අරූපනිබ්බත්තිපස්සනාකාරකථා
අරූපනිබ්බත්තිපස්සනාකාරකථා
අරූපනිබ්බත්තිපස්සනාකාරකථා
යථා ච රූපං සම්මසන්තෙන රූපස්ස, එවං අරූපං සම්මසන්තෙනපි අරූපස්ස නිබ්බත්ති පස්සිතබ්බා. සා ච ඛො එකාසීති ලොකියචිත්තුප්පාදවසෙනෙව.
රූපස්කන්ධය සම්මර්ශනය කරන්නහු විසින් රූපයෙහි උපත මෙන්ම, අරූප ස්කන්ධයන් සම්මර්ශනය කරන්නහු විසින්ද අරූප ස්කන්ධයෙහි උපත දැකිය යුතුය. එයද එක් අසූවක් ලෞකික චිත්තෝත්පාද වශයෙන්ම වේ.
සෙය්යථිදං – ඉදඤ්හි අරූපං නාම පුරිමභවෙ ආයූහිතකම්මවසෙන පටිසන්ධියං තාව එකූනවීසතිචිත්තුප්පාදප්පභෙදං නිබ්බත්තති. නිබ්බත්තනාකාරො පනස්ස පටිච්චසමුප්පාදනිද්දෙසෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. තදෙව පටිසන්ධිචිත්තස්ස අනන්තරචිත්තතො පට්ඨාය භවඞ්ගවසෙන, ආයුපරියොසානෙ චුතිවසෙන. යං තත්ථ කාමාවචරං, තං ඡසු ද්වාරෙසු බලවාරම්මණෙ තදාරම්මණවසෙන.
කෙසේ ද යත්:- මේ අරූපය නම්: පූර්වභවයෙහි රැස්කළ කර්ම වශයෙන් පළමුකොට ප්‍රතිසන්‍ධියෙහිදී එකුන් විස්සක් වූ චිත්තෝත්පාද භේදය උපදියි; මෙය උපදින ආකාරය වනාහි පටිච්ච සමුප්පාද නිද්දේසයෙහි කී නයින්ම දතයුතුය. එම (එකුන්විසි චිත්තෝත්පාදය) ප්රතිසන්ධි චිත්තයට අනතුරු චිත්තයෙහි පටන් භවාංග වශයෙන්ද, ආයුෂ කෙළවර චුති වශයෙන්ද හටගනී, එහි කාමාවචර වූ යමක් ඇත්ද, එය ෂඩ්ද්වාරයෙහි බලවත් අරමුණු ඇතිව තදාරම්මණ වශයෙන් පවතියි;
පවත්තෙ පන අසම්භින්නත්තා චක්ඛුස්ස ආපාථගතත්තා රූපානං ආලොකසන්නිස්සිතං මනසිකාරහෙතුකං චක්ඛුවිඤ්ඤාණං නිබ්බත්තති සද්ධිං සම්පයුත්තධම්මෙහි. චක්ඛුපසාදස්ස හි ඨිතික්ඛණෙ ඨිතිප්පත්තමෙව රූපං චක්ඛුං ඝට්ටෙති. තස්මිං ඝට්ටිතෙ ද්වික්ඛත්තුං භවඞ්ගං උප්පජ්ජිත්වා නිරුජ්ඣති. තතො තස්මිංයෙව ආරම්මණෙ කිරියමනොධාතු ආවජ්ජනකිච්චං සාධයමානා උප්පජ්ජති. තදනන්තරං තදෙව රූපං පස්සමානං කුසලවිපාකං අකුසලවිපාකං වා චක්ඛුවිඤ්ඤාණං. තතො තදෙව රූපං සම්පටිච්ඡමානා විපාකමනොධාතු. තතො තදෙව රූපං සන්තීරයමානා විපාකාහෙතුකමනොවිඤ්ඤාණධාතු. තතො තදෙව රූපං වවත්ථාපයමානා කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතා . තතො පරං කාමාවචරකුසලාකුසලකිරියචිත්තෙසු එකං වා උපෙක්ඛාසහගතාහෙතුකං චිත්තං පඤ්ච සත්ත වා ජවනානි. තතො කාමාවචරසත්තානං එකාදසසු තදාරම්මණචිත්තෙසු ජවනානුරූපං යංකිඤ්චි තදාරම්මණන්ති. එස නයො සෙසද්වාරෙසුපි. මනොද්වාරෙ පන මහග්ගතචිත්තානිපි උප්පජ්ජන්තීති. එවං ඡසු ද්වාරෙසු අරූපස්ස නිබ්බත්ති පස්සිතබ්බා. එවඤ්හි අරූපස්ස නිබ්බත්තිං පස්සන්තො කාලෙන අරූපං සම්මසති නාම.
එවිට චක්ඛුප්පසාදය නොකඩවූ හෙයින්ද, රූපයන් චක්ඛු පථයට එළඹි හෙයින්ද, ආලෝකය හා සමග යෙදුණ, මනස්කාරයට හේතුවන, චක්ඛු විඤ්ඤාණය සම්ප්‍රයුක්ත ධර්මයන් හා සමග උපදියි; චක්ඛුප්පසාදය ස්ථිති ක්ෂණයෙහි වූ කල, ස්ථිතියට පත්වූම රූපය චක්ඛුප්පසාදයෙහි ගැටෙයි; එසේ ගැටුණු කල භවාංගය දෙවරක් ඉපිද නිරුද්ධ වේ; ඉක්බිති එම අරමුණෙහිම, ආවර්ජන කෘත්‍යය ඉටු කරමින් කිරිය මනෝ ධාතුව උපදියි; අනතුරුව එම රූපයම දකිමින් කුශල හෝ අකුශල විපාක වූ චක්ඛු විඤ්ඤාණයද, අනතුරුව එම රූපයම පිළිගනිමින් (සම්පටිච්ඡන කෘත්‍යය කරමින්) විපාක මනෝධාතුවද, ඉනික්බිතිව රූපයම මනාසේ තීරණය (සන්තීරණ කෘත්‍යය) කරමින් විපාක-අහේතුක-මනෝවිඤ්ඤාණ ධාතුවද, එයට අනතුරුව එම රූපයම ව්‍යවස්ථාපනය (ව්‍යවස්ථාපන කෘත්‍යය) කරමින් උපේක්ෂා සහගත කිරිය-අහේතුක-මනෝ විඤ්ඤාණ ධාතුවද, තදනන්තරව කාමාවචර, කුශල හෝ අකුශල, කිරිය චිත්තයන් අතුරෙන් එක් උපේක්ෂාසහගත අහේතුක සිතක්, නැතහොත්, ජවන්සිත් පසක් හෝ සතක්ද, ඉනික්බිතිව, කාමාවචර සත්වයනට, තදාරම්මණ සිත් එකොළොස අතුරෙන් ජවන් අරමුණට අනුරූප වූ කිසියම් තදාරම්මණයක්ද උපදියි. සෙසු ද්වාරයන් විෂයයෙහිද මෙම නයයි; මනෝද්වාරයෙහි වනාහි මහද්ගත චිත්තයෝද උපදිති. මේ ආකාරයෙන් ෂඩ්ද්වාරයෙහි අරූප ස්කන්ධයන්ගේ උපත දැකිය යුතුය. මෙසේ අරූප ස්කන්ධයන්ගේ උපත දක්නේ සුදුසු කල්හි අරූපයන් සම්මර්ශනය කරන්නේ නම් වේ.
එවං කාලෙන රූපං කාලෙන අරූපං සම්මසිත්වාපි තිලක්ඛණං ආරොපෙත්වා අනුක්කමෙන පටිපජ්ජමානො එකො පඤ්ඤාභාවනං සම්පාදෙති.
මෙසේ කලෙක රූපයද, කලෙක අරූපයද සම්මර්ශන කෙරෙමින්, ත්රිලක්ෂණයට ආරෝපණය කෙරෙමින්, අනුක්රමයෙන් පිළිපදිමින්, කිසියම් යෝගියෙක් පඤ්ඤා භාවනාව සම්පාදනය කරයි.