යෙදුමෙන් කියවන්න

19. කඞ‍්ඛාවිතරණවිසුද‍්ධිනිද‍්දෙසො

19. කඞ්ඛා විතරණ විසුද්ධි නිද්දේසය

පච‍්චයපරිග‍්ගහකථා

පච්චයපරිග්ගහකථා

එතස‍්සෙව පන නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහණෙන තීසු අද‍්ධාසු කඞ‍්ඛං විතරිත්‍වා ඨිතං ඤාණං කඞ‍්ඛාවිතරණවිසුද‍්ධි නාම.

මෙම නාම-රූපයන්ගේම ප්‍රත්‍යයන් පිරිසිඳ දැක්මෙන් තුන් කල්හි සැකය දුරු කොට සිටි ඥානය ‘කංඛාවිතරණ විසුද්ධි’ නම්වේ.

තං සම‍්පාදෙතුකාමො භික‍්ඛු යථා නාම කුසලො භිසක‍්කො රොගං දිස‍්වා තස‍්ස සමුට‍්ඨානං පරියෙසති. යථා වා පන අනුකම‍්පකො පුරිසො දහරං කුමාරං මන්‍දං උත‍්තානසෙය්‍යකං රථිකාය නිපන‍්නං දිස‍්වා “කස‍්ස නු ඛො අයං පුත‍්තකො”ති තස‍්ස මාතාපිතරො ආවජ‍්ජති, එවමෙව තස‍්ස නාමරූපස‍්ස හෙතුපච‍්චයපරියෙසනං ආපජ‍්ජති.

එය සම්පාදනය කරනු කැමැති භික්‍ෂු තෙමේ, යම්සේ දක්‍ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිදානය සොයන්නේද, නැතහොත්, යම්සේ අනුකම්පා ඇති පුරුෂයෙක් වීදියෙක උඩුකුරුව වැතිර සිටින ළාබාල අතදරුවකු දැක, ‘මේ’ කවරකුගේ දරුවෙක්දෝ’යි මාපියන් සොයා බලනුයේද, එසේම ඒ නාමරූපයන් පිළිබඳ හේතුප්‍රත්‍යයයන් සොයා බැලීමෙහි යෙදෙයි.

සො ආදිතොව ඉති පටිසඤ‍්චික‍්ඛති “න තාවිධං නාමරූපං අහෙතුකං, සබ‍්බත්‍ථ සබ‍්බදා සබ‍්බෙසඤ‍්ච එකසදිසභාවාපත‍්තිතො, න ඉස‍්සරාදිහෙතුකං, නාමරූපතො උද‍්ධං ඉස‍්සරාදීනං අභාවතො. යෙපි නාමරූපමත‍්තමෙව ඉස‍්සරාදයොති වදන‍්ති, තෙසං ඉස‍්සරාදිසඞ‍්ඛාතනාමරූපස‍්ස අහෙතුකභාවප‍්පත‍්තිතො. තස‍්මා භවිතබ‍්බමස‍්ස හෙතුපච‍්චයෙහි, කෙ නු ඛො තෙ”ති.

ඒ (භික්‍ෂු) තෙමේ මුල පටන්ම මෙසේ සලකා බලයි:- “පළමු කොටම මේ නාමරූපය අහේතුක නොවේ, සියලු තන්හි, සියලු කල්හි ඒකාකාරව නොපැමිණෙන හෙයිනි. ඊශ්වරාදී හේතුවකින් හටගත්තේද නොවේ, නාමරූපයට ඉහළින් සිටි ඊශ්වරාදී කිසිවකු නොමැති හෙයිනි. යමෙක් නාම-රූප මාත්‍රය ඊශ්වර ආදීන් ලෙස වහරත්ද, ඔවුන් විසින් ඊශ්වරාදීන් ලෙස වහරනු ලබන නාමරූපය අහේතුක බවට පත් වන හෙයිනි. (අහේතුක යයි පිළිගත යුතු වන හෙයිනි). එහෙයින් මෙයට හේතු ප්‍රත්‍යයන් තිබිය යුතුය; ඒ හේතු ප්‍රත්‍යයයෝ කවරහුද?” යනුවෙනි.

සො එවං නාමරූපස‍්ස හෙතුපච‍්චයෙ ආවජ‍්ජෙත්‍වා ඉමස‍්ස තාව රූපකායස‍්ස එවං හෙතුපච‍්චයෙ පරිග‍්ගණ‍්හාති – “අයං කායො නිබ‍්බත‍්තමානො නෙව උප‍්පලපදුමපුණ‍්ඩරීකසොගන්‍ධිකාදීනං අබ‍්භන‍්තරෙ නිබ‍්බත‍්තති, න මණිමුත‍්තාහාරාදීනං, අථ ඛො ආමාසයපක‍්කාසයානං අන‍්තරෙ උදරපටලං පච‍්ඡතො පිට‍්ඨිකණ‍්ටකං පුරතො කත්‍වා අන‍්තඅන‍්තගුණපරිවාරිතො සයම‍්පි දුග‍්ගන්‍ධජෙගුච‍්ඡපටික‍්කූලො දුග‍්ගන්‍ධජෙගුච‍්ඡපටික‍්කූලෙ පරමසම‍්බාධෙ ඔකාසෙ පූතිමච‍්ඡපූතිකුම‍්මාසඔළිගල‍්ලචන්‍දනිකාදීසු කිමිව නිබ‍්බත‍්තති. තස‍්සෙවං නිබ‍්බත‍්තමානස‍්ස ‘අවිජ‍්ජා තණ‍්හා උපාදානං කම‍්ම’න‍්ති ඉමෙ චත‍්තාරො ධම‍්මා නිබ‍්බත‍්තකත‍්තා හෙතු, ආහාරො උපත්‍ථම‍්භකත‍්තා පච‍්චයොති පඤ‍්ච ධම‍්මා හෙතුපච‍්චයා හොන‍්ති. තෙසුපි අවිජ‍්ජාදයො තයො ඉමස‍්ස කායස‍්ස මාතා විය දාරකස‍්ස උපනිස‍්සයා හොන‍්ති. කම‍්මං පිතා විය පුත‍්තස‍්ස ජනකං . ආහාරො ධාති විය දාරකස‍්ස සන්‍ධාරකො”ති. එවං රූපකායස‍්ස පච‍්චයපරිග‍්ගහං කත්‍වා, පුන “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්තිආදිනා (සං· නි· 2.43) නයෙන නාමකායස‍්ස පච‍්චයපරිග‍්ගහං කරොති.

ඒ (භික්‍ෂු) තෙමේ මෙසේ නාමරූපයන් පිළිබඳ හේතු ප්‍රත්‍යයන් ආවර්ජනය කොට, ඉක්බිති පළමුව මේ රූපකාය පිළිබඳ හේතු ප්‍රත්‍යයන් විග්‍රහ කරයි:- “මේ කය උපදින විට උපුල්, රත්පියුම්, හෙළ පියුම්, හෙල්මැලි ආදිය තුළ හෝ මිණි මුතු ආකරාදිය තුළ හෝ උපදනේ නොවේ; වැලිදු, ආමාශ පක්වාශ යන දෙක අතර උදරපටලය පිටුපසින්ද, පිටකටුව (කොඳු ඇට පෙළ) ඉදිරිපසින්ද සිටින සේ, අතුණු හා අතුණු බහන්වලින් පිරිවරන ලදුව, තෙමේද දුගඳව, ජුගුප්සිතව, පිළිකුල්ව, එසේම දුගද, ජුගුප්සිත, පිළිකුල් වන, බොහෝ ගැහැට ඇති, අවකාශයෙක්හි, කුණු මසුන්, කුණු මළසිරුරු, පිළුණු කොමු (පිට්ටු), වැසිකිලිවළ, ගම්දොර කුණුවල ආදිය තුළ පණුවකු සෙයින් උපදියි. මෙසේ උපදින කයට අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මේ සතර උත්පත්තිකර්තෘක (ඉපැදීම සිදුකරන) හේතුව වේ. ආහාරය උපස්තම්භකර්තෘක ප්‍රත්‍යය වේ. මෙසේ මේ ධර්ම පංචකය හේතු-ප්‍රත්‍යය වේ. එම පංචකය අතුරෙන්ද, අවිද්‍යා ආදී (පළමු) තුන දරුවකුට මවක සෙයින් මේ කයට උපනිශ්‍රය වේ; කර්මය දරුවකුට පියකු මෙන් ජනක (උපදවන්නා) වේ; ආහාරය දරුවකුට කිරිමවක සෙයින් සන්‍ධාරක (දරන්නා) වේ.” යනුවෙන් මෙසේ රූපකාය පිළිබඳ ප්‍රත්‍යයන් විනිශ්චය කොට, නැවතත්, “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං’’ (ඇසද රූපයන්ද නිසා චක්‍ඛු විඤ්ඤාණය උපදී) යන ආදී නයින් නාමකාය පිළිබඳ ප්‍රත්‍යයයන් විනිශ්චය කරයි.

සො එවං පච‍්චයතො නාමරූපස‍්ස පවත‍්තිං දිස‍්වා යථා ඉදං එතරහි, එවං අතීතෙපි අද‍්ධානෙ පච‍්චයතො පවත‍්තිත්‍ථ, අනාගතෙපි පච‍්චයතො පවත‍්තිස‍්සතීති සමනුපස‍්සති.

මෙසේ ඒ යෝගාවචර තෙමේ ප්‍රත්‍යය වශයෙන් නාමරූප යන දෙක්හි පවත් දැක, “මේ නාම-රූප දෙක දැන් මෙන්ම අතීත කාලයෙහිද ප්‍රත්‍යය නිසා පැවැත්තේය, අනාගතයෙහිද ප්‍රත්‍යය නිසා පවත්නේය’යි දකී.

තස‍්සෙවං සමනුපස‍්සතො යා සා පුබ‍්බන‍්තං ආරබ‍්භ “අහොසිං නු ඛො අහං අතීතමද‍්ධානං, න නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කිං නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කථං නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කිං හුත්‍වා කිං අහොසිං නු ඛො අහං අතීතමද‍්ධාන”න‍්ති (ම· නි· 1.18; සං· නි· 2.20) පඤ‍්චවිධා විචිකිච‍්ඡා වුත‍්තා, යාපි අපරන‍්තං ආරබ‍්භ “භවිස‍්සාමි නු ඛො අහං අනාගතමද‍්ධානං, න නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කිං නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කථං නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කිං හුත්‍වා කිං භවිස‍්සාමි නු ඛො අහං අනාගතමද‍්ධාන”න‍්ති පඤ‍්චවිධා විචිකිච‍්ඡා වුත‍්තා, යාපි පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ “එතරහි වා පන පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං අජ‍්ඣත‍්තං කථංකථී හොති – අහං නු ඛොස‍්මි, නො නු ඛොස‍්මි, කිං නු ඛොස‍්මි, කථං නු ඛොස‍්මි, අයං නු ඛො සත‍්තො කුතො ආගතො, සො කුහිං ගාමී භවිස‍්සතී”ති (ම· නි· 1.18) ඡබ‍්බිධා විචිකිච‍්ඡා වුත‍්තා, සා සබ‍්බාපි පහීයති.

මෙසේ දක්නා ඔහුට පූර්වාන්තය අරබයා, “අතීත කාලයෙහි මම් වීම්ද? නොවීම්ද? අතීත කාලයෙහි මම් කවරෙක් වීම්ද? අතීතකාලයෙහි මම් කෙබන්දෙක් වීම්ද? අතීත කාලයෙහි මම් කවරෙක්ව සිට (අනතුරුව) කවරෙක් වීම්දැ”යි යනුවෙන් පංචවිධ විචිකිච්ඡාවක් වෙති’යි කියන ලද්දේද, තවද අපරාන්තය අරබයාද, “අනාගත කාලයෙහි මම් වන්නෙම්ද? නොවන්නෙම්ද?, අනාගත කාලයෙහි මම් කවරෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි මම් කෙබන්දෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි මම් කවරෙක්ව සිට (අනතුරුව) කවරෙක් වන්නෙම්දැ’යි යනුවෙන් පංචවිධ විචිකිච්ඡාවක් වෙති’යි කියන ලද්දේද තවද වර්තමානය අරබයාද දැන් මේ ප්‍රත්‍යුත්පන්න කාලයෙහි තොරතුරු විමසමින්, “මම් වෙම්ද? නොවෙම්ද? කවරෙක් වෙම්ද? කෙබන්දෙක් වෙම්ද? මේ සත්‍වයා කොයින් ආයේද? හෙතෙම කොහි යන්නේදැ’යි යනුවෙන් ෂඩ්විධ විචිකිච්ඡාවක් වෙති’යි කියන ලද්දේද, ඒ සකලවිධ විචිකිච්ඡාවම ප්‍රහීණ වේ.

අපරො සාධාරණාසාධාරණවසෙන දුවිධං නාමස‍්ස පච‍්චයං පස‍්සති, කම‍්මාදිවසෙන චතුබ‍්බිධං රූපස‍්ස. දුවිධො හි නාමස‍්ස පච‍්චයො සාධාරණො අසාධාරණො ච. තත්‍ථ චක‍්ඛාදීනි ඡ ද‍්වාරානි, රූපාදීනි ඡ ආරම‍්මණානි නාමස‍්ස සාධාරණො පච‍්චයො, කුසලාදිභෙදතො සබ‍්බප‍්පකාරස‍්සාපි තතො පවත‍්තිතො. මනසිකාරාදිකො අසාධාරණො. යොනිසො මනසිකාරසද‍්ධම‍්මස‍්සවනාදිකො හි කුසලස‍්සෙව හොති, විපරීතො අකුසලස‍්ස, කම‍්මාදිකො විපාකස‍්ස, භවඞ‍්ගාදිකො කිරියස‍්සාති.

අන් යෝගාවචරයෙක් තෙමේ නාමය පිළිබඳ වූ සාධාරණ අසාධාරණ යනුවෙන් දෙ-ආකාර ප්‍රත්‍යයද, රූපය පිළිබඳවූ කර්ම ආදී සිවු ආකාර ප්‍රත්‍යයද බලයි. නාමයට සාධාරණ අසාධාරණ වශයෙන් ප්‍රත්‍යය දෙ-ආකාර වේ. එහි චක්‍ඛු ආදී ද්වාර සය හා රූප ආදී අරමුණු සය නාමය පිළිබඳ සාධාරණ ප්‍රත්‍යය වේ. කුසලාදී භේද ඇති සකලාකාර වූම නාමය එයින් (ද්වාර හා ආලම්බනයන් වෙතින්) පවත්නා හෙයිනි. මනසිකාර ආදිය අසාධාරණ ප්‍රත්‍යයයි; යෝනිසෝමනසිකාර, ධර්මශ්‍රවණ ආදිය කුශලයටම ප්‍රත්‍යය වන අතර විපරීතය අකුශලයටම ප්‍රත්‍යය වේ. කර්මාදිය විපාක චිත්තයටද, භවාංගාදිය කිඳුරිය චිත්තයටද ප්‍රත්‍යය වේ.

රූපස‍්ස පන කම‍්මං චිත‍්තං උතු ආහාරොති අයං කම‍්මාදිකො චතුබ‍්බිධො පච‍්චයො. තත්‍ථ කම‍්මං අතීතමෙව කම‍්මසමුට‍්ඨානස‍්ස රූපස‍්ස පච‍්චයො හොති . චිත‍්තං චිත‍්තසමුට‍්ඨානස‍්ස උප‍්පජ‍්ජමානං. උතුආහාරා උතුආහාරසමුට‍්ඨානස‍්ස ඨිතික‍්ඛණෙ පච‍්චයා හොන‍්තීති. එවමෙවෙකො නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහං කරොති.

රූපයට වනාහි කර්ම, චිත්ත, ඍතු, ආහාර යන මේ සතර ප්‍රත්‍යය වේ. එහි කර්මය අතීත වූයේම කර්ම සමුත්‍ථාන රූපයට ප්‍රත්‍යය වේ. චිත්තය උපදනේම චිත්ත සමුත්‍ථාන රූපයටද, ඍතු, ආහාර යන දෙක ස්ථිතික්‍ෂණයෙහි ඍතු ආහාර සමුත්‍ථාන රූපයටද ප්‍රත්‍යය වේ. මෙසේ එක් යෝගාවචරයෙක් තෙමේ නාමරූපයන් පිළිබඳ ප්‍රත්‍යය විග්‍රහය කෙරේ.

සො එවං පච‍්චයතො නාමරූපස‍්ස පවත‍්තිං දිස‍්වා යථා ඉදං එතරහි, එවං අතීතෙපි අද‍්ධානෙ පච‍්චයතො පවත‍්තිත්‍ථ, අනාගතෙපි පච‍්චයතො පවත‍්තිස‍්සතීති සමනුපස‍්සති. තස‍්සෙවං සමනුපස‍්සතො වුත‍්තනයෙනෙව තීසුපි අද‍්ධාසු විචිකිච‍්ඡා පහීයති.

හේ තෙමේ මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාම රූපයන් පිළිබඳ පවත් දැක, “මෙය දැන් මෙසේ නම්, අතීත අද්ධායෙහිද මෙසේම ප්‍රත්‍යය වශයෙන් පැවතුනා විය යුතුය, අනාගතයෙහිද ප්‍රත්‍යය වශයෙන් පැවතීම වියයුතුයයි දකියි. මෙසේ දක්නා ඔහුට කී නයින්ම කාලත්‍රයයෙහිම වූ විචිකිඡාව පහ වෙයි.

අපරො තෙසංයෙව නාමරූපසඞ‍්ඛාතානං සඞ‍්ඛාරානං ජරාපත‍්තිං ජිණ‍්ණානඤ‍්ච භඞ‍්ගං දිස‍්වා ඉදං සඞ‍්ඛාරානං ජරාමරණං නාම ජාතියා සති හොති, ජාති භවෙ සති, භවො උපාදානෙ සති, උපාදානං තණ‍්හාය සති, තණ‍්හා වෙදනාය සති, වෙදනා ඵස‍්සෙ සති, ඵස‍්සො සළායතනෙ සති, සළායතනං නාමරූපෙ සති, නාමරූපං විඤ‍්ඤාණෙ සති, විඤ‍්ඤාණං සඞ‍්ඛාරෙසු සති, සඞ‍්ඛාරා අවිජ‍්ජාය සතීති එවං පටිලොමපටිච‍්චසමුප‍්පාදවසෙන නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහං කරොති. අථස‍්ස වුත‍්තනයෙනෙව විචිකිච‍්ඡා පහීයති.

අන් යෝගාවචරයෙක් තෙමේ එම නාමරූප සංඛ්‍යාත සංඛාරයන්ගේ ජරාප්‍රාප්තිය (ජරාවට පත්වීම) ද, ජරාවට පත්ව බිඳීයාමද දැක, “මේ සංඛාරයන්ගේ ජරා-මරණ යන දෙක ජාතිය (ඉපැදීම) ඇති තාක් පවතී, ජාතිය කර්මභවය ඇති තාක් පවතී, භවය උපාදානය ඇති තාක්ද, උපාදානය තෘෂ්ණාව ඇති තාක්ද, තෘෂ්ණාව වේදනාව ඇති තාක්ද, වේදනාව ඵස්සය ඇති තාක්ද, ඵස්සය සළායතනය ඇති තාක්ද, සළායතනය නාම-රූපය ඇති තාක්ද, නාමරූපය විඤ්ඤාණය ඇති තාක්ද, විඤ්ඤාණය සංඛාරයන් ඇති තාක්ද, සංඛාරයෝ අවිද්‍යාව ඇතිතාක්ද පවතිති” යනුවෙන් මෙසේ ප්‍රතිලෝම (අග සිට මුලට) පටිච්ච සමුප්පාද වශයෙන් නාමරූපයන්ගේ ප්‍රත්‍යය පරිග්‍රහය කෙරේ. එවිට කී නයින්ම ඔහුගේ විචිකිච්ඡාව දුරුවේ.

අපරො “ඉති ඛො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති (සං· නි· 2.2) පුබ‍්බෙ විත්‍ථාරෙත්‍වා දස‍්සිතඅනුලොමපටිච‍්චසමුප‍්පාදවසෙනෙව නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහං කරොති. අථස‍්ස වුත‍්තනයෙනෙව කඞ‍්ඛා පහීයති.

අන් යෝගාවචරයෙක් තෙමේ “ඉති ඛෝ අවිජ්ජා පච්චයා සංඛාරා (මෙසේ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ගෙන සංඛාරයෝ වෙති) යනුවෙන් පළමුව (පඤ්ඤාභූමි නිද්දේසයෙහි) විස්තර කොට දක්වන ලද අනුලෝම පටිච්ච සමුප්පාද වශයෙන් නාමරූපයන් පිළිබඳ ප්‍රත්‍යය පරිග්‍රහය කරයි. එවිට කී නයින්ම ඔහුගේ සැක දුරුවෙයි.

අපරො “පුරිමකම‍්මභවස‍්මිං මොහො අවිජ‍්ජා, ආයූහනා සඞ‍්ඛාරා, නිකන‍්ති තණ‍්හා, උපගමනං උපාදානං, චෙතනා භවොති ඉමෙ පඤ‍්ච ධම‍්මා පුරිමකම‍්මභවස‍්මිං ඉධ පටිසන්‍ධියා පච‍්චයා, ඉධ පටිසන්‍ධි විඤ‍්ඤාණං, ඔක‍්කන‍්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට‍්ඨො ඵස‍්සො, වෙදයිතං වෙදනාති ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධූපපත‍්තිභවස‍්මිං පුරෙකතස‍්ස කම‍්මස‍්ස පච‍්චයා. ඉධ පරිපක‍්කත‍්තා ආයතනානං මොහො අවිජ‍්ජා…පෙ… චෙතනා භවොති ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධ කම‍්මභවස‍්මිං ආයතිං පටිසන්‍ධියා පච‍්චයා”ති (පටි· ම· 1.47) එවං කම‍්මවට‍්ටවිපාකවට‍්ටවසෙන නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහං කරොති.

අන් යෝගාවචරයෙක් තෙමේ, “පූර්ව කර්මභවයෙහි මෝහය අවිද්‍යාවයි, කර්මයන් රැස්කිරීම සංඛාරයි, ආශාව තෘෂ්ණාවයි, දැඩිව ගැනීම උපාදානයයි, චේතනාව භවයයි, යනුවෙන් මේ පංච ධර්මයෝ පූර්වකර්මභවයෙන් මේ භවයෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වූහ, මේ භවයෙහි ප්‍රතිසන්‍ධිය විඤ්ඤාණයයි, මව්කුස වැදගැනීම නාමරූපයයි, (චක්‍ඛු ආදී) පසාද ෂට්කය ආයතනයි. අරමුණු සමග ගැටීම ඵස්සයයි, වින්‍දනය වේදනායි, යනුවෙන් මේ පංච ධර්මයෝ මෙම උත්පත්ති භවය තුළ පූර්වයෙහි කරන ලද කර්මය ප්‍රත්‍යය කොට සිද්ධ වෙති. ආයතනයන්ගේ පරිපාකය මේ භවය තුළ වන හෙයින් මෝහය අවිද්‍යාය, -පෙ- චේතනාව භවයයි. යනුවෙන් මේ පංචධර්මයෝ මේ භවය තුළ මතු ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙති’යි මෙසේ කම්මවට්ට, විපාක වට්ට වශයෙන් නාම-රූපයන් පිළිබඳ ප්‍රත්‍යය පරිග්‍රහය කරයි.

තත්‍ථ චතුබ‍්බිධං කම‍්මං – දිට‍්ඨධම‍්මවෙදනීයං, උපපජ‍්ජවෙදනීයං, අපරාපරියවෙදනීයං, අහොසිකම‍්මන‍්ති. තෙසු එකජවනවීථියං සත‍්තසු චිත‍්තෙසු කුසලා වා අකුසලා වා පඨමජවනචෙතනා දිට‍්ඨිධම‍්මවෙදනීයකම‍්මං නාම. තං ඉමස‍්මිඤ‍්ඤෙව අත‍්තභාවෙ විපාකං දෙති. තථා අසක‍්කොන‍්තං පන “අහොසිකම‍්මං නාහොසි කම‍්මවිපාකො, න භවිස‍්සති කම‍්මවිපාකො, නත්‍ථි කම‍්මවිපාකො”ති (පටි· ම· 1.234) ඉමස‍්ස තිකස‍්ස වසෙන අහොසිකම‍්මං නාම හොති. අත්‍ථසාධිකා පන සත‍්තමජවනචෙතනා උපපජ‍්ජවෙදනීයකම‍්මං නාම. තං අනන‍්තරෙ අත‍්තභාවෙ විපාකං දෙති. තථා අසක‍්කොන‍්තං වුත‍්තනයෙනෙව අහොසිකම‍්මං නාම හොති. උභින‍්නං අන‍්තරෙ පඤ‍්ච ජවනචෙතනා අපරාපරියවෙදනීයකම‍්මං නාම. තං අනාගතෙ යදා ඔකාසං ලභති, තදා විපාකං දෙති. සති සංසාරප‍්පවත‍්තියා අහොසිකම‍්මං නාම න හොති.

එහි කර්මය දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීයය, අපරාපරිය වේදනීයය, අහෝසි කර්මයයි චතුර්විධ වේ. ඒ අතුරෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය නම්, එක් ජවන වීථියෙක්හි ජවන් සිත් සතින් - කුශල හෝ වේවා, අකුශල හෝ වේවා, පළමුවන ජවන් සිතයි. එය මෙම ආත්මභාවයෙහිදීම විපාක වේ. එසේ විපාක දීමට නොහැකි වුවහොත් “අහොසි කම්මං, නොහොසි කම්මවිපාකො, නභවිස්සති කම්මවිපාකො, නත්‍ථි කම්මවිපාකෝ (අහෝසි කම්ම යනු, කර්ම විපාකයක් නොවීය. මතුද කර්ම විපාකයක් නොවන්නේය, දැනුදු කර්ම විපාකයක් නැත’’ යනුවෙන් ත්‍රිකයක් වශයෙන් දක්වන ලද ‘අහෝසි කම්ම’ නම් වේ. (කුශලාකුශල විපාක වශයෙන්) අර්ත්‍ථ සාධනය කරන (පල දෙවන) සත්වන ජවන චේතනාව වනාහි ‘උපපජ්ජ වේදනීය කම්ම’ නමි; එය අනතුරු අත්බව්හිදී විපාක දෙයි; එසේ නොහැකි වුවහොත් කී නයින්ම අහෝසිකම්ම නම් වේ. (පළමුවන, සත්වන ජවනයන්) අතර වූ ජවන චේතනා පස ‘අපරාපරිය වේදනීය කම්ම’ නමි; එය අනාගතයෙහි කවරදාක හෝ අවසර ලබාද එවිට විපාක දෙයි; සංසාර ප්‍රවෘත්තිය යම්තාක් පවතීද ඒ තාක් මෙය අහෝසිකර්ම නම් නොවේ.

අපරම‍්පි චතුබ‍්බිධං කම‍්මං – යං ගරුකං, යං බහුලං, යදාසන‍්නං, කටත‍්තා වා පන කම‍්මන‍්ති. තත්‍ථ කුසලං වා හොතු අකුසලං වා, ගරුකාගරුකෙසු යං ගරුකං මාතුඝාතාදිකම‍්මං වා මහග‍්ගතකම‍්මං වා, තදෙව පඨමං විපච‍්චති. තථා බහුලාබහුලෙසුපි යං බහුලං හොති සුසීල්‍යං වා දුස‍්සීල්‍යං වා, තදෙව පඨමං විපච‍්චති. යදාසන‍්නං නාම මරණකාලෙ අනුස‍්සරිතකම‍්මං. යඤ‍්හි ආසන‍්නමරණො අනුස‍්සරිතුං සක‍්කොති, තෙනෙව උපපජ‍්ජති. එතෙහි පන තීහි මුත‍්තං පුනප‍්පුනං ලද‍්ධාසෙවනං කටත‍්තා වා පන කම‍්මං නාම හොති, තෙසං අභාවෙ තං පටිසන්‍ධිං ආකඩ‍්ඪති.

යග්ගරුකය, යබ්බහුලය, යදාසන්නය, කටත්තාවාපනයයි අනෙකුදු සිවු වැදෑරුම් කර්මයෙක් වේ. එහි කුශල හෝ වේවා, අකුශල හෝ වේවා, ගරුකාගරුක කර්මයන් අතුරෙන් ගරුක වූ මාතෘඝාතාදී අකුශල කර්මයක් හෝ, (ප්‍රථමධ්‍යානාදී) මහද්ගත කුශල කර්මයක් හෝ වෙතොත්, එයම පළමුව විපාක දෙයි. එසේම බහූලාබහුල කර්මයන් අතුරෙන් බහුල වශයෙන් කරන ලද සුශීලතා හෝ දුඃශීලතාදී කර්මයක් වෙතොත්, එයම ප්‍රථමයෙන් විපාක දෙයි. යදාසන්න නම්, මරණාසන්න කාලයෙහිදී සිහි කළ කර්මයයි; මරණාසන්නයෙහි සිටියකු යම් කර්මයක් සිහි කිරීමට හැකි වෙතොත්, හේ තෙමේ එම කර්මයෙන්ම උපත ලබයි. මේ තුන හැර නැවත නැවත පුරුදු කළ කර්මයක් වෙතොත්, එය ‘කටත්තාවාපන කම්ම’ නම්වේ; පළමු කී ත්‍රිවිධ කර්මය නැති කල්හි, එය ප්‍රතිසන්‍ධිය තමා වෙත ඇදගනියි.

අපරම‍්පි චතුබ‍්බිධං කම‍්මං – ජනකං, උපත්‍ථම‍්භකං, උපපීළකං, උපඝාතකන‍්ති. තත්‍ථ ජනකං නාම කුසලම‍්පි හොති අකුසලම‍්පි. තං පටිසන්‍ධියම‍්පි පවත‍්තෙපි රූපාරූපවිපාකක‍්ඛන්‍ධෙ ජනෙති. උපත්‍ථම‍්භකං පන විපාකං ජනෙතුං න සක‍්කොති, අඤ‍්ඤෙන කම‍්මෙන දින‍්නාය පටිසන්‍ධියා ජනිතෙ විපාකෙ උප‍්පජ‍්ජමානකසුඛදුක‍්ඛං උපත්‍ථම‍්භෙති, අද‍්ධානං පවත‍්තෙති. උපපීළකං අඤ‍්ඤෙන කම‍්මෙන දින‍්නාය පටිසන්‍ධියා ජනිතෙ විපාකෙ උප‍්පජ‍්ජමානකසුඛදුක‍්ඛං පීළෙති බාධති, අද‍්ධානං පවත‍්තිතුං න දෙති. උපඝාතකං පන සයං කුසලම‍්පි අකුසලම‍්පි සමානං අඤ‍්ඤං දුබ‍්බලකම‍්මං ඝාතෙත්‍වා තස‍්ස විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්ස ඔකාසං කරොති. එවං පන කම‍්මෙන කතෙ ඔකාසෙ තං විපාකං උප‍්පන‍්නං නාම වුච‍්චති.

ජනකය, උපත්‍ථම්භකය, උපපීළකය, උපඝාතකයයි තවද සිවුවැදෑරුම් කර්මයෙක් වේ. එහි, ජනක කර්මය කුශල මෙන්ම අකුශලද වේ, එය ප්‍රතිසන්‍ධි, ප්‍රවෘත්ති (පිළිසිඳීම හා පැවැත්ම) යන දෙකෙහිදීම රූප-අරූප විපාක සමූහය උපදවයි. උපත්‍ථම්භක කර්මය වනාහි තෙමේ විපාක ඉපදවීමට නොසමත් වේ; අනෙක් කර්මයක් විසින් දෙන ලද ප්‍රතිසන්‍ධියක්හිදී (කුශල, අකුශල) විපාකයන් විඳුවන කල එසේ උපදින සුව-දුක්වලට උපස්ථම්භ වේ; එසේම දිගුකලක් පවත්වයි. උපපීළක කර්මය අනෙක් කර්මයක් විසින් දෙන ලද ප්‍රතිසන්‍ධියෙක්හිදී (කුශලාකුශල කර්මයන්) විපාක දෙන කල එසේ උපදනා සුවදුක් අඩු කරයි, බාධා කරයි, දිගු පැවැත්මට ඉඩ නොදෙයි. උපඝාතක කර්මය වනාහි තෙමේ කුශල හෝ අකුශල වූයේ (අකුශල හෝ කුශල වූ) අනෙක් දුර්වල කර්මයක් නසා එහි විපාක වලක්වා තමන්ගේ විපාකය සඳහා ඉඩ ලබාගනී; මෙසේ ඉඩ ලබාගත් කල එම උපඝාතක කර්මයෙහි විපාක උපදන්නේ නම් වේ.

ඉති ඉමෙසං ද‍්වාදසන‍්නං කම‍්මානං කම‍්මන‍්තරඤ‍්චෙව විපාකන‍්තරඤ‍්ච බුද‍්ධානං කම‍්මවිපාකඤාණස‍්සෙව යාථාවසරසතො පාකටං හොති, අසාධාරණං සාවකෙහි. විපස‍්සකෙන පන කම‍්මන‍්තරඤ‍්ච විපාකන‍්තරඤ‍්ච එකදෙසතො ජානිතබ‍්බං. තස‍්මා අයං මුඛමත‍්තදස‍්සනෙන කම‍්මවිසෙසො පකාසිතොති.

මෙසේ මේ දොළොස් ආකාර කර්මයන් පිළිබඳ කර්මාන්තරය හා විපාකාන්තරය (කර්ම - විපාක භේදය) බුදුවරයන්ගේ කර්ම-විපාක ඥානයට යථාතත්‍වයෙන් ප්‍රකට වේ; (එම ඥානය) ශ්‍රාවකයනට සාධාරණ (පොදු) නොවේ. විදර්ශනා වඩන්නහු විසින් වනාහි කර්මාන්තර විපාකාන්තරයන් ඒකදේශ වශයෙන් දැනගත යුතුය. එහෙයින් කර්මය පිළිබඳ මේ ප්‍රභේදය මුඛ (මාතෘකා) මාත්‍ර දැක්වීමක් වශයෙන් ප්‍රකාශ කරන ලදි.

ඉති ඉමං ද‍්වාදසවිධං කම‍්මං කම‍්මවට‍්ටෙ පක‍්ඛිපිත්‍වා එවං එකො කම‍්මවට‍්ටවිපාකවට‍්ටවසෙන නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහං කරොති. සො එවං කම‍්මවට‍්ටවිපාකවට‍්ටවසෙන පච‍්චයතො නාමරූපස‍්ස පවත‍්තිං දිස‍්වා “යථා ඉදං එතරහි, එවං අතීතෙපි අද‍්ධානෙ කම‍්මවට‍්ටවිපාකවට‍්ටවසෙන පච‍්චයතො පවත‍්තිත්‍ථ, අනාගතෙපි කම‍්මවට‍්ටවිපාකවට‍්ටවසෙනෙව පච‍්චයතො පවත‍්තිස‍්සතී”ති. ඉති කම‍්මඤ‍්චෙව කම‍්මවිපාකො ච, කම‍්මවට‍්ටඤ‍්ච විපාකවට‍්ටඤ‍්ච, කම‍්මපවත‍්තඤ‍්ච විපාකපවත‍්තඤ‍්ච, කම‍්මසන‍්තති ච විපාකසන‍්තති ච, කිරියා ච කිරියාඵලඤ‍්ච.

මෙසේ මේ දොළොස් ආකාර වූ කර්මය, කර්ම වෘත්තයෙහි බහා එක් විදර්ශකයෙක් තෙමේ කර්ම වෘත්ත විපාක වෘත්ත වශයෙන් නාම-රූප දෙක පිළිබඳ ප්‍රත්‍යය පරිග්‍රහය කෙරේ; හේ තෙමේ මෙසේ කර්ම වෘත්ත විපාක වෘත්ත වශයෙන් ප්‍රත්‍යය වීමෙන් නාම-රූපයන්ගේ පැවැත්ම දැක, “මෙය දැන් මෙසේ නම්, අතීත කාලයෙහිද කර්ම වෘත්ත විපාක වෘත්ත වශයෙන් (නාම-රූප දෙක) පැවැතියේය, අනාගතයෙහිද කර්ම වෘත්ත, විපාක වෘත්ත වශයෙන් ප්‍රත්‍යය වීමෙන් එය පවතිනු ඇත” යනුවෙන් මෙසේ කර්මය මෙන්ම කර්ම විපාකයද, කර්ම වෘත්තය මෙන්ම විපාක වෘත්තයද, කර්ම ප්‍රවෘත්තිය මෙන්ම විපාක ප්‍රවෘත්තයද කර්ම පරම්පරාව මෙන්ම විපාක පරම්පරාවද, ක්‍රියාව මෙන්ම ක්‍රියා ඵලයද,

කම‍්මා විපාකා වත‍්තන‍්ති, විපාකො කම‍්මසම‍්භවො; කම‍්මා පුනබ‍්භවො හොති, එවං ලොකො පවත‍්තතීති. –

කම්මා විපාකා වත්තන්ති විපාකො කම්මසම්භවො තස්මා පුනබ්භවො හොති, එවං ලොකො පවත්තති

කර්මය කෙරෙන් විපාකයෝ පවත්නාහුය, විපාකය කර්මය සම්භව කොට ඇත්තේය, එහෙයින් පුනර්භවය සිදුවේ. මෙසේ මේ සත්‍වලොකය පවතී” යනුවෙන් මනා සේ දකියි.

සමනුපස‍්සති. තස‍්සෙවං සමනුපස‍්සතො යා සා පුබ‍්බන‍්තාදයො ආරබ‍්භ “අහොසිං නු ඛො අහ”න‍්තිආදිනා නයෙන වුත‍්තා සොළසවිධා විචිකිච‍්ඡා, සා සබ‍්බා පහීයති. සබ‍්බභවයොනිගතිට‍්ඨිතිනිවාසෙසු හෙතුඵලසම‍්බන්‍ධවසෙන පවත‍්තමානං නාමරූපමත‍්තමෙව ඛායති. සො නෙව කාරණතො උද‍්ධං කාරකං පස‍්සති, න විපාකප‍්පවත‍්තිතො උද‍්ධං විපාකපටිසංවෙදකං. කාරණෙ පන සති “කාරකො”ති, විපාකප‍්පවත‍්තියා සති “පටිසංවෙදකො”ති සමඤ‍්ඤාමත‍්තෙන පණ‍්ඩිතා වොහරන‍්තිච‍්චෙවස‍්ස සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං හොති.

මෙසේ දක්වා ඔහුට පූර්වාන්තාදිය අරබයා “අහොසිං නුඛො අහං” (මම් පෙර වීම් දෝ) යනාදී නයින් යම් සොළොස් ආකාර වූ විචිකිච්ඡාවක් කියන ලද්දේ ද, ඒ සියල්ල ප්‍රහීණ වේ. සියලු භව - යෝනි - ගති - ස්ථිති - සත්‍වාවාසයන්හි හේතු-ඵල වශයෙන් පවත්නා නාම-රූප මාත්‍රයම වැටහේ. හේ තෙමේ, කාරණයට (හේතුවට) ඉහළින් කාරකයකු (කරවන්නකු) හෝ විපාක ප්‍රවෘත්තියට ඉහළින් විපාක විඳින්නකු හෝ නොදකී; කාරණය (හේතුව) ඇති කල කාරකයෙකැ’යිද, විපාක ප්‍රවෘත්තිය ඇති කල විඳින්නෙකැ’යිද යනුවෙන් හුදෙක් (පරමාර්ත්‍ථ වශයෙන් නොව) නාම මාත්‍ර වශයෙන් පණ්ඩිතයන් ව්‍යවහාර කෙරෙති’යි මෙසේ ඔහු විසින් සම්‍යක් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දේ වේ.

තෙනාහු පොරාණා –

එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“කම‍්මස‍්ස කාරකො නත්‍ථි, විපාකස‍්ස ච වෙදකො; සුද‍්ධධම‍්මා පවත‍්තන‍්ති, එවෙතං සම‍්මදස‍්සනං.

කම්මස්ස කාරකො නත්‍ථි විපාකස්ස ච වෙදකො, සුද්ධ ධම්මා පවත්තන්ති එවෙතං සම්මදස්සනං

“එවං කම‍්මෙ විපාකෙ ච, වත‍්තමානෙ සහෙතුකෙ; බීජරුක‍්ඛාදිකානංව, පුබ‍්බා කොටි න නායති;

එවං කම්මෙ විපාකෙ ච වත්තමානෙ සහෙතුකෙ බීජ රුක්‍ඛාදිකානංව පුබ්බා කොටි න ඤායතෙ

අනාගතෙපි සංසාරෙ, අප‍්පවත‍්තං න දිස‍්සති. “එතමත්‍ථං අනඤ‍්ඤාය, තිත්‍ථියා අසයංවසී;

අනාගතෙපි සංසාරෙ අප්පවත්තං නදිස්සති, එතමත්‍ථමනඤ්ඤාය තිත්‍ථියා අසයංවසී,

සත‍්තසඤ‍්ඤං ගහෙත්‍වාන, සස‍්සතුච‍්ඡෙදදස‍්සිනො; ද‍්වාසට‍්ඨිදිට‍්ඨිං ගණ‍්හන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤවිරොධිතා.

සත්තසඤ්ඤං ගහෙත්‍වාන සස්සතුච්ඡෙද දස්සිනො, ද්වාසට්ඨි දිට්ඨිං ගණ්හන්ති අඤ්ඤමඤ්ඤං විරොධිතා,

“දිට‍්ඨිබන්‍ධනබද‍්ධා තෙ, තණ‍්හාසොතෙන වුය‍්හරෙ; තණ‍්හාසොතෙන වුය‍්හන‍්තා, න තෙ දුක‍්ඛා පමුච‍්චරෙ.

දිට්ඨිබන්‍ධනබද්ධා තෙ තණ්හාසොතෙන වුය්හරෙ, තණ්හා සොතෙන වුය්හන්තා - න තෙ දුක්‍ඛා පමුච්චරෙ

“එවමෙතං අභිඤ‍්ඤාය, භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො; ගම‍්භීරං නිපුණං සුඤ‍්ඤං, පච‍්චයං පටිවිජ‍්ඣති.

එවමෙතං අභිඤ්ඤාය භික්‍ඛු බුද්ධස්ස සාවකො ගම්භීරං නිපුණං සුඤ්ඤං පච්චයං පටිවිජ්ඣති

“කම‍්මං නත්‍ථි විපාකම‍්හි, පාකො කම‍්මෙ න විජ‍්ජති; අඤ‍්ඤමඤ‍්ඤං උභො සුඤ‍්ඤා, න ච කම‍්මං විනා ඵලං.

කම්මං නත්‍ථි විපාකම්භි පාකො කම්මෙ න විජ්ජති අඤ්ඤමඤ්ඤං උභො සුඤ්ඤා නච කම්මං විනා ඵලං

“යථා න සූරියෙ අග‍්ගි, න මණිම‍්හි න ගොමයෙ; න තෙසං බහි සො අත්‍ථි, සම‍්භාරෙහි ච ජායති.

යථා න සූරියෙ අග්ගි න මණිම්හි න ගොමයෙ, න තෙසං බහි තෙ අත්‍ථි සම්භාරෙහි ච ජායති.

“තථා න අන‍්තො කම‍්මස‍්ස, විපාකො උපලබ‍්භති; බහිද‍්ධාපි න කම‍්මස‍්ස, න කම‍්මං තත්‍ථ විජ‍්ජති.

තථා න අන්තො කම්මස්ස විපාකො උපලබ්භති බහිද්ධාපි න කම්මස්ස න කම්මං තත්‍ථ විජ්ජති

“ඵලෙන සුඤ‍්ඤං තං කම‍්මං, ඵලං කම‍්මෙ න විජ‍්ජති; කම‍්මඤ‍්ච ඛො උපාදාය, තතො නිබ‍්බත‍්තතෙ ඵලං.

ඵලෙන සුඤ්ඤකං කම්මං ඵලං කම්මෙ න විජ්ජති කම්මඤ්ච ඛො උපාදාය තතො නිබ්බත්තතී ඵලං

“න හෙත්‍ථ දෙවො බ්‍රහ‍්මා වා, සංසාරස‍්සත්‍ථිකාරකො; සුද‍්ධධම‍්මා පවත‍්තන‍්ති, හෙතුසම‍්භාරපච‍්චයා”ති.

න හෙත්‍ථ දෙවො න බ්‍රහ්මා සංසාරස්සත්‍ථි කාරකො. සුද්ධ-ධම්මා පවත්තන්ති හෙතුසංසාර පච්චයා’ති

කර්මය කරන්නෙක් නැත, විපාකය විඳින්නෙක් ද නැත. ධර්මයෝ හුදකලාව පවත්නාහුය; සම්‍යග්දර්ශනය මේ මැයි හේතු සහිත වූ කර්මය මෙන්ම විපාකයද මෙසේ පවත්නා කල්හි, බීජ-වෘක්‍ෂ ආදියෙහි මෙන් මුල් ඉමක් (ආරම්භයක්) නොපැනේ.

මතු සංසාරයෙහිද නොපැවැත්මක් (අවසානයක්) ද නොපැනේ; ආත්ම දමනයෙන් තොර අන්තොටුවෝ මේ කරුණ නොදැන, ‘සත්‍වයෙක’ යන සංඥාව ගෙන, ශාස්වත - උච්ඡේද දෘෂ්ටි ඇත්තාහු, එකිනෙකට විරෝධ වූ දෙසැටක් මිථ්‍යාදෘෂ්ටීන් ගනිති.

දෘෂ්ටි බන්‍ධනයෙන් බැඳුණු ඔවුහු තෘෂ්ණා නමැති සැඩපහරින් පැහැර ගෙනයනු ලබති. තෘෂ්ණා ශ්‍රෝතසින් පැහැර ගෙනයනු ලබන්නාහු (සසර) දුකින් නොමිදෙති.

කරුණ මෙසේ මනා කොට දැන, බුද්ධ ශ්‍රාවක වූ භික්‍ෂු ගැඹුරු වූ, නියත වූ ශුන්‍ය වූ ප්‍රත්‍යය (හේතුව) විනිවිද දකියි.

විපාකයෙහි කර්මයෙක් නැත, කර්මය තුළද විපාකයෙක් නැත; දෙක එකිනෙකින් ශුන්‍ය (හුදකලා) වේ. එහෙත් කර්මයෙන් තොර ඵලයෙක් (විපාකයෙක්) ද නැත.

යම්සේ හිරු, මැණික් හෝ (දර පිණිස ගනු ලබන) ගොමරිටි තුළ හෝ මතුපිට හෝ ගිනි නොමැත්තේද, එහෙත් අවශ්‍ය ද්‍රව්‍යයන් එක් වීමෙන් ගිනි හටගන්නේ වේද, එසේම කර්මය ඇතුළත හෝ පිටත, විපාකයෙක් නොලැබේ. එහි (විපාකය) තුළ කර්මයෙක් ද විද්‍යාමාන නොවේ.

කර්මය ඵලයෙන් ශුන්‍යවේ. කර්මය තුළ ඵලය (විපාකය) ද විද්‍යමාන නොවේ. එතෙකුදු වූවත්, කර්මය හේතු කොට ගෙන ඵලය (විපාකය) උපදනේය.

මෙහිලා සංසාරය ඇති කරවන දෙවියෙක් හෝ බඹෙක් නැත්තේය, එකිනෙකින් අමිශ්‍ර වූ ස්වභාවයෝ හේතු සමූහයන් ප්‍රත්‍යය කොට ගෙන පවත්නාහුය.

තස‍්සෙවං කම‍්මවට‍්ටවිපාකවට‍්ටවසෙන නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහං කත්‍වා තීසු අද‍්ධාසු පහීනවිචිකිච‍්ඡස‍්ස සබ‍්බෙ අතීතානාගතපච‍්චුප‍්පන‍්නධම‍්මා චුතිපටිසන්‍ධිවසෙන විදිතා හොන‍්ති, සාස‍්ස හොති ඤාතපරිඤ‍්ඤා.

මේ ආකාරයෙන් කම්මවට්ට-විපාක වට්ට වශයෙන් නාම රූපයන් පිළිබඳ ප්‍රත්‍යය පරිග්‍රහය කොට කාලත්‍රයයෙහි විචිකිච්ඡාව දුරු කළ ඒ යෝගාවචරයා විසින් සියලුම අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න ධර්මයෝ ච්‍යුති - ප්‍රතිසන්‍ධි වශයෙන් දන්නා ලද්දාහු වෙති. ඔවුන්ගේ එම ඥානය ‘ඤාත පරිඤ්ඤා’ නම් වේ.

සො එවං පජානාති – යෙ අතීතෙ කම‍්මපච‍්චයා නිබ‍්බත‍්තා ඛන්‍ධා, තෙ තත්‍ථෙව නිරුද‍්ධා, අතීතකම‍්මපච‍්චයා පන ඉමස‍්මිං භවෙ අඤ‍්ඤෙ නිබ‍්බත‍්තා, අතීතභවතො ඉමං භවං ආගතො එකධම‍්මොපි නත්‍ථි, ඉමස‍්මිම‍්පි භවෙ කම‍්මපච‍්චයෙන නිබ‍්බත‍්තා ඛන්‍ධා නිරුජ‍්ඣිස‍්සන‍්ති, පුනබ‍්භවෙ අඤ‍්ඤෙ නිබ‍්බත‍්තිස‍්සන‍්ති, ඉමම‍්හා භවා පුනබ‍්භවං එකධම‍්මොපි න ගමිස‍්සති. අපිච ඛො යථා න ආචරියමුඛතො සජ‍්ඣායො අන‍්තෙවාසිකස‍්ස මුඛං පවිසති, න ච තප‍්පච‍්චයා තස‍්ස මුඛෙ සජ‍්ඣායො න වත‍්තති, න දූතෙන මන‍්තොදකං පීතං රොගිනො උදරං පවිසති, න ච තස‍්ස තප‍්පච‍්චයා රොගො න වූපසම‍්මති, න මුඛෙ මණ‍්ඩනවිධානං ආදාසතලාදීසු මුඛනිමිත‍්තං ගච‍්ඡති, න ච තත්‍ථ තප‍්පච‍්චයා මණ‍්ඩනවිධානං න පඤ‍්ඤායති, න එකිස‍්සා වට‍්ටියා දීපසිඛා අඤ‍්ඤං වට‍්ටිං සඞ‍්කමති, න ච තත්‍ථ තප‍්පච‍්චයා දීපසිඛා න නිබ‍්බත‍්තති, එවමෙව න අතීතභවතො ඉමං භවං, ඉතො වා පුනබ‍්භවං කොචි ධම‍්මො සඞ‍්කමති, න ච අතීතභවෙ ඛන්‍ධායතනධාතුපච‍්චයා ඉධ, ඉධ වා ඛන්‍ධායතනධාතුපච‍්චයා පුනබ‍්භවෙ ඛන්‍ධායතනධාතුයො න නිබ‍්බත‍්තන‍්තීති.

හේ තෙමේ මේ ආකාරයෙන් මනාකොට අවබෝධ කරයි:- අතීත භවයෙහි කර්මප්‍රත්‍යයෙන් උපන් යම් ස්කන්‍ධයෙක් වීනම්, ඒ සියල්ල එහිදීම නිරුද්ධ විය. අතීත කර්ම ප්‍රත්‍යයෙන් මේ භවයෙහි උපන් ස්කන්‍ධය එයින් අන්‍යතර වේ. අතීත භවයෙන් මේ භවයට ආ කිසිදු ධර්මයක් (ස්කන්‍ධයක්) නැත. කර්ම ප්‍රත්‍යයෙන් මේ භවයෙහි උපන් ස්කන්‍ධයෝද (මෙහිදීම) නිරුද්ධ වෙති. පුනර්භවයෙහිදී පහළ වන ස්කන්‍ධයෝ අන්‍යතරයෝය. මේ භවයෙන් පුනර්භවයට කිසිදු ධර්මයක් (ස්කන්‍ධයක්) නොයන්නේය, එතෙකුදු වූවත්, යම්සේ ආචාර්යවරයාගේ මුඛයෙන් හදාරවන ලද දෙය ශිෂ්‍යයාගේ මුඛයට නොපිවිසෙතත්, ඒ හේතුවෙන් ඔහුගේ (ශිෂ්‍යයාගේ) මුඛයෙහි (එසේ) හදාරවන ලද දෙය නොපවත්නේ නොවේද, (පවත්නේමැයි) තවද, යම්සේ දූතයා විසින් බොන ලද මන්ත්‍රෝදකය රෝගියාගේ උදරයට නොපිවිසෙතත්, ඒ හේතුවෙන් ඔහුගේ රෝගය නොසන්සිඳෙනුයේ නොවේද, (සන්සිදේමැයි), තවද යම්සේ මුහුණෙහි කරන ලද අලංකරණය කැඩපත් ආදිය තුළ වූ මුඛච්ඡාවට නොපිවිසෙතත්, ඒ හේතුවෙන් කැඩපත් ආදිය තුළ අලංකරණය නොදිස්වනුයේ නොවේද, (දිස් වේමැයි), තවද, යම්සේ එක් පහන් වැටියෙක ඇති පහන්සිළුව අන් පහන් වැටියකට සංක්‍රමණය නොවෙතත්, එම හේතුවෙන් එහි (අනෙක් වැටියෙහි) සිළුවක් නො-උපදිනුයේ නොවේද (උපදීමයි), එසේම අතීත භවයෙන් මේ භවයට හෝ මේ භවයෙන් පුනර්භවයට හෝ කිසිඳු (නාමරූප) ධර්මයක් සංක්‍රමණය නොවෙතත්, අතීත භවයෙහි වූ ඛන්‍ධ-ආයතන ධාතූන් ප්‍රත්‍යය වීමෙන් මේ භවයෙහි හෝ මේ භවයට අයත් ඛන්‍ධ - ආයතන - ධාතූන් ප්‍රත්‍යය වීමෙන් පුනර්භවයෙහි හෝ ඛන්‍ධ - ආයතන - ධාතූහු නො-උපදනාහු නොවෙති.

යථෙව චක‍්ඛුවිඤ‍්ඤාණං, මනොධාතුඅනන‍්තරං; න චෙව ආගතං නාපි, න නිබ‍්බත‍්තං අනන‍්තරං.

යථෙව චක්‍ඛු විඤ්ඤාණං මනොධාතු අනන්තරං නචෙව ආගතං නාපි න නිබ්බත්තං අනන්තරං

තථෙව පටිසන්‍ධිම‍්හි, වත‍්තතෙ චිත‍්තසන‍්තති; පුරිමං භිජ‍්ජතෙ චිත‍්තං, පච‍්ඡිමං ජායතෙ තතො.

තථෙව පටිසන්‍ධිම්හි වත්තතෙ චිත්තසන්තති පුරිමං භිජ්ජති චිත්තං පච්ඡිමං ජායතී තතො

තෙසං අන‍්තරිකා නත්‍ථි, වීචි තෙසං න විජ‍්ජති; න චිතො ගච‍්ඡති කිඤ‍්චි, පටිසන්‍ධි ච ජායතීති.

තෙසං අන්තරිකා නත්‍ථි වීචි තෙන නවිජ්ජති න චිතො ගච්ඡති කිඤ්චි පටිසන්‍ධි ච ජායතී’ති

යම්සේ මනෝධාතුවට අනතුරුව එන චක්‍ඛු විඤ්ඤාණය එම මනෝධාතුවෙන් හෝ එයට අනතුරුව හෝ නො-උපදනේ නොවේද,

එසේම ප්‍රතිසන්‍ධියෙහිදී චිත්ත පරම්පරාව පවතී, ප්‍රථම (ච්‍යුති) චිත්තය බිඳෙයි. ඉක්බිති පශ්චිම (ප්‍රතිසන්‍ධි) චිත්තය උපදියි.

එම ච්‍යුති හා ප්‍රතිසන්‍ධි චිත්තයන්ගේ අතරක් නැත, එහෙයින් (ඒ දෙකෙහි) කඩවීමෙන් විද්‍යමාන නොවේ; මෙතැනින් කිසිවක් නොයතත් එහි ප්‍රතිසන්‍ධිය සිදුවේ.

එවං චුතිපටිසන්‍ධිවසෙන විදිතසබ‍්බධම‍්මස‍්ස සබ‍්බාකාරෙන නාමරූපස‍්ස පච‍්චයපරිග‍්ගහඤාණං ථාමගතං හොති, සොළසවිධා කඞ‍්ඛා සුට‍්ඨුතරං පහීයති. න කෙවලඤ‍්ච සා එව, “සත්‍ථරි කඞ‍්ඛතී”ති (ධ· ස· 1008) ආදිනයප‍්පවත‍්තා අට‍්ඨවිධාපි කඞ‍්ඛා පහීයතියෙව, ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි වික‍්ඛම‍්භන‍්ති. එවං නානානයෙහි නාමරූපපච‍්චයපරිග‍්ගහණෙන තීසු අද‍්ධාසු කඞ‍්ඛං විතරිත්‍වා ඨිතං ඤාණං කඞ‍්ඛාවිතරණවිසුද‍්ධීති වෙදිතබ‍්බං. ධම‍්මට‍්ඨිතිඤාණන‍්තිපි යථාභූතඤාණන‍්තිපි සම‍්මාදස‍්සනන‍්තිපි එතස‍්සෙවාධිවචනං. වුත‍්තඤ‍්හෙතං –

මෙසේ ච්‍යුති-ප්‍රතිසන්‍ධි වශයෙන් සියලු (නාම-රූප) ස්වභාවයන් දැනගත් ඔහුට සියලු ආකාරයෙන්ම එම නාම-රූපයන් පිළිබඳ ප්‍රත්‍යයන් විනිශ්චය කිරීමේ ඥානය තිර බවට පත්වේ; සොළොස් ආකාර වූ සැකය වඩාත් පහසුවෙන් ප්‍රහීණ කළ හැකි වේ. එමතුදු නොවේ, ‘සත්‍ථරි කඞ්ඛති’ (ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක උපදවයි) ආදී නයින් පවත්නා අට වැදෑරුම් සැකයද ප්‍රහීණ වේමය. දෙසැටක් මිථ්‍යාදෘෂ්ටීහු ක්‍ෂය වී යති. මෙසේ නොයෙක් ආකාරයෙන් නාම-රූපයන් පිළිබඳ ප්‍රත්‍යය පරිග්‍රහය හේතුකොට ගෙන කාලත්‍රය විෂයයෙහි සැකය දුරු කොට සිටි ඥානය ‘කඞ්ඛාවිතරණ විසුද්ධි’ යයි දතයුතුය, ‘ධම්මට්ඨිති ඤාණ’ යයිද, ‘යථාභූත ඤාණ’ යයිද ‘සම්මා දස්සන’ යයිද මෙයටම අධිවචන (පර්යාය) වේ. කියන ලදමැයි:

“අවිජ‍්ජා පච‍්චයො, සඞ‍්ඛාරා පච‍්චයසමුප‍්පන‍්නා. උභොපෙතෙ ධම‍්මා පච‍්චයසමුප‍්පන‍්නාති පච‍්චයපරිග‍්ගහෙ පඤ‍්ඤා ධම‍්මට‍්ඨිතිඤාණ”න‍්ති (පටි· ම· 1.46).

“අවිජ්ජා පච්චයා සඞ්ඛාරා පච්චයසමූප්පන්නා, උභොපෙතෙ ධම්මා පච්චය සමුප්පන්නා” (අවිද්‍යාව ප්‍රත්‍යය කොට උපන් සංඛාරයෝ ප්‍රත්‍යය සමුත්පන්න (ප්‍රත්‍යයයෙන් හටගත්තාහු) වෙති, මෙකී අවිජ්ජා - සඞ්ඛාර යන දෙ-ආකාරවූම ධර්මයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙති’යි යනුවෙන් ප්‍රත්‍යය-පරිග්‍රහ විෂයයෙහි ප්‍රඥාව ‘ධම්මට්ඨිති ඤාණ’ නමි.

“අනිච‍්චතො මනසිකරොන‍්තො කතමෙ ධම‍්මෙ යථාභූතං ජානාති පස‍්සති, කථං සම‍්මාදස‍්සනං හොති, කථං තදන්‍වයෙන සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චතො සුදිට‍්ඨා හොන‍්ති, කත්‍ථ කඞ‍්ඛා පහීයති? දුක‍්ඛතො…පෙ… අනත‍්තතො මනසිකරොන‍්තො කතමෙ ධම‍්මෙ යථාභූතං ජානාති පස‍්සති…පෙ… කත්‍ථ කඞ‍්ඛා පහීයතීති?

අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනුයේ කවර ධර්මයන් තත්‍වාකාරයෙන් දනීද? දකීද? සම්‍යග්දර්ශනය කෙසේ සිද්ධවේද? එම පිළිවෙළින් සියලු සංඛාරයෝ අනිත්‍ය වශයෙන් කෙසේ මනාකොට දක්නාලද්දාහු වෙත්ද? කොතැනෙක්හි ඔහුගේ සැකය දුරු වේද? දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් මෙනෙහි කරනුයේ කවර ධර්මයන් තත්‍වාකාරයෙන් දනීද? දකීද? -පෙ- කොතැනෙක්හි සැකය දුරුවේද?

“අනිච‍්චතො මනසිකරොන‍්තො නිමිත‍්තං යථාභූතං ජානාති පස‍්සති, තෙන වුච‍්චති සම‍්මාදස‍්සනං. එවං තදන්‍වයෙන සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චතො සුදිට‍්ඨා හොන‍්ති. එත්‍ථ කඞ‍්ඛා පහීයති. දුක‍්ඛතො මනසිකරොන‍්තො පවත‍්තං යථාභූතං ජානාති පස‍්සති…පෙ… අනත‍්තතො මනසිකරොන‍්තො නිමිත‍්තඤ‍්ච පවත‍්තඤ‍්ච යථාභූතං ජානාති පස‍්සති, තෙන වුච‍්චති සම‍්මාදස‍්සනං. එවං තදන්‍වයෙන සබ‍්බෙ ධම‍්මා අනත‍්තතො සුදිට‍්ඨා හොන‍්ති. එත්‍ථ කඞ‍්ඛා පහීයති.

අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනුයේ (නාම-රූප) නිමිත්ත තතු ලෙසින් දනියි. දකියි, එහෙයින් එය ‘සම්මාදස්සන’ යයි කියනු ලැබේ. මෙසේ මෙම පිළිවෙළින් සියලු සංඛාරයෝ අනිත්‍ය වශයෙන් මනාකොට දන්නා ලද්දාහු වෙති; ඔහුගේ සැකය දුරුවේ; දුඃඛ වශයෙන් මෙනෙහි කරනුයේ (ස්කන්‍ධයන්ගේ) පැවැත්ම තතු ලෙස -පෙ- අනාත්ම වශයෙන් මෙනෙහි කරනුයේ නිමිත්ත, පවත්ත (නිමිත්ත හා පැවැත්ම) යන දෙකම තතු ලෙසින් දනියි, දකියි. එහෙයින් (ඔහුගේ එම දර්ශනය) ‘සම්මා දස්සන’ යයි කියනු ලැබේ. මෙසේ මෙම පිළිවෙළින් සියලු ධර්මයෝ අනාත්ම වශයෙන් මනා කොට දක්නා ලද්දාහු වෙති; මෙහි සැකය ප්‍රහීණ වේ.

“යඤ‍්ච යථාභූතඤාණං යඤ‍්ච සම‍්මාදස‍්සනං යා ච කඞ‍්ඛාවිතරණා, ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාබ්‍යඤ‍්ජනා ච, උදාහු එකත්‍ථා බ්‍යඤ‍්ජනමෙව නානන‍්ති? යඤ‍්ච යථාභූතඤාණං යඤ‍්ච සම‍්මාදස‍්සනං යා ච කඞ‍්ඛාවිතරණා, ඉමෙ ධම‍්මා එකත්‍ථා, බ්‍යඤ‍්ජනමෙව නාන”න‍්ති (පටි· ම· 1.227).

‘යථාභූතඤාණ, ‘සම්මාදස්සන’, ‘කංඛාවිතරණ’ යනුවෙන් වහරනු ලබන මේ ධර්මයෝ එකිනෙකට අසමාන අර්ත්‍ථ සහිතව විවිධාක්‍ෂර සහිත වූවාහුද? නැතහොත්, සමානාර්ත්‍ථ සහිතව හුදෙක් අක්‍ෂරයෙන්ම විවිධාකාර වූවාහුද? ‘යථාභූත ඤාණ’, ‘සම්මා දස්සන’, ‘කංඛා විතරණ’ යන මේ ධර්මයෝ හුදෙක් අක්‍ෂරයෙන්ම විවිධාකාර වෙති, එහෙත් අර්ත්‍ථයෙන් සමාන වෙති.

ඉමිනා පන ඤාණෙන සමන‍්නාගතො විපස‍්සකො බුද‍්ධසාසනෙ ලද‍්ධස‍්සාසො ලද‍්ධපතිට‍්ඨො නියතගතිකො චූළසොතාපන‍්නො නාම හොති.

මෙම ඤාණයෙන් සමන්විත විදර්ශක වූ යෝගාවචර තෙමේ බුද්ධශාසනයෙහි ආස්වාදය ලත්, ප්‍රතිෂ්ඨාව (පිහිට) ලත්, නියත ගති සහිතවූ “චුල්ලසෝතාපන්න” නම්වේ.

තස‍්මා භික‍්ඛු සදා සතො, නාමරූපස‍්ස සබ‍්බසො; පච‍්චයෙ පරිග‍්ගණ‍්හෙය්‍ය, කඞ‍්ඛාවිතරණත්‍ථිකොති.

තස්මා භික්‍ඛු සදාසතො නාමරූපස්ස සබ්බසො පච්චයෙ පරිගණ්හෙය්‍ය කඞ්ඛාවිතරණත්‍ථිකො, ති.

එහෙයින්, භික්‍ෂු තෙමේ නිරන්තරයෙන් සිහි ඇතිව, සැකය දුරුකිරීම පිණිස නාමරූප දෙකෙහි ප්‍රත්‍යයයන් සකලාකාරයෙන් පරිග්‍රහ (විනිශ්චය) කරන්නේය.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ කඞ‍්ඛාවිතරණවිසුද‍්ධිනිද‍්දෙසො නාම එකූනවීසතිමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය පිණිස කරන ලද විශුද්ධි මාර්ගයෙහි, පඤ්ඤාභාවනාධිකාරයෙහි කඞ්ඛාවිතරණ විසුද්ධි නිද්දේස නම්වූ එකුන්විසිවන පරිච්ඡේදය නිමියේයි.