විපස්සනුපක්කිලෙසකථා
විපස්සනුපක්කිලෙසකථා
විපස්සනුපක්කිලෙසකථා
අථස්ස ඉමාය තරුණවිපස්සනාය ආරද්ධවිපස්සකස්ස දස විපස්සනුපක්කිලෙසා උප්පජ්ජන්ති. විපස්සනුපක්කිලෙසා හි පටිවෙධප්පත්තස්ස අරියසාවකස්ස චෙව විප්පටිපන්නකස්ස ච නික්ඛිත්තකම්මට්ඨානස්ස කුසීතපුග්ගලස්ස නුප්පජ්ජන්ති. සම්මාපටිපන්නකස්ස පන යුත්තපයුත්තස්ස ආරද්ධවිපස්සකස්ස කුලපුත්තස්ස උප්පජ්ජන්තියෙව.
ඉක්බිත්තෙන් මේ තරුණ විදර්ශනායෙන් විදර්ශනාව ආරම්භ කළ යෝගියාහට දශ විදර්ශනෝපක්ලේශයෝ උපදනාහ. විදර්ශනෝපක්ලේශයෝ වනාහි ප්‍රතිවේධයට පත් ආර්ය ශ්රාවකයාට මෙන්ම ශීල විපත්ති ආදියෙන් නොමගට පිළිපන්, කර්මස්ථානයෙන් ගිලිහුණු, කුසීත පුද්ගලයාහටද නො-උපදිති. නිසිමගට පිළිපන්, සැදී පැහැදී විදර්ශනාව ආරම්භ කළ කුලපුත්රයාහටම උපදිති.
කතමෙ පන තෙ දස උපක්කිලෙසාති? ඔභාසො, ඤාණං, පීති, පස්සද්ධි, සුඛං, අධිමොක්ඛො, පග්ගහො, උපට්ඨානං, උපෙක්ඛා, නිකන්තීති. වුත්තඤ්හෙතං –
ඒ දශ උපක්ලේශයෝ කවරහුද යත්:- ඕභාසය, ඥානය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, අධිමොක්ඛය, පග්ගහ (වීර්ය) ය, උපට්ඨාන (ස්මෘති) ය, උපේක්ෂාය, නිකන්තිය යන මොහුය. කියන ලදමැයි:-
“කථං ධම්මුද්ධච්චවිග්ගහිතමානසං හොති? අනිච්චතො මනසිකරොතො ඔභාසො උප්පජ්ජති, ‘ඔභාසො ධම්මො’ති ඔභාසං ආවජ්ජති, තතො වික්ඛෙපො උද්ධච්චං. තෙන උද්ධච්චෙන විග්ගහිතමානසො අනිච්චතො උපට්ඨානං යථාභූතං නප්පජානාති. දුක්ඛතො… අනත්තතො උපට්ඨානං යථාභූතං නප්පජානාති”.
“කෙසේනම් ධර්ම-ඖද්ධත්‍යයෙන් (මාර්ග-ඵලාවබෝධයට ප්‍රථම ඇති වන සිත් කැළඹීමෙන්) ගන්නා ලද මනස ඇති වේද යත්: අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට ඕභාසය උපදී, එම ඕභාසය (මාර්ග) ධර්මය’යි වැරද ගෙන එය (ඕභාසය) ආවර්ජනය කරයි, එයින් ඇති වන (මානසික) නොසන්සුන්කම ‘උද්ධච්ච’ නමි, එම උද්ධච්චය විසින් මඩනා ලද මනස් ඇති යෝගාවචර තෙමේ අනිත්‍ය වශයෙන් වැටහීම තතු ලෙස නොදනී, දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් වැටහීම තතු ලෙස නොදනී;
තථා “අනිච්චතො මනසිකරොතො ඤාණං උප්පජ්ජති…පෙ… පීති… පස්සද්ධි… සුඛං… අධිමොක්ඛො… පග්ගහො… උපට්ඨානං… උපෙක්ඛා… නිකන්ති උප්පජ්ජති, ‘නිකන්ති ධම්මො’ති නිකන්තිං ආවජ්ජති, තතො වික්ඛෙපො උද්ධච්චං. තෙන උද්ධච්චෙන විග්ගහිතමානසො අනිච්චතො උපට්ඨානං යථාභූතං නප්පජානාති. දුක්ඛතො… අනත්තතො උපට්ඨානං යථාභූතං නප්පජානාතී”ති (පටි· ම· 2.6).
එසේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට ‘ඥානය’ උපදී -පෙ- ප්‍රීති’ය -පෙ-, ‘පස්සද්ධිය’, -පෙ-, සුඛය’, -පෙ- ‘අධිමොක්ඛය’ -පෙ- ‘පග්ගහ’ය, -පෙ- ‘උපට්ඨානය, -පෙ- උපේක්ෂාව’, -පෙ- නිකන්ති’ය උපදී, -පෙ- නිකන්තිය ධර්ම මාර්ගය’යි වැරද ගෙන එම ‘නිකන්තිය ආවර්ජනය කරයි; එයින් ඇතිවන වික්ඛේපය ‘උද්ධච්ච’ යයි. එම උද්ධච්චයෙහි මඩනා ලද සිත් ඇත්තේ අනිත්‍ය වශයෙන් වැටහීම තතු ලෙස නොදනී, දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් වැටහීම තතු ලෙස නොදනී” යනුයි.
තත්ථ ඔභාසොති විපස්සනොභාසො. තස්මිං උප්පන්නෙ යොගාවචරො “න වත මෙ ඉතො පුබ්බෙ එවරූපො ඔභාසො උප්පන්නපුබ්බො, අද්ධා මග්ගප්පත්තොස්මි ඵලපත්තොස්මී”ති අමග්ගමෙව “මග්ගො”ති, අඵලමෙව ච “ඵල”න්ති ගණ්හාති. තස්ස අමග්ගං “මග්ගො”ති අඵලං “ඵල”න්ති ගණ්හතො විපස්සනාවීථි උක්කන්තා නාම හොති. සො අත්තනො මූලකම්මට්ඨානං විස්සජ්ජෙත්වා ඔභාසමෙව අස්සාදෙන්තො නිසීදති.
එහි ‘ඕභාස’ යනු, විදර්ශනෝභාසයයි, එය උපන් කල යෝගාවචර තෙමේ, “මින් පෙර මට ඒකාන්තයෙන් මෙවන් අවභාසයක් (ආලෝකයක්) නොවූ විරූය, ඒකාන්තයෙන් මාර්ගයට පැමිණියේ වෙමි, ඵලයට පැමිණියේ වෙමි”යි මාර්ග නොවන්නක්ම මාර්ගයයි, ඵල නොවන්නක්ම ඵලයයි වරදවා ගනියි; අමාර්ගය මාර්ගයයි, අඵලය ඵලය’යි ගන්නහුට විදර්ශනාවීථිය නොමගට වැටුණා නම් වේ. හේ තෙමේ තමාගේ මුල් කර්මස්ථානය හැර-පියා ඕභාසයම ආස්වාදනය කෙරෙමින් හිඳියි:
සො ඛො පනායං ඔභාසො කස්සචි භික්ඛුනො පල්ලඞ්කට්ඨානමත්තමෙව ඔභාසෙන්තො උප්පජ්ජති. කස්සචි අන්තොගබ්භං. කස්සචි බහිගබ්භම්පි. කස්සචි සකලවිහාරං, ගාවුතං, අඩ්ඪයොජනං, යොජනං, ද්වියොජනං, තියොජනං…පෙ… කස්සචි පථවීතලතො යාව අකනිට්ඨබ්රහ්මලොකා එකාලොකං කුරුමානො. භගවතො පන දසසහස්සිලොකධාතුං ඔභාසෙන්තො උදපාදි.
ඒ මේ ඕභාසය වනාහි ඇතැම් භික්ෂු කෙනකුට පර්යංකස්ථානය පමණක් ආලෝකවත් කෙරෙමින් උපදියි, ඇතැමකුට ඇතුළු ගබ පමණද, ඇතැමකුට පිට ගබද, ඇතැමකුට මුළු විහාරයමද, ගව්වක් පමණද, අඩ යොදුනක් පමණද, යොදුනක් පමණද දෙ-තුන් යොදුනක් පමණද, කිසිවකුට පොලෝතෙලෙහි පටන් අකනිටා බඹලොව දක්වාද ඒකාලෝක කරමින් පහළ වෙයි. භාග්‍යවතුන් වහන්සේට වනාහි දසදහසක් ලෝකධාතුව බඹලවමින් පහළ විය.
එවං වෙමත්තතාය චස්ස ඉදං වත්ථු – චිත්තලපබ්බතෙ කිර ද්විකුට්ටගෙහස්ස අන්තො ද්වෙ ථෙරා නිසීදිංසු. තංදිවසඤ්ච කාළපක්ඛුපොසථො හොති, මෙඝපටලච්ඡන්නා දිසා, රත්තිභාගෙ චතුරඞ්ගසමන්නාගතං තමං පවත්තති. අථෙකො ථෙරො ආහ – “භන්තෙ, මය්හං ඉදානි චෙතියඞ්ගණම්හි සීහාසනෙ පඤ්චවණ්ණානි කුසුමානි පඤ්ඤායන්තී”ති. තං ඉතරො ආහ – “අනච්ඡරියං, ආවුසො, කථෙසි, මය්හං පනෙතරහි මහාසමුද්දම්හි යොජනට්ඨානෙ මච්ඡකච්ඡපා පඤ්ඤායන්තී”ති.
මෙසේ අවභාව විවිධත්වය දක්වනු සඳහා මේ කථා වස්තුවෙකි: සිතුල්පවු වෙහෙරෙහි, දෙබිති ගෙයක් (ගර්භ භික්තිය හා ආලින්දය වටා පිහිටි භික්තිය සහිත කුටියක්) තුළ තෙරුන් දෙනමක් හුන්නාහ. දවසද කළුවර දෙපෝදා දිනයෙක් විය; දිශාවෝ ද වළාපටලයෙන් වැසී ගත්හ, රාත්‍රිභාගයෙහි චතුරංග සමන්නාගත අන්ධකාරය පවතියි; එවේලෙහි එක් තෙර නමක්, “ස්වාමීනි, මට සෑ-මළුවෙහි ඇති සිංහාසනයෙහි (සිංහ රූප සහිත මලසුනෙක්හි) පස් පැහැ ඇති මල් පෙනේය’යි කීය; අනෙක් තෙර නම, “ඇවැත්නි, එය පුදුමයක් නොවේ, මට දැන් මහ මුහුදෙහි යොදුනක් පමණ තන්හි මස්-කැස්බෝ පෙනෙති’යි කීය.
අයං පන විපස්සනුපක්කිලෙසො යෙභුය්යෙන සමථවිපස්සනාලාභිනො උප්පජ්ජති. සො සමාපත්තිවික්ඛම්භිතානං කිලෙසානං අසමුදාචාරතො “අරහා අහ”න්ති චිත්තං උප්පාදෙති උච්චවාලිකවාසී මහානාගත්ථෙරො විය හංකනකවාසී මහාදත්තත්ථෙරො විය චිත්තලපබ්බතෙ නිඞ්කපෙණ්ණකපධානඝරවාසී චූළසුමනත්ථෙරො විය ච.
මේ විදර්ශනෝපක්ලේශය වනාහි බොහෝ සෙයින් සමථ විදර්ශනා ලාභියාහට උපදී; හේ තෙමේ සමවතින් යටපත් වූ ක්ලේශයන්ගේ නොපැළඹීමේ හේතුවෙන් “මා රහත් වූ වනැ”යි යන සිත උපදවයි. උච්චවාලිකවාසී මහානාග තෙරුන්ද, හංකනවාසී මහාදත්ත තෙරුන්ද, සිතුල් පව්වෙහි නිකපෙනෙක පධානඝරවාසී චුල්ලසුමන තෙරුන්ද මෙනි.
තත්රිදං එකවත්ථුපරිදීපනං – තලඞ්ගරවාසී ධම්මදින්නත්ථෙරො කිර නාම එකො පභින්නපටිසම්භිදො මහාඛීණාසවො මහතො භික්ඛුසඞ්ඝස්ස ඔවාදදායකො අහොසි. සො එකදිවසං අත්තනො දිවාට්ඨානෙ නිසීදිත්වා “කින්නු ඛො අම්හාකං ආචරියස්ස උච්චවාලිකවාසීමහානාගත්ථෙරස්ස සමණභාවකිච්චං මත්ථකං පත්තං, නො”ති ආවජ්ජන්තො පුථුජ්ජනභාවමෙවස්ස දිස්වා “මයි අගච්ඡන්තෙ පුථුජ්ජනකාලකිරියමෙව කරිස්සතී”ති ච ඤත්වා ඉද්ධියා වෙහාසං උප්පතිත්වා දිවාට්ඨානෙ නිසින්නස්ස ථෙරස්ස සමීපෙ ඔරොහිත්වා වන්දිත්වා වත්තං දස්සෙත්වා එකමන්තං නිසීදි. “කිං, ආවුසො ධම්මදින්න, අකාලෙ ආගතොසී”ති ච වුත්තෙ “පඤ්හං, භන්තෙ, පුච්ඡිතුං ආගතොම්හී”ති ආහ. තතො “පුච්ඡාවුසො, ජානමානා කථයිස්සාමා”ති වුත්තෙ පඤ්හසහස්සං පුච්ඡි.
එහිලා මේ එක් කථා වස්තුවක් ගෙන හැර දැක්වීමයි:- තලංගරවාසී ධම්මදින්න නම් සිවුපිළිසිඹියා පත් මහ රහත් තෙර කෙනෙක් බොහෝ වූ භික්ෂු සංඝයාහට අවවාද දෙමින් වැඩ සිටියහ. එක් දවසක් උන්වහන්සේ ස්වකීය දිවාස්ථානයෙහි හිඳ “අපගේ ආචාර්ය උච්චවාලිකවාසී මහානාග ස්ථවිරයන් වහන්සේගේ මහණකම මුදුන් පත් වූයේ දෝ-හෝ”යි බලන්නාහු, ඔවුන් වහන්සේ තවමත් පෘථග්ජන භාවයෙහි සිටි බව දැක, ‘මා එහි නොගියහොත් පෘථග්ජනයකුව සිටියදීම කාලක්‍රියා කරන්නාහුය’යි දැන සෘද්ධි බලයෙන් අහසට නැග දිවාස්ථානයෙහි හුන් තෙරුන් සමීපයෙහි බැස, වැඳ වත්පිළිවෙත් දක්වා, එකත් පසෙක හුන්නාහුය. “ඇවැත්නි, ධම්මදින්නයෙනි, කවර හෙයින් අකාලයෙහි ආවහුදැ’යි විචාළ කල්හි, “ස්වාමීනි, ප්‍රශ්නයක් ඇසීමට ආවෙමි”යි කීහ. “ඇවැත්නි, අසනුය, දනිතොත් කියම්හ”යි පැවසූ කල්හි පැන දහස් ගණනක් විචාළහ.
ථෙරො පුච්ඡිතපුච්ඡිතං අසජ්ජමානොව කථෙසි. තතො “අතිතික්ඛං වො, භන්තෙ, ඤාණං, කදා තුම්හෙහි අයං ධම්මො අධිගතො”ති වුත්තෙ “ඉතො සට්ඨිවස්සකාලෙ, ආවුසො”ති ආහ. සමාධිම්පි, භන්තෙ, වළඤ්ජෙථාති, න යිදං, ආවුසො, භාරියන්ති. තෙන හි, භන්තෙ, එකං හත්ථිං මාපෙථාති . ථෙරො සබ්බසෙතං හත්ථිං මාපෙසි. ඉදානි, භන්තෙ, යථා අයං හත්ථී අඤ්චිතකණ්ණො පසාරිතනඞ්ගුට්ඨො සොණ්ඩං මුඛෙ පක්ඛිපිත්වා භෙරවං කොඤ්චනාදං කරොන්තො තුම්හාකං අභිමුඛො ආගච්ඡති, තථා නං කරොථාති. ථෙරො තථා කත්වා වෙගෙන ආගච්ඡතො හත්ථිස්ස භෙරවං ආකාරං දිස්වා උට්ඨාය පලායිතුං ආරද්ධො. තමෙනං ඛීණාසවත්ථෙරො හත්ථං පසාරෙත්වා චීවරකණ්ණෙ ගහෙත්වා “භන්තෙ, ඛීණාසවස්ස සාරජ්ජං නාම හොතී”ති ආහ.
තෙරුන් වහන්සේ ඇසූ ඇසූ ප්‍රශ්න සියල්ල නොපැකිලව විසඳූහ. ඉක්බිති. “ස්වාමීනි, ඔබ වහන්සේගේ (ධර්ම) ඥානය අතිතීක්ෂණ (ඉතා තියුණු) ය; කවරදාක ඔබවහන්සේ විසින් මේ ධර්මය අවබෝධ කරන ලද්දේදැ’යි විමසූ කල, “ඇවැත්නි, මෙයින් සැට මසකට පෙරය’’යි පැවසූහ. “ස්වාමීනි, සමාධියටද සමවදනා සේක්දැ”යි කීකල, “ඇවැත්නි, එය අපට බැරෑරුම් දෙයක් නොවේ” යයි පැවසූහ; “එසේ නම් ස්වාමීනි, ඇතකු මවනු මැනව”යි කීහ; තෙරණුවෝ සුදුවන් සියලු අඟ-පසඟ ඇති ඇතකු මැවූහ; “ස්වාමීනි, දැන් මේ ඇතු කන් නිසල කොට ගෙන, වලිගය දික් කොට සොඬ මුව තුළ රුවා ගෙන බිහිසුණු ලෙස කුංචනාද කෙරෙමින් ඔබ වහන්සේ වෙත එන සේ කරනු මැනව”යි කීහ; තෙරණුවෝ එසේ කොට වේගයෙන් එන ඇතුගේ බිහිසුණු විලාශය දැක නැඟිට පලායාමට සැරසුණහ. එවිට රහත් තෙර නම අත දිගුකොට උන්වහන්සේගේ සිවුරු කොණ ගෙන, “ස්වාමීනි, රහතුනට තැති ගැනීමෙක් ඇත්දැ’යි විචාළහ.
සො තම්හි කාලෙ අත්තනො පුථුජ්ජනභාවං ඤත්වා “අවස්සයො මෙ, ආවුසො, ධම්මදින්න හොහී”ති වත්වා පාදමූලෙ උක්කුටිකං නිසීදි. “භන්තෙ, තුම්හාකං අවස්සයො භවිස්සාමිච්චෙවාහං ආගතො, මා චින්තයිත්ථා”ති කම්මට්ඨානං කථෙසි. ථෙරො කම්මට්ඨානං ගහෙත්වා චඞ්කමං ආරුය්හ තතියෙ පදවාරෙ අග්ගඵලං අරහත්තං පාපුණි. ථෙරො කිර දොසචරිතො අහොසි. එවරූපා භික්ඛූ ඔභාසෙ කම්පන්ති.
එවිට උන්වහන්සේ තමා පෘථග්ජනයකු බව දැන, “ඇවැත්නි ධම්මදින්නයෙනි, මට පිහිටවනු මැනව”යි පාමුල උත්කුටිකයෙන් හිඳ ගත්හ. “ස්වාමීනි, ඔබ වහන්සේට පිහිට වන්නෙමි’ යන අදහසින්ම මෙහි පැමිණියෙමි, නහමක් සිතනු මැනව’යි කියා කමටහන් කීහ. තෙරණුවෝ කමටහන් ගෙන සක්මන් මලුවට නැග තෙවන පියවර තුබූ කෙණෙහි අග්‍රඵලය වූ රහත් බවට පත්වූහ. තෙරණුවෝ ද්වේෂ චරිත ඇති කෙනෙක් වූහ; එවන් භික්ෂූහු ඕභාසයෙහි කම්පා වෙති.
ඤාණන්ති විපස්සනාඤාණං. තස්ස කිර රූපාරූපධම්මෙ තුලයන්තස්ස තීරෙන්තස්ස විස්සට්ඨඉන්දවජිරමිව අවිහතවෙගං තිඛිණං සූරං අතිවිසදං ඤාණං උප්පජ්ජති.
‘ඤාණ’ යනු විදර්ශනා ඥානයයි; රූපාරූප ධර්මයන් තුලනය කරන, තීරණය කරන යෝගාවචරයාහට මුදාහළ ඉන්ද්‍ර වජ්‍රය (සෙණයක්) සෙයින් නොනැසෙන වේග ඇති, තියුණු වූ, ශූර වූ, ඉතා පැහැදිලි වූ ඥානය උපදී.
පීතීති විපස්සනාපීති. තස්ස කිර තස්මිං සමයෙ ඛුද්දකාපීති, ඛණිකාපීති, ඔක්කන්තිකාපීති, උබ්බෙගාපීති, ඵරණාපීතීති අයං පඤ්චවිධා පීති සකලසරීරං පූරයමානා උප්පජ්ජති.
“පීති” යනු, විදර්ශනා ප්‍රීතියයි. එකල ඒ යෝගියාහට ඛුද්දකය, ඛණිකය, ඔක්කන්තිකය, උබ්බේගය, ඵරණය යන පස්වණක් ප්‍රීතිය මුළු සිරුර පුරවාලමින් උපදියි.
පස්සද්ධීති විපස්සනාපස්සද්ධි. තස්ස කිර තස්මිං සමයෙ රත්තිට්ඨානෙ වා දිවාට්ඨානෙ වා නිසින්නස්ස කායචිත්තානං නෙව දරථො, න ගාරවං, න කක්ඛළතා, න අකම්මඤ්ඤතා, න ගෙලඤ්ඤං, න වඞ්කතා හොති, අථ ඛො පනස්ස කායචිත්තානි පස්සද්ධානි ලහූනි මුදූනි කම්මඤ්ඤානි සුවිසදානි උජුකානියෙව හොන්ති. සො ඉමෙහි පස්සද්ධාදීහි අනුග්ගහිතකායචිත්තො තස්මිං සමයෙ අමානුසිං නාම රතිං අනුභවති. යං සන්ධාය වුත්තං –
“පස්සදිධි” යනු විදර්ශනා පස්සද්ධිය (කායික මානසික සන්සුන් බව)යි. එසමයෙහි, රාත්‍රි ස්ථානයෙහි හෝ දිවා ස්ථානයෙහි හුන් යෝගාවචරයාහට, කා-සිත් දෙකෙහි විඩාවක්, බර බවක්, රළු බවක්, මොට බවක්, ගිලන් බවක්, වංක බවක් නොවේද, එවිට ඔහුගේ කාසිත් දෙක සන්සුන් වූයේ, සැහැල්ලු වූයේ, මොලොක් වූයේ, කර්මණ්ය වූයේ, පැහැදිලි වූයේ සරල වූයේම වේ. හේ තෙමේ ප්රශ්රබ්ධාදියෙන් මෙහෙයුම් ලද කා-සිත ඇත්තේ, එසමයෙහි ‘අමානූසී රති’ නම් සුවය අනුභව කෙරෙයි. ඒ සඳහා කියනලදි:-
“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො; අමානුසී රති හොති, සම්මා ධම්මං විපස්සතො.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, අමානුසී රති හොති සම්මා ධම්මං විපස්සතො.
“යතො යතො සම්මසති, ඛන්ධානං උදයබ්බයං; ලභතී පීතිපාමොජ්ජං, අමතං තං විජානත”න්ති. (ධ· ප· 373-374);
යතො යතො සම්මසති ඛන්ධානං උදයබ්බයං ලභති පීති පාමොජ්ජං අමතං තං විජානතං’
සුඤ්ඤාගාරයට පිවිසි, සන්සුන් සිත් ඇති, මනාසේ ධර්මය දක්නා භික්ෂුවට අමානුෂ වූ ඇල්මක් ඇති වේ.
යම් යම් ආකාරයෙකින් ස්කන්ධයන්ගේ උදයව්‍යයය සම්මර්ශනය කෙරේද, ඒ ඒ ආකාරයෙන් යම් ප්‍රීති ප්රමෝදයක් ලබාද, එය අමෘතයයි දන්නේයි.
එවමස්ස ඉමං අමානුසිං රතිං සාධයමානා ලහුතාදිසම්පයුත්තා පස්සද්ධි උප්පජ්ජති.
මෙසේ ඒ යෝගියාහට මෙකී අමානුෂ රතිය ගෙනදෙමින් ලහුතාදියෙන් සම්ප්‍රයුක්ත වූ පස්සද්ධිය (සන්සුන් බව) ඇතිවේ.
සුඛන්ති විපස්සනාසුඛං. තස්ස කිර තස්මිං සමයෙ සකලසරීරං අභිසන්දයමානං අතිපණීතං සුඛං උප්පජ්ජති.
‘සුඛ’ යනු, විදර්ශනා සුඛයයි; එකල්හි ඒ යෝගියාහට මුළු සිරුරම තෙමමින් මෙන් ඉතා ප්‍රණීත වූ සුවයෙක් උපදියි.
අධිමොක්ඛොති සද්ධා. විපස්සනාසම්පයුත්තායෙව හිස්ස චිත්තචෙතසිකානං අතිසයපසාදභූතා බලවතී සද්ධා උප්පජ්ජති.
‘අධිමොක්ඛ’ යනු, ශ්රද්ධාවයි, එම යෝගියාගේ විදර්‍ශනාසම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකයන් අතිශය ප්‍රසාදයට පත් කරවන බලවත් ශ්‍රද්ධාව උපදියි.
පග්ගහොති වීරියං. විපස්සනාසම්පයුත්තමෙව හිස්ස අසිථිලං අනච්චාරද්ධං සුපග්ගහිතං වීරියං උප්පජ්ජති.
‘පග්ගහ’ යනු, වීර්යයි; විදර්ශනා සම්ප්‍රයුක්ත වූම, ඉතා දැඩි නොවූ (එහෙත්) මනා කොට ගන්නා ලද වීර්යය උපදියි.
උපට්ඨානන්ති සති. විපස්සනාසම්පයුත්තායෙව හිස්ස සුපට්ඨිතා සුපතිට්ඨිතා නිඛාතා අචලා පබ්බතරාජසදිසා සති උප්පජ්ජති. සො යං යං ඨානං ආවජ්ජති සමන්නාහරති මනසිකරොති පච්චවෙක්ඛති, තං තං ඨානමස්ස ඔක්ඛන්දිත්වා පක්ඛන්‍දිත්‍වා දිබ්බචක්ඛුනො පරලොකො විය සතියා උපට්ඨාති.
‘උපට්ඨාන’ යනු, ඒ යෝගියාහට විදර්ශනා සම්ප්‍රයුක්ත වූම, මැනවින් එළඹ සිටි, මනාසේ පිහිටුවන ලද, මනාසේ හිඳුවන ලද, මහ පව්වක් සෙයින් නිසසල සිහිය උපදියි. හේ තෙමේ යම් යම් තැනක් ආවර්ජනය කෙරේද, ස්මරණය කෙරේද, මෙනෙහි කෙරේද, ප්රත්යවේක්ෂා කෙරේද, ඒ ඒ තැන මෑත් වී, විවර වී, දිවැස් ඇත්තකුට පරලොව සෙයින් සිහියට එළඹේ.
උපෙක්ඛාති විපස්සනුපෙක්ඛා චෙව ආවජ්ජනුපෙක්ඛා ච. තස්මිං හිස්ස සමයෙ සබ්බසඞ්ඛාරෙසු මජ්ඣත්තභූතා විපස්සනුපෙක්ඛාපි බලවතී උප්පජ්ජති. මනොද්වාරෙ ආවජ්ජනුපෙක්ඛාපි. සා හිස්ස තං තං ඨානං ආවජ්ජන්තස්ස විස්සට්ඨඉන්දවජිරමිව පත්තපුටෙ පක්ඛිත්ත තත්තනාරාචො විය ච සූරා තිඛිණා හුත්වා වහති.
‘උපෙක්ඛා’ යනු, විදර්ශනා - උපේක්ෂාව මෙන්ම ආවර්ජන - උපේක්ෂාවයි; එසමයෙහි ඔහුට සියලු සංස්කාර විෂයයෙහි මධ්‍යස්ථව පවත්නා විදර්ශනෝපේක්ෂාවද, මනෝද්වාරයෙහි ආවර්ජනෝපේක්ෂාවද බලවත්ව උපදියි; ඒ යෝගියා ඒ ඒ තැන් ආවර්ජනය කරන විට මුදාහළ ඉන්ද්රවජ්රයක් (සෙන පහරක්) සෙයින්ද, (වියලි) කොළ ගොටුවෙක බහාලූ රත්වූ යහුලක් සෙයින්ද, ශූරව තීක්ෂ්ණව පවතී.
නිකන්තීති විපස්සනානිකන්ති. එවං ඔභාසාදිපටිමණ්ඩිතාය හිස්ස විපස්සනාය ආලයං කුරුමානා සුඛුමා සන්තාකාරා නිකන්ති උප්පජ්ජති. යා නිකන්ති කිලෙසොති පරිග්ගහෙතුම්පි න සක්කා හොති.
‘නිකන්ති’ යනු, විදර්ශනා නිකන්ති යයි; ඔහුට ඕභාසාදියෙන් සමන්විත විදර්ශනා විෂයයෙහි ඇලුම් ඇති කරවන, සියුම් වූ, ශාන්ත ආකාර සහිත නිකන්තිය (නැඹුරුව) උපදියි; එම නිකන්තිය ක්ලේශයෙකැ’යි ගැනීමටද - නොහැකි වේ.
යථා ච ඔභාසෙ, එවං එතෙසුපි අඤ්ඤතරස්මිං උප්පන්නෙ යොගාවචරො “න වත මෙ ඉතො පුබ්බෙ එවරූපං ඤාණං උප්පන්නපුබ්බං, එවරූපා පීති, පස්සද්ධි, සුඛං, අධිමොක්ඛො, පග්ගහො, උපට්ඨානං, උපෙක්ඛා, නිකන්ති උප්පන්නපුබ්බා, අද්ධා මග්ගප්පත්තොස්මි ඵලප්පත්තොස්මී”ති අමග්ගමෙව “මග්ගො”ති අඵලමෙව ච “ඵල”න්ති ගණ්හාති. තස්ස අමග්ගං “මග්ගො”ති අඵලං “ඵල”න්ති ගණ්හතො විපස්සනාවීථි උක්කන්තා නාම හොති. සො අත්තනො මූලකම්මට්ඨානං විස්සජ්ජෙත්වා නිකන්තිමෙව අස්සාදෙන්තො නිසීදතීති.
මෙසේ ඕභාස පිළිබඳව (යට කියන ලද) පරිදිම සෙසු කිසියම් උපක්ලේශයක් උපන් විටද යෝගාවචර තෙමේ, “ඒකාන්තයෙන් මට මින් පෙර මෙවන් ඥානයක් නො-උපන් විරූය, -පෙ- මෙවන් ප්‍රීතියක්, -පෙ- පස්සද්ධියක් -පෙ- සුඛයක් -පෙ- අධිමෝක්ෂයක්, -පෙ- ප්රග්රහයක්, -පෙ- උපට්ඨානයක්, -පෙ- උපේක්ෂාවක් -පෙ- නිකන්තියක් නො-උපන් විරූය; ඒකාන්තයෙන් මාර්ගයට පිවිසියේ වෙමි, ඵලයට පිවිසියේ වෙමි”යි අමාර්ගයම මාර්ගයයිද, අඵලයම ඵලයයිද ගන්නා ඔහුගේ විදර්ශනාවීථිය උක්කන්ත (නොමඟ ගිය) නම් වේ. හේ තෙමේ තමාගේ මුල් කමටහන් හැර පියා මෙම නිකන්තියම ආස්වාදනය කෙරෙමින් හිඳියි.
එත්ථ ච ඔභාසාදයො උපක්කිලෙසවත්ථුතාය උපක්කිලෙසාති වුත්තා, න අකුසලත්තා. නිකන්ති පන උපක්කිලෙසො චෙව උපක්කිලෙසවත්ථු ච. වත්ථුවසෙනෙව චෙතෙ දස. ගාහවසෙන පන සමතිංස හොන්ති. කථං? “මම ඔභාසො උප්පන්නො”ති ගණ්හතො හි දිට්ඨිගාහො හොති, “මනාපො වත ඔභාසො උප්පන්නො”ති ගණ්හතො මානගාහො, ඔභාසං අස්සාදයතො තණ්හාගාහො, ඉති ඔභාසෙ දිට්ඨිමානතණ්හාවසෙන තයො ගාහා. තථා සෙසෙසුපීති එවං ගාහවසෙන සමතිංස උපක්කිලෙසා හොන්ති. තෙසං වසෙන අකුසලො අබ්යත්තො යොගාවචරො ඔභාසාදීසු කම්පති වික්ඛිපති. ඔභාසාදීසු එකෙකං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති (ම· නි· 1.241) සමනුපස්සති. තෙනාහු පොරාණා –
මෙහි වනාහි ඕභාස ආදිය උපක්ලේශයනට වස්තු වන හෙයින් ‘උපක්ලේශ’ යයි කියන ලද මුත් අකුසල වශයෙන් ගෙන නොවේ, නිකන්තිය වනාහි උපක්ලේශයක් මෙන්ම, උපක්ලේශයනට වස්තුද වේ. මේ ඕභාස ආදිය වස්තු වශයෙන්ම දසයෙකි. ‘ගාහ’ වශයෙන් වනාහි සම තිසෙකි. කෙසේද යත්, “මට ඕභාසය උපනැ”යි ගන්නහුට දෘෂ්ටිග්රාහය (සක්කාය දිට්ඨිය) ඇති වේ; “මනා වූ ඕභාසයක් උපනැ”යි ගන්නහුට මානගාහය (මාන වශයෙන් ගැනීම) ඇති වේ; ඕභාසය ආස්වාදනය කරන්නහුට තණ්හාගාහය (තෘෂ්ණා ග්‍රාහය) වේ. මෙසේ ඕභාසයෙහි දෘෂ්ටි, මාන, හා තෘෂ්ණා වශයෙන් ග්රාහත්රයයක් වේ; එසේම සෙසු ප්‍රීති ආදියෙහිද එලෙසින්ම වේ. මෙසේ ග්‍රාහ වශයෙන් උපක්ලේශයෝ සම-තිසෙක් වෙති. ඒ උපක්ලේශයන්ගේ අනුසාරයෙන්, කුශල නොවූ, ව්‍යක්ත නොවූ යෝගාවචර තෙමේ ඕභාසාදියෙහිදී කම්පා වේ, වික්ෂිප්ත වේ. ඕභාසාදියෙහි එකක් එකක් ‘මෙය මගේය’, ‘මේ මම් වෙමි’, ‘මේ මාගේ ආත්මයයි’ යනුවෙන් දකියි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ
“ඔභාසෙ චෙව ඤාණෙ ච, පීතියා ච විකම්පති; පස්සද්ධියා සුඛෙ චෙව, යෙහි චිත්තං පවෙධති.
ඔභාසෙ චේව ඤාණෙ පීතියා ච විකම්පති, පස්සද්ධියා සුඛෙ චෙව යෙහි චිත්තං පවෙධති
“අධිමොක්ඛෙ ච පග්ගාහෙ, උපට්ඨානෙ ච කම්පති; උපෙක්ඛාවජ්ජනායඤ්ච, උපෙක්ඛාය නිකන්තියා”ති. (පටි· ම· 2.7);
අධිමොක්ඛෙච පග්ගාහෙ උපට්ඨානෙ ච කම්පති, උපෙක්ඛාවජ්ජනායං ච උපෙක්ඛාය නිකන්තියා
යම් උපක්ලේශයක් නිසා සිත සසල වේද, එකී ඕභාසයෙහිද, ඤාණයෙහිද, පීතියෙහිද, පස්සද්ධියෙහිද සුඛයෙහිද කම්පා වෙයි.
අධි මොක්ඛයෙහිද, පග්ගහයෙහිද, උපට්ඨානයෙහිද, උපෙක්ඛා වජ්ජනයෙහිද, උපෙක්ඛායෙහි හා නිකන්තියෙහිද කම්පා වෙයි.