යෙදුමෙන් කියවන්න

නිබ‍්බිදානුපස‍්සනාඤාණකථා

නිබ‍්බිදානුපස‍්සනාඤාණකථා

නිබ්බිදානුපස්සනා ඤාණය

සො එවං සබ‍්බසඞ‍්ඛාරෙ ආදීනවතො පස‍්සන‍්තො සබ‍්බභවයොනිගතිවිඤ‍්ඤාණට‍්ඨිතිසත‍්තාවාසගතෙ සභෙදකෙ සඞ‍්ඛාරගතෙ නිබ‍්බින්‍දති උක‍්කණ‍්ඨති නාභිරමති.

මෙසේ ඒ යෝගාවචර තෙමේ සියලු සංස්කාරයන් ආදීනව වශයෙන් දකිනුයේ සියලු භව-යෝනි - ගති-විඤ්ඤාණට්ඨිති සත්‍වාවාසයනට පත් ප්‍රභේද සහිත එම සංස්කාරයන් කෙරෙහි කලකිරෙයි, උකටලී වෙයි, නො-ඇලෙයි.

සෙය්‍යථාපි නාම, චිත‍්තකූටපබ‍්බතපාදාභිරතො සුවණ‍්ණරාජහංසො අසුචිම‍්හි චණ‍්ඩාලගාමද‍්වාරආවාටෙ නාභිරමති, සත‍්තසු මහාසරෙසුයෙව අභිරමති, එවමෙව අයම‍්පි යොගීරාජහංසො සුපරිදිට‍්ඨාදීනවෙ සභෙදකෙ සඞ‍්ඛාරගතෙ නාභිරමති. භාවනාරාමතාය පන භාවනාරතියා සමන‍්නාගතත‍්තා සත‍්තසු අනුපස‍්සනාසුයෙව රමති.

යම්සේ වනාහි චිත්‍රකූට පර්වත පාදයෙහි ඇලුණු ස්වර්ණ හංස රාජයෙක් තෙමේ සැඩොල් ගම් දොරක පිහිටි කසවළෙක නො-ඇලේද, මහ විල් සත වෙතම ඇලේද, එසේම මේ යෝගී නමැති රාජහංසයාද මනාකොට දුටු ආදීනව සහිත ප්‍රභේද ඇති සංස්කරයන් කෙරෙහි නො-ඇලෙයි; භාවනාවෙහි ඇලුණු හෙයින් භාවනාරතියෙන් සමන්විතව අනුපස්සනා සතෙහිම ඇලෙයි.

යථා ච සුවණ‍්ණපඤ‍්ජරෙ පක‍්ඛිත‍්තො සීහො මිගරාජා නාභිරමති, තියොජනසහස‍්සවිත්‍ථතෙ පන හිමවන‍්තෙයෙව රමති, එවමයං යොගීසීහො තිවිධෙ සුගතිභවෙපි නාභිරමති, තීසු පන අනුපස‍්සනාසුයෙව රමති.

යම්සේ රන් මැදිරියෙක දමනලද සිංහ රාජයෙක් එහි නොඇලේද, තුන්දහස් යොදුන් විතර ඇති හිමවතෙහිම ඇලේද, එසේ මේ යෝගී නමැති සිංහරාජයාද ත්‍රිවිධ වූ සුගති භවයෙහි පවා නො-ඇලෙයි; ත්‍රිවිධ අනුපස්සනාවන්හිම ඇලෙයි.

යථා ච සබ‍්බසෙතො සත‍්තපතිට‍්ඨො ඉද‍්ධිමා වෙහාසඞ‍්ගමො ඡද‍්දන‍්තො නාගරාජා නගරමජ‍්ඣෙ නාභිරමති, හිමවති ඡද‍්දන‍්තදහගහනෙයෙව අභිරමති, එවමයං යොගීවරවාරණො සබ‍්බස‍්මිම‍්පි සඞ‍්ඛාරගතෙ නාභිරමති, අනුප‍්පාදො ඛෙමන‍්තිආදිනා නයෙන දිට‍්ඨෙ සන‍්තිපදෙයෙව අභිරමති, තන‍්නින‍්නතප‍්පොණතප‍්පබ‍්භාරමානසො හොතීති.

යම්සේ සර්වාංග ධවල වූ සත් තැනෙකින් පොළොව ස්පර්ශ කෙරෙන, ඍද්ධිමත්, ආකාශගාමී ඡද්දන්ත හස්ති රාජයෙක් නගරමධ්‍යයෙක්හි නො-ඇලේද, හිමවත්හි ඡද්දන්ත විල වෙතම ඇලේද, එසේම මේ යෝගී නමැති උතුම් හස්තියාද කිසිම සංස්කාරයක් කෙරෙහි නො-ඇලෙයි. “අනුප්පාදො ඛෙමං’’ (නො-ඉපදීම ක්‍ෂේමයයි) යනුවෙන් ආදී නයින් දක්වන ලද ශාන්ති පදයෙහිම ඇලෙයි; එම ශාන්තිපදය වෙතම නැඹුරු වූ, එය වෙතම බරවූ, එය වෙතටම නැමුණු සිත් ඇත්තෙක් වේ.

නිබ‍්බිදානුපස‍්සනාඤාණං නිට‍්ඨිතං.

නිබ්බිදානුපස්සනා ඤාණය නිමි

තං පනෙතං පුරිමෙන ඤාණද‍්වයෙන අත්‍ථතො එකං. තෙනාහු පොරාණා –

ඒ නිබ්බිදානුපස්සනා ඤාණය පළමු කී ඤාණ ද්වයය හා සමග අර්ත්‍ථයෙන් එක සමාන වේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“භයතුපට‍්ඨානං එකමෙව තීණි නාමානි ලභති, සබ‍්බසඞ‍්ඛාරෙ භයතො අද‍්දසාති භයතුපට‍්ඨානං නාම ජාතං. තෙසුයෙව සඞ‍්ඛාරෙසු ආදීනවං උප‍්පාදෙතීති ආදීනවානුපස‍්සනා නාම ජාතං. තෙසුයෙව සඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දමානං උප‍්පන‍්නන‍්ති නිබ‍්බිදානුපස‍්සනා නාම ජාත”න‍්ති.

“එක්ම භයතුපට්ඨාන ඤාණය නම් තුනක් ලබයි, ‘සියලු සංස්කාරයන් භය වශයෙන් දුටහ’යි භයතුපට්ඨාන නම් විය; එම සංස්කාරයන් කෙරෙහිම ආදීනවයන් උපදිති’යි ආදිනවානුපස්සනා නම් විය; එම සංස්කාරයන් කෙරෙහිම කලකිරීම උපන්හ’යි නිබ්බිදානුපස්සනා නම් විය.”

පාළියම‍්පි වුත‍්තං – “යා ච භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා, යඤ‍්ච ආදීනවෙ ඤාණං, යා ච නිබ‍්බිදා, ඉමෙ ධම‍්මා එකත්‍ථා, බ්‍යඤ‍්ජනමෙව නාන”න‍්ති (පටි· ම· 1.227).

පෙළෙහිද කියන ලදි:- “භයතුපට්ඨානයෙහි යම් ප්‍රඥාවක් වේද, යම් ආදීනවයෙක්හි ඤාණයක් වේද, යම් නිබ්බිදානුපස්සනා ඥානයක් වේද, මේ ධර්මයෝ සමානාර්ත්‍ථවත් වෙති, හුදෙක් ව්‍යංජන (අක්‍ෂර) වශයෙන්ම විවිධ වෙති” යනුවෙනි.