පටිසඞ්ඛානුපස්සනාඤාණකථා
පටිසඞ්ඛානුපස්සනාඤාණකථා
පටිසංඛානුපස්සනා ඤාණය
සො එවං සබ්බභවයොනිගතිට්ඨිතිනිවාසගතෙහි සභෙදකෙහි සඞ්ඛාරෙහි මුච්චිතුකාමො සබ්බස්මා සඞ්ඛාරගතා මුච්චිතුං පුන තෙ එවං සඞ්ඛාරෙ පටිසඞ්ඛානුපස්සනාඤාණෙන තිලක්ඛණං ආරොපෙත්වා පරිග්ගණ්හාති.
මෙසේ ඒ යෝගාවචර තෙමේ, සියලු භව-යෝනි-ගති-ස්ථිත-නිවාසගතවූ, ප්‍රභේද සහිත වූ සංස්කාරයන් කෙරෙන් මිදෙනු පිණිස, නැවතත් එම සංස්කාරයන්ම, පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ත්රිලක්ෂණයට නගා විග්රහ කෙරෙයි;
සො සබ්බසඞ්ඛාරෙ අනච්චන්තිකතො, තාවකාලිකතො, උප්පාදවයපරිච්ඡින්නතො, පලොකතො, චලතො, පභඞ්ගුතො, අද්ධුවතො, විපරිණාමධම්මතො, අස්සාරකතො, විභවතො, සඞ්ඛතතො, මරණධම්මතොතිආදීහි කාරණෙහි අනිච්චාති පස්සති.
හේ තෙමේ සියලු සංස්කාරයන් අනිත්‍යාදී ත්‍රික (ත්රිලක්ෂණ) වශයෙන්, තාවකාලික වශයෙන්, ඉපදීම-නැසීයාම යන දෙකින් පිරිසුන් සෙයින්, විනාශ වන සෙයින්, සසල වන සෙයින්, බිඳෙන සුලු සෙයින්, නොතිර වූ සෙයින්, සඞ්ඛත (කෘත්‍රිම) වූ සෙයින්, මරණ ස්වභාව ඇති සෙයින්දැ’යි යන ආදී කරුණු හෙයින් අනිත්‍යයයි දකියි.
අභිණ්හපටිපීළනතො, දුක්ඛමතො, දුක්ඛවත්ථුතො, රොගතො, ගණ්ඩතො, සල්ලතො, අඝතො, ආබාධතො, ඊතිතො, උපද්දවතො, භයතො, උපසග්ගතො, අතාණතො, අලෙණතො, අසරණතො, ආදීනවතො, අඝමූලතො, වධකතො, සාසවතො, මාරාමිසතො, ජාතිධම්මතො, ජරාධම්මතො, බ්යාධිධම්මතො, සොකධම්මතො, පරිදෙවධම්මතො, උපායාසධම්මතො, සංකිලෙසිකධම්මතොතිආදීහි කාරණෙහි දුක්ඛාති පස්සති.
නිරතුරුව පෙළන සුලු හෙයින්ද, ඉවසීම දුෂ්කර වූ හෙයින්ද, දුකට වස්තු වන හෙයින්ද, රෝගයක් සෙයින්ද, ගඩක් සෙයින්ද, හුළක් සෙයින්ද, පාප රෝගයක් සෙයින්ද, ආබාධයක් සෙයින්ද, අන්තරායයක් සෙයින්ද, උපද්‍රවයක් සෙයින්ද, බියක් සෙයින්ද, විපතක් සෙයින්ද, ආරක්ෂා රහිතයක් සෙයින්ද, රැකවරණ රහිතයක් සෙයින්ද, සරණ නොවන්නක් සෙයින්ද, ආදීනවයක් සෙයින්ද, පාපයට මුල්වන්නක් සෙයින්ද, වධකයකු සෙයින්ද, සාශ්රවයක් සෙයින්ද, මාරාමිෂයක් (කෙලෙස් බිළියක්) සෙයින්ද, ජාතිස්වභාව සෙයින්ද, ජරාස්වභාව සෙයින්ද, ව්‍යාධි ස්වභාව සෙයින්ද, ශෝක ස්වභාව සෙයින්ද, සංක්ලේශ ස්වභාව සෙයින්දැ’යි යන ආදී කරුණු අනුව දුඃඛ යයි දකියි.
අජඤ්ඤතො, දුග්ගන්ධතො, ජෙගුච්ඡතො, පටික්කූලතො, අමණ්ඩනාරහතො, විරූපතො, බීභච්ඡතොතිආදීහි කාරණෙහි දුක්ඛලක්ඛණස්ස පරිවාරභූතතො අසුභතො පස්සති.
උපද්‍රව හෙයින්, දුර්ගන්ධ හෙයින්, ජුගුප්සා (සඟවනු රිසි) වන හෙයින්, පිළිකුල් වන හෙයින්, අලංකරණයට යෝග්‍ය නොවන හෙයින්, විරූප වන හෙයින් හා බීභත්ස (වලකනු රිසි) වන හෙයින්දැ’යි යන ආදී කරුණු අනුව දුඃඛ ලක්ෂණයට පිරිවර වූ අශුභ වශයෙන් දකියි.
පරතො, රිත්තතො, තුච්ඡතො, සුඤ්ඤතො, අස්සාමිකතො, අනිස්සරතො, අවසවත්තිතොතිආදීහි කාරණෙහි අනත්තතො පස්සති.
පර (තමා සතු නොවන) හෙයින්, හිස් වූ හෙයින්, තුච්ඡ (අගයක් නැති) හෙයින්, ශූන්‍ය වූ හෙයින්, අස්වාමික වූ හෙයින්, ඊශ්වර රහිත හෙයින්, වශයෙහි පැවැත්විය නොහැකි හෙයින්දැ’යි යන ආදී කරුණු අනුව අනාත්ම වශයෙන් දකියි.
එවඤ්හි පස්සතානෙන තිලක්ඛණං ආරොපෙත්වා සඞ්ඛාරා පරිග්ගහිතා නාම හොන්ති. කස්මා පනායමෙතෙ එවං පරිග්ගණ්හාතීති? මුඤ්චනස්ස උපායසම්පාදනත්ථං.
මෙසේ දක්නා ඔහු විසින් සංස්කාරයෝ ත්රිලක්ෂණයට නඟා විග්රහ කරන ලද්දාහු නම් වෙති. කවර හෙයින් මේ යෝගියා මෙසේ මේ සංස්කාරයන් විග්රහ කෙරේද? මිදෙනු සඳහා උපාය සම්පාදනය පිණිසයි.
තත්රායං උපමා – එකො කිර පුරිසො “මච්ඡෙ ගහෙස්සාමී”ති මච්ඡඛිප්පං ගහෙත්වා උදකෙ ඔඩ්ඩාපෙසි සො ඛිප්පමුඛෙන හත්ථං ඔතාරෙත්වා අන්තොඋදකෙ සප්පං ගීවාය ගහෙත්වා “මච්ඡො මෙ ගහිතො”ති අත්තමනො අහොසි. සො “මහා වත මයා මච්ඡො ලද්ධො”ති උක්ඛිපිත්වා පස්සන්තො සොවත්ථිකත්තයදස්සනෙන සප්පොති සඤ්ජානිත්වා භීතො ආදීනවං දිස්වා ගහණෙ නිබ්බින්නො මුඤ්චිතුකාමො හුත්වා මුඤ්චනස්ස උපායං කරොන්තො අග්ගනඞ්ගුට්ඨතො පට්ඨාය හත්ථං නිබ්බෙඨෙත්වා බාහුං උක්ඛිපිත්වා උපරිසීසෙ ද්වෙ තයො වාරෙ ආවිජ්ඣිත්වා සප්පං දුබ්බලං කත්වා “ගච්ඡ දුට්ඨ සප්පා”ති නිස්සජ්ජිත්වා වෙගෙන තළාකපාළිං ආරුය්හ “මහන්තස්ස වත භො සප්පස්ස මුඛතො මුත්තොම්හී”ති ආගතමග්ගං ඔලොකයමානො අට්ඨාසි.
මේ එයට උපමායි:- එක්තරා පුරුෂයෙක් තෙමේ මසුන් අල්වන්නෙමි’යි කෙමිනක් ගෙන දියෙහි බහාලීය. හේ තෙමේ කෙමිනෙහි කටින් අත දමා ජලය තුළින් සර්පයකු ගෙලෙන් ගෙන, මවිසින් මසෙක් අල්වා ගන්නා ලද්දේ වනැයි සතුටු විය; හේ තෙමේ, ‘මට මහ මසෙක් ලැබිණැ’යි ඔසවා බලනුයේ සෝවැති තුන දැක, සර්පයෙකැ’යි හැඳින, බිය පත්ව, ආදීනව දැක, (සපකු) ගැනීමෙහි කලකිරී, මිදෙනු කැමැතිව, මිදෙනු පිණිස උපායයක් යොදනුයේ, නගුට අග පටන් අතෙහි වෙළීම් හරවා, අත ඔසවා දෙතුන් වරක් හිස වට සිසාරවා, සර්පයා දුර්වල කොට ‘යව, දුෂ්ට සර්පය’යි විසිකොට වහා වෑ-ඉවුරට නැගී, ‘ඒකාන්තයෙන් මහා සර්පයකු මුවින් මිදුණෙමි’ යි ආ මග බලමින් සිටියේය.
තත්ථ තස්ස පුරිසස්ස “මච්ඡො”ති සප්පං ගීවාය ගහෙත්වා තුට්ඨකාලො විය ඉමස්සාපි යොගිනො ආදිතොව අත්තභාවං පටිලභිත්වා තුට්ඨකාලො, තස්ස ඛිප්පමුඛතො සීසං නීහරිත්වා සොවත්ථිකත්තයදස්සනං විය ඉමස්ස ඝනවිනිබ්භොගං කත්වා සඞ්ඛාරෙසු තිලක්ඛණදස්සනං, තස්ස භීතකාලො විය ඉමස්ස භයතුපට්ඨානඤාණං. තතො ආදීනවදස්සනං විය ආදීනවානුපස්සනාඤාණං, ගහණෙ නිබ්බින්දනං විය නිබ්බිදානුපස්සනාඤාණං. සප්පං මුඤ්චිතුකාමතා විය මුඤ්චිතුකම්යතාඤාණං, මුඤ්චනස්ස උපායකරණං විය පටිසඞ්ඛානුපස්සනාඤාණෙන සඞ්ඛාරෙසු තිලක්ඛණාරොපනං. යථා හි සො පුරිසො සප්පං ආවිජ්ඣිත්වා දුබ්බලං කත්වා නිවත්තෙත්වා ඩංසිතුං අසමත්ථභාවං පාපෙත්වා සුමුත්තං මුඤ්චති, එවමයං යොගාවචරො තිලක්ඛණාරොපනෙන සඞ්ඛාරෙ ආවිජ්ඣිත්වා දුබ්බලෙ කත්වා පුන නිච්චසුඛසුභඅත්තාකාරෙන උපට්ඨාතුං අසමත්ථතං පාපෙත්වා සුමුත්තං මුඤ්චති. තෙන වුත්තං “මුඤ්චනස්ස උපායසම්පාදනත්ථං එවං පරිග්ගණ්හාතී”ති.
එහි, මේ යෝගියා මුලින් ආත්මභාවය ලැබ සතුටු වූ කාලය, ඒ පුරුෂයා මත්ස්යයෙකැ’යි සර්පයා ගෙලෙන් ගෙන සතුටු වූ කාලය වැනිය; මේ යෝගාවචරයා ඝනීභූතව පැවැති සංස්කාරයන් විග්රහ කොට එහි ත්රිලක්ෂණය දැකීම, ඒ පුරුෂයා කෙමින කටින් හිස ඉවතට ගෙන සෝවැති තුන දැකීම වැනිය; මේ යෝගියාගේ භයතුපට්ඨාන ඤාණය ඒ පුරුෂයා බියපත් වූ කාලය වැනිය, ඉක්බිති ආදීනවානුපස්සනා ඤාණය ඒ පුරුෂයාගේ ආදීනව දැකීම වැනිය; නිබ්බිදානුපස්සනා ඤාණය ඒ පුරුෂයා සර්පයකු ගැනීමෙන් කලකිරීම වැනිය; මුඤ්චිතුකම්යතා ඤාණය සර්පයා මුදා හැරීමට කැමැති වීම වැනිය; (යෝගියා විසින්) පටිසංඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් කෙරෙහි ත්රිලක්ෂණය ආරෝපණය කිරීම සර්පයා මුදාහැරීම පිණිස උපාය යෙදීම වැනිය; යම්සේ වනාහි ඒ පුරුෂයා සර්පයා හිස වට සිසාරවා දුර්වල කොට නැවත, දෂ්ට කළ නොහැකි බවට පමුණුවා මනා සේ මිදේද, එසේම මේ යෝගාවචරයාද ත්රිලක්ෂණා රෝපණයෙන් සංස්කාරයන් විග්රහ කොට, නැවතත් නිත්‍ය-සුඛ-ශුභ-ආත්ම ආකාරයෙන් වැටහෙනු නොහැකි බවට පත් කොට මනා සේ එයින් මිදේ. එහෙයින් ‘මිදෙනු පිණිස උපාය යෙදීම සඳහා මෙසේ පරිග්‍රහ කෙරෙයි’ යනුවෙන් කියන ලදි.
එත්තාවතා තස්ස උප්පන්නං හොති පටිසඞ්ඛාඤාණං. යං සන්ධාය වුත්තං –
මෙතෙකින් ඒ යෝගාවචරයාහට පටිසඞ්ඛා ඤාණය උපන්නේ වේ; එම පටිසඞ්ඛා ඤාණය සඳහා කියනලදි:-
“අනිච්චතො මනසිකරොතො කිං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති? දුක්ඛතො. අනත්තතො මනසිකරොතො කිං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති? අනිච්චතො මනසිකරොතො නිමිත්තං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති. දුක්ඛතො මනසිකරොතො පවත්තං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති. අනත්තතො මනසිකරොතො නිමිත්තඤ්ච පවත්තඤ්ච පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජතී”ති (පටි· ම· 1.227).
අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට කුමක් නුවණින් බැලීමෙන් ඤාණය උපදීද? දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නහුට කුමක් නුවණින් බැලීමෙන් ඤාණය උපදීද? අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට නිමිත්තය නුවණින් බලන විට ඤාණය උපදියි; දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නහුට පැවැත්ම නුවණින් බැලීමෙන් ඤාණය උපදියි, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නහුට නිමිත්ත මෙන්ම පැවැත්මද නුවණින් බැලීමෙන් ඤාණය උපදියි.
එත්ථ ච නිමිත්තං පටිසඞ්ඛාති සඞ්ඛාරනිමිත්තං “අද්ධුවං තාවකාලික”න්ති අනිච්චලක්ඛණවසෙන ජානිත්වා. කාමඤ්ච න පඨමං ජානිත්වා පච්ඡා ඤාණං උප්පජ්ජති, වොහාරවසෙන පන “මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණ”න්තිආදීනි (ම· නි· 3.421) විය එවං වුච්චති. එකත්තනයෙන වා පුරිමඤ්ච පච්ඡිමඤ්ච එකං කත්වා එවං වුත්තන්ති වෙදිතබ්බං. ඉමිනා නයෙන ඉතරස්මිම්පි පදද්වයෙ අත්ථො වෙදිතබ්බොති.
‘තවද මෙහි “නිමිත්තං පටිසඞ්ඛා’ (නිමිත්තය නුවණින් බලා) යනු, සංස්කාර නිමිත්තය ‘අනිත්‍යය, තාවකාලිකය’යි අනිත්‍ය ලක්ෂණ වශයෙන් දැනැ’යි (යන අර්‍ත්‍ථයි). ඒකාන්තයෙන් පළමුකොට දැනගැනීමෙන් අනතුරුවම ඤාණය උපදීද? ව්‍යවහාර වශයෙන් වනාහි ‘මනඤ්ච පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනො විඤ්ඤාණං’’ (සිතද, ධර්මාලම්බනයද නිසා මනෝ විඤ්ඤාණය උපදියි) යන ආදිය මෙන් මෙසේ කියනු ලැබේ; නොහොත්, පූර්ව පශ්චිම ක්‍රියා දෙකම එක්කොට ඒකත්ව නයින් මෙසේ මෙසේ කියන ලදැයි දතයුතුය. මෙනයින්ම (දුඃඛ, අනාත්ම යන) සෙසු පද දෙකෙහි අර්ත්ථයද දතයුතුය.
පටිසඞ්ඛානුපස්සනාඤාණං නිට්ඨිතං.
පටිසංඛානුපස්සනා ඤාණය නිමි