මෙත්තාභාවනාකථා
මෙත්තාභාවනාකථා
මෙත්තාභාවනාකථා
අනුස්සතිකම්මට්ඨානානන්තරං උද්දිට්ඨෙසු පන මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛාති ඉමෙසු චතූසු බ්රහ්මවිහාරෙසු මෙත්තං භාවෙතුකාමෙන තාව ආදිකම්මිකෙන යොගාවචරෙන උපච්ඡින්නපලිබොධෙන ගහිතකම්මට්ඨානෙන භත්තකිච්චං කත්වා භත්තසම්මදං පටිවිනොදෙත්වා විවිත්තෙ පදෙසෙ සුපඤ්ඤත්තෙ ආසනෙ සුඛනිසින්නෙන ආදිතො තාව දොසෙ ආදීනවො, ඛන්තියඤ්ච ආනිසංසො පච්චවෙක්ඛිතබ්බො.
අනුස්සති කර්මස්ථානයනට අනතුරුව දක්වනලද මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන මේ සතර බ්‍රහ්මවිහාරයන් අතුරෙන් මෙත්තාවිහාරය, වඩනු කැමැති ආධුනික යෝගාවචරයා විසින් පලිබෝධයන් සිඳහැර කමටහන් ගෙන බත්කිස නිමවීමෙන් පසු බත්මත දුරහැර විවේක සහිත තැනෙක්හි මනාකොට පනවනලද අස්නෙක සුවසේ හිඳ, පළමුකොට ද්වෙෂයෙහි ආදීනවද ඉවසීමෙහි ආනිසංසද මෙනෙහි කළ යුතුය.
කස්මා? ඉමාය හි භාවනාය දොසො පහාතබ්බො, ඛන්ති අධිගන්තබ්බා. න ච සක්කා කිඤ්චි අදිට්ඨාදීනවං පහාතුං, අවිදිතානිසංසං වා අධිගන්තුං. තස්මා “දුට්ඨො ඛො, ආවුසො, දොසෙන අභිභූතො පරියාදිණ්ණචිත්තො පාණම්පි හනතී”තිආදීනං (අ· නි· 3.72) වසෙන දොසෙ ආදීනවො දට්ඨබ්බො.
කවර හෙයින්ද යත්, මේ භාවනාවෙන් වනාහි ද්වෙෂය පහකළ යුතුය, ඉවසීම පුරුදු කළ යුතුය. ආදීනව නොදුටු කිසිවක් පහකිරීම හෝ ආනිසංස නොදත් කිසිවක් ලබාගැනීම හෝ නොකළහැකි වේ. එහෙයින්, “දුට්ඨො ඛො ආවුසො දොසෙන අභිභූතො පරියාදින්තචිත්තො පාණම්පි හන්ති” (ඇවැත්නි, ද්වෙෂයෙන් මඩනා ලද, හාත්පසින් අල්වාගන්නාලද, ද්වේෂයෙන් දූෂිත සිත් ඇති පුද්ගලයා පරපණද නසයි) යන මේ ආදී පාඨයන්ගේ වශයෙන් ද්වෙෂයෙහි ආදීනව දැකිය යුතුය.
“ඛන්තී පරමං තපො තිතික්ඛා, නිබ්බානං පරමං වදන්ති බුද්ධා”; (දී· නි· 2.90; ධ· ප· 184);
“ඛන්තී පරමං තපො තිතික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා” (ඉවසීම ලක්‍ෂණකොට ඇති ක්ෂාන්තිය උතුම්ම තපසැයිද, නිර්වාණය උතුම් යයිද බුදුවරයෝ පවසති),
“ඛන්තිබලං බලානීකං, තමහං බ්රූමි බ්රාහ්මණං”. (ධ· ප· 399; සු· නි· 628);
‘ඛන්තී බලං බලානීකං තමහං බ්රෑමි බ්රාහ්මණං” (ඉවසීමේ බලය ඇතිකරගත් ඉවසීම් බලයෙන් යුත් ඔහු බ්‍රාහ්මණයෙකි’යි කියමි),
“ඛන්තා භිය්යො න විජ්ජතී”තිආදීනං (සං· නි· 1.250) වසෙන ඛන්තියං ආනිසංසො වෙදිතබ්බො.
“ඛන්ත්‍යා භීය්‍යො න විජ්ජති” (ඉවසීමට වඩා බලයක් විද්‍යමාන නොවේ) යන ආදී පාඨයන්ගේ වශයෙන් ඉවසීමෙහි අනුසස් දත යුතුය.
අථෙවං දිට්ඨාදීනවතො දොසතො චිත්තං විවෙචනත්ථාය, විදිතානිසංසාය ච ඛන්තියා සංයොජනත්ථාය මෙත්තාභාවනා ආරභිතබ්බා. ආරභන්තෙන ච ආදිතොව පුග්ගලභෙදො ජානිතබ්බො “ඉමෙසු පුග්ගලෙසු මෙත්තා පඨමං න භාවෙතබ්බා, ඉමෙසු නෙව භාවෙතබ්බා”ති.
ඉක්බිති මෙසේ දක්නාලද ආදීනව ඇති ද්වෙෂයෙන් සිත වෙන්කරනු පිණිසද, මෙසේ දන්නාලද අනුසස් ඇති ඉවසීම හා සමග සිත සංයෝග කරනු පිණිසද මෛත්‍රී භාවනාව ඇරඹිය යුතුය. එසේ අරඹන්නහු විසින් පළමුකොටම පුද්ගලභේදය දතයුතුය. මෙවන් පුද්ගලයන් කෙරෙහි පළමුකොට මෛත්‍රී වැඩියයුතුය, මෙවන් පුද්ගලයන් කෙරෙහි (පළමුකොට) නොවැඩිය යුතුය යනුවෙනි.
අයඤ්හි මෙත්තා අප්පියපුග්ගලෙ, අතිප්පියසහායකෙ, මජ්ඣත්තෙ, වෙරීපුග්ගලෙති ඉමෙසු චතූසු පඨමං න භාවෙතබ්බා. ලිඞ්ගවිසභාගෙ ඔධිසො න භාවෙතබ්බා. කාලකතෙ න භාවෙතබ්බාව. කිංකාරණා අප්පියාදීසු පඨමං න භාවෙතබ්බා? අප්පියං හි පියට්ඨානෙ ඨපෙන්තො කිලමති. අතිප්පියසහායකං මජ්ඣත්තට්ඨානෙ ඨපෙන්තො කිලමති, අප්පමත්තකෙපි චස්ස දුක්ඛෙ උප්පන්නෙ ආරොදනාකාරප්පත්තො විය හොති. මජ්ඣත්තං ගරුට්ඨානෙ ච පියට්ඨානෙ ච ඨපෙන්තො කිලමති. වෙරිමනුස්සරතො කොධො උප්පජ්ජති, තස්මා අප්පියාදීසු පඨමං න භාවෙතබ්බා.
මේ මෛත්‍රී භාවනාව වනාහි අප්‍රිය පුද්ගලයා කෙරෙහිද, ඉතා ප්‍රිය සහායකයා කෙරෙහිද, මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහිද, වෛරී පුද්ගලයා කෙරෙහිද යන මේ සතර දෙනා කෙරෙහි පළමුකොට නොවැඩිය යුතුය. විසදෘශ ලිංගිකයන් කෙරෙහිද මළවුන් කෙරෙහිද විශේෂයෙන් පළමුකොට නොවැඩිය යුතුය. කවරහෙයින්ද යත් අප්‍රියයා ප්‍රියයකු ලෙස සලකනුයේ වෙහෙසට පත්වෙයි. ඉතා ප්‍රිය මිත්‍රයා මධ්‍යස්ථයකු ලෙස සලකනුයේද වෙහෙසට පත්වෙයි. ඔහුට ස්වල්පමාත්‍ර වූද දුකක් පැමිණිවිට හඬන වැලපෙන තත්ත්වයට පත්වූවෙක් වේ. මධ්‍යස්ථයා ගරුතන්හිද ප්රියතන්හිද ලා සලකනුයේද වෙහෙසට පත්වේ. වෛරී පුද්ගලයා ගැන සිහි කරන්නහුට ද්වෙෂය උපදියි. එහෙයින් මෙකී අප්‍රිය ආදීන් කෙරෙහි පළමුකොට නොවැඩිය යුතුය.
ලිඞ්ගවිසභාගෙ පන තමෙව ආරබ්භ ඔධිසො භාවෙන්තස්ස රාගො උප්පජ්ජති. අඤ්ඤතරො කිර අමච්චපුත්තො කුලූපකත්ථෙරං පුච්ඡි “භන්තෙ, කස්ස මෙත්තා භාවෙතබ්බා”ති? ථෙරො “පියපුග්ගලෙ”ති ආහ. තස්ස අත්තනො භරියා පියා හොති. සො තස්සා මෙත්තං භාවෙන්තො සබ්බරත්තිං භිත්තියුද්ධමකාසි. තස්මා ලිඞ්ගවිසභාගෙ ඔධිසො න භාවෙතබ්බා.
විසදෘශ ලිංගිකයන් කෙරෙහි, විශේෂකොට එක් පුද්ගලයකු කෙරෙහි, මෙත් වඩන්නහුට රාගය උපදියි. එක්තරා අමාත්යපුත්රයෙක් තම නිවසට නිතර එළඹෙන තෙරණු කෙනකුගෙන් “කවුරුන් කෙරෙහි මෛත්‍රිය වැඩිය යුත්තේද ස්වාමීනි”යි විමසීය. තෙරණුවෝ “ප්‍රිය පුද්ගලයා කෙරෙහිය”යි කීහ. ඔහුට වනාහි සිය බිරිය ඉතා ප්‍රිය වන්නීය. හේ තෙමේ ඇය කෙරෙහි මෙත් වඩනුයේ මුළු රාත්‍රිය පුරා භිත්ති යුද්ධය (බිත්තිය සමඟ පොර බැඳීම) කළේය. එහෙයින් විසදෘශ ලිංගිකයා කෙරෙහි විශේෂයෙන් මෙත් නොවැඩිය යුතුය.
කාලකතෙ පන භාවෙන්තො නෙව අප්පනං, න උපචාරං පාපුණාති. අඤ්ඤතරො කිර දහරභික්ඛු ආචරියං ආරබ්භ මෙත්තං ආරභි. තස්ස මෙත්තා නප්පවත්තති. සො මහාථෙරස්ස සන්තිකං ගන්ත්වා “භන්තෙ, පගුණාව මෙ මෙත්තාඣානසමාපත්ති, න ච නං සමාපජ්ජිතුං සක්කොමි, කිං නු ඛො කාරණ”න්ති ආහ. ථෙරො “නිමිත්තං, ආවුසො, ගවෙසාහී”ති ආහ. සො ගවෙසන්තො ආචරියස්ස මතභාවං ඤත්වා අඤ්ඤං ආරබ්භ මෙත්තායන්තො සමාපත්තිං අප්පෙසි. තස්මා කාලකතෙ න භාවෙතබ්බාව.
මළ තැනැත්තකු කෙරෙහි මෙත් වඩනුයේ අර්පණාවට හෝ උපචාරයට හෝ පැමිණිය නොහේ. එක්තරා තරුණ යතිවරයෙක් ස්වකීය ආචාර්යවරයා ඇරබ මෙත් වැඩීම ඇරඹීය. ඔහුගේ මෛත්‍රීය නොපවතියි. හේ තෙමේ මහතෙර කෙනකු වෙත ගොස්, “ස්වාමීනි, මෛත්‍රී ධ්‍යාන සමාපත්ති මවිසින් පුරුදු කරන ලද්දේය, එසේ වුවද එම සමාපත්තියට සමවදිනු නොහැක්කෙමි, කවර හෙයින්දැ’යි විමසීය. තෙරණුවෝ, “ඇවැත්නි, නිමිත්ත ගැන සොයා බලන්නැ’යි කීහ. ඒ තරුණ භික්ෂු තෙමේ සොයා බලනුයේ ආචාර්යවරයා අපවත්ව ඇති බැව් දැන අන් කෙනකු ඇරබ මෙත් වඩා සමාපත්තියට පැමිණියේය. එහෙයින් මියගිය කෙනකු වෙත මෙත් නොවැඩිය යුතුමය.
සබ්බපඨමං පන “අහං සුඛිතො හොමි නිද්දුක්ඛො”ති වා, “අවෙරො අබ්යාපජ්ජො අනීඝො සුඛී අත්තානං පරිහරාමී”ති වා එවං පුනප්පුනං අත්තනියෙව භාවෙතබ්බා.
සියල්ලට පළමු, “මම් සුවපත් වෙම්වා, නිදුක් වෙම්වා”යි හෝ “වෛර නැත්තේ වෙමි, ව්‍යාපාද රහිත වූයේ වෙමි, උවදුරු රහිත වූයේ, සුවපත් වූයේ ආත්මභාවය පවත්වමි”යි හෝ මෙසේ නැවත නැවතත් තමා කෙරෙහිම මෙත් වැඩිය යුතුය.
එවං සන්තෙ යං විභඞ්ගෙ (විභ· 643) වුත්තං – “කථඤ්ච භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති? සෙය්යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මෙත්තායෙය්ය, එවමෙව සබ්බෙ සත්තෙ මෙත්තාය ඵරතී”ති.
මෙසේ වෙතොත් ‘කථඤ්ච භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති?’ (කෙසේ නම් භික්ෂු තෙමේ එක් දිශාවෙක්හි මෛත්‍රිය පතුරුවා විහරණය කරන්නේද?) යනුවෙන් විභංගයෙහිද,
“යඤ්ච පටිසම්භිදායං (පටි· ම· 2.22) – “කතමෙහි පඤ්චහාකාරෙහි අනොධිසොඵරණා මෙත්තා චෙතොවිමුත්ති භාවෙතබ්බා, සබ්බෙ සත්තා අවෙරා හොන්තු” අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු. සබ්බෙ පාණා… සබ්බෙ භූතා… සබ්බෙ පුග්ගලා… සබ්බෙ අත්තභාවපරියාපන්නා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූ”තිආදි –
‘කතමෙහි පඤ්චහාකාරෙහි අනොධිසො එරණා මෙත්තාචෙතොවිමුත්ති භාවෙතබ්බා? සබ්බෙ සත්තා අවෙරා හොන්තු අව්යාපජ්ඣා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු, සබ්බෙ පාණා-පෙ-සබ්බෙ භූතා-පෙ-සබ්බෙ පුග්ගලා-පෙ-සබ්බෙ අත්තභාවපරියාපන්නා අවෙරා අව්යාපජ්ඣා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු” (අවිශේෂයෙන් හෙවත් පුද්ගලයකුට සීමා නොකොට පතුරුවන මෛත්‍රී චෙතොවිමුත්තිය කවර නම් පස් ආකාරයෙන් වැඩිය යුත්තේද? ‘සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ව්‍යාපාද නැත්තෝ වෙත්වා, උපද්‍රව නැත්තෝ වෙත්වා, සුවපත්ව ජීවිතය පවත්වත්වා, සියලු ප්‍රාණීහු-පෙ-සියලු ජීවීහු-පෙ- සියලු පුද්ගලයෝ-පෙ-සියලු ආත්මභාවයට පැමිණියාහු වෛර නැත්තෝ - ව්‍යාපාද නැත්තෝ-උපද්‍රව නැත්තෝ-සුවපත්ව ජීවිතය පවත්වත්වා) යනුවෙන් පටිසම්භිදාවෙහිද,
වුත්තං. යඤ්ච මෙත්තසුත්තෙ (ඛු· පා· 9.3; සු· නි· 145) – “සුඛිනොව ඛෙමිනො හොන්තු, සබ්බසත්තා භවන්තු සුඛිතත්තා”තිආදි. –
“සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා” (සියලු සත්ත්වයෝ සුව ඇත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, සුඛිත ආත්මභාව ඇත්තෝ වෙත්වා) යනුවෙන් මෙත්ත සූත්‍රයෙහිද
වුත්තං, තං විරුජ්ඣති. න හි තත්ථ අත්තනි භාවනා වුත්තාති චෙ. තඤ්ච න විරුජ්ඣති. කස්මා? තඤ්හි අප්පනාවසෙන වුත්තං. ඉදං සක්ඛිභාවවසෙන.
පවසනලද දෙයට විරුද්ධවේද? ඒ විභංග ආදියෙහි තමා කෙරෙහි භාවනා වැඩීම නොකියන ලද්දේ වුවද, එය විරෝධද නොවන්නේය. කවර හෙයින්ද යත්: විභංග ආදියෙහි කියනලද එය වනාහි අර්පණා වශයෙන් කියන ලද්දේය, (මම් සුවපත් වෙම්වා යන ආදී) මෙය සාක්‍ෂිභාව වශයෙන් කියන ලද්දේය.
සචෙපි හි වස්සසතං වස්සසහස්සං වා “අහං සුඛිතො හොමී”තිආදිනා නයෙන අත්තනි මෙත්තං භාවෙති, නෙවස්ස අප්පනා උප්පජ්ජති. “අහං සුඛිතො හොමී”ති භාවයතො පන යථා අහං සුඛකාමො දුක්ඛපටික්කූලො ජීවිතුකාමො අමරිතුකාමො ච, එවං අඤ්ඤෙපි සත්තාති අත්තානං සක්ඛිං කත්වා අඤ්ඤසත්තෙසු හිතසුඛකාමතා උප්පජ්ජති. භගවතාපි –
ඉදින් අවුරුදු සියයක් හෝ අවුරුදු දහසක් නමුදු “මම් සුවපත් වෙම්වා” යන ආදී නයින් තමා කෙරෙහි මෙත් වඩත් මුත් ඔහුට අර්පණා නො-උපදියි. ‘මම් සුවපත් වෙම්වා’යි මෙත් වඩන්නහුට වනාහි “යම්සේ මම් සුව කැමැත්තේ දුක පිළිකුල් කරන්නේ වෙම්ද, එසේම අන්‍ය සත්ත්වයෝද එසේ වෙති’යි තමා සාක්ෂිකොට අන්‍ය සත්ත්වයන් කෙරෙහි හිතසුව කැමැතිබව උපදියි. භාග්‍යවතුන් වහන්සේ විසිනුදු:
“සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා, නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි; එවං පියො පුථු අත්තා පරෙසං, තස්මා න හිංසෙ පරමත්තකාමො”ති. (සං· නි· 1.119; උදා· 41); –
“සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි, එවං පියො පුථු අත්තා පරෙසං තස්මා න හිංසෙ පරමත්තකාමො’ති”
සියලු දිශාවන් සිතින් සොයා ගියද කිසි තැනෙකත් තමාට වඩා පියතර වූවකු කිසිසේත් හමු නොවීය, මෙසේම අන්‍යයනටද තම තමන්ගේ ආත්මභාවය ප්‍රිය වන්නේය, එහෙයින් තමාට හිතසුව කැමැතිවන්නේ අනුන් නොපෙළන්නේය”යි
වදතා අයං නයො දස්සිතො.
වදාරමින් මේ නයම දක්වන ලද්දේය.
තස්මා සක්ඛිභාවත්ථං පඨමං අත්තානං මෙත්තාය ඵරිත්වා තදනන්තරං සුඛප්පවත්තනත්ථං ය්වායං පියො මනාපො ගරු භාවනීයො ආචරියො වා ආචරියමත්තො වා උපජ්ඣායො වා උපජ්ඣායමත්තො වා තස්ස දානපියවචනාදීනි පියමනාපත්තකාරණානි සීලසුතාදීනි ගරුභාවනීයත්තකාරණානි ච අනුස්සරිත්වා “එස සප්පුරිසො සුඛී හොතු නිද්දුක්ඛො”තිආදිනා නයෙන මෙත්තා භාවෙතබ්බා.
එහෙයින් තමා සාක්ෂි වශයෙන් ගෙන තමා කෙරෙහි මෙත් පතුරුවා, ඉක්බිති (එම මෙත් සිතම) පහසුවෙන් පවත්වා ගැනීම පිණිස, ඒ යෝගාවචරයාහට ප්‍රියවූ මනාපවූ, ගරුබුහුමනට පාත්‍ර වූ ආචාර්යවරයා හෝ ආචාර්යවරයා හා සමානවූ උපාධ්යයවරයා හෝ උපාධ්‍යායවරයා හා සමාන වූ යම් කෙනකු වෙතොත්, ඔවුන්ගේ දාන ප්රියවචනාදී ප්‍රියමනාප වීමට හේතු වූ කරුණුද, ශීල ශ්‍රැත ආදී ගෞරව සම්භාවනාවට හේතු වූ කරුණුද සිහිකොට, ‘මේ සත්පුරුෂ තෙමේ සුවපත් වේවා, නිදුක් වේවා, යන ආදී වශයෙන් මෙත් වැඩිය යුතුය.
එවරූපෙ ච පුග්ගලෙ කාමං අප්පනා සම්පජ්ජති, ඉමිනා පන භික්ඛුනා තාවතකෙනෙව තුට්ඨිං අනාපජ්ජිත්වා සීමාසම්භෙදං කත්තුකාමෙන තදනන්තරං අතිප්පියසහායකෙ, අතිප්පියසහායකතො මජ්ඣත්තෙ, මජ්ඣත්තතො වෙරීපුග්ගලෙ මෙත්තා භාවෙතබ්බා. භාවෙන්තෙන ච එකෙකස්මිං කොට්ඨාසෙ මුදුං කම්මනියං චිත්තං කත්වා තදනන්තරෙ තදනන්තරෙ උපසංහරිතබ්බං.
මෙබඳු වූ පුද්ගලයකු කෙරෙහි (මෙත් වඩන්නහුට) ඒකාන්තයෙන් අර්පණා සිද්ධවන්නේය. මේ (යෝගාවචර) භික්ෂුව විසින් එතෙකින් තෘප්තියට නොපැමිණ, සීමාසම්භෙදය (එම පුද්ගලයාහට සීමා නොකොට) කරනු කැමැතිව, ඉක්බිති ඉතා ප්‍රිය මිත්‍රයා කෙරෙහිද, ඉතා ප්‍රිය මිත්‍රයාගෙන් මධ්‍යස්ථයා කෙරෙහිද, මධ්යස්ථයාගෙන් වෛරී පුද්ගලයා වෙතද මෙත්සිත වැඩියයුතුය. මෙසේ මෙත්සිත් වඩමින් එක් එක් කොට්ඨාසය කෙරෙහි මුදුබවට, හුරුබුහුටි බවට පත්කොට අනෙක් අනෙක් කොට්ඨාස වෙත පැතිරවිය යුතුය.
යස්ස පන වෙරීපුග්ගලො වා නත්ථි, මහාපුරිසජාතිකත්තා වා අනත්ථං කරොන්තෙපි පරෙ වෙරීසඤ්ඤාව නුප්පජ්ජති, තෙන “මජ්ඣත්තෙ මෙ මෙත්තචිත්තං කම්මනියං ජාතං, ඉදානි නං වෙරිම්හි උපසංහරාමී”ති බ්යාපාරොව න කාතබ්බො. යස්ස පන අත්ථි, තං සන්ධාය වුත්තං “මජ්ඣත්තතො වෙරීපුග්ගලෙ මෙත්තා භාවෙතබ්බා”ති.
යමකුට වනාහි වෛරී පුද්ගලයෙක් නැත්තේ වේනම්, එසේ නැතහොත් උදාර චරිත ඇත්තකු වීම නිසා අනර්‍ත්‍ථයක් කරනවිට පවා අනුන් කෙරෙහි සතුරෙකැ’යි යන හැඟීම නො-උපදී නම්, ඔහු විසින් “මධ්‍යස්ථයා කෙරෙහි මාගේ මෙත් සිත කර්මණ්ය බවට පත්වී ඇත. දැන් එය සතුරු ජනයා වෙත යොමු කරමි”යි වෑයම් නොකළ යුතුය. යමකුට සතුරෙක් ඇත්තේ නම් ඔහු සඳහා මධ්යස්ථයාගෙන් අනතුරුව වෛරී ජනයා කෙරෙහි මෙත්සිත වැඩිය යුතුයයි කියනලදි.
සචෙ පනස්ස වෙරිම්හි චිත්තමුපසංහරතො තෙන කතාපරාධානුස්සරණෙන පටිඝමුප්පජ්ජති, අථානෙන පුරිමපුග්ගලෙසු යත්ථ කත්ථචි පුනප්පුනං මෙත්තං සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා පුනප්පුනං තං පුග්ගලං මෙත්තායන්තෙන පටිඝං විනොදෙතබ්බං. සචෙ එවම්පි වායමතො න නිබ්බාති, අථ –
ඉදින් වෛරී ජනයා කෙරෙහි මෙත්සිත් පතුරුවන යෝගියාහට ඔවුන් විසින් කරන ලද අපරාධ සිහිවීමෙන් ද්වේෂයක් උපදී නම්, එවිට ඔහු විසින් පළමු සිහිකළ පුද්ගලයන් අතුරෙන් කිසිවකු කෙරෙහි නැවත නැවතත් මෛත්‍රියට සමවැද එයින් නැඟී නැවත නැවතත් සතුරු ජනයා වෙතට මෙත්සිත යොමු කරමින් ද්වෙෂය දුරු කළ යුතුය. ඉදින් එසේ වෑයම් කරද්දීත් ද්වෙෂය නොසන්සිඳේනම්, එවිට
කකචූපමඔවාද-ආදීනං අනුසාරතො; පටිඝස්ස පහානාය, ඝටිතබ්බං පුනප්පුනං.
“කකචූපමඔවාද-ආදීනං අනුසාරතො පටිඝස්ස පහාණාය ඝටිතබ්බං පුනප්පුනං”
කකචූපම (සූත්‍රයෙහි දැක්වෙන) අවවාද ආදීන්ගේ අනුසාරයෙන් ද්වේෂය පහකරනු පිණිස නැවත නැවතත් ප්රයත්න කළ යුතුය.
තඤ්ච ඛො ඉමිනා ආකාරෙන අත්තානං ඔවදන්තෙනෙව “අරෙ කුජ්ඣනපුරිස, නනු වුත්තං භගවතා –
එයද මේ ආකාරයෙන් තමාහට අවවාද කරගනිමින්ම කළයුතුය: “කොල, කිපෙනසුලු පුරුෂය, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලද්දේ නොවේද?
‘උභතොදණ්ඩකෙන චෙපි, භික්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්රාපි යො මනො පදොසෙය්ය. න මෙ සො තෙන සාසනකරො’ති (ම· නි· 1.232) ච,
“මහණෙනි, දෙකොණෙහි දැව මිටි සහිත කියතෙන් පවිටු සොරුන් (තමාගේ) අඟපසඟ කපද්දී පවා යම් (යෝගාවචරයෙක්) සිත දූෂ්‍ය කරගන්නේ නම්, එය හේතුකොටගෙන හේ තෙමේ මාගේ අවවාද පිළිපදින්නෙක් නොවේ” යයිද,
‘තස්සෙව තෙන පාපියො, යො කුද්ධං පටිකුජ්ඣති; කුද්ධමප්පටිකුජ්ඣන්තො, සඞ්ගාමං ජෙති දුජ්ජයං.
“තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං
“‘උභින්නමත්ථං චරති, අත්තනො ච පරස්ස ච; පරං සඞ්කුපිතං ඤත්වා, යො සතො උපසම්මතී’ති ච. (සං· නි· 1.188); –
උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච පරං සඞ්කුපිතං ඤත්වා යො සතො උපසම්මතී
කිපුණාහුට යමෙක් පෙරළා කිපෙන්නේ නම්, ඒ හේතුවෙන් හේ තෙමේ ඔහුට වඩා පවිටකු බවට පත් වන්නේය, කිපුණහුට පෙරළා නොකිපෙන්නේ ජයගත නොහැකි සංග්‍රාමය ජය ගන්නේය.
අනෙකා කිපුණබව දැන යමෙක් සිහි උපදවාගෙන සන්සිඳේනම් හේ තෙමේ තමාගේද අනෙකාගේද යන දෙදෙනාගේම හිත වැඩ පිණිස හැසිරෙන්නේයයිද,
“‘සත්තිමෙ, භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත? ඉධ, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති අහො වතායං දුබ්බණ්ණො අස්සාති. තං කිස්සහෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති. කොධනායං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කිඤ්චාපි සො හොති සුන්හාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඔදාතවත්ථවසනො, අථ ඛො සො දුබ්බණ්ණොව හොති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, පඨමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා. පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති අහොවතායං දුක්ඛං සයෙය්යාති…පෙ… න පචුරත්ථො අස්සාති…පෙ… න භොගවා අස්සාති…පෙ… න යසවා අස්සාති…පෙ… න මිත්තවා අස්සාති…පෙ… න කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති. තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුගතිගමනෙන නන්දති. කොධනායං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කායෙන දුච්චරිතං චරති, වාචාය මනසා දුච්චරිතං චරති. සො කායෙන වාචාය මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති කොධාභිභූතො’ති (අ· නි· 7.64) ච,
“මහණෙනි, සතුරකු විසින් කැමැතිවන මේ සතුරු ක්‍රියා සත ක්‍රෝධ කරන ස්ත්‍රිය හෝ පුරුෂයා කරා එයි, කවර සතක්ද? මහණෙනි, මේ ලෝකයෙහි සතුරෙක් තමාගේ සතුරාහට, ‘මොහු දුර්වර්ණ වෙතොත් යෙහෙකියි මෙසේ කැමති වෙයි, එයට හේතු කවරේද? මහණෙනි, සතුරෙක් සිය සතුරාගේ වර්ණවත් බවට සතුටු නොවේ, මහණෙනි, ක්‍රෝධ කරනසුලු මේ පුරුෂ පුද්ගලයා ක්‍රෝධයෙන් මඩනා ලද්දේය, ක්‍රෝධයෙහි වසඟයට ගියේ වෙයි, හේ තෙමේ මනාකොට නහා පිරිසුදුවූයේ නමුදු, මනාකොට විලවුන් ගත්තේ නමුදු, කපනලද කෙස් රැවුල් ඇත්තේ නමුදු සුදුවත් හැඳගත්තේ නමුදු, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ දුර්වර්ණ වූයේම වෙයි. මහණෙනි සතුරකු විසින් කැමැතිවන මේ පළමු සතුරු ක්‍රියාව ක්‍රෝධ කරන ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ එයි. තවද මහණෙනි, සතුරකු තමාගේ සතුරාහට, ‘මොහු දුකසේ නිදන්නේ නම් යෙහෙකි’යි -පෙ-‘මොහු බොහෝ ධනය ඇත්තෙක් නොවන්නේ නම් යෙහෙකි’යි -පෙ-‘මොහු භෝග සම්පත් ඇත්තෙක් නොවන්නේ නම් යෙහෙකි’යි මොහු යසස් ඇත්තෙක් නොවන්නේ නම් යෙහෙකි’යි -පෙ ‘මොහු මිතුරන් ඇත්තෙක් නොවන්නේනම් යෙහෙකි’යි-පෙ-‘මොහු කය බිදීමෙන් මරණින් මතු සුගතියෙහි, ස්වර්ගලොකයෙහි නො-උපදින්නේ නම් යෙහෙකි’යි මෙසේ කැමැති වෙයි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරෙක් තමාගේ සතුරාගේ සුගති ගමනට සතුටු නොවේ. මහණෙනි, ක්‍රෝධ කරනසුලු මේ පුද්ගලයා ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, ක්‍රෝධයෙහි වසඟයට ගියේ කයින් දුශ්චරිතයෙහි යෙදෙයි, වචනයෙන් දුශ්චරිතයෙහි යෙදෙයි, මනසින් දුශ්චරිතයෙහි යෙදෙයි, වචනයෙන් දුශ්චරිතයෙහි වසඟයට ගියේ කයින් දුශ්චරිතයෙහි යෙදෙයි, හේ තෙමේ කයින් දුශ්චරිතයෙහි හැසිර, වචනයෙන්, මනසින් දුශ්චරිතයෙහි හැසිර කය බිඳීමෙන් මරණින් මතු අපායෙහි, දුගතියෙහි, විනිපාතයෙහි, නිරයෙහි උපදී” යයිද,
“‘සෙය්යථාපි , භික්ඛවෙ, ඡවාලාතං උභතොපදිත්තං මජ්ඣෙ ගූථගතං නෙව ගාමෙ කට්ඨත්ථං ඵරති, න අරඤ්ඤෙ කට්ඨත්ථං ඵරති. තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමී’ති ච,
“මහණෙනි, යම්සේ සොහොන් පෙනෙල්ල දෙපසින් ඇවිලුණේ මැද අපිරිසුදු වූයේ ගමෙහි දරකිස නොකෙරේද, වනයෙහිද දරකිස නොකෙරේද, මහණෙනි, මේ පුරුෂ පුද්ගලයාද එබඳුයයි මම කියමි” යයිද
“සො දානි ත්වං එවං කුජ්ඣන්තො න චෙව භගවතො සාසනකරො භවිස්සසි, පටිකුජ්ඣන්තො ච කුද්ධපුරිසතොපි පාපියො හුත්වා න දුජ්ජයං සඞ්ගාමං ජෙස්සසි, සපත්තකරණෙ ච ධම්මෙ අත්තාව අත්තනො කරිස්සසි, ඡවාලාතූපමො ච භවිස්සසී”ති.
පවසන ලද්දේ නොවේද? දැන් මෙසේ ක්‍රෝධ කරමින් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනය නොකරන්නෙහිය, තවද පෙරළා ක්‍රෝධ කරමින් පළමු ක්‍රෝධ කළ පුරුෂයාටද වැඩි පවිටෙක් වී, දුකසේ ජයගතයුතු සංග්‍රාමය ජය නොගන්නෙහිය, සතුරා විසින් කළයුතු අනර්ත්ථයන් තමාම තමාහට කරගන්නෙහිය, සොහොන් පෙනෙල්ලට සමාන වන්නෙහිය”.
තස්සෙවං ඝටයතො වායමතො සචෙ තං පටිඝං වූපසම්මති, ඉච්චෙතං කුසලං. නො චෙ වූපසම්මති, අථ යො යො ධම්මො තස්ස පුග්ගලස්ස වූපසන්තො හොති පරිසුද්ධො, අනුස්සරියමානො පසාදං ආවහති, තං තං අනුස්සරිත්වා ආඝාතො පටිවිනෙතබ්බො.
මෙසේ යත්න දරන වෑයම් කරන ඔහුගේ ක්‍රෝධය සන්සිඳේ නම් මැනවි, ඉදින් නොසන්සිඳේ නම්, එවිට ඒ (වෛරී) පුද්ගලයාගේ කායසමාචාරාදී යම් යම් ස්වභාවයක් උපශාන්ත වූයේද, පිරිසුදු වූයේද, සිහිකරනු ලබනවිට ප්‍රසාදය ගෙන ඒද, ඒ ඒ ස්වභාවය සිහිකොට වෛරය දුරුකොටගත යුතුය.
එකච්චස්ස හි කායසමාචාරොව උපසන්තො හොති. උපසන්තභාවො චස්ස බහුං වත්තපටිපත්තිං කරොන්තස්ස සබ්බජනෙන ඤායති. වචීසමාචාරමනොසමාචාරා පන අවූපසන්තා හොන්ති. තස්ස තෙ අචින්තෙත්වා කායසමාචාරවූපසමොයෙව අනුස්සරිතබ්බො.
ඇතැමකුගේ වනාහි කායසමාචාරයම උපශාන්ත වේ, එම උපශාන්තභාවය බොහෝසේ වත්පිළිවෙත් කරනවිට බොහෝ දෙනාට වැටහේ. වාක්සමාචාරය හා මනඃසමාචාරය උපශාන්ත නොවේ, ඔහුගේ වාක්- මන:සමාචාරයන් ගැන නොසිතා කායසමාචාරය උපශාන්තවූ බවම සිහිකළයුතුය.
එකච්චස්ස වචීසමාචාරොව උපසන්තො හොති. උපසන්තභාවො චස්ස සබ්බජනෙන ඤායති. සො හි පකතියා ච පටිසන්ථාරකුසලො හොති සඛිලො සුඛසම්භාසො සම්මොදකො උත්තානමුඛො පුබ්බභාසී මධුරෙන සරෙන ධම්මං ඔසාරෙති, පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි ධම්මකථං කථෙති. කායසමාචාරමනොසමාචාරා පන අවූපසන්තා හොන්ති, තස්ස තෙ අචින්තෙත්වා වචීසමාචාරවූපසමොයෙව අනුස්සරිතබ්බො.
ඇතැමකුගේ වාක්සමාචාරයම උපශාන්ත වේ, එය උපශාන්ත වූ බව බොහෝ දෙනාට දැනේ, හේ තෙමේ ප්‍රකෘතියෙන්ම පිළිසඳර බිණීමෙහි දක්ෂයෙකි, මෘදු ස්වභාව ඇත්තෙකි. ප්‍රිය වචන බෙණෙමින්, සොම්නස් දනවමින්, පිනාගිය මුහුණු ඇතිව පළමුවෙන් කථා කරයි, මිහිරි හඬින් දහම් දෙසයි, සම්පූර්ණ පද ව්‍යංජන ඇතිව දහම් කතා කියයි. ඔහුගේ කායසමාචාරය හා මන:සමාචාරය උපශාන්ත නොවේ, ඔහුගේ එම කායමන: සමාචාරයන් ගැන නොසිතා වාක්සමාචාරයෙහි උපශාන්ත බවම සිහිකළ යුතුය.
එකච්චස්ස මනොසමාචාරොව උපසන්තො හොති, උපසන්තභාවො චස්ස චෙතියවන්දනාදීසු සබ්බජනස්ස පාකටො හොති. යො හි අවූපසන්තචිත්තො හොති, සො චෙතියං වා බොධිං වා ථෙරෙ වා වන්දමානො න සක්කච්චං වන්දති, ධම්මස්සවනමණ්ඩපෙ වික්ඛිත්තචිත්තො වා පචලායන්තො වා නිසීදති. උපසන්තචිත්තො පන ඔකප්පෙත්වා වන්දති, ඔහිතසොතො අට්ඨිංකත්වා කායෙන වා වාචාය වා චිත්තප්පසාදං කරොන්තො ධම්මං සුණාති. ඉති එකච්චස්ස මනොසමාචාරොව උපසන්තො හොති, කායවචීසමාචාරා අවූපසන්තා හොන්ති, තස්ස තෙ අචින්තෙත්වා මනොසමාචාරවූපසමොයෙව අනුස්සරිතබ්බො.
ඇතැමකුගේ මනඃසමාචාරයම උපශාන්ත වේ, ඔහුගේ එය උපශාන්ත වූ බව චෛත්‍ය වන්දනාදියෙහිදී සියලු දෙනාටම පැහැදිලි වේ. යමෙක් නොසන්හුන් සිත් ඇත්තේ නම්, හේ තෙමේ චෛත්‍යය හෝ බෝධිය හෝ තෙරුන් හෝ වඳිනවිට සකසා නොවදියි, දහම් අසන මඩුවෙහිදී එකඟ නොවූ සිත් ඇතිව හෝ නිදිකිරමින් හෝ හිඳියි. සන්හුන් සිත් ඇත්තේ වනාහි සාවධානව සකසා වඳියි, සවන් යොමා, අසනු රිසි ඇතිව, කයින් වචනයෙන් සිත් පහන්බව පළකෙරෙමින් දහම් අසයි. මෙසේ ඇතැමකුගේ මනඃසමාචාරයම උපශාන්ත වේ, කායවාක් සමාචාරය උපශාන්ත නොවේ. ඔහුගේ කායවාක් සමාචාරයන් ගැන නොසිතා මනඃසමාචාරයම සිහිපත් කළයුතුය.
එකච්චස්ස පන ඉමෙසු තීසු ධම්මෙසු එකොපි අවූපසන්තො හොති, තස්මිං පුග්ගලෙ “කිඤ්චාපි එස ඉදානි මනුස්සලොකෙ චරති, අථ ඛො කතිපාහස්ස අච්චයෙන අට්ඨමහානිරයසොළසඋස්සදනිරයපරිපූරකො භවිස්සතී”ති කාරුඤ්ඤං උපට්ඨපෙතබ්බං. කාරුඤ්ඤම්පි හි පටිච්ච ආඝාතො වූපසම්මති.
ඇතැමකුට වනාහි මේ තුනෙන් එකක් හෝ උපශාන්ත නොවේ. එබඳු පුද්ගලයා කෙරෙහි, “මොහු දැන් මේ මිනිස් ලොව හැසිරෙතත් කිහිප දවසක් ඇවෑමෙන් අට මහනිරය හෝ සොළොස් ඔසුපත්නිරය ආදිය පුරවන්නෙක් වන්නේය”යි කරුණාව එළවියයුතුය. කරුණාව නිසා වෛරය සන්සිඳේ.
එකච්චස්ස තයොපිමෙ ධම්මා වූපසන්තා හොන්ති, තස්ස යං යං ඉච්ඡති, තං තං අනුස්සරිතබ්බං. තාදිසෙ හි පුග්ගලෙ න දුක්කරා හොති මෙත්තාභාවනාති.
ඇතැමකුගේ මේ තුනම උපශාන්ත වේ, ඔහුගේ යම් යම් සමාචාරයක් රිසිවේද එය සිහිපත් කළ යුතුය. එබඳු පුද්ගලයකු කෙරෙහි මෛත්‍රිය වැඩීම දුෂ්කර නොවේ.
ඉමස්ස ච අත්ථස්ස ආවිභාවත්ථං – “පඤ්චිමෙ, ආවුසො, ආඝාතපටිවිනයා. යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනොදෙතබ්බො”ති (අ· නි· 5.162) ඉදං පඤ්චකනිපාතෙ ආඝාතපටිවිනයසුත්තං විත්ථාරෙතබ්බං.
මෙම අර්ත්ථයම ප්‍රකට කරනු පිණිස, “ඇවැත්නි, වෛරය දුරුකරන කරුණු පසෙක් වේ, මේ මඟින් භික්ෂුවක්හට උපන් ආඝාතය සර්වප්රකාරයෙන් දුරුකර ගතයුතුය” යන මේ පංචක නිපාතයෙහි එන ආඝාතපටිවිනය සූත්‍රය විස්තර වශයෙන් සිහිපත් කළ යුතුය.
සචෙ පනස්ස එවම්පි වායමතො ආඝාතො උප්පජ්ජතියෙව, අථානෙන එවං අත්තා ඔවදිතබ්බො –
ඉදින් මේ ආකාරයෙන් වෑයම් කරද්දීත් වෛරය උපදනේම වේනම් එවිට ඔහු විසින් මේ ආකාරයෙන් තමාහට අවවාද කරගත යුතුය:-
“අත්තනො විසයෙ දුක්ඛං, කතං තෙ යදි වෙරිනා; කිං තස්සාවිසයෙ දුක්ඛං, සචිත්තෙ කත්තුමිච්ඡසි.
“අත්තනො විසයෙ දුක්ඛං කතං තෙ යදි වෙරිනා කිං තස්සාවිසයෙ දුක්ඛං සචිත්තෙ කත්තුමිච්ඡසි.
“බහූපකාරං හිත්වාන, ඤාතිවග්ගං රුදම්මුඛං; මහානත්ථකරං කොධං, සපත්තං න ජහාසි කිං.
බහූපකාරං හිත්වාන ඤාතිවග්ගං රුදම්මුඛං මහානත්ථකරං කොධං සපත්තං න ජහාසි කිං.
“යානි රක්ඛසි සීලානි, තෙසං මූලනිකන්තනං; කොධං නාමුපළාලෙසි, කො තයා සදිසො ජළො.
යානි රක්ඛසි සීලානි, තෙසං මූලනිකන්තනං කොධං නාමූපලාලෙසි කො තයා සදිසො ජළො.
“කතං අනරියං කම්මං, පරෙන ඉති කුජ්ඣසි; කිං නු ත්වං තාදිසංයෙව, යො සයං කත්තුමිච්ඡසි.
කතං අනරියං කම්මං පරෙන ඉති කුජ්ඣසි. කින්නු ත්වං තාදිසං යෙව සො සයං කත්තුමිච්ඡසි.
“දොසෙතුකාමො යදි තං, අමනාපං පරො කරි; දොසුප්පාදෙන තස්සෙව, කිං පූරෙසි මනොරථං.
රොසෙතුකාමො යදි තං අමනාපං පරො කරි, දොසුප්පාදෙන තස්සෙව කිං පූරෙසි මනොරථං.
“දුක්ඛං තස්ස ච නාම ත්වං, කුද්ධො කාහසි වා නවා; අත්තානං පනිදානෙව, කොධදුක්ඛෙන බාධසි.
දුක්ඛං තස්ස ච නාම ත්වං කුද්ධො කාහසි වා න වා, අත්තානං පනි’දානෙ’ව කො’ධ දුක්ඛෙන බාධසි.
“කොධං වා අහිතං මග්ගං, ආරූළ්හා යදි වෙරිනො; කස්මා තුවම්පි කුජ්ඣන්තො, තෙසංයෙවානුසික්ඛසි.
කොධන්ධා අහිතං මග්ගං ආරූළ්හා යදි වෙරිනො, කස්මා තුවම්පි කුජ්ඣන්තො තෙසං යෙවානුසික්ඛසි.
“යං දොසං තව නිස්සාය, සත්තුනා අප්පියං කතං; තමෙව දොසං ඡින්දස්සු, කිමට්ඨානෙ විහඤ්ඤසි.
යං දොසං තව නිස්සාය සත්තුනා අප්පියං කතං, තමෙව දොසං ජින්දස්සු කිමට්ඨානෙ විහඤ්ඤසි.
“ඛණිකත්තා ච ධම්මානං, යෙහි ඛන්ධෙහි තෙ කතං; අමනාපං නිරුද්ධා තෙ, කස්ස දානීධ කුජ්ඣසි.
ඛණිකත්තා ච ධම්මානං යෙහි ඛන්ධෙහි තෙ කතං, අමනාපා නිරුද්ධා තෙ, කස්ස දානීධ කුජ්ඣසි.
“දුක්ඛං කරොති යො යස්ස, තං විනා කස්ස සො කරෙ; සයම්පි දුක්ඛහෙතුත්ත, මිති කිං තස්ස කුජ්ඣසී”ති.
දුක්ඛං කරොති යො යස්ස, තං විනා කස්ස සො කරෙ, සයම්පි දුක්ඛහෙතුත්තමිති කිං තස්ස කුජ්ඣසී”ති.
ඉදින් සතුරා විසින් තමාට විෂය වූ භෞතික ශරීරයක් තුළ දුකක් ඇති කරන ලද්දේනම් කිම, ඔහුට විෂය නොවූ තමාගේ සිත තුළත් දුකක් ඇති කර ගැනීමට කැමැත්තෙහිද?
බෙහෝ උපකාරී වූ ඥාතිවර්ගයා හඬද්දී ඔවුන් හැර දමා (සසුන් වැද දැන්) මහත් අනර්ත්ථයන් ඇති කරන ක්‍රෝධ නමැති සතුරා කිම අත් නොහරින්නෙහිද?
යම් ශීලයක් රක්නෙහිද, එම ශීලයෙහි මුල් කපා හරින ක්‍රෝධය නලවන්නෙහි නම්, තා හා සමාන වූ අඥානයෙක් තවත් ඇත්ද?
අනෙකා විසින් නොමනා ක්‍රියාවක් කරන ලදැයි කිපෙන්නෙහි නම් කවර හෙයින් එබඳුම ක්‍රියාවක් තමාම කරනු කැමැත්තෙහිද?
තරහ ගන්වනු කැමැතිව අනෙකෙක් ඔබට නොමනා ක්‍රියාවක් කළේ නම්, ඔහු කෙරෙහි ද්වෙෂය ඉපැදවීමෙන් ඔහුගේම කැමැත්ත සම්පූර්ණ කරන්නේ නොවෙහිද?
(සතුරා කෙරෙහි) කිපී ඔහුටද දුකක් ඇති කරතත් නැතත් දැන් පටන්ම තමා ක්‍රෝධ නමැති දුකින් පෙළන්නෙහිය.
ඉදින් ක්‍රෝධයෙන් අන්ධ වූ වෛරී ජනයා අවැඩ ගෙනදෙන මඟට (නොමඟට) පිවිසියාහු නම්, කවර හෙයින් ඔවුන් කෙරෙහි ක්‍රෝධ කරමින් ඔවුන් අනුවම යන්නෙහිද?
තා කෙරෙහි ඇති ද්වෙෂය හේතුකොට සතුරා විසින් කිසියම් අමිහිරි දෙයක් කරන ලද්දේ නම්, එම ද්වෙෂයම නසව, කවර හෙයින් නොතන්හි වෙහෙස වන්නෙහිද?
සංස්කාර ධර්මයන් ක්ෂණික පැවැත්ම ඇති හෙයින්, යම් ස්කන්ධයන් විසින් අමිහිරි දෙයක් කරන ලද්දේ නම්, දැන් ඒ අමනාපවූ ස්කන්ධයෝ නිරුද්ධ වූවෝ වෙති. මේ කාරණයෙහිදී දැන් කවරකුට කිපෙන්නෙහිද?
යමෙක් යමකුට දුකක් ඇති කෙරේ නම්, හේ තෙමේ එම දුකට භාජන වුවහු හැර අන් කවරකුට එය කරන්නේද? එම දුක ඇති කිරීමට තමාද හේතු වූ බැවින් කවර හෙයින් ඔහුට කිපෙන්නෙහිද?
සචෙ පනස්ස එවං අත්තානං ඔවදතොපි පටිඝං නෙව වූපසම්මති, අථානෙන අත්තනො ච පරස්ස ච කම්මස්සකතා පච්චවෙක්ඛිතබ්බා. තත්ථ අත්තනො තාව එවං පච්චවෙක්ඛිතබ්බා “අම්භො ත්වං තස්ස කුද්ධො කිං කරිස්සසි? නනු තවෙව චෙතං දොසනිදානං කම්මං අනත්ථාය සංවත්තිස්සති? කම්මස්සකො හි ත්වං කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො, යං කම්මං කරිස්සසි, තස්ස දායාදො භවිස්සසි, ඉදඤ්ච තෙ කම්මං නෙව සම්මාසම්බොධිං , න පච්චෙකබොධිං, න සාවකභූමිං, න බ්රහ්මත්තසක්කත්තචක්කවත්තිපදෙසරාජාදිසම්පත්තීනං අඤ්ඤතරං සම්පත්තිං සාධෙතුං සමත්ථං, අථ ඛො සාසනතො චාවෙත්වා විඝාසාදාදිභාවස්ස චෙව නෙරයිකාදිදුක්ඛවිසෙසානඤ්ච තෙ සංවත්තනිකමිදං කම්මං. සො ත්වං ඉදං කරොන්තො උභොහි හත්ථෙහි වීතච්චිතෙ වා අඞ්ගාරෙ, ගූථං වා ගහෙත්වා පරං පහරිතුකාමො පුරිසො විය අත්තානමෙව පඨමං දහසි චෙව දුග්ගන්ධඤ්ච කරොසී”ති.
මෙසේ තමාහට අවවාද කරගන්නාවූද ඔහුගේ ද්වෙෂය නොසන්සිඳේ නම්, එවිට ඔහු විසින් තමාගේද අනෙකාගේද කර්මස්වකතාව මෙනෙහි කළයුතුය. එහිලා පළමුකොට තමාගේ කර්මස්වකතාව මෙසේ මෙනෙහි කළයුතුය: “පින්වත, ඔහුට ක්‍රෝධ කිරීමෙන් කුමක් කෙරෙහිද? ද්වෙෂ මූලික වූ මේ කර්මය තමාටම අනර්‍ත්‍ථ පිණිස පවත්නේ නොවේද? කර්මයම උරුමකොට, කර්මයම දායාදකොට, කර්මයම පිහිටකොට, කර්මයම පිළිසරණකොට ඇත්තෙහි යම් කර්මයක් කරන්නෙහිද, එයටම දායාද වන්නෙහිය, මේ කර්මය සම්‍යක් සම්බොධිය හෝ ප්රත්යෙකසම්බොධිය හෝ ශ්‍රාවක භූමිය හෝ පිණිස හේතු නොවේ, බ්රහ්මභාවය හෝ ශක්‍රභාවය හෝ චක්‍රවර්ති භාවය හෝ ප්රදේශරාජ්යාදී සම්පත්තීන් අතුරෙන් එක්තරා සම්පත්තියක් හෝ සාදා දීමට සමත් නොවේ, වැලිදු මේ කර්මය ශාසනයෙන් ඉවත් කරනලදුව, ඉවතලනලද අහර බුදින්නකු බවටද, අපායගතවීම් ආදී දුක් වෙසෙස්වලටද හේතු වන්නේය. මෙසේ කරනුයේ ගිනිසිලු ඉවත්වූ අඟුරු හෝ අසුචි හෝ දෙඅතින් ගෙන අනුනට පහර දෙනු කැමැති පුරුෂයකු සෙයින් පළමුකොට තමාම දවා ගන්නෙහිය, දුගඳ කර ගන්නෙහිය.”
එවං අත්තනො කම්මස්සකතං පච්චවෙක්ඛිත්වා පරස්සපි එවං පච්චවෙක්ඛිතබ්බා “එසොපි තව කුජ්ඣිත්වා කිං කරිස්සති? නනු එතස්සෙවෙතං අනත්ථාය සංවත්තිස්සති? කම්මස්සකො හි අයමායස්මා කම්මදායාදො…පෙ… යං කම්මං කරිස්සති, තස්ස දායාදො භවිස්සති. ඉදඤ්චස්ස කම්මං නෙව සම්මාසම්බොධිං, න පච්චෙකබොධිං, න සාවකභූමිං, න බ්රහ්මත්තසක්කත්තචක්කවත්තිපදෙසරාජාදිසම්පත්තීනං අඤ්ඤතරං සම්පත්තිං සාධෙතුං සමත්ථං, අථ ඛො සාසනතො චාවෙත්වා විඝාසාදාදිභාවස්ස චෙව නෙරයිකාදිදුක්ඛවිසෙසානඤ්චස්ස සංවත්තනිකමිදං කම්මං. ස්වායං ඉදං කරොන්තො පටිවාතෙ ඨත්වා පරං රජෙන ඔකිරිතුකාමො පුරිසො විය අත්තානංයෙව ඔකිරති. වුත්තඤ්හෙතං භගවතා –
මෙසේ තමාගේ කර්මස්වකතාව මෙනෙහිකොට අනෙකා ගැනද මෙසේ මෙනෙහිකළ යුතුය. “මේ තෙමේද ක්‍රෝධ කිරීමෙන් කුමක් කරන්නේද? මෙය ඔහුට අනර්‍ත්‍ථ පිණිස පවත්නේ නොවේද? මේ ආයුෂ්මත් තෙමේද කර්මය උරුමකොට කර්මයට දායාද කොට-පෙ-යම් කර්මයක් කරන්නේද එයටම දායාද වන්නේය, ඔහුගේ මේ කර්මය සම්‍යක් සම්බොධිය හෝ ප්රත්යෙකසම්බොධිය හෝ ශ්‍රාවක භූමිය හෝ බ්රහ්මභාවය හෝ ශක්‍රභාවය හෝ චක්රවර්තිභාවය හෝ ප්‍රදේශ රාජ්යාදියෙන් එක්තරා සම්පත්තියෙක් හෝ සාදා දෙන්නට සමත් නොවේ, වැලිදු මේ කර්මය ශාසනයෙන් ඉවත් කරන ලදුව, ඉවතලනලද අහර බුදින්නකු බවටද, අපාගතවීම් ආදී දුක් වෙසෙස්වලටද හේතු වන්නේය. මෙසේ කරන හේ තෙමේ උඩු සුළඟෙහි සිටි අනුන් වෙත දූවිලි ඉසිනු කැමැති පුරුෂයකු සෙයින් තමා වෙතම ඉස ගන්නේය.” කියන ලද මැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:
“‘යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති, සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස; තමෙව බාලං පච්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත්තො’”ති. (ධ· ප· 125; සු· නි· 667);
යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රජො පටිවාතං ව ඛිත්තො ති.
යමෙක් තෙමේ අනුන්හට ද්වෙෂ නොකරන නිර්දෝෂී වූ නික්ලේශී වූ පුරුෂයකුට ද්වෙෂ කෙරේ නම්, එම පාපය උඩු සුළඟට දැමූ සියුම් දූවිලි මෙන් එම අඥානයා වෙතම පෙරළා එන්නේය.
සචෙ පනස්ස එවං කම්මස්සකතම්පි පච්චවෙක්ඛතො නෙව වූපසම්මති, අථානෙන සත්ථු පුබ්බචරියගුණා අනුස්සරිතබ්බා.
ඉදින් මේ ආකාරයෙන් කර්මස්වකතාව මෙනෙහි කරන්නහුගේද ද්වෙෂය නොසන්සිඳේ නම්, එවිට ඔහු විසින් ශාස්තෲන් වහන්සේගේ පූර්ව-චරිත ගුණයන් මෙනෙහි කළ යුතුය.
තත්රායං පච්චවෙක්ඛණානයො – අම්භො පබ්බජිත, නනු තෙ සත්ථා පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොපි සමානො චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරයමානො තත්ථ තත්ථ වධකෙසුපි පච්චත්ථිකෙසු චිත්තං නප්පදූසෙසි. සෙය්යථිදං, සීලවජාතකෙ තාව අත්තනො දෙවියා පදුට්ඨෙන පාපඅමච්චෙන ආනීතස්ස පටිරඤ්ඤො තියොජනසතං රජ්ජං ගණ්හන්තස්ස නිසෙධනත්ථාය උට්ඨිතානං අමච්චානං ආවුධම්පි ඡුපිතුං න අදාසි. පුන සද්ධිං අමච්චසහස්සෙන ආමකසුසානෙ ගලප්පමාණං භූමිං ඛණිත්වා නිඛඤ්ඤමානො චිත්තප්පදොසමත්තම්පි අකත්වා කුණපඛාදනත්ථං ආගතානං සිඞ්ගාලානං පංසුවියූහනං නිස්සාය පුරිසකාරං කත්වා පටිලද්ධජීවිතො යක්ඛානුභාවෙන අත්තනො සිරිගබ්භං ඔරුය්හ සිරිසයනෙ සයිතං පච්චත්ථිකං දිස්වා කොපං අකත්වාව අඤ්ඤමඤ්ඤං සපථං කත්වා තං මිත්තට්ඨානෙ ඨපයිත්වා ආහ –
එහිලා මෙනෙහි කිරීමේ ක්‍රමය මෙසේය: පින්වත් මහණ, ඔබගේ ශාස්තෲන් වහන්සේ සම්බොධියට පළමු බුද්ධත්වයට නොපැමිණිසේක්ම බෝධිසත්ත්ව වූ සේක්ම සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පැරුම් පුරණසේක් ඒ ඒ අවස්ථාවෙහිදී තමන්හට වද දෙන සතුරන් කෙරෙහි පවා සිත දූෂ්‍ය නොකළසේක් නොවේද? කෙසේදයත් පළමුකොටම, සීලවජාතකයෙහි තමාගේ දේවිය කෙරෙහි අපරාධ කළ පවිටු ඇමතියා විසින් කැඳවනලද සතුරු රජු තුන්සියයක් යොදුන් රාජ්‍යය පැහැර ගන්නා විට එය වලකනු පිණිස නැඟී සිටි ඇමතිවරුන්හට ආයුධ අතට ගැනීමට පවා ඉඩ නොදුන්හ, තවද දහසක් ඇමතියන් හා සමග අමුසොහොනෙහි ගලවටක් පොළොව සාරා සිටුවා පස්යට කරද්දී පවා සිත් නොසතුටු බවක් පමණකුදු පළනොකොට, මළ සිරුරු කනු පිණිස ආ කැනහිලුන් පස් සෑරීම නිසා පුරුෂ වීර්ය කොට දිවි ගලවාගෙන, යක්ෂයන්ගේ ආනුභාවයෙන් තමාගේ සිරියහන් ගබට බැස තමාගේ සිරියහනෙහි හොත් සතුරා දැක, කෝප නොඋපදවා එකිනෙකා සපථකොට සතුරා මිතුරුතන්හි තබා මෙසේ කීහ:
“ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහමත්තානං, යථා ඉච්ඡිං තථා අහූ”ති. (ජා· 1.1.51);
ආසිංසෙථෙව පුරිසො න නිබ්බින්දෙය්ය පණ්ඩිතො පස්සාමි වො’හං අත්තානං යථා ඉච්ඡිං තථා අහුන්ති”
පුරුෂ තෙමේ අභිමතාර්ත්ථයන් ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ මැයි, පණ්ඩිත තෙමේ එයින් නො-කලකිරෙන්නේය. යම් ප්‍රකාරයක් මම් අපේක්ෂා කළෙම්ද, ඔබද තමාද ඒ ප්‍රකාරම වූහ’යි දකිමි.
ඛන්තිවාදීජාතකෙ දුම්මෙධෙන කාසිරඤ්ඤා “කිංවාදී ත්වං සමණා”ති පුට්ඨො “ඛන්තිවාදී නාමාහ”න්ති වුත්තෙ සකණ්ටකාහි කසාහි තාළෙත්වා හත්ථපාදෙසු ඡිජ්ජමානෙසු කොපමත්තම්පි නාකාසි.
ක්ෂාන්තිවාදී ජාතකයෙහි අඥානවූ කසී රජු විසින්, ‘ශ්‍රමණය, තෝ කිනම් වාදියෙක් වෙහිදැ”යි ඇසූ විට “මම් ක්ෂාන්තිවාදී වෙමි”යි කීකල්හි, කටු සැමිටියෙන් තළා අත් පා සිදිද්දී පවා කිපීම් පමණකුදු නොකළහ.
අනච්ඡරියඤ්චෙතං, යං මහල්ලකො පබ්බජ්ජූපගතො එවං කරෙය්ය. චූළධම්මපාලජාතකෙ පන උත්තානසෙය්යකොපි සමානො –
වැඩිවියෙහි පැවිදි බවට පත් වූවකු මෙසේ කරතොත්, එය ආශ්චර්යයෙක් නොවේ, චුල්ලධම්මපාල ජාතකයෙහි උඩුකුරුව හෝනා ළදරුවෙක්වූ සේක්ම,
“චන්දනරසානුලිත්තා, බාහා ඡිජ්ජන්ති ධම්මපාලස්ස; දායාදස්ස පථබ්‍යා, පාණා මෙ දෙව රුජ්ඣන්තී”ති. (ජා· 1.5.49);
චන්දනරසානුලිත්තා බාහා ඡිජ්ජන්ති ධම්මපාලස්ස දායාදස්ස පථව්‍යා පාණා මෙ දෙව රුජ්ඣන්තී”ති
පෘථිවී රාජ්‍යයට හිමිකරු වූ ධම්මපාලයාගේ සදුන්රස අලෙව්දුන් අත්පා සිඳිනු ලබයි, දේවයිනි, මාගේ ප්‍රාණයෝ නැසෙති’යි
එවං විප්පලපමානාය මාතුයා පිතරා මහාපතාපෙන නාම රඤ්ඤා වංසකළීරෙසු විය චතූසු හත්ථපාදෙසු ඡෙදාපිතෙසු තාවතාපි සන්තුට්ඨිං අනාපජ්ජිත්වා සීසමස්ස ඡින්දථාති ආණත්තෙ “අයං දානි තෙ චිත්තපරිග්ගණ්හනකාලො, ඉදානි අම්භො ධම්මපාල, සීසච්ඡෙදාණාපකෙ පිතරි, සීසච්ඡෙදකෙ පුරිසෙ, පරිදෙවමානාය මාතරි, අත්තනි චාති ඉමෙසු චතූසු සමචිත්තො හොහී”ති දළ්හං සමාදානමධිට්ඨාය පදුට්ඨාකාරමත්තම්පි නාකාසි.
මෙසේ මෑණියන් හඬා වැලපෙද්දී මහාප්‍රතාප නම් පියරජු විසින් හුණ කිලිල් මෙන් අත් පා කප්වනලද කල්හි, එතෙකිනුදු තෘප්තියට නොපැමිණ, ‘මොහුගේ හිස සිදුව’යි අණ කළ කල්හි, දැන් මේ තොපගේ සිත දමනය කරගතයුතු කාලයයි, එම්බා ධර්මපාලය, හිස සිඳලීමට අණකළ පියාද, හිස සිඳුනා පුරුෂයාද, හඬා වැළපෙන මවද, තමාදැ’යි යන මේ සතර දෙනා කෙරෙහිම සමසිත් ඇත්තේ වෙව”යි දැඩිලෙස ඉටාගෙන කිපෙන ආකාරයක් පමණකුදු පළ නොකළ සේක.
ඉදඤ්චාපි අනච්ඡරියමෙව, යං මනුස්සභූතො එවමකාසි. තිරච්ඡානභූතොපි පන ඡද්දන්තො නාම වාරණො හුත්වා විසප්පිතෙන සල්ලෙන නාභියං විද්ධොපි තාව අනත්ථකාරිම්හි ලුද්දකෙ චිත්තං නප්පදූසෙසි. යථාහ –
මනුෂ්‍යයකුව කළ මෙයද ආශ්චර්යයක් නොවේමය, තිරිසන්ගතව පවා, ඡද්දන්ත නම් ඇත්ව විස පොවනලද හීයෙන් නාභියෙහි විදිනා ලද්දේ ද, එවන් අනර්‍ත්‍ථයක් කළ වැද්දා කෙරෙහි සිත දූෂ්‍ය කොට නොගත්සේක. කියන ලදමැයි:
“සමප්පිතො පුථුසල්ලෙන නාගො, අදුට්ඨචිත්තො ලුද්දකං අජ්ඣභාසි; කිමත්ථයං කිස්ස වා සම්ම හෙතු, මමං වධී කස්ස වායං පයොගො”ති. (ජා· 1.16.124);
“සමප්පිතො පුථුසල්ලෙන නාගො අදුට්ඨචිත්තො ලුද්දකං අජ්ඣභාසි: කිමත්ථියං කිස්ස වා සම්ම හෙතු මමං වධී කස්ස වායං පයොගො” ති
දැඩිව හීයෙන් පහරනලද ඇත් තෙමේ සිත් කෝප නොගෙන, වැද්දාට මෙසේ කීය, ‘යහලුව කිනම් අර්‍ත්‍ථයක් සඳහා, නැතහොත් කවර හේතුවක් නිසා, එසේත් නැතහොත් කවරකුගේ මෙහෙයවීමෙන් මාහට විද්දෙහිදැ”යි
එවං වත්වා ච කාසිරඤ්ඤො මහෙසියා තව දන්තානමත්ථාය පෙසිතොම්හි භදන්තෙති වුත්තෙ තස්සා මනොරථං පූරෙන්තො ඡබ්බණ්ණරස්මිනිච්ඡරණසමුජ්ජලිතචාරුසොභෙ අත්තනො දන්තෙ ඡෙත්වා අදාසි.
මෙසේ කියා, “පින්වත, කසීරජුගේ මෙහෙසිය විසින් ඔබගේ දළ පිණිස එවන ලද්දෙමි”යි කී කල්හි, ඔහුගේ මනදොළ පුරවමින් සවණක් රැස් විහිදෙමින් දිලිසෙන මනහර ශොභා ඇති තමාගේ දළ කපා දුන්සේක.
මහාකපි හුත්වා අත්තනායෙව පබ්බතපපාතතො උද්ධරිතෙන පුරිසෙන –
මහාවානරයෙක්ව තමා විසින්ම පර්වත ප්රපාතයෙකින් ගොඩලනලද පුරුෂයකු විසින්,
“භක්ඛො අයං මනුස්සානං, යථෙවඤ්ඤෙ වනෙ මිගා; යංනූනිමං වධිත්වාන, ඡාතො ඛාදෙය්ය වානරං.
“භක්ඛො අයං මනුස්සානං යථෙවඤ්ඤෙ වනෙ මිගා, යන්නූනිමං වධිත්වාන ඡාතො ඛාදෙය්ය වානරං
“ආහිතොව ගමිස්සාමි, මංසමාදාය සම්බලං; කන්තාරං නිත්ථරිස්සාමි, පාථෙය්‍යං මෙ භවිස්සතී”ති. (ජා· 1.16.205-206); –
අසිතොව ගමිස්සාමි මංසමාදාය සම්බලං කන්තාරං නිත්ථරිස්සාමි පාථෙය්‍යං මෙ භවිස්සතී” ති
වනයෙහි වෙසෙන අනෙක් මෘගයන් සෙයින්ම මොහුද මනුෂ්‍යයන් විසින් කෑමට යෝග්‍ය වන්නේය, සයින් පෙළුණෙම් මේ වඳුරා මරා කන්නෙම් නම් යෙහෙකි,
බඩකට පුරා අනුභවකොට මඟට ආහාර පිණිස ඉතිරි මස් ගෙනයන්නෙම් කාන්තාරය තරණය කරන්නෙමි, එය මාහට ගමන් ආහාර වන්නේය.
එවං චින්තෙත්වා සිලං උක්ඛිපිත්වා මත්ථකෙ සම්පදාලිතෙ අස්සුපුණ්ණෙහි නෙත්තෙහි තං පුරිසං උදික්ඛමානො –
මෙසේ සිතා ගලක් ඔසවා හිස් මුදුන පැළු කල්හි, කඳුලුපිරි දෙනෙතින් ඒ පුරුෂයා දෙස බලමින්,
“මා අය්යොසි මෙ භදන්තෙ, ත්වං නාමෙතාදිසං කරි; ත්වං ඛොසි නාම දීඝාවු, අඤ්ඤං වාරෙතුමරහසී”ති. (ජා· 1.16.209); –
“මාය්යොසි මේ භදන්තෙ ත්වං තුවං නාමෙදිසං කරි, ත්වං ඛො සි නාම දීඝායු අඤ්ඤං වාරෙතුමරහසී” ති
පින්වත, ඔබ මට වඩා උසස් කෙනෙකි, ඔබ මට මෙවැනි දෙයක් නොකළ මැනවි, ඔබ දිගා ඇත්තකු වනු මැනවි, මෙවන් දෙයක් කරන අනෙකකු වුව වැලැක්වීම සුදුසුය’යි
වත්වා තස්මිං පුරිසෙ චිත්තං අප්පදූසෙත්වා අත්තනො ච දුක්ඛං අචින්තෙත්වා තමෙව පුරිසං ඛෙමන්තභූමිං සම්පාපෙසි.
මෙසේ කියා ඒ පුරුෂයා කෙරෙහි සිත දූෂ්‍යකොට නොගෙන තමාගේ දුක ගැනද නොසිතා ඒ පුරුෂයා උපද්‍රව රහිත භූමියට පමුණුවාලූ සේක.
භූරිදත්තො නාම නාගරාජා හුත්වා උපොසථඞ්ගානි අධිට්ඨාය වම්මිකමුද්ධනි සයමානො කප්පුට්ඨානග්ගිසදිසෙන ඔසධෙන සකලසරීරෙ සිඤ්චියමානොපි පෙළාය පක්ඛිපිත්වා සකලජම්බුදීපෙ කීළාපියමානොපි තස්මිං බ්රාහ්මණෙ මනොපදොසමත්තම්පි න අකාසි. යථාහ –
භූරිදත්ත නම් නාරජුව උපෝසථාංගයන් ඉටාගෙන තුඹසක් මත වැතිර කල්පාන්ත වග්නිය වැනි ඖෂධයෙන් මුළු සිරුර තෙමනු ලබන කල්හිද, පැසෙක බහා මුළු දඹදිව්හි නටවනු ලබන කල්හිද ඒ බ්‍රාහ්මණයා කෙරෙහි සිත කෝප ගැනීම්මතෙකුදු නොකළේය. කියන ලද මැයි:
“පෙළාය පක්ඛිපන්තෙපි, මද්දන්තෙපි ච පාණිනා; අලම්පානෙ න කුප්පාමි, සීලඛණ්ඩභයා මමා”ති. (චරියා· 2.16);
“පෙළාය පක්ඛිපන්තෙපි මද්දන්තෙ පි ච පාණිනා ආලම්බනෙ න කුප්පාමි සීලඛණ්ඩභයා මමා” ති
“පැසෙහි බහාලනවිටද, අතින් මඩිනු ලබන විටද මාගේ ශීලය බිඳෙති”යි යන බියෙන් අහිගුණ්ඨික ආලම්බනයා, කෙරෙහි නොකිපෙමි.”
චම්පෙය්යොපි නාගරාජා හුත්වා අහිතුණ්ඩිකෙන විහෙඨියමානො මනොපදොසමත්තම්පි නුප්පාදෙසි. යථාහ –
චම්පෙය්‍ය නම් නාරජුව අහිගුණ්ඨිකයා විසින් ගැහැට කරනු ලබනවිට සිතෙහි කෝප මාත්‍රයකුදු නොඉපිදවූහ. කියන ලදමැයි:
“තදාපි මං ධම්මචාරිං, උපවුත්ථඋපොසථං; අහිතුණ්ඩිකො ගහෙත්වාන, රාජද්වාරම්හි කීළති.
‘තදාපි මං ධම්මචාරිං උපවුත්ථං උපොසථං අහිතුණ්ඩිකො ගහෙත්වාන රාජද්වාරම්හි කීළති.
“යං සො වණ්ණං චින්තයති, නීලං පීතං ව ලොහිතං; තස්ස චිත්තානුවත්තන්තො, හොමි චින්තිතසන්නිභො.
යං සො වණ්ණං චින්තයති නීලං පීතඤ්ච ලොහිතං තස්ස චිත්තානුවත්නෙන්තො හොමි චින්තිතසන්නිහො
“ථලං කරෙය්යං උදකං, උදකම්පි ථලං කරෙ; යදිහං තස්ස කුප්පෙය්යං, ඛණෙන ඡාරිකං කරෙ.
ථලං කරෙය්ය උදකං උදකම්පි ථලං කරෙ යදිහං තස්ස පකුප්පෙය්යං ඛණෙන ඡාරිකං කරෙ.
“යදි චිත්තවසී හෙස්සං, පරිහායිස්සාමි සීලතො; සීලෙන පරිහීනස්ස, උත්තමත්ථො න සිජ්ඣතී”ති. (චරියා· 2.21-24);
යදි චිත්තවසී හෙස්සං පරිහායිස්සාමි සීලතො සීලෙන පරිහීනස්ස උත්තමත්ථො න සිජ්ඣතී” ති
එකල්හිදු ධර්මචාරීවූ පෙහෙවස් වුසූ මා අල්වාගෙන අහිගුණ්ඨිකයා රජගෙදර දොරටුව අසල ක්‍රීඩා කරවයි.
එම අහිගුණ්ඨිකයා නිල්, කහ, රතු යන යම් වර්ණයක් ගැන සිතාද, ඔහුගේ සිතට අනුව පවත්නෙම්, ඔහු සිතු වර්ණයට සමාන වෙමි.
ගොඩ දිය බවට හරවමි, දිය ගොඩ බවට හරවමි, ඉදින් මම් ඕහට කිපියෙම් නම් සැණෙකින් හලු බවට පත් කරන්නෙමි.
ඉදින් සිතට වසඟවීම් නම් ශීලයෙන් පිරිහෙන්නෙමි, ශීලයෙන් පිරිහුණු කල පරමාර්ත්ථය සිද්ධ නොවේ.
සඞ්ඛපාලනාගරාජා හුත්වා තිඛිණාහි සත්තීහි අට්ඨසු ඨානෙසු ඔවිජ්ඣිත්වා පහාරමුඛෙහි සකණ්ටකා ලතායො පවෙසෙත්වා නාසාය දළ්හං රජ්ජුං පක්ඛිපිත්වා සොළසහි භොජපුත්තෙහි කාජෙනාදාය වය්හමානො ධරණීතලෙ ඝංසියමානසරීරො මහන්තං දුක්ඛං පච්චනුභොන්තො කුජ්ඣිත්වා ඔලොකිතමත්තෙනෙව සබ්බෙ භොජපුත්තෙ භස්මං කාතුං සමත්ථොපි සමානො චක්ඛුං උම්මීලෙත්වා පදුට්ඨාකාරමත්තම්පි න අකාසි.
සංඛපාල නම් නාරජුව තියුණු සැතින් අට තැනෙක විද, විදි තන්හි කටු සහිත වැල් ඔබා නාසයෙහි සවි ඇති රැහැනක් බහා ගැමි දරුවන් සොළොස් දෙනෙකුන් විසින් කද බැඳගෙන යද්දී පොළොවෙහි ගැටෙන සිරුරු ඇතිව මහත් දුක් විඳිමින් පවා කිපී බැලූ පමණෙකින් සියලු ගැමි දරුවන් හලු කරනු සමත්වද ඇසිපිය නගා කිසි ආකාරයක් පවා පහළ නොකළහ.
යථාහ –
කියන ලදමැයි:
“චාතුද්දසිං පඤ්චදසිඤ්චළාර, උපොසථං නිච්චමුපාවසාමි; අථාගමුං සොළස භොජපුත්තා, රජ්ජුං ගහෙත්වාන දළ්හඤ්ච පාසං.
“චාතුද්දසිං පඤ්චදසිඤ්ච’ළාර උපොසථං නිච්චමුපාවසාමි අථාගමුං සොළස භොජපුත්තා රජ්ජුං ගහෙත්වාන දළ්හඤ්ච පාසං
“භෙත්වාන නාසං අතිකස්ස රජ්ජුං, නයිංසු මං සම්පරිගය්හ ලුද්දා; එතාදිසං දුක්ඛමහං තිතික්ඛං, උපොසථං අප්පටිකොපයන්තො”ති. (ජා· 2.17.180-181);
ඡෙත්වාන නාසං අතිකස්ස රජ්ජුං නයිංසු මං සම්පරිගය්හ ලුද්දා එතාදිසං දුක්ඛමහං තිතික්ඛං උපොසථං අප්පටිකොපයන්තො” ති.
“අළාරය, තුදුස්වක පසළොස්වක නොකඩවා පෙහෙවස් වෙසෙමි, එකල්හි ගැමිදරුවෝ සොළොස් දෙනෙක් රැහැනක්ද සවිඇති මලයක්ද ගෙන ආවාහුය, නාසය විද රැහැන එහි රුවා මා අල්වාගෙන ගියාහුය, පෙහෙවස් කඩ නොකොට මම් මේසා දුකක් වින්දෙමි.”
න කෙවලඤ්ච එතානෙව, අඤ්ඤානිපි මාතුපොසකජාතකාදීසු අනෙකානි අච්ඡරියානි අකාසි. තස්ස තෙ ඉදානි සබ්බඤ්ඤුතං පත්තං සදෙවලොකෙ කෙනචි අප්පටිසමඛන්තිගුණං තං භගවන්තං සත්ථාරං අපදිසතො පටිඝචිත්තං නාම උප්පාදෙතුං අතිවිය අයුත්තං අප්පතිරූපන්ති.
“එමතුද නොවේ, සෙසු මාතුපොසක ජාතක ආදියෙහිද නොයෙක් අසිරිය කළ සේක. එබඳු වූ උන්වහන්සේ විසින් සර්වඥතාව අවබෝධ කරගන්නා ලද්දේය, දෙවියන් සහිත ලෝකයෙහි කිසිවකු හා සම නොවන ක්ෂාන්තිගුණ ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ ගුරුකොට අනුගමනය කෙරෙමි’යි පවසන ඔබ විසින් ද්වෙෂ චිත්තයක් ඉපැදවීම නම් ඉතා නුසුදුසුය, අයෝග්‍යය.”
සචෙ පනස්ස එවං සත්ථු පුබ්බචරිතගුණං පච්චවෙක්ඛතොපි දීඝරත්තං කිලෙසානං දාසබ්යං උපගතස්ස නෙව තං පටිඝං වූපසම්මති, අථානෙන අනමතග්ගියානි පච්චවෙක්ඛිතබ්බානි. තත්ර හි වුත්තං –
ඉදින් මේ ආකාරයෙන් ශාස්තෲන් වහන්සේගේ පෙර සිරිත් ගුණ මෙනෙහි කරනවිට වුවද, දීර්ඝ කාලාන්තරයක් ක්ලේශයන්ගේ වසඟයට ගිය පුද්ගලයකුගේ ද්වෙෂය නොසන්සිඳෙන්නේය. එවිට ඔහු විසින් අනමතග්ග (ඉමක් කොණක් නැති) ධර්මයන් මෙනෙහි කළයුතුය. කියනලදමැයි අනමතග්ග සූත්‍රයෙහි:
“න සො, භික්ඛවෙ, සත්තො සුලභරූපො, යො න මාතාභූතපුබ්බො, යො න පිතාභූතපුබ්බො, යො න භාතා, යො න භගිනී, යො න පුත්තො, යො න ධීතාභූතපුබ්බා”ති (සං· නි· 2.137-142).
“මහණෙනි, (පෙර අත්බව්හිදී) මව් නොවූවිරූ පුද්ගලයෙක් සුලබ නොවේ, පිය නොවූවිරූ, සොහොවුරු නොවූවිරූ, සොහොයුරි නොවූවිරූ, පුත් නොවූවිරූ, දූ නොවූවිරූ පුද්ගලයෙක්ද සුලබ නොවේ” යනුවෙනි.
තස්මා තස්මිං පුග්ගලෙ එවං චිත්තං උප්පාදෙතබ්බං, “අයං කිර මෙ අතීතෙ මාතා හුත්වා දසමාසෙ කුච්ඡියා පරිහරිත්වා මුත්තකරීසඛෙළසිඞ්ඝාණිකාදීනි හරිචන්දනං විය අජිගුච්ඡමානා අපනෙත්වා උරෙ නච්චාපෙන්තී අඞ්ගෙන පරිහරමානා පොසෙසි, පිතා හුත්වා අජපථසඞ්කුපථාදීනි ගන්ත්වා වාණිජ්ජං පයොජයමානො මය්හමත්ථාය ජීවිතම්පි පරිච්චජිත්වා උභතොබ්යූළ්හෙ සඞ්ගාමෙ පවිසිත්වා නාවාය මහාසමුද්දං පක්ඛන්‍දිත්‍වා අඤ්ඤානි ච දුක්කරානි කරිත්වා ‘පුත්තකෙ පොසෙස්සාමී’ති තෙහි තෙහි උපායෙහි ධනං සංහරිත්වා මං පොසෙසි. භාතා, භගිනී, පුත්තො, ධීතා ච හුත්වාපි ඉදඤ්චිදඤ්චුපකාරං අකාසීති තත්ර මෙ නප්පතිරූපං මනං පදූසෙතු”න්ති.
එහෙයින් එම පුද්ගලයා කෙරෙහි මෙවන් සිතක් ඉපැදවිය යුතුය. “මෝ තොමෝ අතීතයෙහි මාහට මව් වී දසමසක් කුස දරා මල මූත්‍ර කෙළ සොටු ආදිය රත්සඳුන් සේ පිළිකුල් නැතිව ගෙන ඉවත්කොට තමාගේ ළය මත නටවමින්, ඇකයෙන් වඩාගෙන පෝෂණය කළාය. මේ තෙමේ මාහට පිය වී එළුවන් යන මාර්ගය, කටු කොහොල් සහිත මාර්ගය ආදියෙහි යෙමින් වෙළදහම්හි යෙදෙමින් මා වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තබා, දෙපසින් නැගී ආ යුද මැදට පිවිසෙමින්, නැවෙන් මහ සමුදුර එතෙර යමින්, තවත් සිය ගණන් දුෂ්කර කාර්යයන් කෙරෙමින්, ‘පුතු පෝෂණය කෙරෙමි’යි ඒ ඒ උපායෙන් ධනය උපයමින් මා පෝෂණය කළේය. සොහොයුරුව, සොහොයුරීව, පුත්ව, දුවව මේ මේ උපකාර කළේය. මේ පුද්ගලයා කෙරෙහි සිත දූෂ්‍ය කර ගැනීම මට නොසුදුසුය’.
සචෙ පන එවම්පි චිත්තං නිබ්බාපෙතුං න සක්කොතියෙව, අථානෙන එවං මෙත්තානිසංසා පච්චවෙක්ඛිතබ්බා – “අම්භො පබ්බජිත, නනු වුත්තං භගවතා –
ඉදින් මෙසේද සිත නිවා ගැනීමට නොපොහොසත් වෙතොත්, එවිට ඔහු විසින් මෙත්තානිසංසයන් මෙනෙහි කළ යුතුය. ‘පින්වත් පැවිද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද්දේ නොවේද? -
‘මෙත්තාය ඛො, භික්ඛවෙ, චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකඞ්ඛා . කතමෙ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො පසීදති, අසම්මූළ්හො කාලඞ්කරොති, උත්තරිමප්පටිවිජ්ඣන්තො බ්රහ්මලොකූපගො හොතී’ති (අ· නි· 11.15).
‘මහණෙනි, ආදරයෙන් සෙවුනාලද, වඩනාලද, බොහෝසෙයින් පුහුණු කරන ලද, යානයක් මෙන් භාවිත කරනලද, වස්තුවක් මෙන් රක්නාලද, නිසිලෙස පිහිටුවන ලද, පුරුදු කරනලද, මනාකොට අරඹන ලද මෛත්‍රීසහගත චිත්ත සමාධියෙහි ආනිසංසයන් එකොළොසක් අපේක්ෂා කළ හැකිවේ. කවර නම් එකොළොසක්ද? සුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, නපුරු සිහින නොදකියි, මිනිසුන්ට ප්‍රිය වෙයි, නොමිනිසුන්හට ප්‍රිය වේ. දෙවියෝ ආරක්ෂා කෙරෙති, ගිනි හෝ විස හෝ අවිආයුධ හෝ නොපෙළයි, සිත වහා සමාධිගත වෙයි, මුඛවර්ණය ප්‍රසන්න වේ, මුළාවෙන් තොරව කලුරිය කරයි, (සමාපත්තීනට) වඩා උසස් (මාර්ග ඵලාදිය) අවබෝධ නොකළහොත් බඹලොව උපදියි’ යනුවෙන්,
“සචෙ ත්වං ඉදං චිත්තං න නිබ්බාපෙස්සසි, ඉමෙහි ආනිසංසෙහි පරිබාහිරො භවිස්සසී”ති.
ඉදින් ඔබ මේ සිත නිවා නොගතහොත් මේ ආනිසංසයන් කෙරෙන් දුරු වන්නාහුය.”
එවම්පි නිබ්බාපෙතුං අසක්කොන්තෙන පන ධාතුවිනිබ්භොගො කාතබ්බො. කථං? “අම්භො පබ්බජිත, ත්වං එතස්ස කුජ්ඣමානො කස්ස කුජ්ඣසි? කිං කෙසානං කුජ්ඣසි, උදාහු ලොමානං, නඛානං…පෙ… මුත්තස්ස කුජ්ඣසි? අථ වා පන කෙසාදීසු පථවීධාතුයා කුජ්ඣසි, ආපොධාතුයා, තෙජොධාතුයා, වායොධාතුයා කුජ්ඣසි? යෙ වා පඤ්චක්ඛන්ධෙ ද්වාදසායතනානි අට්ඨාරස ධාතුයො උපාදාය අයමායස්මා ඉත්ථන්නාමොති වුච්චති, තෙසු කිං රූපක්ඛන්ධස්ස කුජ්ඣසි, උදාහු වෙදනා සඤ්ඤා සඞ්ඛාරවිඤ්ඤාණක්ඛන්ධස්ස කුජ්ඣසි? කිං වා චක්ඛායතනස්ස කුජ්ඣසි, කිං රූපායතනස්ස කුජ්ඣසි…පෙ… කිං මනායතනස්ස කුජ්ඣසි, කිං ධම්මායතනස්ස කුජ්ඣසි? කිං වා චක්ඛුධාතුයා කුජ්ඣසි, කිං රූපධාතුයා, කිං චක්ඛුවිඤ්ඤාණධාතුයා…පෙ… කිං මනොධාතුයා, කිං ධම්මධාතුයා, කිං මනොවිඤ්ඤාණධාතුයා”ති? එවඤ්හි ධාතුවිනිබ්භොගං කරොතො ආරග්ගෙ සාසපස්ස විය ආකාසෙ චිත්තකම්මස්ස විය ච කොධස්ස පතිට්ඨානට්ඨානං න හොති.
මේ ආකාරයෙනුදු සමනය කරගත නොහැකි වුවහොත් ධාතුව්යවච්ඡේදය කළයුතුය, කෙසේදයත්, “පින්වත් පැවිද්ද, ඔබ මොහු කෙරෙහි කිපෙමින් කවරකට කිපෙන්නේද? කෙස් කෙරෙහි කිපෙන්නේද? නැතහොත්, ලොම් කෙරෙහි, නිය කෙරෙහි,-පෙ-මූත්‍ර කෙරෙහි කිපෙන්නේද? නොඑසේනම්, කෙස් ආදියෙහි වූ පඨවිධාතුව කෙරෙහි කිපෙන්නේද? ආපොධාතුව කෙරෙහි, තෙජොධාතුව කෙරෙහි, වායොධාතුව කෙරෙහි කිපෙන්නේද? නොහොත්, යම් මේ ස්කන්ධ පසක්, ආයතන දොළොසක්, ධාතූන් අටළොසක් නිසා මේ ආයුෂ්මත් තෙමේ මෙනම් වේය’යි කියනු ලැබේනම්, ඔවුන් අතුරෙන්, කිම? රූපස්කන්ධයට කිපෙන්නේද? නැතහොත්, වේදනා-පෙ-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ ස්කන්ධයට කිපෙන්නේද? කිම? චක්ෂුරායතනයට කිපෙන්නෙහිද? කිම? රූපායතනයට කිපෙන්නේද? -පෙ-මනායතනයට කිපෙන්නේද? කිම? ධම්මායතනයට කිපෙන්නේද? කිම? චක්ඛුධාතුවට කිපෙන්නේද? කිම? රූපධාතුවට -පෙ-චක්ඛු විඤ්ඤාණධාතුවට - පෙ - කිම? මනොධාතුවට - ධම්මධාතුවට - මනොවිඤ්ඤාණධාතුවට කිපෙන්නේදැ”යි මෙසේ ධාතු විනිබ්භොගය (විග්‍රහය) කරනවිට, හිදිකටු අග අබැටකට සෙයින්, අහසෙහි සිතුවමකට සෙයින් ක්‍රෝධයට පිහිටවන තැනෙක් නොවේ.
ධාතුවිනිබ්භොගං පන කාතුං අසක්කොන්තෙන දානසංවිභාගො කාතබ්බො. අත්තනො සන්තකං පරස්ස දාතබ්බං, පරස්ස සන්තකං අත්තනා ගහෙතබ්බං. සචෙ පන පරො භින්නාජීවො හොති අපරිභොගාරහපරික්ඛාරො, අත්තනො සන්තකමෙව දාතබ්බං. තස්සෙවං කරොතො එකන්තෙනෙව තස්මිං පුග්ගලෙ ආඝාතො වූපසම්මති. ඉතරස්ස ච අතීතජාතිතො පට්ඨාය අනුබන්ධොපි කොධො තඞ්ඛණඤ්ඤෙව වූපසම්මති, චිත්තලපබ්බතවිහාරෙ තික්ඛත්තුං වුට්ඨාපිතසෙනාසනෙන පිණ්ඩපාතිකත්ථෙරෙන “අයං , භන්තෙ, අට්ඨකහාපණග්ඝනකො පත්තො මම මාතරා උපාසිකාය දින්නො ධම්මියලාභො, මහාඋපාසිකාය පුඤ්ඤලාභං කරොථා”ති වත්වා දින්නං පත්තං ලද්ධමහාථෙරස්ස විය. එවං මහානුභාවමෙතං දානං නාම. වුත්තම්පි චෙතං –
ධාතුවිනිබ්භොගය කරනු නොහැකි වෙතොත්, දානසංවිභාගය කළයුතු වේ. තමා සතු දැය සතුරාහට දියයුතුය, සතුරා සතු දැය තමා විසින් පිළිගත යුතුය, ඉදින් සතුරා නසාගත් ආජීව ඇත්තෙක් නම්, පරිභොගයට සුදුසු නොවන පිරිකර ඇත්තෙක් නම්, තමා සතු දැය දීම පමණක් කළයුතුය, මෙසේ කරනවිට එම පුද්ගලයා කෙරෙහි වූ ආඝාතය ඒකාන්තයෙන්ම සන්සිඳේ, අනෙකාගේද පෙර අත්බැව්හි පටන් බැඳගෙන ආ වෛරය වුවද එකෙණෙහි සන්සිඳේමය. සිතුල්පවු වෙහෙරෙහි තුන්වරක් සෙනස්නෙන් නෙරපන ලද පිණ්ඩපාතික තෙරුන් විසින්, “ස්වාමීනී, කහවනු අටක් අගනා මේ පාත්‍රය මාගේ මව් උපාසිකාව විසින් දෙන ලද ධාර්මික වූ ලාභයකි, මහෝපාසිකාවට පින් ලබා දෙනු මැනවැයි” කියා දෙනලද පාත්‍රය පිළිගත් මහතෙරුන්ගේ (ක්‍රෝධය) මෙනි. මෙසේ මේ දානය නම් මහානුභාව ඇත්තෙකි. කියනලදමැයි:
“අදන්තදමනං දානං, දානං සබ්බත්ථසාධකං; දානෙන පියවාචාය, උන්නමන්ති නමන්ති චා”ති.
“අදන්තදමනං දානං දානං සබ්බත්ථ සාධකං දානෙන පියවාචාය උන්නමන්ති නමන්ති චා”ති
දානය තෙමේ නොදැමුණවුන් දමනය කරන්නේය, දානය තෙමේ සියලු වැඩ සාදන්නේය, දානයෙන්ද ප්රියවචනයෙන්ද උඩු අතටද යටි අතටද නැඹුරු වන්නේය (මෘදුවූ සිත් ඇත්තෙක් වන්නේය.)
තස්සෙවං වෙරීපුග්ගලෙ වූපසන්තපටිඝස්ස යථා පියාතිප්පියසහායකමජ්ඣත්තෙසු, එවං තස්මිම්පි මෙත්තාවසෙන චිත්තං පවත්තති. අථානෙන පුනප්පුනං මෙත්තායන්තෙන අත්තනි පියපුග්ගලෙ මජ්ඣත්තෙ වෙරීපුග්ගලෙති චතූසු ජනෙසු සමචිත්තතං සම්පාදෙන්තෙන සීමාසම්භෙදො කාතබ්බො. තස්සිදං ලක්ඛණං, සචෙ ඉමස්මිං පුග්ගලෙ පියමජ්ඣත්තවෙරීහි සද්ධිං අත්තචතුත්ථෙ එකස්මිං පදෙසෙ නිසින්නෙ චොරා ආගන්ත්වා “භන්තෙ, එකං භික්ඛුං අම්හාකං දෙථා”ති වත්වා “කිං කාරණා”ති වුත්තෙ “තං මාරෙත්වා ගලලොහිතං ගහෙත්වා බලිකරණත්ථායා”ති වදෙය්යුං, තත්ර චෙසො භික්ඛු “අසුකං වා අසුකං වා ගණ්හන්තූ”ති චින්තෙය්ය, අකතොව හොති සීමාසම්භෙදො. සචෙපි “මං ගණ්හන්තු, මා ඉමෙ තයො”තිපි චින්තෙය්ය, අකතොව හොති සීමාසම්භෙදො. කස්මා? යස්ස යස්ස හි ගහණමිච්ඡති, තස්ස තස්ස අහිතෙසී හොති, ඉතරෙසංයෙව හිතෙසී හොති.
වෛරී පුද්ගලයා කෙරෙහි ද්වෙෂය සන්සිඳුණු ඒ යෝගාවචරයාගේ සිත ප්‍රියසහාය, අතිප්‍රිය සහාය, මධ්‍යස්ථ යන මොවුන් කෙරෙහි මෙන්ම ඒ වෛරී පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී වැඩීම් වශයෙන් එකසේ පවතියි. ඉක්බිති නැවත නැවතත් මෛත්‍රී පතුරුවන ඔහු විසින් තමාද, ප්‍රිය පුද්ගලයාද, මධ්යස්ථයාද, වෛරී පුද්ගලයාද යන මේ සතරදෙනා කෙරෙහි සමසිත්බව වඩමින් සීමාසම්භෙදය කටයුතුය. මේ එහි ලක්ෂණයි: ඉදින් මේ පුද්ගලයා, ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන තිදෙනා සමඟ තමා සිවුවැනියා කොට එක් තැනෙක හුන් විටෙක සොරු අවුත්, “ස්වාමීනි, අපට එක් භික්ෂුවක් දෙනු මැනවැ”යි කියා “කවර කරුණක් සඳහා දැ”යි කී කල්හි, “මරා ගලලෙහෙ ගෙන බිලි පූජා කරනු පිණිසය”යි කියන්නාහු නම්, එහිදී මේ භික්ෂුතෙමේ “අසුවලා හෝ අසුවලා හෝ ගනිත්වා”යි සිතන්නේ නම්, සීමාසම්භෙදය නොකරන ලද්දේමය. ඉදින් “මා අල්වා ගනිත්වා, මේ තිදෙනා නොගනිත්වා”යි සිතනුයේ සීමාසම්භෙදය නොකරන ලද්දේමය. කවර හෙයින්ද? යම් යම් අයකු අල්වා ගැනීමට කැමැති වේනම් ඒ ඒ පුද්ගලයාට අහිත කැමැත්තේ නම් වේ. සෙසු අයටම හිත කැමැත්තේ වේ.
යදා පන චතුන්නං ජනානමන්තරෙ එකම්පි චොරානං දාතබ්බං න පස්සති, අත්තනි ච තෙසු ච තීසු ජනෙසු සමමෙව චිත්තං පවත්තෙති, කතො හොති සීමාසම්භෙදො. තෙනාහු පොරාණා –
යම් කලෙක්හි වනාහි සිවු දෙනා අතුරෙන් එක් කෙනකුවත් සොරු හට දියයුතුසේ නොදකී නම් තමා කෙරෙහිද එවිට සීමාසම්භෙදය කරන ලද්දේ නම් වේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ
“අත්තනි හිතමජ්ඣත්තෙ, අහිතෙ ච චතුබ්බිධෙ; යදා පස්සති නානත්තං, හිතචිත්තොව පාණිනං.
“අත්තනි හිතමජ්ඣත්තෙ අහිතෙ ච චතුබ්බිධෙ යදා පස්සති නානත්තං හිතචිත්තො’ව පාණිනං
“න නිකාමලාභී මෙත්තාය, කුසලීති පවුච්චති; යදා චතස්සො සීමායො, සම්භින්නා හොන්ති භික්ඛුනො.
න නිකාමලාභී මෙත්තාය කුසලීති පවුච්චති. යදා චතස්සො සීමායො සම්භින්නා හොන්ති භික්ඛුනො
“සමං ඵරති මෙත්තාය, සබ්බලොකං සදෙවකං; මහාවිසෙසො පුරිමෙන, යස්ස සීමා න ඤායතී”ති.
සමං එරති මෙත්තාය සබ්බං ලොකං සදෙවකං මහාවිසෙසො පුරිමෙන යස්ස සීමා න ඤායති.”
තමාය, හිතවතාය, මධ්යස්ථයාය, අහිතවතාය යන සිවු දෙනා කෙරෙහි යම්තාක් නානත්වය දකීද, ඒතාක් ප්‍රාණීන් කෙරෙහි හුදෙක් හිතසිත් ඇත්තේ නම් වේද හේ තෙමේ ඒකාන්ත මෛත්රීලාභී කුසල් ඇත්තෙකැ’යි නොකියනු ලැබේ.
යම් කලෙක ඒ භික්ෂුව විසින් මෙකී සීමා සතර බිදින ලද්දේ වේද, ඒ භික්ෂු තෙමේ දෙවියන් සහිත සකල ලෝකයා කෙරෙහි සමසිත් ඇති මෛත්‍රිය පතුරුවයිද, සීමා නොදක්නේද, එකල පළමු තත්ත්වයට වඩා මහත් විශේෂයෙක් වේ. එහි සීමාවක් නොදැනේ.
එවං සීමාසම්භෙදසමකාලමෙව ච ඉමිනා භික්ඛුනා නිමිත්තඤ්ච උපචාරඤ්ච ලද්ධං හොති. සීමාසම්භෙදෙ පන කතෙ තමෙව නිමිත්තං ආසෙවන්තො භාවෙන්තො බහුලීකරොන්තො අප්පකසිරෙනෙව පථවීකසිණෙ වුත්තනයෙනෙව අප්පනං පාපුණාති.
මෙසේ සීමාසම්භෙදය හා සමකාලයෙහිම මේ භික්ෂුව විසින් නිමිත්තද උපචාරයද ලබන ලද්දේ වේ. සීමාසම්භෙදය කළ කල්හි එයම නිමිතිකොට සේවනය කෙරෙමින්, වඩමින්, පුරුදු කෙරෙමින් මද ආයාසයෙකින්ම, පඨවි කසිණයෙහි කියනලද නයින්ම, අර්පණාධ්යානයට පැමිණේ.
එත්තාවතානෙන අධිගතං හොති පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නං පඨමජ්ඣානං මෙත්තාසහගතං. අධිගතෙ ච තස්මිං තදෙව නිමිත්තං ආසෙවන්තො භාවෙන්තො බහුලීකරොන්තො අනුපුබ්බෙන චතුක්කනයෙ දුතියතතියජ්ඣානානි, පඤ්චකනයෙ දුතියතතියචතුත්ථජ්ඣානානි ච පාපුණාති.
මෙතෙකින් මොහු විසින් අංග පසෙකින් හීනවූ, අංගපසෙකින් යුක්තවූ ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්ත වූ, දශලක්ෂණයෙන් සමන්විත වූ මෛත්‍රීසහගත ප්‍රථම ධ්‍යානය ලබන ලද්දේ වේ. එය ලද විට එයම නිමිතිකොට සේවනය කෙරෙමින්, වඩමින්, පුරුදු කෙරෙමින් අනුපිළිවෙළින් චතුෂ්කනයෙහිදී ද්විතීය, තෘතීය ධ්යානයනටද, පඤ්චකනයෙහිදී ද්විතීය, තෘතීය, චතුර්ත්ථ ධ්යානයනටද පැමිණේ.
සො හි පඨමජ්ඣානාදීනං අඤ්ඤතරවසෙන මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති (විභ· 642; දී· නි· 1.556). පඨමජ්ඣානාදිවසෙන අප්පනාප්පත්තචිත්තස්සෙව හි අයං විකුබ්බනා සම්පජ්ජති.
හේ තෙමේ ප්‍රථමධ්‍යානාදී එක්තරා ධ්‍යානයක් මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් පතුරුවමින් විහරණ කරයි, එසේම දෙවන, තුන්වන, සතරවන දිසාවන්ද මෛත්‍රීසහගත සිතින් පතුරුවමින් විහරණය කරයි. මෙසේ උඩුඅතට, යටිඅතට, සරසට සියලු තන්හි සමසේ සියලු සත්ත්වයා සහිත ලෝකය විපුලවූ, මහද්ගතවූ, අපමණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ, මෛත්‍රීසහගතවූ සිතින් පතුරුවමින් විහරණය කරයි. ප්‍රථම ධ්‍යානාදී වශයෙන් අර්පණාවට පැමිණි සිත් ඇත්තහුටම මෙම විකුබ්බනය (එනම් ඔධිසො අනොධිසො ඵරණය හෙවත් අවධි සහිත හා රහිත මෛත්‍රී පැතිරවීම) සිද්ධ වේ.
එත්ථ ච මෙත්තාසහගතෙනාති මෙත්තාය සමන්නාගතෙන. චෙතසාති චිත්තෙන. එකං දිසන්ති එකමෙකිස්සා දිසාය පඨමපරිග්ගහිතං සත්තං උපාදාය එකදිසාපරියාපන්නසත්තඵරණවසෙන වුත්තං. ඵරිත්වාති ඵුසිත්වා ආරම්මණං කත්වා. විහරතීති බ්රහ්මවිහාරාධිට්ඨිතං ඉරියාපථවිහාරං පවත්තෙති. තථා දුතියන්ති යථා පුරත්ථිමාදීසු දිසාසු යංකිඤ්චි එකං දිසං ඵරිත්වා විහරති, තථෙව තදනන්තරං දුතියං තතියං චතුත්ථඤ්චාති අත්ථො.
මෙහි මෙත්තාසහගතෙන යනු, මෛත්‍රියෙන් යුක්තවූ, චෙතසා යනු සිතින්, එකං දිසං යනු, එක් දිශාවක් තුළ පළමුවෙන් ගන්නා ලද සත්ත්වයාගේ පටන් එක් දිශාවක් තුළ සිටි සත්ත්වයන් කෙරෙහි පැතිරවීම් වශයෙන් කියනලදි. ඵරිත්වා යනු, (සිතින්) ස්පර්ශ කෙරෙමින්, අරමුණු කෙරෙමින්, විහරති යනු, බ්‍රහ්ම විහාරයෙන් අධිෂ්ඨිත වූ ඉරියාපථවිහරණය පවත්වයි. තථා දුතියං යනු, යම්සේ පූර්ව ආදී දිශාවන් අතුරෙන් එක් දිශාවක් තුළ මෛත්‍රිය පතුරුවමින් විහරණය කෙරේද, එසේම සෙසු දෙවන තෙවන සිවුවන දිශාවන්හිය යන අර්‍ත්‍ථයි.
ඉති උද්ධන්ති එතෙනෙව නයෙන උපරිමං දිසන්ති වුත්තං හොති. අධො තිරියන්ති අධොදිසම්පි තිරියංදිසම්පි එවමෙව. තත්ථ ච අධොති හෙට්ඨා. තිරියන්ති අනුදිසාසු. එවං සබ්බදිසාසු අස්සමණ්ඩලෙ අස්සමිව මෙත්තාසහගතං චිත්තං සාරෙතිපි පච්චාසාරෙතිපීති. එත්තාවතා එකං දිසං පරිග්ගහෙත්වා ඔධිසො මෙත්තාඵරණං දස්සිතං.
ඉති උද්ධං යනු, මේ ආකාරයෙන්ම උඩු දිශාවයි කියන ලද්දේ වේ, අධො තිරියං යනු, යටි දිශාවද සරස් දිශාවද, මෙසේ අධො යනු යටි දිශාවයි, තිරියං යනු අනුදිශායි. මෙසේ සියලු දිශාවන්හි අස්මඬලෙහි අසකු මෙන් මෛත්‍රීසහගත සිත හසුරුවයි, නැවත නැවත හසුරුවයි, මෙතෙකින් එක් එක් දිශාවක් ගෙන සීමා වශයෙන් මෛත්‍රිය පැතිරවීම දක්වනලදී.
සබ්බධීතිආදි පන අනොධිසො දස්සනත්ථං වුත්තං. තත්ථ සබ්බධීති සබ්බත්ථ. සබ්බත්තතායාති සබ්බෙසු හීනමජ්ඣිමුක්කට්ඨමිත්තසපත්තමජ්ඣත්තාදිප්පභෙදෙසු අත්තතාය . “අයං පරසත්තො”ති විභාගං අකත්වා අත්තසමතායාති වුත්තං හොති. අථ වා සබ්බත්තතායාති සබ්බෙන චිත්තභාගෙන ඊසකම්පි බහි අවික්ඛිපමානොති වුත්තං හොති. සබ්බාවන්තන්ති සබ්බසත්තවන්තං, සබ්බසත්තයුත්තන්ති අත්ථො. ලොකන්ති සත්තලොකං. විපුලෙනාතිඑවමාදිපරියායදස්සනතො පනෙත්ථ පුන මෙත්තාසහගතෙනාති වුත්තං. යස්මා වා එත්ථ ඔධිසො ඵරණෙ විය පුන තථාසද්දො ඉතිසද්දො වා න වුත්තො, තස්මා පුන මෙත්තාසහගතෙන චෙතසාති වුත්තං. නිගමවසෙන වා එතං වුත්තං. විපුලෙනාති එත්ථ ච ඵරණවසෙන විපුලතා දට්ඨබ්බා. භූමිවසෙන පන එතං මහග්ගතං පගුණවසෙන ච අප්පමාණසත්තාරම්මණවසෙන ච අප්පමාණං, බ්යාපාදපච්චත්ථිකප්පහානෙන අවෙරං, දොමනස්සප්පහානතො අබ්යාපජ්ජං, නිද්දුක්ඛන්ති වුත්තං හොති. අයං මෙත්තාසහගතෙන චෙතසාතිආදිනා නයෙන වුත්තාය විකුබ්බනාය අත්ථො.
සබ්බධි යන ආදිය අනවධි වශයෙන් (සීමා රහිතව) මෛත්‍රිය පැතිරවීම දක්වනු පිණිස කියනලදි. සබ්බධි යනු, සියලු තන්හි, සබ්බත්තතාය යනු, සියලුම හීන, මධ්‍යම, උත්කෘෂ්ට, මිතුරු, සතුරු, මැදහත් ආදි ප්‍රභේද ඇති සත්ත්වයන් කෙරෙහි තමා කෙරෙහි මෙන්ම, ‘මේ අන් සත්ත්වයෙකැ’යි වෙනසක් නොකොට තමා මෙන්මැ’යි කියන ලද්දේ වේ. නැතහොත්, සබ්බත්තතාය යනු, මුළු සිතින්ම, මඳකුදු කමටහනින් තොරව වික්ෂෙපයට නොපමුණුවමිනි’යි කී නියායි. සබ්බාවන්තං යනු, සියලු සත්ත්වයන් සහිතව, සියලු සත්ත්වයන්ගෙන් යුක්තය යන අර්‍ත්‍ථයි. ලොකං යනු සත්ත්ව ලෝකයයි. විපුලෙන යනු, මේ ආදීවූ පර්යාය දර්ශනයෙන්, මෙහි නැවත මෙත්තාසහගතෙන යයි කියන ලදී. නොහොත් මෙහි සීමා වශයෙන් සිත පැතිරවීමෙහිදී මෙන් ‘තථා’ ශබ්දය හෝ ‘ඉති’ ශබ්දය නොකියනලදි. එහෙයින් නැවත මෙත්තාසහගතෙන චෙතසා (මෛත්‍රීසහගත සිතින්) යයි කියනු ලැබේ. විපුලෙන යනු, මෙහි පැතිරවීම් වශයෙන් විපුලත්වය දතයුතුය. භූමි වශයෙන් මෙය (රූපාවචර වශයෙන්) ‘මහද්ගත’ නම්වේ. ප්‍රගුණ කිරීම් වශයෙන්ද, අප්‍රමාණ සත්ත්වයන් පිළිබඳ අරමුණු වශයෙන්ද අප්පමාණ වේ. ව්‍යාපාද නමැති සතුරා පිටුදැකීම් වශයෙන් අවෙර නමි, දොම්නස පහකිරීම් වශයෙන් අබ්යාපජ්ඣ නමි, නිදුක්යයි කීනියායි. මේ ‘මෙත්තාසහගතෙන චෙතසා’ ආදි නයින් කියනලද විකුබ්බන (ආකාර පරිවර්තන) යෙහි අර්‍ත්‍ථයි.
යථා චායං අප්පනාප්පත්තචිත්තස්සෙව විකුබ්බනා සම්පජ්ජති, තථා යම්පි පටිසම්භිදායං (පටි· ම· 2.22) “පඤ්චහාකාරෙහි අනොධිසොඵරණා මෙත්තාචෙතොවිමුත්ති, සත්තහාකාරෙහි ඔධිසොඵරණා මෙත්තා චෙතොවිමුත්ති, දසහාකාරෙහි දිසාඵරණා මෙත්තා චෙතොවිමුත්තී”ති වුත්තං, තම්පි අප්පනාප්පත්තචිත්තස්සෙව සම්පජ්ජතීති වෙදිතබ්බං.
යම්සේ මේ විකුබ්බනය අර්පණාවට පැමිණි සිත් ඇත්තහුටම සමෘද්ධවේද, එසේම පටිසම්භිදාවෙහි අනවධි වශයෙන් පතුරුවනු ලබන මෛත්‍රී ධ්‍යානය පස් ආකාරයෙකින්ද, අවධි වශයෙන් පතුරුවනු ලබන මෛත්‍රී ධ්‍යානය සත් ආකාරයෙකින්ද, දිශාවන්හි පතුරුවනු ලබන මෛත්‍රී ධ්‍යානය දශ ආකාරයෙකින්ද සිද්ධ වේ’ යයි කියනලදි. එයද අර්පණාවට පත්වූ සිත් ඇත්තහුටම සමෘද්ධ වේයයි දතයුතුය.
තත්ථ ච සබ්බෙ සත්තා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු, සබ්බෙ පාණා, සබ්බෙ භූතා, සබ්බෙ පුග්ගලා, සබ්බෙ අත්තභාවපරියාපන්නා අවෙරා…පෙ… පරිහරන්තූති ඉමෙහි පඤ්චහාකාරෙහි අනොධිසොඵරණා මෙත්තා චෙතොවිමුත්ති වෙදිතබ්බා.
එහිද සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ, ව්‍යාපාද නැත්තෝ ගැහැට නැත්තෝ සුවපත් වෙත්වා’යි සියලු ප්‍රාණීහු-පෙ-සියලු භූතයෝ (උපතලත් සත්ත්වයෝ) සියලු පුද්ගලයෝ, සියලු ආත්මභාවපර්යාපන්නයෝ අවෛරී -පෙ-සුවපත් වෙත්වා’යි මේ පස් ආකාරයෙන් අනවධි වශයෙන් පතුරුවනු ලබන මෛත්‍රී ධ්‍යානය දතයුතුය.
සබ්බා ඉත්ථියො අවෙරා…පෙ… අත්තානං පරිහරන්තු, සබ්බෙ පුරිසා, සබ්බෙ අරියා, සබ්බෙ අනරියා, සබ්බෙ දෙවා, සබ්බෙ මනුස්සා, සබ්බෙ විනිපාතිකා අවෙරා…පෙ… පරිහරන්තූති ඉමෙහි සත්තහාකාරෙහි ඔධිසොඵරණා මෙත්තා චෙතොවිමුත්ති වෙදිතබ්බා.
‘සියලු ස්ත්‍රීහු අවෛරී-පෙ-සුවපත් වෙත්වා, සියලු පුරුෂයෝ, සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ (දුගතියෙහි උපන්නාහු) අවෛරී -පෙ-සුවපත් වෙත්වායි යන මේ සත් ආකාරයෙන් අවධි වශයෙන් පතුරුවනු ලබන මෛත්‍රී ධ්‍යානය දතයුතුය.
සබ්බෙ පුරත්ථිමාය දිසාය සත්තා අවෙරා…පෙ… අත්තානං පරිහරන්තු. සබ්බෙ පච්ඡිමාය දිසාය, සබ්බෙ උත්තරාය දිසාය, සබ්බෙ දක්ඛිණාය දිසාය, සබ්බෙ පුරත්ථිමාය අනුදිසාය, සබ්බෙ පච්ඡිමාය අනුදිසාය, සබ්බෙ උත්තරාය අනුදිසාය, සබ්බෙ දක්ඛිණාය අනුදිසාය, සබ්බෙ හෙට්ඨිමාය දිසාය, සබ්බෙ උපරිමාය දිසාය සත්තා අවෙරා…පෙ… පරිහරන්තු. සබ්බෙ පුරත්ථිමාය දිසාය පාණා, භූතා, පුග්ගලා, අත්තභාවපරියාපන්නා, අවෙරා…පෙ… පරිහරන්තු. සබ්බා පුරත්ථිමාය දිසාය ඉත්ථියො, සබ්බෙ පුරිසා, අරියා, අනරියා, දෙවා, මනුස්සා, විනිපාතිකා අවෙරා…පෙ… පරිහරන්තු. සබ්බා පච්ඡිමාය දිසාය, උත්තරාය, දක්ඛිණාය, පුරත්ථිමාය අනුදිසාය, පච්ඡිමාය, උත්තරාය, දක්ඛිණාය අනුදිසාය, හෙට්ඨිමාය දිසාය, උපරිමාය දිසාය ඉත්ථියො…පෙ… විනිපාතිකා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූති ඉමෙහි දසහාකාරෙහි දිසාඵරණා මෙත්තා චෙතොවිමුත්ති වෙදිතබ්බා.
පෙරදිග වැසි සියලු සත්ත්වයෝ අවෛරී-පෙ-සුවපත් වෙත්වා, බටහිරදිග වැසි සියලු සත්ත්වයෝ, උතුරුදිග වැසි සියලු සත්ත්වයෝ, දකුණු දිග වැසි සියලු සත්ත්වයෝ, නැගෙනහිර අනුදිශා වැසි සියලු සත්ත්වයෝ, බටහිර අනුදිශා වැසි සියලු සත්ත්වයෝ, උතුරු අනුදිශා වැසි, දකුණු අනුදිශා වැසි, යටි දිසාවෙහි, උඩු දිසාවෙහි වැසි සියලු සත්ත්වයෝ අවෛරී -පෙ-සුවපත් වෙත්වා, නැගෙනහිර අනුදිශා වැසි ප්‍රාණීහු -භූතයෝ-පුද්ගලයෝ-ආත්මභාවපර්යාපන්නයෝ අවෛරී පෙ-සුවපත් වෙත්වා’යි, පෙරදිග වැසි සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ, ආර්යයෝ, අනාර්යයෝ, දෙවියෝ, මනුෂ්‍යයෝ, විනිපාතිකයෝ අවෛරී -පෙ-සුවපත් වෙත්වා, බටහිර වැසි, උතුරුදිග වැසි, දකුණුදිග වැසි, නැගෙනහිර අනුදිශා, බටහිර අනුදිශා, උතුරු අනුදිශා, දකුණු අනුදිශා, යටි දිසාවෙහි, උඩුදිසාවෙහි වැසි සියලු ස්ත්‍රීහු -පෙ- විනිපාතිකයෝ අවෛරී, ව්‍යාපාද රහිත, නිදුක් (ගැහැට නැත්තෝ), සුවපත් වෙත්වා’යි යන මේ දශ ආකාරයෙන් දිශාවන්හි පැතිරවීමේ මෛත්‍රී ධ්‍යානය දතයුතුය.
තත්ථ සබ්බෙති අනවසෙසපරියාදානමෙතං. සත්තාති රූපාදීසු ඛන්ධෙසු ඡන්දරාගෙන සත්තා විසත්තාති සත්තා. වුත්තඤ්හෙතං භගවතා –
එහි, සබ්බෙ යන මෙය, ඉතිරි නොකොට සත්ත්ව විෂය ග්‍රහණය කිරීමයි, සත්තා යනු, රූපාදී ස්කන්ධයන් කෙරෙහි ඡන්දරාගයෙන් ඇලුණාහු, විශේෂයෙන් ඇලුණාහු සත්ත නම් වෙති. වදාරන ලදමැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින්:
“රූපෙ ඛො, රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්ර සත්තො, තත්ර විසත්තො, තස්මා සත්තොති වුච්චති… වෙදනාය… සඤ්ඤාය… සඞ්ඛාරෙසු… විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්ර සත්තො, තත්ර විසත්තො, තස්මා සත්තොති වුච්චතී”ති (සං· නි· 3.161).
“රාධය, රූප විෂයෙහි යම් කැමැත්තක්, යම් රාගයක්, යම් පිනායාමක් යම් තෘෂ්ණාවක් ඇත්තේද, එහි ඇලුණේ, විශේෂයෙන් ඇලුණේ ඒ හේතුවෙන් ‘සත්ත’ යයි කියනු ලැබේ. වෙදනා විෂයෙහි-සඤ්ඤා විෂයෙහි-සංඛාර විෂයෙහි - විඤ්ඤාණ විෂයෙහි යම් කැමැත්තක්, යම් රාගයක්, යම් නන්දිරාගයක් (පිනායාමක්) යම් තෘෂ්ණාවක් ඇත්තේද, එහි ඇලුණේ, වෙසෙසින් ඇලුණේ ඒ හේතුවෙන් ‘සත්ත’ යයි කියනු ලැබේ.”
රුළ්හීසද්දෙන පන වීතරාගෙසුපි අයං වොහාරො වත්තතියෙව, විලීවමයෙපි බීජනිවිසෙසෙ තාලවණ්ටවොහාරො විය. අක්ඛරචින්තකා පන අත්ථං අවිචාරෙත්වා නාමමත්තමෙතන්ති ඉච්ඡන්ති. යෙපි අත්ථං විචාරෙන්ති, තෙ සත්වයොගෙන සත්තාති ඉච්ඡන්ති.
රූඪී ශබ්ද වශයෙන් වනාහි වීතරාගීන් කෙරෙහිද මේ ‘සත්ත්ව’ යන ව්‍යවහාරය පවත්නේමය. හුණපතුරෙන් කළ, වීජනි විශේෂයටද තාලවණ්ට (තල්වට) යන ව්‍යවහාරය මෙනි. වියරණ ඇදුරෝ (අක්ෂරයන් පිළිබඳව සිතන්නෝ) වනාහි අර්ත්ථය නොවිචාරා මෙය නාමමාත්රයෙකැ’යි (කීමට) කැමැතිවෙති. යමෙක් අර්ත්ථය විචාරත්ද, ඔහු සත්ත (ඇලීම) යන යෝගයෙන් සත්ත්ව නම් වෙති’යි අරුත් දීමට කැමැති වෙති.
පාණනතාය පාණා, අස්සාසපස්සාසායත්තවුත්තිතායාති අත්ථො. භූතත්තා භූතා, සංභූතත්තා අභිනිබ්බත්තත්තාති අත්ථො. පුන්ති වුච්චති නිරයො. තස්මිං ගලන්තීති පුග්ගලා, ගච්ඡන්තීති අත්ථො. අත්තභාවො වුච්චති සරීරං. ඛන්ධපඤ්චකමෙව වා, තමුපාදාය පඤ්ඤත්තිමත්තසම්භවතො. තස්මිං අත්තභාවෙ පරියාපන්නාති අත්තභාවපරියාපන්නා. පරියාපන්නාති පරිච්ඡින්නා, අන්තොගධාති අත්ථො.
ආශ්වාස ප්‍රශ්වාස කරන හෙයින් ප්‍රාණී නම් වෙති, ආශ්වාස ප්‍රශ්වාසයට අයත් පැවතුම් ඇති හෙයිනි’යි යන අර්‍ත්‍ථයි. හටගත් හෙයින් ‘භූත’ නම් වෙති, පහළ වූ හෙයින්, උපන් හෙයිනි’යි යන අර්‍ත්‍ථයි. ‘පුං’ යනු නිරයයි කියනු ලැබේ, එම නිරය තුළ ගැලෙති’යි ‘පුග්ගල’ නම් වෙති, නිරයට යෙති’යි යන අර්‍ත්‍ථයි. ශරීරය නැතහොත් ස්කන්ධපංචකයම ආත්මභාවයයි කියනු ලැබේ. ඒ ස්කන්ධ පංචකය ඇසුරු කොට ප්රඥප්ති මාත්‍රයෙන් විද්‍යමාන වන හෙයිනි. එම ආත්මභාවයෙහි අන්තර්ගත වූවාහු’යි අන්තභාවපරියාපන්න නම් වෙති. පරියාපන්නා යනු පිරිසිදියාහු’යි, ඇතුළත් වූවාහු’යි යන අර්‍ත්‍ථයි.
යථා ච සත්තාති වචනං, එවං සෙසානිපි රුළ්හීවසෙන ආරොපෙත්වා සබ්බානෙතානි සබ්බසත්තවෙවචනානීති වෙදිතබ්බානි. කාමඤ්ච අඤ්ඤානිපි සබ්බෙ ජන්තූ සබ්බෙ ජීවාතිආදීනි සබ්බසත්තවෙවචනානි අත්ථි, පාකටවසෙන පන ඉමානෙව පඤ්ච ගහෙත්වා “පඤ්චහාකාරෙහි අනොධිසොඵරණා මෙත්තා චෙතොවිමුත්තී”ති වුත්තං.
සත්තා යන වචනය යම්සේද, එසේම ‘පාණා’ ආදී සෙසු වචනද රූඪී වශයෙන් ආරෝපණයකොට මේ සියලු වචන සියලු සත්ත්වයන් සඳහා වූ පර්යාය වචනැ’යි දතයුතුය. “සබ්බෙ සත්තා, සබ්බෙ ජීවා’ ආදී වශයෙන් සර්ව සත්ත්ව පර්යායයෝ ඇත්තාහුමය, ප්‍රකට පර්යාය වශයෙන් ‘සත්තා’ ආදී මේ පංචකයම ගෙන පස් ආකාරයෙකින් ගෙන අනොධිසො ඵරණා (අනවධි වශයෙන් පතුරුවනු ලබන) මෛත්‍රී චෙතොවිමුක්ති (ධ්‍යානය) යි කියනලදි.
යෙ පන සත්තා පාණාතිආදීනං න කෙවලං වචනමත්තතොව, අථ ඛො අත්ථතොපි නානත්තමෙව ඉච්ඡෙය්යුං, තෙසං අනොධිසොඵරණා විරුජ්ඣති, තස්මා තථා අත්ථං අගහෙත්වා ඉමෙසු පඤ්චසු ආකාරෙසු අඤ්ඤතරවසෙන අනොධිසො මෙත්තා ඵරිතබ්බා.
යම් කෙනෙක් වනාහි ‘සත්තා, පාණා’ යන ආදී පදයන් හුදෙක් වචනමාත්‍රයෙන් නොව අර්ත්ථයෙන්ද නානත්වය කැමති වෙත්ද, ඔවුනට අනවධි වශයෙන් (මෙත්සිත) පැතිරවීම විරුද්ධ වේ. එහෙයින් එසේ නානත්වයෙන් අර්ත්ථය නොගෙන මේ පස් ආකාරයෙන් එක්තරා ආකාරයෙකින් අනොධිසො ඵරණය (අනවධි වශයෙන් මෙත්සිත පැතිරවීම) කළයුතුය.
එත්ථ ච සබ්බෙ සත්තා අවෙරා හොන්තූති අයමෙකා අප්පනා. අබ්යාපජ්ජා හොන්තූති අයමෙකා අප්පනා. අබ්යාපජ්ජාති බ්යාපාදරහිතා. අනීඝා හොන්තූති අයමෙකා අප්පනා. අනීඝාති නිද්දුක්ඛා. සුඛී අත්තානං පරිහරන්තූති අයමෙකා අප්පනා. තස්මා ඉමෙසුපි පදෙසු යං යං පාකටං හොති, තස්ස තස්ස වසෙන මෙත්තා ඵරිතබ්බා. ඉති පඤ්චසු ආකාරෙසු චතුන්නං අප්පනානං වසෙන අනොධිසොඵරණෙ වීසති අප්පනා හොන්ති.
මෙහි ‘සබ්බෙ සත්තා අවෙරා හොන්තු’ යනු එක් අර්පණාවෙකි, “අඛ්යපජ්ඣා හොන්තු” යනු එක් අර්පණාවෙකි. අඛ්‍යාපජ්ඣා යනු දොම්නස් නැත්තාහුයි. “අනීඝා හොන්තු” යන මේ එක් අර්පණාවෙකි. ‘අනීඝා’ යනු නිදුක් වූවාහුයි. “සුඛී අත්තානං පරිහරන්තු” යන මේ එක් අර්පණාවෙකි, එහෙයින් මේ පදයන් අතුරෙන්ද යම් යම් පදයක් ප්රකටව වැටහේනම් ඒ ඒ පදය වශයෙන් මෛත්‍රී පැතිරවිය යුතුය. මෙසේ පස් ආකාරයන් අතුරෙන් එකකට අර්පණා සතරක් බැගින් අනොධිසො එරණයෙහිදී අර්පණා විස්සෙක් වේ.
ඔධිසොඵරණෙ පන සත්තසු ආකාරෙසු චතුන්නං වසෙන අට්ඨවීසති. එත්ථ ච ඉත්ථියො පුරිසාති ලිඞ්ගවසෙන වුත්තං. අරියා අනරියාති අරියපුථුජ්ජනවසෙන. දෙවා මනුස්සා විනිපාතිකාති උපපත්තිවසෙන.
ඔධිසො එරණයෙහිදී (අවධි වශයෙන් පැතිරවීමෙහිදී) වනාහි සත් ආකාරයන් අතුරෙන් එකකට සතරක් බැගින් අර්පණා විසිඅටෙකි. මෙහි ‘ඉත්ථියො, පුරිසා’ යනු, ලිංග වශයෙන් කියන ලදි. ‘අරියා, අනරියා’ යනු, ආර්ය පුද්ගලයන් පෘථග්ජන පුද්ගලයන් වශයෙන්ද ‘දෙවා, මනුස්සා, විනිපාතිකා’ යනු, උත්පත්ති වශයෙන්ද කියනලදි.
දිසාඵරණෙ පන සබ්බෙ පුරත්ථිමාය දිසාය සත්තාතිආදිනා නයෙන එකමෙකිස්සා දිසාය වීසති වීසති කත්වා ද්වෙසතානි, සබ්බා පුරත්ථිමාය දිසාය ඉත්ථියොතිආදිනා නයෙන එකමෙකිස්සා දිසාය අට්ඨවීසති අට්ඨවීසති කත්වා අසීති ද්වෙසතානීති චත්තාරි සතානි අසීති ච අප්පනා. ඉති සබ්බානිපි පටිසම්භිදායං වුත්තානි අට්ඨවීසාධිකානි පඤ්ච අප්පනාසතානීති.
දිශාවන් අනුව මෛත්‍රී පැතිරවීමේදී “සබ්බෙ පුරත්ථිමාය දිසාය සත්තා” (පූර්ව දිශාවෙහි සියලු සත්ත්වයෝ) ආදී නයින් එක් එක් දිශාවෙක්හි විස්සක් විස්සක් වශයෙන් අර්පණා දෙසියයක් වේ. ‘සබ්බා පුරත්ථිමාය දිසාය ඉත්ථියො (පූර්ව දිශාවෙහි සියලු ස්ත්‍රීහු) යන ආදී නයින් එක් එක් දිශාවෙක්හි විසි අටක් විසිඅටක් බැගින් ගෙන දෙසිය අසූවක් වේ. මෙසේ පටිසම්භිදාවෙහි කියනලද සියලු අර්පණාවෝ පන්සිය විසිඅටෙකි.
ඉති එතාසු අප්පනාසු යස්ස කස්සචි වසෙන මෙත්තං චෙතොවිමුත්තිං භාවෙත්වා අයං යොගාවචරො “සුඛං සුපතී”තිආදිනා නයෙන වුත්තෙ එකාදසානිසංසෙ පටිලභති.
මෙසේ මේ අර්පණාවන් අතුරෙන් යම්කිසි අර්පණාවකට අනුව මෛත්රීසහගතචෙතොවිමුක්තිය වඩන මේ යෝගාවචර තෙමේ “සුඛං සුපති” ආදී නයින් කියන ලද එකොළොස් ආනිශංසයන් ලබයි.
තත්ථ සුඛං සුපතීති යථා සෙසා ජනා සම්පරිවත්තමානා කාකච්ඡමානා දුක්ඛං සුපන්ති, එවං අසුපිත්වා සුඛං සුපති. නිද්දං ඔක්කන්තොපි සමාපත්තිං සමාපන්නො විය හොති.
එහි ‘සුඛං සුපති’ යනු, යම්සේ සෙසු ජනයා ඒ මේ අත පෙරළෙමින්, ගොර ගොර හඬ නංවමින් දුකසේ නිදත්ද, එසේ නොව සුවසේ නිදයි. නින්දට යන්නේද සමවතට සමවන්නකු මෙන් වේ.
සුඛං පටිබුජ්ඣතීති යථා අඤ්ඤෙ නිත්ථුනන්තා විජම්භන්තා සම්පරිවත්තන්තා දුක්ඛං පටිබුජ්ඣන්ති, එවං අප්පටිබුජ්ඣිත්වා විකසමානමිව පදුමං සුඛං නිබ්බිකාරං පටිබුජ්ඣති.
‘සුඛං පටිබුජ්ඣති’ යනු, යම්සේ සෙසු ජනයා තතනමින් ඈනුම් හරිමින් පෙරළෙමින් දුකසේ පිබිදෙත්ද, එසේ නොව පියුමක් පුබුදින ලෙසින් විකාර රහිතව සුවසේ පුබුදියි.
න පාපකං සුපිනං පස්සතීති සුපිනං පස්සන්තොපි භද්දකමෙව සුපිනං පස්සති, චෙතියං වන්දන්තො විය පූජං කරොන්තො විය ධම්මං සුණන්තො විය ච හොති. යථා පන අඤ්ඤෙ අත්තානං චොරෙහි සම්පරිවාරිතං විය වාළෙහි උපද්දුතං විය පපාතෙ පතන්තං විය ච පස්සන්ති, එවං පාපකං සුපිනං න පස්සති.
‘න පාපකං සුපිනං පස්සති’ සිහින දක්නේද සුබ සිහිනම දකියි, චෛත්‍යයක් වඳින්නකු මෙන්ද, පූජා පවත්වන්නකු මෙන්ද, දහම් අසන්නකු මෙන්ද වේ. යම්සේ වනාහි සෙසු ජනයා තමා සොරුන් විසින් වටලන ලද්දකු මෙන්ද, වල් සතුන් විසින් උවදුරු පමුණුවන ලද්දකු මෙන්ද, ප්රපාතයෙක්හි වැටෙන්නකු මෙන්ද දකිත්ද, එසේ නපුරු සිහින නොදකී.
මනුස්සානං පියො හොතීති උරෙ ආමුත්තමුත්තාහාරො විය සීසෙ පිළන්ධමාලා විය ච මනුස්සානං පියො හොති මනාපො.
‘මනුස්සානං පියො හොති’ යනු, උරතල මත බහනලද මුතුහරක් සෙයින්, සිරසෙහි පැලදි මලක් සෙයින් මනුස්යයන්හට ප්‍රිය මනාප වේ.
අමනුස්සානං පියො හොතීති යථෙව මනුස්සානං, එවං අමනුස්සානම්පි පියො හොති විසාඛත්ථෙරො විය.
‘අමනුස්සානං පියො’ යනු මනුෂ්‍යයනට මෙන්ම අමනුෂ්යයනටද ප්‍රිය වේ, විසාඛ තෙරුන් මෙනි.
සො කිර පාටලිපුත්තෙ කුටුම්බියො අහොසි. සො තත්ථෙව වසමානො අස්සොසි “තම්බපණ්ණිදීපො කිර චෙතියමාලාලඞ්කතො කාසාවපජ්ජොතො ඉච්ඡිතිච්ඡිතට්ඨානෙයෙව එත්ථ සක්කා නිසීදිතුං වා නිපජ්ජිතුං වා උතුසප්පායං සෙනාසනසප්පායං පුග්ගලසප්පායං ධම්මස්සවනසප්පායන්ති සබ්බමෙත්ථ සුලභ”න්ති.
ඒ තෙරණුවෝ වනාහි පාටලීපුත්ර නගරයෙහි වැසි කෙළඹියෙක් වූහ. කෙළඹි තෙමේ එහි වෙසෙනුයේ, “තම්බපණ්ණි ද්වීපය වනාහි චෛත්‍ය පඞ්ක්තියෙන් අලංකෘතය, කාසාව වස්ත්‍රයෙන් බබලන්නේය, එහි කැමැති කැමැති තැනෙක හිඳිනට හෝ වැතිරෙන්නට හෝ හැකිය, සෘතුගුණ පහසුකම්ද, සෙනසුන් පහසුකම්ද, පුද්ගලයන් ඇසුරු කිරීමේ පහසුකම්ද, දහම් ඇසීමේ පහසුකම්ද යන මේ සියල්ල සුලබය”යි ඇසීය.
සො අත්තනො භොගක්ඛන්ධං පුත්තදාරස්ස නිය්යාදෙත්වා දුස්සන්තෙ බද්ධෙන එකකහාපණෙනෙව ඝරා නික්ඛමිත්වා සමුද්දතීරෙ නාවං උදික්ඛමානො එකමාසං වසි. සො වොහාරකුසලතාය ඉමස්මිං ඨානෙ භණ්ඩං කිණිත්වා අසුකස්මිං වික්කිණන්තො ධම්මිකාය වණිජ්ජාය තෙනෙවන්තරමාසෙන සහස්සං අභිසංහරි. අනුපුබ්බෙන මහාවිහාරං ආගන්ත්වා පබ්බජ්ජං යාචි.
හේ තෙමේ තමා සතු භවභෝගරාශිය අඹුදරුවන්හට පවරාදී ඇඳුම් වැටියෙහි තබා මසනලද එක්ම කහවණුවක් අතැතිව ගෙයින් නික්ම නැවක් පැමිණීම බලාපොරොත්තුවෙන් මුහුදුතෙර එක් මාසයක් වාසය කළේය. හේ තෙමේ ව්‍යවහාරයෙහි (වෙළඳාමෙහි) දක්ෂ වූ හෙයින් එක් ගෙදොරෙකින් බඩු මිලදී ගෙන තවත් ගෙදොරකට විකුණමින් දැහැමි වෙළදාමෙන් එම මාසය ඇතුළත කහවණු දහසක් ඉපයීය. ක්‍රමයෙන් මහාවිහාරයට අවුත් පැවිදිබව ඉල්වීය.
සො පබ්බාජනත්ථාය සීමං නීතො තං සහස්සත්ථවිකං ඔවට්ටිකන්තරෙන භූමියං පාතෙසි. “කිමෙත”න්ති ච වුත්තෙ “කහාපණසහස්සං, භන්තෙ”ති වත්වා “උපාසක, පබ්බජිතකාලතො පට්ඨාය න සක්කා විචාරෙතුං, ඉදානෙවෙතං විචාරෙහී”ති වුත්තෙ “විසාඛස්ස පබ්බජ්ජට්ඨානමාගතා මා රිත්තහත්ථා ගමිංසූ”ති මුඤ්චිත්වා සීමාමාළකෙ විප්පකිරිත්වා පබ්බජිත්වා උපසම්පන්නො.
හේ තෙමේ පැවිදි කරවනු පිණිස සීමාවට පමුණුවනු ලද්දේ ඒ දහස් අගනා පියල්ල හිසෙන් ගෙන බිම හෙළීය. “මේ කිමෙක්දැයි විමසන ලද්දේ “ස්වාමීනි, කහවණු දහසෙකැ’යි කියා, “උපාසකය, පැවිදිවූ තැන් පටන් එය පරිහරණය නොහැකිය, දැන්ම කළ යුත්තක් කරව”යි කියනලද්දේ, “විසාඛයා පැවිදිවන තැනට ආවාහු හිස් අතින් නොයෙත්වා”යි සීමාමාලකයෙහි බෙදා විසුරුවා හැර පැවිදිව උපසම්පන්න විය.
සො පඤ්චවස්සො හුත්වා ද්වෙමාතිකා පගුණා කත්වා පවාරෙත්වා අත්තනො සප්පායං කම්මට්ඨානං ගහෙත්වා එකෙකස්මිං විහාරෙ චත්තාරො මාසෙ කත්වා සමප්පවත්තවාසං වසමානො චරි. එවං චරමානො –
ඉකුත් පස් වස් ඇතිව උභයමාතිකා ප්‍රගුණකොට පවාරණ කොට තමාහට සප්පාය වූ කමටහනක් ගෙන එක් එක් විහාරයෙක්හි සාරමසක් බැගින් සමවත්තවාසය වෙසෙමින් හැසුරුණාහ. මෙසේ හැසිරෙමින්ද,
වනන්තරෙ ඨිතො ථෙරො, විසාඛො ගජ්ජමානකො; අත්තනො ගුණමෙසන්තො, ඉමමත්ථං අභාසථ.
වනන්තරෙ ඨිතො ථෙරො විසාඛො ගජ්ජමානකො අත්තනො ගුණමෙසන්තො ඉමමත්ථං අභාසථ:
“යාවතා උපසම්පන්නො, යාවතා ඉධ ආගතො; එත්ථන්තරෙ ඛලිතං නත්ථි, අහො ලාභා තෙ මාරිසා”ති.
“යාවතා උපසම්පන්නො යාවතා ඉධමාගතො එත්ථන්තරෙ ඛලිතං නත්ථි අහො ලාභා තෙ මාරිසා”ති.
වනයෙහි සිට විසාඛ තෙරණුවෝ තමාගේ ගුණ සොයමින් (උදාන මුඛයෙන්) සිංහ ගර්ජනා කරමින් මේ කාරණය පැවසූහ.
උපසපන්වූ තැන් පටන් මෙතැනට එන තෙක්, මෙදෑතුරෙහි මා අතින් සිදුවූ වරදෙක් නැත, නිදුකාණෙනි, තොපට මහත් ලාභයෙකි.
සො චිත්තලපබ්බතවිහාරං ගච්ඡන්තො ද්වෙධා පථං පත්වා “අයං නු ඛො මග්ගො උදාහු අය”න්ති චින්තයන්තො අට්ඨාසි. අථස්ස පබ්බතෙ අධිවත්ථා දෙවතා හත්ථං පසාරෙත්වා “එස මග්ගො”ති වත්වා දස්සෙති. සො චිත්තලපබ්බතවිහාරං ගන්ත්වා තත්ථ චත්තාරො මාසෙ වසිත්වා පච්චූසෙ ගමිස්සාමීති චින්තෙත්වා නිපජ්ජි. චඞ්කමසීසෙ මණිලරුක්ඛෙ අධිවත්ථා දෙවතා සොපානඵලකෙ නිසීදිත්වා පරොදි.
තෙරණුවෝ සිතුල්පවු විහාරයට යන්නාහු තුන්මංසලකට පැමිණ “මේ මග දෝ නැතහොත් ඒ මගදෝ”යි සිතමින් සිටියහ. එවිට පර්වතයෙහි වැසි දේවතාවෙක් අත දිගුකොට තෙරුන්හට “මේ මගය”යි දැක්වීය. තෙරණුවෝ සිතුල්පවු වෙහෙරට ගොස් එහි සාර මසක් වැස “අළුයම් වේලාවෙහිදී යන්නෙමි”යි සිතා වැද හොත්තාහ. සක්මන් කෙළවර මණිල රුකෙහි වැසි රුක්දෙවියා පියගැට පෙළ මුදුනෙහි හිඳ හඬන්නට විය.
ථෙරො “කො එසො”ති ආහ. අහං, භන්තෙ, මණිලියාති. කිස්ස රොදසීති? තුම්හාකං ගමනං පටිච්චාති. මයි ඉධ වසන්තෙ තුම්හාකං කො ගුණොති? තුම්හෙසු, භන්තෙ, ඉධ වසන්තෙසු අමනුස්සා අඤ්ඤමඤ්ඤං මෙත්තං පටිලභන්ති, තෙ දානි තුම්හෙසු ගතෙසු කලහං කරිස්සන්ති, දුට්ඨුල්ලම්පි කථයිස්සන්තීති. ථෙරො “සචෙ මයි ඉධ වසන්තෙ තුම්හාකං ඵාසුවිහාරො හොති, සුන්දර”න්ති වත්වා අඤ්ඤෙපි චත්තාරො මාසෙ තත්ථෙව වසිත්වා පුන තථෙව ගමනචිත්තං උප්පාදෙසි. දෙවතාපි පුන තථෙව පරොදි. එතෙනෙවුපායෙන ථෙරො තත්ථෙව වසිත්වා තත්ථෙව පරිනිබ්බායීති එවං මෙත්තාවිහාරී භික්ඛු අමනුස්සානං පියො හොති.
තෙරණුවෝ “මේ කවරෙක්දැ”යි කීහ. “ස්වාමීනි මම මණිල රුක්වැසි දෙවියා වෙමි”යි කීය. “කවර කරුණක් නිසා වැලපෙහිදැ”යි ඇසූහ. “ඔබවහන්සේගේ ගමන නිසාය”යි කීය. “මා මෙහි වසන කල ඔබට වන යහපත කුමක්දැ”යි ඇසූහ. “ස්වාමීනි, ඔබවහන්සේ මෙහි වසන කල අමනුෂ්‍යයෝ එකිනෙකාට මෛත්‍රී කර ගනිති, ඔබවහන්සේ ගිය කල්හි කලහ කරගන්නාහුය, නපුරු බස් තෙපලන්නාහුය”යි කීය. තෙරණුවෝ “ඉදින් මා මෙහි වසන කල ඔබට පහසු විහරණ වන්නේනම් යහපතැ”යි කියා තවත් සාරමසක් වැස නැවත වෙන’තෙක යන අදහස ඉපැදවූහ. දේවතාවාද පෙර සේම නැවතත් වැලපිණි. මේ උපායෙන්ම තෙරණුවන් රඳවාගනුලැබ එහිම වාසයකොට එහිම පිරිනිවන් පෑහ. මෛත්‍රී විහරණ ඇති භික්ෂුතෙමේ මෙසේ අමනුෂ්‍යයනට ප්‍රිය වන්නේය.
දෙවතා රක්ඛන්තීති පුත්තමිව මාතාපිතරො දෙවතා රක්ඛන්ති.
දෙවතා රක්ඛන්ති යනු, මාපියන් දරුවන් රක්නා ලෙසින් දෙවියෝ එවන් යෝගාවචරයන් ආරක්ෂා කෙරෙති.
නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමතීති මෙත්තාවිහාරිස්ස කායෙ උත්තරාය උපාසිකාය විය අග්ගි වා, සංයුත්තභාණකචූළසිවත්ථෙරස්සෙව විසං වා, සංකිච්චසාමණෙරස්සෙව සත්ථං වා න කමති, න පවිසති. නාස්ස කායං විකොපෙතීති වුත්තං හොති. ධෙනුවත්ථුම්පි චෙත්ථ කථයන්ති . එකා කිර ධෙනු වච්ඡකස්ස ඛීරධාරං මුඤ්චමානා අට්ඨාසි. එකො ලුද්දකො තං විජ්ඣිස්සාමීති හත්ථෙන සම්පරිවත්තෙත්වා දීඝදණ්ඩසත්තිං මුඤ්චි. සා තස්සා සරීරං ආහච්ච තාලපණ්ණං විය පවට්ටමානා ගතා, නෙව උපචාරබලෙන, න අප්පනාබලෙන, කෙවලං වච්ඡකෙ බලවපියචිත්තතාය. එවං මහානුභාවා මෙත්තාති.
නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති යනු, මෛත්‍රී විහරණ ඇත්තහුගේ කයට, උත්තරා නම් උවැසියට මෙන් ගින්න හෝ, සංයුත්තභාණක චූලසීව නම් තෙරුන්හට මෙන් විස හෝ, සංකිච්ච නම් සාමණේරයන්හට මෙන් ආයුධ හෝ නොවදියි, නොපිවිසෙයි, ඔහුගේ කයට හානි නොපමුණුවන්නේයයි කී-නියායි. මෙහිලා ධෙනුවගේ කතාපුවතද කියත්: එක්තරා දෙනක් වසුපැටියාට කිරි දෙමින් සිටියාය, එක්තරා වැද්දෙක් ‘ඇයට විදිමි’යි අතින් හරවා දික් දඬු ඇති සැතෙකින් දමා ගැසීය, ඒ සැත දෙනගේ සිරුරෙහි වැදී තල්පතක් මෙන් හැකිළී ගියේය. උපචාර බලයෙකින් නොවේ, අර්පණා බලයෙකින් හෝ නොවේ, හුදෙක් වසු කෙරෙහි වූ බලවත් ඉතසිත්බව හේතුකොටගෙනය. මෙසේ මෛත්‍රී භාවනාව මහානුභාව ඇත්තේය.
තුවටං චිත්තං සමාධියතීති මෙත්තාවිහාරිනො ඛිප්පමෙව චිත්තං සමාධියති, නත්ථි තස්ස දන්ධායිතත්තං.
තුවටං චිත්තං සමාධියති යනු, මෛත්‍රී විහරණ ඇත්තහුගේ සිත වහා එකඟ වන්නේය, සිත එකඟවීමෙහි පමාබවෙක් නැත්තේය.
මුඛවණ්ණො විප්පසීදතීති බන්ධනා පවුත්තං තාලපක්කං විය චස්ස විප්පසන්නවණ්ණං මුඛං හොති.
මුඛවණ්ණො විප්පසීදති යනු, නටුවෙන් ගිලිහුණු තල්ගෙඩියක් සෙයින් මෛත්‍රී වඩන්නහුගේ මුහුණ ප්‍රසන්න වර්ණ ඇත්තේ වෙයි.
අසම්මූළ්හො කාලඞ්කරොතීති මෙත්තාවිහාරිනො සම්මොහමරණං නාම නත්ථි, අසම්මූළ්හොව නිද්දං ඔක්කමන්තො විය කාලං කරොති.
අසම්මූළ්හො කාලං කරොති යනු, මෛත්‍රීවිහරණ ඇත්තහුට සිහිමුළාවෙන් යුත් මරණයක් නම් නැත්තේය, නොමුළාවම නින්දට වදින්නකු සෙයින් කලුරිය කරන්නේය.
උත්තරිමප්පටිවිජ්ඣන්තොති මෙත්තාසමාපත්තිතො උත්තරිං අරහත්තං අධිගන්තුං අසක්කොන්තො ඉතො චවිත්වා සුත්තප්පබුද්ධො විය බ්රහ්මලොකමුපපජ්ජතීති.
උත්තරීං අප්පටිවිජ්ඣන්තො යනු, මෙත් සමවතින් මතු රහත්බව ප්‍රතිවෙධ කරනු නොහැකි වුවහොත් මෙතැනින් චුතව නිදා පිබිදියකු මෙන් බඹලොව උපදනේය.
අයං මෙත්තාභාවනායං විත්ථාරකථා.
මේ මෛත්‍රී භාවනාවෙහි විස්තර කථායි.