණහ’යි නටුව නොදනියිද, ‘අපි නටුවෙන් බැඳුණෙමු’යි අඹපල දෙක නොදනීද, එසේම, ‘මවිසින් වකුගඩු දෙක එක්කොට බඳනා ලදහ’යි මහනහරය නොදනී, ‘අපි මහනහරයෙන් බැඳුණෙමු’යි වකුගඩුද නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණයෙන් තොරවූවෝය. මෙසේ වකුගඩු නම් මේ සිරුර තුළ සිටි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචේතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

හදයං සරීරබ‍්භන‍්තරෙ උරට‍්ඨිපඤ‍්ජරමජ‍්ඣං නිස‍්සාය ඨිතං. තත්‍ථ යථා ජිණ‍්ණසන්‍දමානිකපඤ‍්ජරං නිස‍්සාය ඨපිතාය මංසපෙසියා න සන්‍දමානිකපඤ‍්ජරබ‍්භන‍්තරං ජානාති මං නිස‍්සාය මංසපෙසි ඨිතාති. නපි මංසපෙසි ජානාති අහං ජිණ‍්ණසන්‍දමානිකපඤ‍්ජරං නිස‍්සාය ඨිතාති, එවමෙව න උරට‍්ඨිපඤ‍්ජරබ‍්භන‍්තරං ජානාති මං නිස‍්සාය හදයං ඨිතන‍්ති. නපි හදයං ජානාති අහං උරට‍්ඨිපඤ‍්ජරං නිස‍්සාය ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති හදයං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

හදය (හෘදයවස්තුව) සිරුර ඇතුළත පපුඇට මැදිරිය මැද ඇසුරුකොට සිටියේය. එහි, යම්සේ දිරාපත් රිය කූඩුවක් තුළ මස් පිඬුවක් එල්වා තැබූ කල්හි, රිය කුඩුව ‘මා නිසා මස් පිඬුව සිටියහ’යි නොදනීද, මස් පිඬුවද ‘මම දිරාපත් රිය නිසා එල්බ සිටියෙමි’යි නොදනීද, එසේම පපුඇට මැදිරිය ‘මා නිසා හෘදයවස්තුව එල්බ සිටියහ’යි නොදනියි, හෘදයවස්තුවද ‘මම පපුඇට මැදිරිය නිසා එල්බ සිටියෙමි’යි නොදනියි, මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ හෘදයවස්තුව නම් මේ සිරුරෙහි සිටි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

යකනං අන‍්තොසරීරෙ ද‍්වින‍්නං ථනානමබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං නිස‍්සාය ඨිතං. තත්‍ථ යථා උක‍්ඛලිකපාලපස‍්සම‍්හි ලග‍්ගෙ යමකමංසපිණ‍්ඩෙ න උක‍්ඛලිකපාලපස‍්සං ජානාති මයි යමකමංසපිණ‍්ඩො ලග‍්ගොති. නපි යමකමංසපිණ‍්ඩො ජානාති අහං උක‍්ඛලිකපාලපස‍්සෙ ලග‍්ගොති, එවමෙව න ථනානමබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං ජානාති මං නිස‍්සාය යකනං ඨිතන‍්ති. නපි යකනං ජානාති අහං ථනානමබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං නිස‍්සාය ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති යකනං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

යකනං (අක්මාව) සිරුර තුළ දෙතන අතර දකුණු පසට නැඹුරුව සිටියේය. එහි, යම්සේ සැළිකබලෙක දෙපසින් මස් පිඬු යුවලක් එල්බ සිටි කල, එම සැළි කබල ‘මා වෙත මස්පිඬු යුවලක් එල්බ සිටියහ’යි නොදනීද, මස්පිඬු යුවලද ‘අපි සැළිකබලෙහි එල්බ සිටියෙමු’යි නොදනීද, එසේම දෙතන අතර දකුණුපස ‘මා නිසා අක්මාව සිටියහ’යි නොදනියි, අක්මාවද ‘මම දෙතන අතර දකුණුපස ඇසුරුකොට සිටියෙමි’යි නොදනියි, මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ අක්මාව නම් මේ සිරුර තුළ එක්තරා විශේෂවූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යකෘතය, ශුන්‍යය, නිස්සත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

කිලොමකෙසු පටිච‍්ඡන‍්නකිලොමකං හදයඤ‍්ච වක‍්කඤ‍්ච පරිවාරෙත්‍වා ඨිතං. අප‍්පටිච‍්ඡන‍්නකිලොමකං සකලසරීරෙ චම‍්මස‍්ස හෙට‍්ඨතො මංසං පරියොනන්‍ධිත්‍වා ඨිතං. තත්‍ථ යථා පිලොතිකපලිවෙඨිතෙ මංසෙ න මංසං ජානාති අහං පිලොතිකාය පලිවෙඨිතන‍්ති. නපි පිලොතිකා ජානාති මයා මංසං පලිවෙඨිතන‍්ති, එවමෙව න වක‍්කහදයානි සකලසරීරෙ ච මංසං ජානාති අහං කිලොමකෙන පටිච‍්ඡන‍්නන‍්ති. නපි කිලොමකං ජානාති මයා වක‍්කහදයානි සකලසරීරෙ ච මංසං පටිච‍්ඡන‍්නන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති කිලොමකං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

කිලොමක (දලබු) අතුරෙන් සැඟවුණු දලබුව හෘදයද වකුගඩුද පිරිවරා සිටියේය, නොසැඟවුණු දලබුව මුළු සිරුරෙහි සමට යටින් මස වසා සිටියේය. එහි, යම්සේ මසක් රෙදි කඩෙකින් වෙළූ කල්හි එම මස ‘මම රෙදි කඩෙකින් වෙළන ලදිමි’යි නොදනීද, රෙදි කඩද මවිසින් මස වෙළන ලදහ’යි නොදනීද, එසේම වකුගඩු හා හදවතද මුළු සිරුර පුරා ඇති මසද, ‘අප දලබුවෙන් වසන ලදිමු’යි නොදනී, දලබුවද ‘මවිසින් වකුගඩු හා හෘදයද, මුළු සිරුරෙහි මස්ද වසන ලදහ’යි නොදනී. මේ ධර්මයෝ එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය, මෙසේ දලබුව නම් මේ සිරුරෙහි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

පිහකං හදයස‍්ස වාමපස‍්සෙ උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතං. තත්‍ථ යථා කොට‍්ඨමත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතාය ගොමයපිණ‍්ඩියා න කොට‍්ඨමත්‍ථකපස‍්සං ජානාති ගොමයපිණ‍්ඩි මං නිස‍්සාය ඨිතාති. නපි ගොමයපිණ‍්ඩි ජානාති අහං කොට‍්ඨමත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතාති, එවමෙව න උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං ජානාති පිහකං මං නිස‍්සාය ඨිතන‍්ති. නපි පිහකං ජානාති අහං උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති පිහකං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

පිහක (බඩදිව) හෘදයට වම්පසින් උදර පටලයෙහි උඩුපස ඇසුරුකොට සිටියේය. එහි, යම්සේ වී ගුලෙක මුදුනෙහි ගොමපිඬක් එල්බනලද කල, එම වීගුල් මුදුන ‘මා නිසා ගොම පිඬ එල්බ සිටියහ’යි නොදනීද, ගොම පිඬද ‘මම වීගුල් මුදුන එල්බ සිටියෙමි’යි නොදනීද, එසේම උදර පටල මුදුනත ‘මා නිසා බඩදිව එල්බ සිටියහ’යි නොදනී, බඩදිවද ‘මම උදර පටල මුදුනත නිසා එල්බ සිටියෙමි’යි නොදනී. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ බඩදිව නම් මේ සිරුර තුළ එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නි:සත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

පප‍්ඵාසං සරීරබ‍්භන‍්තරෙ ද‍්වින‍්නං ථනානමන‍්තරෙ හදයඤ‍්ච යකනඤ‍්ච උපරි ඡාදෙත්‍වා ඔලම‍්බන‍්තං ඨිතං. තත්‍ථ යථා ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරෙ ලම‍්බමානෙ සකුණකුලාවකෙ න ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරං ජානාති මයි සකුණකුලාවකො ලම‍්බමානො ඨිතොති. නපි සකුණකුලාවකො ජානාති අහං ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරෙ ලම‍්බමානො ඨිතොති, එවමෙව න තං සරීරබ‍්භන‍්තරං ජානාති මයි පප‍්ඵාසං ලම‍්බමානං ඨිතන‍්ති. නපි පප‍්ඵාසං ජානාති අහං එවරූපෙ සරීරබ‍්භන‍්තරෙ ලම‍්බමානං ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති පප‍්ඵාසං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

පප්ඵාස (පපුමස) සිරුර ඇතුළත දෙතන අතර හෘදයද අක්මාවද වසාගෙන එල්බෙමින් සිටියේය. එහි, යම්සේ දිරාපත් වීගුලක් තුළ ලිහිණි කැදැල්ලක් එල්බෙමින් සිටියේ නම්, එම දිරාපත් වීගුල ‘මාවෙත ලිහිණි කැදැල්ලක් එල්බෙමින් සිටියහ’යි නොදනියිද, එම ලිහිණි කැදැල්ලද ‘මම දිරාපත් වීගුල ඇතුළත එල්බ සිටියෙමි’යි නොදනීද, එසේම සිරුර ඇතුළත ‘මාවෙත පපුමස එල්බ සිටියහ’යි නොදනියි, පපුමසද ‘මම මෙවන් සිරුර ඇතුළත එල්බෙමින් සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ මේ පපුමස නම් මේ සිරුරෙහි එක්තරා විශේෂවූ කොටසෙකි, එය අචෙතනිකය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

අන‍්තං ගලවාටකකරීසමග‍්ගපරියන‍්තෙ සරීරබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා ලොහිතදොණිකාය ඔභුජිත්‍වා ඨපිතෙ ඡින‍්නසීසධම‍්මනිකළෙවරෙ න ලොහිතදොණි ජානාති මයි ධම‍්මනිකළෙවරං ඨිතන‍්ති. නපි ධම‍්මනිකළෙවරං ජානාති අහං ලොහිතදොණියා ඨිතන‍්ති, එවමෙව න සරීරබ‍්භන‍්තරං ජානාති මයි අන‍්තං ඨිතන‍්ති. නපි අන‍්තං ජානාති අහං සරීරබ‍්භන‍්තරෙ ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අන‍්තං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

අන්ත (අතුණු) ගෙලවළුව පටන් මල මාර්ගය කෙළවරකොට සිරුර ඇතුළත සිටියේය. එහි, යම්සේ ලේ ඔරුවක් තුළ හිස්සුන් ගැරඬි කුණක් දරණ ගසා තබනලද කල්හි, එම ලේ ඔරුව ‘මා වෙත හිස් සුන් ගැරඬි කුණක් සිටියහ’යි නොදනීද, එම ගැරඬි කුණද ‘මම ලේ ඔරුවක් තුළ සිටියෙමි’යි නොදනීද, එසේම සිරුරු ඇතුළ ‘මා වෙත අතුණු සිටියහ’යි නොදනියි, අතුණුද ‘මම සිරුර ඇතුළත සිටියෙමි’යි නොදනී. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ අතුණු නම් මේ සිරුර තුළ වූ එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය. එහෙයින් පඨවීධාතුය.

අන‍්තගුණං අන‍්තන‍්තරෙ එකවීසතිඅන‍්තභොගෙ බන්‍ධිත්‍වා ඨිතං. තත්‍ථ යථා පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං සිබ‍්බෙත්‍වා ඨිතෙසු රජ‍්ජුකෙසු න පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං ජානාති රජ‍්ජුකා මං සිබ‍්බිත්‍වා ඨිතාති. නපි රජ‍්ජුකා ජානන‍්ති මයං පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං සිබ‍්බිත්‍වා ඨිතාති, එවමෙව න අන‍්තං ජානාති අන‍්තගුණං මං ආබන්‍ධිත්‍වා ඨිතන‍්ති. නපි අන‍්තගුණං ජානාති අහං අන‍්තං ආබන්‍ධිත්‍වා ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අන‍්තගුණං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

අන්තගුණ (අතුණුබහන්) අතුණු අතරතුර දරණු විසිඑකකින් යුත් එම අතුණ බැඳගෙන සිටියේය, එහි යම්සේ පාපිස්නා බිස්සක් වියාගෙන රැහැන් සිටි කල්හි, එම පාපිස්නා බිස්ස ‘රැහැන් මා බැඳගෙන සිටියහ’යි නොදනීද, රැහැන්ද ‘අපි පාබිස්ස බැඳගෙන සිටියෙමු’යි නොදනීද, එසේම අතුණ ‘අතුණු බහන් මා බැඳගෙන සිටියහ’යි නොදනී, අතුණුබහන්ද ‘අපි අතුණ බැඳගෙන සිටියෙමු’යි නොදනී. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ අතුණුබහන් නම් මේ සිරුර තුළ වූ එක්තරා විශේෂවූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද ගුණයෙන් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

උදරියං උදරෙ ඨිතං අසිතපීතඛායිතසායිතං. තත්‍ථ යථා සුවානදොණියං ඨිතෙ සුවානවමථුම‍්හි න සුවානදොණි ජානාති මයි සුවානවමථු ඨිතොති. නපි සුවානවමථු ජානාති අහං සුවානදොණියං ඨිතොති, එවමෙව න උදරං ජානාති මයි උදරියං ඨිතන‍්ති . නපි උදරියං ජානාති අහං උදරෙ ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති උදරියං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

උදරීය නම් උදරය තුළ සිටි බුදිනලද, බොනලද, කනලද ලොවිනලද නොපැසුණු ආහාරයි. එහි යම්සේ බලු පැන් ඔරුවෙක්හි, බලු වමනයක් තිබෙන කල්හි එම බලු ඔරුව ‘මා තුළ බලු වමනයක් සිටියහ’යි නොදනීද, බලු වමනයද ‘මම බලු ඔරුවෙක්හි සිටියෙමි’යි නොදනීද, එසේම උදරය ‘මා තුළ නොපැසුණු අහර සිටියහ’යි නොදනියි, නොපැසුණු අහරද ‘මම උදරය තුළ සිටියෙමි’යි නොදනී, මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ උදරිය නම් මේ සිරුර තුළ ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද බවින් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

කරීසං පක‍්කාසයසඞ‍්ඛාතෙ අට‍්ඨඞ‍්ගුලවෙළුපබ‍්බසදිසෙ අන‍්තපරියොසානෙ ඨිතං. තත්‍ථ යථා වෙළුපබ‍්බෙ ඔමද‍්දිත්‍වා පක‍්ඛිත‍්තාය සණ‍්හපණ‍්ඩුමත‍්තිකාය න වෙළුපබ‍්බං ජානාති මයි පණ‍්ඩුමත‍්තිකා ඨිතාති. නපි පණ‍්ඩුමත‍්තිකා ජානාති අහං වෙළුපබ‍්බෙ ඨිතාති, එවමෙව න පක‍්කාසයො ජානාති මයි කරීසං ඨිතන‍්ති. නපි කරීසං ජානාති අහං පක‍්කාසයෙ ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති කරීසං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

කරීස (මල) පක්‍වාශයයි කියනලද අටඟුලක් පමණ වූ හුණ පුරුකක් වැනි අතුණු කෙළවරයි. එහි, යම්සේ හුණ පුරුකක් තුළ සිනිදු පඬුවන් මැටි අඹරා බහාලූ කල, එම උණ පුරුක ‘මා තුළ පඬුවන් මැටි සිටියහ’යි නොදනීද, පඬුවන් මැටිද ‘මම උණ පුරුකක් තුළ සිටියෙමි’යි නොදනීද, එසේම පක්‍වාශය ‘මාතුළ මල සිටියහ’යි නොදනීයි, මලද ‘මම පක්‍වාශය තුළ සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ මල නම් මේ සිරුර තුළ ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, තද බවින් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

මත්‍ථලුඞ‍්ගං සීසකටාහබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා පුරාණලාබුකටාහෙ පක‍්ඛිත‍්තාය පිට‍්ඨපිණ‍්ඩියා න ලාබුකටාහං ජානාති මයි පිට‍්ඨපිණ‍්ඩි ඨිතාති. නපි පිට‍්ඨපිණ‍්ඩි ජානාති අහං ලාබුකටාහෙ ඨිතාති, එවමෙව න සීසකටාහබ‍්භන‍්තරං ජානාති මයි මත්‍ථලුඞ‍්ගං ඨිතන‍්ති. නපි මත්‍ථලුඞ‍්ගං ජානාති අහං සීසකටාහබ‍්භන‍්තරෙ ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මත්‍ථලුඞ‍්ගං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

මත්‍ථලුඞ්ග (හිස්මොළ) හිස් කබල තුළ සිටියේය. එහි, යම්සේ පරණ ලබු කබලෙක පිටි පිඬක් බහාලූ කල්හි, එම ලබු කබල ‘මා තුළ පිටි පිඬක් සිටියහ’යි නොදනීද, පිටි පිඬද මම ‘ලබු කබලෙක්හි සිටියෙමි’යි නොදනියිද, එසේම හිස් කබල ‘මාතුළ හිස්මොළ සිටියහ’යි නොදනියි, හිස්මොළද ‘මම හිස්කබල තුළ සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ හිස්මොළ නම් මේ සිරුර තුළ ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නි:සත්‍වය, තද බවින් යුක්තය, එහෙයින් පඨවීධාතුය.

පිත‍්තෙසු අබද‍්ධපිත‍්තං ජීවිතින්‍ද්‍රියපටිබද‍්ධං සකලසරීරං බ්‍යාපෙත්‍වා ඨිතං. බද‍්ධපිත‍්තං පිත‍්තකොසකෙ ඨිතං. තත්‍ථ යථා පූවං බ්‍යාපෙත්‍වා ඨිතෙ තෙලෙ න පූවං ජානාති තෙලං මං බ්‍යාපෙත්‍වා ඨිතන‍්ති. නපි තෙලං ජානාති අහං පූවං බ්‍යාපෙත්‍වා ඨිතන‍්ති, එවමෙව න සරීරං ජානාති අබද‍්ධපිත‍්තං මං බ්‍යාපෙත්‍වා ඨිතන‍්ති. නපි අබද‍්ධපිත‍්තං ජානාති අහං සරීරං බ්‍යාපෙත්‍වා ඨිතන‍්ති. යථා වස‍්සොදකෙන පුණ‍්ණෙ කොසාතකිකොසකෙ න කොසාතකිකොසකො ජානාති මයි වස‍්සොදකං ඨිතන‍්ති. නපි වස‍්සොදකං ජානාති අහං කොසාතකිකොසකෙ ඨිතන‍්ති, එවමෙව න පිත‍්තකොසකො ජානාති මයි බද‍්ධපිත‍්තං ඨිතන‍්ති. නපි බද‍්ධපිත‍්තං ජානාති අහං පිත‍්තකොසකෙ ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා . ඉති පිත‍්තං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

පිත්ත (පිත්) අතුරෙන් නොබැඳුණු පිත ජීවිතේන්‍ද්‍රිය හා බැඳී මුළු සිරුර පුරා පැතිර සිටියේය, බැදුණු පිත පිත්තාශයයෙහි රැදී සිටියේය. එහි යම්සේ කැවුමක් තුළ පැතිර තෙල් සිටි කල්හි, කැවුම ‘මාතුළ පැතිරී තෙල් සිටියහ’යි නොදනීද, තෙල්ද ‘මම කැවුම තුළ පැතිර සිටියෙමි’යි නොදනීද, එසේම ශරීරය ‘මාතුළ නොබැඳුණු පිත පැතිර සිටියහ’යි නොදනියි, නොබැඳුණු පිතද ‘මම සිරුර පුරා පැතිර සිටියෙමි’යි නොදනී. යම්සේ වැටකොලු කොෂය වැසිදියෙන් පිරී සිටි කල්හි, එම වැටකොලු කොෂය ‘මා තුළ වැසිදිය සිටියහ’යි නොදනීද, වැසිදියද ‘මම වැටකොලු කොෂය තුළ සිටියෙමි’යි නොදනීද, එසේම පිත්තාශය ‘මා තුළ බැඳුණු පිත සිටියහ’යි නොදනියි, බැඳුණු පිතද ‘මම පිත්තාශය තුළ සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආවර්ජන ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ පිත නම් මේ සිරුර තුළ ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, දියාරුය, බැඳෙන සුලුය, එහෙයින් ආපොධාතුය.

සෙම‍්හං එකපත්‍ථපූරප‍්පමාණං උදරපටලෙ ඨිතං. තත්‍ථ යථා උපරි සඤ‍්ජාතඵෙණපටලාය චන්‍දනිකාය න චන්‍දනිකා ජානාති මයි ඵෙණපටලං ඨිතන‍්ති. නපි ඵෙණපටලං ජානාති අහං චන්‍දනිකාය ඨිතන‍්ති, එවමෙව න උදරපටලං ජානාති මයි සෙම‍්හං ඨිතන‍්ති. නපි සෙම‍්හං ජානාති අහං උදරපටලෙ ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති සෙම‍්හං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

සෙම්හ (සෙම) එක් පාත්‍රයක් පිරෙන තරම් වූයේ උදර පටලයෙහි සිටියේය. එහි, යම්සේ ගවර වළෙක්හි මතුපිට පෙණ පටලයක් හටගත්විට, ගවරවළ ‘මා තුළ පෙණපටලයක් සිටියහ’යි නොදනීද, පෙණ පටලයද ‘මම ගවරවළෙහි සිටියෙමි’යි නොදනීද, එසේම උදර පටලය ‘මාතුළ සෙම සිටියහ’යි නොදනියි, සෙමද ‘මම උදර පටලය තුළ සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ සෙම නම් මේ සිරුර තුළ සිටි එක්තරා විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය ශුන්‍යය, නිඃසත්‍වය, දියාරුය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

පුබ‍්බො අනිබද‍්ධොකාසො යත්‍ථ යත්‍ථෙව ඛාණුකණ‍්ටකප‍්පහරණඅග‍්ගිජාලාදීහි අභිහතෙ සරීරප‍්පදෙසෙ ලොහිතං සණ‍්ඨහිත්‍වා පච‍්චති, ගණ‍්ඩපීළකාදයො වා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථ තත්‍ථ තිට‍්ඨති. තත්‍ථ යථා ඵරසුප‍්පහාරාදිවසෙන පග‍්ඝරිතනිය්‍යාසෙ රුක‍්ඛෙ න රුක‍්ඛස‍්ස පහාරාදිප‍්පදෙසා ජානන‍්ති අම‍්හෙසු නිය්‍යාසො ඨිතොති, නපි නිය්‍යාසො ජානාති අහං රුක‍්ඛස‍්ස පහාරාදිප‍්පදෙසෙසු ඨිතොති, එවමෙව න සරීරස‍්ස ඛාණුකණ‍්ටකාදීහි අභිහතප‍්පදෙසා ජානන‍්ති අම‍්හෙසු පුබ‍්බො ඨිතොති. නපි පුබ‍්බො ජානාති අහං තෙසු පදෙසෙසු ඨිතොති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති පුබ‍්බො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

පුබ්බ (පූයාව) නිබඳව සිටි තැනෙක් නැත. යම් යම් සිරුරු පෙදෙසක කණු, කටු, අවි, ගිනිදැල් ආදියෙන් පහරනලදුව ලේ එකතුවී පැසවාද, ගඬු පිළිකාදිය හෝ උපදීද, ඒ ඒ තැන සිටියේය. එහි, යම්සේ පොරෝපහර ආදී හේතුවෙන් ගසෙකින් යුස වැහෙන කල, එම කැඩුණු බිඳුණු රුක් පෙදෙස් ‘අප කෙරෙහි යුස සිටියහ’යි නොදනීද, යුසද ‘මම කැඩීබිඳී ගිය රුක්පෙදෙස්හි සිටියෙමි’යි නොදනීද, එසේම සිරුරෙහි කණු කටු ආදියෙන් පෑරුණු පෙදෙස් ‘අප වෙත පූයාව සිටියහ’යි නොදනියි, පූයාවද ‘මම ඒ ඒ සිරුරු පෙදෙස්හි සිටියෙමි’යි නොදනීයි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ පූයාව නම් මේ සිරුරෙහි ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, නිඃසත්‍වය, දියාරුය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

ලොහිතෙසු සංසරණලොහිතං පිත‍්තං විය සකලසරීරං බ්‍යාපෙත්‍වා ඨිතං. සන‍්නිචිතලොහිතං යකනට‍්ඨානස‍්ස හෙට‍්ඨාභාගං පූරෙත්‍වා එකපත්‍ථපූරමත‍්තං වක‍්කහදයයකනපප‍්ඵාසානි තෙමෙන‍්තං ඨිතං. තත්‍ථ සංසරණලොහිතෙ අබද‍්ධපිත‍්තසදිසොව විනිච‍්ඡයො. ඉතරං පන යථා ජජ‍්ජරකපාලෙ ඔවට‍්ඨෙ උදකෙ හෙට‍්ඨා ලෙඩ‍්ඩුඛණ‍්ඩාදීනි තෙමයමානෙ න ලෙඩ‍්ඩුඛණ‍්ඩාදීනි ජානන‍්ති මයං උදකෙන තෙමියමානාති. නපි උදකං ජානාති අහං ලෙඩ‍්ඩුඛණ‍්ඩාදීනි තෙමෙමීති, එවමෙව න යකනස‍්ස හෙට‍්ඨාභාගට‍්ඨානං වක‍්කාදීනි වා ජානන‍්ති මයි ලොහිතං ඨිතං අම‍්හෙ වා තෙමයමානං ඨිතන‍්ති. නපි ලොහිතං ජානාති අහං යකනස‍්ස හෙට‍්ඨාභාගං පූරෙත්‍වා වක‍්කාදීනි තෙමයමානං ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ලොහිතං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

ලොහිත (ලෙහෙ) අතුරෙන් සැරිසරන ලෙය පිත මෙන්ම මුළු සිරුර පුරා ව්‍යාප්තව සිටියේය, තැන්පත් ලෙය අක්මාව පිහිටි තැන පහළ කොටස පුරා, වකුගඩු, හදවත, අක්මාව පපුමස ආදිය තෙමමින් එක් පාත්‍රයක් පිරෙන තරම් සිටියේය. එහි, සැරිසරන ලෙය පිළිබඳ විනිශ්චය නොබැඳුණු පිත බඳුම වේ. තැන්පත් ලෙය, එහි, යම්සේ දැදුරුවී ගිය කබලෙක්හි වැසි දිය වට කල යට කැබැලිති කැට ආදිය තෙමෙන කල එම කැබැලි කැට ‘අපි ජලයෙන් තෙමෙමු’යි නොදනීද, ජලයද ‘මම කැබැලිති කැට ආදිය තෙමමි’යි නොදනීද, එසේම අක්මාවෙහි පහළ කොටස හෝ වකුගඩු ආදිය හෝ ‘මා වෙත ලෙය සිටියහ’යි නැතහොත් ‘අප තෙමමින් සිටියහ’යි නොදනියි, ලෙයද ‘මම අක්මාව පහළ කොටස පුරවා වකුගඩු ආදිය තෙමමින් සිටිමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ ලෙය නම් මේ සිරුර තුළ සිටි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, දියාරුය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

සෙදො අග‍්ගිසන‍්තාපාදිකාලෙසු කෙසලොමකූපවිවරානි පූරෙත්‍වා තිට‍්ඨති චෙව පග‍්ඝරති ච. තත්‍ථ යථා උදකා අබ‍්බූළ‍්හමත‍්තෙසු භිසමුළාලකුමුදනාළකලාපෙසු න භිසාදිකලාපවිවරානි ජානන‍්ති අම‍්හෙහි උදකං පග‍්ඝරතීති. නපි භිසාදිකලාපවිවරෙහි පග‍්ඝරන‍්තං උදකං ජානාති අහං භිසාදිකලාපවිවරෙහි පග‍්ඝරාමීති, එවමෙව න කෙසලොමකූපවිවරානි ජානන‍්ති අම‍්හෙහි සෙදො පග‍්ඝරතීති. නපි සෙදො ජානාති අහං කෙසලොමකූපවිවරෙහි පග‍්ඝරාමීති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති සෙදො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

සෙද (ඩහදිය) ගිනි හිරුරැස් ආදියෙන් තැවෙන කල්හි කෙස් ලොම් සිදුරු විවර පුරවා සිටියි. වැගිරෙයි. එහි, යම්සේ නෙළුඹල, නෙළුඹුදැලි, කුමුදු නල කලබ් ආදිය ජලයෙන් පිටට ගත් කල, එම නෙළුඹල කලබ් ආදියෙහි සිදුරු ‘අප කෙරෙන් ජලය වැගිරෙති’යි නොදනීද, එම නෙළුඹල කලබ් ආදියෙහි සිදුරුවලින් වැහෙන ජලයද, ‘මම නෙළුඹල කලබ් ආදියෙහි සිදුරු වලින් වැගිරෙති’යි නොදනීද, එසේම කෙස් ලොම් සිදුරු ‘අප කෙරෙන් ඩහදිය වැගිරෙති’යි නොදනියි, ඩහදියද ‘මම කෙස් ලොම් සිදුරුවලින් වැගිරෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ ඩහදිය නම් මේ සිරුරෙහි ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, ද්‍රව වූයේය, බැඳෙනසුලුය. එහෙයින් ආපොධාතුය.

මෙදො ථූලස‍්ස සකලසරීරං ඵරිත්‍වා කිසස‍්ස ජඞ‍්ඝමංසාදීනි නිස‍්සාය ඨිතො පත්‍ථින‍්නසිනෙහො. තත්‍ථ යථා හලිද‍්දිපිලොතිකපටිච‍්ඡන‍්නෙ මංසපුඤ‍්ජෙ න මංසපුඤ‍්ජො ජානාති මං නිස‍්සාය හලිද‍්දිපිලොතිකා ඨිතාති. නපි හලිද‍්දිපිලොතිකා ජානාති අහං මංසපුඤ‍්ජං නිස‍්සාය ඨිතාති, එවමෙව න සකලසරීරෙ ජඞ‍්ඝාදීසු වා මංසං ජානාති මං නිස‍්සාය මෙදො ඨිතොති. නපි මෙදො ජානාති අහං සකලසරීරෙ ජඞ‍්ඝාදීසු වා මංසං නිස‍්සාය ඨිතොති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මෙදො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො පත්‍ථින‍්නයූසො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

මෙද (මේදය) ස්ථූල වූවහුගේ මුළු සිරුර පුරාද, කෘශ වූවහුගේ කෙණ්ඩා මස්ගොබ ආදියෙහිද සිටි ඝනවූ තෙලයි. එහි යම්සේ මස් පිඬක් කසාවන් රෙදි කඩෙකින් වසනලද කල්හි, එම මස්පිඬ ‘මා ඇසුරුකොට කසාවන් රෙදිකඩ සිටියහ’යි නොදනීද, කසාවන් රෙදි කඩද ‘මම මස්පිඬ ඇසුරුකොට සිටිමි’යි නොදනීද, එසේම මුළු සිරුර පුරා නැතහොත් කෙණ්ඩා ආදියෙහිවූ මස් ‘මා ඇසුරු කොට මේදය සිටියහ’යි නොදනියි, මේදයද ‘මම මුළු සිරුර පුරා, නැතහොත් කෙණ්ඩා ආදියෙහිවූ මස් ඇසුරු කොට සිටිමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ මේදය නම් මේ සිරුරෙහි ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, බැඳෙනසුලු උකු දියරයෙකි. එහෙයින් ආපොධාතුය.

අස‍්සු යදා සඤ‍්ජායති තදා අක‍්ඛිකූපකෙ පූරෙත්‍වා තිට‍්ඨති වා පග‍්ඝරති වා. තත්‍ථ යථා උදකපුණ‍්ණෙසු තරුණතාලට‍්ඨිකූපකෙසු න තරුණතාලට‍්ඨිකූපකා ජානන‍්ති අම‍්හෙසු උදකං ඨිතන‍්ති. නපි තරුණතාලට‍්ඨිකූපකෙසු උදකං ජානාති අහං තරුණතාලට‍්ඨිකූපකෙසු ඨිතන‍්ති, එවමෙව න අක‍්ඛිකූපකා ජානන‍්ති අම‍්හෙසු අස‍්සු ඨිතන‍්ති. නපි අස‍්සු ජානාති අහං අක‍්ඛිකූපකෙසු ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අස‍්සු නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

අස්සු (කඳුළු) යම්කලෙක හටගනීද, එකල ඇස් කෙළවර කඳුළුවළ පුරවා සිටියි, නැතහොත් වැගිරෙයි. එහි, යම්සේ තල්ගොබොලු සිදුරු තුළ ජලය පිරුණු කල එම තල්ගොබොලු ‘අප තුළ ජලය සිටියහ’යි නොදනීද, ජලයද ‘මම තල්ගොබලු විවර තුළ සිටිමි’යි නොදනීද, එසේම ඇස් කෙළවර කඳුළුවළ ‘මාතුළ කඳුළු සිටියහ’යි නොදනී, කදුළුද ‘මම ඇස් කෙළවර කඳුළුවළ තුළ සිටිමි’යි නොදනී. මේ ධර්මයෝ අන්‍යොන්‍ය ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ කඳුළු නම් මේ සිරුරෙහි ඇති විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, නිඃසත්‍වය, දියාරුය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

වසා අග‍්ගිසන‍්තාපාදිකාලෙ හත්‍ථතලහත්‍ථපිට‍්ඨිපාදතලපාදපිට‍්ඨි නාසාපුටනලාටඅංසකූටෙසු ඨිතවිලීනස‍්නෙහො. තත්‍ථ යථා පක‍්ඛිත‍්තතෙලෙ ආචාමෙ න ආචාමො ජානාති මං තෙලං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතන‍්ති. නපි තෙලං ජානාති අහං ආචාමං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතන‍්ති, එවමෙව න හත්‍ථතලාදිප‍්පදෙසො ජානාති මං වසා අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතාති. නපි වසා ජානාති අහං හත්‍ථතලාදිප‍්පදෙසං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතාති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති වසා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

වසා (වුරුණුතෙල්) ගිනි රැසින් අවුරැසින් තැවෙන කල අතුල් පිටිඅතුල්, පතුල්, පිටිපතුල්, නහස්පිඬු, නළල්තල, දසරු ආදියෙහි සිටි තුනී තෙලයි. එහි, යම්සේ හුළුකැදෙහි තෙල් බහාලූ කල එම හුළුකැද ‘මා මත වැතිරගෙන තෙල් සිටියහ’යි නොදනීද, තෙල්ද ‘මම හුළුකැඳ තුළ වැතිරගෙන සිටිමි’යි නොදනීද, එසේම අතුල් ආදී පෙදෙස් ‘මා තුළ වැතිර වුරුණුතෙල සිටියහ’යි නොදනියි, වුරුණුතෙලද “මම අතුල් ආදියෙහි වැතිරගෙන සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ වුරුණු නම් මේ සිරුරෙහි ඇති විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, ද්‍රවාකාරය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

ඛෙළො තථාරූපෙ ඛෙළුප‍්පත‍්තිපච‍්චයෙ සති උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ජිව‍්හාතලෙ තිට‍්ඨති. තත්‍ථ යථා අබ‍්බොච‍්ඡින‍්නඋදකනිස‍්සන්‍දෙ නදීතීරකූපකෙ න කූපතලං ජානාති මයි උදකං සන‍්තිට‍්ඨතීති. නපි උදකං ජානාති අහං කූපතලෙ සන‍්තිට‍්ඨාමීති, එවමෙව න ජිව‍්හාතලං ජානාති මයි උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ඛෙළො ඨිතොති. නපි ඛෙළො ජානාති අහං උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ජිව‍්හාතලෙ ඨිතොති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ඛෙළො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

ඛෙල (කෙළ) ඉනීමට සුදුසු හේතුවක් ඇති කල දෙකොපුල් පසින් බැස දිව මත සිටියි. එහි, යම්සේ ගංතෙරෙක කණිනලද නොනැවතී දිය උනන ලිඳෙක්හි ලිංතලය ‘මා වෙත දිය සිටිති’යි නොදනීද, දියද, ‘මම ලිංතලෙහි සිටිමි’යි නොදනීද, එසේම දිව්තලය ‘දෙකොපුල් පෙදෙසින් බැස මා වෙත කෙළ සිටියහ’යි නොදනියි, කෙළද මම දෙකොපුල් පෙදෙසින් බැස දිව්තෙලෙහි සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ කෙළ නම් මේ සිරුරෙහි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, දියාරුය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

සිඞ‍්ඝාණිකා යදා සඤ‍්ජායති, තදා නාසාපුටෙ පූරෙත්‍වා තිට‍්ඨති වා පග‍්ඝරති වා. තත්‍ථ යථා පූතිදධිභරිතාය සිප‍්පිකාය න සිප‍්පිකා ජානාති මයි පූතිදධි ඨිතන‍්ති. නපි පූතිදධි ජානාති අහං සිප‍්පිකාය ඨිතන‍්ති, එවමෙව න නාසාපුටා ජානන‍්ති අම‍්හෙසු සිඞ‍්ඝාණිකා ඨිතාති. නපි සිඞ‍්ඝාණිකා ජානාති අහං නාසාපුටෙසු ඨිතාති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති සිඞ‍්ඝාණිකා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

සිංඝාණිකා (සොටු) යම් විටෙක උපදීද, එවිට නහස්පුඩු පුරා සිටියි, නැතහොත් වැගිරෙයි. එහි, යම්සේ බෙලි කටුවෙක්හි පිළුණු දී පිරවූ කහි, එම බෙලිකටුව ‘මා තුළ පිළුණු වී සිටියහ’යි නොදනීද, පිළුණු දීද ‘මම බෙලිකටුව තුළ සිටියෙමි’යි නොදනීද, එසේම නහස්පුඩු ‘අප තුළ සොටු පිරී සිටියහ’යි නොදනියි. සොටුද ‘මම නහස්පුඩුවල සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ සොටු නම් මේ සිරුරෙහි එක්තරා විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, නිඃසත්‍වය, වැගිරෙන සුලුය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

ලසිකා අට‍්ඨිකසන්‍ධීනං අබ‍්භඤ‍්ජනකිච‍්චං සාධයමානා අසීතිසතසන්‍ධීසු ඨිතා. තත්‍ථ යථා තෙලබ‍්භඤ‍්ජිතෙ අක‍්ඛෙ න අක‍්ඛො ජානාති මං තෙලං අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතන‍්ති. නපි තෙලං ජානාති අහං අක‍්ඛං අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතන‍්ති, එවමෙව න අසීතිසතසන්‍ධයො ජානන‍්ති ලසිකා අම‍්හෙ අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතාති. නපි ලසිකා ජානාති අහං අසීතිසතසන්‍ධයො අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතාති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ලසිකා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

ලසිකා (සඳමිඳුලු) ඇට සන්‍ධීන් අභ්‍යංජනය කෙරෙමින්, (ලිහිසි කෙරෙමින්) එක්සිය අසූවක් සන්‍ධීන්හි සිටියේය. එහි, යම්සේ අක්‍ෂයෙක්හි ලිහිසි තෙල් ගැල්වූවිට එම අක්‍ෂය ‘මා ගල්වමින් තෙල් සිටියහ’යි නොදනීද, තෙල්ද ‘මම අක්‍ෂය ගල්වමින් සිටියෙමි’යි නොදනීද, එසේම එක්සිය අසූවක් සන්‍ධීහු සඳමිඳුලු අප ගල්වමින් සිටියහ’යි නොදනිති, සඳමිඳුලුද ‘මම එක්සිය අසූවක් සන්‍ධීන් ගල්වාගෙන සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ සඳමිඳුලු නම් මේ සිරුර තුළ සිටි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, ද්‍රවාකාරය, බැඳෙන සුලුය, එහෙයින් ආපොධාතුය.

මුත‍්තං වත්‍ථිස‍්ස අබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා චන්‍දනිකාය පක‍්ඛිත‍්තෙ අමුඛෙ රවණඝටෙ න රවණඝටො ජානාති මයි චන්‍දනිකාරසො ඨිතොති. නපි චන්‍දනිකාරසො ජානාති අහං රවණඝටෙ ඨිතොති, එවමෙව න වත්‍ථි ජානාති මයි මුත‍්තං ඨිතන‍්ති. නපි මුත‍්තං ජානාති අහං වත්‍ථිම‍්හි ඨිතන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මුත‍්තං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

මුත්ත (මූත්‍රය) වස්තිකෝෂය තුළ (මුත්‍රාශය තුළ) සිටියේය. එහි, යම්සේ ගවරවළෙක්හි යවනඝටයක් (බොරදිය පෙරාගැනීම පිණිස යොදාගන්නා මැටි බඳුනක්) යටිකුරු කොට බහා තැබූ කල්හි, එම යවනඝටය ‘මා තුළ ගවරවළ දිය සිටියහ’යි නොදනීද, ගවරවළ දියද ‘මම යවනඝටය තුළ සිටියෙමි’යි නොදනීද, එසේම මුත්‍රාශය ‘මා තුළ මුත්‍ර සිටියහ’යි නොදනියි, මුත්‍රයද ‘මම මුත්‍රාශය තුළ සිටියෙමි’යි නොදනියි. මේ වස්තූහු එකිනෙක ආභොග (සංලක්‍ෂණ) ප්‍රත්‍යවෙක්‍ෂණ රහිතයෝය. මෙසේ මූත්‍රය නම් මේ සිරුර තුළ ඇති එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, නිඃසත්‍වය, ද්‍රවාකාරය, බැඳෙනසුලුය, එහෙයින් ආපොධාතුය.

එවං කෙසාදීසු මනසිකාරං පවත‍්තෙත්‍වා යෙන සන‍්තප‍්පති, අයං ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො පරිපාචනාකාරො තෙජොධාතූති, යෙන ජීරීයති, යෙන පරිඩය‍්හති, යෙන අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති, අයං ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො පරිපාචනාකාරො තෙජොධාතූති එවං තෙජොකොට‍්ඨාසෙසු මනසිකාරො පවත‍්තෙතබ‍්බො.

මෙසේ කේශාදියෙහි මනස්කාරය පවත්වා ඉක්බිති යමක් හේතුකොටගෙන තාපය ඇතිවේද, මෙය මේ සිරුර තුළ ඇති එක්තරා විශේෂයෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, මුහුකුරුවන ආකාර ඇත්තේය, එහෙයින් තෙජොධාතුය. යමක් හේතුකොටගෙන දිරාපත්වේද, යමක් හේතුකොටගෙන දාහය නැඟේද, යමක් හේතුකොටගෙන බුදිනලද, බොනලද, කනලද, ලොවිනලද අහර මනාසේ පරිණාමයට යේද, මෙය මේ සිරුරෙහි ඇති එක්තරා විශේෂයකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නි:සත්‍වය, මුහුකුරුවන ස්වභාව ඇත්තේය, එහෙයින් තෙජොධාතුයයි මෙසේ තෙජොධාතු කොටස් කෙරෙහි මනස්කාරය පැවැත්විය යුතුය.

තතො උද‍්ධඞ‍්ගමෙ වාතෙ උද‍්ධඞ‍්ගමවසෙන පරිග‍්ගහෙත්‍වා අධොගමෙ අධොගමවසෙන, කුච‍්ඡිසයෙ කුච‍්ඡිසයවසෙන, කොට‍්ඨාසයෙ කොට‍්ඨාසයවසෙන, අඞ‍්ගමඞ‍්ගානුසාරිම‍්හි අඞ‍්ගමඞ‍්ගානුසාරිවසෙන, අස‍්සාසපස‍්සාසෙ අස‍්සාසපස‍්සාසවසෙන පරිග‍්ගහෙත්‍වා උද‍්ධඞ‍්ගමා වාතා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො විත්‍ථම‍්භනාකාරො වායොධාතූති, අධොගමා වාතා නාම, කුච‍්ඡිසයා වාතා නාම, කොට‍්ඨාසයා වාතා නාම, අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා නාම, අස‍්සාසපස‍්සාසා වාතා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො විත්‍ථම‍්භනාකාරො වායොධාතූති එවං වායොකොට‍්ඨාසෙසු මනසිකාරො පවත‍්තෙතබ‍්බො. තස‍්සෙවං පවත‍්තමනසිකාරස‍්ස ධාතුයො පාකටා හොන‍්ති. තා පුනප‍්පුනං ආවජ‍්ජතො මනසිකරොතො වුත‍්තනයෙනෙව උපචාරසමාධි උප‍්පජ‍්ජති.

ඉක්බිති උද්ධංගම වාතයන් උඩට නැඟීම් වශයෙන් ගෙන, අධොගම වාතයන් යටට බැසීම් වශයෙන්ද, කුච්ඡිසය වාතයන් කුස තුළ පැවතීම් වශයෙන්ද, කොට්ඨසය වාතයන් අතුණු තුළ සිටීම් වශයෙන්ද, අංගමංගානුසාරී වාතයන් අභපසඟ අනුව සැරිසැරීම් වශයෙන්ද, ආශ්වාස ප්‍රශ්වාස වාතයන් ඇතුළට පිවිසීම් පිටතට නික්මීම් වශයෙන්ද ගෙන, උද්ධංගම වාතයෝ නම් මේ සිරුර තුළ වූ එක්තරා විශේෂ වූ කොටසෙකි. එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, පිම්බීම් ආකාර ඇත්තේය, එහෙයින් වායොධාතුය. අධොගම වාතයෝ නම්, කුච්ඡිසය වාතයෝ නම්, කොට්ඨාසය වාතයෝ නම්, අංගමංගානුසාරී වාතයෝ නම්, ආශ්වාස ප්‍රශ්වාස වාතයෝ නම්, මේ සිරුර තුළ සිටි එක්තරා විශේෂ වූ කොටසෙකි, එය අචෙතනය, අව්‍යාකෘතය, ශුන්‍යය, නිඃසත්‍වය, පිම්බීම් ආකාර ඇත්තේය, එහෙයින් වායොධාතුයයි මෙසේ වායොධාතු කොටස් කෙරෙහි මනස්කාරය පැවැත්විය යුතුය. මේ ආකාරයෙන් මනස්කාරය පවත්වන යෝගාවචරයාහට ධාතුහු ප්‍රකට වෙයි. එම ධාතුන් නැවත නැවතත් ආවර්ජනය කරනවිට, යටකී නයින්ම උපචාර සමාධිය උපදී.

යස‍්ස පන එවං භාවයතො කම‍්මට‍්ඨානං න ඉජ‍්ඣති, තෙන සලක‍්ඛණසඞ‍්ඛෙපතො භාවෙතබ‍්බං. කථං? වීසතියා කොට‍්ඨාසෙසු ථද‍්ධලක‍්ඛණං පථවීධාතූති වවත්‍ථපෙතබ‍්බං. තත්‍ථෙව ආබන්‍ධනලක‍්ඛණං ආපොධාතූති. පරිපාචනලක‍්ඛණං තෙජොධාතූති. විත්‍ථම‍්භනලක‍්ඛණං වායොධාතූති.

යම් කෙනකුට මේ ආකාරයෙන් වඩනවිටද කමටහන සඵල නොවේනම්, ඔහු විසින් ස්වලක්‍ෂණ සංක්‍ෂෙප වශයෙන් වැඩියයුතුය. කෙසේදයත්: විසි වැදෑරුම් පඨවි කොටස් කෙරෙහි තද ස්වභාවය පඨවීධාතු යයි ව්‍යවස්ථාපනය කළයුතුය, එහිමවූ බැඳෙනසුලු ගුණය ආපොධාතුයයිද, පැසවීම් ස්වභාවය තෙජොධාතුයයිද, පිම්බීම් ස්වභාවය වායොධාතුයයිද ව්‍යවස්ථාපනය කළ යුතුය.

ද‍්වාදසසු කොට‍්ඨාසෙසු ආබන්‍ධනලක‍්ඛණං ආපොධාතූති වවත්‍ථපෙතබ‍්බං. තත්‍ථෙව පරිපාචනලක‍්ඛණං තෙජොධාතූති. විත්‍ථම‍්භනලක‍්ඛණං වායොධාතූති. ථද‍්ධලක‍්ඛණං පථවීධාතූති.

දොළොස් වැදෑරුම් ආපො කොටස් කෙරෙහි වූ බැඳීමේ ස්වභාවය ආපොධාතුයයි නිගමනය කළයුතුය, එහිම පැසවීම් ස්වභාවය තෙජොධාතුයයිද, පිම්බීමේ ස්වභාවය වායොධාතුයයිද, තද ස්වභාවය පඨවීධාතු යයිද නිගමනය කළයුතුය.

චතූසු කොට‍්ඨාසෙසු පරිපාචනලක‍්ඛණං තෙජොධාතූති වවත්‍ථපෙතබ‍්බං. තෙන අවිනිභුත‍්තං විත්‍ථම‍්භනලක‍්ඛණං වායොධාතූති. ථද‍්ධලක‍්ඛණං පථවීධාතූති. ආබන්‍ධනලක‍්ඛණං ආපොධාතූති.

සිවුවැදෑරුම් තෙජොධාතු කොටස් කෙරෙහි ඇති පැසවීමේ ලක්‍ෂණය තෙජොධාතුයයි ව්‍යාවස්ථාපනය කළයුතුය. එම තෙජොධාතු කොටස් කෙරෙන් වෙන් කළ නොහැකි පිම්ඹීම් ස්වභාවය වායොධාතුයයිද, තද ස්වභාවය පඨවීධාතුයයිද, බැඳීම් ස්වභාවය ආපොධාතුයයිද, ව්‍යවස්ථාපනය කළයුතුය.

ඡසු කොට‍්ඨාසෙසු විත්‍ථම‍්භනලක‍්ඛණං වායොධාතූති වවත්‍ථපෙතබ‍්බං. තත්‍ථෙව ථද‍්ධලක‍්ඛණං පථවීධාතූති. ආබන්‍ධනලක‍්ඛණං ආපොධාතූති. පරිපාචනලක‍්ඛණං තෙජොධාතූති. තස‍්සෙවං වවත්‍ථාපයතො ධාතුයො පාකටා හොන‍්ති. තා පුනප‍්පුනං ආවජ‍්ජතො මනසිකරොතො වුත‍්තනයෙනෙව උපචාරසමාධි උප‍්පජ‍්ජති.

සවැදෑරුම් වායොධාතු කොටස් කෙරෙහි වූ පිම්බීමේ ස්වභාවය වායොධාතුයයිද, තද ස්වභාවය පඨවීධාතුයයිද, බැඳීම් ස්වභාවය ආපොධාතුයයිද පැසවීම් ස්වභාවය තෙජොධාතුයයිද ව්‍යවස්ථාපනය කළ යුතුය. මෙසේ ව්‍යවස්ථාපනය කරන විට ඔහුට ධාතූහු ප්‍රකට වෙයි. එම ධාතූන් නැවත නැවතත් ආවර්ජනය කරනවිට, මෙනෙහි කරනවිට, යටකී නයින්ම උපචාර සමාධිය උපදී.

යස‍්ස පන එවම‍්පි භාවයතො කම‍්මට‍්ඨානං න ඉජ‍්ඣති, තෙන සලක‍්ඛණවිභත‍්තිතො භාවෙතබ‍්බං. කථං? පුබ‍්බෙ වුත‍්තනයෙනෙව කෙසාදයො පරිග‍්ගහෙත්‍වා කෙසම‍්හි ථද‍්ධලක‍්ඛණං පථවීධාතූති වවත්‍ථපෙතබ‍්බං. තත්‍ථෙව ආබන්‍ධනලක‍්ඛණං ආපොධාතූති. පරිපාචනලක‍්ඛණං තෙජොධාතූති. විත්‍ථම‍්භනලක‍්ඛණං වායොධාතූති. එවං සබ‍්බකොට‍්ඨාසෙසු එකෙකස‍්මිං කොට‍්ඨාසෙ චතස‍්සො චතස‍්සො ධාතුයො වවත්‍ථපෙතබ‍්බා. තස‍්සෙවං වවත්‍ථාපයතො ධාතුයො පාකටා හොන‍්ති. තා පුනප‍්පුනං ආවජ‍්ජතො මනසිකරොතො වුත‍්තනයෙනෙව උපචාරසමාධි උප‍්පජ‍්ජති.

මේ ආකාරයෙන් වඩන විදසුන් ඇති යම් කෙනෙකුහට කමටහන සිද්ධ නොවේනම්, ඔහු විසින් ස්වලක්‍ෂණ සංක්‍ෂෙප වශයෙන් වැඩියයුතුය. කෙසේදයත්, යටකී නයින්ම කෙස් ආදිය ගෙන කෙස්හි ඇති තද ස්වභාවය පඨවීධාතුයයිද, එහිම ඇති බැඳීම් ස්වභාවය ආපොධාතුයයිද, පැසවීම් ස්වභාවය තෙජොධාතුයයිද, පිම්ඹීම් ස්වභාවය වායොධාතුයයිද යන මේ ආකාරයෙන් සියලු කොටස් අතුරෙන් එක් එක් කොටස ගෙන එහි ඇති සිවුවැදෑරුම් ධාතූන් ව්‍යවස්ථාපනය කළයුතුය. එසේ ව්‍යවස්ථාපනය කරන විට ඔහුට ධාතූහු ප්‍රකට වෙති. එම ධාතූන් නැවත නැවතත් ආවර්ජන කරනවිට මෙනෙහි කරනවිට පළමුකී නයින්ම උපචාර සමාධිය උපදී.

අපිච ඛො පන වචනත්‍ථතො, කලාපතො, චුණ‍්ණතො, ලක‍්ඛණාදිතො, සමුට‍්ඨානතො, නානත‍්තෙකත‍්තතො, විනිබ‍්භොගාවිනිබ‍්භොගතො, සභාගවිසභාගතො, අජ‍්ඣත‍්තිකබාහිරවිසෙසතො, සඞ‍්ගහතො, පච‍්චයතො, අසමන‍්නාහාරතො, පච‍්චයවිභාගතොති ඉමෙහිපි ආකාරෙහි ධාතුයො මනසිකාතබ‍්බා.

තවද, වචනාර්ත්‍ථ වශයෙන්ද, කලාප වශයෙන්ද, චූර්ණ වශයෙන්ද, ලක්‍ෂණාදිය වශයෙන්ද, සමුට්ඨාන වශයෙන්ද, නානත්‍ව එකත්‍ව වශයෙන්ද. විනිර්භොග අවිනිර්භොග වශයෙන්ද, සභාග විසභාග වශයෙන්ද, අභ්‍යන්තර බාහිර විශේෂ වශයෙන්ද, සංග්‍රහ වශයෙන්ද, ප්‍රත්‍යය වශයෙන්ද, අසමන්නාහාර වශයෙන්ද, ප්‍රත්‍යයවිභාග වශයෙන්දැයි යන මේ ආකාර වශයෙන් ධාතූන් මෙනෙහි කළයුතුය.

තත්‍ථ වචනත්‍ථතො මනසිකරොන‍්තෙන පත්‍ථටත‍්තා පථවී. අප‍්පොති ආපියති අප‍්පායතීති වා ආපො. තෙජතීති තෙජො. වායතීති වායො. අවිසෙසෙන පන සලක‍්ඛණධාරණතො දුක‍්ඛාදානතො දුක‍්ඛාධානතො ච ධාතූති. එවං විසෙසසාමඤ‍්ඤවසෙන වචනත්‍ථතො මනසිකාතබ‍්බා.

එහි වචනත්‍ථතො (වචනාර්ත්‍ථ වශයෙන්) මෙනෙහි කරන්නහු විසින් පතළ හෙයින් පඨවි නමි, ගලාබසී, බොනු ලැබෙයි, වැඩෙයි හෝ ආපො නමි, තවති’යි තෙජො නමි. හමති’යි වායො නමි. අවිශේෂයෙන් වනාහි ස්වලක්‍ෂණයන් දරති’යි, දුක් ගෙනදෙති’යි දුක් දරති’යි හෝ ධාතු නමි’යි මෙසේ විශේෂ වශයෙන්ද, සාමාන්‍ය වශයෙන්ද වචනාර්ත්‍ථ වශයෙන් මෙනෙහි කළ යුතුය.

කලාපතොති යා අයං කෙසා ලොමාතිආදිනා නයෙන වීසතියා ආකාරෙහි පථවීධාතු, පිත‍්තං සෙම‍්හන‍්ති ච ආදිනා නයෙන ද‍්වාදසහාකාරෙහි ආපොධාතු නිද‍්දිට‍්ඨා, තත්‍ථ යස‍්මා –

කලාපතො (කලාප වශයෙන්) යනු, යම් මේ පඨවිධාතුව කෙස්, ලොම් ආදී නයින් විසි ආකාරයෙකින්ද, ආපොධාතුව පිත් සෙම් ආදි වශයෙන් දොළොස් ආකාරයෙකින්ද දක්වන ලද්දේ ද එහි යම් හෙයකින්,

වණ‍්ණො ගන්‍ධො රසො ඔජා, චතස‍්සො චාපි ධාතුයො; අට‍්ඨධම‍්මසමොධානා, හොති කෙසාති සම‍්මුති; තෙසංයෙව විනිබ‍්භොගා, නත්‍ථි කෙසාති සම‍්මුති.

වණ්ණො ගන්‍ධො රසො ඔජා චතස්සො චාපි ධාතුයො අට්ඨධම්මසමොධානා හොති කෙසාති සම්මුති තෙසං යෙව විනිබ්භොගා නත්‍ථි කෙසාති සම්මුති.

වර්ණය, ගන්‍ධය, රසය, ඔජාය, ධාතු සතරය යන මේ අෂ්ට ධර්මයන්ගේ සමොධානය (එක්ව ගැලපීම) හේතුකොට ‘කෙස්’ය යන සම්මුතිය වේ. එම අෂ්ට ධර්මයන් විශ්ලේෂ (වෙන්) කොට ගැනීමෙන් ‘කෙස්’ය යන සම්මුතිය නොවේ.

තස‍්මා කෙසාපි අට‍්ඨධම‍්මකලාපමත‍්තමෙව. තථා ලොමාදයොති. යො පනෙත්‍ථ කම‍්මසමුට‍්ඨානො කොට‍්ඨාසො, සො ජීවිතින්‍ද්‍රියෙන ච භාවෙන ච සද‍්ධිං දසධම‍්මකලාපොපි හොති. උස‍්සදවසෙන පන පථවීධාතු ආපොධාතූති සඞ‍්ඛං ගතො. එවං කලාපතො මනසිකාතබ‍්බා.

එහෙයින් කෙස්ද මේ අෂ්ටධර්මයන්ගේ එක්වීමෙක් පමණි, ලොම් ආදියද එසේය. මෙහිලා ක්‍රියාවෙන් හටගත් කොටසක් වේද, එය ජීවිතෙන්‍ද්‍රියය, භාවය යන මේ දෙක හා සමග ගෙන ‘දශධර්ම කලාප’ නම්ද වේ. අධිකතා වශයෙන් වනාහි ‘පඨවිධාතුය’, ‘ආපොධාතුය’ යන ව්‍යවහාරයට ගියේය. මෙසේ කලාප වශයෙන් ගෙන මෙනෙහි කළයුතුය.

චුණ‍්ණතොති ඉමස‍්මිං හි සරීරෙ මජ‍්ඣිමෙන පමාණෙන පරිග‍්ගය‍්හමානා පරමාණුභෙදසඤ‍්චුණ‍්ණා සුඛුමරජභූතා පථවීධාතු දොණමත‍්තා සියා. සා තතො උපඩ‍්ඪප‍්පමාණාය ආපොධාතුයා සඞ‍්ගහිතා, තෙජොධාතුයා අනුපාලිතා වායොධාතුයා විත්‍ථම‍්භිතා න විකිරියති න විද‍්ධංසියති, අවිකිරියමානා අවිද‍්ධංසියමානා අනෙකවිධං ඉත්‍ථිපුරිසලිඞ‍්ගාදිභාවවිකප‍්පං උපගච‍්ඡති, අණුථූලදීඝරස‍්සථිරකථිනාදිභාවඤ‍්ච පකාසෙති.

චුණ්ණතො (චූර්ණ වශයෙන්) යනු, මේ (මිනිස්) සිරුරෙහි වනාහි, මධ්‍යම ප්‍රමාණයෙන් ගතහොත්, පරමාණු පමණට බිඳීමෙන් සුණුවූ සියුම් දූවිලි බවට පත් පඨවිධාතුව ද්‍රොණයක් (කුරුණියක්) පමණ වන්නේය. එම පඨවිධාතු කොටසින් අඩක් පමණ වූ ආපොධාතුවෙන් පිඬු බවට පත්ව, තෙජොධාතුවෙන් ආරක්‍ෂා කරන ලදුව, වායොධාතුවෙන් පුඹුවනලදුව නොවිසිරී, විනාශයට පත්නොවී පවතියි. නොවිසිරෙමින්, විනාශයට පත්නොවෙමින් නානා ආකාර ස්ත්‍රී-පුරුෂ-ලිංග-භාව විශේෂයනට පැමිණේ. කුදු මහත්-දික්-කොට-තිර-තද ආදී භාවයන්ද ප්‍රකාශ කරයි.

යූසගතා ආබන්‍ධනාකාරභූතා පනෙත්‍ථ ආපොධාතු පථවීපතිට‍්ඨිතා තෙජානුපාලිතා වායොවිත්‍ථම‍්භිතා න පග‍්ඝරති න පරිස‍්සවති, අපග‍්ඝරමානා අපරිස‍්සවමානා පීණිතපීණිතභාවං දස‍්සෙති.

මේ සිරුර තුළ ද්‍රවභාවයට ගිය බැදීම් ආකාර ඇති, ආපොධාතුව පඨවිධාතුවෙහි පිහිටා, තෙජොධාතුවෙන් රක්නාලදුව, වායොධාතුවෙන් පුඹුවනලදුව නොවැගිරෙයි, නොවෑහෙයි. නොවැගිරෙමින්, නොවෑහෙමින් පින පිනා සිටින බවක් දක්වයි.

අසිතපීතාදිපාචකා චෙත්‍ථ උසුමාකාරභූතා උණ‍්හත‍්තලක‍්ඛණා තෙජොධාතු පථවීපතිට‍්ඨිතා ආපොසඞ‍්ගහිතා වායොවිත්‍ථම‍්භිතා ඉමං කායං පරිපාචෙති, වණ‍්ණසම‍්පත‍්තිඤ‍්චස‍්ස ආවහති. තාය ච පන පරිපාචිතො අයං කායො න පූතිභාවං දස‍්සෙති.

මේ සිරුර තුළ ආහාරපානාදිය පැසවන, ඌෂ්මාකාර ඇති, උෂ්ණත්‍ව ලක්‍ෂණ ඇති තෙජොධාතුව පඨවිධාතුවෙහි පිහිටා, ආපොධාතුවෙන් පිඬු කරනලදුව, වායොධාතුවෙන් පුඹුවන ලදුව මේ කය මුහුකුරුවයි, එහි වර්ණ සම්පත්තියද එළවයි. එම තෙජොධාතුවෙන් පරිපාකයට පමුණුවන ලද මේ කය පිළිකුල්බව නොදක්වයි.

අඞ‍්ගමඞ‍්ගානුසටා චෙත්‍ථ සමුදීරණවිත්‍ථම‍්භනලක‍්ඛණා වායොධාතු පථවීපතිට‍්ඨිතා ආපොසඞ‍්ගහිතා තෙජානුපාලිතා ඉමං කායං විත්‍ථම‍්භෙති. තාය ච පන විත්‍ථම‍්භිතො අයං කායො න පරිපතති, උජුකං සණ‍්ඨාති. අපරාය වායොධාතුයා සමබ‍්භාහතො ගමනට‍්ඨානනිසජ‍්ජාසයනඉරියාපථෙසු විඤ‍්ඤත‍්තිං දස‍්සෙති, සමිඤ‍්ජෙති, සම‍්පසාරෙති, හත්‍ථපාදං ලාළෙති. එවමෙතං ඉත්‍ථිපුරිසාදිභාවෙන බාලජනවඤ‍්චනං මායාරූපසදිසං ධාතුයන‍්තං පවත‍්තතීති එවං චුණ‍්ණතො මනසිකාතබ‍්බා.

මේ කයෙහි අඟපසඟ තුළ පැතිර පවත්නා, සැලීම් පැතිරවීම් ස්වභාවයෙන් යුත් වායෝධාතුව පඨවීධාතුව මත පිහිටා අපොධාතුවෙන් පිඬුකරන ලදුව, තෙජොධාතුවෙන් රක්නාලදුව මේ කය පුඹුවාලයි. එම (විත්‍ථම්භන ලක්‍ෂණ ඇති) වායොධාතුවෙන් පුඹුවනලද මේ කය නොවැටී පවතියි, සෘජුව සිටියි. අනෙක් (සමුදීරණ ලක්‍ෂණ ඇති) වායොධාතුවෙන් මෙහෙයවන ලද මේ කය යාම, සිටීම, හිඳීම, හෙවීම යන ඉරියවු කෙරෙහි විඥප්තිය (හැඟවීම) දක්වයි, හැකිලීම්, දිගහැරීම්, අත් පා සෙලවීම් කරවයි. මෙසේ මේ ස්ත්‍රී පුරුෂාදීභාවයෙන් අඥාන ජනයා රවටන මායාරූපයක් බඳු ධාතු යන්ත්‍රය පවතීයයි මෙසේ චූර්ණ (පරමාණු) වශයෙන් මෙනෙහි කළයුතුය.

ලක‍්ඛණාදිතොති පථවීධාතු කිං ලක‍්ඛණා, කිං රසා, කිං පච‍්චුපට‍්ඨානාති එවං චතස‍්සොපි ධාතුයො ආවජ‍්ජෙත්‍වා පථවීධාතු කක‍්ඛළත‍්තලක‍්ඛණා, පතිට‍්ඨානරසා, සම‍්පටිච‍්ඡනපච‍්චුපට‍්ඨානා. ආපොධාතු පග‍්ඝරණලක‍්ඛණා, බ්‍රූහනරසා, සඞ‍්ගහපච‍්චුපට‍්ඨානා. තෙජොධාතු උණ‍්හත‍්තලක‍්ඛණා, පරිපාචනරසා, මද‍්දවානුප‍්පදානපච‍්චුපට‍්ඨානා. වායොධාතු විත්‍ථම‍්භනලක‍්ඛණා, සමුදීරණරසා. අභිනීහාරපච‍්චුපට‍්ඨානාති එවං ලක‍්ඛණාදිතො මනසිකාතබ‍්බා.

ලක්‍ඛණාදිතො (ලක්‍ෂණාදී වශයෙන්) යනු, පඨවීධාතුව කුමක් ලක්‍ෂණකොට ඇත්තේද? කුමක් රස (කෘත්‍ය) කොට ඇත්තේද? කුමක් වැටහීම්කොට ඇත්තේදැයි මෙසේ ධාතූන් සතරම ආවර්ජනය කොට, පඨවිධාතුව දැඩිබව ලක්‍ෂණකොට ඇත්තේය, ප්‍රතිෂ්ඨානය (දරා සිටීම) රස (කෘත්‍ය) කොට ඇත්තේය, (සෙසු ධාතූන්) පිළිගැනීම වැටහීම්කොට ඇත්තේය. ආපොධාතුව වැගිරීම ලක්‍ෂණකොට ඇත්තේය, වැඩීම කෘත්‍යකොට ඇත්තේය, පිඬුකිරීම වැටහීම්කොට ඇත්තේය, තෙජොධාතුව උෂ්ණත්‍වය ලක්‍ෂණකොට ඇත්තේය, පැසවීම කෘත්‍යකොට ඇත්තේය, මුදුබව ගෙනදීම වැටහීම්කොට ඇත්තේය. වායොධාතුව පැතිරීම ලක්‍ෂණකොට ඇත්තේය. සැලීම කෘත්‍යකොට ඇත්තේය, ඒ මේ අත ගෙනයාම වැටහීම්කොට ඇත්තේය. මෙසේ ලක්‍ෂණාදී වශයෙන් මෙනෙහි කළයුතුය.

සමුට‍්ඨානතොති යෙ ඉමෙ පථවීධාතුආදීනං විත්‍ථාරතො දස‍්සනවසෙන කෙසාදයො ද‍්වාචත‍්තාලීස කොට‍්ඨාසා දස‍්සිතා. තෙසු උදරියං කරීසං පුබ‍්බො මුත‍්තන‍්ති ඉමෙ චත‍්තාරො කොට‍්ඨාසා උතුසමුට‍්ඨානාව. අස‍්සු සෙදො ඛෙළො සිඞ‍්ඝාණිකාති ඉමෙ චත‍්තාරො උතුචිත‍්තසමුට‍්ඨානා. අසිතාදිපරිපාචකො තෙජො කම‍්මසමුට‍්ඨානොව. අස‍්සාසපස‍්සාසා චිත‍්තසමුට‍්ඨානාව. අවසෙසා සබ‍්බෙපි චතුසමුට‍්ඨානාති එවං සමුට‍්ඨානතො මනසිකාතබ‍්බා.

සමුට්ඨානතො (සමුට්ඨාන වශයෙන්) යනු, පඨවීධාතු ආදිය විස්තර වශයෙන් දැක්වීම් වශයෙන් කෙස් ආදී වූ යම් මේ දෙසාළිස් කොටසක් දක්වන ලද්දේ ද, එම කොටස් අතුරින් උදරිය (නොපැසවුණු අහර) කරීස (පැසවුණු අහර) ය, පූයාවය, මුත්‍රය යන මේ කොටස් සතර සෘතු හේතුවෙන්ම හටගත්තේය. කඳුලුය, ඩහදියය, කෙළය, සොටුය යන මේ සතර ඍතු චිත්ත යන දෙකින්ම හටගත්තේය, ආහාරාදිය පැසවන තෙජොධාතුව කර්මයෙන්ම හටගත්තේය. ආශ්වාස ප්‍රශ්වාසයෝ චිත්තයෙන්ම හටගත්තාහුය, සෙසු සියලු කොටස් (කර්ම, චිත්ත, සෘතු ඔජා යන) සමුට්ඨාන සතරින්ම හටගත්තේයයි මෙසේ සමුට්ඨාන වශයෙන් මෙනෙහි කළයුතුය.

නානත‍්තෙකත‍්තතොති සබ‍්බාසම‍්පි ධාතූනං සලක‍්ඛණාදිතො නානත‍්තං. අඤ‍්ඤානෙව හි පථවීධාතුයා ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානානි. අඤ‍්ඤානි ආපොධාතුආදීනං. එවං ලක‍්ඛණාදිවසෙන පන කම‍්මසමුට‍්ඨානාදිවසෙන ච නානත‍්තභූතානම‍්පි එතාසං රූපමහාභූතධාතුධම‍්මඅනිච‍්චාදිවසෙන එකත‍්තං හොති. සබ‍්බාපි හි ධාතුයො රුප‍්පනලක‍්ඛණං අනතීතත‍්තා රූපානි. මහන‍්තපාතුභාවාදීහි කාරණෙහි මහාභූතානි.

නානත්තෙකත්තතො (නානත්‍ව එකත්‍ව වශයෙන්) යනු, සියලු ධාතූන් පිළිබඳ ස්වලක්‍ෂණාදී වශයෙන් ඇති නානත්‍වය එකෙකි, පඨවීධාතුව පිළිබඳ ලක්‍ඛණ, රස, පච්චුපට්ඨානාදිය එකෙකි, ආපොධාතුව පිළිබඳ ලක්‍ෂණාදිය අනෙකෙකි, මෙසේ ලක්‍ෂණාදී වශයෙන්ද කම්මසමුට්ඨානාදී වශයෙන්ද නානා ආකාර ඇත්තාවූද මේ ධාතූන්ගේ රූප, මහාභූත, ධාතු, ධම්ම, අනිච්චතා යන මේ ආදී වශයෙන් ඒකත්‍වය (ඒකාකාරබව) වේ. සියලු ධාතුහු රුප්පන (විනාශවීම්) ලක්‍ෂණය නොඉක්මවූ හෙයින් රූප නම් වෙති, මහත්තපාතුභාවාදී හේතුවෙන් මහාභූත නම් වෙති.

මහන‍්තපාතුභාවාදීහීති එතා හි ධාතුයො මහන‍්තපාතුභාවතො, මහාභූතසාමඤ‍්ඤතො, මහාපරිහාරතො, මහාවිකාරතො, මහත‍්තා භූතත‍්තා චාති ඉමෙහි කාරණෙහි මහාභූතානීති වුච‍්චන‍්ති.

මහත්තපාතුභාවාදියෙන් යනු, මේ ධාතුහු මහත්සේ පහළවීම් වශයෙන්ද, මහාභූතයන් හා සමග සැසඳෙන හෙයින්ද, මහත් පරිහාර ඇති හෙයින්ද, මහත් විකාර ඇති හෙයින්ද, මහත්බවින් හා විද්‍යමානබවින්දැයි යන මේ කරුණු අතින් මහාභූතයයි කියනු ලබයි.

තත්‍ථ මහන‍්තපාතුභාවතොති එතානි හි අනුපාදින‍්නසන‍්තානෙපි උපාදින‍්නසන‍්තානෙපි මහන‍්තානි පාතුභූතානි. තෙසං අනුපාදින‍්නසන‍්තානෙ –

එහි මහත්තපාතුභාවතො යනු, මේ මහාභූතයෝ අනුපාදින්න සන්තානයෙහිද, උපාදින්න සන්තානයෙහිද මහත්වූ ප්‍රාදූර්භාව ඇත්තාහුය, ඔවුනතුරෙන් අනුපාදින්න සන්තාන විෂයෙහි (ග්‍රහණය නොකළ පැවැත්මෙහි):

දුවෙ සතසහස‍්සානි, චත‍්තාරි නහුතානි ච; එත‍්තකං බහලත‍්තෙන, සඞ‍්ඛාතායං වසුන්‍ධරාති. –

දුවෙ සතසහස්සානි චත්තාරි නහුතානි ච එත්තකං බහලත්තෙන සඞ්ඛාතා’යං වසුන්‍ධරා.

මේ මහ පොළොව ගනකමින් (යොදුන්) සුවහස් දෙකකුත් නහුත සතරෙකැයි (දෙලක්‍ෂසතළිස් දහසෙකැයි) යන මෙතෙකින් ගණනය කරන ලද්දේයයි

ආදිනා නයෙන මහන‍්තපාතුභාවතා බුද‍්ධානුස‍්සතිනිද‍්දෙසෙ වුත‍්තාව.

යන ආදී නයින් මහත්වූ ප්‍රාදූර්භාව ඇත්තේයයි යට බුද්ධානුස්මෘති නිර්දේශයෙහි කියන ලද්දේමය.

උපාදින‍්නසන‍්තානෙපි මච‍්ඡකච‍්ඡපදෙවදානවාදිසරීරවසෙන මහන‍්තානෙව පාතුභූතානි. වුත‍්තඤ‍්හෙතං “සන‍්ති, භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා”තිආදි.

උපාදින්නසත්තාන විෂයෙහිද (ග්‍රහණය කළ පැවැත්මෙහිද) මත්ස්‍ය, කැසුබ්, දෙව, අසුර ආදී ශරීර වශයෙන් මහත් ලෙසින්ම පහළවීම් ඇත්තේය. කියන ලදමැයි: “මහණෙනි, මහාසමුද්‍රයෙහි යොදුන් සියයක් තරම්වූද ආත්මභාවයෝ (ප්‍රාණීහු) ඇත්තාහ” යන ආදියයි.

මහාභූතසාමඤ‍්ඤතොති එතානි හි යථා මායාකාරො අමණිංයෙව උදකං මණිං කත්‍වා දස‍්සෙති, අසුවණ‍්ණංයෙව ලෙඩ‍්ඩුං සුවණ‍්ණං කත්‍වා දස‍්සෙති.

මහාභූතසාමඤ්ඤතො (මහාභූතයන්ගේ සමානත්‍ව වශයෙන්) යනු, මේ භූතයෝ වනාහි, යම්සේ ඉන්‍ද්‍රජාලිකයෙක් මැණික් නොවූ ජලය මැණික්කොට දක්වාද, රන් නොවූ කැටකැබිලිති රන් කොට දක්වාද,

යථා ච සයං නෙව යක‍්ඛො න යක‍්ඛී සමානො යක‍්ඛභාවම‍්පි යක‍්ඛිභාවම‍්පි දස‍්සෙති, එවමෙව සයං අනීලානෙව හුත්‍වා නීලං උපාදාරූපං දස‍්සෙන‍්ති, අපීතානි අලොහිතානි අනොදාතානෙව හුත්‍වා ඔදාතං උපාදාරූපං දස‍්සෙන‍්තීති මායාකාරමහාභූතසාමඤ‍්ඤතො මහාභූතානි.

තවද යම්සේ යක්‍ෂයකු නොවූ, යක්‍ෂිණියක නොවූ තමා යක්‍ෂයකු ලෙසින්, යක්‍ෂිණියක ලෙසින් දක්වාද, එසේම (මහාභූතයෝ) තුමූ නීලවර්ණ නොවූවාහුම නීලවර්ණ උපාදාරූප දක්වති, පීතවර්ණ නොවූවාහුම, ලොහිතවර්ණ නොවූවාහුම, අවදාතවර්ණ නොවූවාහුම-පෙ-අවදාත වර්ණ උපාදාරූප ද වෙති’යි ඉන්‍ද්‍රජාලියකයන්ගේ හා මහාභූතයන්ගේ සමානත්‍ව වශයෙන් මහාභූත නම් වෙති.

යථා ච යක‍්ඛාදීනි මහාභූතානි යං ගණ‍්හන‍්ති, නෙව නෙසං තස‍්ස අන‍්තො න බහි ඨානං උපලබ‍්භති, න ච තං නිස‍්සාය න තිට‍්ඨන‍්ති, එවමෙව තානිපි නෙව අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අන‍්තො න බහි ඨිතානි හුත්‍වා උපලබ‍්භන‍්ති, න ච අඤ‍්ඤමඤ‍්ඤං නිස‍්සාය න තිට‍්ඨන‍්තීති අචින‍්තෙය්‍යට‍්ඨානතාය යක‍්ඛාදිමහාභූතසාමඤ‍්ඤතොපි මහාභූතානි. යථා ච යක‍්ඛිනීසඞ‍්ඛාතානි මහාභූතානි මනාපෙහි වණ‍්ණසණ‍්ඨානවික‍්ඛෙපෙහි අත‍්තනො භයානකභාවං පටිච‍්ඡාදෙත්‍වා සත‍්තෙ වඤ‍්චෙන‍්ති, එවමෙව එතානිපි ඉත්‍ථිපුරිසසරීරාදීසු මනාපෙන ඡවිවණ‍්ණෙන මනාපෙන අත‍්තනො අඞ‍්ගපච‍්චඞ‍්ගසණ‍්ඨානෙන මනාපෙන ච හත්‍ථපාදඞ‍්ගුලිභමුකවික‍්ඛෙපෙන අත‍්තනො කක‍්ඛළත‍්තාදිභෙදං සරසලක‍්ඛණං පටිච‍්ඡාදෙත්‍වා බාලජනං වඤ‍්චෙන‍්ති, අත‍්තනො සභාවං දට‍්ඨුං න දෙන‍්තීති වඤ‍්චකත‍්තෙන යක‍්ඛිනීමහාභූතසාමඤ‍්ඤතොපි මහාභූතානි.

තවද යම්සේ යක්‍ෂාදී මහාභූත කෙනෙක් යම් පුද්ගලයකු ග්‍රහණය කෙරෙත්ද, එවිට ඒ මහාභූතයන් සිටි තැනක් එම පුද්ගලයාගේ ඇතුළතද පිටතදැ’යි දැනගත නොහැකි වේද, ඔහු ඇසුරුකොට නොසිටියාහුද නොවෙත්ද, එසේම මේ සතර මහාභූතයෝද ඔවුනොවුන්ගේ ඇතුළත හෝ පිටත සිටිත්දැ’යි දැනගත නොහැකි වේ, ඔවුනොවුන් ඇසුරුකොට නොසිටින්නාහුද නොවෙති’යි මෙසේ සිටින තැන සිතාගත නොහැකිවන හෙයින් යක්‍ෂාදී මහාභූතයන් හා සමානවන හෙයින්ද මහාභූත නම් වෙති. තවද යම්සේ යක්‍ෂිණී’ යයි හැඳින්වෙන මහාභූත කෙනෙක් මනවඩන පැහැපත් බවින්ද, කඩවසමින්ද, අඟපසඟ සැලීමෙන්ද තමන්ගේ බියකරුබව වසන්කොට සත්ත්‍වයන් රවටත්ද, එසේම මෙම සතර මහාභූතයෝද ස්ත්‍රී පුරුෂ ශරීරාදියෙහි මනවඩන පැහැපත් බවින්ද, මනවඩන අඟපසඟ කඩවසමින්ද මනවඩන අත්-පා-ඇඟිලි බැම හැසිරවීමෙන්ද තමන්ගේ රළු බව ආදී විශේෂ ඇති ස්වාභාවික ලක්‍ෂණ වසන්කොට අඥාන ජනයා රවටති’යි, තමන්ගේ සැබෑ ආකාරය දැක ගන්නට නොදෙති’යි යන වංචක ස්වභාවය හේතුකොටගෙන යක්‍ෂිණීයයි හඳුන්වනු ලබන මහාභූතයන් හා සමානවන හෙයින්ද, මහාභූත නම් වෙති.

මහාපරිහාරතොති මහන‍්තෙහි පච‍්චයෙහි පරිහරිතබ‍්බතො. එතානි හි දිවසෙ දිවසෙ උපනෙතබ‍්බත‍්තා මහන‍්තෙහි ඝාසච‍්ඡාදනාදීහි භූතානි පවත‍්තානීති මහාභූතානි. මහාපරිහාරානි වා භූතානීතිපි මහාභූතානි.

මහාපරිහාරතො (මහාපරිහාර) ඇති හෙයින් යනු, බොහෝ ප්‍රත්‍යයයන් පරිහරණය කළ යුතු හෙයින් මහාභූතයෝ වනාහි දවස දවස එළවිය යුතු බැවින් බොහෝවූ අහර පිළී ආදියෙන් පවත්වන (නඩත්තු කරන) ලද්දාහු’යි මහාභූත නම් වෙති. භූතයෝ මහත් පරිහාර ඇත්තාහු’යි හෝ මහාභූත නම් වෙති.

මහාවිකාරතොති එතානි හි අනුපාදින‍්නානිපි උපාදින‍්නානිපි මහාවිකාරානි හොන‍්ති. තත්‍ථ අනුපාදින‍්නානං කප‍්පවුට‍්ඨානෙ විකාරමහත‍්තං පාකටං හොති. උපාදින‍්නානං ධාතුක‍්ඛොභකාලෙ. තථා හි –

මහාවිකාරතො (මහත් විකාර ඇති හෙයින්) යනු, මේ සතර මහාභූතයෝ උපාදින්න (ග්‍රහණය කළා) වූද, අනුපාදින්න (ග්‍රහණය නොකළා) වූද, මහත් විකාර ඇත්තාහු වෙති. එහි, අනුපාදින්න භූතයන්ගේ විකාර මහත්‍වය කල්ප විනාශයෙහිදී ප්‍රකට වේ. උපාදින්නයන්ගේ විකාර මහත්‍වය ධාතූන් කැළඹි කල්හි ප්‍රකට වේ. ඒ එසේමැයි:

භූමිතො වුට‍්ඨිතා යාව, බ්‍රහ‍්මලොකා විධාවති; අච‍්චි අච‍්චිමතො ලොකෙ, ඩය‍්හමානම‍්හි තෙජසා.

භූමිතො වුට්ඨිතො යාව බ්‍රහ්මලොකා විධාවති. අච්චි අච්චිමතො ලොකෙ ඩය්හමානම්හි තෙජසා,

කොටිසතසහස‍්සෙකං, චක‍්කවාළං විලීයති; කුපිතෙන යදා ලොකො, සලිලෙන විනස‍්සති.

කොටිසතසහස්සෙකං චක්කවාළං විලීයති. කුපිතෙන යදා ලොකො සලිලෙන විනස්සති,

කොටිසතසහස‍්සෙකං, චක‍්කවාළං විකීරති; වායොධාතුප‍්පකොපෙන, යදා ලොකො විනස‍්සති.

කොටිසතසහස්සෙකං චක්කවාළං විලීයති. වායො ධාතුප්පකොපෙන යදා ලොකො විනස්සති,

පත්‍ථද‍්ධො භවති කායො, දට‍්ඨො කට‍්ඨමුඛෙන වා; පථවීධාතුප‍්පකොපෙන, හොති කට‍්ඨමුඛෙව සො.

පත්‍ථද්ධො භවතී කායො දට්ඨො කට්ඨමුඛෙන වා. පඨවිධාතුප්පකොපෙන හොති කට්ඨමුඛෙව සො,

පූතියො භවති කායො, දට‍්ඨො පූතිමුඛෙන වා; ආපොධාතුප‍්පකොපෙන, හොති පූතිමුඛෙව සො.

පූතිකො භවතී කායො දට්ඨො පුතිමුඛෙන වා. ආපො ධාතුප්පකොපෙන හොති පූතිමුඛෙව සො,

සන‍්තත‍්තො භවති කායො, දට‍්ඨො අග‍්ගිමුඛෙන වා; තෙජොධාතුප‍්පකොපෙන, හොති අග‍්ගිමුඛෙව සො.

සන්තත්තො භවතී කායො දට්ඨො අග්ගිමුඛෙන වා. තෙජොධාතුප්පකොපෙන හොති අග්ගිමුඛෙව සො,

සඤ‍්ඡින‍්නො භවති කායො, දට‍්ඨො සත්‍ථමුඛෙන වා; වායොධාතුප‍්පකොපෙන, හොති සත්‍ථමුඛෙව සො.

සඤ්ඡින්නො භවති කායො දට්ඨො සත්‍ථමුඛෙන වා. වායොධාතුප්පකොපෙන හොති සත්‍ථමුඛෙව සො,

ලෝකය ගින්නෙන් දැවී යන කල පොළොවෙන් නැගී එම ගින්නෙහි සිළු බ්‍රහ්මලෝකය දක්වා දිව යයි.

යම්කලෙක ලෝකය කිපියා වූ ජලයෙන් නස්නේද, එකල කෙළ ලක්‍ෂයක් සක්වළ ක්‍ෂයවී යයි.

යම්කලෙක ලෝකය වායොධාතුව කිපීමෙන් නස්නේද, එකල කෙළ ලක්‍ෂයක් සක්වළ ක්‍ෂයවී යයි.

කට්ඨමුඛ නම් සර්පයා විසින් ඩහන ලද කල්හි ශරීරය දරදඬුවීයයි, පඨවිධාතුව කිපීමෙන්ද එම කය කට්ඨමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වේ.

පූතිමුඛ නම් සර්පයා විසින් ඩහනලද කල්හි ශරීරය කුණුවීයයි, ආපොධාතුව කිපීමෙන්ද එම කය පූතිමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වේ.

අග්ගිමුඛ නම් සර්පයා විසින් ඩවනලද කල්හි ශරීරය තැවීයයි. තෙජොධාතුව කිපීමෙන්ද එම කය අග්ගිමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වෙයි.

සත්‍ථමුඛ නම් සර්පයා විසින් සහන ලද කල්හි ශරීරය සුණුවිසුණු වීයයි, වායොධාතුව කිපීමෙන්ද එම කය සත්‍ථමුඛයා විසින් ඩහන ලද්දක් මෙන් වෙයි.

ඉති මහාවිකාරානි භූතානීති මහාභූතානි.

මෙසේ භූතයෝ මහත් විකාර ඇත්තාහු’යි මහාභූත නම් වෙති.

මහත‍්තා භූතත‍්තා චාති එතානි හි මහන‍්තානි මහතා වායාමෙන පරිග‍්ගහෙතබ‍්බත‍්තා භූතානි විජ‍්ජමානත‍්තාති මහත‍්තා භූතත‍්තා ච මහාභූතානි.

මහත්තා භූතත්තා (මහත් බැවින්ද විද්‍යාමාන බැවින්ද) මහත් වෑයමින් අවබෝධ කළයුතු හෙයින් මොවුහු ‘මහත්’ නම් වෙති, විද්‍යමානවන හෙයින් ‘භූත’ නම් වෙති, මහත් බැවින්ද විද්‍යාමාන බැවින්ද මහාභූත නම් වෙති.

එවං සබ‍්බාපෙතා ධාතුයො මහන‍්තපාතුභාවාදීහි කාරණෙහි මහාභූතානි.

මෙසේ මේ සියලු ධාතූහු මහත් ප්‍රාදූර්භාව ආදී කරුණු අනුව මහාභූත නම් වෙති.

සලක‍්ඛණධාරණතො පන දුක‍්ඛාදානතො ච දුක‍්ඛාධානතො ච සබ‍්බාපි ධාතුලක‍්ඛණං අනතීතත‍්තා ධාතුයො. සලක‍්ඛණධාරණෙන ච අත‍්තනො ඛණානුරූපධාරණෙන ච ධම‍්මා. ඛයට‍්ඨෙන අනිච‍්චා. භයට‍්ඨෙන දුක‍්ඛා. අසාරකට‍්ඨෙන අනත‍්තා.

ස්වලක්‍ෂණයන් දරන හෙයින්ද, දුක් ගෙනදෙන හෙයින්ද, දුක් දරා සිටින හෙයින්ද, ධාතු ලක්‍ෂණයන් නොඉක්මවූ හෙයින්ද සියලුම භූතයෝ ධාතු නම් වෙති. ස්වලක්‍ෂණයන් දැරීමෙන්ද, තමන්ගේ ක්‍ෂණයට අනුරූපව දැරීමෙන්ද ධම්ම නම් වෙති, විනාශවීම් අර්ත්‍ථයෙන් අනිච්චා (අනිත්‍ය) නම් වෙති, භය ගෙනදීමේ අර්ත්‍ථයෙන් දුක්‍ඛ (දුඃඛ) නම් වෙති, අසාරය යන අර්ත්‍ථයෙන් අනත්ත (අනාත්ම) නම් වෙති.

ඉති සබ‍්බාසම‍්පි රූපමහාභූතධාතුධම‍්මඅනිච‍්චාදිවසෙන එකත‍්තන‍්ති එවං නානත‍්තෙකත‍්තතො මනසිකාතබ‍්බා.

මෙසේ රූප, මහාභූත, ධාතු, ධම්ම, අනිත්‍ය ආදී වශයෙන් සියලුම ධාතූන්ගේ ඒකත්‍වය වෙති’යි යන මේ ආකාරයෙන් නානත්‍ව ඒකත්‍ව වශයෙන් මෙනෙහි කළයුතුය.

විනිබ‍්භොගාවිනිබ‍්භොගතොති සහුප‍්පන‍්නාව එතා එකෙකස‍්මිං සබ‍්බපරියන‍්තිමෙ සුද‍්ධට‍්ඨකාදිකලාපෙපි පදෙසෙන අවිනිබ‍්භුත‍්තා. ලක‍්ඛණෙන පන විනිබ‍්භුත‍්තාති එවං විනිබ‍්භොගාවිනිබ‍්භොගතො මනසිකාතබ‍්බා.

විනිබ්භොග (වෙන්කළ හැකිබව,) අවිනිබ්භොග (වෙන්කළ නොහැකි බව) වශයෙන් විනිබ්භොගාවිනිබ්භොගතො යනු, සහජාතව හටගත් මේ ධාතූහු සියල්ලන්ම අන්තිමවූ (ඉතා කුඩා) එක් එක් ශුද්ධාෂ්ටක කලාපයෙක්හි ප්‍රදේශ වශයෙන් වෙන් නොකරන ලද්දාහුය. (වෙන්කළ නොහැකිය). ලක්‍ෂණ වශයෙන් වනාහි වෙන් කරන ලද්දාහුය. (වෙන් කළ හැකිය). මෙසේ විනිබ්භොග අවිනිබ්භොග වශයෙන් මෙනෙහි කළ යුතුය.

සභාගවිසභාගතොති එවං අවිනිබ‍්භුත‍්තාසු චාපි එතාසු පුරිමා ද‍්වෙ ගරුකත‍්තා සභාගා. තථා පච‍්ඡිමා ලහුකත‍්තා. පුරිමා පන පච‍්ඡිමාහි පච‍්ඡිමා ච පුරිමාහි විසභාගාති එවං සභාගවිසභාගතො මනසිකාතබ‍්බා.

සභාගවිසභාගතො (සභාග විසභාග වශයෙන්) යනු, මෙසේ වෙන් නොකළ හැක්කාවූද මේ ධාතූන් අතුරෙන් පළමු (පඨවී, ආපො යන) දෙක ගුරු බැවින්ද, එසේම පසු (තෙජො, වායො යන) දෙක ලුහු බැවින්ද එකිනෙකට සමාන වේ. පළමු දෙක පසු දෙකටද, පසු දෙක පළමු දෙකටද අසමාන වේය’යි මෙසේ සභාග විසභාග වශයෙන් මෙනෙහි කළ යුතුය.

අජ‍්ඣත‍්තිකබාහිරවිසෙසතොති අජ‍්ඣත‍්තිකා ධාතුයො විඤ‍්ඤාණවත්‍ථුවිඤ‍්ඤත‍්තිඉන්‍ද්‍රියානං නිස‍්සයා හොන‍්ති, සඉරියාපථා, චතුසමුට‍්ඨානා. බාහිරා වුත‍්තවිපරීතප‍්පකාරාති එවං අජ‍්ඣත‍්තිකබාහිරවිසෙසතො මනසිකාතබ‍්බා.

අජ්ඣත්තිකබාහිරවිසෙසතො (අභ්‍යන්තර බාහිර විශේෂ වශයෙන්) යනු, අජ්ඣත්තික (අභ්‍යන්තර) ධාතූහු චක්ඛු විඤ්ඤාණාදී පසටද, විඤ්ඤත්ති දෙකටද, ඉන්‍ද්‍රියයනටද නිශ්‍රය වෙති, ඔවුහු ඉරියවු සහිත වූවාහු, චතුසමුට්ඨානිකද වෙති. බාහිර ධාතූහු මෙම ප්‍රකාරයට වෙනස් ප්‍රකාර ඇත්තාහුයයි මෙසේ අභ්‍යන්තර බාහිර විශේෂ වශයෙන් මෙනෙහි කළ යුතුය.

සඞ‍්ගහතොති කම‍්මසමුට‍්ඨානා පථවීධාතු කම‍්මසමුට‍්ඨානාහි ඉතරාහි එකසඞ‍්ගහා හොති සමුට‍්ඨානනානත‍්තාභාවතො . තථා චිත‍්තාදිසමුට‍්ඨානා චිත‍්තාදිසමුට‍්ඨානාහීති එවං සඞ‍්ගහතො මනසිකාතබ‍්බා.

සංගහතො (සංග්‍රහ වශයෙන්) යනු, කම්මසමුට්ඨානවූ පඨවීධාතුව කම්මසමුට්ඨාන වූ අන්‍ය ධාතූන් හා සමජාතික බැවින් එකට සංග්‍රහ වේ, සමුට්ඨාන වශයෙන් නොවෙනස් වන හෙයිනි. එසේම චිත්තසමුට්ඨානිකාදී ධාතුහු චිත්තසමුට්ඨානිකාදී ධාතූන් හා එකට සංග්‍රහ වෙති. මෙසේ සංග්‍රහ වශයෙන් මෙනෙහි කළයුතුය.

පච‍්චයතොති පථවීධාතු ආපොසඞ‍්ගහිතා තෙජොඅනුපාලිතා වායොවිත්‍ථම‍්භිතා තිණ‍්ණං මහාභූතානං පතිට‍්ඨා හුත්‍වා පච‍්චයො හොති. ආපොධාතු පථවීපතිට‍්ඨිතා තෙජොඅනුපාලිතා වායොවිත්‍ථම‍්භිතා තිණ‍්ණං මහාභූතානං ආබන්‍ධනං හුත්‍වා පච‍්චයො හොති. තෙජොධාතු පථවීපතිට‍්ඨිතා ආපොසඞ‍්ගහිතා වායොවිත්‍ථම‍්භිතා තිණ‍්ණං මහාභූතානං පරිපාචනං හුත්‍වා පච‍්චයො හොති. වායොධාතු පථවීපතිට‍්ඨිතා ආපොසඞ‍්ගහිතා තෙජොපරිපාචිතා තිණ‍්ණං මහාභූතානං විත්‍ථම‍්භනං හුත්‍වා පච‍්චයො හොතීති එවං පච‍්චයතො මනසිකාතබ‍්බා.

පච්චයතො (ප්‍රත්‍යය වශයෙන්) යනු, පඨවීධාතුව ආපොධාතුව විසින් කැටිකොට ගන්නාලදුව, තෙජොධාතුව විසින් රක්නාලදුව, වායොධාතුව විසින් පුඹුවනලදුව සෙසු මහාභූත තුනට ප්‍රතිෂ්ඨා බවට පත්වීමෙන් ප්‍රත්‍යය වේ. ආපොධාතුව පඨවීධාතුව තුළ පිහිටා, තෙජොධාතුව විසින් රක්නාලදුව, වායොධාතුව විසින් පුඹුවනලදුව, සෙසු මහාභූත තුන එක්කොට බැඳවීමෙන් ප්‍රත්‍යය වේ. තෙජොධාතුව පඨවීධාතුවෙහි පිහිටා ආපොධාතුව විසින් කැටිකොට ගන්නාලදුව වායොධාතුව විසින් පුඹුවන ලදුව සෙසු මහාභූත තුනට පරිපාකය ගෙනදෙමින් ප්‍රත්‍යය වේ. වායොධාතුව පඨවීධාතුවෙහි පිහිටා, ආපොධාතුව විසින් කැටිකොට ගන්නාලදුව තෙජොධාතුව විසින් පරිපාකයට පමුණුවන ලදුව, සෙසු මහාභූත තුනට පිම්බීම ගෙනදෙමින් ප්‍රත්‍යය වේය’යි මෙසේ ප්‍රත්‍යය වශයෙන් මෙනෙහි කළ යුතුය.

අසමන‍්නාහාරතොති පථවීධාතු චෙත්‍ථ “අහං පථවීධාතූ”ති වා, “තිණ‍්ණං මහාභූතානං පතිට‍්ඨා හුත්‍වා පච‍්චයො හොමී”ති වා න ජානාති. ඉතරානිපි තීණි “අම‍්හාකං පථවීධාතු පතිට‍්ඨා හුත්‍වා පච‍්චයො හොතී”ති න ජානන‍්ති. එස නයො සබ‍්බත්‍ථාති එවං අසමන‍්නාහාරතො මනසිකාතබ‍්බා.

අසමන්නාහාරතො (අසමන්නාහාර) වශයෙන් යනු, මෙහි පඨවීධාතුව ‘මම් පඨවීධාතු වෙමි’යි හෝ ‘සෙසු ධාතු තුනට ප්‍රතිෂ්ඨා වශයෙන් ප්‍රත්‍යය වෙමි’යි නොදනියි, සෙසු ධාතු තුනද අපට ‘පඨවීධාතුව ප්‍රතිෂ්ඨා වශයෙන් ප්‍රත්‍යය වෙති’යි නොදනියි. සියලු තන්හි මෙම නයයි, මෙසේ අසමන්නාහාර වශයෙන් මෙනෙහි කළයුතුය.

පච‍්චයවිභාගතොති ධාතූනං හි කම‍්මං, චිත‍්තං, ආහාරො, උතූති චත‍්තාරො පච‍්චයා. තත්‍ථ කම‍්මසමුට‍්ඨානානං කම‍්මමෙව පච‍්චයො හොති, න චිත‍්තාදයො. චිත‍්තාදිසමුට‍්ඨානානම‍්පි චිත‍්තාදයොව පච‍්චයා හොන‍්ති, න ඉතරෙ. කම‍්මසමුට‍්ඨානානඤ‍්ච කම‍්මං ජනකපච‍්චයො හොති, සෙසානං පරියායතො උපනිස‍්සයපච‍්චයො හොති. චිත‍්තසමුට‍්ඨානානං චිත‍්තං ජනකපච‍්චයො හොති, සෙසානං පච‍්ඡාජාතපච‍්චයො අත්‍ථිපච‍්චයො අවිගතපච‍්චයො ච. ආහාරසමුට‍්ඨානානං ආහාරො ජනකපච‍්චයො හොති, සෙසානං ආහාරපච‍්චයො අත්‍ථිපච‍්චයො අවිගතපච‍්චයො ච. උතුසමුට‍්ඨානානං උතු ජනකපච‍්චයො හොති, සෙසානං අත්‍ථිපච‍්චයො අවිගතපච‍්චයො ච. කම‍්මසමුට‍්ඨානං මහාභූතං කම‍්මසමුට‍්ඨානානම‍්පි මහාභූතානං පච‍්චයො හොති චිත‍්තාදිසමුට‍්ඨානානම‍්පි. තථා චිත‍්තසමුට‍්ඨානං, ආහාරසමුට‍්ඨානං. උතුසමුට‍්ඨානං මහාභූතං උතුසමුට‍්ඨානානම‍්පි මහාභූතානං පච‍්චයො හොති කම‍්මාදිසමුට‍්ඨානානම‍්පි.

පච්චයවිභාගතො (ප්‍රත්‍යය විභාග වශයෙන්) යනු, ධාතූන්හට වනාහි කර්ම, චිත්ත, ආහාර, සෘතු යන මොහු ප්‍රත්‍යය වෙති. එහි කර්මයෙන් හටගත් ධාතූන්හට කර්මයම ප්‍රත්‍යය වේ, චිත්තාදිය ප්‍රත්‍යය නොවේ. චිත්ත ආදියෙන් හටගත් ධාතුන්හට චිත්ත ආදියට ප්‍රත්‍යය වේ. සෙසු කර්ම ආදිය ප්‍රත්‍යය නොවේ. කර්මයෙන් හටගත් ධාතූන්හට කර්මය ජනක ප්‍රත්‍යය වේ, සෙසු ධාතූන්හට පරියාය වශයෙන් උපනිශ්‍රය ප්‍රත්‍යය වේ. චිත්ත සමුට්ඨානිකයනට චිත්තය ජනක ප්‍රත්‍යය වේ, සෙසු ධාතූන්හට පච්ඡාජාත (පසුව උපන්) ප්‍රත්‍යයද, අස්තිප්‍රත්‍යයද, අවිගතප්‍රත්‍යයද වේ. ආහාරසමුට්ඨානික ධාතූන්හට ආහාරය ජනක ප්‍රත්‍යය වේ, සෙසු ධාතූන්හට ආහාර ප්‍රත්‍යයද, අස්තිප්‍රත්‍යයද, අවිගත ප්‍රත්‍යයද වේ. සෘතුසමුට්ඨානික ධාතූන්හට සෘතුවම ජනකප්‍රත්‍යය වේ, සෙසු ධාතුන්හට අස්ති ප්‍රත්‍යයද, අවිගත ප්‍රත්‍යයද වේ. කම්මසමුට්ඨානික මහාභූතය කම්මසමුට්ඨානික මහාභූතයනට ප්‍රත්‍යය වේ. චිත්තාදි සමුට්ඨානික මහාභූතයනටද චිත්තය ප්‍රත්‍යය වේ, එසේම චිත්තසමුට්ඨානික-පෙ-ආහාරසමුට්ඨානික-පෙ-උතුසමුට්ඨානික මහාභූතය උතුසමුට්ඨානික මහාභූතයනටද, කම්මාදි සමුට්ඨානික මහාභූතයනටද ප්‍රත්‍යය වේ.

තත්‍ථ කම‍්මසමුට‍්ඨානා පථවීධාතු කම‍්මසමුට‍්ඨානානං ඉතරාසං සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයඅත්‍ථිඅවිගතවසෙන චෙව පතිට‍්ඨාවසෙන ච පච‍්චයො හොති, න ජනකවසෙන. ඉතරෙසං තිසන‍්තතිමහාභූතානං නිස‍්සයඅත්‍ථිඅවිගතවසෙන පච‍්චයො හොති, න පතිට‍්ඨාවසෙන න ජනකවසෙන. ආපොධාතු චෙත්‍ථ ඉතරාසං තිණ‍්ණං සහජාතාදිවසෙන චෙව ආබන්‍ධනවසෙන ච පච‍්චයො හොති, න ජනකවසෙන. ඉතරෙසං තිසන‍්තතිකානං නිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයවසෙනෙව, න ආබන්‍ධනවසෙන න ජනකවසෙන. තෙජොධාතුපෙත්‍ථ ඉතරාසං තිණ‍්ණං සහජාතාදිවසෙන චෙව පරිපාචනවසෙන ච පච‍්චයො හොති, න ජනකවසෙන. ඉතරෙසං තිසන‍්තතිකානං නිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයවසෙනෙව, න පරිපාචනවසෙන, න ජනකවසෙන. වායොධාතුපෙත්‍ථ ඉතරාසං තිණ‍්ණං සහජාතාදිවසෙන චෙව විත්‍ථම‍්භනවසෙන ච පච‍්චයො හොති, න ජනකවසෙන. ඉතරෙසං තිසන‍්තතිකානං නිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයවසෙනෙව, න විත්‍ථම‍්භනවසෙන, න ජනකවසෙන. චිත‍්තආහාරඋතුසමුට‍්ඨානපථවීධාතුආදීසුපි එසෙව නයො.

එහි කම්මසමුට්ඨානික පඨවීධාතුව කම්මසමුට්ඨානිකවූ සෙසු ධාතූන්හටද සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත වශයෙන් හා ප්‍රතිෂ්ඨා වශයෙන්ද ප්‍රත්‍යය වේ, ජනක වශයෙන් ප්‍රත්‍යය නොවේ. (චිත්ත-ආහාර උතු යන) තුන සමුට්ඨානකොට ඇති මහාභූතයනට නිස්සය, අත්‍ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රතිෂ්ඨා වශයෙන්ද, ජනක වශයෙන්ද ප්‍රත්‍යය නොවේ. මෙහි, ආපොධාතුවද සෙසු ධාතුත්‍රයයට සහජාතාදී වශයෙන්ද ආබන්‍ධන වශයෙන්ද ප්‍රත්‍යය වේ, ජනක වශයෙන් ප්‍රත්‍යය නොවේ. (චිත්ත ආදී තුන) සමුට්ඨානකොට ඇති සෙසු ධාතූන්හට නිස්සය, අත්‍ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ, ආබන්‍ධන වශයෙන්ද, ජනක වශයෙන්ද ප්‍රත්‍යය නොවේ. මෙහි තෙජොධාතුවද සෙසු ධාතුත්‍රයට සහජාතාදී වශයෙන්ද, පරිපාචන වශයෙන්ද ප්‍රත්‍යය වේ. ජනක වශයෙන් ප්‍රත්‍යය නොවේ. (උතු -චිත්ත-ආහාර යන) තුන සමුට්ඨානකොට ඇති සෙසු මහාභූතයනට නිස්සය, අත්‍ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ, පරිපාචන වශයෙන්ද, ජනක වශයෙන්ද ප්‍රත්‍යය නොවේ. මෙහි වායො ධාතුවද සෙසු ධාතුත්‍රයට සහජාතාදී වශයෙන්ද, විත්‍ථම්භන වශයෙන්ද ප්‍රත්‍යය වේ, ජනක වශයෙන් ප්‍රත්‍යය නොවේ. (උතු චිත්ත-ආහාර යන) තුන සමුට්ඨාන කොට ඇති සෙසු මහාභූතයනට නිස්සය, අත්‍ථි, අවිගත වශයෙන් ප්‍රත්‍යය වේ, විත්‍ථම්භන වශයෙන්ද, ජනක වශයෙන්ද ප්‍රත්‍යය නොවේ. චිත්ත-ආහාර-උතු යන තුන සමුට්ඨාන කොට ඇති පඨවීධාතු ආදියෙහිද මෙම නයයි.

එවං සහජාතාදිපච‍්චයවසප‍්පවත‍්තාසු ච පනෙතාසු ධාතූසු –

මෙසේ සහජාතාදී ප්‍රත්‍යය වශයෙන් පවත්වන්නාවූ මේ ධාතූන් අතර,

එකං පටිච‍්ච තිස‍්සො, චතුධා තිස‍්සො පටිච‍්ච එකො ච; ද‍්වෙ ධාතුයො පටිච‍්ච, ද‍්වෙ ඡද‍්ධා සම‍්පවත‍්තන‍්ති.

එකං පටිච්ච තිස්සො චතුධා තිස්සො පටිච්ච එකො ච, ද්වෙ ධාතුයො පටිච්ච ද්වෙ ඡද්ධා සම්පවත්තන්ති.

එක් ධාතුවක් නිසා සෙසු තුන් ධාතූහු සිවු ආකාරයෙකින් පවතින්, ධාතු තුනක් නිසා එක් ධාතුවක්ද සිවුආකාරයෙකින් පවතී, ධාතු දෙකක් නිසා අනෙක් දෙක සය ආකාරයෙකින් පවතී.

පථවීආදීසු හි එකෙකං පටිච‍්ච ඉතරා තිස‍්සො තිස‍්සොති එවං එකං පටිච‍්ච තිස‍්සො චතුධා සම‍්පවත‍්තන‍්ති. තථා පථවීධාතුආදීසු එකෙකා ඉතරා තිස‍්සො තිස‍්සො පටිච‍්චාති එවං තිස‍්සො පටිච‍්ච එකා චතුධා සම‍්පවත‍්තති. පුරිමා පන ද‍්වෙ පටිච‍්ච පච‍්ඡිමා, පච‍්ඡිමා ච ද‍්වෙ පටිච‍්ච පුරිමා, පඨමතතියා පටිච‍්ච දුතියචතුත්‍ථා, දුතියචතුත්‍ථා පටිච‍්ච පඨමතතියා, පඨමචතුත්‍ථා පටිච‍්ච දුතියතතියා, දුතියතතියා පටිච‍්ච පඨමචතුත්‍ථාති එවං ද‍්වෙ ධාතුයො පටිච‍්ච ද‍්වෙ ඡධා සම‍්පවත‍්තන‍්ති.

පඨවී ආදී ධාතුන් අතර එක් එක් ධාතුවක් නිසා සෙසු ධාතූන් තුනක් තුනක්යයි මෙසේ එක් ධාතුවක් නිසා සෙසු ධාතු තුන සතර ආකාරයෙකින් පවතියි, එසේම පඨවීධාතු ආදිය අතුරෙන් එක් එක් ධාතුවක් සෙසු ධාතුන් තුනක් තුනක් නිසා වෙතැ’යි මෙසේ ධාතූන් තුනක් නිසා ඉතිරි එක් ධාතුවක්දැ’යි සිවුආකාරයෙකින් පවතියි. පළමු දෙක නිසා පසු දෙකද, පසු දෙක නිසා පළමු දෙකද, පළමුවන තුන්වන දෙක නිසා දෙවන සිවුවන ධාතු දෙකද දෙවන සිවුවන ධාතු නිසා පළමුවන තුන්වන ධාතු දෙකද, පළමුවන සිවුවන ධාතු නිසා දෙවන තුන්වන ධාතුද, දෙවන තුන්වන ධාතු නිසා පළමුවන සිවුවන ධාතුන්දැ’යි මෙසේ ධාතු දෙකක් නිසා ධාතු දෙකක්දැ’යි සය ආකාරයෙකින් පවතියි.

තාසු පථවීධාතු අභික‍්කමපටික‍්කමාදිකාලෙ උප‍්පීළනස‍්ස පච‍්චයො හොති. සාව ආපොධාතුයා අනුගතා පතිට‍්ඨාපනස‍්ස. පථවීධාතුයා පන අනුගතා ආපොධාතු අවක‍්ඛෙපනස‍්ස. වායොධාතුයා අනුගතා තෙජොධාතු උද‍්ධරණස‍්ස. තෙජොධාතුයා අනුගතා වායොධාතු අතිහරණවීතිහරණානං පච‍්චයො හොතීති එවං පච‍්චයවිභාගතො මනසිකාතබ‍්බා.

එම ධාතුන් අතර පඨවීධාතුව යාම් ඊම් ආදිය කරනවිට පීඩනයට (තල්ලුවට) ප්‍රත්‍යය (උපකාරී) වෙයි, එම පඨවීධාතුවම ආපොධාතුවට අනුගත වූ විට පා තැබීමට ප්‍රත්‍යය වේ, පඨවීධාතුවට අනුගතවූ ආපොධාතුව පා යටට හෙළීමට ප්‍රත්‍යය වේ. වායො ධාතුවට අනුගතවූ තෙජොධාතුව පා උඩට නැඟීමට ප්‍රත්‍යය වේ, තෙජොධාතුවට අනුගතවූ වායොධාතුව පා ඉදිරියට හා සරසට යැවීමට ප්‍රත්‍යය වේය’යි මෙසේ ප්‍රත්‍යය විභාග වශයෙන් මෙනෙහි කළ යුතුය.

එවං වචනත්‍ථාදිවසෙන මනසි කරොන‍්තස‍්සාපි හි එකෙකෙන මුඛෙන ධාතුයො පාකටා හොන‍්ති. තා පුනප‍්පුනං ආවජ‍්ජතො මනසිකරොතො වුත‍්තනයෙනෙව උපචාරසමාධි උප‍්පජ‍්ජති. ස‍්වායං චතුන‍්නං ධාතූනං වවත්‍ථාපකස‍්ස ඤාණස‍්සානුභාවෙන උප‍්පජ‍්ජනතො චතුධාතුවවත්‍ථානන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මේ ආකාරයෙන්, වචනාර්ත්‍ථ ආදී වශයෙන් මෙනෙහි කරනවිට, එක් එක් මාතෘකා මාර්ගයෙන් ධාතූහු ප්‍රකට වෙති, එම ධාතූන් නැවත නැවතත් ආවර්ජනය කරනවිට, මෙනෙහි කරනවිට, පෙරකී නයින්ම උපචාර සමාධිය උපදී, එම සමාධිය සිවුධාතූන් ව්‍යවස්ථාපනය කරන ඥානයෙහි අනුභාවයෙන් උපදින හෙයින් ‘චතුධාතුවවත්‍ථාන’ යනුවෙන්ම ව්‍යවහාරයට පත්වෙයි.

ඉදඤ‍්ච පන චතුධාතුවවත්‍ථානං අනුයුත‍්තො භික‍්ඛු සුඤ‍්ඤතං අවගාහති, සත‍්තසඤ‍්ඤං සමුග‍්ඝාතෙති. සො සත‍්තසඤ‍්ඤාය සමූහතත‍්තා වාළමිගයක‍්ඛරක‍්ඛසාදිවිකප‍්පං අනාවජ‍්ජමානො භයභෙරවසහො හොති, අරතිරතිසහො, න ඉට‍්ඨානිට‍්ඨෙසු උග‍්ඝාතනිග‍්ඝාතං පාපුණාති. මහාපඤ‍්ඤො ච පන හොති අමතපරියොසානො වා සුගතිපරායනො වාති.

මෙම චතුධාතුවවත්‍ථාන භාවනාවෙහි නියුතු වූ භික්‍ෂු තෙමේ ශුන්‍යතාව අවබෝධ කරයි, සත්ත්‍වයෙකැ’යි යන හැඟීම නසාලයි, සත්ත්‍වසංඥාව නසන ලද හෙයින් ඒ යෝගාවචර තෙමේ ව්‍යාලමෘග යක්‍ෂ රාක්‍ෂසාදී උපද්‍රවයකට නොපැමිණෙනුයේ, බිය හා බියකරු හැඟීම් ඉවසනු සමත්වේ. (කුශල විෂයෙහි) අරතියද, (පංචකාමවිෂයෙහි) රතියද මැඩලන්නේ වේ, ඉටු අනිටු අරමුණෙහි උදම්වීමට හෝ පසුබැසීමට නොපැමිණේ, මහාප්‍රඥා ඇත්තේද වේ, අවසන්හි නිවන් දක්නේ හෝ සුගතිපරායණ හෝ වන්නේය.

එවං මහානුභාවං, යොගිවරසහස‍්ස කීළිතං එතං; චතුධාතුවවත්‍ථානං, නිච‍්චං සෙවෙථ මෙධාවීති.

එවං මහානුභාවං යොගීවරසහස්සකීළිතං එතං, චතුධාතුවවත්‍ථානං නිච්චං සෙවෙථ මෙධාවී.

මෙසේ මහානුභාව ඇති දහස් ගණන් ශ්‍රේෂ්ඨ යෝගීන් විසින් පුරුදු කරන ලද මේ චතුධාතුවවත්‍ථාන භාවනාව නුවණැත්තේ නිරතුරුව සේවනය කරන්නේය.

අයං චතුධාතුවවත්‍ථානස‍්ස භාවනානිද‍්දෙසො.

මේ චතුධාතුවවත්‍ථානය පිළිබඳ භාවනා නිර්දේශයයි.

එත‍්තාවතා ච යං සමාධිස‍්ස විත්‍ථාරං භාවනානයඤ‍්ච දස‍්සෙතුං “කො සමාධි, කෙනට‍්ඨෙන සමාධී”තිආදිනා නයෙන පඤ‍්හාකම‍්මං කතං, තත්‍ථ “කථං භාවෙතබ‍්බො”ති ඉමස‍්ස පදස‍්ස සබ‍්බප‍්පකාරතො අත්‍ථවණ‍්ණනා සමත‍්තා හොති.

සමාධිය පිළිබඳ විස්තරය හා භාවනා ක්‍රමය දක්වනු පිණිස සමාධි නම් කිමෙක්ද? කවර අරුතෙකින් සමාධි නම් වේද? ආදි නයින් යම් ප්‍රශ්නකර්මයක් කරන ලද්දේ නම්, එහි ‘කෙසේ වැඩිය යුතුදැ?’යි යන මේ පදයට කළ අර්ත්‍ථවර්ණනාව මෙතෙකින් සර්වප්‍රකාරයෙන් සමාප්ත වූයේය.

දුවිධොයෙව හයං ඉධ අධිප‍්පෙතො උපචාරසමාධි චෙව අප‍්පනාසමාධි ච. තත්‍ථ දසසු කම‍්මට‍්ඨානෙසු, අප‍්පනාපුබ‍්බභාගචිත‍්තෙසු ච එකග‍්ගතා උපචාරසමාධි. අවසෙසකම‍්මට‍්ඨානෙසු චිත‍්තෙකග‍්ගතා අප‍්පනාසමාධි. සො දුවිධොපි තෙසං කම‍්මට‍්ඨානානං භාවිතත‍්තා භාවිතො හොති. තෙන වුත‍්තං “කථං භාවෙතබ‍්බොති ඉමස‍්ස පදස‍්ස සබ‍්බප‍්පකාරතො අත්‍ථවණ‍්ණනා සමත‍්තා”ති.

මෙහි අභිප්‍රේත වූ එම සමාධිය උපචාරය, අර්පණායයි දෙවැදෑරුම් වේ. එහි (බුද්ධානුස්සති ආදී) දස කමටහන්හිද, අර්පණාවට පෙරාතුව පහළවන චිත්තොත්පාදයන්හිද ඇතිවන එකාග්‍රතාව උපචාර සමාධියයි. සෙසු කමටහන්හිදී ඇතිවන චිත්තෛකාග්‍රතාව අර්පණා සමාධියයි. ඒ කර්මස්ථානයන් වඩනාලද හේතුවෙන් ද්විප්‍රකාරවූම එම සමාධිය වඩනා ලද්දේ වේ. එහෙයින් ‘කෙසේ වැඩිය යුතුදැ?’යි යන මේ පදයෙහි අර්ත්‍ථ වර්ණනාව සර්වප්‍රකාරයෙන් සමාප්තය’යි කියනලදී.