චත්තාරීසාකාරඅනුපස්සනාකථා
චත්තාරීසාකාරඅනුපස්සනාකථා
චත්තාරීසාකාරඅනුපස්සනාකථා
සො තස්සෙව පඤ්චසු ඛන්ධෙසු අනිච්චදුක්ඛානත්තසම්මසනස්ස ථිරභාවත්ථාය, යං තං භගවතා “කතමෙහි චත්තාරීසාය ආකාරෙහි අනුලොමිකං ඛන්තිං පටිලභති, කතමෙහි චත්තාරීසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමතී”ති එතස්ස විභඞ්ගෙ –
ඒ යෝගී තෙමේ එම පංචස්කන්ධ විෂයයෙහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම සම්මර්ශනය තිර බවට පත්කර ගනු පිණිස සතළිස් ආකාරයෙකින් පංචස්කන්ධයන් දකිමින් අනුලෝමික ඛන්තිය’ ලබයි. භාග්‍යවතුන් වහන්සේ විසින්. “කවර නම් සතළිස් ආකාරයෙකින් අනුලෝමික ඛන්තිය (ආර්ය මාර්ගානුකූල ක්ෂාන්තිය) ලබාද? කවර නම් සතළිස් ආකාරයෙකින් “සම්මත්ත නියාමයට’ (නිවැරදි ආර්ය මාර්ගයට) බසීදැ’යි යන මෙය විභඞ්ගයෙහි මෙසේ දක්වන ලදි:-
“පඤ්චක්ඛන්ධෙ අනිච්චතො, දුක්ඛතො, රොගතො, ගණ්ඩතො, සල්ලතො, අඝතො, ආබාධතො, පරතො, පලොකතො, ඊතිතො, උපද්දවතො, භයතො, උපසග්ගතො, චලතො, පභඞ්ගුතො, අද්ධුවතො, අතාණතො, අලෙණතො, අසරණතො, රිත්තතො, තුච්ඡතො, සුඤ්ඤතො, අනත්තතො, ආදීනවතො, විපරිණාමධම්මතො, අසාරකතො, අඝමූලතො, වධකතො, විභවතො, සාසවතො, සඞ්ඛතතො, මාරාමිසතො, ජාතිධම්මතො, ජරාධම්මතො, බ්යාධිධම්මතො, මරණධම්මතො , සොකධම්මතො, පරිදෙවධම්මතො, උපායාසධම්මතො, සංකිලෙසිකධම්මතො”ති (පටි· ම· 3.37) –
“පංචස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන්, රෝග වශයෙන්, ගණ්ඩ වශයෙන් (ගඩක් වශයෙන්) සල්ල (ශල්‍ය) වශයෙන්, අස (විපත්ති) වශයෙන්, ආබාධ වශයෙන්, පර (තමා සතු නොවූ) වශයෙන්, පලෝක (බිඳෙන සුලු) වශයෙන්, අන්තරාය වශයෙන්, උපද්‍රව වශයෙන් භය වශයෙන්, උපසග්ග (වසංගත රෝග) වශයෙන්, චල (සැලෙන සුලු) වශයෙන්, පභංගුර (බිදෙන සුලු) වශයෙන්, අද්ධූව (අස්ථිර) වශයෙන්, අතාණ (අරක්ෂිත) වශයෙන්, අලේණ (රැකවරණ නැති) වශයෙන්, අසරණ (පිහිටක් නැති) වශයෙන්, රික්ත (හිස්) වශයෙන්, තුච්ඡ (හිස්) වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, ආදීනව වශයෙන්, විපරිණාම ධර්ම වශයෙන්, අසාර වශයෙන්, ව්යාසනමූල වශයෙන්, වධක වශයෙන්, විභව (වැනසෙන සුලු) වශයෙන්, සාශ්‍රව වශයෙන්, සඞ්ඛත (සංස්කාර) වශයෙන්, මාරාමිස (මාරයාට අයත්) වශයෙන්, ජාතිධර්ම වශයෙන්, ජරාධර්ම වශයෙන්, ව්යාධිධර්ම වශයෙන්, මරණ ධර්ම වශයෙන්, ශෝක ධර්ම වශයෙන්, පරිදේව ධර්ම වශයෙන්, උපායාස ධර්ම වශයෙන්, සඞ්කිලේසික (කෙලෙසන සුලු) ධර්ම වශයෙන්දැ’යි
චත්තාරීසාය ආකාරෙහි,
යන සතළිස් ආකාරයෙන්
“පඤ්චක්ඛන්ධෙ අනිච්චතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති. පඤ්චන්නං ඛන්ධානං නිරොධො නිච්චං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමතී”තිආදිනා (පටි· ම· 3.38) නයෙන,
පංචස්කන්ධයන් දකිනුයේ අනුලෝමික ක්ෂාන්තිය ලබයි, පංචස්කන්ධයන්ගේ නැවැත්ම නිත්‍ය වූ නිර්වාණයයි දකිනුයේ සම්මත නියාමයට (ආර්ය මාර්ගයට) බසියි.” යන ආදී නයින්
අනුලොමඤාණං විභජන්තෙන පභෙදතො අනිච්චාදිසම්මසනං වුත්තං. තස්සාපි වසෙන ඉමෙ පඤ්චක්ඛන්ධෙ සම්මසති.
අනුලෝම ඥානය විග්රහ කෙරෙමින් ප්‍රභේද වශයෙන් අනිත්‍යාදී සම්මර්ශනය කියන ලද්දේ ද, ඒ අනුවද මේ පංචස්කන්ධයන් සම්මර්ශනය කරයි.
කථං ? සො හි එකෙකං ඛන්ධං අනච්චන්තිකතාය, ආදිඅන්තවන්තතාය ච අනිච්චතො. උප්පාදවයපටිපීළනතාය, දුක්ඛවත්ථුතාය ච දුක්ඛතො. පච්චයයාපනීයතාය, රොගමූලතාය ච රොගතො. දුක්ඛතාසූලයොගිතාය, කිලෙසාසුචිපග්ඝරණතාය, උප්පාදජරාභඞ්ගෙහි උද්ධුමාතපරිපක්කපභින්නතාය ච ගණ්ඩතො. පීළාජනකතාය, අන්තොතුදනතාය, දුන්නීහරණීයතාය ච සල්ලතො. විගරහණීයතාය, අවඩ්ඪිආවහනතාය, අඝවත්ථුතාය ච අඝතො. අසෙරිභාවජනකතාය, ආබාධපදට්ඨානතාය ච ආබාධතො. අවසතාය, අවිධෙය්යතාය ච පරතො. බ්යාධිජරාමරණෙහි පලුජ්ජනතාය පලොකතො. අනෙකබ්යසනාවහනතාය ඊතිතො. අවිදිතානංයෙව විපුලානං අනත්ථානං ආවහනතො, සබ්බුපද්දවවත්ථුතාය ච උපද්දවතො. සබ්බභයානං ආකරතාය, දුක්ඛවූපසමසඞ්ඛාතස්ස පරමස්සාසස්ස පටිපක්ඛභූතතාය ච භයතො. අනෙකෙහි අනත්ථෙහි අනුබද්ධතාය, දොසූපසට්ඨතාය, උපසග්ගො විය අනධිවාසනාරහතාය ච උපසග්ගතො. බ්යාධිජරාමරණෙහි චෙව ලාභාලාභාදීහි ච ලොකධම්මෙහි පචලිතතාය චලතො. උපක්කමෙන චෙව සරසෙන ච පභඞ්ගුපගමනසීලතාය පභඞ්ගුතො. සබ්බාවත්ථනිපාතිතාය, ථිරභාවස්ස ච අභාවතාය අද්ධුවතො. අතායනතාය චෙව, අලබ්භනෙය්යඛෙමතාය ච අතාණතො. අල්ලීයිතුං අනරහතාය, අල්ලීනානම්පි ච ලෙණකිච්චාකාරිතාය අලෙණතො. නිස්සිතානං භයසාරකත්තාභාවෙන අසරණතො. යථාපරිකප්පිතෙහි ධුවසුභසුඛත්තභාවෙහි රිත්තතාය රිත්තතො. රිත්තතායෙව තුච්ඡතො අප්පකත්තා වා, අප්පකම්පි හි ලොකෙ තුච්ඡන්ති වුච්චති. සාමි-නිවාසි-කාරක-වෙදකාධිට්ඨායකවිරහිතතාය සුඤ්ඤතො. සයඤ්ච අස්සාමිකභාවාදිතාය අනත්තතො. පවත්තිදුක්ඛතාය, දුක්ඛස්ස ච ආදීනවතාය ආදීනවතො, අථ වා ආදීනං වාති ගච්ඡති පවත්තතීති ආදීනවො, කපණමනුස්සස්සෙතං අධිවචනං, ඛන්ධාපි ච කපණායෙවාති ආදීනවසදිසතාය ආදීනවතො. ජරාය චෙව මරණෙන චාති ද්වෙධා පරිණාමපකතිතාය විපරිණාමධම්මතො. දුබ්බලතාය, ඵෙග්ගු විය සුඛභඤ්ජනීයතාය ච අසාරකතො. අඝහෙතුතාය අඝමූලතො. මිත්තමුඛසපත්තො විය විස්සාසඝාතිතාය වධකතො. විගතභවතාය, විභවසම්භූතතාය ච විභවතො. ආසවපදට්ඨානතාය සාසවතො. හෙතුපච්චයෙහි අභිසඞ්ඛතතාය සඞ්ඛතතො. මච්චුමාරකිලෙසමාරානං ආමිසභූතතාය මාරාමිසතො. ජාති-ජරා-බ්යාධිමරණපකතිතාය ජාති-ජරා-බ්යාධි-මරණධම්මතො. සොක-පරිදෙව-උපායාසහෙතුතාය සොක-පරිදෙවඋපායාසධම්මතො. තණ්හාදිට්ඨිදුච්චරිතසංකිලෙසානං විසයධම්මතාය සංකිලෙසිකධම්මතොති එවං පභෙදතො වුත්තස්ස අනිච්චාදිසම්මසනස්ස වසෙන සම්මසති.
කෙසේද යත්:- ඒ (යෝගාවචර) තෙමේ එක් එක් ස්කන්ධයක් අනිත්‍යය අන්තකොට ඇති හෙයින් (අශාස්වත හෙයින්) හා ආදි - අන්ත යන දෙක ඇති හෙයින් අනිත්‍ය වශයෙන්ද, උදය-ව්‍යය යන දෙකින් නිරන්තරයෙන් පෙළෙන හෙයින් හා දුකට වස්තු වූ හෙයින් දුඃඛ වශයෙන්ද (ආහාර ආදී) ප්‍රත්‍යයයෙන් නිරන්තරයෙන් යැපියයුතු වන හෙයින් හා රෝගයනට මුල්වන හෙයින් රෝග වශයෙන්ද, දුක්ඛතා රුජායෙන් යුක්ත වූ හෙයින් හා කෙලෙස් නමැති අසූචි වැගිරෙන හෙයින්ද, උත්පාද-ජරා-භංග යන මෙයින්ද ඉදිමුම්, පැසවීම් බිඳිම් ස්වභාව ඇති හෙයින් ගඬක් වශයෙන්ද, පීඩාජනක වන හෙයින්ද, ඇතුළත රිදවන හෙයින් හා දුක සේ බැහැර කළ යුතු වන හෙයින් ශල්‍යයක් වශයෙන්ද, ගැරහිය යුතු වන හෙයින්ද, අවැඩ ගෙන දෙන හෙයින් හා විපතට වස්තු වන හෙයින් අඝ වශයෙන්ද ස්වෛරීභාවය නැති කරන හෙයින් හා ආබාධයනට වස්තු වන හෙයින් ආබාධ වශයෙන්ද, තමා වශයෙහි නොපැවැත්විය හැකි හෙයින් හා විධානයෙහි හැසිරවිය නොහැකි හෙයින් පර වශයෙන්ද, ව්‍යාධි, ජරා, මරණ යන මෙයින් පලුදුවන හෙයින් පලෝක (බිඳෙන සුලු) වශයෙන්ද, නොයෙක් ව්‍යසනයන් එළවන හෙයින් ඊති (අන්තරාය) වශයෙන්ද, ඇඟවීමක් නැතිවම ඉමහත් අනර්ත්ථයන් ගෙන දෙන හෙයින් හා සියලු උවදුරුවලට වස්තුවන හෙයින් උපද්‍රව වශයෙන්ද, සියලු භයට ආකර වන හෙයින් හා දුක්ඛුපසම (දුක් සමනය කිරීම) යයි කියනු ලබන පරමසුඛයට (නිවණට) ප්රතිපක්ෂ වූ හෙයින් භය වශයෙන්ද, අනේක වූ අනර්ත්ථයන් විසින් ලුහු බඳනාලද හෙයින්ද දෝෂයන්ගෙන් ගැවසීගත් හෙයින් හා පීඩාවක් සෙයින් නො-ඉවසිය හැකි වන හෙයින් උපසග්ග (වසන්ගත රෝග) වශයෙන්ද, ව්‍යාධි, ජරා, මරණ යන මෙයින් හා ලාභ, අලාභ ආදී අෂ්ටලෝක ධර්මයන්ගෙන් සැලෙන හෙයින් චල වශයෙන්ද, උපක්‍රමයෙන් මෙන්ම ස්වභාව සිද්ධ වශයෙන්ද භංගයට යන සුලු හෙයින් පභංගු වශයෙන්ද, කවර අවස්ථාවෙක වුවද ගිලිහී යාහැකි හෙයින් හා ස්ථිර භාවයක් නොමැති හෙයින් අද්ධුව වශයෙන්ද, අනාරක්ෂිත භාවයෙන් හා ක්ෂේමභාවයක් නොලද හැකි වන හෙයින් අත්තාණ වශයෙන්ද, සැඟවීගත නොහැකි වන හෙයින් හා සැඟවී සිටිනවුනට පවා රැකවරණ කිසක් නොසැපයෙන හෙයින් අලේණ වශයෙන්ද, ඇසුරු කළවුන්ගේ භය දුරුකළ නොහැකි හෙයින් අසරණ වශයෙන්ද, පෘථග්ජනයන් විසින්) පරිකල්පනය කරන ලද පරිදි ධුව-සුභ-සුඛ-අත්තභාවයක් නැති හෙයින් රික්ත වශයෙන්ද, රික්ත (හිස්) භාවය නිසාම, නැතහොත් ලාමක භාවය නිසා තුච්ඡ වශයෙන්ද, ලෝකයෙහි අල්ප (ලාමක) වූ දෙය තුච්ඡ කොට වහරනු ලැබේ, ස්වාමියකු, නිවාසියකු, කාරකයකු (කරවන්නකු), වේදකයකු (විඳින්නකු), අධිට්ඨායකයකු (අධ්යක්ෂකයකු) නැති හෙයින් ශුන්‍ය වශයෙන්ද, තමාද අස්වාමික භාවාදියෙන් යුක්ත වූ හෙයින් අනාත්ම වශයෙන්ද, පැවැත්ම දුක්සහිත වන හෙයින් හා දුක්ද ආදීනව වන හෙයින් ආදීනව වශයෙන්ද, නොහොත්, ආදීන (බැගෑ) බව වෙත ළං වෙති’යි. යෙති’යි, පවතිතියි ආදීනව නමි; මෙය දුගී මිනිසාට අධිවචනයෙකි; ස්කන්ධයෝද කෘපණයෝ (දුගියෝ)ම වෙති’යි - දුගියන් හා සමාන වන හෙයින් ආදීනව වශයෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද යන දෙ-අයුරෙකින් පරිණාමයට යන සුලු හෙයින් විපරිණාම ධර්ම වශයෙන්ද දුබල බැවින් හා හරයක් නැති බැවින් කොටදිඹුලා ශාකය මෙන් පහසුවෙන් කඩා දැමිය හැකි වන හෙයින් අසාර වශයෙන්ද, පවට මුල් වන හෙයින් අඝමූලක වශයෙන්ද, මිතුරු වෙසින් සිටින සතුරකු සෙයින් විශ්වාසය කඩ කරන වධකයකු වශයෙන්ද, වැඩීමක් නැති හෙයින් හා විභව (විනාශ)යෙන් හටගත් හෙයින් විභව වශයෙන්ද, ආශ්රවයනට පදනම් වන හෙයින් සාශ්‍රව වශයෙන්ද, හේතු ප්‍රත්‍යයෙන් සැකසුණ හෙයින් සංඛත වශයෙන්ද, මෘත්‍යුමාර, ක්ලේශ මාරාදීනට ගොදුරු වන හෙයින් මාරාමිස වශයෙන්ද, ජාති-ජරා-ව්‍යාධි මරණයන් ස්වභාව කොට ඇති හෙයින් ජාති-ජරා-ව්‍යාධි මරණ ස්වභාව වශයෙන්ද, සෝක-පරිදේව උපායාසයනට හේතුවන හෙයින් සෝක-පරිදේව-උපායාස ස්වභාව වශයෙන්ද, තෘෂ්ණාදෘෂ්ටි- සංක්ලේශයනට විෂයවන ස්වභාව ඇති හෙයින් සංක්ලේශික ස්වභාව වශයෙන්දැ’යි මෙසේ ප්‍රභේද වශයෙන් දක්වන ලද අනිත්‍යාදී සම්මර්ශන වශයෙන් සම්මර්ශනය කරයි.
එත්ථ හි අනිච්චතො, පලොකතො, චලතො, පභඞ්ගුතො, අද්ධුවතො, විපරිණාමධම්මතො, අසාරකතො, විභවතො, සඞ්ඛතතො, මරණධම්මතොති එකෙකස්මිං ඛන්ධෙ දස දස කත්වා පඤ්ඤාස අනිච්චානුපස්සනානි. පරතො, රිත්තතො, තුච්ඡතො, සුඤ්ඤතො, අනත්තතොති එකෙකස්මිං ඛන්ධෙ පඤ්ච පඤ්ච කත්වා පඤ්චවීසති අනත්තානුපස්සනානි. සෙසානි දුක්ඛතො, රොගතොතිආදීනි එකෙකස්මිං ඛන්ධෙ පඤ්චවීසති පඤ්චවීසති කත්වා පඤ්චවීසතිසතං දුක්ඛානුපස්සනානීති.
මෙහි අනිත්‍ය වශයෙන්, පලෝක වශයෙන්, චල වශයෙන්, පභඞ්ගු වශයෙන්, අද්ධූව වශයෙන්, විපරිණාම ධර්ම වශයෙන්, අසාර වශයෙන්, විභව වශයෙන්, සංඛත වශයෙන්, මරණ ස්වභාව වශයෙන්දැ’යි මෙසේ එක් එක් ස්කන්ධයෙක්හි දශයක් දශයක් බැගින් අනිච්චානු පස්සනා පණසක්ද, පරවශයෙන්, රික්ත වශයෙන්, තුච්ඡ වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්දැ’යි මෙසේ එක් එක් ස්කන්ධයෙක්හි පසක් පසක් බැගින් අනිත්‍යානු පස්සනා විසිපහක්ද, දුඃඛ වශයෙන් රෝග වශයෙන් ආදී වූ ඉතිරි අනුපස්සනා අතුරෙන් එක් එක් ස්කන්ධයෙක්හි පස්විස්සක් පස්විස්සක් බැගින් දුක්ඛානුපස්සනා එක්සිය විසිපහක්ද වේ.
ඉච්චස්ස ඉමිනා ද්විසතභෙදෙන අනිච්චාදිසම්මසනෙන පඤ්චක්ඛන්ධෙ සම්මසතො තං නයවිපස්සනාසඞ්ඛාතං අනිච්චදුක්ඛානත්තසම්මසනං ථිරං හොති. ඉදං තාවෙත්ථ පාළිනයානුසාරෙන සම්මසනාරම්භවිධානං.
මෙසේ මේ දෙසියක් ආකාරයෙන් අනිත්‍යාදී සම්මර්ශනයෙන් පංචස්කන්ධයන් සම්මර්ශනය කරන මේ යෝගියාහට ‘නය විපස්සනා’ යයි කියනු ලබන අනිත්‍ය-දුඃඛ-අනාත්ම සම්මර්ශනය තිර බවට යෙයි. මේ වනාහි, පෙළනය අනුව, මෙහි අනිච්චානුපස්සනාදී වශයෙන් සම්මර්ශනාරම්භය පිළිබඳ විධානයයි.