ආදීනවානුපස්සනාඤාණකථා
ආදීනවානුපස්සනාඤාණකථා
ආදීනවානුපස්සනා ඤාණය
තස්ස තං භයතුපට්ඨානඤාණං ආසෙවන්තස්ස භාවෙන්තස්ස බහුලීකරොන්තස්ස සබ්බභවයොනිගතිඨිතිසත්තාවාසෙසු නෙව තාණං, න ලෙණං, න ගති, නප්පටිසරණං පඤ්ඤායති. සබ්බභවයොනිගතිඨිතිනිවාසගතෙසු සඞ්ඛාරෙසු එකසඞ්ඛාරෙපි පත්ථනා වා පරාමාසො වා න හොති. තයො භවා වීතච්චිකඞ්ගාරපුණ්ණඅඞ්ගාරකාසුයො විය, චත්තාරො මහාභූතා ඝොරවිසආසීවිසා විය, පඤ්චක්ඛන්ධා උක්ඛිත්තාසිකවධකා විය, ඡ අජ්ඣත්තිකායතනානි සුඤ්ඤගාමො විය, ඡ බාහිරායතනානි ගාමඝාතකචොරා විය, සත්ත විඤ්ඤාණට්ඨිතියො, නව ච සත්තාවාසා එකාදසහි අග්ගීහි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා විය ච, සබ්බෙ සඞ්ඛාරා ගණ්ඩභූතා රොගභූතා සල්ලභූතා අඝභූතා ආබාධභූතා විය ච නිරස්සාදා නිරසා මහාආදීනවරාසිභූතා හුත්වා උපට්ඨහන්ති.
භයතුපට්ඨාන ඤාණය සේවනය කරන, වඩන, ප්‍රගුණ කරන ඒ යෝගාවචරයාහට සියලු භව-යෝනි-ගති-ස්ථිති-සත්වාවාසයන්හි ආරක්ෂාස්ථානයක්, රැකවරණයක්, යන-එන මඟක්, පිළිසරණක් නොපෙනේ. සියලු භව-යෝනි-ගති-ස්ථිති නිවාසයනට පැමිණි සංස්කාරයන් අතුරෙන් එකදු සංස්කාරයක් කෙරෙහි පැතුමක් හෝ පරාමර්ශයක් (දෘෂ්ටි වශයෙන් ගැනීමක් නොවේ. භවත්රයය ගිනිදැල් සිඳුණ අඟුරින් පිරි අඟුරු වළවල් සෙයින්ද, සතර මහාභූත විෂඝෝර සර්පයන් සෙයින්ද, පංචස්කන්ධය කඩු ඔසවා ගත් වධකයන් සෙයින්ද, අභ්‍යන්තර ආයතනය පාලුගමක් සෙයින්ද, බාහිර ආයතන සය ගම්පහරන සොරුන් සෙයින්ද, විඤ්ඤාණට්ඨිති සතද, සත්වාවාස නවයද එකොළොස් ගින්නෙකින් ඇවිල දිලිසෙන ගිනි ඇති තැන් සෙයින්ද සියලු සංස්කාරයෝ ගඩ සෙයින්ද, ලෙඩ සෙයින්ද, හුල් සෙයින්ද, පාපරෝග සෙයින්ද, ආබාධ සෙයින්ද, ආස්වාද රහිතව, නීරසව, මහදොස් රැසක් වශයෙන් වැටහෙයි.
කථං? සුඛෙන ජීවිතුකාමස්ස භීරුකපුරිසස්ස රමණීයාකාරසණ්ඨිතම්පි සවාළකමිව වනගහනං, සසද්දූලා විය ගුහා, සගාහරක්ඛසං විය උදකං, සමුස්සිතඛග්ගා විය පච්චත්ථිකා, සවිසං විය භොජනං, සචොරො විය මග්ගො, ආදිත්තමිව අගාරං, උය්යුත්තසෙනා විය රණභූමි. යථා හි සො පුරිසො එතානි සවාළකවනගහනාදීනි ආගම්ම භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො සමන්තතො ආදීනවමෙව පස්සති, එවමෙවායං යොගාවචරො භඞ්ගානුපස්සනාවසෙන සබ්බසඞ්ඛාරෙසු භයතො උපට්ඨිතෙසු සමන්තතො නිරසං නිරස්සාදං ආදීනවමෙව පස්සති. තස්සෙවං පස්සතො ආදීනවඤාණං නාම උප්පන්නං හොති. යං සන්ධාය ඉදං වුත්තං –
කෙසේද යත්:- සුවසේ ජීවත් වනු කැමැති, බියසුලු පුරුෂයකුට, රමණීය ආකාරයෙන් දිස්වන මූත් වල්සතුන් පිරි වනගහනයක් සෙයින්ද, දිවියන් ගැවසෙන ගුහාවක් සෙයින්ද, කිඹුලන්, රකුසන් සහිත ජලාශයක් සෙයින්ද, කඩු ඔසවා ගත් සතුරන් සෙයින්ද, විස සහිත බොජුනක් සෙයින්ද, සොරුන් ගැවසෙන මගක් සෙයින්ද, ගිනිගත් ගෙයක් සෙයින්ද, යුදට සැරසුණ සේනා සහිත රණ බිමක් සෙයින්ද වැටහෙයි. යම්සේ ඒ පුරුෂයා එම වල්සතුන් ගැවසී වනගහනාදියට පැමිණ බියපත්ව, සංවේගයට පත්ව, ලොමු දැහැගෙන, සියලු අතින් ආදීනවම දකියි. එසේම මේ යෝගාවචරයාද භඞ්ගානුපස්සනා වශයෙන් සියලු සංස්කාරයන් භය වශයෙන් වැටහුණු කල්හි, හාත්පසින් නීරස, ආස්වාද රහිත, ආදීනවම දකියි. මෙසේ දක්නා ඔහුට ආදීනව ඤාණය උපන්නේ නම් වේ. එම ඥානය සඳහා කියන ලදි:-
“කථං භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං? උප්පාදො භයන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං භයන්ති… නිමිත්තං භයන්ති… ආයූහනා භයන්ති… පටිසන්ධි භයන්ති… ගති භයන්ති… නිබ්බත්ති භයන්ති… උපපත්ති භයන්ති… ජාති භයන්ති… ජරා භයන්ති… බ්යාධි භයන්ති… මරණං භයන්ති… සොකො භයන්ති… පරිදෙවො භයන්ති… උපායාසො භයන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං…පෙ… අනුපායාසො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං. උප්පාදො භයං, අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං. පවත්තං…පෙ… උපායාසො භයං, අනුපායාසො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං.
“භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වනුයේ කෙසේද? ඉපැදීම භයෙකැ’යි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඤාණය වේ; පැවැත්ම භයෙකැ’යි -පෙ- නිමිත්ත භයෙකැයි -පෙ- ආයූහනය (කර්ම රැස්කිරීම) භයෙකැ’යි -පෙ-ප්රතිසන්ධිය භයෙකැ’යි -පෙ- නිබ්බත්තිය භයෙකැ’යි -පෙ- ජාතිය භයෙකැ’යි -පෙ- ජරාව භයෙකැයි -පෙ- ව්‍යාධිය භයෙකැ’යි -පෙ- මරණය භයෙ’කැයි -පෙ- සෝකය භයෙකැයි -පෙ- වැලපීම භයෙකැ’යි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඤාණය වේ. “නො-ඉපැදීම ක්ෂේම (අභය) යැ’යි ශාන්ති පද සංඛ්‍යාත නිර්වාණ විෂයයෙහි ඥානයයි - නොපැවැත්ම -පෙ- අනුපායාසය ක්ෂේමයයි, ශාන්ති පදයෙහි ඥානයයි; පැවැත්ම -පෙ-, උපායාසය භයෙකැ’යි, අනුපායාසය ක්ෂේමයයි, ශාන්ති පද විෂයයෙහි ඥානයයි;
“උප්පාදො දුක්ඛන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං…පෙ… උපායාසො දුක්ඛන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. අනුප්පාදො සුඛන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං…පෙ… අනුපායාසො සුඛන්ති සන්තිපදෙ ඤාණං. උප්පාදො දුක්ඛං, අනුප්පාදො සුඛන්ති සන්තිපදෙ ඤාණං. පවත්තං…පෙ… උපායාසො දුක්ඛං, අනුපායාසො සුඛන්ති සන්තිපදෙ ඤාණං.
ඉපැදීම දුකෙකැ’යි යනුවෙන් භයතු පට්ඨානයෙහි ප්‍රඥාව ආදීනව විෂයයෙහි ඥානයයි; නො-ඉපැදීම සැපෙකැ’යි යනුවෙන් ශාන්තිපද විෂයයෙහි ඥානයයි; නොපැවැත්ම -පෙ- අනුපායාසය සැපෙකැ’යි යනුවෙන් ශාන්තිපද විෂයයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය දුකෙකැ’යිද අනුපායාසය සැපෙකැයිද යනුවෙන් ශාන්තිපද විෂයයෙහි ඥානයයි;
“උප්පාදො සාමිසන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං…පෙ… උපායාසො සාමිසන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. අනුප්පාදො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං…පෙ… අනුපායාසො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං. උප්පාදො සාමිසං, අනුප්පාදො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං. පවත්තං…පෙ… උපායාසො සාමිසං, අනුපායාසො නිරාමිසන්ති සන්තිපදෙ ඤාණං.
ඉපැදීම සාමිෂ (ලෞකික) යයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනව විෂයයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය සාමිෂයයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනව විෂයයෙහි ඥානයයි; නො-ඉපැදීම නිරාමිෂයයි යනු ශාන්තිපදයෙහි ඤාණයයි; නොපැවැත්ම -පෙ-, අනුපායාසය නිරාමිෂයයි යනු ශාන්තිපද විෂයයෙහි ඥානයයි; ඉපැදීම සාමිෂයයිද, නො-ඉපැදීම නිරාමිෂය’යි යනු ශාන්තිපද විෂයයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය සාමිෂය, -පෙ- අනුපායාසය නිරාමිෂය’යි යනු ශාන්ති පද විෂයයෙහි ඥානයයි.
උප්පාදො “සඞ්ඛාරාති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. පවත්තං…පෙ… උපායාසො සඞ්ඛාරාති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. අනුප්පාදො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං. අප්පවත්තං…පෙ… අනුපායාසො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං. උප්පාදො සඞ්ඛාරා, අනුප්පාදො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං. පවත්තං…පෙ… උපායාසො සඞ්ඛාරා, අනුපායාසො නිබ්බානන්ති සන්තිපදෙ ඤාණං.
ඉපැදීම සංස්කාරයයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඤාණයයි; පැවැත්ම -පෙ- උපායාසය සංස්කාරයයි යනුවෙන් භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානයයි; නො-ඉපැදීම නිර්වාණයයි යනු ශාන්තිපදයෙහි ඥානයයි. ඉපැදීම සංස්කාරයයි, නො-ඉපැදීම නිර්වාණයයි යනු ශාන්තිපදයෙහි ඥානයයි; පැවැත්ම -පෙ- උපායාසය සංස්කාරයයි අනුපායාසය නිර්වාණයයි යනු ශාන්තිපදයෙහි ඥානයයි.
“උප්පාදඤ්ච පවත්තඤ්ච, නිමිත්තං දුක්ඛන්ති පස්සති; ආයූහනං පටිසන්ධිං, ඤාණං ආදීනවෙ ඉදං.
“උප්පාදඤ්ච පවත්තඤ්ව නිමිත්තං දුක්ඛන්ති පස්සති, ආයූහනං පටිසන්ධිං ඤාණං ආදීනවෙ ඉදං.
“අනුප්පාදං අප්පවත්තං, අනිමිත්තං සුඛන්ති ච; අනායූහනා අප්පටිසන්ධි, ඤාණං සන්තිපදෙ ඉදං.
අනුප්පාදං අප්පවත්තං අනිමිත්තං සුඛන්ති ච අනායූහන පටිසන්ධි ඤාණං සන්තිපදෙ ඉදං
“ඉදං ආදීනවෙ ඤාණං, පඤ්චඨානෙසු ජායති; පඤ්චඨානෙ සන්තිපදෙ, දස ඤාණෙ පජානාති; ද්වින්නං ඤාණානං කුසලතා, නානාදිට්ඨීසු න කම්පතී”ති.
ඉදං ආදීනවෙ ඤාණං පඤ්චට්ඨානෙසු ජායති, පඤ්චට්ඨානෙ සන්තිපදෙ දස ඤාණෙ පජානාති. ද්වින්නං ඤාණානං කුසලතා නානාදිට්ඨිසු නකම්පති.”
ඉපැදීමද, පැවැත්මද, නිමිත්තද, ආයූහනයද, ප්රතිසන්ධියද දුකෙකැ’යි දකියි; මේ ආදීනවයෙහි ඥානයයි.
නො-ඉපැදීමද, නොපැවැත්මද, අනිමිත්තයද, අනායූහනය හා අප්රතිසන්ධියද සැපෙකැ’යි දකියි; මේ ශාන්තිපද නිර්වාණ විෂයයෙහි වූ ඥානයයි.
මේ ආදීනව විෂයයෙහි ඥානය (ඉපැදීම, පැවැත්ම, නිමිත්තය, ආයූහනය හා ප්රතිසන්ධියැයි යන) පස් තැනෙහි උපදියි; ශාන්තිපද විෂයයෙහි ඥානයද එසේම පස් තැනෙක්හි උපදිති’යි මේ ආකාරයෙන් මේ දශඥානය දනියි; මේ ඥානද්වයයෙහි කුශලතාව නානාවිධ දෘෂ්ටීන් විෂයයෙහි නොසැලේ.
“තං ඤාතට්ඨෙන ඤාණං. පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති “භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණ”න්ති (පටි· ම· 1.53).
දන්නා ලදැ’යි යන අර්ත්ථයෙන් එය ‘ඤාණ’ නමි; (අනිත්‍යාදී ත්රිලක්ෂණය) යථා තත්ත්වයෙන් දනී යන අර්ත්ථයෙන් ‘පඤ්ඤා’ නමි. එහෙයින් භයතුපට්ඨානයෙහි ‘පඤ්ඤා’ යයිද ආදීනයෙහි ඤාණ යයිද කියනු ලැබේ.
තත්ථ උප්පාදොති පුරිමකම්මපච්චයා ඉධ උප්පත්ති. පවත්තන්ති තථා උප්පන්නස්ස පවත්ති. නිමිත්තන්ති සබ්බම්පි සඞ්ඛාරනිමිත්තං. ආයූහනාති ආයතිං පටිසන්ධිහෙතුභූතං කම්මං. පටිසන්ධීති ආයතිං උප්පත්ති. ගතීති යාය ගතියා සා පටිසන්ධි හොති. නිබ්බත්තීති ඛන්ධානං නිබ්බත්තනං. උපපත්තීති “සමාපන්නස්ස වා උපපන්නස්ස වා”ති (ධ· ස· 1289, 1291) එවං වුත්තා විපාකප්පවත්ති. ජාතීති ජරාදීනං පච්චයභූතා භවපච්චයා ජාති. ජරාමරණාදයො පාකටා එව. එත්ථ ච උප්පාදාදයො පඤ්චෙව ආදීනවඤාණස්ස වත්ථුවසෙන වුත්තා. සෙසා තෙසං වෙවචනවසෙන. නිබ්බත්ති ජාතීති ඉදඤ්හි ද්වයං උප්පාදස්ස චෙව පටිසන්ධියා ච වෙවචනං. ගති උපපත්තීති ඉදං ද්වයං පවත්තස්ස. ජරාදයො නිමිත්තස්සාති. තෙනාහ –
එහි ‘උප්පාද’ (ඉපැදීම) යනු, පූර්ව කර්ම හේතුවෙන් මේ භවයෙහි ඉපැදීමයි; ‘පවත්ත’ (පැවැත්ම) යනු, එසේ උපන්නහුගේ පැවැත්මයි, ‘නිමිත්ත’ යනු, සියලු සංස්කාරයන් පිළිබඳ නිමිතියි; ‘ආයූහන’ යනු, මතු ප්රතිසන්ධියට හේතුවන කර්මයන් රැස්කිරීමයි; ‘පටිසන්ධි’ යනු, මතු භවයෙහි ඉපැදීමයි; ‘ගති’ යනු, (නිරය ආදී) යම් ගතියෙකින් ඒ ප්රතිසන්ධිය වේනම් එයයි; ‘නිබ්බන්ති’ යනු, ස්කන්ධයන්ගේ හටගැනීමයි, ‘උප්පත්ති’ යනු, “සමාපන්නස්ස වා උප්පන්නස්ස වා” (සමන්විත වූවහුගේ හෝ ප්රතිසන්ධියට පැමිණියහුගේ) යයි කියන ලද විපාක ප්රවෘත්තියයි. ‘ජාති’ යනු, ජරා ආදියට හේතු වූ, භව-හේතුවෙන් ඇති වූ ඉපැදීමයි. ජරාමරණ ආදිය ප්‍රකට වූ අර්ත්ථ ඇත්තේම වේ. එහි ‘උප්පාදය’ ආදී කොට ඇති පසම ආදීනව ඥානයට වස්තු වශයෙන් කියන ලදි, සෙසු (ගති, නිබ්බන්ති ආදිය) එකී පසටම පර්යාය වශයෙන් කියන ලදි. ‘නිබ්බත්ති’, ‘ජාති’ යන දෙක ‘උප්පාද’ යන්නටද ‘පටිසන්ධි’ යන්නටද පර්යාය වේ, ‘ගති’, ‘උප්පත්ති’ යන මෙ දෙක ‘පවත්ත’ (පැවැත්ම) යන්නටද, ‘ජරා’ ආදිය ‘නිමිත්ත’ යන්නටද පර්යාය වේ. එහෙයින් කීහු:-
“උප්පාදඤ්ච පවත්තඤ්ච, නිමිත්තං දුක්ඛන්ති පස්සති; ආයූහනං පටිසන්ධිං, ඤාණං ආදීනවෙ ඉද”න්ති ච. “ඉදං ආදීනවෙ ඤාණං, පඤ්චඨානෙසු ජායතී”ති ච.
උප්පාදඤ්ච පවත්තඤ්ච නිමිත්තං දුක්ඛන්ති පස්සති, ආයූහනං පටිසන්ධිං ඤාණං ආදීනවෙ ඉදං තිච ඉදං ආදීනවෙ ඤාණං පඤ්ච ඨානෙසු ජායතී’තිච
ඉපැදීමය, පැවැත්මය, නිමිත්තය, ආයූහනය, ප්රතිසන්ධිය’යි යන මේ පස ආදීනවයෙහි “ඤාණ” යයිද, මේ ආදීනවයෙහි ඥානය මෙකී පස් තන්හි උපදිති’යි යනුයි.
අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණන්තිආදි පන ආදීනවඤාණස්ස පටිපක්ඛඤාණදස්සනත්ථං වුත්තං. භයතුපට්ඨානෙන වා ආදීනවං දිස්වා උබ්බිග්ගහදයානං අභයම්පි අත්ථි ඛෙමං නිරාදීනවන්ති අස්සාසජනනත්ථම්පි එතං වුත්තං. යස්මා වා පනස්ස උප්පාදාදයො භයතො සූපට්ඨිතා හොන්ති, තස්ස තප්පටිපක්ඛනින්නං චිත්තං හොති, තස්මා භයතුපට්ඨානවසෙන සිද්ධස්ස ආදීනවඤාණස්ස ආනිසංසදස්සනත්ථම්පෙතං වුත්තන්ති වෙදිතබ්බං.
“අනුප්පාදය (නො-ඉපැදීම) ක්ෂේමයයි, ශාන්තිපදයෙහි ඥානයයි’’ යන ආදිය වනාහි ආදීනව ඥානයට ප්රතිපක්ෂ ඥානය දක්වනු සඳහා කියන ලදි. නැතහොත්, භයතුපට්ඨානයෙන් ආදීනව දැක කලකිරුණ සිත් ඇත්තවූනට, ‘ආදීනවයන්ගෙන් තොරවූ, ක්ෂේම වූ අභය භූමියක්ද ඇතැ’යි ආස්වාද ඉපැදවීම පිණිසද මෙසේ කියන ලදි. යම්හෙයකින් වනාහි ඒ යෝගාවචරයාහට ඉපැදීම් ආදිය භය වශයෙන් මනාසේ වැටහී සිටීද, ඔහුගේ සිත එහි ප්රතිපක්ෂයට නැඹුරුව සිටීද, එහෙයින් භයතුපට්ඨාන වශයෙන් සිදුවූ ආදීනව ඤාණයෙහි ආනිසංස දක්වනු පිණිසද මෙය කියන ලදැ’යි දතයුතුය.
එත්ථ ච යං භයං, තං යස්මා නියමතො දුක්ඛං. තං වට්ටාමිසලොකාමිසකිලෙසාමිසෙහි අවිප්පමුත්තත්තා සාමිසමෙව. යඤ්ච සාමිසං, තං සඞ්ඛාරමත්තමෙව. තස්මා “උප්පාදො දුක්ඛන්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණ”න්තිආදි වුත්තං. එවං සන්තෙපි භයාකාරෙන දුක්ඛාකාරෙන සාමිසාකාරෙනාති එවං ආකාරනානත්තතො පවත්තිවසෙනෙවෙත්ථ නානත්තං වෙදිතබ්බං.
මෙහි, යමක් ‘භය’ වේද, එය ස්වභාව වශයෙන්ම ‘දුඃඛ’ ද වේ. එය වට්ටාමිස-ලෝකාමිස-කිලෙසාමිසයන්ගෙන් නොමිදුණ හෙයින් ‘සාමිස’ම වේ; යමක් සාමිස වේද, එය සංස්කාර මාත්‍රයක්ම වේ; එහෙයින් “ඉපැදීම දුකෙකැ’යි යන භයතුපට්ඨානපඤ්ඤාව ආදීනවයෙහි ‘ඤාණ’ යයි’ යන ආදිය කියනලදි. එතෙකුදු වූවත්, භයාකාරයෙන්ද, දුඃඛාකාරයෙන්ද, සාමිෂාකාරයෙන්දැ’යි මෙසේ ආකාර නානත්වයෙන් මෙහි පැවතුම් වශයෙන්ම නානත්වය දතයුතුය.
දසඤාණෙ පජානාතීති ආදීනවඤාණං පජානන්තො උප්පාදාදිවත්ථුකානි පඤ්ච, අනුප්පාදාදිවත්ථුකානි පඤ්චාති දස ඤාණානි පජානාති පටිවිජ්ඣති සච්ඡිකරොති. ද්වින්නං ඤාණානං කුසලතාති ආදීනවඤාණස්ස චෙව සන්තිපදඤාණස්ස චාති ඉමෙසං ද්වින්නං කුසලතාය. නානාදිට්ඨීසු න කම්පතීති පරමදිට්ඨධම්මනිබ්බානාදිවසෙන පවත්තාසු දිට්ඨීසු න වෙධති. සෙසමෙත්ථ උත්තානමෙවාති.
“දස ඤාණෙ පජානාති’’ (ඥාන දසයක් දනිති’යි) යනු, ආදීනව ඤාණය දන්නේ උත්පාදාදී වූ වස්තු පසක්ද, අනුත්පාදාදී වූ වස්තු පසක්දැ’යි දශඥානයක් මනා කොට දනියි, ප්‍රතිවේධ කරයි, සාක්ෂාත් කරයි. “ද්වින්නං ඤාණානං කුසලතා’’ (ද්විවිධ ඥානවිෂයයෙහි කුශලතා) යනු, ආදීනව ඤාණයද, සන්තිපද ඤාණයදැ’යි යන මේ දෙකෙහිම කුශල වූ හෙයිනි; “නානාදිට්ඨිසු නකම්පති” (නානා දෘෂ්ටිවිෂයයෙහි නොසැලේ) යනු, ‘පරම දෘෂ්ටධර්ම නිර්වාණ’ ආදී වශයෙන් පැවැති දෘෂ්ටීන් කෙරෙහි නොසැලේ. මෙහි සෙසු පද ප්‍රකට වූ අරුත් ඇත්තේම වේ.
ආදීනවානුපස්සනාඤාණං නිට්ඨිතං.
ආදීනවානුපස්සනා ඤාණය නිමි.