සඞ්ඛාරුපෙක්ඛාඤාණකථා
සඞ්ඛාරුපෙක්ඛාඤාණකථා
සඞ්ඛාරුපෙක්ඛා ඤාණය
සො එවං පටිසඞ්ඛානුපස්සනාඤාණෙන “සබ්බෙ සඞ්ඛාරා සුඤ්ඤා”ති පරිග්ගහෙත්වා පුන “සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වා”ති (ම· නි· 3.69) ද්විකොටිකං සුඤ්ඤතං පරිග්ගණ්හාති. සො එවං නෙව අත්තානං, න පරං කිඤ්චි අත්තනො පරික්ඛාරභාවෙ ඨිතං දිස්වා පුන “නාහං ක්වචනි, කස්සචි කිඤ්චනතස්මිං, න ච මම ක්වචනි, කිස්මිඤ්චි කිඤ්චනතත්ථී”ති යා එත්ථ චතුකොටිකා සුඤ්ඤතා කථිතා, තං පරිග්ගණ්හාති.
ඒ යෝගාවචර තෙමේ, පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් සියලු සංස්කාරයන් ශුන්‍යයහ’යි විනිශ්චය කොට, යලිදු ආත්ම වශයෙන් හෝ වේවයි, ආත්මික (ආත්මයට අයත් කිසිවක්) වශයෙන් හෝ වේවයි, ශුන්‍යයහ’යි ද්විකෝටික (කෙළවර දෙකක්) වශයෙන් ගෙන ශුන්‍යතාව විග්රහ කරයි. හේ තෙමේ ආත්මයක් හෝ ආත්මයට අයත් සේ ගත හැකි අන් කිසිවක් හෝ නොදැක, යලිදු, “නාහං ක්වචනි, කස්සචි කිඤ්චනතස්මිං, නච මම ක්වචනි, කිස්මි චි කිඤ්චනතා අත්ථි” (මම කිසි තැනෙක නොවෙමි, කිසිවකුගේ කිසිවක් වශයෙන් හෝ නොවෙමි, තවද මාගේ (මාහට අයත්) කිසිවක් තුළ, කිසිවකු සතු කිසිවක් හෝ නැත) යනුවෙන් මෙහි යම් චතුස්කෝටික (කෙළවර සතරක් ඇති) ශුන්‍යතාවක් කියන ලදද, එය අනුව පරිග්‍රහ කරයි.
කථං? අයඤ්හි නාහං ක්වචනීති ක්වචි අත්තානං න පස්සති. කස්සචි කිඤ්චනතස්මින්ති අත්තනො අත්තානං කස්සචි පරස්ස කිඤ්චනභාවෙ උපනෙතබ්බං න පස්සති. භාතිට්ඨානෙවා භාතරං, සහායට්ඨානෙ වා සහායං, පරික්ඛාරට්ඨානෙ වා පරික්ඛාරං මඤ්ඤිත්වා උපනෙතබ්බං න පස්සතීති අත්ථො. න ච මම ක්වචනීති එත්ථ මම-සද්දං තාව ඨපෙත්වා න ච ක්වචනීති පරස්ස ච අත්තානං ක්වචි නපස්සතීති අයමත්ථො. ඉදානි මම-සද්දං ආහරිත්වා මම කිස්මිඤ්චි කිඤ්චනතත්ථීති සො පරස්ස අත්තා මම කිස්මිඤ්චි කිඤ්චනභාවෙ අත්ථීති න පස්සතීති. අත්තනො භාතිට්ඨානෙ වා භාතරං, සහායට්ඨානෙ වා සහායං පරික්ඛාරට්ඨානෙ වා පරික්ඛාරන්ති කිස්මිඤ්චි ඨානෙ පරස්ස අත්තානං ඉමිනා කිඤ්චනභාවෙන උපනෙතබ්බං න පස්සතීති අත්ථො. එවමයං යස්මා නෙව කත්ථචි අත්තානං පස්සති, න තං පරස්ස කිඤ්චනභාවෙ උපනෙතබ්බං පස්සති, න පරස්ස අත්තානං පස්සති, න පරස්ස අත්තානං අත්තනො කිඤ්චනභාවෙ උපනෙතබ්බං පස්සති. තස්මානෙන චතුකොටිකා සුඤ්ඤතා පරිග්ගහිතා හොතීති.
කෙසේද?:- මේ යෝගාවචර තෙමේ, “නාහං ක්වචනි” (මම කිසිදු තැනෙක නොවෙමියි) යනුවෙන් ආත්මයක් නොදැකැ’යි කී නියායි, “කස්සචි කිඤ්චන්තස්මි’’ (කිසිවකුගේ කිසිවක්, ලෙසින් එළවිය හැකි කිසිවක්) නොදකිති’යි කී නියායි. සොහොවුරෙකැ’යි හැඟීමෙන් සොහොවුරකු වශයෙන් හෝ, මිතුරෙකැ’යි හැඟීමෙන් මිතුරකු වශයෙන් හෝ පරිෂ්කාර (පරිභෝගභාණ්ඩ) යෙකැ’යි හැඟීමෙන් එළවිය හැකි කිසිවක් නොදකිති’යි යන අර්‍ත්‍ථයි; “නච මම ක්වචනි” (මට අයත් කිසිවක් කිසි තැනෙකවත් නැත) යන මෙහි ‘මම’ යන පදය (මොහොතකට) ඉවත් කොට, “නච ක්වචනි’’ අනිකකුගේ ආත්මයක් හෝ කිසිදු තැනෙක නොදකිති’යි යන අර්‍ත්‍ථයි; ඉක්බිති ‘මම’ යන පදය නැවත පමුණුවා, “(නච) මම කිස්මි චි කිඤ්චනතත්ථි” යනුවෙන් ඔහු අනෙකෙකුගේ ආත්මය තමාගේ කිසිවක් තුළ කිසිවක් වශයෙන් එළවියහැකි කිසිවක් නොදනිති’යි, තමාගේ සොහොවුරෙකැ’යි හැඟීමෙන් සොහොවුරකු වශයෙන් හෝ, මිතුරෙකැ’යි යන හැඟීමෙන් මිතුරකු වශයෙන් හෝ පරිෂ්කාරයෙකැ’යි හැඟීමෙන් පරිෂ්කාරයක් වශයෙන් හෝ මේ කවර ආකාරයෙකින් හෝ අනෙකෙකුගේ ආත්මයක් මෙකී කිඤ්චන භාවයෙන් (කිසිවෙකැයි යන හැඟීමෙන්) එළවිය හැකි දෙයක් නොදනිති’යි යන අර්‍ත්‍ථයි. මෙසේ මේ යෝගාවචර තෙමේ, යම්හෙයකින්, මෙසේ මේ යෝගාවචර තෙමේ, කිසිදු තැනෙක (i) තමාගේ ආත්මයක් නොදකීද, (ii) පරහට අයත් කිසිවක් වශයෙන් දැක්විය හැකි එවන් ආත්මයක් හෝ නොදකීද, (iii) පරහට අයත් ආත්මයක් හෝ කිසිදු තැනෙක නොදකීද, (iv) තමාගේ (සොහොවුරු ආදී) කිසිවෙකැ’යි දැක්විය හැකි පරහට අයත් ආත්මයක් හෝ නොදකීද, එහෙයින් ඔහු විසින් මේ චතුෂ්කෝටික (සිවුකොන්) ශුන්‍යතාව පරිග්‍රහ කරන ලද්දේ වේ.
එවං චතුකොටිකං සුඤ්ඤතං පරිග්ගහෙත්වා පුන ඡහාකාරෙහි සුඤ්ඤතං පරිග්ගණ්හාති. කථං? චක්ඛු සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා…පෙ… මනො සුඤ්ඤො. රූපා සුඤ්ඤා…පෙ… ධම්මා සුඤ්ඤා. චක්ඛුවිඤ්ඤාණං…පෙ… මනොවිඤ්ඤාණං. චක්ඛුසම්ඵස්සොති එවං යාව ජරාමරණා නයො නෙතබ්බො.
මේ ආකාරයෙන් චතුෂ්කෝටික ශුන්‍යතාව පරිග්‍රහණය කොට, යලිදු, ස-අයුරෙකින් ශූන්‍යතාව පරිග්‍රහණය කරයි; කෙසේද? චක්ඛු (හෙවත් ඇස) i. ආත්ම වශයෙන්, ii. ආත්මයට අයත් වූවක් වශයෙන්, iii. නිත්‍ය ස්වභාව වශයෙන්, iv. ස්ථිර ස්වභාව වශයෙන්, v ශාස්වත ස්වභාව වශයෙන්, vi. විපරිණාම නොවන ස්වභාව වශයෙන් ශුන්‍ය වේ; -පෙ- මනස -පෙ- ශුන්‍ය වේ; රූප -පෙ- ධර්මයෝ -පෙ- ශුන්‍ය වෙති; චක්ඛු විඤ්ඤාණය -පෙ- මනෝ විඤ්ඤාණය, චක්ඛු සම්ඵස්සය ශූන්‍ය වේ; යන මේ පිළිවෙළින් ‘ජරාමරණ’ පදය තෙක් මේ ක්‍රමය ගෙනයා යුතුය.
එවං ඡහාකාරෙහි සුඤ්ඤතං පරිග්ගහෙත්වා පුන අට්ඨහාකාරෙහි පරිග්ගණ්හාති. සෙය්යථිදං – රූපං අසාරං නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා ධුවසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා. වෙදනා… සඤ්ඤා… සඞ්ඛාරා… විඤ්ඤාණං… චක්ඛු…පෙ… ජරාමරණං අසාරං නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා ධුවසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා. යථා නළො අසාරො නිස්සාරො සාරාපගතො. යථා එරණ්ඩො… යථා උදුම්බරො… යථා සෙතවච්ඡො… යථා පාළිභද්දකො… යථා ඵෙණපිණ්ඩො… යථා උදකබුබ්බුළං… යථා මරීචි… යථා කදලික්ඛන්ධො… යථා මායා අසාරා නිස්සාරා සාරාපගතා, එවමෙව රූපං…පෙ… ජරාමරණං අසාරං නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා…පෙ… අවිපරිණාමධම්මෙන වාති (චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 88).
මේ ආකාරයෙන් ස-අයුරෙකින් ශූන්‍යතාව පරිග්‍රහණය කොට, යලි අප අයුරෙකින් පරිග්‍රහණය කරයි; කෙසේද යත්:- රූපය, i. නිත්‍ය සාරත්වයෙන්, ii. ස්ථිරසාරත්වයෙන්, iii. සුඛසාරත්වයෙන්, iv. ආත්ම සාරත්වයෙන්, v. නිත්‍ය භාවයෙන්. vi. ස්ථිරභාවයෙන්, vii. ශාස්වත භාවයෙන්, viii. අවිපරිණාමධර්‍ම ස්වභාවයෙන් අසාර වේ; සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ, -පෙ- වේදනාව -පෙ- සඤ්ඤාව -පෙ- සංඛාරය -පෙ- විඤ්ඤාණය -පෙ- චක්ඛු හෙවත් ඇස -පෙ- ජරාමරණය අසාර වේ. සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. නිත්‍ය සාරයෙන් -පෙ- අවිපරිණාම ධර්ම වශයෙන් (විපරිණාම ධර්මයට අයත්වන හෙයින්) අසාර වේ, සාරයක් නැත්තේ වේ; සාරත්වයෙන් තොර වේ. බටගසක් සෙයින්, අසාර වේ, සාරයක් නැත්තේ වේ, සාරත්වයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. එරඬු ගසක් සෙයින් -පෙ-, දිඹුල් ගසක් සෙයින් -පෙ-, හෙළ වරා ගසක් සෙයින් -පෙ-එරබඳු ගසක් සෙයින් -පෙ-. පෙන පිඬක් සෙයින් -පෙ- දියබුබුලක් සෙයින් -පෙ- , මිරිඟුවක් සෙයින් -පෙ-, කෙසෙල් කඳක් සෙයින් -පෙ-, මායාවක් සෙයින් -පෙ-, අසාර වේ, සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. එසේම රූපය -පෙ- ජරාමරණය අසාර වේ, සාරයක් නැත්තේ වේ, සාරත්වයෙන් තොර වේ. නිත්යසාරත්වයෙන් වේවයි, -පෙ- අවිපරිණාම ධර්ම ස්වභාවයෙන් වේවයි, අසාර වේ -පෙ- සාරත්වයෙන් තොර වේ.
සො එවං අට්ඨහාකාරෙහි සුඤ්ඤතං පරිග්ගහෙත්වා පුන දසහාකාරෙහි පරිග්ගණ්හාති, රූපං රිත්තතො පස්සති. තුච්ඡතො… සුඤ්ඤතො… අනත්තතො… අනිස්සරියතො… අකාමකාරියතො… අලබ්භනීයතො… අවසවත්තකතො… පරතො… විවිත්තතො පස්සති. වෙදනං…පෙ… විඤ්ඤාණං රිත්තතො…පෙ… විවිත්තතො පස්සතීති.
ඒ යෝගාවචර තෙමේ මෙසේ අට අයුරෙකින් ශූන්‍යතාව පරිග්‍රහණය කොට යලිදු දස අයුරෙකින් පරිග්‍රහණය කෙරේ. කෙසේද? රූපය හිස්වූවක් ලෙසින්, නිසරු වූවක් ලෙසින්, ශූන්‍යයක් ලෙසින්, අනාත්ම වූවක් ලෙසින්, අස්වාමිකයක් ලෙසින්, අකාමකාර්යයක් (නොකැමැති වැඩක්) ලෙසින්, නොලද හැක්කක් ලෙසින්, වශයෙහි නොපවත්නක් ලෙසින්, තමා සතු නොවන්නක් ලෙසින්, කිසිවකු සතු නොවන්නක් ලෙසින් යන මේ දස ආකාරයෙන් බලයි; වේදනාව -පෙ- විඤ්ඤාණය හිස් වූවක් -පෙ- කිසිවකු සතු නො-වූවක් ලෙසින්, දකිති’යි
එවං දසහාකාරෙහි සුඤ්ඤතං පරිග්ගහෙත්වා පුන ද්වාදසහාකාරෙහි පරිග්ගණ්හාති. සෙය්යථිදං – රූපං න සත්තො, න ජීවො, න නරො, න මාණවො, න ඉත්ථී, න පුරිසො, න අත්තා, න අත්තනියං. නාහං, න මම, න අඤ්ඤස්ස, න කස්සචි. වෙදනා…පෙ… විඤ්ඤාණං න කස්සචීති (චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 88).
මෙසේ දස ආකාරයෙකින් ශුන්‍යතාව පරිග්‍රහණය කොට, යලිදු දොළොස් ආකාරයෙකින් පරිග්‍රහණය කෙරේ. කෙසේද? “රූපය සත්වයෙක් නොවේ, ජීවියෙක් නොවේ, මනුෂ්‍යයෙක් නොවේ, මානවයෙක් ද නොවේ, ස්ත්‍රියක් ද නොවේ, පුරුෂයෙක් ද නොවේ, ආත්මය ද නොවේ, ආත්මයට අයත් වූවක් ද නොවේ, මම ද නොවෙමි, මා සතු වූවක් ද නොවේ, අනෙකකු සතු වූවක් ද නොවේ, කිසිවකු සතු වූවක් හෝ නොවේ. වේදනාව -පෙ- විඤ්ඤාණය -පෙ- සත්වයෙක් නොවේ -පෙ- කිසිවකු සතු වූවක් හෝ නොවේ,” යනුවෙන්
එවං ද්වාදසහාකාරෙහි සුඤ්ඤතං පරිග්ගණ්හිත්වා පුන තීරණපරිඤ්ඤාවසෙන ද්වාචත්තාලීසාය ආකාරෙහි සුඤ්ඤතං පරිග්ගණ්හාති, රූපං අනිච්චතො… දුක්ඛතො… රොගතො… ගණ්ඩතො… සල්ලතො… අඝතො… ආබාධතො… පරතො… පලොකතො… ඊතිතො… උපද්දවතො… භයතො… උපසග්ගතො… චලතො… පභඞ්ගුතො… අද්ධුවතො… අතාණතො… අලෙණතො… අසරණතො… අසරණීභූතතො… රිත්තතො… තුච්ඡතො… සුඤ්ඤතො… අනත්තතො… අනස්සාදතො… ආදීනවතො… විපරිණාමධම්මතො… අස්සාරකතො… අඝමූලතො… වධකතො… විභවතො… සාසවතො… සඞ්ඛතතො… මාරාමිසතො… ජාතිධම්මතො… ජරාධම්මතො… බ්යාධිධම්මතො… මරණධම්මතො… සොකපරිදෙවදුක්ඛදොමනස්සඋපායාසධම්මතො… සමුදයතො… අත්ථඞ්ගමතො… අනස්සාදතො … ආදීනවතො… නිස්සරණතො පස්සති. වෙදනං…පෙ… විඤ්ඤාණං අනිච්චතො…පෙ… නිස්සරණතො පස්සති.
මෙසේ දොළොස් ආකාරයෙකින් ශුන්‍යතාව පරිග්‍රහණය කොට, යලිදු, තීරණ පරිඥා (පූර්ණ අවබෝධයෙන්) වශයෙන් මෙසේ දෙසාළිස් ආකාරයෙකින් ශූන්‍යතාව පරිග්‍රහණය කෙරේ;- රූපය අනිත්යවූවක් ලෙසින්, දුඃඛයක්, ලෙඩක්, ගඩක්, හුලක් (පිළිකාවක්) පාපරෝගයක්, ආබාධයක්, තමා සතු නොවන්නක්, විනාශ වන්නක්, අන්තරායයක්, උපද්‍රවයක්, භයක්, විපතක්, සසල වූවක්, බිඳෙන සුලු වූවක්, අස්ථිර වූවක්, ආරක්ෂා රහිත වූවක්, රැකවරණ රහිත වූවක්, සරණ නොවූවක්, අසරණ බවට පත්වීමක්, නිසරු වූවක්, හිස් වූවක්, ශූන්‍යයක්, ආත්ම නොවන්නක්, ආස්වාද රහිතයක්, ආදීනවයක්, විපරිණාම ධර්මයක්, අසාර වූවක්, පාපයට මුලක්, වධකයකු, විනාශයක්, ආශ්‍රව සහිතයක්, සංස්කාරයක්, මාරයාගේ ඇමක්, ජාති ස්වභාවයක්, ජරා ස්වභාවයක්, ව්‍යාධි ස්වභාවයක්, මරණ ස්වභාවයක් ලෙසින්, සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාවයක් ලෙසින්, හටගැනීමක්, අවරට යාමක්, විසිර යාමක් ලෙසින්, දකියි. වේදනාව -පෙ- විඤ්ඤාණය -පෙ- අනිත්‍ය වූවක් ලෙසින් -පෙ- දකියි.
වුත්තම්පි චෙතං – “රූපං අනිච්චතො…පෙ… නිස්සරණතො පස්සන්තො සුඤ්ඤතො ලොකං අවෙක්ඛති. වෙදනං…පෙ… විඤ්ඤාණං අනිච්චතො…පෙ… නිස්සරණතො පස්සන්තො සුඤ්ඤතො ලොකං අවෙක්ඛති”.
මෙසේද කියන ලදි: “රූපං අනිච්චතො -පෙ- නිස්සරණතො පස්සන්තො සුඤ්ඤතො ලොකං අවෙක්ඛති; වෙදනං -පෙ- විඤ්ඤාණං අනිච්චතො -පෙ- නිස්සරණතො පස්සන්තො සුඤ්ඤතො ලොකං අවෙක්ඛති. (රූපය අනිත්‍ය වශයෙන් -පෙ- නිස්සරණ වශයෙන් බලනුයේ ලෝකය ශූන්‍යයක් ලෙසින් බලයි. වේදනාව -පෙ- විඤ්ඤාණය -පෙ- ශූන්‍ය විලසින් බලයි.
“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු, මොඝරාජ සදා සතො; අත්තානුදිට්ඨිං ඌහච්ච, එවං මච්චුතරො සියා; එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සතී”ති. (සු· නි· 1125; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 88);
සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතො, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා, එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතී’ති
මෝඝරාජය, සැම කල්හි සිහි ඇතිව ලෝකය ශූන්‍යයක් ලෙසින් බලව, මෙසේ ආත්ම දෘෂ්ටිය හැර, මාරයා ඉක්මවන්නෙක් වන්නේය. මෙසේ ලෝකය දෙස බලන්නා මෘත්‍යුරාජයා (මාරයා) හට නොපෙනේ.
එවං සුඤ්ඤතො දිස්වා තිලක්ඛණං ආරොපෙත්වා සඞ්ඛාරෙ පරිග්ගණ්හන්තො භයඤ්ච නන්දිඤ්ච විප්පහාය සඞ්ඛාරෙසු උදාසීනො අහොසි මජ්ඣත්තො, අහන්ති වා මමන්ති වා න ගණ්හාති විස්සට්ඨභරියො විය පුරිසො.
මෙසේ ශුන්‍ය වශයෙන් දැක, ත්රිලක්ෂණයට නඟා සංස්කාරයන් පරිග්‍රහණය කරනුයේ බියද, නන්දිරාගයද දුර හැර සංස්කාරයන් කෙරෙහි උදාසීනයකු, මධ්‍යස්ථයකු බවට පත් වෙයි; ‘මම’ යයි හෝ මාගේ යයි නොගනියි; භාර්යාව අත් හළ පුරුෂයකු සෙයිනි.
යථා නාම පුරිසස්ස භරියා භවෙය්ය ඉට්ඨා කන්තා මනාපා, සො තාය විනා මුහුත්තම්පි අධිවාසෙතුං න සක්කුණෙය්ය, අතිවිය නං මමායෙය්ය, සො තං ඉත්ථිං අඤ්ඤෙන පුරිසෙන සද්ධිං ඨිතං වා නිසින්නං වා කථෙන්තිං වා හසන්තිං වා දිස්වා කුපිතො අස්ස අනත්තමනො, අධිමත්තං දොමනස්සං පටිසංවෙදෙය්ය. සො අපරෙන සමයෙන තස්සා ඉත්ථියා දොසං දිස්වා මුඤ්චිතුකාමො හුත්වා තං විස්සජ්ජෙය්ය, න නං මමාති ගණ්හෙය්ය. තතො පට්ඨාය තං යෙනකෙනචි සද්ධිං යංකිඤ්චි කුරුමානං දිස්වාපි නෙව කුප්පෙය්ය, න දොමනස්සං ආපජ්ජෙය්ය, අඤ්ඤදත්ථු උදාසීනොව භවෙය්ය මජ්ඣත්තො. එවමෙවායං සබ්බසඞ්ඛාරෙහි මුඤ්චිතුකාමො හුත්වා පටිසඞ්ඛානුපස්සනාය සඞ්ඛාරෙ පරිග්ගණ්හන්තො අහං මමාති ගහෙතබ්බං අදිස්වා භයඤ්ච නන්දිඤ්ච විප්පහාය සබ්බසඞ්ඛාරෙසු උදාසීනො හොති මජ්ඣත්තො.
යම්සේ වනාහි පුරුෂයකුහට ඉෂ්ට වූ ප්‍රියමනාප වූ භාර්යාවක් වේද, හේ තෙමේ මොහොතකුදු ඇයගෙන් වෙන්වී සිටිනු නොහැකි වන්නේය; ඇය කෙරෙහි බොහෝ සෙයින් ඇලුම් කරන්නේය; හෙතෙමේ ඒ ස්ත්‍රිය අන් පුරුෂයකු සමග සිටිනු හෝ හිඳිනු හෝ, තෙපලනු හෝ සිනාසෙනු දුටහොත්, කුපිතව නොසතුටට පත්ව ඉතා දොම්නසක් විඳින්නේය; පසුකලෙක ඇයගේ දොසක් දැක වෙන්වනු කැමැතිව ඇය අත් හරින්නේය; ඇය තමාගේ බිරිය ලෙස නොසලකන්නේය; එතැන් පටන් ඇය යම් කිසිවකු සමග කිසිවක් කරනු දුටු විට පවා නොකිපෙන්නේය, දොම්නසට පත් නොවන්නේය, ඒකාන්තයෙන්ම උදාසීන වන්නේය, මධ්‍යස්ථ වන්නේය. එසේම මේ යෝගාවචරයා සියලු සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමැතිව පටිසංඛානුපස්සනාව මගින් සංස්කාරයන් පරිග්‍රහණය කරනුයේ, ‘මම’ය, ‘මාගේ’ යයි ගතහැකි දෙයක් නොදැක, බියද, නන්දි-රාගයද හැර, සියලු සංස්කාරයන් කෙරෙහි උදාසීන වන්නේය, මධ්‍යස්ථ වන්නේය.
තස්ස එවං ජානතො එවං පස්සතො තීසු භවෙසු චතූසු යොනීසු පඤ්චසු ගතීසු සත්තසු විඤ්ඤාණට්ඨිතීසු නවසු සත්තාවාසෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති, උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති.
මෙසේ දැන මෙසේ දක්නා ඒ යෝගාවචරයාගේ සිත භවත්රයයෙහිද, චතුර්යෝනියෙහිද, පංච ගතියෙහිද, සප්ත විඥානස්ථිතියෙහිද, නව සත්වාවාසයෙහිද හැකිලෙයි, පැතිරෙයි, ආපසු හැරෙයි, නොපැතිරෙයි; උපේක්ෂාව හෝ පිළිකුල් බවම සුපිහිටයි.
සෙය්යථාපි නාම පදුමපලාසෙ ඊසකපොණෙ උදකඵුසිතානි පතිලීයන්ති පතිකුටන්ති පතිවත්තන්ති න සම්පසාරියන්ති, එවමෙව…පෙ… සෙය්යථාපි නාම කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති (අ· නි· 7.49), එවමෙව තස්ස තීසු භවෙසු චිත්තං…පෙ… උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති. ඉච්චස්ස සඞ්ඛාරුපෙක්ඛාඤාණං නාම උප්පන්නං හොති.
යම්සේ වනාහි, මඳක් නැඹුරු වූ නෙළුම් කොළයෙක දියබිඳු හැකිලේද, පැකිලේද, ආපසු හැරේද, නොපැතිරේද, එසේම -පෙ-; යම්සේ වනාහි කුකුළු පිහාටුවක් හෝ නහර වැලක් හෝ ගින්නෙහි බහාලූ කල, හැකිලේද, පැකිලේද, ආපසු හැරේද, නොපැතිරේද, එසේම ඒ යෝගාවචරයාගේ සිත භවත්රයයෙහිද -පෙ- උපේක්ෂාව හෝ පිළිකුල් බවම හෝ සුපිහිටයි. මෙසේ ඔහුට සංඛාරුපෙක්ඛා ඤාණය උපන්නේ නම් වේ.
තං පනෙතං සචෙ සන්තිපදං නිබ්බානං සන්තතො පස්සති, සබ්බං සඞ්ඛාරප්පවත්තං විස්සජ්ජෙත්වා නිබ්බානමෙව පක්ඛන්දති. නො චෙ නිබ්බානං සන්තතො පස්සති, පුනප්පුනං සඞ්ඛාරාරම්මණමෙව හුත්වා පවත්තති සාමුද්දිකානං දිසාකාකො විය. සාමුද්දිකා කිර වාණිජකා නාවං ආරොහන්තා දිසාකාකං නාම ගණ්හන්ති, තෙ යදා නාවා වාතක්ඛිත්තා විදෙසං පක්ඛන්දති, තීරං න පඤ්ඤායති, තදා දිසාකාකං විස්සජ්ජෙන්ති. සො කූපකයට්ඨිතො ආකාසං ලඞ්ඝිත්වා සබ්බා දිසා ච විදිසා ච අනුගන්ත්වා සචෙ තීරං පස්සති, තදභිමුඛොව ගච්ඡති. නො චෙ පස්සති, පුනප්පුනං ආගන්ත්වා කූපකයට්ඨිංයෙව අල්ලීයති. එවමෙව සචෙ සඞ්ඛාරුපෙක්ඛාඤාණං සන්තිපදං නිබ්බානං සන්තතො පස්සති, සබ්බං සඞ්ඛාරප්පවත්තං විස්සජ්ජෙත්වා නිබ්බානමෙව පක්ඛන්දති. නො චෙ පස්සති, පුනප්පුනං සඞ්ඛාරාරම්මණමෙව හුත්වා පවත්තති.
ඉදින් එම සංඛාරුපෙක්ඛා ඤාණය ශාන්තිපද නිර්වාණය ශාන්ත ලෙස දකී නම් සියලු සංසාර වෘත්තය හැර නිර්වාණයටම පිවිසේ; නිර්වාණය ශාන්ත වශයෙන් නොදකිතොත් නැවත නැවතත් සංස්කාරයන් අරමුණුකොට ගෙනම පවතී. සාමුද්‍රික වෙළඳුන්ගේ දිසාකාකයකු මෙනි. මුහුදෙන් එතර වෙළඳාමෙහි නියුතු වෙළඳජනයා නැව් නඟින විට ‘දිසාකාක’ යයි වහරනු ලබන කපුටකු රැගෙන යති. යම්කලෙක සැඩසුළඟට හසුවී නැව විදේශයට හැරුණ හොත්, වෙරළ නොපෙනී ගියහොත්, එකල දිසාකාකයා මුදා හරිති. දිසාකාකයා කුඹ ගසින් අහසට නැඟ සියලු දිසා අනුදිසාවන් වෙත ඉගිලෙමින් වෙරලක් දුටහොත් ඒ අතට පියාඹයි; නොදුටහොත් නැවත නැවතත් පෙරළා අවුත් කුඹගසෙහිම ලැගෙයි. එසේම, ඉදින් සංඛාරුපෙක්ඛා ඤාණය ශාන්තිපද නිර්වාණය ශාන්ත වශයෙන් දකිතොත් සියලු සසර වට හැර පියා නිර්වාණය වෙතටම වදියි; එසේ නොදකිතොත් යලියලිත් සංස්කාරයන් අරමුණු කොටගෙනම පවතියි.
තදිදං සුප්පග්ගෙ පිට්ඨං වට්ටයමානං විය. නිබ්බට්ටිතකප්පාසං විහනමානං විය නානප්පකාරතො සඞ්ඛාරෙ පරිග්ගහෙත්වා භයඤ්ච නන්දිඤ්ච පහාය සඞ්ඛාරවිචිනනෙ මජ්ඣත්තං හුත්වා තිවිධානුපස්සනාවසෙන තිට්ඨති. එවං තිට්ඨමානං තිවිධවිමොක්ඛමුඛභාවං ආපජ්ජිත්වා සත්තඅරියපුග්ගලවිභාගාය පච්චයො හොති.
ඒ මේ සංඛාරුපෙක්ඛා ඤාණය කුලු-අග පොළනු ලබන පිටි මෙන්ද, ඇට ඉවත් වන සේ නෙළනු ලබන කපු මෙන්ද, සංස්කාරයන් නන් අයුරින් විනිශ්චය කරමින්, බියද, නන්දියද හැරපියා සංස්කාරයන් රැස්කිරීමෙහි මධ්‍යස්ත වූයේ ත්‍රිවිධ අනුපස්සනා වශයෙන් සිටියි. එසේ සිටිමින් (ඒ සංඛාරුපෙක්ඛා ඤාණය) ත්‍රිවිධ වූ විමෝක්ෂ මුඛ භාවයට පත්ව, (මතු දැක්වෙන සද්ධානුසාරී ආදී සප්ත ආර්ය පුද්ගලභාවය) පිණිස ප්‍රත්‍යය වේ.
තත්රිදං තිවිධානුපස්සනාවසෙන පවත්තනතො තිණ්ණං ඉන්ද්රියානං ආධිපතෙය්යවසෙන තිවිධවිමොක්ඛමුඛභාවං ආපජ්ජති නාම. තිස්සො හි අනුපස්සනා තීණි විමොක්ඛමුඛානීති වුච්චන්ති. යථාහ –
එහි, මෙම සංඛාරුපෙක්ඛා ඤාණය (අනිත්‍යාදී) ත්‍රිවිධ අනුපස්සනා වශයෙන් පවත්නා හෙයින් (ශ්‍රද්ධාදී) ත්‍රිවිධ ඉන්ද්රියයන්ගේ ආධිපත්‍ය වශයෙන් (අනිමිත්තාදී) ත්‍රිවිධ විමෝක්ෂමුඛ භාවයට පැමිණේ නම් වේ; අනුපස්සනා තුන වනාහි ‘විමෝක්ෂ මුඛ” යයි කියනු ලැබේ; යම්සේ කීහුද:-
“තීණි ඛො පනිමානි විමොක්ඛමුඛානි ලොකනිය්යානාය සංවත්තන්ති, සබ්බසඞ්ඛාරෙ පරිච්ඡෙදපරිවටුමතො සමනුපස්සනතාය, අනිමිත්තාය ච ධාතුයා චිත්තසම්පක්ඛන්දනතාය, සබ්බසඞ්ඛාරෙසු මනොසමුත්තෙජනතාය, අප්පණිහිතාය ච ධාතුයා චිත්තසම්පක්ඛන්දනතාය, සබ්බධම්මෙ පරතො සමනුපස්සනතාය, සුඤ්ඤතාය ච ධාතුයා චිත්තසම්පක්ඛන්දනතාය, ඉමානි තීණි විමොක්ඛමුඛානි ලොකනිය්යානාය සංවත්තන්තී”ති (පටි· ම· 1.219).
“මේ විමෝක්ෂමාර්ග තුන වනාහි ලෝකය (සසරවට) ඉක්මවීම පිණිස පවතී. i. සියලු සංස්කාරයන් (උදය-ව්‍යය දෙකින්) පරිච්ඡින්න වූ ආකාරයෙන් හා සියලු අතින් වට කරන ලද ආකාරයෙන් මැනවින් දක්නා බැවින් හා ‘අනිමිත්ත’ (සංස්කාරයන් පිළිබඳ නිමිති නැති) ධාතුව වෙතට සිත පිවිසෙන බැවින්ද, ii. සියලු සංස්කාරයන් කෙරෙහි සිත කලඹවන බැවින් ‘අප්පණිහිත’ (රාගාදී ප්‍රණිධි රහිත) ධාතුව වෙතට සිත පිවිසෙන බැවින්ද, iii. සියලු සංස්කාර ධර්මයන් පර (අනාත්ම) වශයෙන් මැනවින් දක්නා බැවින් හා ‘සුඤ්ඤතා (ශුන්‍යතා) ධාතුව වෙතට සිත පිවිසෙන බැවින්ද, මේ විමෝක්ෂ මාර්ග තුන ලෝකයෙන් (සසර වටින්) නික්මෙනු පිණිස පවතී”
තත්ථ පරිච්ඡෙදපරිවටුමතොති උදයබ්බයවසෙන පරිච්ඡෙදතො චෙව පරිවටුමතො ච. අනිච්චානුපස්සනං හි “උදයතො පුබ්බෙ සඞ්ඛාරා නත්ථී”ති පරිච්ඡින්දිත්වා තෙසං ගතිං සමන්නෙසමානං “වයතො පරං න ගච්ඡන්ති, එත්ථෙව අන්තරධායන්තී”ති පරිවටුමතො සමනුපස්සති. මනොසමුත්තෙජනතායාති චිත්තසංවෙජනතාය . දුක්ඛානුපස්සනෙන හි සඞ්ඛාරෙසු චිත්තං සංවෙජෙති. පරතො සමනුපස්සනතායාති “නාහං, න මමා”ති එවං අනත්තතො සමනුපස්සනතාය. ඉති ඉමානි තීණි පදානි අනිච්චානුපස්සනාදීනං වසෙන වුත්තානීති වෙදිතබ්බානි. තෙනෙව තදනන්තරෙ පඤ්හවිස්සජ්ජනෙ වුත්තං – “අනිච්චතො මනසිකරොතො ඛයතො සඞ්ඛාරා උපට්ඨහන්ති. දුක්ඛතො මනසිකරොතො භයතො සඞ්ඛාරා උපට්ඨහන්ති. අනත්තතො මනසිකරොතො සුඤ්ඤතො සඞ්ඛාරා උපට්ඨහන්තී”ති (පටි· ම· 1.219).
එහි, ‘පරිච්ඡින්න හා සියලු අතින් වටකරන ලද ආකාරයෙන් (පරිච්ඡේද පරිවටුමතා) යනු, උදය-ව්‍යය වශයෙන් පිරිසිඳි බැවින් හා සියලු අතින් වැසුණු බවිනි. අනිච්චානුපස්සනාව වනාහි ‘උදාවට පෙර සංස්කාරයන් නැතැ’යි පිරිසිඳ, එම සංස්කාරයන්ගේ ගමන සොයමින් ‘ව්‍යයයෙන් පසුව නොයති, මෙහිදීම අතුරුදන් වෙති’යි පරිවටුම (සීමා) වශයෙන් මැනවින් දකි’යි. ‘සිත කළඹවන බැවින් (මනො සමුත්තේජනතාය) යනු, සිත තුළ සංවේගය දනවන බැවිනි. දුඃඛානුපස්සනාවෙන් සංස්කාරයන් කෙරෙහි සිත සංවේගයට පත්වේ. ‘පර (අනාත්ම) වශයෙන් මැනවින් බලන බැවින්’ (පරතො සමනුපස්සනතාය) යනු, ‘මම් නොවෙමි, මාගේ නොවේ’ යනුවෙන් මෙසේ අනාත්ම වශයෙන් දක්නා බැවිනි. මෙසේ මේ පද තුන ‘අනිච්චානුපස්සනා’ ආදි වශයෙන් කියන ලදැයි දතයුතුය. එහෙයින්ම, අනතුරුව පැන විසඳීමේදී, “අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට සංස්කාරයන් ක්ෂය වශයෙන් වැටහෙතැ’යිද, දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නහුට භය වශයෙන් වැටහෙතැ’යිද, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නහුට ශූන්‍ය වශයෙන් වැටහෙතැ’යිද කියන ලදි.
කතමෙ පන තෙ විමොක්ඛා, යෙසං ඉමානි අනුපස්සනානි මුඛානීති? අනිමිත්තො, අප්පණිහිතො, සුඤ්ඤතොති එතෙ තයො. වුත්තං හෙතං “අනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛබහුලො අනිමිත්තං විමොක්ඛං පටිලභති. දුක්ඛතො මනසිකරොන්තො පස්සද්ධිබහුලො අප්පණිහිතං විමොක්ඛං පටිලභති. අනත්තතො මනසිකරොන්තො වෙදබහුලො සුඤ්ඤතවිමොක්ඛං පටිලභතී”ති (පටි· ම· 1.223).
මේ අනුපස්සනාවන් මුඛ (මාර්ග)කොට ඇති එම (යට කියන ලද) විමෝක්ෂයෝ කවරහුද? අනිමිත්තය, අප්‍රණිහිතය, ශුන්යතාය යන මේ ත්‍රිවිධ විමෝක්ෂයෝය. කියන ලදමැයි:- අධිමෝක්ෂය (බලවත් ශ්‍රද්ධාව) බහුල කොට ඇත්තේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනුයේ අනිමිත්ත විමෝක්ෂය ලබයි; පස්සද්ධි (සන් සිඳුණු බව) බහුල කොට ඇත්තේ දුඃඛ වශයෙන් මෙනෙහි කරනුයේ අප්‍රණිහිත විමෝක්ෂය ලබයි; (ආත්ම ශුන්යතානු දර්ශන) බහුල වූයේ අනාත්ම වශයෙන් මෙනෙහි කරනුයේ ශුන්‍යතා විමෝක්ෂය ලබයි.
එත්ථ ච අනිමිත්තො විමොක්ඛොති අනිමිත්තාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො අරියමග්ගො. සො හි අනිමිත්තාය ධාතුයා උප්පන්නත්තා අනිමිත්තො. කිලෙසෙහි ච විමුත්තත්තා විමොක්ඛො. එතෙනෙව නයෙන අප්පණිහිතාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො අප්පණිහිතො. සුඤ්ඤතාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො සුඤ්ඤතොති වෙදිතබ්බො.
මෙහිලා අනිමිත්ත විමෝක්ෂ යනු, නිමිති නොවන ආකාරයෙන් නිර්වාණය අරමුණු කොට පැවැති ආර්යමාර්ගයයි. එය වනාහි ‘අනිමිත්ත’ ධාතුවෙන් උපන් හෙයින් ‘අනිමිත්ත’ නම්ද, කෙලෙසුන් කෙරෙන් මිදුණු හෙයින් ‘විමෝක්ෂ’ නම්ද වේ. මෙනයින්ම ‘අප්පණිහිත’ (ප්‍රණිධි රහිත) ආකාරයෙන් නිර්වාණය අරමුණු කොට පැවැතියේ ‘අප්පණිහිත’ විමෝක්ෂයයිද, ශූන්‍යතාකාරයෙන් නිර්වාණය අරමුණු කොට පැවැතියේ ‘ශුන්‍යතා’ විමෝක්ෂයයිද දතයුතුය.
යං පන අභිධම්මෙ “යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං සුඤ්ඤත”න්ති (ධ· ස· 343 ආදයො) එවං විමොක්ඛද්වයමෙව වුත්තං, තං නිප්පරියායතො විපස්සනාගමනං සන්ධාය. විපස්සනාඤාණං හි කිඤ්චාපි පටිසම්භිදාමග්ගෙ –
අභිධර්මයෙහි වනාහි, “යම් කලෙක නෛර්යානික වූ, නිර්වාණගාමී වූ, ලෝකෝත්තර ධ්‍යානය වසාද, දෘෂ්ටීන් පහ කරනු පිණිස, ප්‍රථම (සෝවාන්) භූමියට පැමිණෙනු පිණිස, කාමයන්ගෙන් වෙන්ව අප්‍රණිහිත වූද -පෙ- සුඤ්ඤත වූද ප්‍රථම ධ්‍යානයට පැමිණ මෙසේදැ”යි යනුවෙන් මෙසේ විමෝක්ෂද්වයයක්ම පමණක් කියන ලද්දේද, එය නිෂ්පර්යා (අවිශේෂ) වශයෙන් විදර්ශනා ගමනය සඳහා කියන ලදි. එකෙකුදු වුවත්, පටිසම්භිදාමග්ගයෙහි විදර්ශනාඥානය මෙසේ දක්වා ඇත:-
“අනිච්චානුපස්සනාඤාණං නිච්චතො අභිනිවෙසං මුඤ්චතීති සුඤ්ඤතො විමොක්ඛො. දුක්ඛානුපස්සනාඤාණං සුඛතො අභිනිවෙසං. අනත්තානුපස්සනාඤාණං අත්තතො අභිනිවෙසං මුඤ්චතීති සුඤ්ඤතො විමොක්ඛො”ති (පටි· ම· 1.229) එවං අභිනිවෙසං මුඤ්චනවසෙන සුඤ්ඤතො විමොක්ඛොති ච,
“අනිච්චානුපස්සනා ඤාණය” නිත්‍යය, යන හැඟීමෙන් මුදවති’යි ශුන්‍යතා විමෝක්ෂයි, දුඃඛානුපස්සනා ඤාණය සුඛයයි යන හැඟීමෙන්ද, අනත්තානුපස්සනා ඤාණය ආත්මයයි යන හැඟීමෙන්ද, මුදවති’යි ශුන්‍යතා විමෝක්ෂයි, යනුවෙන් මෙසේ අභිනිවෙසමුඤ්චන වශයෙන් ශුන්‍යතා විමෝක්ෂයයි.
“අනිච්චානුපස්සනාඤාණං නිච්චතො නිමිත්තං මුඤ්චතීති අනිමිත්තො විමොක්ඛො. දුක්ඛානුපස්සනාඤාණං සුඛතො නිමිත්තං, අනත්තානුපස්සනාඤාණං අත්තතො නිමිත්තං මුඤ්චතීති අනිමිත්තො විමොක්ඛො”ති (පටි· ම· 1.229) එවං නිමිත්තං මුඤ්චනවසෙන අනිමිත්තො විමොක්ඛොති ච,
අනිච්චානුපස්සනා ඤාණය නිත්‍යය යන නිමිත්තෙන් මුදවති’යි අනිමිත්ත විමෝක්ෂයි, දුක්ඛානුපස්සනා ඤාණය සුඛයයි යන නිමිත්තෙන්ද, අනත්තානුපස්සනා ඤාණය ආත්මයයි යන නිමිත්තෙන්ද මුදවති’යි අනිමිත්ත විමෝක්ෂයයි, යනුවෙන් මෙසේ නිමිත්ත මුඤ්චන වශයෙන් අනිමිත්ත විමෝක්ෂයි;
“අනිච්චානුපස්සනාඤාණං නිච්චතො පණිධිං මුඤ්චතීති අප්පණිහිතො විමොක්ඛො. දුක්ඛානුපස්සනාඤාණං සුඛතො පණිධිං. අනත්තානුපස්සනාඤාණං අත්තතො පණිධිං මුඤ්චතීති අප්පණිහිතො විමොක්ඛො”ති (පටි· ම· 1.229) එවං පණිධිං මුඤ්චනවසෙන අප්පණිහිතො විමොක්ඛොති ච –
අනිච්චානුපස්සනා ඤාණය නිත්‍යයයි යන (තෘෂ්ණා) ප්‍රණිධියෙන් මුදවති’යි අප්පණිහිත විමෝක්ෂයයි, දුක්ඛානුපස්සනාඤාණය සුඛයයි යන ප්රණිධියෙන්ද, අනත්තානුපස්සනා ඤාණය ආත්මයයි යන ප්රණිධියෙන්ද මුදවති’යි අප්‍රණිහිත විමෝක්ෂයයි, යනුවෙන් මෙසේ ප්‍රණිධි මුඤ්චන වශයෙන් අප්‍රණිහිත විමෝක්ෂයි; යනුවෙනි.
වුත්තං. තථාපි තං සඞ්ඛාරනිමිත්තස්ස අවිජහනතො න නිප්පරියායෙන අනිමිත්තං. නිප්පරියායෙන පන සුඤ්ඤතඤ්චෙව අප්පණිහිතඤ්ච. තස්ස ච ආගමනවසෙන අරියමග්ගක්ඛණෙ විමොක්ඛො උද්ධටො. තස්මා අප්පණිහිතං සුඤ්ඤතන්ති විමොක්ඛද්වයමෙව වුත්තන්ති වෙදිතබ්බං.
එසේ වතුදු එය (විදර්ශනා ඥානය) සංඛාර නිමිත්ත නොහරනා හෙයින් නිෂ්පර්යාය (වචනාර්ත්ථ) වශයෙන් ‘අනිමිත්ත විමෝක්ෂ වනුයේ නොවේ; නිෂ්පර්යාය වශයෙන් ශුන්‍යතා විමෝක්ෂද අප්පණිහිත විමෝක්ෂද වේ. එම විදර්ශනා ඥානයෙහි ආගමන වශයෙන් ආර්යමාර්ගක්ෂණයෙහිදී විමෝක්ෂය වෙන්කොට හඳුනාගත හැකිවේ. එහෙයින් අප්පණිහිතය, සුඤ්ඤතයයි විමෝක්ෂද්වයයක්ම (අභිධර්මයෙහි) කියන ලදැ’යි දතයුතුය.
අයං තාවෙත්ථ විමොක්ඛකථා.
මේ පළමුකොට මෙහි විමෝක්ෂ කථායි
යං පන වුත්තං “සත්තඅරියපුග්ගලවිභාගාය පච්චයො හොතී”ති, තත්ථ සද්ධානුසාරී, සද්ධාවිමුත්තො, කායසක්ඛි, උභතොභාගවිමුත්තො, ධම්මානුසාරී, දිට්ඨිප්පත්තො, පඤ්ඤාවිමුත්තොති ඉමෙ තාව සත්ත අරියපුග්ගලා, තෙසං විභාගාය ඉදං සඞ්ඛාරුපෙක්ඛාඤාණං පච්චයො හොති.
‘සප්ත ආර්යපුද්ගල විභාගය පිණිස ප්‍රත්‍යය වෙති’යි (සත්ත අරියපුග්ගල විභාගාය පච්චයො හොති) යමක් යට කියන ලද්දේද, එහි සද්ධානුසාරීය, සද්ධා විමුත්තය, කාය සක්ඛීය, උභතො භාග විමුත්තය, ධම්මානුසාරීය, දිට්ඨිප්පත්තය, පඤ්ඤා විමුත්තය යන මොහු සප්ත ආර්ය පුද්ගලයෝ වෙති; ඔවුන්ගේ විභාගය පිණිස මේ සංඛාරුපෙක්ඛා ඤාණය ප්‍රත්‍යය වේ.
යො හි අනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛබහුලො සද්ධින්ද්රියං පටිලභති, සො සොතාපත්තිමග්ගක්ඛණෙ සද්ධානුසාරී හොති. සෙසෙසු සත්තසු ඨානෙසු සද්ධාවිමුත්තො.
යම් ආර්ය පුද්ගලයෙක් වනාහි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් අධිමෝක්ෂ (ශ්‍රද්ධා) බහුල වූයේ සද්ධින්ද්රියය ලබාද හේ තෙමේ සෝතාපත්ති මාර්ගක්ෂණයෙහිදී සද්ධානුසාරී (ශ්‍රද්ධාව අනුව හැසිරෙන්නෙක්) නම් වේ; සෙසු (මාර්ග-ඵල) ස්ථාන සතෙහිදී සද්ධා විමුත්ත නම්වේ.
යො පන දුක්ඛතො මනසිකරොන්තො පස්සද්ධිබහුලො සමාධින්ද්රියං පටිලභති, සො සබ්බත්ථ කායසක්ඛි නාම හොති. අරූපජ්ඣානං පන පත්වා අග්ගඵලප්පත්තො උභතොභාගවිමුත්තො නාම හොති.
යම් ආර්ය පුද්ගලයෙක් වනාහි පස්සද්ධි (අධික වීර්යය මඳක් ලිහිල් කිරීම) බහුල වූයේ දුඃඛ වශයෙන් මෙනෙහි කරමින්, සමාධි-ඉන්ද්රියය ලබාද, හේ තෙමේ සියලු තන්හි ‘කායසක්ඛි’ නම්වේ. අරූප ධ්‍යානයකට පැමිණ අග්‍ර (අර්හත්) ඵලයට පත්වූයේ උභතොභාග විමුත්ත’ නම්වේ.
යො පන අනත්තතො මනසිකරොන්තො වෙදබහුලො පඤ්ඤින්ද්රියං පටිලභති, සො සොතාපත්තිමග්ගක්ඛණෙ ධම්මානුසාරී හොති. ඡසු ඨානෙසු දිට්ඨිප්පත්තො අග්ගඵලෙ පඤ්ඤාවිමුත්තොති.
යම් ආර්ය පුද්ගලයෙක් වනාහි වේද (ඥාන) බහුල වූයේ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් පඤ්ඤින්ද්රියය ලබාද, හේ තෙමේ සෝතාපත්ති මාර්ග ක්ෂණයෙහිදී “ධම්මානුසාරී” නම්වේ; (අනතුරු) ස්ථාන සයෙහිදී දිට්ඨප්පත්ත නම්ද, අග්‍ර (අර්හත්) ඵලයෙහිදී පඤ්ඤාවිමුත්ත නම්ද වේ.
වුත්තං හෙතං –
කියන ලදමැයි-
“අනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති. සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිමග්ගං පටිලභති, තෙන වුච්චති සද්ධානුසාරී”ති.
“අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට සද්ධින්ද්රියය බහුලකොට ඇත්තේය, සද්ධින්ද්රියය බහුල වූ, හෙයින් සෝතාපත්ති මාර්ගය සාක්ෂාත් කරයි. එහෙයින් ‘සද්ධානුසාරි’ යයි කියනු ලැබේ;
තථා “අනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිඵලං සච්ඡිකතං හොති, තෙන වුච්චති සද්ධාවිමුත්තො”තිආදි (පටි· ම· 1.221).
එසේම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට සද්ධින්ද්රියය බහුලව ඇත්තේය, සද්ධින්ද්රියය බහුල වූ හෙයින් සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරන ලද්දේ වේ. එහෙයින් සද්ධාවිමුත්ත යයි කියනු ලැබේ,” යන ආදියයි.
අපරම්පි වුත්තං –
[missing trans]
“සද්දහන්තො විමුත්තොති සද්ධාවිමුත්තො. ඵුට්ඨන්තං සච්ඡිකතොති කායසක්ඛි. දිට්ඨන්තං පත්තොති දිට්ඨිප්පත්තො. සද්දහන්තො විමුච්චතීති සද්ධාවිමුත්තො. ඣානඵස්සං පඨමං ඵුසති පච්ඡා නිරොධං නිබ්බානං සච්ඡිකරොතීති කායසක්ඛි. ‘දුක්ඛා සඞ්ඛාරා, සුඛො නිරොධො’ති ඤාතං හොති දිට්ඨං විදිතං සච්ඡිකතං ඵුසිතං පඤ්ඤායාති දිට්ඨිප්පත්තො”ති (පටි· ම· 1.221).
ශ්‍රද්ධාව පුරුදු කරමින් මිදුණහ’යි ‘සද්ධා විමුත්ත’ නමි; ස්පර්ශ කිරීමෙන් (තමාම අත්දැකීමෙන්) සාක්ෂාත් කළහ’යි’ ‘කායසක්ඛි’ නමි. තමා විසින්ම දක්නා ලද ඵලයට පැමිණියහ’යි ‘දිට්ඨප්පත්ත’ නමි; ශ්‍රද්ධාව වඩමින් මිදේ (සද්දහන්තො විමුච්චති) යනු, සද්ධාවිමුත්ත ආර්ය පුද්ගලයා පළමුකොට ධ්‍යානයන් ස්පර්ශ කරයි, පසුව නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කරති’යි ‘කායසක්ඛි’ නම්වේ. සංස්කාරයන් දුඃඛ (දුක්) වෙති’යි, නිරෝධය සුඛ (සැප) වෙති’යි දන්නා ලදහ’යි දක්නා ලදහ’යි සාක්ෂාත් කරන ලදහ’යි, ප්‍රඥායෙන් ස්පර්ශ කරන ලදහ’යි ‘දිට්ඨප්පත්ත’ නම්වේ.
ඉතරෙසු පන චතූසු සද්ධං අනුසරති, සද්ධාය වා අනුසරති ගච්ඡතීති සද්ධානුසාරී. තථා පඤ්ඤාසඞ්ඛාතං ධම්මං අනුසරති, ධම්මෙන වා අනුසරතීති ධම්මානුසාරී. අරූපජ්ඣානෙන චෙව අරියමග්ගෙන චාති උභතොභාගෙන විමුත්තොති උභතොභාගවිමුත්තො. පජානන්තො විමුත්තොති පඤ්ඤාවිමුත්තොති එවං වචනත්ථො වෙදිතබ්බොති.
ඉතිරි (ආර්ය පුද්ගලයන්) සිවුදෙනා අතුරෙන් වනාහි, ශ්‍රද්ධාව අනුව හැසිරෙති’යි, ශ්‍රද්ධාවෙන් යුක්තව හැසිරෙති’යි යෙති’යි ‘සද්ධානුසාරී’ නම්වේ. එසේ ප්‍රඥා සංඛ්‍යාත වූ ධර්මය අනුව හැසිරෙති’යි, ධර්මයෙන් යුක්තව හැසිරෙති’යි හෝ ‘ධම්මානුසාරී’ නම්වේ. අරූපධ්‍යාන මගින්ද, ආර්ය මාර්ගඥානයෙන්දැ’යි (වික්ඛම්භන සමුච්ඡේද වශයෙන්) දෙවරක් මිදුණහ’යි ‘උභතෝභාග විමුත්ත’ නම් වේ. (අනිත්‍යාදී වශයෙන්) මැනවින් දැන මිදුණහ’යි ‘පඤ්ඤා විමුත්ත’ නම්වේ. මේ ආකාරයෙන් වචනාර්ත්ථය දතයුතුය.
සඞ්ඛාරුපෙක්ඛාඤාණං.
සඞ්ඛාරුපෙක්ඛා ඤාණයයි.
තං පනෙතං පුරිමෙන ඤාණද්වයෙන අත්ථතො එකං. තෙනාහු පොරාණා – “ඉදං සඞ්ඛාරුපෙක්ඛාඤාණං එකමෙව තීණි නාමානි ලභති, හෙට්ඨා මුඤ්චිතුකම්යතාඤාණං නාම ජාතං, මජ්ඣෙ පටිසඞ්ඛානුපස්සනාඤාණං නාම, අන්තෙ ච සිඛාප්පත්තං සඞ්ඛාරුපෙක්ඛාඤාණං නාම”.
ඒ මේ (සංඛාරුපෙක්ඛා) ඤාණය වනාහි පළමු කී (මුඤ්චිතුකම්යතා ඤාණය, පටිසඞ්ඛානුපස්සනා ඤාණය යන) ඤාණ දෙක හා අර්ත්ථ වශයෙන් සමාන වේ; එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:- ‘මෙකී එක්ම සඞ්ඛාරුපෙක්ඛා ඤාණය නම් තුනක් ලබයි; යට ‘මුඤ්චිතුකම්යතා ඤාණ’ නම්විය, මැද ‘පටිසඞ්ඛානුපස්සනා ඤාණ නම් වේ, අවසන්හි මුදුන්පත් වූයේ සඞ්ඛාරුපෙක්ඛාඤාණ නම්වේ” යනුවෙනි.
පාළියම්පි වුත්තං –
පෙළෙහිද කියන ලදි:-
“කථං මුඤ්චිතුකම්යතා-පටිසඞ්ඛා-සන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං? උප්පාදං මුඤ්චිතුකම්යතා-පටිසඞ්ඛා-සන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. පවත්තං…පෙ… නිමිත්තං…පෙ… උපායාසං මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛා-සන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. උප්පාදො දුක්ඛන්ති…පෙ… භයන්ති…පෙ… සාමිසන්ති…පෙ… උප්පාදො සඞ්ඛාරාති…පෙ… උපායාසො සඞ්ඛාරාති මුඤ්චිතුකම්යතා-පටිසඞ්ඛා-සන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණ”න්ති (පටි· ම· 1.54).
‘මුඤ්චිතුකම්යතා, පටිසඞ්ඛා සන්තිට්ඨනා’ යන තුන විෂයයෙහි ප්‍රඥාව සඞ්ඛාරුපෙක්ඛා විෂයයෙහි ඤාණ වනුයේ කෙසේද? පැවැත්මද, නිමිත්තද -පෙ- උපායාසයද -පෙ-, මුඤ්චිතුකම්යතා, පටිසඞ්ඛා, සන්තිට්ඨාන යන තුන විෂයයෙහි වූ ප්‍රඥාව සංඛාරුපෙක්ඛා විෂයයෙහි ඤාණය වේ; උත්පාදය දුකෙකැ’යි -පෙ- භයෙකැ’යි -පෙ- සාමිෂයැයි -පෙ- උත්පාදය සංස්කාරයැ’යි -පෙ- උපායාසය සංස්කාරයැ’යි මුඤ්චිතුකම්යතා, පටිසඞ්ඛා, සන්තිට්ඨාන විෂයයෙහි ප්‍රඥාව සඞ්ඛාරුපෙක්ඛා විෂයයෙහි ඤාණය වේ’
තත්ථ මුඤ්චිතුකම්යතා ච සා පටිසඞ්ඛා ච සන්තිට්ඨනා චාති මුඤ්චිතුකම්යතා-පටිසඞ්ඛා-සන්තිට්ඨනා. ඉති පුබ්බභාගෙ නිබ්බිදාඤාණෙන නිබ්බින්නස්ස උප්පාදාදීනි පරිච්චජිතුකාමතා මුඤ්චිතුකාමතා. මුඤ්චනස්ස උපායකරණත්ථං මජ්ඣෙ පටිසඞ්ඛානං පටිසඞ්ඛා. මුඤ්චිත්වා අවසානෙ අජ්ඣුපෙක්ඛනං සන්තිට්ඨනා. යං සන්ධාය “උප්පාදො සඞ්ඛාරා, තෙ සඞ්ඛාරෙ අජ්ඣුපෙක්ඛතීති සඞ්ඛාරුපෙක්ඛා”තිආදි (පටි· ම· 1.54) වුත්තං. එවං එකමෙවිදං ඤාණං.
එහි, මුඤ්චිතුකම්යතාද එම පටිසඞ්ඛාද එම සන්තිට්ඨානදැ’යි ‘මුඤ්චිතුකම්යතා-පටිසඞ්ඛා-සන්තිට්ඨාන’යි සමාස වේ. මෙසේ මුල් අවස්ථාවෙහිදී නිබ්බිදා ඤාණයෙන් නිර්වේදයට (කලකිරීමට) පත්ව, උත්පාදාදිය දුරුකරනු කැමැති බව ‘මුඤ්චිතුකම්යතා’ නමි, මධ්‍ය අවස්ථාවෙහිදී, මිදීමට උපයා කරගැනීම පිණිස ප්රත්යවේක්ෂා කිරීම ‘පටිසඞ්ඛා’ නමි, මිදීමෙන් පසු අවසන්හි ඇතිවන තැන්පත් බව ‘සන්තිට්ඨානා’ නමි. එය (සන්තිට්ඨානා) සඳහා, ‘උත්පාදය සංඛාරයි, එම සංඛාරයන් කෙරෙහි මැදහත් වෙති’යි සංඛාරුපෙක්ඛා නම් වෙති’යි ආදිය කියන ලදි. මෙසේ මේ ඥානය එකක්ම වේ.
අපිච ඉමායපි පාළියා ඉදං එකමෙවාති වෙදිතබ්බං. වුත්තං හෙතං – “යා ච මුඤ්චිතුකම්යතා, යා ච පටිසඞ්ඛානුපස්සනා, යා ච සඞ්ඛාරුපෙක්ඛා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.227).
තවද මෙය එකක්ම බව මේ පෙළ අනුවද දතයුතුය:- “යම් මුඤ්චිතුකම්යතාවක් වේද, යම් පටිසඞ්ඛානුපස්සනාවක් වේද, යම් සඞ්ඛාරුපෙක්ඛාවක් වේද, මේ ධර්මයෝ ඒකාර්ත්ථවත් වෙති; හුදෙක් අක්ෂර වශයෙන්ම නානත්වය වේ” යනුයි.
එවං අධිගතසඞ්ඛාරුපෙක්ඛස්ස පන ඉමස්ස කුලපුත්තස්ස විපස්සනා සිඛාප්පත්තා වුට්ඨානගාමිනී හොති. සිඛාප්පත්තා විපස්සනාති වා වුට්ඨානගාමිනීති වා සඞ්ඛාරුපෙක්ඛාදිඤාණත්තයස්සෙව එතං නාමං. සා හි සිඛං උත්තමභාවං පත්තත්තා සිඛාප්පත්තා. වුට්ඨානං ගච්ඡතීති වුට්ඨානගාමිනී. වුට්ඨානං වුච්චති බහිද්ධානිමිත්තභූතතො අභිනිවිට්ඨවත්ථුතො චෙව අජ්ඣත්තපවත්තතො ච වුට්ඨහනතො මග්ගො, තං ගච්ඡතීති වුට්ඨානගාමිනී, මග්ගෙන සද්ධිං ඝටියතීති අත්ථො.
මෙසේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය ලැබූ මේ කුලපුත්‍රයාගේ විදර්ශනාව මුදුන්පත්වූයේ සිඛාප්පත්ත නම්ද, නැඟීමට යනුයේ ‘වුට්ඨාන ගාමිනී’ නම්ද වේ. ‘සිඛාප්පත්තා විපස්සනා’යි කීවද, ‘වුට්ඨානගාමිනී විපස්සනා’යි කීවද, සඞ්ඛාරුපෙක්ඛා ආදීවූ ඥානත්රයයටම මේ අධිවචනයි. එය වනාහි සිළුවක් බවට උතුම් බවට පත් වූ හෙයින් ‘සිඛාප්පත්ත’ නම්ද නැඟීමට යන හෙයින් වුට්ඨානගාමිනී නම්ද වේ. බාහිර වශයෙන් (විදර්ශනාවට) නිමිති ලෙසින් අභිනිවේශ (පිවිසීම) කළ (රූපාදී) වස්තූන් කෙරෙන් මෙන්ම අභ්‍යන්තරව පවත්නා ක්ලේශයන් කෙරෙන්ද නැගී සිටින හෙයින් (ආර්ය) මාර්ගය, උසස් බවට යෙති’යි ‘වුට්ඨාන ගාමිනී’ නම් වේ; මාර්ගය හා සැබැදෙති’යි යන අර්‍ත්‍ථයි.
තත්රායං අභිනිවෙසවුට්ඨානානං ආවිභාවත්ථාය මාතිකා – අජ්ඣත්තං අභිනිවිසිත්වා අජ්ඣත්තා වුට්ඨාති, අජ්ඣත්තං අභිනිවිසිත්වා බහිද්ධා වුට්ඨාති , බහිද්ධා අභිනිවිසිත්වා බහිද්ධා වුට්ඨාති, බහිද්ධා අභිනිවිසිත්වා අජ්ඣත්තා වුට්ඨාති, රූපෙ අභිනිවිසිත්වා රූපා වුට්ඨාති, රූපෙ අභිනිවිසිත්වා අරූපා වුට්ඨාති, අරූපෙ අභිනිවිසිත්වා අරූපා වුට්ඨාති, අරූපෙ අභිනිවිසිත්වා රූපා වුට්ඨාති, එකප්පහාරෙන පඤ්චහි ඛන්ධෙහි වුට්ඨාති, අනිච්චතො අභිනිවිසිත්වා අනිච්චතො වුට්ඨාති, අනිච්චතො අභිනිවිසිත්වා දුක්ඛතො, අනත්තතො වුට්ඨාති, දුක්ඛතො අභිනිවිසිත්වා දුක්ඛතො, අනිච්චතො, අනත්තතො වුට්ඨාති, අනත්තතො අභිනිවිසිත්වා අනත්තතො, අනිච්චතො, දුක්ඛතො වුට්ඨාති.
එහි, අභිනිවේශය (පිවිසීම) හා වුට්ඨානය (නැඟීම) ප්රකටවීම සඳහා මේ මාතෘකායි:- ඇතුළතින් පිවිස ඇතුළතින් නැඟී සිටියි, ඇතුළතින් පිවිස පිටතින් නැඟී සිටියි, පිටතින් පිවිස පිටතින් නැඟී සිටියි, පිටතින් පිවිස ඇතුළතින් නැඟී සිටියි, රූපයෙහි පිවිස රූපයෙන් නැඟී සිටියි, රූපයෙහි පිවිස අරූපයෙන් (නාමයෙන්) නැඟී සිටියි, අරූපයෙහි පිවිස අරූපයෙන් නැඟී සිටියි, අරූපයෙහි පිවිස රූපයෙන් නැඟී සිටියි, එක් පහරින් (එක් විටම) පංචස්කන්ධයන් කෙරෙන් නැඟී සිටියි, අනිත්‍ය වශයෙන් පිවිස අනිත්‍ය වශයෙන් නැඟී සිටියි, අනිත්‍ය වශයෙන් පිවිස දුඃඛ වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් නැගී සිටියි, දුඃඛ වශයෙන් පිවිස දුඃඛ වශයෙන් -පෙ- අනිත්‍ය වශයෙන් -පෙ- අනාත්ම වශයෙන් නැගී සිටියි, අනාත්ම වශයෙන් පිවිස අනාත්ම වශයෙන් -පෙ- අනිත්‍ය වශයෙන් -පෙ- දුඃඛ වශයෙන්, නැඟී සිටියි.
කථං? ඉධෙකච්චො ආදිතොව අජ්ඣත්තසඞ්ඛාරෙසු අභිනිවිසති, අභිනිවිසිත්වා තෙ පස්සති. යස්මා පන න සුද්ධඅජ්ඣත්තදස්සනමත්තෙනෙව මග්ගවුට්ඨානං හොති, බහිද්ධාපි දට්ඨබ්බමෙව, තස්මා පරස්ස ඛන්ධෙපි අනුපාදිණ්ණසඞ්ඛාරෙපි අනිච්චං දුක්ඛමනත්තාති පස්සති. සො කාලෙන අජ්ඣත්තං සම්මසති, කාලෙන බහිද්ධා. තස්සෙවං සම්මසතො අජ්ඣත්තං සම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති. අයං අජ්ඣත්තං අභිනිවිසිත්වා අජ්ඣත්තා වුට්ඨාති නාම.
කෙසේද යත්:- මේ ශාසනයෙහි, ඇතැම් යෝගාවචරයෙක් පළමුකොටම අභ්‍යන්තර සංස්කාරයන්හි පිවිසෙයි, පිවිස එම සංස්කාරයන් බලයි, යම්හෙයකින් වනාහි හුදෙක් ඇතුළත දැකීමෙන්ම (ආර්ය) මාර්ගයට නැඟීම සිදු නොවේද, පිටතද දැකිය යුතුම වේද එහෙයින් පරසන්තානගත ස්කන්ධයන් හා අනුපාදින්න (ඉන්ද්රියයන් හා සමග නොබැඳුණ) සංස්කාරයන්ද අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන් දකියි. හේ තෙමේ විටෙක ඇතුළතද, විටෙක පිටතද සම්මර්ශනය කරයි. මෙසේ සම්මර්ශනයෙහි යෙදෙන්නහුගේ විදර්ශනාව ඇතුළත සම්මර්ශනය කරන විට (ආර්ය) මාර්ගය හා සමග සැබැදෙයි. මේ ඇතුළතට පිවිස ඇතුළතින් නැඟී සිටීම නම්වේ.
සචෙ පනස්ස බහිද්ධා සම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති, අයං අජ්ඣත්තං අභිනිවිසිත්වා බහිද්ධා වුට්ඨාති නාම. එස නයො බහිද්ධා අභිනිවිසිත්වා බහිද්ධා ච අජ්ඣත්තා ච වුට්ඨානෙපි.
ඉදින් මොහු පිටත සම්මර්ශනය කරන විට විදර්ශනාව මාර්ගය හා සමග සැබැඳෙතොත්, මේ ඇතුළතින් පිවිස පිටතින් නැඟී සිටීම නම්වේ. පිටතට පිවිස පිටතින්ද, ඇතුළතින්ද නැඟී සිටීමෙහිදීද මෙම නයයි.
අපරො ආදිතොව රූපෙ අභිනිවිසති, අභිනිවිසිත්වා භූතරූපඤ්ච උපාදාරූපඤ්ච රාසිං කත්වා පස්සති. යස්මා පන න සුද්ධරූපදස්සනමත්තෙනෙව වුට්ඨානං හොති, අරූපම්පි දට්ඨබ්බමෙව. තස්මා තං රූපං ආරම්මණං කත්වා උප්පන්නං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණඤ්ච “ඉදං අරූප”න්ති අරූපං පස්සති. සො කාලෙන රූපං සම්මසති, කාලෙන අරූපං . තස්සෙවං සම්මසතො රූපසම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති, අයං රූපෙ අභිනිවිසිත්වා රූපා වුට්ඨාති නාම.
අන් යෝගාවචරයෙක් තෙමේ පළමුකොට රූපයෙහි පිවිසෙයි, පිවිස භූතරූපයද උපාදා රූපයද රාශියක් කොට බලයි; යම්හෙයකින් වනාහි හුදෙක් රූපය දැකීමෙන්ම වුට්ඨානය සිදු නොවේද, අරූපයද දැකිය යුතුම වේද, එහෙයින් ඒ රූපය අරමුණු කොට උපන් වේදනා - සඤ්ඤා - සංඛාර - විඤ්ඤාණයන්ද මේ අරූපයයි හැඳින අරූපය සම්මර්ශනය කරයි; හෙතෙම විටෙක රූපයද, විටෙක අරූපය (නාමය) ද සම්මර්ශනය කරයි. මෙසේ සම්මර්ශනය කරන ඔහුගේ විදර්ශනාව රූප සම්මර්ශන කාලයෙහිදී මාර්ගය හා සමග සැබැඳේ; මේ රූපයෙන් පිවිස අරූපයෙන් නැඟී සිටීම නම්වේ.
සචෙ පනස්ස අරූපසම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති, අයං අරූපෙ අභිනිවිසිත්වා අරූපා වුට්ඨාති නාම. එස නයො අරූපෙ අභිනිවිසිත්වා අරූපා ච රූපා ච වුට්ඨානෙපි.
[missing trans] අරූපයෙන් පිවිස අරූපයෙන් හා එසේම රූපයෙන් නැඟීමෙහිදීද මෙම නයයි.
“යංකිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති (දී· නි· 1.298) එවං අභිනිවිසිත්වා එවමෙව වුට්ඨානකාලෙ පන එකප්පහාරෙන පඤ්චහි ඛන්ධෙහි වුට්ඨාති නාම.
උදාවන සුලු යම් කිසිවක් ඇතොත්, ඒ සියල්ල ඉකුත් වන සුලුයයි මෙසේම පිවිස මෙසේ නැඟී සිටින විට එක් වරම පංචස්කන්ධයන් කෙරෙන් නැඟීම නම් වේ.
එකො ආදිතොව අනිච්චතො සඞ්ඛාරෙ සම්මසති. යස්මා පන න අනිච්චතො සම්මසනමත්තෙනෙව වුට්ඨානං හොති, දුක්ඛතොපි අනත්තතොපි සම්මසිතබ්බමෙව, තස්මා දුක්ඛතොපි අනත්තතොපි සම්මසති. තස්සෙවං පටිපන්නස්ස අනිච්චතො සම්මසනකාලෙ වුට්ඨානං හොති, අයං අනිච්චතො අභිනිවිසිත්වා අනිච්චතො වුට්ඨාති නාම.
කිසි යෝගාවචරයෙක් තෙමේ පළමුකොට සංස්කාරයන් අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කරයි, යම් හෙයකින්, හුදෙක් අනිත්‍ය වශයෙන්ම සම්මර්ශනය කිරීමෙන්ම වුට්ඨානය සිදුනොවේද, දුඃඛ වශයෙන් හා අනාත්ම වශයෙන්ද සම්මර්ශනය කළයුතුම වේද, එහෙයින් දුඃඛ වශයෙන්ද, අනාත්ම වශයෙන්ද සම්මර්ශනය කරයි; මෙසේ පිළිපන් ඔහුට අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කරන විට වුට්ඨානය සිදුවේනම්, මේ අනිත්‍ය වශයෙන් පිවිස අනිත්‍ය වශයෙන් නැඟීම නම්වේ.
සචෙ පනස්ස දුක්ඛතො අනත්තතො සම්මසනකාලෙ වුට්ඨානං හොති, අයං අනිච්චතො අභිනිවිසිත්වා දුක්ඛතො, අනත්තතො වුට්ඨාති නාම. එස නයො දුක්ඛතො අනත්තතො අභිනිවිසිත්වා සෙසවුට්ඨානෙසුපි.
ඉදින් ඔහු දුඃඛ වශයෙන්ද, අනාත්ම වශයෙන්ද සම්මර්ශනය කරන විට වුට්ඨානය සිදුවේ නම්, මේ අනිත්‍ය වශයෙන් පිවිස දුඃඛ වශයෙන්ද, අනාත්ම වශයෙන්ද නැඟීම නම් වේ. දුඃඛ වශයෙන්ද අනාත්ම වශයෙන්ද පිවිස සිදුවන සෙසු වුට්ඨානයන්හිදීද මෙම නයයි.
එත්ථ ච යොපි අනිච්චතො අභිනිවිට්ඨො, යොපි දුක්ඛතො, යොපි අනත්තතො, වුට්ඨානකාලෙ ච අනිච්චතො වුට්ඨානං හොති. තයොපි ජනා අධිමොක්ඛබහුලා හොන්ති, සද්ධින්ද්රියං පටිලභන්ති, අනිමිත්තවිමොක්ඛෙන විමුච්චන්ති, පඨමමග්ගක්ඛණෙ සද්ධානුසාරිනො හොන්ති, සත්තසු ඨානෙසු සද්ධාවිමුත්තා. සචෙ පන දුක්ඛතො වුට්ඨානං හොති, තයොපි ජනා පස්සද්ධිබහුලා හොන්ති, සමාධින්ද්රියං පටිලභන්ති, අප්පණිහිතවිමොක්ඛෙන විමුච්චන්ති, සබ්බත්ථ කායසක්ඛිනො හොන්ති. යස්ස පනෙත්ථ අරූපජ්ඣානං පාදකං, සො අග්ගඵලෙ උභතොභාගවිමුත්තො හොති. අථ නෙසං අනත්තතො වුට්ඨානං හොති, තයොපි ජනා වෙදබහුලා හොන්ති, පඤ්ඤින්ද්රියං පටිලභන්ති, සුඤ්ඤතවිමොක්ඛෙන විමුච්චන්ති, පඨමමග්ගක්ඛණෙ ධම්මානුසාරිනො හොන්ති, ඡසු ඨානෙසු දිට්ඨිප්පත්තා අග්ගඵලෙ පඤ්ඤාවිමුත්තාති.
තවද මෙහි, යම් යෝගාවචර කෙනෙක් තුමූ අනිත්‍ය වශයෙන් හෝ දුඃඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ පිවිස වුට්ඨාන කාලයෙහිදී අනිත්‍ය වශයෙන් වුට්ඨානය වේද, මේ තිදෙනාම අධිමෝක්ෂ (ශ්‍රද්ධා) බහුලයෝ වෙති, සද්ධින්ද්රියය ලබති; අනිමිත්ත විමෝක්ෂ වශයෙන් මිදෙති; ප්‍රථම මාර්ගක්ෂණයෙහි ‘සද්ධානුසාරී’ නම් වෙති; ඉතිරි සත් තන්හිදී ‘සද්ධා විමුත්ත’ නම් වෙති. ඉදින් දුඃඛ වශයෙන් වුට්ඨානය සිදුවේ නම්, තිදෙනාම පස්සද්ධි බහුලයෝ වෙති; සමාධි ඉන්ද්රියය ලබති, අප්පණිහිත විමෝක්ෂ වශයෙන් මිදෙති; සියලු තන්හිම ‘කායසක්ඛි’ නම් වෙති. යමකුට වනාහි, මෙහිදී අරූප ධ්‍යානයක් පාදක වෙතොත්, හේ තෙමේ අග්‍ර (අර්හත්) ඵලයෙහිදී ‘උභතෝභාග විමුත්ත’ නම් වේ. තවද අනාත්ම වශයෙන් ඔවුන්ගේ වුට්ඨානය වේ නම්, තිදෙනාම වේද (ප්‍රඥා) බහුලයෝ වෙති; පඤ්ඤින්ද්රියය ලබති; ශූන්‍යතා විමෝක්ෂ වශයෙන් මිදෙති, ප්‍රථම මාර්ග ක්ෂණයෙහිදී ‘ධම්මානුසාරී’ නම් වෙති; අනතුරු ස-තැන්හිදී ‘දිට්ඨිප්පත්ත’ නම්ද අග්රඵලයෙහිදී ‘පඤ්ඤා විමුත්ත’ නම්ද වෙති.
ඉදානි සද්ධිං පුරිමපච්ඡිමඤාණෙහි ඉමිස්සා වුට්ඨානගාමිනියා විපස්සනාය ආවිභාවත්ථං ද්වාදස උපමා වෙදිතබ්බා. තාසං ඉදං උද්දානං –
ඉක්බිත්තෙන්, පළමු කී (භයතුපට්ඨාන ආදී) ඥානයන්ද, පසුව කියනු ලබන (ගෝත්‍රභූ ආදී) ඥානයන්ද සමග මේ වුට්ඨානගාමිනී විදර්ශනාව ප්‍රකට වනු පිණිස මේ උපමා දොළොස දතයුතුය; ඒ පිළිබඳ සංග්‍රාහක උද්දානය (පබැඳුම) මෙසේයි:-
“වග්ගුලී කණ්හසප්පො ච, ඝරං ගො යක්ඛි දාරකො; ඛුද්දං පිපාසං සීතුණ්හං, අන්ධකාරං විසෙන චා”ති.
වග්ගුලී කණ්හසප්පො ච ඝරං ගො යක්ඛි දාරකො, ඛුදා පිපාසා සීතුණ්හං අන්ධකාරං විසෙන වා
වවුලාය, කෘෂ්ණ සර්පයාය, ගෘහයය, ගවයාය, යකිණිය, ළදරුවාය, සාය, පිපාසය, ශීතය, උෂ්ණය හා අන්ධකාරය විෂයත් සමග මෙකී දොළොසයි.
ඉමා ච උපමා භයතුපට්ඨානතො පභුති යත්ථ කත්ථචි ඤාණෙ ඨත්වා ආහරිතුං වට්ටෙය්යුං. ඉමස්මිං පන ඨානෙ ආහරියමානාසු භයතුපට්ඨානතො යාව ඵලඤාණං සබ්බං පාකටං හොති, තස්මා ඉධෙව ආහරිතබ්බාති වුත්තා.
මේ උපමා භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඇති කිසියම් ඥානයෙක සිට ගෙනහැර දක්වනු සුදුසුය; මෙතැනදී ඇර දක්වනු ලබන කල, භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඵල ඤාණය දක්වා සියල්ල ප්‍රකට වේ; එහෙයින් මෙහිදීම ඇර දැක්විය යුතුය’යි කියනලදි.
වග්ගුලීති එකා කිර වග්ගුලී “එත්ථ පුප්ඵං වා ඵලං වා ලභිස්සාමී”ති පඤ්චසාඛෙ මධුකරුක්ඛෙ නිලීයිත්වා එකං සාඛං පරාමසිත්වා න තත්ථ කිඤ්චි පුප්ඵං ඵලං වා ගය්හුපගං අද්දස. යථා ච එකං, එවං දුතියං, තතියං, චතුත්ථං. පඤ්චමම්පි සාඛං පරාමසිත්වා නාද්දස. සා “අඵලො වතායං රුක්ඛො, නත්ථෙත්ථ කිඤ්චි ගය්හුපග”න්ති තස්මිං රුක්ඛෙ ආලයං විස්සජ්ජෙත්වා උජුකාය සාඛාය ආරුය්හ විටපන්තරෙන සීසං නීහරිත්වා උද්ධං උල්ලොකෙත්වා ආකාසෙ උප්පතිත්වා අඤ්ඤස්මිං ඵලරුක්ඛෙ නිලීයති.
‘වග්ගුලි’ යනු, එක්තරා වවුලෙක්, “මෙහි මලක් හෝ පලයක් ලැබෙති’’යි ශාඛා පසක් ඇති මී ගසෙක වසා එක් ශාඛාවක් පිරික්සා එහි ගතයුතු මලක් හෝ ගෙඩියක් නොදිටියේය; පළමුවැන්න මෙන්ම දෙවැනි, තුන්වැනි, සිවුවැනි, පස්වැනි ශාඛාවන්ද පිරික්සූ මුත් කිසිවක් නොදිටියේය. ඒ වවුලා, ‘එතැනින්ම මේ වඳගසෙකි, මෙහි ගතයුතු කිසිවක් නැතැ’යි එම ගස කෙරෙහි ආලය හැර, මුදුන් අත්තට නැඟී, අතුපතරින් හිස ඔසවා උඩ බලා අහසට ඉගිලී අන් පල රුකෙක වැසීය.
තත්ථ වග්ගුලි විය යොගාවචරො දට්ඨබ්බො, පඤ්චසාඛො මධුකරුක්ඛො විය පඤ්චුපාදානක්ඛන්ධා, තත්ථ වග්ගුලියා නිලීයනං විය යොගිනො ඛන්ධපඤ්චකෙ අභිනිවෙසො, තස්සා එකෙකං සාඛං පරාමසිත්වා කිඤ්චි ගය්හුපගං අදිස්වා අවසෙසසාඛාපරාමසනං විය යොගිනො රූපක්ඛන්ධං සම්මසිත්වා තත්ථ කිඤ්චි ගය්හුපගං අදිස්වා අවසෙසක්ඛන්ධසම්මසනං, තස්සා “අඵලො වතායං රුක්ඛො”ති රුක්ඛෙ ආලයවිස්සජ්ජනං විය යොගිනො පඤ්චසුපි ඛන්ධෙසු අනිච්චලක්ඛණාදිදස්සනවසෙන නිබ්බින්නස්ස මුඤ්චිතුකම්යතාදිඤාණත්තයං, තස්සා උජුකාය සාඛාය උපරි ආරොහනං විය යොගිනො අනුලොමං, සීසං නීහරිත්වා උද්ධං උල්ලොකනං විය ගොත්රභුඤාණං, ආකාසෙ උප්පතනං විය මග්ගඤාණං, අඤ්ඤස්මිං ඵලරුක්ඛෙ නිලීයනං විය ඵලඤාණං.
එහි, යෝගාවචරයා (උපමා කථාවෙහි) වවුලා වැනියයි දතයුතුය; පංච උපාදානස්කන්ධය අතු පසක්, ඇති මීගස වැනිය. යෝගියා විසින් රූපස්කන්ධය පිරික්සා එහි ගත යුතු කිසිවක් නොදැක අනෙක් අනෙක් ස්කන්ධයන් පිරික්සීම, ඒ වවුලා විසින් එක් එක් ශාඛාව පිරික්සා ගතයුතු කිසිවක් නොදැක අනෙක් අනෙක් ශාඛා පිරික්සීම වැනිය. ස්කන්ධ පංචකයෙහි අනිත්‍ය ලක්ෂණාදිය දැකීමෙන් කලකිරුණ යෝගියාගේ මුඤ්චිතුකම්යතාදී ඥානත්‍රයය, වවුලා විසින් “මේ පල නැති ගසෙකි”යි එහි ආලය හැරීම වැනිය. රෝගියාගේ අනුලෝම ඤාණය වවුලා මුදුන් අත්තේ ඉහළට නැඟීම වැනිය. යෝගියාගේ ගෝත්‍රභූ ඤාණය වවුලා හිස ඔසවා උඩ බැලීම වැනිය. (යෝගියාගේ) මාර්ගඥානය (වවුලා) අහසට ඉගිලීම වැනිය. (යෝගියාගේ) ඵලඥානය (වවුලා) අන් ඵලරුකෙක වැසීම වැනිය.
කණ්හසප්පුපමා පටිසඞ්ඛාඤාණෙ වුත්තාව. උපමාසංසන්දනෙ පනෙත්ථ සප්පවිස්සජ්ජනං විය ගොත්රභුඤාණං, මුඤ්චිත්වා ආගතමග්ගං ඔලොකෙන්තස්ස ඨානං විය මග්ගඤාණං, ගන්ත්වා අභයට්ඨානෙ ඨානං විය ඵලඤාණන්ති අයං විසෙසො.
කෘෂ්ණාසර්පෝපමාව යට පටිසඞ්ඛාඤාණයෙහි කියන ලද්දේමය. මෙහි උපමා සංසන්දනය මෙසේය:- ගෝත්‍රභූඤාණය සර්පයා හැර දැමීම වැනිය; මාර්ගඥානය (සර්පයාගෙන්) මිදී අවුත් ආමඟ බලමින් සිටීම වැනිය, ඵලඥානය මිදීගොස් අභය ස්ථානයෙක්හි රැඳීම වැනිය; මේ විශේෂයි.
ඝරන්ති ඝරසාමිකෙ කිර සායං භුඤ්ජිත්වා සයනං ආරුය්හ නිද්දං ඔක්කන්තෙ ඝරං ආදිත්තං, සො පබුජ්ඣිත්වා අග්ගිං දිස්වා “භීතො සාධු වතස්ස සචෙ අඩය්හමානො නික්ඛමෙය්ය”න්ති ඔලොකයමානො මග්ගං දිස්වා නික්ඛමිත්වා වෙගෙන ඛෙමට්ඨානං ගන්ත්වා ඨිතො. තත්ථ ඝරසාමිකස්ස භුඤ්ජිත්වා සයනං ආරුය්හ නිද්දොක්කමනං විය බාලපුථුජ්ජනස්ස ඛන්ධපඤ්චකෙ “අහං මමා”ති ගහණං. පබුජ්ඣිත්වා අග්ගිං දිස්වා භීතකාලො විය සම්මාපටිපදං පටිපජ්ජිත්වා ලක්ඛණං දිස්වා භයතුපට්ඨානඤාණං, නික්ඛමනමග්ගං ඔලොකනං විය මුඤ්චිතුකම්යතාඤාණං , මග්ගදස්සනං විය අනුලොමං, නික්ඛමනං විය ගොත්රභුඤාණං, වෙගෙන ගමනං විය මග්ගඤාණං, ඛෙමට්ඨානෙ ඨානං විය ඵලඤාණං.
‘ඝරං’ යනු, ගෙහිමියකු සවස ආහාර අනුභව කොට යහනට නැඟ නින්දට බට විට ගෙට ගිනි ඇවිලිණි. හෙතෙම පිබිද ගින්න දැක බිය පත්ව, ‘නොදැවී ඉවත් වෙතොත් මැනව’යි පිටවන මඟක් සොයා දැක නික්ම වහා ක්ෂේමස්ථානයකට ගොස් නැවතිණි. එම උපමාවෙහි: අන්ධ බාල පෘථග්ජනයා ස්කන්ධ පංචකය කෙරෙහි. ‘මමය, මාගේය’යි ගැනීම, ගෙහිමියා ආහාර අනුභව කොට යහනට නැඟ නින්දට වැටීම වැනිය; සම්‍යක් ප්‍රතිපදාව පිළිපැද ත්රිලක්ෂණය දැක භයතුපට්ඨාන ඤාණය ලැබීම, (ගෙහිමියා) පිබිද ගින්න දැක බියපත්වූ අවස්ථාව වැනිය. මුඤ්චිතුකම්යතා ඤාණය පිටවන මඟ සෙවීම වැනිය; අනුලෝම ඤාණය පිටවන මඟ දැකීම වැනිය; ගෝත්‍රභූ ඤාණය පිටතට නික්මීම වැනිය; මාර්ගඥානය වහා පලායාම වැනිය; ඵලඥානය අභයස්ථානය වැනිය.
ගොති එකස්ස කිර කස්සකස්ස රත්තිභාගෙ නිද්දං ඔක්කන්තස්ස වජං භින්දිත්වා ගොණා පලාතා, සො පච්චූසසමයෙ තත්ථ ගන්ත්වා ඔලොකෙන්තො තෙසං පලාතභාවං ඤත්වා අනුපදං ගන්ත්වා රඤ්ඤො ගොණෙ අද්දස. තෙ “මය්හං ගොණා”ති සල්ලක්ඛෙත්වා ආහරන්තො පභාතකාලෙ “න ඉමෙ මය්හං ගොණා, රඤ්ඤො ගොණා”ති සඤ්ජානිත්වා “යාව මං ‘චොරො අය’න්ති ගහෙත්වා රාජපුරිසා න අනයබ්යසනං පාපෙන්ති, තාවදෙව පලායිස්සාමී”ති භීතො ගොණෙ පහාය වෙගෙන පලායිත්වා නිබ්භයට්ඨානෙ අට්ඨාසි. තත්ථ “මය්හං ගොණා”ති රාජගොණානං ගහණං විය බාලපුථුජ්ජනස්ස “අහං මමා”ති ඛන්ධානං ගහණං, පභාතෙ “රාජගොණා”ති සඤ්ජානනං විය යොගිනො තිලක්ඛණවසෙන ඛන්ධානං “අනිච්චා දුක්ඛා අනත්තා”ති සඤ්ජානනං, භීතකාලො විය භයතුපට්ඨානඤාණං, විස්සජ්ජිත්වා ගන්තුකාමතා විය මුඤ්චිතුකම්යතා, විස්සජ්ජනං විය ගොත්‍රභු, පලායනං විය මග්ගො, පලායිත්වා අභයදෙසෙ ඨානං විය ඵලං.
‘ගො’ යනු, රාත්‍රි කාලයෙහි නින්දට බට එක්තරා ගොවියකුගේ ගවගාල බිඳ ගෙන ගොන්නු පලා ගියහ. ගොවියා අලුයම් කාලයෙහි එහි ගොස් බලා ගොනුන් පැන ගිය බව දැක පිය සටහන් අනුව ගොස් රජුට අයත් ගොනුන් දුටුයේය; “මේ මාගේ ගොන්නු ය”යි සිතා ගෙන එනුයේ පහන් වූ කල, “මොහු මාගේ ගොනුන් නොව රජුට අයත් ගොන්නුය”යි හැඳින, බියපත්ව, ‘රාජපුරුෂයන් මා සොරෙකැ’යි ගෙන හිංසා පීඩාවනට පමුණුවන්නට පෙර පලා යන්නෙමි’යි ගොනුන් හැර දමා වහා පලා ගොස් නිර්භය ස්ථානයෙක සිටියේය. එහි, අන්ධබාල පෘථග්ජනයා විසින් ස්කන්ධයන් ‘මමය, මාගේය’යි ගැනීම, (ගොවියා විසින්) රජුට අයත් ගොනුන් ‘මාගේ ගොන්නුය’යි ගැනීම වැනිය, යෝගියා විසින්, “අනිත්‍යය, දුඃඛය, අනාත්මය’යි ත්රිලක්ෂණ වශයෙන් ස්කන්ධයන් හඳුනා ගැනීම, (ගොවියා විසින්) පහන්වූ කල රජුගේ ගොනුන් බව හඳුනා ගැනීම වැනිය. (යෝගියාගේ) භයතුපට්ඨාන ඤාණය (රජුගේ ගොනුන් බව දැන ගොවියා) බියපත් වීම වැනිය, මුඤ්චිතුකම්යතා ඤාණය ගොනුන් හැර දමා යනු කැමති වීම වැනිය; ගෝත්‍රභූ ඤාණය (ගොනුන්) හැර දැමීම වැනිය; ආර්ය මාර්ගය ගැනීම පලා යාම වැනිය; ඵලප්‍රාප්තිය නිර්භය ස්ථානයෙක සිටීම වැනිය.
යක්ඛීති එකො කිර පුරිසො යක්ඛිනියා සද්ධිං සංවාසං කප්පෙසි, සා රත්තිභාගෙ “සුත්තො අය”න්ති මන්ත්වා ආමකසුසානං ගන්ත්වා මනුස්සමංසං ඛාදති. සො “කුහිං එසා ගච්ඡතී”ති අනුබන්‍ධිත්‍වා මනුස්සමංසං ඛාදමානං දිස්වා තස්සා අමනුස්සිභාවං ඤත්වා “යාව මං න ඛාදති, තාව පලායිස්සාමී”ති භීතො වෙගෙන පලායිත්වා ඛෙමට්ඨානෙ අට්ඨාසි. තත්ථ යක්ඛිනියා සද්ධිං සංවාසො විය ඛන්ධානං “අහං මමා”ති ගහණං, සුසානෙ මනුස්සමංසං ඛාදමානං දිස්වා “යක්ඛිනී අය”න්ති ජානනං විය ඛන්ධානං තිලක්ඛණං දිස්වා අනිච්චාදිභාවජානනං, භීතකාලො විය භයතුපට්ඨානං, පලායිතුකාමතා විය මුඤ්චිතුකම්යතා, සුසානවිජහනං විය ගොත්‍රභු, වෙගෙන පලායනං විය මග්ගො, අභයදෙසෙ ඨානං විය ඵලං.
‘යක්ඛී’ යනු, එක්තරා පුරුෂයෙක් යකිනියක සමග සහවාස කළේය; ඕ තොමෝ රාත්‍රිකාලයෙහි, ‘මොහු නිදති’යි අමු සොහොනට ගොස් මිනීමස් කයි; හේ තෙමේ ‘මැය කොහියෙත්දැ’යි පසු පස ගොස් මිනීමස් කනු දැක, ඇය අමනුෂ්‍යයකු බව දැන, බියපත්ව, ‘මා කන්නට පළමු පලා යමි’යි වේගයෙන් පලාගොස් අභයස්ථානයෙක සිටියේය. එහි, ‘මමය, මාගේය’යි ස්කන්ධයන් ගැනීම යකිනිය සමග විසීම වැනිය; ත්රිලක්ෂණය දැක ස්කන්ධයන්ගේ අනිත්‍යාදිය වැටහීම සොහොනෙහි මිනීමස් කනු දැක, ‘මෝ යකිනියකැ’යි හඳුනා ගැනීම වැනිය; භයතුපට්ඨාන ඤාණය බියපත් වූ කාලය වැනිය; මුඤ්චිතුකම්යතා ඤාණය පලා යනු කැමැති වීම වැනිය; ගෝත්‍රභූ ඤාණය සොහොන හැර දැමීම වැනිය; මාර්ගඥානය වේගයෙන් පලායාම වැනිය, ඵලඥානය අභයස්ථානයෙහි සිටීම වැනිය.
දාරකොති එකා කිර පුත්තගිද්ධිනී ඉත්ථී, සා උපරිපාසාදෙ නිසින්නාව අන්තරවීථියං දාරකසද්දං සුත්වා “පුත්තො නු ඛො මෙ කෙනචි විහෙඨියතී”ති වෙගසා ගන්ත්වා “අත්තනො පුත්තො”ති සඤ්ඤාය පරපුත්තං අග්ගහෙසි. සා “පරපුත්තො අය”න්ති සඤ්ජානිත්වා ඔත්තප්පමානා ඉතො චිතො ච ඔලොකෙත්වා “මා හෙව මං කොචි ‘දාරකචොරී අය’න්ති වදෙය්යා”ති දාරකං තත්ථෙව ඔරොපෙත්වා පුන වෙගසා පාසාදං ආරුය්හ නිසීදි. තත්ථ අත්තනො පුත්තසඤ්ඤාය පරපුත්තස්ස ගහණං විය “අහං මමා”ති පඤ්චක්ඛන්ධගහණං, “පරපුත්තො අය”න්ති සඤ්ජානනං විය තිලක්ඛණවසෙන “නාහං, න මමා”ති සඤ්ජානනං, ඔත්තප්පනං විය භයතුපට්ඨානං, ඉතො චිතො ච ඔලොකනං විය මුඤ්චිතුකම්යතාඤාණං, තත්ථෙව දාරකස්ස ඔරොපනං විය අනුලොමං, ඔරොපෙත්වා අන්තරවීථියං ඨිතකාලො විය ගොත්‍රභු, පාසාදාරූහනං විය මග්ගො, ආරුය්හ නිසීදනං විය ඵලං.
‘දාරකො’ යනු, දරුපෙම් ඇති එක්තරා ස්ත්‍රියක් ප්‍රාසාදයෙහි උඩුමහලෙහි හිඳින විට වීදියෙහි දරුවකු හඬනු අසා. ‘මගේ දරුවා කිසිවකු විසින් පෙළනු ලබති’යි වේගයෙන් ගොස් තම පුතුය’යි යන හැඟීමෙන් අනිකකුගේ දරුවකු ගත්තාය; (ඉක්බිති) ඕතොමෝ ‘මේ අන් දරුවෙකැ’යි හැඳින, බියපත්ව, ඔබමොබ බලා, ‘කිසිවකු මා දරු සෙරකැ’යි නොකිව මැනවැ’යි දරුවා එහිම තබා වේගයෙන් පෙරළා ප්‍රාසාදයට නැඟ හුන්නාය. එහි ‘මමය මාගේ යයි පංචස්කන්ධයන් ගැනීම තම පුතු යයි හැඟී අන් දරුවකු ගැනීම වැනිය; ත්රිලක්ෂණ වශයෙන් දැක ‘මමය මාගේය’යි නොගැනීම ‘මේ අන්දරුවෙකැ’යි හඳුනාගැනීම වැනිය. භයතුපට්ඨාන ඤාණය බියට පත්වීම වැනිය; මුඤ්චිතුකම්යතා ඤාණය ඔබමොබ බැලීම වැනිය; අනුලෝම ඤාණය දරුවා එහිම තැබීම වැනිය; ගෝත්‍රභූ ඤාණය දරුවා බස්වා වීදිය තුළ සිටි කාලය වැනිය; මාර්ගඤාණය (පෙරළා) ප්රාසාදතලයට නැඟීම වැනිය; ඵලඥානය ප්‍රාසාද තලයට නැග එහි හිඳීම වැනිය.
ඛුද්දං පිපාසං සීතුණ්හං, අන්ධකාරං විසෙන චාති ඉමා පන ඡ උපමා වුට්ඨානගාමිනියා විපස්සනාය ඨිතස්ස ලොකුත්තරධම්මාභිමුඛනින්නපොණපබ්භාරභාවදස්සනත්ථං වුත්තා. යථා හි ඛුද්දාය අභිභූතො සුජිඝච්ඡිතො පුරිසො සාදුරසං භොජනං පත්ථෙති, එවමෙවායං සංසාරවට්ටජිඝච්ඡාය ඵුට්ඨො යොගාවචරො අමතරසං කායගතාසතිභොජනං පත්ථෙති.
‘ඛුදා පිපාසා සීතුණ්හං අන්ධකාරං විසෙන වා’ යන මේ උපමා සය වුට්ඨාන ගාමිනී විදර්ශනාවෙහි පිහිටි යෝගියා ලෝකෝත්තර ධර්මය වෙතට නැඹුරු වීම, නැමීම, බර වීම දක්වනු පිණිස කියන ලදි. යම්සේ සාදුකින් පෙළෙන, බුදිනු කැමැති පුරුෂයෙක් මිහිරි, රසවත් බොජුනක් පතාද, එසේම සසරවට නමැති සයින් පෙළෙන යෝගාවචර තෙමේ අමාරස ඇති කායගතාසති නමැති බොජුන පතයි.
යථා ච පිපාසිතො පුරිසො පරිසුස්සමානකණ්ඨමුඛො අනෙකඞ්ගසම්භාරං පානකං පත්ථෙති, එවමෙවායං සංසාරවට්ටපිපාසාය ඵුට්ඨො යොගාවචරො අරියං අට්ඨඞ්ගිකමග්ගපානකං පත්ථෙති.
තවද යම්සේ පිපාසයෙන් මඩනා ලද, උගුරකට වියලී ගිය පුරුෂයෙක් නොයෙක් රසමුසු පානයක් පතාද, එසේම සසරවට නමැති පිපාසයෙන් මඩනා ලද යෝගාවචර තෙමේ ආර්ය අෂ්ටාංගික මාර්ග නමැති පානය පතයි.
යථා පන සීතසම්ඵුට්ඨො පුරිසො උණ්හං පත්ථෙති, එවමෙවායං සංසාරවට්ටෙ තණ්හාසිනෙහසීතෙන ඵුට්ඨො යොගාවචරො කිලෙසසන්තාපකං මග්ගතෙජං පත්ථෙති.
තවද, යම්සේ වනාහි, ශීතය ඇඟ වැදීමෙන් පෙළෙන පුරුෂයෙක් උෂ්ණය පතාද, එසේම මේ සසරට තුළ තෘෂ්ණා-ස්නේහ නැමැති සීතයෙන් පෙළෙන යෝගාවචර තෙමේ කෙලෙසුන් තවන සුලු මාර්ගඥාන නමැති උෂ්ණය පතයි.
යථා ච උණ්හසම්ඵුට්ඨො පුරිසො සීතං පත්ථෙති, එවමෙවායං සංසාරවට්ටෙ එකාදසග්ගිසන්තාපසන්තත්තො යොගාවචරො එකාදසග්ගිවූපසමං නිබ්බානං පත්ථෙති.
තවද, යම්සේ ග්‍රීෂ්මයෙන් පෙළෙන පුරුෂයෙක් සිසිල පතාද, එසේම සසරවට තුළ එකොළොස් ගින්නෙකින් තැවෙන මේ යෝගාවචර තෙමේ, එකොළොස් ගිනි නිවාලන නිවන පතයි.
යථා පන අන්ධකාරපරෙතො පුරිසො ආලොකං පත්ථෙති, එවමෙවායං අවිජ්ජන්ධකාරෙන ඔනද්ධපරියොනද්ධො යොගාවචරො ඤාණාලොකං මග්ගභාවනං පත්ථෙති.
යම්සේ වනාහි අන්ධකාරයෙන් පෙළෙන පුරුෂයෙක් ආලෝකය පතාද, එසේම අවිද්යාන්ධකාරයෙන් වෙළුණු පැටලුණු යෝගාවචර තෙමේ මාර්ග භාවනා ඥාන නමැති ආලෝකය පතයි.
යථා ච විසසම්ඵුට්ඨො පුරිසො විසඝාතනං භෙසජ්ජං පත්ථෙති, එවමෙවායං කිලෙසවිසසම්ඵුට්ඨො යොගාවචරො කිලෙසවිසනිම්මථනං අමතොසධං නිබ්බානං පත්ථෙති. තෙන වුත්තං – “තස්සෙවං ජානතො එවං පස්සතො තීසු භවෙසු…පෙ… නවසු සත්තාවාසෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති. උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති. සෙය්යථාපි නාම පදුමපලාසෙ ඊසකපොණෙ”ති සබ්බං පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තවද, යම්සේ විසෙකින් පීඩිත වූ පුරුෂයෙක් විස නසන බෙහෙතක් පතාද, එසේම කෙළෙස් නමැති විසෙන් මඩනා ලද යෝගාවචර තෙමේ කෙලෙස් විස නසන අමා ඔසුවක් හා සමාන නිර්වාණය පතයි. එහෙයින් කියන ලදි:- “මෙසේ දන්නා, මෙසේ දක්නා ඒ යෝගාවචරයාගේ සිත භවත්රයය කෙරෙහි -පෙ- නව සත්‍වාවාසය කෙරෙහි, හැකිලෙයි, පැකිලෙයි, පසුබසියි, ආපසු හැරෙයි, නොපැතිරෙයි, උපේක්ෂාව හෝ පිළිකුල්බව තිර වෙයි. යම්සේ වනාහි, මඳක් බෑවුම් ඇති නෙළුම් කොළයෙක...” යන ආදි වශයෙන් සියල්ල පෙර කී නයින්ම දතයුතුය.
එත්තාවතා ච පනෙස පතිලීනචරො නාම හොති, යං සන්ධාය වුත්තං –
මෙතෙකින් වනාහි මොහු (මේ යෝගාවචරයා) ‘පතිලීනචර’ (හැකිලුණු සිත් ඇතිව හැසිරෙන) නම් වේ; ඔහු සඳහා කියන ලදි:-
“පතිලීනචරස්ස භික්ඛුනො, භජමානස්ස විවිත්තමාසනං; සාමග්ගියමාහු තස්ස තං, යො අත්තානං භවනෙ න දස්සයෙ”ති. (සු· නි· 816; මහානි· 45);
‘‘පතිලීනචරස්ස භික්ඛුනො භජමානස්ස විවිත්ත මානසං, සාමග්ගියමාහු තස්ස තං යො අත්තානං භවනෙ න දස්සයෙ”
“යම් භික්ෂු කෙනෙක් තුමූ තමන් මේ භවත්රයයට අයත් කෙනකු සේ නොදක්වත්ද, හැකිලුණු පැවතුම් ඇතිව හැසිරෙන, (ලෞකිකත්වයෙන්) වෙන්වූ සිත් ඇති ඒ භික්ෂුවට එයම (චිත්ත) සාමග්‍රිය වෙතැ’යි කීහු.’’
එවමිදං සඞ්ඛාරුපෙක්ඛාඤාණං යොගිනො පතිලීනචරභාවං නියමෙත්වා උත්තරි අරියමග්ගස්සාපි බොජ්ඣඞ්ගමග්ගඞ්ගඣානඞ්ගපටිපදාවිමොක්ඛවිසෙසං නියමෙති. කෙචි හි ථෙරා බොජ්ඣඞ්ගමග්ගඞ්ගඣානඞ්ගානං විසෙසං පාදකජ්ඣානං නියමෙතීති වදන්ති. කෙචි විපස්සනාය ආරම්මණභූතා ඛන්ධා නියමෙන්තීති වදන්ති. කෙචි පුග්ගලජ්ඣාසයො නියමෙතීති වදන්ති. තෙසම්පි වාදෙසු අයං පුබ්බභාගවුට්ඨානගාමිනිවිපස්සනාව නියමෙතීති වෙදිතබ්බා.
මෙසේ මේ සංඛාරුපෙක්ඛා ඤාණය යෝගියාගේ ‘පතිලීනචර’ භාවය නියමකොට තව දුරටත් ආර්යමාර්ගයට අයත් බොජ්ඣඞ්ග, මග්ගඞ්ග, ඣානඞ්ග, පටිපදා, විමොක්ඛ යන මේ විශේෂයෙන් නියම කරයි. ඇතැම් ස්ථවිර කෙනෙක්, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග, ඣානඞ්ගයනට විශේෂ වූ පාදක ධ්‍යානය නියම කෙරෙති’යි කියති; ඇතැමෙක් විදර්ශනාවට අරමුණු වූ ස්කන්ධයන් එම විශේෂය නියම කෙරෙති’යි පවසති; තවද කෙනෙක්, පෞද්ගලික අධ්යාශයය එය නියම කෙරෙති’යි කියති. ඔවුන්ගේ වාදයනට අනුව වුවද, මේ පූර්වභාගයට අයත් වුට්ඨානගාමිනී විපස්සනාව (එකී විශේෂයන්) නියම කෙරෙත්මයැ’යි දතයුතුය.
තත්රායං අනුපුබ්බිකථා – විපස්සනානියමෙන හි සුක්ඛවිපස්සකස්ස උප්පන්නමග්ගොපි, සමාපත්තිලාභිනො ඣානං පාදකං අකත්වා උප්පන්නමග්ගොපි, පඨමජ්ඣානං පාදකං කත්වා පකිණ්ණකසඞ්ඛාරෙ සම්මසිත්වා උප්පාදිතමග්ගොපි පඨමජ්ඣානිකාව හොන්ති. සබ්බෙසු සත්ත බොජ්ඣඞ්ගානි අට්ඨ මග්ගඞ්ගානි පඤ්ච ඣානඞ්ගානි හොන්ති. තෙසං හි පුබ්බභාගවිපස්සනා සොමනස්සසහගතාපි උපෙක්ඛාසහගතාපි හුත්වා වුට්ඨානකාලෙ සඞ්ඛාරුපෙක්ඛාභාවං පත්වා සොමනස්සසහගතා හොති. පඤ්චකනයෙ දුතියතතියචතුත්ථජ්ඣානානි පාදකානි කත්වා උප්පාදිතමග්ගෙසු යථාක්කමෙනෙව ඣානං චතුරඞ්ගිකං තිවඞ්ගිකං දුවඞ්ගිකඤ්ච හොති. සබ්බෙසු පන සත්ත මග්ගඞ්ගානි හොන්ති. චතුත්ථෙ ඡ බොජ්ඣඞ්ගානි. අයං විසෙසො පාදකජ්ඣානනියමෙන චෙව විපස්සනානියමෙන ච හොති. තෙසම්පි හි පුබ්බභාගවිපස්සනා සොමනස්සසහගතාපි උපෙක්ඛාසහගතාපි හොති. වුට්ඨානගාමිනී සොමනස්සසහගතාව. පඤ්චමජ්ඣානං පාදකං කත්වා නිබ්බත්තිතමග්ගෙ පන උපෙක්ඛාචිත්තෙකග්ගතාවසෙන ද්වෙ ඣානඞ්ගානි බොජ්ඣඞ්ගමග්ගඞ්ගානි ඡ සත්ත චෙව. අයම්පි විසෙසො උභයනියමවසෙන හොති. ඉමස්මිං හි නයෙ පුබ්බභාගවිපස්සනා සොමනස්සසහගතා වා උපෙක්ඛාසහගතා වා හොති. වුට්ඨානගාමිනී උපෙක්ඛාසහගතාව. අරූපජ්ඣානානි පාදකං කත්වා උප්පාදිතමග්ගෙපි එසෙව නයො. එවං පාදකජ්ඣානතො වුට්ඨාය යෙකෙචි සඞ්ඛාරෙ සම්මසිත්වා නිබ්බත්තිතමග්ගස්ස ආසන්නපදෙසෙ වුට්ඨිතසමාපත්ති අත්තනො සදිසභාවං කරොති භූමිවණ්ණො විය ගොධාවණ්ණස්ස.
මේ එහි (බොජ්ඣංගාදී විශේෂය නියම කිරීමෙහි) පිළිවෙළ කථාව මෙසේය:- විදර්ශනා නියමයට අනුව වනාහි, සූක්ඛවිපස්සකයා (පිළිසිඹියා නැතිව මාර්ග-ඵල ලබන්නා) හට උපන් මාර්ගයද, සමාපත්ති ලාභියාහට වුවද, ධ්‍යානය පාදකකොට නොගෙන උපන් මාර්ගයද, ප්‍රථම ධ්‍යානය පාදක කොටගෙන ප්රකීර්ණක සංස්කාරයන් සම්මර්ශන කිරීමෙන් උපදවන ලද මාර්ගයද ප්‍රථම ධ්යානිකම වේ. සියලු තන්හි බොජ්ඣඞ්ග සතද, මාර්ගාඞ්ග අටද, ධ්‍යානාංග පසද වේ. ඔවුන් පිළිබඳ වූ පූර්වභාග විදර්ශනාව සෝමනස්ස සහගත හා උපෙක්ඛා සහගත වී වුට්ඨාන කාලයෙහි (මාර්ගාසන්න කාලයෙහි) සංඛාරුපෙක්ඛාභාවයට පත්ව සෝමනස්ස සහගතම වේ. (ධ්‍යානයන් පිළිබඳ) පංචක නයෙහිදී, දෙවන, තෙවන, සිවුවන ධ්‍යානයන් පාදකකොට උපදවන ලද මාර්ගයන්හිදී ධ්‍යානය පිළිවෙළින් චතුරඞ්ගික, තිවඞ්ගික හා දුවඞ්ගික වේ. සියලු ධ්‍යානයන්හි මාර්ගාංග සතෙක් වේ. චතුර්ත්ථධ්යානයෙහි (පීති හැර) බොජ්ඣඞ්ග සයෙක් වේ. මේ විශේෂය පාදක ධ්‍යාන-නියමයෙන් මෙන්ම විදර්ශනා නියමයෙන්ද සිදුවේ. ඔවුන්ගේද පූර්වභාග විදර්ශනාව සෝමනස්ස සහගතවද, උපෙක්ඛා සහගතවද වේ; වුට්ඨාන ගාමිනී විදර්ශනාව සෝමනස්ස සහගත වේ. පංචමධ්‍යානය පාදකකොට උපදවන ලද මාර්ගඥානයෙහි වනාහි උපේක්ෂා, චිතෛකාග්රතා වශයෙන් ධ්‍යානාංග දෙකෙකි. බෝධ්‍යංග හා මාර්ගාංගද (පිළිවෙළින්) සයෙක් හා සතෙක් (පීති, හා සම්මා සඞ්කප්ප හැර) වේ. මේ විශේෂයද (පාදක ධ්‍යාන හා විදර්ශනා යන) මේ උභයනියමයන් අනුව සිදු වේ. මෙම නයෙහි පූර්වභාග විදර්ශනාව සෝමනස්ස සහගත හෝ උපෙක්ඛා සහගත වේ. ව්යුත්ථාන ගාමිනී විදර්ශනාව හුදෙක් උපෙක්ඛා සහගතම වේ. අරූප ධ්‍යානයන් පාදකකොට උපදවන ලද මාර්ගඥානයෙහි ද මෙම නයයි. මෙසේ පාදකධ්යානයෙකින් හැඟී යම්කිසි සංස්කාරයක් සම්මර්ශනය කොට නිපදවන ලද මාර්ගයට ආසන්න තැනෙක නැඟුණ සමාපත්තියෙහි සමාන බව ඇති වේ; ගොයාගේ වර්ණය භූමි වර්ණයට සමාන වන සේය.
දුතියත්ථෙරවාදෙ පන යතො යතො සමාපත්තිතො වුට්ඨාය යෙ යෙ සමාපත්තිධම්මෙ සම්මසිත්වා මග්ගො නිබ්බත්තිතො හොති, තංතංසමාපත්තිසදිසොව හොති. තත්රාපි ච විපස්සනානියමො වුත්තනයෙනෙව වෙදිතබ්බො.
දෙවන ස්ථවිරවාදයට අනුව, යම් යම් සමාපත්තියෙකින් නැඟී, සමාපත්ති ධර්මයන් සම්මර්ශනය කොට මාර්ගය නිපදවන ලද්දේ වේද, ඒ මාර්ගය ඒ ඒ සමාපත්තියට සමාන වේ; එහිද විදර්ශනා නියමය කී නයින්ම දතයුතුය.
තතියත්ථෙරවාදෙ අත්තනො අත්තනො අජ්ඣාසයානුරූපෙන යං යං ඣානං පාදකං කත්වා යෙ යෙ ඣානධම්මෙ සම්මසිත්වා මග්ගො නිබ්බත්තිතො, තංතංඣානසදිසොව හොති. පාදකජ්ඣානං පන සම්මසිතජ්ඣානං වා විනා අජ්ඣාසයමත්තෙනෙව තං න ඉජ්ඣති. ස්වායමත්ථො නන්දකොවාදසුත්තෙන (ම· නි· 3.398 ආදයො) දීපෙතබ්බො. එත්ථාපි ච විපස්සනානියමො වුත්තනයෙනෙව වෙදිතබ්බො. එවං තාව සඞ්ඛාරුපෙක්ඛා බොජ්ඣඞ්ගමග්ගඞ්ගඣානඞ්ගානි නියමෙතීති වෙදිතබ්බා.
තෙවන ස්ථවිර වාදයට අනුව, තම තමාගේ අධ්යාශයයට අනුරූපව, යම් යම් ධ්‍යානයක් පාදක කොට, යම් යම් ධ්‍යාන ස්වභාවයක් සම්මර්ශනය කොට මාර්ගඥානය නිපදවන ලද්දේ වේද, එම මාර්ග ඥානය ඒ ඒ ධ්යානයටම සමාන වේ. පාදක ධ්‍යානයෙකින් තොරව, හුදෙක් අධ්‍යාශය වශයෙන්ම, එය සිදු නොවේ. මෙම අර්ත්ථය නන්දකොවාද සූත්‍රයෙන් පැහැදිලි කළ යුතුය; මෙහිද විදර්ශනා නියමය කී නයින්ම දතයුතුය. මෙසේ සඞ්ඛාරුපෙක්ඛා - බොජ්ඣඞ්ගඣානඞ්ග - මග්ගඞ්ගයන් නියම කෙරෙති’යි දතයුතුය.
සචෙ පනායං ආදිතො කිලෙසෙ වික්ඛම්භයමානා දුක්ඛෙන සප්පයොගෙන සසඞ්ඛාරෙන වික්ඛම්භෙතුං අසක්ඛි, දුක්ඛාපටිපදා නාම හොති. විපරියායෙන සුඛාපටිපදා. කිලෙසෙ පන වික්ඛම්භෙත්වා විපස්සනාපරිවාසං මග්ගපාතුභාවං සණිකං කුරුමානා දන්ධාභිඤ්ඤා නාම හොති. විපරියායෙන ඛිප්පාභිඤ්ඤා. ඉති අයං සඞ්ඛාරුපෙක්ඛා ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො අත්තනො මග්ගස්ස නාමං දෙති. තෙන මග්ගො චත්තාරි නාමානි ලභති.
ඉදින් මේ සඞ්ඛාරුපෙක්ඛාව කෙලෙස් මැඩලීමේදී, මුලපටන්, දුකසේ, උත්සාහයෙන්, මෙහෙයවීම් සහිතව, මැඬලනු හැකි වේ නම්, එය ‘දුක්ඛා පටිපදා’ නම් වේ; එයට විපරීත වූයේ ‘සුඛා පටිපදා’ නමි; (වික්ඛම්භන වශයෙන්) කෙලෙස් මැඩලා, විදර්ශනා පරිවාස සහිත මාර්ග ප්රාදූර්භවය සෙමෙන් (ලැසිව) කෙරේනම් එය (සංඛාරුපෙක්ඛාව) ‘දන්ධාභිඤ්ඤා’ නම් වේ; එයට විපරීත වූයේ ‘ඛිප්පාභිඤ්ඤා’යි; මෙසේ මේ සංඛාරුපෙක්ඛාව ආයුතු තන්හි සිට තම තමාගේ මාර්ගයට නම් සපයයි; එහෙයින් මාර්ගඥානය නම් සතරක් ලබයි.
සා පනායං පටිපදා කස්සචි භික්ඛුනො නානා හොති, කස්සචි චතූසුපි මග්ගෙසු එකාව. බුද්ධානං පන චත්තාරොපි මග්ගා සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව අහෙසුං. තථා ධම්මසෙනාපතිස්ස. මහාමොග්ගල්ලානත්ථෙරස්ස පන පඨමමග්ගො සුඛාපටිපදො ඛිප්පාභිඤ්ඤො අහොසි. උපරි තයො දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා. යථා ච පටිපදා, එවං අධිපතයොපි කස්සචි භික්ඛුනො චතූසු මග්ගෙසු නානා හොන්ති. කස්සචි චතූසුපි එකාව. එවං සඞ්ඛාරුපෙක්ඛා පටිපදාවිසෙසං නියමෙති. යථා පන විමොක්ඛවිසෙසං නියමෙති, තං පුබ්බෙ වුත්තමෙව.
ඒ මේ ප්‍රතිපදාව ඇතැම් භික්ෂු කෙනෙකුට විවිධාකාර වේ; ඇතැමකුට මාර්ග සතරෙහිම ඒකාකාර වේ; බුදුවරයනට වනාහි මාර්ග සතරම සුඛාපටිපදාද, ඛිප්පාභිඤ්ඤාද වේ; ධම්ම සේනාපති සැරියුත් තෙරුන් හටද එසේ විය; මුගලන් තෙරුන්හට වනාහි ප්‍රථම මාර්ගය සුඛාපටිපදාද ඛිජ්ජාභිඤ්ඤාද විය; එහෙත් මතු මාර්ග තුන දුක්ඛා පටිපදාද, දන්ධාභිඤ්ඤාද විය. ප්රතිපදාවන් මෙන්ම අධිපති ධර්මයන් ද ඇතැම් භික්ෂු කෙනෙකුට මාර්ග සතරෙහි විවිධාකාර වන අතර තවද කෙනකුට සතරෙහි ඒකාකාර වේ; මෙසේ සංඛාරුපෙක්ඛාව ප්රතිපදාවන් පිළිබඳ විශේෂය නියම කෙරේ. විමෝක්ෂ විශේෂය නියම කරන ආකාරය පෙර කියන ලද්දේමය.
අපිච මග්ගො නාම පඤ්චහි කාරණෙහි නාමං ලභති සරසෙන වා පච්චනීකෙන වා සගුණෙන වා ආරම්මණෙන වා ආගමනෙන වා. සචෙ හි සඞ්ඛාරුපෙක්ඛා අනිච්චතො සඞ්ඛාරෙ සම්මසිත්වා වුට්ඨාති, අනිමිත්තවිමොක්ඛෙන විමුච්චති. සචෙ දුක්ඛතො සම්මසිත්වා වුට්ඨාති, අප්පණිහිතවිමොක්ඛෙන විමුච්චති. සචෙ අනත්තතො සම්මසිත්වා වුට්ඨාති, සුඤ්ඤතවිමොක්ඛෙන විමුච්චති. ඉදං සරසතො නාමං නාම.
තවද මාර්ගය කරුණු පසක් මුල්කොට ගෙන නම් ලබයි: ස්ව-කෘත්යයෙන්ද ප්රතිපක්ෂයෙන්ද ස්ව-ගුණයෙන්ද, අරමුණෙන්ද, ආගමානයෙන්දැ’යි යනුවෙනි. ඉදින් සංඛාරුපෙක්ඛා ඤාණය අනිත්‍ය වශයෙන් සම්මර්ශනය කොට නැගේ නම් අනිමිත්ත විමෝක්ෂයෙන් මිදේ නම් වේ, ඉදින් දුඃඛ වශයෙන් සම්මර්ශනය කිරීමෙන් නැගේ නම් අපණිහිත විමෝක්ෂයෙන් මිදේ නම් වේ, ඉදින් අනාත්ම වශයෙන් සම්මර්ශනය කිරීමෙන් මිදේ නම්, සුඤ්ඤත විමෝක්ෂයෙන් මිදේ නම් වේ. මේ කෘත්‍ය හෙයින් ලද නාමයි.
යස්මා පනෙස අනිච්චානුපස්සනාය සඞ්ඛාරානං ඝනවිනිබ්භොගං කත්වා නිච්චනිමිත්තධුවනිමිත්තසස්සතනිමිත්තානි පජහන්තො ආගතො, තස්මා අනිමිත්තො. දුක්ඛානුපස්සනාය පන සුඛසඤ්ඤං පහාය පණිධිං පත්ථනං සුක්ඛාපෙත්වා ආගතත්තා අප්පණිහිතො. අනත්තානුපස්සනාය අත්තසත්තපුග්ගලසඤ්ඤං පහාය සඞ්ඛාරානං සුඤ්ඤතො දිට්ඨත්තා සුඤ්ඤතොති ඉදං පච්චනීකතො නාමං නාම.
යම් හෙයකින් වනාහි මේ මාර්ගය අනිච්චානුපස්සනාවෙන් සංස්කාරයන්ගේ ඝන විනිර්භෝගය (විශ්ලේෂණය) කෙරෙමින් නිත්‍ය - නිමිත්ත - ධ්රැව නිමිත්ත - ශාස්වත නිමිත්තයන් බැහැර කෙරෙමින් ආයේද, එහෙයින් ‘අනිමිත්ත’ නම් වේ; දුඃඛානුපස්සනාවෙන් සුඛ සංඥාව හැර, ප්‍රණිධිය හෙවත් ප්රාර්ත්ථනය වියලවමින් ආ හෙයින් ‘අප්පණිහිත’ නම් වේ, අනත්තානු පස්සනාවෙන් ආත්ම-සත්වපුද්ගල සංඥාවන් හැර සංස්කාරයන් ශූන්‍ය වශයෙන් දක්නා ලද හෙයින් ‘සුඤ්ඤත’ නම් වේ; මේ ප්‍රත්‍යනීක වශයෙන් ලද නාමයි.
රාගාදීහි පනෙස සුඤ්ඤත්තා සුඤ්ඤතො, රූපනිමිත්තාදීනං රාගනිමිත්තාදීනඤ්ඤෙව වා අභාවෙන අනිමිත්තො, රාගපණිධිආදීනං අභාවතො අප්පණිහිතොති ඉදමස්ස සගුණතො නාමං.
රාගාදියෙන් ශූන්‍ය වූ හෙයින් මේ මාර්ග ‘සුඤ්ඤත’ නම් වේ; රූප නිමිත්තාදිය හෝ රාග නිමිත්තාදිය නැති හෙයින් ‘අනිමිත්ත’ නම් වේ; රාග ප්‍රණිධි ආදිය නැති හෙයින් ‘අප්පණිහිත’ නම් වේ; මේ ස්ව-ගුණ වශයෙන් ලද නාමයි.
ස්වායං සුඤ්ඤං අනිමිත්තං අප්පණිහිතඤ්ච නිබ්බානං ආරම්මණං කරොතීතිපි සුඤ්ඤතො අනිමිත්තො අප්පණිහිතොති වුච්චති. ඉදමස්ස ආරම්මණතො නාමං.
ඒ මේ මාර්ගය ශුන්‍ය වූ, අනිමිත්ත වූ, අප්‍රණිහිත වූ, නිර්වාණය අරමුණු කෙරෙති’යි ‘සුඤ්ඤත’ නම්ද. අනිමිත්ත’ නම්ද, ‘අප්පණිහිත’ නම් ද වේ; මේ අරමුණ වශයෙන් ලද නාමයි.
ආගමනං පන දුවිධං විපස්සනාගමනං මග්ගාගමනඤ්ච. තත්ථ මග්ගෙ විපස්සනාගමනං ලභති, ඵලෙ මග්ගාගමනං. අනත්තානුපස්සනා හි සුඤ්ඤතා නාම, සුඤ්ඤතවිපස්සනාය මග්ගො සුඤ්ඤතො, අනිච්චානුපස්සනා අනිමිත්තා නාම , අනිමිත්තවිපස්සනාය මග්ගො අනිමිත්තො. ඉදං පන නාමං න අභිධම්මපරියායෙන ලබ්භති, සුත්තන්තපරියායෙන ලබ්භති. තත්ර හි ගොත්රභුඤාණං අනිමිත්තං නිබ්බානං ආරම්මණං කත්වා අනිමිත්තනාමකං හුත්වා සයං ආගමනීයට්ඨානෙ ඨත්වා මග්ගස්ස නාමං දෙතීති වදන්ති. තෙන මග්ගො අනිමිත්තොති වුත්තො. මග්ගාගමනෙන පන ඵලං අනිමිත්තන්ති යුජ්ජතියෙව. දුක්ඛානුපස්සනා සඞ්ඛාරෙසු පණිධිං සුක්ඛාපෙත්වා ආගතත්තා අප්පණිහිතා නාම, අප්පණිහිතවිපස්සනාය මග්ගො අප්පණිහිතො, අප්පණිහිතමග්ගස්ස ඵලං අප්පණිහිතං. එවං විපස්සනා අත්තනො නාමං මග්ගස්ස දෙති, මග්ගො ඵලස්සාති ඉදං ආගමනතො නාමං. එවමයං සඞ්ඛාරුපෙක්ඛා විමොක්ඛවිසෙසං නියමෙතීති.
ආගමනය වනාහි විදර්ශනාගමනය, මාර්ගාගමනය’යි ද්විවිධ වේ; එහි මාර්ගයෙහි විදර්ශනාගමනයද, ඵලයෙහි මාර්ගාගමනයද ලබයි. අනත්තානුපස්සනාව වනාහි ‘සුඤ්ඤතා’ නම් වේ; සුඤ්ඤත විදර්ශනාවෙන් ආ මාර්ගය සුඤ්ඤත නම්වේ. අනිච්චානුපස්සනාව අනිමිත්ත නම්වේ, අනිමිත්ත විදර්ශනාවෙන් ආ මාර්ගය ‘අනිමිත්ත’ නම් වේ. මේ (අනිමිත්ත යන) නාමය අභිධර්ම පර්යායට අනුව නොලැබේ; සූත්‍රාන්ත පර්යායයෙන්ම ලැබේ. එහි (අභිධර්ම පර්යායයෙහි) ගෝත්‍රභූ ඤාණය අනිමිත්ත වූ නිර්වාණය අරමුණු කොට ‘අනිමිත්ත’ නම් වී, තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට මාර්ගයට නම් දෙති’යි කියති. එහෙයින් මාර්ගය ‘අනිමිත්තය’යි කියන ලදි. මාර්ගාගමනයෙන් වනාහි ඵලය ‘අනිමිත්ත’ නම් වනු යුතුම වේ. දුක්ඛානුපස්සනාව සංස්කාරයන් කෙරෙහි වූ ප්‍රණිධිය (ප්රාර්ත්ථනය) වියලවමින් ආ හෙයින් ‘අප්‍රණිහිත’ නම් වේ; අප්‍රණිහිත විදර්ශනාවෙන් ආ මාර්ගය ‘අප්ප්රණිහිත’ නම්වේ, අප්පණිහිත මාර්ගයෙහි ඵලයද ‘අප්පණිහිත’ නම් වේ, මෙසේ විදර්ශනාව තමාගේ නාමය මාර්ගයටද, මාර්ගය ඵලයටද දෙයි. මේ ආගමන වශයෙන් ලද නාමයි. මෙසේ මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය විමෝක්ෂය පිළිබඳ විශේෂය නියම කරයි.
සඞ්ඛාරුපෙක්ඛාඤාණං නිට්ඨිතං.
සඞ්ඛාරුපෙක්ඛා ඤාණය නිමි.