යෙදුමෙන් කියවන්න

සම‍්බහුලසුත‍්තන‍්තසංසන්‍දනා

සම‍්බහුලසුත‍්තන‍්තසංසන්‍දනා

සම්බහුලසුත්තන්තසංසන්දනා

සො එවං යාථාවසරසතො නාමරූපං වවත්‍ථපෙත්‍වා සුට‍්ඨුතරං “සත‍්තො පුග‍්ගලො”ති ඉමිස‍්සා ලොකසමඤ‍්ඤාය පහානත්‍ථාය සත‍්තසම‍්මොහස‍්ස සමතික‍්කමත්‍ථාය අසම‍්මොහභූමියං චිත‍්තං ඨපනත්‍ථාය සම‍්බහුලසුත‍්තන‍්තවසෙන “නාමරූපමත‍්තමෙවිදං, න සත‍්තො, න පුග‍්ගලො අත්‍ථී”ති එතමත්‍ථං සංසන්‍දෙත්‍වා වවත්‍ථපෙති. වුත‍්තඤ‍්හෙතං –

මෙසේ ඒ යෝගාවචර තෙමේ තත් වූ පරිදි නාමරූපයන් විනිශ්චය කොට ‘සත්‍වයෙක, පුද්ගලයෙකැ’යි යන මේ ලෝකව්‍යවහාරය වඩාත් මැනවින් ප්‍රහීණ කරනු පිණිස, සත්‍වයෙකැ’යි යන මුළාව ඉක්මවනු පිණිස අසම්මෝහ භූමියෙහි (නුමුළා බවෙහි) සිත පිහිටුවීම පිණිස බොහෝ සූත්‍රාන්තයන්ගේ අනුසාරයෙන්, ‘නාම-රූප මාත්‍රයෙකි, සත්‍වයෙක්, පුද්ගලයෙක් හෝ නොවේ’ යන මේ අර්ත්‍ථය සංසන්දනය කොට ව්‍යවස්ථාපනය කරයි. කියන ලද මැයි:-

“යථාපි අඞ‍්ගසම‍්භාරා, හොති සද‍්දො රථො ඉති; එවං ඛන්‍ධෙසු සන‍්තෙසු, හොති සත‍්තොති සම‍්මුතී”ති. (සං· නි· 1.171);

යථාපි අඞ්ග සම්භාරා හොති සද්දො රථො ඉති එවං ඛන්‍ධෙසු සන්තෙසු හොති සත්තොති සම්මුති

යම්සේ ඒ ඒ කොටස් එක්කොට ගැලපීමෙන් ‘රථ’ය යන ශබ්ද ව්‍යවහාරය ඇති වේද, එසේම ස්කන්‍ධයන් පවත්නා කල ‘සත්‍ව’ යන සම්මුතිය වේ.

අපරම‍්පි වුත‍්තං, “සෙය්‍යථාපි, ආවුසො, කට‍්ඨඤ‍්ච පටිච‍්ච වල‍්ලිඤ‍්ච පටිච‍්ච මත‍්තිකඤ‍්ච පටිච‍්ච තිණඤ‍්ච පටිච‍්ච ආකාසො පරිවාරිතො අගාරන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති, එවමෙව ඛො, ආවුසො, අට‍්ඨිඤ‍්ච පටිච‍්ච න‍්හාරුඤ‍්ච පටිච‍්ච මංසඤ‍්ච පටිච‍්ච චම‍්මඤ‍්ච පටිච‍්ච ආකාසො පරිවාරිතො රූපන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතී”ති (ම· නි· 1.306).

තවද, “ඇවැත්නි, දඬු නිසාද, වැල් නිසාද, මැටි නිසාද, (බට ආදී) තෘණ වර්ග නිසාද ආවරණය කරන ලද ආකාශය ‘ගෙය’ යනුවෙන්ම ව්‍යවහාරයට යෙයි, ඇවැත්නි, එසේම ඇට නිසාද, නහර නිසාද, මස් නිසාද, සම නිසාද ආවරණය කරන ලද ආකාශය ‘රූප’ය යන ව්‍යවහාරයට යෙයි’’ යනුද කියන ලදි.

අපරම‍්පි වුත‍්තං –

තවද:-

“දුක‍්ඛමෙව හි සම‍්භොති, දුක‍්ඛං තිට‍්ඨති වෙති ච; නාඤ‍්ඤත්‍ර දුක‍්ඛා සම‍්භොති, නාඤ‍්ඤං දුක‍්ඛා නිරුජ‍්ඣතී”ති. (සං· නි· 1.171);

දුක්‍ඛමෙවහි සම්භොති දුක්‍ඛං තිට්ඨති වෙතිච නාඤ්ඤත්‍ර දුක්‍ඛා සම්භොති නාඤ්ඤං දුක්‍ඛා නිරුජ්ඣති.

දුකම උපදියි, දුකම පවතියි, දුකම ඉවත්වී යයි, දුක මිස අන් කිසිවක් නූපදියි, දුක මිස අන් කිසිවක් ඉවත නොයයි.