ආහාරෙපටික්කූලභාවනා
ආහාරෙපටික්කූලභාවනා
ආහාරෙ පටික්කූලසඤ්ඤා භාවනාව
ඉදානි ආරුප්පානන්තරං එකා සඤ්ඤාති එවං උද්දිට්ඨාය ආහාරෙ පටික්කූලසඤ්ඤාය භාවනානිද්දෙසො අනුප්පත්තො. තත්ථ ආහරතීති ආහාරො. සො චතුබ්බිධො කබළීකාරාහාරො, ඵස්සාහාරො, මනොසඤ්චෙතනාහාරො, විඤ්ඤාණාහාරොති.
ආරුප්ප සමාපත්තීනට අනතුරුව ‘එකා සඤ්ඤා’ යනුවෙන් මෙසේ දක්වන ලද ආහාර විෂයෙහි ප්‍රතිකූල සංඥාව පිළිබඳ භාවනා නිර්දේශය අනුපිළිවෙළින් පැමිණියේය. එහි ආහරති (එළවයි යන අරුතින්) ‘ආහාර’ නමි. එම ආහාරය කබලිංකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනොසඤ්චෙතන ආහාරය, විඤ්ඤාණ ආහාරයයි සිවුවැදෑරුම් වේ.
කො පනෙත්ථ කිමාහරතීති? කබළීකාරාහාරො ඔජට්ඨමකං රූපං ආහරති. ඵස්සාහාරො තිස්සො වෙදනා ආහරති. මනොසඤ්චෙතනාහාරො තීසු භවෙසු පටිසන්ධිං ආහරති. විඤ්ඤාණාහාරො පටිසන්ධික්ඛණෙ නාමරූපං ආහරති.
මෙහි, කවරෙක් කවරක් එළවාද යත්, කබලිංකාර ආහාරය ඔජො ගුණය අටවැනිකොට ඇති රූපය එළවයි, ස්පර්ශ ආහාරය වෙදනාත්රයය එළවයි, මනොසංචෙතන ආහාරය තුන් භවයෙහි ප්රතිසන්ධිය එළවයි, විඤ්ඤාණ ආහාරය පිළිසිඳි කෙණෙහි නාමරූප යන දෙක එළවයි.
තෙසු කබළීකාරාහාරෙ නිකන්තිභයං. ඵස්සාහාරෙ උපගමනභයං. මනොසඤ්චෙතනාහාරෙ උපපත්තිභයං. විඤ්ඤාණාහාරෙ පටිසන්ධිභයං. එවං සප්පටිභයෙසු ච තෙසු කබළීකාරාහාරො පුත්තමංසූපමෙන (සං· නි· 2.63) දීපෙතබ්බො. ඵස්සාහාරො නිච්චම්මගාවූපමෙන (සං· නි· 2.63). මනොසඤ්චෙතනාහාරො අඞ්ගාරකාසූපමෙන (සං· නි· 2.63). විඤ්ඤාණාහාරො සත්තිසතූපමෙනාති (සං· නි· 2.63). ඉමෙසු පන චතූසු ආහාරෙසු අසිතපීතඛායිතසායිතප්පභෙදො කබළීකාරො ආහාරොව ඉමස්මිං අත්ථෙ ආහාරොති අධිප්පෙතො. තස්මිං ආහාරෙ පටික්කූලාකාරග්ගහණවසෙන උප්පන්නා සඤ්ඤා ආහාරෙ පටික්කූලසඤ්ඤා.
එම ආහාරයන් අතුරෙන් කබලිංකාර ආහාර විෂයෙහි ආශාව හෙවත් තෘෂ්ණාව නමැති බිය ඇත, ස්පර්ශාහාර විෂයෙහි උපගමන (හෙවත් අරමුණු හා සමඟ එක්වීම) නමැති බිය ඇත, මනොසඤ්චෙතනාහාර විෂයෙහි උප්පත්ති (හෙවත් දුකට හේතුවීමේ) බිය පවතී, විඤ්ඤාණාහාර විෂයෙහි පටිසන්ධි (හෙවත් පිළිසිඳීමේ) බිය පවතී. මෙසේ බිය සහිත වූ මේ ආහාරයන් අතුරෙන් කබලිංකාර ආහාරය පුත්රමාංසූපමාවෙන් පැහැදිලි කළයුතුය. ස්පර්ශාහාරය සමගසනලද ගවයකු පිළිබඳ උපමාවෙන්ද. මනොසංචෙතනාහාරය අඟුරුවළක් පිළිබඳ උපමාවෙන්ද, විඤ්ඤාණාහාරය සත්තිසූල (හෙවත් කැති හුල්) උපමාවෙන්ද පැහැදිලි කළ යුතුවේ. මේ සිවුවැදෑරුම් ආහාරයන් අතුරෙන් බිදීමය, බීමය, කෑමය, ලෙවීමය යන සිවු ආකාර ඇති කබලිංකාර ආහාරය මෙහිලා අභිප්‍රේත වේ. එම ආහාරයෙහි පිළිකුල්බව ගැනීම් වශයෙන් උපන් සංඥාව ආහාරෙ පටික්කූලසඤ්ඤා නම් වේ.
තං ආහාරෙ පටික්කූලසඤ්ඤං භාවෙතුකාමෙන කම්මට්ඨානං උග්ගහෙත්වා උග්ගහතො එකපදම්පි අවිරජ්ඣන්තෙන රහොගතෙන පටිසල්ලීනෙන අසිතපීතඛායිතසායිතප්පභෙදෙ කබළීකාරාහාරෙ දසහාකාරෙහි පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා. සෙය්යථිදං, ගමනතො, පරියෙසනතො, පරිභොගතො, ආසයතො, නිධානතො, අපරිපක්කතො, පරිපක්කතො, ඵලතො, නිස්සන්දතො, සම්මක්ඛනතොති.
එම ආහාර පටික්කූලසඤ්ඤා භාවනාව වඩනු රිසියහු විසින් කමටහන උගෙන, උගත් දෙයින් එක් පදයක් හෝ නොවරදවා හුදකලාව විවෙක සුවයෙන් යුතුව, බිදීමය, බීමය, කෑමය, ලෙවීමය යන ප්‍රභේද සහිත කබලිංකාර ආහාරයෙහි පිළිකුල්බව දශ ආකාරයෙකින් ප්රත්යවෙක්ෂා කටයුතුය. කෙසේදයත් ගමන් වශයෙන්, සෙවීම් වශයෙන්, වැළදීම් වශයෙන්, ආශ්රයස්ථාන වශයෙන්, නිධානස්ථාන වශයෙන්, නොපැසවුණු ආහාර වශයෙන්, පැසවුණු ආහාර වශයෙන්, ඵල වශයෙන්, වැගිරීම් වශයෙන් හා වැකීම් වශයෙනි.
තත්ථ ගමනතොති එවං මහානුභාවෙ නාම සාසනෙ පබ්බජිතෙන සකලරත්තිං බුද්ධවචනසජ්ඣායං වා සමණධම්මං වා කත්වා කාලස්සෙව වුට්ඨාය චෙතියඞ්ගණබොධියඞ්ගණවත්තං කත්වා පානීයං පරිභොජනීයං උපට්ඨපෙත්වා පරිවෙණං සම්මජ්ජිත්වා සරීරං පටිජග්ගිත්වා ආසනමාරූය්හ වීසතිංස වාරෙ කම්මට්ඨානං මනසිකරිත්වා උට්ඨාය පත්තචීවරං ගහෙත්වා නිජනසම්බාධානි පවිවෙකසුඛානි ඡායූදකසම්පන්නානි සුචීනි සීතලානි රමණීයභූමිභාගානි තපොවනානි පහාය අරියං විවෙකරතිං අනපෙක්ඛිත්වා සුසානාභිමුඛෙන සිඞ්ගාලෙන විය ආහාරත්ථාය ගාමාභිමුඛෙන ගන්තබ්බං.
එහි ගමනතො (ගමන් වශයෙන්) යනු, මෙවන් මහ අනුසස් ඇති සස්නෙහි පැවිදිවූවහු විසින් මුළු රාත්‍රියම බුද්ධවචනය සජ්ඣායන කිරීම හෝ ශ්රමණධර්මය පිළිපැදීම කොට වේලාසනින්ම නැගිට සෑමලු බෝමලුවත් නිමකොට පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා පිරිවෙන් හැමද සිරුරු පිළිදැගුම් කොට අස්නට නැඟ විසිතිස් වරක් කමටහන මෙනෙහිකොට නැගිට පාසිවුරු ගෙන ජනාකීර්ණ නොවූ, විවේකසුව ඇති, සෙවණින් හා ජලයෙන් අනූන වූ, පිරිසුදුවූ, සිහිල්වූ, රමණීය බිම් පෙදෙස් ඇති, තපෝවනය හැර උතුම්වූ විවේකරතිය අපේක්ෂා නොකොට, සොහොනක් බලා යන සිවලකු ලෙසින් අහර පිණිස ගම බලා යායුතුය.
එවං ගච්ඡතා ච මඤ්චම්හා වා පීඨම්හා වා ඔතරණතො පට්ඨාය පාදරජඝරගොලිකවච්චාදිසම්පරිකිණ්ණං පච්චත්ථරණං අක්කමිතබ්බං හොති. තතො අප්පෙකදා මූසිකජතුකවච්චාදීහි උපහතත්තා අන්තොගබ්භතො පටික්කූලතරං පමුඛං දට්ඨබ්බං හොති. තතො උලූකපාරාවතාදිවච්චසම්මක්ඛිතත්තා උපරිමතලතො පටික්කූලතරං හෙට්ඨිමතලං. තතො කදාචි කදාචි වාතෙරිතෙහි පුරාණතිණපණ්ණෙහි ගිලානසාමණෙරානං මුත්තකරීසඛෙළසිඞ්ඝාණිකාහි වස්සකාලෙ උදකචික්ඛල්ලාදීහි ච සංකිලිට්ඨත්තා හෙට්ඨිමතලතො පටික්කූලතරං පරිවෙණං. පරිවෙණතො පටික්කූලතරා විහාරරච්ඡා දට්ඨබ්බා හොති.
මෙසේ යන්නහු විසින්ද, ඇඳෙන් හෝ පුටුවෙන් බට තැන් පටන් පාදූවිලි සූණු-වසුරු ආදියෙන් වැකුණු බුමුතුරුණු මත පා තැබිය යුතුවේ, ඉක්බිති ඇතැම් දිනෙක මී-වසුරු වවුල්-වසුරු ආදියෙන් වැකුණු හෙයින් ඇතුල්ගෙටත් වඩා පිළිකුල්වූ ආලින්දය දැක්ක යුතුවේ. ඉක්බිති බකමුහුණු පරෙවි ආදීන්ගේ වසුරින් වැකුණුහෙයින් උඩුමහලටත් වඩා පිළිකුල් දනවන යටිමහල දැක්ක යුතුවේ. ඉක්බිති ඇතැම් දිනෙක සුළඟින් කැළඹී ගිය තණ පරණලාවලින්ද, ගිලන් සාමණේරයන්ගේ මල-මූ කෙළ සොටු හා වැසි කාලයෙහි දිය, කලල්, වගුරු ආදියෙන්ද වෙසෙසින් අපවිත්‍ර වූ හෙයින් යටිමහලටද වඩා පිළිකුල් දනවන පිරිවෙන දැක්ක යුතුවේ. පිරිවෙණටද වඩා පිළිකුල් දනවන වෙහෙරට වදනා මඟ දැක්ක යුතුවේ.
අනුපුබ්බෙන පන බොධිඤ්ච චෙතියඤ්ච වන්දිත්වා විතක්කමාළකෙ ඨිතෙන මුත්තරාසිසදිසං චෙතියං මොරපිඤ්ඡකලාපමනොහරං බොධිං දෙවවිමානසම්පත්තිසස්සිරීකං සෙනාසනඤ්ච අනපලොකෙත්වා එවරූපං නාම රමණීයං පදෙසං පිට්ඨිතො කත්වා ආහාරහෙතු ගන්තබ්බං භවිස්සතීති පක්කමිත්වා ගාමමග්ගං පටිපන්නෙන ඛාණුකණ්ටකමග්ගොපි උදකවෙගභින්නවිසමමග්ගොපි දට්ඨබ්බො හොති.
පිළිවෙළින් චෛත්‍යයද බෝධියද වැඳ විතක්කමාලකයෙහි සිට, මුතුගොඩක් බඳු චෛත්‍යයද මොනර පිල් කළඹක් බඳු බෝධිවෘක්ෂයද දෙව්විමනක් සෙයින් සශ්‍රීක වූ සෙනස්නද බලා, ‘මෙවන් රමණීය පෙදෙසකට පිටුපා අහර සොයා යායුතු වන්නේය’යි සිතමින් ගමට පිවිසෙන මඟට බට විට කටු කොහොල් සහිතවූද, සෝදාපාලුවෙන් කැඩී බිදී විෂම වී ගියාවූද මඟ දැක්ක යුතුවේ.
තතො ගණ්ඩං පටිච්ඡාදෙන්තෙන විය නිවාසනං නිවාසෙත්වා වණචොළකං බන්ධන්තෙන විය කායබන්ධනං බන්ධිත්වා අට්ඨිසඞ්ඝාතං පටිච්ඡාදෙන්තෙන විය චීවරං පාරුපිත්වා භෙසජ්ජකපාලං නීහරන්තෙන විය පත්තං නීහරිත්වා ගාමද්වාරසමීපං පාපුණන්තෙන හත්ථිකුණපඅස්සකුණපගොකුණපමහිංසකුණපමනුස්සකුණපඅහිකුණපකුක්කුරකුණපානිපි දට්ඨබ්බානි භවන්ති. න කෙවලඤ්ච දට්ඨබ්බානි, ගන්ධොපි නෙසං ඝානං පටිහනමානො අධිවාසෙතබ්බො හොති. තතො ගාමද්වාරෙ ඨත්වා චණ්ඩහත්ථිඅස්සාදිපරිස්සයපරිවජ්ජනත්ථං ගාමරච්ඡා ඔලොකෙතබ්බා හොන්ති.
ඉක්බිති ගඬක් (තුවාලයක්) වසන්නකු මෙන් අඳනය හැඳ, වණයක් ඔතන රෙදිපටියක් වැනි පටිය බැඳ. ඇට ගොඩක් වසන්නකු සෙයින් සිවුර පොරවා, බෙහෙත් කබලක් ගන්නකු සෙයින් පාත්‍රය ගෙන, ගම්දොර සමීපයට පැමිණිවිට, ඇත්කුණප, අස්කුණප, ගවකුණප, මිනිස්කුණප, සර්පකුණප, බලුකුණප ආදියද දැක්ක යුතුවේ. හුදෙක් දැක්ක යුතුවා පමණක් නොව, නහය පාරවන දුර්ගන්ධයද ඉවසිය යුතුවේ. ඉක්බිති ගම්දොර සිට චණ්ඩ හස්ති අශ්ව ආදීවූ උවදුරු වලක්වනු පිණිස ගමට වදනා මංපෙත් බැලිය යුතු වේ.
ඉච්චෙතං පච්චත්ථරණාදිඅනෙකකුණපපරියොසානං පටික්කූලං ආහාරහෙතු අක්කමිතබ්බඤ්ච දට්ඨබ්බඤ්ච ඝායිතබ්බඤ්ච හොති. අහො වත භො පටික්කූලො ආහාරොති එවං ගමනතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
මෙසේ මේ බුමුතුරුණෙහි පටන් නොයෙක් කුණපජාතීන් කෙළවරකොට ඇති පිළිකුල් උපදවන දෑ පෑගිය යුතුද, දැක්ක යුතුද, ඉවසිය යුතුද වන්නේය. “අහෝ! මේ ආහාරය පිළිකුල් වන්නේය”යි මෙසේ ගමන් වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළ යුතුය.
කථං පරියෙසනතො? එවං ගමනපටික්කූලං අධිවාසෙත්වාපි ගාමං පවිට්ඨෙන සඞ්ඝාටිපාරුතෙන කපණමනුස්සෙන විය කපාලහත්ථෙන ඝරපටිපාටියා ගාමවීථීසු චරිතබ්බං හොති. යත්ථ වස්සකාලෙ අක්කන්තඅක්කන්තට්ඨානෙ යාව පිණ්ඩිකමංසාපි උදකචික්ඛල්ලෙ පාදා පවිසන්ති, එකෙන හත්ථෙන පත්තං ගහෙතබ්බං හොති, එකෙන චීවරං උක්ඛිපිතබ්බං. ගිම්හකාලෙ වාතවෙගෙන සමුට්ඨිතෙහි පංසුතිණරජෙහි ඔකිණ්ණසරීරෙන චරිතබ්බං. තං තං ගෙහද්වාරං පත්වා මච්ඡධොවනමංසධොවනතණ්ඩුලධොවනඛෙළසිඞ්ඝාණිකසුනඛසූකරවච්චාදීහි සම්මිස්සානි කිමිකුලාකුලානි නීලමක්ඛිකපරිකිණ්ණානි ඔළිගල්ලානි චෙව චන්දනිකට්ඨානානි ච දට්ඨබ්බානි හොන්ති අක්කමිතබ්බානිපි. යතො තා මක්ඛිකා උට්ඨහිත්වා සඞ්ඝාටියම්පි පත්තෙපි සීසෙපි නිලීයන්ති.
පරියෙසනතො (සෙවීම් වශයෙන්) කෙසේද යත්: මෙසේ ගමන් වශයෙන් පිළිකුල්බව ඉවසාගෙන ගමට පිවිස සඟල සිවුර පොරවාගෙන, කබලක් අතින් ගත් දිළිඳු මිනිසකු මෙන් ගම් වීදිවල ගෙපිළිවෙළින් හැසිරිය යුතුවේ. එම වීථි වැසි කල්හි, පා තැබූ තැබූ තන්හි ගොප්මස දක්වා දිය මුසු වගුරෙහි එරෙයි. එක් අතෙකින් පාත්‍රය ගතයුතුවේ. අනෙක් අතින් සිවුර එසවිය යුතුවේ. ගිම්කල්හි සුළං පහරින් නැගෙන පස් කොළරොඩු සහිත දූවිල්ලෙන් වැකුණු සිරුරු ඇතිව හැසිරිය යුතුවේ, ඒ ඒ ගෙදොරට පැමිණ මාලු සේදූ මස් සේදූ සහල් සේදූ දියද, කෙළ සොටු බලු-වසුරු හූරු-වසුරු ආදියද මුසු වූ පණුකැලන් නිලමැස්සන් ගැවැසීගත් අගල්ද, ගවරවළවල්ද දැක්ක යුතුද පෑගිය යුතුද වේ, එම අගල්වලින් ගවරවළවලින් නැඟි මැස්සෝ සඟල සිවුරෙහිද, පාත්රයෙහිද, හිසෙහිද වසාගෙන සිටිති.
ඝරං පවිට්ඨස්සාපි කෙචි දෙන්ති, කෙචි න දෙන්ති. දදමානාපි එකච්චෙ හිය්යො පක්කභත්තම්පි පුරාණඛජ්ජකම්පි පූතිකුම්මාසපූපාදීනිපි දදන්ති. අදදමානාපි කෙචිදෙව “අතිච්ඡථ, භන්තෙ”ති වදන්ති, කෙචි පන අපස්සමානා විය තුණ්හී හොන්ති, කෙචි අඤ්ඤෙන මුඛං කරොන්ති, කෙචි “ගච්ඡ, රෙ මුණ්ඩකා”තිආදීහි ඵරුසවාචාහි සමුදාචරන්ති. එවං කපණමනුස්සෙන විය ගාමෙ පිණ්ඩාය චරිත්වා නික්ඛමිතබ්බන්ති.
ගෙයකට පිවිසි කල්හිද කිසිවෙක් දෙති, කිසිවෙක් නොදෙති. දෙනවිටද ඇතැමෙක් පෙර දින පිසූ බත්ද, කල් ඉක්ම ගිය කැවිලිද, පිළුණුවූ පිට්ටු කැවුම් ආදියද දෙති. නොදෙන්නාහුද කිසිවෙක්, ‘වහන්ස, අන් තැනෙකට වැඩිය මැනවැ’යි කියති. කිසිවෙක් නොදුටුවන්ව මුවෙන් නොබැණ සිටිති. කිසිවෙක් අනෙකකුගේ මුහුණ බලති. කිසිවෙක්, ‘කොල මුඬුමහණ, වෙනතෙක යව’යි යන මේ ආදී රළු බස් බෙණෙති. මෙසේ දිළිඳු මිනිසකු මෙන් ගම්හි පිඬුසිඟා නික්මිය යුතුය.
ඉච්චෙතං ගාමප්පවෙසනතො පට්ඨාය යාව නික්ඛමනා උදකචික්ඛල්ලාදිපටික්කූලං ආහාරහෙතු අක්කමිතබ්බඤ්චෙව දට්ඨබ්බඤ්ච අධිවාසෙතබ්බඤ්ච හොති. අහො වත භො පටික්කූලො ආහාරොති එවං පරියෙසනතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
මෙසේ ගමට පිවිසි තැන් පටන් එයින් නික්මෙන තුරු දිය වගුරු ආදී පිළිකුල් සහගත දෑ ආහාරය නිසා ඇක්මිය යුතුද, දැක්කයුතුද, ඉවසියයුතුද වේ. ‘අහෝ මේ ආහාරය ඒකාන්තයෙන්ම පිළිකුල් සහගතය’යි මෙසේ සෙවීම් වශයෙන් පිළිකුල් බව මෙනෙහි කළ යුතුය.
කථං පරිභොගතො? එවං පරියිට්ඨාහාරෙන පන බහිගාමෙ ඵාසුකට්ඨානෙ සුඛනිසින්නෙන යාව තත්ථ හත්ථං න ඔතාරෙති, තාව තථාරූපං ගරුට්ඨානියං භික්ඛුං වා ලජ්ජිමනුස්සං වා දිස්වා නිමන්තෙතුම්පි සක්කා හොති. භුඤ්ජිතුකාමතාය පනෙත්ථ හත්ථෙ ඔතාරිතමත්තෙ “ගණ්හථා”ති වදන්තෙන ලජ්ජිතබ්බං හොති. හත්ථං පන ඔතාරෙත්වා මද්දන්තස්ස පඤ්චඞ්ගුලිඅනුසාරෙන සෙදො පග්ඝරමානො සුක්ඛථද්ධභත්තම්පි තෙමෙන්තො මුදුං කරොති.
පරිභොගතො පරිභොග වශයෙන් කෙසේද යත්: මෙසේ ආහාරය සොයාගත් පසු ගමෙන් පිටත පහසු තැනෙක්හි සුවසේ හිඳ, යම්තාක් එහි අත නොබහාද ඒතාක් ගරුතන්හි සිටි භික්ෂු කෙනෙකුන් හෝ ලජ්ජි ගුණ ඇති මිනිසකු හෝ දැක ‘වළඳනු මැනැව’යි ඇරයුම් කළ හැකිය. වළඳනු කැමැතිව එය තුළට අත බහාලීම් පමණින් ‘අහර වළඳනු මැනවැ’යි කියන්නට පවා ලජ්ජා වියයුතුවේ. අත බහා මඩිනකල පස් ඇඟිලි ඔස්සේ දහදිය වැහෙමින් වියලී දැඩිවූ බත් පවා තෙමමින් මොලොක් බවට පමුණුවයි.
අථ තස්මිං පරිමද්දනමත්තෙනාපි සම්භින්නසොභෙ ආලොපං කත්වා මුඛෙ ඨපිතෙ හෙට්ඨිමදන්තා උදුක්ඛලකිච්චං සාධෙන්ති, උපරිමා මුසලකිච්චං, ජිව්හා හත්ථකිච්චං. තං තත්ථ සුවානදොණියං සුවානපිණ්ඩමිව දන්තමුසලෙහි කොට්ටෙත්වා ජිව්හාය සම්පරිවත්තියමානං ජිව්හාග්ගෙ තනුපසන්නඛෙළො මක්ඛෙති, වෙමජ්ඣතො පට්ඨාය බහලඛෙළො මක්ඛෙති, දන්තකට්ඨෙන අසම්පත්තට්ඨානෙ දන්තගූථකො මක්ඛෙති. සො එවං විචුණ්ණිතමක්ඛිතො තඞ්ඛණඤ්ඤෙව අන්තරහිතවණ්ණගන්ධසඞ්ඛාරවිසෙසො සුවානදොණියං ඨිතසුවානවමථු විය පරමජෙගුච්ඡභාවං උපගච්ඡති. එවරූපොපි සමානො චක්ඛුස්ස ආපාථං අතීතත්තා අජ්ඣොහරිතබ්බො හොතීති එවං පරිභොගතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
ඉක්බිති ගැනීමෙන් නිෂ්ප්‍රභවී ගිය (ඉඳුල්වූ) එම ආහාරය පිඬුකොට මුවෙහි තැබූවිට යටි ඇන්දෙහි දත් වණ කිස (වංගෙඩියෙන් කැරෙන කාර්යය) ද උඩු ඇන්දෙහි දත් මොහොල් කිසද, දිව අත් කිසද සම්පූර්ණ කරයි. එම ආහාරය බල්ලනට පහර දෙන ඔරුවක් තුළ බලු අහර පිඬක් සෙයින් දත් මොහොලින් කෙටී දිවෙන් ඒ මේ අත පෙරළෙමින් දිවගින් වැහෙන තුනී කෙළවලින් වැකේ. දිව මැද පටන් බොල් කෙළවලින් වැකේ. දැහැටි නොවදනා තන්හි දත් මැලියමින් වැකේ. මෙසේ එම ආහාරය ඇඹරෙමින් හැනෙමින් එකෙණෙහි අතුරුදන්වූ වර්ණ-ගන්ධ සංස්කාර විශේෂ ඇතිව බල්ලනට ආහාර දෙන ඔරුවෙක තිබෙන බලු වමනයක් මෙන් අතිශයින් පිළිකුල් බවට පත්වන්නේය. මෙබඳු වූයේ නමුදු ඇස්හමුව ඉකුත්වූ හෙයින් ගිලියයුතුබවට පැමිණෙතැ’යි මෙසේ පරිභෝග වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළ යුතුය.
කථං ආසයතො? එවං පරිභොගං උපගතො ච පනෙස අන්තො පවිසමානො යස්මා බුද්ධපච්චෙකබුද්ධානම්පි රඤ්ඤොපි චක්කවත්තිස්ස පිත්තසෙම්හපුබ්බලොහිතාසයෙසු චතූසු අඤ්ඤතරො ආසයො හොතියෙව. මන්දපුඤ්ඤානං පන චත්තාරො ආසයා හොන්ති. තස්මා යස්ස පිත්තාසයො අධිකො හොති, තස්ස බහලමධුකතෙලමක්ඛිතො විය පරමජෙගුච්ඡො හොති. යස්ස සෙම්හාසයො අධිකො හොති, තස්ස නාගබලපණ්ණරසමක්ඛිතො විය. යස්ස පුබ්බාසයො අධිකො හොති, තස්ස පූතිතක්කමක්ඛිතො විය. යස්ස ලොහිතාසයො අධිකො හොති, තස්ස රජනමක්ඛිතො විය පරමජෙගුච්ඡො හොතීති එවං ආසයතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
ආසයතො (ආශය වශයෙන්) කෙසේදයත්: මෙසේ පරිභොගයට පැමිණියාවූද මෙම ආහාරය (සිරුර) ඇතුළතට පිවිසෙනුයේ යම් හෙයකින් බුදු පසේබුදුවරයනට වුවද, සක්විති රජකුහට වුවද, පිත්, සෙම්, පූයා, ලෙහෙ යන සතරින් එකක් ආශය වන්නේද, මඳ පිනැත්තවුනට වනාහි මේ සතරම ආශය වන්නේද, එහෙයින් යමකුහට පිත්තාශය අධික වේ නම්, ඔහුට ගන මී තෙලින් වැකුණක් මෙන් අතිශයින් පිළිකුල් වේ. යමකුහට ශ්ලේෂ්මාශය අධික වේනම්. නාගබලා (කෑලිය) කොළයුෂයෙන් වැකුණාක් මෙන්ද, යමකුහට පූයා අංශය අධික වේනම්, ඔහුට පිළුණු මෝරුවලින් වැසුණාක් මෙන්ද, යමකුට ලෙහෙ ආශය අධික වේනම්, ඔහුට සායම් වැකුණාක් මෙන්ද අතිශයින් පිළිකුල් වේය’යි මෙසේ ආශය වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළයුතුය.
කථං නිධානතො? සො ඉමෙසු චතූසු ආසයෙසු අඤ්ඤතරෙන ආසයෙන මක්ඛිතො අන්තොඋදරං පවිසිත්වා නෙව සුවණ්ණභාජනෙ න මණිරජතාදිභාජනෙසු නිධානං ගච්ඡති. සචෙ පන දසවස්සිකෙන අජ්ඣොහරියති දස වස්සානි අධොතවච්චකූපසදිසෙ ඔකාසෙ පතිට්ඨහති. සචෙ වීස, තිංස, චත්තාලීස, පඤ්ඤාස, සට්ඨි, සත්තති, අසීති, නවුතිවස්සිකෙන, සචෙ වස්සසතිකෙන අජ්ඣොහරියති. වස්සසතං අධොතවච්චකූපසදිසෙ ඔකාසෙ පතිට්ඨහතීති එවං නිධානතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
නිධානතො (නිධාන වශයෙන්) කෙසේද යත්: එම ආහාරය මේ සතර ආශයන් අතුරෙන් එක් ආශයෙකින් වැසී කුස තුළට පිවිස රන් බඳුනෙක හෝ මිණිරුවන් ආදියෙන් කළ බඳුනෙක හෝ නොපිහිටයි, ඉදින් එය දස හැවිරිදි වුවකු විසින් පරිභෝග කරන ලදුයේ නම් දසහවුරුද්දක් නොසේදූ වැසිකිළියක් බඳු තැනෙක පිහිටයි, ඉදින් විසි තිස්-සතළිස්-පණස්-සැප-සැත්තෑ - අසූ-අනූ හැවිරිදි වූවකු විසින්, -පෙ- ඉදින් සියක් හැවිරිදි වූවකු විසින් පරිභෝග කරනලදුයේ නම් සියක් හවුරුද්දක් නොසේදූ වැසිකිළියක් වැනි තැනෙක පිහිටයි. මෙසේ නිධාන වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළයුතුය.
කථං අපරිපක්කතො? සො පනායමාහාරො එවරූපෙ ඔකාසෙ නිධානමුපගතො යාව අපරිපක්කො හොති, තාව තස්මිඤ්ඤෙව යථාවුත්තප්පකාරෙ පරමන්ධකාරතිමිසෙ නානාකුණපගන්ධවාසිතපවනවිචරිතෙ අතිදුග්ගන්ධජෙගුච්ඡෙ පදෙසෙ යථා නාම නිදාඝෙ අකාලමෙඝෙන අභිවුට්ඨම්හි චණ්ඩාලගාමද්වාරආවාටෙ පතිතානි තිණපණ්ණකිලඤ්ජඛණ්ඩඅහිකුක්කුරමනුස්සකුණපාදීනි සූරියාතපෙන සන්තත්තානි ඵෙණපුප්ඵුළකාචිතානි තිට්ඨන්ති, එවමෙව තංදිවසම්පි හිය්යොපි තතො පුරිමෙ දිවසෙපි අජ්ඣොහතො සබ්බො එකතො හුත්වා සෙම්හපටලපරියොනද්ධො කායග්ගිසන්තාපකුථිතකුථනසඤ්ජාතඵෙණපුප්ඵුළකාචිතො පරමජෙගුච්ඡභාවං උපගන්ත්වා තිට්ඨතීති එවං අපරිපක්කතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
අපරිපක්කතො (නොපැසුණු අහර වශයෙන්) කෙසේදයත්: එම ආහාරය මෙබඳුවූ අවකාශයෙහි නිදන්බවට ගියේ යම්තාක් නොපැසුණේද ඒතාක් යථොක්ත ප්‍රකාර ඇති ඉතා අඳුරු, නොයෙක් කුණුගඳ වැහෙන වාතය විසිරෙන ඉතා දුගඳ පිළිකුල් ආමාශ ප්‍රදේශයෙහි, යම්සේ නියඟෙක්හි වට අකල් වැස්සෙකින් සැඬොල් ගම්දොර වළෙක වැටුණු කොළරොඩු, පැදුරුමාලු කැබැලි හා සර්ප, බලු, මිනිස් ආදීන්ගේ මළ සිරුරු ආදිය හිරු රැසින් කැකෑරෙමින් පෙණ බුබුලු නංවමින් තිබේද, එසේම එදවස, පෙරදවස, ඉනුදු පෙර දවස බුදින ලද අහර සියල්ල එකට එක්වී සෙම් පටලින් වෙළී සිරුරු රස්නෙන් කැකෑරී, කැකෑරීමෙන් හටගත් පෙණ බුබුලුවලින් ගැවසීගෙන ඉතා පිළිකුල්බවට පත්ව සිටිනේය’යි මෙසේ නොපැසවුණු අහර වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළයුතුය.
කථං පරිපක්කතො? සො තත්තකායග්ගිනා පරිපක්කො සමානො න සුවණ්ණරජතාදිධාතුයො විය සුවණ්ණරජතාදිභාවං උපගච්ඡති. ඵෙණපුප්ඵුළකෙ පන මුඤ්චන්තො සණ්හකරණියං පිසිත්වා නාළිකෙ පක්ඛිත්තපණ්ඩුමත්තිකා විය කරීසභාවං උපගන්ත්වා පක්කාසයං, මුත්තභාවං උපගන්ත්වා මුත්තවත්ථිඤ්ච පූරෙතීති එවං පරිපක්කතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
පරිපක්කතො (පැසවුණු අහර වශයෙන්) කෙසේද යත්: එම ආහාරය ජඨරාග්නියෙන් පැසවෙමින්, අමුරන් අමුරිදී ආදිය (රත්වූ කල) මෙන් රන් රිදී ආදිය බවට පත්නොවේ, පෙණ බුබුලු නංවමින්, සිහින්-දහව අඹරා නළයෙක්හි බහනලද පඬුවන් මැටි මෙන් මලබවට පැමිණ පක්වාශයද, මූත්රබවට පැමිණ මූත්රාශයද පුරවා සිටිනේය’යි මෙසේ පැසුණු අහර වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළ යුතුය.
කථං ඵලතො? සම්මා පරිපච්චමානො ච පනායං කෙසලොමනඛදන්තාදීනි නානාකුණපානි නිප්ඵාදෙති අසම්මාපරිපච්චමානො දද්දුකණ්ඩුකච්ඡුකුට්ඨකිලාසසොසකාසාතිසාරප්පභුතීනි රොගසතානි, ඉදමස්ස ඵලන්ති එවං ඵලතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
ඵලතො (ඵල වශයෙන්) කෙසේද යත්: මෙම ආහාරය මැනවින් පැසවෙනුයේ කෙස්, ලොම්, නිය, දත් ආදී නන් වැදෑරුම් කුණපයන් නිපදවයි, නොමනාව පැසවෙනුයේ දද, කණ්ඩු, සොරි, කුෂ්ඨ, පාණ්ඩු, ක්ෂය, කාස, අතිසාර ආදී සිය ගණන් රෝග උපදවයි. මේ මෙම ආහාරයෙහි ඵලය වන්නේය’යි මෙසේ ඵල වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළයුතුය.
කථං නිස්සන්දතො? අජ්ඣොහරියමානො චෙස එකෙන ද්වාරෙන පවිසිත්වා නිස්සන්දමානො අක්ඛිම්හා අක්ඛිගූථකො කණ්ණම්හා කණ්ණගූථකොතිආදිනා පකාරෙන අනෙකෙහි ද්වාරෙහි නිස්සන්දති. අජ්ඣොහරණසමයෙ චෙස මහාපරිවාරෙනාපි අජ්ඣොහරියති. නිස්සන්දනසමයෙ පන උච්චාරපස්සාවාදිභාවං උපගතො එකකෙනෙව නීහරියති. පඨමදිවසෙ ච නං පරිභුඤ්ජන්තො හට්ඨපහට්ඨොපි හොති උදග්ගුදග්ගො පීතිසොමනස්සජාතො. දුතියදිවසෙ නිස්සන්දෙන්තො පිහිතනාසිකො හොති විකුණිතමුඛො ජෙගුච්ඡී මඞ්කුභූතො. පඨමදිවසෙ ච නං රත්තො ගිද්ධො ගධිතො මුච්ඡිතොපි අජ්ඣොහරිත්වා දුතියදිවසෙ එකරත්තිවාසෙන විරත්තො අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො නීහරති. තෙනාහු පොරාණා –
නිස්සන්දතො (වැගිරීම් වශයෙන්) කෙසේද යත්: මෙම ආහාරය බුදිනු ලබනුයේ එක් දොරෙකින් පිවිස, වැගිරෙනුයේ ඇස්වලින් කබද, කන්වලින් කලාඳුරුදැ’යි ආදී වශයෙන් නොයෙක් දොරවලින් වැගිරෙයි, අනුභව කරනවිට මෙම ආහාරය මහපිරිවර සමග අනුභව කරනු ලැබේ. (මලමූත්‍ර ආදිය බවට හැරී) වැගිරෙනවිට හුදෙකලාවම පහ කරනු ලැබේ. පළමු දවසෙහි අහර බුදිනවිට තුටු පහටුද වෙයි, ඔදවැඩි සිත් ඇත්තේද වෙයි, ප්‍රීතියෙන් සොම්නස් වූයේද වෙයි, දෙවන දිනයෙහි වගුරුවනුයේ හැකුලුණු නහය ඇතිව, විරූපවූ මුහුණු ඇතිව, පිළිකුල් කරමින් සැඟවී සිට පහකරයි, පළමු දවස්හි ඇලුම් ඇතිව, ගිජුව, ආශාවෙන් බැඳී, (රසතෘෂ්ණාවෙන්) මුසපත්ව අනුභව කොට එක් රැයක් ඇවෑමෙන් දෙවැනි දවස්හි ඇලුම් නැතිව, හැකිලෙමින්, ලජ්ජාවෙන්, පිළිකුල් කරමින් පහ කරයි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:
“අන්නං පානං ඛාදනීයං, භොජනඤ්ච මහාරහං; එකද්වාරෙන පවිසිත්වා, නවද්වාරෙහි සන්දති.
“අන්නං පානං ඛාදනීයං භොජනඤ්ච මහාරහං, එකද්වාරෙන පවිසිත්වා නවද්වාරෙහි සන්දති.
“අන්නං පානං ඛාදනීයං, භොජනඤ්ච මහාරහං; භුඤ්ජති සපරිවාරො, නික්ඛාමෙන්තො නිලීයති.
අන්තං පානං ඛාදනීයං භොජනඤ්ච මහාරහං, භුඤ්ජති සපරිවාරො නික්ඛාමෙන්තො නිලීයති.
“අන්නං පානං ඛාදනීයං, භොජනඤ්ච මහාරහං; භුඤ්ජති අභිනන්දන්තො, නික්ඛාමෙන්තො ජිගුච්ඡති.
අන්නං පානං ඛාදනීයං භොජනඤ්ච මහාරහං, භුඤ්ජති අභිනන්දන්තො නික්ඛාමෙන්තො ජිගුච්ඡති.
“අන්නං පානං ඛාදනීයං, භොජනඤ්ච මහාරහං; එකරත්තිපරිවාසා, සබ්බං භවති පූතික”න්ති.
අන්තං පානං ඛාදනීයං භොජනඤ්ච මහාරහං එකරත්තිපරිවාසා සබ්බං භවති පූතිකං”ති.
ආහාරපානද, කෑයුතු දෑද, මාහැඟි භෝජනද එක් දොරෙකින් පිවිස නව දොරෙකින් වැඟිරෙයි.
ආහාරපානද, කෑයුතු දෑද, මාහැඟි බොජුන්ද පිරිවර හා සමඟ වළඳයි, පහකරනවිට සැඟවෙයි.
ආහාරපානද, කෑයුතු දෑද, මාහැඟි බොජුන්ද තුටු පහටු වෙමින් වළඳයි, පහකරනවිට පිළිකුල් කරයි.
ආහාරපානද, කෑයුතු දෑද, මාහැඟි බොජුන්ද එක් රැයක් ගතකිරීමෙන් පසු සියල්ල පිළිකුල් වෙයි.
එවං නිස්සන්දතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
මෙසේ වැගිරීම් වශයෙන් පිළිකුල් බව මෙනෙහි කළයුතුය.
කථං සම්මක්ඛනතො? පරිභොගකාලෙපි චෙස හත්ථඔට්ඨජිව්හාතාලූනි සම්මක්ඛෙති. තානි තෙන සම්මක්ඛිතත්තා පටික්කූලානි හොන්ති, යානි ධොතානිපි ගන්ධහරණත්ථං පුනප්පුනං ධොවිතබ්බානි හොන්ති. පරිභුත්තො සමානො යථා නාම ඔදනෙ පච්චමානෙ ථුසකණකුණ්ඩකාදීනි උත්තරිත්වා උක්ඛලිමුඛවට්ටිපිධානියො මක්ඛන්ති, එවමෙව සකලසරීරානුගතෙන කායග්ගිනා ඵෙණුද්දෙහකං පච්චිත්වා උත්තරමානො දන්තෙ දන්තමලභාවෙන සම්මක්ඛෙති. ජිව්හාතාලුප්පභුතීනි ඛෙළසෙම්හාදිභාවෙන, අක්ඛිකණ්ණනාසඅධොමග්ගාදිකෙ අක්ඛිගූථකකණ්ණගූථකසිඞ්ඝාණිකාමුත්තකරීසාදිභාවෙන සම්මක්ඛෙති. යෙන සම්මක්ඛිතානි ඉමානි ද්වාරානි දිවසෙ දිවසෙ ධොවියමානානිපි නෙව සුචීනි, න මනොරමානි හොන්ති. යෙසු එකච්චං ධොවිත්වා හත්ථො පුන උදකෙන ධොවිතබ්බො හොති. එකච්චං ධොවිත්වා ද්වත්තික්ඛත්තුං ගොමයෙනපි මත්තිකායපි ගන්ධචුණ්ණෙනපි ධොවතො පාටිකුල්යතා විගච්ඡතීති එවං සම්මක්ඛනතො පටික්කූලතා පච්චවෙක්ඛිතබ්බා.
සම්මක්ඛන්තො (වැකීම් වශයෙන්) කෙසේදයත්: මෙම ආහාරය පරිභෝග කරනවිටද අත්, තොල්, දිව, තල්ල යන මෙහි වැකෙයි, එම අවයව ආහාරයෙන් වැකුණවිට පිළිකුල් උපදවයි, සේදූ කල්හි පවා ගඳ ඇරීම පිණිස යලි යලිදු සේදිය යුතු වේ. පරිභෝග කළ පසුද, බත පැසෙන කල වීපොතු, සුන්සාල්, කුඩු ආදිය උතුරා ගොස් සැළි-මුවවිට මූඩිපියන් ආදියෙහි වැකෙයිද, එසේම මුළු සිරුර පුරා පැතිරී පවත්නා සිරුරු රස්නෙන් පෙන නඟිමින් උතුරා යනුයේ දත්වල මැලියම් ලෙසින්ද, දිව් තලු ආදියෙහි කෙළ, සෙම ආදිය ලෙසින්ද, ඇස්, කන්, නහ, අධෝමාර්ගාදියෙහි කබ, කළාඳුරු, සොටු, මලමුත්‍රාදිය ලෙසින්ද, වැකෙයි. අහරින් වැකුණු මේ ද්වාරයෝ දිනපතා දොවිනු ලබන්නාහුද පිරිසුදු නොවෙති. මනරම්ද නොවෙති. මෙකී ද්වාරයන් අතුරෙන් සමහරක් දොවිනු ලබනුයේ ගොමමැටි, ගඳසුණු යොදමින් දෙතුන්වර සේදූ කල පවා පිළිකුල් බව ඉවත් නොවේ’යයි මෙසේ වැකීම් වශයෙන් පිළිකුල්බව මෙනෙහි කළයුතුය.
තස්සෙවං දසහාකාරෙහි පටික්කූලතං පච්චවෙක්ඛතො තක්කාහතං විතක්කාහතං කරොන්තස්ස පටික්කූලාකාරවසෙන කබළීකාරාහාරො පාකටො හොති. සො තං නිමිත්තං පුනප්පුනං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්සෙවං කරොතො නීවරණානි වික්ඛම්භන්ති. කබළීකාරාහාරස්ස සභාවධම්මතාය ගම්භීරත්තා අප්පනං අප්පත්තෙන උපචාරසමාධිනා චිත්තං සමාධියති. පටික්කූලාකාරග්ගහණවසෙන පනෙත්ථ සඤ්ඤා පාකටා හොති. තස්මා ඉමං කම්මට්ඨානං ආහාරෙ පටික්කූලසඤ්ඤා ඉච්චෙව සඞ්ඛං ගච්ඡති.
මෙසේ දශ ආකාරයෙකින් පිළිකුල්බව මෙනෙහි කරනවිට, තර්කයට විතර්කයට ගොදුරු කරනවිට, යෝගාවචරයාහට පිළිකුල් ආකාරයෙන් කබලිංකාරාහාරය ප්‍රකට වේ. හේ තෙමේ එම නිමිත්ත නැවත නැවතත් සේවනය කරයි, වඩයි, පුරුදු කරයි; මෙසේ පුරුදු කරන ඔහුගේ නීවරණයෝ යටපත් වෙති, කබලිංකාර ආහාරය පිළිබඳ ස්වභාවධර්මය ගැඹුරු බැවින් අර්පණා බවට නොපැමිණි උපචාර සමාධියෙන් සිත සමාධිගත වෙයි. ප්‍රතිකූල-ආකාරය ගැනීම් වශයෙන් මෙහි සංඥාව ප්‍රකට වේ. එහෙයින් මෙම කර්මස්ථානය ‘ආහාරෙ පටික්කූලසඤ්ඤා’ යනුවෙන් ව්‍යාවහාරයට ගියේය.
ඉමඤ්ච පන ආහාරෙ පටික්කූලසඤ්ඤං අනුයුත්තස්ස භික්ඛුනො රසතණ්හාය චිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති. සො කන්තාරනිත්ථරණත්ථිකො විය පුත්තමංසං විගතමදො ආහාරං ආහාරෙති යාවදෙව දුක්ඛස්ස නිත්ථරණත්ථාය. අථස්ස අප්පකසිරෙනෙව කබළීකාරාහාරපරිඤ්ඤාමුඛෙන පඤ්චකාමගුණිකො රාගො පරිඤ්ඤං ගච්ඡති. සො පඤ්චකාමගුණපරිඤ්ඤාමුඛෙන රූපක්ඛන්ධං පරිජානාති. අපරිපක්කාදිපටික්කූලභාවවසෙන චස්ස කායගතාසතිභාවනාපි පාරිපූරිං ගච්ඡති, අසුභසඤ්ඤාය අනුලොමපටිපදං පටිපන්නො හොති. ඉමං පන පටිපත්තිං නිස්සාය දිට්ඨෙව ධම්මෙ අමතපරියොසානතං අනභිසම්භුණන්තො සුගතිපරායනො හොතීති.
මෙම ‘ආහාරෙ-පටික්කූලසඤ්ඤා’ කර්මස්ථානයෙහි නියැලි මහණහට රසතෘෂ්ණා විෂයෙහි සිත නොපෙළඹේ, නොඇදෙයි, වැලකෙයි. ඒ භික්ෂු තෙමේ කාන්තාරකරණය පිණිස පුත්රමාංශය සෙයින් මදයෙන් තොරව, යම්තාක් දුකින් එතෙරවීම පිණිස අවශ්‍ය වේද, ඒතාක් අහර වළදයි. ඉක්බිති අල්පායාසයෙන්ම, කබලිංකාරාහාරය පිරිසිඳ දැනීමේ මාර්ගයෙන් පංචකාමගුණිකරාගය පිරිසිඳ හඳුනා ගනියි, පංචකාමගුණයන් හඳුනාගැනීමේ මාර්ගයෙන් රූපස්කන්ධය පිරිසිඳ හඳුනා ගනියි, නොපැසවුණු ආහාරාදිය විෂයෙහි පිළිකුල්බැව් වශයෙන් ඔහුට කායගතාසති භාවනාවද පිරිපුන්බවට යයි, අශුභසංඥාවට අනුලෝමවූ පිළිවෙතට පිළිපන්නේ වේ, මෙම පිළිවෙත නිසා මේ ආත්මභාවයෙහිදීම නිවන් කෙළවරට නොයතොත් සුගතියෙහි උපත ලබන්නේය.
අයං ආහාරෙ පටික්කූලසඤ්ඤාභාවනාය විත්ථාරකථා.
මේ ආහාරෙ පටික්කූලසඤ්ඤා භාවනාව පිළිබඳ විස්තර කථායි.