යෙදුමෙන් කියවන්න

භඞ‍්ගානුපස‍්සනාඤාණකථා

භඞ‍්ගානුපස‍්සනාඤාණකථා

භඞ්ගානුපස්සනා ඤාණය

තස‍්සෙවං සල‍්ලක‍්ඛෙත්‍වා පුනප‍්පුනං “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා”ති රූපාරූපධම‍්මෙ තුලයතො තීරයතො තං ඤාණං තික‍්ඛං හුත්‍වා වහති, සඞ‍්ඛාරා ලහුං උපට‍්ඨහන‍්ති, ඤාණෙ තික‍්ඛෙ වහන‍්තෙ සඞ‍්ඛාරෙසු ලහුං උපට‍්ඨහන‍්තෙසු උප‍්පාදං වා ඨිතිං වා පවත‍්තං වා නිමිත‍්තං වා න සම‍්පාපුණාති. ඛයවයභෙදනිරොධෙයෙව සති සන‍්තිට‍්ඨති. තස‍්ස “එවං උප‍්පජ‍්ජිත්‍වා එවං නාම සඞ‍්ඛාරගතං නිරුජ‍්ඣතී”ති පස‍්සතො එතස‍්මිං ඨානෙ භඞ‍්ගානුපස‍්සනං නාම විපස‍්සනාඤාණං උප‍්පජ‍්ජති. යං සන්‍ධාය වුත‍්තං –

මේ ආකාරයෙන් සලකමින්, යලි යලිදු “අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි රූපාරූප ධර්මයන් තුලනය කරමින්, තීරණය කරන විට, විදර්ශනාඥානය තියුණු වීමෙන් සංස්කාරයෝ යුහුව වැටහෙයි. විදර්ශනාඥානය තියුණුව පවත්නා කල, සංස්කාරයන් යුහුව වැටහෙන කල, ඉපදීම හෝ, ස්ථිතිය හෝ, පැවැත්ම හෝ නිමිත්ත හෝ සිහියට නොනැඟෙයි; හුදෙක්, ක්‍ෂය-ව්‍යය භේද සහිත නිරෝධයෙහිම සිහිය පිහිටයි. ‘‘සංස්කාරයන් මෙසේ ඉපිද, මෙසේ නිරුද්ධ වෙති’යි දක්නා ඒ යෝගාවචරයාහට මේ අවස්ථායෙහිදී ‘භඞ්ගානුපස්සනා’ නම්වූ විදර්ශනා ඥානය උපදී. එම ඥානය සඳහා කියනලදි:-

“කථං ආරම‍්මණපටිසඞ‍්ඛා භඞ‍්ගානුපස‍්සනෙ පඤ‍්ඤා විපස‍්සනෙ ඤාණං? රූපාරම‍්මණතා චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජති, තං ආරම‍්මණං පටිසඞ‍්ඛා තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගං අනුපස‍්සති . අනුපස‍්සතීති කථං අනුපස‍්සති? අනිච‍්චතො අනුපස‍්සති නො නිච‍්චතො, දුක‍්ඛතො අනුපස‍්සති නො සුඛතො, අනත‍්තතො අනුපස‍්සති නො අත‍්තතො, නිබ‍්බින්‍දති නො නන්‍දති, විරජ‍්ජති නො රජ‍්ජති, නිරොධෙති නො සමුදෙති, පටිනිස‍්සජ‍්ජති නො ආදියති.

‘අරමුණු මෙනෙහි කොට භංගය (බිඳීම) අනුව බැලීමෙන් උපන් ප්‍රඥාව විදර්ශනා ඥානය නම් වනුයේ කෙසේද? රූපය අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි; ඉක්බිති එම අරමුණ (ක්‍ෂය-ව්‍යය වශයෙන්) මෙනෙහි කරමින්, එය බිඳී යාම අනුව බලයි, බලනුයේ කෙසේ බලාද? නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් බලයි. සුඛ වශයෙන් නොව දුඃඛ වශයෙන් බලයි, ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලයි. කලකිරෙනු මිස තුටු නොවෙයි; දුරුවනු මිස නො-ඇලෙයි; නිරුද්ධ කරනු මිස නො-උපදවයි; අත්හරිනු මිස නො-ඇදගනියි:

“අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති. දුක‍්ඛතො අනුපස‍්සන‍්තො සුඛසඤ‍්ඤං, අනත‍්තතො අනුපස‍්සන‍්තො අත‍්තසඤ‍්ඤං, නිබ‍්බින්‍දන‍්තො නන්‍දිං, විරජ‍්ජන‍්තො රාගං, නිරොධෙන‍්තො සමුදයං පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති.

අනිත්‍ය වශයෙන් බලනුයේ නිත්‍යසංඥාව හරියි; දුඃඛ වශයෙන් බලනුයේ සුඛ සංඥාව හරියි, අනාත්ම වශයෙන් බලනුයේ ආත්මසංඥාව හරියි; කලකිරෙනුයේ නන්‍දි (රාග)ය හරියි; නො-ඇලෙනුයේ ආදානය හරියි.

“වෙදනාරම‍්මණතා…පෙ… සඤ‍්ඤාරම‍්මණතා… සඞ‍්ඛාරාරම‍්මණතා… විඤ‍්ඤාණාරම‍්මණතා… චක‍්ඛාරම‍්මණතා…පෙ… ජරාමරණාරම‍්මණතා චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජති…පෙ… පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහති.

වේදනාව අරමුණු කොට උපන් සිත -පෙ-, සඤ්ඤාව අරමුණු කොට උපන් සිත -පෙ-, සංඛාරය අරමුණු කොට උපන් සිත -පෙ- විඤ්ඤාණය අරමුණු කොට උපන් සිත -පෙ-, ඇස අරමුණු කොට -පෙ- ජරාමරණයන් අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි. -පෙ- නො-ඇලෙනුයේ ආදානය හරියි.’’

“වත්‍ථුසඞ‍්කමනා චෙව, පඤ‍්ඤාය ච විවට‍්ටනා; ආවජ‍්ජනාබලඤ‍්චෙව, පටිසඞ‍්ඛාවිපස‍්සනා.

වත්‍ථු සඞ්කමනා චෙව පඤ්ඤාය ච විවට්ටනා ආවජ්ජනා බලඤ්චෙව පටිසඞ්ඛා විපස්සනා

“ආරම‍්මණඅන්‍වයෙන, උභො එකවවත්‍ථනා; නිරොධෙ අධිමුත‍්තතා, වයලක‍්ඛණවිපස‍්සනා.

ආරම්මණන්‍වයෙනාපි උභො එක වවත්‍ථානා, නිරොධෙ අධිමුත්තතා වය ලක්‍ඛණ විපස්සනා

“ආරම‍්මණඤ‍්ච පටිසඞ‍්ඛා, භඞ‍්ගඤ‍්ච අනුපස‍්සති; සුඤ‍්ඤතො ච උපට‍්ඨානං, අධිපඤ‍්ඤාවිපස‍්සනා.

ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති සුඤ්ඤතො ච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා

“කුසලො තීසු අනුපස‍්සනාසු, චතස‍්සො ච විපස‍්සනාසු; තයො උපට‍්ඨානෙ කුසලතා, නානාදිට‍්ඨීසු න කම‍්පතී”ති.

කුසලො තීසු අනුපස්සනාසු චතස්සො ච විපස්සනාසු තයො උපට්ඨානෙ කුසලතා නානාදිට්ඨිසු න කම්පති

(පූර්ව) වස්තුවෙන් (අපර) වස්තුවට සංක්‍රමණයද, ප්‍රඥාවෙහි විවර්තනයද (පෙරළීමද), ආවර්ජන බලයදැ’යි යන මේ ‘පටිසඞ්ඛාවිපස්සනා’යි.

අරමුණ අනුව යාමෙන් (අතීත-අනාගත) දෙකට අයත් සංස්කාරයන් එක් සමාන වෙති’යි විනිශ්චය කිරීම හා නිරෝධය වෙතට නැඹුරු වීම ‘වය ලක්ඛණ විපස්සනා’යි.

අරමුණ මෙනෙහි කොට එම අරමුණුවල භංගය (බිඳීයාම) අනුව දැකීමද සංස්කාරයන් ශුන්‍ය වශයෙන් වැටහීමද ‘අධිපඤ්ඤා විපස්සනා’යි.

මෙකී අනුපස්සනාද, (නිබ්බිදාදී වූ) චතුර්විධ විපස්සනා විෂයයෙහිද, ත්‍රිවිධ උපට්ඨාන විෂයයෙහිද කුශලතාව හේතුකොටගෙන නොයෙක් ආකාර ඇති දෘෂ්ටි විෂයයෙහි සසල නොවේ. (මේ ගාථා සතරෙහි අර්ත්‍ථය අනතුරුව එළඹෙන ඡේද කීපයෙන් වඩාත් හොඳින් පැහැදිලි කොට ඇත.)

“තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති ‘ආරම‍්මණපටිසඞ‍්ඛා භඞ‍්ගානුපස‍්සනෙ පඤ‍්ඤා විපස‍්සනෙ ඤාණ’”න‍්ති (පටි· ම· 1.51-52).

දන්නා ලදැ’යි යන අර්ත්‍ථයෙන් ‘ඤාණ’ නමි; ප්‍රජානන (මනාකොට දනිති’යි යන) අර්ත්‍ථයෙන් ‘පඤ්ඤා’ නමි. එහෙයින් ‘ආරම්මණ පටිසඞ්ඛා භඞ්ගානු පස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං” (අරමුණු මෙනෙහි කොට භංගයට අනුව බැලීමෙන් ලබාගත් ප්‍රඥාව විදර්ශනා ඥානයයි) කියනු ලැබේ.

තත්‍ථ ආරම‍්මණපටිසඞ‍්ඛාති යංකිඤ‍්චි ආරම‍්මණං පටිසඞ‍්ඛාය ජානිත්‍වා, ඛයතො වයතො දිස‍්වාති අත්‍ථො. භඞ‍්ගානුපස‍්සනෙ පඤ‍්ඤාති තස‍්ස, ආරම‍්මණං ඛයතො වයතො පටිසඞ‍්ඛාය උප‍්පන‍්නස‍්ස ඤාණස‍්ස භඞ‍්ගං අනුපස‍්සනෙ යා පඤ‍්ඤා, ඉදං විපස‍්සනෙ ඤාණන‍්ති වුත‍්තං. තං කථං හොතීති අයං තාව කථෙතුකම්‍යතාපුච‍්ඡාය අත්‍ථො. තතො යථා තං හොති, තං දස‍්සෙතුං “රූපාරම‍්මණතා”තිආදි වුත‍්තං.

එහි “ආරම්මණ පටිසඞ්ඛා” යනු, යම්කිසි රූපාදී අරමුණක් මෙනෙහි කොට දැන, ක්‍ෂය වශයෙන්ද ව්‍යය වශයෙන්ද දැකැ’යි යන අර්ත්‍ථයි. “භඞ්ගානුපස්සනෙ පඤ්ඤා” යනු, ඒ යෝගාවචරයාහට ක්‍ෂය වශයෙන්ද, ව්‍යය වශයෙන්ද අරමුණු මෙනෙහි කොට උපන් ඥානය බිඳී යාම අනුව බැලීමේදී යම් ප්‍රඥාවක් වේද, එය විදර්ශනා ඥානය’යි කියන ලදි. එය කෙසේ වේදැ’යි යන මෙය කියනු කැමැතිව, මෙසේ පළමුකොට ප්‍රශ්න කිරීමයි. (අරමුණු මෙනෙහි කොට භංගය අනුව බැලීමෙන් උපන් ප්‍රඥාව විදර්ශනා ඥානය වනුයේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කිරීමේ අර්ත්‍ථය එය විස්තර කොට කියනු කැමැත්තයි). ඉක්බිති එය කෙසේ වේදැ’යි දක්වනු පිණිස ‘රූපාරම්මණතා’ ආදිය කියන ලදි.

තත්‍ථ රූපාරම‍්මණතා චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජතීති රූපාරම‍්මණං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජති. අථ වා රූපාරම‍්මණභාවෙ චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජතීති අත්‍ථො. තං ආරම‍්මණං පටිසඞ‍්ඛාති තං රූපාරම‍්මණං පටිසඞ‍්ඛාය ජානිත්‍වා, ඛයතො වයතො දිස‍්වාති අත්‍ථො. තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගං අනුපස‍්සතීති යෙන චිත‍්තෙන තං රූපාරම‍්මණං ඛයතො වයතො දිට‍්ඨං, තස‍්ස චිත‍්තස‍්ස අපරෙන චිත‍්තෙන භඞ‍්ගං අනුපස‍්සතීති අත්‍ථො. තෙනාහු පොරාණා “ඤාතඤ‍්ච ඤාණඤ‍්ච උභොපි විපස‍්සතී”ති.

එහි ‘‘රූපය අරමුණු කොට උපන් සිත ඉපිද බිඳීයයි” යනු රූපය අරමුණු කොට ඇති වූ සිත ඉපිද බිඳී යයි’’ යන අර්ත්‍ථයි. “තං ආරම්මණං පටිසඞ්ඛා’’ (එම අරමුණ මෙනෙහි කොට) යනු, එම රූපාලම්බනය මෙනෙහි කොට දැන, ක්‍ෂය වශයෙන්ද ව්‍යය වශයෙන්ද දැකැ’යි යන අර්ත්‍ථයි. “තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති” (අනතුරුව එම සිතෙහි බිඳී යාමද බලයි) යනු, යම් සිතෙකින් එම රූපාලම්බනය ක්‍ෂය වශයෙන්ද, ව්‍යය වශයෙන්ද දක්නා ලද්දේද, එම සිතද වෙනත් සිතෙකින් බිඳී යාම දකී යන අර්ත්‍ථයි. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:- “ඤාතඤ්ච ඤාණඤ්ච උභො විපස්සති” (ඥාත හෙවත් දන්නා ලද දෙයද, ඥානය හෙවත් දැනීමද යන දෙකම දකියි” යනුවෙනි.

එත්‍ථ ච අනුපස‍්සතීති අනු අනු පස‍්සති, අනෙකෙහි ආකාරෙහි පුනප‍්පුනං පස‍්සතීති අත්‍ථො. තෙනාහ – “අනුපස‍්සතීති කථං අනුපස‍්සති. අනිච‍්චතො අනුපස‍්සතී”තිආදි.

මෙහි, ‘අනුපස්සති’ යනු, යලි යලිදු බලයි, ත්‍රිලක්‍ෂණ වශයෙන් නැවත නැවතත් නොයෙක් ආකාරයෙන් බලයි’ යන අර්ත්‍ථයි. එහි ‘අනුපස්සති’යි කීහු; කෙසේ අනුව බලාද? අනිත්‍ය වශයෙන් යනාදිය වේ.

තත්‍ථ යස‍්මා භඞ‍්ගො නාම අනිච‍්චතාය පරමා කොටි, තස‍්මා සො භඞ‍්ගානුපස‍්සකො යොගාවචරො සබ‍්බං සඞ‍්ඛාරගතං අනිච‍්චතො අනුපස‍්සති, නො නිච‍්චතො. තතො අනිච‍්චස‍්ස දුක‍්ඛත‍්තා, දුක‍්ඛස‍්ස ච අනත‍්තත‍්තා තදෙව දුක‍්ඛතො අනුපස‍්සති, නො සුඛතො. අනත‍්තතො අනුපස‍්සති නො අත‍්තතො.

එහි, යම් හෙයකින් භංගය අනිත්‍යතාවෙහි අන්තිම කෙළවර වේද, එහෙයින් භංගය අනුව බලන යෝගාවචර තෙමේ සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලනු විනා නිත්‍ය වශයෙන් නොබලයි. ඉක්බිති අනිත්‍යය දුඃඛද වන හෙයින් හා දුඃඛය අනාත්මද වන හෙයින්, එයම දුඃඛ වශයෙන් මිස සුඛ වශයෙන් නොබලයි; අනාත්ම වශයෙන් නොව ආත්ම වශයෙන් නොබලයි.

යස‍්මා පන යං අනිච‍්චං දුක‍්ඛමනත‍්තා, න තං අභිනන්‍දිතබ‍්බං. යඤ‍්ච අනභිනන්‍දිතබ‍්බං, න තත්‍ථ රජ‍්ජිතබ‍්බං. තස‍්මා එතස‍්මිං භඞ‍්ගානුපස‍්සනානුසාරෙන “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා”ති දිට‍්ඨෙ සඞ‍්ඛාරගතෙ නිබ‍්බින්‍දති, නො නන්‍දති. විරජ‍්ජති, නො රජ‍්ජති. සො එවං අරජ‍්ජන‍්තො ලොකිකෙනෙව තාව ඤාණෙන රාගං නිරොධෙති, නො සමුදෙති. සමුදයං න කරොතීති අත්‍ථො.

යම් හෙයකින් වනාහි යමක් අනිත්‍යද, දුඃඛද, අනාත්මද වෙතොත් එය තොස් විය යුතු දෙයක් නොවේ; යමක් තොස් විය යුතු දෙයක් නොවෙතොත් එය ඇලුම් කළ යුතු දෙයක් නොවේ. එහෙයින් (මේ සංස්කාරයන්) භංගය අනුව බැලීම් වශයෙන් අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි දුටු කල්හි එම සංස්කාරයන් කෙරෙහි කලකිරෙයි, තොස් නොවෙයි, නො-ඇලෙයි, ඇලුම් නොකරයි, හේ තෙමේ මෙසේ නො-ඇලෙනුයේ, පළමුකොට ලෞකික වූ ඥානයෙන්ම රාගය වලක්වයි, නො-උපදවයි, සමුදය (ඉපදවීම) නොකරයි? යන අර්ත්‍ථයි.

අථ වා සො එවං විරත‍්තො යථා දිට‍්ඨං සඞ‍්ඛාරගතං, තථා අදිට‍්ඨම‍්පි අන්‍වයඤාණවසෙන නිරොධෙති , නො සමුදෙති. නිරොධතොව මනසිකරොති. නිරොධමෙවස‍්ස පස‍්සති, නො සමුදයන‍්ති අත්‍ථො.

නොහොත්, යමෙක් තෙමේ මෙසේ රාගරහිත වූයේ දක්නාලද සංස්කාරයන් යම් සේද, එසේම නොදක්නා ලද සංස්කාරයද අන්‍වයඥාන වශයෙන් වලක්වයි, නො-උපදවයි, නිරෝධ වශයෙන්ම මෙනෙහි කරයි, නිරෝධයම මිස සමුදයය නොබලයි යන අර්ත්‍ථයි.

සො එවං පටිපන‍්නො පටිනිස‍්සජ‍්ජති, නො ආදියති. කිං වුත‍්තං හොති? අයම‍්පි අනිච‍්චාදිඅනුපස‍්සනා තදඞ‍්ගවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසානං පරිච‍්චජනතො, සඞ‍්ඛතදොසදස‍්සනෙන ච තබ‍්බිපරීතෙ නිබ‍්බානෙ තන‍්නින‍්නතාය පක‍්ඛන්‍දනතො පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො චාති වුච‍්චති. තස‍්මා තාය සමන‍්නාගතො භික‍්ඛු යථාවුත‍්තෙන නයෙන කිලෙසෙ පරිච‍්චජති, නිබ‍්බානෙ ච පක‍්ඛන්‍දති. නාපි නිබ‍්බත‍්තනවසෙන කිලෙසෙ ආදියති, න අදොසදස‍්සිතාවසෙන සඞ‍්ඛතාරම‍්මණං. තෙන වුච‍්චති “පටිනිස‍්සජ‍්ජති නො ආදියතී”ති.

මෙසේ පිළිපන් හේ තෙමේ ‘බැහැර කරයි, ආදානය (ඇදගැනීම) නොකරයි. කුමක් කියන ලද්දේද යත්, මේ අනිත්‍යාදී අනුපස්සනාව ස්කන්‍ධඅභිසංස්කාරයන් හා සමග ක්ලේශයන් තදඞ්ග වශයෙන් පහ කරන හෙයින් ‘පරිච්චා පටිනිස්සග්ග’ යයිද, සංස්කාර දෝෂයන් දක්නා හෙයින් හා (එම ස්කන්‍ධාදියට) විපරීත වූ නිර්වාණය වෙතට නැඹුරු වූ හෙයින් ‘පක්ඛන්‍ධන පටිනිස්සග්ග’ යයි ද කියනු ලැබේ. එහෙයින් එම අනුපස්සනාවෙන් සමන්විත භික්‍ෂු තෙමේ, මෙකී නයින් ක්ලේශයන්ද පහකරයි, නිවණ කරාද නැඹුරු වෙයි, ඉපැදීම් වශයෙන් ක්ලේශයන් නොඇදගනියි, දොස් නොදැකීම් වශයෙන් සංස්කාර-ආලම්බනයන් නොගනියි. එහෙයින් ‘පටිනිස්සජති’ (බැහැර කරයි) ‘නො ආදියති’ (වෙතට නො-ඇදගනියි) යයි කියනු ලැබේ.

ඉදානිස‍්ස තෙහි ඤාණෙහි යෙසං ධම‍්මානං පහානං හොති, තං දස‍්සෙතුං “අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහතී”තිආදි වුත‍්තං. තත්‍ථ නන්‍දින‍්ති සප‍්පීතිකං තණ‍්හං. සෙසං වුත‍්තනයමෙව.

ඉක්බිති, ඒ යෝගාවචරයාගේ එම (අනිත්‍යානුපස්සනා ආදී) ඥානයන් මගින් ප්‍රහීණ වන ක්ලේශ ධර්මයන් දක්වනු පිණිස, “අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති (අනිත්‍ය වශයෙන් බලනුයේ නිත්‍ය සංඥාව බැහැර කරයි) යන ආදිය කියන ලදි. එහි ‘නන්‍දි’ යනු, සප්‍රීතික (ප්‍රීති සහිත) තෘෂ්ණාවයි. සෙස්ස යට කී නයම වේ.

ගාථාසු පන වත්‍ථුසඞ‍්කමනාති රූපස‍්ස භඞ‍්ගං දිස‍්වා පුන යෙන චිත‍්තෙන භඞ‍්ගො දිට‍්ඨො, තස‍්සාපි භඞ‍්ගදස‍්සනවසෙන පුරිමවත්‍ථුතො අඤ‍්ඤවත්‍ථුසඞ‍්කමනා. පඤ‍්ඤාය ච විවට‍්ටනාති උදයං පහාය වයෙ සන‍්තිට‍්ඨනා. ආවජ‍්ජනාබලඤ‍්චෙවාති රූපස‍්ස භඞ‍්ගං දිස‍්වා පුන භඞ‍්ගාරම‍්මණස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගදස‍්සනත්‍ථං අනන‍්තරමෙව ආවජ‍්ජනසමත්‍ථතා. පටිසඞ‍්ඛාවිපස‍්සනාති එසා ආරම‍්මණපටිසඞ‍්ඛාභඞ‍්ගානුපස‍්සනා නාම.

(යට සඳහන් ‘වත්‍ථුසඞ්කමනා’ ආදී) ගාථාවල ‘වනාහි වත්‍ථුසඞ්කමනා’ යනු, රූපයෙහි බිඳී යාම දැක, නැවත, යම් සිතෙකින් එම බිඳී යාම දක්නා ලද්දේද, එම සිතෙහිද භංගදර්ශන වශයෙන් පූර්ව වස්තුව කෙරෙන් අපර වස්තුව වෙතට සංක්‍රමණයයි. ‘පඤ්ඤාය ච විවට්ටනා’ යනු, උදයය (උපත) හැර ව්‍යය විෂයයෙහිම විදර්ශනා ප්‍රඥාව මනාව පිහිටීමයි. ‘ආවජ්ජනා බලඤ්චෙව’ යනු, රූපයෙහි බිඳීයාම දැක, නැවත එම බිඳීයාම අරමුණු කළ සිතෙහිද බිඳී යාම දකිනු පිණිස අනතුරුවද ආවර්ජනය කිරීමේ සමත්බවය. ‘පටිසඞ්ඛාවිපස්සනා’ යනු, මේ අරමුණු මෙනෙහි කිරීමේ විපස්සනාව භංගානුපස්සනා නම්වේ.

ආරම‍්මණඅන්‍වයෙන උභො එකවවත්‍ථනාති පච‍්චක‍්ඛතො දිට‍්ඨස‍්ස ආරම‍්මණස‍්ස අන්‍වයෙන අනුගමනෙන යථා ඉදං, තථා අතීතෙපි සඞ‍්ඛාරගතං භිජ‍්ජිත්‍ථ, අනාගතෙපි භිජ‍්ජිස‍්සතීති එවං උභින‍්නං එකසභාවෙනෙව වවත්‍ථාපනන‍්ති අත්‍ථො.

“ආරම්මණාන්‍වයෙන උභො ඒකවවත්‍ථානා’ යනු, ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද අරමුණු පිළිවෙළ අනුව යාමෙන්, (වර්තමානයෙහි මෙන්ම අතීතයෙහිද සංස්කාරයෝ බිඳී ගියහ, අනාගතයෙහිද බිඳෙන්නාහයි මෙසේ (දුටුනොදුටු යන) උභය ස්කන්‍ධයන් එක සමානයයි විනිශ්චය කිරීමය’ යන අර්ත්‍ථයි.

වුත‍්තම‍්පි චෙතං පොරාණෙහි –

කියන ලද මැයි පුරාණාචාර්යයන් විසින්:-

“සංවිජ‍්ජමානම‍්හි විසුද‍්ධදස‍්සනො, තදන්‍වයං නෙති අතීතනාගතෙ; සබ‍්බෙපි සඞ‍්ඛාරගතා පලොකිනො, උස‍්සාවබින්‍දූ සූරියෙව උග‍්ගතෙ”ති.

සංවිජ්ජමානම්හි විසුද්ධදස්සනෙ තදන්‍වයං නෙති අතීතනාගතෙ සබ්බෙපි සංඛාරගතා පලොකිනො උස්සාව බින්‍දු සූරියෙව උග්ගතෙ

(ස්කන්‍ධයන් පිළිබඳ) භංග දර්ශනය පැහැදිලිව පවත්නා කල්හි, එම පිළිවෙළ අතීත අනාගත යන දෙකටද පමුණුවයි; සියලු සංස්කාර ධර්මයන් හිරු නැගි කල පිණි බිඳු සෙයින් විනාශ වන සුලු බව දකියි.

නිරොධෙ අධිමුත‍්තතාති එවං උභින‍්නං භඞ‍්ගවසෙන එකවවත්‍ථානං කත්‍වා තස‍්මිඤ‍්ඤෙව භඞ‍්ගසඞ‍්ඛාතෙ නිරොධෙ අධිමුත‍්තතා තග‍්ගරුතා තන‍්නින‍්නතා තප‍්පොණතා තප‍්පබ‍්භාරතාති අත්‍ථො. වයලක‍්ඛණවිපස‍්සනාති එසා වයලක‍්ඛණවිපස‍්සනා නාමාති වුත‍්තං හොති.

‘නිරොධෙ අධිමුත්තතා’ යනු, මෙසේ (දුටු-නොදුටු) උභය සංස්කාරයන් භංග වශයෙන් එක සමාන වෙති’යි ව්‍යවස්ථාන කොට, එම භංගසංඛ්‍යාත නිරුද්ධ වීම වෙතට හුරු වූ බවය, බර වූ බවය, නැමුණු බවය, යොමු වූ බවය, නැඹුරු වූ බවය යන අර්ත්‍ථයි. ‘වයලක්‍ඛණ විපස්සනා’ යනු, මෙය ‘වයලක්ඛණ විපස්සනා’ නම් වෙති’යි කී නියායි.

ආරම‍්මණඤ‍්ච පටිසඞ‍්ඛාති පුරිමඤ‍්ච රූපාදිආරම‍්මණං ජානිත්‍වා. භඞ‍්ගඤ‍්ච අනුපස‍්සතීති තස‍්සාරම‍්මණස‍්ස භඞ‍්ගං දිස‍්වා තදාරම‍්මණස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගං අනුපස‍්සති. සුඤ‍්ඤතො ච උපට‍්ඨානන‍්ති තස‍්සෙවං භඞ‍්ගං අනුපස‍්සතො “සඞ‍්ඛාරාව භිජ‍්ජන‍්ති, තෙසං භෙදො මරණං, න අඤ‍්ඤො කොචි අත්‍ථී”ති සුඤ‍්ඤතො උපට‍්ඨානං ඉජ‍්ඣති.

‘ආරම්මණඤ්ච පටිසංඛා’ යනු රූපාදී වූ පෙර අරමුණු දැන, ‘භඞ්ගඤ්ච අනුපස්සති’ යනු, එම අරමුණු බිඳී යාමද දැක, එය අරමුණු කළ සිතෙහිද බිඳීයාම දකියි. ‘සුඤ්ඤතො ච උපට්ඨානං’ යනු, මෙසේ භංගය අනුව බලන ඒ යෝගාවචරයාහට, “සංස්කාරයෝම බිඳීයති, මරණය නම් ඒ සංස්කාරයන්ගේ බිඳී යාමයි. එය හැර (ආත්ම ආදී වූ) අන් කිසිවක් නැතැ’යි ශුන්‍ය වශයෙන් වැටහීම සිදුවේ.

තෙනාහු පොරාණා –

එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“ඛන්‍ධා නිරුජ‍්ඣන‍්ති න චත්‍ථි අඤ‍්ඤො, ඛන්‍ධාන භෙදො මරණන‍්ති වුච‍්චති; තෙසං ඛයං පස‍්සති අප‍්පමත‍්තො, මණිංව විජ‍්ඣං වජිරෙන යොනිසො”ති.

ඛන්‍ධා නිරුජ්ඣන්ති න චත්‍ථි අඤ්ඤො ඛන්‍ධාන භෙදො මරණන්ති වුච්චති තෙසං ඛයං පස්සති අප්පමත්තො ඛණිං ව විජ්ඣං වජිරෙන යොනිසො’ති.

හුදෙක් ස්කන්‍ධයෝ නිරුද්ධ වෙති, එය හැර අන් කිසිත් නැත, ස්කන්‍ධයන්ගේ බිඳී යාම මරණයයි කියනු ලැබේ; අප්‍රමාද වූයේ වීදුරු කටුවෙකින් මැණිකක් විදින්නා සේ එම ස්කන්‍ධයන්ගේ ක්‍ෂය වීම නුවණින් දකියි.

අධිපඤ‍්ඤාවිපස‍්සනාති යා ච ආරම‍්මණපටිසඞ‍්ඛා යා ච භඞ‍්ගානුපස‍්සනා යඤ‍්ච සුඤ‍්ඤතො උපට‍්ඨානං, අයං අධිපඤ‍්ඤාවිපස‍්සනා නාමාති වුත‍්තං හොති.

‘අධිපඤ්ඤා විපස්සනා’ යනු, මෙකී ආරම්මණ පටිසංඛා, භංගානු පස්සනා, සුඤ්ඤතො උපට්ඨාන යන තුන ‘අධිපඤ්ඤාවිපස්සනා’ නම් වෙති’යි කී නියායි.

කුසලො තීසු අනුපස‍්සනාසූති අනිච‍්චානුපස‍්සනාදීසු තීසු ඡෙකො භික‍්ඛු. චතස‍්සො ච විපස‍්සනාසූති නිබ‍්බිදාදීසු ච චතූසු විපස‍්සනාසු. තයො උපට‍්ඨානෙ කුසලතාති ඛයතො වයතො සුඤ‍්ඤතොති ඉමස‍්මිඤ‍්ච තිවිධෙ උපට‍්ඨානෙ කුසලතාය. නානාදිට‍්ඨීසු න කම‍්පතීති සස‍්සතදිට‍්ඨිආදීසු නානප‍්පකාරාසු දිට‍්ඨීසු න වෙධති.

‘කුසලො තීසු අනුපස්සනාසු’ යනු, අනිත්‍යය අනුව බැලීම් ආදී ත්‍රිවිධ අනුපස්සනාවෙහි දක්‍ෂ භික්‍ෂු තෙමේ; ‘චතස්සො ච විපස්සනාසු’ යනු, නිබ්බිදා (කලකිරීම) ආදී චතුර්විධ විදර්ශනා විෂයයෙහි, “තයෙ උපට්ඨනෙ කුසතා’ යනු, ක්‍ෂය වශයෙන්ද, ව්‍යය වශයෙන්ද, ශූන්‍ය වශයෙන්දැ’යි යන මේ ත්‍රිවිධ උපට්ඨාන (වැටහීම්) විෂයයෙහි කුශල බැවිනි. ‘නානාදිට්ඨිසු න කම්පති’ යනු, ශාස්වතාදී අනේකප්‍රකාර දෘෂ්ටීන් විෂයයෙහි නොසැලේ;

සො එවං අවෙධමානො “අනිරුද‍්ධමෙව නිරුජ‍්ඣති, අභින‍්නමෙව භිජ‍්ජතී”ති පවත‍්තමනසිකාරො දුබ‍්බලභාජනස‍්ස විය භිජ‍්ජමානස‍්ස, සුඛුමරජස‍්සෙව විප‍්පකිරියමානස‍්ස, තිලානං විය භජ‍්ජියමානානං සබ‍්බසඞ‍්ඛාරානං උප‍්පාදට‍්ඨිතිපවත‍්තනිමිත‍්තං විස‍්සජ‍්ජෙත්‍වා භෙදමෙව පස‍්සති. සො යථා නාම චක‍්ඛුමා පුරිසො පොක‍්ඛරණීතීරෙ වා නදීතීරෙ වා ඨිතො ථූලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ උදකපිට‍්ඨෙ මහන‍්තමහන‍්තානි උදකබුබ‍්බුළකානි උප‍්පජ‍්ජිත්‍වා උප‍්පජ‍්ජිත්‍වා සීඝං සීඝං භිජ‍්ජමානානි පස‍්සෙය්‍ය, එවමෙව සබ‍්බෙ සඞ‍්ඛාරා භිජ‍්ජන‍්ති භිජ‍්ජන‍්තීති පස‍්සති. එවරූපං හි යොගාවචරං සන්‍ධාය වුත‍්තං භගවතා –

මෙසේ නොසැලෙනුයේ, නිරුද්ධ නොවූවක්ම නිරුද්ධ වෙති’යි, නොබිඳුණක්ම බිඳී යති’යි යනුවෙන් පැවැති මනස්කාර ඇත්තේ, දුබල බඳුනක් බිඳෙන විට මෙන්ද, සියුම් දූවිල්ලක් විසිරෙන විට මෙන්ද, තල බදිනු ලබන විට මෙන්ද, සියලු සංස්කාරයන්ගේ උත්පාද ස්ථිති-ප්‍රවෘත්ති (පැවැත්ම) පිළිබඳ නිමිති දුරහැර භේදය (බිඳීයාම) ම බලයි. හේ තෙමේ, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් පොකුණු තෙරෙක හෝ ගං තෙරෙක සිටියේ මහත් පොද ඇති වැස්සක් වසින විට දිය මතුපිට මහත් මහත් බුබුලු සෑදෙමින් වහ වහා බිඳී යනු දකීද, එසේම සියලු සංස්කාරයන් බිඳී බිඳීයෙති’යි දකියි. මෙවන් යෝගාවචරයා සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදි:-

“යථා බුබ‍්බුළකං පස‍්සෙ, යථා පස‍්සෙ මරීචිකං; එවං ලොකං අවෙක‍්ඛන‍්තං, මච‍්චුරාජා න පස‍්සතී”ති. (ධ· ප· 170);

යථා බුබ්බුලකං පස්සෙ යථා පස්සෙ මරීචිකං, එවං ලොකං අවෙක්‍ඛන්තං මච්චුරාජා න පස්සති

දිය බුබුලක් දක්නා සෙයින්, මිරිඟුවක් දක්වා සෙයින් යමෙක් ලෝකය දකීද, එවන් තැනැත්තා මාර තෙමේ නොදකී.

තස‍්සෙවං “සබ‍්බෙ සඞ‍්ඛාරා භිජ‍්ජන‍්ති භිජ‍්ජන‍්තී”ති අභිණ‍්හං පස‍්සතො අට‍්ඨානිසංසපරිවාරං භඞ‍්ගානුපස‍්සනාඤාණං බලප‍්පත‍්තං හොති. තත්‍රිමෙ අට‍්ඨානිසංසා – භවදිට‍්ඨිප‍්පහානං, ජීවිතනිකන‍්තිපරිච‍්චාගො, සදායුත‍්තපයුත‍්තතා, විසුද‍්ධාජීවිතා, උස‍්සුක‍්කප‍්පහානං, විගතභයතා, ඛන‍්තිසොරච‍්චපටිලාභො, අරතිරතිසහනතාති.

මෙසේ “සියලු සංස්කාරයෝ බිඳී බිඳී යති’’ යනුවෙන් නිරතුරු දක්නා ඒ යෝගාවචරයාගේ ආනිසංස අටක් පිරිවර කොට ඇති භංගානුපස්සනා-ඤාණය බලවත් වෙයි. එහි ආනිසංස අට නම්:- භව (ශාස්වත) දෘෂ්ටිය ප්‍රහීණ වීම, ජීවිතාශාව පහවීම, සැම කල්හි (භාවනා සඳහා) සැදී පැහැදී සිටින බව, පිරිසුදු ආජීව ඇති බව, (ලෞකික) උත්සුකතාවන් පහ වූ බව, දුරුවූ භය ඇති බව, ඉවසීම හා මුදුගුණය ලද බව උකටලී බවින් හා කාමයෙහි ඇලීමෙන් තොර වූ බවය යන මේ’ය.

තෙනාහු පොරාණා –

එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“ඉමානි අට‍්ඨග‍්ගුණමුත‍්තමානි, දිස‍්වා තහිං සම‍්මසතෙ පුනප‍්පුනං; ආදිත‍්තචෙලස‍්සිරසූපමො මුනි, භඞ‍්ගානුපස‍්සී අමතස‍්ස පත‍්තියා”ති.

ඉමානි අට්ඨග්ගුණමුත්තමානි දිස්වා තහිං සම්මසතී පුනප්පුනං, ආදිත්ත චෙල සසිරසූපමො මූනි භඞ්ගානුපස්සී අමතස්ස පත්තියා

උතුම් ගුණ අට දැක, භංගය අනුව බලනසුලු යෝගාවචර තෙමේ, අමෘත නිර්වාණයට පැමිණීම පිණිස (ඇඳි වතෙහි) නරුපට ගිනි ගත් අයකු සෙයින් නැවත නැවතත් (සංස්කාර භංගය) සම්මර්ශනය කරයි.

භඞ‍්ගානුපස‍්සනාඤාණං නිට‍්ඨිතං.

භඞ්ගානුපස්සනා ඤාණය නිමි