අරූපසත්තකසම්මසනකථා
අරූපසත්තකසම්මසනකථා
අරූපසත්තකසම්මසනකථා
යං පන වුත්තං “අරූපසත්තකවසෙනා”ති, තත්ථ අයං මාතිකා – කලාපතො, යමකතො, ඛණිකතො, පටිපාටිතො, දිට්ඨිඋග්ඝාටනතො, මානසමුග්ඝාටනතො, නිකන්තිපරියාදානතොති.
“අරූප සත්තක වසෙන” යනුවෙන් යමක් කියන ලද්දේද, එහි මාතෘකා මෙසේයි:- කලාපතෝ (කලාප වශයෙන්) යමකතෝ (යුගල වශයෙන්) ඛණිකතෝ (ක්ෂණික වශයෙන්) පටිපාටිතො (පිළිවෙළ වශයෙන්) දිට්ඨිඋග්ඝාටනතෝ (දෘෂ්ටීන් උගුලවා දැමීම) මාන සමුග්ඝාටනතෝ (මානය උපුටා දැමීම) හා නිකන්ති පරියාදානතෝ (නිකන්ති’ යනුවෙන් හැඳින්වෙන සියුම් තෘෂ්ණාව අවසන් කිරීම) යන සත් ආකාරයෙනි.
තත්ථ කලාපතොති ඵස්සපඤ්චමකා ධම්මා. කථං කලාපතො සම්මසතීති? ඉධ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති – “යෙ ඉමෙ ‘කෙසා අනිච්චා දුක්ඛා අනත්තා’ති සම්මසනෙ උප්පන්නා ඵස්සපඤ්චමකා ධම්මා, යෙ ච ‘ලොමා…පෙ… මත්ථලුඞ්ගං අනිච්චං දුක්ඛමනත්තා’ති සම්මසනෙ උප්පන්නා ඵස්සපඤ්චමකා ධම්මා, සබ්බෙ තෙ ඉතරීතරං අප්පත්වා පබ්බංපබ්බං ඔධිඔධි හුත්වා තත්තකපාලෙ පක්ඛිත්තතිලා විය තටතටායන්තා විනට්ඨා, තස්මා අනිච්චා දුක්ඛා අනත්තා”ති. අයං තාව විසුද්ධිකථායං නයො.
එහි ‘කලාපතො’ යනු, ඵස්ස පඤ්චමක (ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත) ධර්මයෝයි; කලාප වශයෙන් කෙසේ සම්මර්ශනය කෙරේද යත්, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ මෙසේ මෙනෙහි කරයි:- “මේ කෙස්, අනිත්‍යය. දුඃඛය, අනාත්මය’යි සම්මර්ශන කිරීමේදී උපන් ඵස්ස පංචමක ධර්මයෝද, ‘‘මේ ලොම් -පෙ- මේ හිස් මොළ අනිත්‍යය, දුඃඛය, අනාත්මය’ යි සම්මර්ශනය කිරීමේදී උපන් ඵස්ස පංචමක ධර්මයෝදැ’යි යන මේ සියල්ල එකක් අනෙකකට නොපැමිණ පුරුක් පුරුක් බවට, අනෙක් අනෙක් කැබලි බවට පත්ව, රත් කළ කබලෙක ලූ තල මෙන් ‘තට, තට’ යන අනුකරණයෙන් නටුයේය; එහෙයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි යනුවෙනි. මේ පළමුකොට විසුද්ධි කථා නයයි.
අරියවංසකථායං පන “හෙට්ඨා රූපසත්තකෙ සත්තසු ඨානෙසු ‘රූපං අනිච්චං දුක්ඛමනත්තා’ති පවත්තං චිත්තං අපරෙන චිත්තෙන ‘අනිච්චං දුක්ඛමනත්තා’ති සම්මසන්තො ‘කලාපතො සම්මසතී’ති” වුත්තං, තං යුත්තතරං. තස්මා සෙසානිපි තෙනෙව නයෙන විභජිස්සාම.
අරියවංස කථා නයෙහි වනාහි, යට රූප සප්තකයෙහි, සත් තැනෙක්හි (වෙන වෙනම) “රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි පැවැති චිත්තය, අනෙක් චිත්තයෙකින් (එකට ගෙන) අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරනුයේ කලාප වශයෙන් සම්මර්ශනය කරයි” යනුවෙන් කියන ලද්දේය; එය වඩා යෝග්‍ය වේ. එහෙයින් සෙසු ‘යමකතො’ යන ආදියද එනයින්ම විග්රහ කරන්නමු.
යමකතොති ඉධ භික්ඛු ආදානනික්ඛෙපරූපං “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසිත්වා තම්පි චිත්තං අපරෙන චිත්තෙන “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසති. වයොවුඩ්ඪත්ථඞ්ගමරූපං, ආහාරමයං, උතුමයං, කම්මජං, චිත්තසමුට්ඨානං, ධම්මතාරූපං “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසිත්වා තම්පි චිත්තං අපරෙන චිත්තෙන “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසති. එවං යමකතො සම්මසති නාම.
‘යමකතො’ යනු මෙහිදී භික්ෂු තෙමේ (යට කී) ආදාන-නික්ඛේපන රූපය “අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශන කොට, එම සිතද අනෙක් සිතෙකින් ‘අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි. වයෝවුද්ධත්‍ථගම (වයස වැඩී යාමෙන් ඉකුත්ව යන රූපය) -පෙ ආහාරමය -පෙ-, සෘතුමය -පෙ- කර්මජ -පෙ- චිත්ත සමුට්ඨාන ධම්මතා රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, එම චිත්තයද, අනෙක් චිත්තයෙකින් ‘අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි; මෙසේ, (රූප හා අරූප) යුගල වශයෙන් ගෙන සම්මර්ශනය කිරීම නම් වේ.
ඛණිකතොති ඉධ භික්ඛු ආදානනික්ඛෙපරූපං “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසිත්වා තං පඨමචිත්තං දුතියචිත්තෙන, දුතියං තතියෙන, තතියං චතුත්ථෙන, චතුත්ථං පඤ්චමෙන “එතම්පි අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසති. වයොවුඩ්ඪත්ථඞ්ගමරූපං, ආහාරමයං, උතුමයං, කම්මජං, චිත්තසමුට්ඨානං, ධම්මතාරූපං “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසිත්වා තං පඨමචිත්තං දුතියචිත්තෙන, දුතියං තතියෙන, තතියං චතුත්ථෙන, චතුත්ථං පඤ්චමෙන “එතම්පි අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසති. එවං රූපපරිග්ගාහකචිත්තතො පට්ඨාය චත්තාරි චත්තාරි චිත්තානි සම්මසන්තො ඛණිකතො සම්මසති නාම.
‘ඛණිකතො’ යනු, මෙහිදී භික්ෂු තෙමේ, ආදානනික්ඛේප රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට ඉක්බිති එම ප්‍රථම චිත්තය දෙවන චිත්තයෙකින්ද, දෙවැන්න තෙවැන්නෙකින්ද, තෙවැන්න සිවුවැන්නෙකින්ද, සිවුවැන්න පස්වැන්නෙකින්දැ’යි මෙසේ, “මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි. වයෝවුද්ධත්‍ථගම රූපයද, ආහාරමය-සෘතුමය-කර්මජ-චිත්ත සමුට්ඨාන, රූපයන්ද, ධම්මතා රූපයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, එම ප්‍රථම චිත්තය දෙවන චිත්තයෙකින්ද, දෙවන චිත්තය තෙවන චිත්තයෙකින්ද, තෙවන චිත්තය සිවුවැනි චිත්තයෙකින්ද, සිවුවන චිත්තය පස්වැන්නෙකින්දැ’ යි මෙසේ, “මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’ය සම්මර්ශනය කරයි; මෙසේ රූප-පරිග්රාහක චිත්තයෙහි පටන් සතරක් සතරක් බැගින් සම්මර්ශනය කරනුයේ ක්ෂණික වශයෙන් සම්මර්ශනය කෙරේ නම් වේ.
පටිපාටිතොති ආදානනික්ඛෙපරූපං “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසිත්වා තං පඨමචිත්තං දුතියචිත්තෙන, දුතියං තතියෙන, තතියං චතුත්ථෙන…පෙ… දසමං එකාදසමෙන “එතම්පි අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසති. වයොවුඩ්ඪත්ථඞ්ගමරූපං, ආහාරමයං, උතුමයං, කම්මජං, චිත්තසමුට්ඨානං, ධම්මතාරූපං “අනිච්චං දුක්ඛමනත්තා”ති සම්මසිත්වා තං පඨමචිත්තං දුතියචිත්තෙන, දුතියං තතියෙන, තතියං චතුත්ථෙන…පෙ… දසමං එකාදසමෙන “එතම්පි අනිච්චං දුක්ඛමනත්තා”ති එවං විපස්සනා පටිපාටියා සකලම්පි දිවසභාගං සම්මසිතුං වට්ටෙය්ය. යාව දසමචිත්තසම්මසනා පන රූපකම්මට්ඨානම්පි අරූපකම්මට්ඨානම්පි පගුණං හොති. තස්මා දසමෙයෙව ඨපෙතබ්බන්ති වුත්තං. එවං සම්මසන්තො පටිපාටිතො සම්මසති නාම.
‘පටිපාටිතො’ යනු, ආදාන-නික්ඛේප රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, එම ප්‍රථම චිත්තය, දෙවන චිත්තයෙකින්ද, දෙවැන්න තෙවැන්නෙකින්ද, තෙවැන්න සිවුවැන්නෙකින්ද, -පෙ- දසවැන්න එකොළොස් වැන්නෙකින්දැ’යි මෙසේ “මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කරයි. වයෝවුද්ත්ථගම රූපයද, ධම්මතාරූපයද, අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි සම්මර්ශනය කොට, ඉක්බිති එම ප්‍රථම චිත්තය දෙවන චිත්තයෙකින්ද, දෙවන චිත්තය තෙවන චිත්තයෙකින්ද, තෙවැන්න -පෙ- දසවැන්න එකොළොස් වැන්නෙකින්දැ’යි මෙසේ මෙයද අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි විදර්ශනා පිළිවෙළින් මුළු දහවලම සම්මර්ශනය කරනු වටී, දසවන චිත්තය තෙක් සම්මර්ශනය කිරීමෙන් රූප-කර්මස්ථානයද, අරූප-කර්මස්ථානයද ප්‍රගුණ වේ; එහෙයින් දසවැන්නෙහිදීම නැවැත්විය යුතුයයි කියන ලදි. මෙසේ සම්මර්ශනය කරනුයේ පටිපාටි (පිළිවෙළ) වශයෙන් සම්මර්ශනය කෙරේ නම් වේ.
දිට්ඨිඋග්ඝාටනතො මානඋග්ඝාටනතො නිකන්තිපරියාදානතොති ඉමෙසු තීසු විසුං සම්මසනනයො නාම නත්ථි. යං පනෙතං හෙට්ඨා රූපං, ඉධ ච අරූපං පරිග්ගහිතං, තං පස්සන්තො රූපාරූපතො උද්ධං අඤ්ඤං සත්තං නාම න පස්සති. සත්තස්ස අදස්සනතො පට්ඨාය සත්තසඤ්ඤා උග්ඝාටිතා හොති. සත්තසඤ්ඤං උග්ඝාටිතචිත්තෙන සඞ්ඛාරෙ පරිග්ගණ්හතො දිට්ඨි නුප්පජ්ජති. දිට්ඨියා අනුප්පජ්ජමානාය දිට්ඨි උග්ඝාටිතා නාම හොති. දිට්ඨිඋග්ඝාටිතචිත්තෙන සඞ්ඛාරෙ පරිග්ගණ්හතො මානො නුප්පජ්ජති. මානෙ අනුප්පජ්ජන්තෙ මානො සමුග්ඝාටිතො නාම හොති. මානසමුග්ඝාටිතචිත්තෙන සඞ්ඛාරෙ පරිග්ගණ්හතො තණ්හා නුප්පජ්ජති. තණ්හාය අනුප්පජ්ජන්තියා නිකන්ති පරියාදිණ්ණා නාම හොතීති ඉදං තාව විසුද්ධිකථායං වුත්තං.
‘දිට්ඨි උග්ඝාටනතො’, ‘මාන උග්ඝාටනතො’, ‘නිකන්ති පරියාදානතො’ යන මේ තුනෙහි වෙන් වෙන් වශයෙන් සම්මර්ශන ක්‍රමයක් නැත; යට පරිග්‍රහණය කරන ලද යම් මේ රූපයක් ඇත්ද එය හා මෙහි (දැන්) පරිග්‍රහණය කරනු ලබන අරූපයද දකිනුයේ එම රූප-අරූප දෙක හැර අන් කිසි සත්ව කෙනකු නොදකී; සත්වයකු නොදක්නා තැන් සත්ව සංඥාව උගුළුවා හරින ලද්දේ වේ. සත්ව සංඥාව උගුළුවා හළ සිතින් සංස්කාරයන් පරිග්‍රහ කරන්නහුට (සාවද්‍ය දෘෂ්ටිය නො-උපදියි; දෘෂ්ටිය නූපදනා කල දෘෂ්ටිය උගුළුවා හරින ලද්දේ වේ; දෘෂ්ටිය උගුළුවා හළ සිතින් සංස්කාරයන් පරිග්‍රහණය කරන්නහුට මානය නො-උපදියි. මානය නො-උපදනා කල මානය උගුළුවා හරින ලද්දේ නම් වේ; මානය උගුළුවා හළ සිතින් සංස්කාරයන් පරිග්‍රහණය කරන්නහුට තෘෂ්ණාව නො-උපදියි. තෘෂ්ණාව නො-උපදනා කල නිකන්තිය (එනම් සියුම් තෘෂ්ණාව) ක්ෂය කරන ලද්දේ වේ. මෙසේ විසුද්ධි කථායෙහි කියන ලදි.
අරියවංසකථායං පන “දිට්ඨිඋග්ඝාටනතො මානසමුග්ඝාටනතො නිකන්තිපරියාදානතො”ති මාතිකං ඨපෙත්වා අයං නයො දස්සිතො.
අරියවංස කථායෙහි වනාහි ‘දිට්ඨි උග්ඝාටනතො’ (දෘෂ්ටිය උගුළුවාලීම් වශයෙන්), ‘මාන සමුග්ඝාටනතො’ (මානය උගුළුවාලීම් වශයෙන්), ‘නිකන්ති පරියාදානතො’ (නිකන්තිය ක්ෂය කිරීම් වශයෙන්), යනුවෙන් මාතෘකා තබා, මෙම ක්‍රමය දක්වන ලදි.
“අහං විපස්සාමි, මම විපස්සනා”ති ගණ්හතො හි දිට්ඨිසමුග්ඝාටනං නාම න හොති. “සඞ්ඛාරාව සඞ්ඛාරෙ විපස්සන්ති සම්මසන්ති වවත්ථපෙන්ති පරිග්ගණ්හන්ති පරිච්ඡින්දන්තී”ති ගණ්හතො පන දිට්ඨිඋග්ඝාටනං නාම හොති.
“මම් විදර්ශනා වඩමි’, ‘මගේ විදර්ශනාව’ යනුවෙන් ගන්නහුට දෘෂ්ටිසමුද්ඝාටනයෙක් නම් නොවේ; “සංස්කාරයෝම සංස්කාරයන් විදර්ශනා කරති, සම්මර්ශනය කරති, ව්‍යවස්ථා කරති, පරිග්‍රහ කරති, පිරිසිඳ දනිති’යි ගන්නහුට වනාහි දෘෂ්ටි සමුද්ඝාටනය වේ.
“සුට්ඨු විපස්සාමි, මනාපං විපස්සාමී”ති ගණ්හතො මානසමුග්ඝාටො නාම න හොති. “සඞ්ඛාරාව සඞ්ඛාරෙ විපස්සන්ති සම්මසන්ති වවත්ථපෙන්ති පරිග්ගණ්හන්ති පරිච්ඡින්දන්තී”ති ගණ්හතො පන මානසමුග්ඝාටො නාම හොති.
“මනාකොට විදර්ශනා කරමි”, “මැනවින් විදර්ශනා කරමියි’ ගන්නහුට මාන සමුද්ඝාටනයෙක් නම් නොවේ, “සංස්කාරයෝම සංස්කාරයන් විදර්ශනා කරති, විනිශ්චය කරති, ව්‍යවස්ථා කරති, පරිග්‍රහ කරති, පිරිසිඳ දනිති’යි ගන්නහුට මාන සමුද්ඝාටනය වේ.
“විපස්සිතුං සක්කොමී”ති විපස්සනං අස්සාදෙන්තස්ස නිකන්තිපරියාදානං නාම න හොති. “සඞ්ඛාරාව සඞ්ඛාරෙ විපස්සන්ති සම්මසන්ති වවත්ථපෙන්ති පරිග්ගණ්හන්ති පරිච්ඡින්දන්තී”ති ගණ්හතො පන නිකන්තිපරියාදානං නාම හොති.
‘‘විදර්ශනා කරනු හැකි වෙමි’’යි විදර්ශනාව ආස්වාද කරන්නහුට නිකන්ති පරියාදානයක් නම් නොවේ; සංස්කාරයෝම සංස්කාරයන් විදර්ශනා කරති, විනිශ්චය කරති. ව්‍යවස්ථා කරති, පරිග්‍රහ කරති, පිරිසිඳ දනිති’යි ගන්නහුට වනාහි නිකන්ති පරියාදානය වේ.
සචෙ සඞ්ඛාරා අත්තා භවෙය්යුං, අත්තාති ගහෙතුං වට්ටෙය්යුං, අනත්තා ච පන අත්තාති ගහිතා, තස්මා තෙ අවසවත්තනට්ඨෙන අනත්තා, හුත්වා අභාවට්ඨෙන අනිච්චා, උප්පාදවයපටිපීළනට්ඨෙන දුක්ඛාති පස්සතො දිට්ඨිඋග්ඝාටනං නාම හොති.
ඉදින්, සංස්කාරයන් ආත්මය වෙතොත්, ආත්මය’යි ගනු වටනේය; (එහෙත්) අනාත්ම වූවක්ම ආත්මයයි ගන්නා ලදි; එහෙයින් ඔවුන් තමා වශයෙහි නොපවත්නා අරුතින් අනාත්ම වෙති’යි, ඇතිවී නැතිව යන අරුතින් අනිත්‍ය වෙති’යි, ඉපදීම නැසීයාම යන දෙකින් පෙළනු ලැබීමේ අරුතින් දුඃඛ වෙති’යි දක්නහුට දෘෂ්ටි-උද්ඝාටනය වේ.
සචෙ සඞ්ඛාරා නිච්චා භවෙය්යුං, නිච්චාති ගහෙතුං වට්ටෙය්යුං, අනිච්චා ච පන නිච්චාති ගහිතා, තස්මා තෙ හුත්වා අභාවට්ඨෙන අනිච්චා, උප්පාදවයපටිපීළනට්ඨෙන දුක්ඛා, අවසවත්තනට්ඨෙන අනත්තාති පස්සතො මානසමුග්ඝාටො නාම හොති.
ඉදින්, සංස්කාරයන් නිත්‍ය වෙතොත්, නිත්‍යය’යි ගනු වටනේය, (එහෙත්) අනිත්‍ය වූවක්ම නිත්‍යය’යි ගන්නා ලදි; එහෙයින් ඔවුන් ඇතිවී නැතිව යන අරුතින් අනිත්‍ය වෙති’යි, ඉපදීම - නැසීයාම යන දෙකින් පෙළනු ලැබීමේ අරුතින් දුඃඛය’යි, වශයෙහි නොපවත්නා අර්ත්ථයෙන් අනාත්ම වෙති’යි දක්නහුට මාන සමුද්ඝාතය වේ.
සචෙ සඞ්ඛාරා සුඛා භවෙය්යුං, සුඛාති ගහෙතුං වට්ටෙය්යුං, දුක්ඛා ච පන සුඛාති ගහිතා, තස්මා තෙ උප්පාදවයපටිපීළනට්ඨෙන දුක්ඛා, හුත්වා අභාවට්ඨෙන අනිච්චා, අවසවත්තනට්ඨෙන අනත්තාති පස්සතො නිකන්තිපරියාදානං නාම හොති.
ඉදින් සංස්කාරයන් සුඛ (සැප) වෙතොත්, සුඛය’යි ගනු වටනේය, (එහෙත්) දුඃඛ වූවක්ම සුඛය’යි ගන්නා ලදි; එහෙයින් ඉපදීම වැයවීම යන දෙකින් පෙළනු ලබන අරුතින් දුඃඛ වෙති’යි, ඇතිවී නැතිව යන අරුතින් අනිත්‍ය වෙති’යි, වශයෙහි නොපවත්නා අරුතින් අනාත්ම වෙති’යි දක්නහුට නිකන්ති පරියාදානය වේ.
එවං සඞ්ඛාරෙ අනත්තතො පස්සන්තස්ස දිට්ඨිසමුග්ඝාටනං නාම හොති. අනිච්චතො පස්සන්තස්ස මානසමුග්ඝාටනං නාම හොති. දුක්ඛතො පස්සන්තස්ස නිකන්තිපරියාදානං නාම හොති. ඉති අයං විපස්සනා අත්තනො අත්තනො ඨානෙයෙව තිට්ඨතීති.
මෙසේ සංස්කාරයන් අනාත්ම වශයෙන් දක්නහුට දෘෂ්ටි සමුද්ඝාටනය වේ; අනිත්‍ය වශයෙන් දක්නහුට මාන සමුද්ඝාටනය වේ; දුඃඛ වශයෙන් දක්නහුට නිකන්ති පරියාදානය වේ. මෙසේ මේ විදර්ශනාව තම තමාගේ ස්ථානයෙහිම සිටියි.
එවං අරූපසත්තකවසෙනාපි තිලක්ඛණං ආරොපෙත්වා සඞ්ඛාරෙ සම්මසති. එත්තාවතා පනස්ස රූපකම්මට්ඨානම්පි අරූපකම්මට්ඨානම්පි පගුණං හොති.
මේ ආකාරයෙන් අරූප සප්තක වශයෙන්ද ත්රිලක්ෂණය ආරෝපණය කොට සංස්කාරයන් සම්මර්ශනය කරයි. මෙතෙකින් මේ යෝගාවචරයාහට රූප කර්මස්ථානයද අරූප කර්මස්ථානයද ප්‍රගුණ වෙයි.
සො එවං පගුණරූපාරූපකම්මට්ඨානො යා උපරි භඞ්ගානුපස්සනතො පට්ඨාය පහානපරිඤ්ඤාවසෙන සබ්බාකාරතො පත්තබ්බා අට්ඨාරස මහාවිපස්සනා, තාසං ඉධෙව තාව එකදෙසං පටිවිජ්ඣන්තො තප්පටිපක්ඛෙ ධම්මෙ පජහති.
මෙසේ රූප-අරූප කර්මස්ථානයන් ප්‍රගුණ කළ යෝගාවචර තෙමේ මතු භංගානුපස්සනාවෙහි පටන් පහාන පරිඤ්ඤා (ප්රහාණාවබෝධ) වශයෙන් සියලු ආකාරයෙන් පැමිණියයුතු යම් මහා විදර්ශනා අටළොසක් ඇත්ද, එයින් ඒක දේශයක් මෙහිදීම ප්‍රතිවේධ කෙරෙමින් එයට ප්රතිපක්ෂ ධර්මයන් පහ කෙරෙයි.
අට්ඨාරස මහාවිපස්සනා නාම අනිච්චානුපස්සනාදිකා පඤ්ඤා. යාසු අනිච්චානුපස්සනං භාවෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛානුපස්සනං භාවෙන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තානුපස්සනං භාවෙන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බිදානුපස්සනං භාවෙන්තො නන්දිං පජහති, විරාගානුපස්සනං භාවෙන්තො රාගං පජහති, නිරොධානුපස්සනං භාවෙන්තො සමුදයං පජහති, පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තො ආදානං පජහති, ඛයානුපස්සනං භාවෙන්තො ඝනසඤ්ඤං පජහති, වයානුපස්සනං භාවෙන්තො ආයූහනං පජහති, විපරිණාමානුපස්සනං භාවෙන්තො ධුවසඤ්ඤං පජහති, අනිමිත්තානුපස්සනං භාවෙන්තො නිමිත්තං පජහති, අප්පණිහිතානුපස්සනං භාවෙන්තො පණිධිං පජහති, සුඤ්ඤතානුපස්සනං භාවෙන්තො අභිනිවෙසං පජහති, අධිපඤ්ඤාධම්මවිපස්සනං භාවෙන්තො සාරාදානාභිනිවෙසං පජහති, යථාභූතඤාණදස්සනං භාවෙන්තො සම්මොහාභිනිවෙසං පජහති, ආදීනවානුපස්සනං භාවෙන්තො ආලයාභිනිවෙසං පජහති, පටිසඞ්ඛානුපස්සනං භාවෙන්තො අප්පටිසඞ්ඛං පජහති, විවට්ටානුපස්සනං භාවෙන්තො සංයොගාභිනිවෙසං පජහති.
අටළොස් මහා විදර්ශනා නම්: අනිච්චානුපස්සනා ආදී කොට ඇති ප්රඥාවයි. ඔවුනතුරෙන් අනිච්චානු-පස්සනාව වඩනුයේ නිත්‍ය සංඥාව පහ කරයි, දුඃඛානුපස්සනාව වඩනුයේ සුඛ සංඥාව පහ කරයි. අනත්තානුපස්සනාව වඩනුයේ ආත්ම සංඥාව පහකරයි, නිබ්බිදානුපස්සනාව වඩනුයේ නන්දිරාගය (සප්‍රීතික තෘෂ්ණාව) පහ කරයි. විරාගානුපස්සනාව වඩනුයේ රාගය පහ කරයි, නිරෝධානුපස්සනාව වඩනුයේ සමුදය (තෘෂ්ණාව) පහ කරයි, පටිනිස්සග්ගානුපස්සනාව වඩනුයේ ආදානය (භව තෘෂ්ණාව) පහ කරයි. ඛයානුපස්සනාව වඩනුයේ සහ (සන්තති ආදී වශයෙන්) සංඥාව පහ කරයි, වයානුපස්සනාව වඩනුයේ ආයූහනය (සංස්කාරයන් රැස් කිරීම) පහ කරයි, විපරිණාමානුපස්සනාව වඩනුයේ ධ්රැව සංඥාව (ස්ථීරය යන හැඟීම) පහ කරයි, අනිමිත්තානුපස්සනාව වඩනුයේ නිමිත්ත සංඥාව (වැරදි නිමිති පිළිබඳ හැඟීම) පහ කරයි; අප්පණිහිතානුපස්සනාව වඩනුයේ පණිධිය (ප්රාර්ත්ථනය) පහ කරයි; සුඤ්ඤතානුපස්සනාව වඩනුයේ අභිනිවේසය (ආත්මය පිළිබඳ වැරදි විශ්වාසය) පහ කරයි, අධිපඤ්ඤා ධම්ම විපස්සනාව වඩනුයේ සාරාදානාභිනිවේසය (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් දැඩිව ගැනීම) පහ කරයි, යථාභූත ඤාණ දස්සනය වඩනුයේ සම්මෝහාභිනිවේසය (මුළාවෙන් දැඩිව ගැනීම) පහ කරයි, ආදීනවානුපස්සනාව වඩනුයේ ආලයාභිනිවේසය (ඇලීම් වශයෙන් දැඩිව ගැනීම) පහ කරයි, පටිසඞ්ඛානුපස්සනාව වඩනුයේ අප්පටිසඞ්ඛාව (මිථ්‍යා මනස්කාරය) කරයි, විවට්ටානුපස්සනාව වඩනුයේ සංයෝගාභිනිවේශය (කාමයන් වෙත නැඹුරු වීම) පහ කරයි.
තාසු යස්මා ඉමිනා අනිච්චාදිලක්ඛණත්තයවසෙන සඞ්ඛාරා දිට්ඨා, තස්මා අනිච්ච-දුක්ඛ-අනත්තානුපස්සනා පටිවිද්ධා හොන්ති. යස්මා ච “යා ච අනිච්චානුපස්සනා යා ච අනිමිත්තානුපස්සනා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නානං”. තථා “යා ච දුක්ඛානුපස්සනා යා ච අප්පණිහිතානුපස්සනා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නානං”. “යා ච අනත්තානුපස්සනා යා ච සුඤ්ඤතානුපස්සනා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.227) වුත්තං. තස්මා තාපි පටිවිද්ධා හොන්ති.
යම්හෙයකින් මේ යෝගියා විසින් ඒ අටළොස් අනුපස්සනාවන්හිදී අනිත්‍යාදී ලක්ෂණත්රය වශයෙන් සංස්කාරයෝ දක්නා ලද්දාහුද, එහෙයින් අනිත්‍ය-දුක්ඛ-ආත්මානුදර්ශනය ප්‍රතිවේධ කරන ලද්දේ වේ. තවද මෙකී අනිච්චානුපස්සනා අනිමිත්තානුපස්සනා යන දෙක අර්ත්ථයෙන් එක සමාන වන මුත් හුදෙක් අක්ෂර වශයෙන්ම අසමාන වෙතැයිද, එසේම දුඛානුපස්සනා-අප්පණිහිතානුපස්සනා යන දෙකද අර්ත්ථයෙන් එක සමාන වන මුත් හුදෙක් අක්ෂර වශයෙන්ම අසමාන වෙතැ’යිද, එසේම අනත්තානු පස්සනා-සුඤ්ඤතානුපස්සනා යන දෙකද අර්ත්ථයෙන් එක සමාන වන මුත් හුදෙක් අක්ෂර වශයෙන් අසමාන වෙතැයිද කියන ලදි; එහෙයින් ඒ (අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤතා යන) අනුපස්සනා තුනද ප්‍රතිවේධ කරන ලද්දේ වේ.
අධිපඤ්ඤාධම්මවිපස්සනා පන සබ්බාපි විපස්සනා. යථාභූතඤාණදස්සනං කඞ්ඛාවිතරණවිසුද්ධියා එව සඞ්ගහිතං. ඉති ඉදම්පි ද්වයං පටිවිද්ධමෙව හොති. සෙසෙසු විපස්සනාඤාණෙසු කිඤ්චි පටිවිද්ධං, කිඤ්චි අප්පටිවිද්ධං, තෙසං විභාගං පරතො ආවිකරිස්සාම.
අධිපඤ්ඤා ධම්මවිපස්සනා යනු සියලුම විපස්සනාවෝය; යථාභූත ඤාණ විපස්සනාව කඞ්ඛාවිතරණ විසුද්ධි විෂයයෙහිම සංගෘහීත වේ. මෙසේ මේ විපස්සනා දෙකද ප්‍රතිවේධ කරන ලද්දේම වේ, සෙසු විපස්සනා ඤාණයන් අතුරෙන් කිසිවක් ප්‍රතිවේධ කරන ලද්දේ වේ, කිසිවක් ප්‍රතිවේධ නොකරන ලද්දේද වේ (විය හැකිය). එම විපස්සනාවන් පිළිබඳ විභාගය මතු ප්‍රකාශ කරන්නෙමු.
යදෙව හි පටිවිද්ධං, තං සන්ධාය ඉදං වුත්තං “එවං පගුණරූපාරූපකම්මට්ඨානො යා උපරි භඞ්ගානුපස්සනතො පට්ඨාය පහානපරිඤ්ඤාවසෙන සබ්බාකාරතො පත්තබ්බා අට්ඨාරස මහාවිපස්සනා. තාසං ඉධෙව තාව එකදෙසං පටිවිජ්ඣන්තො තප්පටිපක්ඛෙ ධම්මෙ පජහතී”ති.
යමක් ප්‍රතිවේධ කරන ලද්දේද, එය සඳහා මෙසේ කියන ලදි:- “මෙසේ රූපාරූප කර්මස්ථානයන් ප්‍රගුණ කළ යෝගාවචර තෙමේ මතු භඞ්ගානුපස්සනායෙහි පටන් පහාන පරිඤ්ඤා වශයෙන් සියලු ආකාරයෙන් පැමිණිය යුතු මහා විපස්සනා අටළොසක් ඇත්ද, එයින් ඒකදේසයක් (එක් කොටසක්) මෙහිදීම ප්‍රතිවේධ කරමින් එයට ප්රතිපක්ෂ ධර්මයන් පහ කරයි.’’ යනුවෙනි.