යෙදුමෙන් කියවන්න

පකිණ‍්ණකකථා

පකිණ‍්ණකකථා

පකිණ්ණකකථා

බ්‍රහ‍්මුත‍්තමෙන කථිතෙ, බ්‍රහ‍්මවිහාරෙ ඉමෙ ඉති විදිත්‍වා; භිය්‍යො එතෙසු අයං, පකිණ‍්ණකකථාපි විඤ‍්ඤෙය්‍යා.

බ්‍රහ්මුත්තමෙන කථිතෙ බ්‍රහ්මවිහාරෙ ඉමෙ ඉති විදිත්‍වා භිය්‍යො එතෙසු අයං පකිණ්ණකකථා පි විඤ්ඤෙය්‍යා.

බ්‍රහ්මෝත්තම වූ තථාගතයන් වහන්සේ විසින් කියනලද මේ බ්‍රහ්මවිහාරයන් මෙසේ දැන, යලිදු මේ බ්‍රහ්මවිහාරයන් පිළිබඳ මේ ප්‍රකීර්ණක කථාද දතයුතුය.

එතාසු හි මෙත‍්තාකරුණාමුදිතාඋපෙක‍්ඛාසු අත්‍ථතො තාව මෙජ‍්ජතීති මෙත‍්තා, සිනිය‍්හතීති අත්‍ථො. මිත‍්තෙ වා භවා, මිත‍්තස‍්ස වා එසා පවත‍්තීතිපි මෙත‍්තා. පරදුක‍්ඛෙ සති සාධූනං හදයකම‍්පනං කරොතීති කරුණා. කිණාති වා පරදුක‍්ඛං හිංසති විනාසෙතීති කරුණා. කිරියති වා දුක‍්ඛිතෙසු ඵරණවසෙන පසාරියතීති කරුණා. මොදන‍්ති තාය තංසමඞ‍්ගිනො, සයං වා මොදති, මොදනමත‍්තමෙව වා තන‍්ති මුදිතා. “අවෙරා හොන‍්තූ”තිආදිබ්‍යාපාරප‍්පහානෙන මජ‍්ඣත‍්තභාවූපගමනෙන ච උපෙක‍්ඛතීති උපෙක‍්ඛා.

මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන බ්‍රහ්මවිහාරයන් අතුරෙන්, අරුත් වශයෙන්, ස්නේහ කෙරෙති’යි යන අරුතින් මෙත්තා නමි, සත්ත්‍වයන් කෙරෙහි හිත පතුරුවති’යි යන අර්ත්‍ථයි. ‘මිත්‍රයා කෙරෙහි වූයේ’, නැතහොත් ‘මේ මිත්‍රයාගේ ස්වභායයි’ යන අරුතින් හෝ මෙත්තා නමි. අනුන්ගේ දුකෙහිදී සද්ජනයන්ගේ හෘදය කම්පනය කෙරෙති’යි කරුණා නමි, අනුන්ගේ දුක් නසති’යි, පහ කෙරෙති’යි හෝ කරුණා නමි, නොහොත් දුකට පත්වූවන් කෙරෙහි පැතිරවීම් වශයෙන් පවත්වනු ලැබෙති’යි කරුණා නමි. එය (මුදිතා ගුණය) හේතුකොටගෙන එම ගුණයෙන් සමන්විත පුද්ගලයෝ සතුටුවෙති’යි හෝ, තමාම සතුටුවෙති’යි හෝ, හුදෙක් මෝදනයට පත්වීම හෝ මුදිතා නමි. ‘වෛර නැත්තෝ වෙත්වා’ යන ආදී ව්‍යාපාරයන් පහවීමෙන්ද, මධ්‍යස්ථභාවයට පැමිණීමෙන්ද උපෙක්‍ෂා කෙරෙති’යි උපෙක්ඛා නමි.

ලක‍්ඛණාදිතො පනෙත්‍ථ හිතාකාරප‍්පවත‍්තිලක‍්ඛණා මෙත‍්තා, හිතූපසංහාරරසා, ආඝාතවිනයපච‍්චුපට‍්ඨානා, සත‍්තානං මනාපභාවදස‍්සනපදට‍්ඨානා. බ්‍යාපාදූපසමො එතිස‍්සා සම‍්පත‍්ති, සිනෙහසම‍්භවො විපත‍්ති. දුක‍්ඛාපනයනාකාරප‍්පවත‍්තිලක‍්ඛණා කරුණා, පරදුක‍්ඛාසහනරසා, අවිහිංසාපච‍්චුපට‍්ඨානා, දුක‍්ඛාභිභූතානං අනාථභාවදස‍්සනපදට‍්ඨානා. විහිංසූපසමො තස‍්සා සම‍්පත‍්ති, සොකසම‍්භවො විපත‍්ති. පමොදනලක‍්ඛණා මුදිතා, අනිස‍්සායනරසා, අරතිවිඝාතපච‍්චුපට‍්ඨානා, සත‍්තානං සම‍්පත‍්තිදස‍්සනපදට‍්ඨානා. අරතිවූපසමො තස‍්සා සම‍්පත‍්ති, පහාසසම‍්භවො විපත‍්ති. සත‍්තෙසු මජ‍්ඣත‍්තාකාරප‍්පවත‍්තිලක‍්ඛණා උපෙක‍්ඛා, සත‍්තෙසු සමභාවදස‍්සනරසා, පටිඝානුනයවූපසමපච‍්චුපට‍්ඨානා, “කම‍්මස‍්සකා සත‍්තා, තෙ කස‍්ස රුචියා සුඛිතා වා භවිස‍්සන‍්ති, දුක‍්ඛතො වා මුච‍්චිස‍්සන‍්ති, පත‍්තසම‍්පත‍්තිතො වා න පරිහායිස‍්සන‍්තී”ති එවං පවත‍්තකම‍්මස‍්සකතාදස‍්සනපදට‍්ඨානා. පටිඝානුනයවූපසමො තස‍්සා සම‍්පත‍්ති, ගෙහසිතාය අඤ‍්ඤාණුපෙක‍්ඛාය සම‍්භවො විපත‍්ති.

ලක්‍ෂණාදී වශයෙන් වනාහි මෙහි මෙත්තා ගුණය හිතවත් ආකාරයෙන් පැවැතීම ලක්‍ෂණකොට ඇත්තේය, (සත්ත්‍වයන් වෙත) හිතවත්බව පැවැත්වීම කෘත්‍යකොට ඇත්තේය, ආඝාතය හෙවත් වෛරය දුරුකිරීම වැටහීමකොට ඇත්තේය, සත්ත්‍වයන්ගේ මනාප බව දැකීම ආසන්න කාරණකොට ඇත්තේය. ව්‍යාපාදය ශමනයවීම මෙහි සම්පත්තියයි, තෘෂ්ණා ස්නේහයේ උපත මෙහි විපත්තියයි. කරුණාව දුක් ඉවත්කිරීම් ආකාරයෙන් පැවැතීම ලක්‍ෂණකොට ඇත්තේය, අනුන්ගේ දුක් නො-ඉවසීම කෘත්‍යයකොට ඇත්තේය, අවිහිංසාව වැටහීම්කොට ඇත්තේය, දුකින් පීඩිත වූවන්ගේ අසරණබව දැක්ම ආසන්නකරණ කොට ඇත්තේය, හිංසාව දුරුවීම එහි සම්පත්තියයි, ශෝකය ඉපදීම එහි විපත්තියයි. මුදිතා ගුණය ප්‍රමෝදයට පත්වීම ලක්‍ෂණ කොට ඇත්තේය, ඊර්ෂ්‍යා නොකිරීම කෘත්‍යයකොට ඇත්තේය, අරතිය නැසීම වැටහීම්කොට ඇත්තේය, සත්ත්‍වයන්ගේ සම්පත් දැකීම ආසන්නකාරණකොට ඇත්තේය, අරතිය (කුසල්හි නොඇලීම) සන්සිඳුවීම එහි සම්පත්තියයි, ප්‍රහාසය (ගේහසිතප්‍රීතිය) හටගැනීම විපත්තියයි. උපෙක්ඛාගුණය සත්ත්‍වයන් වෙත මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම ලක්‍ෂණකොට ඇත්තේය, සත්ත්‍වයන් කෙරෙහි සමබැව් දැක්ම කෘත්‍යයකොට ඇත්තේය, ද්වෙෂය හා ඇල්ම සන්සිඳුවීම වැටහීම්කොට ඇත්තේය. ‘සත්ත්‍වයෝ කර්මය උරුමයකොට ඇත්තාහුය, ඔවුහු අන් කවරකුගේ රුචියට අනුව සුඛිත වන්නාහුද? දුකින් මිදෙන්නාහුද? ලද සැපතින් නොපිරිහෙන්නාහුදැ’යි, මෙසේ පවත්නා කර්මස්වකතාව දැකීම ආසන්න කාරණකොට ඇත්තේය, ද්වෙෂය හා ඇල්ම දුරුවීම එහි සම්පත්තියයි, ගේහසිත වූ අඥාන උපෙක්‍ෂාවෙහි උපත එහි විපත්තියයි.

චතුන‍්නම‍්පි පනෙතෙසං බ්‍රහ‍්මවිහාරානං විපස‍්සනාසුඛඤ‍්චෙව භවසම‍්පත‍්ති ච සාධාරණප‍්පයොජනං . බ්‍යාපාදාදිපටිඝාතො ආවෙණිකං. බ්‍යාපාදපටිඝාතප‍්පයොජනා හෙත්‍ථ මෙත‍්තා. විහිංසාඅරතිරාගපටිඝාතප‍්පයොජනා ඉතරා. වුත‍්තම‍්පි චෙතං –

මෙම බ්‍රහ්මවිහාර සතරටම විදර්ශනා සුඛයද භවසම්පත්තියද පොදු ප්‍රයෝජන වේ. ව්‍යාපාදාදිය නැසීම ආවේණික ප්‍රයෝජන වේ. මෙහි මෙත්තා ගුණය ව්‍යාපාදය නැසීම ප්‍රයෝජනකොට ඇත්තේය, කරුණාදී සෙසු විහාර තුන පිළිවෙළින් හිංසාව, අරතිය හා රාගය නැසීම ප්‍රයෝජනකොට ඇත්තේය. කියන ලදමැයි:

“නිස‍්සරණඤ‍්හෙතං, ආවුසො, බ්‍යාපාදස‍්ස යදිදං මෙත‍්තා චෙතොවිමුත‍්ති. නිස‍්සරණඤ‍්හෙතං, ආවුසො, විහෙසාය යදිදං කරුණා චෙතොවිමුත‍්ති. නිස‍්සරණඤ‍්හෙතං, ආවුසො, අරතියා යදිදං මුදිතා චෙතොවිමුත‍්ති. නිස‍්සරණඤ‍්හෙතං, ආවුසො, රාගස‍්ස යදිදං උපෙක‍්ඛා චෙතොවිමුත‍්තී”ති (දී· නි· 3.326; අ· නි· 6.13).

“ඇවැත්නි, යම් මේ මෙත්තා චෙතොවිමුත්තියක් වේද, එය ව්‍යාපාදයට ප්‍රහාණ වන්නේය, යම් මේ කරුණා චෙතොවිමුත්තියක් වේද, එය විහිංසාවට ප්‍රහාණ වන්නේය, යම් මේ මුදිතා චෙතොවිමුත්තියක් වේද, එය අරතියට ප්‍රහාණ වන්නේය, ඇවැත්නි, යම් මේ උපෙක්ඛා චෙතොවිමුත්තියක් වේද, එය රාගයට ප්‍රහාණ වන්නේය” යනුයි.

එකෙකස‍්ස චෙත්‍ථ ආසන‍්නදූරවසෙන ද‍්වෙ ද‍්වෙ පච‍්චත්‍ථිකා. මෙත‍්තාබ්‍රහ‍්මවිහාරස‍්ස හි සමීපචාරො විය පුරිසස‍්ස සපත‍්තො ගුණදස‍්සනසභාගතාය රාගො ආසන‍්නපච‍්චත්‍ථිකො, සො ලහුං ඔතාරං ලභති, තස‍්මා තතො සුට‍්ඨු මෙත‍්තා රක‍්ඛිතබ‍්බා. පබ‍්බතාදිගහනනිස‍්සිතො විය පුරිසස‍්ස සපත‍්තො සභාගවිසභාගතාය බ්‍යාපාදො දූරපච‍්චත්‍ථිකො, තස‍්මා තතො නිබ‍්භයෙන මෙත‍්තායිතබ‍්බං. මෙත‍්තායිස‍්සති ච නාම, කොපඤ‍්ච කරිස‍්සතීති අට‍්ඨානමෙතං.

මෙහි එක් එක් බඹවිහරණයට ආසන්න දුර වශයෙන් ප්‍රතිපක්‍ෂ ධර්මයෝ දෙදෙනෙක් බැගින් වෙති, මෙත්තා බඹවිහරණයට, ගුණ ලක්‍ෂණයෙන් සමාන වන හෙයින් රාගය, පුරුෂයකුගේ සමීපයෙහි හැසිරෙන සතුරකු මෙන්, ආසන්න ප්‍රතිපක්‍ෂ වේ. එ රාගය තෙමේ වහා අවකාශ ලබයි, එහෙයින් ඒ රාග නමැති ප්‍රතිපක්‍ෂයාගෙන් මෛත්‍රිය රැක ගතයුතුය. ස්වභාවයෙන්ම විපරීත ස්වරූප ඇති හෙයින් ව්‍යාපාදය තෙමේ, පර්වතාදී දුර්ගයන් ඇසුරු කළ සතුරකු සෙයින් දුර ප්‍රතිපක්‍ෂ වේ. එහෙයින් (එම සතුරා පහසුවෙන් හඳුනාගත හැකි හෙයින්) නිර්භයව මෛත්‍රී වැඩිය යුතුය. මෛත්‍රී වඩන්නේය, කෝපද කරන්නේය යන මෙය විය නොහැකිය.

කරුණාබ්‍රහ‍්මවිහාරස‍්ස “චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යානං රූපානං ඉට‍්ඨානං කන‍්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත‍්තානං අප‍්පටිලාභං වා අප‍්පටිලාභතො සමනුපස‍්සතො පුබ‍්බෙ වා පටිලද‍්ධපුබ‍්බං අතීතං නිරුද‍්ධං විපරිණතං සමනුස‍්සරතො උප‍්පජ‍්ජති දොමනස‍්සං, යං එවරූපං දොමනස‍්සං, ඉදං වුච‍්චති ගෙහසිතං දොමනස‍්ස”න‍්තිආදිනා (ම· නි· 3.307) නයෙන ආගතං ගෙහසිතං දොමනස‍්සං විපත‍්තිදස‍්සනසභාගතාය ආසන‍්නපච‍්චත්‍ථිකං. සභාගවිසභාගතාය විහිංසා දූරපච‍්චත්‍ථිකා . තස‍්මා තතො නිබ‍්භයෙන කරුණායිතබ‍්බං. කරුණඤ‍්ච නාම කරිස‍්සති, පාණිආදීහි ච විහෙඨිස‍්සතීති අට‍්ඨානමෙතං.

කරුණා බඹවිහරණයට “චක්‍ෂූර් විඥානයෙන් දතයුතුවූ, ප්‍රියවූ, කමනීයවූ, මනාපවූ, මනරම්වූ තෘෂ්ණාසන්නිශ්‍රිතවූ රූපයන් නොලැබීම නොලැබීම් වශයෙන් අනුස්මරණය කරන්නහුට හෝ පෙර ලද විරූ (දැනට) ඉකුත්වූ, නිරුද්ධවූ, වෙනස් ස්වභාවයට පත්වූ රූපයන් සිහිකරන්නහුට හෝ දොම්නස උපදී. මේ ආකාරවූ යම් දොම්නසෙක් වේද, එය ගේහසිත දොම්නසයයි කියනු ලැබේ” යන මේ ආදී වශයෙන් ආ ගේහසිත දොම්නස විපත්ති ලක්‍ෂණ වශයෙන් සමාන වන හෙයින් (කරුණා විහරණයට) ආසන්න ප්‍රතිපක්‍ෂ වේ. ස්වභාව වශයෙන්ම විසදෘශවන හෙයින් විහිංසාව දුර ප්‍රතිපක්‍ෂ වේ. එහෙයින් නොබියව ඒ විහිංසාව කෙරෙන් දුරුව කරුණාව වැඩිය යුතුය. කරුණා වඩන්නේය, හස්තාදී අවයවයෙන් වෙහෙස කරන්නේය යන මෙය සිදුනොවිය හැකිය.

මුදිතාබ්‍රහ‍්මවිහාරස‍්ස “චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යානං රූපානං ඉට‍්ඨානං…පෙ… ලොකාමිසපටිසංයුත‍්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස‍්සතො පුබ‍්බෙ වා පටිලද‍්ධපුබ‍්බං අතීතං නිරුද‍්ධං විපරිණතං සමනුස‍්සරතො උප‍්පජ‍්ජති සොමනස‍්සං, යං එවරූපං සොමනස‍්සං, ඉදං වුච‍්චති ගෙහසිතං සොමනස‍්ස”න‍්තිආදිනා (ම· නි· 3.306) නයෙන ආගතං ගෙහසිතං සොමනස‍්සං සම‍්පත‍්තිදස‍්සනසභාගතාය ආසන‍්නපච‍්චත්‍ථිකං, සභාගවිසභාගතාය අරති දූරපච‍්චත්‍ථිකා. තස‍්මා තතො නිබ‍්භයෙන මුදිතා භාවෙතබ‍්බා. මුදිතො ච නාම භවිස‍්සති, පන‍්තසෙනාසනෙසු ච අධිකුසලෙසු ධම‍්මෙසු වා උක‍්කණ‍්ඨිස‍්සතීති අට‍්ඨානමෙතං.

මුදිතා බඹවිහරණයට, “ඇසින් දතයුතුවූ ප්‍රියවූ, කමනීයවූ, මනාපවූ, මනරම්වූ ලෝකාමිසසංයුත්ත (තෘෂ්ණා සන්නිශ්‍රිත) වූ රූපයන් ලැබීම ප්‍රතිලාභ වශයෙන් සිහි කරන්නහුට හෝ, පෙර ලදවිරූ (දැනට) අතීතවූ, නිරුද්ධ වූ, වෙනස් බවට පත්වූ රූපයන් සිහි කරන්නහුට හෝ යම් සොම්නසෙක් උපදී ද, එය ගේහසිත සොම්නසයයි කියනු ලැබේ” යන මේ ආදී වශයෙන් ආ ගේහසිත සොම්නස සම්පත්ති දර්ශන සමතාව හේතුකොටගෙන ආසන්න ප්‍රතිපක්‍ෂ වේ. ස්වභාව වශයෙන් නොසමතාව හේතුකොටගෙන අරතිය දුර ප්‍රතිපක්‍ෂ වේ. එහෙයින් ඒ අරතියෙන් බිය නැතිව මුදිතාව වැඩිය යුතුය. ප්‍රමුදිත වන්නේය, පන්ත (ප්‍රාන්ත) සේනාසන කෙරෙහිද, අධිකුශලයන්හිද උකටලීද වන්නේය යන මෙය සිදුවිය නොහැකිය.

උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරස‍්ස පන “චක‍්ඛුනා රූපං දිස‍්වා උප‍්පජ‍්ජති උපෙක‍්ඛා බාලස‍්ස මූළ‍්හස‍්ස පුථුජ‍්ජනස‍්ස අනොධිජිනස‍්ස අවිපාකජිනස‍්ස අනාදීනවදස‍්සාවිනො අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස යා එවරූපා උපෙක‍්ඛා, රූපං සා නාතිවත‍්තති. තස‍්මා සා උපෙක‍්ඛා ගෙහසිතාති වුච‍්චතී”තිආදිනා (ම· නි· 3.308) නයෙන ආගතා ගෙහසිතා අඤ‍්ඤාණුපෙක‍්ඛා දොසගුණාවිචාරණවසෙන සභාගත‍්තා ආසන‍්නපච‍්චත්‍ථිකා. සභාගවිසභාගතාය රාගපටිඝා දූරපච‍්චත්‍ථිකා. තස‍්මා තතො නිබ‍්භයෙන උපෙක‍්ඛිතබ‍්බං. උපෙක‍්ඛිස‍්සති ච නාම, රජ‍්ජිස‍්සති ච පටිහඤ‍්ඤිස‍්සති චාති අට‍්ඨානමෙතං.

උපෙක්ඛා බඹවිහරණයට වනාහි, “ඇසින් රූපයක් දැක අඥාන වූ මුළාවූ පෘථග්ජනවූ, ක්ලේශාවධීන් ජය නොගත්, විපාකසන්තතිය ජයනොගත්, ආදීනව නොදක්නාසුලු, අශ්‍රැතවත් පෘථග්ජනයාහට මෙබඳුවූ යම් උපෙක්‍ෂාවක් වේද, ඒ උපෙක්‍ෂාව රූපය නොඉක්මවයි, එහෙයින් එම උපෙක්‍ෂාව ගේහසිත උපෙක්‍ෂායයි කියනු ලැබේ” යනාදී නයින් ආ ගේහසිත වූ අඥානොපෙක්‍ෂාව දොස-ගුණ-අවිචාර වශයෙන් උපෙක්‍ෂාව හා සමානවන හෙයින් ආසන්න පච්චත්‍ථික වේ. ස්වහාව වශයෙන් අසමානවන හෙයින් රාග ද්වෙෂයෝ දූරපච්චත්‍ථික වෙති. එහෙයින් එම දූරප්‍රතිපක්‍ෂයන්ගෙන් බියක් නැතිව උපෙක්‍ෂා වැඩිය යුතුය. උපෙක්‍ෂා වඩන්නේය, ආලයද, ද්වෙෂද කරන්නේය යන මෙය සිදුවිය නොහැකිය.

සබ‍්බෙසම‍්පි ච එතෙසං කත‍්තුකාමතා ඡන්‍දො ආදි, නීවරණාදිවික‍්ඛම‍්භනං මජ‍්ඣං, අප‍්පනා පරියොසානං. පඤ‍්ඤත‍්තිධම‍්මවසෙන එකො වා සත‍්තො අනෙකෙ වා සත‍්තා ආරම‍්මණං. උපචාරෙ වා අප‍්පනාය වා පත‍්තාය ආරම‍්මණවඩ‍්ඪනං.

මේ සියලු බ්‍රහ්මවිහාරයනට කත්තුකම්‍යතා (කරනු කැමති බැව් ඇති) ඡන්‍දය ආරම්භයයි, නීවරණාදිය යටපත් කිරීම මධ්‍යයයි, අර්පණාව අවසානයයි. ප්‍රඥප්තිධර්ම වශයෙන් එක් සත්ත්‍වයෙක් හෝ බොහෝ සත්ත්‍වයෝ හෝ අරමුණු වෙති. උපචාරක්‍ෂණයෙහි හෝ අර්පණාවට පැමිණිවිට හෝ අරමුණ වැඩීම සිදුවේ.

තත්‍රායං වඩ‍්ඪනක‍්කමො, යථා හි කුසලො කස‍්සකො කසිතබ‍්බට‍්ඨානං පරිච‍්ඡින්‍දිත්‍වා කසති, එවං පඨමමෙව එකමාවාසං පරිච‍්ඡින්‍දිත්‍වා තත්‍ථ සත‍්තෙසු ඉමස‍්මිං ආවාසෙ සත‍්තා අවෙරා හොන‍්තූතිආදිනා නයෙන මෙත‍්තා භාවෙතබ‍්බා. තත්‍ථ චිත‍්තං මුදුං කම‍්මනියං කත්‍වා ද‍්වෙ ආවාසා පරිච‍්ඡින්‍දිතබ‍්බා. තතො අනුක‍්කමෙන තයො, චත‍්තාරො, පඤ‍්ච, ඡ, සත‍්ත, අට‍්ඨ, නව, දස, එකා රච‍්ඡා, උපඩ‍්ඪගාමො, ගාමො, ජනපදො, රජ‍්ජං, එකා දිසාති එවං යාව එකං චක‍්කවාළං, තතො වා පන භිය්‍යො තත්‍ථ තත්‍ථ සත‍්තෙසු මෙත‍්තා භාවෙතබ‍්බා. තථා කරුණාදයොති අයමෙත්‍ථ ආරම‍්මණවඩ‍්ඪනක‍්කමො.

එහි වඩනා ක්‍රමය මෙසේය: යම්සේ දක්‍ෂවූ ගොවියෙක් සීසෑයුතු තැන් පිරිසිඳ සීසායිද, එසේම පළමුකොට එක් ආවාසයක් පිරිසිඳගෙන එහි නිවැසි සත්ත්‍වයන් වෙත ‘මේ ආවාසයෙහි සත්ත්‍වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යන ආදී නයින් මෛත්‍රී වැඩිය යුතුය. එම අරමුණෙහි සිත මෘදුකොට කර්මණ්‍යකොට ආවාස දෙකක් පිරිසිඳ ගතයුතුය; ඉක්බිති අනුක්‍රමයෙන් ආවාස තුනක්, සතරක්, පසක්, සයක්, සතක්, අටක්, නවයක්, දහයක්, එක් වීථියක්, ගම් අඩක් මුළු ගමක්, දනව්වක්, රාජ්‍යයක්, එක් දිශාවක්දැ’යි මෙසේ එක් සක්වළක් දක්වා, නැතහොත් එයටත් වඩා වැඩි තන්හි සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී වැඩිය යුතුය. කරුණාදී සෙසු විහාරයෝද එසේමය. මේ මෙහි අරමුණු වඩනා ක්‍රමයයි.

යථා පන කසිණානං නිස‍්සන්‍දො ආරුප‍්පා, සමාධිනිස‍්සන්‍දො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං, විපස‍්සනානිස‍්සන්‍දො ඵලසමාපත‍්ති, සමථවිපස‍්සනානිස‍්සන්‍දො නිරොධසමාපත‍්ති, එවං පුරිමබ්‍රහ‍්මවිහාරත‍්තයනිස‍්සන්‍දො එත්‍ථ උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරො. යථා හි ථම‍්භෙ අනුස‍්සාපෙත්‍වා තුලාසඞ‍්ඝාටං අනාරොපෙත්‍වා න සක‍්කා ආකාසෙ කූටගොපානසියො ඨපෙතුං, එවං පුරිමෙසු තතියජ‍්ඣානං විනා න සක‍්කා චතුත්‍ථං භාවෙතුන‍්ති.

යම්සේ වනාහි කසිණයන්ගේ අග්‍රඵලය අරූපධ්‍යානයෝ වෙත්ද සමාධීන්ගේ අග්‍රඵලය නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වේද, විදර්ශනාවෙහි අග්‍රඵලය ඵලසමාපත්ති වේද, සමථ විපස්සනා දෙක්හි අග්‍රඵලය නිරොධ සමාපත්තිය වේද, එසේම ප්‍රථම බ්‍රහ්මවිහාර තුනෙහි අග්‍රඵලය මෙහි උපෙක්ඛා බ්‍රහ්මවිහාරය වේ. යම්සේ වනාහි ටැම් නොසිටුවා යටලී මුලු පරාල නොනඟා කැණිමඬල හා ගොනැසි (පරාල) අහසෙහි පිහිටුවිය නොහැකි වේද, එසේම පළමු බ්‍රහ්මවිහාරයන්හි තෘතීය ධ්‍යානය නැතිව චතුර්ත්‍ථ ධ්‍යානය වැඩිය නොහැකිය.

එත්‍ථ සියා, කස‍්මා පනෙතා මෙත‍්තාකරුණාමුදිතාඋපෙක‍්ඛා බ්‍රහ‍්මවිහාරාති වුච‍්චන‍්ති? කස‍්මා ච චතස‍්සොව? කො ච එතාසං කමො, අභිධම‍්මෙ ච කස‍්මා අප‍්පමඤ‍්ඤාති වුත‍්තාති? වුච‍්චතෙ, සෙට‍්ඨට‍්ඨෙන තාව නිද‍්දොසභාවෙන චෙත්‍ථ බ්‍රහ‍්මවිහාරතා වෙදිතබ‍්බා. සත‍්තෙසු සම‍්මාපටිපත‍්තිභාවෙන හි සෙට‍්ඨා එතෙ විහාරා. යථා ච බ්‍රහ‍්මානො නිද‍්දොසචිත‍්තා විහරන‍්ති, එවං එතෙහි සම‍්පයුත‍්තා යොගිනො බ්‍රහ‍්මසමා හුත්‍වා විහරන‍්තීති සෙට‍්ඨට‍්ඨෙන නිද‍්දොසභාවෙන ච බ්‍රහ‍්මවිහාරාති වුච‍්චන‍්ති.

මෙහිලා මෙවන් විතර්කයක් ඇතිවිය හැකිය: කවර හෙයින් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන මොහු බ්‍රහ්මවිහාරයයි කියනු ලබත්ද? කවර හෙයින් සතරක්ම වේද? මොවුන්ගේ ක්‍රමය කවරේද? අභිධර්මයෙහි කවර හෙයින් ‘අප්පමඤ්ඤා’ යයි කියන ලද්දාහුද? (පරිහාර) කියනු ලැබේ. ශ්‍රේෂ්ඨය යන අර්ත්‍ථයෙන්ද, නිර්දෝෂ බැවින්ද මෙහි බ්‍රහ්මවිහාර වනබව දතයුතුය. සත්ත්‍වයන් කෙරෙහි මනාවූ පරහිත ප්‍රතිපත්ති වන හෙයින් මෙම විහාරයේ ශ්‍රේෂ්ඨ වන්නාහ. යම්සේ බ්‍රහ්මයෝ නිදොස් සිත් ඇතිව වාසය කෙරෙත්ද, එසේම මෙම විහාරයන්ගෙන් යුක්ත වූ යෝගීහු බ්‍රහ්මයන් හා සමානව වෙසෙති’යි ශ්‍රේෂ්ඨාර්ත්‍ථයෙන්ද, නිදොස් බැවින්ද බ්‍රහ්මවිහාරයයි කියනු ලැබෙත්,

කස‍්මා ච චතස‍්සොවාතිආදි පඤ‍්හස‍්ස පන ඉදං විස‍්සජ‍්ජනං.

කවර හෙයින් සතරෙක්ම වේද යන ආදී ප්‍රශ්නයට පිළිතුරු මෙසේය:

විසුද‍්ධිමග‍්ගාදිවසා චතස‍්සො, හිතාදිආකාරවසා පනාසං; කමො පවත‍්තන‍්ති ච අප‍්පමාණෙ, තා ගොචරෙ යෙන තදප‍්පමඤ‍්ඤා.

විසුද්ධිමග්ගාදිවසා චතස්සො හිතාදි -ආකාරවසා පනාසං කමො පවත්තන්ති ච අප්පමාණෙ තා ගොචරෙ යෙන තදප්පමඤ්ඤා.

විශුද්ධිමාර්ග ආදී වශයෙන් (මෙත්තා කරුණා ආදිය ව්‍යාපාද විහිංසා ආදියට විශුද්ධිමාර්ග වනහෙයින්) බ්‍රහ්මවිහාර සතරෙක් වෙති, හිතසිත් ආදිය පැතිරවීම් වශයෙන් මොවුන්ගේ ක්‍රමය වේ, ඒ බ්‍රහ්මවිහාරයෝ යම් හෙයකින් අප්‍රමාණ විෂයෙක්හි පැතිර පවතිත්ද, එහෙයින් ‘අප්පමඤ්ඤ’ නම් වෙති.

එතාසු හි යස‍්මා මෙත‍්තා බ්‍යාපාදබහුලස‍්ස, කරුණා විහෙසාබහුලස‍්ස, මුදිතා අරතිබහුලස‍්ස, උපෙක‍්ඛා රාගබහුලස‍්ස විසුද‍්ධිමග‍්ගො. යස‍්මා ච හිතූපසංහාරඅහිතාපනයනසම‍්පත‍්තිමොදනඅනාභොගවසෙන චතුබ‍්බිධොයෙව සත‍්තෙසු මනසිකාරො. යස‍්මා ච යථා මාතා දහරගිලානයොබ‍්බනප‍්පත‍්තසකිච‍්චපසුතෙසු චතූසු පුත‍්තෙසු දහරස‍්ස අභිවුඩ‍්ඪිකාමා හොති, ගිලානස‍්ස ගෙලඤ‍්ඤාපනයනකාමා, යොබ‍්බනප‍්පත‍්තස‍්ස යොබ‍්බනසම‍්පත‍්තියා චිරට‍්ඨිතිකාමා, සකකිච‍්චපසුතස‍්ස කිස‍්මිඤ‍්චි පරියායෙ අබ්‍යාවටා හොති, තථා අප‍්පමඤ‍්ඤාවිහාරිකෙනාපි සබ‍්බසත‍්තෙසු මෙත‍්තාදිවසෙන භවිතබ‍්බං. තස‍්මා ඉතො විසුද‍්ධිමග‍්ගාදිවසා චතස‍්සොව අප‍්පමඤ‍්ඤා.

මේ බ්‍රහ්මවිහාරයන් අතුරෙන් මෙත්තාවිහාරය යම්හෙයකින් ව්‍යාපාදබහුලයාහටද කරුණාව විහිංසාබහුලයාහටද මුදිතාව අරතිබහුලයාහටද, උපෙක්ඛාව රාගබහුලයාහටද විශුද්ධිමාර්ග වේද, එසේම හිත පැතිරවීම, අහිත දුරුකිරීම, සැපතෙහි සතුටුවීම, පක්‍ෂපාතබව නොවැළඳ ගැනීම ආදී වශයෙන් සත්ත්‍වයන් කෙරෙහි වූ මනස්කාරය චතුර්විධ වේ. යම්හෙයකින්, යම්සේ මවක් තොමෝ ළදරු පුතුය, ගිලන් පුතුය, යොවුන් පුතුය, සිය කටයුතුවල යෙදුණු පුතුය යන පුතුන් සිවු දෙනා අතුරෙන් ළදරු පුතුගේ අභිවෘද්ධිය කැමැති වන්නීද, ගිලන් වූවහුගේ ගිලන්බව පහවීම කැමැති වන්නීද, යොවුන්බවට පත්වූවහුගේ යොවුන්බව බොහෝකල් පැවතීම කැමැති වන්නීද, තම කාර්යයන්හි නිරතවූවහු කෙරෙහි මෙකී කවර ලෙසකින් හෝ ව්‍යාවෘත නොවන්නීද, එසේම අප්පමඤ්ඤබ්‍රහ්මවිහාර ඇත්තහු විසින් සියලු සත්ත්‍වයා කෙරෙහි මෙත්තාවිහාර ආදී වශයෙන් පැවැතිය යුතුය. එහෙයින් මේ විශුද්ධිමාර්ග ආදී වශයෙන් අප්‍රමෙය වූ බ්‍රහ්මවිහාර සතරෙක්ම වේ.

යස‍්මා චතස‍්සොපෙතා භාවෙතුකාමෙන පඨමං හිතාකාරප‍්පවත‍්තිවසෙන සත‍්තෙසු පටිපජ‍්ජිතබ‍්බං, හිතාකාරප‍්පවත‍්තිලක‍්ඛණා ච මෙත‍්තා. තතො එවං පත්‍ථිතහිතානං සත‍්තානං දුක‍්ඛාභිභවං දිස‍්වා වා සුත්‍වා වා සම‍්භාවෙත්‍වා වා දුක‍්ඛාපනයනාකාරප‍්පවත‍්තිවසෙන, දුක‍්ඛාපනයනාකාරප‍්පවත‍්තිලක‍්ඛණා ච කරුණා. අථෙවං පත්‍ථිතහිතානං පත්‍ථිතදුක‍්ඛාපගමානඤ‍්ච නෙසං සම‍්පත‍්තිං දිස‍්වා සම‍්පත‍්තිපමොදනවසෙන, පමොදනලක‍්ඛණා ච මුදිතා. තතො පරං පන කත‍්තබ‍්බාභාවතො අජ‍්ඣුපෙක‍්ඛකත‍්තසඞ‍්ඛාතෙන මජ‍්ඣත‍්තාකාරෙන පටිපජ‍්ජිතබ‍්බං, මජ‍්ඣත‍්තාකාරප‍්පවත‍්තිලක‍්ඛණා ච උපෙක‍්ඛා . තස‍්මා ඉතො හිතාදිආකාරවසා පනාසං පඨමං මෙත‍්තා වුත‍්තා, අථ කරුණා මුදිතා උපෙක‍්ඛාති අයං කමො වෙදිතබ‍්බො.

යම් හෙයකින් වනාහි මේ සතරම වඩනු කැමැත්තහු විසින් පළමුකොට හිතවත් ආකාරය පැවැත්වීම් වශයෙන් සත්ත්‍වයන් කෙරෙහි පිළිපැදිය යුතුවේද, එහෙයින් මෛත්‍රිය හිතවත් ආකාරයෙන් පැවැතීම ලක්‍ෂණකොට ඇත්තේය. ඉක්බිති මෙසේ සුව පතනලද සත්ත්‍වයන් දුකින් පීඩිතවීම දැක හෝ අසා හෝ කල්පනාකොට හෝ දුක් පහවීම කැමැතිවීම් ආකාර ඇති පැවතුම වශයෙන් කරුණාව දුක් පහවීම කැමැතිවන ආකාර ඇති පැවතීම ලක්‍ෂණකොට ඇත්තේය. ඉක්බිති, මෙසේ සුව පතනලද, දුක් පහවීමද පතනලද, සත්ත්‍වයන් සැපතට පත්වනු දැක එම සැපතෙහි සතුටුවීම් වශයෙන් මුදිතාව ප්‍රමෝදවීම ලක්‍ෂණකොට ඇත්තේය. ඉන් ඉක්බිති කළයුතු දෙයක් නොමැති හෙයින් අජ්ඣුපෙක්ඛනයයි කියනු ලබන මධ්‍යස්ථාකාරයෙන් පිළිපැදිය යුතු උපෙක්‍ෂාව මධ්‍යස්ථාකාර පැවැත්ම ලක්‍ෂණකොට ඇත්තේය. එහෙයින් හිතාදී ආකාර වශයෙන් පළමුකොට මේ මෙත්තාවිහරණය කියන ලදී. ඉක්බිති කරුණා, මුදිතා, උපෙක්ඛා යන මේ ක්‍රමය දතයුතුය.

යස‍්මා පන සබ‍්බාපෙතා අප‍්පමාණෙ ගොචරෙ පවත‍්තන‍්ති. අප‍්පමාණා හි සත‍්තා එතාසං ගොචරභූතා. එකසත‍්තස‍්සාපි ච එත‍්තකෙ පදෙසෙ මෙත‍්තාදයො භාවෙතබ‍්බාති එවං පමාණං අගහෙත්‍වා සකලඵරණවසෙනෙව පවත‍්තාති. තෙන වුත‍්තං –

යම් හෙයකින් මේ සියලු බ්‍රහ්මවිහාරයෝ ප්‍රමාණරහිත විෂයයෙක්හි පවතිත්ද, මේ බ්‍රහ්මවිහාරයනට ගෝචර වූ සත්ත්‍වයෝ පමණකළ නොහැක්කාහුද, එක් සත්ත්‍වයකු කෙරෙහි වුවද මෙපමණ පෙදෙසෙක්හි මෙත්තා ආදී විහරණයන් වැඩියයුතුයයි මෙසේ ප්‍රමාණයක් නොගෙන සියල්ලන් වෙත පැතිරවීම් වශයෙන් පැවැත්තාහුද, එහෙයින් කියන ලදි:-

විසුද‍්ධිමග‍්ගාදිවසා චතස‍්සො, හිතාදිආකාරවසා පනාසං; කමො පවත‍්තන‍්ති ච අප‍්පමාණෙ, තා ගොචරෙ යෙන තදප‍්පමඤ‍්ඤාති.

විසුද්ධිමග්ගාදිවසා චතස්සො හිතාදි-ආකාරවසා පනාසං කමො පවත්තන්ති ච අප්පමාණෙ තා ගොචරෙ යෙන තදප්පමඤ්ඤා’ති.

විශුද්ධිමාර්ග ආදී වශයෙන් (මෙත්තා කරුණා ආදිය ව්‍යාපාද විහිංසා ආදියට විශුද්ධිමාර්ග වන හෙයින්) බ්‍රහ්මවිහාර සතරෙක් වෙති, හිතසිත් ආදිය පැතිරවීම් වශයෙන් මොවුන්ගේ ක්‍රමය වේ, ඒ බ්‍රහ්මවිහාරයෝ යම් හෙයකින් අප්‍රමාණ විෂයෙක්හි පැතිර පවතිත්ද, එහෙයින් ‘අප්පමඤ්ඤ’ නම් වෙති.

එවං අප‍්පමාණගොචරතාය එකලක‍්ඛණාසු චාපි එතාසු පුරිමා තිස‍්සො තිකචතුක‍්කජ‍්ඣානිකාව හොන‍්ති. කස‍්මා? සොමනස‍්සාවිප‍්පයොගතො. කස‍්මා පනායං සොමනස‍්සෙන අවිප‍්පයොගොති? දොමනස‍්සසමුට‍්ඨිතානං බ්‍යාපාදාදීනං නිස‍්සරණත‍්තා. පච‍්ඡිමා පන අවසෙසඑකජ‍්ඣානිකාව. කස‍්මා? උපෙක‍්ඛාවෙදනාසම‍්පයොගතො. න හි සත‍්තෙසු මජ‍්ඣත‍්තාකාරප‍්පවත‍්තා බ්‍රහ‍්මවිහාරුපෙක‍්ඛා උපෙක‍්ඛාවෙදනං විනා වත‍්තතීති.

මෙසේ අප්‍රමාණ ගෝචර ඇති හෙයින් සමාන ලක්‍ෂණ ඇති මේ බ්‍රහ්මවිහාරයන් අතුරෙන් මෙත්තා, කරුණා, මුදිතා යන පළමු තුන ත්‍රික-චතුෂ්ක-ධ්‍යානික (චතුෂ්ක - පංචක ධ්‍යාන ක්‍රම වශයෙන් පිළිවෙළින් තුන්වන සතරවන ධ්‍යානයනට අයත්) වේ. කවර හෙයින්දයත්: සොම්නසින් තොර නොවූ හෙයිනි. කවර හෙයින් මේ සොම්නසින් තොර නොවීම වේදයත්: දොම්නසින් පැනනැගි ව්‍යාපාදාදිය පහවන හෙයිනි. පශ්චිම බ්‍රහ්මවිහාරය වන උපෙක්‍ෂාව ඉතිරිවූ එකම (චතුර්ත්‍ථ හෝ පංචම) ධ්‍යානයට අයත් වේ. කවර හෙයින්දයත්: උපෙක්‍ෂා වේදනාව හා සමඟ යෙදුණ හෙයිනි. සත්ත්‍වයන් වෙත මධ්‍යස්ථාකාර පැවතුම් සහිත බ්‍රහ්මවිහාර උපෙක්‍ෂාව, උපේක්‍ෂා වේදනායෙන් තොරව නොපවතියි.

යො පනෙවං වදෙය්‍ය “යස‍්මා භගවතා අට‍්ඨකනිපාතෙ චතූසුපි අප‍්පමඤ‍්ඤාසු අවිසෙසෙන වුත‍්තං ‘තතො ත්‍වං භික‍්ඛු ඉමං සමාධිං සවිතක‍්කම‍්පි සවිචාරං භාවෙය්‍යාසි, අවිතක‍්කම‍්පි විචාරමත‍්තං භාවෙය්‍යාසි, අවිතක‍්කම‍්පි අවිචාරං භාවෙය්‍යාසි, සප‍්පීතිකම‍්පි භාවෙය්‍යාසි, නිප‍්පීතිකම‍්පි භාවෙය්‍යාසි, සාතසහගතම‍්පි භාවෙය්‍යාසි, උපෙක‍්ඛාසහගතම‍්පි භාවෙය්‍යාසී’ති (අ· නි· 8.63), තස‍්මා චතස‍්සො අප‍්පමඤ‍්ඤා චතුක‍්කපඤ‍්චකජ‍්ඣානිකා”ති. සො මාහෙවන‍්තිස‍්ස වචනීයො. එවඤ‍්හි සති කායානුපස‍්සනාදයොපි චතුක‍්කපඤ‍්චකජ‍්ඣානිකා සියුං, වෙදනාදීසු ච පඨමජ‍්ඣානම‍්පි නත්‍ථි, පගෙව දුතියාදීනි. තස‍්මා බ්‍යඤ‍්ජනච‍්ඡායාමත‍්තං ගහෙත්‍වා මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, ගම‍්භීරං හි බුද‍්ධවචනං, තං ආචරියෙ පයිරුපාසිත්‍වා අධිප‍්පායතො ගහෙතබ‍්බං.

යමෙක් වනාහි, “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් අට්ඨක නිපාතයෙහි අප්පමඤ්ඤ සතරෙහිම, ‘මහණ ඉක්බිති විතර්ක සහිත විචාරද සහිත මේ සමාධිය වඩන්නෙහිය, විතර්ක රහිත විචාරමාත්‍ර සහිත සමාධිය වඩන්නෙහිය, විතර්ක රහිත විචාරද රහිත මේ සමාධියද වඩන්නෙහිය, පීති සහිත සමාධියද වඩන්නෙහිය, පීති රහිත සමාධියද වඩන්නෙහිය, සුඛසහිත සමාධියද වඩන්නෙහිය, උපෙක්ඛාසහගත සමාධියද වඩන්නෙහිය”යි මෙසේ අවිශේෂයෙන් කියන ලද්දේ ද, එහෙයින් අප්පමඤ්ඤ සතරම චතුෂ්ක පංචකධ්‍යානිකයහ’යි කියා නම්, ඔහුට ‘එසේ නොකියව’යි කිවයුතුය. එසේ වෙතොත් කායානුපස්සනා ආදියද චතුෂ්ක - පංචක - ධ්‍යානික වන්නේය. වෙදනානුපස්සනා ආදියෙහි පවා ප්‍රථමධ්‍යාන පමණකුදු නැත, ද්විතීය ධ්‍යාන ආදිය කැලම නැත. එහෙයින් “ව්‍යංජනච්ඡායාමතය ගෙන භාග්‍යවතුන් වහන්සේට නිගා නොකරව, බුද්ධවචනය ගැඹුරුය, එය ආචාර්යයන් ඇසුරු කරමින් අභිප්‍රාය වශයෙන් තේරුම් ගත යුතුය.”

අයඤ‍්හි තත්‍රාධිප‍්පායො – “සාධු මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍ය”න‍්ති එවං ආයාචිතධම‍්මදෙසනං කිර තං භික‍්ඛුං යස‍්මා සො පුබ‍්බෙපි ධම‍්මං සුත්‍වා තත්‍ථෙව වසති, න සමණධම‍්මං කාතුං ගච‍්ඡති, තස‍්මා නං භගවා “එවමෙව පනිධෙකච‍්චෙ මොඝපුරිසා මමඤ‍්ඤෙව අජ‍්ඣෙසන‍්ති, ධම‍්මෙ ච භාසිතෙ මමඤ‍්ඤෙව අනුබන්‍ධිතබ‍්බං මඤ‍්ඤන‍්තී”ති අපසාදෙත්‍වා පුන යස‍්මා සො අරහත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නො, තස‍්මා නං ඔවදන‍්තො ආහ – “තස‍්මාතිහ තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං, අජ‍්ඣත‍්තං මෙ චිත‍්තං ඨිතං භවිස‍්සති සුසණ‍්ඨිතං, න චුප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා චිත‍්තං පරියාදාය ඨස‍්සන‍්තීති. එවඤ‍්හි තෙ භික‍්ඛු සික‍්ඛිතබ‍්බ”න‍්ති.

මේ එහි අභිප්‍රායයි: “ස්වාමීනි, යම්සේ මම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා හුදකලාව, ගණයා කෙරෙන් වෙන්ව, අප්‍රමාදීව තපස් කරමින් නිවණට නැඹුරු කය සිත ඇතිව, වෙසෙම් නම්, එසේ වන ලෙසින් මාහට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂේපයෙන් ධර්මය දේශනා කරන සේක්වා”යි මෙසේ ආයාචනාකළ ඒ භික්‍ෂුව, යම් හෙයකින් ප්‍රථමයෙන්ද ධර්මය අසා එතැනම වෙසේද, ශ්‍රමණධර්මය පිළිපැදීමට නොයාද, එහෙයින් එම භික්‍ෂුවහට භාග්‍යවතුන් වහන්සේ, “එසේම මේ ශාසනයෙහි ඇතැම් මෝඝ පුරුෂයෝ මටම ආරාධනය කෙරෙති, දහම් දෙසූ කල්හි මා පසුපසම යායුතුයයි හඟිති”යි දොස් නඟා යලිදු එම භික්‍ෂුව රහත්බවට උපනිශ්‍රය ඇත්තකු හෙයින් ඔහුට අවවාද කරනසේක්, “එහෙයින්, ශ්‍රමණය, ඔබ විසින් මෙසේ හික්මිය යුතුය, ‘මාගේ අභ්‍යන්තර චිත්තය (යම්සේ) සිටියේ, මනාකොට සිටියේ වන්නේය, උපන් පාපක අකුසල ධර්මයෝ සිත පැහැර නොසිටින්නාහ’යි මෙසේ, ශ්‍රමණය, මේ ආකාරයෙන් හික්මිය යුතුය”යි යන

ඉමිනා පනස‍්ස ඔවාදෙන නියකජ‍්ඣත‍්තවසෙන චිත‍්තෙකග‍්ගතාමත‍්තො මූලසමාධි වුත‍්තො. තතො “එත‍්තකෙනෙව සන‍්තුට‍්ඨිං අනාපජ‍්ජිත්‍වා එවං සො එව සමාධි වඩ‍්ඪෙතබ‍්බො”ති දස‍්සෙතුං “යතො ඛො තෙ භික‍්ඛු අජ‍්ඣත‍්තං චිත‍්තං ඨිතං හොති සුසණ‍්ඨිතං, න චුප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. තතො තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං මෙත‍්තා මෙ චෙතොවිමුත‍්ති භාවිතා භවිස‍්සති බහුලීකතා යානිකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධාති. එවඤ‍්හි තෙ භික‍්ඛු සික‍්ඛිතබ‍්බ”න‍්ති එවමස‍්ස මෙත‍්තාවසෙන භාවනං වත්‍වා පුන “යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො, තතො ත්‍වං භික‍්ඛු ඉමං මූලසමාධිං සවිතක‍්කම‍්පි සවිචාරං භාවෙය්‍යාසි…පෙ… උපෙක‍්ඛාසහගතම‍්පි භාවෙය්‍යාසී”ති වුත‍්තං.

මේ අවවාදයෙන් නියකජ්ඣත්ත වශයෙන් චිත්තෛකාග්‍රතාමාත්‍රවූ මූලසමාධිය කියනලදි. ඉක්බිති මෙපමණෙකින් තෘප්තියට නොපැමිණ මෙසේ එම සමාධිය වැඩිය යුතුයයි දක්වනු පිණිස, “යම් හෙයකින්, ශ්‍රමණය, ඔබගේ අභ්‍යන්තර චිත්තය සිටියේ, මනාකොට පිහිටියේ වේද, උපන් ලාමක අකුසල ධර්මයෝ සිත පැහැරගෙන නොසිටිත්ද, එවිට, ශ්‍රමණය, ඔබ විසින් මෙසේ හික්මිය යුතුය, ‘මා විසින් මෙත්තා චෙතොවිමුත්තිය වඩනා ලද්දේ, පුරුදු කරන ලද්දේ, පුහුණු කරන ලද්දේ, වස්තුගත කරන ලද්දේ, පිහිටුවන ලද්දේ, සුපුරුදු කරන ලද්දේ, මනාකොට අරඹන ලද්දේය’යි මෙසේ, ශ්‍රමණය ඔබ විසින් හික්මිය යුතුය”යි මේ ආකාරයෙන් මෙත්තාභාවනා වශයෙන් කියාදී යලිදු, “යම් හෙයකින්, ශ්‍රමණය, මේ සමාධිය මේ ආකාරයෙන් වඩනා ලද්දේ, පුරුදු කරන ලද්දේ වේද, එහෙයින්, ශ්‍රමණය, ඉක්බිති විතක්ක-විචාරසහිත මේ මූලසමාධිය වඩන්නෙහිය-පෙ-උපෙක්ඛාසහගත සමාධියද වඩන්නෙහිය”යි කියන ලදී.

තස‍්සත්‍ථො – යදා තෙ භික‍්ඛු අයං මූලසමාධි එවං මෙත‍්තාවසෙන භාවිතො හොති, තදා ත්‍වං තාවතකෙනාපි තුට‍්ඨිං අනාපජ‍්ජිත්‍වාව ඉමං මූලසමාධිං අඤ‍්ඤෙසුපි ආරම‍්මණෙසු චතුක‍්කපඤ‍්චකජ‍්ඣානානි පාපයමානො සවිතක‍්කම‍්පි සවිචාරන‍්තිආදිනා නයෙන භාවෙය්‍යාසීති.

එහි අර්ත්‍ථය වනුයේ: ‘ශ්‍රමණය, යම් කලෙක මෙත්තාභාවනා වශයෙන් මේ මූලසමාධිය වඩනාලද්දේ වේද, එකල එපමණෙකින් තෘප්තියට නොපැමිණ මෙම මූලසමාධිය සෙසු අරමුණු විෂයෙහිද චතුෂ්ක - පංචකධ්‍යානයන් කරා පමුණුවමින් සවිතක්ක - සවිචාර වශයෙන් ආදී නයින් වඩන්නෙහිය’ යනුයි.

එවං වත්‍වා ච පුන කරුණාදිඅවසෙසබ්‍රහ‍්මවිහාරපුබ‍්බඞ‍්ගමම‍්පිස‍්ස අඤ‍්ඤෙසු ආරම‍්මණෙසු චතුක‍්කපඤ‍්චකජ‍්ඣානවසෙන භාවනං කරෙය්‍යාසීති දස‍්සෙන‍්තො “යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො. තතො තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං කරුණා මෙ චෙතොවිමුත‍්තී”තිආදිමාහ.

මෙසේද පවසා යලිදු කරුණා ආදී සෙසු බ්‍රහ්මවිහාරයන් පූර්වාංගමකොට ඇති අනෙක් අරමුණු විෂයෙහිද චතුෂ්ක-පංචකධ්‍යාන වශයෙන් භාවනා කරන්නෙහිය’යි දක්වමින්, “යම් හෙයකින්, ශ්‍රමණය, ඔබ විසින් මෙම සමාධිය මෙසේ වඩනා ලද්දේ, පුරුදු කරන ලද්දේ වේද, එහෙයින්, ශ්‍රමණය, ඉක්බිති ඔබ විසින් මෙසේ හික්මිය යුතුය: මවිසින් කරුණාචෙතොවිමුත්තිය....” යන ආදිය කියනලදි.

එවං මෙත‍්තාදිපුබ‍්බඞ‍්ගමං චතුක‍්කපඤ‍්චකජ‍්ඣානවසෙන භාවනං දස‍්සෙත්‍වා පුන කායානුපස‍්සනාදිපුබ‍්බඞ‍්ගමං දස‍්සෙතුං “යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො, තතො තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං කායෙ කායානුපස‍්සී විහරිස‍්සාමී”ති ආදිං වත්‍වා “යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො භවිස‍්සති සුභාවිතො, තතො ත්‍වං භික‍්ඛු යෙන යෙනෙව ගග‍්ඝසි, ඵාසුඤ‍්ඤෙව ගග‍්ඝසි, යත්‍ථ යත්‍ථෙව ඨස‍්සසි, ඵාසුඤ‍්ඤෙව ඨස‍්සසි, යත්‍ථ යත්‍ථෙව නිසීදිස‍්සසි, ඵාසුඤ‍්ඤෙව නිසීදිස‍්සසි, යත්‍ථ යත්‍ථෙව සෙය්‍යං කප‍්පෙස‍්සසි, ඵාසුඤ‍්ඤෙව සෙය්‍යං කප‍්පෙස‍්සසී”ති අරහත‍්තනිකූටෙන දෙසනං සමාපෙසි. තස‍්මා තිකචතුක‍්කජ‍්ඣානිකාව මෙත‍්තාදයො, උපෙක‍්ඛා පන අවසෙසඑකජ‍්ඣානිකාවාති වෙදිතබ‍්බා. තථෙව ච අභිධම‍්මෙ (ධ· ස· 251 ආදයො; විභ· 673 ආදයො) විභත‍්තාති.

මෙසේ මෙත්තා ආදිය පූර්වාංගමකොට ඇති චතුෂ්ක-පංචක ධ්‍යාන වශයෙන් භාවනාව දක්වා නැවත කායානුපස්සනා වශයෙන් දක්වනු පිණිස, “යම් හෙයකින්, ශ්‍රමණය, ඔබ විසින් මෙම සමාධිය මෙසේ වඩනා ලද්දේ, පුරුදු කරන ලද්දේ වේද, එහෙයින් ශ්‍රමණය, ඔබ විසින් ඉක්බිති, ‘කය කෙරෙහි කය අනුව බලමින් හැසිරෙන්නෙමි’යි මෙසේ හික්මිය යුතුය”යි කියා, “යම් හෙයකින්, ශ්‍රමණය, ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩනා ලද්දේ, මනාකොට වඩනා ලද්දේ වන්නේද, එහෙයින්, ශ්‍රමණය, යම් යම් තැනෙක යන්නෙහිද, පහසුවෙන්ම යන්නෙහිය, යම් යම් තැනෙක සිටින්නෙහිද, පහසුවෙන්ම සිටින්නෙහිය, යම් යම් තැනෙක හිඳින්නෙහිද, පහසුවෙන්ම හිඳින්නෙහිය, යම් යම් තැනෙක හොවින්නෙහිද, පහසුවෙන්ම හොවින්නෙහිය”යි රහත්බව කෙළවරකොට දේශනය සමාප්ත කළසේක. එහෙයින් මෙත්තා ආදී පළමු තුන ත්‍රික-චතුෂ්කධ්‍යානික වෙතැ’යිද, උපෙක්ඛාවිහරණය අවශේෂ එකධ්‍යානිකම වෙතැ’යිද දතයුතුය. අභිධර්මයෙහිද එසේම බෙදා දක්වන ලදැ’යි දතයුතුය.

එවං තිකචතුක‍්කජ‍්ඣානවසෙන චෙව අවසෙසඑකජ‍්ඣානවසෙන ච ද‍්විධා ඨිතානම‍්පි එතාසං සුභපරමාදිවසෙන අඤ‍්ඤමඤ‍්ඤං අසදිසො ආනුභාවවිසෙසො වෙදිතබ‍්බො. හලිද‍්දවසනසුත‍්තස‍්මිං හි එතා සුභපරමාදිභාවෙන විසෙසෙත්‍වා වුත‍්තා. යථාහ – “සුභපරමාහං, භික‍්ඛවෙ, මෙත‍්තං චෙතොවිමුත‍්තිං වදාමි. ආකාසානඤ‍්චායතනපරමාහං, භික‍්ඛවෙ, කරුණං චෙතොවිමුත‍්තිං වදාමි. විඤ‍්ඤාණඤ‍්චායතනපරමාහං, භික‍්ඛවෙ, මුදිතං චෙතොවිමුත‍්තිං වදාමි. ආකිඤ‍්චඤ‍්ඤායතනපරමාහං, භික‍්ඛවෙ, උපෙක‍්ඛං චෙතොවිමුත‍්තිං වදාමී”ති (සං· නි· 5.235).

මෙසේ ත්‍රික-චතුෂ්කධ්‍යාන වශයෙන්ද, අවශෙෂ එකධ්‍යාන (චතුර්ත්‍ථ හෝ පංචම) වශයෙන්ද දෙවැදෑරුම්ව සිටි මේ බ්‍රහ්මවිහාරයන් පිළිබඳ එකිනෙකට වෙනස්වූ සුභපරමාදී ආනුභාව විශේෂය දතයුතුය. හලිද්දීවසන සූත්‍රයෙහි මේ මෙත්තා ආදීහු සුභපරම ආදී වශයෙන් විශේෂකොට කියන ලද්දාහ. “මහණෙනි, මෙත්තා චෙතොවිමුත්තිය, මම් සුභපරමයයි කියමි, මහණෙනි, කරුණාචෙතොවිමුත්තිය, ආකාසනඤ්චායතනපරමයයි කියමි, මහණෙනි, මුදිතා චෙතොවිමුක්තිය, මම් විඤ්ඤාණඤ්චායතන පරමයයි කියමි, මහණෙනි, උපෙක්ඛා චෙතොවිමුත්තිය මම් ආකිඤ්චඤ්ඤායතනපරමයයි කියමි” යනුවෙනි.

කස‍්මා පනෙතා එවං වුත‍්තාති? තස‍්ස තස‍්ස උපනිස‍්සයත‍්තා. මෙත‍්තාවිහාරිස‍්ස හි සත‍්තා අප‍්පටික‍්කූලා හොන‍්ති. අථස‍්ස අප‍්පටික‍්කූලපරිචයා අප‍්පටික‍්කූලෙසු පරිසුද‍්ධවණ‍්ණෙසු නීලාදීසු චිත‍්තං උපසංහරතො අප‍්පකසිරෙනෙව තත්‍ථ චිත‍්තං පක‍්ඛන්‍දති. ඉති මෙත‍්තා සුභවිමොක‍්ඛස‍්ස උපනිස‍්සයො හොති, න තතො පරං, තස‍්මා සුභපරමාති වුත‍්තා.

කවර හෙයින් මේ මෙත්තා ආදීහු මෙසේ කියන ලද්දාහුද? ශුභවිමොක්‍ෂාදී ඒ ඒ විමොක්‍ෂයනට උපනිශ්‍රය වන හෙයිනි. මෙත්තාවිහරණ ඇත්තාහට සත්ත්‍වයෝ ප්‍රතිකූල නොවෙත්, ප්‍රතිකූල නොවන බව පුරුදුවීමෙන් ඔහුට ප්‍රතිකූල නොවූ නීලාදී පිරිසුදු වර්ණයන් වෙත සිත යොමු කරනවිට වැඩි ආයාසයක් නැතිවම එයට සිත වැදගනියි. මෙසේ මෙත්තාවිහරණය ශුභවිමෝක්‍ෂයට උපනිශ්‍රය වේ, ඉන් මතු කිසිවකට උපනිශ්‍රය නොවේ. එහෙයින් එය සුභපරමයයි කියනලදි.

කරුණාවිහාරිස‍්ස පන දණ‍්ඩාභිඝාතාදිරූපනිමිත‍්තං පත‍්තදුක‍්ඛං සමනුපස‍්සන‍්තස‍්ස කරුණාය පවත‍්තිසම‍්භවතො රූපෙ ආදීනවො පරිවිදිතො හොති. අථස‍්ස පරිවිදිතරූපාදීනවත‍්තා පථවීකසිණාදීසු අඤ‍්ඤතරං උග‍්ඝාටෙත්‍වා රූපනිස‍්සරණෙ ආකාසෙ චිත‍්තං උපසංහරතො අප‍්පකසිරෙනෙව තත්‍ථ චිත‍්තං පක‍්ඛන්‍දති. ඉති කරුණා ආකාසානඤ‍්චායතනස‍්ස උපනිස‍්සයො හොති, න තතො පරං, තස‍්මා ආකාසානඤ‍්චායතනපරමාති වුත‍්තා.

මුගුරු පහර ආදී රූපනිමිතිවලට පැමිණි සත්ත්‍වයන්ගේ දුක් අනුව බලන කරුණාවිහරණ ඇත්තහුට කරුණාව පැවැත්වීමේ හේතුවෙන් රූපයෙහි ආදීනව මනාව වැටහේ. ඉක්බිති, රූපයෙහි ආදීනව දත් හෙයින් පඨවිකසිණාදිය අතුරෙන් කිසියම් කසිණයක් උගුළුවා රූප රහිත වූ ආකාශයෙහි සිත මෙහෙයවනවිට අල්ප ආයාසයෙන්ම එහි සිත වැදගනියි. මෙසේ කරුණාව ආකාසානඤ්චායතනයට උපනිශ්‍රය වේ, ඉන්මතු කිසිවකට නොවෙයි, එහෙයින් එය ආකාසානඤ්චායතන පරමයයි කියනලදී.

මුදිතාවිහාරිස‍්ස පන තෙන තෙන පාමොජ‍්ජකාරණෙන උප‍්පන‍්නපාමොජ‍්ජසත‍්තානං විඤ‍්ඤාණං සමනුපස‍්සන‍්තස‍්ස මුදිතාය පවත‍්තිසම‍්භවතො විඤ‍්ඤාණග‍්ගහණපරිචිතං චිත‍්තං හොති. අථස‍්ස අනුක‍්කමාධිගතං ආකාසානඤ‍්චායතනං අතික‍්කම‍්ම ආකාසනිමිත‍්තගොචරෙ විඤ‍්ඤාණෙ චිත‍්තං උපසංහරතො අප‍්පකසිරෙනෙව තත්‍ථ චිත‍්තං පක‍්ඛන්‍දතීති මුදිතා විඤ‍්ඤාණඤ‍්චායතනස‍්ස උපනිස‍්සයො හොති, න තතො පරං, තස‍්මා විඤ‍්ඤාණඤ‍්චායතනපරමාති වුත‍්තා.

මුදිතාවිහරණ ඇත්තහුට වනාහි ඒ ඒ ප්‍රමොදජනක කරුණු හේතුකොටගෙන හටගත් ප්‍රමොද ඇති සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය අනුව බලනවිට මුදිතාව පැවැත්වීම හේතුකොටගෙන විඤ්ඤාණග්ගහණයෙහි පුරුදු කරන ලද සිත් ඇතිවේ. ඉක්බිති ඔහුට අනුක්‍රමයෙන් අධිගතවූ ආකාසානඤ්චායතනය ඉක්මවා ආකාශය නිමිත්තගෝචර කොට ඇති විඤ්ඤාණය වෙත සිත මෙහෙයවනවිට අල්ප ආයාසයෙන්ම එහි සිත වැදගනියි. මෙසේ මුදිතාව විඤ්ඤාණඤ්චායතනයට උපනිශ්‍රය වෙයි, ඉන් මතු කිසිවකට උපනිශ්‍රය නොවෙයි, එහෙයින් එය විඤ්ඤාණඤ්චායතන පරමයයි කියන ලදි.

උපෙක‍්ඛාවිහාරිස‍්ස පන “සත‍්තා සුඛිතා වා හොන‍්තු දුක‍්ඛතො වා විමුච‍්චන‍්තු, සම‍්පත‍්තසුඛතො වා මා විමුච‍්චන‍්තූ”ති ආභොගාභාවතො සුඛදුක‍්ඛාදිපරමත්‍ථගාහවිමුඛභාවතො අවිජ‍්ජමානග‍්ගහණදුක‍්ඛං චිත‍්තං හොති. අථස‍්ස පරමත්‍ථගාහතො විමුඛභාවපරිචිතචිත‍්තස‍්ස පරමත්‍ථතො අවිජ‍්ජමානග‍්ගහණදුක‍්ඛචිත‍්තස‍්ස ච අනුක‍්කමාධිගතං විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම සභාවතො අවිජ‍්ජමානෙ පරමත්‍ථභූතස‍්ස විඤ‍්ඤාණස‍්ස අභාවෙ චිත‍්තං උපසංහරතො අප‍්පකසිරෙනෙව තත්‍ථ චිත‍්තං පක‍්ඛන්‍දති. ඉති උපෙක‍්ඛා ආකිඤ‍්චඤ‍්ඤායතනස‍්ස උපනිස‍්සයො හොති, න තතො පරං, තස‍්මා ආකිඤ‍්චඤ‍්ඤායතනපරමාති වුත‍්තාති.

උපෙක්ඛාවිහරණ ඇත්තහුට වනාහි, ‘සත්ත්‍වයෝ සුවපත් වෙත්වා’යි හෝ, ‘දුකින් මිදෙත්වා’යි හෝ ‘ලැබූ සැපතින් නොමිදෙත්වා’යි හෝ ප්‍රාර්ත්‍ථනා විශේෂයක් නැති හෙයින් සුඛදුඃඛාදී පරමාර්ත්‍ථ ග්‍රහණයට විමුඛ වන හෙයින් අවිද්‍යාමාන ප්‍රඥප්ති ගැනීමෙහි දක්‍ෂ වූ සිත් වේ. ඉක්බිති පරමාර්ත්‍ථග්‍රහණ වශයෙන් විමුඛභාවයට පුරුදු කරනලද සිත් ඇති, පරමාර්ත්‍ථ වශයෙන් අවිද්‍යාමාන ප්‍රඥප්ති ගැනීමෙහි දක්‍ෂ වූ සිත් ඇති ඔහුට අනුක්‍රමයෙන් අධිගත වූ විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, ස්වභාව වශයෙන් අවිද්‍යාමාන වූ පරමාර්ත්‍ථබවට පත් විඤ්ඤාණයාගේ අභාවයෙහි සිත මෙහෙයවන විට අල්පආයාසයෙන්ම එයට සිත වැදගනියි. මෙසේ උපෙක්ඛාවිහරණය ආකිඤ්චඤ්ඤායතනයට උපනිශ්‍රය වේ, ඉන් මතු කිසිවකට උපනිශ්‍රය නොවේ, එහෙයින් එය ආකිඤ්චඤ්ඤායතනපරමයයි කියනලදි.

එවං සුභපරමාදිවසෙන එතාසං ආනුභාවං විදිත්‍වා පුන සබ‍්බාපෙතා දානාදීනං සබ‍්බකල්‍යාණධම‍්මානං පරිපූරිකාති වෙදිතබ‍්බා. සත‍්තෙසු හි හිතජ‍්ඣාසයතාය සත‍්තානං දුක‍්ඛාසහනතාය, පත‍්තසම‍්පත‍්තිවිසෙසානං චිරට‍්ඨිතිකාමතාය, සබ‍්බසත‍්තෙසු ච පක‍්ඛපාතාභාවෙන සමප‍්පවත‍්තචිත‍්තා මහාසත‍්තා “ඉමස‍්ස දාතබ‍්බං, ඉමස‍්ස න දාතබ‍්බ”න‍්ති විභාගං අකත්‍වා සබ‍්බසත‍්තානං සුඛනිදානං දානං දෙන‍්ති. තෙසං උපඝාතං පරිවජ‍්ජයන‍්තා සීලං සමාදියන‍්ති. සීලපරිපූරණත්‍ථං නෙක‍්ඛම‍්මං භජන‍්ති. සත‍්තානං හිතාහිතෙසු අසම‍්මොහත්‍ථාය පඤ‍්ඤං පරියොදපෙන‍්ති. සත‍්තානං හිතසුඛත්‍ථාය නිච‍්චං වීරියමාරභන‍්ති. උත‍්තමවීරියවසෙන වීරභාවං පත‍්තාපි ච සත‍්තානං නානප‍්පකාරකං අපරාධං ඛමන‍්ති. “ඉදං වො දස‍්සාම කරිස‍්සාමා”ති කතං පටිඤ‍්ඤං න විසංවාදෙන‍්ති. තෙසං හිතසුඛාය අවිචලාධිට‍්ඨානා හොන‍්ති. තෙසු අවිචලාය මෙත‍්තාය පුබ‍්බකාරිනො හොන‍්ති. උපෙක‍්ඛාය පච‍්චුපකාරං නාසීසන‍්තීති එවං පාරමියො පූරෙත්‍වා යාව දසබලචතුවෙසාරජ‍්ජඡඅසාධාරණඤාණඅට‍්ඨාරසබුද‍්ධධම‍්මප‍්පභෙදෙ සබ‍්බෙපි කල්‍යාණධම‍්මෙ පරිපූරෙන‍්තීති එවං දානාදිසබ‍්බකල්‍යාණධම‍්මපරිපූරිකා එතාව හොන‍්තීති.

මෙසේ සුභපරමාදි වශයෙන් මේ විහරණයන්ගේ ආනුභාවය දැන, යලිදු මේ සියලුම විහරණයෝ දානාදී වූ සියලු කල්‍යාණධර්මයන් පරිපූරණය කරන්නාහ’යිද දතයුතුය. සත්ත්‍වයන් වෙත හිතාධ්‍යාශය ඇති බැවින්ද, සත්ත්‍වයන්ගේ දුක් නොඉවසන බැවින්ද, සත්ත්‍වයන්ගේ සම්පත්ති විශේෂයන් බොහෝකල් පවතිනු කැමැති බැවින්ද, සියලු සත්ත්‍වයන් කෙරෙහි අපක්‍ෂපාතවූ බැවින්ද සමව පවත්වන සිත් ඇති මහා සත්ත්‍වයෝ ‘මොහුට දියයුතුය, මොහුට නොදිය යුතුය’යි වෙනසක් නොකොට සියලු සත්ත්‍වයනට සුඛනිදානවූ දන් දෙති, එම සත්ත්‍වයනට හිංසා කිරීමෙන් වැලකෙමින් ශීලය පරිපූර්ණ කෙරෙති, ශීලය පරිපූර්ණ කරනු පිණිස නෛෂ්ක්‍රම්‍යය භජනය කෙරෙති, සත්ත්‍වයන්ගේ හිත අහිත දෙකෙහි මූළා නොවනු පිණිස ප්‍රඥාව පිරිසුදු කෙරෙති, සත්ත්‍වයන්ගේ හිතසුව පිණිස නිරතුරුව වීර්යය අරඹති, උත්තමවීර්ය වශයෙන් වීරභාවයට පත්ව පවා සත්ත්‍වයන්ගේ නානාප්‍රකාර අපරාධයක් ක්‍ෂමා කෙරෙති; තොපට මෙය දෙන්නෙමි, කරන්නෙමි’යි කරන ලද ප්‍රතිඥාවක් කඩනොකෙරෙති, ඔවුන්ගේ හිතසුව පිණිස නොසැලෙනසුලු අදිටන් ඇත්තාහු වෙති, ඔවුන් කෙරෙහි නොසැලෙන මෛත්‍රිය හේතුකොටගෙන පළමුවෙන් උපකාර කෙරෙති, උපෙක්‍ෂාව හේතුකොටගෙන ප්‍රත්‍යුපකාරයක් අපේක්‍ෂා නොකෙරෙති’යි මෙසේ පාරමී දම් පුරා, යම්තාක් දශබල-චතුර්වෛශාරද්‍ය - ෂඩ් අසාධාරණ ඥාන අෂ්ටාදශ බුද්ධධර්ම ප්‍රභේද සහිත සියලු කල්‍යාණ ධර්මයන් පරිපූරණය කෙරෙති.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ සමාධිභාවනාධිකාරෙ බ්‍රහ‍්මවිහාරනිද‍්දෙසො නාම නවමො පරිච‍්ඡෙදො.

මෙතෙකින් සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි බ්‍රහ්මවිහාර නිද්දේස නම්වූ නවවැනි පරිච්ඡේදය නිමියේයි.