යෙදුමෙන් කියවන්න

පකිණ‍්ණකකථා

පකිණ‍්ණකකථා

පකිණ්ණකකථා

අසදිසරූපො නාථො, ආරුප‍්පං යං චතුබ‍්බිධං ආහ. තං ඉති ඤත්‍වා තස‍්මිං, පකිණ‍්ණකකථාපි විඤ‍්ඤෙය්‍යා.

අසදිසරූපො නාථො ආරුප්පං යං චතුබ්බිධං ආහ තං ඉති ඤත්‍වා තස්මිං පකිණ්ණකකථාපි විඤ්ඤෙය්‍යා.

අසදෘශවූ රූපකාය සම්පත්තියක් ඇති ලෝකනාථයන් වහන්සේ චතුර්විධවූ යම් අරූපාවචර සමාපත්තියක් දේශනා කළ සේක්ද, එය මෙසේ දැන ඉක්බිති එය පිළිබඳ වූ ප්‍රකීර්ණක කථාද දතයුතුය.

ආරුප‍්පසමාපත‍්තියො හි –

අරූපාවචර සමාපත්තීහු වනාහි:

ආරම‍්මණාතික‍්කමතො, චතස‍්සොපි භවන‍්තිමා; අඞ‍්ගාතික‍්කමමෙතාසං, න ඉච‍්ඡන‍්ති විභාවිනො.

ආරම්මණාතික්කමතො චතස්සොපි භවන්ති’මා, අඞ්ගාතික්කමමෙතාසං න ඉච්ඡන්ති විභාවිනො.

අරමුණු ඉක්මවීමෙන් මේ අරූපාවචර සමාපත්තීහු සතරෙක් වෙති, මොවුන් පිළිබඳව ධ්‍යානාංග ඉක්මවීමක් නුවණැත්තෝ නොරුස්වති.

එතාසු හි රූපනිමිත‍්තාතික‍්කමතො පඨමා, ආකාසාතික‍්කමතො දුතියා, ආකාසෙ පවත‍්තිතවිඤ‍්ඤාණාතික‍්කමතො තතියා. ආකාසෙ පවත‍්තිතවිඤ‍්ඤාණස‍්ස අපගමාතික‍්කමතො චතුත්‍ථීති සබ‍්බථා ආරම‍්මණාතික‍්කමතො චතස‍්සොපි භවන‍්තිමා ආරුප‍්පසමාපත‍්තියොති වෙදිතබ‍්බා. අඞ‍්ගාතික‍්කමං පන එතාසං න ඉච‍්ඡන‍්ති පණ‍්ඩිතා. න හි රූපාවචරසමාපත‍්තීසු විය එතාසු අඞ‍්ගාතික‍්කමො අත්‍ථි. සබ‍්බාසුපි හි එතාසු උපෙක‍්ඛා, චිත‍්තෙකග‍්ගතාති ද‍්වෙ එව ඣානඞ‍්ගානි හොන‍්ති.

මෙම අරූපාවචර සමාපත්තීන් අතුරෙන් පළමුවැන්න (කසිණරූප සංඛ්‍යාත) නිමිත්ත ඉක්මවීමෙන් සිද්ධ වේ. දෙවැන්න ආකාශය පිළිබද නිමිත්ත ඉක්මවීමෙන්ද, තුන්වැන්න ආකාශවිෂයෙහි පවත්වන ලද විඤ්ඤාණය ඉක්මවීමෙන්ද, සිවුවැන්න ආකාශ විෂයෙහි පවත්වන ලද විඤ්ඤාණාපගමය ඉක්මවීමෙන්ද සිද්ධ වේ. මෙසේ සියලු ආකාරයෙන් අරමුණු ඉක්මවීමෙන් මේ අරූපාවචර සමාපත්ති සතරම සිද්ධවෙති’යි දතයුතුය. මෙම අරූපාවචර සමාපත්තීන් පිළිබඳව ධ්‍යානාංග ඉක්මවීමක් පණ්ඩිතයෝ නොරුස්වති. රූපාවචර සමාපත්ති විෂයෙහි මෙන් මෙම අරූපාවචර සමාපත්ති විෂයෙහි ධ්‍යානාංග ඉක්මවීමෙක් නැත. මේ සියලු අරූපාවචර සමාපත්ති විෂයෙහි උපෙක්‍ෂා, චිත්තතෛකාග්‍රතා යන ධ්‍යානාංග දෙක පවතී.

එවං සන‍්තෙපි –

මෙසේ වතුදු:

සුප‍්පණීතතරා හොන‍්ති, පච‍්ඡිමා පච‍්ඡිමා ඉධ; උපමා තත්‍ථ විඤ‍්ඤෙය්‍යා, පාසාදතලසාටිකා.

සුප්පණීතතරා හොන්ති පච්ඡිමා පච්ඡිමා ඉධ උපමා තත්‍ථ විඤ්ඤෙය්‍යා පාසාදතලසාටිකා.

මෙහි පසු පසුව එන සමාපත්තිය (පළමු පළමු සමාපත්තියට වඩා) ඉතා ප්‍රණීතකර වේ. එහිලා ප්‍රාසාදතල හා සාටිකාවන් පිළිබඳ උපමා දතයුතුය.

යථා හි චතුභූමිකස‍්ස පාසාදස‍්ස හෙට‍්ඨිමතලෙ දිබ‍්බනච‍්චගීතවාදිතසුරභිගන්‍ධමාලාභොජනසයනච‍්ඡාදනාදිවසෙන පණීතා පඤ‍්චකාමගුණා පච‍්චුපට‍්ඨිතා අස‍්සු. දුතියෙ තතො පණීතතරා. තතියෙ තතො පණීතතරා. චතුත්‍ථෙ සබ‍්බපණීතතරා. තත්‍ථ කිඤ‍්චාපි තානි චත‍්තාරිපි පාසාදතලානෙව, නත්‍ථි නෙසං පාසාදතලභාවෙන විසෙසො. පඤ‍්චකාමගුණසමිද‍්ධවිසෙසෙන පන හෙට‍්ඨිමතො හෙට‍්ඨිමතො උපරිමං උපරිමං පණීතතරං හොති.

යම්සේ වනාහි සිවුමහල් පහයෙක යටිතලයෙහි දිව්‍ය වූ නෘත්‍ය-ගීත-වාදිත-සුගන්‍ධ-මාලා-භොජන -ශයන-වස්ත්‍රාදී වශයෙන් ප්‍රණීතවූ පංචකාමගුණයෝ එළවන ලද්දාහු වෙත්ද, දෙවැනි තලයෙහි එයට වඩා ප්‍රණීතතරවූ, තෙවැනි තලයෙහි එයටද වඩා ප්‍රණීතතරවූ, සිව්වැනි තලයෙහි එයටද වඩා ප්‍රණීතතරවූ පංචකාමගුණයෝ වෙත්ද, එසේ වතුදු ඒ සතරම එකම පහයෙහි තලයෝම වෙත්ද, ප්‍රාසාදතල වශයෙන් ඔවුන්ගේ විශේෂයෙන් නැත්ද, පංචකාම ගුණයගේ සමෘද්ධවීම් වශයෙන්ම යටි යටි තලයට වඩා මතු මතු තලය ප්‍රණීතතර වේද,

යථා ච එකාය ඉත්‍ථියා කන‍්තිතථූලසණ‍්හසණ‍්හතරසණ‍්හතමසුත‍්තානං චතුපලතිපලද‍්විපලඑකපලසාටිකා අස‍්සු ආයාමෙන ච විත්‍ථාරෙන ච සමප‍්පමාණා. තත්‍ථ කිඤ‍්චාපි තා සාටිකා චතස‍්සොපි ආයාමතො ච විත්‍ථාරතො ච සමප‍්පමාණා, නත්‍ථි තාසං පමාණතො විසෙසො. සුඛසම‍්ඵස‍්සසුඛුමභාවමහග‍්ඝභාවෙහි පන පුරිමාය පුරිමාය පච‍්ඡිමා පච‍්ඡිමා පණීතතරා හොන‍්ති, එවමෙව කිඤ‍්චාපි චතූසු එතාසු උපෙක‍්ඛා, චිත‍්තෙකග‍්ගතාති එතානි ද‍්වෙයෙව අඞ‍්ගානි හොන‍්ති, අථ ඛො භාවනාවිසෙසෙන තෙසං අඞ‍්ගානි පණීතපණීතතරභාවෙන සුප‍්පණීතතරා හොන‍්ති පච‍්ඡිමා පච‍්ඡිමා ඉධාති වෙදිතබ‍්බා.

තවද එක්ම ස්ත්‍රියක විසින් කටිනලද දළවූද, සිනිඳුවූද, සිනිඳුතර වූද, සිනිඳුතමවූද හුයෙන් කළ සිවුපට, තුන්පට, දෙපට, තනිපට සළු සතරෙක් වේද, දිගින් පළලින් සම ප්‍රමාණ වේද, එම සළු සතරම දිගින් පළලින් සම ප්‍රමාණ වූයේ ප්‍රමාණ වශයෙන් විශේෂයක් නැති නමුදු, සුවපහස, සියුම්බව, මහඟුබව යන මෙයින් පළමු පළමු සළුවට වඩා පසු පසු සළුව ප්‍රණීතතර වේද, එසේම මේ සතරෙහිම උපෙක්‍ෂාචිත්තෛකාග්‍රතා යන මේ අංග දෙකම විද්‍යමාන වන නමුදු, භාවනාවිශේෂ වශයෙන් ඒ අංගයන් ප්‍රණීතතර වන හෙයින් මෙහි පසු පසුව එන සමාපත්තිය වඩ වඩා ප්‍රණීත වෙතැ’යි දතයුතුය.

එවං අනුපුබ‍්බෙන පණීතපණීතා චෙතා –

මෙසේ අනුපිළිවෙළින් වැඩි වන මේ ප්‍රණීතතාව:

අසුචිම‍්හි මණ‍්ඩපෙ ලග‍්ගො, එකො තන‍්නිස‍්සිතො පරො; අඤ‍්ඤො බහි අනිස‍්සාය, තං තං නිස‍්සාය චාපරො.

අසුචිම්හි මණ්ඩපෙ ලග්ගො එකො, තන්නිස්යිතො පරො, අඤ්ඤො බහි අනිස්සාය තං තං නිස්සාය චාපරො

ඨිතො චතූහි එතෙහි, පුරිසෙහි යථාක‍්කමං; සමානතාය ඤාතබ‍්බා, චතස‍්සොපි විභාවිනා.

ඨිතො, චතුහි එතෙහි පුරිසෙහි යථාක්කමං, සමානතාය ඤාතබ්බා චතස්සොපි විභාවිනා.

අපිරිසුදු තැනෙක නඟන ලද මණ්ඩපයෙක්හි එල්බ සිටි එක් පුරුෂයෙකි, ඔහු ඇසුරින් සිටි අනෙකෙකි, ඔහුට නොළංව පිටතින් සිටි වෙනෙකෙකි, ඔහු (තුන්වැන්නා) වෙත සිටි තවෙකෙකි.

මේ පුරුෂයන් සිවුදෙනා හා සමානත්‍වයෙන් මේ සමාපත්ති සතර නුවණැත්තහු විසින් පිළිවෙළින් දතයුතුවේ.

තත්‍රායමත්‍ථයොජනා – අසුචිම‍්හි කිර දෙසෙ එකො මණ‍්ඩපො, අථෙකො පුරිසො ආගන‍්ත්‍වා තං අසුචිං ජිගුච‍්ඡමානො තං මණ‍්ඩපං හත්‍ථෙහි ආලම‍්බිත්‍වා තත්‍ථ ලග‍්ගො ලග‍්ගිතො විය අට‍්ඨාසි. අථාපරො ආගන‍්ත්‍වා තං මණ‍්ඩපෙ ලග‍්ගං පුරිසං නිස‍්සිතො. අථඤ‍්ඤො ආගන‍්ත්‍වා චින‍්තෙසි “යො එස මණ‍්ඩපලග‍්ගො, යො ච තන‍්නිස‍්සිතො, උභොපෙතෙ දුට‍්ඨිතා. ධුවො ච නෙසං මණ‍්ඩපපපාතෙ පාතො, හන්‍දාහං බහියෙව තිට‍්ඨාමී”ති. සො තන‍්නිස‍්සිතං අනිස‍්සාය බහියෙව අට‍්ඨාසි. අථාපරො ආගන‍්ත්‍වා මණ‍්ඩපලග‍්ගස‍්ස ච තන‍්නිස‍්සිතස‍්ස ච අඛෙමභාවං චින‍්තෙත්‍වා බහිට‍්ඨිතඤ‍්ච සුට‍්ඨිතොති මන‍්ත්‍වා තං නිස‍්සාය අට‍්ඨාසි.

එහි අර්ත්‍ථ යෝජනාව මෙසේයි: අපවිත්‍ර තැනෙක්හි ඉදිකළ එක්තරා මණ්ඩපයෙක් වේ. ඉක්බිති එක්තරා පුරුෂයෙක් එහි අවුත් එම අසුචි පිළිකුල් කරමින් අත්වලින් මණ්ඩපයෙහි එල්බගෙන එහි ඇලීගිය ආකාරයෙන් සිටියේය. ඉක්බිති අනෙකෙක් අවුත් මණ්ඩපයෙහි ලැගි ඒ පුරුෂයා ළඟින් සිටියේය; ඉන් ඉක්බිති වෙනත් පුරුෂයෙක් අවුත් මෙසේ සිතීය. “මේ මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයාද ඔහු වෙත ලැගී සිටි අනෙකාද යන මේ දෙදෙනාම නොමනාව සිටියාහු වෙති, මණ්ඩපය බිදී වැටුණහොත් දෙදෙනාම එහි වැටෙනු නියතය, එහෙයින් මම් පිටතින් සිටිමි”යි මණ්ඩපයෙහි එල්බ සිටියහු වෙත සිටි (දෙවැනි) පුරුෂයාගෙන් ඈත්ව පිටත රැදී සිටියේය. අනතුරුව තවත් (සිවුවැනි) පුරුෂයෙක් පැමිණ මණ්ඩපයෙහි එල්බ සිටියහුද ඔහු වෙන සිටි අනෙකාද යන දෙදෙනාගේම අවදානම්බව සලකා පිටතින් සිටියහු (තෙවැන්නා) මනාව සිටියහ’යි හැඟ ඔහු වෙත සිටියේය.

තත්‍ථ අසුචිම‍්හි දෙසෙ මණ‍්ඩපො විය කසිණුග‍්ඝාටිමාකාසං දට‍්ඨබ‍්බං, අසුචිජිගුච‍්ඡාය මණ‍්ඩපලග‍්ගො පුරිසො විය රූපනිමිත‍්තජිගුච‍්ඡාය ආකාසාරම‍්මණං ආකාසානඤ‍්චායතනං, මණ‍්ඩපලග‍්ගං පුරිසං නිස‍්සිතො විය ආකාසාරම‍්මණං ආකාසානඤ‍්චායතනං ආරබ‍්භ පවත‍්තං විඤ‍්ඤාණඤ‍්චායතනං, තෙසං ද‍්වින‍්නම‍්පි අඛෙමභාවං චින‍්තෙත්‍වා අනිස‍්සාය තං මණ‍්ඩපලග‍්ගං බහිට‍්ඨිතො විය ආකාසානඤ‍්චායතනං ආරම‍්මණං අකත්‍වා තදභාවාරම‍්මණං ආකිඤ‍්චඤ‍්ඤායතනං, මණ‍්ඩපලග‍්ගස‍්ස තන‍්නිස‍්සිතස‍්ස ච අඛෙමතං චින‍්තෙත්‍වා බහිට‍්ඨිතඤ‍්ච සුට‍්ඨිතොති මන‍්ත්‍වා තං නිස‍්සාය ඨිතො විය විඤ‍්ඤාණාභාවසඞ‍්ඛාතෙ බහිපදෙසෙ ඨිතං ආකිඤ‍්චඤ‍්ඤායතනං ආරබ‍්භ පවත‍්තං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං දට‍්ඨබ‍්බං.

එහි, කසිණය ඉගිලවූ ආකාශය අසුචියෙහි සිටි මණ්ඩපය වැනියයි දතයුතුය, රූපාවචර අරමුණු කෙරෙහි පිළිකුලින් ආකාශය අරමුණුකොට සිටි ආකාසානඤ්චායතනය අසුචිය කෙරෙහි පිළිකුලින් මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයා වැනියයි දතයුතුය, ආකාසානඤ්චායතනය නිසා පැවති විඤ්ඤාණඤ්චායතනය මණ්ඩපයෙහි එල්බ සිටි පුරුෂයා ඇසුරුකොට සිටියහු (දෙවැන්නා) වැනි යයි දතයුතුය, ආකාසානඤ්චායතනය, අරමුණුකොට නොගෙන එහි අභාවය අරමුණුකොට ඇති ආකිඤ්චඤ්ඤායතනය, ඔවුන් (පළමුවැනි දෙවැනි) දෙදෙනාගේම අරක්‍ෂිතතාව සලකා මණ්ඩපයෙහි සිටියවුන්ගෙන් ඈත්ව පිටත රැඳීසිටියහු (තෙවැන්නා) වැනියයි දතයුතුය, විඤ්ඤාණාභාව සංඛ්‍යාත වූ බැහැර පෙදෙස්හි සිටි ආකිඤ්චඤ්ඤායතනය නිසා පැවැති නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මණ්ඩපයෙහි එල්බ සිටියහුගේද ඔහු වෙත ලැගී සිටියහුගේද අරක්‍ෂිතතාව සලකා, පිටත සිටියහු මනාව සිටියහ’යිද හැඟ, ඔහු ඇසුරුකොට සිටියහු වැනියයි දතයුතුය.

එවං පවත‍්තමානඤ‍්ච –

මේ ආකාරයෙන් පවත්වනු ලබන්නාවූද

ආරම‍්මණං කරොතෙව, අඤ‍්ඤාභාවෙන තං ඉදං; දිට‍්ඨදොසම‍්පි රාජානං, වුත‍්තිහෙතු ජනො යථා.

ආරම්මණං කරොතෙව අඤ්ඤාභාවෙන තං ඉදං, දිට්ඨදොසම්පි රාජානං වුත්තිහෙතු ජනො යථා.

මේ (නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) අන් අරමුණක් නැති බැවින් එම (ආකිඤ්චඤ්ඤායතනය) අරමුණු කෙරේමැයි, ජනයා ජීවන වෘත්තිය හේතුකොටගෙන, දක්නාලද දොස් ඇත්තාවූද රජකු ඇසුරු කරනු සේය.

ඉදඤ‍්හි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං “ආසන‍්නවිඤ‍්ඤාණඤ‍්චායතනපච‍්චත්‍ථිකා අයං සමාපත‍්තී”ති එවං දිට‍්ඨදොසම‍්පි තං ආකිඤ‍්චඤ‍්ඤායතනං අඤ‍්ඤස‍්ස ආරම‍්මණස‍්ස අභාවා ආරම‍්මණං කරොතෙව. යථා කිං? දිට‍්ඨදොසම‍්පි රාජානං වුත‍්තිහෙතු යථා ජනො. යථා හි අසංයතං ඵරුසකායවචීමනොසමාචාරං කඤ‍්චි සබ‍්බදිසම‍්පතිං රාජානං “ඵරුසසමාචාරො අය”න‍්ති එවං දිට‍්ඨදොසම‍්පි අඤ‍්ඤත්‍ථ වුත‍්තිං අලභමානො ජනො වුත‍්තිහෙතු නිස‍්සාය වත‍්තති, එවං දිට‍්ඨදොසම‍්පි තං ආකිඤ‍්චඤ‍්ඤායතනං අඤ‍්ඤං ආරම‍්මණං අලභමානමිදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං ආරම‍්මණං කරොතෙව.

මේ නෙවඤ්ඤානාසඤ්ඤායතනය වනාහි, ‘මේ සමාපත්තිය වූකලී ළංව සිටි විඤ්ඤාණඤ්චායතන නමැති ප්‍රත්‍යනීකය (ප්‍රතිවිරුද්ධභාවය) ඇත්තේය’යි මෙසේ දක්නාලද දොස් සහිතවූද ආකිඤ්ඤායතනය, අන් අරමුණක් නැති බැවින් අරමුණු කෙරේමැයි. කුමක් මෙන්ද යත්, ජනයා ජීවන වෘත්තිය හේතුකොටගෙන දක්නාලද, දොස් ඇත්තාවූද රජකු ඇසුරු කරනු මෙනි. යම්සේ, නොදැමුණු, සැඩපරුෂ වූ කායවාක් මනොසමාචාර සහිතවූ ද සියලු දිශාවනට අධිපති වූ කිසියම් රජකු, ‘මොහු රළු පැවතුම් ඇත්තෙකැ’යි මෙසේ දක්නාලද දොස් ඇත්තකු වුවද, අන් තැනෙක වෘත්තියක් නොලබන ජනයා වෘත්තිහේතුවෙන් ඇසුරු කෙරෙත්ද, එසේම මෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, දක්නාලද දොස් ඇත්තාවූද ආකිඤ්චඤ්ඤායතනය, අන් අරමුණක් නොලබන හෙයින් අරමුණු කෙරේමය.

එවං කුරුමානඤ‍්ච –

මෙසේ (අරමුණු) කරන්නා වූද (නෙවසඤ්ඤානාසඤ්ඤායතනය)

ආරුළ‍්හො දීඝනිස‍්සෙණිං, යථා නිස‍්සෙණිබාහුකං; පබ‍්බතග‍්ගඤ‍්ච ආරුළ‍්හො, යථා පබ‍්බතමත්‍ථකං.

ආරූළ්හො දීඝනිස්සෙණිං යථා නිස්සෙණිබාහුකං, පබ්බතග්ගඤ්ච ආරුළ්හො යථා පබ්බතමත්‍ථකං,

යථා වා ගිරිමාරූළ‍්හො, අත‍්තනොයෙව ජණ‍්ණුකං; ඔලුබ‍්භති තථෙවෙතං, ඣානමොලුබ‍්භ වත‍්තතීති.

යථා වා ගිරිමාරුළ්හො අත්තනො යෙව ජණ්ණුකං, ඔලුබ්හති තථාවෙතං ඣානමොලුබ්හ වත්තති.

යම්සේ දික් හිණිමගකට නැංගේ තමාට ඉහළින් ඇති හිණ ඇන්ද (අතින්) ගන්නේද, යම්සේ කන්දකට නැංගේ කඳුමුදුනෙහි එල්බේද,

තවද ගිරිකුළකට නැංගේ තමාගේම දණෙහි හෝ එල්බේද, එසේම, මේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයෙහි එල්බ පවත්නේය.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ සමාධිභාවනාධිකාරෙ ආරුප‍්පනිද‍්දෙසො නාම දසමො පරිච‍්ඡෙදො.

මෙතෙකින්, සාධුජන ප්‍රමොදය පිණිස කළ විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි ආරුප්පනිද්දේස නම්වූ දසවන පරිච්ඡේදය නිමියේය.