මුඤ්චිතුකම්යතාඤාණකථා
මුඤ්චිතුකම්යතාඤාණකථා
මුඤ්චිතුකම්යතා ඤාණය
ඉමිනා පන නිබ්බිදාඤාණෙන ඉමස්ස කුලපුත්තස්ස නිබ්බින්දන්තස්ස උක්කණ්ඨන්තස්ස අනභිරමන්තස්ස සබ්බභවයොනිගතිවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසගතෙසු සභෙදකෙසු සඞ්ඛාරෙසු එකසඞ්ඛාරෙපි චිත්තං න සජ්ජති, න ලග්ගති, න බජ්ඣති, සබ්බස්මා සඞ්ඛාරගතා මුච්චිතුකාමං නිස්සරිතුකාමං හොති. යථා කිං? යථා නාම ජාලබ්භන්තරගතො මච්ඡො, සප්පමුඛගතො මණ්ඩූකො, පඤ්ජරපක්ඛිත්තො වනකුක්කුටො, දළ්හපාසවසගතො මිගො, අහිතුණ්ඩිකහත්ථගතො සප්පො, මහාපඞ්කපක්ඛන්දො කුඤ්ජරො, සුපණ්ණමුඛගතො නාගරාජා, රාහුමුඛප්පවිට්ඨො චන්දො, සපත්තපරිවාරිතො පුරිසොති එවමාදයො තතො තතො මුච්චිතුකාමා නිස්සරිතුකාමාව හොන්ති, එවං තස්ස යොගිනො චිත්තං සබ්බස්මා සඞ්ඛාරගතා මුච්චිතුකාමං නිස්සරිතුකාමං හොති. අථස්ස එවං සබ්බසඞ්ඛාරෙසු විගතාලයස්ස සබ්බස්මා සඞ්ඛාරගතා මුච්චිතුකාමස්ස උප්පජ්ජති මුඤ්චිතුකම්යතා ඤාණන්ති.
මේ නිබ්බිදා ඤාණයෙන් කලකිරෙන, උකටලී වන නො-ඇලෙන කුලපුත්රයාගේ සිත සියලු භව-යෝනි-ගති-විඤ්ඤාණට්ඨිති, සත්වාවාසයනට ඇතුළත්, ප්රභේද සහිත සංස්කාරයන් අතුරෙන් කිසිදු සංස්කාරයෙක්හි නොරැඳේ, නොලැඟේ, නොබැඳේ, සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ, දුරුවනු කැමැත්තේ වෙයි. කුමක් මෙන්ද යත්:- යම්සේ වනාහි දැලක් තුල හසුවූ මසෙක්, සර්පමුඛයට පත් මැඬියෙක්, මැදිරියෙක ලූ වලි කුකුලෙක්, දැඩි මළ පුඬුවක හිර වූ මුවෙක්, අහිගුණ්ඨිකයකු අතට පත් නයෙක්, මහ වගුරෙක වැටුණු ඇතෙක්, ගුරුළු මුවට පත් නා රජෙක්, රාහුමුඛයට පත් සඳ, සතුරන් විසින් වට කරන ලද පුරුෂයෙක්දැ’යි මේ ආදී වූ ඒ ඒ තැනින් මිදෙනු කැමැත්තාහු, ඉවත් වනු කැමැත්තාහු වෙත්ද, එසේම ඒ යෝගියාගේ සිත සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැත්තේ, දුරු වනු කැමැත්තේ වෙයි. ඉක්බිති, මෙසේ සියලු සංස්කාරයන් කෙරෙහි ඇලුම් දුරු කළ, සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැති ඔහුට ‘මුඤ්චිතුකම්යතා ඤාණය’ උපදියි.
මුඤ්චිතුකම්යතාඤාණං නිට්ඨිතං.
මුඤ්චිතුකම්යතා ඤාණය නිමි.