යෙදුමෙන් කියවන්න

රූපනිබ‍්බත‍්තිපස‍්සනාකාරකථා

රූපනිබ‍්බත‍්තිපස‍්සනාකාරකථා

රූපනිබ්බත්තිපස්සනාකාරකථා

සෙය්‍යථිදං – ඉදං රූපං නාම කම‍්මාදිවසෙන චතූහි කාරණෙහි නිබ‍්බත‍්තති. තත්‍ථ සබ‍්බෙසං සත‍්තානං රූපං නිබ‍්බත‍්තමානං පඨමං කම‍්මතො නිබ‍්බත‍්තති. පටිසන්‍ධික‍්ඛණෙයෙව හි ගබ‍්භසෙය්‍යකානං තාව තිසන‍්තතිවසෙන වත්‍ථු-කාය-භාවදසකසඞ‍්ඛාතානි තිංස රූපානි නිබ‍්බත‍්තන‍්ති, තානි ච ඛො පටිසන්‍ධිචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙයෙව. යථා ච උප‍්පාදක‍්ඛණෙ, තථා ඨිතික‍්ඛණෙපි භඞ‍්ගක‍්ඛණෙපි.

ඒ මෙසේයි:- ‘මේ රූපස්කන්‍ධය වනාහි කර්ම ආදී කරුණු සතරෙකින් උපදියි, සියලු සත්‍වයන්ගේ රූපය උපදින විට, පළමුකොට කර්මයෙන් උපදියි, ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහිදීම, පළමු කොට ගර්භශායී සත්‍වයනට, වත්‍ථු, කාය, භාව යන දශක සංඛ්‍යාත වූ සන්තති තුනක් වශයෙන්, රූප තිසක් උපදියි; ඒ රූප තිස ප්‍රතිසන්‍ධි චිත්තය උපදින කෙණෙහිම උපදියි; උත්පාදක්‍ෂණයෙහි යම්සේද, ස්ථිති ක්‍ෂණයෙහි හා භංගක්‍ෂණයෙහිද එසේය.

තත්‍ථ රූපං දන්‍ධනිරොධං ගරුපරිවත‍්ති, චිත‍්තං ඛිප‍්පනිරොධං ලහුපරිවත‍්ති. තෙනාහ – “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යං එවං ලහුපරිවත‍්තං යථයිදං, භික‍්ඛවෙ, චිත‍්ත”න‍්ති (අ· නි· 1.48). රූපෙ ධරන‍්තෙයෙව හි සොළසවාරෙ භවඞ‍්ගචිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣති. චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණොපි ඨිතික‍්ඛණොපි භඞ‍්ගක‍්ඛණොපි එකසදිසා. රූපස‍්ස පන උප‍්පාදභඞ‍්ගක‍්ඛණායෙව ලහුකා, තෙහි සදිසා. ඨිතික‍්ඛණො පන මහා, යාව සොළස චිත‍්තානි උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති, තාව වත‍්තති. පටිසන්‍ධිචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ උප‍්පන‍්නං ඨානප‍්පත‍්තං පුරෙජාතං වත්‍ථුං නිස‍්සාය දුතියං භවඞ‍්ගං උප‍්පජ‍්ජති. තෙන සද‍්ධිං උප‍්පන‍්නං ඨානප‍්පත‍්තං පුරෙජාතං වත්‍ථුං නිස‍්සාය තතියං භවඞ‍්ගං උප‍්පජ‍්ජති. ඉමිනා නයෙන යාවතායුකං චිත‍්තප‍්පවත‍්ති වෙදිතබ‍්බා. ආසන‍්නමරණස‍්ස පන එකමෙව ඨානප‍්පත‍්තං පුරෙජාතං වත්‍ථුං නිස‍්සාය සොළස චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති.

එහිදී රූපයෙහි නැවැත්ම ලැසිව සිදුවේ; පරිණාමය මන්දගාමී වේ; චිත්තයෙහි නැවැත්ම වහා සිදු වේ, පරිණාමය යුහුව සිදු වේ. එහෙයින් වදාළහ:- “මහණෙනි, මේ චිත්තය තරම් යුහුව පෙරළෙන අන් කිසිදු ස්වභාවයක් මම නොදක්නෙමි” යනුයි. රූපය තිබියදීම භවාංග චිත්තය සොළොස් වරක් ඉපිද නිරුද්ධ වේ. චිත්තයෙහි උත්පාද ක්‍ෂණයද ස්ථිති ක්‍ෂණයද, භංගක්‍ෂණයද එකසමාන (සමප්‍රමාණ) වේ; රූපයෙහි වනාහි උත්පාද ක්‍ෂණය හා භංගක්‍ෂණය යුහු වේ, ඒ දෙක පමණක් සමප්‍රමාණ වේ; ස්ථිති ක්‍ෂණය වනාහි වැඩිතරම් වේ, සිත් සොළොසක් ඉපිද නිරුද්ධ වන තෙක් පවතියි. ප්‍රතිසන්‍ධි චිත්තය උපන් කෙණෙහිම ඉපිද තැන්පත් වූ, එහෙයින් පුරේජාත (පළමුව උපන්) යයි කිවයුතු හෘදය වස්තුව නිසා දෙවන භවාංග චිත්තය උපදියි, ඒ දෙවන භවාංග චිත්තය හා සමග ඉපිද තැන්පත් වූ, පුරේජාත වූ හෘදය වස්තුව නිසා තුන්වන භවාංග චිත්තය උපදියි; මේ නයින් චිත්ත ප්‍රවෘත්තිය (සිතෙහි පැවැත්ම) ආයුෂ ඇති තෙක් වෙතැ’යි දතයුතුය. මරණාසන්න වූවහුට වනාහි තැන්පත් වූ එකම හෘදය වස්තුව නිසා සිත් සොළොසක් උපදියි.

පටිසන්‍ධිචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ උප‍්පන‍්නං රූපං පටිසන්‍ධිචිත‍්තතො උද‍්ධං සොළසමෙන චිත‍්තෙන සද‍්ධිං නිරුජ‍්ඣති. ඨානක‍්ඛණෙ උප‍්පන‍්නං සත‍්තරසමස‍්ස උප‍්පාදක‍්ඛණෙන සද‍්ධිං නිරුජ‍්ඣති. භඞ‍්ගක‍්ඛණෙ උප‍්පන‍්නං සත‍්තරසමස‍්ස ඨානක‍්ඛණං පත්‍වා නිරුජ‍්ඣති. යාව පවත‍්ති නාම අත්‍ථි, එවමෙව පවත‍්තති. ඔපපාතිකානම‍්පි සත‍්තසන‍්තතිවසෙන සත‍්තති රූපානි එවමෙව පවත‍්තන‍්ති.

ප්‍රතිසන්‍ධි චිත්තය උපන් කෙණෙහිම උපන් රූපය ප්‍රතිසන්‍ධි චිත්තයෙන් මතු සොළොස්වන චිත්තය හා සමග නිරුද්ධ වේ. ස්ථිති ක්‍ෂණයෙහි උපන් රූපය සතළොස්වන චිත්තයෙහි ඉපැදීම හා සමග නිරුද්ධ වේ. භංගක්‍ෂණයෙහි උපන් චිත්තය සතළොස්වන චිත්තයෙහි ස්ථිතික්‍ෂණයට පැමිණ නිරුද්ධ වේ, යම්තාක් පැවැත්ම වේද, ඒතාක් මෙසේම පවතියි. ඕපපාතික සත්‍වයනටද මේ ආකාරයෙන්ම සන්තති සතක් (චක්‍ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, භාව, වත්‍ථු දශක) වශයෙන් රූප සැත්තෑවක් පවතී.

තත්‍ථ කම‍්මං, කම‍්මසමුට‍්ඨානං, කම‍්මපච‍්චයං, කම‍්මපච‍්චයචිත‍්තසමුට‍්ඨානං, කම‍්මපච‍්චයආහාරසමුට‍්ඨානං, කම‍්මපච‍්චයඋතුසමුට‍්ඨානන‍්ති එස විභාගො වෙදිතබ‍්බො. තත්‍ථ කම‍්මං නාම කුසලාකුසලචෙතනා. කම‍්මසමුට‍්ඨානං නාම විපාකක‍්ඛන්‍ධා ච, චක‍්ඛුදසකාදි සමසත‍්තතිරූපඤ‍්ච. කම‍්මපච‍්චයං නාම තදෙව, කම‍්මං හි කම‍්මසමුට‍්ඨානස‍්ස උපත්‍ථම‍්භකපච‍්චයොපි හොති. කම‍්මපච‍්චයචිත‍්තසමුට‍්ඨානං නාම විපාකචිත‍්තසමුට‍්ඨානං රූපං. කම‍්මපච‍්චයආහාරසමුට‍්ඨානං නාම කම‍්මසමුට‍්ඨානරූපෙසු ඨානප‍්පත‍්තා ඔජා අඤ‍්ඤං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති, තත්‍රාපි ඔජා ඨානං පත්‍වා අඤ‍්ඤන‍්ති එවං චතස‍්සො වා පඤ‍්ච වා පවත‍්තියො ඝටෙති. කම‍්මපච‍්චයඋතුසමුට‍්ඨානං නාම කම‍්මජතෙජොධාතු ඨානප‍්පත‍්තා උතුසමුට‍්ඨානං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති, තත්‍රාපි උතු අඤ‍්ඤං ඔජට‍්ඨමකන‍්ති එවං චතස‍්සො වා පඤ‍්ච වා පවත‍්තියො ඝටෙති. එවං තාව කම‍්මජරූපස‍්ස නිබ‍්බත‍්ති පස‍්සිතබ‍්බා.

එහිලා කර්මය, කර්ම සමූත්‍ථානය, කර්ම ප්‍රත්‍යය, කර්මප්‍රත්‍යය-චිත්ත සමුත්‍ථානය, කර්ම ප්‍රත්‍යය ආහාර සමුත්‍ථානය කර්ම ප්‍රත්‍යය ඍතු සමුත්‍ථානය යන මේ විභාගය දතයුතුය. එහි කර්ම නම්, කුශලාකුශල චේතනායි. කර්ම සමුත්‍ථාන නම්, විපාක වූ වේදනාදී ස්කන්‍ධ හා චක්‍ඛු-දශකාදී වූ සමසැත්තෑ රූපයි, කර්ම ප්‍රත්‍යය නම්, එම විපාක ස්කන්‍ධ හා සමසැත්තෑ රූපමයි. කර්මය වනාහි කර්මසමුත්‍ථානයට උපස්ථම්භක ප්‍රත්‍යයද වේ. කර්මප්‍රත්‍යය-චිත්තසමුත්‍ථාන නම් විපාක චිත්තයෙන් හටගත් රූපයයි, කර්මප්‍රත්‍යය-ආහාර සමූත්‍ථාන නම්, කර්ම-සමූත්‍ථාන රූපයන්හි තැන්පත් ඕජාව තවත් ඕජාෂ්ටමකයක් උපදවයි, එහිද තැන්පත් වූ ඕජාව අනෙකක් (ඕජාෂ්ටමක) දැ’යි මේ ආකාරයෙන් සතරක් හෝ පහක් රූප කලාප උපදවයි; කර්මප්‍රත්‍යය-ඍතුසමූත්‍ථාන නම්, කර්මජ තේජෝධාතුව තැන්පත්ව උෂ්ණත්‍වයෙන් හටගන්නා ඕජාෂ්ටමකයක් උපදවයි, එහිද උෂ්ණත්‍වය තවත් ඕජාෂ්ටමකයක් උපදවයි, මේ ආකාරයෙන් සතරක් හෝ පහක් (රූප) පැවැතුම් උපදවයි. මෙසේ පළමුකොට කර්මජ රූපයෙහි උපත දැකියයුතුය.

චිත‍්තජෙසුපි චිත‍්තං, චිත‍්තසමුට‍්ඨානං, චිත‍්තපච‍්චයං, චිත‍්තපච‍්චයආහාරසමුට‍්ඨානං, චිත‍්තපච‍්චයඋතුසමුට‍්ඨානන‍්ති එස විභාගො වෙදිතබ‍්බො. තත්‍ථ චිත‍්තං නාම එකූනනවුතිචිත‍්තානි.

චිත්තජ රූපයන් අතුරෙහිදු චිත්තය, චිත්ත සමූත්‍ථානය, චිත්ත ප්‍රත්‍යයය, චිත්ත ප්‍රත්‍යය-ආහාර සමුත්‍ථානය, චිත්තප්‍රත්‍යය-ඍතු සමුත්‍ථානය යන මේ විභාගය දතයුතුය. එහි චිත්ත යනු, නවාසූවක් වූ චිත්තයෝයි, ඔවුනතුරෙන්,

තෙසු ද‍්වත‍්තිංස චිත‍්තානි, ඡබ‍්බීසෙකූනවීසති; සොළස රූපිරියාපථවිඤ‍්ඤත‍්තිජනකා මතා.

ද්වත්තිංස චිත්තානි ඡබ්බීස ඌනවීසති සොළස, රූපිරියාපථ විඤ්ඤත්ති ජනකාජනකා මතා.

චිත්තයන් දෙතිසක්ද, සවිස්සක්ද, එකුන් විස්සක්ද (පිළිවෙළින්) රූප, ඉරියාපථ, විඤ්ඤත්ති යන තුනමද, රූප, ඉරියාපථ යන දෙකද, හුදෙක් රූප මාත්‍රයමද උපදවයි; (චිත්තයන්) සොළොසක් මේ කිසිවක් නො-උපදවයි.

කාමාවචරතො හි අට‍්ඨ කුසලානි, ද‍්වාදසාකුසලානි, මනොධාතුවජ‍්ජා දස කිරියා, කුසලකිරියතො ද‍්වෙ අභිඤ‍්ඤාචිත‍්තානීති ද‍්වත‍්තිංස චිත‍්තානි රූපං, ඉරියාපථං, විඤ‍්ඤත‍්තිඤ‍්ච ජනෙන‍්ති. විපාකවජ‍්ජානි සෙසදසරූපාවචරානි, අට‍්ඨ අරූපාවචරානි, අට‍්ඨ ලොකුත‍්තරචිත‍්තානීති ඡබ‍්බීසති චිත‍්තානි රූපං, ඉරියාපථඤ‍්ච ජනයන‍්ති, න විඤ‍්ඤත‍්තිං. කාමාවචරෙ දස භවඞ‍්ගචිත‍්තානි, රූපාවචරෙ පඤ‍්ච, තිස‍්සො මනොධාතුයො, එකා විපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතුසොමනස‍්සසහගතාති එකූනවීසති චිත‍්තානි රූපමෙව ජනයන‍්ති, න ඉරියාපථං, න විඤ‍්ඤත‍්තිං. ද‍්වෙපඤ‍්චවිඤ‍්ඤාණානි, සබ‍්බසත‍්තානං පටිසන්‍ධිචිත‍්තං, ඛීණාසවානං චුතිචිත‍්තං, චත‍්තාරි ආරුප‍්පවිපාකානීති සොළස චිත‍්තානි නෙව රූපං ජනයන‍්ති, න ඉරියාපථං, න විඤ‍්ඤත‍්තිං. යානි චෙත්‍ථ රූපං ජනෙන‍්ති, තානි න ඨිතික‍්ඛණෙ, භඞ‍්ගක‍්ඛණෙ වා, තදා හි චිත‍්තං දුබ‍්බලං හොති. උප‍්පාදක‍්ඛණෙ පන බලවං, තස‍්මා තං තදා පුරෙජාතං වත්‍ථුං නිස‍්සාය රූපං සමුට‍්ඨාපෙති.

කාමාවචර සිත් වශයෙන්, කුසල් සිත් අට හා අකුසල් සිත් දොළොසද, මනෝධාතු හැර කිරිය සිත් දහයද, කුසල් කිරිය සිත් වශයෙන්, අභිඤ්ඤා සිත් දෙකක්දැයි යන මේ සිත් දෙතිස රූප, ඉරියාපථ, විඤ්ඤත්ති යන තුනම උපදවයි. විපාක සිත් හැර සෙසු රූපාවචර සිත් දසයද, අරූපාවචර සිත් අටද, ලෝකෝත්තර සිත් අටදැයි යන මේ සිත් සවිස්ස රූපය හා ඉරියවු යන දෙක උපදවයි, විඤ්ඤත්තිය නො-උපදවයි; කාමාවචර භවංග සිත් දසයද, රූපාවචර (විපාක) සිත් පසද, මනෝධාතු තුනද විපාක - අහේතුක මනෝ විඤ්ඤාණධාතු එකදැයි යන මේ සෝමනස්ස සහගත සිත් එකුන්විස්ස හුදෙක් රූපමාත්‍රයම උපදවයි; ඉරියාපථ හෝ විඤ්ඤත්ති නො-උපදවයි. පංච විඤ්ඤාණ දෙකද, සියලු සත්‍වයන්ගේ ප්‍රතිසන්‍ධි චිත්තයද, රහතුන්ගේ චුතිචිත්තයද, අරූප විපාක සිත් සතරදැ’යි යන මේ සිත් සොළොස රූප හෝ ඉරියාපථ හෝ විඤ්ඤත්ති හෝ (කිසිවක්) නො-උපදවයි. මෙහි යම් චිත්තයක් රූප උපදවාද එය ස්ථිති - ක්‍ෂණයෙහි හෝ භංග ක්‍ෂණයෙහි නො-උපදවයි, එම ක්‍ෂණයන්හිදී සිත දුර්වල වේ; උත්පාද ක්‍ෂණයෙහි වනාහි සිත බලවත් වේ, එහෙයින් එම ක්‍ෂණයෙහිදී, පුරේජාත වූ (පළමුව උපන්) හෘදය වස්තුව නිසා රූපය උපදවයි.

චිත‍්තසමුට‍්ඨානං නාම තයො අරූපිනො ඛන්‍ධා, “සද‍්දනවකං, කායවිඤ‍්ඤත‍්ති, වචීවිඤ‍්ඤත‍්ති, ආකාසධාතු, ලහුතා, මුදුතා, කම‍්මඤ‍්ඤතා, උපචයො, සන‍්තතී”ති සත‍්තරසවිධං රූපඤ‍්ච. චිත‍්තපච‍්චයං නාම “පච‍්ඡාජාතා චිත‍්තචෙතසිකා ධම‍්මා පුරෙජාතස‍්ස ඉමස‍්ස කායස‍්සා”ති (පට‍්ඨා· 1.1.11) එවං වුත‍්තං චතුසමුට‍්ඨානරූපං. චිත‍්තපච‍්චයආහාරසමුට‍්ඨානං නාම චිත‍්තසමුට‍්ඨානරූපෙසු ඨානප‍්පත‍්තා ඔජා අඤ‍්ඤං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති, එවං ද‍්වෙ තිස‍්සො පවත‍්තියො ඝටෙති. චිත‍්තපච‍්චයඋතුසමුට‍්ඨානං නාම චිත‍්තසමුට‍්ඨානො උතු ඨානප‍්පත‍්තො අඤ‍්ඤං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති, එවං ද‍්වෙ තිස‍්සො පවත‍්තියො ඝටෙති. එවං චිත‍්තජරූපස‍්ස නිබ‍්බත‍්ති පස‍්සිතබ‍්බා.

චිත්ත සමුට්ඨාන නම්, අරූපී ස්කන්‍ධ තුන හා සද්ද නවකය, කාය විඤ්ඤත්තිය, වචී විඤ්ඤත්තිය, ආකාස ධාතුය, (රූප) ලහුතාය, -මුදුතාය-කම්මඤ්ඤතාය - උපචයය - සන්තතිය යන සොළොස් වැදෑරුම් රූපයයි. චිත්ත පච්චය නම්, “පච්ඡා ජාතා චිත්ත චෙතසිකා ධම්මා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස” (පසුව උපන් චිත්ත-චෛතසික ධර්මයෝ පළමුව උපන් මේ කයට.....) යනුවෙන් මෙසේ කියන ලද චතු-සමුට්ඨාන රූපයයි; චිත්ත පච්චය ආහාර සමුට්ඨාන නම්: චිත්තයෙන් හටගත් රූපයන් වෙත තැන්පත් වූ ඕජාව තවත් ඕජාෂ්ටමකයක් උපදවයි, මේ ආකාරයෙන් දෙ-තුන් වරක් (ඕජාෂ්ටමක) ප්‍රවෘත්තීන් (පැවතුම්) හටගන්වයි. චිත්ත පච්චය උතු සමුට්ඨාන නම්:- සිතින් හටගත් ඍතුව (උෂ්ණත්‍වය) තැන්පත්ව තවත් ඕජාෂ්ටමකයක් උපදවයි; මේ ආකාරයෙන්ද දෙ-තුන් වරක් පැවතුම් හටගන්වයි. චිත්තජ රූපයන්ගේ උපත මෙසේ දතයුතුය.

ආහාරජෙසුපි ආහාරො, ආහාරසමුට‍්ඨානං, ආහාරපච‍්චයං, ආහාරපච‍්චයආහාරසමුට‍්ඨානං, ආහාරපච‍්චයඋතුසමුට‍්ඨානන‍්ති එස විභාගො වෙදිතබ‍්බො. තත්‍ථ ආහාරො නාම කබළීකාරො ආහාරො. ආහාරසමුට‍්ඨානං නාම උපාදිණ‍්ණං කම‍්මජරූපං පච‍්චයං ලභිත්‍වා තත්‍ථ පතිට‍්ඨාය ඨානප‍්පත‍්තාය ඔජාය සමුට‍්ඨාපිතං ඔජට‍්ඨමකං, ආකාසධාතු, ලහුතා, මුදුතා, කම‍්මඤ‍්ඤතා, උපචයො, සන‍්තතීති චුද‍්දසවිධං රූපං. ආහාරපච‍්චයං නාම “කබළීකාරො ආහාරො ඉමස‍්ස කායස‍්ස ආහාරපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 1.1.15) එවං වුත‍්තං චතුසමුට‍්ඨානරූපං. ආහාරපච‍්චයආහාරසමුට‍්ඨානං නාම ආහාරසමුට‍්ඨානෙසු රූපෙසු ඨානප‍්පත‍්තා ඔජා අඤ‍්ඤං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති, තත්‍රාපි ඔජා අඤ‍්ඤන‍්ති එවං දසද‍්වාදසවාරෙ පවත‍්තිං ඝටෙති. එකදිවසං පරිභුත‍්තාහාරො සත‍්තාහම‍්පි උපත්‍ථම‍්භෙති. දිබ‍්බා පන ඔජා එකමාසං ද‍්වෙමාසම‍්පි උපත්‍ථම‍්භෙති. මාතරා පරිභුත‍්තාහාරොපි දාරකස‍්ස සරීරං ඵරිත්‍වා රූපං සමුට‍්ඨාපෙති. සරීරෙ මක‍්ඛිතාහාරොපි රූපං සමුට‍්ඨාපෙති. කම‍්මජාහාරො උපාදිණ‍්ණකාහාරො නාම. සොපි ඨානප‍්පත‍්තො රූපං සමුට‍්ඨාපෙති, තත්‍රාපි ඔජා අඤ‍්ඤං සමුට‍්ඨාපෙතීති එවං චතස‍්සො වා පඤ‍්ච වා පවත‍්තියො ඝටෙති. ආහාරපච‍්චයඋතුසමුට‍්ඨානං නාම ආහාරසමුට‍්ඨානා තෙජොධාතු ඨානප‍්පත‍්තා උතුසමුට‍්ඨානං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති. තත්‍රායං ආහාරො ආහාරසමුට‍්ඨානානං ජනකො හුත්‍වා පච‍්චයො හොති, සෙසානං නිස‍්සයාහාරඅත්‍ථිඅවිගතවසෙනාති එවං ආහාරජරූපස‍්ස නිබ‍්බත‍්ති පස‍්සිතබ‍්බා.

ආහාරජ රූපයන් පිළිබඳවද, ආහාරය, ආහාර සමූට්ඨානය, ආහාර පච්චයය, ආහාර පච්චය-ආහාර සමූට්ඨානය, ආහාරපච්චය - උතුසමුට්ඨානයදැ’යි යන මේ විභාගය දතයුතුය. එහි ආහාර නම්: කබලිංකාර ආහාරයයි; ආහාර සමුට්ඨාන නම්: උපාදින්නක කර්මජ රූප ප්‍රත්‍යය ලැබ, එහිම පිහිටා තැන්පත් වූ ඕජාවෙන් හටගත් ඕජාෂ්ටකමකය, ආකාශ ධාතුය, ලහුතාය, මුදුතාය, කම්මඤ්ඤතාය, උපචයය, සන්තතියදැ’යි යන තුදුස් වැදෑරුම් රූපයයි, ආහාර පච්චය නම්, “කබලිඞ්කාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාර පච්චයෙන පච්චයො” (කබලිංකාර ආහාරය මේ කයට ආහාර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ) යනුවෙන් මෙසේ කියන ලද චතුසමුට්ඨාන රූපයයි. ආහාර-පච්චය-ආහාර සමුට්ඨාන නම්: ආහාරයෙන් හටගත් රූපයන් වෙත තැන්පත් වූ (ආහාරමය) ඕජාව තවත් ඕජාෂ්ටමකයක් හටගන්වයි. එහිදීද ඕජාව තවද අනෙක් ඕජාෂ්ටමකයක්දැ’යි මෙසේ දස දොළොස් වරක් පමණ පැවැත්ම ගලපයි. එක් දිනකදී වළඳන ලද ආහාරය සතියක් වුවද උපස්තම්භක වේ; දිව්‍ය ඕජාව වනාහි එසේ මාසයක් දෙකක් උපස්තම්භක වේ; මව විසින් අනුභව කළ ආහාරයද දරුවාගේ ශරීරය පුරා පැතිර රූපය හටගන්වයි; සිරුරෙහි ගල්වන ලද ආහාරය පවා රූපය උපදවයි; කර්මයෙන් උපන් ආහාරය උපාදින්න ආහාර නම්වේ. එයද තැන්පත්ව රූප උපදවයි; එහිද ඕජාව තවද ඕජාෂ්ටමකයක් හටගන්වයි, මේ ආකාරයෙන් සතර පස්වරක් (රූප ප්‍රවෘත්තීන්) ඕජාෂ්ටමක රූපයන් ගලපයි. ආහාර පච්චය-උතු සමුට්ඨාන නම්: ආහාරයෙන් හටගත් තේජෝ ධාතුව තැන්පත්ව සෘතු-සමුත්‍ථාන ඕජාෂ්ටමක රූපය උපදවයි; එහිදී මේ ආහාරය ආහාර සමුත්‍ථාන රූපයනට ජනක (උපදවන්නා) වීමෙන් ප්‍රත්‍යය වේ, සෙසු (කම්ම, චිත්ත, උතු-සමුට්ඨාන) රූපයනට නිස්සය, ආහාර, අත්‍ථි, අවිගත-ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. මෙසේ ආහාරජ රූපයෙහි උපත දැකිය යුතුය.

උතුජෙසුපි උතු, උතුසමුට‍්ඨානං, උතුපච‍්චයං, උතුපච‍්චයඋතුසමුට‍්ඨානං, උතුපච‍්චයආහාරසමුට‍්ඨානන‍්ති එස විභාගො වෙදිතබ‍්බො. තත්‍ථ උතු නාම චතුසමුට‍්ඨානා තෙජොධාතු, උණ‍්හඋතු සීතඋතූති එවං පනෙස දුවිධො හොති. උතුසමුට‍්ඨානං නාම චතුසමුට‍්ඨානො උතු උපාදිණ‍්ණකං පච‍්චයං ලභිත්‍වා ඨානප‍්පත‍්තො සරීරෙ රූපං සමුට‍්ඨාපෙති. තං සද‍්දනවකං, ආකාසධාතු , ලහුතා, මුදුතා, කම‍්මඤ‍්ඤතා, උපචයො, සන‍්තතීති පන‍්නරසවිධං හොති. උතුපච‍්චයං නාම උතු චතුසමුට‍්ඨානිකරූපානං පවත‍්තියා ච විනාසස‍්ස ච පච‍්චයො හොති. උතුපච‍්චයඋතුසමුට‍්ඨානං නාම උතුසමුට‍්ඨානා තෙජොධාතු ඨානප‍්පත‍්තා අඤ‍්ඤං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති, තත්‍රාපි උතු අඤ‍්ඤන‍්ති එවං දීඝම‍්පි අද‍්ධානං අනුපාදිණ‍්ණපක‍්ඛෙ ඨත්‍වාපි උතුසමුට‍්ඨානං පවත‍්තතියෙව. උතුපච‍්චයආහාරසමුට‍්ඨානං නාම උතුසමුට‍්ඨානා ඨානප‍්පත‍්තා ඔජා අඤ‍්ඤං ඔජට‍්ඨමකං සමුට‍්ඨාපෙති, තත්‍රාපි ඔජා අඤ‍්ඤන‍්ති එවං දසද‍්වාදසවාරෙ පවත‍්තිං ඝටෙති. තත්‍රායං උතු උතුසමුට‍්ඨානානං ජනකො හුත්‍වා පච‍්චයො හොති, සෙසානං නිස‍්සයඅත්‍ථිඅවිගතවසෙනාති එවං උතුජරූපස‍්ස නිබ‍්බත‍්ති පස‍්සිතබ‍්බා. එවඤ‍්හි රූපස‍්ස නිබ‍්බත‍්තිං පස‍්සන‍්තො කාලෙන රූපං සම‍්මසති නාම.

තවද ඍතුජ රූපයන් පිළිබඳවද, උතුය, උතු සමුට්ඨානය, උතු පච්චයය, උතුපච්චය-උතුසමුට්ඨානය, උතුපච්චය-ආහාර සමුට්ඨානයදැ’යි යන මේ විභාගය දතයුතුය. එහි උතු නම් චතුසමුට්ඨාන තේජෝ ධාතුවයි; මෙය වනාහි ශිත ඍතුය, උෂ්ණ ඍතුය යනුවෙන් දෙ-ආකාර වේ; උතුසමුට්ඨානික ඍතුව (තේජෝ ධාතුව) උපාදින්නක (දැඩිව ගැනීම) ප්‍රත්‍යය ලැබ තැන්පත්ව ශරීරයෙහි රූපය හටගන්වයි, එය සද්දනවකය, ආකාසධාතුය, ලහුතාය, මුදුතාය, කම්මඤ්ඤතාය, උපචයය, සන්තතිය යනුවෙන් පසළොස් ආකාර වේ; උතුපච්චය නම් සෘතුව (තේජෝ ධාතුව) චතුසමූට්ඨානික රූපයන්ගේ පැවැත්මටද නැවැත්මටද ප්‍රත්‍යය වේ; උතුපච්චය-උතුසමුට්ඨාන නම් ඍතු හේතුවෙන් හටගත් තේජෝධාතුව තැන්පත්ව තවත් ඕජාෂ්ටමකයක් නිපදවයි, එහිද ඍතුව තවද ඕජාෂ්ටමකයන් නිපදවයි; මෙසේ ඍතුව (තේජෝ ධාතුව) අනුපාදින්න පක්‍ෂයෙහි සිට පවා බොහෝ කාලයක් ඍතුසමුත්‍ථානය පවත්වන්නේමය. උතුපච්චය - ආහාර සමුට්ඨාන නම්; ඍතුවෙන් හටගෙන තැන්පත් වූ ඕජාව තවත් ඕජාෂ්ටමකයක් නිපදවයි, එහිද ඕජාව තවද ඕජාෂ්ටමකයන් උපදවයි, මෙසේ දස දොළොස් වාරයක් ප්‍රවෘත්තීන් (පැවතුම්) ගලපයි. එහිදී මේ ඍතුව සෘතු හේතුවෙන් හටගන්නා රූපයනට ජනක (උපදවන්නකු) වශයෙන් ප්‍රත්‍යය වේ; කම්ම-චිත්ත-ආහාර සමුට්ඨානික වූ සෙසු රූපයනට නිස්සය-අත්‍ථි - අවිගත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. මෙසේ සෘතුජරූපයෙහි උපත දැකිය යුතුය. මේ ආකාරයෙන් රූපයෙහි උපත දක්නේ සුදුසු කාලයෙහි රූපය සම්මර්ශනය කරනුයේ නම් වේ.