යෙදුමෙන් කියවන්න

මග‍්ගාමග‍්ගවවත්‍ථානකථා

මග‍්ගාමග‍්ගවවත්‍ථානකථා

මග්ගාමග්ගවවත්ථානකථා

කුසලො පන පණ‍්ඩිතො බ්‍යත‍්තො බුද‍්ධිසම‍්පන‍්නො යොගාවචරො ඔභාසාදීසු උප‍්පන‍්නෙසු “අයං ඛො මෙ ඔභාසො උප‍්පන‍්නො, සො ඛො පනායං අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො ඛයධම‍්මො වයධම‍්මො විරාගධම‍්මො නිරොධධම‍්මො”ති ඉති වා තං පඤ‍්ඤාය පරිච‍්ඡින්‍දති උපපරික‍්ඛති. අථ වා පනස‍්ස එවං හොති, “සචෙ ඔභාසො අත‍්තා භවෙය්‍ය, ‘අත‍්තා’ති ගහෙතුං වට‍්ටෙය්‍ය. අනත‍්තා ච පනායං ‘අත‍්තා’ති ගහිතො. තස‍්මා සො අවසවත‍්තනට‍්ඨෙන අනත‍්තා, හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චො, උප‍්පාදවයපටිපීළනට‍්ඨෙන දුක‍්ඛො”ති සබ‍්බං අරූපසත‍්තකෙ වුත‍්තනයෙන විත්‍ථාරෙතබ‍්බං. යථා ච ඔභාසෙ, එවං සෙසෙසුපි.

එහෙත් දක්‍ෂ වූ, පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, බුද්ධිසම්පන්න වූ යෝගාවචර තෙමේ ඕභාස ආදිය උපන් කල, “මට මේ උපන්නේ ඕභාසයයි, ඒ ඕභාසය වනාහි අනිත්‍යය, සංඛතය, පටිච්චසමුප්පන්නය, ගෙවී යන සුලුය, වැය වන සුලුය, වැනසෙන සුලුය, නිරුද්ධවන සුලුය’යි මෙසේ එය ප්‍රඥාවෙන් පිරිසිඳ බලයි, පිරික්සයි, නැතහොත් ඔහුට මෙවන් අදහසෙක් පහළ වෙයි, “ඉදින් ඕභාසය ආත්මය වෙතොත්, ආත්මය’යි ගත යුතුය, (එහෙත්) මේ ආත්මය’යි ගන්නා ලද්දේ ආත්ම නොවන්නෙකි. එහෙයින් එය තමා වශයෙහි නොපවත්නේය, එහෙයින් අනාත්මය, ඇතිව නැතිවී යන හෙයින් අනිත්‍යය, උදයව්‍යය වශයෙන් පෙළන හෙයින් දුඃඛය”යි යන මේ සියල්ල යට අරූප සප්තකයෙහි කියන ලද නයින් විස්තර කළ යුතුය. ඕභාස විෂයයෙහි යම්සේද සෙසු උපක්ලේශ විෂයයෙහිද එසේමය.

සො එවං උපපරික‍්ඛිත්‍වා ඔභාසං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති (ම· නි· 1.241) සමනුපස‍්සති. ඤාණං…පෙ… නිකන‍්තිං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති (ම· නි· 1.241) සමනුපස‍්සති. එවං සමනුපස‍්සන‍්තො ඔභාසාදීසු න කම‍්පති න වෙධති. තෙනාහු පොරාණා –

ඒ යෝගාවචර තෙමේ මෙසේ ඕභාසය පරීක්‍ෂාකොට, “මෙය මාගේ නොවෙයි,” “මේ මම් නොවෙමි”, මේ මාගේ ආත්මය නොවෙයි,” යනුවෙන් මැනවින් දකියි, ඤාණය-පෙ- නිකන්තිය-පෙ- “මෙය මාගේ නොවෙයි”, මේ මම් නොවෙමි’’ මේ මගේ ආත්මය නොවෙයි’’ යනුවෙන් මැනවින් දකියි; මෙසේ මැනවින් දක්නේ ඕභාසාදියෙහි නො-ඇලෙයි, නොසැලෙයි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“ඉමානි දස ඨානානි, පඤ‍්ඤායස‍්ස පරිච‍්චිතා; ධම‍්මුද‍්ධච‍්චකුසලො හොති, න ච වික‍්ඛෙපං ගච‍්ඡතී”ති. (පටි· ම· 2.7);

ඉමානි දස ඨානානි පඤ්ඤාය’ස්ස පරිචිතා ධම්මුද්ධච්ච කුසලො හොති නච වික්‍ඛෙපං ගච්ඡති

මේ ඕභාස ආදී කරුණු දසය පුරුදු කළ ප්‍රඥාව යමකුට වේද, (ඒ යෝගී තෙමේ) ඕභාස ආදිය ධර්ම මාර්ගයයි වරදවා නොගැනීමෙහි දක්‍ෂ වූයේ වික්‍ෂේපයට නොපැමිණෙයි.

සො එවං වික‍්ඛෙපං අගච‍්ඡන‍්තො තං සමතිංසවිධං උපක‍්කිලෙසජටං විජටෙත්‍වා ඔභාසාදයො ධම‍්මා න මග‍්ගො. උපක‍්කිලෙසවිමුත‍්තං පන වීථිපටිපන‍්නං විපස‍්සනාඤාණං මග‍්ගොති මග‍්ගඤ‍්ච අමග‍්ගඤ‍්ච වවත්‍ථපෙති. තස‍්සෙවං “අයං මග‍්ගො, අයං න මග‍්ගො”ති මග‍්ගඤ‍්ච අමග‍්ගඤ‍්ච ඤත්‍වා ඨිතං ඤාණං මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධීති වෙදිතබ‍්බං.

ඒ යෝගාවචර තෙමේ මෙසේ වික්‍ෂේපයට නොයනුයේ එම සමතිස් වැදෑරුම් උපක්ලේශ ජටාව (අවුල) නිරවුල් කොට ගෙන, ඕභාසාදීය ධර්ම මාර්ගය නොවෙති’යිද, උපක්ලේශයන්ගෙන් මිදුණ, වීථියට පිළිපන් විදර්ශනා ඥානය (නිවැරදි) මාර්ගය වෙතැ’යිද, මග නොමග විනිශ්චය කරයි. මෙසේ ඔහුගේ, “මේ මගය, මේ නොමගය”යි මග නොමග දැන සිටි ඥානය ‘මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි’ යයි දතයුතුය.

එත‍්තාවතා ච පන තෙන තිණ‍්ණං සච‍්චානං වවත්‍ථානං කතං හොති. කථං? දිට‍්ඨිවිසුද‍්ධියං තාව නාමරූපස‍්ස වවත්‍ථාපනෙන දුක‍්ඛසච‍්චස‍්ස වවත්‍ථානං කතං. කඞ‍්ඛාවිතරණවිසුද‍්ධියං පච‍්චයපරිග‍්ගහණෙන සමුදයසච‍්චස‍්ස වවත්‍ථානං. ඉමිස‍්සං මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධියං සම‍්මාමග‍්ගස‍්ස අවධාරණෙන මග‍්ගසච‍්චස‍්ස වවත්‍ථානං කතන‍්ති, එවං ලොකියෙනෙව තාව ඤාණෙන තිණ‍්ණං සච‍්චානං වවත්‍ථානං කතං හොති.

මෙතෙකින් වනාහි ඒ යෝගාවචරයා විසින් සත්‍ය-ත්‍රයයක් විනිශ්චය කරන ලද්දේ වේ; කෙසේද යත්:- පළමුකොට දිට්ඨි විසුද්ධිය මගින් නාමරූප ව්‍යවස්ථාපනයෙන් දුඃඛ සත්‍යය පිළිබඳ ව්‍යවස්ථානය කරන ලදි; කංඛාවිතරණ විසුද්ධියෙහි ප්‍රත්‍යය-පරිග්‍රහණයෙන් සමුදය-සත්‍යය පිළිබඳ ව්‍යවස්ථානය කරන ලදි; මෙම මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධියෙහි සම්‍යග් මාර්ගය අවධාරණය කිරීමෙන් මාර්ග සත්‍යය පිළිබඳ ව්‍යවස්ථානය කරන ලදි. මෙසේ පළමුකොට ලෞකික ඥානයෙන්ම මේ ත්‍රිවිධ සත්‍යයන් පිළිබඳ ව්‍යවස්ථානය කරන ලද්දේ වේ.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධිනිද‍්දෙසො නාම වීසතිමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්ගයෙහි පඤ්ඤාභාවනාධිකාරයෙහි මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිනිද්දේස නම්වූ විසිවන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.