යෙදුමෙන් කියවන්න

පඨමාරුප‍්පවණ‍්ණනා

පඨමාරුප‍්පවණ‍්ණනා

පඨමාරුප්පවණ්ණනා

බ්‍රහ‍්මවිහාරානන‍්තරං උද‍්දිට‍්ඨෙසු පන චතූසු ආරුප‍්පෙසු ආකාසානඤ‍්චායතනං තාව භාවෙතුකාමො “දිස‍්සන‍්තෙ ඛො පන රූපාධිකරණං දණ‍්ඩාදානසත්‍ථාදානකලහවිග‍්ගහවිවාදා, නත්‍ථි ඛො පනෙතං සබ‍්බසො ආරුප‍්පෙති. සො ඉති පටිසඞ‍්ඛාය රූපානංයෙව නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොතී”ති (ම· නි· 2.103) වචනතො එතෙසං දණ‍්ඩාදානාදීනඤ‍්චෙව චක‍්ඛුසොතරොගාදීනඤ‍්ච ආබාධසහස‍්සානං වසෙන කරජරූපෙ ආදීනවං දිස‍්වා තස‍්ස සමතික‍්කමාය ඨපෙත්‍වා පරිච‍්ඡින‍්නාකාසකසිණං නවසු පථවීකසිණාදීසු අඤ‍්ඤතරස‍්මිං චතුත්‍ථජ‍්ඣානං උප‍්පාදෙති.

බ්‍රහ්මවිහාරයනට අනතුරුව දක්වනලද චතුරාරුප්පයන් අතුරෙන් පළමුකොට ආකාසානඤ්චායතනය වඩනු කැමැති යෝගාවචර තෙමේ, “රූපය හේතුකොටගෙන වනාහි දඬුමුඟුරු ගැනීම, අවිආයුධ ගැනීම, කලහ, විග්‍රහ, විවාද යන මොහු දක්නා ලැබෙති, අරූපභවයෙහි වනාහි මොහු සර්වප්‍රකාරයෙන්ම අවිද්‍යමානයහ’යි හේ තෙමේ මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂාකොට රූපයන්ගේ නිර්වේදය පිණිස, විරාගයය පිණිස, නිරොධය පිණිස පිළිපන්නේ වේ” යයි කී හෙයින් මේ දණ්ඩාදානාදීන්ගේද, චක්ඛු-සොත රෝගාදීන්ගේද, දහස් ගණන් ආබාධයන්ගේද වශයෙන් කරජරූපයෙහි ආදීනව දැක, එය ඉක්මවනු පිණිස, පරිච්ඡින්නාකාස කසිණය හැර පඨවි කසිණ ආදී පළමු නව කසිණයන් අතුරෙන් කිසියම් කසිණයෙක්හි චතුර්ත්‍ථධ්‍යානය උපදවයි,

තස‍්ස කිඤ‍්චාපි රූපාවචරචතුත්‍ථජ‍්ඣානවසෙන කරජරූපං අතික‍්කන‍්තං හොති, අථ ඛො කසිණරූපම‍්පි යස‍්මා තප‍්පටිභාගමෙව, තස‍්මා තම‍්පි සමතික‍්කමිතුකාමො හොති. කථං? යථා අහිභීරුකො පුරිසො අරඤ‍්ඤෙ සප‍්පෙන අනුබද‍්ධො වෙගෙන පලායිත්‍වා පලාතට‍්ඨානෙ ලෙඛාචිත‍්තං තාලපණ‍්ණං වා වල‍්ලිං වා රජ‍්ජුං වා ඵලිතාය වා පන පථවියා ඵලිතන‍්තරං දිස‍්වා භායතෙව උත‍්තසතෙව, නෙව නං දක‍්ඛිතුකාමො හොති. යථා ච අනත්‍ථකාරිනා වෙරිපුරිසෙන සද‍්ධිං එකගාමෙ වසමානො පුරිසො තෙන වධබන්‍ධගෙහඣාපනාදීහි උපද‍්දුතො අඤ‍්ඤං ගාමං වසනත්‍ථාය ගන‍්ත්‍වා තත්‍රාපි වෙරිනා සමානරූපසද‍්දසමුදාචාරං පුරිසං දිස‍්වා භායතෙව උත‍්තසතෙව, නෙව නං දක‍්ඛිතුකාමො හොති.

ඔහු විසින් රූපාවචර චතුර්ත්‍ථධ්‍යාන වශයෙන් කරජරූපය ඉක්මවන ලද්දේ නමුදු, ඉක්බිති කසිණරූපයද එම කරජරූපය හා සමානවන හෙයින් එයද ඉක්මවනු කැමැත්තේ වේ. කෙසේදයත්, යම්සේ සර්පයනට බිය ඇති පුද්ගලයෙක් වනයෙහිදී සර්පයකු විසින් ලුහුබඳනා ලද්දේ වේගයෙන් පලාගොස් පලාගිය තන්හිදී රේඛාචිත්‍රයක් හෝ තල් කොළයක් හෝ වැලක් හෝ රැහැනක් හෝ ඉරිතලාගිය පොළොවෙහි පැල්මක් හෝ දැක බියපත් වේමය, තැතිගැනීමය, දකින්නට පවා නොකැමැති වේමය. තවද අනර්ත්‍ථකාරී වෛරී පුරුෂයකු හා සමග එක් ගමෙක වාසය කරන පුරුෂයෙක් ඔහු (වෛරී පුරුෂයා) විසින් වධබන්‍ධන, -පෙ-, ගිනිලෑම් ආදියෙන් උපද්‍රව කරනලදුව අන් ගමෙක විසීමට ගොස් එහිදී එම වෛරියාට සමාන රූපශබ්දප්‍රවෘත්ති ඇති පුරුෂයකු දුටුවිට බියපත් වේමය, තැති ගනීමය, දකින්නට පවා නොකැමැති වේමය.

තත්‍රිදං ඔපම‍්මසංසන්‍දනං – තෙසං හි පුරිසානං අහිනා වෙරිනා වා උපද‍්දුතකාලො විය භික‍්ඛුනො ආරම‍්මණවසෙන කරජරූපසමඞ‍්ගිකාලො. තෙසං වෙගෙන පලායනඅඤ‍්ඤගාමගමනානි විය භික‍්ඛුනො රූපාවචරචතුත්‍ථජ‍්ඣානවසෙන කරජරූපසමතික‍්කමනකාලො. තෙසං පලාතට‍්ඨානෙ ච අඤ‍්ඤගාමෙ ච ලෙඛාචිත‍්තතාලපණ‍්ණාදීනි චෙව වෙරිසදිසං පුරිසඤ‍්ච දිස‍්වා භයසන‍්තාසඅදස‍්සනකාමතා විය භික‍්ඛුනො කසිණරූපම‍්පි තප‍්පටිභාගමෙව ඉදන‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා තම‍්පි සමතික‍්කමිතුකාමතා. සූකරාභිහතසුනඛපිසාචභීරුකාදිකාපි චෙත්‍ථ උපමා වෙදිතබ‍්බා.

එහි උපමා සංසන්‍දනය මෙසේය: සර්පයා විසින් හෝ වෛරී පුද්ගලයා විසින් උපද්‍රව කරන කාලය එම භික්‍ෂුවගේ කරජරූපය හා සමග බැදී සිටින කාලය වැනිය, ඔහුගේ වේගයෙන් පලායාම, නැතහොත්, අන්ගමකට පලායාම මෙහි භික්‍ෂුවගේ රූපාවචරචතුර්ත්‍ථධ්‍යාන වශයෙන් කරජරූපය ඉක්මවන කාලය වැනිය, ඔවුන් පලාගිය ස්ථානයෙහිදී නොහොත්, අන් ගමෙකදී රේඛාචිත්‍ර තාලපත්‍ර ආදිය නොහොත් වෛරී පුරුෂයාට සමාන පුරුෂයකු දැක ඇතිවන භය, සන්ත්‍රාසය හෝ නොදක්නා කැමැතිබව භික්‍ෂුවගේ කසිණරූපය කරජරූපය හා සමානයයි සලකා එයද ඉක්මවනු කැමැතිවීම වැනිය. මෙහිලා හූරකුගෙන් පහර කෑ බල්ලාය, පිශාචයන් ගැන බියෙන් පෙළෙන්නාය යන මේ උපමාවද දත යුතුය.

එවං සො තස‍්මා චතුත්‍ථජ‍්ඣානස‍්ස ආරම‍්මණභූතා කසිණරූපා නිබ‍්බිජ‍්ජ පක‍්කමිතුකාමො පඤ‍්චහාකාරෙහි චිණ‍්ණවසී හුත්‍වා පගුණරූපාවචරචතුත්‍ථජ‍්ඣානතො වුට‍්ඨාය තස‍්මිං ඣානෙ “ඉමං මයා නිබ‍්බිණ‍්ණං රූපං ආරම‍්මණං කරොතී”ති ච, “ආසන‍්නසොමනස‍්සපච‍්චත්‍ථික”න‍්ති ච, “සන‍්තවිමොක‍්ඛතො ඔළාරික”න‍්ති ච ආදීනවං පස‍්සති. අඞ‍්ගොළාරිකතා පනෙත්‍ථ නත්‍ථි. යථෙව හෙතං රූපං දුවඞ‍්ගිකං, එවං ආරුප‍්පානිපීති.

එහෙයින් එසේ හේ තෙමේ චතුර්ත්‍ථ ධ්‍යානයට අරමුණු වූ කසිණරූපයෙහි කළකිරී එයින් ඉවත යනු කැමැතිව, පස් ආකාරයෙන් වඩනාලද චිණ්ණවසීභාව ඇතිව ප්‍රගුණ කරනලද රූපාවචර චතුර්ත්‍ථ ධ්‍යානයෙන් නැගී, එම ධ්‍යානයෙහි, “මා කලකිරුණ මේ රූපය අරමුණු කෙරෙති”යිද, ආසන්නව සිටි සොමනස්ස නමැති ප්‍රතිපක්‍ෂයකු ඇතැ’යි ද, ශාන්ත විමොක්‍ෂයට (අරූපාවචර ධ්‍යානයට) වඩා ඔළාරික’ යයිද යන මේ ආදීනව දකී. මෙහි ධ්‍යානාංග වශයෙන් ඔළාරිකබවක් නැත. යම්සේ මේ රූපාවචර චතුර්ත්‍ථධ්‍යානය ද්වංගික වේද, එසේම සතර අරූපධ්‍යානයෝද ද්වංගික වෙති.

සො තත්‍ථ එවං ආදීනවං දිස‍්වා නිකන‍්තිං පරියාදාය ආකාසානඤ‍්චායතනං සන‍්තතො අනන‍්තතො මනසිකරිත්‍වා චක‍්කවාළපරියන‍්තං වා යත‍්තකං ඉච‍්ඡති තත‍්තකං වා කසිණං පත්‍ථරිත්‍වා තෙන ඵුට‍්ඨොකාසං “ආකාසො ආකාසො”ති වා, “අනන‍්තො ආකාසො”ති වා මනසිකරොන‍්තො උග‍්ඝාටෙති කසිණං. උග‍්ඝාටෙන‍්තො හි නෙව කිලඤ‍්ජං විය සංවෙල‍්ලෙති, න කපාලතො පූවං විය උද‍්ධරති, කෙවලං පන තං නෙව ආවජ‍්ජෙති, න මනසි කරොති, න පච‍්චවෙක‍්ඛති, අනාවජ‍්ජෙන‍්තො අමනසිකරොන‍්තො අපච‍්චවෙක‍්ඛන‍්තො ච අඤ‍්ඤදත්‍ථු තෙන ඵුට‍්ඨොකාසං “ආකාසො ආකාසො”ති මනසිකරොන‍්තො කසිණං උග‍්ඝාටෙති නාම. කසිණම‍්පි උග‍්ඝාටියමානං නෙව උබ‍්බට‍්ටති න විවට‍්ටති, කෙවලං ඉමස‍්ස අමනසිකාරඤ‍්ච “ආකාසො ආකාසො”ති මනසිකාරඤ‍්ච පටිච‍්ච උග‍්ඝාටිතං නාම හොති, කසිණුග‍්ඝාටිමාකාසමත‍්තං පඤ‍්ඤායති. කසිණුග‍්ඝාටිමාකාසන‍්ති වා කසිණඵුට‍්ඨොකාසොති වා කසිණවිවිත‍්තාකාසන‍්ති වා සබ‍්බමෙතං එකමෙව.

ඒ යෝගී තෙමේ එම චතුර්ත්‍ථධ්‍යාන විෂයෙහි ආදීනව දැක, එයට ඇති රුචිබව ඉක්මවා, ආකාසානඤ්චායතනය ශාන්ත වශයෙන්, අනන්ත වශයෙන් මෙනෙහිකොට, සක්වළ කෙළවරට හෝ යම්තාක් කැමැත්තේ නම් ඒතාක් දුරට කසිණය පතුරුවා එයින් පැතුරුණ ආකාශය “ආකාසො ආකාසො” යනුවෙන්, නැතහොත්, “අනන්තො ආකාසො” යනුවෙන් මෙනෙහි කරමින් කසිණය උගුළුවන්නේ වේ. කසිණයද උගුළුවනු ලබනුයේ පැදුරක් මෙන් හැකිලෙන්නේ නොවේ, කබලින් පූවක් මෙන් ගැලවෙන්නේ නොවේ. හුදෙක් එම කසිණය ආවර්ජනය නොකෙරේ, මෙනෙහි නොකෙරේ, ප්‍රත්‍යවෙක්‍ෂා නොකෙරේ. ආවර්ජන නොකරනවිට, මෙනෙහි නොකරනවිට, ප්‍රත්‍යවෙක්‍ෂා නොකරනවිට ඒකාන්තයෙන්ම එම කසිණයෙන් පැතිරුණ ආකාශය “ආකාසො ආකාසො” යනුවෙන් මෙනෙහි කරනුයේ කසිණය උගුළුවන්නේ නම් වේ. කසිණයද උගුළුවනු ලබන්නේ නොපැතිරේ, නොහැකිලේ, හුදෙක් මේ කසිණය මෙනෙහි නොකිරීමද, “ආකාසො ආකාසො”යි ආකාශය මෙනෙහි කිරීමද හේතුකොටගෙන උගුළුවනු ලදුයේ නම් වේ. කසිණ ඉගුළු වූ ආකාශය පමණක් දිස්වේ. කසිණය ඉගුළුවූ ආකාශය යනු හෝ, කසිණය පැතුරුණ ආකාශය යනු හෝ, කසිණයෙන් තොරවූ ආකාශය යනු හෝ මේ සියල්ලෙන්ම පැවසෙනුයේ එකක්මය.

සො තං කසිණුග‍්ඝාටිමාකාසනිමිත‍්තං “ආකාසො ආකාසො”ති පුනප‍්පුනං ආවජ‍්ජෙති, තක‍්කාහතං විතක‍්කාහතං කරොති. තස‍්සෙවං පුනප‍්පුනං ආවජ‍්ජයතො තක‍්කාහතං විතක‍්කාහතං කරොතො නීවරණානි වික‍්ඛම‍්භන‍්ති, සති සන‍්තිට‍්ඨති, උපචාරෙන චිත‍්තං සමාධියති. සො තං නිමිත‍්තං පුනප‍්පුනං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස‍්සෙවං පුනප‍්පුනං ආවජ‍්ජයතො මනසිකරොතො පථවීකසිණාදීසු රූපාවචරචිත‍්තං විය ආකාසෙ ආකාසානඤ‍්චායතනචිත‍්තං අප‍්පෙති. ඉධාපි හි පුරිමභාගෙ තීණි චත‍්තාරි වා ජවනානි කාමාවචරානි උපෙක‍්ඛාවෙදනාසම‍්පයුත‍්තානෙව හොන‍්ති. චතුත්‍ථං පඤ‍්චමං වා අරූපාවචරං. සෙසං පථවීකසිණෙ වුත‍්තනයමෙව.

ඒ යෝගාවචර තෙමේ කසිණය ඉගුළුවූ ආකාසනිමිත්ත “ආකාසො ආකාසො”යි නැවත නැවතත් මෙනෙහි කරයි, තර්කයට විතර්කයට බඳුන් කරයි. මෙසේ නැවත නැවතත් ආවර්ජනය කරනවිට, තර්කයට විතර්කයට බඳුන් කරනවිට ඒ යෝගාවචරයාගේ නීවරණයෝ යටපත් වෙති, සිහිය මනාව පිහිටයි, උපචාර ධ්‍යානයෙන් සිත සමාධිගත වේ. ඒ යෝගාවචර තෙමේ එම ආකාස නිමිත්ත යලි යලිත් සේවනය කරයි, වඩයි, පුරුදු කරයි. මෙසේ යලි යලිත් ආවර්ජනය කරනවිට, මෙනෙහි කරනවිට, පඨවිකසිණාදියෙහි රූපාවචරචිත්තය මෙන් ආකාශ විෂයෙහි ආකාසානඤ්චායතන චිත්තය අර්පණාගත වෙයි. මෙහිදී ද ප්‍රථමභාගයෙහි තුන්-සතර ජවනයෙක් කාමාවචර වේ, උපෙක්‍ෂාවෙදනාවෙන් යුක්තවූයේම වේ, සතරවැන්න හෝ පස්වැන්න අරූපාවචර වේ. සෙස්ස පඨවිකසිණයෙහි කි නයමැයි.

අයං පන විසෙසො, එවං උප‍්පන‍්නෙ අරූපාවචරචිත‍්තෙ සො භික‍්ඛු යථා නාම යානප‍්පුතොළි කුම‍්භිමුඛාදීනං අඤ‍්ඤතරං නීලපිලොතිකාය වා පීතලොහිතොදාතාදීනං වා අඤ‍්ඤතරාය පිලොතිකාය බන්‍ධිත්‍වා පෙක‍්ඛමානො පුරිසො වාතවෙගෙන වා අඤ‍්ඤෙන වා කෙනචි අපනීතාය පිලොතිකාය ආකාසංයෙව පෙක‍්ඛමානො තිට‍්ඨෙය්‍ය, එවමෙව පුබ‍්බෙ කසිණමණ‍්ඩලං ඣානචක‍්ඛුනා පෙක‍්ඛමානො විහරිත්‍වා “ආකාසො ආකාසො”ති ඉමිනා පරිකම‍්මමනසිකාරෙන සහසා අපනීතෙ තස‍්මිං නිමිත‍්තෙ ආකාසඤ‍්ඤෙව පෙක‍්ඛමානො විහරති. එත‍්තාවතා චෙස “සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ‘අනන‍්තො ආකාසො’ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරතී”ති වුච‍්චති (විභ· 508; දී· නි· 2.129).

මේ වනාහි විශේෂයයි: මෙසේ අරූපාවචර සිත් උපන් කල ඒ භික්‍ෂු තෙමේ, යම්සේ වනාහි යානමුඛය (යානයෙක ඉදිරි පස) පතොලිමුඛය (වීදි දොරකඩ) කුම්භිමුඛය (සැලිකට) යන ආදිය අතුරෙන් කිසිවක් නිල් කඩෙකින් හෝ පීත, ලොහිත, අවදාත ආදී වර්ණ ඇති කඩෙකින් හෝ බැඳ අවට නරඹන පුරුෂයෙක් වාත වේගයෙන් හෝ අන් කිසියම් වේගයෙකින් හෝ එම රෙදිකඩ ඉවත්වූවිට ආකාශයම දකිමින් සිටින්නේද, එසේම පළමුව කසිණමණ්ඩලය ධ්‍යානචක්‍ෂුසින් බලමින් සිට, “ආකාසො ආකාසො” යන මේ පරිකර්ම මනස්කාරයෙන් එම නිමිත්ත වේගයෙන් ඉවත්වූ විට ආකාශයම දකිමින් විවරණය කරයි. මෙපණෙකින්ම මේ යෝගාවචර තෙමේ “සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්‍ථඞ්ගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති” (සෑම අතින්ම රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝසංඥාවන් පහවීමෙන්, නානත්තසංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ගෙන ආකාසානඤ්චායතනයට පැමිණ විහරණය කෙරේය”යි කියනලදි.

තත්‍ථ සබ‍්බසොති සබ‍්බාකාරෙන, සබ‍්බාසං වා අනවසෙසානන‍්ති අත්‍ථො. රූපසඤ‍්ඤානන‍්ති සඤ‍්ඤාසීසෙන වුත‍්තරූපාවචරජ‍්ඣානානඤ‍්චෙව තදාරම‍්මණානඤ‍්ච. රූපාවචරජ‍්ඣානම‍්පි හි රූපන‍්ති වුච‍්චති “රූපී රූපානි පස‍්සතී”තිආදීසු (දී· නි· 2.129), තස‍්ස ආරම‍්මණම‍්පි “බහිද‍්ධා රූපානි පස‍්සති සුවණ‍්ණදුබ‍්බණ‍්ණානී”තිආදීසු (දී· නි· 2.173), තස‍්මා ඉධ රූපෙ සඤ‍්ඤා රූපසඤ‍්ඤාති එවං සඤ‍්ඤාසීසෙන වුත‍්තරූපාවචරජ‍්ඣානස‍්සෙතං අධිවචනං. රූපං සඤ‍්ඤා අස‍්සාති රූපසඤ‍්ඤං. රූපං අස‍්ස නාමන‍්ති වුත‍්තං හොති. පථවීකසිණාදිභෙදස‍්ස තදාරම‍්මණස‍්ස චෙතං අධිවචනන‍්ති වෙදිතබ‍්බං. සමතික‍්කමාති විරාගා නිරොධා ච. කිං වුත‍්තං හොති? එතාසං කුසලවිපාකකිරියවසෙන පඤ‍්චදසන‍්නං ඣානසඞ‍්ඛාතානං රූපසඤ‍්ඤානං, එතෙසඤ‍්ච පථවීකසිණාදිවසෙන නවන‍්නං ආරම‍්මණසඞ‍්ඛාතානං රූපසඤ‍්ඤානං සබ‍්බාකාරෙන අනවසෙසානං වා විරාගා ච නිරොධා ච විරාගහෙතුඤ‍්චෙව නිරොධහෙතුඤ‍්ච ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. න හි සක‍්කා සබ‍්බසො අනතික‍්කන‍්තරූපසඤ‍්ඤෙන එතං උපසම‍්පජ‍්ජ විහරිතුන‍්ති.

එහි සබ්බසො යනු, සියලු ආකාරයෙන්, නොහොත් ‘ඉතිරි නොකොට සියලු රූපසංඥාවන්ගේ’යි යන අර්ත්‍ථයි. රූපසඤ්ඤානං යනු, සඤ්ඤා ශීර්ෂයෙන් කියනලද රූපාවචර ධ්‍යානයන්ගේද එයට අරමුණු වූ කසිණාදී නිමිත්තයන්ගේද -රූපාවචර ධ්‍යානයද ‘රූපී රූපානි පස්සති’ ආදි තන්හි රූපයයි කියනු ලැබේ. “බහිද්ධා රූපානි පස්සති සුවණ්ණදුබ්බණ්නි” යන ආදී තන්හි එම අරමුණුද රූපයයි කියනු ලැබේ. එහෙයින් මෙහි රූපයෙහි වූ සංඥාව ‘රූපසඤ්ඤා’ යයි මෙසේ සඤ්ඤා ශීර්ෂයෙන් කියනලද රූපාවචර ධ්‍යානයට මේ අධිවචනයෙකි. රූපය යන සංඥාව මෙයට ඇත්තේයයි ‘රූපසඤ්ඤා’ යයි කියනු ලැබේ. ‘රූප’ යනු මෙයට නමැ’යි කී නියායි. මෙසේ පඨවිකසිණ ආදී ප්‍රභේද ඇති එම රූපාවචර ධ්‍යාන හා ආරම්මණයනටද මේ අධිවචනැ’යි දතයුතුය. සමතික්කමා යනු, අනභිරතියෙනි, පහකිරීමෙනි. කුමක් කී නියාදයත්, කුසලවිපාකකිරිය වශයෙන් මෙම ධ්‍යාන සංඛ්‍යාත වූ පසළොස් රූපසංඥාවන්ගේද පඨවිකසිණාදී වශයෙන් ආරම්මණ සංඛ්‍යාත වූ අනවශේෂ නවරූපසංඥාවන්ගේද, නොහොත් සියලු ආකාරයෙන් අනවශේෂ වූ රූපසංඥාවන්ගේද අනභිරතියෙන් වැලැක්වීමෙන්, විරාගයට හේතු වූ නිරෝධයට හේතු වූ ආකාසානඤ්චායතනයට පැමිණ විහරණය කරයි. සියලුම ආකාරයෙන් නොඉක්මවූ රූප සංඥා ඇත්තහුට මෙම ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ විහරණය කළ නොහැකිය.

තත්‍ථ යස‍්මා ආරම‍්මණෙ අවිරත‍්තස‍්ස සඤ‍්ඤාසමතික‍්කමො න හොති, සමතික‍්කන‍්තාසු ච සඤ‍්ඤාසු ආරම‍්මණං සමතික‍්කන‍්තමෙව හොති. තස‍්මා ආරම‍්මණසමතික‍්කමං අවත්‍වා “තත්‍ථ කතමා රූපසඤ‍්ඤා ? රූපාවචරසමාපත‍්තිං සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං , ඉමා වුච‍්චන‍්ති රූපසඤ‍්ඤායො. ඉමා රූපසඤ‍්ඤායො අතික‍්කන‍්තො හොති වීතික‍්කන‍්තො සමතික‍්කන‍්තො. තෙන වුච‍්චති සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා”ති (විභ· 602) එවං විභඞ‍්ගෙ සඤ‍්ඤානංයෙව සමතික‍්කමො වුත‍්තො. යස‍්මා පන ආරම‍්මණසමතික‍්කමෙන පත‍්තබ‍්බා එතා සමාපත‍්තියො, න එකස‍්මිඤ‍්ඤෙව ආරම‍්මණෙ පඨමජ‍්ඣානාදීනි විය. තස‍්මා අයං ආරම‍්මණසමතික‍්කමවසෙනාපි අත්‍ථවණ‍්ණනා කතාති වෙදිතබ‍්බා.

එහිලා, යම් හෙයකින් අරමුණෙහි නොඇලුණාහුට සංඥාවන්ගේ ඉක්මවීම නොවන්නේද, සංඥාවන් ඉක්මවනලද කල්හිම අරමුණ ඉක්මවන ලද්දේ වේද, එහෙයින් ආරම්මණසමතික්‍රමණය නොකියා, එහි ‘රූපසඤ්ඤා’ යනු කවරේද යත්, රූපාවචර සමාපත්තියට පැමිණියහුගේ හෝ එම විපාකයට පැමිණියහුගේ හෝ දිට්ඨධම්මසුඛයෙන් වසන්නහුගේ හෝ සංඥාව, හැඳිනීම, හඳුනනබව රූපසංඥාය’යි කියනු ලැබේ. මේ රූපසංඥාවන් ඉක්මවූවාහුය, ව්‍යතික්‍රමණය කළාහුය, මනාකොට ඉක්මවූවාහුය, එහෙයින් රූපසංඥාවන් ඉක්මවීමෙනියි කියනු ලැබේ.” මෙසේද විභඞ්ගයෙහි සංඥාවන්ගේම සමතික්‍රමණය කියනලදි. යම්සේ වනාහි ආරම්මණ සමතික්‍රමණයෙන් මෙම සමාපත්තියට පැමිණිය යුතු වන්නේද, ප්‍රථමධ්‍යානාදිය මෙන් එක්ම අරමුණෙක්හි සිට පැමිණියයුතු නොවන්නේද, එහෙයින් මෙම ආරම්මණසමතික්‍රමණ වශයෙන්ද අර්ත්‍ථ වර්ණනාව කරනලදැ’යි දතයුතුය.

පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමාති චක‍්ඛාදීනං වත්‍ථූනං රූපාදීනං ආරම‍්මණානඤ‍්ච පටිඝාතෙන සමුප‍්පන‍්නා සඤ‍්ඤා පටිඝසඤ‍්ඤා. රූපසඤ‍්ඤාදීනං එතමධිවචනං. යථාහ – “තත්‍ථ කතමා පටිඝසඤ‍්ඤා? රූපසඤ‍්ඤා සද‍්දසඤ‍්ඤා ගන්‍ධසඤ‍්ඤා රසසඤ‍්ඤා ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා, ඉමා වුච‍්චන‍්ති පටිඝසඤ‍්ඤායො”ති (විභ· 603). තාසං කුසලවිපාකානං පඤ‍්චන‍්නං, අකුසලවිපාකානං පඤ‍්චන‍්නන‍්ති සබ‍්බසො දසන‍්නම‍්පි පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා පහානා අසමුප‍්පාදා අප‍්පවත‍්තිං කත්‍වාති වුත‍්තං හොති.

පටිඝසඤ්ඤානං අත්‍ථඞ්ගමා යනු, චක්‍ෂුරාදී වස්තූන්ගේද, රූපාදී ආරම්මණයන්ගේද ගැටීමෙන් උපන් සංඥාවෝ පටිඝසඤ්ඤා නම් වෙති, මේ රූපසඤ්ඤා ආදියට අධිවචනයි. කියනලද මැයි: එහි ‘පටිඝසඤ්ඤා’ යනු කවරේද යත්: රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්‍ධසඤ්ඤා, රසසඤ්ඤා, පොට්ඨබ්බසඤ්ඤා යන මොහු ‘පටිඝසඤ්ඤා’ යයි කියනු ලැබෙති. කුසලවිපාක පසෙක්ද, අකුසලවිපාක පසෙක්දැයි දශයක්වූ සියලු ආකාර ඇති පටිඝසංඥාවන්ගේ ඉවත්වයාමෙන්, පහවීමෙන්, නොඉපැදවීමෙන් නොපැවතීම සිදුකොටැ’යි කී නියායි.

කාමඤ‍්චෙතා පඨමජ‍්ඣානාදීනි සමාපන‍්නස‍්සාපි න සන‍්ති. න හි තස‍්මිං සමයෙ පඤ‍්චද‍්වාරවසෙන චිත‍්තං පවත‍්තති. එවං සන‍්තෙපි අඤ‍්ඤත්‍ථ පහීනානං සුඛදුක‍්ඛානං චතුත්‍ථජ‍්ඣානෙ විය, සක‍්කායදිට‍්ඨාදීනං තතියමග‍්ගෙ විය ච ඉමස‍්මිං ඣානෙ උස‍්සාහජනනත්‍ථං ඉමස‍්ස ඣානස‍්ස පසංසාවසෙන එතාසමෙත්‍ථ වචනං වෙදිතබ‍්බං.

මෙම පටිඝසංඥාවෝ ඒකාන්තයෙන්ම ප්‍රථමධ්‍යානාදියට සමවන්නහුටද නොවන්නාහුය. එම රූපධ්‍යානයනට සමවන් කල්හි සිත පඤ්චද්වාර වශයෙන් නොපවතී. එසේ වත්මුත්, යම්සේ සෙසු ධ්‍යානයන්හිදී ප්‍රහීණ කළ සුඛදුඃඛාදිය චතුර්ත්‍ථධ්‍යානයෙහිද කියනු ලබනුයේ වේද, (ප්‍රථම මාර්ගයෙන් ප්‍රහීණ කළ) සක්කායදිට්ඨි ආදිය තුන්වන මාර්ගයෙහිද කියනු ලැබෙනුයේ වේද, එසේම මෙම ධ්‍යානය කෙරෙහි උත්සාහ දනවනු පිණිසද, මේ ධ්‍යානයට ප්‍රශංසා වශයෙන්ද මෙම පටිඝසංඥාවන් ගැන මෙහි සඳහන් කරනලදැ’යි දතයුතුය,

අථ වා කිඤ‍්චාපි තා රූපාවචරං සමාපන‍්නස‍්සාපි න සන‍්ති, අථ ඛො න පහීනත‍්තා න සන‍්ති. න හි රූපවිරාගාය රූපාවචරභාවනා සංවත‍්තති, රූපායත‍්තා ච එතාසං පවත‍්ති. අයං පන භාවනා රූපවිරාගාය සංවත‍්තති. තස‍්මා තා එත්‍ථ පහීනාති වත‍්තුං වට‍්ටති. න කෙවලඤ‍්ච වත‍්තුං, එකංසෙනෙව එවං ධාරෙතුම‍්පි වට‍්ටති. තාසඤ‍්හි ඉතො පුබ‍්බෙ අප‍්පහීනත‍්තායෙව පඨමං ඣානං සමාපන‍්නස‍්ස සද‍්දො “කණ‍්ටකො”ති (අ· නි· 10.72) වුත‍්තො භගවතා. ඉධ ච පහීනත‍්තායෙව අරූපසමාපත‍්තීනං ආනෙඤ‍්ජතා (විභ· 226) සන‍්තවිමොක‍්ඛතා (ම· නි· 1.66) ච වුත‍්තා. ආළාරො ච කාලාමො අරූපසමාපන‍්නො පඤ‍්චමත‍්තානි සකටසතානි නිස‍්සාය නිස‍්සාය අතික‍්කමන‍්තානි නෙව අද‍්දස, න පන සද‍්දං අස‍්සොසීති (දී· නි· 2.192).

නොහොත්, එම පටිඝසංඥාවන් රූපාවචර ධ්‍යානයනට සමවන්නහුටද ඇත්තේ නැත. එතෙකුදු වුවත්, ප්‍රහීණවූ හෙයින්ම නැත්තේ නොවේ, රූපාවචරභාවනාව රූපවිරාගය පිණිස පවත්නේ නොවේ. මෙකී භාවනාවන්ගේ පැවැත්මද රූපයනට අයත්වේ. මෙම (අරූපාවචර) භාවනාව රූපවිරාගය පිණිස පවත්නේය. එහෙයින් ඒ පටිඝසංඥාවෝ මෙම අරූපභාවනා විෂයෙහිදී ප්‍රහීණයහ’යි කියනු වටනේය. හුදෙක් කියනුමතු නොවේ, ඒකාන්තයෙන් එසේය’යි සිතට ගනුද වටනේය. මෙම අරූපධ්‍යානයනට පෙර අප්‍රහීණවූ හෙයින්ම, ප්‍රථමධ්‍යානයට සමවන්නහුට ශබ්දය කටුඅකුලෙකැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. මෙම අරූප ධ්‍යානයෙහිදී ප්‍රහීණ වූ හෙයින්ම අරූපසමාපත්තීන් අකම්ප්‍යවනබවද, ‘සන්තවිමොක්ඛ’ නම් වනබවද කියනු ලැබේ. ආළාර කාලාම තෙමේද, අරූපසමාපත්තියට සමවන්නේ පන්සියයක් පමණ වූ ගැල් ගෙනයන්නවුන් නොදුටුවේය, ශබ්දය හෝ නොම ඇසීය.

නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරාති නානත‍්තෙ වා ගොචරෙ පවත‍්තානං සඤ‍්ඤානං, නානත‍්තානං වා සඤ‍්ඤානං. යස‍්මා හි එතා “තත්‍ථ කතමා නානත‍්තසඤ‍්ඤා? අසමාපන‍්නස‍්ස මනොධාතුසමඞ‍්ගිස‍්ස වා මනොවිඤ‍්ඤාණධාතුසමඞ‍්ගිස‍්ස වා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, ඉමා වුච‍්චන‍්ති නානත‍්තසඤ‍්ඤායො”ති එවං විභඞ‍්ගෙ (විභ· 604) විභජිත්‍වා වුත‍්තා ඉධ අධිප‍්පෙතා අසමාපන‍්නස‍්ස මනොධාතුමනොවිඤ‍්ඤාණධාතුසඞ‍්ගහිතා සඤ‍්ඤා රූපසද‍්දාදිභෙදෙ නානත‍්තෙ නානාසභාවෙ ගොචරෙ පවත‍්තන‍්ති, යස‍්මා චෙතා අට‍්ඨ කාමාවචරකුසලසඤ‍්ඤා, ද‍්වාදසාකුසලසඤ‍්ඤා, එකාදස කාමාවචරකුසලවිපාකසඤ‍්ඤා, ද‍්වෙ අකුසලවිපාකසඤ‍්ඤා, එකාදස කාමාවචරකිරියසඤ‍්ඤාති එවං චතුචත‍්තාලීසම‍්පි සඤ‍්ඤා නානත‍්තා නානාසභාවා අඤ‍්ඤමඤ‍්ඤං අසදිසා, තස‍්මා නානත‍්තසඤ‍්ඤාති වුත‍්තා. තාසං සබ‍්බසො නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනාවජ‍්ජනා අසමන‍්නාහාරා අපච‍්චවෙක‍්ඛණා. යස‍්මා තා නාවජ‍්ජෙති, න මනසි කරොති, න පච‍්චවෙක‍්ඛති, තස‍්මාති වුත‍්තං හොති.

නානන්තසඤ්ඤානං අමනසිකාරා යනු, නානාස්වභාව ඇති අරමුණෙහි පැවැති සංඥාවන්ගේ නොහොත් නානාස්වභාව ඇති සංඥාවන්ගේ-යම්හෙයකින් වනාහි මේ සංඥාවෝ, “එහි නානන්තසඤ්ඤා නම් කවරහුද යත්, මනොධාතුසමන්විත වූ හෝ මනොවිඤ්ඤාණධාතු සමන්විත වූ හෝ ධ්‍යානයනට නොසමවන්නහුගේ සංඥාවන්, හැඳින ගැනීම, හඳුනාගත්බව ‘නානත්තසඤ්ඤා’ යයි කියනු ලබයි” මෙසේ විභංගයෙහි විග්‍රහකොට කියනලද සංඥාවෝ මෙහිලා අභිප්‍රේතයහ. ධ්‍යානයනට සමනොවන්නහුගේ මනොධාතුන් හා මනොවිඤ්ඤාණධාතුන්ගෙන් සංගෘහීතවූ සංඥාවෝ රූප ශබ්දාදී ප්‍රභේද ඇති, නානාප්‍රකාර ඇති, නානාස්වභාව ඇති, අරමුණෙහි පවත්නාහු වෙත්ද, තවද යම් හෙයකින් මේ සංඥාවෝ කාමාවචර කුසලසංඥා අටෙක්ද, අකුසලසංඥා දොළොසෙක්ද, කාමාවචරකුසලවිපාකසංඥා එකොළොසෙක්ද, අකුසලවිපාකසංඥා දෙකෙක්ද, කාමාවචරකිරියසංඥා එකොළොසෙක්දැ’යි මෙසේ සූසාළිස් සංඥාවෝම නානාආකාර ඇත්තාහු, නානාස්වභාව ඇත්තාහු, එකිනෙකට විසදෘශ වූවාහු වෙත්ද, එහෙයින් ‘නානත්තසඤ්ඤාය’යි කියනු ලබති. සියලු ආකාර නානත්‍වයෙන් යුත් එම සංඥාවන් මෙනෙහි නොකිරීමෙනි, ආවර්ජන නොකිරීමෙනි, වැළඳ නොගැනීමෙන්, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙනි. යම්හෙයකින් එම සංඥාවන් ආවර්ජන නොකෙරේද, මෙනෙහි නොකෙරේද, ප්‍රත්‍යවෙක්‍ෂා නොකෙරේද, එහෙයිනි’යි කී -නියායි.

යස‍්මා චෙත්‍ථ පුරිමා රූපසඤ‍්ඤා පටිඝසඤ‍්ඤා ච ඉමිනා ඣානෙන නිබ‍්බත‍්තෙ භවෙපි න විජ‍්ජන‍්ති. පගෙව තස‍්මිං භවෙ ඉමං ඣානං උපසම‍්පජ‍්ජ විහරණකාලෙ, තස‍්මා තාසං සමතික‍්කමා අත්‍ථඞ‍්ගමාති ද‍්වෙධාපි අභාවොයෙව වුත‍්තො. නානත‍්තසඤ‍්ඤාසු පන යස‍්මා අට‍්ඨ කාමාවචරකුසලසඤ‍්ඤා, නව කිරියසඤ‍්ඤා, දසාකුසලසඤ‍්ඤාති ඉමා සත‍්තවීසතිසඤ‍්ඤා ඉමිනා ඣානෙන නිබ‍්බත‍්තෙ භවෙ විජ‍්ජන‍්ති, තස‍්මා තාසං අමනසිකාරාති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තත්‍රාපි හි ඉමං ඣානං උපසම‍්පජ‍්ජ විහරන‍්තො තාසං අමනසිකාරායෙව උපසම‍්පජ‍්ජ විහරති, තා පන මනසිකරොන‍්තො අසමාපන‍්නො හොතීති.

තවද යම් හෙයකින් මෙහි පළමු කී රූපසඤ්ඤාවෝද පටිඝසඤ්ඤාවෝද මේ ධ්‍යානය හේතුකොට උපන් භවයෙක්හිදු විද්‍යාමාන නොවෙත්ද, එම භවයෙහිදී මෙම ධ්‍යානයට පැමිණ විහරණ කරන කල්හි කැලම විද්‍යමාන නොවෙත්ද, එහෙයින් එම සංඥාවන් ඉක්මවීමෙන්ද, පහවීමෙන්දැයි යන දෙආකාරයෙන්ම ඔවුන්ගේ අභාවයම කියන ලද්දේය. නානත්‍වසංඥාවන් අතුරෙන් වනාහි, යම් හෙයකින් කාමාවචරකුසලසංඥා අටද, කිරියසංඥා නවයෙක්ද, අකුසලසංඥා දශයෙක්දැ’යි යන මේ සත්විසි සංඥාවෝ මෙම ධ්‍යානය හේතුකොට උපන් භවයෙක්හිදු විද්‍යමාන වෙත්ද, එහෙයින් එම සංඥාවන් මෙනෙහි නොකිරීමෙනි’යි කියන ලදැයි දතයුතුය. එම අරූපභවයෙහිදී පවා මෙම අරූපධ්‍යානයට පැමිණ විහරණය කරනුයේ එම නානත්‍වසංඥාවන් මෙනෙහි නොකරන හෙයින්ම ධ්‍යානයට පැමිණ විහරණ කරන්නේ වේ, එම සංඥාවන් මෙනෙහි කරනුයේ නොසමවන්නේ වේ.

සඞ‍්ඛෙපතො චෙත්‍ථ රූපසඤ‍්ඤානං සමතික‍්කමාති ඉමිනා සබ‍්බරූපාවචරධම‍්මානං පහානං වුත‍්තං. පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරාති ඉමිනා සබ‍්බෙසං කාමාවචරචිත‍්තචෙතසිකානං පහානඤ‍්ච අමනසිකාරො ච වුත‍්තොති වෙදිතබ‍්බො.

සංක්‍ෂේපයෙන් මෙහි, රූපසඤ්ඤානං සමතික්කමා යන මෙයින් සියලු රූපාවචරධර්මයන්ගේ ප්‍රහාණය කියනලදී, පටිඝසඤ්ඤානං අත්‍ථඞ්ගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා යන මෙයින් සියලු කාමාවචර චිත්ත චෛතසිකයන්ගේ ප්‍රහාණයද අමනසිකාරයද කියන ලදැ’යි දතයුතුය.

අනන‍්තො ආකාසොති එත්‍ථ නාස‍්ස උප‍්පාදන‍්තො වා වයන‍්තො වා පඤ‍්ඤායතීති අනන‍්තො. ආකාසොති කසිණුග‍්ඝාටිමාකාසො වුච‍්චති. මනසිකාරවසෙනාපි චෙත්‍ථ අනන‍්තතා වෙදිතබ‍්බා. තෙනෙව විභඞ‍්ගෙ වුත‍්තං “තස‍්මිං ආකාසෙ චිත‍්තං ඨපෙති, සණ‍්ඨපෙති, අනන‍්තං ඵරති, තෙන වුච‍්චති අනන‍්තො ආකාසො”ති (විභ· 605).

අනන්තො ආකාසො යන මෙහි, මේ ආකාශයෙහි ඉපදීම පිළිබඳ කෙළවර හෝ විනාශය පිළිබඳ කෙළවර හෝ නොපෙනෙති’යි අනන්ත නමි, ‘ආකාස’ යනුවෙන් කසිණය ඉගිල වූ අහසයි කියනු ලැබේ. මෙනෙහි කිරීම් වශයෙනිදු මෙහිලා අනන්තබව දතයුතුය. එහෙයින්ම විභංගයෙහි: ‘ඒ ආකාශයෙහි සිත පිහිටුවයි, මනාකොට පිහිටුවයි, අනන්ත ලෙසින් පතුරුවයි, එහෙයින් “අනන්තො ආකාසො” ආකාශය අනන්තයයි කියනු ලබති’යි කියනලදී.

ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරතීති එත්‍ථ පන නාස‍්ස අන‍්තොති අනන‍්තං, ආකාසං අනන‍්තං ආකාසානන‍්තං, ආකාසානන‍්තමෙව ආකාසානඤ‍්චං, තං ආකාසානඤ‍්චං අධිට‍්ඨානට‍්ඨෙන ආයතනමස‍්ස සසම‍්පයුත‍්තධම‍්මස‍්ස ඣානස‍්ස දෙවානං දෙවායතනමිවාති ආකාසානඤ‍්චායතනං.

ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති යන මෙහි වනාහි, මෙයට කෙළවරක් නැතැ’යි අනන්ත නම් වේ, ආකාස අනන්තය’යි ‘ආකාසානන්ත’ නමි, ආකාසානන්තයම (ස්වාර්ත්‍ථ ය-ප්‍රත්‍ය යෙදීමෙන්) ආකාසානන්ත්‍ය= ‘ආකාසානඤ්ච’ නමි, එම. ආකාසානඤ්චය පිහිටවෙතැ’යි යන අර්ත්‍ථයෙන්, (ස්පර්ශාදී) සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත වූ මෙම ධ්‍යානයට ආයතන වූයේය’යි - දෙවියනට දෙවායතන යන්න මෙන් - ‘ආකාසානඤ්චායතන’ නමි,

උපසම‍්පජ‍්ජ විහරතීති තමාකාසානඤ‍්චායතනං පත්‍වා නිප‍්ඵාදෙත්‍වා තදනුරූපෙන ඉරියාපථවිහාරෙන විහරතීති.

‘ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති’ යනු, එම ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ, එය නිපදවා, එයට අනුරූප වූ ඊර්යාපථ විහරණයෙන්, වෙසෙති’යි යන අර්ත්‍ථයි.

අයං ආකාසානඤ‍්චායතනකම‍්මට‍්ඨානෙ විත්‍ථාරකථා.

මේ ආකාසානඤ්චායතන කර්මස්ථානය පිළිබඳ විස්තර කථායි.