යෙදුමෙන් කියවන්න

සම‍්මසනඤාණකථා

සම‍්මසනඤාණකථා

සම්මසනඤාණකථා

අයං මග‍්ගො, අයං න මග‍්ගොති එවං මග‍්ගඤ‍්ච අමග‍්ගඤ‍්ච ඤත්‍වා ඨිතං ඤාණං පන මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධි නාම.

‘මේ (ආර්ය) මාර්ගයයි, මේ (ආර්ය) මාර්ගය නොවේ’ යනුවෙන් මෙසේ මග - නොමග දැන සිටි ඥානය මග්ගා-මග්ග ඤාණදස්සන නම් වේ.

තං සම‍්පාදෙතුකාමෙන කලාපසම‍්මසනසඞ‍්ඛාතාය නයවිපස‍්සනාය තාව යොගො කරණීයො. කස‍්මා? ආරද‍්ධවිපස‍්සකස‍්ස ඔභාසාදිසම‍්භවෙ මග‍්ගාමග‍්ගඤාණසම‍්භවතො. ආරද‍්ධවිපස‍්සකස‍්ස හි ඔභාසාදීසු සම‍්භූතෙසු මග‍්ගාමග‍්ගඤාණං හොති, විපස‍්සනාය ච කලාපසම‍්මසනං ආදි. තස‍්මා එතං කඞ‍්ඛාවිතරණානන‍්තරං උද‍්දිට‍්ඨං. අපිච යස‍්මා තීරණපරිඤ‍්ඤාය වත‍්තමානාය මග‍්ගාමග‍්ගඤාණං උප‍්පජ‍්ජති, තීරණපරිඤ‍්ඤා ච ඤාතපරිඤ‍්ඤානන‍්තරා, තස‍්මාපි තං මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධිං සම‍්පාදෙතුකාමෙන කලාපසම‍්මසනෙ තාව යොගො කාතබ‍්බො.

එය සම්පාදනය කරනු කැමැති යෝගාවචරයා විසින් පළමුකොට කලාප සම්මර්ශනයයි කියනු ලබන නය විදර්ශනාව වැඩීම පිණිස යෝග කටයුතුය; කවර හෙයින්ද යත්, විදර්ශනා ආරම්භ කළ යෝගාවචරයාහට ‘ඕභාස’ ආදිය පහළ වූ කල මග්ගාමග්ග ඤාණය පහළ වන හෙයිනි. විදර්ශනා ආරම්භ කළ යෝගාවචරයාහට වනාහි ඕභාස ආදිය පහළ වූ කල මග්ගාමග්ග ඤාණය සිද්ධ වේ. විදර්ශනාවටද වනාහි කලාප සන්මර්ශනය මුල්වේ; එහෙයින් මෙය කඞ්ඛාවිතරණයට අනතුරුව දක්වන ලදි. තවද, යම් හෙයකින් තීරණපරිඤ්ඤාවද පවත්නා කල මග්ගාමග්ග ඤාණය උපදීද, තීරණ පරිඤ්ඤාවද ඤාත පරිඤ්ඤාවට අනතුරුව උපදීද, එහෙයින් එම මග්ගාමග්ගඤාණවිසුද්ධිය සම්පාදනය කරනු කැමැත්තහු විසින් පළමුකොට කලාප සන්මර්ශනය පිණිස යෝග කටයුතුය.

තත්‍රායං විනිච‍්ඡයො – තිස‍්සො හි ලොකියපරිඤ‍්ඤා ඤාතපරිඤ‍්ඤා තීරණපරිඤ‍්ඤා පහානපරිඤ‍්ඤා ච. යා සන්‍ධාය වුත‍්තං “අභිඤ‍්ඤාපඤ‍්ඤා ඤාතට‍්ඨෙ ඤාණං. පරිඤ‍්ඤාපඤ‍්ඤා තීරණට‍්ඨෙ ඤාණං. පහානපඤ‍්ඤා පරිච‍්චාගට‍්ඨෙ ඤාණ”න‍්ති (පටි· ම· 1.75). තත්‍ථ “රුප‍්පනලක‍්ඛණං රූපං, වෙදයිතලක‍්ඛණා වෙදනා”ති එවං තෙසං තෙසං ධම‍්මානං පච‍්චත‍්තලක‍්ඛණසල‍්ලක‍්ඛණවසෙන පවත‍්තා පඤ‍්ඤා ඤාතපරිඤ‍්ඤා නාම. “රූපං අනිච‍්චං, වෙදනා අනිච‍්චා”තිආදිනා නයෙන තෙසංයෙව ධම‍්මානං සාමඤ‍්ඤලක‍්ඛණං ආරොපෙත්‍වා පවත‍්තා ලක‍්ඛණාරම‍්මණිකවිපස‍්සනා පඤ‍්ඤා තීරණපරිඤ‍්ඤා නාම. තෙසුයෙව පන ධම‍්මෙසු නිච‍්චසඤ‍්ඤාදිපජහනවසෙන පවත‍්තා ලක‍්ඛණාරම‍්මණිකවිපස‍්සනා පඤ‍්ඤා පහානපරිඤ‍්ඤා නාම.

මේ එය පිළිබඳ විනිශ්චයයි:- ඤාත පරිඤ්ඤාය, තීරණපරිඤ්ඤාය, පහානපරිඤ්ඤායයි ලෞකික පරිඤ්ඤා තුනෙකි. එය සඳහා කියන ලදි: “අභිඤ්ඤා පඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහානපඤ්ඤා පරිච්චාගට්ඨෙඤාණං (අභිඤ්ඤාපඤ්ඤා යනු, (ස්කන්‍ධ, ධාතු, ආයතනාදිය ස්වලක්‍ෂණ වශයෙන්) හැඳිනගැනීමේ ඥානයයි; පරිඤ්ඤා පඤ්ඤා යනු, රූපාදිය පිළිබඳව අනිත්‍යාදී ස්වලක්‍ෂණයන් තීරණය කිරීමේ ඤාණයයි; පහාන පඤ්ඤා යනු, එම ස්කන්‍ධ ධාතු ආයතනයන් පිළිබඳ (නිත්‍ය සංඥා) ආදිය අත්හැරීමේ ඥානයයි). එහි විනාශ වීම ලක්‍ෂණ කොට ඇත්තේ රූපයයි, වින්‍දනය ලක්‍ෂණ කොට ඇත්තේ වේදනාවයි යනුවෙන් මෙසේ ඒ ඒ ධර්මයන් පිළිබඳ ඒ ඒ විශේෂ ලක්‍ෂණයන් සැලකීම් වශයෙන් පවත්නා ප්‍රඥාව ‘ඤාතපරිඤ්ඤා’ නම් වේ; ‘රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යයය’, යන ආදී වශයෙන් එම ධර්මයන් පිළිබඳ සාමාන්‍ය ලක්‍ෂණයන් අරබයා පවත්නා ලක්‍ෂණාරම්මණික වූ විදර්ශනා ප්‍රඥාව තීරණ පරිඤ්ඤා’ නම් වේ; එම ධර්මයන්ම කෙරෙහි නිත්‍ය සංඥාදිය අත් හැරීම් වශයෙන් පවත්නා ලක්ඛණාරම්මණික වූ විදර්ශනා ප්‍රඥාව ‘පහානපරිඤ්ඤා’ නම් වේ.

තත්‍ථ සඞ‍්ඛාරපරිච‍්ඡෙදතො පට‍්ඨාය යාව පච‍්චයපරිග‍්ගහා ඤාතපරිඤ‍්ඤාය භූමි. එතස‍්මිං හි අන‍්තරෙ ධම‍්මානං පච‍්චත‍්තලක‍්ඛණපටිවෙධස‍්සෙව ආධිපච‍්චං හොති. කලාපසම‍්මසනතො පන පට‍්ඨාය යාව උදයබ‍්බයානුපස‍්සනා තීරණපරිඤ‍්ඤාය භූමි. එතස‍්මිං හි අන‍්තරෙ සාමඤ‍්ඤලක‍්ඛණපටිවෙධස‍්සෙව ආධිපච‍්චං හොති. භඞ‍්ගානුපස‍්සනං ආදිං කත්‍වා උපරි පහානපරිඤ‍්ඤාය භූමි . තතො පට‍්ඨාය හි අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති, දුක‍්ඛතො අනුපස‍්සන‍්තො සුඛසඤ‍්ඤං, අනත‍්තතො අනුපස‍්සන‍්තො අත‍්තසඤ‍්ඤං, නිබ‍්බින්‍දන‍්තො නන්‍දිං, විරජ‍්ජන‍්තො රාගං, නිරොධෙන‍්තො සමුදයං, පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහතීති (පටි· ම· 1.52) එවං නිච‍්චසඤ‍්ඤාදිපහානසාධිකානං සත‍්තන‍්නං අනුපස‍්සනානං ආධිපච‍්චං. ඉති ඉමාසු තීසු පරිඤ‍්ඤාසු සඞ‍්ඛාරපරිච‍්ඡෙදස‍්ස චෙව පච‍්චයපරිග‍්ගහස‍්ස ච සාධිතත‍්තා ඉමිනා යොගිනා ඤාතපරිඤ‍්ඤාව අධිගතා හොති, ඉතරා ච අධිගන‍්තබ‍්බා. තෙන වුත‍්තං “යස‍්මා තීරණපරිඤ‍්ඤාය වත‍්තමානාය මග‍්ගාමග‍්ගඤාණං උප‍්පජ‍්ජති, තීරණපරිඤ‍්ඤා ච ඤාතපරිඤ‍්ඤානන‍්තරා, තස‍්මාපි තං මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධිං සම‍්පාදෙතුකාමෙන කලාපසම‍්මසනෙ තාව යොගො කාතබ‍්බො”ති.

එහි සංඛාරයන් පිරිසිඳීමෙහි පටන් ප්‍රත්‍යය පරිග්‍රහය තෙක් ඤාත පරිඤ්ඤාවට අයත් භූමියයි; මෙදෑතුරෙහි (නාමරූප) ධර්මයන් පිළිබඳ තමතමාට අයත් (අසාමාන්‍ය) ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ආධිපත්‍යය වේ. (චක්‍ඛු දසකාදී) කලාප සම්මර්ශනයෙහි පටන් උදයව්‍යය අනුසාරයෙන් දැකීම තෙක් තීරණපරිඤ්ඤාවට අයත් භූමියයි; මෙදෑතුරෙහි සාමාන්‍ය ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ආධිපත්‍යය වේ. භංගානුපස්සනාවෙහි පටන් කොට පහාන පරිඤ්ඤාවට අයත් භූමියයි. එතැන් පටන්, අනිත්‍ය වශයෙන් බලනුයේ නිත්‍යසංඥාව (නිත්‍යය ශාස්වතය යන හැඟීම) හරියි; දුඃඛ වශයෙන් බලනුයේ සුඛ සංඥාව -පෙ- අනාත්ම වශයෙන් බලනුයේ ආත්ම සංඥාව -පෙ- කාරයන් කෙරෙහි) කළකිරුණේ නන්‍දිරාගය (සප්‍රීතිකරාගය) -පෙ- නො-ඇලෙනුයේ රාගය -පෙ- නිරෝධය අනුව බලනුයේ (සමුදය හෙවත්) තෘෂ්ණාව -පෙ- (සංස්කාරයන්) බැහැර කරනුයේ නැවත ගැනීම (ප්‍රතිසන්‍ධිය) හරියි; යනුවෙන් මෙසේ නිත්‍ය සංඥා ආදිය ප්‍රහීණ කරවන අනුපස්සනා සතෙහි ආධිපත්‍යය වේ. මෙසේ මේ යෝගියා විසින් සංඛාරයන් පිරිසිඳීම මෙන්ම ප්‍රත්‍යයන් විනිශ්චය කිරීමද සාධනය කරන ලද හෙයින් මේ පරිඤ්ඤා තුන අතුරෙන් ඤාත පරිඤ්ඤාවම අවබෝධ කරන ලද්දේ වේ. ඉතිරි දෙකද අවබෝධ කළයුතු වේ. එහෙයින් කියන ලදි:- “යම් හෙයකින් තීරණ පරිඤ්ඤාව පවත්නා කල්හි මග්ගාමග්ග ඤාණය උපදනේද, එම තීරණ පරිඤ්ඤාවද ඤාතපරිඤ්ඤාවට අනතුරුව උපදනේද, එහෙයින්ද ඒ මග්ගාමග්ග ඤාණවිසුද්ධිය සම්පාදනය කරනු කැමැත්තහු විසින් පළමු කොට කලාප සම්මර්ශනයෙහි යෝග කටයුතු වේ”

තත්‍රායං පාළි –

එම කලාප සම්මර්ශනය පිළිබඳ පෙළ මෙසේයි:-

“කථං අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං? යංකිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා…පෙ… යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං අනිච‍්චතො වවත්‍ථපෙති, එකං සම‍්මසනං. දුක‍්ඛතො වවත්‍ථපෙති, එකං සම‍්මසනං. අනත‍්තතො වවත්‍ථපෙති, එකං සම‍්මසනං. යා කාචි වෙදනා…පෙ… යංකිඤ‍්චි විඤ‍්ඤාණං…පෙ… අනත‍්තතො වවත්‍ථපෙති, එකං සම‍්මසනං.

“අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න (නාමරූප) ධර්මයන් සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන-ඥානය කෙසේද යත්? අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම්කිසි රූපයක් වේද, අභ්‍යන්තර හෝ වේවා, -පෙ- දුරෙහි හෝ සමීපයෙහි හෝ වේවා, ඒ සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මේ එක් සම්මර්ශනයෙකි; දුඃඛ වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මේ එක් සම්මර්ශනයෙකි; අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මේ තවද එක් සම්මර්ශනයෙකි; යම්කිසි වේදනාවක් -පෙ-, යම්කිසි -පෙ- විඤ්ඤාණයක් -පෙ- අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, මෙද එක් සම්මර්ශනයෙකි;

“චක‍්ඛුං…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චතො වවත්‍ථපෙති, එකං සම‍්මසනං. දුක‍්ඛතො අනත‍්තතො වවත්‍ථපෙති, එකං සම‍්මසනං.

අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම්කිසි චක්‍ඛුවක් -පෙ- ජරාමරණයක් අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කරයි, මේ එක් සම්මර්ශනයෙකි; දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි මෙද එක් සම්මර්ශනයෙකි.

“රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙන, දුක‍්ඛං භයට‍්ඨෙන, අනත‍්තා අසාරකට‍්ඨෙනාති සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං. වෙදනං… විඤ‍්ඤාණං… චක‍්ඛුං…පෙ… ජරාමරණං…පෙ… සම‍්මසනෙ ඤාණං.

“අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම් රූපයක් වේද, එය ක්‍ෂය වීමේ අර්ත්‍ථයෙන් අනිත්‍ය වේ. භය වීමේ අර්ත්‍ථයෙන් දුඃඛ වේ, අසාර වීමේ අර්ත්‍ථයෙන් අනාත්ම වේ යනුවෙන් මෙසේ සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරිමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි. (අතීත අනාගත, ප්‍රත්‍යත්පන්න වූ) වේදනාවක් -පෙ- විඤ්ඤාණයක් වේද, චක්‍ඛුවක් -පෙ- ජරාමරණයක් වේද, එය ක්‍ෂය වීමේ -පෙ- අසාර වීමේ අර්ත්‍ථයෙන් අනාත්ම වේ යනුවෙන් -පෙ- ව්‍යවස්ථාපන කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.

“රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං. වෙදනං… විඤ‍්ඤාණං… චක‍්ඛුං… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං සඞ‍්ඛතං…පෙ… නිරොධධම‍්මන‍්ති සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං.

“අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ යම් රූපයක් වේද, එය අනිත්‍යය, සංඛත (ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දේ)ය. පටිච්චසමුප්පන (හේතුවක් නිසා හටගන්නේ)ය, ක්‍ෂය වන සුලුය, ව්‍යය වන සුලුය, නැති වන සුලුය, නවතින සුලුයයි මෙසේ සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශනඥානයයි. වේදනාවක් -පෙ- විඤ්ඤාණයක් වේද, -පෙ- චක්‍ඛුවක් -පෙ- ජරාමරණයක් වේද, එය අනිත්‍යය -පෙ- නවතින සුලුයයි මෙසේ ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.

“ජාතිපච‍්චයා ජරාමරණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං. අතීතම‍්පි අද‍්ධානං, අනාගතම‍්පි අද‍්ධානං ජාතිපච‍්චයා ජරාමරණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං. භවපච‍්චයා ජාති…පෙ… අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, අසති අවිජ‍්ජාය නත්‍ථි සඞ‍්ඛාරාති සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං. අතීතම‍්පි අද‍්ධානං, අනාගතම‍්පි අද‍්ධානං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, අසති අවිජ‍්ජාය නත්‍ථි සඞ‍්ඛාරාති සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං.

“ජාතිය (ඉපැදීම) හේතුකොට ගෙන ජරාමරණ වේ, ජාතිය නැති කල ජරාමරණද නැතැ’යි සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි; අතීත කාලයෙහිද, අනාගත කාලයෙහිද ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. ජාතිය නැති කල ජරාමරණද නැතැ’යි ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වේ. භවය නැති කල -පෙ- අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගනියි, අවිද්‍යාව නැති කල සංස්කාරද නැතැ’යි සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි. අතීත කාලයෙහිද අනාගත කාලයෙහිද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගනියි, අවිද්‍යාව නැතිකල සංස්කාරද නැතැ’යි සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.

“තං ඤාතට‍්ඨෙන ඤාණං. පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණ”න‍්ති (පටි· ම· 1.48).

එය (සම්මර්ශන ඥානය) දන්නා ලදැ’යි යන අර්ත්‍ථයෙන් ‘ඤාණ’ නමි, වෙසෙසින් දනිති’යි යන අර්ත්‍ථයෙන් ‘පඤ්ඤා’ නමි; එහෙයින් කියනු ලැබේ, ‘අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ ධර්මයන් සංක්‍ෂිප්ත කොට ව්‍යවස්ථාපනය කිරීමේ ප්‍රඥාව සම්මර්ශන ඥානයයි.’

එත්‍ථ ච චක‍්ඛුං…පෙ… ජරාමරණන‍්ති ඉමිනා පෙය්‍යාලෙන ද‍්වාරාරම‍්මණෙහි සද‍්ධිං ද‍්වාරප‍්පවත‍්තා ධම‍්මා, පඤ‍්චක‍්ඛන්‍ධා, ඡ ද‍්වාරානි, ඡ ආරම‍්මණානි, ඡ විඤ‍්ඤාණානි, ඡ ඵස‍්සා, ඡ වෙදනා, ඡ සඤ‍්ඤා, ඡ චෙතනා, ඡ තණ‍්හා, ඡ විතක‍්කා, ඡ විචාරා, ඡ ධාතුයො, දස කසිණානි, ද‍්වත‍්තිංසකොට‍්ඨාසා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරස ධාතුයො, බාවීසති ඉන්‍ද්‍රියානි, තිස‍්සො ධාතුයො, නව භවා, චත‍්තාරි ඣානානි, චතස‍්සො අප‍්පමඤ‍්ඤා, චතස‍්සො සමාපත‍්තියො, ද‍්වාදස පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානීති ඉමෙ ධම‍්මරාසයො සංඛිත‍්තාති වෙදිතබ‍්බා.

මෙහිදී ‘චක්‍ඛුං -පෙ- ජරාමරණං’ යන ආදී මේ පෙය්යාලයෙන් (සංක්‍ෂේපනයෙන්) ද්වාරාරම්මණයන් හා සමග සදොරින් පවත්නා ධර්මයෝ, එනම්:- පඤ්චස්කන්‍ධය, ෂඩ්ද්වාරය, ෂඩ්ආලම්බනය, ෂඩ්විඤ්ඤාණය, ෂඩ් ස්පර්ශය, ෂඩ් වේදනාය, ෂඩ් සංඥාය, ෂඩ් චේතනාය, ෂඩ් තෘෂ්ණාය, ෂඩ් විතර්කය, ෂඩ් විචාරය, ෂඩ් ධාතුය. දශ කසිණය, ද්වාත්‍රිංශත් කොට්ඨාසය, ද්වාදශායතනය, අෂ්ටාදශ ධාතුය, ද්වාවිංශද් ඉන්‍ද්‍රියය, ධාතුත්‍රයය, භවත්‍රයය, අනෙක් භවත්‍රයය, තවද අනෙක් භවත්‍රයය, චතුර්ධ්‍යානය, අප්පමඤ්ඤා සතරය, ආරුප්ප සමාපත්ති සතරය, පටිච්චසමුප්පාද අංග දොළොසය යන මේ ධර්ම රාශිය සංක්‍ෂිප්ත කරන ලදැයි දතයුතුය.

වුත‍්තං හෙතං අභිඤ‍්ඤෙය්‍යනිද‍්දෙසෙ –

“කියනලදමැයි අභිඤ්ඤෙය්‍ය නිද්දේසයෙහි,

“සබ‍්බං, භික‍්ඛවෙ, අභිඤ‍්ඤෙය්‍යං. කිඤ‍්ච, භික‍්ඛවෙ, සබ‍්බං අභිඤ‍්ඤෙය්‍යං? චක‍්ඛු, භික‍්ඛවෙ, අභිඤ‍්ඤෙය්‍යං. රූපා… චක‍්ඛුවිඤ‍්ඤාණං… චක‍්ඛුසම‍්ඵස‍්සො… යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි අභිඤ‍්ඤෙය්‍යං. සොතං…පෙ… යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි අභිඤ‍්ඤෙය්‍යං.

“මහණෙනි, සියල්ල මනාසේ දතයුතුය, මහණෙනි, මනාසේ දතයුතු සියල්ල යනු කවරේද? මහණෙනි, චක්‍ඛුප්පසාදය දතයුතුය, -පෙ- රූපා- ලම්බනය - චක්‍ඛු විඤ්ඤාණය - චක්‍ඛු සම්ඵස්සය, චක්‍ඛු සම්ඵස්සය ප්‍රත්‍යය කොට ගෙන උපදනා සුඛ, දුක්ඛ හෝ අදුක්ඛමසුඛ වූ යම් වේදනාවක් ඇතොත්, ඒ සියල්ල දතයුතුය; සොතප්පසාදය -පෙ- ධම්ම සඤ්ඤාය -පෙ- මනො සම්ඵස්සය, එම මනො සම්ඵස්සය ප්‍රත්‍යය කොටගෙන උපදනා සුඛ, දුක්ඛ හෝ අදුක්ඛමසුඛ වූ යම් වේදනාවක් ඇතොත් ඒ සියල්ල දතයුතුය.

“රූපං…පෙ… විඤ‍්ඤාණං… චක‍්ඛු…පෙ… මනො… රූපා…පෙ… ධම‍්මා… චක‍්ඛුවිඤ‍්ඤාණං…පෙ… මනොවිඤ‍්ඤාණං… චක‍්ඛුසම‍්ඵස‍්සො…පෙ… මනොසම‍්ඵස‍්සො….

‘‘රූපය -පෙ- විඤ්ඤාණය, චක්ඛුය -පෙ- මනොය, රූපය, -පෙ- ධම්මය, චක්‍ඛු විඤ්ඤාණය, -පෙ- මනො විඤ්ඤාණය, චක්‍ඛුය -පෙ- මනොය, -පෙ- රූපය, -පෙ- ධම්මය, චක්‍ඛු විඤ්ඤාණය, -පෙ මනෝ විඤ්ඤාණය, චක්‍ඛු සම්ඵස්සය -පෙ- මනෝ සම්ඵස්සය,

“චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා…පෙ… මනොසම‍්ඵස‍්සජා වෙදනා… රූපසඤ‍්ඤා…පෙ… ධම‍්මසඤ‍්ඤා… රූපසඤ‍්චෙතනා…පෙ… ධම‍්මසඤ‍්චෙතනා… රූපතණ‍්හා…පෙ… ධම‍්මතණ‍්හා… රූපවිතක‍්කො…පෙ… ධම‍්මවිතක‍්කො… රූපවිචාරො…පෙ… ධම‍්මවිචාරො….

චක්‍ඛු සම්ඵස්ස වේදනාය, -පෙ- මනෝ සම්ඵස්සවේදනාය, රූපසඤ්ඤාය, -පෙ- ධම්මසඤ්ඤාය, රූපසඤ්චේතනාය, -පෙ- ධම්ම සඤ්චේතනාය, රූපතණ්හාය, -පෙ- ධම්මතණ්හාය, රූප විතක්කය, -පෙ- ධම්ම විතක්කය, රූප විචාරය -පෙ- ධම්මවිචාරය,

“පථවීධාතු…පෙ… විඤ‍්ඤාණධාතු… පථවීකසිණං…පෙ… විඤ‍්ඤාණකසිණං… කෙසා…පෙ… මුත‍්තං… මත්‍ථලුඞ‍්ගං….

පඨවීධාතුය, -පෙ- විඤ්ඤාණ ධාතුය, පඨවිකසිණය, -පෙ- විඤ්ඤාණකසිණය, කේසය, -පෙ- මත්‍ථුලුඞ්ගය,

“චක‍්ඛායතනං…පෙ… ධම‍්මායතනං… චක‍්ඛුධාතු…පෙ… මනොධාතු… මනොවිඤ‍්ඤාණධාතු… චක‍්ඛුන්‍ද්‍රියං…පෙ… අඤ‍්ඤාතාවින්‍ද්‍රියං….

චක්ඛායතනය, -පෙ- ධම්මායතනය, චක්‍ඛුධාතුය, -පෙ- මනෝ විඤ්ඤාණ ධාතුය, චක්‍ඛුන්‍ද්‍රියය, -පෙ- අඤ්ඤතාවී ඉන්‍ද්‍රියය,

“කාමධාතු… රූපධාතු… අරූපධාතු… කාමභවො… රූපභවො… අරූපභවො… සඤ‍්ඤාභවො… අසඤ‍්ඤාභවො… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො… එකවොකාරභවො… චතුවොකාරභවො… පඤ‍්චවොකාරභවො….

කාමධාතුය, රූප ධාතුය, අරූප ධාතුය, කාමභවය, රූපභවය, අරූප භවය, සඤ්ඤාභවය, අසඤ්ඤාභවය, නෙවසඤ්ඤානාසඤ්ඤා භවය, ඒකවෝකාර භවය, පඤ්චවෝකාරභවය,

“පඨමං ඣානං…පෙ… චතුත්‍ථං ඣානං… මෙත‍්තාචෙතොවිමුත‍්ති…පෙ… උපෙක‍්ඛාචෙතොවිමුත‍්ති… ආකාසානඤ‍්චායතනසමාපත‍්ති…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්ති… අවිජ‍්ජා අභිඤ‍්ඤෙය්‍යා…පෙ… ජරාමරණං අභිඤ‍්ඤෙය්‍ය”න‍්ති (පටි· ම· 1.3; සං· නි· 4.46).

ප්‍රථමධ්‍යානය, -පෙ- චතුර්ත්‍ථධ්‍යානය, මෙත්තා චේතනා විමුක්තිය, -පෙ- උපෙක්ඛා චේතනා විමුක්තිය, ආකාසානඤ්චායතන සමාපත්තිය, -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය, අවිජ්ජාය, -පෙ- ජරාමරණය යන මේ සියල්ල දතයුතුය” යනුවෙනි.

තං තත්‍ථ එවං විත්‍ථාරෙන වුත‍්තත‍්තා ඉධ සබ‍්බං පෙය්‍යාලෙන සංඛිත‍්තං. එවං සංඛිත‍්තෙ පනෙත්‍ථ යෙ ලොකුත‍්තරා ධම‍්මා ආගතා, තෙ අසම‍්මසනුපගත‍්තා ඉමස‍්මිං අධිකාරෙ න ගහෙතබ‍්බා. යෙපි ච සම‍්මසනුපගා , තෙසු යෙ යස‍්ස පාකටා හොන‍්ති සුඛෙන පරිග‍්ගහං ගච‍්ඡන‍්ති, තෙසු තෙන සම‍්මසනං ආරභිතබ‍්බං.

ඒ සියල්ල එහි (අභිඤ්ඤා නිද්දේසයෙහි) සවිස්තරව කියන ලද හෙයින් මෙහි පෙය්‍යාලයෙන් සංක්‍ෂිප්ත කොට දක්වන ලදි. මෙසේ සංක්‍ෂිප්ත කරන ලද මෙහි ආ යම් ලෝකෝත්තර වූ ධර්ම කොට්ඨාසයක් වෙතොත් එය සම්මර්ශනයට නො-එළඹෙන හෙයින් මේ අධිකාරයෙහිලා නොගතයුතුය. යම් ධර්මයක් සම්මර්ශනයට එළඹේද පහසුවෙන් වැටහේද ඔහු (යෝගාවචරයා) විසින් එම ධර්මය කෙරෙහි සම්මර්ශනය ආරම්භ කළයුතුය.

තත්‍රායං ඛන්‍ධවසෙන ආරබ‍්භවිධානයොජනා – යංකිඤ‍්චි රූපං…පෙ… සබ‍්බං රූපං අනිච‍්චතො වවත්‍ථපෙති, එකං සම‍්මසනං. දුක‍්ඛතො අනත‍්තතො වවත්‍ථපෙති, එකං සම‍්මසනන‍්ති. එත‍්තාවතා අයං භික‍්ඛු “යංකිඤ‍්චි රූප”න‍්ති එවං අනියමනිද‍්දිට‍්ඨං සබ‍්බම‍්පි රූපං අතීතත‍්තිකෙන චෙව චතූහි ච අජ‍්ඣත‍්තාදිදුකෙහීති එකාදසහි ඔකාසෙහි පරිච‍්ඡින්‍දිත්‍වා සබ‍්බං රූපං අනිච‍්චතො වවත්‍ථපෙති, අනිච‍්චන‍්ති සම‍්මසති.

එහිලා ඛන්‍ධ වශයෙන් වූ ආරම්භක විධාන යෝජනා මෙසේයි:- ‘‘යම්කිසි රූපයක් -පෙ- ඒ සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, ඒ එක් සම්මර්ශනයෙකි; දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, එද එක් සම්මර්ශනයෙකි” මෙහි වනාහි “අයම්පි භික්‍ඛු යං කිඤ්චි රූපං” යනුවෙන් මෙසේ අනියම් වශයෙන් දක්වන ලද සියලු රූපස්කන්‍ධය අතීත ආදි ත්‍රිකය අනුව හා අජ්ඣත්ත ආදී (අජ්ඣත්ත - බහිද්ධා, ඔළාරික - සුඛුම හීන - පණීත, දූරෙ-සන්තිකේ) ද්වික සතර අනුවද යන මේ එකොළොස් අවකාශ වශයෙන් පිරිසිඳ සියලු රූපය අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරයි, අනිත්‍යයයි සම්මර්ශනය කරයි.

කථං ? පරතො වුත‍්තනයෙන. වුත‍්තඤ‍්හෙතං – “රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙනා”ති (පටි· ම· 1.48).

කෙසේද යත්, මතු කියනු ලබන ආකාරයෙහි; කියන ලද මැයි:- “රූපං අතීතානාගත පච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන” (අතීත වූද අනාගත වූද, ප්‍රත්‍යුත්පන්නවූද රූපය ‘ක්‍ෂය වීමේ අර්ත්‍ථයෙන් අනිත්‍ය වේ) යනුවෙනි.

තස‍්මා එස යං අතීතං රූපං, තං යස‍්මා අතීතෙයෙව ඛීණං, නයිමං භවං සම‍්පත‍්තන‍්ති අනිච‍්චං ඛයට‍්ඨෙන.

එහෙයින් යම් මේ අතීත රූපයක් වීද, එය යම් හෙයකින් අතීත භවයෙහිදීම ක්‍ෂය වීය, මේ භවයට නොපැමිණියේද, එහෙයින් එය ක්‍ෂයාර්ත්‍ථයෙන් අනිත්‍ය වේ;

යං අනාගතං අනන‍්තරභවෙ නිබ‍්බත‍්තිස‍්සති, තම‍්පි තත්‍ථෙව ඛීයිස‍්සති, න තතො පරං භවං ගමිස‍්සතීති අනිච‍්චං ඛයට‍්ඨෙන.

යම් අනාගත රූපයක් මතු භවයෙහි උපදනේද, එයද එහිදීම ක්‍ෂය වන්නේය, එයින් මතු එපිට භවයකට නොයන්නේය, එහෙයින් ක්‍ෂයාර්ත්‍ථයෙන් අනිත්‍ය වේ;

යං පච‍්චුප‍්පන‍්නං රූපං, තම‍්පි ඉධෙව ඛීයති, න ඉතො ගච‍්ඡතීති අනිච‍්චං ඛයට‍්ඨෙන.

යම් ප්‍රත්‍යුත්පන්න රූපයක් වේද, එයද මෙහිදීම ක්‍ෂය වෙයි. මෙයින් මතු භවයට නොයන්නේය, එහෙයින් ක්‍ෂයාර්ත්‍ථයෙන් අනිත්‍ය වේ;

යං අජ‍්ඣත‍්තං, තම‍්පි අජ‍්ඣත‍්තමෙව ඛීයති, න බහිද‍්ධාභාවං ගච‍්ඡතීති අනිච‍්චං ඛයට‍්ඨෙන.

යම් අභ්‍යන්තර රූපයක් වේද, එය ඇතුළතදීම ක්‍ෂය වෙයි, පිටතට නොඑන්නේය, එහෙයින් ක්‍ෂයාර්ත්‍ථයෙන් අනිත්‍ය වේ;

යං බහිද‍්ධා…පෙ… ඔළාරිකං…පෙ… සුඛුමං…පෙ… හීනං…පෙ… පණීතං…පෙ… දූරෙ…පෙ… සන‍්තිකෙ, තම‍්පි තත්‍ථෙව ඛීයති, න දූරභාවං ගච‍්ඡතීති අනිච‍්චං ඛයට‍්ඨෙනාති සම‍්මසති.

බාහිර වූ යම් රූපයක් වේද -පෙ- ඕළාරික වූ -පෙ- සමීපයෙහි වූ යම් රූපයක් වේද, එය එහිදීම ක්‍ෂය වෙයි, අන් තැනකට නොයන්නේය, එහෙයින් ක්‍ෂයාර්ත්‍ථයෙන් අනිත්‍ය වේ යනුවෙන් සම්මර්ශනය කරයි.

ඉදං සබ‍්බම‍්පි “අනිච‍්චං ඛයට‍්ඨෙනා”ති එතස‍්ස වසෙන එකං සම‍්මසනං. භෙදතො පන එකාදසවිධං හොති.

“අනිච්චං ඛයට්ඨෙන” (ක්‍ෂයාර්ත්‍ථයෙන් අනිත්‍යයි) යනුවෙන් කියන ලද මේ සියල්ල එක් සම්මර්ශනයෙකි. භේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ.

සබ‍්බමෙව ච තං දුක‍්ඛං භයට‍්ඨෙන. භයට‍්ඨෙනාති සප‍්පටිභයතාය. යඤ‍්හි අනිච‍්චං, තං භයාවහං හොති සීහොපමසුත‍්තෙ (සං· නි· 3.78; අ· නි· 4.33) දෙවානං විය. ඉති ඉදම‍්පි “දුක‍්ඛං භයට‍්ඨෙනා”ති එතස‍්ස වසෙන එකං සම‍්මසනං. භෙදතො පන එකාදසවිධං හොති.

තවද ඒ සියලුම රූපස්කන්‍ධය භයාර්ත්‍ථයෙන් දුඃඛ වේ, භයාර්ත්‍ථයෙහි’යි යනු භය සහිත වූ හෙයිනි, යමක් අනිත්‍ය වේද, එය භය එළවන්නේ වේ, සීහෝපම සූත්‍රයෙහි දෙවියනට මෙනි. මෙසේ මෙයද ‘භයාර්ත්‍ථයෙන් දුඃඛ වේ’ යනුවෙන් එක් සම්මර්ශනයෙකි, භේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ.

යථා ච දුක‍්ඛං, එවං සබ‍්බම‍්පි තං අනත‍්තා අසාරකට‍්ඨෙන. අසාරකට‍්ඨෙනාති “අත‍්තා නිවාසී කාරකො වෙදකො සයංවසී”ති එවං පරිකප‍්පිතස‍්ස අත‍්තසාරස‍්ස අභාවෙන. යඤ‍්හි අනිච‍්චං, දුක‍්ඛං, තං අත‍්තනොපි අනිච‍්චතං වා උදයබ‍්බයපීළනං වා වාරෙතුං න සක‍්කොති, කුතො තස‍්ස කාරකාදිභාවො. තෙනාහ – “රූපඤ‍්ච හිදං, භික‍්ඛවෙ, අත‍්තා අභවිස‍්ස. නයිදං රූපං ආබාධාය සංවත‍්තෙය්‍යා”තිආදි (සං· නි· 3.59). ඉති ඉදම‍්පි “අනත‍්තා අසාරකට‍්ඨෙනා”ති එතස‍්ස වසෙන එකං සම‍්මසනං. භෙදතො පන එකාදසවිධං හොති. එස නයො වෙදනාදීසු.

යම්සේ දුඃඛ වේද, එසේම ඒ සියල්ලම අසාරාර්ත්‍ථයෙන් අනාත්ම වේ, අසාරාර්ත්‍ථයෙනි’යි යනු, ආත්මය (තමා තුළ) වෙසෙන්නෙකැයිද, කාරකයෙකැ’යි (කරවන්නෙකැ’යි) ද, වේදකයෙකැ’යි (විඳින්නෙකැයි) ද, සංයංවසී (තමා වසඟකොට ගත්තෙකැයි) ද යනුවෙන් මෙසේ පරිකල්පිත ආත්මසාරයක් නොමැති හෙයින්. ‘යමක් අනිත්‍ය වේද, එය දුකෙකි, (ආත්මය තෙමේ) තම පිළිබඳවූම අනිත්‍යතාව හෝ උදය-ව්‍යය පීඩනය (ඉපැදීම් වැයවීම් දෙකෙහි පීඩනය) වලක්වනු නොහැකියේ වේ; එය සතු කාරකභාවාදියක් කොයින්ද? එහෙයින් කීහු:- “රූපං ච හිදං භික්‍ඛවෙ අත්තා අභවිස්ස. නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය” (මහණෙනි, මේ රූපස්කන්‍ධය ආත්මය වේනම්, මෙය ආබාධ පිණිස නොපවතිනු ඇත) යන ආදියයි. මෙසේ මේ රූපය අසාරාර්ත්‍ථයෙන් අනාත්මයයි යන මේ ආකාරයෙන් එක් සම්මර්ශනයෙක් වේ; භේද වශයෙන් වනාහි එයද එකොළොස් ආකාර වේ. වේදනා ආදිය විෂයයෙහිද මෙම නයයි.

යං පන අනිච‍්චං, තං යස‍්මා නියමතො සඞ‍්ඛතාදිභෙදං හොති. තෙනස‍්ස පරියායදස‍්සනත්‍ථං, නානාකාරෙහි වා මනසිකාරප‍්පවත‍්තිදස‍්සනත්‍ථං “රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්ම”න‍්ති පුන පාළි වුත‍්තා. එස නයො වෙදනාදීසූති.

යමක් වනාහි අනිත්‍ය වේද, යම් හෙයකින් එය නියත වශයෙන්ම සංඛත (සංස්කාර) ආදී භේද (ස්වභාව) ඇත්තේ වේද, එහෙයින් එය පිළිබඳ පර්යාය දක්වනු පිණිස, නැතහොත්, විවිධාකාරයෙන් එහි මනසිකාර (මෙනෙහි කිරීමේ) ක්‍රමය දක්වනු පිණිස “රූපං අතීත අනාගත පච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පච්චුප්පන්නං පටිච්ච සමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං” (අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ රූපස්කන්‍ධය අනිත්‍යය, සංඛතය, හේතුවක් නිසා හටගත්තෙකි, ක්‍ෂය වන සුලුය, වැය වන සුලුය, නිරුද්ධ වන සුලුය, විරාගය (සන්සිඳීම) ස්වභාව කොට ඇත්තෙකි) යනුවෙන් නැවතත් පෙළ දක්වන ලදි. “එස තයො වෙදනාදීසු (වේදනා ආදියෙහිද මෙම නයයි) යනු:-