යෙදුමෙන් කියවන්න

උපක‍්කිලෙසවිමුත‍්තඋදයබ‍්බයඤාණකථා

උපක‍්කිලෙසවිමුත‍්තඋදයබ‍්බයඤාණකථා

උපක්කිලෙසවිමුත්තඋදයබ්බයඤාණකථා

අට‍්ඨන‍්නං පන ඤාණානං වසෙන සිඛාප‍්පත‍්තා විපස‍්සනා, නවමඤ‍්ච සච‍්චානුලොමිකඤාණන‍්ති අයං පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධි නාම. අට‍්ඨන‍්නන‍්ති චෙත්‍ථ උපක‍්කිලෙසවිමුත‍්තං වීථිපටිපන‍්නවිපස‍්සනාසඞ‍්ඛාතං උදයබ‍්බයානුපස‍්සනාඤාණං, භඞ‍්ගානුපස‍්සනාඤාණං, භයතුපට‍්ඨානඤාණං, ආදීනවානුපස‍්සනාඤාණං, නිබ‍්බිදානුපස‍්සනාඤාණං, මුඤ‍්චිතුකම්‍යතාඤාණං, පටිසඞ‍්ඛානුපස‍්සනාඤාණං, සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණන‍්ති ඉමානි අට‍්ඨ ඤාණානි වෙදිතබ‍්බානි. නවමං සච‍්චානුලොමිකඤාණන‍්ති අනුලොමස‍්සෙතං අධිවචනං. තස‍්මා තං සම‍්පාදෙතුකාමෙන උපක‍්කිලෙසවිමුත‍්තං උදයබ‍්බයඤාණං ආදිං කත්‍වා එතෙසු ඤාණෙසු යොගො කරණීයො.

අෂ්ටවිධ ඥානයන්ගේ වශයෙන් මුදුන්පත් වූ විදර්ශනාව හා නවවන සච්චානුලෝමික ඤාණයදැ’යි යන මේ (පිළිවෙළ) ‘පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ. මෙහි අෂ්ටවිධ ඥානය නම් උපක්ලේශයන් කෙරෙන් මිදුණ වීථියට (නිසිමගට) පිළිපන්, විදර්ශනා සංඛ්‍යාත වූ, උදයබ්බයානුපස්සනා ඤාණය, භඞ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදීනවානුපස්සනා ඤාණය, නිබ්බදානුපස්සනා ඤාණය, මුඤ්චිතුකම්‍යතා ඤාණය, පටිසඞ්ඛානුපස්සනා ඤාණය, සඞ්ඛාරුපෙක්ඛා ඤාණය’යි යන මේ අටයයි දතයුතුය. නවවැන්න වූ සච්චානුලෝමික ඤාණයදැ’යි යන මෙය අනුලෝම ඤාණයට අධිවචනයෙකි. එහෙයින් එය සම්පාදනය කරනු කැමැත්තහු විසින් උපක්ලේශයන් කෙරෙන් මිදුණ උදයව්‍යයඥානය ආදි කොට ඇති මේ ඥානයන් කෙරෙහි යෝග කළයුතුය.

පුන උදයබ‍්බයඤාණෙ යොගො කිමත්‍ථියොති චෙ? ලක‍්ඛණසල‍්ලක‍්ඛණත්‍ථො. උදයබ‍්බයඤාණං හි හෙට‍්ඨා දසහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං හුත්‍වා යාථාවසරසතො තිලක‍්ඛණං සල‍්ලක‍්ඛෙතුං නාසක‍්ඛි. උපක‍්කිලෙසවිමුත‍්තං පන සක‍්කොති. තස‍්මා ලක‍්ඛණසල‍්ලක‍්ඛණත්‍ථමෙත්‍ථ පුන යොගො කරණීයො.

උදයව්‍යය ඥාන විෂයයෙහි යලිත් යෝග කිරීම කවර අර්ත්‍ථයක් සඳහාද යත්: තිලකුණු සිහිතබා ගැනීම සඳහාය. උදයව්‍යය ඥානය යටකී දශ උපක්ලේශයන්ගෙන් කිලිටි වීමෙන් නිසි පරිදි තිලකුණු සැලකීමට නොහැකි වේ; උපක්ලේශයන් කෙරෙන් මිදුණේම හැකි වේ. එහෙයින් තිලකුණු සැලකීමේ ප්‍රයෝජනය සඳහා යලිදු මෙහි යෝග කටයුතුය.

ලක‍්ඛණානි පන කිස‍්ස අමනසිකාරා කෙන පටිච‍්ඡන‍්නත‍්තා න උපට‍්ඨහන‍්ති? අනිච‍්චලක‍්ඛණං තාව උදයබ‍්බයානං අමනසිකාරා සන‍්තතියා පටිච‍්ඡන‍්නත‍්තා න උපට‍්ඨාති. දුක‍්ඛලක‍්ඛණං අභිණ‍්හසම‍්පටිපීළනස‍්ස අමනසිකාරා ඉරියාපථෙහි පටිච‍්ඡන‍්නත‍්තා න උපට‍්ඨාති. අනත‍්තලක‍්ඛණං නානාධාතුවිනිබ‍්භොගස‍්ස අමනසිකාරා ඝනෙන පටිච‍්ඡන‍්නත‍්තා න උපට‍්ඨාති. උදයබ‍්බයම‍්පන පරිග‍්ගහෙත්‍වා සන‍්තතියා විකොපිතාය අනිච‍්චලක‍්ඛණං යාථාවසරසතො උපට‍්ඨාති. අභිණ‍්හසම‍්පටිපීළනං මනසිකත්‍වා ඉරියාපථෙ උග‍්ඝාටිතෙ දුක‍්ඛලක‍්ඛණං යාථාවසරසතො උපට‍්ඨාති. නානාධාතුයො විනිබ‍්භුජිත්‍වා ඝනවිනිබ‍්භොගෙ කතෙ අනත‍්තලක‍්ඛණං යාථාවසරසතො උපට‍්ඨාති.

කුමක් මෙනෙහි නොකිරීමෙන්, කිමෙකින් වැසීයාමෙන්, තිලකුණු නොවැටහේද යත්, පළමුකොට අනිත්‍ය ලක්‍ෂණය උදයව්‍යය මෙනෙහි නොකිරීමෙන්, සන්තතියෙන් වැසී යාමෙන් නොවැටහෙයි. දුඃඛ ලක්‍ෂණය නිරන්තරයෙන් (සංස්කාරයන්ගෙන් ඇති වන) පීඩනය මෙනෙහි නොකිරීමෙන්, ඉරියවුවලින් වැසීයාමෙන් නොවැටහෙයි. අනාත්ම ලක්‍ෂණය, නොයෙක් ධාතූන් එකිනෙක වෙන්කොට මෙනෙහි නොකිරීමෙන්, ගහන බවින් වැසීයාමෙන් නොවැටහෙයි. එහෙත්, උදයව්‍යයය මෙනෙහි කොට සන්තතිය සිඳලූ කල අනිත්‍ය ලක්‍ෂණය යථාතත්‍වයෙන් වැටහෙයි; නිරන්තර පීඩනය මෙනෙහිකොට ඉරියවු උගුළුවාලූ කල දුඃඛ ලක්‍ෂණය යථාස්වභාවයෙන් වැටහෙයි; නානා ධාතූන් විග්‍රහ කොට එකිනෙක වෙන් කළ විට අනාත්ම ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහෙයි.

එත්‍ථ ච අනිච‍්චං, අනිච‍්චලක‍්ඛණං, දුක‍්ඛං, දුක‍්ඛලක‍්ඛණං, අනත‍්තා, අනත‍්තලක‍්ඛණන‍්ති අයං විභාගො වෙදිතබ‍්බො. තත්‍ථ අනිච‍්චන‍්ති ඛන්‍ධපඤ‍්චකං. කස‍්මා? උප‍්පාදවයඤ‍්ඤථත‍්තභාවා , හුත්‍වා අභාවතො වා. උප‍්පාදවයඤ‍්ඤථත‍්තං අනිච‍්චලක‍්ඛණං හුත්‍වා අභාවසඞ‍්ඛාතො වා ආකාරවිකාරො.

තවද, මෙහි, අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, දුඃඛය, දුඃඛලක්‍ෂණය, අනාත්මය, අනාත්ම ලක්‍ෂණය යන මේ විභාගයද දතයුතුය. එහි අනිත්‍යය නම්, ස්කන්‍ධ පංචකයයි. කවර හෙයින්ද? ඉපිද වැය වී අන්‍යථාභාවයට (වෙනස්බවට) යන හෙයිනි; නොහොත්, ඇතිව නැතිවී යන හෙයිනි. ඉපිද ජරාවට පත්වීමෙන් අන්‍යථාභාවයට පත්වීම අනිත්‍ය ලක්‍ෂණයයි; නොහොත් ඇතිව නැති වීමය යයි කියන ලද ආකාර-විකාරය අනිත්‍ය ලක්‍ෂණයයි.

“යදනිච‍්චං තං දුක‍්ඛ”න‍්ති (සං· නි· 3.15) වචනතො පන තදෙව ඛන්‍ධපඤ‍්චකං දුක‍්ඛං. කස‍්මා? අභිණ‍්හපටිපීළනා, අභිණ‍්හපටිපීළනාකාරො දුක‍්ඛලක‍්ඛණං.

“යදනිච්චං තං දුක්ඛං” (යමක් අනිත්‍ය වේද, එය දුඃඛ වේ) යයි කී හෙයින් එම ස්කන්‍ධ පංචකය දුඃඛද වේ; කවර හෙයින්ද? නිරන්තරයෙන් පීඩා ගෙන දෙන හෙයිනි. නිරන්තරයෙන් පීඩා දනවන ආකාරය දුඃඛ ලක්‍ෂණයයි.

“යං දුක‍්ඛං තදනත‍්තා”ති (සං· නි· 3.15) පන වචනතො තදෙව ඛන්‍ධපඤ‍්චකං අනත‍්තා. කස‍්මා? අවසවත‍්තනතො, අවසවත‍්තනාකාරො අනත‍්තලක‍්ඛණං.

“යං දුක්‍ඛං තදනත්තා” (යමක් දුක්වේද, එය අනාත්ම වේ) යන වචනයෙන් එම ස්කන්‍ධ පංචකය අනාත්මද වේ; කවර හෙයින්ද? වශයෙහි නොපවත්නා හෙයිනි. වශයෙහි නොපවත්නා ස්වභාවය අනාත්ම ලක්‍ෂණයයි.

තයිදං සබ‍්බම‍්පි අයං යොගාවචරො උපක‍්කිලෙසවිමුත‍්තෙන වීථිපටිපන‍්නවිපස‍්සනාසඞ‍්ඛාතෙන උදයබ‍්බයානුපස‍්සනාඤාණෙන යාථාවසරසතො සල‍්ලක‍්ඛෙති.

ඒ මේ සියල්ල මේ යෝගාවචර තෙමේ උපක්ලේශයන්ගෙන් විනිර්මුක්ත, වීථිපටිපන්න (නිසිමගට පිළිපන්) විදර්ශනා සංඛ්‍යාත උදය ව්‍යායානුදර්ශන ඥානයෙන් තතු සේ දකියි.

උපක‍්කිලෙසවිමුත‍්තඋදයබ‍්බයඤාණං නිට‍්ඨිතං.