නෙවසඤ්ඤානාසඤ්ඤායතනකථා
නෙවසඤ්ඤානාසඤ්ඤායතනකථා
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං භාවෙතුකාමෙන පන පඤ්චහාකාරෙහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියං චිණ්ණවසීභාවෙන “ආසන්නවිඤ්ඤාණඤ්චායතනපච්චත්ථිකා අයං සමාපත්ති, නො ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනං විය සන්තා”ති වා “සඤ්ඤා රොගො, සඤ්ඤා ගණ්ඩො, සඤ්ඤා සල්ලං, එතං සන්තං, එතං පණීතං යදිදං නෙවසඤ්ඤානාසඤ්ඤා”ති වා එවං ආකිඤ්චඤ්ඤායතනෙ ආදීනවං, උපරි ආනිසංසඤ්ච දිස්වා ආකිඤ්චඤ්ඤායතනෙ නිකන්තිං පරියාදාය නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සන්තතො මනසිකරිත්වා “සාව අභාවං ආරම්මණං කත්වා පවත්තිතා ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති සන්තා සන්තා”ති පුනප්පුනං ආවජ්ජිතබ්බා, මනසිකාතබ්බා, පච්චවෙක්ඛිතබ්බා, තක්කාහතා විතක්කාහතා කාතබ්බා.
නෙවසඤ්ඤානාසඤ්ඤායතන කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයා විසින් (ආවජ්ජන සමාපජ්ජනාදී පෙරකී) පස් ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි බෝකල් හුරු පුරුදු වූ හෙයින්, ‘මේ සමාපත්තිය සමීපව සිටි විඤ්ඤාණඤ්චායතනය ප්රතිපක්ෂකොට ඇත්තේය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තරම් ශාන්තද නොවේය’යි හෝ, ‘සංඥාව රෝගයක් වැනිය, සංඥාව ගඬක් වැනිය, සංඥාව හුලක් වැනිය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤාවක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතය’යි හෝ මෙසේ ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවද, මතු (සිවුවැනි ආරූප්‍ය) ධ්‍යානයෙහි ආනිසංසද සලකා ආකිඤ්චඤ්ඤායතයෙහි අභිරුචිය හැර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහිකොට, (ආකාසානඤ්චායතන-විඤ්ඤාණයෙහි) අභාවය අරමුණු කොට පවත්වන ලද එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියම ‘ශාන්තය, ශාන්තය’යි නැවත නැවතත් ආවර්ජන කළයුතුය. මෙනෙහි කළයුතුය, ප්රත්යවෙක්ෂා කටයුතුය, තර්කයට විතර්කයට භාජන කළයුතුය.
තස්සෙවං තස්මිං නිමිත්තෙ පුනප්පුනං මානසං චාරෙන්තස්ස නීවරණානි වික්ඛම්භන්ති, සති සන්තිට්ඨති, උපචාරෙන චිත්තං සමාධියති. සො තං නිමිත්තං පුනප්පුනං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස්සෙවං කරොතො විඤ්ඤාණාපගමෙ ආකිඤ්චඤ්ඤායතනං විය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිසඞ්ඛාතෙසු චතූසු ඛන්ධෙසු නෙවසඤ්ඤානාසඤ්ඤායතනචිත්තං අප්පෙති. අප්පනානයො පනෙත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො. එත්තාවතා චෙස “සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරතී”ති (විභ· 508; දී· නි· 2.129) වුච්චති.
මෙසේ එම ආකිඤ්චඤ්ඤායතන නිමිත්තෙහි නැවත නැවත සිත හසුරුවන ඔහුගේ නීවරණයෝ යටපත් වෙති, සිහි මනාසේ පිහිටයි, උපචාර සමාධියෙන් සිත සමාධිගත වෙයි. හේ තෙමේ එම නිමිත්ත නැවත නැවතත් සේවනය කරයි, වඩයි, පුරුදු පුහුණු කරයි. මෙසේ පුරුදු කරනවිට විඤ්ඤාණාපගමයෙහි ආකිඤ්චඤ්ඤායතනය සෙයින්ම, ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති සංඛ්‍යාතවූ (නාම) ස්කන්ධ සතරෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනචිත්තය අර්පණාගත වෙයි, මෙහි අර්පණානය යටකී ලෙසින්ම දතයුතුය. මෙපමණෙකින්ම මේ භික්ෂු තෙමේ, ‘සියලු ආකාරයෙන්ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා-නාසඤ්ඤායතනයට පැමිණ විහරණය කෙරේ” යයි කියනු ලැබේ.
ඉධාපි සබ්බසොති ඉදං වුත්තනයමෙව. ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මාති එත්ථාපි පුබ්බෙ වුත්තනයෙනෙව ඣානම්පි ආකිඤ්චඤ්ඤායතනං ආරම්මණම්පි. ආරම්මණම්පි හි පුරිමනයෙනෙව ආකිඤ්චඤ්ඤඤ්ච තං තතියස්ස ආරුප්පජ්ඣානස්ස ආරම්මණත්තා දෙවානං දෙවායතනං විය අධිට්ඨානට්ඨෙන ආයතනඤ්චාති ආකිඤ්චඤ්ඤායතනං. තථා ආකිඤ්චඤ්ඤඤ්ච තං තස්සෙව ඣානස්ස සඤ්ජාතිහෙතුත්තා කම්බොජා අස්සානං ආයතනන්තිආදීනි විය සඤ්ජාතිදෙසට්ඨෙන ආයතනඤ්චාතිපි ආකිඤ්චඤ්ඤායතනං. එවමෙතං ඣානඤ්ච ආරම්මණඤ්චාති උභයම්පි අප්පවත්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික්කමිත්වාව යස්මා ඉදං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහාතබ්බං, තස්මා උභයම්පෙතං එකජ්ඣං කත්වා ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මාති ඉදං වුත්තන්ති වෙදිතබ්බං.
මෙහිද සබ්බසො (සියලු ආකාරයෙන්) යනු යටකී නයමැයි. ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම (ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා) යන මෙහිද පෙරකී නයින්ම ධ්‍යානයද අරමුණද යන දෙකම ආකිඤ්චඤ්ඤායතන යනුයි. අරමුණද පෙරකී නයින්ම ආකිඤ්චඤ්ඤ වූයේද එම, තුන්වැනි අරූපධ්‍යානයට අරමුණු හෙයින්, දෙවියනයට ‘දෙවායතන’ යනු මෙන් ප්රතිෂ්ඨානාර්ත්ථයෙන්, ආයතන වූයේද එමැ’යි ආකිඤ්චඤ්ඤායතන නම් වේ. එසේම ආකිඤ්චඤ්ඤ වූයේද එම, එම ධ්‍යානයට උත්පත්තිස්ථානවූ හෙයින්, ‘කාම්බෝජ දේශය අශ්වයනට ආයතන වේ’ යන ආදිය සෙයින් නිජබිමැ’යි යන අරුතින්, ආයතන වූයේද එමැ’යි ආකිඤ්චඤ්ඤායතන නම් වේ. මෙසේ, යම්හෙයකින් මේ ධ්‍යානයද අරමුණද යන දෙකම නොපැවැත්ම ඇති කිරීමෙන්, මෙනෙහි නොකිරීමෙන්, මනාකොට ඉක්මවාම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා විහරණය කළ යුතුවේද, එහෙයින් මේ දෙකම එක්කොට ‘ආකිඤ්චඤ්ඤායතනය මනාකොට ඉක්මවා’යි යන මෙය කියන ලදැයි දතයුතුය.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති එත්ථ පන යාය සඤ්ඤාය භාවතො තං නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති වුච්චති. යථා පටිපන්නස්ස සා සඤ්ඤා හොති, තං තාව දස්සෙතුං විභඞ්ගෙ “නෙවසඤ්ඤීනාසඤ්ඤී”ති උද්ධරිත්වා “තඤ්ඤෙව ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසි කරොති, සඞ්ඛාරාවසෙසසමාපත්තිං භාවෙති, තෙන වුච්චති නෙවසඤ්ඤීනාසඤ්ඤී”ති (විභ· 619) වුත්තං. තත්ථ සන්තතො මනසි කරොතීති “සන්තා වතායං සමාපත්ති, යත්ර හි නාම නත්ථිභාවම්පි ආරම්මණං කරිත්වා ඨස්සතී”ති එවං සන්තාරම්මණතාය තං සන්තාති මනසි කරොති.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං යන මෙහි, යම් සංඥාවක් ඇතිවීමෙන් එය නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනයයි කියනු ලැබේද, නිසිසේ පිළිපන්නහුට එම සංඥාව වේද, එම සංඥාව ගෙනහැර දක්වනු පිණිස ‘නෙව සඤ්ඤී නාසඤ්ඤී’ යනුවෙන් මතුකොට දක්වමින්, ‘තඤ්ඤෙව ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති සංඛාරාවසෙසසමාපත්තිං භාවෙති තෙන වුච්චති නෙවසඤ්ඤීනාසඤ්ඤී” (එම ආකිඤ්චඤ්ඤායතනයම ශාන්ත වශයෙන් ගෙන මෙනෙහි කරයි, සංඛාරාවසේසමාපත්තිය වඩයි, එහෙයින් නේවසඤ්ඤීනාසඤ්ඤීයයි කියනු ලැබේ) යනුවෙන් පවසන ලදි.
සන්තතො චෙ මනසි කරොති, කථං සමතික්කමො හොතීති? අසමාපජ්ජිතුකාමතාය. සො හි කිඤ්චාපි තං සන්තතො මනසි කරොති, අථ ඛ්වස්ස “අහමෙතං ආවජ්ජිස්සාමි, සමාපජ්ජිස්සාමි, අධිට්ඨහිස්සාමි, වුට්ඨහිස්සාමි, පච්චවෙක්ඛිස්සාමී”ති එස ආභොගො සමන්නාහාරො මනසිකාරො න හොති. කස්මා? ආකිඤ්චඤ්ඤායතනතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස සන්තතරපණීතතරතාය.
එහි, සන්තතො මනසිකරොති යනු, යම් සමාපත්තියක් තුළ වනාහි (විඤ්ඤාණය පිළිබඳ) නැතිබව අරමුණුකොට සිටීද, මේ සමාපත්තිය ඒකාන්තයෙන් ශාන්ත වේයයි මෙසේ ශාන්ත අරමුණු ඇති හෙයින් එය ශාන්තයයි මෙනෙහි කරයි. ඉදින් ශාන්ත වශයෙන් මෙනෙහිකෙරේ නම්, සමතික්‍රමණය කෙසේ සිදුවේද? නොසමවදිනු කැමැතිවීමෙනි. ඒ යෝගාවචර තෙමේ එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ශාන්ත වශයෙන් මෙනෙහිකරනුමුත්, ඔහුට ‘මම මේ සමාපත්තිය ආවර්ජනය කෙරෙමි, සමවදිමි, ඉටා ගනිමි, එයින් නැඟෙමි, ප්රත්යවෙක්ෂා කෙරෙමි’යි යන මේ (පස් ආකාර) වින්දනය, යොමුවීම, මනස්කාරය ඇති නොවේ. කවර හෙයින්ද යත්, ආකිඤ්චඤ්ඤායතනයට වඩා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ශාන්තද ප්‍රණීතද වන හෙයිනි.
යථා හි රාජා මහච්ච රාජානුභාවෙන හත්ථික්ඛන්ධවරගතො නගරවීථියං විචරන්තො දන්තකාරාදයො සිප්පිකෙ එකං වත්ථං දළ්හං නිවාසෙත්වා එකෙන සීසං වෙඨෙත්වා දන්තචුණ්ණාදීහි සමොකිණ්ණගත්තෙ අනෙකානි දන්තවිකතිආදීනි සිප්පානි කරොන්තෙ දිස්වා “අහො වත රෙ ඡෙකා ආචරියා ඊදිසානිපි නාම සිප්පානි කරිස්සන්තී”ති එවං තෙසං ඡෙකතාය තුස්සති, න චස්ස එවං හොති “අහො වතාහං රජ්ජං පහාය එවරූපො සිප්පිකො භවෙය්ය”න්ති. තං කිස්ස හෙතු? රජ්ජසිරියා මහානිසංසතාය. සො සිප්පිනො සමතික්කමිත්වාව ගච්ඡති. එවමෙව එස කිඤ්චාපි තං සමාපත්තිං සන්තතො මනසි කරොති, අථ ඛ්වස්ස “අහමෙතං සමාපත්තිං ආවජ්ජිස්සාමි, සමාපජ්ජිස්සාමි, අධිට්ඨහිස්සාමි, වුට්ඨහිස්සාමි, පච්චවෙක්ඛිස්සාමී”ති නෙව එස ආභොගො සමන්නාහාරො මනසිකාරො හොති.
යම්සේ රජෙක් තෙමේ මහත් වූ රාජානුභාවයෙන් මඟුලැතු පිට නැගී නුවර වීථි සංචාරය කරනුයේ ඇත්දත් කැටයම්කරුවන් ආදී ශිල්පීන් එක් වස්ත්‍රයක් තදකොට හැඳ අනෙක් වස්ත්‍රයෙකින් හිස වෙළාගෙන දළසුණු ආදියෙන් වැඩුණු සිරුරු ඇතිව ඇත්දළ ආදියෙන් නොයෙක් ආකාර ඇති කැටයම් කරනු දැක “කොල, මේ ආචාර්යයෝ ඉතා දක්ෂයහ, මේ මේ ආකාර කර්මාන්ත කෙරෙති”යි මෙසේ ශිල්පීන්ගේ දස්කම් දැක සතුටු වේ, එහෙත් “මටද රාජ්‍යය හැරදමා මෙවන් ශිල්පියකු වන්නට ඇත්නම්” යන මෙවන් අදහසෙක් නම් පහළ නොවේ. කවර හෙයින්ද යත්, රාජ්‍යශ්‍රීය මහත් අනුසස් ඇති හෙයිනි, ඔහු ශිල්පීන් ඉක්මවා යන හෙයිනි. එසේම මෙම යෝගාවචර තෙමේ එම සමාපත්තිය ශාන්ත වශයෙන් ගෙන මෙනෙහි කරනුයේ නමුදු, ඔහුට “මම මේ සමාපත්තිය ආවර්ජන කෙරෙමි, සමවදිමි, ඉටා ගනිමි, එයින් නැගී සිටිමි, ප්රත්යවෙක්ෂා කෙරෙමි”යි යන මේ වින්දනය, මේ යොමුවීම, මේ මනස්කාරය ඇති නොවේ,
සො තං සන්තතො මනසිකරොන්තො පුබ්බෙ වුත්තනයෙන තං පරමසුඛුමං අප්පනාප්පත්තං සඤ්ඤං පාපුණාති, යාය නෙවසඤ්ඤීනාසඤ්ඤී නාම හොති, සඞ්ඛාරාවසෙසසමාපත්තිං භාවෙතීති වුච්චති. සඞ්ඛාරාවසෙසසමාපත්තින්ති අච්චන්තසුඛුමභාවප්පත්තසඞ්ඛාරං චතුත්ථාරුප්පසමාපත්තිං.
හේ තෙමේ එය ශාන්ත වශයෙන් ගෙන මෙනෙහි කරනුයේ පෙරකී නයින් එය අතිශයින් සියුම්වූ අර්පණාවට පත් (චතුර්ත්ථ ආරූප්යධ්යාන) සංඥාවට පැමිණේ, එම සංඥාව හේතුකොටගෙන හේ තෙමේ නෙවසඤ්ඤීනාසඤ්ඤී නම් වේ, සංඛාරාවසේස සමාපත්තිය වඩති’යි කියනු ලැබේ. සංඛාරාවසෙසසමාපත්ති යනු ඉතා සියුම් බවට පත් සංඛාර ඇති සිවුවැනි අරූපාවචර සමාපත්තියයි.
ඉදානි යං තං එවමධිගතාය සඤ්ඤාය වසෙන නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති වුච්චති, තං අත්ථතො දස්සෙතුං “නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා”ති (විභ· 620) වුත්තං. තෙසු ඉධ සමාපන්නස්ස චිත්තචෙතසිකා ධම්මා අධිප්පෙතා. වචනත්ථො පනෙත්ථ ඔළාරිකාය සඤ්ඤාය අභාවතො සුඛුමාය ච භාවතො නෙවස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස සඤ්ඤා නාසඤ්ඤන්ති නෙවසඤ්ඤානාසඤ්ඤං. නෙවසඤ්ඤානාසඤ්ඤඤ්ච තං මනායතනධම්මායතනපරියාපන්නත්තා ආයතනඤ්චාති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං. අථ වා යායමෙත්ථ සඤ්ඤා, සා පටුසඤ්ඤාකිච්චං කාතුං අසමත්ථතාය නෙවසඤ්ඤා, සඞ්ඛාරාවසෙසසුඛුමභාවෙන විජ්ජමානත්තා නාසඤ්ඤාති නෙවසඤ්ඤානාසඤ්ඤා . නෙවසඤ්ඤානාසඤ්ඤා ච සා සෙසධම්මානං අධිට්ඨානට්ඨෙන ආයතනඤ්චාති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං.
දැන් මෙසේ අධිගතවූ සංඥා වශයෙන් යම් ඒ සමාපත්තියක් නෙවසඤ්ඤානාසඤ්ඤ’ යයි කියනු ලැබේද, එය අර්ත්ථ වශයෙන් දක්වනු පිණිස, “නෙවසඤ්ඤානාසඤ්ඤායතනං” යනු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේ හෝ පැමිණියහුගේ හෝ එම දෘෂ්ටධර්මසුඛවිහරණ ඇත්තහුගේ හෝ චිත්තචෛතසික ධර්මයෝය’යි කියනලදි. එම (ත්‍රිවිධ) චිත්තචෛතසික ධර්මයන් අතුරෙන්, මෙම සමාපත්තියට සමවන්නහුගේ චිත්තචෛතසික ධර්මයෝ මෙහිලා අභිප්‍රේතයහ. මෙහි වචනාර්ත්ථ නම්: ඔළාරිකවූ සංඥා නැති හෙයින්ද, සූක්ෂ්ම සංඥා ඇති හෙයින්ද, සම්ප්‍රයුක්ත ධර්මයන් සහිතවූ මෙම ධ්‍යානයට සංඥාවක් නැතැ’යි, (සංඥාවක්) නැත්තේද නැතැ’යි නෙවසඤ්ඤානාසඤ්ඤා නම් වේ. නෙවසඤ්ඤානාසඤ්ඤ වූයේද එම, මනායතන ධම්මායතනයනට ඇතුළත්වූ හෙයින් ආයතන වූයේද එමැ’යි නෙවසඤ්ඤානාසඤ්ඤායතන නම් වේ. නොහොත්, මෙහි යම් සංඥාවෙක් ඇත්නම්, එය ප්‍රකට ලෙස සංඥාකෘත්යය කරනු නොසමත්වන හෙයින් නෙවසඤ්ඤා නම්ද, සංඛාර වශයෙන් ශේෂව සියුම් ලෙසින් පවත්නා හෙයින් නාසඤ්ඤා නම්ද වෙති’යි නෙවසඤ්ඤානාසඤ්ඤ නම් වේ. ‘නෙවසඤ්ඤානාසඤ්ඤ’ වූයේද එම ශේෂවූ ධර්මයනට ප්‍රතිෂ්ඨා වූ අර්ත්ථයෙන්, ‘ආයතන’ වූයේද එමැ’යි නෙවසඤ්ඤානාසඤ්ඤායතන නම් වේ.
න කෙවලඤ්චෙත්ථ සඤ්ඤාව එදිසී, අථ ඛො වෙදනාපි නෙවවෙදනානාවෙදනා, චිත්තම්පි නෙවචිත්තංනාචිත්තං, ඵස්සොපි නෙවඵස්සොනාඵස්සො. එස නයො සෙසසම්පයුත්තධම්මෙසු. සඤ්ඤාසීසෙන පනායං දෙසනා කතාති වෙදිතබ්බා. පත්තමක්ඛනතෙලප්පභුතීහි ච උපමාහි එස අත්ථො විභාවෙතබ්බො.
මෙම ධ්‍යානයෙහි හුදෙක් සංඥාව පමණක් මෙසේ වූයේ නොවේ. වේදනාවද, නෙවවෙදනා-නාවෙදනා’ යනුවෙන් වේ. චිත්තයද, ‘නෙවචිත්තං නාචිත්තං’ යනුවෙන් වේ, ඵස්සයද, ‘නෙව ඵස්සො නාඵස්සො’ යනුවෙන් වේ, සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහිද මෙම නයයි. මේ දේශනාව වනාහි ‘සඤ්ඤා’ යන ශීර්ෂයෙන් කරන ලදැ’යි දතයුතුය. පත්තමක්ඛනතෙල (පාත්‍රයෙහි ගැල්වූතෙල්) ආදී උපමා මඟින් මෙම අර්ත්ථය පැහැදිලි කළයුතුය:
සාමණෙරො කිර තෙලෙන පත්තං මක්ඛෙත්වා ඨපෙසි, තං යාගුපානකාලෙ ථෙරො පත්තමාහරාති ආහ. සො “පත්තෙ තෙලමත්ථි, භන්තෙ”ති ආහ. තතො “ආහර, සාමණෙර, තෙලං, නාළිං පූරෙස්සාමී”ති වුත්තෙ “නත්ථි, භන්තෙ, තෙල”න්ති ආහ. තත්ථ යථා අන්තොවුත්ථත්තා යාගුයා සද්ධිං අකප්පියට්ඨෙන “තෙලමත්ථී”ති හොති. නාළිපූරණාදීනං වසෙන “නත්ථී”ති හොති. එවං සාපි සඤ්ඤා පටුසඤ්ඤාකිච්චං කාතුං අසමත්ථතාය නෙවසඤ්ඤා, සඞ්ඛාරාවසෙසසුඛුමභාවෙන විජ්ජමානත්තා නාසඤ්ඤා හොති.
සාමණේර කෙනෙක් පාත්‍රයෙහි තෙල් ගල්වා තැබූහ, තෙරණුවෝ කැඳ බොන අවස්ථාවෙහි, ‘පාත්‍රය ගෙනෙව’යි කීහ. සාමණේරයෝ “ස්වාමීනි, පාත්‍රයෙහි තෙල් ඇතැ’යි කීහ, ඉක්බිති, “සාමණේරය, තෙල් ගෙනෙව, නාළිකාව පුරවා තබන්නෙමු’යි කී කල්හි, ‘ස්වාමීනි, තෙල් නැතැ’යි කීහ. එහිදී, යම්සේ ඇතුළත වැකී තුබුණ හෙයින් කැඳ හා සමග නොයෙදේ යන අදහසින් තෙල් ඇතැ’යි කීමද, නාළිකාව පුරවන තරම් නැති හෙයින් ‘නැතැ’යි කීමද වේ. මෙසේම, එම සංඥාවද ප්‍රකට ලෙස සංඥාකෘත්යය කරනු නොසමත්වන අරුතින් ‘නෙවසඤ්ඤා’ නමි. සංඛාර වශයෙන් ශේෂව සියුම් බවින් යුතුව විද්‍යාමාන වන හෙයින් ‘නාසඤ්ඤ’ නමි.
කිං පනෙත්ථ සඤ්ඤාකිච්චන්ති? ආරම්මණසඤ්ජානනඤ්චෙව විපස්සනාය ච විසයභාවං උපගන්ත්වා නිබ්බිදාජනනං. දහනකිච්චමිව හි සුඛොදකෙ තෙජොධාතු සඤ්ජානනකිච්චං පෙසා පටුං කාතුං න සක්කොති. සෙසසමාපත්තීසු සඤ්ඤා විය විපස්සනාය විසයභාවං උපගන්ත්වා නිබ්බිදාජනනම්පි කාතුං න සක්කොති. අඤ්ඤෙසු හි ඛන්ධෙසු අකතාභිනිවෙසො භික්ඛු නෙවසඤ්ඤානාසඤ්ඤායතනක්ඛන්ධෙ සම්මසිත්වා නිබ්බිදං පත්තුං සමත්ථො නාම නත්ථි අපිච ආයස්මා සාරිපුත්තො. පකතිවිපස්සකො පන මහාපඤ්ඤො සාරිපුත්තසදිසොව සක්කුණෙය්ය. සොපි “එවං කිරිමෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී”ති (ම· නි· 3.95) එවං කලාපසම්මසනවසෙනෙව, නො අනුපදධම්මවිපස්සනාවසෙන. එවං සුඛුමත්තං ගතා එසා සමාපත්ති.
මෙහි ‘සංඥාකෘත්ය’ යනු කිමෙක්ද යත්: අරමුණ හඳුනා ගැනීමද, විදර්ශනාවට විෂයබවට පැමිණ නිර්වේදය ඉපැදවීමද යන මේය. ඇල්මැරූ දියෙහි දහනකෘත්යය මෙන් තෙජොධාතුව හඳුනාගැනීමේ කෘත්‍යය පවා ප්‍රකට කිරීමට මෙම සංඥාව නොසමත් වේ. සෙසු සමාපත්තීන් කෙරෙහි වූ සංඥාව මෙන් විදර්ශනාවට විෂයබවට පැමිණ නිර්වේදජනනය කිරීමට පවා මෙය නොසමත්වේ. අනෙක් ස්කන්ධයන් කෙරෙහි නොකරන ලද විදර්ශනා අරමුණු ඇති භික්ෂු තෙමේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ස්කන්ධයන් සම්මර්ශනය කොට නිර්වෙදයට පැමිණීමට සමත් නොවේමය. වැලිදු, ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ප්‍රකෘතියෙන්ම විදර්ශනාවට නැඹුරු වූවාහුය, මහාප්‍රඥා ඇත්තාහුය, ශාරීපුත්‍රස්ථවිරයන් හා සමානවූ කෙනෙක්ම (නෙවසඤ්ඤායතනස්කන්ධයන් සම්මර්ශනයකොට නිර්වේදයට පැමිණීමට) සමත් වන්නාහුය. උන්වහන්සේ පවා, ‘මෙසේ මේ ධර්මයෝ පවත්නා බවට නොපැමිණ හටගන්නාහුය, හටගෙන විනාශ වන්නාහුය’යි කලාප සම්මර්ශන වශයෙන් මිස අනුපද (වෙන් වෙන්ව ගෙන) සම්මර්ශන වශයෙන් නොසමත් වන්නාහුය. මෙම සමාපත්තිය මෙතරම්ම සියුම්බවට ගියේවේ.
යථා ච පත්තමක්ඛනතෙලූපමාය, එවං මග්ගුදකූපමායපි අයමත්ථො විභාවෙතබ්බො. මග්ගප්පටිපන්නස්ස කිර ථෙරස්ස පුරතො ගච්ඡන්තො සාමණෙරො ථොකං උදකං දිස්වා “උදකං, භන්තෙ, උපාහනා ඔමුඤ්චථා”ති ආහ. තතො ථෙරෙන “සචෙ උදකමත්ථි, ආහර න්හානසාටිකං, න්හායිස්සාමා”ති වුත්තෙ “නත්ථි, භන්තෙ”ති ආහ. තත්ථ යථා උපාහනතෙමනමත්තට්ඨෙන “උදකමත්ථී”ති හොති, න්හායනට්ඨෙන “නත්ථී”ති හොති. එවම්පි සා පටුසඤ්ඤාකිච්චං කාතුං අසමත්ථතාය නෙවසඤ්ඤා, සඞ්ඛාරාවසෙසසුඛුමභාවෙන විජ්ජමානත්තා නාසඤ්ඤා හොති.
‘පත්තමක්ඛණතෙල’ උපමාවෙන් මෙන්ම ‘මග්ගූදක’ උපමාවෙන්ද මෙම අර්ත්ථය පැහැදිලි කළයුතුය. මඟට පිළිපන් තෙරණු කෙනෙකුන්ගේ ඉදිරියෙන් යන සාමණේර කෙනෙක් මඳ දියත්තක් දැක, ‘ස්වාමීනි, දිය ඇත, වහන් ගැලවුම මැනවැ’යි කීහ. එවිට තෙරුන් විසින්, ‘ඉදින් දිය ඇත්නම් නහනකඩ ගෙනෙව, නහන්නෙමි’යි කී කල්හි, ‘ස්වාමීනි, නැතැ’යි කීහ. එහි වහන් තෙමෙන තරම්ය යන අරුතින් දිය ඇතැ’යිද, නහන තරම්ය යන අරුතින් නැතැ’යි යනුද වේ. එසේම මෙම සමාපත්තිය ප්‍රකට ලෙස සංඥාකෘත්යයන් කරනු නොසමත්වන හෙයින් ‘නෙවසඤ්ඤා’ නම්වේ. සංඛාර වශයෙන් ශේෂව සියුම් ලෙස විද්‍යාමාන වූ සංඥා ඇති හෙයින් ‘නාසඤ්ඤා’ නම් වේ.
න කෙවලඤ්ච එතාහෙව, අඤ්ඤාහිපි අනුරූපාහි උපමාහි එස අත්ථො විභාවෙතබ්බො. උපසම්පජ්ජ විහරතීති ඉදං වුත්තනයමෙවාති.
හුදෙක් මේ උපමා මඟින් පමණක් නොව, අන්‍යවූද සුදුසු උපමා මඟින් මෙම අර්ත්ථය පැහැදිලි කළ යුතුවේ. උපසම්පජ්ජ විහරති යන මෙය පළමුකීනයම වේ.
අයං නෙවසඤ්ඤානාසඤ්ඤායතනකම්මට්ඨානෙ විත්ථාරකථා.
මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය පිළිබඳ විස්තර කථායි.