යෙදුමෙන් කියවන්න

අනුලොමඤාණකථා

අනුලොමඤාණකථා

අනුලෝම ඤාණය

තස‍්ස තං සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණං ආසෙවන‍්තස‍්ස භාවෙන‍්තස‍්ස බහුලීකරොන‍්තස‍්ස අධිමොක‍්ඛසද‍්ධා බලවතරා නිබ‍්බත‍්තති, වීරියං සුපග‍්ගහිතං හොති, සති සූපට‍්ඨිතා, චිත‍්තං සුසමාහිතං, තික‍්ඛතරා සඞ‍්ඛාරුපෙක‍්ඛා උප‍්පජ‍්ජති. තස‍්ස “දානි මග‍්ගො උප‍්පජ‍්ජිස‍්සතී”ති සඞ‍්ඛාරුපෙක‍්ඛා සඞ‍්ඛාරෙ අනිච‍්චාති වා දුක‍්ඛාති වා අනත‍්තාති වා සම‍්මසිත්‍වා භවඞ‍්ගං ඔතරති. භවඞ‍්ගානන‍්තරං සඞ‍්ඛාරුපෙක‍්ඛාය කතනයෙනෙව සඞ‍්ඛාරෙ අනිච‍්චාති වා දුක‍්ඛාති වා අනත‍්තාති වා ආරම‍්මණං කුරුමානං උප‍්පජ‍්ජති මනොද‍්වාරාවජ‍්ජනං. තතො භවඞ‍්ගං ආවට‍්ටෙත්‍වා උප‍්පන‍්නස‍්ස තස‍්ස කිරියචිත‍්තස‍්සානන‍්තරං අවීචිකං චිත‍්තසන‍්තතිං අනුප‍්පබන්‍ධමානං තථෙව සඞ‍්ඛාරෙ ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජති පඨමං ජවනචිත‍්තං, යං පරිකම‍්මන‍්ති වුච‍්චති. තදනන‍්තරං තථෙව සඞ‍්ඛාරෙ ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජති දුතියං ජවනචිත‍්තං, යං උපචාරන‍්ති වුච‍්චති. තදනන‍්තරම‍්පි තථෙව සඞ‍්ඛාරෙ ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජති තතියං ජවනචිත‍්තං, යං අනුලොමන‍්ති වුච‍්චති. ඉදං නෙසං පාටියෙක‍්කං නාමං.

ඒ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය ඇසුරු කරන, වඩන, ප්‍රගුණ කරන ඒ යෝගාවචරයාහට අධිමෝක්‍ෂ ශ්‍රද්ධාව බලවත්ව උපදියි. මැනවින් ගන්නා ලද වීර්යයද, මැනවින් එළඹ සිටි සිහියද, මැනවින් සන්සුන් වූ සිතද වේ; අතිශයින් තියුණු වූ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය උපදියි. ඉක්බිති ඒ යෝගාවචරයාහට ‘මාර්ගය’ උපදිති’යි සඞ්ඛාරුපෙක්ඛා ඤාණය අනිත්‍ය වශයෙන් හෝ දුඃඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ සංස්කාරයන් සමනය කොට භවාඞ්ගයට බසියි. භවාඞ්ගයට අනතුරුව, සඞ්ඛාරුපෙක්ඛායෙහිදී කළ නයින්ම සංස්කාරයන් අනිත්‍යයහයි හෝ දුඃඛයහයි හෝ, අනාත්මයහයි’ හෝ අරමුණු කෙරෙමින් මනෝද්වාරාවර්ජනය උපදියි. ඉක්බිති භවංගය නැවත උපන් ඒ කිරිය චිත්තයට අනතුරුව, අතරක් නැතිව චිත්ත සන්තතිය පවත්වමින්, එසේම සංස්කාරයන් අරමුණු කොට ‘පරිකර්ම’ යයි කියනු ලබන පළමුවන ජවන චිත්තය උපදියි; ඉනික්බිතිව එසේම සංස්කාරයන් අරමුණු කොට ‘උපචාර’ යයි කියනු ලබන දෙවන ජවන චිත්තය උපදියි; අනතුරුව එසේම සංස්කාරයන් අරමුණු කොට ‘අනුලෝම’ යයි කියනු ලබන තෙවන ජවන චිත්තය උපදියි. ජවනයන් අතුරෙන් එක් එක් ජවනයට වෙන වෙනම මේ නම් තුන වෙතත්, ...

අවිසෙසෙන පන තිවිධම‍්පෙතං ආසෙවනන‍්තිපි පරිකම‍්මන‍්තිපි උපචාරන‍්තිපි අනුලොමන‍්තිපි වත‍්තුං වට‍්ටති. කිස‍්සානුලොමං? පුරිමභාගපච‍්ඡිමභාගානං. තඤ‍්හි පුරිමානං අට‍්ඨන‍්නං විපස‍්සනාඤාණානං තථකිච‍්චතාය ච අනුලොමෙති, උපරි ච සත‍්තතිංසාය බොධිපක‍්ඛියධම‍්මානං. තඤ‍්හි අනිච‍්චලක‍්ඛණාදිවසෙන සඞ‍්ඛාරෙ ආරබ‍්භ පවත‍්තත‍්තා, “උදයබ‍්බයවන‍්තානංයෙව වත ධම‍්මානං උදයබ‍්බයඤාණං උප‍්පාදවයෙ අද‍්දසා”ති ච, “භඞ‍්ගවන‍්තානංයෙව වත භඞ‍්ගානුපස‍්සනං භඞ‍්ගං අද‍්දසා”ති ච, “සභයංයෙව වත භයතුපට‍්ඨානස‍්ස භයතො උපට‍්ඨිත”න‍්ති ච, “සාදීනවෙයෙව වත ආදීනවානුපස‍්සනං ආදීනවං අද‍්දසා”ති ච, “නිබ‍්බින්‍දිතබ‍්බෙයෙව වත නිබ‍්බිදාඤාණං නිබ‍්බින‍්න”න‍්ති ච, “මුඤ‍්චිතබ‍්බම‍්හියෙව වත මුඤ‍්චිතුකම්‍යතාඤාණං මුඤ‍්චිතුකාමං ජාත”න‍්ති ච, “පටිසඞ‍්ඛාතබ‍්බංයෙව වත පටිසඞ‍්ඛාඤාණෙන පටිසඞ‍්ඛාත”න‍්ති ච, “උපෙක‍්ඛිතබ‍්බංයෙව වත සඞ‍්ඛාරුපෙක‍්ඛාය උපෙක‍්ඛිත”න‍්ති ච අත්‍ථතො වදමානං විය ඉමෙසඤ‍්ච අට‍්ඨන‍්නං ඤාණානං තථකිච‍්චතාය අනුලොමෙති, උපරි ච සත‍්තතිංසාය බොධිපක‍්ඛියධම‍්මානං තාය පටිපත‍්තියා පත‍්තබ‍්බත‍්තා.

අවිශේෂයෙන් මේ ත්‍රිවිධ වූම ජවන් සිත් ‘ආසේවන’ යයිද, ‘පරිකර්ම’ යයිද, උපචාර’ යයිද, අනුලෝම’ යයිද කිවයුතු වේ. කවරකට අනුලෝම වනුයේද යත්:- පූර්වභාග (පෙර) හා පශ්චිම භාග (පසු) යන්හි වූ ධර්මයනටය; එම ජවන චිත්තය ප්‍රථමයෙන් වූ උදයව්‍යය ආදී විදර්ශනාඥාන අටට අනුරූප කෘත්‍ය ඇති හෙයින් අනුලෝම වේ; මත්තෙහිද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයනට එසේම අනුලෝම වේ. එම ජවන චිත්තය වනාහි අනිත්‍ය ලක්‍ෂණාදී වශයෙන් සංස්කාරයන් ඇරබ පැවැති හෙයින්, i. උදයබ්බය ඤාණය ඒකාන්තයෙන් උදය-ව්‍යය සහිත වූම ධර්මයන්ගේ ඉපැදීම හා වැයවීම දුටුයේ ය’යිද ii. භඞ්ගානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් බිඳෙන සුලු වූම ධර්මයන්ගේ බිඳීම දුටුයේ ය’යිද. iii. භයතුපට්ඨාන ඤාණයට ඒකාන්තයෙන් භය සහිත වූම ධර්මය භය වශයෙන් වැටහිණැ’යිද, iv. ආදීනවානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් ආදීනව සහිත වූම ධර්මය ආදීනව වශයෙන් දුටුයේ ය’යිද, v. නිබ්බිදානුපස්සනා ඤාණය ඒකාන්තයෙන් කලකිරෙනු යුතු වූම ධර්මයෙහි කලකිරීම ඇති කළේ යයිද, vi. මුඤ්චිතුකම්‍යතා ඤාණය ඒකාන්තයෙන් මිදිය යුතු වූම ධර්මයෙහි මිදෙනු කැමැති බව ඇති කළේ ය’යිද, vii. පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ඒකාන්තයෙන් නිරතුරු මෙනෙහි කළ යුතු වූම ධර්මය මෙනෙහි කරන ලදැ’යිද, viii. සඞ්ඛාරුපෙක්ඛා ඤාණයෙන් ඒකාන්තයෙන් උපේක්‍ෂා කළ යුතු වූම ධර්මයෙහි උපේක්‍ෂා කරන ලදැ’යිද යනුවෙන් අරුත් වශයෙන් කියන ලෙසින්ම මේ විදර්ශනා ඤාණ අටට තථකිච්චතා (අනුරූපවූ කාර්ය) ඇති හෙයින් අනුලෝම වේ. මතුවටද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් එම ප්‍රතිපත්තියට පැමිණිය යුතු වන හෙයින් එසේම අනුලෝම වේ.

යථා හි ධම‍්මිකො රාජා විනිච‍්ඡයට‍්ඨානෙ නිසින‍්නො වොහාරිකමහාමත‍්තානං විනිච‍්ඡයං සුත්‍වා අගතිගමනං පහාය මජ‍්ඣත‍්තො හුත්‍වා “එවං හොතූ”ති අනුමොදමානො තෙසඤ‍්ච විනිච‍්ඡයස‍්ස අනුලොමෙති, පොරාණස‍්ස ච රාජධම‍්මස‍්ස, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. රාජා විය හි අනුලොමඤාණං, අට‍්ඨ වොහාරිකමහාමත‍්තා විය අට‍්ඨ ඤාණානි, පොරාණො රාජධම‍්මො විය සත‍්තතිංස බොධිපක‍්ඛියා. තත්‍ථ යථා රාජා “එවං හොතූ”ති වදමානො වොහාරිකානඤ‍්ච විනිච‍්ඡයස‍්ස, රාජධම‍්මස‍්ස ච අනුලොමෙති, එවමිදං අනිච‍්චාදිවසෙන සඞ‍්ඛාරෙ ආරබ‍්භ උප‍්පජ‍්ජමානං අට‍්ඨන‍්නඤ‍්ච ඤාණානං තථකිච‍්චතාය අනුලොමෙති, උපරි ච සත‍්තතිංසාය බොධිපක‍්ඛියධම‍්මානං. තෙනෙව සච‍්චානුලොමිකඤාණන‍්ති වුච‍්චතීති.

යම්සේ වනාහි දැහැමි රජෙක් තෙමේ විනිශ්චයාසනයෙහි හිඳ, ව්‍යවහාරික (අධිකරණ) මහාමාත්‍යවරයන්ගේ විනිශ්චයය අසා අගති ගමකින් තොරව, මැදහත්ව, “එසේ වේව”යි අනුමත කරනුයේ ඔවුන්ගේ විනිශ්චයයට මතු නොව රාජධර්මයටද (පෙර සිරිතටද) අනුලෝම වේද, මේ කාරණයද එසේම ය’යි දතයුතුය. මෙහි අනුලෝම ඤාණය රජු වැනිය, විදර්ශනාඥාන අට ව්‍යවහාරික මහාමාත්‍යවරුන් අට දෙනකු වැනිය, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ පෞරාණික රාජධර්මය වැනියහ. එහි අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් අරබයා උපදනා ඥාන අටම ‘තථකිච්චතා’ වශයෙන් අනුලෝම වීම හා මතුවටද සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයනට අනුලෝම වීම, රජු ‘එසේ වේව’යි පවසමින් අධිකරණ අමාත්‍යවරුන්ගේ විනිශ්චයයටද, පෙර රජසිරිතටද අනුලෝම වීම වැනිය. එහෙයින් ‘සච්චානුලෝමික ඤාණ’ යයිද කියනු ලැබේ.

අනුලොමඤාණං නිට‍්ඨිතං.

අනුලෝම ඤාණය නිමි.