කරුණාභාවනාකථා
කරුණාභාවනාකථා
කරුණා භාවනාව
කරුණං භාවෙතුකාමෙන පන නික්කරුණතාය ආදීනවං කරුණාය ච ආනිසංසං පච්චවෙක්ඛිත්වා කරුණාභාවනා ආරභිතබ්බා. තඤ්ච පන ආරභන්තෙන පඨමං පියපුග්ගලාදීසු න ආරභිතබ්බා. පියො හි පියට්ඨානෙයෙව තිට්ඨති. අතිප්පියසහායකො අතිප්පියසහායකට්ඨානෙයෙව. මජ්ඣත්තො මජ්ඣත්තට්ඨානෙයෙව. අප්පියො අප්පියට්ඨානෙයෙව. වෙරී වෙරිට්ඨානෙයෙව තිට්ඨති. ලිඞ්ගවිසභාගකාලකතා අඛෙත්තමෙව.
කරුණාව වඩනු කැමැත්තහු විසින් කරුණා රහිත බවෙහි ආදීනවද කරුණාවෙහි ආනිසංසද මෙනෙහිකොට කරුණා භාවනාව ඇරඹිය යුතුය. එය අරඹන්නහු විසින් පළමුකොට ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි නොඇරඹිය යුතුය. ප්‍රිය පුද්ගලයා ප්‍රිය තන්හිම සිටියි, අතිප්‍රිය සහායකයා අතිප්‍රිය තන්හිම සිටියි. මධ්‍යස්ථයා මධ්‍යස්ථ තන්හිම සිටියි, අප්‍රිය පුද්ගලයා අප්‍රිය තන්හිමද, වෛරී පුද්ගලයා වෛරී ස්ථානයෙහිමද සිටියි. නොසම ලිංග ඇත්තාහුද මළාහුද අක්ෂෙත්ර වන්නාහුමය.
“කථඤ්ච භික්ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති? සෙය්යථාපි නාම එකං පුග්ගලං දුග්ගතං දුරූපෙතං දිස්වා කරුණායෙය්ය, එවමෙව සබ්බසත්තෙ කරුණාය ඵරතී”ති විභඞ්ගෙ (විභ· 653) පන වුත්තත්තා සබ්බපඨමං තාව කිඤ්චිදෙව කරුණායිතබ්බරූපං පරමකිච්ඡප්පත්තං දුග්ගතං දුරූපෙතං කපණපුරිසං ඡින්නාහාරං කපාලං පුරතො ඨපෙත්වා අනාථසාලාය නිසින්නං හත්ථපාදෙහි පග්ඝරන්තකිමිගණං අට්ටස්සරං කරොන්තං දිස්වා “කිච්ඡං වතායං සත්තො ආපන්නො, අප්පෙව නාම ඉමම්හා දුක්ඛා මුච්චෙය්යා”ති කරුණා පවත්තෙතබ්බා. තං අලභන්තෙන සුඛිතොපි පාපකාරී පුග්ගලො වජ්ඣෙන උපමෙත්වා කරුණායිතබ්බො.
“කෙසේනම් භික්ෂු තෙමේ කරුණාසහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරන්නේද යම්සේ වනාහි දිළිඳුවූ දුකට පත්වූ කිසියම් පුද්ගලයකු දැක කරුණා උපදවන්නේද, එසේම සියලු සත්ත්වයන් වෙත කරුණාව පතුරුවන්නේය”යි විභංගයෙහි කියන ලද හෙයින් සියල්ලට පළමු කරුණා කළයුතුවූ ඉතා දුකට පත්වූ, දිළිඳු වූ, දුර්භග වූ, අත්පා කැඩුණු බිඳුණු, කබල ඉදිරියෙන් තබා අනාථ මඩමෙහි හොත්, අත්පාවලින් වැගිරෙන පණුකැලින් යුත්, දුක්මුසු හඬින් හඬන කිසියම් බැගෑපත් පුරුෂයකු දැක මේ සත්ත්ව තෙමේ ඒකාන්තයෙන් දුෂ්කරත්වයට පත් වූවෙකි. මොහු මේ දුකින් මිදෙන්නේ නම් යෙහෙකැ’යි කරුණාව පැවැත්විය යුතුය. එබන්දකු නොලැබෙතොත් සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයකු වධයට ගොදුරු වූවකු සේ සලකා කරුණාව පැතිරවිය යුතුය.
කථං? සෙය්යථාපි සහ භණ්ඩෙන ගහිතචොරං “වධෙථ න”න්ති රඤ්ඤො ආණාය රාජපුරිසා බන්ධිත්වා චතුක්කෙ චතුක්කෙ පහාරසතානි දෙන්තා ආඝාතනං නෙන්ති. තස්ස මනුස්සා ඛාදනීයම්පි භොජනීයම්පි මාලාගන්ධවිලෙපනතම්බුලානිපි දෙන්ති. කිඤ්චාපි සො තානි ඛාදන්තො චෙව පරිභුඤ්ජන්තො ච සුඛිතො භොගසමප්පිතො විය ගච්ඡති, අථ ඛො තං නෙව කොචි “සුඛිතො අයං මහාභොගො”ති මඤ්ඤති, අඤ්ඤදත්ථු “අයං වරාකො ඉදානි මරිස්සති, යං යදෙව හි අයං පදං නික්ඛිපති, තෙන තෙන සන්තිකෙ මරණස්ස හොතී”ති තං ජනො කරුණායති. එවමෙව කරුණාකම්මට්ඨානිකෙන භික්ඛුනා සුඛිතොපි පුග්ගලො එවං කරුණායිතබ්බො “අයං වරාකො කිඤ්චාපි ඉදානි සුඛිතො සුසජ්ජිතො භොගෙ පරිභුඤ්ජති, අථ ඛො තීසු ද්වාරෙසු එකෙනාපි කතස්ස කල්යාණකම්මස්ස අභාවා ඉදානි අපායෙසු අනප්පකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදිස්සතී”ති.
කෙසේද? යම්සේ බඩුත් සමග අල්වා ගන්නාලද සොරකු ‘මොහුට වධ කරවූ’ යයි රජු විසින් අණ කරන ලද රාජපුරුෂයෝ සතරමංසන්ධියක් පාසා පහර සියගණන් දෙවමින් වධස්ථානයට ගෙනයත්ද, එවිට මිනිස්සු ඔහුට කෑයුතු බිදියයුතු දෙයද, මල් ගඳවිලවුන්ද බුලත්ද දෙන්නාහුද, ඒ පුරුෂයාද ඒවා කමින් බුදිමින් භෝගයෙන් අනූන සුවපත් පුද්ගලයකු සෙයින් යන්නේ නමුදු, “මොහු මහාභෝග ඇති සුවපත් වූවෙකි”යි කිසිවෙක් නොහඟියි, “ඒකාන්තයෙන් අභාග්යසම්පන්නවූ මේ තෙමේ දැන් මරණයට පත් වන්නේය, මේ තෙමේ යම් පියවරක් තබන්නේ නම් ඒ පියවරින් මරණය කරාම ළං වන්නේය”යි ජනයා ඔහු කෙරෙහි අනුකම්පා කෙරෙත්ද, එසේම කරුණා කර්මස්ථානයෙහි යෙදුණු භික්ෂුව විසින් සුඛිතවූද ඒ (පාපකාරී) පුද්ගලයා කෙරෙහි මේ ආකාරයෙන් කරුණාව පැතිරවිය යුතුය: “මේ අසරණයා දැන් මෙසේ සුවපත්ව, මනාකොට සැරසී භෝගයන් වළදන්නේ නමුදු, තුන් දොරින් එක් දොරෙකින් හෝ කළ සත් ක්‍රියාවක් නැති හෙයින් දැන් දැන් අපායෙහි දැඩි දුක් දොම්නස් විඳින්නේය”යි
එවං තං පුග්ගලං කරුණායිත්වා තතො පරං එතෙනෙව උපායෙන පියපුග්ගලෙ, තතො මජ්ඣත්තෙ, තතො වෙරිම්හීති අනුක්කමෙන කරුණා පවත්තෙතබ්බා. සචෙ පනස්ස පුබ්බෙ වුත්තනයෙනෙව වෙරිම්හි පටිඝං උප්පජ්ජති, තං මෙත්තාය වුත්තනයෙනෙව වූපසමෙතබ්බං. යොපි චෙත්ථ කතකුසලො හොති, තම්පි ඤාතිරොගභොගබ්යසනාදීනං අඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතං දිස්වා වා සුත්වා වා තෙසං අභාවෙපි වට්ටදුක්ඛං අනතික්කන්තත්තා “දුක්ඛිතොව අය”න්ති එවං සබ්බථාපි කරුණායිත්වා වුත්තනයෙනෙව අත්තනි පියපුග්ගලෙ මජ්ඣත්තෙ වෙරිම්හීති චතූසු ජනෙසු සීමාසම්භෙදං කත්වා තං නිමිත්තං ආසෙවන්තෙන භාවෙන්තෙන බහුලීකරොන්තෙන මෙත්තාය වුත්තනයෙනෙව තිකචතුක්කජ්ඣානවසෙන අප්පනා වඩ්ඪෙතබ්බා.
මෙසේ ඒ (පාපකාරී) පුද්ගලයා කෙරෙහි කරුණාව පතුරුවා, ඉක්බිති එම නියායෙන්ම ප්‍රිය පුද්ගලයා කෙරෙහිද, ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහිද ඉන් ඉක්බිති වෛරී පුද්ගලයා කෙරෙහිද අනුක්රමයෙන් කරුණාව පැවැත්විය යුතුය. ඉදින් ඉහත (මෙත්තා භාවනාවෙහි) කී -ලෙසින් වෛරී පුද්ගලයා කෙරෙහි ද්වෙෂය උපදී නම්, එය එම මෙත්තා භාවනාවෙහි කී ලෙසින්ම සන්සිඳුවිය යුතුය. මෙහි කරන ලද කුසල් ඇත්තකු නම්, ඥාතිව්‍යසන, රෝගව්‍යසන, භොගව්යසන ආදිය අතුරෙන් කිසියම් ව්‍යසනයෙකින් ඔහු විපතට පත්වූ විටෙක, දැක හෝ අසා හෝ, එබඳු ව්‍යසනයක් දකින්නට අසන්නට නැතිවිට, සංසාර දුක් නොඉක්ම වූ හෙයින්, “මේ තෙමේ දුක්පත් වූයේම”යයි මෙසේ සියලු ආකාරයෙන් කරුණා පතුරුවා, ඉහත කී -නයින්ම තමා කෙරෙහිද, ප්‍රිය පුද්ගලයා කෙරෙහිද, මධ්‍යස්ථයා කෙරෙහිද, වෛරී පුද්ගලයා කෙරෙහිදැ’යි මේ සිවු දෙනා කෙරෙහි සීමාසම්භෙද කොට (සමසිත් ඇත්තෙක්ව) එම සමථ නිමිත්තය සෙවුමින්, වඩමින්, පුරුදු කෙරෙමින් මෛත්‍රී භාවනාවෙහි කී -නයින්ම ත්‍රික චතුෂ්ක ධ්‍යාන වශයෙන් අර්පණා වැඩිය යුතුය.
අඞ්ගුත්තරට්ඨකථායං පන පඨමං වෙරිපුග්ගලො කරුණායිතබ්බො, තස්මිං චිත්තං මුදුං කත්වා දුග්ගතො, තතො පියපුග්ගලො, තතො අත්තාති අයං කමො වුත්තො, සො “දුග්ගතං දුරූපෙත”න්ති පාළියා න සමෙති, තස්මා වුත්තනයෙනෙවෙත්ථ භාවනමාරභිත්වා සීමාසම්භෙදං කත්වා අප්පනා වඩ්ඪෙතබ්බා. තතො පරං “පඤ්චහාකාරෙහි අනොධිසොඵරණා සත්තහාකාරෙහි ඔධිසොඵරණා දසහාකාරෙහි දිසාඵරණා”ති අයං විකුබ්බනා, “සුඛං සුපතී”තිආදයො ආනිසංසා ච මෙත්තායං වුත්තනයෙනෙව වෙදිතබ්බාති.
අඞ්ගුත්තර අටුවාවෙහි වනාහි ‘පළමුකොට වෛරී පුද්ගලයා කෙරෙහි කරුණා පැවැත්විය යුතුය, ඔහු කෙරෙහි සිත මොලොක් කොට, ඉන් අනතුරුව දුර්ගත පුරුෂයා කෙරෙහිද, ඉන් ඉක්බිති ප්‍රිය පුද්ගලයා කෙරෙහිද, ඉන් ඉක්බිති තමා කෙරෙහිදැ’යි යන මේ ක්‍රමය කියනලදි. එම ක්‍රමය “දුග්ගතං දුරුපෙතං” යන පෙළ හා සමග නොසැසඳෙයි. එහෙයින් මෙහි කියනලද නයින්ම භාවනාව අරඹා සීමාසම්භෙදකොට අර්පණා වැඩියයුතුය. ඉක්බිති පස් ආකාරයෙන් අනවධි වශයෙන් පැතිරවීමද, සත් ආකාරයෙන් අවධි වශයෙන් පැතිරවීමද, දශ ආකාරයෙන් දිශා අනුව පැතිරවීමදැයි යන මේ විකුබ්බනාව (ඔධිසො අනොධිසො ඵරණය හෙවත් අවධි වශයෙන් හා අනවධි වශයෙන් පැතිරවීම) ද, “සුඛං සුපති” යන ආදී ආනිසංසද මෛත්‍රී භාවනා විෂයෙහි කී -නයින්ම දත යුතුය.
අයං කරුණාභාවනාය විත්ථාරකථා.
මේ කරුණා භාවනාව පිළිබඳ විස්තර කථායි.