යෙදුමෙන් කියවන්න

භයතුපට‍්ඨානඤාණකථා

භයතුපට‍්ඨානඤාණකථා

භයතුපට්ඨාන ඤාණය

තස‍්සෙවං සබ‍්බසඞ‍්ඛාරානං ඛයවයභෙදනිරොධාරම‍්මණං භඞ‍්ගානුපස‍්සනං ආසෙවන‍්තස‍්ස භාවෙන‍්තස‍්ස බහුලීකරොන‍්තස‍්ස සබ‍්බභවයොනිගතිඨිතිසත‍්තාවාසෙසු පභෙදකා සඞ‍්ඛාරා සුඛෙන ජීවිතුකාමස‍්ස භීරුකපුරිසස‍්ස සීහබ්‍යග‍්ඝදීපිඅච‍්ඡතරච‍්ඡයක‍්ඛරක‍්ඛසචණ‍්ඩගොණචණ‍්ඩකුක‍්කුරපභින‍්නමදචණ‍්ඩහත්‍ථිඝොරආසීවිසඅසනිවිචක‍්කසුසානරණභූමිජලිතඅඞ‍්ගාරකාසුආදයො විය මහාභයං හුත්‍වා උපට‍්ඨහන‍්ති. තස‍්ස “අතීතා සඞ‍්ඛාරා නිරුද‍්ධා, පච‍්චුප‍්පන‍්නා නිරුජ‍්ඣන‍්ති, අනාගතෙ නිබ‍්බත‍්තනකසඞ‍්ඛාරාපි එවමෙව නිරුජ‍්ඣිස‍්සන‍්තී”ති පස‍්සතො එතස‍්මිං ඨානෙ භයතුපට‍්ඨානඤාණං නාම උප‍්පජ‍්ජති.

මේ ආකාරයෙන් සියලු සංස්කාරයන්ගේ ක්‍ෂය ව්‍යයභේද සහිත නිරෝධය අරමුණු කොට ඇති භඞ්ගානුපස්සනාව පුරුදු කරන, වඩන, ප්‍රගුණ කරන ඒ යෝගාවචරයාහට සියලු භව-යෝනි-ගති-ස්ථිති-සත්‍වාවාසයන්හි බිඳෙමින් පවත්නා සංස්කාරයෝ, සුවසේ ජීවත්වනු කැමැති බියසුලු පුරුෂයකුහට සිංහ-ව්‍යාඝ්‍ර-දිවි-වලස්-තරස්-යක්-රකුස්-කුළුහරක්-සැඬ-බලු-මද කිපුණු ඇත්-ගොරසප් - සෙන මඬුලු - සුසාන භූමි - රණ භූමි - දිලෙන අඟුරු වළ ආදියෙහිදී මෙන් මහත් බිය උපදවන්නන් ලෙසින් වැටහෙති. “අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ, වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති, අනාගතයෙහි උපදනා සංස්කාරයෝද මෙසේම නිරුද්ධ වන්නාහ’යි දක්නා ඔහුට, මේ අවස්ථාවෙහිදී භයතුපට්ඨාන නම් ඤාණය උපදියි.

තත්‍රායං උපමා – එකිස‍්සා කිර ඉත්‍ථියා තයො පුත‍්තා රාජපරාධිකා, තෙසං රාජා සීසච‍්ඡෙදං ආණාපෙසි. සා පුත‍්තෙහි සද‍්ධිං ආඝාතනං අගමාසි. අථස‍්සා ජෙට‍්ඨපුත‍්තස‍්ස සීසං ඡින්‍දිත්‍වා මජ‍්ඣිමස‍්ස ඡින්‍දිතුං ආරභිංසු. සා ජෙට‍්ඨස‍්ස සීසං ඡින‍්නං මජ‍්ඣිමස‍්ස ච ඡිජ‍්ජමානං දිස‍්වා කනිට‍්ඨම‍්හි ආලයං විස‍්සජ‍්ජි “අයම‍්පි එතෙසඤ‍්ඤෙව සදිසො භවිස‍්සතී”ති. තත්‍ථ තස‍්සා ඉත්‍ථියා ජෙට‍්ඨපුත‍්තස‍්ස ඡින‍්නසීසදස‍්සනං විය යොගිනො අතීතසඞ‍්ඛාරානං නිරොධදස‍්සනං, මජ‍්ඣිමස‍්ස ඡිජ‍්ජමානසීසදස‍්සනං විය පච‍්චුප‍්පන‍්නානං නිරොධදස‍්සනං, “අයම‍්පි එතෙසඤ‍්ඤෙව සදිසො භවිස‍්සතී”ති කනිට‍්ඨපුත‍්තම‍්හි ආලයවිස‍්සජ‍්ජනං විය “අනාගතෙපි නිබ‍්බත‍්තනකසඞ‍්ඛාරා භිජ‍්ජිස‍්සන‍්තී”ති අනාගතානං නිරොධදස‍්සනං. තස‍්සෙවං පස‍්සතො එතස‍්මිං ඨානෙ උප‍්පජ‍්ජති භයතුපට‍්ඨානඤාණං.

මේ එයට උපමා කථායි:- එක්තරා ස්ත්‍රියකගේ පුත්හු තිදෙනාම රාජාපරාධකාරයෝ වූහ; රජ තෙමේ ඔවුන්ගේ හිස ගසා දැමීමට අණ කළේය; ඕ තොමෝ පුතුන් සමග වධකස්ථානයටද ගියාය. ඉක්බිති (වධකයෝ) ඇයගේ දෙටු පුතාගේ හිස ගසා දමා මද්දුමයාගේ හිස සිඳීම ඇරඹූහ; ඕ තොමෝ වැඩිමහල් පුතාගේ හිස සිඳලූ බවද, මද්දුමයාගේ හිස සිඳිනු ලබන බවද දැක කණිටු පුතුහටද මෙසේම වෙති’යි ඔහු කෙරෙහි ආලය හැරලූය. එහි ඒ ස්ත්‍රියගේ දෙටු පුතු හිස සිඳලූබව දැකීම යෝගාවචරයා විසින් අතීත සංස්කාරයන් නිරුද්ධ වූ බව දැකීම බඳුය; මද්දුමයාගේ හිස සිඳිනු දැකීම වර්තමාන සංස්කාරයන් නිරුද්ධ වනු දැකීම බඳුය; මොහුද පළමු දෙදෙනා මෙන්ම වෙති’යි කණිටු පුතු කෙරෙහි ආලය හැරලීම, අනාගතයෙහි උපදනා සංස්කාරයන්ද බිදී යති’යි එම (ආනාගත) සංස්කාරයන්ගේද නිරෝධ දර්ශනය බඳුය. මෙසේ ඔහුට මේ අවස්ථාවෙහිදී භයතුපට්ඨාන ඤාණය උපදියි.

අපරාපි උපමා – එකා කිර පූතිපජා ඉත්‍ථී දස දාරකෙ විජායි. තෙසු නව මතා, එකො හත්‍ථගතො මරති, අපරො කුච‍්ඡියං. සා නව දාරකෙ මතෙ දසමඤ‍්ච මීයමානං දිස‍්වා කුච‍්ඡිගතෙ ආලයං විස‍්සජ‍්ජි “අයම‍්පි එතෙසඤ‍්ඤෙව සදිසො භවිස‍්සතී”ති. තත්‍ථ තස‍්සා ඉත්‍ථියා නවන‍්නං දාරකානං මරණානුස‍්සරණං විය යොගිනො අතීතසඞ‍්ඛාරානං නිරොධදස‍්සනං, හත්‍ථගතස‍්ස මීයමානභාවදස‍්සනං විය යොගිනො පච‍්චුප‍්පන‍්නානං නිරොධදස‍්සනං, කුච‍්ඡිගතෙ ආලයවිස‍්සජ‍්ජනං විය අනාගතානං නිරොධදස‍්සනං. තස‍්සෙවං පස‍්සතො එතස‍්මිං ඛණෙ උප‍්පජ‍්ජති භයතුපට‍්ඨානඤාණං.

තවද උපමාවෙකි:- එක්තරා මියන දරුවන් ඇති ස්ත්‍රියක් දරුවන් දස දෙනකු වැදූය. ඔවුන්ගෙන් නව දෙනෙක් මිය ගියහ; එක් දරුවෙක් අතෙහි මැරෙමින් සිටියි, කුසහොත් තවද දරුවෙකි. ඕ තොමෝ දරුවන් නව දෙනකු මිය ගිය බවද, අත හොත් දසවැන්නා ද මියෙමින් සිටින බවද, දැක කුස හොත්තහු කෙරෙහි වූ ආලය “මොහුටද මෙසේ වෙති”යි සලකා අත් හළාය. එහි, එම ස්ත්‍රිය දරුවන් නව දෙනකුගේ මරණය සිහි කිරීම එම රෝගියා විසින් අතීත සංස්කාරයන්ගේ නිරෝධය දැකීම බඳුය; අත හොත් දරුවා මියෙමින් සිටිනු දැකීම, යෝගියා විසින් වර්තමාන සංස්කාරයන් දැකීම බඳුය, කුසහොත්තහු කෙරෙහි ආලය හැරිම අනාගත සංස්කාරයන් නිරුද්ධ වනු දැකීම බඳුය. මෙසේ දක්වා එම යෝගියාහට මේ අවස්ථාවෙහිදී භයතු පට්ඨාන ඤාණය උපදියි.

භයතුපට‍්ඨානඤාණං පන භායති න භායතීති? න භායති. තඤ‍්හි අතීතා සඞ‍්ඛාරා නිරුද‍්ධා, පච‍්චුප‍්පන‍්නා නිරුජ‍්ඣන‍්ති, අනාගතා නිරුජ‍්ඣිස‍්සන‍්තීති තීරණමත‍්තමෙව හොති. තස‍්මා යථා නාම චක‍්ඛුමා පුරිසො නගරද‍්වාරෙ තිස‍්සො අඞ‍්ගාරකාසුයො ඔලොකයමානො සයං න භායති, කෙවලං හිස‍්ස “යෙ යෙ එත්‍ථ නිපතිස‍්සන‍්ති, සබ‍්බෙ අනප‍්පකං දුක‍්ඛමනුභවිස‍්සන‍්තී”ති තීරණමත‍්තමෙව හොති. යථා වා පන චක‍්ඛුමා පුරිසො ඛදිරසූලං අයොසූලං සුවණ‍්ණසූලන‍්ති පටිපාටියා ඨපිතං සූලත‍්තයං ඔලොකයමානො සයං න භායති, කෙවලං හිස‍්ස “යෙ යෙ ඉමෙසු සූලෙසු නිපතිස‍්සන‍්ති, සබ‍්බෙ අනප‍්පකං දුක‍්ඛමනුභවිස‍්සන‍්තී”ති තීරණමත‍්තමෙව හොති, එවමෙව භයතුපට‍්ඨානඤාණං සයං න භායති, කෙවලං හිස‍්ස අඞ‍්ගාරකාසුත‍්තයසදිසෙසු, සූලත‍්තයසදිසෙසු ච තීසු භවෙසු “අතීතා සඞ‍්ඛාරා නිරුද‍්ධා, පච‍්චුප‍්පන‍්නා නිරුජ‍්ඣන‍්ති, අනාගතා නිරුජ‍්ඣිස‍්සන‍්තී”ති තීරණමත‍්තමෙව හොති. යස‍්මා පනස‍්ස කෙවලං සබ‍්බභවයොනිගතිඨිතිනිවාසගතා සඞ‍්ඛාරා බ්‍යසනාපන‍්නා සප‍්පටිභයා හුත්‍වා භයතො උපට‍්ඨහන‍්ති, තස‍්මා භයතුපට‍්ඨානන‍්ති වුච‍්චති.

භයතුපට්ඨාන ඤාණය බිය දනවාද? නොදනවාද? නොදනවයි එය වනාහි, ‘අතීත වූ සංස්කාරයෝ නිරුද්ධ වූහ, වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති, අනාගත සංස්කාරයෝද නිරුද්ධ වන්නාහ.’ යනුවෙන් හුදෙක් තීරණ මාත්‍රයක්ම වේ. එහෙයින්, යම්සේ වනාහි ඇස් ඇති පුරුෂයෙක් නගරද්වාරයෙහි අඟුරු වළවල් තුනක් දක්නේ, තෙමේ භය නොවේද, එහෙත්, ඔහුට “යමකු මෙහි වැටුණහොත්, ඔහු සියල්ලෝම අපමණ දුක් අනුභව කරන්නාහ” යන තීරණ මාත්‍රයක්ම වේද, නැතහොත්, යම්සේ වනාහි, ඇස් ඇති පුරුෂයෙක් කිහිරිහුලක්ද, යහුලක්ද, රන්හුලක්දැ’යි එක පෙළට තබන ලද හුල් තුනක් දක්නේ, තෙමේ භය නොවේද, එහෙත් ඔහුට, “යම් කෙනකු මේ හුල් මත වැටුණහොත්, ඔහු සියල්ලෝම නොමඳ වූ දුක් අනුභව කරන්නාහ” යනුවෙන් හුදු තීරණ මාත්‍රයක්ම වේද, එසේම භයතුපට්ඨාන ඤාණය බිය නොදනවයි. ඔහුට, අඟුරු වළවල් තුන බඳු වූද, හුල් තුන බඳු වූද භවත්‍රයයෙහි වූ “අතීත සංස්කාරයෝ නිරුද්ධ වූහ, වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙති, අනාගත සංස්කාරයෝද නිරුද්ධ වන්නාහ’’ යනුවෙන් හුදු තීරණ මාත්‍රයක්ම වේ. යම්හෙයකින් වනාහි ඒ යෝගාවචරයාහට සියලු භව-යෝනි-ගති-ස්ථිති-නිවාසයනට පත්වූ සංස්කාරයෝ ව්‍යසනයට පත්වූවන්, භයසහිත වූවන් ලෙසින් භය වශයෙන් වැටහෙති. එහෙයින් ‘භයතුපට්ඨාන’ යයි වහරනු ලැබේ.

එවං භයතො උපට‍්ඨානෙ පනස‍්ස අයං පාළි –

මේ ආකාරයෙන් ඔහුට භය වශයෙන් වැටහීම දැක්වෙන පෙළ මෙසේයි:-

“අනිච‍්චතො මනසිකරොතො කිං භයතො උපට‍්ඨාති? දුක‍්ඛතො. අනත‍්තතො මනසිකරොතො කිං භයතො උපට‍්ඨාතීති? අනිච‍්චතො මනසිකරොතො නිමිත‍්තං භයතො උපට‍්ඨාති. දුක‍්ඛතො මනසිකරොතො පවත‍්තං භයතො උපට‍්ඨාති. අනත‍්තතො මනසිකරොතො නිමිත‍්තඤ‍්ච පවත‍්තඤ‍්ච භයතො උපට‍්ඨාතී”ති (පටි· ම· 1.227).

‘‘අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට කුමක් භය වශයෙන් වැටහේද? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට නිමිත්ත භය වශයෙන් වැටහෙයි; දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නහුට පැවැත්ම භය වශයෙන් වැටහෙයි; අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නහුට නිමිත්ත හා පැවැත්ම යන දෙකම භය වශයෙන් වැටහෙයි.

තත්‍ථ නිමිත‍්තන‍්ති සඞ‍්ඛාරනිමිත‍්තං. අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං සඞ‍්ඛාරානමෙවෙතං අධිවචනං. අනිච‍්චතො මනසිකරොන‍්තො හි සඞ‍්ඛාරානං මරණමෙව පස‍්සති, තෙනස‍්ස නිමිත‍්තං භයතො උපට‍්ඨාති. පවත‍්තන‍්ති රූපාරූපභවපවත‍්ති. දුක‍්ඛතො මනසිකරොන‍්තො හි සුඛසම‍්මතායපි පවත‍්තියා අභිණ‍්හපටිපීළනභාවමෙව පස‍්සති, තෙනස‍්ස පවත‍්තං භයතො උපට‍්ඨාති. අනත‍්තතො මනසිකරොන‍්තො පන උභයම‍්පෙතං සුඤ‍්ඤගාමං විය මරීචිගන්‍ධබ‍්බනගරාදීනි විය ච රිත‍්තං තුච‍්ඡං සුඤ‍්ඤං අස‍්සාමිකං අපරිණායකං පස‍්සති. තෙනස‍්ස නිමිත‍්තඤ‍්ච පවත‍්තඤ‍්ච උභයං භයතො උපට‍්ඨාතීති.

එහි ‘නිමිත්ත’ යනු, සංඛාර නිමිත්තයි. අතීත අනාගත-ප්‍රත්‍යුත්පන්න සංස්කාරයනට මේ (නිමිත්ත යනු) අධිවචන (පර්යාය) වේ. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනුයේ වනාහි සංස්කාරයන්ගේ මරණයම දකී; එහෙයින් ඔහුට නිමිත්ත භය වශයෙන් වැටහේ; ‘පවත්ත’ (පැවැත්ම) යනු රූප-අරූප භවයන්ගේ පැවැත්මයි, දුඃඛ වශයෙන් මෙනෙහි කරනුයේ වනාහි, සුඛ (සැප යයි) සම්මත පැවැත්මෙහි පවා නිරන්තර ප්‍රතිපීඩනභාවය (නිරතුරු පෙළීම ඇති කරන ස්වභාවය) ම දකියි; එහෙයින් ඔහුට පැවැත්ම භය වශයෙන් වැටහේ; අනාත්ම වශයෙන් මෙනෙහි කරනුයේ වනාහි මේ (නිමිත්ත-පවත්ත යන) දෙකම, පාලු ගමක් සෙයින්ද, මිරිඟු, ගන්‍ධබ්බනගර ආදිය මෙන්ද, හිස්ව, මුඩුව, ශූන්‍යව, අස්වාමිකව, අපරිණායකව (කළමනාකරුවකු නැතිව) මෙන් පෙනේ, මෙසේ ඔහුට නිමිත්තද, පැවැත්මද යන දෙකම භය වශයෙන් වැටහේ” යනුයි.

භයතුපට‍්ඨානඤාණං නිට‍්ඨිතං.

භයතුපට්ඨාන ඤාණය නිමි.