ආකිඤ්චඤ්ඤායතනකථා
ආකිඤ්චඤ්ඤායතනකථා
ආකිඤ්චඤ්ඤායතන කර්මස්ථානය
ආකිඤ්චඤ්ඤායතනං භාවෙතුකාමෙන පන පඤ්චහාකාරෙහි විඤ්ඤාණඤ්චායතනසමාපත්තියං චිණ්ණවසීභාවෙන “ආසන්නආකාසානඤ්චායතනපච්චත්ථිකා අයං සමාපත්ති, නො ච ආකිඤ්චඤ්ඤායතනමිව සන්තා”ති විඤ්ඤාණඤ්චායතනෙ ආදීනවං දිස්වා තත්ථ නිකන්තිං පරියාදාය ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරිත්වා තස්සෙව විඤ්ඤාණඤ්චායතනාරම්මණභූතස්ස ආකාසානඤ්චායතනවිඤ්ඤාණස්ස අභාවො සුඤ්ඤතා විවිත්තාකාරො මනසිකාතබ්බො. කථං? තං විඤ්ඤාණං අමනසිකරිත්වා “නත්ථි නත්ථී”ති වා, “සුඤ්ඤං සුඤ්ඤ”න්ති වා, “විවිත්තං විවිත්ත”න්ති වා පුනප්පුනං ආවජ්ජිතබ්බං, මනසිකාතබ්බං, පච්චවෙක්ඛිතබ්බං, තක්කාහතං විතක්කාහතං කාතබ්බං.
ආකිඤ්චඤ්ඤායතන කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයා විසින් (ආවජ්ජන සමාපජ්ජනාදී) පස්ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙහි බෝකල් හුරුපුරුදු වූ බැවින්, ‘මේ සමාපත්තිය ළංව සිටි ආකාසානඤ්චායතන නමැති ප්රතිපක්ෂ සහිත වේ, ආකිඤ්චඤ්ඤායතනය තරම් ශාන්තද නොවේ’ යනුවෙන් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එහි අනභිරතිය උපදවා ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත වශයෙන් ගෙන මෙනෙහි කරමින් එම විඤ්ඤාණඤ්චායතනයටම ආරම්මණ වූ ආකාසානඤ්චායතනවිඤ්ඤාණයෙහි අභාවය, ශුන්‍යතාව, වියුක්තාකාරය මෙනෙහි කළ යුතුය. කෙසේද යත්:- එම විඤ්ඤාණය මෙනෙහි නොකොට ‘නත්ථි නත්ථි’ (නැත, නැත) යනුවෙන් හෝ ‘සුඤ්ඤං සුඤ්ඤං’ (ශුන්‍යය, ශුන්‍යය) යනුවෙන් හෝ ‘විවිත්තං විවිත්තං’ (පාලුය පාලුය) යනුවෙන් හෝ නැවත නැවතත් ආවර්ජන කළයුතුය. මෙනෙහි කළ යුතුය, ප්රත්යවෙක්ෂා කටයුතුය, තර්කයට විතර්කයට ලක්කළ යුතුය.
තස්සෙවං තස්මිං නිමිත්තෙ චිත්තං චාරෙන්තස්ස නීවරණානි වික්ඛම්භන්ති, සති සන්තිට්ඨති, උපචාරෙන චිත්තං සමාධියති. සො තං නිමිත්තං පුනප්පුනං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස්සෙවං කරොතො ආකාසෙ ඵුටෙ මහග්ගතවිඤ්ඤාණෙ විඤ්ඤාණඤ්චායතනං විය තස්සෙව ආකාසං ඵරිත්වා පවත්තස්ස මහග්ගතවිඤ්ඤාණස්ස සුඤ්ඤවිවිත්තනත්ථිභාවෙ ආකිඤ්චඤ්ඤායතනචිත්තං අප්පෙති. එත්ථාපි ච අප්පනානයො වුත්තනයෙනෙව වෙදිතබ්බො.
මේ ආකාරයෙන් එම නිමිත්තෙහි සිත හසුරුවන ඒ යෝගාවචරයාගේ නීවරණයෝ යටපත් වෙති, සිහිය මනාසේ පිහිටයි, උපචාර ධ්‍යානයෙන් සිත සමාධිගත වෙයි. හේ තෙමේ එම නිමිත්ත යලි යලිදු සේවනය කරයි, වඩයි, පුරුදු පුහුණු කරයි. මෙසේ පුරුදු කරනවිට ආකාශවිෂයෙහි පතළ මහද්ගතවිඤ්ඤාණයෙහි විඤ්ඤාණඤ්චායතනය මෙන් ආකාශය පුරා පැවැති එම මහද්ගත විඤ්ඤාණය පිළිබඳ හිස් බවෙහි, පාලු බවෙහි, නැති බවෙහි ආකිඤ්චඤ්ඤායතනචිත්තය අර්පණා බවට පත්වේ. මෙහිද අර්පණානය පළමු නයින්ම දතයුතුය.
අයං පන විසෙසො, තස්මිං හි අප්පනාචිත්තෙ උප්පන්නෙ සො භික්ඛු යථා නාම පුරිසො මණ්ඩලමාළාදීසු කෙනචිදෙව කරණීයෙන සන්නිපතිතං භික්ඛුසඞ්ඝං දිස්වා කත්ථචි ගන්ත්වා සන්නිපාතකිච්චාවසානෙව උට්ඨාය පක්කන්තෙසු භික්ඛූසු ආගන්ත්වා ද්වාරෙ ඨත්වා පුන තං ඨානං ඔලොකෙන්තො සුඤ්ඤමෙව පස්සති, විවිත්තමෙව පස්සති. නාස්ස එවං හොති “එත්තකා නාම භික්ඛූ කාලඞ්කතා වා දිසාපක්කන්තා වා”ති, අථ ඛො සුඤ්ඤමිදං විවිත්තන්ති නත්ථිභාවමෙව පස්සති, එවමෙව පුබ්බෙ ආකාසෙ පවත්තිතවිඤ්ඤාණං විඤ්ඤාණඤ්චායතනජ්ඣානචක්ඛුනා පස්සන්තො විහරිත්වා “නත්ථි නත්ථී”තිආදිනා පරිකම්මමනසිකාරෙන අන්තරහිතෙ තස්මිං විඤ්ඤාණෙ තස්ස අපගමසඞ්ඛාතං අභාවමෙව පස්සන්තො විහරති. එත්තාවතා චෙස “සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරතී”ති (විභ· 508; දී· නි· 2.129) වුච්චති.
මේ විශේෂයයි: එම අර්පණා චිත්තය උපන් කල්හි ඒ භික්ෂු තෙමේ, යම්සේ පුරුෂයෙක් මණ්ඩලමාල (රැස්වීශාලා, ධර්මශාලා) ආදී තැනෙක්හි කිසියම් කටයුත්තක් සඳහා රැස්වූ භික්ෂු සංඝයා දැක ඉවත්ව ගොස්, රැස්වූ කාර්යය නිමකොට භික්ෂූන් නැඟී ගිය පසු නැවත අවුත් දොරකඩ සිට එම ස්ථානය බලනුයේ හිස්වගිය, පාලුවගිය ශාලාවම දක්නේද, එවිට ඔහුට ‘මෙපමණ භික්ෂූහු කලුරිය කළාහුය නැතහොත් පිට පළාත්වලට ගියාහුය’යි මෙවැනි අදහසෙක් නොවන්නේද, මේ ස්ථානය හිස්වී ඇත, පාලුවී ඇතැ’යි හුදෙක් හිස්බවම දක්නේද, එසේම පළමු ආකාශ විෂයෙහි පවත්වන ලද විඤ්ඤාණය විඤ්ඤාණඤ්චායතන චක්ෂුසයෙන් බලමින් විහරණයකොට ‘නැත නැත’ යන ආදී වශයෙන් පිරියම් මෙනෙහි කිරීමෙන් එම ආකාසානඤ්චායතනවිඤ්ඤාණය අතුරුදන් වූ කල්හි එහි පහවීම හෙවත් අභාවයම දකිමින් විහරණය කෙරේ. මෙපමණෙකින්ම මේ භික්ෂු තෙමේ “සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විහරණය කෙරේය’යි කියනු ලැබේ.
ඉධාපි සබ්බසොති ඉදං වුත්තනයමෙව. විඤ්ඤාණඤ්චායතනන්ති එත්ථාපි ච පුබ්බෙ වුත්තනයෙනෙව ඣානම්පි විඤ්ඤාණඤ්චායතනං ආරම්මණම්පි. ආරම්මණම්පි හි පුරිමනයෙනෙව විඤ්ඤාණඤ්චඤ්ච තං දුතියස්ස ආරුප්පජ්ඣානස්ස ආරම්මණත්තා දෙවානං දෙවායතනං විය අධිට්ඨානට්ඨෙන ආයතනඤ්චාති විඤ්ඤාණඤ්චායතනං . තථා විඤ්ඤාණඤ්චඤ්ච තං තස්සෙව ඣානස්ස සඤ්ජාතිහෙතුත්තා “කම්බොජා අස්සානං ආයතන”න්තිආදීනි විය සඤ්ජාතිදෙසට්ඨෙන ආයතනඤ්චාතිපි විඤ්ඤාණඤ්චායතනං. එවමෙතං ඣානඤ්ච ආරම්මණඤ්චාති උභයම්පි අප්පවත්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික්කමිත්වාව යස්මා ඉදං ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහාතබ්බං, තස්මා උභයම්පෙතං එකජ්ඣං කත්වා විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්මාති ඉදං වුත්තන්ති වෙදිතබ්බං.
මෙහිද සබ්බසො (සියලු ආකාරයෙන්) යනු, පළමු කීනයමැයි. විඤ්ඤාණඤ්චායතනං යන මෙහිද පෙරකී නයින්ම ධ්‍යානයද, විඤ්ඤාණඤ්චායතන අරමුණද යන දෙකම වේ. අරමුණද පෙරකී නයින්ම ‘විඤ්ඤාණ’ වූයේද එම, දෙවන අරූපධ්‍යානයට අරමුණු වූ හෙයින් දෙවියනට ‘දෙවායතන’ යනු මෙන් ප්‍රතිෂ්ඨා වෙතැ’යි යන අරුතින් ‘ආයතන’ වූයේද එමැයි විඤ්ඤාණඤ්චායතන නම් වේද, එසේම ‘විඤ්ඤාණ’ වූයේද එම, ධ්‍යානයට උත්පත්තිස්ථාන වන හෙයින් ‘කම්බෝජ දේශය අශ්වයනට ආයතන වේ’ යන ආදිය මෙන්, උපන් දේශයයි යන අරුතින් ‘ආයතන’ වූයේද එමැ’යි විඤ්ඤාණඤ්චායතන නම් වේද, ඒ ආකාරයෙන්ම ධ්‍යානයද අරමුණද යන දෙකම නොපැවැත්වීමෙන්ද, මෙනෙහි නොකිරීමෙන්ද මනාකොට ඉක්මවාම, යම්හෙයකින් මේ ආකිඤ්චඤ්ඤායතනය උපදවා විහරණය කළයුතු වේද, එහෙයින් මේ (ධ්‍යානයද අරමුණද යන) දෙකම එක්කොට විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා’යි යන මෙය කියන ලදැ’යි දතයුතුය.
නත්ථි කිඤ්චීති නත්ථි නත්ථි, සුඤ්ඤං සුඤ්ඤං, විවිත්තං විවිත්තන්ති එවං මනසිකරොන්තොති වුත්තං හොති. යම්පි විභඞ්ගෙ වුත්තං “නත්ථි කිඤ්චීති තඤ්ඤෙව විඤ්ඤාණං අභාවෙති විභාවෙති අන්තරධාපෙති නත්ථි කිඤ්චීති පස්සති, තෙන වුච්චති නත්ථි කිඤ්චී”ති, තං කිඤ්චාපි ඛයතො සම්මසනං විය වුත්තං, අථ ඛ්වස්ස එවමෙව අත්ථො දට්ඨබ්බො. තඤ්හි විඤ්ඤාණං අනාවජ්ජෙන්තො අමනසිකරොන්තො අපච්චවෙක්ඛන්තො කෙවලමස්ස නත්ථිභාවං සුඤ්ඤභාවං විවිත්තභාවමෙව මනසිකරොන්තො අභාවෙති විභාවෙති අන්තරධාපෙතීති වුච්චති, න අඤ්ඤථාති.
නත්ථි කිඤ්චි යනු කිසිවක් නැත, ‘හිස්ය, පාලුය’යි මෙසේ මෙනෙහි කරමිනි’යි කී-නියායි. විභඞ්යෙහි “නත්ථි කිඤ්චි” යනු එකී විඤ්ඤාණයම පිළිබඳව වැඩීම නොකරයි, පහවූ ස්වභාවයට පත්කරයි, අතුරුදන් කරයි, කිසිවක් නැතැ’යි දකියි, එහෙයින් ‘නත්ථි කිඤ්චි’යි කියනු ලැබේයයි’ යමක් පවසන ලද්දේ ද, එය හුදෙක් ක්ෂය වශයෙන් (සංස්කාරයන්) බැලීම මෙන් කියනලදි. එහෙත් එහි අර්ත්ථය එසේමයයි දතයුතුය. එම විඤ්ඤාණය ආවර්ජන නොකෙරෙමින්, මෙනෙහි නොකෙරෙමින්, ප්රත්යවෙක්ෂා නොකෙරෙමින්, හුදෙක් නැතිබවම, හිස් බවට, පාලුබවම මෙනෙහි කරමින් එහි නොවැඩීම, පහකිරීම, අතුරුදන් කිරීම කරති’යි කියනු ලැබේ. අන් ලෙසකින් නොවේ.
ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරතීති එත්ථ පන නාස්ස කිඤ්චනන්ති අකිඤ්චනං, අන්තමසො භඞ්ගමත්තම්පි අස්ස අවසිට්ඨං නත්ථීති වුත්තං හොති. අකිඤ්චනස්ස භාවො ආකිඤ්චඤ්ඤං, ආකාසානඤ්චායතනවිඤ්ඤාණාපගමස්සෙතං අධිවචනං. තං ආකිඤ්චඤ්ඤං අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස ඣානස්ස දෙවානං දෙවායතනමිවාති ආකිඤ්චඤ්ඤායතනං. සෙසං පුරිමසදිසමෙවාති.
ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති යන මෙහි කිසිවක් නැතැ’යි ‘අකිඤ්චන’ නමි, යටත්පිරිසෙයින් මෙහි භංගමාත්රයක් හෝ ඉතිරිව නැතැ’යි කී-නියායි. ‘අකිඤ්චන’යෙහි ස්වභාවය (භාවතද්ධිත වශයෙන්) ආකිඤ්චඤ්ඤ නමි. ආකාසානඤ්චායතන-විඤ්ඤාණයෙහි අභාවයට මේ අධිවචනයි. එම ආකිඤ්චඤ්ඤය මෙම ධ්‍යානයට ප්‍රතිෂ්ඨා ස්ථානය’යි යන අරුතින් ‘ආයතන වෙතැ’යි, ‘දෙවියනට දෙවායතන’ යනුවෙන් ආකිඤ්චඤ්ඤායතන නම් වේ. සෙස්ස පෙරකී නයින්ම වේ.
අයං ආකිඤ්චඤ්ඤායතනකම්මට්ඨානෙ විත්ථාරකථා.
මේ ආකිඤ්චඤ්ඤායතන කර්මස්ථානය පිළිබද විස්තර කථායි.