විඤ්ඤාණඤ්චායතනකථා
විඤ්ඤාණඤ්චායතනකථා
විඤ්ඤාණඤ්චායතන කර්මස්ථානය
විඤ්ඤාණඤ්චායතනං භාවෙතුකාමෙන පන පඤ්චහාකාරෙහි ආකාසානඤ්චායතනසමාපත්තියං චිණ්ණවසීභාවෙන “ආසන්නරූපාවචරජ්ඣානපච්චත්ථිකා අයං සමාපත්ති, නො ච විඤ්ඤාණඤ්චායතනමිව සන්තා”ති ආකාසානඤ්චායතනෙ ආදීනවං දිස්වා තත්ථ නිකන්තිං පරියාදාය විඤ්ඤාණඤ්චායතනං සන්තතො මනසිකරිත්වා තං ආකාසං ඵරිත්වා පවත්තවිඤ්ඤාණං “විඤ්ඤාණං විඤ්ඤාණ”න්ති පුනප්පුනං ආවජ්ජිතබ්බං, මනසිකාතබ්බං, පච්චවෙක්ඛිතබ්බං, තක්කාහතං විතක්කාහතං කාතබ්බං. “අනන්තං අනන්ත”න්ති පන න මනසිකාතබ්බං.
විඤ්ඤාණඤ්චායතනය වඩනු කැමැත්තහු විසින් වනාහි (ආවජ්ජනසමාපජ්ජනාදී) පස් ආකාර පැවැත්මෙන් ආකාසානඤ්චායතන සමාපත්ති විෂයෙහි පුරුදු පුහුණු කරණලද වසීභාවය හේතුකොටගෙන, ‘මේ සමාපත්තිය අසල්ව සිටි රූපාවචර ධ්‍යාන නමැති ප්රතිපක්ෂයන් ඇත්තේය, විඤ්ඤාණඤ්චායතනය තරම් ශාන්තද නොවන්නේය”යි ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක, එහි අනභිරුචිය දනවා, විඤ්ඤාණඤ්චායතනය ශාන්ත වශයෙන් ගෙන මෙනෙහිකොට එම ආකාශය හිම්කොට පැතිර සිටි විඤ්ඤාණය ‘විඤ්ඤාණං විඤ්ඤාණං’ යනුවෙන් නැවත නැවතත් ආවර්ජන කළයුතුය, මෙනෙහිකළයුතුය, ප්රත්යවෙක්ෂා කළයුතුය, තර්කයට විතර්කයට භාජන කළයුතුය, “අනන්තං අනන්තං” යනුවෙන් මෙනෙහි නොකළ යුතුය.
තස්සෙවං තස්මිං නිමිත්තෙ පුනප්පුනං චිත්තං චාරෙන්තස්ස නීවරණානි වික්ඛම්භන්ති, සති සන්තිට්ඨති, උපචාරෙන චිත්තං සමාධියති. සො තං නිමිත්තං පුනප්පුනං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස්සෙවං කරොතො ආකාසෙ ආකාසානඤ්චායතනං විය ආකාසඵුටෙ විඤ්ඤාණෙ විඤ්ඤාණඤ්චායතනචිත්තං අප්පෙති. අප්පනානයො පනෙත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො. එත්තාවතා චෙස “සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරතී”ති (විභ· 508; දී· නි· 2.129) වුච්චති.
මෙසේ එම නිමිත්තෙහි යලි යලිදු සිත හසුරුවනවිට ඒ යෝගාවචරයාගේ නීවරණයෝ මඩිනු ලබති, සිහිය මනාව පිහිටයි, උපචාරධ්‍යානයෙන් සිත සමාධිගත වෙයි. හේ තෙමේ එම නිමිත්ත යලි යලිදු සේවනය කරයි, වඩයි, පුරුදු කරයි. මෙසේ පුරුදු පුහුණු කරන විට ඔහුට ආකාස විෂයෙහි ආකාසානඤ්චායතනචිත්තය මෙන්ම, එම ආකාශයෙහි පැතිර පවත්නා විඤ්ඤාණවිෂයෙහි විඤ්ඤාණඤ්චායතනචිත්තය අර්පණාගත වෙයි. මෙහි අර්පණානය වනාහි පළමු කියනලද නයින්ම දතයුතුය. මෙපමණෙකින්ම මේ තෙමේ, “සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ විහරණය කෙරෙති’යි කියනු ලැබේ.
තත්ථ සබ්බසොති ඉදං වුත්තනයමෙව. ආකාසානඤ්චායතනං සමතික්කම්මාති එත්ථ පන පුබ්බෙ වුත්තනයෙන ඣානම්පි ආකාසානඤ්චායතනං, ආරම්මණම්පි . ආරම්මණම්පි හි පුරිමනයෙනෙව ආකාසානඤ්චඤ්ච තං පඨමස්ස ආරුප්පජ්ඣානස්ස ආරම්මණත්තා දෙවානං දෙවායතනං විය අධිට්ඨානට්ඨෙන ආයතනඤ්චාති ආකාසානඤ්චායතනං. තථා ආකාසානඤ්චඤ්ච තං තස්ස ඣානස්ස සඤ්ජාතිහෙතුත්තා “කම්බොජා අස්සානං ආයතන”න්තිආදීනි විය සඤ්ජාතිදෙසට්ඨෙන ආයතනඤ්චාතිපි ආකාසානඤ්චායතනං. එවමෙතං ඣානඤ්ච ආරම්මණඤ්චාති උභයම්පි අප්පවත්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික්කමිත්වාව යස්මා ඉදං විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහාතබ්බං, තස්මා උභයම්පෙතං එකජ්ඣං කත්වා “ආකාසානඤ්චායතනං සමතික්කම්මා”ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං.
එහි සබ්බසො (සියලු ආකාරයෙන්) යනු, මේ කියන ලද නයමැයි. ආකාසානඤ්චායතනං සමතික්කම්ම යන මෙහි පෙර කී-නයින් ධ්‍යානයද ආකාසානඤ්චායතන අරමුණද යන දෙකම වේ, අරමුණද පළමු නයින්ම ‘ආකාසානඤ්ච’ද, ප්‍රථම අරූපධ්‍යානයට අරමුණුවන හෙයින්, දෙවියනට ‘දෙවායතන’ යනු මෙන් ප්‍රතිෂ්ඨාවන අර්ත්ථයෙන් ‘ආයතන’ ද වෙති’යි ‘ආකාසානඤ්චායතන’ නම් වේ. එසේම ‘ආකාසානඤ්ච’ වූයේද, එම ධ්‍යානයෙහි උපතට හේතුවන හෙයින්, ‘කාම්බෝජ්දේශය අශ්වයනට ආයතන වේ’ යනුවෙන් උපදනා දේශය යන අර්ත්ථයෙන් ‘ආයතන’ වූයේද ඒ මැයි ‘ආකාසානඤ්චායතන’ නම් වේ. මෙසේ මෙම ධ්‍යානයද අරමුණද යන දෙකම නොපැවැත්වීමෙන්ද මෙනෙහි නොකිරීමෙන්ද මැනවින් ඉක්මවාම මෙම විඤ්ඤාණඤ්චායතනයට පැමිණ විහරණය කටයුතු වේ, එහෙයින් (ධ්‍යානයද අරමුණද යන) දෙකම එක්කොට ‘ආකාසානඤ්චායතනය ඉක්මවයි’ යන මේ අර්ත්ථය කියන ලදැ’යි දතයුතුය.
අනන්තං විඤ්ඤාණන්ති තංයෙව අනන්තො ආකාසොති එවං ඵරිත්වා පවත්තවිඤ්ඤාණං “අනන්තං විඤ්ඤාණ”න්ති එවං මනසිකරොන්තොති වුත්තං හොති. මනසිකාරවසෙන වා අනන්තං. සො හි තමාකාසාරම්මණං විඤ්ඤාණං අනවසෙසතො මනසිකරොන්තො “අනන්ත”න්ති මනසි කරොති. යං පන විභඞ්ගෙ වුත්තං “අනන්තං විඤ්ඤාණන්ති, තංයෙව ආකාසං විඤ්ඤාණෙන ඵුටං මනසි කරොති, අනන්තං ඵරති, තෙන වුච්චති අනන්තං විඤ්ඤාණ”න්ති (විභ· 610).
අනන්තං විඤ්ඤාණං යනු, එම ආකාසානඤ්චායතනයම ‘අනන්තො ආකාසො’ යනුවෙන් මෙසේ පවත්වා පතුරුවන ලද විඤ්ඤාණය ‘අනන්තං විඤ්ඤාණං’ යනුවෙන් මෙසේ මෙනෙහි කෙරෙමිනි’යි කී -නියායි, නොහොත් මෙනෙහි කිරීම් වශයෙන් අනන්ත වේ, ඒ යෝගාවචර තෙමේ එම ආකාශය අරමුණුකොට ඇති විඤ්ඤාණය නිරවශේෂයෙන් මෙනෙහි කරනුයේ ‘අනන්තය’යි මෙනෙහි කෙරේ. යමක් විභංගයෙහි අනන්තවූ විඤ්ඤාණය’යි කියන ලද්දේ ද, විඤ්ඤාණයෙන් පතුරුවන ලද එම ආකාශයම මෙනෙහි කරයි, අතරක් නොමැති සේ පතුරුවයි, එහෙයින් ‘අනන්තං විඤ්ඤාණං’ (අනන්ත වූ විඤ්ඤාණය) යි කියන ලදි.
තත්ථ විඤ්ඤාණෙනාති උපයොගත්ථෙ කරණවචනං වෙදිතබ්බං. එවඤ්හි අට්ඨකථාචරියා තස්ස අත්ථං වණ්ණයන්ති, අනන්තං ඵරති තඤ්ඤෙව ආකාසං ඵුටං විඤ්ඤාණං මනසි කරොතීති වුත්තං හොති.
එහි ‘විඤ්ඤාණෙන’ (විඤ්ඤාණයෙන්) යනු, කර්මාර්ත්ථයෙහි කරණවචනැ’යි දතයුතුය. මේ ආකාරයෙන් අට්ඨකථාචාර්යයෝ එහි අර්ත්ථය වර්ණනා කෙරෙති. ‘අනත්තං එරති’ (අනන්ත ලෙස පතුරුවයි) යනු ආකාශය පුරා පැතිර සිටි එම විඤ්ඤාණය මෙනෙහි කරති’යි කී -නියායි.
විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරතීති එත්ථ පන නාස්ස අන්තොති අනන්තං. අනන්තමෙව ආනඤ්චං. විඤ්ඤාණං ආනඤ්චං විඤ්ඤාණානඤ්චන්ති අවත්වා විඤ්ඤාණඤ්චන්ති වුත්තං. අයඤ්හෙත්ථ රූළ්හීසද්දො. තං විඤ්ඤාණඤ්චං අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස දෙවානං දෙවායතනමිවාති විඤ්ඤාණඤ්චායතනං. සෙසං පුරිමසදිසමෙවාති.
විඤ්ඤාණාඤ්චායතනං උපසම්පජ්ජ විහරති යනු, මෙහි කෙළවරක් නැතැ’යි යන අරුතින් ‘අනන්ත’ වේ, අනන්තයම (ස්වාර්‍ත්‍ථ තද්ධිත වශයෙන්) ආනන්ත්‍ය = ‘ආනඤ්ච’ වේ, විඤ්ඤාණං ආනඤ්චං (ආනන්ත්‍ය වූ විඤ්ඤාණය) යනු ‘විඤ්ඤාණානඤ්චං’ යයි නොකියා ‘විඤ්ඤාණඤ්ච’ යයි කියනලදි. මේ මෙහි රූඪී වචනයි. එම විඤ්ඤාණඤ්චය මෙම ධ්‍යානයට ප්‍රතිෂ්ඨාවන අර්ත්ථයෙන්, දෙවියනට ‘දෙවායතන’ යනුවෙන් ‘විඤ්ඤාණඤ්චායතන’ නම් වේ. සෙස්ස පළමු කී ලෙසම වේ.
අයං විඤ්ඤාණඤ්චායතනකම්මට්ඨානෙ විත්ථාරකථා.
මේ විඤ්ඤාණාඤ්චායතන කර්මස්ථානය පිළිබද විස්තර කථායි.