යෙදුමෙන් කියවන්න

උපෙක‍්ඛාභාවනාකථා

උපෙක‍්ඛාභාවනාකථා

උපෙක්‍ෂා භාවනාව

උපෙක‍්ඛාභාවනං භාවෙතුකාමෙන පන මෙත‍්තාදීසු පටිලද‍්ධතිකචතුක‍්කජ‍්ඣානෙන පගුණතතියජ‍්ඣානා වුට‍්ඨාය “සුඛිතා හොන‍්තූ”තිආදිවසෙන සත‍්තකෙලායනමනසිකාරයුත‍්තත‍්තා, පටිඝානුනයසමීපචාරිත‍්තා, සොමනස‍්සයොගෙන ඔළාරිකත‍්තා ච පුරිමාසු ආදීනවං, සන‍්තසභාවත‍්තා උපෙක‍්ඛාය ආනිසංසඤ‍්ච දිස‍්වා ය‍්වාස‍්ස පකතිමජ‍්ඣත‍්තො පුග‍්ගලො, තං අජ‍්ඣුපෙක‍්ඛිත්‍වා උපෙක‍්ඛා උප‍්පාදෙතබ‍්බා. තතො පියපුග‍්ගලාදීසු. වුත‍්තඤ‍්හෙතං “කථඤ‍්ච භික‍්ඛු උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති? සෙය්‍යථාපි නාම එකං පුග‍්ගලං නෙව මනාපං න අමනාපං දිස‍්වා උපෙක‍්ඛකො අස‍්ස, එවමෙව සබ‍්බෙ සත‍්තෙ උපෙක‍්ඛාය ඵරතී”ති (විභ· 673).

උපෙක්‍ෂා භාවනාව අරඹනු කැමැති යෝගාවචරයා විසින් වනාහි මෛත්‍රී විහරණ ආදියෙහිදී ලබාගන්නා ලද ත්‍රික චතුෂ්ක ධ්‍යානයනට අනුව ප්‍රගුණ කරනලද තෘතීය ධ්‍යානයෙන් නැඟී, ‘සුඛිතා හොන්තු’ යන ආදී වශයෙන් සත්ත්‍වයන් කෙරෙහි ඇලීම් වශයෙන් පවත්වන ලද මනස්කාර ඇති හෙයින්ද, දොම්නස හා ඇල්ම යන දෙකට (කරුණාව දොම්නසටද මෛත්‍රී මුදිතා යන දෙක සොම්නසටද) සමීපව පවත්නා හෙයින්ද, සොම්නස හා සමග යෙදීමෙන් ඔළාරික වන හෙයින්ද පළමු (මෛත්‍රී, කරුණා, මුදිතා යන) විහරණ තුනෙහි ආදීනවද, ශාන්තභාව වශයෙන් උපෙක්‍ෂා විහරණයෙහි ආනිසංසද දැක, යම් පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් මධ්‍යස්ථ ස්වභාව ඇත්තේද, එවන් පුද්ගලයකු කෙරෙහි නිරතුරුව අවධානය යොමු කරමින් උපෙක්‍ෂා චිත්තය ඉපැදවිය යුතුය. ඉක්බිති ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි (උපෙක්‍ෂා චිත්තය) යොමු කළයුතුය. කියනලද මැයි: “භික්‍ෂු තෙමේ උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරනුයේ කෙසේද? යම්සේ වනාහි මනාපද නොවූ අමනාපද නොවූ එක්තරා පුද්ගලකු දැක උපෙක්‍ෂා සහිත (මධ්‍යස්ථ) වන්නේද, එසේම සියලු සත්ත්‍වයන් කෙරෙහි උපෙක්‍ෂාව පතුරුවයි.”

තස‍්මා වුත‍්තනයෙන මජ‍්ඣත‍්තපුග‍්ගලෙ උපෙක‍්ඛං උප‍්පාදෙත්‍වා අථ පියපුග‍්ගලෙ, තතො සොණ‍්ඩසහායකෙ, තතො වෙරිම‍්හීති එවං “ඉමෙසු ච තීසු අත‍්තනි චා”ති සබ‍්බත්‍ථ මජ‍්ඣත‍්තවසෙන සීමාසම‍්භෙදං කත්‍වා තං නිමිත‍්තං ආසෙවිතබ‍්බං භාවෙතබ‍්බං බහුලීකාතබ‍්බං. තස‍්සෙවං කරොතො පථවීකසිණෙ වුත‍්තනයෙනෙව චතුත්‍ථජ‍්ඣානං උප‍්පජ‍්ජති.

එහෙයින් කියනලද නයින් මධ්‍යස්ථ පුද්ගලයකු කෙරෙහි උපෙක්‍ෂාව උපදවා, ඉක්බිති ප්‍රිය පුද්ගලයා කෙරෙහිද, ඉන් අනතුරුව සොණ්ඩ සහායකයා කෙරෙහිද, ඉන් අනතුරුව වෛරී පුද්ගලයා කෙරෙහිදැ’යි මෙසේ මෙකී තිදෙනා කෙරෙහිද, තමා කෙරෙහිද, යන සෑම දෙනා කෙරෙහි මධ්‍යස්ථ වශයෙන් සීමාසම්භෙදය කොට, එම සමථ නිමිත්ත සේවනය කළයුතුය, වැඩිය යුතුය. පුරුදු පුහුණු කළ යුතුය. මෙසේ විහරණය කරනවිට පඨවිකසිණයෙහිදී කියනලද නයින්ම චතුර්ත්‍ථ ධ්‍යානය උපදී.

කිං පනෙතං පථවීකසිණාදීසු උප‍්පන‍්නතතියජ‍්ඣානස‍්සාපි උප‍්පජ‍්ජතීති? නුප‍්පජ‍්ජති. කස‍්මා? ආරම‍්මණවිසභාගතාය. මෙත‍්තාදීසු උප‍්පන‍්නතතියජ‍්ඣානස‍්සෙව පන උප‍්පජ‍්ජති, ආරම‍්මණසභාගතායාති. තතො පරං පන විකුබ‍්බනා ච ආනිසංසපටිලාභො ච මෙත‍්තායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බොති.

මෙම චතුර්ත්‍ථ ධ්‍යානය පඨවි කසිණ ආදියෙහි උපන් තෘතීය ධ්‍යාන ඇත්තහුට උපදීද? නො-උපදියි. කවර හෙයින්ද යත්: අරමුණු විසදෘශ වන හෙයිනි. මෛත්‍රී ආදී බඹවිහරණ විෂයෙහි උපන් තෘතීය ධ්‍යාන ඇත්තහුටම මෙකී (උපෙක්‍ෂා විහරණයෙන් උපදින) චතුර්ත්‍ථ ධ්‍යානය උපදියි; අරමුණු සමානවන හෙයිනි. ඉක්බිති (පංචාකාර, සප්තාකාර, දශාකාර) විකුබ්බනාදී ආනිසංස ප්‍රතිලාභයන්ද මෛත්‍රී භාවනාවෙහිදී කී-නයින්ම දතයුතුය.

අයං උපෙක‍්ඛාභාවනාය විත්‍ථාරකථා.

මේ උපෙක්‍ෂා භාවනාව පිළිබඳ විස්තර කථායි.