යෙදුමෙන් කියවන්න

ඉන්‍ද්‍රියතික‍්ඛකාරණනවකකථා

ඉන්‍ද්‍රියතික‍්ඛකාරණනවකකථා

ඉන්ද්රියතික්ඛකාරණනවකකථා

යස‍්ස පන එවං නයවිපස‍්සනාය යොගං කරොතොපි නයවිපස‍්සනා න සම‍්පජ‍්ජති, තෙන “නවහාකාරෙහි ඉන්‍ද්‍රියානි තික‍්ඛානි භවන‍්ති – උප‍්පන‍්නුප‍්පන‍්නානං සඞ‍්ඛාරානං ඛයමෙව පස‍්සති, තත්‍ථ ච සක‍්කච‍්චකිරියාය සම‍්පාදෙති, සාතච‍්චකිරියාය සම‍්පාදෙති, සප‍්පායකිරියාය සම‍්පාදෙති, සමාධිස‍්ස ච නිමිත‍්තග‍්ගාහෙන, බොජ‍්ඣඞ‍්ගානඤ‍්ච අනුපවත‍්තනතාය, කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛතං උපට‍්ඨාපෙති, තත්‍ථ ච අභිභුය්‍ය නෙක‍්ඛම‍්මෙන, අන‍්තරා ච අබ්‍යොසානෙනා”ති එවං වුත‍්තානං නවන‍්නං ආකාරානං වසෙන ඉන්‍ද්‍රියානි තික‍්ඛානි කත්‍වා පථවීකසිණනිද‍්දෙසෙ වුත‍්තනයෙන සත‍්ත අසප‍්පායානි වජ‍්ජෙත්‍වා සත‍්ත සප‍්පායානි සෙවමානෙන කාලෙන රූපං සම‍්මසිතබ‍්බං, කාලෙන අරූපං. රූපං සම‍්මසන‍්තෙන රූපස‍්ස නිබ‍්බත‍්ති පස‍්සිතබ‍්බා.

මෙසේ නය විපස්සනා පිණිස යෝග කිරිමෙන් පවා යම් යෝගාවචරයකුහට නයවිපස්සනාව සිද්ධ නොවෙතොත්, ඔහු විසින්:- “නව ආකාරයෙකින් (ශ්‍රද්ධාදී) ඉන්‍ද්‍රියයෝ තියුණු වෙති, උපනූපන් සංස්කාරයන්ගේ ක්‍ෂයවීම දකියි, තවද එහිදී මනාසේ ක්‍රියා කරයි, සතතයෙන් ක්‍රියා කරයි, සප්පාය ලෙස ක්‍රියා කරයි, සමාධිය පිළිබඳ නිමිති ගැනීමෙන්ද (ක්‍රියාකරයි), බොජ්ඣංගයන් අනුව පැවැත්මෙන් (ක්‍රියා කරයි), කය හා ජීවිතය පිළිබඳව නිරපේක්‍ෂතාවට එළඹෙයි, එහිදී නෛෂ්ක්‍රම්‍යයෙන් (කය හා ජීවිතය පිළිබඳ අපේක්‍ෂාවන්) මැඩලයි, අතරතුර කඩ නොවනසේ (ක්‍රියා කරයි)’ යනුවෙන් මෙසේ කියන ලද නව ආකාරයෙන් ඉන්‍ද්‍රියයන් තියුණු කොට (ඉහත) පඨවිකසිණ නිද්දේසයෙහි දක්වන ලද නයින් සප්ත-අසත්ප්‍රායයන් දුරු කොට සප්ත ස‍්‍ත්ප්‍රායයන් සෙවුමින් වරෙක රූපස්කන්‍ධයද, වරෙක අරූප ස්කන්‍ධයන්ද සම්මර්ශනය කළයුතුය. රූපස්කන්‍ධය සම්මර්ශනය කෙරෙමින් රූපයෙහි උපත දැකිය යුතුය,