මුදිතාභාවනාකථා
මුදිතාභාවනාකථා
මුදිතා භාවනාව
මුදිතාභාවනං ආරභන්තෙනාපි න පඨමං පියපුග්ගලාදීසු ආරභිතබ්බා. න හි පියො පියභාවමත්තෙනෙව මුදිතාය පදට්ඨානං හොති, පගෙව මජ්ඣත්තවෙරිනො. ලිඞ්ගවිසභාගකාලකතා අඛෙත්තමෙව.
මුදිතා භාවනාව අරඹන්නහු විසින්ද පළමුකොට ප්රියපුද්ගලාදීන් වෙත නොඇරඹිය යුතුය. ප්‍රිය පුද්ගලයා ප්‍රියවූ පමණෙකින්ම මුදිතාවට ආසන්න කාරණ නොවේ, මධ්‍යස්ථ හා වෛරී පුද්ගලයෝ කැලම නොවෙති, අසමලිංගිකයෝද මළගියාහුද අවිෂය වූවෝමය.
අතිප්පියසහායකො පන සියා පදට්ඨානං, යො අට්ඨකථායං සොණ්ඩසහායොති වුත්තො. සො හි මුදිතමුදිතොව හොති, පඨමං හසිත්වා පච්ඡා කථෙති, තස්මා සො වා පඨමං මුදිතාය ඵරිතබ්බො. පියපුග්ගලං වා සුඛිතං සජ්ජිතං මොදමානං දිස්වා වා සුත්වා වා “මොදති වතායං සත්තො, අහො සාධු අහො සුට්ඨූ”ති මුදිතා උප්පාදෙතබ්බා. ඉමමෙව හි අත්ථවසං පටිච්ච විභඞ්ගෙ (විභ· 663) වුත්තං “කථඤ්ච භික්ඛු මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති? සෙය්යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මුදිතො අස්ස, එවමෙව සබ්බසත්තෙ මුදිතාය ඵරතී”ති.
ඉතාප්‍රිය සහායකයා වනාහි මුදිතාවට පදට්ඨාන හෙවත් ආසන්න කාරණ වන්නේය. යම් සහායකයෙක් ‘සොණ්ඩසහාය’ යනුවෙන් අටුවායෙහි කියනලද, හේ තෙමේ වනාහි අතිශයින්ම මුදිත වූවෙකි. පළමුකොට සිනාසී පසුව කතාකරයි, එහෙයින් පළමුකොට එවන් සහායකයකු වෙත මුදිතාව පැතිරවිය යුතුය. නැතහොත් සුඛිතවූ, ප්‍රමුදිත වූ, ප්‍රීතිමත්වූ ප්‍රිය පුද්ගලයකු දැක හෝ අසා හෝ, “මේ සත්ත්ව තෙමේ ඒකාන්තයෙන් මුදිතවූයේ වේ, අහෝ මැනවි, අහෝ යෙහෙකි”යි මුදිතා චිත්තය ඉපැදවිය යුතුය. මෙම අර්ත්ථයම සලකා විභංගයෙහි, “භික්ෂු තෙමේ මුදිතාසහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරනුයේ කෙසේද? යම්සේ වනාහි ප්‍රියමනාප වූ එක්තරා පුද්ගලයකු දැක මුදිත වන්නේද, එසේම සියලු සත්ත්වයන් කෙරෙහි මුදිතාචිත්තය පතුරුවන්නේය”යි කියන ලදි.
සචෙපිස්ස සො සොණ්ඩසහායො වා පියපුග්ගලො වා අතීතෙ සුඛිතො අහොසි, සම්පති පන දුග්ගතො දුරූපෙතො, අතීතමෙව චස්ස සුඛිතභාවං අනුස්සරිත්වා “එස අතීතෙ එවං මහාභොගො මහාපරිවාරො නිච්චප්පමුදිතො අහොසී”ති තමෙවස්ස මුදිතාකාරං ගහෙත්වා මුදිතා උප්පාදෙතබ්බා “අනාගතෙ වා පන පුන තං සම්පත්තිං ලභිත්වා හත්ථික්ඛන්ධඅස්සපිට්ඨිසුවණ්ණසිවිකාදීහි විචරිස්සතී”ති අනාගතම්පිස්ස මුදිතාකාරං ගහෙත්වා මුදිතා උප්පාදෙතබ්බා.
ඉදින් ඒ සොණ්ඩසහායකයා නැතහොත් ප්‍රිය පුද්ගලයා අතීතයෙහි සුඛිතවූයේද, එහෙත් දැනට දිළිඳුවූයේ, දුශ්චරිතයෙන් යුක්තවූයේ වේද, එවිට ඔහුගේ අතීත වූ සුඛිතභාවයම සිහිකොට, “මේ තෙමේ අතීතයෙහි මෙවන් මහාභෝග ඇත්තේ, මහපිරිවර ඇත්තේ නිරන්තරයෙන් ප්‍රමුදිත වූයේය”යි ඔහුගේ ඒ අතීත මුදිතාකාරයම ගෙන මුදිතාචිත්තය ඉපැදවිය යුතුය. “අනාගතයෙහි හෝ නැවත එවන් සම්පත් ලැබ ඇතු පිටින්, අසු පිටින්, රන් දෝලාවෙන් හැසිරෙන්නේය”යි ඔහුගේ අනාගතය මුදිතාකාරයෙන් ගෙන මුදිතාචිත්තය ඉපැදවිය යුතුය.
එවං පියපුග්ගලෙ මුදිතං උප්පාදෙත්වා අථ මජ්ඣත්තෙ තතො වෙරිම්හීති අනුක්කමෙන මුදිතා පවත්තෙතබ්බා. අප්පනා වඩ්ඪෙතබ්බා. සචෙ පනස්ස පුබ්බෙ වුත්තනයෙනෙව වෙරිම්හි පටිඝං උප්පජ්ජති, තං මෙත්තායං වුත්තනයෙනෙව වූපසමෙත්වා “ඉමෙසු ච තීසු අත්තනි චා”ති චතූසු ජනෙසු සමචිත්තතාය සීමාසම්භෙදං කත්වා තං නිමිත්තං ආසෙවන්තෙන භාවෙන්තෙන බහුලීකරොන්තෙන මෙත්තායං වුත්තනයෙනෙව තිකචතුක්කජ්ඣානවසෙනෙව අප්පනා වඩ්ඪෙතබ්බා. තතො පරං “පඤ්චහාකාරෙහි අනොධිසොඵරණා සත්තහාකාරෙහි ඔධිසොඵරණා දසහාකාරෙහි දිසාඵරණා”ති අයං විකුබ්බනා, “සුඛං සුපතී”තිආදයො ආනිසංසා ච මෙත්තායං වුත්තනයෙනෙව වෙදිතබ්බාති.
මෙසේ ප්‍රිය පුද්ගලයා කෙරෙහි මුදිතාව උපදවා ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහිද, ඉන් පසු වෛරී පුද්ගලයා කෙරෙහිද අනුපිළිවෙළින් මුදිතාචිත්තය පැවැත්විය යුතුය, අර්පණා වැඩිය යුතුය. ඉදින් යටකියනලද නයින් වෛරී පුද්ගලයා කෙරෙහි ද්වෙෂය උපදී නම්, යට මෛත්‍රී භාවනා විෂයෙහි කී-නයින්ම සන්සිඳුවා, මෙකී (ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන) තිදෙනා කෙරෙහිද තමා කෙරෙහිදැ’යි යන සිවු දෙනා කෙරෙහිම සමසිත් ඇති සීමාසම්භෙදය කොට, එම සමථ නිමිත්ත සෙවුමින්, වඩමින්. පුරුදු පුහුණු කරමින් මෛත්‍රී භාවනා විෂයෙහි කියනලද නයින් ත්රිකධ්යාන චතුෂ්කධ්‍යාන වශයෙන් අර්පණා වැඩිය යුතුය. ඉන් අනතුරුව පස් ආකාරයෙන් අනවධි වශයෙන් පැතිරවීමද, සත් ආකාරයෙන් අවධි වශයෙන් පැතිරවීමද, දශ ආකාරයෙන් දිශා අනුව පැතිරවීමදැ’යි යන මේ විකුබ්බනය සමෘද්ධ වේ. සුඛං සුපති යන ආදී ආනිසංසද මෛත්‍රී විෂයෙහි කී-නයින්ම සිද්ධ වෙතැ’යි දතයුතුය.
අයං මුදිතාභාවනාය විත්ථාරකථා.
මේ මුදිතාභාවනාව පිළිබඳ විස්තර කථායි.