රූපසත්තකසම්මසනකථා
රූපසත්තකසම්මසනකථා
රූපසත්තකසම්මසනකථා
අපරො රූපසත්තකඅරූපසත්තකවසෙන තිලක්ඛණං ආරොපෙත්වා සඞ්ඛාරෙ සම්මසති. තත්ථ ආදානනික්ඛෙපනතො, වයොවුඩ්ඪත්ථඞ්ගමතො, ආහාරමයතො, උතුමයතො, කම්මජතො, චිත්තසමුට්ඨානතො, ධම්මතාරූපතොති ඉමෙහි ආකාරෙහි ආරොපෙත්වා සම්මසන්තො රූපසත්තකවසෙන ආරොපෙත්වා සම්මසති නාම. තෙනාහු පොරාණා –
තවත් යෝගියෙක් තෙමේ රූපසප්තක - අරූප සප්තක වශයෙන් ත්රිලක්ෂණයට ආරෝපණය කෙරෙමින් සංඛාරයන් සම්මර්ශනය කරයි. එහි, ආදාන-නික්ඛේපන වශයෙන්ද, වයෝවුද්ධත්ථඞ්ගම වශයෙන්ද, ආහාරමය වශයෙන්ද, සෘතුමය වශයෙන්ද, කම්මජ වශයෙන්ද, චිත්තජ වශයෙන්ද, ධම්මතාරූප වශයෙන්දැ’යි යන මේ සත් ආකාරයෙන් ත්රිලක්ෂණයට නඟා සම්මර්ශනය කරනුයේ රූප-සප්තක වශයෙන් ආරෝපණය කොට සම්මර්ශනය කරනුයේ නම් වේ. එහෙයින් කීහු පූරාණාචාර්යයෝ:-
“ආදානනික්ඛෙපනතො, වයොවුඩ්ඪත්ථගාමිතො; ආහාරතො ච උතුතො, කම්මතො චාපි චිත්තතො; ධම්මතාරූපතො සත්ත, විත්ථාරෙන විපස්සතී”ති.
ආදාන නික්ඛෙපනතො වයොවුද්ධත්‍ථ ගාමිතො, ආහාරතො ච උතුතො කම්මතො චාපි චිත්තතො, ධම්මතාරූපතො සත්ත විත්ථාරෙන විපස්සතී’ති
ආදාන නික්ඛේපන වශයෙන්ද ...පෙ... ධම්මතාරූප වශයෙන්දැ’යි යන සත් වැදෑරුම් විදර්ශනා පුරනුයේ නම් වේ.
තත්ථ ආදානන්ති පටිසන්ධි. නික්ඛෙපනන්ති චුති. ඉති යොගාවචරො ඉමෙහි ආදානනික්ඛෙපෙහි එකං වස්සසතං පරිච්ඡින්දිත්වා සඞ්ඛාරෙසු තිලක්ඛණං ආරොපෙති. කථං? එත්ථන්තරෙ සබ්බෙ සඞ්ඛාරා අනිච්චා. කස්මා? උප්පාදවයවත්තිතො, විපරිණාමතො, තාවකාලිකතො, නිච්චපටික්ඛෙපතො ච. යස්මා පන උප්පන්නා සඞ්ඛාරා ඨිතිං පාපුණන්ති, ඨිතියං ජරාය කිලමන්ති, ජරං පත්වා අවස්සං භිජ්ජන්ති, තස්මා අභිණ්හසම්පටිපීළනතො, දුක්ඛමතො දුක්ඛවත්ථුතො, සුඛපටික්ඛෙපතො ච දුක්ඛා. යස්මා ච “උප්පන්නා සඞ්ඛාරා ඨිතිං මා පාපුණන්තු, ඨානප්පත්තා මා ජීරන්තු, ජරප්පත්තා මා භිජ්ජන්තූ”ති ඉමෙසු තීසු ඨානෙසු කස්සචි වසවත්තිභාවො නත්ථි, සුඤ්ඤා තෙන වසවත්තනාකාරෙන, තස්මා සුඤ්ඤතො, අස්සාමිකතො, අවසවත්තිතො, අත්තපටික්ඛෙපතො ච අනත්තාති.
එහි, ‘ආදාන’ යනු, ප්‍රතිසන්ධියයි; ‘නික්ඛේපන’ යන චුතියයි; මෙසේ යෝගාවචර තෙමේ ආදාන- නික්ඛේපන අනුසාරයෙන් එක් සියවසක් පිරිසිඳ සංඛාරයන් කෙරෙහි ත්රිලක්ෂණය ආරෝපණය කරයි; කෙසේද යත්:- මේ ආදාන (ප්රතිසන්ධිය) හා නික්ඛේපන (ච්‍යුතිය) යන දෙක අතර ඇති සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති; කවර හෙයින්ද යත්:- ඉපිද නැසී යන හෙයින්, විපරිණාම වශයෙන් පෙරළෙන සුලු හෙයින්, තාවකාලික වන හෙයින් හා නිත්‍ය ස්වභාවයට ප්රතිපක්ෂ වන හෙයිනි. යම් හෙයකින් වනාහි උපන් සංස්කාරයෝ ස්ථිති භාවයට පත් වෙත්ද, ස්ථිතිභාවයට පත්ව, ජරාවෙන් පෙළෙත්ද, ජරාවට පත්ව නියත වශයෙන්ම බිඳී යත්ද, මෙසේ නිරතුරු පෙළීම් ඇති හෙයින්, දුකසේ ඉවසිය යුතු හෙයින්, දුකට ප්‍රතිෂ්ඨා වන හෙයින් හා සැපතට ප්රතිපක්ෂ වන හෙයින් දුඃඛ නම් වෙති. තවද යම් හෙයකින්, “උපන් සංස්කාරයෝ ස්ථිතියට පැමිණෙත්වා, ස්ථිතියට පත්ව නොදිරත්වා, දිරායාමට පත්වීමෙන් බිඳී නොයත්වා’යි යන මේ කරුණු තුන පිළිබඳව කිසිවකුටත් වශවර්තිභාවයක් (තමා රිසි පරිදි පැවැත්විය හැකි බවක්) නොමැත්තේය; එහෙයින් කිසිවකුගේ වශයෙහි නොපැවැත්විය හැකි ආකාර වන හෙයින් ශුන්‍ය (හිස්) වෙති. මෙසේ ශුන්‍ය වන හෙයින්, අස්වාමික වන හෙයින්, කිසිවකුගේ වශයෙහි නොපවත්නා හෙයින් හා ආත්ම ප්රතිපක්ෂ වන හෙයින් අනාත්ම වෙති.
එවං ආදානනික්ඛෙපනවසෙන වස්සසතපරිච්ඡින්නෙ රූපෙ තිලක්ඛණං ආරොපෙත්වා තතො පරං වයොවුඩ්ඪත්ථඞ්ගමතො ආරොපෙති. තත්ථ වයොවුඩ්ඪත්ථඞ්ගමො නාම වයවසෙන වුඩ්ඪස්ස වඩ්ඪිතස්ස රූපස්ස අත්ථඞ්ගමො. තස්ස වසෙන තිලක්ඛණං ආරොපෙතීති අත්ථො.
මෙසේ ආදාන-නික්ඛේපන වශයෙන් සියවස් පිරිසුන් රූප විෂයයෙහි ත්රිලක්ෂණය ආරෝපණය කොට, ඉක්බිති වයෝවුද්ධත්‍ථගම වශයෙන් ආරෝපණය කරයි; එහි ‘වයෝවුද්ධත්‍ථගම’ යනු, වයසින් මුහුකළ, වැසීගිය රූපය ඉකුත්ව යාමයි. එයට අනුව ත්රිලක්ෂණය ආරෝපණය කෙරෙති’යි යන අර්‍ත්‍ථයි.
කථං? සො තමෙව වස්සසතං පඨමවයෙන මජ්ඣිමවයෙන පච්ඡිමවයෙනාති තීහි වයෙහි පරිච්ඡින්දති. තත්ථ ආදිතො තෙත්තිංස වස්සානි පඨමවයො නාම. තතො චතුත්තිංස මජ්ඣිමවයො නාම. තතො තෙත්තිංස පච්ඡිමවයො නාමාති. ඉති ඉමෙහි තීහි වයෙහි පරිච්ඡින්දිත්වා, “පඨමවයෙ පවත්තං රූපං මජ්ඣිමවයං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං. යදනිච්චං, තං දුක්ඛං. යං දුක්ඛං, තදනත්තා. මජ්ඣිමවයෙ පවත්තරූපම්පි පච්ඡිමවයං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති, තස්මා තම්පි අනිච්චං දුක්ඛමනත්තා. පච්ඡිමවයෙ තෙත්තිංස වස්සානි පවත්තරූපම්පි මරණතො පරං ගමනසමත්ථං නාම නත්ථි, තස්මා තම්පි අනිච්චං දුක්ඛමනත්තා”ති තිලක්ඛණං ආරොපෙති.
කෙසේද යත්:- ඒ යෝගාවචර තෙමේ එම සියවස් කාලය ප්‍රථම වයස, මධ්‍යම වයස, පශ්චිම වයස යන වයස් සීමා තුනක් වශයෙන් පිරිසිඳ ගනියි, එහි මුල පටන් තෙතිස් වසක් ප්‍රථම වයස නමි, එතැන් පටන් තවද සූතිස් වසක් මධ්‍යම වයස නමි, එතැන් පටන් තවද තෙතිස් වසක් පශ්චිම වයස නමි; මෙසේ මේ තුන් වයසින් පිරිසිඳිමින්, ප්‍රථම වයස්හි පැවති රූපය මධ්‍යම වයසට නොපැමිණ එහිදීම නිරුද්ධ වෙයි; එහෙයින් එය අනිත්‍යය, යමක් අනිත්‍ය නම්, එය දුඃඛය, යමක් දුඃඛ නම්, එය අනාත්මය; මධ්‍යම වයස්හි පැවති රූපයද පශ්චිම වයසට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ; එහෙයින් එයද අනිත්‍යය, දුඃඛය. අනාත්මය, පශ්චිම වයස්හි තෙතිස් වසක් පැවති රූපයද මරණයෙන් පසු යාමට නොසමත් වන හෙයින් එයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්රිලක්ෂණයට නගයි.
එවං පඨමවයාදිවසෙන වයොවුඩ්ඪත්ථඞ්ගමතො තිලක්ඛණං ආරොපෙත්වා පුන “මන්දදසකං, ඛිඩ්ඩාදසකං, වණ්ණදසකං, බලදසකං, පඤ්ඤාදසකං, හානිදසකං, පබ්භාරදසකං, වඞ්කදසකං, මොමූහදසකං, සයනදසක”න්ති ඉමෙසං දසන්නං දසකානං වසෙන වයොවුඩ්ඪත්ථඞ්ගමතො තිලක්ඛණං ආරොපෙති.
මෙසේ ප්රථමවයස් ආදී වශයෙන් වයසින් වැඩී ඉකුත් වීම ත්රිලක්ෂණයට නගා, යළිදු මන්දදසකය, ඛිඩ්ඩා දසකය, වණ්ණ දසකය, බලදසකය, පඤ්ඤා දසකය, හානි දසකය, පබ්භාර දසකය, පවඞ්ක දසකය, මෝමුහ දසකය, සයන දසකය යන මේ දශදශකය අනුව වයසින් වැඩී ඉකුත්වීම් වශයෙන් ත්රිලක්ෂණයට නගයි.
තත්ථ දසකෙසු තාව වස්සසතජීවිනො පුග්ගලස්ස පඨමානි දස වස්සානි මන්දදසකං නාම, තදා හි සො මන්දො හොති චපලො කුමාරකො. තතො පරානි දස ඛිඩ්ඩාදසකං නාම, තදා හි සො ඛිඩ්ඩාරතිබහුලො හොති. තතො පරානි දස වණ්ණදසකං නාම, තදා හිස්ස වණ්ණායතනං වෙපුල්ලං පාපුණාති. තතො පරානි දස බලදසකං නාම, තදා හිස්ස බලඤ්ච ථාමො ච වෙපුල්ලං පාපුණාති. තතො පරානි දස පඤ්ඤාදසකං නාම, තදා හිස්ස පඤ්ඤා සුප්පතිට්ඨිතා හොති, පකතියා කිර දුබ්බලපඤ්ඤස්සාපි තස්මිං කාලෙ අප්පමත්තකා පඤ්ඤා උප්පජ්ජතියෙව. තතො පරානි දස හානිදසකං නාම, තදා හිස්ස ඛිඩ්ඩාරතිවණ්ණබලපඤ්ඤා පරිහායන්ති. තතො පරානි දස පබ්භාරදසකං නාම, තදා හිස්ස අත්තභාවො පුරතො පබ්භාරො හොති. තතො පරානි දස වඞ්කදසකං නාම, තදා හිස්ස අත්තභාවො නඞ්ගලකොටි විය වඞ්කො හොති. තතො පරානි දස මොමූහදසකං නාම. තදා හි සො මොමූහො හොති, කතං කතං පමුස්සති. තතො පරානි දස සයනදසකං නාම, වස්සසතිකො හි සයනබහුලොව හොති.
එම දශකයන් අතුරෙන්, පළමු කොට සියක් අවුරුදු ජීවත්වන පුද්ගලයකුගේ ප්‍රථම දශවර්ෂය මන්දදසක නමි, එම වයස් කාලයෙහි හේ තෙමේ ළද බොළඳ දරුවෙකි; අනතුරු දස අවුරුදු කාලය ඛිඩ්ඩාදසක නමි, එකල හෙතෙම කෙළිලොල් බව බහුලව ඇත්තෙකි; ඉක්බිති දස අවුරුදු කාලය වණ්ණ දසක නමි, එකල ඔහුගේ ශරීර වර්ණය වර්ධනයට පත් වේ; අනතුරු දස අවුරුදු කාලය බලදසක නමි, එකල ඔහුගේ කාය බලය, ශරීර ශක්තිය දැඩි බවට පත්වේ, ඉක්බිති දස හවුරුදු කාලය පඤ්ඤාදසක නමි, එකල ඔහුගේ ප්‍රඥාව මනාසේ මුහුකුරා ගොස් තිර බවට පත්වේ; ප්‍රකෘතියෙන් මන්ද බුද්ධිකයකුගේ වුවද, මේ කාලය තුළ මඳ වූ හෝ නැණවත් බවක් උපදනේමය; අනතුරුව එළඹෙන දස හවුරුදු කාලය හානි දසක නමි, එම කාලය තුළ ඔහුගේ කෙළිලොල් බව, ශරීර වර්ණය, බලය හා ප්‍රඥාව පිරිහී යයි; ඉක්බිති එළඹෙන දස අවුරුදු කාලය පබ්භාර දසක නමි, එකල්හි වනාහි ඔහුගේ සිරුර ඉදිරියට නැමෙයි, ඉක්බිති දස අවුරුදු කාලය පවඞ්ක දසක නමි, එකල්හි ඔහුගේ සිරුර නඟුල් කෙළවරක් සෙයින් වකුටු වෙයි. ඉක්බිති දශකය මෝමූහ දසක නමි, එකල්හි හේතෙමේ සිහිවිකල බවට පත්වේ, කළ කළ දෙය මතකින් ගිලිහී යයි; අවසන් දශකය සයන දසක නමි, සියවස් වයස් වූයේ වනාහි නිද්‍රා බහුල (නිතර නිදන සුලු) පුද්ගලයෙක්ම වේ.
තත්රායං යොගී එතෙසං දසකානං වසෙන වයොවුඩ්ඪත්ථඞ්ගමතො තිලක්ඛණං ආරොපෙතුං ඉති පටිසඤ්චික්ඛති – “පඨමදසකෙ පවත්තරූපං දුතියදසකං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා. දුතියදසකෙ…පෙ… නවමදසකෙ පවත්තරූපං දසමදසකං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති. දසමදසකෙ පවත්තරූපං පුනබ්භවං අප්පත්වා ඉධෙව නිරුජ්ඣති, තස්මා තම්පි අනිච්චං දුක්ඛමනත්තා”ති තිලක්ඛණං ආරොපෙති.
එහිදී මේ යෝගාවචර තෙමේ මෙකී දශකයන් වශයෙන් වයෝවුද්ධත්‍ථ ගමනයෙන් ත්රිලක්ෂණයට නගනු පිණිස මෙසේ මෙනෙහි කරයි:- ප්‍රථම දශකයෙහි පැවති රූපය දෙවන දශකයට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ, එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය; දෙවන දශකයෙහි පැවැති රූපය -පෙ- නවවන දශකයෙහි පැවති රූපය දසවන දශකයට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ, දසවන දශකයෙහි පැවැති රූපය පුනර්භවයට නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ. එහෙයින් එයද අනිත්‍යය, දුඃඛය, අනාත්මයයි ත්රිලක්ෂණයට නඟයි.
එවං දසකවසෙන වයොවුඩ්ඪත්ථඞ්ගමතො තිලක්ඛණං ආරොපෙත්වා පුන තදෙව වස්සසතං පඤ්චපඤ්චවස්සවසෙන වීසතිකොට්ඨාසෙ කත්වා වයොවුඩ්ඪත්ථඞ්ගමතො තිලක්ඛණං ආරොපෙති. කථං? සො හි ඉති පටිසඤ්චික්ඛති – “පඨමෙ වස්සපඤ්චකෙ පවත්තරූපං දුතියං වස්සපඤ්චකං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා. දුතියෙ වස්සපඤ්චකෙ පවත්තරූපං තතියං…පෙ… එකූනවීසතිමෙ වස්සපඤ්චකෙ පවත්තරූපං වීසතිමං වස්සපඤ්චකං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති. වීසතිමෙ වස්සපඤ්චකෙ පවත්තරූපං මරණතො පරං ගමනසමත්ථං නාම නත්ථි, තස්මා තම්පි අනිච්චං දුක්ඛමනත්තා”ති.
මෙසේ දශක වශයෙන් වයෝවුද්ධත්‍ථ ගමනයට අනුව ත්රිලක්ෂණයට නගා ඉක්බිති යලිදු එම සියවසම පසක් පසක් බැගින් විසි කොටසක් කොට වයෝවුද්ධත්‍ථ ගමනයට අනුව ත්රිලක්ෂණයට නගයි. කෙසේද යත් - හේ තෙමේ මෙසේ මෙනෙහි කරයි:- පළමු පස්වස තුළදී පැවති රූපය දෙවන පස්වසට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ, එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය; දෙවන පස්වස තුළ පැවති රූපය -පෙ- එකුන්විසිවන පස්වස තුළ පැවැති රූපය විසිවන පස්වසට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ; විසිවන පස්වස තුළ පැවැති රූපය මරණින් මතු යාමට සමත් නොවේ. එහෙයින් එයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි යනුවෙනි.
එවං වීසතිකොට්ඨාසවසෙන වයොවුඩ්ඪත්ථඞ්ගමතො තිලක්ඛණං ආරොපෙත්වා පුන පඤ්චවීසති කොට්ඨාසෙ කත්වා චතුන්නං චතුන්නං වස්සානං වසෙන ආරොපෙති. තතො තෙත්තිංස කොට්ඨාසෙ කත්වා තිණ්ණං තිණ්ණං වස්සානං වසෙන, පඤ්ඤාස කොට්ඨාසෙ කත්වා ද්වින්නං ද්වින්නං වස්සානං වසෙන, සතං කොට්ඨාසෙ කත්වා එකෙකවස්සවසෙන. තතො එකං වස්සං තයො කොට්ඨාසෙ කත්වා වස්සානහෙමන්තගිම්හෙසු තීසු උතූසු එකෙකඋතුවසෙන තස්මිං වයොවුඩ්ඪත්ථඞ්ගමරූපෙ තිලක්ඛණං ආරොපෙති.
මෙසේ විසි කොටසක් වශයෙන් වයෝවුද්ධත්ථගමයට අනුව ත්රිලක්ෂණයට නගා, ඉක්බිති යලිදු පස්විසි කොටසක් කොට වසර සතරක් සතරක් බැගින් ගෙන ආරෝපණය කරයි. එසේම තෙතිස් කොටසක් කොට වසර තුනක් තුනක් බැගින්ද පණස් කොටසක් කොට වසර දෙකක් දෙකක් බැගින්ද, කොටස් සියයක් කොට එක් එක් වසරක් බැගින්ද, ඉක්බිති එක් අවුරුද්දක් තුන් කොටසක් කොට වස්සාන, හේමන්ත හා ගිම්හාන යන සෘතු තුනෙන් එකක් වශයෙන්ද ගෙන එම වයෝවුද්ධත්‍ථගම රූපයන් ත්රිලක්ෂණයට නගයි.
කථං? “වස්සානෙ චතුමාසං පවත්තරූපං හෙමන්තං අප්පත්වා තත්ථෙව නිරුද්ධං. හෙමන්තෙ පවත්තරූපං ගිම්හං අප්පත්වා තත්ථෙව නිරුද්ධං. ගිම්හෙ පවත්තරූපං පුන වස්සානං අප්පත්වා තත්ථෙව නිරුද්ධං, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා”ති. එවං ආරොපෙත්වා පුන එකං වස්සං ඡ කොට්ඨාසෙ කත්වා – “වස්සානෙ ද්වෙමාසං පවත්තරූපං සරදං අප්පත්වා තත්ථෙව නිරුද්ධං. සරදෙ පවත්තරූපං හෙමන්තං. හෙමන්තෙ පවත්තරූපං සිසිරං. සිසිරෙ පවත්තරූපං වසන්තං. වසන්තෙ පවත්තරූපං ගිම්හං. ගිම්හෙ පවත්තරූපං පුන වස්සානං අප්පත්වා තත්ථෙව නිරුද්ධං, තස්මා අනිච්චං දුක්ඛමනත්තා”ති එවං තස්මිං වයොවුඩ්ඪත්ථඞ්ගමරූපෙ තිලක්ඛණං ආරොපෙති.
කෙසේද යත්, වස්සානයෙහි සිවුමසක් තුළ පැවැති රූපය හේමන්තයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය, හේමන්තයෙහි පැවැති රූපය ගිහානයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය, ගිම්හානයෙහි පැවැති රූපය නැවත වස්සානයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය; එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මයයි යනුවෙනි. මෙසේ ආරෝපණය කොට යලිදු එක් වසරක් කොටස් සයක් කොට බෙදා වස්සානයෙහි දෙමසක් පැවැති රූපය සරත් කාලයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය; සරත් කාලයෙහි පැවති රූපය හේමන්තයට -පෙ- හේමන්තයෙහි පැවැති රූපය සිසිරයට -පෙ- සිසිරයෙහි පැවති රූපය වසන්තයට -පෙ- වසන්තයෙහි පැවැති රූපය ගිම්හානයට -පෙ- නොපැමිණ එහිදීම නිරුද්ධ විය; ගිම්හානයෙහි පැවැති රූපය යලි වස්සානයට නොපැමිණ ඒ ඒ ඍතුව තුළදීම නිරුද්ධ විය; එහෙයින් එය අනිත්‍යය. දුඃඛය, අනාත්මය’යි මෙසේ වයෝවුද්ධත්‍ථගම රූපයන් ත්රිලක්ෂණයට නගයි.
එවං ආරොපෙත්වා තතො කාළජුණ්හවසෙන – “කාළෙ පවත්තරූපං ජුණ්හං අප්පත්වා. ජුණ්හෙ පවත්තරූපං කාළං අප්පත්වා තත්ථෙව නිරුද්ධං, තස්මා අනිච්චං දුක්ඛමනත්තා”ති තිලක්ඛණං ආරොපෙති. තතො රත්තින්දිවවසෙන – “රත්තිං පවත්තරූපං දිවසං අප්පත්වා තත්ථෙව නිරුද්ධං. දිවසං පවත්තරූපම්පි රත්තිං අප්පත්වා තත්ථෙව නිරුද්ධං, තස්මා අනිච්චං දුක්ඛමනත්තා”ති තිලක්ඛණං ආරොපෙති. තතො තදෙව රත්තින්දිවං පුබ්බණ්හාදිවසෙන ඡ කොට්ඨාසෙ කත්වා – “පුබ්බණ්හෙ පවත්තරූපං මජ්ඣන්හං අප්පත්වා. මජ්ඣන්හෙ පවත්තරූපං සායන්හං. සායන්හෙ පවත්තරූපං පඨමයාමං. පඨමයාමෙ පවත්තරූපං මජ්ඣිමයාමං. මජ්ඣිමයාමෙ පවත්තරූපං පච්ඡිමයාමං අප්පත්වා තත්ථෙව නිරුද්ධං. පච්ඡිමයාමෙ පවත්තරූපං පුන පුබ්බණ්හං අප්පත්වා තත්ථෙව නිරුද්ධං, තස්මා අනිච්චං දුක්ඛමනත්තා”ති තිලක්ඛණං ආරොපෙති.
මෙසේ ආරෝපණය කොට ඉක්බිති කාළ-ශුක්ල පක්ෂ වශයෙන් ගෙන, කාළ පක්ෂයෙහි පැවැති රූපය ශුක්ල පක්ෂයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය, ශුක්ල පක්ෂයෙහි පැවැති රූපයද කාළපක්ෂයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය; එහෙයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්රිලක්ෂණයට නගයි. ඉක්බිති රෑ-දහවල් වශයෙන් ගෙන රැයෙහි පැවැති රූපය, දහවලට නොපැමිණ එහිදීම නිරුද්ධ විය, දහවල පැවැති රූපය රැයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය, දහවල පැවැති රූපය රැයට නොපැමිණ එහිදීම නිරුද්ධ විය; එහෙයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්රිලක්ෂණයට නගයි. ඉක්බිති එම රෑ-දහවල පූර්වාහ්ණ (පෙරවරු) ආදී වශයෙන් ස-කොටසක් කොට පෙරවරුවෙහි පැවැති රූපය මද්දහනටද, මද්දහනෙහි පැවැති රූපය පස්වරුවටද පස්වරුවෙහි පැවති රූපය පෙරයමටද, පෙරයමෙහි පැවති රූපය මැදයමටද, මැදයමෙහි පැවැති රූපය අලුයමටද නොපැමිණ එහි එහිදීම නිරුද්ධ විය, අලුයම්හි පැවැති රූපය යලි පෙරවරුවට නොපැමිණ එහිදීම නිරුද්ධ විය, එහෙයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්රිලක්ෂණයට නගයි.
එවං ආරොපෙත්වා පුන තස්මිංයෙව රූපෙ අභික්කමපටික්කමආලොකනවිලොකනසමිඤ්ජනපසාරණවසෙන – “අභික්කමෙ පවත්තරූපං පටික්කමං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති. පටික්කමෙ පවත්තරූපං ආලොකනං. ආලොකනෙ පවත්තරූපං විලොකනං. විලොකනෙ පවත්තරූපං සමිඤ්ජනං. සමිඤ්ජනෙ පවත්තරූපං පසාරණං අප්පත්වා තත්ථෙව නිරුජ්ඣති. තස්මා අනිච්චං දුක්ඛමනත්තා”ති තිලක්ඛණං ආරොපෙති.
මෙසේ ආරෝපණය කොට යලිදු, එම රූපය තුළම පෙරට, පස්සට යාම, ඉදිරිය බැලීම, ඔබමොබ බැලීම, හැකිලීම් - දිගහැරීම් ආදි වශයෙන් ගෙන, පෙරට යද්දී පැවැති රූපය පෙරළා එන තෙක් නොපැවත එහිදීම නිරුද්ධ විය, පෙරළා එද්දී පැවැති රූපය ඉදිරිය බලන තෙක්ද, ඉදිරිය බලද්දී පැවැති රූපය ඔබමොබ බලන තෙක්ද, ඔබමොබ බලද්දී පැවැති රූපය, (අත්පා ආදිය) හකුලන තෙක්ද, හැකිලීමේදී පැවැති රූපය දිගහරින තෙක්ද, නොපැවත එහි එහිදීම නිරුද්ධ විය, එහෙයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්රිලක්ෂණයට නගයි.
තතො එකපදවාරං උද්ධරණ අතිහරණවීතිහරණවොස්සජ්ජනසන්නික්ඛෙපනසන්නිරුම්භනවසෙන ඡ කොට්ඨාසෙ කරොති.
ඉක්බිති එක්ම පියවරක් ගෙන, උද්ධරණ, අතිහරණ, වීතිහරණ, වොස්සජන, සන්නික්ඛේපන, සන්නිරුම්භන යනුවෙන් කොටස් සයක් කරයි;
තත්ථ උද්ධරණං නාම පාදස්ස භූමිතො උක්ඛිපනං. අතිහරණං නාම පුරතො හරණං. වීතිහරණං නාම ඛාණුකණ්ටකදීඝජාතිආදීසු කිඤ්චිදෙව දිස්වා ඉතො චිතො ච පාදසඤ්චාරණං. වොස්සජ්ජනං නාම පාදස්ස හෙට්ඨා ඔරොපනං. සන්නික්ඛෙපනං නාම පථවීතලෙ ඨපනං. සන්නිරුම්භනං නාම පුන පාදුද්ධරණකාලෙ පාදස්ස පථවියා සද්ධිං අභිනිප්පීළනං. තත්ථ උද්ධරණෙ පථවීධාතු ආපොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො. තථා අතිහරණවීතිහරණෙසු. වොස්සජ්ජනෙ තෙජොධාතු වායොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො. තථා සන්නික්ඛෙපනසන්නිරුම්භනෙසු. එවං ඡ කොට්ඨාසෙ කත්වා තෙසං වසෙන තස්මිං වයොවුඩ්ඪත්ථඞ්ගමරූපෙ තිලක්ඛණං ආරොපෙති.
එහි ‘උද්ධරණ’ නම්, පය පොළොවෙන් එසවීමයි, ‘අතිහරණ’ නම්, පය පෙරට යැවීමයි, වීතිහරණ නම්, කණු, කටු, සර්ප ආදී කිසිවක් දැක පය ඔබ මොබ හැසිරවීමයි, ‘වොස්සජන’ නම්, පය පහළට හෙළීමයි, ‘සන්නික්ඛේපන’ නම්, පය බිම තැබීමයි, ‘සන්නිරුම්භන’ නම්, නැවත පය ඔසවන විට එය පොළොව සමග තෙරපීමයි. එහි, උද්ධරණයෙහිදී පඨවී, ආපෝ යන ධාතු දෙක අවම වී දුබල වේ; සෙසු ධාතු අධික වී බලවත් වේ; අතිහරණ, වීතිහරණ යන දෙකෙහිදීද එසේය; වොස්සජනයෙහිදී තේජෝ, වායෝ යන ධාතු දෙක අවම වී දුබල වේ; සෙසු ධාතු දෙක අධික වී බලවත් වේ; සන්නික්ඛේපන, සන්නිරුම්භන යන දෙකෙහිදීද එසේය. මෙසේ කොටස් සයක් කොට ඒ අනුව වයෝවුද්ධත්‍ථගම රූපයෙහි ත්රිලක්ෂණය ආරෝපණය කරයි.
කථං? සො ඉති පටිසඤ්චික්ඛති – “යා උද්ධරණෙ පවත්තා ධාතුයො, යානි ච තදුපාදායරූපානි, සබ්බෙ තෙ ධම්මා අතිහරණං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣන්ති, තස්මා අනිච්චා දුක්ඛා අනත්තා. තථා අතිහරණෙ පවත්තා වීතිහරණං. වීතිහරණෙ පවත්තා වොස්සජ්ජනං. වොස්සජ්ජනෙ පවත්තා සන්නික්ඛෙපනං. සන්නික්ඛෙපනෙ පවත්තා සන්නිරුම්භනං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣන්ති. ඉති තත්ථ තත්ථ උප්පන්නා ඉතරං ඉතරං කොට්ඨාසං අප්පත්වා තත්ථ තත්ථෙව පබ්බං පබ්බං සන්ධි සන්ධි ඔධි ඔධි හුත්වා තත්තකපාලෙ පක්ඛිත්තතිලා විය තටතටායන්තා සඞ්ඛාරා භිජ්ජන්ති. තස්මා අනිච්චා දුක්ඛා අනත්තා”ති. තස්සෙවං පබ්බපබ්බගතෙ සඞ්ඛාරෙ විපස්සතො රූපසම්මසනං සුඛුමං හොති.
කෙසේද යත්, හෙතෙම මෙසේ මෙනෙහි කරයි:- උද්ධරණයෙහිදී පැවැති යම් ධාතුවක් වෙතොත් එයද එයින් උපන් යම් උපාදාරූපයක් ඇතොත් එයදැයි යන මේ සියලු ධර්මයෝ අතිහරණයට නොපැමිණ එහිදීම නිරුද්ධ වෙති, එහෙයින් අනිත්‍යයහ, දුඃඛයහ, අනාත්මයහ, එසේම අතිහරණයෙහි පැවැත්තාහු වීතිහරණයටද, වීතිහරණයෙහි පැවැත්තාහු වොස්සජනයටද, වොස්සජනයෙහි පැවැත්තාහු සන්නික්ඛේපනයටද, සන්නික්ඛේපනයෙහි පැවැත්තාහු සන්නිරුම්භනයටද නොපැමිණ එහි එහිදීම නිරුද්ධ වෙති’යි මෙසේ ඒ ඒ අවස්ථායෙහි උපන්නාහු අනෙක් අනෙක් කොටසට නොපැමිණ එහි එහිදීම බිඳීයති, පුරුකක් පුරුකක්, සන්ධියක් සන්ධියක්, ඉමක් ඉමක් බවට පත්වෙමින්, රත්වූ කබලෙක්හි ලූ කල ‘තට, තට’ යන අනුකරණයෙන් පුපුරන්නා සේ සංස්කාරයෝ බිඳී යති; එහෙයින් අනිත්‍යයහ, දුඃඛයහ, අනාත්මයහ’යි යනුවෙනි. මෙසේ පුරුක් පුරුක් බවට පත් සංස්කාරයන් (විදර්ශනා ඥානයෙන්) දක්නා ඒ යෝගාවචරයාගේ රූප සම්මර්ශනය සියුම් වේ;
සුඛුමත්තෙ ච පනස්ස ඉදං ඔපම්මං. එකො කිර දාරුතිණුක්කාදීසු කතපරිචයො අදිට්ඨපුබ්බපදීපො පච්චන්තවාසිකො නගරමාගම්ම අන්තරාපණෙ ජලමානං පදීපං දිස්වා එකං පුරිසං පුච්ඡි අම්භො “කිං නාමෙතං එවං මනාප”න්ති? තමෙනං සො ආහ “කිමෙත්ථ මනාපං, පදීපො නාමෙස තෙලක්ඛයෙන වට්ටික්ඛයෙන ච ගතමග්ගොපිස්ස න පඤ්ඤායිස්සතී”ති. තමඤ්ඤො එවමාහ “ඉදං ඔළාරිකං, ඉමිස්සා හි වට්ටියා අනුපුබ්බෙන ඩය්හමානාය තතියභාගෙ තතියභාගෙ ජාලා ඉතරීතරං පදෙසං අප්පත්වාව නිරුජ්ඣිස්සතී”ති. තමඤ්ඤො එවමාහ “ඉදම්පි ඔළාරිකං, ඉමිස්සා හි අඞ්ගුලඞ්ගුලන්තරෙ අඩ්ඪඞ්ගුලඩ්ඪඞ්ගුලන්තරෙ තන්තුම්හි තන්තුම්හි අංසුම්හි අංසුම්හි ජාලා ඉතරීතරං අංසුං අප්පත්වාව නිරුජ්ඣිස්සති. අංසුං පන මුඤ්චිත්වා න සක්කා ජාලං පඤ්ඤාපෙතු”න්ති.
විදර්ශනාවෙහි මේ සියුම්බවට මේ උපමා කථාවෙකි: දරසුල් තණසුල්, (පන්දම්) ආදියෙහි හුරුපුරුදු එහෙත්, පහනක් නොදුටු විරූ පිටුසර වැසියෙක් තෙමේ නගරයට පැමිණ වෙළඳසලක් තුළ දැල්වෙන පහනක් දැක, එක්තරා පුරුෂයකුගෙන් “පින්වත මේ සිත්කලු දෙය කිමෙක්දැ”යි විචාළේය. ඒ පුරුෂයා ඔහුට මෙසේ කීය, “මෙහි ඇති සිත්කලු බව කිමෙක්ද? මේ පහනෙකි, තෙල් හා වැටිය දැවී ගිය පසු මෙය ගිය මගවත් නොපැනේ” යනුයි, අනෙකෙක් ඔහුට මෙසේ කීය, “මෙයද ඕළාරිකය (ප්රකටය, පැහැදිලිය), මේ වැටිය ක්‍රමයෙන් දැවී යන විට එහි එක් එක් තුනෙන් කොටසෙහි දැල්ල අනෙක් අනෙක් කොටසට නොපැමිණම නිරුද්ධ වේ” යනුයි. තවද අනෙකෙක් ඔහුට මෙසේ කීය, “මෙයද ඕළාරිකය (පැහැදිලිය). මෙහි එක් එක් අඟුලෙහි, එක් එක් අඩඟුලෙහි. එක් එක් හුයෙහි -පෙ- එක් එක් අංශුවෙහි පැවැති දැල්ල අනෙක් අනෙක් අංශුවට නොපැමිණම නිරුද්ධ වේ; අංශුවෙන් තොරව දැල්ල පෙන්වීමට නොහැකිය’’ යනුයි.
තත්ථ “තෙලක්ඛයෙන වට්ටික්ඛයෙන ච පදීපස්ස ගතමග්ගොපි න පඤ්ඤායිස්සතී”ති පුරිසස්ස ඤාණං විය යොගිනො ආදානනික්ඛෙපනතො වස්සසතෙන පරිච්ඡින්නරූපෙ තිලක්ඛණාරොපනං. “වට්ටියා තතියභාගෙ තතියභාගෙ ජාලා ඉතරීතරං පදෙසං අප්පත්වාව නිරුජ්ඣිස්සතී”ති පුරිසස්ස ඤාණං විය යොගිනො වස්සසතස්ස තතියකොට්ඨාසපරිච්ඡින්නෙ වයොවුඩ්ඪත්ථඞ්ගමරූපෙ තිලක්ඛණාරොපනං. “අඞ්ගුලඞ්ගුලන්තරෙ ජාලා ඉතරීතරං අප්පත්වාව නිරුජ්ඣිස්සතී”ති පුරිසස්ස ඤාණං විය යොගිනො දසවස්ස පඤ්චවස්ස චතුවස්ස තිවස්ස ද්විවස්ස එකවස්ස පරිච්ඡින්නෙ රූපෙ තිලක්ඛණාරොපනං. “අඩ්ඪඞ්ගුලඩ්ඪඞ්ගුලන්තරෙ ජාලා ඉතරීතරං අප්පත්වාව නිරුජ්ඣිස්සතී”ති පුරිසස්ස ඤාණං විය යොගිනො එකෙකඋතුවසෙන එකං වස්සං තිධා, ඡධා ච විභජිත්වා චතුමාස-ද්විමාසපරිච්ඡින්නෙ රූපෙ තිලක්ඛණාරොපනං. “තන්තුම්හි තන්තුම්හි ජාලා ඉතරීතරං අප්පත්වාව නිරුජ්ඣිස්සතී”ති පුරිසස්ස ඤාණං විය යොගිනො කාළජුණ්හවසෙන, රත්තින්දිවවසෙන, එකරත්තින්දිවං ඡ කොට්ඨාසෙ කත්වා පුබ්බණ්හාදිවසෙන ච පරිච්ඡින්නෙ රූපෙ තිලක්ඛණාරොපනං. “අංසුම්හි අංසුම්හි ජාලා ඉතරීතරං අප්පත්වාව නිරුජ්ඣිස්සතී”ති පුරිසස්ස ඤාණං විය යොගිනො අභික්කමාදිවසෙන චෙව උද්ධරණාදීසු ච එකෙකකොට්ඨාසවසෙන පරිච්ඡින්නෙ රූපෙ තිලක්ඛණාරොපනන්ති.
එහි තෙල්ද වැටියද දැවී ගිය පසු පහන් දැල්ල ගිය මගවත් නොපැනේය යන පුරුෂයාගේ ඥානය යෝගියාගේ ආදාන - නික්ඛේපන (ප්රතිසන්ධිච්යුති) වශයෙන් සියවසෙකින් පිරිසිඳි රූපයෙහි ත්රිලක්ෂණාරෝපණය වැනිය, වැටියෙහි එක් එක් තුනෙන් කොටසෙහි දැල්ල අනෙක් අනෙක් කොටසට නොපැමිණ නිරුද්ධ වේ යන පුරුෂයාගේ ඥානය යෝගියාගේ සියවසෙක තුනෙන් කොටසින් පිරිසිඳ වයෝවුද්ධත්‍ථගම රූපයෙහි ත්රිලක්ෂණාරෝපණය වැනිය; එක් එක් අඟුලෙහි දැල්ල අනෙක් අනෙක් අඟුලට නොපැමිණම නිරුද්ධ වේ යන පුරුෂයාගේ ඥානය යෝගියාගේ දසවසෙකින් - පස්වසෙකින්, සිවුවසෙකින්, තෙවසෙකින් - දෙවසෙකින් - එක්වසෙකින් පිරිසිඳී රූපයෙහි ත්රිලක්ෂණා රෝපණය වැනිය; එක් එක් අඩඟුලෙහි දැල්ල අනෙක් අනෙක් අඩඟුලට නොපැමිණම නිරුද්ධ වේ’ යන පුරුෂයාගේ ඥානය යෝගියාගේ එක් එක් වර්ෂය සෘතු වශයෙන් තුනකට හෝ සයකට බෙදා සිවු මසක් හෝ දෙමසක් බැගින් පිරිසිඳී රුපයෙහි ත්රිලක්ෂණාරෝපණය වැනිය; හුයක් හුයක් පාසා ඇති දැල්ල අනෙක් අනෙක් හුයට නොපැමිණම නිරුද්ධ වේ’ යන පුරුෂයාගේ ඥානය යෝගියාගේ අව-පුර-පස වශයෙන් රෑ දහවල් වශයෙන් - එක් දිනක් ස-කොටසකට බෙදා උදය ආදී වශයෙන් පිරිසිඳි රූපයෙහි ත්රිලක්ෂණරෝපණය වැනිය. අංශුවක් පාසා පැවැති දැල්ල අනෙක් අනෙක් අංශුවට නොපැමිණිම තිරුද්ධ වේ’ යන පුරුෂයාගේ ඥානය යෝගියාගේ අභික්කමාදී වශයෙන්ද, උද්ධරණාදියෙහි එක් එක් කොටස් වශයෙන්ද පිරිසිඳි රූපයන් විෂයයෙහි ත්රිලක්ෂණරෝපණය වැනිය.
සො එවං නානාකාරෙහි වයොවුඩ්ඪත්ථඞ්ගමරූපෙ තිලක්ඛණං ආරොපෙත්වා පුන තදෙව රූපං විසඞ්ඛරිත්වා ආහාරමයාදිවසෙන චත්තාරො කොට්ඨාසෙ කත්වා එකෙකකොට්ඨාසෙ තිලක්ඛණං ආරොපෙති. තත්රාස්ස ආහාරමයං රූපං ඡාතසුහිතවසෙන පාකටං හොති. ඡාතකාලෙ සමුට්ඨිතං රූපං හි ඣත්තං හොති කිලන්තං, ඣාමඛාණුකො විය, අඞ්ගාරපච්ඡියං නිලීනකාකො විය ච දුබ්බණ්ණං දුස්සණ්ඨිතං. සුහිතකාලෙ සමුට්ඨිතං ධාතං පීණිතං මුදු සිනිද්ධං ඵස්සවන්තං හොති. සො තං පරිග්ගහෙත්වා “ඡාතකාලෙ පවත්තරූපං සුහිතකාලං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති. සුහිතකාලෙ සමුට්ඨිතම්පි ඡාතකාලං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා”ති එවං තත්ථ තිලක්ඛණං ආරොපෙති.
හෙතෙම මෙසේ විවිධාකාරයෙන් වයෝවුද්ධත්‍ථගම රූපයන් ත්රිලක්ෂණයට නගා යලි එම රූපයම විග්රහ කෙරෙමින් ආහාරමයාදී වශයෙන් සිවු කොටසක් කොට එක් එක් කොටසෙහි ත්රිලක්ෂණාරෝපණය කෙරෙයි. එහිදී ඔහුට ආහාරමය රූපය ක්ෂුධිත - සන්තෘප්ත වශයෙන් ප්‍රකට වේ; ක්ෂුධිත (සාගත) කාලයෙහි හටගත් රූපය මළානිකද, ක්ලාන්තය වේ, දාගිය කොටයක් මෙන්ද, අඟුරු පැසක සැඟවුණු කපුටකු සෙයින්ද (පිළිවෙළින්) අඳුරු පැහැ ඇත්තේද, නොපැහැදිලි සටහන් ඇත්තේද වේ; සුහිත (සුභික්ෂ) කාලයෙහි හටගත් රූපය පුෂ්ටිමත්ද, ඔදවත්ද, මෘදුද, සිනිඳුද සුපහස් ඇත්තේද වේ; හේ තෙමේ එම ආහාරමය රූපය සම්මර්ශනය කෙරෙමින් ක්ෂුධිත කාලයෙහි පැවැති රූපය සුභික්ෂ කාලයට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ, සුභික්ෂ කාලයෙහි පැවැති රූපයද ක්ෂුධිත කාලයට නොපැමිණ එහිදීම නිරුද්ධ වේ; එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි මෙසේ ත්රිලක්ෂණයට නඟයි.
උතුමයං සීතුණ්හවසෙන පාකටං හොති. උණ්හකාලෙ සමුට්ඨිතං රූපං හි ඣත්තං හොති කිලන්තං දුබ්බණ්ණං. සීතඋතුනා සමුට්ඨිතං රූපං ධාතං පීණිතං සිනිද්ධං හොති. සො තං පරිග්ගහෙත්වා “උණ්හකාලෙ පවත්තරූපං සීතකාලං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති. සීතකාලෙ පවත්තරූපං උණ්හකාලං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා”ති එවං තත්ථ තිලක්ඛණං ආරොපෙති.
සෘතුමය රූපය ශීත-උෂ්ණ වශයෙන් ප්‍රකට වේ, උෂ්ණ කාලයෙහි හටගත් රූපය මළානිකද ක්ලාන්තද, දුර්වර්ණද වේ, ශීත ගුණයෙන් හටගත් රූපය පුෂ්ටිමත්ය, ඔදවත්ය, මෘදුය, සිනිඳුය, සූපහස් ඇත්තේය, හේ තෙමේ එය සම්මර්ශනය කෙරෙමින් පැවැති රූපය ශීතකාලයට නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ, ශීතකාලයෙහි පැවැති රූපය උෂ්ණ කාලයට නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ; එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි මෙසේ ත්රිලක්ෂණාරෝපණය කරයි.
කම්මජං ආයතනද්වාරවසෙන පාකටං හොති. චක්ඛුද්වාරස්මිං හි චක්ඛුකායභාවදසකවසෙන තිංස කම්මජරූපානි, උපත්ථම්භකානි පන තෙසං උතුචිත්තාහාරසමුට්ඨානානි චතුවීසතීති චතුපණ්ණාස හොන්ති. තථා සොතඝානජිව්හාද්වාරෙසු. කායද්වාරෙ කායභාවදසකවසෙන චෙව උතුසමුට්ඨානාදිවසෙන ච චතුචත්තාලීස. මනොද්වාරෙ හදයවත්ථුකායභාවදසකවසෙන චෙව උතුසමුට්ඨානාදිවසෙන ච චතුපණ්ණාසමෙව.
කර්මජ රූපය ආයතන - ද්වාර වශයෙන් ප්‍රකට වේ; චක්ඛුද්වාර විෂයයෙහි වනාහි චක්ඛු-කාය-භාව දශක වශයෙන් කර්මජ රූප තිසෙක් වේ; එයට උපස්තම්භක වූ සෘතු - චිත්ත - ආහාර යන තුනෙන් හටගත් (ශුද්ධාෂ්ටමක තුනක්) සූවිස්සක්දැ’යි සූපණසක් රූප වේ. සෝත-ඝාන-ජීව්හා ද්වාර විෂයයෙහිද එසේය; කායද්වාර විෂයයෙහි වනාහි කාය - භාව දශක වශයෙන් හා සෘතු - චිත්ත - ආහාර සමුට්ඨාන වශයෙන් සූසාළිසක් රූපද, මනෝද්වාර විෂයයෙහි, හදය වත්ථු-කාය- භාව දසක වශයෙන්ද සෘතු - චිත්ත - ආහාර සමුට්ඨාන වශයෙන්ද රූප සූපණසෙක්ම වේ.
සො සබ්බම්පි තං රූපං පරිග්ගහෙත්වා “චක්ඛුද්වාරෙ පවත්තරූපං සොතද්වාරං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති. සොතද්වාරෙ පවත්තරූපං ඝානද්වාරං. ඝානද්වාරෙ පවත්තරූපං ජිව්හාද්වාරං. ජිව්හාද්වාරෙ පවත්තරූපං කායද්වාරං. කායද්වාරෙ පවත්තරූපං මනොද්වාරං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා”ති එවං තත්ථ තිලක්ඛණං ආරොපෙති.
හේ තෙමේ ඒ සියලුම රූපයන් සම්මර්ශනය කෙරෙමින් චක්ඛුද්වාරයෙහි පැවැති රූපය සෝතද්වාරයට නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ, සෝත ද්වාරයෙහි පැවැති රූපය ඝානද්වාරයටද, ඝානද්වාරයෙහි පැවැති රූපය ජීව්හාද්වාරයටද, ජිව්හාද්වාරයෙහි පැවැති රූපය කායද්වාරයටද, කායද්වාරයෙහි පැවැති රූපය මනෝද්වාරයටද නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ; එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි මෙසේ එහි ත්රිලක්ෂණාරෝපණය කෙරෙයි.
චිත්තසමුට්ඨානං සොමනස්සිතදොමනස්සිතවසෙන පාකටං හොති, සොමනස්සිතකාලෙ උප්පන්නං හි රූපං සිනිද්ධං මුදු පීණිතං ඵස්සවන්තං හොති. දොමනස්සිතකාලෙ උප්පන්නං ඣත්තං කිලන්තං දුබ්බණ්ණං හොති. සො තං පරිග්ගහෙත්වා “සොමනස්සිතකාලෙ පවත්තරූපං දොමනස්සිතකාලං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති. දොමනස්සිතකාලෙ පවත්තරූපං සොමනස්සිතකාලං අප්පත්වා එත්ථෙව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා”ති එවං තත්ථ තිලක්ඛණං ආරොපෙති.
චිත්ත සමුට්ඨාන රූපය සෝමනස්සිත, දෝමනස්සිත වශයෙන් ප්‍රකට වේ. සොම්නසින් යුත් කාලයෙහි උපන් රූපය සිනිඳු මුදු සුපහස් ඇත්තෙකි, දොම්නසින් යුත් කාලයෙහි උපන්නේ මළානික, වැහැරී ගිය දුර්වර්ණ රූපයෙකි; හේ තෙමේ එය සම්මර්ශනය කෙරෙමින් සෝමනස්සිත කාලයෙහි පැවැති රූපය දෝමනස්සිත කාලයට නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ; දෝමනස්සිත කාලයෙහි පැවැති රූපය සෝමනස්සිත කාලයට නොපැමිණ මෙහිදීම නිරුද්ධ වේ; එහෙයින් එයද අනිත්‍ය මෙන්ම දුඃඛද අනාත්මද වේ යනුවෙන් මෙසේ ත්රිලක්ෂණාරෝපණය කෙරෙයි.
තස්සෙවං චිත්තසමුට්ඨානරූපං පරිග්ගහෙත්වා තත්ථ තිලක්ඛණං ආරොපයතො අයමත්ථො පාකටො හොති –
මෙසේ චිත්ත සමුට්ඨාන රූපය පරිග්‍රහණය කෙරෙමින් ත්රිලක්ෂණය ආරෝපණය කරන ඔහුට මේ කරුණ මැනවින් පැහැදිලි වේ:-
ජීවිතං අත්තභාවො ච, සුඛදුක්ඛා ච කෙවලා; එකචිත්තසමායුත්තා, ලහුසො වත්තතෙ ඛණො.
ජීවිතං අත්තභාවො ච සුඛදුක්ඛා ව කේවලා, ඒකචිත්ත සමායුත්තා ලහුසො වත්තතෙ ඛණො.
චුල්ලාසීති සහස්සානි, කප්පං තිට්ඨන්ති යෙ මරූ; න ත්වෙව තෙපි තිට්ඨන්ති, ද්වීහි චිත්තෙහි සමොහිතා.
චුල්ලාසීති සහස්සානි කප්පං තිට්ඨන්ති යෙ මරු, නත්වෙව තෙපි තිට්ඨන්ති ද්වීහි චිත්තෙහි සමොහිතා
යෙ නිරුද්ධා මරන්තස්ස, තිට්ඨමානස්ස වා ඉධ; සබ්බෙව සදිසා ඛන්ධා, ගතා අප්පටිසන්ධිකා.
යෙ නිරුද්ධා මරන්තස්ස තිට්ඨමානස්ස වා ඉධ, සබ්බෙව සදිසා ඛන්ධා ගතා අප්පටිසන්ධිකා
අනන්තරා ච යෙ භග්ගා, යෙ ච භග්ගා අනාගතෙ; තදන්තරා නිරුද්ධානං, වෙසමං නත්ථි ලක්ඛණෙ.
අනත්තරා ච යෙ භග්ගා යෙ ච භග්ගා අනාගතෙ, තදන්තරා නිරුද්ධානං වෙසමං නත්ථි ලක්ඛණෙ.
අනිබ්බත්තෙන න ජාතො, පච්චුප්පන්නෙන ජීවති; චිත්තභඞ්ගා මතො ලොකො, පඤ්ඤත්ති පරමත්ථියා.
අනිබ්බත්තෙන න ජාතො පච්චුප්පන්නෙන ජිවති, චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්ති පරමත්ථියා
අනිධානගතා භග්ගා, පුඤ්ජො නත්ථි අනාගතෙ; නිබ්බත්තා යෙපි තිට්ඨන්ති, ආරග්ගෙ සාසපූපමා.
අනිධානගතා භග්ගා පුඤ්ජො නත්ථි අනාගතෙ, නිබ්බත්තා යෙහි තිට්ඨන්ති ආරග්ගෙ සාසපූපමා
නිබ්බත්තානඤ්ච ධම්මානං, භඞ්ගො නෙසං පුරක්ඛතො; පලොකධම්මා තිට්ඨන්ති, පුරාණෙහි අමිස්සිතා.
නිබ්බත්තානඤ්ච ධම්මානං භඞ්ගො තෙසං පුරක්ඛතො පලොකධම්මා තිට්ඨන්ති පුරාණෙහි අමිස්සිතා
අදස්සනතො ආයන්ති, භග්ගා ගච්ඡන්තුදස්සනං; විජ්ජුප්පාදොව ආකාසෙ, උප්පජ්ජන්ති වයන්ති චාති. (මහානි· 10);
අදස්සනාතො ආයන්ති භඞ්ග ගච්ඡන්ත්යදස්සනං, විජ්ජුප්පාදොව ආකාසෙ උප්පජ්ජන්ති වයන්ති ච
ජීවිතයද ආත්මභාවයද යනු, හුදෙක් එක් චිත්තක්ෂණයෙකින් යුත් සුඛ හෝ දුඃඛම වේ; ක්ෂණයද පවතිනුයේ ඉතා කෙටි කාලයෙකි.
යටත් පිරිසෙයින් අසූ දහසක් කප් ජීවත් වන යම් දෙවි කෙනෙක් වෙත්ද, ඔහු පවා චිත්තක්ෂණ දෙකෙකින් යුක්තව ජීවත් නොවෙති.
මියයන්නකුගේ හෝ මෙහි ජීවත් වන්නකුගේ හෝ යම් ස්කන්ධයක් නිරුද්ධ වූයේද, එක හා සමාන වූ ඒ සියල්ල නැවත නො-එන පරිදි ගියේය.
අතීත භවයෙහි බිඳුණාවූද, අනාගතයෙහි බිඳෙන්නා වූද, ඒ දෙක අතර තුර නිරුද්ධ වූද ස්කන්ධයන්ගේ ලක්ෂණයෙහි විසම බවෙක් නැති. (සමාන වේ).
නූපන් චිත්තයෙන් උපන්නෙක් නැත, පවත්නා චිත්තයෙන් ජීවත් වේ; චිත්තය බිදී යාමෙන් ලෝකය මියෙයි, මේ (ජීවත්වීම හා මියයාම යන දෙක පිළිවෙළින් ප්රඥප්තිය (සම්මුතිය) හා පරමාර්ත්ථය වේ.
බිඳී ගිය (ස්කන්ධයෝ) නිදන්ගත වූයේ නැත, අනාගතයෙහි යලි පිඬු වීමෙක්ද නැත, උපන්නාවූ යම් ස්කන්ධයෝ වෙත්ද ඔහු හිදි තුඩෙහි රැඳි අබැටක් සෙයින් ජීවත් වෙති.
උපන්නාවූද, ඒ සංස්කාර ධර්මයන්ගේ බිඳීයාම පළමුකොට ස්වයං සිද්ධව අනිවාර්යයෙන්ම වියයුත්තෙකි. (පුරක්ඛත). විනාශ වීම ස්වභාව කොට ඇති සංස්කාර ධර්මයෝ පුරාණ සංස්කාර ධර්මයන් හා සමග අමිශ්‍රව පවත්නාහුය.
(ස්කන්ධයෝ තුමූ) නොදුටු විරූ තැනෙකින් එති, බිඳී ගියාහු අදර්ශනයට යෙති, ආකාශයෙහි විදුලිය උපදනා සෙයින් උපදිති, එසේම වැනසෙති.
එවං ආහාරමයාදීසු තිලක්ඛණං ආරොපෙත්වා පුන ධම්මතාරූපෙ තිලක්ඛණං ආරොපෙති. ධම්මතාරූපං නාම බහිද්ධා අනින්ද්රියබද්ධං අයලොහතිපුසීසසුවණ්ණරජතමුත්තාමණිවෙළුරියසඞ්ඛසිලාපවාළලොහිතඞ්ගමසාරගල්ලභූමිපාසාණපබ්බතතිණරුක්ඛලතාදිභෙදං විවට්ටකප්පතො පට්ඨාය උප්පජ්ජනකරූපං. තදස්ස අසොකඞ්කුරාදිවසෙන පාකටං හොති.
මෙසේ ආහාරමය රූප විෂයයෙහි ත්රිලක්ෂණය ආරෝපණය කොට යලිදු “ධම්මතා රූප” විෂයයෙහි ත්රිලක්ෂණය ආරෝපණය කෙරෙයි. ‘ධම්මතාරූප’ නම්, බාහිර වූ, ඉන්ද්රියබද්ධ නොවූ, විවට්ට කල්පයෙහි සිට ස්වභාවිකව හටගන්නා යකඩ, තඹ, සුදුඊයම්, කළු ඊයම්, රන්, රිදී, මුතු, මැණික්, වෛදූර්ය, සක්, කළුගල්, පබළු, රතුකැට, මැසිරිගල්, පලිඟු, පවු, තණ, ගස්, වැල් ආදී ප්‍රභේද ඇති රූපයි. එය මේ යෝගියාහට අශෝක අංකුරාදී වශයෙන් ප්‍රකට වේ.
අසොකඞ්කුරං හි ආදිතොව තනුරත්තං හොති, තතො ද්වීහතීහච්චයෙන ඝනරත්තං, පුන ද්වීහතීහච්චයෙන මන්දරත්තං, තතො තරුණපල්ලවවණ්ණං, තතො පරිණතපල්ලවවණ්ණං, තතො හරිතපණ්ණවණ්ණං. තතො නීලපණ්ණවණ්ණං. තතො නීලපණ්ණවණ්ණකාලතො පට්ඨාය සභාගරූපසන්තතිමනුප්පබන්ධාපයමානං සංවච්ඡරමත්තෙන පණ්ඩුපලාසං හුත්වා වණ්ටතො ඡිජ්ජිත්වා පතති.
අශෝක අංකුරය වනාහි මුලදී ලාරතු පැහැ ඇත්තේ වේ, අනතුරුව දෙතුන් දවසක් ඉකුත් වත්ම තද රතු පැහැ ඇතිවේ. යලි දෙතුන් දවසක් ගිය පසු මදරත් පැහැ ඇත්තේ වේ. ඉනික්බිති, ලා දළුපැහැ වේ, අනතුරුව මුහුකළ දළු පැහැ ඇත්තේ වේ. ඉන් අනතුරුව කොළ පැහැ ගනී, ඉනුදු අනතුරුව නිල්-කොළ පැහැ ගනී; නිල්-කොළ පැහැ ගත් තැන් පටන් සමාන රූප පරම්පරා අනුව පවත්නේ අවුරුද්දෙකින් පමණ පඬුපැහැ ගෙන නටුවෙන් ගිලිහී වැටෙයි.
සො තං පරිග්ගහෙත්වා “තනුරත්තකාලෙ පවත්තරූපං ඝනරත්තකාලං අප්පත්වා නිරුජ්ඣති. ඝනරත්තකාලෙ පවත්තරූපං මන්දරත්තකාලං. මන්දරත්තකාලෙ පවත්තරූපං තරුණපල්ලවවණ්ණකාලං. තරුණපල්ලවවණ්ණකාලෙ පවත්තං පරිණතපල්ලවවණ්ණකාලං. පරිණතපල්ලවවණ්ණකාලෙ පවත්තං හරිතපණ්ණවණ්ණකාලං . හරිතපණ්ණකාලෙ පවත්තං නීලපණ්ණවණ්ණකාලං. නීලපණ්ණවණ්ණකාලෙ පවත්තං පණ්ඩුපලාසකාලං. පණ්ඩුපලාසකාලෙ පවත්තං වණ්ටතො ඡිජ්ජිත්වා පතනකාලං අප්පත්වාව නිරුජ්ඣති, තස්මා තං අනිච්චං දුක්ඛමනත්තා”ති තිලක්ඛණං ආරොපෙති, එවං තත්ථ තිලක්ඛණං ආරොපෙත්වා ඉමිනා නයෙන සබ්බම්පි ධම්මතාරූපං සම්මසති.
ඒ යෝගාවචර තෙමේ එය සම්මර්ශනය කරමින්, ලා-රතු කල්හි පැවැති රූපය තද රතු වන තුරු නොපැවත නිරුද්ධ වෙයි, තද රතු කල්හි පැවැති රූපය මඳ රතු වන තෙක් මඳ රතු කල්හි පැවැති රූපය ලාදළු පැහැ වන තෙක්ද මූකළ දළු පැහැ කාලයෙහි පැවැති රූපය කොළ පැහැ වන තෙක්ද, කොළ පැහැති කාලයෙහි පැවැති රූපය නිල් කොළ පැහැ වන තෙක්ද නිල්-කොළ පැහැති කාලයෙහි පැවැති රූපය පඬු පැහැ කොළ ඇති වන තෙක්ද, පඬු පැහැ කොළ ඇති කාලයෙහි පැවැති රූපය නටුවෙන් ගිලිහී වැටෙන තෙක්ද නොපැවතම නිරුද්ධ වේ; එහෙයින් එය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්රිලක්ෂණාරෝපණය කරයි. මෙසේ මෙහි ත්රිලක්ෂණාරෝපණය කොට, මේ නයින් සියලු ධම්මතාරූපයන් සම්මර්ශනය කරයි.
එවං තාව රූපසත්තකවසෙන තිලක්ඛණං ආරොපෙත්වා සඞ්ඛාරෙ සම්මසති.
මෙසේ පළමු කොට රූප-සප්තක වශයෙන් ත්රිලක්ෂණාරෝපණය කරමින් සංඛාරයන් සම්මර්ශනය කරයි.