යෙදුමෙන් කියවන්න

උදයබ‍්බයඤාණකථා

උදයබ‍්බයඤාණකථා

උදයබ්බයඤාණකථා

සො එවං අනිච‍්චානුපස‍්සනාදිපටිපක‍්ඛානං නිච‍්චසඤ‍්ඤාදීනං පහානෙන විසුද‍්ධඤාණො සම‍්මසනඤාණස‍්ස පාරං ගන‍්ත්‍වා, යං තං සම‍්මසනඤාණානන‍්තරං “පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං විපරිණාමානුපස‍්සනෙ පඤ‍්ඤා උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණ”න‍්ති (පටි· ම· මාතිකා 1.6) උදයබ‍්බයානුපස‍්සනං වුත‍්තං, තස‍්ස අධිගමාය යොගං ආරභති. ආරභමානො ච සඞ‍්ඛෙපතො තාව ආරභති. තත්‍රායං පාළි –

මෙසේ ඒ යෝගාවචර තෙමේ අනිච්චානුපස්සනා ආදියට ප්‍රතිපක්‍ෂ නිත්‍යසංඥා ආදිය පහකිරීමෙන් පිරිසුදු වූ ඥාන ඇතිව, සම්මර්ශන ඥානයෙහි පරතෙර පත්ව, එම සම්මර්ශන ඥානයට අනතුරුව, “ප්‍රත්‍යුත්පන්න (පවත්නා) ධර්මයන් විපරිණාමයට අනුව දැකීමේ ප්‍රඥාව උදයව්‍යයානු දර්ශනයයි’’ යනුවෙන් යම් ඒ උදයබ්බයානුපස්සනාවක් කියන ලද්දේද, එය ප්‍රතිවේධ කිරීම පිණිස භාවනානුයෝගය අරඹයි. එසේ අරඹනුයේද, පළමුකොට සංක්‍ෂේප වශයෙන් අරඹයි; එහි පෙළ මෙසේයි,

“කථං පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං විපරිණාමානුපස‍්සනෙ පඤ‍්ඤා උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණං? ජාතං රූපං පච‍්චුප‍්පන‍්නං, තස‍්ස නිබ‍්බත‍්තිලක‍්ඛණං උදයො, විපරිණාමලක‍්ඛණං වයො, අනුපස‍්සනා ඤාණං. ජාතා වෙදනා… සඤ‍්ඤා… සඞ‍්ඛාරා… විඤ‍්ඤාණං… ජාතං චක‍්ඛු…පෙ… ජාතො භවො පච‍්චුප‍්පන‍්නො, තස‍්ස නිබ‍්බත‍්තිලක‍්ඛණං උදයො, විපරිණාමලක‍්ඛණං වයො, අනුපස‍්සනා ඤාණ”න‍්ති (පටි· ම· 1.49).

කෙසේද යත්:- “ප්‍රත්‍යුත්පන්න ධර්මයන් විපරිණාමයට අනුව දැකීමේ ප්‍රඥාව උදයබ්බයානුපස්සනා ඤාණයයි; හටගත් රූපය ප්‍රත්‍යුත්පන්නයි, එහි හටගැනීමේ ලක්‍ෂණය ‘උදයයි’, ‘විපරිණාම ලක්‍ෂණය ‘ව්‍යය’යි, අනුව දැකීම ‘ඥාන’යි; හටගත් වේදනාව -පෙ- සඤ්ඤාව -පෙ- සංඛාරය -පෙ- විඤ්ඤාණය -පෙ- හටගත් චක්‍ඛුව, -පෙ- හටගත් භවය ප්‍රත්‍යුත්පන්නයි, එහි හටගැනීමේ ලක්‍ෂණය ‘උදයයි, විපරිණාම ලක්‍ෂණය ‘ව්‍යය’යි, අනුව දැකීම ‘ඥාන’යි, යනුවෙනි.

සො ඉමිනා පාළිනයෙන ජාතස‍්ස නාමරූපස‍්ස නිබ‍්බත‍්තිලක‍්ඛණං ජාතිං උප‍්පාදං අභිනවාකාරං “උදයො”ති, විපරිණාමලක‍්ඛණං ඛයං භඞ‍්ගං “වයො”ති සමනුපස‍්සති. සො එවං පජානාති “ඉමස‍්ස නාමරූපස‍්ස උප‍්පත‍්තිතො පුබ‍්බෙ අනුප‍්පන‍්නස‍්ස රාසි වා නිචයො වා නත්‍ථි, උප‍්පජ‍්ජමානස‍්සාපි රාසිතො වා නිචයතො වා ආගමනං නාම නත්‍ථි, නිරුජ‍්ඣමානස‍්සාපි දිසාවිදිසාගමනං නාම නත්‍ථි, නිරුද‍්ධස‍්සාපි එකස‍්මිං ඨානෙ රාසිතො නිචයතො නිධානතො අවට‍්ඨානං නාම නත්‍ථි. යථා පන වීණාය වාදියමානාය උප‍්පන‍්නසද‍්දස‍්ස නෙව උප‍්පත‍්තිතො පුබ‍්බෙ සන‍්නිචයො අත්‍ථි, න උප‍්පජ‍්ජමානො සන‍්නිචයතො ආගතො, න නිරුජ‍්ඣමානස‍්ස දිසාවිදිසාගමනං අත්‍ථි, න නිරුද‍්ධො කත්‍ථචි සන‍්නිචිතො තිට‍්ඨති, අථ ඛො වීණඤ‍්ච උපවීණඤ‍්ච පුරිසස‍්ස ච තජ‍්ජං වායාමං පටිච‍්ච අහුත්‍වා සම‍්භොති, හුත්‍වා පටිවෙති. එවං සබ‍්බෙපි රූපාරූපිනො ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී”ති.

ඒ යෝගාවචර තෙමේ මේ පෙළ නයට අනුව, හටගත් නාමරූපයන් හටගත් ආකාරය, ජාතිය හෙවත් ඉපදීම, අභිනව ස්වභාවය ‘උදය’යි, විපරිණාම ලක්‍ෂණය, ක්‍ෂය වීමයි, බිඳීයාම ව්‍යයයි යනුවෙන් සම්මර්ශනය කරයි. හේ තෙමේ මෙසේ අවබෝධ කරයි, ‘‘මේ නාම-රූපය ඉපැදීමට ප්‍රථම, නූපන් නාම-රූපයෙහි රාසි (එක්රැස්) වීමක් හෝ නිචය (පිඬු) වීමක් නැත; උපදනා වූද නාමරූපයෙහි රාශි වශයෙන් හෝ නිචය වශයෙන් ආගමනයක් නැත; නිරුද්ධ වන්නාවූද නාම-රූපයෙහි දිශාවකට හෝ අනුදිශාවකට යාමක් නැත; නිරුද්ධවූද නාම-රූපයෙහි එක් තැනෙක්හි රාශි වශයෙන් හෝ පිණ්ඩ වශයෙන් හෝ නිධාන වශයෙන් රැඳී සිටීමෙක් නම් නැත; යම්සේ වනාහි වීණාව වාදනය කරන විට උපදනා ශබ්දයෙහි ඉපැදීමට ප්‍රථම පිඬුවීමෙක් නැත්තේද, උපදනා විට හෝ පිඬුවීමෙක් නො-ආයේද, නිරුද්ධ වන විට හෝ දිශානුදිශාවකට යාමක් නොමැත්තේ වේද, නිරුද්ධ වූයේ හෝ කිසි තැනෙක්හි එක් රැස්ව නොසිටීද, එතෙකුදු වූවත් වීණාව හා උපවීණයද (වාදක) පුරුෂයාගේ තදීය (ඒ සඳහා වූ) ව්‍යායාමයද නිසා පෙර නොවූ ශබ්දය හටගනීද, හටගෙන නැතිවීයාද, මෙසේ සියලු නාම-රූප ධර්මයෝද පෙර ඇති වීමක් නැතිව හටගනිති; හටගෙන නැති වී යති” යනුවෙනි.

එවං සඞ‍්ඛෙපතො උදයබ‍්බයමනසිකාරං කත්‍වා පුන යානි එතස‍්සෙව උදයබ‍්බයඤාණස‍්ස විභඞ‍්ගෙ –

මෙසේ සංක්‍ෂේප වශයෙන් උදය-ව්‍යය මනස්කාරය (ඉපදීම හා නැතිවීම මෙනෙහි) කොට යලිදු, මේ උදයව්‍යය ඥානය පිළිබඳවම විභඞ්ගයෙහි,

“අවිජ‍්ජාසමුදයා රූපසමුදයොති පච‍්චයසමුදයට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. තණ‍්හාසමුදයා… කම‍්මසමුදයා… ආහාරසමුදයා රූපසමුදයොති පච‍්චයසමුදයට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. නිබ‍්බත‍්තිලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති.

අවිජ්ජා සමුදයයෙන් රූප සමුදයය වෙති’යි ප්‍රත්‍යය සමුදයාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි පහළ වීම දකියි; තණ්හා සමුදයයෙන් -පෙ- කම්ම සමුදයයෙන් -පෙ- ආහාර සමුදයයෙන් රූප සමුදයය වෙති’යි ප්‍රත්‍යය - සමුදයාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි පහළ-වීම දකියි; නිබ්බත්ති (උත්පත්ති) ලක්‍ෂණය දකිනුයේද රූපස්කන්‍ධයෙහි පහළ වීම දකියි; රූපස්කන්‍ධයෙහි පහළවීම දකිනුයේ මේ පංච ලක්‍ෂණයන් දකියි.

“අවිජ‍්ජානිරොධා රූපනිරොධොති පච‍්චයනිරොධට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. තණ‍්හානිරොධා… කම‍්මනිරොධා… ආහාරනිරොධා රූපනිරොධොති පච‍්චයනිරොධට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සන‍්තොපි ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති” (පටි· ම· 1.50).

අවිජ්ජා නිරෝධයෙන් රූප නිරෝධය වෙති’යි ප්‍රත්‍යය-නිරෝධාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි නැතිවීම දකියි, තණ්හා නිරෝධයෙන් -පෙ- කම්ම නිරෝධයෙන් -පෙ- ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙති’යි ප්‍රත්‍යය නිරෝධාර්ත්‍ථයෙන් රූපස්කන්‍ධයෙහි අභාවය දකියි; විපරිණාම ලක්‍ෂණය දකිනුයේද රූපස්කන්‍ධයෙහි අභාවය දකියි; රූපස්කන්‍ධයෙහි අභාවය දක්නේද, මේ පංච ලක්‍ෂණයන් දකියි.

තථා “අවිජ‍්ජාසමුදයා වෙදනාසමුදයොති පච‍්චයසමුදයට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. තණ‍්හාසමුදයා… කම‍්මසමුදයා… ඵස‍්සසමුදයා වෙදනාසමුදයොති පච‍්චයසමුදයට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. නිබ‍්බත‍්තිලක‍්ඛණං පස‍්සන‍්තොපි වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති. අවිජ‍්ජානිරොධා… තණ‍්හානිරොධා… කම‍්මනිරොධා… ඵස‍්සනිරොධා වෙදනානිරොධොති පච‍්චයනිරොධට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති” (පටි· ම· 1.50).

එසේම අවිද්‍යා සමුදයයෙන් වේදනා සමුදයය වෙති’යි ප්‍රත්‍යය සමුදයාර්ත්‍ථයෙන් වේදනා ස්කන්‍ධයෙහි උපත දකියි, තණ්හා සමුදයයෙන් කම්ම සමුදයයද, ඵස්ස සමුදයයෙන් වේදනා සමුදයයද වෙති’යි ප්‍රත්‍යයසමුදයාර්ත්‍ථයෙන් වේදනා ස්කන්‍ධයෙහි උපත දකියි; උත්පත්ති ලක්‍ෂණය දක්නේද වේදනා ස්කන්‍ධයෙහි උපත දකියි, වේදනා ස්කන්‍ධයෙහි උපත දක්නේ මේ පංච ලක්‍ෂණයන් දකියි. අවිජ්ජා නිරෝධයෙන් - තණ්හා නිරෝධයෙන් - කම්ම නිරෝධයෙන් - ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වෙති’යි ප්‍රත්‍යය නිරෝධාර්ත්‍ථයෙන් වේදනා ස්කන්‍ධයෙහි අභාවය දකියි; විපරිණාම ලක්‍ෂණය දක්නේද වේදනා ස්කන්‍ධයෙහි අභාවය දක්නේ මේ පංච ලක්‍ෂණයන් දකියි.

වෙදනාක‍්ඛන්‍ධස‍්ස විය ච සඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණක‍්ඛන්‍ධානං. අයං පන විසෙසො, විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස ඵස‍්සට‍්ඨානෙ “නාමරූපසමුදයා, නාමරූපනිරොධා”ති –

වේදනා ස්කන්‍ධයෙහි මෙන්ම සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණය යන ස්කන්‍ධත්‍රය විෂයයෙහිද (-පෙ- මේ පංච ලක්‍ෂණයන් දකියි); මේ විශේෂයි:- විඤ්ඤාණක්ඛන්‍ධ විෂයයෙහි ‘ඵස්ස සමුදයා’ යන්න වෙනුවට ‘නාමරූප සමුදයා’ යනුවෙන්ද යෙදිය යුතුයි.

එවං එකෙකස‍්ස ඛන්‍ධස‍්ස උදයබ‍්බයදස‍්සනෙ දස දස කත්‍වා පඤ‍්ඤාස ලක‍්ඛණානි වුත‍්තානි. තෙසං වසෙන එවම‍්පි රූපස‍්ස උදයො එවම‍්පි රූපස‍්ස වයො, එවම‍්පි රූපං උදෙති, එවම‍්පි රූපං වෙතීති පච‍්චයතො චෙව ඛණතො ච විත්‍ථාරෙන මනසිකාරං කරොති.

මෙසේ එක් එක් ස්කන්‍ධයෙක්හි උදය-ව්‍යය දර්ශනයෙහිදී දශයක් දශයක් වශයෙන් ලක්‍ෂණ පණසක් කියන ලදි. ඒ අනුසාරයෙන්, ‘මෙසේද රූපයෙහි උපත වේ, මෙසේද රූපයෙහි අභාවය වේ, මෙසේද රූපය උපදියි, මෙසේද රූපය වැය වෙයි’ යනුවෙන් ප්‍රත්‍යය වශයෙන්ද, ක්‍ෂණ වශයෙන්ද සවිස්තරව මෙනෙහි කිරීම කරයි;

තස‍්සෙවං මනසිකරොතො “ඉති කිරිමෙ ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී”ති ඤාණං විසදතරං හොති. තස‍්සෙවං පච‍්චයතො චෙව ඛණතො ච ද‍්වෙධා උදයබ‍්බයං පස‍්සතො සච‍්චපටිච‍්චසමුප‍්පාදනයලක‍්ඛණභෙදා පාකටා හොන‍්ති.

එසේ මෙනෙහි කරන යෝගියාහට, “මෙසේ මේ ධර්මයෝ (පෙර) වීමක් නොමැතිව හටගනිති, හට ගෙන වැය වෙති” යන ඥානය වඩාත් පැහැදිලි වේ. මෙසේ ප්‍රත්‍ය වශයෙන්ද ක්‍ෂණ වශයෙන්දැයි යන දෙ-ආකාරයෙන් උදය-ව්‍යයය දක්නහුට චතුස්සත්‍යයන් හා පටිච්ච සමුප්පාද -නය- ලක්ඛණ භේදය ප්‍රකට වේ.

යඤ‍්හි සො අවිජ‍්ජාදිසමුදයා ඛන්‍ධානං සමුදයං, අවිජ‍්ජාදිනිරොධා ච ඛන්‍ධානං නිරොධං පස‍්සති, ඉදමස‍්ස පච‍්චයතො උදයබ‍්බයදස‍්සනං. යං පන නිබ‍්බත‍්තිලක‍්ඛණවිපරිණාමලක‍්ඛණානි පස‍්සන‍්තො ඛන්‍ධානං උදයබ‍්බයං පස‍්සති, ඉදමස‍්ස ඛණතො උදයබ‍්බයදස‍්සනං, උප‍්පත‍්තික‍්ඛණෙයෙව හි නිබ‍්බත‍්තිලක‍්ඛණං. භඞ‍්ගක‍්ඛණෙ ච විපරිණාමලක‍්ඛණං.

යම්සේ ඒ යෝගී තෙමේ අවිද්‍යාදීන්ගේ සමුදයයෙන් ස්කන්‍ධයන්ගේ සමුදයයද, අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් ස්කන්‍ධයන්ගේ නිරෝධයද දක්නේ වේද, මේ ඔහුගේ ප්‍රත්‍යය වශයෙන් උදය ව්‍යයයන් දැකීමයි; යම්සේ උත්පත්ති ලක්‍ෂණ-විපරිණාම ලක්‍ෂණයන් දකිමින් ස්කන්‍ධයන්ගේ උදය-ව්‍යායයන් දක්නේද, මේ ඔහුගේ ක්‍ෂණ වශයෙන් උදය-ව්‍යයයන් දැකීමයි. උත්පත්ති ක්‍ෂණයෙහිදීම නිබ්බත්ති ලක්‍ෂණයද, භංගක්‍ෂණයෙහිදීම විපරිණාම ලක්‍ෂණයද වේ.

ඉච‍්චස‍්සෙවං පච‍්චයතො චෙව ඛණතො ච ද‍්වෙධා උදයබ‍්බයං පස‍්සතො පච‍්චයතො උදයදස‍්සනෙන සමුදයසච‍්චං පාකටං හොති ජනකාවබොධතො. ඛණතො උදයදස‍්සනෙන දුක‍්ඛසච‍්චං පාකටං හොති ජාතිදුක‍්ඛාවබොධතො. පච‍්චයතො වයදස‍්සනෙන නිරොධසච‍්චං පාකටං හොති පච‍්චයානුප‍්පාදෙන පච‍්චයවතං අනුප‍්පාදාවබොධතො. ඛණතො වයදස‍්සනෙන දුක‍්ඛසච‍්චමෙව පාකටං හොති මරණදුක‍්ඛාවබොධතො. යඤ‍්චස‍්ස උදයබ‍්බයදස‍්සනං, මග‍්ගොවායං ලොකිකොති මග‍්ගසච‍්චං පාකටං හොති තත්‍ර සම‍්මොහවිඝාතතො.

මෙසේ ප්‍රත්‍යය වශයෙන්ද, ක්‍ෂණ වශයෙන්දැ’යි යන දෙආකාරයෙන් උදය-ව්‍යයය දක්නා ඒ යෝගාවචරයාහට, ප්‍රත්‍යය වශයෙන් උදය ව්‍යයය දැකීමෙන් සමුදය සත්‍යය ප්‍රකට වේ; (ස්කන්‍ධාදිය) උපදවන (අවිද්‍යාදිය) අවබෝධ වන හෙයිනි. ක්‍ෂණ වශයෙන් උපත දැකීමෙන් දුඃඛ සත්‍යය ප්‍රකට වේ, ජාති දුක්ඛය අවබෝධ වන හෙයිනි. ප්‍රත්‍යය වශයෙන් ව්‍යයය දැකීමෙන් නිරෝධ සත්‍යය ප්‍රකට වේ; ප්‍රත්‍යයයන්ගේ අනුත්පාදයෙන් (ප්‍රත්‍යයයන් නො-ඉපිද වීමෙන්) ප්‍රත්‍යයවත් (හේතුවෙකින් හටගන්නා) ධර්මයන්ගේ අනුත්පාදය අවබෝධ වන හෙයිනි. ක්‍ෂණ වශයෙන් ව්‍යයය දැකීමෙන් දුක්ඛ සත්‍යයම ප්‍රකට වේ, මරණ දුක අවබෝධ වන හෙයිනි. මෙසේ මේ යෝගියාහට යම් උදය- ව්‍යය-දර්ශනයක් වේද, එවිට “මේ ලෞකික (ලෝකස්වභාවය) මාර්ගයයි” යනුවෙන් මාර්ග සත්‍යය ප්‍රකට වේ, එය පිළිබඳ සම්මෝහය (මුළාව) නැති වී යන හෙයිනි.

පච‍්චයතො චස‍්ස උදයදස‍්සනෙන අනුලොමො පටිච‍්චසමුප‍්පාදො පාකටො හොති, “ඉමස‍්මිං සති ඉදං හොතී”ති (ම· නි· 1.404; සං· නි· 2.21; උදා· 1) අවබොධතො. පච‍්චයතො වයදස‍්සනෙන පටිලොමො පටිච‍්චසමුප‍්පාදො පාකටො හොති, “ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣතී”ති (ම· නි· 1.406; සං· නි· 2.21; උදා· 2) අවබොධතො . ඛණතො පන උදයබ‍්බයදස‍්සනෙන පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා පාකටා හොන‍්ති සඞ‍්ඛතලක‍්ඛණාවබොධතො. උදයබ‍්බයවන‍්තො හි සඞ‍්ඛතා, තෙ ච පටිච‍්චසමුප‍්පන‍්නාති.

මේ යෝගියාහට, ප්‍රත්‍යය වශයෙන් උදය (උපත) දැකීමෙන් අනුලෝම පටිච්ච සමුප්පාදය ප්‍රකට වේ, “මෙය ඇති කල මෙයද ඇති වේ” යන අවබෝධය වන හෙයිනි. ප්‍රත්‍යය වශයෙන් වැයවීම දැකීමෙන් පටිලෝම පටිච්ච සමුප්පාදය ප්‍රකට වේ; “මෙය නැතිවීමෙන් මෙයද නැති වේ” යන අවබෝධය වන හෙයිනි. ක්‍ෂණ වශයෙන් උදය-ව්‍යයය දැකීමෙන් පටිච්ච සමුප්පන්න ධර්මයෝ ප්‍රකට වෙති; සංඛත ලක්ඛණාවබෝධය (සංස්කාර ලක්‍ෂණයන් පිළිබඳ අවබෝධය) වන හෙයිනි. “සංස්කාර ධර්මයෝ වනාහි උදය-ව්‍යය (ඇතිවීම නැතිවීම) ස්වභාවකොට ඇත්තාහුය, ඔහු පටිච්ච සමුපන්න (හේතුවකින්ම උපදනාහු) ද වෙති” යනුවෙනි.

පච‍්චයතො චස‍්ස උදයදස‍්සනෙන එකත‍්තනයො පාකටො හොති හෙතුඵලසම‍්බන්‍ධෙන සන‍්තානස‍්ස අනුපච‍්ඡෙදාවබොධතො. අථ සුට‍්ඨුතරං උච‍්ඡෙදදිට‍්ඨිං පජහති. ඛණතො උදයදස‍්සනෙන නානත‍්තනයො පාකටො හොති නවනවානං උප‍්පාදාවබොධතො. අථ සුට‍්ඨුතරං සස‍්සතදිට‍්ඨිං පජහති. පච‍්චයතො චස‍්ස උදයබ‍්බයදස‍්සනෙන අබ්‍යාපාරනයො පාකටො හොති ධම‍්මානං අවසවත‍්තිභාවාවබොධතො. අථ සුට‍්ඨුතරං අත‍්තදිට‍්ඨිං පජහති. පච‍්චයතො පන උදයදස‍්සනෙන එවංධම‍්මතානයො පාකටො හොති පච‍්චයානුරූපෙන ඵලස‍්ස උප‍්පාදාවබොධතො. අථ සුට‍්ඨුතරං අකිරියදිට‍්ඨිං පජහති.

තවද ප්‍රත්‍යය වශයෙන් උදය දර්ශනයෙන් ඔහුට ඒකත්‍ව ක්‍රමය ප්‍රකට වේ; හේතුඵල සම්බන්‍ධයෙන් සන්තානය, නොසිඳී පවත්නා බව අවබෝධ වන හෙයිනි. එවිට උච්ඡේද දෘෂ්ටිය වඩාත් මැනවින් පහ කරයි. ක්‍ෂණ වශයෙන් උදය දර්ශනයෙන් නානත්‍ව ක්‍රමය ප්‍රකට වේ; (උත්පාද-ස්ථිති-භංග වශයෙන්) නව නව සංස්කාරයන්ගේ ඉපැදීම අවබෝධ වන හෙයිනි. එවිට ශාස්වත දෘෂ්ටිය වඩාත් මැනවින් පහ කරයි; ප්‍රත්‍යය වශයෙන් උදය ව්‍යය දර්ශනයෙන් අව්‍යාපාර ක්‍රමය ප්‍රකට වේ; නාම-රූප ධර්මයන් තමා වශයෙහි නොපවත්නා බව අවබෝධ වන හෙයිනි. එවිට ආත්මදෘෂ්ටිය වඩාත් මැනවින් පහ කරයි. ප්‍රත්‍යය වශයෙන් උදය දර්ශනයෙන් ඒවං ධම්මතා ක්‍රමය ප්‍රකට වේ; ප්‍රත්‍යයට අනුරූප වූ ඵලය උපදින බව අවබෝධ වන හෙයිනි. එවිට අකිරිය දෘෂ්ටිය වඩාත් මැනවින් පහ කරයි.

පච‍්චයතො චස‍්ස උදයදස‍්සනෙන අනත‍්තලක‍්ඛණං පාකටං හොති ධම‍්මානං නිරීහකත‍්තපච‍්චයපටිබද‍්ධවුත‍්තිතාවබොධතො. ඛණතො උදයබ‍්බයදස‍්සනෙන අනිච‍්චලක‍්ඛණං පාකටං හොති හුත්‍වා අභාවාවබොධතො, පුබ‍්බන‍්තාපරන‍්තවිවෙකාවබොධතො ච. දුක‍්ඛලක‍්ඛණම‍්පි පාකටං හොති උදයබ‍්බයෙහි පටිපීළනාවබොධතො. සභාවලක‍්ඛණම‍්පි පාකටං හොති උදයබ‍්බයපරිච‍්ඡින‍්නාවබොධතො. සභාවලක‍්ඛණෙ සඞ‍්ඛතලක‍්ඛණස‍්ස තාවකාලිකත‍්තම‍්පි පාකටං හොති උදයක‍්ඛණෙ වයස‍්ස, වයක‍්ඛණෙ ච උදයස‍්ස අභාවාවබොධතොති.

ප්‍රත්‍යය වශයෙන් උදය දර්ශනයෙන් මොහුට අනාත්ම ලක්‍ෂණය ප්‍රකට වේ; සංස්කාර ධර්මයන්ගේ නිරුත්සාහිකභාවය හා ප්‍රත්‍යය ප්‍රතිබද්ධ වෘත්තිතාව (හේතූන් සමග බැඳුණු පැවතුම් ඇති බව) අවබෝධ වන හෙයිනි. ක්‍ෂණ වශයෙන් උදය ව්‍යය දර්ශනයෙන් අනිත්‍ය ලක්‍ෂණය ප්‍රකට වේ; ඇතිව නැතිවී යාම අවබෝධ වන හෙයිනි, තවද පුබ්බන්ත - අපරන්ත විචාරය අවබෝධ වන හෙයිනි. දුඃඛ ලක්‍ෂණයද ප්‍රකට වේ; උදයව්‍යය යන දෙකින් නැවත නැවතත් පෙළෙන බව අවබෝධ වන හෙයිනි. ස්වභාව ලක්‍ෂණයද ප්‍රකට වේ; උදය ව්‍යය යන දෙකින් පිරිසුන් බව අවබෝධ වන හෙයිනි. ස්වභාව ලක්‍ෂණයෙහි (පඨවී-ඵස්ස ආදියෙහි) සංඛත ලක්‍ෂණය තාවකාලික වන බවද ප්‍රකට වේ; උදය ක්‍ෂණයෙහි ව්‍යයයෙහිද, ව්‍යය ක්‍ෂණයෙහි උදයයෙහිද අභාවය අවබෝධ වන හෙයිනි.

තස‍්සෙවං පාකටීභූතසච‍්චපටිච‍්චසමුප‍්පාදනයලක‍්ඛණභෙදස‍්ස “එවං කිර නාමිමෙ ධම‍්මා අනුප‍්පන‍්නපුබ‍්බා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා නිරුජ‍්ඣන‍්තී”ති නිච‍්චනවාව හුත්‍වා සඞ‍්ඛාරා උපට‍්ඨහන‍්ති. න කෙවලඤ‍්ච නිච‍්චනවා, සූරියුග‍්ගමනෙ උස‍්සාවබින්‍දු විය උදකබුබ‍්බුළො විය උදකෙ දණ‍්ඩරාජි විය ආරග‍්ගෙ සාසපො විය විජ‍්ජුප‍්පාදො විය ච පරිත‍්තට‍්ඨායිනො. මායාමරීචිසුපිනන‍්තඅලාතචක‍්කගන්‍ධබ‍්බනගරඵෙණකදලිආදයො විය අස‍්සාරා නිස‍්සාරාති චාපි උපට‍්ඨහන‍්ති.

මෙසේ ඔහුට (යෝගියාහට) සත්‍ය හා පටිච්චසමුප්පාදනය ලක්‍ෂණ භේදය අවබෝධ වූ කල්හි, “මෙසේ වනාහි පෙර නූපන් විරූ මේ ධර්මයෝ උපදිති, උපන්නාහු නිරුද්ධ වෙති” යනුවෙන් සංස්කාරයෝ නිත්‍ය නව ස්වරූපයෙන් වැටහෙයි; හුදෙක් නිත්‍ය-නව-ස්වරූපයෙන් වැටහෙනු මතු නොවේ, හිර උදාවෙහිදී පිනිබිඳක් සෙයින්, දියබුබුලක් සෙයින්, දියෙහි දඬුවෙකින් ඇඳි ඉරක් සෙයින්, හිදිඅග රැඳි අබැටක් සෙයින්, විදුලියක් සෙයින්, සුලු මොහොතක් පවත්නා සුලුය; මායාවක්, මිරිඟුවක්, සිහිනයක්, අලාත (ගිනිපෙනෙල්ලක් කැරකෙන විට දිස්වන) චක්‍රයක්, ගන්‍ධර්ව නගරයක්, පෙන පිඬක්, කෙසෙල් කඳක් සෙයින් අසාර යයිද නිස්සාර යයිද වැටහෙයි.

එත‍්තාවතානෙන “වයධම‍්මමෙව උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච වයං උපෙතී”ති ඉමිනා ආකාරෙන සමපඤ‍්ඤාස ලක‍්ඛණානි පටිවිජ‍්ඣිත්‍වා ඨිතං උදයබ‍්බයානුපස‍්සනං නාම තරුණවිපස‍්සනාඤාණං අධිගතං හොති, යස‍්සාධිගමා ආරද‍්ධවිපස‍්සකොති සඞ‍්ඛං ගච‍්ඡති.

මෙතෙකින් මේ යෝගාවචරයා විසින්, “වය ස්වභාව සහිතවම උපදියි, උපන්නේද ව්‍යයයට පත් වෙයි.” යන මේ ආකාරයෙන් (යට කී) සම පණස් ලක්‍ෂණයන් ප්‍රතිවේධකොට සිටි ‘උදය-ව්‍යයානුපස්සනා’ නම් තරුණ විදර්ශනා ඥානය අවබෝධ කරන ලද්දේ වේ; එම ඥානය ලැබීමෙන් “ආරද්ධ විපස්සක” (විදර්ශනාව ආරම්භ කළ) සංඛ්‍යාවට යෙයි.