උපමාහි නාමරූපවිභාවනා
උපමාහි නාමරූපවිභාවනා
උපමාහි නාමරූපවිභාවනා
එවං අනෙකසතෙහි සුත්තන්තෙහි නාමරූපමෙව දීපිතං, න සත්තො න පුග්ගලො. තස්මා යථා අක්ඛචක්කපඤ්ජරඊසාදීසු අඞ්ගසම්භාරෙසු එකෙනාකාරෙන සණ්ඨිතෙසු රථොති වොහාරමත්තං හොති, පරමත්ථතො එකෙකස්මිං අඞ්ගෙ උපපරික්ඛියමානෙ රථො නාම නත්ථි. යථා ච කට්ඨාදීසු ගෙහසම්භාරෙසු එකෙනාකාරෙන ආකාසං පරිවාරෙත්වා ඨිතෙසු ගෙහන්ති වොහාරමත්තං හොති, පරමත්ථතො ගෙහං නාම නත්ථි. යථා ච අඞ්ගුලිඅඞ්ගුට්ඨාදීසු එකෙනාකාරෙන ඨිතෙසු මුට්ඨීති වොහාරමත්තං හොති. දොණිතන්තිආදීසු වීණාති. හත්ථිඅස්සාදීසු සෙනාති. පාකාරගෙහගොපුරාදීසු නගරන්ති. ඛන්ධසාඛාපලාසාදීසු එකෙනාකාරෙන ඨිතෙසු රුක්ඛොති වොහාරමත්තං හොති, පරමත්ථතො එකෙකස්මිං අවයවෙ උපපරික්ඛියමානෙ රුක්ඛො නාම නත්ථි. එවමෙවං පඤ්චසු උපාදානක්ඛන්ධෙසු සති “සත්තො, පුග්ගලො”ති වොහාරමත්තං හොති, පරමත්ථතො එකෙකස්මිං ධම්මෙ උපපරික්ඛියමානෙ “අස්මීති වා අහන්ති වා”ති ගාහස්ස වත්ථුභූතො සත්තො නාම නත්ථි. පරමත්ථතො පන නාමරූපමත්තමෙව අත්ථීති. එවං පස්සතො හි දස්සනං යථාභූතදස්සනං නාම හොති.
මෙසේ නොයෙක් සියගණන් සූත්‍රාන්තයන් මගින් නාමරූපයම දක්වන ලදි. එහෙයින් යම්සේ අක්ෂ (රිය අකුරු), චක්‍ර, පඤ්ජර (මැදිරි), රථශීර්ෂ (රියහිස්) ආදී අවයව රාශිය කිසියම් ආකාරයෙකින් සවිකොට තැබූ කල ‘රථ’ය යන ව්‍යවහාර මාත්‍රය වේද, එක් එක් අවයවය වෙන වෙනම ගෙන පිරික්සන විට පරමාර්‍ත්‍ථ වශයෙන් ‘රථය’ නම් වූ කිසිවක් නොමැත්තේද, තවද දැවදඬු ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය කිසියම් ආකාරයෙකින් අහස ආවරණය කොට පිහිටුවන ලද කල ‘ගෙය’ය යන ව්‍යවහාර මාත්‍රය වේද, පරමාර්‍ත්‍ථ වශයෙන් ‘ගෙය’ නම් වූ කිසිවක් නොමැත්තේද, තවද, ඇඟිලි මහපටැඟිලි ආදිය කිසියම් ආකාරයෙකින් පිහිටුවන ලද කල ‘මිට’ය යන ව්‍යවහාර මාත්‍රය වේද, -පෙ-, තවද (එක්තරා පිළිවෙළකට එක් කොට තැබූ කල) ද්‍රෝණි (බඳ), තන්ත්‍රී (තත්) ආදිය ‘වීණා’ යයිද, ඇත්, අස් ආදීහු ‘සේනා’ යයිද, ප්‍රාකාර, ගෘහ, ගෝපූර (අට්ටාල සහිත දොරටු) ආදිය ‘නගර’ යයිද, කඳ, අතු, කොළ මඬුලු ආදිය ‘රුක’ යයිද ව්‍යවහාර මාත්‍රයට යෙත්ද පරමාර්‍ත්‍ථ වශයෙන් එක් එක් අවයවය වෙන වෙනම ගෙන පිරික්සන කල ‘මිට’ යයි හෝ ‘වීණා’ යයි හෝ, ‘සේනා’ යයි හෝ, ‘නගර’ යයි හෝ ‘රුක’ යයි හෝ කිසිවක් නැත්තේ වේද, මෙසේ උපාදානස්කන්ධ පංචකය පවත්නා කල ‘සත්වයෙක, පුද්ගලයෙක’ යන ව්‍යවහාර මාත්‍රය පවතියි, පරමාර්‍ත්‍ථ වශයෙන් එක් එක් ස්කන්ධයක් ගෙන පිරික්සනු ලබන විට ‘වෙමි’යි හෝ ‘මම’ යයි ගැනීමට වස්තු වන සත්වයෙක් නම් නැත්තේය; පරමාර්‍ත්‍ථ වශයෙන් වනාහි හුදෙක් නාම-රූප මාත්‍රයම වෙති’යි මෙසේ දක්නහුගේ දර්ශනයම ‘යථාභූත දස්සන’ (ඇති තතු දැකීම) නම් වේ.
යො පනෙතං යථාභූතදස්සනං පහාය “සත්තො අත්ථී”ති ගණ්හාති. සො තස්ස විනාසං අනුජානෙය්ය අවිනාසං වා. අවිනාසං අනුජානන්තො සස්සතෙ පතති. විනාසං අනුජානන්තො උච්ඡෙදෙ පතති. කස්මා? ඛීරන්වයස්ස දධිනො විය තදන්වයස්ස අඤ්ඤස්ස අභාවතො. සො “සස්සතො සත්තො”ති ගණ්හන්තො ඔලීයති නාම. “උච්ඡිජ්ජතී”ති ගණ්හන්තො අතිධාවති නාම. තෙනාහ භගවා –
යමෙක් වනාහි මේ යථාභූතදස්සනය හැර පියා සත්වයෙක් ඇතැ’යි ගන්නේද, හේ ඒ සත්වයාගේ පැවැත්ම, නැතහොත්, පැවැත්ම අනුදන්නේ වේ; පැවැත්ම අනුදන්නේ ශාස්වත දෘෂ්ටියට වැටේ; නැවැත්ම අනුදන්නේ උච්ඡේද දෘෂ්ටියට වැටේ. කවර හෙයින්ද යත්; කිරීම (ක්‍රමයෙන්) විකාර බවට යාමෙන් (මිදී) සෑදෙන දී මෙන් (ආත්මය) වෙනස් බවට පත් වීමෙන් සෑදෙන අන් කිසිවක් නොමැති හෙයිනි. සත්වයා ශාස්වත (සදාකාලික) යයි ගන්නා හේ තෙමේ භවය තුළ අවලීන වෙයි (කිඳා බසියි, ඇලී-ගැලී සිටියි). (භවය මරණයෙන්) සිඳී යෙති’යි ගන්නේ අතිධාවනය කරන්නේ නම්වේ. එහෙයින් දෙසූහ, භාග්‍යවතුන් වහන්සේ:-
“ද්වීහි, භික්ඛවෙ, දිට්ඨිගතෙහි පරියුට්ඨිතා දෙවමනුස්සා ඔලීයන්ති එකෙ, අතිධාවන්ති එකෙ, චක්ඛුමන්තො ච පස්සන්ති.
“මහණෙනි, දෘෂ්ටි ද්වයයෙකින් මඩනා ලද ඇතැම් දෙවි-මිනිස් කෙනෙක් භවයෙහි අවලීන වෙති. ඇලී ගැලී සිටිති. ඇතැම් දෙවි-මිනිස් කෙනෙක් අතිධාවනය කෙරෙති, ඇස් ඇත්තෝම (ඇති තතු නුවණින්) දකිති,
“කථඤ්ච, භික්ඛවෙ, ඔලීයන්ති එකෙ? භවාරාමා, භික්ඛවෙ, දෙවමනුස්සා භවරතා භවසමුදිතා. තෙසං භවනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. එවං ඛො, භික්ඛවෙ, ඔලීයන්ති එකෙ.
මහණෙනි, ඇතැමකු අවලීන වනුයේ කෙසේද? මහණෙනි, මේ දෙවිමිනිස්සු වනාහි භවයෙහි ඇලෙන සුලු වෙති, භවය කෙරෙහි ඇළුණාහු වෙති, භවය වෙත බැඳුණාහු වෙති, භවයෙහි සතුටු වන්නාහු වෙති, භව නිරෝධය පිණිස දහම් දෙසනු ලබන විට එයට සිත නො-ඇදයි, නොපහදියි, නොපිහිටයි, අධිමුක්තියට (නිශ්චයයට) නොපැමිණෙයි, මහණෙනි, ඇතැමෙක් මේ ආකාරයෙන් අවලීන (ඇලීගැලී සිටිති) වෙති,
“කථඤ්ච, භික්ඛවෙ, අතිධාවන්ති එකෙ? භවෙනෙව ඛො පනෙකෙ අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා විභවං අභිනන්දන්ති, යතො කිර භො අයං අත්තා කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරංමරණා, එතං සන්තං, එතං පණීතං, එතං යාථාවන්ති. එවං ඛො, භික්ඛවෙ, අතිධාවන්ති එකෙ.
මහණෙනි, ඇතැමෙකු අතිධාවනය කරනුයේ කෙසේද? මහණෙනි, ඇතැමෙක් තුමූ භව හේතුවෙන්ම පීඩාවට පත් වූවාහු, ලජ්ජාවට පත් වූවාහු, පිළිකුලට පත් වූවාහු විභවය කැමැති වෙති, යම් හෙයකින් වනාහි මේ ආත්මය කය බිඳ වැටීමෙන් කෙළවර වේද, විනාශ වේද, මරණින් මතු නොපවතීද, එහෙයින් මේ (විභවය) ශාන්තය, ප්‍රණීතය, යථා ස්වභාවය’යි යනුවෙන් මෙසේ අතිධාවනය කෙරෙති.
“කථඤ්ච, භික්ඛවෙ, චක්ඛුමන්තො පස්සන්ති? ඉධ, භික්ඛවෙ, භික්ඛු භූතං භූතතො පස්සති, භූතං භූතතො දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. එවං ඛො, භික්ඛවෙ, චක්ඛුමන්තො පස්සන්තී”ති (ඉතිවු· 49).
කෙසේ නම්, මහණෙනි, ඇස් ඇත්තෝම දකිත්ද? මහණෙනි ශාසනයෙහි භික්ෂු තෙමේ (යථා) භූතය (ඇති තතු) භූත වශයෙන්ම දකියි. භූතයා භූත වශයෙන් දැක, එහි කලකිරීම පිණිස, නො-ඇලීම පිණිස, අවසන් කිරීම පිණිස, පිළිපන්නේ වේ; මහණෙනි, ඇස් ඇත්තෝ මේ ආකාරයෙන් දකිති’’ යනුයි.
තස්මා යථා දාරුයන්තං සුඤ්ඤං නිජ්ජීවං නිරීහකං, අථ ච පන දාරුරජ්ජුකසමායොගවසෙන ගච්ඡතිපි තිට්ඨතිපි. සඊහකං සබ්යාපාරං විය ඛායති, එවමිදං නාමරූපම්පි සුඤ්ඤං නිජ්ජීවං නිරීහකං, අථ ච පන අඤ්ඤමඤ්ඤසමායොගවසෙන ගච්ඡතිපි තිට්ඨතිපි. සඊහකං සබ්යාපාරං විය ඛායතීති දට්ඨබ්බං. තෙනාහු පොරාණා –
එහෙයින්, යම්සේ දාරු (දැව මුවා) යන්ත්‍රයක් (ආත්මයෙන්) ශූන්‍ය වූයේ, නිර්ජීව වූයේ, නිරුත්සාහික වූයේ නමුදු, දැව හා රැහැන් එක් කොට යෙදීමෙන්, යන්නේද, සිටින්නේද, උත්සාහ සහිත වූවක්, ව්‍යාපාර සහිත වූවක් සෙයින් වැටහෙන්නේ වේද, එසේ මේ නාම-රූප දෙකද ශුන්‍ය වූයේ, නිර්ජීව වූයේ, නිරුත්සාහික වූයේ නමුදු, එකිනෙක එක්ව සංයෝග වීමෙන් යන්නේද, සිටින්නේද, සොත්සාහික වූවක්, සව්යාපාර වූවක් සෙයින් වැටහෙති’යි දතයුතුයි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
“නාමඤ්ච රූපඤ්ච ඉධත්ථි සච්චතො, න හෙත්ථ සත්තො මනුජො ච විජ්ජති; සුඤ්ඤං ඉදං යන්තමිවාභිසඞ්ඛතං, දුක්ඛස්ස පුඤ්ජො තිණකට්ඨසාදිසො”ති.
නාමඤ්ච රූපඤ්ච ඉධත්ථි සච්චතො නහෙත්ථ සත්තො මනුජො ච විජ්ජති සුඤ්ඤං ඉදං යන්තමිවාභිසංඛතං දුක්ඛස්ස පුඤ්ජො තිණකට්ඨ සාදිසො
සත්‍ය වශයෙන් ඇත්තේ නාම-රූප දෙක පමණයි. මෙහි සත්වයෙක් හෝ මිනිසෙක් විද්‍යාමාන නොවේ; මෙය සකස් කළ යන්ත්‍රයක් මෙන් (ආත්ම වශයෙන්) ශුන්‍යය, පිදුරු හා දැව මෙන් නිසරුය, දුක් පිඬෙකි.
න කෙවලඤ්චෙතං දාරුයන්තුපමාය, අඤ්ඤාහිපි නළකලාපීආදීහි උපමාහි විභාවෙතබ්බං – යථා හි ද්වීසු නළකලාපීසු අඤ්ඤමඤ්ඤං නිස්සාය ඨපිතාසු එකා එකිස්සා උපත්ථම්භො හොති, එකිස්සා පතමානාය ඉතරාපි පතති, එවමෙවං පඤ්චවොකාරභවෙ නාමරූපං අඤ්ඤමඤ්ඤං නිස්සාය පවත්තති, එකං එකස්ස උපත්ථම්භො හොති. මරණවසෙන එකස්මිං පතමානෙ ඉතරම්පි පතති. තෙනාහු පොරාණා –
මෙය හුදෙක් දාරු යන්ත්රෝපමා වශයෙන් පමණක් නොව බටමිටි ආදී අන් උපමා මගින්ද විස්තර කළ හැකිය. යම්සේ බට මිටි දෙකක් එකිනෙක පටලවා තැබූ විට, එකක් අනෙකට ආධාරකයක් වේද, එකක් වැටෙන විට අනෙකද වැටේද, එසේ මේ පඤ්චස්කන්ධ භවයෙහි නාම-රූප දෙක එකිනෙක නිසා පවතී, එකක් අනෙකට උපස්ථම්භක වේ; මරණ වශයෙන් එකක් වැටෙන කල අනෙකද වැටේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
“යමකං නාමරූපඤ්ච, උභො අඤ්ඤොඤ්ඤනිස්සිතා; එකස්මිං භිජ්ජමානස්මිං, උභො භිජ්ජන්ති පච්චයා”ති.
යමකං නාමරූපඤ්ච උභො අඤ්ඤොඤ්ඤ නිස්සිතා එකස්මිං භිජ්ජමානස්මිං උභො භිජ්ජන්ති පච්චයා
නාම-රූප යමක (නිවුන්)යෙකි. දෙක එකිනෙක ඇසුරු කොට පවතී, එකක් බිඳෙන කල එකිනෙකට ප්‍රත්‍යය වූ දෙකම බිඳේ. තවද,
යථා ච දණ්ඩාභිහතං භෙරිං නිස්සාය සද්දෙ පවත්තමානෙ අඤ්ඤා භෙරී, අඤ්ඤො සද්දො, භෙරිසද්දා අසම්මිස්සා, භෙරී සද්දෙන සුඤ්ඤා, සද්දො භෙරියා සුඤ්ඤො, එවමෙවං වත්ථුද්වාරාරම්මණසඞ්ඛාතං රූපං නිස්සාය නාමෙ පවත්තමානෙ අඤ්ඤං රූපං, අඤ්ඤං නාමං, නාමරූපා අසම්මිස්සා, නාමං රූපෙන සුඤ්ඤං, රූපං නාමෙන සුඤ්ඤං, අපිච ඛො භෙරිං පටිච්ච සද්දො විය රූපං පටිච්ච නාමං පවත්තති. තෙනාහු පොරාණා –
තවද (යම්සේ) දඬුවෙකින් පහරන ලද බෙරය නිසා ශබ්දය පවත්නා විට, බෙරය එකෙකි, ශබ්දය අනෙකෙකි; බෙරය ශබ්දය සමග අසම්මිශ්රය, බෙරය ශබ්දයෙන් ශුන්‍යය, ශබ්දය බෙරයෙන් ශුන්‍යය, එසේම වස්තු, ද්වාර, ආරම්මණයයි කියනු ලබන රූපය නිසා නාමය පවත්නා කල රූපය එකෙකි, නාමය අනෙකෙකි, නාමය රූපය සමග මිශ්‍ර වූයේ නොවේ; නාමය රූපයෙන් ශුන්‍යය, රූපය නාමයෙන් ශුන්‍යය; එහෙත් බෙරය නිසා ශබ්දය මෙන් රූපය නිසා නාමය පවතී. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-
“න චක්ඛුතො ජායරෙ ඵස්සපඤ්චමා, න රූපතො නො ච උභින්නමන්තරා; හෙතුං පටිච්චප්පභවන්ති සඞ්ඛතා, යථාපි සද්දො පහටාය භෙරියා.
න චක්ඛුතො ජායරෙ ඵස්ස පඤ්චමා න රූපතො නොච උභින්නමන්තරා හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා යථා හි සද්දො පහටාය භෙරියා
“න සොතතො ජායරෙ ඵස්සපඤ්චමා, න සද්දතො නො ච උභින්නමන්තරා…පෙ….
න සොතසො - පො න සද්දතො - පෙ.
“න ඝානතො ජායරෙ ඵස්සපඤ්චමා, න ගන්ධතො නො ච උභින්නමන්තරා…පෙ….
න ඝානතො -පෙ- න ගන්ධතො -පෙ-
“න ජිව්හාතො ජායරෙ ඵස්සපඤ්චමා, න රසතො නො ච උභින්නමන්තරා…පෙ….
න ජිව්හතො -පෙ- න රසතො -පෙ-
“න කායතො ජායරෙ ඵස්සපඤ්චමා, න ඵස්සතො නො ච උභින්නමන්තරා…පෙ….
න කායතො -පෙ- න ඵස්සතො -පෙ-
“න වත්ථුරූපා පභවන්ති සඞ්ඛතා, න චාපි ධම්මායතනෙහි නිග්ගතා; හෙතුං පටිච්චප්පභවන්ති සඞ්ඛතා, යථාපි සද්දො පහටාය භෙරියා”ති.
න වත්ථුරූපා පභවන්ති සඞ්ඛතා න චාපි ධම්මායතනෙහි නිග්ගතා හෙතුං පටිච්ච පභවන්ති සඞ්ඛතා යථාහි සද්දො පහටාය භෙරියා’ති
ස්පර්ශය අවසන් කොට ඇති (රූපාදි) පංචකය ඇසින් උපදිනුයේ නොවේ; රූපයෙන් හෝ (චක්ඛු-රූප යන) දෙක අතරින් හෝ උපදිනුයේද නොවේ; සංඛාරයෝ හේතුවක් නිසා හටගනිත්, බෙරයකට ගැසූ කල ශබ්දය උපදින්නා සේය.
කණින් -පෙ- ශබ්දයෙන් හෝ -පෙ-,
නහයෙන් -පෙ- ගඳින් හෝ -පෙ-,
දිවෙන් -පෙ- රසයෙන් හෝ -පෙ-,
කයින් -පෙ- පහසින් හෝ -පෙ-,
[missing trans] ගසන ලද බෙරයෙන් ශබ්දය නිකුත් වන්නා සේ සංඛාරයෝ හේතුවක් නිසාම උපදිත්.
අපිචෙත්ථ නාමං නිත්තෙජං න සකෙන තෙජෙන පවත්තිතුං සක්කොති, න ඛාදති, න පිවති, න බ්යාහරති, න ඉරියාපථං කප්පෙති. රූපම්පි නිත්තෙජං න සකෙන තෙජෙන පවත්තිතුං සක්කොති. න හි තස්සා ඛාදිතුකාමතා, නාපි පිවිතුකාමතා, න බ්යාහරිතුකාමතා, න ඉරියාපථං කප්පෙතුකාමතා, අථ ඛො නාමං නිස්සාය රූපං පවත්තති, රූපං නිස්සාය නාමං පවත්තති, නාමස්ස ඛාදිතුකාමතාය පිවිතුකාමතාය බ්යාහරිතුකාමතාය ඉරියාපථං කප්පෙතුකාමතාය සති රූපං ඛාදති, පිවති, බ්යාහරති, ඉරියාපථං කප්පෙති.
තවද මෙහි නාම ස්කන්ධය ප්රභාවරහිත වේ, ස්වකීය ප්‍රභාවයෙන් පවතිනු නොහැකි වේ, නො බුදියි, නො බොයි, නො බෙණෙයි, ඉරියවු නො පවත්වයි; රූපස්කන්ධයද ප්‍රභාව රහිත වේ. ස්වකීය ප්‍රභවයෙන් පවතිනු නොහැකි වේ. එයටද කනු කැමැති බවත්, බොනු කැමැති බවක් හෝ ඉරියවු පවත්වනු කැමැති බවක් නැත. එහෙත්, නාමය නිසා රූපය පවතියි, රූපය නිසා නාමය පවතියි, නාමයට කනු කැමැති බව, බොනුකැමැති බව, බෙණෙනු කැමැති බව ඉරියවු පවත්වනු කැමති බව ඇති විට, රූපය කයි, බොයි, බෙණෙයි, ඉරියවු පවත්වයි.
ඉමස්ස පනත්ථස්ස විභාවනත්ථාය ඉමං උපමං උදාහරන්ති – යථා ජච්චන්ධො ච පීඨසප්පී ච දිසාපක්කමිතුකාමා අස්සු, ජච්චන්ධො පීඨසප්පිං එවමාහ “අහං ඛො භණෙ, සක්කොමි පාදෙහි පාදකරණීයං කාතුං, නත්ථි ච මෙ චක්ඛූනි යෙහි සමවිසමං පස්සෙය්ය”න්ති. පීඨසප්පීපි ජච්චන්ධං එවමාහ “අහං ඛො භණෙ, සක්කොමි චක්ඛුනා චක්ඛුකරණීයං කාතුං, නත්ථි ච මෙ පාදානි යෙහි අභික්කමෙය්යං වා පටික්කමෙය්යං වා”ති. සො තුට්ඨහට්ඨො ජච්චන්ධො පීඨසප්පිං අංසකූටං ආරොපෙසි. පීඨසප්පී ජච්චන්ධස්ස අංසකූටෙ නිසීදිත්වා එවමාහ “වාමං මුඤ්ච දක්ඛිණං ගණ්හ, දක්ඛිණං මුඤ්ච වාමං ගණ්හා”ති. තත්ථ ජච්චන්ධොපි නිත්තෙජො දුබ්බලො න සකෙන තෙජෙන සකෙන බලෙන ගච්ඡති, පීඨසප්පීපි නිත්තෙජො දුබ්බලො න සකෙන තෙජෙන සකෙන බලෙන ගච්ඡති, න ච තෙසං අඤ්ඤමඤ්ඤං නිස්සාය ගමනං නප්පවත්තති, එවමෙවං නාමම්පි නිත්තෙජං න සකෙන තෙජෙන උප්පජ්ජති, න තාසු තාසු කිරියාසු පවත්තති. රූපම්පි නිත්තෙජං න සකෙන තෙජෙන උප්පජ්ජති, න තාසු තාසු කිරියාසු පවත්තති, න ච තෙසං අඤ්ඤමඤ්ඤං නිස්සාය උප්පත්ති වා පවත්ති වා න හොති. තෙනෙතං වුච්චති –
මේ අර්ත්ථය පැහැදිලි කරනු පිණිස (ආචාර්යවරයෝ) මෙවන් උපමාවක් ගෙන හැර දක්වති:- ජාත්යන්ධයෙක් හා පිළෙක් දිසා සංචාරය කරනු කැමැත්තෝ වූහ; ජාත්යන්ධ තෙමේ පිළාට මෙසේ කීය. “සබඳ, මම පයින් ඇවිද යාහැකියේ වෙමි, එහෙත් මග තොට වළ ගොඩලි දැකියහැකි ඇස් නැත්තේ වෙමි” පිළා ද ජාත්යන්ධයාට මෙසේ කීය, “සබඳ මම ඇසින් දැක බලා ගැනීමට හැකියේ වෙමි, එහෙත් යාම් ඊම් කළ හැකි පා නොමැත්තේ වෙමි”. තුටු පහටු වූ ඒ ජාත්යන්ධ තෙමේ පිළා තම කර පිට තබා ගති, පිළා ජාත්යන්ධයාගේ කර පිට හිඳ, “වම් (පය) තබනු, දකුණු (පය) ගනු” යයි කීය. මෙහි අන්ධයා ද ප්‍රභාව රහිත වේ, දුබල වේ, ස්වශක්තියෙන් යා නොහැක්කේ වේ, පිළාද ප්රභාවරහිත වේ, දුබල වේ, ස්වශක්තියෙන් යා නොහැක්කේ වේ; එහෙත් එකිනෙකා නිසා ඔවුන්ගේ ගමන නොපවත්නේ නොවේ. මෙසේම නාමයද බලරහිත වේ, ස්වශක්තියෙන් නො-උපදනේය, ස්වශක්තියෙන් ඒ ඒ කාර්යයෙහි නොයෙදෙනුයේය; රූපයද බල රහිතය, ස්වශක්තියෙන් නො-උපදනේය, ඒ ඒ කාර්යයෙහි නොයෙදෙනුයේය, එහෙත් එකිනෙක නිසා ඒ දෙකෙහිම උපත නොවන්නේ නොවේ. එහෙයින් කියනු ලැබේ:-
“න සකෙන බලෙන ජායරෙ, නොපි සකෙන බලෙන තිට්ඨරෙ; පරධම්මවසානුවත්තිනො, ජායරෙ සඞ්ඛතා අත්තදුබ්බලා.
න සකෙන බලෙන ජායරෙ නාපි සකෙන බලෙන තිට්ඨරෙ, පර ධම්මවසානුවත්තිනො ජායරෙ සඞ්ඛතා අත්තදුබ්බලා
“පරපච්චයතො ච ජායරෙ, පරආරම්මණතො සමුට්ඨිතා; ආරම්මණපච්චයෙහි ච, පරධම්මෙහි චිමෙ පභාවිතා.
පරපච්චයතො ච ජායරෙ පරආරම්මණතො සමුට්ඨිතා, ආරම්මණ පච්චයෙහි ච පරධම්මෙහි චිමෙ පභාවිතා
“යථාපි නාවං නිස්සාය, මනුස්සා යන්ති අණ්ණවෙ; එවමෙව රූපං නිස්සාය, නාමකායො පවත්තති.
යථාපි නාවං නිස්සාය මනුස්සා යන්ති අණ්ණවෙ, එවමෙව රූපං නිස්සාය නාමකායො පවත්තතෙ
“යථා ච මනුස්සෙ නිස්සාය, නාවා ගච්ඡති අණ්ණවෙ; එවමෙව නාමං නිස්සාය, රූපකායො පවත්තති.
යථාච මනුස්සෙ නිස්සාය නාවා ගච්ඡති අණ්ණවෙ, එවමෙව නාමං නිස්සාය රූපකායො පවත්තති.
“උභො නිස්සාය ගච්ඡන්ති, මනුස්සා නාවා ච අණ්ණවෙ; එවං නාමඤ්ච රූපඤ්ච, උභො අඤ්ඤොඤ්ඤනිස්සිතා”ති.
උභො නිස්සාය ගච්ඡන්ති මනුස්සා නාවා ච අණ්ණවෙ, එවං නාමඤ්ච රූපඤ්ච උභො අඤ්ඤොඤ්ඤ නිස්සිතා
සංඛාරයෝ, තුමූ දුර්වල වූවාහු ස්වබලයෙන් නො-උපදනාහුය, නොද පවත්නාහුය, පරා අයත් ධර්මයන් අනුව පවත්නාහු උපදනාහුද වෙති.
මොහු පරා අයත් ස්වභාව ඇති ආලම්බන ප්රත්යයන්ගෙන් බලය ලැබ පරා අයත් ප්රත්යයෙන්ම උපදිත්, පරා අයත් අරමුණුවලින්ම හටගනිත්,
යම් සේ නැව නිසා මිනිස්සු මුහුදෙහි යෙත්ද, එසේම රූපස්කන්ධය නිසා නාමස්කන්ධ සමූහය පවතී.
තවද යම්සේ මනුෂ්‍යයන් නිසා නැව සමුදුරෙහි යේද, එසේම නාමස්කන්ධය නිසා රූපස්කන්ධය පවතී.
මිනිස්සුද නැවද එකිනෙකා නිසා සමුදුරෙහි යෙත්ද, එසේම නාම-රූප දෙකද එකිනෙක නිසා පවතී.
එවං නානානයෙහි නාමරූපං වවත්ථාපයතො සත්තසඤ්ඤං අභිභවිත්වා අසම්මොහභූමියං ඨිතං නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධීති වෙදිතබ්බං. නාමරූපවවත්ථානන්තිපි සඞ්ඛාරපරිච්ඡෙදොතිපි එතස්සෙව අධිවචනං.
මෙසේ නොයෙක් ක්‍රමයෙන් නාම-රූපයන් ව්‍යවස්ථාපනය කරන්නහුට සත්වසංඥාව අබිබවා නාම-රූපයන් පිළිබඳව ඇතිවන නුමුළාබව්හි පිහිටි ඇතිතතු දැකීම ‘දිට්ඨි විශුද්ධි’ යයි දතයුතුය. ‘නාමරූප වවත්ථාන’ යයිද, සඞ්ඛාර පරිච්ඡේද’ යයිද මෙයටම අධිවචන (පර්යාය) වේ.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ පඤ්ඤාභාවනාධිකාරෙ දිට්ඨිවිසුද්ධිනිද්දෙසො නාම අට්ඨාරසමො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධිමාර්ගයෙහි, පඤ්ඤාභාවනාධිකාරයෙහි, ‘‘දිට්ඨිවිසුද්ධි නිද්දේස” නම්වූ අටළොස්වන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.